.

.

Jul 15, 2021

රජයේ විස්ස විජ්ජාල වල මාර කොලිටිය හා පට්ට ෆේල් ඇමති හා ලේකමා



රාජ්‍ය විශ්ව විද්‍යාල මාර කොලිටිද ?
📼📼📼📼📼📼📼📼📼📼📼📼📼

😂 සබරෙ මෙඩිකල් ෆැකල්ටි ඩීන් ට බේසික් ඩිග්‍රිය නෑ..

😂 පේරා වී සී බැච් මිස් වෙච්චි එකෙක්

කොතලාවල පනත ගෙන එනවාට පුච ඉරාගෙන අඬන්නේ, අන්ත දූෂීත විස්ස විජ්ජාල හා ඒවාට අරක් ගත් මොනෝපොලි භූතයෝය. අනෙක් පිරිස, පින් පඩි කන හැම ආන්ඩුවටම විරුද්ධ, හූනියම් කාරයෝය. ඊට අමතරව ආන්ඩු විරෝධි ඩොලර් කාක්කන් වන, ජවිපේ,  පිරිමි නේසා හා රවී කුමුදේස් නම් මහා රසායනික විජ්ජාග්නයාද ඉන්නවා දැක්කාම අපට හිනා යන්නේ පිටි පස්සෙනි.

මුන් එකෙක්වත් පාසල් අජ්ජාපනයේ හෝ උසස් අජ්ජාපනයේ හෝ විස්ස  විජ්ජාල පද්දතියේ දියුණු කිරීමට කිසිම යෝජනාවක් හෝ ගේන්නේ නැති අතර, පැරණි වැඩ වසම් යුගයේ මෙන් නූගත් පිරිසට කිසි දින නිසි අධ්‍යාපනයක් ලබා දෙනවාට විරුද්ධ පිරිසකි. උන් හැමදාම ඉන්නට ඕනෑ නූගතුන් හා පීඩිතයින් ලෙසමය. 

මුන් සියල්ලෝම තැනකට ආවාට පසු තනතුරෙන් බැබලෙන උන් මිස, තනතුර බැබලවීමක් හෝ රටේ උන්නතියට කිසිවක්ම නොකරනාතර, පුටු රත්කරමින් නිදාගෙන ආන්ඩුවේ රස්සාම හොයමින් පැන්ෂනුත් බලාපොරොත්තු වෙන කාළ කන්නින්‍ ය. 

වැක්සීන්කරණය මීට හොඳම උදාහරණයයි. එහිදි ඩොකාලා හැසිරුන ආකාරය මුලු ලෝකයේම පිලිකුලට බදුන් වී  අවසානය. අද සවුක්ක සේවයේ උන් නැට්ට පුචේ ගසාගෙන ගලේ රීපූ පූචෝ වගේ අට පාස් අමිකාරයන්ගේ වැඩ ගැන කට උත්තර නැතිව බලා සිටිනවාය. (වැක්සීන්කරණය ලබා දෙනුයේ ඒ පිළිබඳ දැණුම් ඇති නිළධාරින් විසිනි.)

ඊයේ ජෝෂප් ඉස්ටාලින්ගේ සංගමයේ කැත ගෑනියෙක් (මේ පෞර්ෂයක් නැති කැත ගැහැණුන් හා පිරිමින් සමාජයට වෛර කරන මානසික රෝගින් බව අද මනෝ විජ්ජග්නයින් විසින් සොයාගෙන අහවරය - බොරු නම් හොඳින් නිරීක්ෂණය කරන්න, 99% එසේය.) ජාතික පාසල් 300 ගනන 1000 ක් දක්වා වැඩි කිරීමට විරුද්ධව මාධ්‍ය සාකච්ඡා තිබ්බේය. ඇත්තටම මුන් ගුරුවරුද? 

මේ ආන්ඩුව ගෙන ආ එම යෝජනාව මේතාක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවිම, ආන්ඩුවේ ෆේල් වීමක් බව අප කෙලින්ම කියමු. එමෙන්ම ඔන් ලයින් අධ්‍යාපනයත් අමාත්‍යංශයෙන් නිසි වැඩපිලිවලක් අනුව ක්‍රියත්මක වූවක් නොව, ගුරුවරුන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී ගෙනගිය ඉදිරීගාමී වැඩපිලිවෙලක් ලෙස ඔවුන්ට ගෞරවයක් වශයෙන් කිව යුතුය. නැතිනම් වසර එකහමාරක් ගතවීත් ඇමති හා ලේකම් මහාචාර්‍යවරු  දෙදෙනා කළ ලබ්බක් නැත්තේමය.

කරුමය කියන්නේ, මෙවන් කාළකන්නින් හා ජනාධිපති තුමා බලාපොරොත්තු වන අධ්‍යාපනයේ විප්ලවය කළ හැකිද යන්නයි. මා මේ අංශයේ වැඩක් කළ එකෙකු ලෙස දකින්නේ, විස්ස විජ්ජාල කොමිසමේ ලොක්කා පමණමය. ඔහු ජනාධිපතිතුමාගේ වැඩ පිලිවලට දිරි දෙමින් මේ වසරේ විස්ස විජ්ජාලවලට බඳවා ගන්නා පිරිස 100% කින්ම පමණ ඉහළ දමා තියෙනවාය.

ඊයේ ආරම්බ කළ , ජනාධිපති ඝෝඨාභයගේ සංකල්පයක් වන, ආර්ථික ශක්තියක් නැති, කුසලතා පිරි දරුවන් වෙනුවෙන් උපාධියක් ලබා දීමේ වැඩ සටහන අගය කිරීමට නොහැකි අමු කුහකයන්ටම පමණි. විදෙස් රැකියාවල නිරතවී ඇති අපි, අපේ උන් පිලිපීන, කේරල, හා බංගලාදේශ් උන් හමුවේ අසරණ වන ආකාරය අප අත්දැකීමෙන්ම විඳලා තියෙනවාය.

අර වට පඩත්තල ගිරා පෝතක  උගත්තුන්ට මේවා අරහංය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවීමට ඉඩ නොදෙන්නේ උන්ගේ දරිද්‍රතාවයේ හීනමානයම මිස වෙන කිසිවක් නොවේ. එවන් උන්ගෙන් පිරී පවතින ගොම සංගමය ඊට ඇති හොඳම උදාහරණයයි.

විස්ස විජ්ජාලේ තත්තේ

ඒ  අස්සේ විස්ස විජ්ජාලවලම සිටිනා මගේ මිතුරන් කියනා දේ ඇසුවාම ඇඟ හිරී වැටී යන අතරේ, විස්ස විජ්ජාල නිසි කළමනාකරණයකට ලක් කිරීමට විරුද්ධ මන්දැයි යන කාරණයත් හරි පැහැදිලිය. මේවා ඇත්තද නැත්තද සොයනා එක ආන්ඩුවේ වැඩක්‍ය...

