.

.

Mar 15, 2019

ජඩමාධ්‍ය හා සමාජ මාධ්‍ය ජඩයින්



කතාකිරීමට යන්නේ නවසීලන්ත සිදුවීම ගැනයි කියා කෙනෙක් හිතන්නට පුලුවන්‍ ය. එයත් එකක් පමණය. නවසීලන්ත සිදුවීම පිලිබඳ මුලින්ම ලිව්වේ සයිබර් වරිගේ උන්ඩියා හෙවත් Damith Kethaka ය. ඔහු විශේෂයෙන් සදහන් කර තිබුනේ, ඒ වන විට සමාජ ජාල තුල සංසරණය වෙමින් තිබු වීඩියෝවේ ලින්ක් එක කොමෙන්ට් එකක් ලෙස නොදමන ලෙසය. එසේ දැමුවහොත් වහාම එය ඩිලීට් කරනා බවය. ඒ උගේ මහත්මා කමය. උගත් කමය, වැදගත් කමය. ඌ ඒ ඉල්ලීම කළේ නවසීලන්ත පොලීසිය එම ඉල්ලීම කිරීමටත් පෙරය.


නවසීලන්ත පොලීසිය මුලු ලොවින්ම එම ඉල්ලීම කර තිබියදි අපේ තුප්පහි මාධ්‍ය සියල්ලම වාගේ එය මුල් ප්‍රවෘත්තිය ලෙස ප්‍රචාරය කළේ ඉතා පහත් ලෙසය. දිනපතා එවැනි දේ පෙන්වනා කිසිදූ චාරයක් නොමැති මෙම චැනල් වලට මෙය මහා ඉල්ලමක් උනේය. ප්‍රශ්ණය තිබෙන්නේ රෙදි බැනියන් අදිනා කාළකන්නින් නොව ටයි කෝට් අදිනා ඉන්ගිරිසිය වහරනා ඉහළ පැලැන්තියද මෙවන් සක්කිලියන්ට අත්පොලසන් දී සම්මාන පිට සම්මාන දෙන එකය. මා හිතවත් නාලක ගුණවර්ධන ගෙන් මා කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙවන් මාධ්‍ය තිරිසනුන්ගේ ඇජෙන්ඩා වලට නැවත සහභාගී වීමේදි දෙවරක් සිතනා මෙන්‍ ය.

චාපා බන්ඩාර යනු පච හිලක් බව මීට පෙරද ලියා තිබෙනා හෙයින් නැවත අකුරු නාස්ති කිරීම අපරාධයක්මය. ඌ උගේ පාදඩ මාධ්‍යකරණය අපූරූවට පෙන්වූ අතර, දිගන සිද්දියේදී චතුර අල්විස් නාගත්තා සේම ඊයේ දිනයේදි ඇදගෙනම නෑවේය.

සමාජ මාධ්‍යජාලවල තත්වයද ඊට නොදෙවෙනිය. ත්‍රී විලර් මානසික රෝගියාගේ වීඩීයෝව බෙදා හැරීමද ඊට සමානමය. ත්‍රී වීලර් රථයේ අංකය පැහැදිලිවම පෙනෙද්දි පොලීසියට මූ අල්ලා ගැනීමට නොහැකි වීම මාර ලොල් සහගතය. මන්ද මහින්දානන්දගේ පුතා ගැන ලියපු බුකි කාරයන් 15 ක්ම අල්ලන පොලීසියට එක්කෝ මේක සාමාන්‍ය දෙයක් වෙන්නැතිය.

එයිටත් වඩා හද කම්පා කළේ රන්ජන් රාමණායක අද දින ප්‍රචාරය කරනා තිරිසන් විඩියෝවයි. මෙය ලංකාවේ සිදුවු දෙයක් නම් ඔහු කළ යුත්තේ වහාම මේ පිළිබදව පොලීසිය දැණුම්වත් කර නීතීමය පියවර ගැනීම මිස, දැරියගේ මුහුණද පැහැදිලිව පෙනෙනා එම වීඩියෝව ලොවට පෙන්වා ගොන් ආතල් ගැනීම නොවේ.

අවසානයේ කීමට ඇත්තේ රට හදන තැන්වල ඉන්නා උනුත් මේ වන් අම්බරුවන් නම්, අනෙක් හාල්පාරුවන්ගෙන් මක්කා බලාපොරොත්තු වෙන්නද කියාය.

