.

.

Apr 15, 2021

පෝට් සිටි කොමිසම ක්‍රියාත්මක කළ යුතුමය.


පෝට් සිටි ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ යුගයේ ලංකාවට ගෙන එන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ අපේ රටේ සිඳුකල විශාලතම ආයෝජනය ලෙසටය. එය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම් 2025 වන විට සියල්ල නිම වීමට සැලසුම් කර තිබිනි.

එහෙත් 2015 පත් වූ වසර පහක් තිස්සේ රට කා විනාශ කල කාළකන්නි යහපාලනය බලයට පැමිණි විගසම කළේ, මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය නවතා දමන එකය. වඩාත් ලොල් සහගත කාරණය නම් රනිල් වික්‍රමසිංහ වැනි ලිබරල් යැයි කියා ගන්නා නායකයකු අතින් එය සිඳුවීමයි.

රනිල් එසේ කළේ ඇයි?

මෙහිදි රනිල් ප්‍රස්තුතයට පෙර, අදාලම නොවුවත් කළු ගල් ජෙප්පන් ගැනද යමක් සඳහන් කළ යුතුමය. ජෙප්පන්ගේ බල මණ්ඩලයේ ඉන්නා මහ වුන්, ලෝකය පිළිබඳව, බටහිර රටවල් පිළිබඳව, ඇමරිකාව පිළිබඳව, චීනය පිළිබඳව, ඒවා දියුණුවට පත්වූයේ කෙසේද, කුමන ක්‍රමයකටද යන්න පිලිබඳව මෙලෝ දෙයක් නොදන්නා වුන් කියා කෙනෙක් සිතන්නේ නම්, ඒ තරම් ගොනෙක් මිහිපිට ඇත්තේ නැතිය.

එහෙත් පෝට් සිටිය හදන්නට මුළු ලංකාවේම කළු ගල් යනවා කියා ඇස් ලොකු කර කට උල් කර කෙප්ප කෙලිනුයේ, රට දියුණු වුවහොත් උන්ගේ තියරි වලට මෙන්ම පක්ෂයටද කෙලෙවෙනා බව හොඳින්ම දන්නා නිසාය. උන්ගේ කළු ගල් කෙප්පය ගල් පැලෙන බොරුවක් බව අද ඔප්පු වි අවසානය.

රනිල් නම් අමු කුහකයාද මේ ව්‍යාපෘතිය නවතා දැම්මේ වෙන කිසි හේතුවක් නිසා නොව, තම ජීවිත කාළය තුලම මේ රට දියුණු වීමේ ක්‍රෙඩිට් එක රාජපක්ෂලාට යන නිසාවෙන්මය.

රනිල් කලේ, මෙය තමන්ගේ වැඩක් බව පෙන්නන්නට චීනේ රවුම් ගසා, නව ගිවිසුමකට යාම පමණි. හාතයි බූරූවන්ට මේක මහා වීරකමක් ලෙස පෙනුනද, චීනා කළේ එතෙක් ලංකාවට අයත්ව තිබූ හම්බන්තොට වරායා සාදාකාලිකව කුණු කොල්ලයට පවරාගැන්මය. කෙනෙක් මෙය දුන්නේ අවුරුදු 198 කට කියා තර්කයක් ගෙන එන්නේ නම් උන්ට කියන්නට තිබෙන්නේ එදාට නැවත පවරාදීමේ උත්සවයට සහභාගී වී ආතල් එකක් ගන්නා ලෙසය.

අද වෙන්නේ කුමක්ද?

පෝට්සිටි කොමිසමට එරෙහිව අදත් සිඳුවන්නේ ඒ 2015 දී සිඳු වූ ක්‍රියාදාමයමය. වෙනසකට ඇත්තේ අමු ගොන් බයියන් හා බයි පාර්ෂවයේ කහකඩයින් හා ආතක් පාතක් නොමැති ඇමතිකම් හා සල්ලිවලට හැම පැත්තටම පනිනා විජේදාස රාජපක්ෂ වැනි දේශපාලන කුහකයින් තම පිලට එකතුකර ගැන්මට ඔවුන් සමත්ව තිබීමය.

උන්, මේ කොමිසම, ජනතාව වෙත පෙන්වන්නෙ රටින් කොටසක් චීනාට දීමක් ලෙසිනි. එහෙත් ඇත්ත කතාව එය් නොවේ. මේ ගැන ඉතා හොදින් පැහැදිලි කරනා මහාචාර්‍ය රොහාන් සමරජීවගේ පහළ ඇති වීඩීයෝව ඊට සාක්ෂි සපයයි.