රජයේ විශ්ව විද්යාල වල දූශිත බඳවාගැනීම් සහ පත්කිරීම් ගැන දන්න අය, අම්මට සිරි  ලංකාවෙ උසස් අධ්‍යාපනය මිලිටරීකරණය නෙවෙයි චාලි චැප්ලින්කරණය වුනත් ඇහැක් අරින්නෙ නැතිය..

වර්තමානයේ එක වෛද්‍ය විද්‍යාලයක ඩීන් කෙනෙක් ලෙස් ඉන්නේ උසස් පෙල සමත් ව විශ්ව විද්‍යාලයට ගිහිං බේසික් ඩිග්‍රී එකක් ගන්න බැරිවෙච්චි ප්‍රථම උපාධිය හෝ නැති එකෙක්ය...

ඒ වෛද්‍ය විද්‍යාලෙට වැඩියෙන් බඳවාගෙන තියෙන්නෙත් එහෙම බේසික් ඩිග්‍රි නැති බුවාලාය...

තවත් ප්‍රධාන විස්ස විජ්ජාලයක බැච් මිස් වෙච්චි කෙනෙක් උපකුලපති පුටුවේ ඉන්නවාය..

නිදහස් අජ්ජාපනේ රැක ගනිල්ලා කියා බෙරිහන් දෙන්නේ මෙවන් පර්සනැලටියක් නැති කස්ත ගැහැණු පිරිමි හා හීනමාන වංචාකාරයෝය...

පෞද්ගලික අජ්ජාපනේ එපෝ කියා ලොරියක මොර දෙමින් යන කාලක් ගහන කාන්ලාගේ අනුර ලොක්කාගේ දරුවෝ ඉගෙනගන්නේ පිටරට වාසිටිවලය..

ඒ තියා ආන්ඩුව ඇතුලේ විප්ලව කරනා විමල්ගේ පුතා ඉගෙන ගත්තේත් ගමේ ඉස්කෝලේ නොව එංගලන්තයේ හා චිනේය. එයාලා ගේන්න වෙනම එරොප්ලේනුත් යැව්වාය.

ගම්මන්පිලගේ පවුලම ඉන්නේ ඔට්ටේලියාවේය..

නිදහස් අජ්ජාපනේ රැකගනිමු කියලා කස්ටිය වෙනත් විශ්ව විද්‍යාල වලට ඉඩ නොදෙන එකෙන් කරන්නේ මේ වාගේ දෙබිඩ්ඩන් හා පට්ට දූෂිතයින් ආරක්ෂා කිරීමය.


ඒ වගත් මෙසේය.


ප: ලි:

මේ ඇත්ත අමුවෙන්ම ලිව්වාම මුන් කරන්නේ බොට් ෆාම් වලින් රිපෝට් කර අපව බ්ලොක් කිරීමය. මෙයත් එසේ බ්ලොක් වීමේ සම්භාවිතාවය ඉතා ඉහළය.

බුකියෙන් එලවා දැමුවත්, බ්ලොග් අඩවියේ දිගටම ලියනා බව හිතවත් පිරිසට මෙයින් දැණුම් දෙනවාය..

28 comments:

  1. එකෙන් ම රෙස්පා මාතේ,

    මරු කතාව. මේ වගේ කතාවක් ආචාර්ය කුමාර කලුආරච්චි ඒ කාලේ පේරා එකේ වීසි ගැන කියුවා නේද?

    ලංකාවේ තරම් අධ්‍යාපනය කඩාකප්පල් කරන වැඩපිළිවෙළවල් ලෝකේ කොහේවත් නෑ. දකුණු ආසියාවේ අනෙක් රටවල් ලංකාවට වඩා ඉහළ යනවා වේගයෙන් විශේෂයෙන්ම බංග්ලාදේශය සහ මාලදිවයින.

    උඹ අර කලින් පෝස්ට් එකේ පොඩි තව් කේස් එකටත් එක හේතුව මේ වගේ ජඩ ආත්මාර්ථකාමී අමන පොතේ උගතුන් මිස නිර්මාණශීලී ලෙස ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීය හැකි බුද්ධිමතුන් බිහි කිරීමට වැඩපිළිවෙළක් නොමැති වීම.

    ඒ වගේම තමයි මේ දවස් වල රංජා හිරේ හිටිය හින්ද බේරැණා නැත්නම් රංජා ෂුවර් එකටම අනිවාර්යයෙන්ම 15 සින් එකට මාට්ටු වෙනවා... ඕකා පොඩි තව් විදින්න දෙයියානේ. බුදු ෂුවර්... අනෙකා කුඩු දුමියා... දැන් ඌත් එළියේ...

    ReplyDelete
  2. මාතා,

    මේ වන විට ඇමරිකා පුරවැසියන් වූ නන්ද සේන සහ බැසිල් රාජපක්ෂ යන ඇමරිකානු රෙජීමය විසින් ඇමරිකා බළල් අතක ආකාරයට පාලනය වන වර්තමාන දූෂිත ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසු ලාංකිකයන් හය ලක්ෂයට වැඩි සංඛ්‍යාවක් රටින් පිටව යාම සඳහා වෙනත් රටවලින් වීසා අයදුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ඉන්දියාවේ සහ වෙනත් විදේශ මාධ්‍ය වලට පවසා තිබුණා ඊයේ.

    ඒ අනුව මෙසේ අයිති වීසා ඉල්ලා ඇති පිරිසෙන් බහුතරයක් සිංහල බෞද්ධයන් වීම විශේෂ බවත් ලංකාවේ ඉන්න උගතුන් ව්‍යාපාරිකයන් වෘත්තීයවේදීන් මේ ආකාරයෙන් මහා පරිමාණ වශයෙන්ම රට හැර යාමෙන් බුද්ධිගලනය වීම මත ශ්‍රී ලංකාව ඉදිරියේ දී විවිධ අංශයන්ගෙන් පසුබැස්මට ලක් වනු ඇතැයිද ඔහු පැවසුවේ ඇයි?

    මෙම වසරේදී මේ ආකාරයෙන් වැඩිම වීසා ප්‍රමාණයක් අයදුම් කර ඇතැයි ද පැවසූ ඔහු ලාංකිකයන් වීසා අයදුම් කර මේ ප්‍රතිශතය මෙතරම් ඉහළ ගිය මුල්ම අවස්ථාව මෙය යැයිද සඳහන් කළා.