29 comments:

  1. ඉල්ලුම අනුව සැපයුම තියරියට තමයි මාතේ මේවා වෙන්නේ.

    ReplyDelete
  2. අපි සෑම විටම විදෙස් මාධ්‍ය වල (විශේෂයෙන් දියුණු රටවල) තියන ආචාර ධර්ම සහ අපේ රටේ තියන ""ලේ රස"" විකුණාගෙන කන පහත් මාධ්‍යකරණය ගැන කතා කරනවා. නමුත් ඒ ශිෂ්ඨ සම්පන්න යැයි කියන දියුණු රටවල මාධ්‍ය කාරයෝත් නොයෙකුත් ජල්බරි කරනවා. හැබැයි අහු වෙන්නේ කලාතුරකින්.එයින් මට මතකයේ තිබෙන සිද්ධි දෙකක් මෙහෙමයි.

    කලකට පෙර දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළක මිනියක් පාවෙමින් තියනවා දැකපු කෙනෙක් මිනිය වැල්ලට ඇදගෙන ඇවිත් තිබුනා. "චැනල් නයින්" හෙලිකොප්ටරයට මේ සිද්දිය වීඩියෝ කරගන්න බැරි වෙලා. ඉතින් අර ලංකාවේ මගුල් ගෙවල් වල මිස් වෙච්ච ඉවෙන්ට්ස් වල පින්තුර පස්සේ ගන්නවා වගේ කට්ටිය එක්ක මිනිය ආපහු මූදට දාලා අර මනුස්සය ලවා නැවතත් ගොඩට අරං ලස්සනට වීඩියෝ කර ගෙන තිබුනා .

    ඊළඟ සිද්ධියත් ඒ වගේම එකක්. පිස්සු කැනේඩියන් කාරයෙක් නිර්වාණය (enlightenment) හොයාගෙන බටහිර ඕස්ට්‍රේලියාවේ කාන්තාරයට ගිහිල්ලා. සුමානෙකින් හමාරකින් මිනිහා ගැන ආරංචියක් නැති උනාම පොලිසිය සහ හදිසි සේවාවන් මෙයාව හොයන්න පටන් ගත්තා. මාධ්‍ය හෙලිකොප්ටරයකට මේ මිනිහාව හම්බ උනා. ඒ උනාට මෑන් හෙලිකොප්ටරය සත පහකටවත් ගණන් ගන්නේ නැතිව තමන්ගේ පාඩුවේ ගමන් කරලා. ඉතිං හෙලිකොප්ටරය මේ මිනිහා ගාවට ගොඩ බස්සලා, කතා බහ කරලා කෙසෙල් ගෙඩියකුත් කන්න දීලා මේ rescue එක නියම විදියට වීඩියෝ කරගන්න මෑන්ට උපදෙස් දීලා ආපහු ගුවන් ගත කරලා. ඊට පස්සේ ඔක්කොම කැමරා ඈන්ගල් ලස්සනට සෙට් කරගෙන මේ මිනිහා අත් වනමින් හෙලිකොප්ටරයෙන් ආධාර ඉල්ලනවා ලස්සනට වීඩියෝ කරලා මේ ගලවා ගැනීමේ මෙහෙයුම ඇඟේ මයිල් කෙලින් වෙන ආකාරයේ එකක් හැටියට පෙන්නුවා. නමුත් දින කිහිපයකින් මේ පිස්සු මිනිහා ඇත්ත සිදුවීම හෙළිකරලා මාධ්‍ය කාරයන්ගේ ඇඳුම් ගැලෙව්වා.

    ReplyDelete
    Replies
    1. පිලිගන්න අමාරුයි...

