.

.

Sep 25, 2020

ගැලවිජ්ජා චක්‍රලේඛන

 


අම්මට සිරි ලංකාවේ රාජ්ජ සේවය හා එහි ඉන්නා හරකුන් ගැන ඊයේ පෙරේදාද ලිව්වද, එක දෙයක් ලිවීමට අමතක උනේය. ඒ උන් වැඩ නොකර සිටීමට යොදාගන්නා ප්‍රධානම අවිය වූ චක්‍රලේඛනේ ගැනය. උන් ඝෝඨාභය තියා දෙයියන්වහන්සේවත් ගනන් නොගන්නා ප්‍රධානම හේතුව ඕකය. 

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් JR උන්නැහේ නම් කිව්වේ.. මට ඔය AR, FR වැඩක් නෑ... මම ඇවිල්ලා JR... ඒ නිසා මං නාන්සේ කියන දේ කොරනවා හලෝ... කියලාය. එසේ කියූ එතුමානෝ විධායකය උපරිමයෙන්ම ක්‍රියාත්මක කලේය. නැත්නම් ඉතින් රටේ නායකයා වීමෙන් ඇති වැඩකුත් නැත්තේය 

මැටි බලපත්තරයක් නැවත් ලබා දෙන්න පාර්ලිමේන්තුවේ අලුතෙන් පනතක් පාස් කර ගන්න ඕනා නම්, මැටි කර්මාන්තයට සම්මා සම්බුදු සරණමය. 

දැනටත් මහා පරිමාණ මැටි කර්මාන්ත ශාලා වලට පිරිසිඳු මටි ලබා ගැනීමට තැනක් නොමැති බවත් ඒ සඳහා මැටි ගෙනෙන්නේ පිටරටවලින් බවත් බෝහෝ දෙනෙක් නොදන්නවා ඇතිය. ඒ ඉතා ඉහළ වර්ගයේ මැටි ලංකාවේ තිබුනත්, පිරිසිඳු කිරීමේ කටයුත්ත කිරීමට කිසිවකු හෝ නොමැති වීම නිසාය. 

මීට පෙර පිගන් සංස්ථාව පැවති සමයේ එය ලංකාවේ සිඳුකල බවත්, පිගන් සංස්ථාවට අයත් සුපිරි කර්මාන්තශාලාවක් මීගමුවේද  සුපිරි ප්‍රදර්ශනාගාරයක් බම්බලපිටියේද තිබූ බවත් අද පරපුරේ ඉන්නා උන් දන්නේ නැතිය. එහෙත් දන්කොටුව හා නොරිටාකේ වලට ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතිනා බවත් අපේ මැට්ටෝ නොදන්නවා විය හැකිය. 

රුපියල් 10,000 ආන්ඩුවේ එකාට සුළු ගානක් වූවාට දුප්පත් මිනිහාට විශාල මුදලක්ය. ඒ ගොන් මැට්ටා කල යුත්තේ 10,000 නෑ කියා ඒ මිනිහා හෙදර යැවීම නොව, පොරට කර්මාන්තය කරගෙන යා හැකි අයෙක්දැයි ක්ෂේත්‍ර අජ්ජනයයක් හෙවත් ඉන්වෙස්ටිගේසන් එකක් කර, ඒ සඳහා ඇති රාජ්ජ ආයතනවල සහයෝගය ලබා දී, හකිනම් රාජ්ජ බංකුවකින් ණය පහසුකමකුත් ලබා දීමය. 

එසේ කලත් නොකලත් උන්ගේ පඩිය බැංකුවට වටීම මෙහි ඇති කරුමයයි. 

උන්ට එසේ නොකර සිටීමට ඇති ආයුධය AR, FR බව, ඊයේ ජනාධිපතිතුමාට පොර දුන් ටෝකෙන් පැහැදිලි විය. 

