.

.

Mar 20, 2019

බැංකු හොරයි පඹයයි රට වනසනවා



යුද්දේ ඉවර කොට සුද්දේ දාපූ                හොරූ
එලවා ගත්ත යා පාලනේ මරේ                 මරූ
ගොන් බානක් සමග ආවා බං අළුත්   හොරූ
මුන් ගැන කියන්නට අවසර සබෙන්       ගරූ

ආරම්බේ බැසි යරයෙනි ගුවන්               ගත
මඩු වල්ගේ වැනුවා නොවැ හතර          අත
ඒකෙන් කාපූ සේනාවේ නිමක්              නැත
බයිලා චැම්පියන් කිරුලට ගේම්           නැත

ආවේ සුභ පැතුම් මුලු ලොව හතර     වටින්
දැන් නම් ගනන් ගන්නෑ පයිසෙකට    ඉතින්
තිබුනත් කඩුව පැති දෙක කැපෙන     තදින්
කපනවා විල් පත්තු ඇමතියා බදුර්        දීන්

පොඩි නෑ ගේම අනිකා මහ බැංකුව   කැඩුවා
එන්න තිබ්බ බිස්නස් ඔක්කොම         කැඩුවා
තිබුන ටිකත් ඇදගෙන යන්නට           බැරිවා
කට නම් තිබේ කිසි ලෙසකින් අඩු      නැතිවා

රට ගොඩ ගත හැකි වැලි නිදි විකුණන්  කනවා
සිංහ රාජ ලෝ උරුමය වන                       සනවා
කොච්චර ඇල්ලුවත් කුඩු තව තව           එනවා
කටින් බතල කොල නම් මුන් හිට            වනවා

නව තන්නට කොමි සම දූෂණ අල්              ලස්
පනතක් ගෙනත් අල්ලන වලු වසරින්          පස්
ඊළඟ දිනේ ජොනියා වෙනවලු නිද               හස්
මුන්ට දුන්න උන්ගේ මුඛයේ පිරිලා ගොම්    පස්

ණය ගෙවනට රට තව තව ණය          වෙනවා
ඒකට මොකද මුන් අහසෙන් ඉගි         ලෙනවා
අර යක්කු නම් කෙරුවා හරි                මොනවා
හොදම හොරා කිව්වොත් උඹ කොර    වෙනවා

බදු පිට බදු සමග ජීවන බර වැඩි          වෙනවා
කන්න නැතත් රෙන්නට වැසිකිලි           දෙනවා
බැරිම එවුන් වහ බොනවා එල්              ලෙනවා
බැංකු හොරයි පඹයයි රට වන                 සනවා


14 comments:

  1. ++++++++++++++++++++++++++

    ReplyDelete
  2. මාතලන්,

    නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් සමූලඝාතනය (මුස්ලිම් පල්ලි වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය) අපි දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා. ඒ වගේම ඉන් විපතට පත්වූ සියලු දෙනාටම අපේ සංවේගය පලකරනවා.

    අද ත්‍රස්තවාදය දිහා ලෝකය බලන ආකල්ප වල බරපතළ වැරැද්දක් තියෙනවා. බොහොමයක් අපේ රටේ LTTE ත්‍රස්තවාදය සාධාරණීකරණය කරමින් නවසීලන්තයේ ත්‍රස්තවාදය හෙලා දකිනවා. ඒ වෙනුවට සිදු විය යුත්තේ ජාතිය ආගම භාෂාව ප්‍රදේශය කුමක් වුවත් ත්‍රස්තවාදය "ත්‍රස්තවාදය" ලෙසින් දැකීමයි.

    මුස්ලිම් ත්‍රස්තවාදියෙකු ගේ ත්‍රස්තවාදී ක්‍රියා හෙළා දකින අතරේ වෙනත් අයෙක් (LTTE) එය කලහම එය ආරක්ෂා කරන, සාධාරණීකරණය කරන තැනට ඇතැමුන් (ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වෙන සමහරක්) පත් වෙලා.

    එමෙන්ම දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය හුරතල් කරන අයම ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්තවාදය හෙලා දකිමින් කතා කරනවා. මේක විහිළුවක්.

