.

.

Nov 3, 2020

පැන් කළ, කිරි කළ හා ගොන් මොළ




කුන්ඩලනී යෝගයෙන් ජීවම් කරන ලද හෝ මක්කා හෝ කරනා ලද කල ගෙඩි වගයක්…. (ඇතුලේ තිබුනේ මක්කාද කියා දන්නේ කුන්ඩළණි යෝගය ඇති එකා පමණක්ම විය හැක.. එය සාමාන්‍ය සිරිතයි..) ගංඟාවලට දැමූ පසු සියල්ලෝම පවිත්‍රා දේවිය බයිට් එකට අරගෙන මාර ඒතියස්ට්ලා හෙවත් නිරාලා වෙලා තියෙනවාය.


ඒ අස්සේ ක්‍රිස්තු පූර්ව සියවස් ගනනකට පෙර කළ ග්‍රීසියේ දාර්ශණිකයින් ඇඳි ලෝඟුවක් පඬු පැහැහෙන් සරසා ශ්‍රී ශරීරය පුරා දරාගෙන අඳින මහා ලෝකල් දාර්ශණකයින්ද සිටීම මාරම ලොල් සහගතය. එයාලා මිත්‍යාව පස්සේ යන්නේ එපාය කියා අනුසාසනා කරනවාය. ඒත් එයාලා යන්නේත් මිත්‍යාවක් පස්සේ කියා එයාලා දන්නේ නැතිය.


ඇත්ත වශයෙන්ම එයාලා බය වෙන එක සාධාරණය. මන්ද එයාලා ජීවත් වෙන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් හා උපාසක උපාසිකාවන්ගෙන් නිසාය… එහෙම මිත්‍යාව අදහන්න එපා කියනා අයගේ බිස්නස් සෙන්ටර්ස් වල හින්දු ආගමේ දෙවියනුත් ඉන්නවාය. වැඩිම ඉන්කම් එන්නේ ඒවායෙන්ය.


ඒලියන්තලා වැඩ්ඩෝ උනාම අරගොල්ලා රාජපක්ෂලාගෙන් කැපෙනවාය. එහෙම කැපිච්ච පනුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් මේ දවස්වල ආටානාටියත් නටනවාය.


ඈත අතීතේ පටන් උත්තරයක් නැති ප්‍රශ්ණවලට මිනිසා විසඳුම් සොයන්නේ මිත්‍යාවෙන්ය.


ඒ නිසා දෙවියන් වහන්සේ මවන්නේද මිනිසාමය. සාතන් මවන්නේත් මිනිසාමය. නිවනද, මෝක්ෂයද, දිවිය ලෝකයද, අපායද එසේමය.


විද්‍යාවද මිත්‍යාවක්ය කියා කෙනෙක් කීවොත් ඊට කිසිසේත් විරුද්ධ විය නොහැකිය. මන්ද විද්‍යාවද අප්ඩේට් වන නිසාමය. පරම සත්‍යය කියා කිව හැකි කිසිවක් මේ විශ්වයේ ඇත්තේ නැතිය.


විද්‍යාව මෙන්ම මිත්‍යාවද රඳා පවතින්නේ බලය මතය. එහෙත් බලය ලබා ගැන්ම සඳහා සියල්ලෝම වාගේ යන්නේ මිත්‍යාව පස්සේය. විශේෂයෙන් නොදියුණු රාජ්‍යයන්වල තත්වය එසේමය.


ලංකාවේ තත්වය කෙසේද කියනවා නම්, දේශපාලකයින්ට පමණක් නොව ආගමික නායකයින්ටද ඉස්ටේජ් එකක් සහිතව ඉස්ටේජ් දෙකක්ම තියෙනවාය.


තා ටික කලකින් කතරගම, විශ්ණු, නාථ, ඝණ මෙන්ම කාළි හා පත්තිනි මෑණියෝත් ඔය අතරේ ඉදිරිපෙලින්ම ඉඳගෙන උන්නත් අප කළබල විය යුතුව නැත්තේය. හැබයි රාවණා දාන්න වෙන්නේ පස්සේ පේලියේය.


ආගමික පූජකයින්, තිරුපති කතරගම විෂ්ණු වැනි දේවාලවල කපුවන්, ඒලියන්ත වයිට්ලා, සායිබාබාලා මෙන්ම අනුරාධපුරේ අම්මාද දේශපාලන බලවන්තයින් වන්නේ මේ නිසාමය.