එකාතකින් පොර එසේ කීම ලොකු දෙයකි. සමාර උන් කරන්නේ ලොක්කා ඉදිරියේ ඕ කේ සෑර් කියා. පස්සේ අරූගේ පශ්චාත් භාගයේ ඇරීමය. තමුසෙ ගිහින් ජනාධිපතිගෙන් කොරගන්නවා කියාය.

ඊයේ ජනාධිපතිතුමා බදුල්ලේ ජනතාව අතරට ගියේය. 

මේක මීට පෙර ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ කොන්සෙප්ට් එකකි. ජනසවිය, පියානෝගේ කෙරුවාව දන්නා හැම තිස්සේම ජනතාව අතරට එනවා කියන්නේ, සජිත් ලොක්කත් මැඩම් ප්‍රේමදාස එක්ක මේවාට සහභාගි වෙලා තියෙනා නිසාය. 

ජනසවිය, කැපකරු මාපිය ක්‍රමය, ඇඟළුම් කර්මාන්තය දීප ව්‍යාප්ත කිරීම මෙන්ම, "ජනාධිපති ජංගම සේවයද", දුප්පත් ජනතාව වෙනුවෙන් ගත් ඉතා ඉදිරිගාමී පියවරයන් වේ. 

මේ සියල්ල පිටුපස උන්නේ කලක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධවී සිට... පසුව ප්‍රේමදාස මහතා හා එක්වූ.. සුසිල් සිරිවර්ධන මහතා බවත් ප්‍රසිද්ධ රහසකි. 



ජනසවිය සමෘධිය ලෙස ඉදිරියටම ක්‍රියාත්මක වූවද අනෙක් සියල්ලට ලැබුනේ කුඩම්මාගේ සැලකිලිය. 

ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා කළ යුත්තේ ජනාධිපති ජංගම සේවයට නැවත ක්‍රියාත්මක කිරීමය. 

මට මතක ආකාරයට එය ක්‍රියාත්මක වූයේ දිස්ත්‍රීක්කයකට අදාලවය. සතියක් පමණ සියළුම අමාත්‍යශවලට අයත් තීන්දූ තීරණ ගත හැකි ඉහළ පුටු ඊට සහභාගී වීම අනිවාර්ය කරල අතර. බොහෝ ගැටළුවලට එම මොහොතේම විසඳුම් ලැබුන බවත් , ජනතාවගේ ඉමහත් ප්‍රසාදයට පත් වූ බවත් මතකය. ප්‍රේමදාස උන්නැහේද බොහෝ අවස්ථාවල අධීක්ෂණය සඳහාද පැමිනියේය. 

20 න් එක පුද්ගලයකුට විශේෂිත බලයක් ඕනෑ ඇයිද කියා මේවායෙන් හෝ ජනතාව තේරුම් ගත යුතුය. 

අවම වශයෙන් රාජ්‍ය පරිපාලනයේ බලය හෝ රටේ නායකයාට ලැබෙන්නේ නැත්නම් මේ රට කවදාවත් දියුණු කරන්න බැරි බවට ඊයේ සිද්දියට සම්බන්ධ සියල්ලෝම අපට පෙන්වා දුන්නේය. 

ජනතාව පුක ඉරාගෙන කටු කාගෙන රටට නායකයෙක් පත් කරන්නේ ආන්ඩුවෙන් පිනට කන එකෙක් ඉස්සරහා හාල්පාරුවෙක් වෙන්න නම්. ජනාතා නියෝජිතයෝ නැතුව, නායකයෝ නැතිව,  චන්ද වලට යන ගානත් උන්ගේ පඩියට එකතු කර නිළධාරින්ට ඕන මලහත්තිලව්වක් කර ගනින් කියා කට පුක වසාගෙන සිටීම ඊට වඩා සනීපය..


ඒ වගත් මෙසේය....