    මේ වීසා අයදුම් කිරිම අතින් යුරෝපා රටවල්, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා කැනඩාව ප්‍රමුඛස්ථානය සිටින බවත් වීසා නිකුත් කිරීමේ සේවා වලින් ඉහත තොරතුරු තහවුරු වී ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

    මෙසේ ලාංකිකයන් රට හැර යාමට ප්‍රධාන හේතු වී ඇත්තේ ලංකාවේ පරිසරය විනාශ කිරීම සහ ආනයන සීමා පැනවීමෙන් රටේ ආර්ථිකය හැසිරවීම හා රට ස්ථාවර කිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වීම නිසා බවත් පැවසූ ඔහු මෙවැනි තත්ත්වයන් ඇති වීම මත ආර්ථිකයටත් අනාගතයටත් දැඩි ලෙස බලපාන බව තව දුරටත් කියා සිටියා. මේ කතාව ඇත්ත ද?

    රට හදන්න මහන්සි වෙනවට වඩා IELTS කරන එක ලේසියි කියල ජවිපෙ සහ එජාපයේ සමාජ ජාල ක්‍රියාකාරීන් විශාල ලෙස දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියා.

    පහුගිය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමය තුල ලංකාවේ පදිංචියට යුරෝපීය රටවල, ඇමරිකාව ඕස්ට්‍රේලියාව වගේ රටවලින් ලංකාවට පදිංචියට පැමිණි ධනවත් බලවත් ජනයාද මිලියන ගණන් ලංකාව හැර නැවත තම මවු රටවලට යාමට නියමිතයි.

    එජාපය විසින් ලෝකයේ වේගවත්ම ආර්ථික සංවර්ධනය සහිත රට බවට පත්ව තිබූ ලංකාව මේ වන විට රාජපක්ෂ රෙජීමය විසින් සහමුලින්ම විනාශ කර දැමීම ගැන විදේශ ගත ලාංකික ජනතාව ලෙස අපට ඉතාමත්ම දැඩි කණගාටුවක් පවතින බවත් කීමට කැමතියි.

    ReplyDelete
    Replies
    1. @ AnonymousJuly 16, 2021 at 3:21 AM

      වැඩ බැරි වෙච්ච කට්ටිය පරණ තැටියම ගහනවා. ඔය රනිල් වික්‍රමසිංහ ලා සජිත් ප්‍රේමදාස ගේ ටෙලිපෝන් කබ්බෝ සෙට් එක සහ මාලිමා වහල් බයියො පහුගිය ආණ්ඩුවේ ඉඳලා රටට කරපු එකම එක දෙයක් තියෙනවද? යන්තම් අර මෝදි ගොයියා තෑගි දීපු සුවිසැරිය ඇම්බියුලන්ස් ටික කබල් ගානවා විතරයි. ඔවුන් කරපු සංවර්ධනයක් තියෙනවා නම් පෙන්නන්න. රාජපක්ෂ කල්ලියට දැන් රටේ බලය ලැබිලා තියෙනවා, ඒවට අපි කවුරුවත් ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැ. රාජපක්ෂ පවුල බලයට පත් කරලා තියෙන්නේ බහුතර මහජන ඡන්දයෙන්. බැසිල් රාජපක්ෂ විතරයි ජාතික ලැයිස්තුවෙන් ආවේ. ඒක තමයි රටේ ජනතාවගේ කැමැත්ත. ඒ පවුල බලයට ආවේ ජනතාවගේ කැමැත්ත නිසා. ශෂීන්ද්‍ර යෝදයා මොණරාගලින් දින්නා. නාමල් ගොයියත් ඒ වගේම දින්නා හම්බන්තොටින්. මහින්ද රාජපක්ෂ කුරුණෑගල දින්නෙත් ඒ දිස්ත්‍රික්කයේ පළමු තැනට ඇවිල්ලා. ඒ පවුල දිනලා තියෙන්නේ රටට වැඩක් කරන බවත් මිනිස්සුන්ට කෙළවලා දාන්නෙ නෑ කියලා මහජනතාව අතර විස්වාසයක් තියෙන නිසා. මේ පවුල රට ආරක්ෂා කරනවා වගේම මේ රටට ආදරෙයි කියලා බහුතරය විස්වාස කළා. දැන් ඒ විස්වාසය පළුදු වෙමින් පවතින බව ඇත්ත ඒත් රට ආරක්ෂා කරන්න අකමැති රට ගැන කිසිම හැඟීමක් නැති වෙන රටකට පැනගන්න චාන්ස් එකක් එනකන් බලා ඉන්න මෙලෝ වැඩක් බැරි මිනිස්සු සහ පිටරටට වෙලා ලංකාවට කෙළවිලා යනකම් බලන් ඉන්න මීහරක් තමයි මේ පවුලට පහර දෙන්නේ. මේක අපිට අලුත් දෙයක් නෙවෙයි. මේ අය ඡන්දයක් නැති නිසා දඟලනවා. දෙයක් තිබ්බා නම් මොවුන් දඟලන්නේ නැහැ. මහ මැතිවරණයට කලින් දැඟළුවා වගේ දැන් ආයිත් දඟලනවා. ඒ ගැන ඉදිරි කාලයේදී රාජපක්ෂ කල්ලියේ පරිපාලනය සහ තීන්දු තීරණ අනුව බලාගන්න පුළුවන් වෙයි. එතකොට ඒ ගැන අදාළ මැතිවරණ වලදී අපේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්. එච්චරයි.

      Delete
    2. අම්මප උන්ට සාඩින් ටින් එකක් පරිප්පු ටිකක් වත් අඩුවට දෙන්ට බැරි උනානේ.
      ඇයි හරක් මරන්ට තහනම් කරන එක.
      රනිල්ට බෑ , අනුරකුමාරටත් බෑ සජිත්ට කොහොමත් බෑ

      Delete
    3. @ AnonymousJuly 16, 2021 at 3:21 AM

      එළකිරි මචෝ..රෙවෙන්නම දීලා තියෙනවා

      Delete
    4. මාතලන් අංකල් තේරුම් ගන්නේ නැති දේ තමයි ගෝඨාභය ඒකාධිපතියෙක් නෙමෙයි කියන දේ. ඒකා වෙන්න කලින් අධිපතියෙක් වෙලා ඉන්න එපැයි. දැන් ඒකා මොකේද අධිපති? ජනාධිපති තනතුර දරන නිලධාරියෙක් හැටියට වැඩ ටික කරගෙන යනවා.