      Delete
    2. සිද්ධීන් දෙකම අනූවේ දශකයේ සිදු උන ඒවා.
      මිනිය මුහුදට දැමීම ගැන තිබුනේ පොලිස් වාර්තාවක් පමණයි. "මාධ්‍ය සදාචාරය" ඒ කියන්නේ "ඔවුන් කරන වැරදි සඟවා ගැනීමට සියලුම මාධ්‍ය එකාමෙන් කටයුතු කිරීම" නිසා ඒ සිද්ධිය ප්‍රසිද්ධ මාධ්‍ය වලට "වැදගත් පුවතක්" උනේ නැහැ. චැනල් නයින් අයිති ඇලන් බොන්ඩ් මේක coroner's report එකට ඇතුලත් වීමෙන් වලක්වා ගත්තා කියලයි කියවුනේ. හේතුව coroner's රිපෝට් එක සහ එහි දැක්වෙන recommendations සම්පුර්ණයෙන් ප්‍රසිද්ධ කරන නිසා යි.
      දෙවන සිද්ධියේ, මිනිහාව බේරා ගැනීමෙන් පසුව තිබූ සජීවී ගුවන් විදුලි ඉන්ටර්විව් එකකදී ඔහු , "තමන්ට නිර්වාණය සොයා ගැනීමට ඉඩ දුන්නේ නැත්තේ TV හෙලිකොප්ටරය" බව හෙලිකලවිට "ඔවුන් ඔබව ගලවා ගත්තා නොවේද?" කියන ප්‍රශ්නයට පිළිතුර හැටියට එහිදී සිදු වූ සත්‍ය සිද්ධිය හෙලිකලා. ඒකත් ඉන් එහාට ලොකු ප්‍රචාරයක් දීලා සහෝදර මාධ්‍ය ආයතන වල 'සදාචාරයට" හානියක් නොකිරීමට තරම් අනිකුත් මාධ්‍ය සදාචාරවත් උනා.
      මේ සිද්ධි දෙක ගැනම කිසිම පුවතක් දැන් අන්තර්ජාලයෙන් හොයා ගන්න බැහැ . නමුත් කලකට පෙර නම් තිබුන බව විශ්වාසයි. ඒවා ඉවත් කිරීමත් මාධ්‍ය සදාචාරයේ කොටසක් වෙන්න ඇති. ඒ නිසා ලින්ක්ස් දාන්න විදියක් නැහැ .

      Delete
    3. කොයි රටෙත් එහෙම වෙන්නෙම නෑ කියන්න බෑ. මට මතක හැටියට ඩයනාගේ අනතුර වෙලාවේ එතන හිටිය පැපරාසීන් ඡායාරූප අරගෙන යම් යම් මූල්‍ය ප්‍රතිලාභ ලබගෙන තිබ්බා. නමුත්, එහෙම සිදුවීම් වාර්තා වෙන්නේ ඉතා අඩුවෙන්. ඒ වගේම එහෙම දෙයක් හෙළි වුණහම ඊට වගකිවයුතු බොහොදෙනෙකුට ගෙදර යන්න වෙනවා. වැරදි වැඩ කිසිවිටක සිද්ධ නොවන සමාජයන් නෑ. වඩා වැදගත් වෙන්නේ වැරැද්ද වැරැද්ද විදිහට දකින සමාජ.

      Delete
    4. සජිත් ප්‍රේමදාසවාදී සිරසටත් මරාවාදී හිරු/දෙරණටත් එරෙහිව TNL/ඉසිර හා එක්ව සටන් දියත් කළ උග්‍ර රනිල් වික්‍රමසිංහවාදී ස්වර්ණවාහිනිය තුළ ඇතිව තිබෙන සේවක අර්බුදය නිසා මේ වන විට වැඩසටහන් විකාශය අවුල් සහගත වෙලා. දවල් ප්‍රවෘත්ති ප්‍රකාශය පවා සජීවී බව හඟවමින් පටිගත කළ වැඩසටහනක් ලෙස විකාශය කරන්නට සිදුව ඇත්තේ මැදිරි තුළ නිෂ්පාදන අංශ වැඩ වර්ජනයක නිරත වීම නිසා.

      ලයිව් ඇට් සෙවන් නිවේදක නදීක කරුණානායක, තිළිණි පෙරේරා ඇතුළු 15 දෙනෙකුගේ පිරිසක් සේවයෙන් පහකිරීම මුල් කරගෙන මෙම සේවක ගැටලුව හැදුනේ.

      ස්වර්ණවාහිනි පාලන අධිකාරිය වෙනස් වීම, ගුණාත්මක වැඩසටහන් නොමැති වීම, වැටුප් වැඩි නොකිරීම වැනි හේතුන් මත ඊයේ (18) දින 250ක පමණ සේවකයින් පිරිසක් වෘත්තිය සමිති රැස්වීමක් පවත්වා ඇති අතර ඒයට සහභාගී වූ ප්‍රවෘත්ති නිවේදකයන් ඇතුළු 15 දෙනෙකුගේ වැඩ තහනම් කරලා.