ඔහු මේ අදහස් පලකරනුයේ ආන්ඩු විරෝධී වෙබ් අඩවියක් වන The Leader වෙබ් අඩවිය වෙත වීම විශේෂයකි. මීට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් සිටින අමු කුහකයින්ගේ මරි මෝඩ ගොන් තර්කවලට පිළිතුරු දීමට කිසිඳු අදහසක් නැතත්, මහාචාර්‍ය රොහාන් සමරජීව මහතා මතු කරන කරුණු දෙකකට පිළිතුරු දීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

පෝට් සිටි කොමිසම පිහිටුවන්නේ ඇයි?

ඊට හේතුව සමරජීව මහතා ඉතා පැහැදිලිව කියා සිටී. මේ පිළිබඳව මාතලන්ද කෙටි ෆේස්බුක් සටහනක් දැම්මේය. ඇත්තටම මේ පිහිටුවන්නේ මෙතෙක් පැවති ආයෝජන මණ්ඩලය (BOI) වැනිම වූ ආයතනයකි. එහෙත් එවන් මණ්ඩලයක් තිබියදී තවත් පෝට් කොමිසමක් පත් කරන්නේ ඇයි?

ඒ අයෝජන මණ්ඩලයෙන්ද බලාපොරොත්තු වූ කාර්‍යක්ෂමතාවය නොලැබී යාම නිසා නොවේද? රටේ චිර ප්‍රසිද්ධ ව්‍යවසාකයින් කීප දෙනෙක්ම ආයෝජන මණ්ඩලයේ සභාපතිවරුන් ලෙස පත් කලද, ඔවුන් ඉතා කෙටි කලකින්ම ඉන් ඉවත්ව යන්නේ ඇයි? මොකා ආවත් නිළධාරී මාෆියාව හා කිසිවක්ම කල නොහැකි නිසාවෙන් නොවේද?

අන්ත දූෂිත රාජ්‍ය සේවය හා ආ‍යතන සමඟ මේ රට දියුණු කිරීම සිහිණයාක්ම පමණක් බව මේ මේ වසර කිහිපය තුලත් පෙන්වා අවසානය. ගම සමඟ පිළිසඳර ඒ බව මුලු ලෝකයටම පෙන්වා අවසානය. වැඩක් කරන්නේ ශවේන්ද්‍ර පමණි. රාජ්‍ය නිළධාරින් හෝ ලේකම්වරුන්ගෙන් කිසිඳු දෙයක් එතුමා ඉල්ලන්නේ නැත.

ජනාධිපති තුමා මෙය තේරුම් ගෙන අවසානය. එහෙත් ඔහු ජේ ආර් මෙන් නොව, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු වන බැවින් කරනුයේ අර කාළකන්නින්ට හානියක් සිඳු නොකොට, ඔහුගේ අධීක්ෂණය යටතේ පෝට් සිටිය වෙනුවෙන්ම වෙනත් ආයතනයක් පිහිටුවීමයි.

මෙහිදී පවතින ආයතන පද්දතිය හා ක්‍රියාදාමයන් මුලින් විවේචනය කරනා සමරජීව මහතා යෝජනා කරනුයේ, පවතින ආයතන විධිමත් කර ගැනීම බවයි. එහෙත් ඔහු නගනා මුල් තර්කය මේ යෝජනාව තුලින් ඔහුම නිෂේධනය කර ගැනීම කනගාටුවට කරුණකි. සිඳුවිය යුත්තේ නව ආයතන‍‍‍‍‍‍‍යේ ශාඛා රට පුරා පිහිටුවීමය.

සමරජිව මහතාට ගැටලුවක්ව පවතිනුයේ වසර 40 ක බදු විරාමයයි. එහෙත් ඔහු අමතක කරනා කාරණය නම්, බදු මුදලින් ලබනවාට වඩා මුදලක් වක්‍රාකාරයෙන් රට තුලට ගලා එන මුදල් හා සංවර්ධනයේ ප්‍රතිලාභයි. පෝට් සිටිය තුල සියළු ගණුදෙනු සිඳුවන්නේ විදෙස් මුදලින් නම් එය කෙතරම් සතුටක්ද? එය කෙමෙන් කෙමෙන් විදෙස් මුදල් වෙත හුවමාරුවීමක් නොවේද? (ඊශ්‍රායලයේ මුදල් ෂේකල්ස් වූවාට, සියල්ල ගනනය කෙරෙනුයේ අමරිකාණු ඩොලර් වලිනි) මෙහිදි උදාහරණයක් ලෙස කැළණි ගඟ හරහා ඉඳිවන අති දැවැන්ත මාර්ග පපද්ධතියද පෙන්වා දිය හැක. මේ පෝට් සිටිය නිසා රටවැසියා ලද දැවැන්ත සංවර්ධනයකි.

