.

.

Sep 28, 2020

ටෙනී, සෞම්‍ය, ෆැලන් ඇන්ඩ්‍රියා සමඟ ලාංකීය පීචං සමාජය..

 


ටෙනිසන් කුරේගේ මියයාම අප සමාජයේ නිරුවත හෙලිකරනා තවත් මහඟු මොහොතකි. ඒ ලාංකිය ජනතාව කිසිසේත් අවංක නොවන කුහක ආත්ම වංචාකාරි ස්වභාවයයි. ඒ පෙන්වන්නේ අපේ ගෝත්‍රික බවයි. කරුමය කියන්නේ සියල්ලෝම මාර සිවිලයිස් පොරවල් හා ලිබරල් පොරවල් ලෙස තමන් විසින්ම හඳුන්වාගන්න පිරිස වීමයි.

සරත් අමුණුගම “කනත්තේ විප්ලවය” ලියා වසර 33 ක් ගතවී ඇතත්, අපි සඟිස්කෘරුතිමය වශයෙන් අප අද ඉන්නේද, එදා උන් ස්ථානයේ හෝ ඊට පහළින් මිස ඉදිරියෙන් නම් නොවේ.. සියල්ල මැදිහත් සිතින් විමසීමට වඩා පිල් බෙදී එකිනෙකා හා ගේම ඉල්ලීමේ ගෝත්‍රික ලක්ශණය පහවනා තෙක්, රටක් වශයෙන් නැගී සිටීමද සිහිණවලට පමණක්ම සීමාවිය හැකිය.

සර්ව සම්පූර්ණ මිනිසුන් බිහිවන්නේ නැතත්, සියල්ල මැදිගත් සිතින් විඳිනා ලෙස හෙවත් මධ්‍යම ප්‍රතිපදාව තම දර්ශණය ලෙස ප්‍රකාෂ කල මුනිවරයකුගේ දහමක් අදහනා බහුතරය සිටින්නේ දරුණු අන්ත්වාදී තලේබාන් මානසිකත්වයකය. ඔවුන් භෞතික ශරීරය මරා දමනා මිනීමරුවන් නොවුනත්, මිනිසුන් මරා දැමීමට තරම් කුරිරු මිනීමරුවෝමය.

{(කෙනෙක් මාතලන්ද එසේ යැයි කියා තර්කයක් ගෙන ආ හැකි අතර, මාතලන් නම් කියන්නේ මිනීමරුවන්ට අනුකම්පා නොකල යුතු බවය. මිනීමරුවන් හා සහජීවනයේ හැමිනීමට ගොස් කාපු බඩ ඉරිඟු පරිප්පු අප ජීවිතයේ අනන්තවත් දැක ඇත. මිනීමරුවන් සමාජය තුල ජීවත්වීම අති භයානකය)}

සමාජ විජ්ජාඥ්ඥයින් සංස්කෘතිය ලෙස හඳුවන්නේ ජීවන රටාවයි. මේ ජීවන රටාව හෙවත් මිනිසුන් හැඩගැසී ඇති ආකාරය අනුව “හැපිනස් ඉන්ඩෙක්ස්” හෙවත් “සතුටු දර්ශකය” අනුව ලොව රටවල් වර්ගීකරණය කිරීමක්ද වේ. එහෙත් ලංකාව වගේ රටක මිනිසුන් ආර්ථික වශයෙන් ඉහළම තැනකට පැමිනියත්, සිටින්නේ සිතේ සතුටින්ද?

කිසිසේත් නැත. සිත් සැහැල්ලු නැත. සිත සැහැල්ලු කර ගැනීමට යෝගා ක්ලාස් ගියත්, ක්ලාස් එක නම් වෙනස් වන්නේ නැතිය. කීමට කියන්නේත් එහා ගෙදර එකා හොඳින් ඉන්නවා නම් මෙහා ගෙදර එකාගේ ඇඟේ මාළු නටනවා කියලාය. එය පරම සත්‍යයි.

ලාංකීය සමාජය පිළිඹිබු කරනා අපූරු කැඩපතක් ලෙස මා දකින්නේ ෆේස්බුක් හෙවත් බුකියයි. අද දවසේ ලාංකිය සමාජයේ කෲරත්වය මනා ලෙස පෙන්වන අපූරූ ස්ථානය බුකියයි. එහි විවිධ කල්ලි වෙති.

ඒ අනුව ටෙනිසන් විරෝධි කඳවුරක් බිහි වී ඇති අතර, තමන්ගේ ග්‍රෝත්‍රික නිරුවත ප්‍රබුද්ධ සළුපිලිවලින් වසා ගැනීමේ අපූරූ උත්සාහයන් මේ මොහොතේ එහි සැරිසරනා සියල්ලන්ටම දැක ගත හැකිය.

මේ කියන්නේ කුමක්ද? අපෝ අපිනම් ප්‍රබුද්ධ. අපි ඔය පීචං ජෝක් බලන්නේ නෑ. ඕවත් ජොක්ද? ඕවට හිනා යනවද? කුණුහබ්බ….

එහෙත් W ජයසිරිලා අමු කුණුහබ්බ කීවාම ඒක මාර ක්ලැසික් ය…. ජයසිරිලා මහෙන්ද්‍රලා අමු නිර්වස්තරයෙන් රඟපෑවාම ඒව මාරය… ප්‍රබුද්ධය… සමාජයේ පැතිකඩ විවර කරනා අපූරූ ප්‍රහසන රංඟනයන්ය.. ඒ ජෝක්ස් නොවේ… ප්‍රහසනයයි..

බන්ධු සමරසිංහ ජොකා පිටින් පාර පුරා දිවීම… මාන්දමිකය.. චාටර්ය… පීචංය… අමු ගොන් ජෝක්ස්ය. හැබයි පොඩි උන් උඩ පැන පැන හිනා වෙන්නේ බන්ධු දුවනා කොටය… හේතුව උන් තාම ප්‍රබුද්ධ සහතික පත්‍ර විභාගය සමත් වී නොතිබීමය.. ඒ සහතිකේ ගත්තාම කිචි කැව්වත් හිනා වෙන්නේ නැතිය.

කරුමේ කියන්නේ අපිට නම් මේ සියල්ල එක සේ රසවිඳීමට හැකි වීමය….

මේ කියන්නේ ඇත්තද? ආත්ම වංචාව කියන්නේ මෙය නොවේද? මොවුන් ටෙනී බැලුවේ නැත්නම් ටෙනී දන්නේ කෙසේද?

ඒ නිසා ඔවුන් ප්‍රබුද්ධ නමින් සමාජයේ පෙනී සිටී. ඔවුන් දෙවනි වන්නේ බුද්ධට පමණි. සම හරක් බුද්ධත් විවේචනය කරමින් යන්නට ගොස වැලිකඩත් ගියේය. මේ ප්‍රබුද්ධයින්ගේ රෙදි ගැලවූයේ තවත් ප්‍රබුද්ධ කලාකරුවකුම වූ මගහමසේකරය. එනයින් ඔහු සුප්‍රබුද්ධ නම් වන්නේමය.