      ඇත්තටම රනිල් වික්කමසිංහ තමයි ඒකාධිපති. 94 ඉඳල පැරදිලා පැරදිලා පැරදිලා තිස් පාරක් කප් ගහලා පැරදිලාත් පක්‍ෂ නායක කම වෙන එකෙකුට දුන්නේ නැති එකා, 2015 යන්තම් වෙන ජොකියෙක් දාල රේස් එක දිනලා උසවියත් රවටලා හදා ගත්ත ව්‍යවස්ථා සංශෝධනය කොහොමද? අන්න ව්‍යවස්ථා කුමන්ත්‍රණ ! පහුගිය කාලේ 2018/18 අවුරුද්දේ දවස් 45කට අගමැති කම නැති උනාම නටපු ජෝගිය කොහොමද? ඌටම හරි යන කතානායක ! අන්න ඒකාධිපතියෝ !! රනිල්ගෙන් ප්‍රාතිහාර්‍ය බලාපොරොත්තු උන අයියලම තමයි මේ පාර ගෝඨාගෙන් ඒවම බලාපොරොත්තු වෙන්නේ. එහෙම අය ගොඩක් ඉන්නවනම් (ඒ කියන්නේ ගෝඨාගෙන් ලී ක්වාන් යූ දකින ඈයෝ) උන් කලින් දැක්ක සිහිනේ හිටපු කුමාරයා තමයි රනිල්. දැන් බ්‍රේස්ලට් මල්ලිලා ඇහැරිලා.

      ගෝඨා නොකරන (කරන්න උත්සහයක්වත් නොදරන) පළමු දේ තමයි ලංකාව සිංගප්පුරුවක් කිරීම. ගෝඨාව ප්‍රාර්ථනා කරන බහුතරයක් සිංහලයින්ට මේක සිංගප්පුරුවක් කර ගන්න අවශ්‍ය නෑ. ඒක අවශ්‍ය නාගරික සුළුතරයකට - ඒ අය 2015 දී සිරිසේනට සහ වික්කමසින්හට චන්දෙ දුන්න අය. ලංකාවේ ආර්ථිකය තව දියුණු කරලා අපට ගැලපෙන healthy level එකකට ගෙනාවාම හොඳටම ඇති. ඒ කියන්නේ 2014 per capita GDP (nominal) අගය ඩොලර් 3634 ඉඳලා රනිල් සහ මංගල ඇතුළු පිරිස ඒක අවුරුද්දකට ඩොලර් හය ගානේ වැඩි කරලා 2019 වෙනකොට 3664 ක් විතර කළා. ඒ ලෝක ආර්ථිකයේ විශාල දියුණුවක් තිබුණ 2015 - 2020 pre pandemic economic boom එක තියෙන කාලේ. දැන් මේ pandemic එකේ economic crisis එකක් තියෙන්නේ.

      මැදමුලනේ අප්පොච්චි යුද්ධය තියාගෙන 2004/05 වෙනකොට ඩොලර් 700 ක් විතර තිබුණ ඒක පුද්ගල ආදායම 3,634 වගේ පස් ගුණයක් විශාල අගයක් කරා ගෙනාවට පස්සේ වික්‍රමසිංහ ඩොලර් හයක් වැඩි කළා.

      2015 රැකියා ලක්ෂ දහයක් අලුතෙන් නිර්මාණය කරන බව රනිල් වික්‍රමසිංහ කයිවාරු ගහපු එක මතකයි නේද? ඒත් අන්තිමට මහ බැංකුවේ වාර්තා අනුව තිබුණ රැකියා ලක්ෂ හතරක් නැතිවෙලා. වෙලාවට ඒ කාලේ ලෝක ආර්ථිකයේ විශාල දියුණුවක් තිබුණ නිසා ලංකාවේ විශාල පිරිසක් විදේශ රැකියා සඳහා රටින් පිටවී ගිය නිසා වැඩේ ෂේප් උනා.

      මම හිතන්නේ ලංකාවට ඕන තිරසාර සංවර්ධන මොඩල් එකක්. හිමින් හිමින් හැබැයි ස්ථාවරයක් ඇතුව ඩොලර් 4000 ඉඳලා ඩොලර් 12,000 දක්වා යන්න පුළුවන් වෙයි. ඒ සඳහා ආණ්ඩුව අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විය යුතුයි.

      Delete
  3. මාතලන් ලබාගත් ඉහලම අධ්‍යාපන සුදුසුකම මොකක්ද කියලාත් කිව්වා නං තවත් වටිනවා.

    ReplyDelete
    Replies
    1. දහම් පාසල් සීනියර්

      Delete
  4. මාතා,

    මෙහෙමයි. රජය විසින් ලංකාවේ ගුරුවරුන්ගේ රැකියාව කරන්න අවශ්‍ය මූලිකම දේවල් සපයන්න ඕන. උදාහරණයක් විදිහට පන්ති කාමරේ ගුරු මේසය සහ පුටුව පිටින් අරන් යන්නේ නෑනේ.

    නමුත් දැන් වෙලා තියෙන්නේ ආණ්ඩුව මේ ඔන්ලයින් ක්‍රියාදාමය විධිමත්ව හඳුන්වලා දුන්නේ නැති නිසා ගුරුවරු සහ ළමුන් විසින්ම තමයි මේක ඒ අයට තේරෙන විදිහට කරගෙන යන්නේ.

    ඉතින් මේ ජවිපෙ හිටපු ජාතික ලැයිස්තු සාමාජිකයෙක් උන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වන උඩඟු මහාචාර්ය වරයා කියද්දී අධ්‍යාපන ඇමති වත් ඒක කියන්න ඕන. තමන් රජය විදිහට මේක නිවැරදිව හඳුන්වා නොදුන් බව, ඉතින් ඒ සදහා ඔවුන් මුදල් වෙන්කිරීමේ කළේ නැති බව.

    මගේ නම් පුද්ගලික අදහස රජයට මේ ගුරුවරුන්ට ටැබ්, ඩේටා සහ පරිගණක ටෙලිකොම් ආයතනයේ තාක්ෂණික සහය ඇතුව සපයන්න පුළුවන්. පාසල් වසා තැබීමෙන් ඉතුරු වෙන නඩත්තු වියදම් මේවට ගන්න පුළුවන්. සම්පූර්ණ මුදල නැතත් එක්කෝ කොටස් වශයෙන් හෝ. ඒත් ඔහේ ආයාලේ යන්න ඇරිය. ළමයි ඉන්ටර්නෙට් යන්න පුළුවන් ඕනම දෙයක් ගත්ත ඉගෙන ගන්න. දැන් ඒ වටා වෙනත් ප්‍රශ්නත් ගොඩනැගීලා. ෆෝන් කෑලි වලින් ඉගෙන ගන්නේ කොහොමද?මට නම් තේරෙන්නේ නෑ. ඒක සාර්ථක නෑ. Laptop තමයි අවශ්‍ය වෙන්නේ. අඩු ගානේ එක ගෙදරකට එකක් වගේ හෝ දෙන්න තිබ්බ. මේ ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. එකෙන්ම..