    ත්‍රස්තවාදයට ජාතියක් ආගමක් භාෂාවක්ද දේශපාලනයක් නැහැ. ත්‍ර‍ස්තවාදය යනු ත්‍රස්තවාදයමයි.

    1983 කලු ජූලිය, 88 / 89 වැනි සිදුවීම් කල UNP ත්‍ර‍ස්තවාදය වගේම 147 දෙනකුට මරු කැඳවමින් පිටකොටුව බස්නැවතුම්පල අසල බෝම්බ පිපිරීමක් සිදු වුණා 1987 වසරේ. සිංහල, දෙමළ, මුස්ලිම්, කාන්තා පිරිමි වැඩිහිටි ළමා ළපටි සියලු දෙනෙක්ම මියගිය අය අතර හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ, වගේම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ අයත් එතැන සිටින්න ඇති.

    එනිසා සියලු භේද පසෙක තබා ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීමට සමස්ත ලෝක ප්‍රජාවම එකමුතු කිරීමට ක්‍රයිස්ට්චර්ච් සිදු වීමටවත් හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

    අපෙ සමහරු කියනවා කොටි ආයුධ ගත්තෙ සාධාරණ ප්‍රශ්න නිසා කොටි පව් කියලා. උන් දැන් කියනවද දන් නෑ මෙහෙම ක්‍රයිස්ට්චර්ච් සමූලඝාතනය කළ සුද්දා ටත් සාධාරණ ප්‍රශ්න තියෙනවා කියලා. සුද්දා පව් කියලා.

    මාතලන් පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න. දැන් ක්‍රයිස්ට්චර්ච් සමූලඝාතනය කළ සුද්දා වෙනුවෙන් පෙනී ඉන්න ලංකාවේ කාලකන්නි NGO මී හරක්/ ලොයර්ලා සෙට් එකක්ම නවසීලන්ත යට යන්න ඉඩ තිබෙනවා.

    ReplyDelete
  3. යකෝ මාතේ අපි කලින් හොඳට හිටි මිනිස්සු… මේ රටේ දේශපාලකයොයි, උන්ගේ ගෝලයන්ගෙයි සහගහන වැඩ නිසා අපි නිට්ටෑවෝ වුනා.. මුලින්ම
    2014 /15 මුන්ගේ බොරැ වලට රැවටිලා ඒවා අහන්න තිබුන ආසාවට අපේ කන් දික්වුනා… පස්සේ මේවා බොරැ කියලා දැනගත්තහම ඒවා ඇහෙනකට එන අප්පිරියාවට අපේ කන් ඇද වෙන්න පටන් ගත්තා.. උන්ගේ මහා බලය, උන් හොරාකාලා හොරා කාලා හදාගත්ත සිටුවර ජීවිතය ඉදිරියේ අපි චූටි මිනිස්සු කියලා හිතෙනකොට අපි මිටි වෙන්න පටන් ගත්තා… මුං ගැන ඇතිවෙන වෙෙරය නිසා නියපොතු දික්වුනා…. අපිට අපි ගැනම විලි ලැජ්ජාවට අපි කැළෑ වැදිලා අදුරේ ජීවත් වෙන්න පටන් ගත්තා… අද නිට්ටෑවෝ වෙලා හිටියට අපි කලින් හොඳට හිටි මිනිස්සු…. අපේ නිට්ටෑගහනය දිනපතා වැඩි වෙනවා… ලංකාවේ හැම ගමකින්ම අළුතෙන් නිට්ටෑවන් හැදෙනවා… හිටි ගමන් උබලගේ ගෙදර එකෙක් කුරැ වෙලා අමුතු සද්දයක් දාගෙන කෑලේට දුවලා ගියොත් ඌට පාඩුවේ යන්න ඇරපන්….ඒ ඌ නිට්ටෑවෙක් වෙලා.. හැබැයි දැං දේශපාලකයොයි, උන්ගේ ගෝලයොයි ගත කරන ජීවිතයට වඩා නිට්ටෑවන්ගේ ජීවිතය නම්බුකාරයි.