සාමාන්‍යයෙන් මට අපුල දෑ මම බලන්නේ නැත. ඒ ගැන මගේ විවේච්නයක්ද නැත. සමන් එදිරිමුනි මගේ බුකි හිතවතෙකි. එහෙත් දැන් ඉන්නේ වෙනත් එදිරිමුනි කෙනෙකි. එහි අවුලක් මට ඇත්තේ නැත. ඒ නිසා ඔහුනේ නාට්‍ය ගැන දන්නේ බුකි පෝස්ටුවකින් පමණි. එහෙත් නාට්ටිය රසවිඳ ඉන් සෑහීමකට පත් නොවනා ඩයි හාඩ් රසික රසිකාවියෝ, එදිරිමුනිද මරාගෙන කා රසවිඳින්නෝය. ඌ කරන්නේ උගේ පෝස්ටුවක තිතක් තැබීම පමණකි. ප්‍රබුද්ධ රසික කැල නිර්වස්තරයෙන් දෙවන ඉනිම රඟති.

නාමල් උඩුගමට ගල් ගහන උන් නාමල්ගේ සින්දු අහනවාය. නාමල්ට ගහන්නේ උන්ගේ කෙල්ලෝ හෝ ගෑණූ නාමල්ට ආදරක කරනා නිසාය. ඉරාජ් මරාගෙන කති. එහෙත් වීඩියෝව මිලියන ගනනක් නරඹා ඇත.

ආන්ත්‍රාවයි….!!! කලාව රස නොවිඳ මිනිසුන් රස විඳින්නට යාමේ රෝගයට මෙතෙක් කිසිම ඖෂධයක් සොයාගෙන නොමැත.

මෑතක සිඳු වූ දෙරණ ඩ්‍රීම් ස්ටාර් ෆැලන් ඇන්ඩ්‍රියා හා නුවන්ධිකා වෙනුවෙන් කල මරාගැනීමද එසේමය.

ඔවුන් දෙදෙනා ශානරයක් දෙකක් බවත්. තරඟයක් හේතුවෙන් පමණක් නුවන්ධිකා දෙවනි වූ බවත්, ඔවුන් දෙදෙනාම දැන් සිටිනා ගායිකාවන් සියල්ලටම වඩා ටැලන්ටඩ් බවත් පිලිගෑනීමට අකමැති ඇයි?

ආදරය එකෙකුට පමණක්ම සීමා විය යුතුද? දෙදෙනෙකුට පෙම්කල නොහැක්කේ ඇයි? මාතලන්ට නම් අවසන් 10 දෙනාම ඩ්‍රීම් ස්ටාර්ලාය.

මෙවන් ටැලන්ටඩ් සෙට් එකක් සෙට් උනේ සිරිසෙන් සුරේන්ද්‍රාලා බිහි කල තරඟ වටයෙන් පසුය. සුරේන්ද්‍ර මොකෙක්ද….? ඌ කියන්නේ ජෝතීගේ සින්දු නේ. (ඇයි යකෝ ඒවම අහන්නේ… ඌගේ ඔරිජිනලුත් අහපන්කෝ… පෙට්ටියෙන් එලියට වරෙන්කෝ..)

සරත් අමුණුගම ගෙන ආ පීචං ප්‍රබුද්ධ කනත්තේ විප්ලවයට එහා යමින් මේ වන විට අප සමාජය අපූරූ වූ බෙදීමකට ලක් වී තිබෙනවාය. කරුමය කියන්නේ මෙය දේශපාලනික බෙදීමක් වීමය. ඒ බයියන් හා ටොයියන් ලෙසය.

මෙය සමාජ විද්‍යාත්මක හැදෑරීමක් කර, විස්ස විජ්ජාල නිබන්ධායක් කිරීමට තරම් වටිනා මාතෘකාවක් වුවද අද වන තෙක් එය සිඳු වී නැත.

මාතලන්ට අනුව නම් මේ රටේ ටොයියෝ නැත. සියල්ලොම බයියෝය. බටහිර චින්තනය ඇති උන් සිටින්නේ ඉතා සුළු පිරිසකි. ඒ ජාති ආගම් කුළ බේද කිසිවක් නොසලකන ප්‍රභූ පන්තියයි. කුමන තරාතිරම උගතෙක් පෝසතෙක් බුද්ධිමතෙක් තියා ලයන් ක්ලබ් මෙම්බර් වුවද, ඒ පන්තියේ සාමාජිකත්වය කිසි දිනෙක හිමි වන්නේ නම් නැතිය. එය වාසනාවකි.

එතනට යෑමට ගොස් පුක බිම ඇනගත් පිරිස බොහෝය. ලුවී විටෝන් බෙල්ට් එක දැම්මාට යටට අමුඩය ඇඳගෙන ඉන්නා බව උන් දන්නවාය.

මේ වෙන්න ටොයියන් ඉතා අසරණ වූ අවස්ථාවක් ඊයේ පෙරේදා සිඳුවීය. ඒ මහාචාර්ය සෞම්‍ය ලියනගේ සින්ඩ්‍රමයයි.

එම පත්වීම් නීත්‍යානූකූල නොවන නමුත්, ඒවා නොසලකා ඔහු නැවතත් සේවයේ පිහිටවිය යුතු බව සිවිලයිස්, උගත්, “බුද්ධිමත්”, නීතීගරුක, ඩුවල් සිටිසන් ෂිප් පිරිස් වලින් සමන්විත කොමිසම් මගින් රට පාලනය විය යුතු යයි සිතනා කලිසම් අඳිනා වැදගත් මහත්වරුන්ගේ මතයයි.

අම්මපා උන්නැහේලා මේවා කියන්නේ කලිසම් ඇඳගෙනද කියා අපට නම් සිතෙනවාය. මෙවන් අසාධාරණ ඉල්ලීමක් කිරීම ඔවුන්ට කොයිතරම් ගැලපේද?

එහෙත් අප නම් කියන්නේ, සුපිරි ටෙලි නාට්‍ය කරුවන් පිරිසක් පිටුපස සිටිනා සෞම‍ය ලියනගේ වැන්නෙක් නැවත එම තනතුරේ පිහිටවිය යුතුම බවයි. මේවායෙන් සිඳුවන්නේ ඇදගෙන නාමින් සිටිනා ආන්ඩුව හත් පොලේ ගාගැනීම පමණි. මොකා කලත් හොඳ නම යන්නේ ජනාධිපතිතුමාගේය.

ටෙනීලාගේ බන්ධුලාගේ ජෝක්ස් ඒකාකාරි බවක් පෙන්වයි. එහෙත් සුපිරි නලු නිලියන්ගේ ලව් ඉස්ටෝරිවල මොවුන් ගන්නේ ඇයි. සෝ එක දුවන්නේ උන් නිසාය.