      ඇමතියි ලේකමයි දෙන්න්ම බූරුවෝ

      Delete
    2. රණවිරුවොන්ට අපහස කරන්න එපා මාතලන්.
      ලේකම් තුමා නාවික හමුදාවේ හිටපු ලුතිනන් කොමාන්ඩර් වරයෙක්!

      Delete
  5. මාතලන් අයියේ,

    මේ දවස් වල කතා වෙන ගුරුතුමා/ගුරුතුමිය කියන නම් ගැන මගේ පෞද්ගලික අදහස් ටිකක් මමත් කියන්න හිතුවා . අපේ පවුල ගත්තොත් අම්මා සහ තාත්තා දෙදෙනාම ගුරුවරු. මේ මෑතක ඉදන් මටත් ගුරුතුමියක් වෙන්න පින හම්බුනා. ඇත්තටම මෙහෙම කියද්දිත් මට හරිම ආඩම්බරයි . මොකද මේ ගුරුවරයෙක් නැත්නම් ගුරුතුමියක් වෙන්න හැමෝටම බෑ . ඒක තමයි ඇත්තම කතාව .පවුල් පසුබිම මේ වගේ එකක් වෙද්දි දැනෙන හැගීම දැනෙන අයත් ඇති ඕනෙ තරම් . මට මතක විදිහට මම පාසල් යන කාලේ මගේ කියන දේකට අපේ අම්මා පාසලට ඇවිත්ම නෑ . මොකද එයා නිවාඩුවක් දාන්නෙම නැති කෙනෙක් . අපිට වඩා එයාට එයාගෙ රස්සාව සහ අර චූටි ළමයි ටික ගොඩක් එයාට වටින නිසා . "එකෙක් ඔලුවක් හරි පලා ගත්තොත් , පැන්සලකින් ඇන්නොත් , බැම්මකින් පැන්නොත් , " මේවා තමයි එයා අපේ වැඩ වලට නොයෙන හේතු . මම ඉතින් ඒ වගේ දවස්වලට ටිකක් දුකින් , අනිත් අයගෙ අම්මලා ඉන්නවා ඇවිත් මගෙ නෑනෙ. මට අද වෙග් මතකයි, මමත් 1 වසරේ මගෙ ටීචත් මගේ අම්මමයි. පන්තියෙ වැඩිපුරම බැනුම් අහන්නෙත් ගුට් කන්නෙත් මම. අපේ අම්ම තමන්ගෙ රස්සාව හරියටම කරන ගුරුදේවතාවියක් කියලා තමයි මගේ අදහස. ඒ නිසාමද මන්ද මටත් ගුරුතුමියක් වීමේ පින ලැබුනා. මම විශ්වාස කරන්නෙ ඒ මගේ අම්මා අනිත් ළමයින්ට තමන්ගෙම ළමයින්ට වගේ බලපු නිසා ඒ පින මට හම්බුනා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම කොරෝනා වයිරස් එකත් එක්කම හැමදේම වෙනස් වුනා. අපි ඔක්කොම online ක්‍රමයට හුරු වෙන්න ගත්තා. අම්මා ලග තිබුනා smart phone එකක්. ඒත් ඒක පාවිච්චි කරන විදිහ හැමදාම අපි කියලා දීලා මතක් කරන්න ඕනෙ. ��අනික අපි වගේ එයාලා ඒවා පරිස්සම් කරන්නෙත් නැනෙ. phone එකේ display එකත් සෑහෙන්න damaged බිම වට්ටගෙන. කොහොම හරි zoom කරන්න ඔනේ ම කියලා අලුත්ම phone එකකුත් ගත්තා. ඒත් තේරෙනනෙ නෑ කොහෙමද කරන්නෙ කියලා හැමදාම කියලා දෙනවා ,ඒත් ආයෙ අමතකයි. අන්තිමේට මටත් කියලා දෙන එක එපා උනා ��"ආයෙ නම් අහන්න එපා අම්මෙ, මේ අන්තිම පාර ඔන්න ඈ " කොහොම හරි wtsapp groups ටිකට එයා ටික ටික හුරු උනා. අපිත් උදවු කලා . එයා අපෙන් බැනුමුත් ඇහුවා ඒ අතරින් පතර . ඇයි ඉතින් එකම දේ ආයේ ආයේ කියලා දෙන්න එපැයි ��.එක කාලෙක එක දවසක් අම්මගෙ පොත් බෑග් එක ඇද උඩ තිබිලා මම එ්ක මොනා හරි දේකට බිමින් තිබ්බා . ඒක දැකලා මට සෑහෙන්න අනන් මනන් කිවුවා . " මේ මගේ රස්සාව මේකෙන් තමයි අපි ජීවත් වෙන්නෙ, මම දෙයියන්ට වගේ සලකන්නෙ පොත් ටිකට ,මෙගේ පොත් ආයෙ එහෙම බිම තියල අහුවෙන්න එපා කියලා සැරෙන්ම කිවුවා�� මට මේ කියන්න ඔනේ මේ තමයි ගුරු ජීවිතේ කියන දේ . මම කිසිම පැත්තක් අරගෙන නෙවේ මේ කතා කරන්නෙ . ගුරුවරයා කියන්නෙ මෙන්න මෙයා කියන දේ විතරමයි මට කියන්න ඔනෙ . ඊට පස්සෙ තමයි හොදම වැඩේ අම්මි zoom වලින් ළමයින්ට උගන්වන්න ගත්තා . ��මෙග් laptop එකෙන් ඒකත් . හැමදාම පැය 2 ක් 3 ක් කලා . මුරකාරයාට ලග හිටියෙ මම��ඇයි ඉතින් zoom කියලා වෙනසක් නෑනේ ගස් ද, වැල්ද මඩද වතුරද , ඔක්කොම laptop එක ඉස්සරහින් තියාගෙන තමයි ළමයින්ට ඉගැන්නුවේ ��laptop එකේ අන්තිම දවස අද තමයි කියලා හැමදාම මම හිතාගෙන තමයි එයාට පන්තිය කරන්න දෙනනෙ .��පව් ඉතින් zoom කියලා වෙනසක් නැතුව පාඩම් සටහන පවා අම්මා ලියාගෙය පැය කීපයක් ඉදන් සූදානම් වෙලා තමයි පාඩම් කලේ දරුවන්ට . link එක හදලා යවන එක මම කරලා දුන්නා . මම මගේ පාසලේ දරුවන්ට උදේ zoom කලා . අමිමා එයාගෙ ළමයින්ට හවස කලා . ඒත් මම හවසත් zoom වගේ තමයි මොකද අම්මා කතා කරන හැම වෙලේම මම එයා ලග උදවුවට ඉන්න ඔනෙ නිසා . ඔක්කොටම වඩා පාසලේ උගන්වන ශබ්දෙන්ම අම්මා ගෙදරත් උගන්වන එක.��.හිමින් කතා කරන්න කිවුවාම මට කියනවා මටත් ඒකම තමයිලු කියන්න තියෙන්නෙ. මොකද මමත් හයියෙන් කතා කරන්නේ.��තාත්තා කියනවා ඉස්කෝලේ ගියා වගේලූ.එහෙම තමයි ටීචලාගෙ කට ටිකක් සද්දෙයි. ��මේ සිද්දිය ගොඩක් ගෙවල් වල වෙන්න ඇති ටීචලා ඉන්න ගෙවල්වල. සමහරදාට අම්මා ලියා ගන්නවා කොහොමද link එක හදාගන්නෙ කියලා එහෙම .මුල් කාලේ ඒත් බැ . එහෙම තමයි ජීවිතේට laptop ,smart phone අල්ලපු නැති ටීචලා අපේ රටේ ඕනේ තරම් ඉන්නවා . නමුත් එයාලා කොහොම හරි මේ දේවල් ඉගෙන ගත්තා , ඒවට හුරුඋනා . අභියෝගය භාර ගත්තා . කිසිම කෙනෙක් අනේ අපිට බැ කියලා අතැරියෙ නැ තාක්ෂනික දැනුම එකතු කරගෙන ඒවා ඉගෙන ගෙන එයාලගෙ දරුපැටවුන්ට ඉගැන්නුවා . ඒ කරපු දේට අපි මොනවා නොදුන්නත් , වටිනාකමක් දෙන්න ඔනේ . මට නම් හිතෙන්නෙම අනේ අචිචර මහන්සියෙන් , උනන්දුවෙන් , අපෙනුත් බැනුම් අහගෙන ළමයින්ට උගන්වපු මගේ අහිංසක අම්මලා වගේ තව කී දෙනෙක් මේ ලංකාවෙ ඉන්නවාද , ඒ මිනිස්සුන්ට ඇයි ගැලපෙන වචන ඔනෙ තරම් කියන්න තියෙද්දි නොගැලපෙන වචන කියන්නෙ කියලා . මම මේ දැක්කෙ මගේ අම්මගෙ ජීවිතේ පැතිකඩක් . මේ වගේ ගුරුමැණිවරු පියවරු ඕනෙතරම් අපේ රටේ ඉන්නවා . හැමෝගෙම 1 වසරේ ටීච හැමෝටම මතකයිනේ . ඉතින් ඒ ටීච මගේ ලගම මගේ ගෙදරම හැමදාම ඉන්නවා කියනනෙ මම මොන තරම් පින් කරලා තියෙනවාද. ගුරු පියවරුන් , ගුරු මැණිවරුන් සියලු දෙනාටම ගරු කරමු , මොකද අපේ සාර්තකත්වයේ එක දශමයක් පාසා හිමිවිය යුත්තේ ඔවුන්ටයි.