27 comments:

  1. යකෝ මාතලන්

    හිටපු බයි මහ රජා ලුණු කර්මාන්තය සඳහා චක්‍රලේඛ නැතුව කොරන්න ගිහින් වෙච්ච සන්තෑසිය මේකේ තියෙනවා


    https://www.facebook.com/swarnavahini/videos/631846804423482/


    ඉස්සෙල්ලම මේක හොඳින් බලල විස්තර දැනගෙන කතා කරහන් මචන් මේ සිද්ධිය 2005 - 2014 වනචර දශකයක කාලය තුල සෑහෙන වශයෙන් නීති විරෝධී ලෙස අවසර ලබාදෙමින් කරපු කර්මාන්ත ගොඩක් ගැන කියවෙන කතාවක්

    ReplyDelete
    Replies
    1. දැන් මේවයෙන් රටට නරකක්ද වෙලා තියෙන්නේ

      Delete
  2. මාතේ මේ ගැන මොකක්ද හිතන්නේ?

    https://www.facebook.com/NalakaGodahewaOfficial/videos/338855994122786/

    ReplyDelete
    Replies
    1. වසර පහ අවසානයේ බලමු

      Delete
    2. වසර පහ අවසානයේ බලමු

      Delete
  3. කනගාටුව රටේ ජනාධිපති චක්‍රලේඛය ජනාධිපතිගේ කටින් පිටවෙන වචනය කියන එක නෙමෙයි, ඒකට අප්පුඩි තලන රාජ්‍ය නිලධාරීන් සහ ජනතාවක් සිටීමේ කරුමයයි.

    එයද එක අතකින් පුදුමයට හේතුව නොවේ,
    මේ ප්‍රකාශ කරන ජනාධිපති පත්කර ගත්තේ ඒ ජනතාවය..

    අපි වෙනස් කල යුත්තේ කවුද ?

    https://www.facebook.com/100000338932359/posts/3491583490862914/?extid=0HZyrf4NAfL52IWY

    ReplyDelete
    Replies
    1. පෙර බයිලාවම තවත් වසර පහක් ඉදිරියට ගසා අඬනවාද...

      වෙනසකට යනවාද..?

      Delete
  4. දේශපාලනයම නෙමේ මාතලන් තමුන්ට ජීවිතයට වැදගත් යමක් ගන්න මේ තුලින්...