උන් වෙනුවට අලුතෙන් ආපු උන්ට ඒ දේ කරන්නට බැරි වූ නිසා සිනමාව කඩාගෙන වැටින. අද ප්‍රබුද්ධ පොරවල් හදනා අට අනූ කෝටියක් ප්‍රශ්ණ වලින් කිසි අඩුවක් නැති සෝ වේලෙනවා කියා හදාපු උන්ම අඩති.

එහෙත් ඇත්ත කතාව නම් උන්ට ජනතාවට දැනෙනා නිර්මාණයක් කර ගැනීමට බරි වීම මිස වෙන කිසිවක් නොවේ. මේ රටේ ජනතාවට තිබෙනා ප්‍රශ්ණ ඕනාවටත් වැඩි නිසා සල්ලිත් දීලා අනුන්ගේ ප්‍රශ්ණ ඔළුවේ දාගැනීමට පිචැර් පිස්සෙකුට අමාරුවක් තිබුනද සාමාන්‍ය ජනතාවට අමාරුවක් අත්තේ නැතිය.

ප්‍රබුද්ධ සිනමාවද හවුස් ෆුල් වූ යුගයක් මේ රටේ විය. ඒ එදා එඩී, ෆ්‍රෙඩ්‍, දොන්, බී ඇස්, ඩී ආර්, ටෙනී බන්ධුලා හදපු පිචැර් පිස්සෝ නිසාය. ඒ නිසා ධර්මසිරි බන්ඩාරනායකගේ තුවෙනි යාමය සුද්දිලාගේ කතාව වාගේ නිර්මාණයනද බොක්ස් ඔෆීස් වාර්ථා තිබ්බේය.

අදත් ගිරිරාජ්ලා උදයකාන්තලා හදපු සෝ එකක් දැම්මාම ඔය අපලේ ගෙවී අහවර වෙනවාය. ඒ ලංකාවෙ මිනිස්සු ඇබ්ස්ට්‍රැක්ට් ෆිල්ම් නොදන්නා නිසාය.

අප නම් ඔය සියල්ල එක ලෙස විඳිනවාය. ඒ සමහර විට අර ඉහළ පන්තියේ උන් හා කාළයක් කළ ආස්සරේ නිසා වෙන්න ඇහැකිය.

ප්‍රහසනය විඳිනා අය පට්ට ජෝක් එකක් විම නම් හිතට අමාරුය…

හැබයි ඉති ඒකත් ජෝක් එකක් නිසා… ඒවාත් බලා ආතල් එකේම සැහැල්ලුවෙන් ඉන්නවාය…

මේ සියල්ලෝම ටෙනී දන්නේ චිත්‍රපටවල රඟපෑ කුණු ජෝකරයෙක් කියාය.

එහෙත් ටෙනී කියන්නේ දක්ෂ වේදීකා නලුවෙකි. අප තරුණ කාළයේ කොළඹ රංඟ ශාලා පිරෙව්වේ ධර්මසිරි බන්ඩාරනායක, ජයන්ත චන්ද්‍රසිරිලා පමණක් නොවේ… ටෙනී හා සාජන්ට් නල්ලතම්බිලාද ඒ අතරේ විය…

ඔහු සුපිරි තිර රචකයෙකි, අධ්‍යක්ෂකවරයෙකි… මේ විවේචන ගෙන එන කිසිවකු ටෙනීගේ නාට්‍ය නරඹා නති බව ඉර හඳ මෙන් විශ්වාශය…

ටෙනීලා ආන්ඩුවෙන් සහනාධාර ඉල්ලි හිඟන්නෝ නොවේ…

විකට නළුවන්ට ලෙබෙනා සැලකිලි කවදත් මේසේය…

ඒ සමස්ත රාජ්‍යම අන්දරේලාම නිසා වෙන්නටත් ඇතිය.

29 comments:

  1. මාතලන්,

    මෙන්න මේ නිව්ස් එක බැලුවද? අපි සාමාන්යෙන් කියන්නේ දේශපාලකයො හොරු කියලානේ. ඒ හා සමනව හෝ ඊටත් වඩා වැඩියෙන් හොරකම් කරන රාජ්‍ය නිලධාරීන් ගොඩක් ඉන්නවා

    මේක කෙරෙනව නමි හොද වැඩක්. මම රේගුවේ අවු 10 ක් සේවය කලා ගිණුමි අංශයට සමිබන්ධව. ඔවුන්ගේ වත්කමි තියෙන්නෙ වෙනත් අයගේ නමිවලින්. ඔවුන් ලංකාවේ ඉන්න සුපිරි කෝටිපතියන්

    ටික දෙනෙක් ඉන්නවා, නීතිගරුකව ත්‍යාග මුදල් අරගෙන කෝටිපතියන් වුන අයත්. මේ අතර ඉතාමත් නිවරදිව රාජකාරී කරන අතලොස්සක් සිටින බවද මතකා කල යූතුයි.

    හැබැයි ඉතින් හොරෙක් තව හොරෙකුට දඩුවමි කරයිද ???

    ///හිටිහැටියේ ධනවත් වූ රාජ්‍ය නිලධාරීන්

    අයථා අන්දමින් වත්කම් උපයා හිටි හැටියේ කෝටි ප්‍රකෝටිපතියන් වූ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රහස් විමර්ශනයක් අරඹා ඇත.

    මේ අනුව රහස් පොලිසිය දූෂිත රේගු නිලධාරීන් පිරිසකගේ කෝටි ගණනක දේපොළ උපයාගත් ආකාරය හා ඔවුන්ගේ බැංකු ගිණුම් විස්තර ලබාගැනීම සඳහා අධිකරණයට බී වාර්තා ඉදිරිපත් කර ඇත.

    මේ අනුව වැටුපට සමාන්තරව හිතාගත නොහැකි නිවාස, දේපොළ හිමිකරගෙන මහජන මුදල් ගසා කා සැපවත් ජීවිත ගත කරන දූෂිත නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඉහළ නිලධාරියකු සඳහන් කළේය.

    දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන විමර්ශන සිදුකරමින් ඇත.

    මහජන මුදල් හා දේපොළ ගසා කමින් රාජ්‍ය ආයනතවල සිදුවන දූෂණ අක්‍රමිකතා, මෙන්ම අකාර්යක්ෂම වැඩකටයුතු ගැන සොයා බැලීමට රාජ්‍ය ඔත්තු සේවාව, යුද හමුදා බුද්ධි අංශය ඇතුළු ඔත්තු සේවාවන් විශේෂ බුද්ධි මෙහෙයුමක් අරඹා ඇත.

    කාලයක් තිස්සේ රාජ්‍ය ආයතනවලට අරක්ගත් දූෂිත නිලධාරීන් සිදුකරන වංචාවන් සොයා බලා මහජන මුදල් නාස්තිය අවම කිරීම සඳහා කාර්යක්ෂම සේවාවක් ඇති කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය.