    -නිට්ටෑවෙක්

    ReplyDelete
  4. මේ වසර තුළ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැති බවත් එක එක්කෙනාට උවමනා ලෙස එය පැවැත්විය නොැකි බවත් එජාප ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

    මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මැතිවරණයක් උවමනා නම් ඉල්ලා අස්විය හැකි බවත් පවසන ඔහු ‘එක එක්නෙකාට ඕන ඒව අපි කරන්නෙ නෑ. අපි එජාප ආණ්ඩුව. අපි කරන්නෙ අපට ඕන දේ විතරයි’ යයිද ප්‍රකාශ කරල තියෙන්නෙ.

    මේ වසරේ පැවැත්වීමට නියමින ජනාධිපතිවරණද කල් දමා ගැනීට ජනමත විචාරණයක් පැවැත්වීම එජාප ආණ්ඩුව උත්සාහ දරමින් ඇතැයිද ඇතැම් වාර්තා පවසයි. 20 වන සංශෝධණය ගෙන ඒම හරහා එම උත්සාහය ක‍්‍රියාත්මක වෙමින් ඇති බවත් පැවසේ.

    ReplyDelete
  5. ඉස්කොලේ ගිහින් පොත් පතේන් ඉගෙන ගත්තාට වඩා සමාජයෙන් ගොඩක් දෙ ඉගෙන ගත්තා කියන්නේ මෙකට ..

    නුබ එල පොරක් මාතේ..

    බුදු සරණයි !

    ReplyDelete
  6. මාත මචෝ, 2019 අයවැය ඡන්ද විමසීම නිමා වූ පසුව මහින්ද රාජපක්ෂ කෙළින්ම ගියේ තරංගනී සිනමා ශාලාවට යි. ඒ ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය නැරැඹීමටය.

    ඒ එහි නිෂ්පාදකවරිය චමත්කා පීරිස්ගේ පියා වන ජයලත් පීරිස්ගේ ඇරයුමිනි. චිත්‍රපටය නරඹන අතර නිෂ්පාදිකාවගේ පියා ජයලත් මහින්දට කීවේ ‘ජ. වි. පෙ පිරිස මෙම චිත්‍රපටයට අකමැති’ බවය.

    පිළිතුරු දෙමින් “විජේවීරලා හිටපු ජේ. වී. පී එක දැන් නැහැ’’ මහින්ද පැවසීය.

    “දැන් තියෙන්නේ යූ .ඇන්. පී එකේ උපකොන්ත්‍රාත් සමාගමක් වන ජේ. වී. පී එකක් මහින්ද සමග චිත්‍රපටිය නැරඹූ සනත් නිශාන්ත කීවේය.

    අනතුරුව මහින්ද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ පියාගේ මළගෙදර ගියේ ය. මහින්ද යන විට ගෝඨාභය, ප්‍රසන්න, මහින්දානන්ද, කාංචන, ෂෙහාන්, සනත් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ද එහි රැස්ව සිටියහ.

    මළගෙදර පාළු කැපූ ඒ පිරිස අතර මාතෘකාව වූයේ ද ‘අයවැය ඡන්ද විමසීමේදී ශ්‍රීලනිපය කළ කැත වැඩේ’ ය.

    “අපි එකඟතාවකට ආවා අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා කියලා. ඒ එකඟතාවට අනුව වැඩ කරන එක කාගෙත් යුතුකම’’ ප්‍රසන්න පැවසීය.

    “ඒක තමයි මේවා දෙකේ පන්තියේ වැඩ. සර් ඉස්සරහා හා කියලා ගිහින් පස්සේ බෑ කියනවා. මේ අයත් එක්ක කොහොමද ගමනක් යන්නේ’’ සනත් කීවේය.

    “අයවැය පරද්දන්න කෙසේ වෙතත් ඒකට උත්සහවත් කරන්න බැරි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගෙන් වැඩක් තියෙනවද? ඔයිට වඩා හොඳයි ගිහින් එක්සත් ජාතික පක්ෂයත් එක්කම ජාතික ආණ්ඩුව අටව ගත්තනම්’’ ෂෙහාන් පැවසීය.

    “මේක අපි කාටවත් අත් උස්සන්න පුළුවන් ජාතියේ අයවැයක් නෙමෙයි. මේක ජනතාව විනාශ කරපු අයවැයක්. ඒකයි අපි විරුද්ධ වෙමු කියලා තීන්දු කළේ’’ මහින්ද පෙන්වා දුන්නේය.

