.

.

Oct 5, 2017

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මාරාන්තික විය හැක - Direct Democracy can be Deadly




"ලෑන්ඩ් ඔෆ් ෆ්‍රී" හෙවත් ප්‍රජාතන්ත්‍රවාදි නිදහසෙ මහ ගෙදර, "ලස් වේගාස්" වල උන්, "ස්ටීවන් පැඩොක්" අයියා, ඇමරිකාවේ සුපිරි නිදහසෙන් පට්ට ආතල් එකක් අරගෙන නිවන් ගියේය. තනියෙන්ම නිවන් යන්න තරම් උන්නැහේ ආත්මාර්තකාමියෙක් උනේත් නැතිය, ඇමරිකන් "කන්ට්‍රි මියුසික් ෆෑන්සාලා" 58 දෙනෙකුටත් නිවන් අත් කර දුන් අතර, තවත් පන්සීයක් පමණ, රහත්, අරහත්, සකෘදාගාමී, අනාගාමී තත්වයටද පත් කලේය. එයා නිවන් ගියාදැයි නිවන් දැක්කුවාදැයි තාමාත් හරියට කියන්න බැරි උනාට, පොර ට්‍රයි එක දීලා තියෙන්නේ නම් අනෙක් අය නිවන් යවා, පොර තව ටික කලෙකින් නිවන් යන්නට බවත් දැන් දැන් කියවෙන්නේය. 

හෝටලේ කොච්චර නිදහස් වාතාවරනයක් තිබුනාද කියනවා නම්, මේ හෝටලේ සිකුරිටි කාරයෝ හෝ සිකුරුටි කැමරා තිබුනා වෙන්නත් බැරිය. ඔටෝමැටික් ගන් හත්ලිස් ගනනක් මේ යකා කාමරේට ගේනකන් මැනේජ්මන්ට් එක හා සිකුරිටි කාරයෝ හැමිනුනා වෙන්නත් පුළුවන්ය. කතන්දරේ එලියට එන ආකාරයට මුළු ඇමරිකන් සිස්ටම් එකම හැමිනිලා ගිහිල්ලා අහවරය. එක මිනිහෙක්, මාස් ඩිස්ට්‍රක්සොන් වෙපන් 40 ගනනක් මීළදි ගන්න බව, ඇමරිකාව තියා උගේ ප්‍රාන්තයේ උන්වත් දන්නේ නැතිය. අහල පහල උන් දන්නේත් නැතිය, සහෝදරයා දන්නේත් නැතිය. ඒ තබා උගේ පිලිපීන් කෑල්ලවත් දන්නේ නැතිය. අනික, තිබුනේ තුවක්කු ඉතරක් නෙමේය. පොරගේ ගෙදර හා වාහනේ තිබිලා පුපුරණ ද්‍රව්‍යද හම්බවෙලා තියෙන්නේය. පොර මේ සියල්ලම මිළදීගෙන තිබෙන්නේ ඇමරිකාවේ ඇති සුපිරි නිදහසට හා පෙඩරල් ලෝ එකට කවර් වෙලාය. ඒක නම් උගෙ අම්මාගේම නිදහසක්ය.  

ඇමර්කාවේ සුපිරි නිදහස අද ඉල්ලාගෙන කන්නේ එසේය. උන්ගේ තුවක්කු නිසා වසරකට මිය යන ගනන, අද වන තෙක් ඇෆගනිස්ථානයේ මෙතෙක් මිය ගිය ඇමරිකානුවන්ටත් වඩා බොහෝ ඉහළය. ගිය වසරේද මෙහෙම ගේමක් ඔය කියනා මහා ප්‍රජාතන්තරවාදි රටේ, "ඔර්ලැන්ඩෝහී නයිට් ක්ලබ්" එකෙත් සිඳු උනේය. එහිදීද 49 ක් මිය ගිය අතර 50 කට වඩා පරිප්පු කෑවේය. ටික කලෙකින් සියල්ල අමතක විය. දැන් ඉස්ටීවන් අයියා නිදහසෙ උපරිමයෙන් පට්ට ආතල් එකක් ගත්තේය. මුන්ගේ නිදහස් තව දුරටත් ඔය විදියටම පවත්වාගෙන ගියෝත්, උතුරු කොරියාවේ රොකට් මල්ලි ඇමරිකාවට කෙලින්න ඕනා නැතිය. උන්ගේම ගෙදර ඉන්නා උන් උන්ටම මරුවා කැඳවනු ඇතිය. 

