.

.

Mar 18, 2021

කූඹියෝ වෙන්න ගොස් හත් පොලේ ගාගන්නා ජෙහාන්ලා

 

මෑත කාළයේ අතිශයින් ජනප්‍රිය වූ කූඹියෝ ටෙලි නාට්ටියේ ප්‍රධන චරිතය වූයේ තුමිදු දොඩම්තැන්න ජීවය දුන් “ජෙහාන්” ගේ චරිතයයි. මාතලන් නම් මේ නාට්‍ය සලකන්නේ, එතෙක් මෙතෙක් බිහි වූ ප්‍රභලම දේශපාලන ප්‍රහසනය ලෙසයි. එමෙන්ම එය එතෙක් මෙතෙක් බිහි වූ ප්‍රබලතම ටෙලි සිරීස් එකයි. මෙමගින් පෙන්වූයේ ජෙප්පන් විසින් වෘත්තිය සමිති හරහා කරනු ලබන කඩාකප්පල්කාරි දේශපාලනයයි. එහෙත් ජෙහාන් සමාජගත වෙන්නේ සුපිරි ගේම් කාරයකු ලෙසය. නමුත් ජෙහාන් මෙහෙය වන්නේද වෙනත් කණ්ඩායමක් විසිනි.

අවසානයේ සියල්ලන්ම තේරුම් ගන්නේ ඒ කිසිවක් ජෙහාන්ගේ වික්‍රමාන්විතයන් නොවනාතර, න්‍යායාචාර්වරුන් සිටින්නේ වේදිකාවෙන් පිටුපස බවයි. අවසාන මොහොතේ එන ආන්සර් කල යුතුම කෝල් එක එන්නේ ඩබල් ගේම් කාරයකු වූ ජෙහාන් විසින් සබඳතා ගොඩනගා ගත් න්‍යායාචාර්යවරුන්ද මෙහෙය වන්නාගෙනි.

ඇත්තම කතාව නම්, ජනතාව තේරුම් ගත්තේ එම කෝල් එක එන්නේ ජෙප්පන්ද මෙහෙයවන රනිල්ගෙන් බවයි.

එවැනි ගේම් කාරයන් ලෙස ප්‍රසිද්ධ චරිත ඇත්ත දේශපාලනයේද වෙති. උන් සියල්ලෝ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වූවන්ය. එහෙත් උන් දෙන ගේම් සියල්ලම කෙලවර වන්නේ හත්පොලේ ගාගෙනය.

රණසිංහ ප්‍රේමදාස එවැනි ගේම් කාරයෙකි. ඉන් පසු එවැනි ගේම් කාරයන් ලෙස ප්‍රසිද්ධ වූයේ මංගල හා එස් බී ය. අද දෙදෙනාම අනාතය. පාඨලි හා විමල් තවත් දෙදෙනෙකි. තනියෙන් චන්දයකට ඉදිරිපත් වුවහොත් ඇපත් නැතිවන මොවුන් දෙදෙනාම පක්ෂ නායකයන්ය. එහෙත් අනුන්ගේ චන්ද වලින් ගොඩ යන මොවුන් අද ජාතික නායකයෝ වී අවසානය. මේ සියල්ලන්ම එකම කුළකයකට ගොනු කල හැකි අතර එම කුළකය නම් මේ සියල්ලන්ම නොම්මර එකේ ගොබෙල්ස්ලා වීමය.

රාජිත සේනාරත්න යනු මේ ජාතියෙ උන් අතරින් මාර ගේම් කාරයෙක් යැයි තමන්ම කියාගන්නා තවත් එකෙකි. පාරම්පරික උරුමය සමඟින් චතුර සේනාරත්න නම් තම පුත්‍රයාද ඒ ගොඩටම දමුවේද රාජිතමය.