      ඒ අනුව මුදිත විජේසුන්දර, නදීක කරුණානායක, ප්‍රසන්න සමරසේකර, තිලිණි පෙරේරා, නුවන් ජයවික්‍රම, ජෝසප් බැසිල් රෝයි, වසන්ත සිංහපුර, රෝහණ විමලසිරි, චන්දන සෙනෙවිරත්න, අරුණ වාසුන්දර,ලලිත් වීරතුංග ,සුරාජ් ගමගේ, අරුණ ඩයස්, සම්පත් තිලකවික්‍රම, නයන උජිත් යන සේවකයින්ගේ වැඩ තහනම් කරත් ඔවුන් අවුරුදු 10කට වැඩි කාලයක් ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කළ පුද්ගලයින්. නදීක,තිලිනි, මුදිත නං දක්ෂ නිවේදකයෝ. කියන දේවල් නං පල් හෑලි වෙන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නැහැනි, මේ අයට දෙන පිටපත නොවැ කියවන්නේ.

      උග්‍ර රනිල් වික්‍රමසිංහවාදී පඩත්තර එදිරිසිංහලාට කෙලවෙලා යන්න ස්වරණවාහිණිය වහලාම දාමු.

      මෙම වැඩ තහනමට ලක් වූ පිරිස හා අනොකුත් සියලු දෙනාට මේ රටේ තියෙන අනිත් නාලිකා වල ඉඩ දීලා ඒ මිනිස්සුන්ගේ හැකියාවෙන් වැඩක් ගන්න ගම්න් තමනුත් දියුණු වෙන්න. ඉතිරි 270 දෙනාම ගේම අත නොහැර ඔය එදිරිසිංහ පාහරයින්ව දණ ගස්සවමු. අරහෙන් ඊටීඅයි කේස් එක. මෙහෙන් වැඩ වර්ජන. අනේ උකස් කාර UNP කම්බ හොරු හැත්තට වුන දේ!

      Delete
  3. යදින්නට දෙවියන් බැතින්
    ඩිංගකට ගොඩඋන පල්ලියේ

    සිතන්නේ කොයිලෙසද
    සැඟවී ඇති කියා මරු මල්ලියේ

    මුසල්මානුවෝ උනත් සැම
    වෙනත් රටවල ඉපදුනේ

    දෙරණෙ චාපා නොදත් දේ නම්
    අපි සැවොම එක පන්තියේ





    ReplyDelete
  4. මාතලන් බොස්. ලංකාවේ සමාජ ජාල බාවිතය ගැනනං කතා කරලා වැඩක් නැහැ. ජඩ මාද්‍යත් එහෙම්මම තමයි. ඕව නියාමනය කරන එකනං මේ කපේට වෙන්නෙ නැහැ. බලන්න ෆේස් බුක් එක. කොච්චර ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්ද මුං මේ ජාති භේද ආගම අල්ලගෙන ගූ කරගෙන ඉන්නෙ? කොයිවෙලේ නිවුස් බැලුවත් කුණු කුණු කුණු. අපේ කුණු නැත්නං වෙන රටවල කුණු හරි රහ කර කර කනව. මාතලන් බොස් ට කියන්න මෙහේ News of the World කියල ලෝක ප්‍රසිද්ද පත්තරයක් තිබ්බ 1843 දි පටන්ගත්ත. ඒ පත්තරේ ට නිවුස් ගන්න එක ජර්නලිස්ට් කෙනෙක් කරපු ෆෝන් හැකින් සිද්දියක් නිසා පත්තරේ වහන්න සිද්ද උනා. මේ වගේ රටවල මාද්‍ය වලට කොච්චර නිදහස තිබ්බත් රටට මොන ජාතියක ආගමක ප්‍රශ්නයක් උනත් බ්‍රේකින් නිවුස් වලට කියන්නෙ දෙයක් උනා ඒ ගැන පොලීසියෙන් තවම හොයනව කියල මිසක් ඔව් ඒක කලේ අවුරුදු මෙච්චර වයස මේ ආගමේ මෙන්න මේ රටෙන් ආව එකෙක් කියල කවදාවත් එක සැරේ කියන්නෙ නැහැ.