    “අපි දැන් අවුරුදු හතරක් තිස්සේ කළේ ආණ්ඩුවට විරුද්ධ වෙන එකයි. කවුරු ආවත් නාවත් අපේ ගමන යමු. ඔය පාවා දෙන සෙට් එක ගැන ඊළඟ පාර ජනතාව තීන්දුවක් ගනී’’ ප්‍රසන්න පැවසීය.

    “එක එක මන්ත්‍රීවරුන් එක එක කතා කියනවා. සාස්තරකාරයෝ කිව්වා කියලා තමයි මේ අය මේවා කියන්නේ. සමහරු හිතන් ඉන්නවා රටේ ඉහළට තැනට යන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මේ ජාතියේ ගොන් වැඩ කරලා නම් ඉහළට යන්න බැහැ’’ රෝහිත කීවේය.

    “ඔව් ඔව්. ඕවා කරලා ඉතින් යන්න වෙන්නේ පොල් කඩන අය යන ඉහළට තමයි’’ මහින්ද සිනාසෙමින් පැවසීය.

    ReplyDelete
  7. මාතලන්, ශ්‍රීලනිප හා පොහොට්ටුව අතර දෙවැනි සාකච්ඡා වටය අද පැවැත් වෙන්නේ ඒ පක්‍ෂ අතර පළල් සංධානයක් ගොඩ නගා ගැනීමේ අරමුණෙන්. ඒ පක්‍ෂ දෙකට අමතර ව තවත් කුඩා යැයි කියන පක්‍ෂ තියෙනවා. පොහොට්ටුවේ ඇතැමුන්ට අනුව මේ කුඩා පක්‍ෂ වැඩක් නැහැ. ඔවුන්ට අනුව ඒ මහජන මුදල් කන පක්‍ෂ පමණයි. එසේ මහජන මුදල් කන්නේ කෙසේ ද යන්න නම් පැහැදිලි නැහැ.

    ඔය කුඩා යැයි කියන පක්‍ෂවලට තනියම තරග කළොත් දිනන්න බැරි බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒත් ඒ පක්‍ෂ නැතිව තරග කර පොදුජන පෙරමුණට වාසියක් වන්නේත් නැහැ. පොදුජන පෙරමුණට ඡන්ද කීයක් හරි අඩුවෙන එක පමණයි සිද්ධ වෙන්නෙ. පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයන් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට නම් ඒ කුඩා පක්‍ෂ නැතිව තරග කිරීම එක් අතකින් පෞද්ගලික ව වාසි සහගතයි. එහෙත් ඡන්ද අඩු වීම නිසා ඒ සංවිධායකයන්ට මන්ත්‍රීවරුන් වීමට හැකි වේවි ද යන්න ප්‍රශ්නයක්.

    පොදුජන පෙරමුණට දිනන්න ඕන නම් ශ්‍රී ල නි පක්‍ෂය සමග පමණක් නොව ඒ ඊනියා කුඩා පක්‍ෂ සමගත් පළල් සංධානයකට එන්න වෙනවා. පොදුජන පෙරමුණට තනියම තරග කර කිසිම මැතිවරණයක් ජය ගන්න බැහැ. ජය ගන්නවා කියන්නෙ යම් මැතිවරණයක දි වැඩිම ඡන්ද ලබා ගැනීම ම නො වෙයි. වැඩිම ඡන්ද ලබා ගත්තත් පළාත් පාලන ආයතන කීයක තනිව ම බලය අල්ලා ගත්තා ද? ජනාධිපතිවරණයක දී නම් අවම වශයෙන් වලංගු ඡන්දවලින් සියයට පනහක් හා එක් ඡන්දයක් ලබා ගත යුතුයි. සියයට හතළිහ කියන්නෙ සියයට පනහ නො වෙයි.

