.

.

Jul 12, 2020

මගේ සතුට එයයි සුදූ...!!!




ළඟදි බැඳපු ජෝඩුව ඇක්සිඩන්ට් උනා...
ඇක්සිඩන්ට් එකෙන් කොල්ලගේ ඇගේ හැම තැනම පිච්චුනා....
වාසනාවකට කෙල්ලට මක්කත් උනේ නෑ...
කොල්ලගේ මූණත් පිච්චිලා....
සර්ජන් කිව්වේ කොල්ලගෙ ඇඟම හම ගිහිල්ලා පිච්චිලා නිසා...
මූණේ සර්ජරියට හම කෑල්ලක් ගන්නම තැනක් නෑ කියලා....



කෙල්ල කිව්වා...
අනේ සර්ජන් එහෙනම් මගේ හම කෑල්ලක්වත් දාලා මෙයාව ගොඩ දාලා දෙන්න බැරිද කියාලා...

කෙල්ලව චෙක් කරපු සර්ජන් කිව්වා......
මූණට ගැලපෙන සමක් ඔයාගේ වයිෆ්ගේ තට්ටමේ තියෙනවා....
ඔයාලා කැමති නම් සර්ජරිය කරමු..
මමත් මේක රහසක් විදියට තියා ගන්නම්...
ඔයාලත් එහෙම කරන්නය කියලා...

සර්ජරිය හිතුවටත් වඩා සාර්ථක උනා... 
හැමෝටම පුදුමයි... 
තිබුනටත් වඩා හොද හමකුත් එක්ක කොල්ලගෙ මූණ යථා තත්වයට පත් වීම... 

එක දවසක... 
රොමෑන්ටික හැන්දෑවක.... 
කොල්ලාට කෙල්ල තමන් වෙනුවෙන් කරපු කැපකිරීම ගැන පුදුමාකාර ආදර හැඟිමක් ආවා... 

සුදූ.... මම ඔයාට කොච්චර ණයගැතිද... 
මේ ලෝකේ කිසිම කෙල්ලෙක් මේ වගේ දෙයක් කරයිද.... 
කියන්න සුදූ.... ඔයාට මොනවද මම මේ වෙනුවෙන් කරන්න ඕන... 
ඔයා කියන ඕනම දෙයක් කරන්නම්... මම ඔයාව සතුටු කරන්න...

අනේ මෝඩ බබෝ.... 
ඔයා මොකුත් කරන්න ඕන නෑ... 
ඔයාලගෙ අම්මා ඔයාගේ මූණ ඉඹින හැම මොහොතකම මම ලබන සතුට.... 
මට හොදටෝම ඇති මැට්ටෝ....

පර සුද්දන්ගේ එකක් මගේ එකක් වගේ අනුවර්ථනය කොට ලියා පල කලේ...

මහාචාර්ය මාතලන් වන මා විසිනි... 

2 comments:

  1. මරු කතාව මාතේ ��

    ReplyDelete
  2. සදාතනික ගැටුමක ශෝකී පුරාවත....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න