    ඇත්තම කියනවනං මාතලන් බොස් මම බුකිය වහල දැම්මෙ මොලයක් නැති යාළුවො උදේ ඉඳන් හවස්වෙනකන් බුකියෙ ශෙයා කරන දේවල් දැකල. උදේ ඉඳල රෑ වෙනකං එකෙක්ට මේ ලෝකෙ ලොකුම ආගම බුද්දාගම. තව එකෙක් ෆුල් ටයිම් ටොයි දේශපාලනය. තව එකෙක් ෆුල් ටයිම් බයී දේශපාලනය. තව එකෙක්ට මුස්ලිම් ඇලර්ජික්. උගේ තියරිය හැටියට මුස්ලිම් ඇවුන් ඔක්කොම මැදපෙරදිගට පිටුවහල් කරන්න ඕනලු. ෆකින් හිලේරියස් ම සීන් එක කියන්නෙ එහෙම කියන එකා රස්සාව කරන්නෙත් කටාර් වල. 😂 😂 😂 😂 😂 😂 😂

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මචෝ කතා කරලා

      Delete
    2. ++++++++++++++++++++++++++++++++

      Delete
  5. ටික්කා, මාතලන් බොස්

    තනි මිනිහෙක් ඇවිල්ලා තුවක්කුවක් මානලා මිනිස්සු 49ක් මැරුවා. තනි මිනිහෙක් ඇවිත් බෝම්බයක් පුපුරවාගෙන අපේ රටෙත් වසර 30ක් පුරාවට වරින් වර මිනිස්සු සිය දහස් ගානක් මැරුණා.

    පිටකොටුවෙ බෝම්බෙන් බස් ලෝඩ් පිටින් මිනිස්සු කරවෙලා මැරුණා. තුවාල කාරයො බලන්න මමත් මහ ඉස්පිරිතාලෙට ගියා. සමහර මිනිසුන්ගෙ මුළු ශරීරය පුරාම සිදුරු දහස් ගානක් තිබුනා. ඒ කාටවත් වරදක් කරපු මිනිස්සු නෙමෙයි. ඒත් අපි වෙනුවෙන් දුක් වෙන්න කවුරුත් හිටියෙ නෑ.

    ලෝකෙ පලවෙනි වතාවට වුන දෙයක් වගේ අද මෙතන හැමිනෙන්න හදන එවුන්ට ඒ අතීතය මතක නෑ. එදා අපිට එහෙම කරපු ත්‍රස්තවාදීන්ට අද අපි වන්දිත් ගෙවනවා.

    ReplyDelete
    Replies
    1. ඒ නිසාම තමා අපි මේවා හෙලා දැකිය යුත්තේ

      Delete
    2. අනෝ තුමෝ.

      මගේ නමත් මෙතන තියෙන නිසා මගේ කතාවත් අහන්න. හරි. යුද්දෙ ඉවර වෙලා දැන් අවුරුදු ගානක් ගිහිං.අද අපි රණවිරුවන් වන්දනා කරනව. උං කල වැරදි වලට උං හිරේට යද්දි අපි අඬනව. උං ජිනීවා යද්දි අපි කෑගහනව.උං උතුරෙ. අපි දකුණෙ. උබ අපි හොඳටම දන්නව අපේ ගෙදර වත්ත සුද්ද කරන්න එන සිංහල මිනිහට උනත් අපේ සිංහල මිනිහ අපේ ගෙදර කැසීකිලිය ඌට පාවිච්චි කරන්න දෙන්නෙ නැහැ. එක්කො එලියට යන්න කියනව. තේ කෝප්පෙ උනත් දෙන්නෙ එහෙමයි. ඒත් අපි සිංහ ළේ. අපි කතා කරන්නෙ 30 අවුරුදු යුද්දෙ.
      මොකක්ද බං මේ කුනුහරුපෙ ? දැන් සතියකට කලින් මගේ හොඳම මුස්ලිම් යහළුවෙක් මැරුන. මිනිහ එංගලන්තෙ පුරවැසියෙක්. මැරෙනකොට ගෙදර. ගාළු කොටුවෙ මුස්ලිම් පල්ලියෙ තිබුනෙ. ඌ තමයි මම ඉස්කෝලෙ ගිය බෞද්ද පාසලේ හිටිය එකම මුස්ලිම් කොල්ල ඒ ඉතිහාසයටම. උගේ මරණෙට ආව සෙනග මීට කලින් ගාල්ලෙ කොටුවට ඇවිල්ල නැහැ. ඔව්ව TV වල ගියේ නැහැ බං. හැබැයි අර ආව කල්ලියේ මොකාද එකා ප්‍රභා මෝඩයා කියනකොට අපිට හෙන ෆන්...