    "කව්රු හරි මේක පටන් ගන්න එපැයි.පටන් ගන්න කාලේ දැන් වගේ නෙමේ.ඔහම අත්පුඩි ගහන්න හිටියේ නෑ .බත් වේලක් දෙන්න මිනිහෙක් හිටියේ නෑ.සත පහලොවයි කොම්පඤ වීදියේ ඉඳං නුගේගොඩට යන්න පිට කෝට්ටේ බස් එකේ 168 .කව්රුත් හිටියේ නෑ මට සත 15 ක් දෙන්න .මම බැංකු ගිණුමක් පටන් අරන් නෙමේ මේ පක්ෂය පටන් ගත්තේ .මම තනි මිනිහ. එන් එම් පෙරේරලා කොල්වින් මහත්තයල පාවල දීල සිරිමාවෝ ලඟට යනකොට මම ගිහින් කිව්වා කම්කරුවන්ට පාවල දුන්න දැන් ඉවරයි අපි දැන් අලුතින් මේ ව්‍යාපාරය පටන් ගන්න ඕන කියල.කව්රුත් හිතුවේ නෑ අපිට පුළුවන් කියල.මට උපදෙස් දෙන්න කෙනෙක් හිටියේ නෑ .දැන් නම් එහෙම නෑ. වාහනේ කැඩුනොත් කොහේ හරි තැනක දුවල ඇවිල්ල ආ සහෝදරයා අපිත් මේ ජනතා විමුක්ති පෙරමුණේ අර සමිතියේ තමයි කියල ටයර් එකේ හුලන් ගියානම් ටයර් එක දාල දෙනවා. බස් එකකට නැග්ගොත් ජේවීපී කාරයෝ බුරුත්තක් ඉන්නවා.කොහේ හරි ගමකට ගියොත් ජේවීපී කාරයෝ ඉන්නවා.මේ අද .එදා එහෙම නෙමේ මම තනි මිනිහෙක් රුසියාවේ ඉඳල ඇවිල්ල පටන් ගන්නකොට. කව්රුත් හිටියේ නෑ මේක කරන්න පුළුවන් කියල.මම පිස්සෙක් කියල එලවල දැම්ම. ඒත් අපි පටන් ගත්ත නේ .අවුරුදු එකාහමාරක් ඇවිදලා ඇවිදලා හත් දෙනක් හොයා ගත්ත .ඊට පස්සේ 77 යි අවුරුදු තුනකට පස්සේ . තව අවුරුදු තුනක් ගිය තැන 25000 ක් හිරේ දාන්න සිදු වුනා.දස දහස ගානක් මරලත් දැම්ම.ඒත් නවත්තන්න බැරි උනා.ඊට පස්සේ අද දිවයින පුරා ලක්ෂ සන්ක්යාත ගණනක් බලොපොරොත්තු සහිත නිර්ධන පන්ති ව්‍යාපාරයක් ඇති කරලා තියෙනව අපි අද බලන්න.බොහම වෙහෙස මහන්සියෙන්.මේ කිරින්ද බස් ස්ටෑන්ඩ් එකේ මම රුසියාවේ ඉඳං ඇවිල්ල බස් එකට බඩු පැටෙව්වා සත දහය පහළොව අරගෙන.ඒ සල්ලි මම මේ ව්‍යාපාරය වෙනුවෙන් යොදාගෙන තියෙනවා .කව්රුත් දැනගෙන හිටියේ නෑ එදා මම කවුද කියල.මේ තිස්සමහාරාම බස් එකෙන් කිරින්දට යන්න එතන ගොවිපොළක් දාල ජනතා විමුක්ති පෙරමුණ ආරම්බ කරපු කාලේ.අපි එහෙම කරලා තියෙනව.අද මේ පක්ෂය මේ රටේ රාජ්‍ය බලය දිනා ගැනීමට ශක්තිමත් පක්ෂයක් ලෙස හදල තියෙනවා තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න .මෙච්චර කරලා මේ පක්ෂය හදන්න පුළුවන් උනේ ඇයි .අපි අවංකව වැඩ කරලා තියෙන නිසා.අපි පඩියට කවදාවත් වැඩ කරේ නෑ.කවදාවත් මම පඩියට රස්සාවක් කරලා නෑ.මම හම්බ කරලා නෑ.පිට රට බැංකු වල මට කොටස් නෑ.ස්විස් බැංකුවේ ගිණුම දාගෙන නෑ මම ,මේ රටේ බැංකු වල මට ගිණුම නෑ.මම සල්ලි කාරයෙක් නෙමේ මම දුප්පත් මිනිහෙක් මේ හම්බන්තොට ගිරුවාපත්තුවේ ඉපදිච්ච මිනිහෙක් මං .අපේ පක්ෂයේ අනිත් නායකයෝ අරන් බලන්න,තමුන්නාන්සේලා අතරින් ආපු අය.දුප්පත් ගොවියන්ගේ කම්කරුවන්ගේ දරුවෝ ඉගෙන ගත්ත අය...."

    - රෝහණ විජේවීර 1982 ජනාධිපතිවරණය සඳහා කළ කතාව

    ReplyDelete
    Replies
    1. 3% යි...

      පට්ට ෆේල් ෆිලෝසොපියක්....

      Delete
  5. එතකොට මාතලන් දැන් මේ කියන විදිහට ඕනම රාඡ්‍ය නිලධාරීයෙකුට තමන් කැමති ඇක්ෂන් එකක් අරගෙන ජනාධිපතිතුමා තමයි කිව්වෙ කියලා කියන්නත් පුලුවන්. ඉන්න තැනක් නැති මිනිස්සුන්ට, වගා කරන්න කැමති මිනිස්සුන්ට, දැන් තියෙන්නෙ රාජයෙ ඉඩම් වල ගිහිල්ලා පදිංචි වෙන්න ප්‍රශ්නයක් එන්න විදිහක් නැනෙ අයිති කාරයො නැනෙ එන්නෙ රාඡ්‍ය නිලධාරීන්නෙ එයාලට කියන්න තියෙන්නෙ ජනාධිපතිතුමා අපට ඉන්න වැඩ පිලිවලක් හදන්නකම් ජිවත් වෙන යුද්ධයෙන් ජය ගන්න අපට මෙහෙම ඉන්න පුලුවන් කියලා විධායක ජානාධිපතිතුමා රටට කියලා තියෙන්නෙ කියලා, දැන්ම රජයෙ ඉඩම් කොටුකරගත්තු කට්ටිය දිනුම්.

