.

.

Jun 16, 2020

රට ගැන නොව බඩ ගැන සිතන්න..




2015 මහින්ද මහත්තයාට ගෙදර යන්නට උනේ ජහමනයාගේ බඩට වඩා පොෂ් බල්ලන්ගේ බඩ ගැන හිතන්න ගිය නිසාය...

මාතලන්ලා සිය දහස්වර උන්නැහේට මේ ගැන ලියා පෝස්ට් දැම්මත් බලයෙන් කන පැලෙන්න වැදී සිටී නිසාවෙන් ඒවා පෙනුනේ නැත... දැක්කත් ගනන් ගත්තේද නැත....

මේ රටේ ආහාර පරිභෝජන සඟිස්කෘතිය අනුව..... අපේ රටේ උන් බකිංහැම් මාලිගාවට ගියත් කන්නේ.... බත් පොල් සම්බෝල හා කරවල බැදුමක් හෝ හාල්මැස්සෝ බැදුමක්ය....
එහෙම නැහ්නන් පොල් රොටියක් හා කට්ට සම්බලක්ය....

එයිටාමතරව පරිප්පු, අල, සීනී, ළදරු කිරිපිටි, බී ළූණූ හා එළවලු අත්‍යාවශ්‍ය ආහාර අතර වේ....
පෝශ්‍යදායි ආහාර ලෙස අඩු මිළට ගත හැකි බිත්තරද අද ලක්සිරි වී ඇත... ඒවායේ ගනං ඇහුවාම කිකිලිගේ අම්මා මරාගෙන කන්න හිතිලා මිනිස්සු කුකුල් මස් කියා මාස 3 බ්‍රොයිලර් කිකිලියෝ ඇදලා ඇරලා නැති ලෙඩ හදා ගන්නවාය....

හරක් මස් කියපු ගමන් උන්ගේ නෑයෝ අප්සට් යනවාය... තියෙන කඩ ටිකත් වහලා දාන්නේ තම්බිත් සමඟ තියෙනා ඔරොප්පුවටය.... ජනතාවට අඩු මිළට ලබා දිය හැකි පෝශ්‍යදායිම ආහාරයකට කකුල් දෙකේ හරක් අත් කර දී තිබෙන්නේ ඒ ඉරණමය....

ඌරාගේ නම් මිළ පෝඩ්ඩක් අඩු වෙලාය.... ඒත් මේවා මැද පන්තියේ කෑමය....

දුප්පතාගේ කෑම සාඩින්ය... මිනිස්සු සාඩින් ටින් කඩාගෙන කන්නේ මාළු ගිනි ගනන් නිසාය.... හතර වටේම මූද තිබ්බත් මාළුවල ගාන ඇහුවාම මාළු කනවාට වඩා වහ කන එක හොදය.... අනික අපිට ලාබෙට මාලු දෙනවාට වඩා වැඩි ගානකට චීනාට මාළු ටික දුන්නා කියා ජනතාවගෙත් එච්චර අවුලක් නැත්තේය... උන්, එහෙම බිස්නස් කාරයෝ මතු බුදුවරු වෙන්නෙයි කියා පාර පුරා පෝස්ටර් ගසා සැමන් ටින් එකක් පොඩි උන්ට දී... ගල් කාල් භාගයක් කටේ හලාගෙන ආතල්ලෙකේ ඉන්නවාය....

ගල් කිව්වාම ඒ ගැනත් ලියන්නම ඕනෑය... ගල් අත්‍යාවශ්‍යම භාන්ඩයක් බව ඔක්කෝටම වඩා දන්නේත් පොලිටික්කෝමය... අපරාදේ කියන්නේ මහින්ද මහත්තයා සද් චේතනාවෙන් ආරම්බ කල ගල් කැම්පේන් දැන් හැමෝම ෆලෝ කිරීම, පක්ෂ සාමාජිකයන්ගේ ඉමහත් ප්‍රශංසාවට හා අමන්දානන්දයට ලක්වී තිබෙනවාය....

ජෙප්පෝ නම් තනියෙන් බොනවා කියා.... උන්ගේ කාඩර් එක කලේ.... 5% ට තිබ්බ එක 3% කරලා තමන්ගේ අමනාපය පෙන්නීමය...

චන්ද කාළේ පිනට බිව්වත් රඟේ තේරෙන්නේ ඊට පස්සේ බොන්න යනකොටය....

ඒ නිසා මෙයත් අත්‍යාවශ්‍යම භාන්ඩයක් වී අවසානය....

