.

.

Jun 14, 2019

අපි පැවතෙන්නේ විජයගෙන් නොව අශෝකගෙනි.......



මේ පොටෝ එකට මේ අර්ථකථනය දුන් මොකා හෝ මාතලන් මෙන්ම සිතනා ජාතියේ එකෙක්‍ කියනා එක බුදු ෂුවර්ය. එදා මිහින්තලාවේ සිදු වූයේත් මෙයම බවත් අනු බුදු ෂුවර්ය. මාතලන් ඉතිහාසයට බොහෝම කැමතිය. ඒ කියා මහාවංශෙන් දෙන ඒවා හෝ පරණවිතානගේ මතයන්ද ගෙඩි පිටින් පිලිගැනිමේ සිරිතක් කුඩා කාලයේ සිටම මාතලන්ට නැතිය.


මිහිදු හිමි මිහින්තලාවට අහසින් පැමිණි බව පොඩි කාළයේදිවත් මා පිලිගත්තේ නැතිය. ඒ වෙනුවෙට මගේ මතය දහම් පාසැලේ උදෑසන රැස්සීමේ කියා, ලොකු හාන්දුරුවන්ගෙන් බැණුම් ඇහුවේ මා නොව අපේ අම්මාය. උන්නාන්සෙ උතුම් බුද්ධ පුත්‍රයෙක්‍ ය කියා කියන්නේ උන්වහන්සේ පාලී සගිස්කුරුත වලටමාතරව තවත් භෂාවකටත් භාෂා වෙල්ලෙකු බව, ගමේ වේස කොල්ලෝ හා පඩත්තල කෙල්ලෝත් දැනගෙන උන්නේය.

ඕන් ඒ කාළේ දඩුමොනරෙ හරි අඩු ගානේ හෙලිකොප්පර් හරි තිබ්බා නම් මේ කතාව ටිකක් හෝ පිලිගන්න තිබුනාය. මහින්දාගමනය අපූරුතම නිර්මාණයක්‍මය. අද කාළේ ජනතාව ගොනාට අන්දවා තේරීම් කාරක සභා හරහා දෙන ආතල් එකම, ඒ කාළේ "මේ අඹ ගස හැර...." කතාවෙන් වසා දේවානම්පියතිස්ස ජාමේ බේරාගන්නට ඇතිය. කොහොමත් අර සිදූ කතාවේ ඉන්නා පන්සලේ මුත්තා වගේ අපේ ජාතිය ප්‍රබන්ධ කතාවේදී හැරි පෝටර්ලාට එහාය.

ඒ කෙසේ වෙතත් ඕක දේවානම්පියතිස්සගේ කතාවක් නොව මහින්ද හාන්දුරුවන් ගෙතූ කතාව වෙන්න පුළුවනිය. දන්නා ඉතිහාසේ..., ලියුම් හුවමාරුවක් ගැනත් කියවේ. අධිරාජයෙක් වූ අශෝක කියන්නැත්තේ, තෝ ඉල්ලගෙන කන්නේ නැතිව, ෂේප් එකේ මගේ වැඩේ කොරන්න දීපිය කියලා වෙන්ට ඕනෑය. මගේ රජකම බේරනවා නම් ඕන පුකක් කියා, දේවා ඩීල් එකකට ගිය බව අද වෙන කේස් වලින් උනත් පේනවාය.

ජේ ආර් පඩියා වෙන්න ගිහින් යාපනේට පරිප්පු වලින් ඉල්ලාගෙන කෑවේ ජේ ආර්ට මේ දේ තේරුම් ගන්න බැරි නිසාය. මෝදිට කොළොම්බු හාබර් එකෙන් කෑල්ලක් දෙනවා මදිවාට, මහ එකා කුඩේ අල්ලන්න දමා, අනිකා ගයිඩ් වැඩේ කරන්නෙත් මේ ඉතිහාසය රනිල් වගේ ගල් ආදෙක් දන්නා නිසාමය.

