.

.

Aug 28, 2020

NGO 19, ව්‍යවස්ථා අර්බුධ හා බෙලරුසියා අර්බුධය



බටහිර රාජ්‍යයන් ගහනා පදවලට නටන්නේ නැති උන්ට පාඩම් ඉගැන්වීම කීපාකාරයකින්ම ලොව පුරාම සිඳුවේ. ටියුනීසීයා විප්ලවයෙන් ඇරඹි අරාබි වසන්තය නමින් ඉදිරියට ගිය මේවා ඉන් පසු අද වනතෙක් එක් එක් රටවල විවිධාකාරයෙන් අදටත් සිඳුවේ, කරුමය කියන්නේ මේ රෙවලූෂන් නිසා අද ඒ රටවලට රෙවිලාම තියෙනා එකය. හොඳම උදාහරණය ලිබියාවයි. එක පවුලකට කෙලින්න ගිහින් අද රටේ ඔක්කෝම පවුල් වලට කෙලවී අවසානය. මේවාට පෙර ඉරානයට මෙන්ම ඉරාකයටද අත් වූයේ මේ ඉරණමමය.  

දැන් උන් හදන්නේ බෙලරුසියාවටත් කෙලින්නය. එක එක හාල්පාරුවෝ තමන්ගේ රටවලට වඩා ශක්තිමත් රටවල් වීම ඔය G-7 G-10 කියනා රටවල්වලට දිරවන්නේම නැති දෙයකි. විශේෂයෙන් එම රටවල ස්වාභාවික සම්පත් තිබේනම් ඒවාට කෙලින්න පුලුවන් හාල්පාරුවෙක් ඒ රටවල නායකයා කොට, තමන්ට ඕනෑ විදියට වැඩේ කරගෙන යන්න දාන්න පුලුවන් ඔක්කෝම සෙල්ලම් දාලා, කෙලලා දමන්නට ගහනා තුරුම්පුව එකාධිපති භීතීකාවයි. ඝෝඨා බලයට ආපු ගමන්ම NGO නඩේ ආයෙත් ඒකාධිපතියා වේදිකා නාට්ටිය ප්‍රදර්ශණය කොරන්නේ නිකන් නෙවේ. 

කෙසේ වෙතත් බෙලරුසියාවේ ආරක්ෂාවට පුටින් ලොකු අයියා ඉදිරිපත් වීම ඒ රටේ ජනතාවගේ වාසනාවකි. එයා කියලා තියෙන්නේ ඕනාවට වඩා දඟලන්න ගොස් ඉල්ලාගෙන කන්න එපා කියලාය. අනික් උන් හදන්නේ බෙලරුසියාවත් සිරියාවක් වගේ පොලොවට සමතලා කරලා දාන්නටය. 

2015 ලංකාවේ වෙන්නේත් ඒ වගේ දෙයක්මය. මහින්ද රාජපක්ෂලා හා විප්ලව කොරලා ආන්ඩු ගන්නට බැරි බව දන්නා ජාත්‍යන්තර ගල් ආඳෝ ඉදිරියට දමන්නේ කලක් විප්ලවීය චරිතයක් වූ මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝය. උන්නාන්සේට ඔටුන්න පෙන්වා ගේම පටන් ගත්තද වැඩෙ ඉදිරියට යන කොට ඒ වෙනුවට හොඳම රූකඩේ සොයා ගන්නේ පොලොන්නරුවෙන්ය. 

සිරිසේන නොබෙල් තෑග්ගටත් නිර්දේශ වී, ලෝකයේ බලවත් රටවල නායකයින්ගේ චීප් ගෙස්ට් වී, ඩිනර් පාටි වලට කොන්පරන්ස් වලට යන්නේ අර කටියගේ වැඩේ හරි ගිය නිසාය. එහෙත් සිරිසේන කියන්නේ ගහන ගහන පදයට නටන රූකඩයක් නොවනා බව තේරුම් ගන්නා කස්ටිය කරන්නේ එයාගේ තටු කපන්න 19 ගෙන එන එකය. 

ඒ සඳහා තෝරා ගන්නේ පාර්ලිමේන්තුවේ උන් බටහිර බලවේගවල නියෝජිතයෝ හා එලියේ උන් NGO සිවිල් ඩොලර් කාක්කෝය. අද මේ 19 වන සංශෝධනය කොවිඩ් 19 ටත් වඩා වසංගතයක් වී අවසානය. 

19 ගෙනල්ලා රටට අත් කල ඉරණම අද පාස්කු ප්‍රහාර කොමිසමේ අපූරුවට පෙනෙනවාය. අද මේක ගෙනාපු උන් රටෙත් නැතිය. රට විනාශ කල කාලකන්නින් අද ඉන්නේ නොරටය. (ජයම්පතී හා වැලිඅමුණ) තව එකෙක්ට පක්ෂයේ තබා පාරේ බැහැලාවත් යන්න බැරි සයිස් එකක්ය. (සුමන්තිරන්) අනික මේවා හදපු උන්ම අද පිලිගන්නේ නැති උනාට, කලින් පිලිගත්තේ, මෙයින් රටට උන විනාශය සුළු පටු එකක් නොවන බවයි. විශේෂයෙන් රටේ පාලනයට මෙයින් සිඳු වූයේ මහා විනාශයකි. මුන් සියල්ලෝම ඉතිහාසගත වෙන්නේ රට විනාශ කළ ද්‍රෝහියන් ලෙසය.