    මේක හොඳ ප්‍රශ්න සහිත මාතෘකාවක් මේක වෙනස් විය යුතු තැනත් මිනිස්සුන්ටම භාර කරමු, හැබැයි ඉතින් ඒක තේරුම් යන දිනය වැඩි ඈතක නෑ.

    ReplyDelete
  6. මෙහෙම දෙයක් තියෙනවා මාතේ, මෙතන ඔක්කෝටම මුල මේ ගැන මුලින්ම කථා කරපු ටයිකාර රජයේ නිලධාරී මහත්තයාගේ වරදයි.

    ඔහු එතන හිටපු පොඩි මිනිසුන්ට මැටි ටිකක් සපයා ගන්න අඩු මිළ බලපත්‍රයක් ලබා දෙන්න කලයුතු ප්‍රතිපත්ති වෙනස ගැන කිව්වා නම් හරි.

    නමුත් අවාසනාවන්ත ලෙස එතනදි ඔහුගේ කථාවෙන් ගම්‍ය කලේ මේගොල්ල්න්ට කරන්න කිසිම දෙයක් නැහැ, 'මාර සීන් එක නේ ෂික්' වගේ ජනතාවාදී නොවන ඍණාත්මක අදහසක්.

    පුද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයක් දරපු කෙනෙක් විදියට මම හිතන්නේ අදාල තනතුරුවලට අදාල පරිණතභාවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අඩුකම මේකට හේතුවක්. එහෙම නිලධාරීන් හිටියා නම් මහජනයා මෙන්ම රාජ්‍ය නායකයාටද යහපත් සිතුවිලිවලින් යුතුව උත්තර දෙන්න පුළුවන්කමක් තිබුනා.

    මම හිතන්නේ චන්ද්‍රිකා ආන්ඩුව කාලේ රජයට නිලධාරීන් බඳවා ගැනීම විශාල වශයෙන් සීමා කල නිසයි එහෙම වෙලා තියෙන්නේ. අදාල තනතුරුවලට පත් කරන්න තරම් ජ්‍යෙෂ්ඨයන් නැතුව ඇති. කෙසේ වෙතත් ඔහුට ජනාධිපතිටම චක්‍රලේඛනයක් එවන්න කියන්න තරම් කොන්දක් තිබීම අගය කල යුතුයි.

    කැම්පස් එකේ උගත්තු උපාධි තියෙන අය හොද දැනුමක් තියෙන අය කියල වැඩට ගත්තම පුලුවන් තරම් බුල කෙලලා මනුස්සයන්ට වැඩ නොකර හිටියොත් මාස් පඩියත් අරගෙන (ඉන්නකල්ම කැම්පස් වල කාලේ කාලා පඩියත් අරන් වැඩ නොකරම) ඔනෙම කෙනෙකුට තරහ එන එක සාධාරණයි. ලියුම එවනකල් බලන් ඉන්න ඕනෙ නෑනෙ වැඩ කරන්න. ඒත් ඉතින් ඒකට පැහැදිලි ක්‍රමයක් හදන්න පුළුවන් නම් හොඳයි ජනාධිපති මූලික වෙලා.

    ReplyDelete
    Replies
    1. ඒ දේ මේ පාලනය යටතේ වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා...

      රාජ්‍ය නිළධාරින්ට මේ දෙන්නේ ශක්තියක්... දේශපාලකයින්ටවත් සෙකන්ඩ් නොවී වැඩ කරන්න...