2015 ආන්ඩු පෙරලියේ පෙර ගමන් කරුවන් අතර උන් ප්‍රධානම චරිත දෙකක් වූයේ මේ දෙදෙනාය. එහි ගෞරවය ඔවුනට හිමි විය යුතුය. එහෙත් ඒ සෙල්ලම් හැමදාම හරියන්නේ නැතිය. බොරුව හැමදාම ජයගන්නේ නැතිය. රාජපක්ෂලා එලවා දැමීමට ගෙති පච කන්දරාවම පට්ට පල් බොරු බව වසර දෙක තුනක් යෑමට මත්තෙන් සියල්ලෝම වටහා ගත්තේය.

කොටින්ම කියනවා නම් ඒ වන විට හත්පොලේ ගාගෙන උන් යහපාලනේ තවත් වටයකින් රාජපක්ෂලාට කෙලීම සඳහා ජනාධිපතිවරනයට ඉදිරිපත් වූ ඝෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගෙන මෝර ටැංකි ජාතකේ කියන්නට ගෙනා නළුවෝ දෙන්නා, පිටපත් අවුට් ගොස් මෝරන් කිඹුලන් බවට පත් කොට, ජාත්‍යන්තර විහිළු කරයෙක් බවට පත් විය.

මෙවන් ජෝකර්ලා පරදන්නට රාජපක්ෂලාට බන්දු සමරසිංහලා පවා වේදීකාවට ගෙන ඒමට සිඳු උනේය.

එහෙත් ගේම් කාරයෝ එහෙම පච වූවා කියා ගේම් අත අරින්නේ නැතිය. මන්ද ඒ උන්ගේ රැකියාව නිසාය. ඇමරිකාවෙන් ජිනීවාවලින් ඩොලර් ගලා එන්නේ හත් පොලේ ගාගත්තත් ගේම් ගැසුවොත් පමණය.

බොරුවෙන්ම ජීවත් වෙන උන් ජහපාලනේට කෙල උනා කියා ගේම ඇරියේ නැතිය. උන් සතියක් යන්නට පෙර ගානියා බැරිස්ටර් ඉස්සුවේය. ඇත්තටම එයාට එහෙම එකක් උනේ නැතිය. එයා කා එක්ක හෝ හැමිනෙන්න ගිය එක හැදුවේ ඉස්සුවා කියාය. ඉස්සුවාද බැස්සුවාද කියා හොයන්නට දැන් නඩුව බලවන්නේය. අපරාදෙ කියන්නේ එහි මහ මොළකරුවන් වන එම්බසියේ උන් අදටත් ගානියා තනිකර නොමැත. ඉන්ටර්නැශනල් ගේම් එහෙමය. කොහොමත් ගානියා බැරිස්ටර් ගොඩය.

මේ ජෙහාන්ලා ටික එකතු වී ජිනීවා මානව හිමිකම් විගඩම යන වෙලේ තව ගේමක් ගහන්නේ මේ අතරය. ඒ අපි අහලාවත් නැති වෙබ් අඩවියක, නමක් අහලාවත් නැති මාජ්ජවේදියෙක් කියනා මේසන් බාස් කෙනෙක් ආන්ඩුවෙන් උස්සගෙන ගොස් නෙලලා අත ඇරිය නාට්ටිය කරලියට ගෙන ඒමෙනි.

වැඩේ කියන්නේ මේ සීන් එක වී කීප දවසක් වුවත් වැඩේ නැගලා ගියේ නැති එකය. ඒ කියන්නේ මේවා කියපු ගමන් මේවා කරන්නේ රාජිතලා, කරූලා හා NGO මාධ්‍ය මාෆියාව බව සියල්ලෝම දන්නා නිසාය.

මේ පිළිබඳව NGO මාජ්ජවේදියෙක් බුකි සටහනක් තැබු වෙලේ මම කියා සිටියේ ඌට ගහලා එහෙම නැද්ද කියාය. මේ සියල්ලෝම එකම පිලක් බව අද ඔප්පු වී අවසානය. වැඩේ චොර විය. මේසන් බාසා පාපොච්චාරනයක් කර අවසානය.

ගේම රාජිතගේ හා චතුරගේය.

මාධ්‍ය ආවරණය එංගලන්තේ ඩයස්පෝරා මුදලින් යැපෙනා හා මෙරට NGO මඩ මාජ්ජ බලකායෙනි.