      Delete
    2. Ano 8.15 PM,

      ගුරු වැටුප් ප්‍රශ්නෙ විසදෙන්න ඕනෙ , ඒත් මෙතන තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි , කඩාකප්පල් කාරී ක්‍රියාවක්. ගුරුවරු කීප දෙනෙක් ගෙන් ඇහුවොත් කවුරුත් දන්නෙ නෑ හරියටම වර්ජනයට හේතුව. කිව්වත් වගේම කාලකණ්ණි කන්ඩායමක උවමනාවට කරනව. සමහරු කියනව පඩි වැඩි කරගන්න නෙවෙයි ස්ටාලින් නිරෝදායනයට යැව්ව නිසා කියල , සමහරු කියනව පඩි වැඩි කර ගන්න කියල ,සමහරු කියනව kdu පනත නිසා කියල , කාටවත් හරි අදහසක් නෑ කියන්නන් වාලෙ කරනව.

      Delete
    3. AnonymousJuly 17, 2021 at 3:09 AM

      මේ දවස්වල ඇත්තටම ගුරැවරැ ඔය වර්ජනය කරන්නේ මොකටද? මම හිතාගෙන ඉන්නේ අර කොරන්ටයින් යවල තියෙන ස්ටාලින්ව නිදහස් කරගන්න කියලා. එහෙම නෙමෙයිද?

      Delete
    4. Ano 3.26 නෑ මචන් , අවන්ක අරමුණක් නෑ. මම දන්න ගුරුවරු එක එක අය එක එක ඒව කියන්නේ. දැන් බලපන් ඔය ස්ටාලින්ව ඕනෙ කියල ඒකට අහිංසක ළමයින්ගෙන් පලි ගැනීම හරි ද? කෙළින්ම පඩි වැඩි කරන්න ඕනෙ කිව්ව නම් තව හිත හදා ගන්න තිබ්බ. ලන්කාවෙ එන්නත්කරනය වෙන කොට මිනිස්සු හිතන්නේ කොරෝනා ඉවරයි කියල, ඒකනෙ පාරට බැහැල උදාහරණ කරන්නේ. නිරෝදායනය නෙවෙයි හිරේ යවන්න ඕනෙ මිනිස්සුත්ගෙ ජීවිත අනතුරේ දානවට. මොකද මේ ගුරු වැටුප් ප්‍රශ්නය දැනට අවුරුදු විසි හතක් තිස්සේ ඇදෙන කේස් එකක්, ඒ නිසා අවුරුදු 27කට පස්සෙ දැන් ද මන්දා මේ වෘත්තිය සමිති නායක ගෝතයින්ට පඩි වැඩි කර ගන්න මතක් වුනේ?

      Delete
  6. මාතලන් මේ කාරණයේදී තේරුම් ගන්නේ නැති දේ තමයි ගෝඨාභය ඒකාධිපතියෙක් නෙමෙයි කියන දේ. ඒකා වෙන්න කලින් අධිපතියෙක් වෙලා ඉන්න එපැයි. දැන් ඒකා මොකේද අධිපති? ජනාධිපති තනතුර දරන නිලධාරියෙක් හැටියට වැඩ ටික කරගෙන යනවා. පක්ෂයේ නායකත්වය වත් නෑ. තීන්දු තීරණ ගැනීම පමණයි. මම හිතන්නේ ඔහුට නිර්මාණශීලී ලෙස හිතන්න වෙලාවක් නැති නිසා තමයි ගොඩක් වෙලාවට මේ වගේ පීඩාවට පත් වෙන්නේ. මහින්ද දැන් වයසයි ඔහු පාලනයට එන්නේ නෑ. මේ නිසා මැද මට්ටමේ පිරිස දැන් නායකත්වය ගත යුතුයි. බැසිල් ඇමරිකානු බළල් අතක්. නමුත් ඔහුට ඇමරිකානු සහය ඇතුව ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න අවශ්‍ය කටයුතු කිරීමේ වගකීමක් තියෙනවා.