ඔය වාගේම හෝ ඊටත් ඉහළ ප්‍රජාතන්තරවාදි නිදහසක් දීලා ඉල්ලාගෙන කන රටක් දැන් ආසියාවේත් තියෙන්නේය. ඒකට කියන්නේ අම්මට සිරි ලංකාව කියලාය. සැටලයිට් නෝනා නම් ඒකට කිව්වේ වල්බූරූ නිදහස් කියලාය. මාතලන් නම් ඕකට කියන්නෙ ගෝත්‍රිකයින්ට දුනූ ඊතල වෙනුවට යුද්ධ ටැංකි දුන්නා වගේ ගේමක්ය කියාය. 

ප්‍රජාතන්ත්‍රවාදය දිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදි මානසිකත්වයක් සහිත සාමකාමි මිනිස්සුන්ට මිස,
ස්වෝත්තමවාදි පොල් බූරුවන්ට නොවේය. 
ලොවට දෙසු දහමක් තමන්ගේ දහමක් කරගෙන දඟළන, අන් ජාතින්ගේ ලේ ගිලන්පසට ඉල්ලන මළ මූසල කහකඩයන්ට නොවේය, 
බටහිර වෛද්‍ය විජ්ජාව කට පාඩම් කර බෙහෙත් ලියනා ටයි පොලු දාගත් කුහක ගෝත්‍රිකයින්ට නොවේය, 
වැඩවසම් මානසිකත්වයක් සහිත රජ පවුල් වලට නොවේය, 
එවන් රජ පවුල්වල උන්ගේ සට්ටැඹිරාලලටා හා වන්දිභඨ්ඨයන්ට නොවේය. 
අනෙකාගේ අජ්ජාපන නිදහසට වල කපනා හිඟන මානසිකත්වයක් සහිත බූරු පුතුන්ට නොවේය.
තරුණ පරපුර තේරූම ගැනීමට නොහැකි නාකි හමාලාට නොවේය, 
මේ දූපතෙන් එහා ලෝකයක් තිබෙනා බව නොදන්න මී හරකුන්ට නොවේය, 
තම ජාතිය ලොව ශ්‍රේෂ්ඨම ජාතිය යැයි කියනා භෞමික අන්ඩවාතය හා ඒකියභාවය ගැන උදේ හවා මොරදෙන මාජ්ජ හා මාජ්ජවේදීන්යැයි කියා ගන්නා ගෝත්‍රික කේවට්ටයින්ට නොවේය, 
ජනතාව වෙනුවෙන් කියා ඉස්ටැයික් කොට, තමන්ගේ පඩි පත වැඩිකර ගන්නා ලෝකල් ජෝසප් ස්ටාලින්ලාට හා වෘත්තීය සමිති වල අමනයන්ට නොවේය, 
ව්‍යවස්ථාවලින් රට කෑලී කෑලි වලට කඩන්නට හඳනා ජනවරමක් නොමැති මළ මූසල නීතීවේදින්ට නොවේය, 
රටෙන් කෑල්ලක් ඉල්ලා මැරෙන්න හදනා විශ්‍රාම ගිය පිස්සු නඩුකාරයන්ට නොවේය, 
බලය ලද විගස අවුරුදු ගනනන ඇරියස් එක ගේමෙන් කවර් කරනා, මහා බැංකු මංකොල්ලකාරයන්ට නොවේය. 
ජනතාවට පොර ටෝක් දී පවුල් පිටින් රට සවාරි ගහනා පචෝරිස්ලාට නොවේය. 
නාවික හමුදාවෙන එපා කියනා ලදරං නැව් ගෙනවිත් ගාන කඩා ගන්නා දෙබිඩි දේසපාලුවන්ට නොවේය. 

ප්‍රජාත්න්ත්‍රවාදිය ලබා දිය යුත්තේ, උගත් බුද්ධිමත්, හැදියාවක්, කළා රසයක්, අනෙකාගේ මතය ඉවසිය හැකි විවෘත මනසකින් යුතු සාමකාමි පුරවැසියන්ට පමණි. එනයින් බැලූ කළ මේ රටට ප්‍රජාතන්ත්‍රය අවැසි නැති බව මොළේ කඳුලක් තියෙනා ඕනෑම එකෙකුට වැටහී යන අතර, මේ රටට අවශ්‍යව ඇත්තේ වත්මන් ලෝකය හා ආර්ථික ක්‍රම ගැන හසල දැණුමක් ඇති, ජාතින් අතර සාමයට ලැදි සුන්දර එකාධිපතියෙකි.