නීතී අනුග්‍රහය තවත් යහපාලන කොරිඩෝ ලෝයරයෙක් වෙන නාමල් රාජපක්ෂගෙන්ය.

ගරු රඟපෑම් කරුවා ජයසූරියගෙනි.

කෙසේ හෝ මේ ගොබෙල්ස්ලාට පාඩමක් උගන්වන්නට රාජපක්ෂලා අසමත් වුවහොත් සිඳුවන්නේ, ආයෙත් ජනෙල් පොලුවල එල්ල්ලෙන්න බවය කියා මේ පල් හෑල්ල මෙතකින් නවතා දමනවාය.


ඒ වගත් මෙසේය…


16 comments:

  1. හොඳ පෝස්ට් එකක් මාතලන්, ඔය කියන සිද්ධියේදී වගේ ගොඩක් ඒවා පස්සෙ ඉන්න දෙකයි පණහේ හිඟන ගේම් කාරයෝ දාර්ශනික ටෝක් නං දෙනවා ඇට්ටි හැලෙන්න ඒත් තමුන්ගේ සංවාදයේ ප්‍රතිවාදී අදහස් දරන්නා නූගතෙක් කියන පූර්ව නිගමනයට (prejudices) එළඹුණු බව ප්‍රකාශ කරලයි සංවාදය පටන් ගන්නෙම. ඕකුන් ට දර්ශනයක් තියා අවම සදාචාරයක් වත් නෑ. උන් දන්නවා තමන්ට සාධනීය තර්කයක් ගොඩනගන්න බැරි බව. ඉතින් තර්කයට නොයා ඉන්න ඉදිරිපත් කරන ගැලවිජ්ජාව තමයි තමුසේ උගත් නෑ, දැනුම නෑ කියන එක. ඉතින් අපි බලමුකෝ ඔය කියන උන් උගතුන් ද දැනුමැත්තන් ද කියලා. පත්තර කඩමාලු වලට එහෙන් මෙහෙන් අහුලා ගත්තු විකාර සහ ගෙතූ කතා ඇමිනීම ඇරෙන්න වෙන මොනවද කරලා තියෙන්නේ. පර්යේෂණ පත්‍රිකා කරල තියෙනවද? නැත්නම් විශ්ව විද්‍යාල ප්‍රජාව හෝ ජනමාධ්‍ය ප්‍රජාව අතර සංවාදයට භාජනය වෙන ආකාරයේ මොනවා හෝ ශාස්ත්‍රීය වැඩක් කරලා තියෙනවද? නෑ නේ. ඕකුන් ගේ උගත් කම, විචක්ෂණය උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍යයෙකු ගේ මට්ටමින් එහාට යන්නෙ නැති බවයි මගේ අදහස. තමන්ගේ අඩුපාඩු වහගන්න උන් කරන්නේ අනුන්ට නූගතා කියන එකයි. උන්ගේ බඩ ගෝස්තරේ රැක ගන්නත් එපායැ. ඒ නිසා මම නම් ඔය වගේ එවුන් අනුකම්පා ලිස්ට් එකට දමලා තියෙන්නේ.

    ReplyDelete
  2. මාතලන්ට,දේශපාලනික 'නිල්මිණි තෙන්නකෝන් සින්ඩ්‍රෝමය' වැළඳීම හෙවත් අලුතෙන් තෝරාගත් පාලකයා අසාර්ථක වන විට ඒ ගැන වචනයක් හෝ සඳහන් නොකර පැරණි පාලන කාලයේ දී සිදු වූ තුවාල අතගාමින් ප්‍රසිද්ධියේ වැලපීම
    උබ ජංගියක් ඇදල සින්දුවක් කියල බලපං.