      ඒක පාසල් වලට ළමුන් අතුලත් කිරීම හා අතරමැදින් ඇතුලත් කිරීම් ගැන නිකුත් කල නිවේදන තුලින්ම පේනවා...

      Delete
  7. වැඩ කෙරෙන්න ඕනෙ තමයි. චක්‍ර ලේඛ නොතකා කෙරුණත්, තකමින් කෙරුණත් ඒවාට වගකීමකුත් ඒ කාර්යය කල අයට තියෙන්න ඕනෙ. අද දැක්කා ගම්මන්පිල මහත්තයා හොයාගත්තු දෙයක් ගැන වාර්තාවක්. තෙල් පිරිපහදුවේ. කෝටි 37 ක් කා දාලා අවුරුදු දහයකට කලින්... හැබැයි වගකිවයුත්තෝ අල්ලයිද? https://www.economyhub.info/2020/09/25/udaya-gammanpila-2/

    ReplyDelete
    Replies
    1. පරණ මඟුල් හොය හොයා ඉන්න ගියොත් මේ වසර පහත් ඔහේ යයි....

      Delete
  8. ජනපති මුක්තිය තියෙන්නෙ ගැලවිජ්ජාවට නම් චක්‍රලේඛත් ගැලවිජ්ජාවටම තමයි!

    ReplyDelete
  9. මාත්ලන් මා දුටු ලංකාවේ බොහෝ උගතුන් ලංකාව අවතක්සේරුවට ලක් කිරීම මෝස්තරයක් කර ගෙන එය බටහිර රටවල් වලට ආවඩා ඒ තුලින් තමන්ට ලකුණු දමා ගන්න උත්සාහ කරන කුහක කට්ටිය. නමුත් ඔබේ කතාව තරමක් වෙනස් බවක් මට පේන්නේ මට එය අවංක අදහසක් කියා හිතෙනවා. ඔබේ අදහස් හා යෝජනා වලට එකඟයි.

    ReplyDelete
  10. ඔබතුමාට මෙන්ම මටද ලංකාවට උදව් කිරීම ඵපා කරවූයේ ඔය කියන කාලකන්නි නිලධාරීවාදය සහ දේශපාලන අපතයින් ය. වරක් සූර්ය බලශක්තිය පිලිබදව ඉතා සාර්ථක නව ව්‍යාපෘතියක් අප විශ්ව විද්‍යාලය විසින් ගෙන ආ අවස්ථාවේදී ද ඔවැනිම සිදුවීමක් නිසා අපි එය වියට්නාමය වෙත ගෙන ගියෙමු. අද ඔවුන් එහි වාසිය සහ අනර්ඝත්වය ලබමින් සිටින්නේ ඔවුන්ගේ රටට ආදරය කරන රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන් ඔවුන්ට සිටින බැවිනි. එබැවින් මේ පවතින කාලකණ්ණි යල් පැන ගිය රාජ්‍ය සේවය, දේශපාලනය සහ උන්ට හුරේ දමනා අමන ජනතාවක් සිටිනාතේක් සැබෑ උගතුන් ලංකාව හැරයාම සුලබය.

    එමෙන්ම මම හිතන්නෙ අවස්ථා කීපයක් ඇරෙන්න ශ්‍රී ලංකාව විවිධාකාර තාක්ෂණික ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම සහිත දේශීය උගතුන්ගෙන් වැඩක් ගත්තේම නැත. දැන් ඉන් බොහෝ දෙනෙක් තම දැනුම සහ කුසලතා විදෙස් රටවලට ලබා දෙති. ඉතිරි වූ කොටස සාපේක්ෂ වශයෙන් ඉතා අඩු දැනුමක් සහ අත්දැකීම් රහිත රජයේ ඉහළ සිට පහළට සිටින ගතානුගතික නිලධාරීන් ඇතුළු පිරිසකගේ පලිගැනීමට හෝ අත් හැර දැමීමට ලක්ව සිටිති.