සමහරවිට විජයගේ කතාවේ තාර බර අඩු කර ගත්තාම, දේවා වෙනකන් පරපුරක් ආවත්, සිංහළ ජාතිය කුවේණිගේ පිරිසෙන් හෝ විජේගේ පිරිසෙන් පැවතෙන පිරිසක් නොවන බවත්, සිංහළ ජාතිය හා බුද්ධාගම පැවතෙන්නේ අශෝකගේ ආක්‍රමණයත් සමග මෙහි පැමිණි පිරිසගෙන් බවත්, මගේ මතයයි.

මහාවංශයද මෙය වක්‍රාකාරව පිලිගනී. ඒ දේවා විසින් බුද්ධාගම වැළදගත් බවත්,  ඉන් පසු සියලු කර්මාන්ත වලට අදාල පිරිසද, කළාකරුවෝද නලාකරුවෝද ඇතුලු ආක්‍රමණිකයින් පිරිස ස්ථිර පදිංචි කරුවෝ වූ බවත් එහි තිබෙනවාය.

වැවයි දාගබයි ගමයි පන්සලයි සගිස්කුරුතියද, අපේ උන් උඩ දාගෙන නටනා වාරි කර්මාන්ත ටැක්නොලජි ඇන්ඩ් ඉන්ජිනියරිංද, සිව් සැට කළාවද සමගින් එම පිරිස මහා ජාතිය වූ බව මාතලන්ගේ මතයයි.

ඊටත් වඩා වැදගත් දෙය වන්නේ, මෙය සදාකාලික උරුමයක් කිරීමට, සගමිත් මෙහෙනිය අතේ එවනා බෝධියයි. පසු කාළිනව කිත්සිරිමෙවන් රජ දවස එවනා දළදාව, අදටත් මහා ජාතියේ මෙන්ම රජාගේද පැවැත්ම තහවුරු කරනා මහා පූජනීය වස්තුවයි. සුද්දා පවා ඒකට ගේම අදින්න නොගියේ, සිංහළ ජාතියේ සංකේතය හා පැවැත්ම එයම වූ නිසාවෙනිය.

කෙසේ හෝ මේ පිරිස මහා ජාතිය වන විට, අද ප්‍රභාකරන් හා රිෂාඩ් වෙන රටවල් වල සප් එක ඇතිව ගේම් දෙනවා සේ, 12 වන සියවස වනතෙක් ගේම් දී, මහා ජාතිය සුළු ජාතියක් හා වැද්දන් සම වූ පිරිසක් කිරීමට විජේගේ හා කුවේණිගේ සෙට්ටෙක සමත් වන්නේය.

නැවතත් සිහළ ජාතිය මහ ජාතිය සේ හිස එසවීමට පටන් ගන්නේ බටහිර ආක්‍රමණිකයින්ගේ යටතේය.

එහෙත් ඒ වන ව්ට, අර අනුරාධපුර යුගයේ පොලොන්නරු යුගයේ උන් නිර්මාණශීලි මහ ජාතිය වෙනුවට අද ඉන්නේ, සුළු ජාතික මානසිකත්වයක් සහිත මහා ජාතියකි.

ජානවල හා ලේ වල ඇති නිතරම හතුරෙකුට හෝ ආක්‍රමණයට ඇති බිය, අදටත් එසේමය. අපි බය නෑ ඩෝ කීවාට, හිංගලයා පට්ටම බය ජාතියක් බව එක දොස්තරයෙකුට ඇති බියෙන්ම අපූරුවට පේනවාය.

සාෆී සමග ඔපරේෂන්වලට සහභාගී වූ නේස් නෝනලා 69 දෙනෙක්ම සාෆී එවන් දොස්තර කෙනෙක් නොවනා බවත්, ඔවුන්ගේ ඇස්වලට වැලි ගසමින් එවන් දෙයක් නොකල හැකි බවත් කියද්දි, අදටත් සාෆී හිරේ ඉන්නේ අමු ගොබ්බ ආන්ඩුව ජනතාවට බිය නිසාත්, ජනතාව හැම දේටම බිය නිසාත්මය.