    ReplyDelete
  3. අතේ පැලවෙන ටොම් පච ගහලා දැන් කෙල්ල පවු ලු අරය පවු ලු මෙයා පවු ලු.... ඔක්කොම තොත්ත බබාලා වෙලා ��

    ළමා තං ලගේ ලොකු සෑර් නන්දේ සීනි ගේම කොන්ත්‍රාත් ද කොහෙද මුන් මේ කරන්නේ. කිළි මහරාජා ගේ රූකඩ සජියයි මලික් සමරේගේ සුවච කීකරු බලු කුක්කෙක් වෙච්ච රතු අලි හරක් රැලේ නායකත්වය හිමි ප්‍රිංස් ලප රිළවයි උන්ගේ වහල් මීහරක් රැලයි යටින් ඉඳන් නටවන්නේ මැදමුලනේ මුත්තාගේ වලව්ව ඇතුලෙන්ම බව තමයි මට හිතෙන්නෙම. සැබෑ විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමාජ පතුලෙන් බිහි වෙන එකක් නෑ මුන් දෙතුන් ගොල්ලා රඟන ගොන් පාට් අතරේ.

    රනිල් සහ මහින්ද/ගෝත ඉතාමත් සමීප හොඳ මිතුරන් සහ ඥාති සහෝදරයන් බවත් ජවිපෙ මේ දෙතුන් ගොල්ලා ගෙම උප කොන්ත්‍රාත් කරන සමාගමක් බවත් අමතක කරන්න එපා බන් ළමාතං ඕක සම්පූර්ණයෙන්ම තවත් එක නාඩගමක් හරියට ගම සමග පිළිසඳර මගඩි නාටකය නටවමින් ඇදගෙන නානවා වගේ.

    ReplyDelete
  4. මාතලන්December 12, 2016 at 6:38 PM

    මුන් මොන මාද්දියවේදියෝද බං... මුන් මහින්ද මහත්තයගේ සල්ලි වලට අරක්කු වලට ලැප් ටොප් වලට කඩේ යන බත් බැලයෝ නේ... උන්ට අවශ්‍ය මේ දේ තමයි...

    උන් දැනට කරලා තියෙන විනාශය ඊයේ අර්ජුන කිව්වා.. මම ඇමති නම් ඕකුන්ට කිසි දෙයක් දෙන්නේ නෑ...


    ReplyDelete
  5. මාතා මොකද හිතන්නේ මේ ගැන;

    https://www.facebook.com/watch/?v=463372318183104

    ලංකාවේ පහුගිය දවස් වල වුණ විනාශය ගැන කෙටියෙන්...

    ReplyDelete
  6. ළමාතන් බනානා රිපබ්ලික් කියන එක ගැන විකිපීඩියා විශ්වකෝෂය අර්ථ දක්වන්නේ

    " ඉතා සීමිත සම්පත් හා අපනයන කිහිපයක් මත යැපෙන, දේශපාලනමය වශයෙන් ස්ථාවරත්වයක් නැති, දුගී දුප්පතුන් අති බහුතරයකුත්, ධනපතියන් ,මැරයන් හා හමුදාවේ සුලුතරයක් අත දෙශපාලන බලය රැඳී ඇති, දූෂණය ඉහවහා ගිය ඒකාධිපති පාලනයක් යටතේ පවතින කුඩා රටකි......"

    කියලා...

    මේ අර්ථදැක්වීම ලංකාව ඉලක්කර කරගත් කොටි ඩයස්පෝරා, සුදු අධිරාජ්‍යවාදී ඇන්ජීඕ කුමණ්ත්‍රණයක් ලෙස හැඳින්වීමට ලංකා පාණ්ඩුවේ කටු ලෙවකන ඕනෑම බුද්දිමතෙකුට, කලාකාරයෙකුට හෝ මාද්දියවේදියෙකුට පුලුවන්.

    කියවලා බලනකොට හරියට ලංකාව දිහා බලලාම ලිව්වා වගේ පෙනුනත් 1904දී මේ යෙදුම මුල්වරට භාවිතා කරපු ඇමරිකන්කාරයා අදහස් කරලා තියෙන්නේ ඇමරිකාවට කෙසෙල් අපනයනයෙන් ජීවත්වන, දූශිත මධ්‍යම ඇමරිකානු රටවල් ගැන හිතලයි.