එහෙත් දැන් ඉන්නේ, බලයට පත් කල උන්ට එකක් කියනා, මරන්න හිටි උන්ට තවෙකක් කියනා, පත්තේරට එකක් කියනා, පක්ෂෙට තවෙකක් කියනා, ජනතාවට එකක් කියනා, පූජකියින්ට තවෙකක් කියනා, රටට එකක් කියනා, ගමට තෙවෙකක් කියනා, ලෝකයට වෙන කතාවක් කියනා, උපාසක ගල් අඳේක මිස, එවන් කොන්දක් ඇති, කෙලින් කතාවක්, ඇති බලවත් නායකයකු නොවේ. ස්තිර ප්‍රතිපත්තියක් නැති එවැන්නෙකු මහා ලොකු ප්‍රජාතන්ත්වාදි නිදසක් ලබා දී ඉල්ලාගෙන කන්නට යන දිනයද වැඩි ඇතක නොවනා බැව් ඕනෑම කෙනෙකුට මෙන්ම, එයාටත් තේරිලා තිබෙනා හැඩය. ඡන්ද තියන්නේ නැත්තේ ඒ නිසාය. 

මඩ සෝදාගත් කළ ගොවියා රජ කමට උවත් සුදුසුය කියා කියපු මහ රජාට පස්සේ ආ, නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ පොලොන්නරුවේම ගල් පොතේ ලිව්වේ, කිසිදිනෙකවත් ගොයියෙක් රජ කොරන්න නම් එපා කියලාය. විශේශයෙන්ම කියන්නටත් ඇත්තේ වී ගොයියන් ගැනම වෙන්නට ඕනෑය. මොකෝ ඒ කාලේ අල ගොයියෝ මෙන්ම ගර්කින් ගොයියන්ද උන්නේ නැති නිසාය. වී වවන් ගොයියෝ අමුම අමු අමබරුවෝ බව මුලු රටම දන්නේය. උන් අමු හිඟන්නෝය. උපන් ගෙයි මෝඩයෝය. රජයෙන්ම යැපෙනා පුලන්නෝය. 

 සමහර විර ඒ රජ්ජුරුවන්ට අනාගතේ පෙනුනා විය හැකිය.

ඒ වගත් මෙසේය... 

36 comments:

  1. ගොය්යා හා රජ්ජුරුවෝ දෙන්නම එක වගේ
    හොර නාදයට කඩේ යන බ්ලොග් කාරයෝ පත්තර කාරයෝ, එක එක සංවිධාන වල ඉන්න
    හිවල්;ලුත් හොරුන්ට උදවු කරනවා

    අනෙට්ක් පැත්තේ එවුන් හොරකම් කරාම ඒවා අපරාද
    තමුන්ගේ ස්වාමියා හොරකම් කරාම ඒවා නිත්යානූකුල හොරකම්

    ඔන්න ඇත්ත

    ReplyDelete
    Replies
    1. බූරුවෙක් මෙන් කොමෙන්ට් නොකොට සම්පූර්ණ ළිපිය කියවා කොමෙන්ට් කරන්න...

      බූරුවෙක් උනාට තප්පුලන්නම විතරක් එපා

      Delete
  2. මහාචාර්ය මාතලන් ගේ වටිනා අනාවැකියකි.

    ReplyDelete
    Replies
    1. වැඩි ඈතක නෙමෙයි... සතුරා ඉතා බලවත්... එක ප්‍රහාරයයි... සියල්ල අවසානයි...

      Delete
  3. සොඳුරු ආඥාදායකයෙක් අවශ්‍යයි . ලී ක්වාන් යූ වගේ. ලංකාවේ නම් ඓහම ඓකෙක් නෑ . වෙන රටකින්වත් ගේන්න ඕන

    ReplyDelete
    Replies
    1. ආයෝජකයොත් නැත... නපුංසක පාලකයින්ට උන්ද කැමති නැත

      Delete
    2. මාතලන් දන්නවද ලංකාවේ ආයෝජකයෙකුට අවසර ගන්න කටයුතු කළ යුතු විදිහ?
      පියවර 66 හයක් අනුගමනය කරන්න ඕනේ... අඩුම ගාණේ අවසරය එන්න මාස හයක් යනවා. ඉතින් බං පිටසක්වලින්වත් ආයෝජනය කරන්න එයිද?
      යකෝ!! වියට්නාමයේ පියවර හයයි, දවස් නවයයි යන්නේ... මගේ යාළුවෙක් මේ රටවල් දෙකේම පටන් ගත්තා. වියට්නාම් වල දැන් ප්‍රොඩක්ෂන් එකත් පටන් අරන්, මෙහේ තාම පගාව දිදී ඉන්නවා. මම හිතන්නේ ඌ තව සතියක් බලලා ඒක අකුලගෙන බංග්ලාදේශ් වලට යයි. මේ විදියට තව ටික කාලයක් ගියොත් අපි දකුණු ආසියාවෙත් අන්තිම වෙනවා... ලොවෙත් නෑ