බොහෝ පිරිසක් තාමත් උයන්නේ භූම්තෙල් ලිපේ හෝ දර ලිපේය... මැද පන්තිය ගෑස් ලිපේය....
ඒ නිසා භූම්තෙල් හා ගෑස්ද අත්‍යාවශ්‍යම සෙට්ටෙකට එකතු වෙනවාය..

එහෙත් මේ ආන්ඩුව පැමිනි පසු මේවා සියල්ලම වාගේ අම්බානට වැඩි වෙලාය....

මැද පන්තියත් හිඟන්නෝ වෙන සයිස්සෙකට ඇවිල්ලාය....

දේශීය නිශ්පාදන නංවන්න කියා දේශීය පාරිභෝගිකයාට නවලාම අරින එක ඊට වඩා කැතය....

හාල් මිළ හා සීනී මිළ ඊට හොදම උදාහරණයන්ය...

ඕන්න ඔය අත්‍යාවශ්‍යම භාන්ඩ ටිකට ගහන හෙන ගහන බදු ටික ඉවත්කර.... යම් කිසි සහනදායි මිළකට
ජහමනයාට ලබා දී....

අනෙකුත් ඒවාට 500% බදු ගැහුවත්.... ඒවා කන බොන පරිභෝජනය කරන උන් ඒවා පරිභෝජනය කරනවාමය....

මොකෝ උන්ට නින්ද යන්නේ වැඩියෙන් වියදම් කර වැඩියෙන් ඒ ගැන කතා කිරීමෙන්ය....

වත්මන් ජීවන වියදම් යටතේ චන්දයකට ගොස් 2/3 ක් බලාපොරොත්තු වෙනවා නම් ඒවා සුන්දර සිහිණ පමණමය....

මොකෝ මිනිස්සුන්ට රටට වඩා වටින්නේ බඩ නිසාය ....

ඒ වගත් මෙසේය.....

3 comments:

  1. කොරෝනා නොමැතිවම
    චන්දයක් ආවනම්
    තුනෙන්දෙක පහසුවෙන්
    බඩු ෂුවර් බඩු ෂුවර්

    දැන් ඉතින් ඒක බෑ
    ඔහෙ පිස්සු කෙළිනවා
    පස් වසර ගෙවුනාම
    බඩු බනිස් බඩු බනිස්

    ReplyDelete
  2. මට නං ඔය කියනා තරම් ලොකු බඩු මිලේ වැඩියක් පෙනෙන්නේ නැත. මිරිස්, තුනපහ සහ කහ කුඩු ආදියේ නම් මිල වැඩිවී ඇත. ඒවා කිලෝ ගනං කන්නේ නැති නිසා අවුලක් නැත. එළවලු මිලත් සෑහෙන අඩුය. එනිසා හාල් කිලෝවට වැඩිවූ රුපියල් දහයක විතර මිල එලෝලුවෙන් කවර් වෙනවාය. කොරෝනා කාලේ වවාපු එලෝලුවල පලදාව හෙටානිද්දාට ලැබුණම තවත් මිල අඩුවෙයිය. බේබද්දන්ටයි, මස් කන උන්ටයි ඇරෙන්න අනෙක් මහජනයාට නං එහෙමට අවුලක් නැත. මෙදාපාර පොහොට්ටුවට තුනෙන් දෙකහමාරටත් වඩා ලැබෙනවා ෂුවර්ය.

    ReplyDelete
  3. මෙහෙම බදු නොගහා 5000/- ගානේ දීමනා දෙන්නේ කොහොමද?
    වගකීමෙන් කියන්නේ, මේ පැතිවල තට්ටු දෙකේ ගෙවල්, යාන-වාහන තියෙන අයටත් ඒ බෝනස් එක ලැබුනා. මම හොඳටම දන්නා කිට්ටු ඉසව්වක ඉන්නා හාදයෙකුට 5000/- දීලා තිබ්බේ නිලධාරියාම ටෙලිෆෝනයෙන් එයාගෙන් ID නොම්මරේ අහගෙන. අත්සන හොරට ගහලා. ඒකා පස්සේ ගිහින් සල්ලි අරගෙන.
    මෙන්න අභියෝගයක්!
    පුළුවන් නම් ඔය 5000/- ගත් අයගේ නම්-ගම්-ලිපිනයන් එක්ක ප්‍රසිද්ධ කරන්නයි කියන්න. එතකොට මමම ඉදිරිපත් වෙලා අර හාදයාගේ නම දෙනවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න