    බනනා රිපබ්ලික් කතාව ඒකාලේ මධ්‍යම ඇමරිකාවට ගැළපුනාට දැන් ගැලපෙනේ ආසියාවේ ආසිචර්යය යයි ආණ්ඩුව හැරෙන්නට වෙන කවුරුවත්ම නොකියනා සිරි ලංකාවට බව දේසප්‍රේමී ජනතාවට (හෙවත් ආණ්ඩුවේ ලණු ගිලිමින් බඩගින්නේ හිනාවෙනගමන් බුකියේ දේසප්‍රේමී කුණුහරුප කොමෙන්ටු කොටන මෝඩ හැත්තට) වුවද දැන් දැන් වැටහෙතැයි නිකමට අපිට සිතෙන්නේ අප වැනි ප්ලැකනිල් බූරු පුතාගේ බූරු අදහස් හිස් මුදුනින් පිළිගන්නා SJB වහල්ලූ සහ අපේ සහෝදර පක්ෂය වන ජවිපේ NPP වහල්ලූ කියන මී ගව රැලද එකසේ රටගොන් සැබෑ දේසද්‍රෝහීන් නිසාම වන්නට ඇත...

    රටම කොවිඩ වසංගතයෙන් වැහීගෙන යද්දී, අපරාධ චෝදනා සහිත අහිංසක හිරකරුවන් බල්ලෝ බලල්ලු වගේ වෙඩි කද්දී, වෙඩි තියපු එවුන්ට කොමාන්ඩෝ ආරක්සාව ලැබෙද්දී, මැරුණු මිනිස්සුන්ගේ මළගමට කොඩියක්වත් අදින්න එපා කියලා ආණ්ඩුවේ ඉල්ලීම පරිදි මහේස්ත්‍රාත් නියෝග නිකුත් කරද්දී වසී බෝලෙත් මිරික මිරිකා අපලෙ කාලෙ ගෙවෙනකන් ගම්මඩු හදාගෙන රට පුරා කැලෑ කපමින් රට වටේ දුව දුව ඉන්නා නායකයෝ ඉන්නේ කෙහෙල්කං ජනරජවල නොවේද?

    කොහොම හරි රටේ වෙනසක් කරනවා නම් මිනිස්සුන්ට ඉන්න විකල්ප නායකත්වය කවුද? බැට්මන් කොම්රේඩ් අනුර කුමාර කෙබර් පප්ප ද අසාර්ථක පොනිල් හාමු ද නැත්නම් අවස්ථාවාදීව පුතාණෝගේ නැට්ටේ එල්ලී ගොඩ ගිය 43 සේනාංකාධිපති චම්පුක හප්පා මාරුවුණ රණවක ද? නැත්නම් 10% මාල්වානේ බැරිසිල් මාලිගාතුමාද? නැත්නම් CSN අධිපති ආචාර්ය අධිනීතිඥ නෝමල් කීඩෑධිපති තුමාද? නැත්නම් වෙන කවුද?

    ReplyDelete
  7. තව මොනවා කුරුටු ගාන්නද?

    ReplyDelete
    Replies
    1. පකට පුඟුලෝ හෙළුවෙන් වනති කිව්වලු.......

      උඹ ඔහොම හිතුවට අවුලක් නෑ... මොකෝ මාතලන් ඇනෝ කොමෙන්ට් දානවය කියලා හිතපු එකේ.. මිනිස්සු එහම හිතන්න පටන් අරගෙන තියෙන්නේ උඹ වගේ පොන්නයෝ නිසා..

      Delete
  8. Lot people seems upset when someone write the better truth about bankrupt politicos NGO dogs in SL and dole dogs in the west. We pay tax, dole dogs take our tax and spend whole day writing bad about SL. May be these bastards think Puthano is better than Gota.

    ReplyDelete
    Replies
    1. Ples dont insalt mista Meeta Wijebahu. he not dole dog. he gud bisnas man. he alwes ryt gud englis. he no take avar taks manie. thankiv.