    මෙහිදී දූෂිත නිලධාරීන් ගැන වෙනමම තෝම්බුවක් සැකසීමටත්, රාජකාරිය පැහැරහරින නිලධාරීන් සම්බන්ධව සොයා බැලීමටත් නියමිතය.

    රජයේ මුදල් පිටතට ඇදී යන සේ ක්‍රියාත්මක වූ මහා පරිමාණ මාෆියාවක් ගැනද බුද්ධි අංශ යොදා සෙවීමට පටන් ගෙන ඇත.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ වූ රියැදුරු බලපත්‍ර මුද්‍රණය පිටස්තර සමාගම්වලට දී ඉහළ නිලධාරීන් හා හිටපු දේශපාලනඥයන් කලක් තිස්සේ රුපියල් කෝටි ගණනින් කළ ගසා කෑම් පිළිබඳව වාර්තාවක්ද මෙම බුද්ධි මෙහෙයුම්වලට අදාළව ලබාදීමෙන් පසුව එම රියැදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාව ලවා කිරීමට තීරණය කර ඇත. එමගින් පිටතට ගිය මහජන මුදල් කෝටි ගණනක් ඉතිරි කර ගැනීම අපේක්ෂාව වී ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෙහෙත් මාෆියාවට සම්බන්ධ වූවන් ගැනද මේ වන විට සොයා බලන්නට පටන් ගෙන ඇත. රේගුව, වරාය, බන්ධනාගාර, තෙල් සංස්ථාව ඇතුළු දූෂිත තැන් සම්බන්ධවද මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇත.

    තිස්ස රවීන්ද්‍ර පෙරේරා///

    ReplyDelete
  2. ජෝකර් සහ කොමඩියන් පටලවා ගන්න එපා

    සළුපාලිය නූතකරණය කරමින් වේදිකාවට රැගෙන ආවේ ටෙනිසන් කුරේය යන්න මගේ පුද්ගලික කියවීමය.මේ මොහොතේ එය දීර්ඝ ලෙස කතා නොකරමි. රංගනයට වඩා පැරණි ශාන්තිකර්වලදී ගුරුණාන්සේ හා සන්නිය අතර සිදුවන කතාබහේ දී දෙපැත්ත කැපෙන වචනවලින් බෝහෝ දේ කීමට ඔවුන් පෙළඹේ. ගෝඨයිබර කෝලම පැලවන්නේ ද මෙකී පසුබිමේය. එය කෝලම් සම්ප්‍රදා අමු අමුවේ ඉමිටේට් කරද්දී ටෙනිසන් එය චරිත කිහිපයක් ඔස්සේ දිගහැරීමට උත්සාහ කළේ එකී ශෛලිගත ඇඳුම් ආයිත්තම්වලින් තොරවය. එය කවරෙකු විසින් හෝ මෙතෙක් කියවා නැත. ඇතැම් විට ටෙනිසන් වැන්නකු එසේ කියවා ගැනීමට යාම පවා අශාස්ත්‍රීය කාර්‍යයක් ලෙස බොහෝදෙනකු සිතන්නට ඇත. ඊටත් වඩා එවැනි කියවීමක් ඔවුනට කිසිදා නොසිතෙන්නට ද ඇත.
    මා සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ සිටියදී ඇස්.ද.ඇස් ජයසිංහ රගහලේ රැලිය නරඹා එය නැවත පෙන් වීමේ අපේක්ෂාවෙන් ඔහු සොයාගිය අයුරු තවමත් මතකයේ රැඳී තිබේ. බොහෝදෙනා නොදන්නා මා පෙර කියූ දේ සත්‍ය බව එම හමුවේදී ඔහු සනාථ කළේය.
    "ඔයා හරියට ශාන්තිකර්මවල එන විදියට නෙ දෙබස් හසුරුවන්නේ"...
    "කොහොමද මල්ලි ඔයාට එහෙම හිතුනෙ. මෙච්චර කාලෙකට කිසිම කෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නෙ අහලා නෑ. මං මල්ලි තොවිල් බලන්න පුදුම ආශාවක් තියෙන්නේ. මොරටුව පානදුර පිළියන්දල කියන්නේ ගම්මඩු, දහඅටසන්නි අඩු නැතුව තිබුණු ප්‍රදේශ. දැන් බේතකට හොයාගන්න නෑ. බේත්වලට තමයි ඒවා නැටුවේ. මං නාට්‍ය කරන්න යද්දී මට ඕන වුණා අපේ නාට්‍ය විදියක් ගොඩනගන්න. මට ඒකට සරච්චන්ද්‍ර උන්නැහෙගෙ ක්‍රමේ ඇල්ලුවේ නෑ. සුගත් අයියගෙ වහෙංඔරෝ ශෛලිය ඇල්ලුවෙත් නැහැ. මට ඕන වුණේ අපි නිදි මරාගෙන තොවිල් බලන ත්‍රිල් එක මිනිස්සුන්ට දෙන්න. නාට්‍ය කියල හරස්පද ප්‍රෙහෙලිකා පුරවන්න දෙන්න මට ඕන වුණේ නෑ. සමහර නාට්‍ය බැලුවම ඔලුව කුරුවල් කරන් ගෙදර එන්නේ. අනුන්ගෙ ප්‍රශ්න කල්පනා කර කර ඉන්න අපිට තියෙන ප්‍රශ්න මදිද මල්ලී. මොන ප්‍රශ්නෙ තිබුණත් හිනාවෙලා මොහොතක් හරි සොමියෙ ආසික් එකේ ඉන්න පුලුවන් නාට්ටියක් හදන්න ඕන කියල තමයි මං වැඩේට බැස්සේ." අපි මොරටු විද්‍යාලයීය රංග ශාලාවේ රැලිය පෙන්නුවෙමු. එහි පිටපත සිසිල් ගුණසේකරගේය. නමුත් ටෙනී පිටපතට වහල් වූවකු නොවීය.
    රැලියේදී මට ඔහු පෙනුනෙ, විජේවීර වේසෙන් ආ ඔඩ්ඩිමස්සිනා කෙනකු ලෙසය. රැවුල කොණ්ඩය වවන්න පවා බිය වූ කාලයක. ඔහු ඒ දෙකම කළේය. පොරෝ කෙටියක් කර පින්නාගෙන වේදිකාවට ගොඩ වූ ඔහු වේදිකාව හතර අටේ කොටමින් මට වේදිකාවේ බ්‍රෙෂ්ට් වගේ සීමා වෙන්න ඕන නෑ. මේ හැම පොසිසන් එකකම ප්‍රේක්ෂකයාට ෆොකස් වෙන්න මං දන්නවා. මේක බ්‍රෙෂ්ට්ගේ ක්‍රමේ නෙමෙයි. මේ ටෙනිසන්ගේ ක්‍රමය. ඇයි ඒක ගැන කතා නොකරන්නේ යැයි මොර දුන්නේය. එහෙත් ඔහු ගොඩනගාගත් අන්න්‍යතාවය විධිමත් සිද්දාන්තයක්, ක්‍රමයක් බවට පරිවර්තනය කිරීමට ඔහු අසමත් විය. එසේ කිරීමට අවශ්‍යතාවයක්ද ඔහු තුළ නොතිබුණි. කහඹිලියා ගෑවුණා මෙන් කරන රංගනය හා දෙපැත්ත කැපෙන වචනවල මොලෝ හරයක් නොවුනා පමණක් නොව සිනා ගියේද නැත. මෙනිසා ඔහු කළ කී දේවල් එතරම්ම සාර්ථක නොවුන අතර ඔහු විසින් ම හදාගත් ප්‍රේක්ෂකාගාර ඔහු අතැර ගියේය. ඊට තවත් හේතුවක් වූයේ මේ ක්‍රමයේ නාට්‍ය රැල්ලක් බිහිවීමය. මින් සාර්ථක වූයේ සුගත් සමරකෝන් හා ජයසේකර අපෝන්සු පමණි. පසුව ජයසේකර අපෝන්සු ද විවිධ නම් යොදා එකම වට්ටෝරුවක් දිගටම පෙන් වීමට ගොස් අසාර්ථක විය.
    මෙලෝ වගක් නැතුව බොරුවට එදෙස බලා හිනා වුණු වුන් දැක මටද ඇති වුයේ ජුගුප්සා ජනක හැඟීමකි. සමහරවිට කාලෙකට කලින් එතන මාද හිටි බව සත්‍යයකි. කෙසේ නමුත් ටෙනිසන් සහ චැප්ලින් සන්සන්දනයට යාම මුග්ධ කමකි. චැප්ලීන් කොමඩියන් වෙද්දි ටෙනී රගදැක් වුයේ ජෝකර් ගේ භූමිකාව ය. එහිදී ඔහු මුල්පෙළ ගනී. ඔහු ජෝකර් වී අපිවත් ජෝර්ක් කර මේ මුග්ධ පැවැත්මට ඔහු සිනා සුනේය.