    ඒකාධිපති ගැන කියනවා නම් ඔය අජ්ජාපන ඇමති සහ ලේකම් කෙසේ වෙතත් ඇත්තටම රනිල් වික්කමසිංහ තමයි ඒකාධිපති. මොකද 1994 ඉඳල පැරදිලා පැරදිලා පැරදිලා තිස් පාරක් කප් ගහලා පැරදිලාත් පක්‍ෂ නායක කම වෙන එකෙකුට දුන්නේ නැති එකා, 2015 යන්තම් වෙන ජොකියෙක් දාල රේස් එක දිනලා උසවියත් රවටලා හදා ගත්ත ව්‍යවස්ථා සංශෝධනය කොහොමද? අන්න ව්‍යවස්ථා කුමන්ත්‍රණ ! පහුගිය කාලේ 2018/18 අවුරුද්දේ දවස් 45කට අගමැති කම නැති උනාම නටපු ජෝගිය කොහොමද? ඌටම හරි යන කතානායක ! අන්න ඒකාධිපතියෝ !! රනිල්ගෙන් ප්‍රාතිහාර්‍ය බලාපොරොත්තු උන අයියලම තමයි මේ පාර ගෝඨාගෙන් ඒවම බලාපොරොත්තු වෙන්නේ. එහෙම අය ගොඩක් ඉන්නවනම් (ඒ කියන්නේ ගෝඨාගෙන් ලී ක්වාන් යූ දකින ඈයෝ) උන් කලින් දැක්ක සිහිනේ හිටපු කුමාරයා තමයි රනිල්. දැන් බ්‍රේස්ලට් මල්ලිලා ඇහැරිලා.

    ගෝඨා නොකරන (කරන්න උත්සහයක්වත් නොදරන) පළමු දේ තමයි ලංකාව සිංගප්පුරුවක් කිරීම. ගෝඨාව ප්‍රාර්ථනා කරපු බහුතරයක් සිංහලයින්ට මේක සිංගප්පුරුවක් කර ගන්න අවශ්‍ය නෑ. ඒක අවශ්‍ය නාගරික සුළුතරයකට - ඒ අය 2015 දී සිරිසේනට සහ වික්කමසින්හට චන්දෙ දුන්න අය. ලංකාවේ ආර්ථිකය තව දියුණු කරලා අපට ගැලපෙන healthy level එකකට ගෙනාවාම හොඳටම ඇති. ඒ කියන්නේ 2014 per capita GDP (nominal) අගය ඩොලර් 3634 ඉඳලා රනිල් සහ මංගල ඇතුළු පිරිස ඒක අවුරුද්දකට ඩොලර් හය ගානේ වැඩි කරලා 2019 වෙනකොට 3664 ක් විතර කළා. ඒ ලෝක ආර්ථිකයේ විශාල දියුණුවක් තිබුණ 2015 - 2020 pre pandemic economic boom එක තියෙන කාලේ. දැන් මේ pandemic එකේ economic crisis එකක් තියෙන්නේ.

    මැදමුලනේ අප්පොච්චි යුද්ධය තියාගෙන 2004/05 වෙනකොට ඩොලර් 700 ක් විතර තිබුණ ඒක පුද්ගල ආදායම 3,634 වගේ පස් ගුණයක් විශාල අගයක් කරා ගෙනාවට පස්සේ වික්‍රමසිංහ ඩොලර් හයක් වැඩි කළා.

    2015 රැකියා ලක්ෂ දහයක් අලුතෙන් නිර්මාණය කරන බව රනිල් වික්‍රමසිංහ කයිවාරු ගහපු එක මතකයි නේද? ඒත් අන්තිමට මහ බැංකුවේ වාර්තා අනුව තිබුණ රැකියා ලක්ෂ හතරක් නැතිවෙලා රටේ තරුණ පරපුරට තිබුණ ජොබ් ටිකටත් කෙළවිලා ගියා. වෙලාවට ඒ කාලේ ලෝක ආර්ථිකයේ විශාල දියුණුවක් තිබුණ නිසා ලංකාවේ විශාල පිරිසක් විදේශ රැකියා සඳහා රටින් පිටවී ගිය නිසා වැඩේ ෂේප් උනා.

    මම හිතන්නේ ලංකාවට ඕන තිරසාර සංවර්ධන මොඩල් එකක්. හිමින් හිමින් හැබැයි ස්ථාවරයක් ඇතුව ඩොලර් 4,000 ඉඳලා ඩොලර් 12,000 දක්වා යන්න පුළුවන් වෙයි. ඒ සඳහා ආණ්ඩුව අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විය යුතුයි. රටේ ආර්ථිකය ගොඩ නැගීම නිර්මාණශීලී පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් හරහා වියයුතු අතර එහිදී ආයෝජන සහ ව්‍යාපාර සුමට ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම අත්‍යවශ්‍ය දෙයක්.

    ReplyDelete
  7. අඩෝ ළමා තම්,

    "මේක එච්චර අමාරු කාලයක් නෙමෙයි . මේක අපිට ජය ගන්න පුලුවන් .මීට වඩා අමාරු කාල අපට තිබුනා "

    - බැසිල් රාජපක්ෂ

    කෝමද ටෝක්ස් දෙන හැටි? මොකද මේ ගැන හිතන්නේ?

    ReplyDelete
  8. මාතලන්,

    දේශපාලනය කියන්නේ කල්ට් එකක්. බහුතර මහජනතාවගේ විස්වාසය, ආදරය, ගෞරවය දිනාගෙන රජයක් පවත්වාගෙන යන්න ඕන නම් ඒක ඇඟේම තියෙන්න ඕනෙ, කොටින්ම ලේ මස් ඇට නහරවල කිඳා බැහැල තියෙන්නේ ඕන එකක්. දැන් බලන්න මහින්ද හා ප්‍රේමදාස. මොකෝ පොලිටිකල් සයන්ස් කරලද? ඒත් මිනිස්සු දිනාගන්න දන්නවා වගේම, දැනෙන යමක් කරපු මිනිස්සු.

    ඒ වගේම පහුගිය යහපාලන රජයේ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ළොකුවට කතා කළ දැනුත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගැන බයිලා ගහන ලංකාවේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී නායකයා ලෙස බටහිර රටවල් හා ඔවුන්ගේ ජඩ මාධ්‍ය ජාත්‍යන්තරයේ ප්‍රචාරය කරපු රනිල්ට වඩා මෛත්‍රී ගාව ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා. මාතලන් හිතනවද මෛත්‍රී නැතිව පහුගිය යහපාලන කාලේ පැවති මාධ්‍ය නිදහස තියෙයි කියලා?