      Delete
  9. මාතා මොකද හිතන්නේ ඊයේ පාන්දර පස්සර බස් අනතුර ගැන? ඇත්තෙන්ම අපිත් අසු ගනං වල ඉදල මෙි කියන බස් සේවාව ඉතා ජයටම පාවිච්චියට ගත්ත වගේම පරිස්සමි ඇතුව ඒ රස්සාව හරියට කරා ප්‍රයිවටි ඇයොන්ට වඩා ctb, කාලකන්නි විදිහට හැමදේම වෙලදාාමක් වෙද්දි ඒ වෙලදාාම සල්ලිම වෙද්දි,,, ඔය හැමදේම වෙනස් වෙන්නෙ නරක විදිහට,,,
    අනික දැන් බස් වෙලදාම තනිකරම කරන් යන්නෙ වෙනම සිස්ටම් එකකින්....
    ප්‍රයිවටි...CTB මුං දෙගොල්ලම ගේම ගහන්නෙ ෆෝන් එකෙන්....නිකමට බලපල්ල ඔය බස් වල එලවන උන්..ගෝලයෝ...මෙලොව චාරයක් නෑ...මිනිස්සු ගැන හෑගීමක් නෑ..මිනිස්සු යන්නෙ අරං කොහොමද කියල උන් දන්නෙ නෑ...මිනිස්සු යන්⁣න ඕන උන් කැමති ක්‍රමෙිට මිසක් මිනිස්සු කැමති ක්‍රමෙිට නෙවෙයි,,,,,මිනිස්සුන්ට හදිසියේම ගමනක් යන්න සිද්ද වුනාම මිනිස්සු දුවල එන්නෙ බස් සේවාව සපය ගන්න...මුං බැදිල ඉන්නව ඒකට...දෙවියන්ගෙ පිහිටයි,,,,ඊට පස්සෙ මොකක්ද ...
    �� ඩයිවරයා කොහේ හරි අයිනක නවත්තගෙන...ඌගේ හත්මුතු පරමිපරාවට ගහනව කෝල්....කටපුක හෝදල...�� ගහල...විටක් කාලා...ඒකත් පුවක් කෑල්ල ලතාවට කඩල...බුලත් කොලේ නැටිත් ලතාවට කඩල...කොලේ දෙපැත්තෙ ආර්ටි එකට හුනු ඩිංගත් ගාලා...ඒක හතරට නවල කටෙි ඔබාගෙන...ඒකත් හපල,,,ටිකක් ඉදල..වැදුනම තමයි පරයෝ �� එක අදින්නෙ...ඒකත් උන්ගෙ අමිමලට විලිරැදාව හැදිල අමාරැවෙන් වගේ හරිම අමාරැවෙන් ගාටනව අනිත් හොල්ටි එකට....ඒ යන අතරෙත් මුං ඉස්සරහට එන �� එකේ එකාට අතින් කියනව මොකක්ද මංද..මට හිතිලි තියෙනව මුං අතින් කියන්නෙ මිනිස්සුන්ට පු## ඇරපං කියලවගේ එකක්,,,,ඉතිං හරි ඒක කියල මට හිතිල තියෙනව,,,,නිකමට බලපල්ල මුං ගමනේ පටං ගැන්ම ඉදල අවසානය වෙනකං කෝල් කියකට ෆොන් එක කනේ තියාගන්නවද..අවදානම ගැන සතේකට වගක් නෑ...ලියනව නං මුංගේ කෙරැවාව පොත් පි⁣රෙන්න ලිව හැකි...වැඩක් නෑ...මෙි අනතුරු අඩුවක් නැ.... මෙි එකක් විතරයි.... තව වෙයි.... මිනිස්සු මැරෙයි.... ඒත් එක්කම මෙි රටත් වලපල්ලටම ඇදෙයි.... අපිට දේව පිහිටයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි ඉතින් හැම දෙයක්ම තීරණය කරන්න වෙන්නේ, ආමේන්