එපමනක්ද, දේශපාලන දර්ශණ, ආර්ථික විජ්ජා සංකල්ප මෙන්ම බොහෝ විශයයන්ද මිත්‍යාවන්මය… මෙහිදි එකවුන්ටන්සි, මැනේජ්මන්ට්, හියුමන් රිසෝර්සස් කළාව වැනි විශයයන් විශේෂ වේ… එවා කිසිවක් ප්‍රායෝගික තලයේ ක්‍රියාතමක නොවනා අතර… උපාධි වලට හා ඩිප්ලෝමාවලට පමණක් සීමා වේ…


එවාද ආගම් වාගේ එක එක නියමයන් සාදාගෙන එය පරම සත්‍යය ලෙසට පිලිගත යුතු බවට ඉස්ටෑන්ඩඩ් හදාගෙන ඇත. ඉන් පස්සේ මොන ජාතියේ වැඩ්ඩෙක් උනත් චාටර් වී යන අතර… චාටඩ් කස්ටිය වැඩ බැරි උනත් මහ පුටුවල වැජඹේ..


මීට හොඳම උදාහරණය අප කවුරුත් දන්නා ඉන්දියාවේ සමෝසා වෙළෙන්දා හා පුතාගේ කතාවයි… ලංකාවේද අප දන්නා බොහෝ උදාහරණයන් ඇතත් මේ ඒවා ලිවීමට අවස්ථාව නොවේ…


2008 ලෝක ආර්ථික අවපාතයක් ඇති කලේත් මෙවන් වැඩ්ඩෝ පිරිසක් බව කවුරුත් සිහි තබා ගත යුතුය.


ඊළඟට අප කතා කළ යුත්තේ පවිත්‍රාට කින්ඩිය දමනා දේශපාලුවන් ගැනය. මෙහි නියමුවා වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාසය.. අප දන්නා තරමින් මිත්‍යාව විශ්වාස කළ දේශපාලුවන් අතරින් මහින්ද රාජපක්ෂද අභිබවා ඉදිරියෙන්ම ඉන්නේ මේ පුතානෝගේ පියානෝය.


උන්නාන්සේගේ කාළයේ අළුත්ගම කන්දේ විහාරය ගොඩ ගියේ කෙසේද කියා ඒ පැත්තේ එකෙක්ගෙන් ඇසුවා නම් දැනගන්නට පුලුවන්ය. තමන්ගේ අපල දුරු කර ගැනීමට නිරුවත් කන්‍යාවන් ලවා තමන්ද නිරුවතින් හිඳ කිරි කළ වලින් නාපු කතාව ඒ කාළයේ බොහෝ ප්‍රසිද්ධය. එමෙන්ම කන්‍යාවන් සොයා ගැනීමට කළ පරීක්ෂණයද බොහෝ ප්‍රසිද්ධය.


මෙවර ජනපතිවරණය ප්‍රසිද්ධ් කිරීමෙන් අනතුරුව එකම දිනයකදි ගැබ්බර ඇතුන් හතක් මිය ගිය බවත් මේ මොහොතේ අමතක නොකල යුතුය. පවිත්‍රාට කින්ඩිය දමනා උන්නැහේ…, දැන් පන්සල් ගානේ බඩගාමින් කරන්නේත් පවිත්‍රා කල දෙයම මිස වෙන කිසිවක් නොවේ.


එහෙත් එහි එක් වෙනසක් ඇත. පවිත්‍රා මෙන්ම කළ ගෙඩි නැටුම් නැටූ අනික් දෙශපාලුවන්ද ඒ දේ කලේ ජනතාව වෙනුවෙන් මිස තමන් වෙනුවෙන නොවනා අතර… පැකනිල් උන්නාන්සේ ගස් ගල් පිළිම වැඳ වැඳ රට වටේ යන්නේ කොරෝනා රෝගීන් වෙනුවෙන් නම් නොවේ කියා අප දන්නා එකය. අඩු ගානේ ජනතාව වෙනුවෙන් බෝධි පූජාවක් හෝ අද වන තෙක් තබා නැත.


ඊළඟ සෙට්ටෙක බුකියේ ඉන්නා සෙට්ටෙකය. මෙයාලා ගැන කියන්න නම් තියෙන්නේ මේ ඔක්කොම එක වල්ලේ පොල් කියලාය. මාර නිරා ටෝක් ඉෂූ කල රැඩිකල් නෝනා කෙනෙක් මේ ළඟදි විවාහ උනේ පෝරුවේ නැගලාය. පෝරුව දෙපැත්තේ පුන් කළස් ද තිබුනේය.