කෙසේ හෝ මෙනයින් බලද්දී ඉන්දියාව අපේ ලොකු අයියා නොව, අපේ අප්පච්චිය. ඒ නිසා මෝදි ඉඹලා පිලිගත්තාට මදිය. වැදලාම පිලිගත යුතුමය.

21 comments:

  1. ආයුබෝවන් රනිල්
    නමස්කාර වේවා මෝඩි මැතිඳුනි!

    ReplyDelete
  2. සක්විති රණසිංහ මැතිදුන්ට බුදුබව පාර්ථනා කරමු. හරක් මස් සමග බත් කමු. තෙරුවන් සරණයි. ශස්තික කුමාර නිදහස් කරමු. හිස්බුල්ලා බුදුවේවා. නානසාරගේ පුකේ ඇගිල්ල ගහමු. සිරිසේනගේ ලංකට් එකේ සුවද බලමු. අල්ලා.

    ReplyDelete
  3. ළහිරු පුත නුඹ කොහිද
    සනීපෙන් ඉන්නවද
    තැලුම් පිරිමදිනවද
    හදිසි නීතිය තදද

    ReplyDelete
  4. "එදා මිහින්තලාව, අද කටුනායක" අවස්ථාවට හොඳින් ගැලපෙන ඉතා අර්ථවත් යෙදුමක්.

    ReplyDelete
  5. විජය ගොඩ බැහැපු දවසේ තම්මැන්නාවෙදී වෙච්ච ප්‍රින්ටිං මිස්ටේක් එකක් හින්දානේ මේ ඔක්කොම කචල් ඇති උනේ. විජය කුවේනිගෙන් who are you ? කියලා ඇහුවාම I am Kuweni කිව්වාම, what are you ? කියලා ඇහුවේ ජොබ් එකක් කරනවාද කියලා දැනගන්නයි. I am a Spinster කියලා උත්තර දුන්නේ තම්මැන්නා ගාමන්ට් එකේ කපු කටින ජොබ් එක කරන්නේ තමං බව කියන්නයි. රෑ ඉස්කෝලේ ඉංගිරිස් පංතියත් කට් කරලා කෙල්ලෝ පස්සේ ගියා ඇරෙන්න වෙන ජොබක් නොකරපු විජය දැනගෙන හිටියේ එකම ස්පින්ස්ටර් තේරුමක් විතරයි. ඒ කියන්නේ 'මිනිහෙක් හොයාගන්න බැරුව ගෙදරට නාකි වෙන ගෑනියෙක්' කියන එක පමණයි. ඉතිං , I will marry you කියාපු විජය, කුවේනිව බැන්දා. The rest is history.

    ReplyDelete
    Replies
    1. 😂😂😂😂😂😂😂😂😂

      Delete
    2. ඉයන් June 14, 2019 at 10:54 PM

      ඉයන් ඔබගේ ස්වාමියා වූ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දූෂිත අකාර්යක්ෂම අශීලාචාර අශික්ෂිත එජාපය 2015 සිටම (2019 පාස්කු ප්‍රහාරය ඇතුලු) රටේ සියලුම ප්‍රශ්න සම්බන්ධයෙන් සියළු කුණු ජනාධිපති සිරිසේනගේ පිටට දාලා අත පිහදා ගන්නවා කියන එක අමතක කරන්න එපා.

      මේ වනවිට 2015 සිට මේ දක්වා රනිල් වික්‍රමසිංහ රටේ දෙවන පුරවැසියා (නොනිල පළමුවන පුරවැසියා) විදියට ආරක්ෂක කවුන්සිලයට එන්න එපා කියලා ජනාධිපති කිව්වා කියලා බයිලා ගසමින් නිකන් ඉන්න බැහැ. එපා කිව්වෙ ඇයි කියලා අහලා ඒක ගැන පාර්ලිමේන්තුවේ කතා කරලා මහජනතාව දැනුවත් කරන එක අගමැති විදිහට එයාගෙ වගකීම. ඒ නිසා කිසිම විදිහකට ජනාධිපතිගෙ පිටින් දාලා අගමැතිට අත පිහද ගන්න බැහැ.

      ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන එජාපයෙ මන්ත්‍රී කෙනෙක්. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීමෙන් නිදහස් වෙන්න බැහැ.

      ලැජ්ජාවකින් කියලා බින්දුවක් හරි තියනවනං විෂය සම්බන්ධ අමාත්‍යවරයෙක් විදිහට ඔහු මේ වෙද්දි ඉල්ලා අස්වෙලා යන්න ඕනෑ, අඩුම තරමේ ප්‍රහාරයෙන් පස්සෙ ඇතිවුන ගැටුම් නවත්තන්නවත් හැකියාවක් ලැබුණෙ නෑ ඔහුට.

      MIM මන්සූර් අම්පාරෙ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙ රියදුරාව සැකපිට අත්තඩංගුවට ගන්නවා ගෙදර ආසන්නයේ පුපුරන ද්‍රව්‍ය හමුවීම හින්දා.

      ඒ වගේම මන්සූර් සහරාන්ගෙ බිරිඳ සහ දරුවාව බැලීමට අම්පාර රෝහලට යන්න කිහිපවරක්ම උත්සහ කරලා තියනවා.

      අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවෙ සභානායකවරයා. ඔහුගෙ අමාත්‍යාංශයේ මීඩියා යුනිට් එකේ තුන් දෙනෙක්ව අත්තඩංගුවට ගන්නවා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙදි ජාතීන් අතර අසමගිය ඇතිවිය හැකි ලිපි 600ක් පන්සල් වලට තැපැල් කරන්න යාමෙදි.

      ඒක කරන්න කිව්වෙ කවුද? රනිල් සහ මංගල සමලිංගික යුවතියන් දෙදෙනා ද? ඇයි එහෙම කලේ කියලා තාම කිසිදු පැහැදිලි කිරීමක් කරලා නැහැ.

      අන්න ඒක හින්දා කරුණාකරලා සියළු කුණු ජනාධිපතිගෙ පිට දාලා කැපුවත් කොළ ඔබේ වහල් හිමියා වන එජාපයයි ඔබේ ස්වාමියා වන අගමැති රනිල් වික්‍රමසිංහයි අත පිහදා ගැනීමේ තේරුමක් නැහැ.

      ආණ්ඩුවේ එකෙක් හරි වෙලා අනිකා වැරදි වෙන්නෙ නෑ. අහිංසක නිරායුධ මිනිස් ජීවිත 250+ ක් ඝාතනය වීම සහ ඊට පසු ඇතිවූ ජාතිවාදී ගැටුම් සම්බන්ධයෙන් ජනාධිපති අගමැති දෙපාර්ශවයටම ලේ හෝදගන්න බැරි බව මතක් කළ යුතු ය.

      අනෙක් අතට කිරිඇල්ලගේ කට්ටියක් අල්ලගත්ත ලිපි අන්තර්ජාලයේ පස්සේ හුවමාරු වුනා. ඒකේ අසමගිය වගේම ලොකු තැන් බය කරවන දේවල් පවා තිබුණාලු. මේ ගැන දීර්ඝ වශයෙන් විස්තර ඇතුලත් කර post එකක් දාන්න ඉයන්.

      Delete
    3. සිරිකොතෙන් ගෙවන ගාන මේ පාර අවේ නැහැ. ඒක ආවම දාන්නම්.

      Delete
    4. මචන් ඉයන් අංකල්,

      //සිරිකොතෙන් ගෙවන ගාන මේ පාර අවේ නැහැ. ඒක ආවම දාන්නම්.//

      සිරිකොත කියලා කියන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් කල් කරපු විශාලම සොරකම ලෙස අති මහත් බහුතර විද්වතුන් විසින් ද මාධ්‍ය තුළින් ද ප්‍රකාශ කලා වූ මහ බැංකු බැඳුම්කර හොරකම සංවිධානාත්මක අපරාධයක් ලෙස සිදු කරන ලද නීලකාස කම්බා සොර රැළේ මහගෙදරයි. ඉතින් දෙයියනේ උන් ගේත් පේමන්ට් ලේට් වෙනව කියන එක නම් හරිම පුදුමයි.