අප ඝෝඨාභය ගෙන ආවේ සිල්ලර කාරනා ඉටු කර ගැන්මටවත්, හිට්ලර් කෙන්ක්ගේ වීරක්‍රියා බලන්නටවත් නොවේ. එකම පරමාර්ථය වූයේ ඔහු දේශපාලකයකු නොවීමේ හේතුවෙන්ම, එක එකා පිනවීමට කටයුතු නොකොට සෘජු තීන්දූ තීරණ ගෙන, රට ආර්ථික වශයෙන් වේගයෙන් සංවර්ධනය කරනා ලී ක්වාන් යූ කෙනෙක්, මහතීර් මොහොමඩ් කෙනෙක්, ඩෙන් ෂියා ඕ පෙන් කෙනෙක් බලාපොරොත්තුවෙනි .

එහෙත් ඒ බලාපොරොත්තුව සිඳබිඳ දැම්මේ නැගෙනහිර ජැටිය පිළිබඳ සිද්දි දාමයයි. එය මාතලන්ට අනුව නම් ඇත්ත වශයෙන්ම ඝෝඨා ෆේල් වූ මුල් අවස්ථාවයි. මේ අවස්ථාවේත් එක එකා ගහනා පදයට නටා මේ ඉදිරිගාමී තීරණය හකුලා ගතහොත් එය ඝෝඨාභයගේ අවසානය පමණක්ම නොව, රාජපක්ෂලාගේද, රටේද අවසානයයි.

.

ඒ වගත් මෙසේය…..









 

13 comments:

  1. මහත්තයා පෝට් සිටියේ ටැක්සි දුවලා යුවාන් හොයන්න බලං ඉන්න ටැක්සි කාරයෙක්ද?

    ReplyDelete
  2. සෞම්යාට ආදරේ. දිව දාන්න තිබ්බා නං. ම්ම්..

    ReplyDelete
  3. අපිට පයින්ම යන්න පිටරටක්!
    වීස ගන්න වෙන එකක් නෑ නේද මාතලන් ඔන් එරයිවල් ගහයි නේ.

    ReplyDelete
  4. ඒ උනාට බල්ලා, ඌරා, තෝ හොර රාජක්ෂ කෙනෙක් කියල බනින එක වැරදියි නේද මහත්මයා

    ReplyDelete
  5. ඒයී ගූතලන් �� බැසිලා කීයක් ගෙව්වද මේ කෙප්පේ ලියනවට?

    ReplyDelete
  6. oi mthalan ubata cheena kiyak gewwada meka danawata? oyata wada nambui oi kotuwe reddak dagena higa kewanam. thuk nodakin awajathaka balla.

    ReplyDelete
  7. අයිසේ මාතලන් මේ දවස්වල චීනය සහ ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.

    මෙම යෝජනාව මුලින්ම සාකච්ඡාවට ගත්තේ 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ අවසන් භාගයේ දී නමුත් ඉන් අනතුරුව යහපාලන රජය කාලයේ එම සාකච්ඡාව ඉදිරියට පැවැත්වුණේ නැහැනේ.

    මෙම සාකච්ඡා මේ වනවිට නැවත ආරම්භ කර ඇති අතර එහි ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ වැඩිපුර චීන වෙළෙඳපොළට යැවීම බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.

    දැනට දෙරට අතර වාර්ෂික වෙළඳාමේ පරතරය මෙරිකානු ඩොලර් බිලියන තුනක් පමණ වෙයි.

    මෙරටට වසරකට ඩොලර් මිලියන 3700 ක විවිධ නිෂ්පාදන චීනයෙන් ගෙන්වන නමුත් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව චීනයට අපනයනය කරන්නේ ඩොලර් මිලියන 700 ක පමණ නිෂ්පාදන තොගයකි. මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන් නේද?

    ReplyDelete
  8. ඇත්ත බොරුව දැනගන්නට බැරිව මම
    ඉන්නෙමි කරකවා අතහැරි විලාසෙම!