    ඉතින් අපි කවදා හිනැහෙමුද...��

    මෙය වෙනස් කරගැනීමට වත්මන් රජයටවත් පුළුවන් වෙයි ද?

    ReplyDelete
    Replies
    1. ලේසී නෑ...

      මෙයා නොකලොත් කරන්න එකෙකුත් නෑ...

      Delete
  11. කරන්න ඕනා චක්‍රලේඛණ නැතුව වැඩ කරන්න කියන එක නෙමේ, චක්‍රලේඛණ එවන විධිහ වේගවත් කරණ එක. කටේ වචනෙට කරන වැඩ රටකට තියා බුලත්විට ලෑල්ලකටවත් හරි යන්නෙ නෑ. විශේෂයෙන් ලංකාවෙ. මේ කියපු දේ මේ නෑ කියන මිනිස්සු ඉන්න රටක.. අනිත් එක කටින් එන නියෝගය පල්ලෙහාට එනකොට තව තව ආරුලු බූරුලු එකතු වෙන්නත්, අත්‍යවශ්‍ය‍ය කෑලි හැලෙන්නත් බැරි නෑ..

    තාක්ෂණය මෙච්චර දියුණු කාලෙ විනාඩි පහෙන් චක්‍රලේඛණයක් යවා ගන්න බැරි කමක් නෑනෙ.

    මටනම් තේරෙන්නෙ මේක ජනාධිපති කෙනෙක් නොකිවයුතු කතාවක්..

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ මේක වත්මන් ජනාධිපති තම සහෝදරයාගේ අඩිපාරේ යමින් ජනප්‍රිය වෙන්න කියපු කතාවක් වෙන්න ඇති කියලා. මමත් හිතන්නේ වැඩ ඉක්මනට සහ කාර්යක්ෂම අයුරින් කරන්න පුළුවන් ක්‍රමවේදයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව. හැබැයි ඉතින් එහෙම එකක් හැදුවත් ගොඩක් මිනිස්සු ඒ ගැන දැනුවත් වෙන්නේ නැහැ. මේ වගේ ගැලරියට කතා කරල වැඩෙත් කරල දැම්මම ලකුණු ප්‍රමාණය අතිශය ඉහළින් ලබා ගැනීමට හැකිවනු ඇත.

      Delete
    2. මේකයි සෑන්නා සහෝදරයා දැන් බැංකුව කඩලා විගණනය කලා හොරු ඇල්ලුවද? සල්ලි අපහු ලැබුනද? මහින්දගේ ආණ්ඩුව හොරකම් කලා විගණනය කලා හොරු ඇල්ලුවද සල්ලි ලැබුනද? ඔයාලා සහ ජවිපෙ වගේ පක්ෂ මාද්‍ය ඉසරහ චන්ද බාගන්න බොරුවට හොරකම් පෙන්න පෙන්න කයිවාරු ගහ ගහ හිටිය කෝ ඒවලින් විච්ච දෙවල්? මොකද්ද උනේ? සිරිසේන මහින්දව ගෙදර යැව්වා ඇයි? රාජපක්ෂලා සිරිසේනවයි රනිලවයි ගෙදර එලෙව්වා.. දැන් කෝ ඉතින් ඔය විගණන ලබ්බෙන් ලැබුණු සල්ලී?