      වර්ස්ට් කේස් එකක් නම් කෙළින්ම U turn එකක් ගහගෙන පොහොට්ටු කල්ලිය රන් කරන කුණුම කුණු මලපෙරේත මහබයියා වන
      ඇම්. රාජපක්ෂ මැදමුලන ගංකබර සක්කිලි වේස බල්ලා ඇතුළු බලු පාහර අවජාතක කාලකණ්ණි රාජපක්ෂලා සහ උන්ට ඡන්දෙ දීපු/ දෙන ගෙරි පාහර කුණුගඳ ගහන කුණුම කුණු වහල් බයි හැතිකරයගෙ පැත්තට සපෝට් එක දෙන්න තමයි වෙන්නේ ඉයන්. ඇයි සිරිකොතට නායකත්වය ලබා දෙන ලොල්ලන් පොත් වලත් නොලිය ණය අරන් කුඩු බිස්නස්, කරුංක බිස්නස්, කාර් පාට්ස් බිස්නස්, රටේ වස්තුව විකුණන බිස්නස්, පදිංචිත් වෙන්න බැරි බාගෙඩ වැඩ හදපු ගොඩනැගිලි වලට කෝටි ගණනින් අමාත්‍යංශවල කුලිය දීල ගොඩගන්න බලන බිස්නස්, වරාය විකුණන බිස්නස් කරපුවට මෝකෑ උනේ?

      ඊබ්‍රාහිම් නානා දිගටම හිරේ නිසා ජවිපෙ දැන් බංකොලොත් වන්නට ආසන්නතම තත්ත්වයක් යටතේ ඔබව ජවිපෙට වහලුන් ලෙස විකිනීම ඕනෑ වෙලාවට කරන එකත් ෂුවර් නෑ �� නැද්ද භං අංකල්?

      Delete
  6. මට අද උදේ අහපු ප්‍රවෘත්තියක් නිසා මනෝගනේශන් ගැන විශාල කලකිරීමක් ඇතිවුනා.

    එයා අරාබි අකුරු තියෙන නාම පුවරු ඉවත්කරන්න නියෝග කරලා.


    දෙමළ බසටත් සිංහල බසහා සම තැනක් ලැබිය යුතුයැයි කියන මනෝු ගනේශන්ට. ජාත්‍යන්තර බාශාවක් වූ අරාබි බසට ඒ තැන ලැබීෘමට විරුද්ධ වෙන්න අයිතියක්නෑ. 56 දී සිංහල පමණක් රාජ්‍ය භාශාව කිරීමට පමණක් දෙවැනි මෙම අපරාධයට අපි හැමෝම විරුද්ධ විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. Good point. But the thing is this kind of Tamil racist extremists are not willing to accept that.

      Delete
    2. මුස්ලිම් අයට නඩුවක් දාන්න තියෙන්නේ.

      Delete
  7. හිතන්නට පොළඹවන
    කුහුල තව අවුළුවන
    මෙවන් ලිපි - ප්‍රතිචාර
    තවත් පළ කරවන්න!

    ReplyDelete
  8. https://www.vikalpa.org/?p=35146
    මම ඔය පිටුව තුල මනෝ ගනේශන්ගේ චක්‍රලේඛේ ගැන දෙපාරක්ම කොමෙන්ට් කලා.
    උන් ඒක දෙපාරම මකලා.

    ReplyDelete
  9. සිරිසේන උන්නැහේ
    එළඹෙන සතියෙම දිනක
    වික්රකමසිංහගේ
    කැබිනෙට්ටු ලදරම ම
    රැස්කොරන්නට ඔන්න
    අනුමැතිය දුන්නාලු!

    ReplyDelete
  10. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න