      Delete
    3. මම ඕක හොඳින්ම දන්නවා. මෙහේට එන ආයෝජකයෝ සිරිසේනගේ රනිල්ගේ අම්මත් මතක් කරලා යන්නේ. දැන් ටුවරිසම් වලටවත් එන්නේ නෑ. කොළඹ හැමදාම උද්ඝෝෂණ නිසා.. ඔය හැදෙන සියළුම දේ මහින්දගේ කාළේ ආපුවා. උන්ට අමාරුවක් නෑ අපේ රට හදන්න. උන් බලන්නේ උන්ගේ පහසුව. අපිට කලින් මියන්මාරය දියුණු වෙනවා.

      Delete
  4. එකෙන්ම,
    එක එකාගේ පදේට නටන්නේ නැති කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සොදුරු ඒකාධිපතියෙක් අත්‍යවශ්‍ය කර තිබේ

    ReplyDelete
    Replies
    1. ඒ මෙයා නම් නොවේ

      Delete
    2. ඔව් එකනම් ඇත්ත. සොඳුරු කෑල්ලනම් හරි,ආඥාදායක පාර්ට් එක තමයි නැත්තෙ.

      Delete
    3. ඒකට කියන්නේ සොඳුරු නම් නෙමෙයි... කපටි...

      Delete
    4. අන්න වචනේ. තමුන්ට විතරක් අවංක කපටිකමෙන් අනුංගෙ කනෙං රිංගන්න පුළුවන් එකෙක් තමයි ඕන. කොටිම්ම ඕනාවට වැඩිය අවංක, නිහතමානී බුවෙක්ට මේක කරන්න බැරිය.

      Delete
    5. ඒකයි මම කියන්නේ සොඳුරු ආඥාදායකයෙක් ඕනෙයි කියලා හිටන්

      Delete
  5. ඔබාමා ඇමරිකාව තුල පුද්ගලික ගිනි අවි තහනම් කරන්න හදනකොට එකට ඇමරිකන් බයියන් විරුද්ධ උනෝය. ඔබාමා පනත හකුලා ගත්තෝය.
    ලංකාවේ අලුත් ව්‍යවස්ථාව අනාගමික කරන්න හදනකොට කාදිනල් බයියා එකෙන්ම විරුද්ධ වන්නේය.
    ගිනි අවි සහ ආගම් දෙකම එකය (සැ.යු.:- ආගමික දර්ශන නොවේය)

    ReplyDelete
    Replies
    1. "A well regulated Militia, being necessary to the security of a free State, the right of the people to keep and bear Arms, shall not be infringed."
      The Second Amendment of the United States Constitution reads

      cant we be like USA?

      Delete
    2. ආගම් ගිනි අවිවලටත් වඩා බයානකයි...

      Delete
  6. හිහ් හී,

    පෝය දවසේ මාතලන්ලොක්ක පන්සල් පැත්තේ ගිහිල්ල වගේ නැත්නම් පන්සල් ගිය නැන්දම්මා දේසනාවක් කරලා වගේ.
    මචෝ මෙරටේ විතරක් නෙමෙයි ලෝකයේ කොහෙත් මෝඩ නිදහසින් මිනිස්සු ප්‍රයෝජන ගන්නවා, ඇමරිකාව කියන්නේ
    යුද්දයෙන් සල්ලි හොයන රටක් ඉතින් ඔයවගේ කේස් සිද්ද වෙනවා යම්විදියකින් සාමය ලෝකයේ උදාඋනොත් ඇමරිකාවට
    ඔය තියන ජිවන තත්වය නැතිවෙනවා.