      සිංහල අපි ගොං හරක් බං.

      Delete
  6. meadia kiyanneth eka buiness ekaka witharayi..
    eka erenne nadda munta

    ReplyDelete
  7. ඉතින් චාපා බණ්ඩාර කියන්නේ ගෝටා මීළඟ ජනාධිපති කියන සටනේ පුරෝගාමී චරිතයක් නේ

    ReplyDelete
    Replies
    1. ඒ කියලා වැරද්ද අනුමත කරන්න බෑනේ

      Delete
  8. ජගත් පතිරණMarch 18, 2019 at 10:04 PM

    ඔය වීඩියෝ ගන්න ලින්ක් එකක් දෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ජගත් පතිරණ, පෝන් හබ් එකට ගියානං ආන් එතන තියෙනවා.
      මෝඩ යකෙක්.

      Delete
    2. ජගත් පතිරණ, ටෝර් browser වගේ එකක් use කර සර්ච් කරන්න. කොහොම උනත් තව ටික දවසකින් නැවත ඕව ආයෙත් අප්ලෝඩ් වෙනවා. මුන්ගේ බොරු පඩ ෂෝ එකක්. There are lot of much worse killing videos about Sri Lanka & many other developing countries. Search "Sri Lanka's killing fields". You'll find bunch of very disturbing stories & many fake videos but not banned over the last decade. When something happens in their place, there are bunch of ethics. So called double standards.

      Delete
  9. මාධ්‍ය "ජඩ" හෝ "ජන" වන්නේ පවතින රාජ්‍යපාලනයේ බලපෑම නිසාය .

    ReplyDelete
  10. මම ඕක ගැන කතාකරන එක නැවැත්තුව ෆ්‍රෙන්. අපේ මේ හොඳට දැන උගත් මිත්රෝරු ඒ ගැන දරන අදහස බැලුවම.. මාධ්‍ය ගොබිලෝ වැරදි නෑ උනුත් බඩ වියත හොයා ගන්න එපයි ඒවා රස කර කර ගිලින උන්ට ගිල්ලවලා :/

    ReplyDelete
  11. //චාපා බන්ඩාර යනු පච හිලක් බව මීට පෙරද ලියා තිබෙනා හෙයින් නැවත අකුරු නාස්ති කිරීම අපරාධයක්මය. ඌ උගේ පාදඩ මාධ්‍යකරණය අපූරූවට පෙන්වූ අතර, දිගන සිද්දියේදී චතුර අල්විස් නාගත්තා සේම ඊයේ දිනයේදි ඇදගෙනම නෑවේය.//

    This is his response on this;

    //අඬු කඩනවා ලු!

    නවසීලන්තයෙ මුස්ලිම් පල්ලි දෙකක් ඉලක්ක කරගෙන එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය ගැන මං දාපු post එක නිසා බරපතළ සිදුවීම් මාලාවක් ඇති වෙමින් තියෙන බව පැහැදිලියි. ඒ සිද්ධිය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරමින් ඉන්න අතර තුර, ඒ කියන්නෙ, 2019 මාර්තු 15, සිකුරාදා, උදේ 9.57 ට මං දාන post එකට මේ මොහොත වෙනකොට comments 2000 ක් වැටිලා, shares 399 ක්. සළකුණු 1100 ක්!

    මෙච්චර වේගවත් සහ විශාල ප්‍රතිචාරයක් මීට කලින් මං දාන post එකකට වැටිලා නැහැ. ඒ ඇයි?