    දැන් ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ මාධ්‍ය නිදහස නැහැ කියලා උඩ පනින්නේ, ඒත් ඇත්ත කතාව තමයි දැන් යහපාලන කාලේටත් වඩා භාෂණයේ නිදහසක් තියෙනවා නේද?

    මේ වගේම දෙයක් තමයි අනික් පැත්තෙන් පර්සනැලිටි එක කියන දේ. ඒක එකසිය ගානට බලපානවා. රනිල්ට කෙළවු දවසට කවුරු නැතත් මහින්ද සෙවනැල්ලක් සේ හිටපු බශ හැමෝම හොඳින් දන්නවානේ.

    මාතලන් ලංකාවේ මේ දවස් වල ආනයනය තහනම් කරපු එක නිසා කෙළවිලා ගියපු කෝපරේට් සෙක්ටර් කියන්නේ මක්කුද? එකෙක්වත් නිශ්පාදනයක් කරන උන්ද? ඔක්කෝම සර්විස් ප්‍රවයිඩර්ස්ලා. අනික හොර එකවුන්ට්ස්, වහලා ගහන ඇනිමල් රිපෝට්. ජරාව දීලා ගන්න ඔඩිට් රිපෝට්, ඉන්ලන්ඩ් රෙවනිව් එකත් එක්ක එකතු වෙලා ආදායම් බදු වංචා කරන උන්. කස්ටම් එකේ උන් එක්ක එකතුවෙලා බදු මාටියා ගහන උන්ගේ රජ දහනක්. උනුත් එකයි මුනුත් එකයි. උන් තමයි මේ පෝර හා කෘෂි රසායන ගෙන්නන එක තහනම් කලාට විරුද්ධව නටන දේශපාලන වහල්ලුන්ට ආර්ථික සහාය ලබා දෙන්නේ.

    ඉතින් එකපාරට මේ වගේ තැනකට කඩා පාත් වෙන එකෙක්ට ඔය කල්ට් එකේ රැඳෙන්න බෑ. පහුගිය කාලේ නිර්මාල්ලා, සරත් විජේසූරියලා වගේ මෙලොවින් මෙලෝ වැඩක් බැරි, වැල් බයිල ගහන හාන්සි පුටු බකපඬියෝ අඬලා දොඩලා දමලා ගහලා ගියේත් ඒකයි. මේක එකපාරට වෙනස් කරන්න මොකාටවත් බෑ. නමුත් මේක නිවැරදිව තේරුම් අරන් මොළේ තියෙන මිනිස්සුන්ගේ උපදෙස් මත රට ගොඩ නැගීමේ කටයුතු ආරම්භ කළ හැකියි. එය අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ වගේම එහි සාර්ථකත්වය මත මේ ආණ්ඩුවේ ඉරණම තීරණය වේවී.

    ReplyDelete
  9. අයිසේ මාතලන්,

    ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර ගණනාවක්ම තියෙනවා ජනමත විචාරණයක් තියලා කිසිම ආකාරයකින් වැඩ වර්ජනය කළ නොහැකි කියලා නම් කළ යුතු. හමුදාවට පුළුවන් නම් අනිත් අයටත් පුළුවන් වෙන්න ඕනේ.

    මේවා බලනවා,

    1. සෞඛ්‍යය
    2. ප්‍රවාහනය
    3. අධ්‍යාපනය

    මේ ක්ෂේත්‍ර වලට මේක එන්නම ඕනේ. වෘතීය ගැටළු විසදගන්න වෙනත් ක්‍රම සොයාගන්න පුළුවන්. වෘත්තීය හොඳ මදි නම්, පඩි මදි නම් තමන්ට පඩි ඇති වෙනත් තැන් හොයාගන්න පුළුවන්. අපේ රටේ පුද්ගලික අංශයේ වගේම සමස්ත ලෝකයේම තත්වය ඒකයි. අපි තවම රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් කාලකන්නි නඩත්තු කරනවා. දේශපාලකයන් ඇතුළුව.

    ReplyDelete
  10. ආමි
    කියවීමි
    නොලියමි
    කියා සිතුවෙමි
    මන්ද යතහොත්
    අවුල් වූයෙමි!

    ReplyDelete
  11. මාතා,

    ඊයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස මෑතක දී මරණ දඬුවම නියම වී ජනාධිපති සමාව ලබා නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාව පත් කිරීමට කටයුතු කර තිබෙන බව මාධ්‍ය වල පලවුණා.

    ඒ වගේම ජනාධිපති ලේකම් ග්‍රාමීය නිවාස ඉදිකිරීම් හා ගොඩනැගිල්ල ද‍්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්ට දැනුම්දී ඇත්තේ අදාල පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අනුමත කරපු බවක්.

    ඒ අනුව එම පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන සිදුකරනු ලෙසද ජනාධිපති ලේකම් විසින් දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

    මෙම අභිනව පත්කිරීම ජනාධිපති විසින් කරන ලද විශිෂ්ටතම පත්කිරීම ලෙස ඉතිහාසයට එක්වනු ඇත. ඒ සම්බන්ධයෙන් මුලු ජාතියම ජනාධිපති තුමාට පමණක් නොව ඔහුගේ මුලු පරපුරටම ඔවුන්ගේ ප්‍රනාමය පිරිනමනු ඇත

    අතිගරු ආර්. දුමින්ද සිල්වා මැතිඳුණි…
    ඔබයි අපේ ජීවය…
    ඔබයේ අපේ ශක්තිය...
    ඔබයි අපේ ප්‍රාණය…
    ඔබයි අපේ හුස්ම…
    ඔබයි අපේ බලාපොරොත්තුව…
    ඔබයි අපේ හද ගැස්ම…
    ඔබයි අපේ සැනසීම…
    ඔබයි අපේ විශ්වාසය…
    ඔබයි අපේ අනාගතය…
    ඔබයි අපේ නායකත්වය..
    ආර් දුම්න්ද සිල්වා මැතිඳුණි ඔබටයි අපේ පූජෝපාහරය…

    ආර් දුමින්ද සිල්වා ආ ආ ආ අ අ ආ

    ජය ජය ජය වේවා…!!!

    ReplyDelete
  12. Sabaragamuwa Dean Nirmalee did I.Chem as the basic degree which is accepted by the UGC as a . When I.Chem started in 1972 government, which enabled lot of students who missed university placement by few marks. University hypocrites carried out lot of demonstrations " against privatization of education" and tried hard to stop it. She completed it and managed to finish her phD in USA before joining the faculty. It is Ironic isn't it that we bully such a person! who had been a victim herself!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න