    ඒ කොහොම වුණත් ඔහු නිසා මා බඩ පැලෙන්න හිනා වුණා වගේම කිසියම් ඥානනයක්ද ලබා ගත්තෙමි. ඒ හැම දේකටම ගොඩක් ස්තූතියි! ටෙනි අයියේ.
    හිනාව ඕන වෙන්නේ පීඩනයෙන් මිරිකුණ මිනිස්සුන්ට මිසක් හැමදාම හිනාවෙලා ඉන්න අයට නෙමෙයි.
    මං ඔයාට නිවන්සුව ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මොකද ජීවත්ව සිටියදී ලබන්න ඕන දෙයක් මැරුණම නොලැබෙන නිසා. ඉතිං එහෙම කරන ප්‍රාර්ථනාවේ තේරුමක් නැහැ. ඔයාට සුබ ගමන්... අපිව හිනැස්සුවට බොහෝම පිං...

    - රසික රන්කොත්ගේ

    ReplyDelete
  3. බුද්දාගම්කාරයෙක් වුනු විජය නන්දසිරිට තරම් පිලිගැනීමක් ටෙනිසන්ට ලැබෙන්නේ නැතිබව ඇත්ත.

    ඒත් අපේ මීගමුවෙන් බිහිවුනු ශ්‍රේෂ්ඨ කලා කරුවෙක් වුනු එතුමාට කතෝලික අපි ගරුකරනවා.

    -මාකස් ප්‍රියන්ත පෙරේරා

    ReplyDelete
  4. ටෙනී සහ දාර්ශනික ටෝක්ස්...

    ටෙනී ගියේය. ඔහු ගැන මුහුණු පොතේ ද
    සටහන් එක්වෙයි.දුක් වෙයි. අපරාදේ
    කියයි. තව සමහරු ඔවුන්ගේ දාර්ශනික
    මත ඉදිරිපත් කරයි. ටෙනී අවසාන ප්‍රහසන නලුවා නොවෙති. මිය ගිය ප්‍රතම
    නලුවාද නොවේ. මිය ගිය පසු ගුණ
    වැයුම් සාමාන්‍ය දෙයකි. බොබ් මාලේගේ
    ගීතය කෙසේ වෙතත් ගංජා සුරුට්ටුව
    හදුනන පිරිසක් අපේ රටේ සිටී. මයිකල්
    ජැක්සන්ගේ සමලිංගික කතා ගැන දන්නා මුත් ඔහුගේ කතාව නොහදුනන
    පිරිස වැඩිය. ටෙනී විහිලු කාරයෙක් බව
    දන්නා මුත් ඔහු හදුනන පිරිසක් සිටී ද.?
    දාර්ශනික පොර ටෝක් සපයන්නන් ඔහුගෙන් හොද විහිලුවක් කරගන්නට
    කිසිවක් කලේද. චාලි චැප්ලින් කෙනෙකු
    මෙරට සිනමාව තුල හදන්නට තිර පිටපතක් සොයා දුන්නේද..? ටෙනී දාර්ශනික ඔලුවෙන් විග්‍රහ කල යුතු නැත. ඔහු මෙරට සාමාන්‍ය මිනිසා කුමක් හෝ කර සිනහා ගැන්වීය. විරෝධාකල්ප ගී විකුණු අය මෙන්ම ඔහු ද බිස්නස් එකක් කලේය. ජීවත් වීම සදහා එය ඔහුගේ වෘත්තීය බවට පත්
    කර ගත්තේය.. ජෝතිපාල ට මාස්ටර්
    සිටියේය. ටෙනී ට කිසිවෙකු සිටියේ නැත
    අපද කුඩා කාලයේ ඔහුගේ විහිලු රස
    විදී අතර පසුව අප අපම කියාවා ගන්නට උත්සාහ කරද්දි ටෙනී අපෙන් විතැන් විය .එහෙත් අප ඔහුට ගැරහුම්
    කලේ නැත. මන්ද අප ඔහුට සමාජය
    ප්‍රකම්පනය කිරීමට පිට පතක් ඔහුට
    නොලැබුනු නිසාය. එහෙයින් ඒ ගැන කණගාටු වෙමි. දාර්ශනික මහත්වරුනි
    ඔහුට යන්න ඉඩහරින්න.
    මා දිනක් රැළිය නාට්‍ය බැලීමට ගාල්ල නගර ශාලාවට ගියෙමි. ඒ රැළිය ආරම්භ
    වූ කාල වකවානුවයි. ඉතා අමාරුවෙන් ටිකට් එකක් ගෙන ඇතුල් වූ අතර බොහෝ දෙනා ආපසු හැරී ගියේය. නාට්‍ය
    අවසන් වූ පසු නලු නිලියන් හා කතා කිරීමට යාම මගේ උණ රෝගයක් ලෙස
    වැලදී තිබුනි. මා වේදිකාව පිටු පසින් ගොස් එබිකම් කරද්දි ටෙනී එලියට ආවේය. සුපුරුදු සිනාහව පා ඔහු "නාට්‍ය බැලුවදැයි විමසීය මං ඔව් කියූ පසු ,ඔහු
    මගෙන් හිනා ගියා දැයි ඇසුවේය. මා
    නැවත ඔව් කියු පසු ,එච්චරයි, මල්ලි
    මට ඕනේ. මට ඕනේ මිනිස්සු හිනස්සන්න විතරයි. ඒ ලෙසම දෙපැත්ත
    කැපෙන වචනෙකින් හෝ කරේ එය පමණි. සිනහව දේශපාලනිකය. හාන්සි පුටුව මතට වී මෙලොව රසක් නැති පොර ටෝක්ස් දෙමින් කාලේ කන "ප්‍රබද්ධා" ලට වඩා ටෙනී නිර්ව්‍යාජ මිනිසෙක් නේද?