    2019/20 ජනාධිපතිවරණයට රාජපක්‍ෂලා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය තෝරා ගෙන. ඉන් කියැවෙන්නේ රාජපක්‍ෂලා එකතු වී ජනාධිපති අපේක්‍ෂකයා තීරණය කිරීමෙන් පෙන්වන්නේ නමට අටවාගත් 'පොදුජන පෙරමුණ' පක්‍ෂයක් ලෙස වැදගත් නොවන බව මිස වෙනත් දෙයක් නො වෙයි. රැස්වීමට අඩු ගණනේ සභාපති ජී,එල්, පීරිස්වත් හිටියේ නැහැ, එවැනි සභාපතිවරුන් පොල්පිත්තකින් කපා ගන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන් පක්‍ෂය රාජපක්‍ෂවරුන්ගේ මතය අනුමත කරනවා කියා. එයත් එහෙම වෙන්න පුළුවන්. ඒත් වඩා සුදුසු ක්‍රමය රාජපක්‍ෂලාගේ නිර්දේශය පක්‍ෂයට යොමු කර පක්‍ෂය නිර්දේශය අනුමත කිරීමයි. මේ වන විට මිස්ටර් බීන්ටත් වඩ කවටයකු වී සිටින රනිල්ට විරුද්ධ ජාතිකත්වයක් ඇති මධ්‍යම පංතික අතිමහත් බහුතරය ඉල්ලන්නේ ගෝඨාභය. ඒ නිසා රාජපක්‍ෂ පවුලට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි තීරණය කරන්න වුනා ගෝඨාභය ඉදිරිපත් කරන්න. පොහොට්ටුවේ බොහෝ දෙනා කුඩා පක්‍ෂ සමග සම්බන්ධකම් ඇති කරගන්න කැමති නැහැ. කුඩා පක්‍ෂ එළවන්නයි ඔවුන්ගේ සූදානම. ඒ ආසන සංවිධායකකම් වෙනුවෙන්. එහෙත් ගෝඨාභය වෙනුවෙන් වඩාත් ඉදිරිපත් වුණේ ඒ පක්‍ෂ, පොදුජන පෙරමුණ නෙවෙයි.(බැසිල්ගේ මතය පොහොට්ටුවේ මතයයි. ජී,එල්, නියෝජනය කරන්නේ බැසිල් මතයයි.)

    පොහොට්ටු කල්ලියට සමහරවිට ඒ ක්‍රමය වැදගත් නොවනවා වෙන්න පුළුවන්. එහෙත් පළල් පෙරමුණට එය වැදගත් වේවි. අප මතක තබා ගත යුත්ත නම් මාධ්‍ය වාර්තා නිවැරදි නම් තවමත් ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක වශයෙන් තෝරා ගෙන ඇත්තේ පොහොට්ටු කල්ලිය පමණක් බවයි. පළල් පෙරමුණ තවමත් එය අනුමත කර නැහැ. අනුමත කරන්න තවම හරිහමන් පළල් පෙරමුණක් ගොඩ නගා නැහැ. අඩු තරමෙන් ශ්‍රී ල නි පක්‍ෂය හා පොදුජන පෙරමුණ අතරවත් සංධානයක් ගොඩ නැගී නැහැ.

