.

.

Mar 1, 2019

(උ)ඩුවේ (බ)ලන නීතිය



ලයිසන් නැති අලියෙක් ලග තබා ගැනීමේ නඩුවෙන් උඩුවේ හාන්දුරුවො නිදහස් කළාය....

නීතීපති දෙපාර්තමේන්තුව දැන් කියන්නේ අභියාචනාධිකරණයට යනවා කියලාය....

එක්කෝ නීතී පති දෙපාර්තමේන්තුවේ ඉන්නේ නීතිය නොදන්නා උන් ය.. එහෙම නැත්නම් නීතියේ හිල් හොදින්ම දන්නා ගල් ආදෝය..

මොකෝ නීතීපති දෙපාර්තමේන්තුව දානා නඩු ඔක්කොම පරදින නිසාය. සම හරක් විට FCID එකේ ලොක්කා කලා වාගේ... විත්තියට ඔක්කොම ඉන්ෆෝමේසොන් ටික මෙතනින්ම යනවා වෙන්නත් පුලුවන් ය.

උඩුවේ හාන්දුරුවො නිදොස් කොට නිදහස්  කළේ...,  උන්නාන්සේ, අලියා එයාගේ නොවේ කියා කියාපු චෑන්ස් එකෙන්‍ ය.

උඩුවේගේ ලෝයර් උන්නැහේ කින්ඩි හිනාවකුත් දමමින් කීවේ, අධිකරණ සිස්ටම් එක නියමෙටම තියෙනවාය කියලාය.

කරුමය කියන්නේ මේ නඩුකාරවරයා, අර බන්දුලගේ උකස්කර නඩු තීන්දුව දුන් කෙනා මෙන්, මේ සිදුවීම ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා  නීතිය පමණක්ම දන්නා තියරි කාරයෙක් වීමය.

උඩුවේ ඔය අලි පැටියා පන්සලට  ගෙනා දිනයේ..., තා ටිකෙන් පරිසරවේදියෙක් නිවන් යැවීමට තිබූ පින්කම වැලකී ගියේ..., එකල විපක්ෂයේ උන්ට පොලිටික්කො, මීඩීයා කාරයෝ හා පරිසරවේදීන් ඒ මහා රාත්තිරියේ එක පොකුරට ඒ මහා පින්කමට එරෙහිව එකා මෙන් සිට ගත් නිසාය. (කවුරුන් හෝ එම වික්‍රමය මෙතන එල්ලන්නේ නම් එය මහා කුසල කර්මයකි)

එදින මෙහිමි නම හැසිරි තිබුනේ..., ශාන්ත දාන්ත තීන්ත කූප්පියක් මෙන් නොව..., පාතාලයේ මිනීමරුවකු ලෙසිනි.

ආන්ඩුව පෙරලුනේ නැත්නම්..., අදත් අලියා උඩුවේගේමය. මල්වානේ ගෙදර බැසිල්ගේමය. බන්ධුලගේ ඇපකරේ කුණු කූඩේය.

අපට කියන්නට ඇත්තේ.. යහපාලනයක් කියා අප ගෙනවුත් ඇත්තේ, තිබුනාටත් වඩා බඩකඩුත්තු පාලනයක්ම පමණයි කියලාමය. උන් දැන් එකට එකතුවී අපට පුක පෙන්නනවාය.

උඩුවේ පමනක් නොව ලෝයර්  කාරයාද හිනාවෙන්නෙ. නියම නීතියටය. මේ රටට ආදරය කරන සාධාරණ සමාජයක් බලාපොරොත්තු වෙන උන්ටය. එවන් ජනතාව නියෝජනය කිරීමට එකෙක්වත් ඇත්තේම නැතිය.

මුන් නීතිය නමන්නේ උන්ගේ පමනක් නොව අපේ කනේද වැලි ගෑවෙන්නය...

මක්කා කොලත් සුවා දීන අධිකරණය තියෙනවා කියා බඩ බුරුලට කක්කා කර නිදා ගන්නා එක ඊට සැපය.

6 comments:

  1. බොලං උඩුවේ
    හිල් ගොඩකි නඩුවේ
    ලගිනතුරු කූඩුවේ
    නටහං දිය නටනතුරු සැලියේ

    ReplyDelete
  2. අධිකරණයේ නඩු කටයුත්තක් සම්බන්ධ පුවතක් නිසා අදහස් දැක්වීමෙන් වැලකි සිටිමි.

    ReplyDelete
  3. මංගලට තිහයි
    -------------
    චන්දෙ ලං වෙනකොට
    මරා එනකල පිටියට
    සැලුන් දොර අරිනකොට
    මංගල යයිද ඇතුලට!

    ReplyDelete
    Replies
    1. අනිවා... මැගී නෙමෙයි විෂ්කි මැඩම් හාමූත් යයි වගේ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න