    ඒවගේ ශ්‍රී ලංකාවේ මිනිසුන් බුද්ධිමත් උනොත් ලංකාවේ පාලකයන්ගේ තත්වය නැතිවෙනවා, සිංගප්පුරුව (ඔව් ආයි මැක්ක ගේ කත්තාව ) දියුණු උනේ
    රටේ මිනිසුන් බුද්ධිමත් වෙලා නෙමෙයි ඒ රටේ ඉඳල තියන්නේ අපිට අන්ත ගොබ්බ හැත්තක් (ලිෆ්ට් එකේ යනකොට එලියට හුජ්ජ කරන ගොබ්බයො තමයි ඉදල තියන්නේ ) නමුත් දෙසපාලුවොන්ට වැඩි වටුපුත් වරදට දැඩි දඩුවම් කියන බෙතෙන් එරට දියුණු උනා.

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරූ මොඩල් එකම වෙන්න ඕන නෑ... තව ඕන තරම් උදාහරණ තියෙනවා... පඩි වැඩි කරන කතාව ලංකාවට කොහෙත්ම ගැලපෙන්නේ නෑ.. නමුත් සුන්දර ඒකාධිපතියෙක් නම් අවශ්‍යමයි...

      Delete
    2. මචෝ මට පෙන්නපන් එක උදාහරණයක්, ශ්‍රී ලංකාවේ වගේ පසුගාමී ජනතාවක් හිටපු සහ ඇමතිවරුන්ගේ පඩි වැඩි නොකර දියුණු වූ එක රටක් පෙන්නපන් මේ ලෝකයේ.

      මෙතන KEYWORD එක තමයි "පසුගාමී ජනතාවක් හිටපු" කියන දේ, සිංගප්පුරුව කියන්නේ එහෙම උදාහරණයක්

      Delete
    3. මම හැමදාම උඹට කියලා තියෙනවා ඒ වැඩේ මෙහේ හරියන්නේ නෑ කියලා... මෙහේ කරන්න ඕන උඩ සිට පහළට නීතීය එක සමානව ක්‍රියාත්මක කිරීම. නීතී නැති රටක් නෙමේ නේ මේක.

      Delete
  7. අපේ රටේ උන්ට කිසි විනයක් නෑ.එතන ඉදන් තමයි රට හදන්න පටන් ගන්න ඕන. පාරක යන්න දන්නෙ නෑ. බස් එකක යන්න දන්නෙ නෑ. පට්ට ආත්මාර්ථකාමී. උන් දන්නෙ "විනය තකන්න" (අනිත් පැත්ත හරවන්න එපා)විතරයි

    ReplyDelete
    Replies
    1. ඒක එන්න ඕන ඉහලින්.... ඉහළ ඉන්න උන්ගේ විනයක් නැතිව පහල ඉන්න එකාගේ විනේ හරි තනේ හරි ගැන කතා කරලා ඵලක් නෑ...