    ReplyDelete
  5. මාතේ මම දැක්ක විදිහට ටෙනීව පහත් කොට සලකන කලාකරුවන්, වරලත් විචාරකයන් බොහෝ දෙනෙක් (හැමෝම වගේ) වාමාංශික මතවාද සහිත ජාතික ජන බලවේගයට සහය දක්වන අතිදක්ෂ පිළිගත් ප්‍රබුද්ධ කලාකරුවන් සහ ප්‍රවීණයන් පිරිසක්

    කොහොම උනත් පහුගිය මැතිවරණයෙන් පසුව ජා.ජ. බ. පිරිසගේ සෘජු ප්‍රතිචාරය තමයි දූෂිත අශිෂ්ඨ රාජපක්ෂ කල්ලියේ උග්‍ර ජාතිවාදි මැදිහත් වීම නිසයි මෙවැනි ජයග්‍රහණයක් ඔවුන් ලබන්නේ කියන එක, ඔවුන් දකින්නේ නෑ අපිට මෙහෙම වුනේ මොකක්ද නිසාද කියන එක. ඒක හොයනවා වෙනුවට වෙන ජයග්‍රහණ වලට සාප කරමින් දිනපු අයට ඡන්ද දීපු උන්ට බැනලා මාධ්‍ය සාකාච්චා තියෙන පමණකින් මේක අනිත් පැත්තට හරවන්න බෑ කියන එක ඔවුන් තේරුම් ගෙන නෑ කියන එකයි මගේ අදහස, අනෙක ජවිපෙ ගමෙන් යන අන්තිම බස් එකේ නැගලා නගරෙට ඇවිල්ලා දැන් ජවිපෙ අතරමං වෙලා. ගමට බැසිල් වගේ සෙට් එකක් බැහැලා ගම අල්ලලා. ගමේ ඉන්න ජවිපෙ සාමාජිකයා ෆුල් හින්දුස්තාන් , කිසිම දේශපාලන අදහසක් නෑ. බුකිය බැලුවම ඔහු ඉන්නේ කොහේද කියලා හොදට තේරෙනවා. පොතක් පතක් කියවන්නේ නැති, හරිහැටි දේශපාලනය කියවගන්න බැරි සාමාජිකයා අතරමං වෙලා. කලින් වගේ අතින් අත යන දේශපාලන දැනුම දැන් ඔවුන් සතුව නෑ. රූපවාහිනී සංවාදයක හඳුන් කියන දෙයක් හැරෙන්න කිසි දෙයක් ඔවුන් ළඟ නෑ. ජවිපේ උද්දච්චකමින් පිරුනු උපන්ගෙයි රෝගය එක්ක කොහොමත් පරාජයට හේතු හොයනවා බොරු. අනෙකාට වහල්ලු, තැරිදාර පුන්නක්කු මළ පෙරේත මීහරක් කාලකණ්ණි බයියෝ කියමින් දොඩවන සාමාජිකයා වෙනුවට අලුත් සාමාජිකයා නිර්මාණය කිරීමත් අභියෝගයක් විදිය්ට ඔවුන් ඉදිරියේ අනිවාර්යක් ලෙස තියෙනවා. මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියල හිතනවා ඉතින්.

    ReplyDelete
  6. සමාජයක් වශයෙන් අපි කුහකයි. සැමවිටම එකඟ නොවෙන නමුත්, මාතලංගේ අද පෝස්ට් එක සමඟ එකඟයි.

    ReplyDelete
  7. "පර්යේෂණයට භාජනය කළ පීකුදු අතරින් එක් නිෂ්පාදකයකුගේ පීකුදුවල ආසනික් බැර ලෝහය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු වී තිබූ බව තහවුරු කරගෙන තිබුණා."

    ඔබත් කුකුල් පීකුදු කනවාද ? මෙය කියවිය යුතුම ලිපියක්

    කුකුල් මස් කියන්නේ ලෝකයේ ජනප්‍රියම මාන්ශයක්. ලංකාවේ නම් බොහෝ දෙනා අනුභව කරන මස් වර්ගය තමයි කුකුල් මස්. බොහෝ දෙනෙක් කුකුල් මස් රසට ආසයි. කුකුළු මස් රසට ආසා කරන්නන් විශේෂයෙන් කුකුළු පීකුදුවලට ආසා කරන්නන්ට අසුබදායක විදිහේ ආරංචියකුත් පසුගිය දා අහන්න ලැබුණා. ඒ කුකුළු පීකුදුවල බැර ලෝහ අඩංගු බව තහවුරු වීමේ පුවතයි.

    පසුගිය දිනවල මේ ගැන වඩාත් කතාබහට ලක්වුණා. මේ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කළ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ‍පෝෂණ ෙජෙව රසායන පිළිබඳ පර්යේෂණ ඒකකය එම සොයා ගැනීම තහවුරු කිරීමට සමත් වී තිබෙනවා. ජලය, සහල්, ධාන්‍ය වර්ගවල ආසනික් අඩංගු බවට කාලෙන් කාලෙට කතාබහ ඇතිවුණත් කුකුළු මස්වල එහෙමත් නැතිනම් බ්‍රොයිලර් කුකුළාගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික සංඝටක අඩංගු වූ කතාවක් අහන්න ලැබුණේ මෑතකදී

    ඒ මීට මාස කීපයකට කලින් තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදු කළ පර්යේෂණයකින්. ආයෙත් ඒ කතාවමයි. සිදු කළ නවතම පර්යේෂණයේ තොරතුරු පිළිබඳ කියන්න එකතු වුණේ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ‍පෝෂණ ෙජෙව රසායන පිළිබඳ පර්යේෂණ ඒකකයේ අංශ ප්‍රධානී ආචාර්ය රුවිනි ලියනගේ මහත්මිය.