    දැන් තිබෙන ප්‍රධාන කාර්යය පළමුව ශ්‍රී ල නි පක්‍ෂය හා පොදුජන පෙරමුණ අතර ස්ථිරසාර විධිමත් සංධානයක් ඇති කර දෙවනුව කුඩා පක්‍ෂ ද සහිත ව පළල් පෙරමුණ ගොඩ නගා ගැනීමයි. ඉන්පසු පොදුජන පෙරමුණෙන් නම් කෙරී ඇති ගෝඨාභය පළල් පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පළල් පෙරමුණේ කැමැත්ත පරිදි ඉදිරිපත් කිරීමයි. එසේ නොකර පොදුජන පෙරමුණ අනෙක් පක්‍ෂවලට මදි පුංචිකම් කර ඒ පක්‍ෂවලින් සමන්විත පළල් පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂයා ලෙස ගෝඨාභය පමණක් විය යුතු යැයි බල කිරීම ගෝඨභයට ද කරන අසාධාරණයක්. පොදුජන පෙරමුණ අනෙක් පක්‍ෂ වෙනුවෙන් තීරණ නොගත යුතුයි. එමෙන් ම පළල් පෙරමුණක් ගොඩ නොනගා ජනාධිපතිවරණයට ඒ පක්‍ෂවලින් දෙදෙනකු ඉදිරිපත් වුවහොත් දෙදෙනා ම පරදින බවක් පෙනෙයි. පොදුජන පෙරමුණ හා ශ්‍රී ල නි ප ගොඩ නගන පළල් පෙරමුණ සියලු ශ්‍රී ලාන්කීයයන්ට පිලිගත හැකි ඉතා සාධාරණ පටු ජාතිවාදීත්වයෙන් තොර නමුත් ජාතිකත්වයේ පක්‍ෂයක් විය යුතුයි. මෛත්‍රිපාල ශ්‍රී ල නි ප මරා දැමීමෙන් පසු අද අපට ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂයක් නැහැ. අද අවශ්‍ය එවැනි ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂයක් ගොඩ නැගීමයි. සංධානයක් අවශ්‍ය වන්නේ මෛත්‍රිපාලට ගෞරවාන්විත ව ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට ක්‍රමයක් සකස් කර දෙන එක වැනි දේ ද කතා කර ගන්න. මෛත්‍රිපාලගෙ ඡන්ද අමතක කරල ගෝඨාභයට වුණත් දිනන්න බැහැ. ගෝඨාභය සහ මෛත්‍රිපාල අතර සාකච්ඡා ආරම්භ කළ යුතුයි මා ගෝඨාභයට ඉතා හිතවත් ව්‍යාපාරිකයකුට කියා තරමක් කල්. කොහොම වුණත් ගෝඨාභය දැන් නායකත්වය අතට ගන්න ඕන. ඔහු පොදුජන පෙරමුණත් ශ්‍රී ල නි පක්‍ෂයත් එකතු වී හදන සංධානයක් ජාතිකත්වයේ පක්‍ෂය බවට පත් කරන්න ඕන. මෛත්‍රිපාලට ගෞරවාන්විත ඉවත් වීමක් ලබා දෙන්න ඕන. මෛත්‍රිපාලත් ඒ ඉවත්වීම ලබා ගන්න ඕන. ඔබ මේ ගැන කියන්නේ කුමක්ද කියත් ලිවිය හැකිනම් වටිනවා.

    ReplyDelete
  8. මාතලන් මේ ගැන කලින් ලියා තිබෙනවා...

    ඒත් අපේක්ෂකත්වය ස්ථිර වූ පසු දිගටම මගේ මතය ප්‍ර්කාශ කරනවා

    ReplyDelete
  9. ඔය පුල්මුඩේ ඛනිජ වැල්ලෙන් ලංකාවේ ණය ගෙවන්න කතා කරන අය දැන් එතකොට මෙච්චර කාලයක් තිස්සේ ඔය වැල්ලෙන් ඔය ණය ගෙවන වැඩේ කර ගන්න බැරි වෙච්ච එක ගැන මොකද කියන්නේ? ඊයේ පෙරෙ‍ටුගාමින් කියනවා මේක කවදාවත් නොසන්සි‍ඳෙන එකක් කියලා. එහෙම කියලා කියනවා සමාගමකට දුන්නොත් අවුරුදු 25න් ඉවර වෙනවා කියලා. එහෙම වෙන්නේ කොහොමද?

    ReplyDelete
  10. මාත ඇමති ප..... කොච්චර මිනිස්සුන්ව අන්දනවද? අපි හැමදාම රැවටෙනව.

    දැන් බලපන් අර එන්ට්‍රප්‍රයිස් ශ්‍රිලංකා කියන ප... ආන්ඩුවෙ මුදල් ඇමති චවු චවු වගේ කියවනව රජයෙ බැංකු වලින් අහපුවහම උන් මෙලෝ මගුලක් දන්නෙ නෑ..

    ඒ උනාට අපේ සල්ලිවලින් ටීවී එකේ ලක්ෂ ගනන් දීල ඇඩ් එහෙමත් දානව මේ ප.... ය, RIP enterprise srilanka...������

    ReplyDelete
  11. හැමදාමත් කෙරෙන දේ යළි-යළි වෙනවා
    විලි නැති එවුන් ඇට නැති දිව ලෙළවනවා
    ඒවාට රැවටිලා අපි ඡන්දය දෙනවා
    අම්බරු අපට ගැළපෙන උන් පත් වෙනවා!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න