      Delete
  8. තමුන් හැරෙන හැරෙන පැත්තේ හැටියට ගැලපෙන්නට මොකක් හෝ කියා ලිස්සා ගොස්, රටට කිසිම වැඩක් නොකරණ හා මෙතෙක් නොකළ "උපාසක ගල් ආඳා" ඕස්ට්‍රේලියානු සමාගමකින් පගාව ඉල්ලූ කතාව යලිත් මතුවී එයි. කොන්තරාත්තු ලබා ගැනීම සඳහා තුන්වැනි ලෝකයේ දේශ පාලුවන්ට පගාව දුන්නා යැයි කියන ඕස්ට්‍රේලියානු සමාගම දැන් ලෝක බැංකුව විසින් අසාධු ලේඛණ ගත කොට ඇත. බැඳුම්කර වංචා පරීක්ෂණ කොමිසම ඉදිරියේ හෙළිවන්නේ RW සහ RK දෙදෙනාම ඒ වංචාවට නියමින් හෝ අනියමින් හවුල් වී ඇති ආකාරයය. මේ හැම එකාම හොරු බව වැඩි දෙනෙකුට නොතේරෙන සත්‍යය වී තිබෙන්නේ ජාතියේම අවාසනාවටය. නිදහස ලැබීමෙන් පසු බලයට ආ අවංක නායකයන් ටික දෙනාට සාමාන්‍ය මිනිසා සිතන පතන ආකාරය හෝ ජීවත් වන ආකාරය ගැන සිතා ගන්නට නොහැකි විය. එහි අවසාන ප්‍රතිපලය වුයේ කවිකොළ කාරයන් සහ මාල කඩන්නන් මැති ඇමැති තනතුරු ලබා රාජ්‍ය පාලනය කෝලම් මඩුවක් බවට පත් කිරීම පමණකි. 2020 දී ජෙප්පන් එනවාමයි කියා පාරම් බාන්නෙත්, සුන්දර එකාධිපතියෙකුගෙන් තොර සැපතක් නැතැයි අප සිතන්නේත් මේ විකාර දිනපතා දකින නිසාය. මෑත ඉතිහාසයේ සිටි එකම සුන්දර ඒකාධිපතියා සිංගප්පුරුවේ ලී ක්වාන් යූ පමණි. අපේ බලාපොරොත්තුව යැයි සිතු JR පප්පා 80 වර්ජනය සහ 83 ද්‍රවිඩ විරෝධී කැරැල්ල නිසා නාගත්තේය. රොනී ද මැල්, ගාමිණී දිසානායක, ඇතුලත්මුදලි වැනි යමක් කළ හැකිව තිබූ දක්ෂයන් සමග ඇරඹු ආර්ථික ප්‍රබෝධය ප්‍රේමදාසගේ ගම් උදා කානිවල් එකට යටවී කොරඩෑ කර ගත්තේය. සෝවියට් දේශයේ පහලවූ සුන්දර ඒකාධිපතියෙක් යැයි සිතූ ස්ටාලින් සහෝදරයා අපායට ගියේ වැඩ කරන ජනතාවගේ පාරාදීසය යැයි කියාගත් අපායේ පව්කාර සහෝදර සහෝදරියන් ලක්ෂ ගණනක් සෙත්ත පෝච්චි කිරීමෙන් පසුවය. පිලිපීනයේ පහළවී ඉන්නා එකා අන්තිම දරුණු මදාවියෙකුට සමානය. ඉන්දුනීසියාවේ සුහර්තෝ හොඳින් වැඩ පටන් ගෙන අන්තිමේදී දුෂණ කප්පිත්තෙක් වී අවසන් ගමන් ගියේය. මේවා දෙස බලන විට "සුන්දර ඒකාධිපතියෙක්" ලැබේවායි කරන්නාවූ පැතුම අපිව මරා කන්නා රාක්ෂයෙකු ලබා දෙන්නට පුළුවන් බවත් මතකේ තබා ගත්තාට කමක් නැත.

    ReplyDelete
    Replies
    1. මොකා එයිද දන්නේ නෑ... ඒක තීරණය කරන්නේ ජනතාවනේ... නමුත් රාජපක්ෂවරුන් හා මේ පාලකයන් අතර ඇති එකම වෙනස සාටකය නොමැති වීම පමණයි. මේ එකෙක්ටවත් රට හදන්න ඕන නෑ... උන්ට ඇත්තේ බල තන්හාව හා මුදල් තන්හාව පමණමයි...

      ඔක්කෝම එක වල්ලෙ පොල් වෙච්චි... නැවත රාජපක්ෂවරුන් ආවත් අවුලක් නෑ...

      Delete
  9. මාතෙ!! නැවතත් සුපිරි පිති හරඹයක් උබෙන්. ඊයෙ රෑ මම අප්‍රිකානු කොල්ලෙක් එක්ක චැටක් දැම්ම වැඩ කරන ගමන්. ඌ කිව්වෙත් සුද්ද උබලගේ රට වගේම අපේ රටත් කොළනියක් කළා. උං අපේ දේවල් කඩා ගත්තත් අපි උබලගේ රටවලට අද්‍යාපන ක්‍රමය ප්‍රවාහන සේවා වගේම රටේ වැඩ කරගන්න A TO Z විදිහට යන ක්‍රමයක් හදල දුන්න. ඒත් පහුවෙනකොට මේ ඔක්කොම කල සුද්දාගෙන් රට නිදහස් කරගන්නත් ඕන උනා. ඒකට හේතුව උනේ අපේ ඇවුන්ට A TO Z යනවට වැඩිය කෙලින්ම A ඒකේ ඉඳල Z එකට එක සැරේ යන්න. හැබැයි සුද්දත් ඉක්මනටම රට ආයෙත් අපිටම දීල ගියේ උං දැනගත්ත තව දුරටත් මුංට කරල වැඩක් නැහැ කියල. දැන් බලහං අපි කොහෙද ඉන්නෙ කියල උං අපේ රටවල් වල හිටියෙ නැත්නං කියල.

    මම ඌට කිව්වහම උබ දාල තිබ්බ ”සුද්දට පුලුවන්නම් ආයෙමත් රට ආක්‍රමණය කරපං” කියන කථාව, ඌ කිව්වේ ඒක තමා ඌ අහපු හොඳම කතාව කියල.