    “පුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා හැම කෙනෙක්ම කන්න ආසා කරන කෑමක් තමයි කුකුළු මස් කියන්නේ. ෙදෙනිකව අපේ ශරීරයට අවශ්‍ය ‍ප්‍රෝටීන ලබා ගැනීමට තියෙන පහසුම මගත් කුකුළුමස්. කුකුළු මස් පරිභෝජනය අධික නිසාම එහි ඇති ගුණාත්මක බව තහවුරු කරගන්න අපට ඕන වුණා. ඒ සඳහා අවශ්‍ය පර්යේෂණයන් අපි ආරම්භ කළේ 2016 අවුරුද්දෙදි. මේ පර්යේෂණය සඳහා දේශීය වෙළෙඳ‍පොළේ සිටින කුකුළු මස් නිෂ්පාදකයන් තිදෙනෙකුගේ කුකුළු මස් තෝරා ගත්තා. එම වර්ග තුනෙහි පපු ප්‍රදේශය, පීකුදු හා වැලිබොක්ක විශ්‍ලේෂණය කළා.”

    පර්යේෂණ කණ්ඩායම මෙම විශ්‍ලේෂණය සඳහා භාවිත කර තිබුණේ ඉතා උසස් මට්ටමේ තාක්ෂණික මෙවලම්. එම මෙවලම් භාවිතයෙන් පර්යේෂණයට භාජනය කළ පීකුදු අතරින් එක් නිෂ්පාදකයකුගේ පීකුදුවල ආසනික් බැර ලෝහය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු වී තිබූ බව තහවුරු කරගෙන තිබුණා.
    “මේ නිසාම අපි කුකුළු මස්වලට බැර ලෝහ පැමිණෙන ආකාරය නිගමනය කිරීමට ඉහත පරීක්ෂා කළ කුකුළු මස් නිෂ්පාදකයන් තිදෙනාගේ කුකුළන් සඳහා ලබාදෙන ආහාර වර්ගත් පරීක්ෂාවට ලක් කළා. සාමාන්‍යයෙන් වාණිජ කුකුළු පාලනයේ දී බ්‍රොයිලර් කුකුලන් සඳහා ප්‍රධාන ලෙස ආහාර වර්ග 2 ක් ජීවිත කාලය තුළ දී ලබා දෙනවා.

    වාණිජ වශයෙන් නිපදවන එම කුකුළු ආහාර සඳහා කාබනික ඛනිජ ලවණ එක්කරනවා. එහිදී බැර ලෝහ වන ඊයම්, ආසනික්, කැඩ්මියම් අඩංගු දැයි කියලා අපි පරීක්ෂාවට ලක් කළා. ඒ අනුව තමයි බ්‍රොයිලර් කුකුළු ආහාරවල අනුමත ප්‍රමාණයට වඩා බැර ලෝහ අඩංගු බව අනාවරණය වුණේ. මීට අමතරව වාණිජ කුකුළු පාලනයේ දී ඌනතා රෝග වැළැක්වීම පිණිස කුකුළු කෑම සඳහා එක් කරන සින්ක්, කොපර් හා මැග්නීසියම් වැනි අංශුමාත්‍ර මූලද්‍රව්‍යද අනුමත ප්‍රමාණයට වඩා අඩංගු වී තිබුණා.

    ආචාර්ය රුවිනි පවසන පරිදි මෙසේ පීකුදුවලට බැර ලෝහ එකතු වීමට හේතුවිය හැක්කේ සත්ත්ව ආහාර නිෂ්පාදනයේ දී යොදා ගන්නා අමුද්‍රව්‍ය අපිරිසිදු වීම, අයහපත් කුකුළු පාලනය හා අපිරිසිදු පානිය ජලය සතුන්ට ලබා දීමයි. කුකුළන්ගේ වර්ධනය වැඩි කිරීම පිණිස වැඩිපුර කාබනික ඛනිජ ලවණ භාවිතය අහිතකර තත්ත්වයක් බවට ආචාර්යවරිය පවසනවා.

    “මෙවැනි බැර ලෝහ සහිත කුකුළු මස්, විශේෂයෙන්ම පීකුදු ආහාරයට ගැනීමෙන් ඇතිවන අහිතකර ලෙඩ රෝග අති විශාලයි. බැර ලෝහ අපේ ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන්හි එකතු වී ස්නායු ආබාධ, අස්ථි ආබාධ හා අක්මාවේ ආබාධ ඇති කරනවා මෙන්ම පිළිකා සඳහාද හේතු වෙනවා. කුකුළු මස් පරිභෝජනයට ගැනීමේදී වඩා සැලකිල්ලට ගත යුත්තේ පීකුදු ආහාරයට නොගෙන සිටීමටයි.

    පීකුදු කියන්නේ යකඩ හා ‍ප්‍රෝටීන් බහුල ලෙස අඩංගු ආහාර ප්‍රභවයක් නිසා අපේ මව්වරු නිරතුරු කුඩා දරුවන්ගේ කෑම වේලට පීකුදු එකතු කරනවා. නමුත් දරුවන්ට පීකුදු දෙන්න එපා. පීකුදුවල අඩංගු රසායනික සංඝටක දීර්ඝ කාලීනව දරුවන්ගේ ශරීරය තුළ තැන්පත් වීමෙන් බොහෝ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ගර්භණී මව්වරුන් වගේම කිරිදෙන අම්මලත් පීකුදු කෑමේ දී පරෙස්සම් වෙන්න.”

    මේ සියලු කරුණු කාරණා සැලකීමේදී කිව යුතු කරුණ නම් කුකුළු පාලනයේ දී නියමිත ප්‍රමිතීන්ට අනුව විවිධ විටමින් සහ ඛණිජ වර්ග මෙන්ම කාබනික පරිපූරක යෙදීම කුකුළු ගොවි‍පොළ හිමියන්ගේ ප්‍රථම වගකීම විය යුතු බවයි. එමෙන්ම කුකුළු ගොවි‍පොළවල තත්ත්ව පාලනය යාමනය කිරීමට රජයේ බලධාරින්ගේ අවධානය යොමු වීමද අත්‍යවශ්‍ය කරුණක් බවත් කිව යුතුමයි.

    රිවිර පුවත්පත ඇසුරිනි

    ReplyDelete
  8. අඩෝ මාතලන් පොන්නය, උඹ රන්ජා ගැනත් ඔය ටෙනීගෙ මතේමද ඉන්නේ?

    ReplyDelete
  9. හොඳ රසවතෙකුට හැටියට කෙරුණු ඕනෑම කලා නිර්මාණයක් රස විඳිය හැකියි. ඒකට රුචිකත්වයත් බලපානවනේ.

    බලන මිනිසුන් ගොන්නුය කියා හිතන අයගේ නිර්මාණ සාර්ථක නොවෙන එකයි ඇත්ත. එතනදී ටෙනීටත් ටිකක් වැරදුනාද මන්දා.