    ReplyDelete
    Replies
    1. මේ බලන්න ලංකාවේ ඉතිහාසය සහ ඉදිරි කාලයේදී ලංකාවේ වෙන මහා විනාශයක් ගැන ඉතා මැනවින් පෙන්වා දී ඇත මෙසේ;

      https://www.facebook.com/watch/?v=447058959910794

      Delete
  9. ලංකාවේ එකෙක් ත්‍රී වීල් එකේ ගියත්, කාර් එකේ ගියත් දවසට ඩොලර් ලක්ෂ ගානක් පිටරට යනවා.

    ලංකාවේ තියෙන ගොඩක් ඉදිකිරීම් contract වල ලේබර් ල ඉඳන් ඉන්දියාවෙන් බනග්ලි දෙසෙන් ගෙන්වල තියෙනවා, චීනෙනුත් එක්ක මිනිස්සු ගෙන්වා තියෙනවා. ලංකාවේ හොඳ අත පය ඇති මිනිස්සු කම්මැලි කමට නිකමුන් සේ ත්‍රී වීල් උඩ බකන් නිලාගෙන ඉන්නවා. මහන්සි වෙලා දවසට තුන් හාර දාහක් හොයාගන්න පුළුවන් කම තියෙද්දි කම්මැලි කමට ටැක්සි පැදල දවසට දාහක් එක්දහස් දෙසීයක් විතර අරන් ෂේප් වෙනවා. පොදු ප්‍රවාහන පහසුකම් කුජීතයි.

    ලංකාවේ පක්ෂ විපක්ෂ ඔක්කොම කැමති දෙකයි පණහේ කාලකන්නි විසින් මෙහෙයවනු ලබන ත්‍රී වීල් සංගමේට, උන්ගේ පදේට නටන්න, මොකද ලක්ෂ 7 ක ඡන්දනේ මයේ අප්පා. ලේසිද …

    විදෙස් ණය අරන් රුපියල නග්ග ගන්න එක හරියට පාරේ යන ගො*ක් දැකල පොඩ්ඩක් නැග්ග ගන්නවා වගේ ණය ගෙවන්න වෙනකොට ඉක්මනට බහිනවා …. ජේ ආර් ගොන් පඩයා ඩොලර් බිලියන ගණනින් ණය අරන් සෝබන වැඩ පෙන්වා මිනිස්සු රවටා ගත්ත පුරුද්ද දිගටම ඔහේ රවටාගෙන යනවා. ඇමරිකානු අත්දැකීම් තියෙන බොලාගේ ආමි කාරයත් දෙසිය විසිපහ ගහන පදේටම නටනවා නේද බන්? කෝ අලුත් විදියට හිතන්න දන්න තරුණ පරපුර? වියත් මග කල්ලියේ පොරවල් කෝ?

    අපේ උන්ට ඉතින් පදින්න ඕනේ බෙන්ස්, පාරේ බස් එකේ යන්න පුළුවන් වෙන්න බස් ටික හදාගන්න උත්සාහ කරන්නේ නැහැ, ඇමතිලාට ඕනේ කෝටි හත අටකට වඩා වැඩි රේන්ජ් රෝවර්, ලෑන්ඩ් කෲසර් වී8, උන්ගේ ගෝලයන්ට ඩිෆෙන්ඩර්, රැංග්ලර් ……….. නොදකින්

    ගාමන්ට් කෙල්ලෝ ටිකයි , අරාබියේ වලන් හෝදන ගැහැණු ටිකයි, මැදපෙරදිග කලාපයේ සහ කොරියාවේ ඉතාලියේ කට්ට කාගෙන සල්ලි හොයන කොල්ලෝ ටිකයි නැතිනම් මෙලාකට රුපියල අවීචි මහ නරකාදියේ අර ගමරාළ ඒ දවස්වල කියුවා වගේම... කවදාවත් හදන්න බැරි වෙච්ච රටක් බන් මේක...

    ReplyDelete
  10. Mista Wijebahu Sar. Ples com an ryte gud englis ansers to thys.
    ples com kivkli sar.

    ReplyDelete
  11. මා ජනාධිපති නීතිඥයකු තබා නීතිඥයකුවත් නො වෙයි. විද්‍යාඥයකු වීමට ගොස් බැරුව ආපසු අයකු පමණයි. උගතකු බුද්ධිංමතකු වියතකු නො වෙයි. මා කියන දේ වැරදි වෙන්න පුළුවන්. ජනමාධ්‍යවේදීන් හා වෙනත් විදග්ධයන් මා ගැන කුමක් කිවුවත් මෙය සඳහන් නොකර ම බැහැ.

    ReplyDelete
  12. කවුරු මොනවා කිව්වත් මාතලන් කියනදේ හොඳින් අහන්න.
    ස' ඕක වහාම ක්‍රියාත්මක කරන්න.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න