මෙයාලා වැඩිපුරම අදහන්නේ කොමියුනිස්ට් මිත්‍යාවය… ඒ නිසා එයාලා ජාතික ජන බලවේගයේ බලගතු සමාජිකයින්ය.


හැබයි බබෙක් හම්බ උනාම නම දාන්නේ නැකත් බලලාය.

අකුරු කියවන්නේත් එසේය.

කන් විදින්නේත් එසේය.

කොටහලු මගුල් ගන්නේත් එසේය.

පෝරුවේ නගින්නේත් එසේය.

විභාගයට යන්නේ බොධියේ කොඩියක් එල්ලලාය.

කාරෙකේ දෙහි ගෙඩි හා මිරිස් කරල්ය.

බොහෝ විට වාහනයේ භාරකරු කතරගම දෙවියෝය.

ගෙවල් හදන්නේද එසේමය.

අත්තිවාරමේ නිධන් ගලකුත් දාන්නේය.

බබාට පංචායුධත් දාන්නේය.

බඳින්න පොරොන්දම් බලන්නේය.


ඔය මක්කා නොකලත් අඩුම ගානේ බුකියේ එක එකා ඇප්ද මක්කද මන්දා එක එක හුටප්පර කාරයන් විසින් දෙන දෙන ලණු කාලා මම ෂාරුඛ් වගේ…. මම දීපීකා පඳුකෝන් වගේ කියා උන්ගේ වඳුරු මූණු එක්ක අරුන්ගේ මුණූ දමා හෝ සැනසෙනා උන්ය.


එසේ නැත්නම් ගිය ආත්මේ මම එංගලන්තේ සජ්ජුරුවෝය.. එහෙම නැත්නම් ක්ලියෝපැට්‍යරා කියා හීනියට ආතල් එකක් ගන්නා උන්ය.


ඒ මක්කා නැතත් මුන් අළුත් අවුරුද්දට හෝ කිරි කළයක් උතුරවන එක උතුරුවනවාමය…


බලාගෙන කියාම මුලු ලංකාවම මිත්‍යාදෘෂ්ඨිකයෝය..


ඇපත් නැත…. නැකත් පත….




15 comments:

  1. මාතේ කියන එකේ, ඇත්තකුත් තියෙනවා තමයි...

    කොහොම උනත් - මෙහෙම ගියෝත්, අන්තිමට අපි ඔක්කොම වලේ තමයි.....

    ReplyDelete
  2. මාතේ නැවත ආණ්ඩුවට කඩේ යාමට පටන් ගෙන ඇත. ආණ්ඩුව ඒවා ගණන් ගන්නේද නැත.
    ඒ නිසා ඉතින් මාතලන්ට ඇපත් නැත…. නැකත් පත...
    ඒ වගත් මෙසේය...

    ReplyDelete
  3. 100% correct, bitter truth. Only high stranded of living and small gap in rich and poor can move people away from superstition. Wijebahu

    ReplyDelete
  4. ආත්ම ශක්තිය නැති විට
    පිදුරු ගහේ වුණත් පිහිට
    පතන්නවුන් හිටී එමට
    අපි ඉඳිමුද නොවී නිවට

    ReplyDelete
  5. දැන් මේකා කියන විදිහට මිථ්‍යාව පස්සේ යන එකාට ඕන දෙයක් කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නෑ. ඒ වුනාට මිථ්‍යාව ප්‍රශ්න කරන එකාට පෝරුවේ නැඟලා බඳින්න බෑ, ඌ මහ පාරේ බඳින්න ඕන. අනික මෙතන ප්‍රශ්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයිනේ රටේ සෞඛ්‍ය ඇමතිට වෙනවා නම් පොලිතින් කොලය පිටින් කලයක් ගඟට අතාරින්න රටේ ලෙඩ සනීප වෙන්න කියලා ඒ කියන්නේ වෙන කරන්නම දෙයක් නැති තැනට රට පත් වෙලා වගේ අදහසක්නෙ එන්නේ.

    ReplyDelete
  6. Mathalan laundrymart
    Madamulana

    ReplyDelete
  7. මාතලන් අර සීත නෝනිගේ රහස් බේත? මතකද??
    අපිට දෙන්නැතුව කෂ්ටිය සෙට් වෙලා තනියම ගහනවද දන්නෙ නෑ.
    පොඩ්ඩක් හොයල බලපංකො

    ReplyDelete
  8. කලගෙඩිය අරගෙන
    බඩගෙඩිය නටවගෙන
    ප්‍රසන්න යන ලස්සණ
    දුටුවිට හිතෙනවා
    කුමට මේ ඔලුගෙඩිය
    චන්දෙට!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න