    ReplyDelete
    Replies
    1. ටෙනීලගේ ෆිල්ම් නම් බොක්ස් ඔෆීස් දිව්වා

      Delete
    2. ටෙනීලගේ ෆිල්ම් නම් බොක්ස් ඔෆීස් දිව්වා

      Delete
  10. මේ සේරම ඇත්ත. නමුත් මාතලන් ඔබට මතකද 2006-2009 යූද්ධය දිනවන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ලේකම්ක ගෝඨාභය මූලික කරගෙන දක්ෂතා පිරිපුන් හොඳ ක ණ්ඩායම ක් හිටියා. සෙබලුන් මැනවින් පුහුණු කර ඔවුන්ගේ ආත්ම විශ්වාසය ඉතා ඉහළ මට්ටමක තබාගෙන අතිශය තීරණාත්මක අවස්ථාවන් වලදී ජීවිතය පූජා කරලා අණ දෙන නිලධාරියා ට අවශ්‍ය දේ කරන්න පහසුකම් සැලැස්වීම කළා.

    ඒත් මාතලන් 2019 සිට මේ රජය දැන් මත් ද්‍රව්‍ය සහ පාතාල මර්ධනයටත් සුදුසු උපරිම යෙන් වැඩ කෙරෙන බව ඇසෙනවා සහ දකින වා.

    නමුත් බහුතරයක් වන නිද්‍රා ශීලී නිලධාරී පැලැන්තිය සමග ගමන කෙසේ යන්න හැකිද කියන ප්‍රශ්න ය මට තියෙනවා.

    ජනාධිපති කිව්වා චක්‍රලේඛ යක අවශ්‍ය තාවය කියපු නිලධාරීයා ට ජනාධිපති කිව්වා ම ඒක තමයි චක්‍රලේඛය කියලා. එදා 1978 දි නිලධාරියෙක් මෙදා වගේම ජයවර්ධන ජනාධිපතිතුමා ට කිව්වා සර් අපි ට වැඩ කරනකොට AR සහ FR අනුගමනය කරන්න වෙනවා කියලා. (පරිපාලන රෙගුලාසි සහ මුදල් රෙගුලාසි). එතකොට තදින් කෝපයට පත්වූ ජයවර්ධන ජනපතිවරයා දීපු උත්තරේ තමයි දැන් ඉන්නේ JR, නැතුව ඔය කසිකබල් AR, FR නෙමෙයි. තමුන්නාන්සේලා මම කියන විදියට වැඩ කොරනවා අයිසේ කියලා. ඉතින් 5/6 ක පාර්ලිමේන්තු බලයක් සහ සෑම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෙනෙක් ගේම දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි සාක්කුවේ දාගෙන තමයි පාලනය කලේ.

    මාතේ ල අපි ඒ ගැන හොඳ විස්තර දන්නවා උනාට මාතේ දැන් ඉන්න බොහෝ යූඇන්පී කාරයන් එතකොට ඉපදිලා වත් නෑ. ගෝඨාභය මහතා මොන ඒකාධිපති ද? JR තමයි නියම ඒකාධිපති යා. තමන් ට හිතවත් තහා කියන මුස්ලිම් ව්‍යාපාරිකයා විනිමය වංචාව කට සිරගත කළා මැතිනිගෙ ආණ්ඩුව විසින්. JR අතීත යට බලපාන ආකාරය ට නීති සම්මත කරලා තහා ව නිදහස් කලා. ඒ නිසා ම ගෝනවල සුනිල් කියන පාතාලයාට ත් නිදහස ලැබුණා. උග්‍ර යූඇන්පී කාරයෙක් වෙච්ච සුනිල් ට මුළු දිවයින ටම බලපාන ජේපී කමක් දුන්නා. ආණ්ඩුවේ එකෙක් වත් ඔය නාකි උන්දැලා වත් පාර්ලිමේන්තු වේදි මේවා කියන්නේ නෑ.

    මේ ක්‍රමය ට විරුද්ධ වෙච්ච ගාමිණී ජයසූරිය ( හෝමාගම) සහ නෙවිල් ප්‍රනාන්දු ( පානදුර) ජේ ආර් ගෙ ආණ්ඩුවෙන් අයින් වුණා. මේවා මතකයි නේද? පාර්ලිමෙන්තුවෙ ඉන්න අය (දෙපැත්තේ ම)කියවනවා අඩුයි.මුළුරටම චන්ද කොට්ඨාසය යක් ලෙසින් ගෙන පවත්වනු ලබන විධායක ජනාධිපති ධුරය ට කෙනෙක් තෝරා ගත්තාම ඔහු බලතල රහිත පුද්ගලයෙක් බවට පත්වෙනවා නම් කෝට් 500වියදම්කර පවත්වනු ලබන විධායක ජනාධිපති චන්දය විහිළු වක්.

    ReplyDelete
    Replies
    1. මම මේ ගැන ලිපි දෙක තුනකට කලින් ලිව්වා බ්‍රෝ

      Delete
  11. ටෙනී මට නම් කොමීඩියන් කෙනෙකු නොවේය. බර්ටි සැමුවෙල්ලා නම් කොමීඩියන්වරුන්ය. ටෙනී මෙන් කුණුහරප කීවේ නැත.
    ෆැලන් ඇන්ඩ්‍රියා ගැන... මගේ බිරිඳ නම් කියා හිටියේ ගිහාන් දිනන බවය. ඒත් මා නම් කියා හිටියේ ෆැලන් දිනන බවමය. ගිහාන් දක්ෂයා.. සංගීතය උගතා. ඒත් මේ වගේ තරඟයක්දී කපටිකමත් තිබියයුතුය.
    තව එක දෙයක්.. මීට පෙර සිහින තරු රටට යමක් දායාද කර තිබේද ? කෝටි ගණන් වටිනා තෑගි වෙනුවට ජයග්‍රාහකයාට ඉන්දියාවේ ගොස් සංගීතය හැදෑරීමට ශිෂ්‍යත්වයක් දෙනවා නම් හොඳ යයි මා යෝජනා කරයි.
    තවද ඔය මනාප ක්‍රමය නිසා නියම දක්ෂයින් අතරමගදී හැලුනු බව මග වැටහීමයි. මනාප ක්‍රමය නිසා රටට වී ඇති වින්නැහිය ඔබට නොපෙනේද?

    ReplyDelete
  12. මේක දැන් ටෙනී, සෞම්‍ය, ෆැලන් ඇන්ඩ්‍රියා, අරඹේපොළ සමඟ ලාංකීය පීචං සමාජය.. වෙන්න ඕනේ

    ReplyDelete
  13. අපි කුහකයි කියන එකනම් බොක්කෙන් ඇත්ත....උබ උදාහරන දිලා තියනකොට ආය මම ලියන්නේ මොකටෙයි

    ReplyDelete
  14. ලෝකයෙ පහල වු comidian ලා එක්ක බලන කොට ටෙනිසන්ල ගු හොරැ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න