    ඇමෙරිකාවට නම් මොනවහරි තියෙනව. අපේ ඇවුන් හිතන් ඉන්නෙ අවුරුදු 2500 මහා ලොකු ඉතිහාසය රත්කරන් ක කා බිබී තව අවුරුදු 2000ක් විතර ඉන්න පුළුවන් කියල.
    අම්මගෙ රෙද්ද...!!

    👊🏽

    ReplyDelete
    Replies
    1. මේක මහා කාළකන්නි අවාසනාවන්ත රටක් මචං

      Delete
    2. අවුරුදු 2500 මහා ලොකු ඉතිහාසය රත්කරන් ක කා බිබී තව අවුරුදු 2000ක් විතර ඉන්න පුළුවන් කියල.
      :P :D mage fb eka block karala nattama man ooka post ekak widihata daanawa ammapa ..

      Delete
  10. ඔබේ ලිපියේ මූලික අදහසට එකඟයි. ලංකාව වගේ බොහෝ නුගතුන් වැඩි රටකට අවශ්‍ය සොඳුරු ආඥයාදයකයෙක් (Benevolent Dictator). නමුත් ලාස් වේගස් සිද්ධිය ගැන ඔබ මතුකරණ කරුණු මේ අදහසට අදාළ වන්නේ නැහැ. ගිනි අවි සහ ඇමෙරිකාව ලංකාව සහ බත් වගේ. ලංකාවේ මිනිස්සුන්ට බත් නැතිව ඉන්න බැහැ වගේ ඇමෙරිකාවේ මිනිස්සුන්ට තුවක්කු නැතිවත් ඉන්න බැහැ. ඒකට ඉතිහාසගත හේතු තිබෙනවා. ඇමෙරිකාවේ සිවිල් යුද්ධ ඇතිවුනා. එංගලන්තය අමෙරිකාවත් යටත් කරගන්න උත්සහ කළා. මිනිස්සු අතට බහුලව තුවක්කු ගියේ ඔන්න ඔය හේතුව නිසයි. ඇමෙරිකාවේ වෝල් මාර්ට් (Walmart) වගේ සුපිරි වෙලන්දසලේ තුවක්කු ඕන ජාතියක් ගන්න පුළුවන්, විශේෂයෙන්ම ලාස් වෙගාස් (නෙවාඩා) වල. වසරකට ඇමෙරිකාවේ තුවක්කු වලින් මිනිසුන් දහස් ගණනක් මියගියත් තුවක්කු පාලනය කරන්න නීති ගේන්න අමාරුයි. හේතුව එන් ආර් ඒ (National Rifle Association) කියන සංවිධානය ඒ රටේ ඇති ප්‍රභලයි. දේශපාලන පක්ෂවලට වගේම බොහෝ දේශපාලකයෝ පිටුපස තිබෙන්නේ ඔවුන්ගේ මුදල්. ඔන්න ඔය හේතුව නිසා තමයි ඇමෙරිකාවේ දේශපාලකයෝ තුවක්කු පාලනය කරන නීති සම්මත කරන්න දෙන්නේ නැත්තේ. බලන්න ට්‍රම්ප් හැමතිස්සෙම ඔය මාතෘකාව මගහරිනවා, ඒක අදාළ නැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. නමුත් දැන් කතිකාව වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන් කන්ට්‍රි මියුසික් ෂෝ එකකට ප්‍රහාරය එල්ල වූ නිසා. ඒ කියන්නේ කව් බෝයි සඟිස්කුරුතියට. උන්ටත් වැඩි කල් නොගිහින් තේරේවී. තව දෙක තුනක් කන කොට. කොහොමත් ට්‍රම්පට් අයියා ඇමරිකාව නැති කරනවා. ඒක නම් සිකුරුයි.

      Delete
  11. ඇමරිකාව කොලොනයිස් වුන කාලෙ ඉඳන් තියන Pioneer spirit නිදහස් සංස්කෘතියට ගැලපෙන්න කියලා දැන් තත්වයට නොගැලපෙන නිදහසක් තියනවා.
    කාලයට ගැලපෙන විදිහට වෙනස් නොවී ගතානුගතිකව හිටියාම අවුල් තමා

    ReplyDelete
    Replies
    1. මේ ලොවේ කිසි දෙයක් ඉස්තිර නෑ. වෙනස් වෙන්නේ නැති එකාට පැවත්මකුත් නෑ.

      Delete
  12. මෙච්චර කල් පොස්ට් කියෙවුවා විතරයි ,
    අද එක කියවද්දිම හිතුන කමෙන්ට් කරන්ඩ ...
    මොකද ඔය අදහස මේ ඊයේ පෙරේද මන් යාලුවෙක්ට කිවුව ,හැබැයි ඔයිට වඩා තදට ...