19 ගෙනා කොමිසම් වල වැරදි හොයන්නට අද ජනාධිපති කොමිසම් දමන්නට සිඳුවීමෙන්ම කොමිසම් දාපු උන්ගේ කලිසම් ගැලවී අවසානය. පොලිස් කොමිසමෙන් පත් කල පොලිස්පතිවරයා මහ පාරේ උඩරට නැටුම් නැටුවේය. අදටත් ඌ එලවා අළුත් පොලිස්පති කෙනෙක් පත් කොර ගන්නට බැරිය. පොලීසියේ අනික් උසස් නිළධාරින්ද අමු පිස්සන් පිරිසක් බවත් උන් කරලා තියෙන්නේ රාජකාරි නොව උන්ට හිතෙනා දේ බවත් බොහෝම පැහැදිලිය. ඒ කොමිසම් සභා උන්නැහේලාට ලබා දුන් ශක්තියයි. මැතිවරණ කොමිසම එකම පිස්සු විකාරයක් වී කොමිසමේ දෙන්නෙක්ම කලිසම් ගැලවී ඉන්නේ අමු හෙලුවෙන්ය. 

මේ මළ හත්තිලව් ව්‍යවස්ථාව නිසා අද රටට නායකයෙක් ඇත්තේ නැතිය. නායකයාට බලතල නැතිය. බලතල තියෙන කෙනා නායකයා නෙමේය. රටේ ආරක්ෂාවවත් ඔහුට තබා ගැන්මට බැරිය. හැබයි රටේ සේනාධිනායකයා ඔහුය.

දැන් කරන්න තියෙන්නේ හැකි ඉක්මනින් මේ කුණුහරුප ව්‍යවස්ථා පැලැස්තරේ ගලවා විසි කොරනා එකය. මොකෝ දැන් තිබෙනා ලෝක තත්වය හමුවේ ජනතාව විශ්වාසය තැබූ නායකයා රටේ බලතල සහිත නියම නායකයා විය යුතු නිසාමය. ආන්ඩු පක්ෂයේ ඒ වෙනුවෙන් තරඟයක් නැතත්. නායකත්වය නීත්‍යානූකූල නොවීම රටේ ඉදිරි ගමනට අත්‍යාවශ්‍යවන තීන්දූ තීරණ ගැන්මට විශාල බාධාවක් නිසාමය. 


ඒ වගත් මෙසේය....

9 comments:

  1. මම වනාහී කැපුවත් කොළ වර්ගයේ යූ ඇන්පී කාරයෙක්ගේ පුතෙකි.

    මම පලාත්සභා වලට විරුද්ධය. එබැවින් මේ ආණ්ඩුව පලාත් සභා චන්දයක් තිබුබොත්.
    අලියාට කතිරය ගසමි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම අනික් උන්ට ඒකට චන්දේ දෙන්න කිසි අයිතියක් නෑ...

      Delete
  2. නූගත් ටැක්සිකාරයෙක්ගේ උපදෙස් කවුද බං ගණන් ගන්නේ? පුකේ ඇගිල්ල ගහන් නිදාගනින් කට ගඳ බල්ලෝ.

    ReplyDelete
  3. ඇත්ත නැත්ත - හරි වැරදි කාලය විසින්ම පහදා දෙයි නේද.....

    ReplyDelete
  4. මගේ මල්ලිගේ පුතා යන්නේ මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට… දවසක් මම ගියා පුතාව එක්කරගෙන එන්න එතැනට…. මගේ අවුරුදු ගානක් පරණ වාහනයෙන්… ඒක දැකලා මගේ පුතාගේ යාලුවා මට කියපි…”ලැජ්ජ නැද්ද අංකල් ඔය වගේ මලගොඩක් මේ වගේ පුද්ගලික විශ්ව විද්‍යාලයක් ලඟට ගේන්න” … මෙන්න මේවනෙ නියම වාහන කියලා මට ‘SPORT Range Rover ‘ එකක් පෙන්නල ගිහිල්ලා එයා ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගත්තා….ඒක දැකලා තක්බීරිවුනු මම ඒ වාහනය ලඟට ගිහිල්ලා ඇහුවා පුතේ මේක ඔයාගෙමද..? එතකොට කිව්වා ඔව් මේක මගේ 23 උපන්දිනේට අම්මි තාත්තිගෙන් ලැබුන උපන්දින තෑග්ග…කියලා …. මම ඇහුවා මොනවද පුතාගේ අම්මි තාත්ති කරන රස්සාව කියලා… එතකොට කීවා දෙන්නම බිස්නස්. කරන්නේ.. අම්මිට මේ ලඟම මේකප් සැලූන් එකක් තියෙනවා.. අපි තුන්දෙනාටම මේ වගේම වාහන තුනක් තියෙනවා කියලා…ඒ කියන්නේ.රු කෝටි ගණන් වටින ඒවා තුනක්…!!. බුදු අම්මෝ..!
    ඉතින් දැන් හිතාගන්න පුලුවන්නේද… මොකක්ද බිස්නස් එක කියල..! තාත්තගෙ කුඩු ….අම්මගෙ සැලූන් එකට යනවා …. අම්මගෙන් ඒ ලඟම සල්ලිකාර තරුණයො ඉගෙන ගන්න තැනට පුතාගෙන් යනවා…

    මත් ද්‍රව්‍ය උරුම කර ගත් සැප කතාව…!

    ReplyDelete
  5. රටින් රට
    දිවි ගෙවන මිනිසුන්
    කටින් කට
    යන කතා හැටියට

    පුටින් මැතිඳුන්
    හැදුන තරමට

    නැත ලොවේ
    වෙන කිසිවෙකුත්
    ඔහු තරම් වූ
    ධනවතෙක්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න