    ReplyDelete
  10. රාජිත කියන්නෙ අමුතුම මොන්ගල් චරිතයක්. බෙහෙත් ලියන්නෙ ඕනෙ ඒකෙ ජෙනරික් නමින් (ඖෂධ නාමයෙන්) පමණක් කියල ප්‍රතිපත්තියක් ගෙනත් මිළ පාලනයක් දැම්මා, ඒක හොඳ වැඩක් වගේ තමයි මිනිස්සුන්ට පේන්නෙ, හැබැයි මොකද වුණේ ? ෆාමසියට ගියාම ලංකාවෙ තියෙන බාල බෙහෙත් තමයි ඒ මිළට තියෙන්නෙ. මම දන්න රෝගීන් කීප දෙනෙක්ම මේ නිසා රෝග උත්සන්න වුණා. පස්සෙ බොහොම අමාරුවෙන් තමයි අර මිළ අධික බ්‍රෑන්ඩඩ් ඖෂධ හොයා ගන්න පුළුවන් වුණේ. ඒවගේ ප්‍රතිපත්තියක් ගේනකොට, මේ යෝධයා ඒකට අත්‍යවශ්‍ය කාරණයවන ඖෂධවල කොලිටිය චෙක්කරන ක්‍රමවේදය ගෙනාවෙ නෑ. මෙතනත් ඒ වගේම තමයි, සමාජයෙ තිබිච්ච භායනක සුදු වෑන් පැහැර ගැනීම, පිස්සො දෙන්නෙක් ගෙනල්ල විහිළුවට ලක් කරා. ඊට පස්සෙ, මධ්‍යවේදියෙක් උස්සන ගේමක් ගහන්න ගිහින් ඒකත් අනා ගත්තා. දැන් ලංකාවෙ සීසීටීවී චෙක්කරලා සැකකාරයො අල්ලන ක්‍රමය ඇවිත් අවුරුදු 10කට වැඩියි, මේ මෝඩය තාම ඉන්නෙ 80 දශකයෙ.

    ReplyDelete
  11. ඇත්තටම මාතා හැමදාම ලංකාවේ මිනිස්සු අල්ලපු ගෙදර එකාගෙ හරි වැරද්ද හොය හොය ඉන්නයි ආස. කිසිම දෙයක් ධනාත්මකව හිතන්නෙ නෑ.

    අපි ඇත්තටම රටට ආදරෙයි නම්. පාරවල් වල කුණු අතු ගාන්න ඕනි නෑ. ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම කැමති ලී වලින් හදපු බඩු පාවිච්චි කරන්න. යන්න කමති කැලෑ අස්සෙ තියෙන හොටෙල් වලට. නියමයි ලස්සනයි කියන්නෙ ඒවා. ඒත් හැමෝම පරිසර හිතකාමීලු. යාල එහෙම ගියාම වහන 20 30 එක සතෙක් වට කරගෙන පොරකනවා. පරිසරයට කිඹුල් කදුලු හෙලන ගොඩක් උං මචන් හෙට යාල යන්නද ඇහුවොත් මොකද්ද බ්රෑන්ඩ් එක අහනවා. අපියි ඔය කැලෑ අස්සෙ හදන හැමදේම වර්ජනය කරනවනම් ඒවෑ බිස්නස් කාරයො රින්ගන්නෙ නෑ. කොරෝනාත් එච්චරයි එලියට ගිහාම වටේ ඇවිදිනවා ඔක්කොම. හවසට නිවුස් බලන ගමන් රටටම බනිනවා කවදාවත් හැදෙන රටවල් නෙමේ කියලා. නොදකින්

    ReplyDelete
  12. තෙල් නැවකට ගොඩවූ පළමු බලශක්ති ඇමතිවරයාවූ ගම්මන්පිළ මැතිඳුට ජාතියේ උපහාරය!

    ReplyDelete
  13. I will comment later. Right now I am in a hospital because my friend swallowed a 16GB memory card. Now he is singing all the songs in it. We are praying he does not reach the video folder.

    ReplyDelete
    Replies
    1. I wish your friend Wijebahu all the best!

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න