      රටේ ආර්ථිකය හදන්න පුළුවන් අවංක කම හා දේශ ප්‍රේමි ස්ථාවර දේශපාලන තත්වයකින් විතරයි. ඔයාලා ජවිපෙ ඇතුලු පිරිස මහ ලොකුවට සද්දේ දාලා ඔය ඔක්කොම කරලා වෙච්ච කිසිම දෙයක් නැ. කරන එකාට කරන්න දෙන්නත් නැ. ඔයාලට ජවිපෙට ඕනනම් පුළුවන් හොරකම් හොයල කරා කියල මාධ්‍ය සෙට් එක ඉස්සරහට ඇවිත් රටට පෙන්නන්න. ඒ එකම එකටයි හැකියාව තියන්නේ. කොහොමත් ආණ්ඩුවේ හරි විපක්ෂේ හරි ඉන්න සියළුම දෙනාට ඉතා කරුණාවෙන් මතක් කර සිටිනවා ඔබ අවංක වෙන්න නැත්නම් ඉහලින් කොයි වෙලෙද දෙන්නේ බලන් ඉන්නවා. අනික දැන් ජනතාව එක්ක කොහොමත් ඉස්සර වගේ සෙල්ලම් බෑ. අනික දැන් රාජපක්ෂ කල්ලියේ කට්ටිය හොරකම් කලා ඇතිනේ ඕනෑතරම් සල්ලී පොත්වල තියනවනේ. මිනිස්සු කියන්නේ "දැන් වැඩ කරන්න බැරිනම් යන්න, ඔන්න අපි කියුවා පස්සේ මුකුත් කියන්න එපා" වගේ නේද පේන්නෙ?

      Delete
    3. මම නම් කියන්නේ සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි...

      රටේ සෑම දේකටම පොදු නීතියක් තියෙනවා...

      ඒ නීතියට අදාලව රාජ්‍ය සේවකායා ජනතාවට උපරීමයෙන් සෙවය කළ යුතුයි..

      මන්ද ඔවුන් නඩත්තු කරන්නේ ජනතාව...

      Delete
    4. අන්න මාතලන් උඹට තේරුණා.
      "රටේ සෑම දේකටම පොදු නීතියක් තියෙනවා...
      ඒ නීතියට අදාලව රාජ්‍ය සේවකායා ජනතාවට උපරීමයෙන් සෙවය කළ යුතුයි.."

      ස' ඒ නීතිය වෙනස් කරන එකත් ( ස' ගේ වචනේ තමා චක්‍ර ලේඛනේ කියන එක) පොදු නීතියට කරන්න ඕනේ. නැතුව ස'ට හිතෙන හිතෙන එව්වා කරන්න බෑ. පහු කාලේ ස' මට මතක නෑ ඕක කිව්වා කියල කිව්වොත් මක්කයි කරන්නේ.

      උඹ කියනව වගේ රටේ සෑම දේකටම පොදු නීතියක් තියෙනවා..අන්න ඒ පොදු නීතියට කරපං ඒක වැරදියි නං නිවැරදි කරන එකත් පොදු නීතියට අදාලව කරපං. තැන තැන කියවල වැඩක් නෑ.

      Delete
  12. මාතලන් ලංකාවේ තවත් එක් ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් අපෙන් සමු අරන්. ගොන් ආතල් වලට එහාගිය රංගන ශිල්පීන් අතරින් විකට රංගන ක්ෂේත්‍රයේ අතිවිශිශ්ඨයෙක් වන ගරු ටෙනිසන් කුරේ මැතිතුමාට නිවන් සුව ලැබේවා !!!

    මෙලෝ රහක් නැති පජාත ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිසි අන්ගන්තුක කලාකරුවන් පිට පිට සම්මානයට පත්‍ර වෙද්දී,

    දශක ගණනක්‌ අති දක්ෂ ලෙස විශිෂ්ට ආකාරයට රංගනයේ යෙදෙමින්, හාස්‍යඋත්පාදක ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වූ ටෙනිසන් කුරේ මහතා ලබාගත්තේ එකම එක සම්මානයක් විතරයි. !??? ������

    "මට ගොඩක් චිත්‍රපටිවලින්, අධ්‍යක්ෂකවරුන්ගෙන් සල්ලි එන්න තියෙනවා. මට ඒ සල්ලි තිබ්බා නම් කොච්චර වැඩක් කරගන්න තිබ්බද.. මට පොල්ල තිබ්බ අයව මට ගොඩක් මතක් වෙනවා" ����

    *ටෙනියා එහෙත් සැපේ ඇති ❤️ ඒ ගැන පෝස්ට් එකක් දාන්න අදහසක් නැද්ද බන් මාතේ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න