    ""ප්‍රජාතන්ත්‍රවාදය දිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදි මානසිකත්වයක් සහිත සාමකාමි මිනිස්සුන්ට මිස,
    ස්වෝත්තමවාදි පොල් බූරුවන්ට නොවේය.
    ලොවට දෙසු දහමක් තමන්ගේ දහමක් කරගෙන දඟළන, අන් ජාතින්ගේ ලේ ගිලන්පසට ඉල්ලන මළ මූසල කහකඩයන්ට නොවේය,
    බටහිර වෛද්‍ය විජ්ජාව කට පාඩම් කර බෙහෙත් ලියනා ටයි පොලු දාගත් කුහක ගෝත්‍රිකයින්ට නොවේය,
    වැඩවසම් මානසිකත්වයක් සහිත රජ පවුල් වලට නොවේය,
    එවන් රජ පවුල්වල උන්ගේ සට්ටැඹිරාලලටා හා වන්දිභඨ්ඨයන්ට නොවේය.
    අනෙකාගේ අජ්ජාපන නිදහසට වල කපනා හිඟන මානසිකත්වයක් සහිත බූරු පුතුන්ට නොවේය.
    තරුණ පරපුර තේරූම ගැනීමට නොහැකි නාකි හමාලාට නොවේය,
    මේ දූපතෙන් එහා ලෝකයක් තිබෙනා බව නොදන්න මී හරකුන්ට නොවේය,
    තම ජාතිය ලොව ශ්‍රේෂ්ඨම ජාතිය යැයි කියනා භෞමික අන්ඩවාතය හා ඒකියභාවය ගැන උදේ හවා මොරදෙන මාජ්ජ හා මාජ්ජවේදීන්යැයි කියා ගන්නා ගෝත්‍රික කේවට්ටයින්ට නොවේය,
    ජනතාව වෙනුවෙන් කියා ඉස්ටැයික් කොට, තමන්ගේ පඩි පත වැඩිකර ගන්නා ලෝකල් ජෝසප් ස්ටාලින්ලාට හා වෘත්තීය සමිති වල අමනයන්ට නොවේය,
    ව්‍යවස්ථාවලින් රට කෑලී කෑලි වලට කඩන්නට හඳනා ජනවරමක් නොමැති මළ මූසල නීතීවේදින්ට නොවේය,
    රටෙන් කෑල්ලක් ඉල්ලා මැරෙන්න හදනා විශ්‍රාම ගිය පිස්සු නඩුකාරයන්ට නොවේය,
    බලය ලද විගස අවුරුදු ගනනන ඇරියස් එක ගේමෙන් කවර් කරනා, මහා බැංකු මංකොල්ලකාරයන්ට නොවේය.
    ජනතාවට පොර ටෝක් දී පවුල් පිටින් රට සවාරි ගහනා පචෝරිස්ලාට නොවේය.
    නාවික හමුදාවෙන එපා කියනා ලදරං නැව් ගෙනවිත් ගාන කඩා ගන්නා දෙබිඩි දේසපාලුවන්ට නොවේය. ""

    මට හිතුන එක දෙයක් තියෙනවා , අවුරුදු ගානක් ගෙවිල ගියත් ලෝකේ විනාස වෙන්න ඔන්න මෙන්න තියෙද්දීත් "ලංකාව දියුණු වෙමින් පවතින රටකි " ....

    ඔබේ අදහස් වලින් එකෙක් හරි වෙනස් විදිහකට හිතන්ඩ පටන් ගත්තොත් අන්න එදාට දුපත් මානසිකත්වයෙන් ගැලවෙන්ඩ පුළුවන් වෙයි ..

    ReplyDelete
  13. ප්‍රජාතන්ත්‍රවාදය දිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදි මානසිකත්වයක් සහිත සාමකාමි මිනිස්සුන්ට මිස,
    ස්වෝත්තමවාදි පොල් බූරුවන්ට නොවේය.////////////////// athha kathava

    ReplyDelete
  14. ලංකාවෙත් ඔහොම උනානම් ගග මැද්දෙ රැස් උන වෙලාක RPG අම්බානක් වැදිල

    ReplyDelete
  15. මෙලෝ රහක් නැති ලංකාවටත් ගෙදරටත් නැති සමාජයට කොහෙත්ම වැඩක් නැති.කොටන එවුන්ටත් නොවේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න