    ඒ අතර මට දුර කථනයෙන් කතා කරමින් ඒ post එක ගලවන්න කියපු පිරිසකුත් ඉන්නවා. ඒ සමහර අය පිට රටවල ජීවත් වෙන අය. ඒ අස්සෙ ඊයෙ, සෙනසුරාදා, උදේ 11.36 ට Viber හරහා කතා කරපු, ෆ්‍රැන්සිස් නිමල් ප්‍රනාන්දු ලෙස Viber නම සහිත පුද්ගලයෙක්, ''තෝ නවසීලන්තය පැත්ත පළාතෙ එන්න නං එපා පරයා! තොගෙ අඬු කඩනවා, දැන ගනිං!'' කියල කිව්වා. මං කිව්වා, ඔබ ට මානසික ප්‍රශ්නයක් තියෙන බව පේනවා, වහාම ප්‍රතිකාරයක් ගන්න! කියලා. එතකොට ඔහු කුණු හරුප පේළියක් කියන්න පටන් ගත්ත නිසා කම්මැලි හිතිලා call එක cut කෙරුව. මං එහෙ යන්න හිතාගෙන නැති නිසා ඒකෙ නං අවුළක් නැහැ කියමුකො!

    ඒත් මේ අමුතු විරෝධය මොකද්ද?

    ''ඔයා හිතන දේ හරි, ඒත් ඒ post එකෙන් කියවෙන්නෙ, අර මිනිස්සු මරපු එක හරි වගෙ එකක්නෙ, ඒකයි!''

    අර ප්‍රශ්නයට ලැබෙන උත්තර අතර ඔය කතාව තමයි ටිකක් හරි වලංගු.

    ඒත් ඒක එහෙමද?

    ඔබ වෙලාව අරගෙන හෙමින් හෙමින් අදාළ comments කියවන්න. ඒ පිරිස මෙහෙම වෙන් කරන්න පුලුවං!

    1. සංවිධානාත්මක පිරිසක්, fake accounts කීපයක් ඇතුළුව.

    2. පරණ පුද්ගලික තරහ වගේම තවත් පුද්ගලික හේතු මත ඇති වූ ද්වේශය පිරි මහ ගන්න හදන සහ විවිධ දේශපාලන පක්ෂ වලට අදාළ අවුල් නිසා අවුල් වුණු පිරිසක්.

    3. රැල්ලට සහ විනෝදයට විවිධ දේ කියන පිරිසක්.

    4. ඇත්තටම ඒ post එක නිසා හිත රිදුණු පිරිසක්.

    මගේ නිරීක්ෂණය අනුව, මේ විරෝධය දක්වන අති බහුතරය අයිති 1 වැනි කාණ්ඩයට. අඩුම පිරිස 4 වැනි ගොඩේ, ඒ ඉතා සුළු පිරිසක්.

    අපි මෙහෙම බලමු!

    මං ඒ post එකෙන් කියන්නෙ මොකද්ද?

    ''නවසීලන්තයෙ දැන් දරුණු විවෘත වෙඩි තැබීම්! හිතේ ඇති අපට වස කවලා ෆන් එකේ ඉන්න පුළුවං කියලා! හහ්...''

    මේ දිනවල මං මැදිහත් වෙමින් ඉන්න, මෙරට පිටි කිරි මාෆියාවට එරෙහි අරගලය මේ කතාවට කෙළින් ම සම්බන්ධයි. අදාළ පිටි කිරි බහු ජාතික සමාගම්, ප්‍රධාන වශයෙන් අයිති නවසීලන්තයට. එහෙම නං නවසීලන්තය රටක් විදිහට හිතන්නෙ, අනිත් රටවල් ශිෂ්ටාචාර පිටින් විනාශ කරලා තමන්ට පවතින්න පුළුවං කියලා. එහෙම පවතින්න බැරි බව තමයි මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් තව දුරටත් ඔප්පු වෙන්නෙ.

    මේ සංවාදය ඓතිහාසිකයි!

    ජාතීන් අනෙක් ජාතීන් මරා දමමින් සහ දුර්වල කරමින්, ඊට සමගාමීව ස්වාභාවික තත්ත්වයන් විනාශකරමින් මානව වර්ගයා ප්‍රමුඛ සමස්ත ජෛව ගෝලය දැඩි අනතුරක හෙළමින් ඉන්න බව මේ මොහොතේ හෝ අප වටහා නොගත්තොත් ඊ ළඟ මොහොත කොහොමත් පමා වැඩි වේවි!

    නවසීලන්තය වටා ගොඩ නගන්න නියමිත සංවාදය ඔන්න ඕකයි! අර මරා දැමුණු අසරණ මිනිස්සුන්ට මල් පහන් තියලා, අඬලා දොඩලා හොටු හූරලා මේ අර්බුදය වටහා ගන්න බැහැ.

    මෙහෙම හිතන්න, ඔය ත්‍රස්තවාදය බිහිවෙන්නෙ සහ තවදුරටත් පෝෂණය කෙරෙන්නෙත් අන්න අර ගෝලීය නරුම ධනවාදී දේශපලනය තුළ!

    කොටින්ම ත්‍රස්තවාදය විවිධයි. ඒ අතර ඖෂධ සහ ආහාර ත්‍රස්තවාදය ඉතා සූක්ෂමයි. අන්න ඒ නිසා තමයි, අපේ ම මිනිස්සු නවසීලන්තයෙ ඉඳන් මගෙ අඬු කඩන්න හදන්නෙ. එහෙ මෙහෙ ඉඳන් මට කුණු හරුපයෙන් බනින්නෙ!

    ඔය කතා නං කමක් නැහැ, ඒත් මට මොකුත් කරන්න එපා, මොකද උඹලගෙ දරුවො වෙනුවෙන් සටන් කරන්න ඉන්න එවුන් අඩුයි, ඉතිං උඹලට දුක හිතෙයි, මට මොකක් හරි කෙරුවට පස්සෙ, මං ගැන නෙවෙයි උන් ගැන!

    හරි! දැනට මේ ඇති! තව වැදගත් කරුණු ගණනාවක් තියෙනවා...

    අද රෑ 8.30 ට සජීවීව ඇවිත් ඒ විස්තර කියන්නං!

    Copied from CHAPA BANDARA - March 18, 2019

    He also stated some valid points here. They have harvested what they have grown.

    ReplyDelete
  12. ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්ත ම ආයෝජන ව්‍යාපෘතිය වන සිංගප්පූරුවේ සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල් සහ ඕමානයේ සුල්තනට් ඔෆ් ඕමාන් මිනිස්ට්‍රි ඔෆ් ඔයිල් ඇන්ඩ් ගෑස් සමාගම් එක්ව හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ආරම්භ කරන අපනයන තෙල් පිරිපහදු කර්මාන්ත ශාලාවේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වැනිදා ආරම්භ කෙරෙන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණඩාර මහතා පවසයි.

    අමෙරිකානු ඩොලර් මිලියන 3850ක වියදමින් ඉදි කරන මෙම නව තෙල් පිරිපහදුව අක්කර 200ක භූමි භාගයක ඉදිකෙරෙන බවද, එහි ඉදිකිරීම් මාස 44ක් ඇතුළත නිම කිරීමට නියමිත බවද නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.

    මේ මඟින් ඍජු රැකියා අවස්ථා 1500කට ආසන්න ප්‍රමාණයක් ද, ඉදිකිරීම් කාල පරිච්ඡේදයේ රැකියා 750ක් ප්‍රමාණයක් ද, වක්‍ර රැකියා සහ වක්‍ර ආදායම් මාර්ග විශාල ප්‍රමාණයක් ද නිර්මාණය වන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි.

    මෙම තෙල් පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමෙන් පසු මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 7කින් වැඩි වන බවත්, මෙරට අපනයන ශක්තිමත් වී රටට මුදල් ගලා ඒම වැඩි වී රටේ රුපියල ද ශක්තිමත් වන බවත් නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙයි. පසුගිය වසරේ මෙරට මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 17ක්ව තිබූ බවද සඳහන් කරයි.

    මීට අමතරව, ලංකා වානේ සංස්ථාව සහ ඔනික්ස් ගෘෘප් ඔෆ් කම්පනීස් (UAE) ආයතන එක්ව ඩොලර් මිලියන 100.08ක වියදමින් අක්කර 64ක භූමි ප්‍රමාණයක සිමෙන්ති නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි. මෙහි පළමු අදියරේ ඉදිකිරීම් නිම කිරීම සඳහා වසර 2ක් සහ දෙවැනි පියවර සඳහා වසර 3ක් වශයෙන් මුළු ඉදිකිරීම සඳහා වසර 5ක් ගත වන බවද පවසයි. එයට සමගාමීව පෙරසවි කොන්ක්‍රීට් නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බව ද නියෝජ්‍ය අැමැතිවරයා සඳහන් කරයි. මෙම කර්මාන්ත මඟින් ඍජු රැකියා 1000ක් සහ වක්‍ර රැකියා 1500ක් පමණ නිර්මාණය වන බවද කියයි.

    සංවර්ධන උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළෙඳ අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න