.

.

Aug 30, 2021

දරාගැනීමේ සීමාවක් ඇත. ආර්ථිකය විනාශයි.......!!!

  


 

කොරෝනා වසංගතය ලෝකය උඩුයටිකුරු කරමින් ඇත.

සියළු ආගම්, දර්ශණ, පාලන ක්‍රම, ආර්ථික ක්‍රම, අධ්‍යාපනය, විද්‍යාව, සියල්ල කර තබාගෙන ගිය බොරු බව ඔප්පු කරමින් ඇත.

ලංකාවේද දරාගැනීමේ සීමාව පසුකරමින්, බොරුව පුපුරා ගොස් අවසානය.

ඔය ආර්ථික උපදේශකයින් හෝ වන්දිභඨ්ඨයන් රට තව තවත් ආගාධයකට යවනවා මිස. මීට මුහුණදීමට හෝ ඉන් ගොඩඒමට සොලියුසොන් උන් ළඟ නැත.

රට අරාජිකය. සීනී හොරකම ඇමතිවරුන්ම කරනවා නම් තව කුමන කතාද?

ආන්ඩුවට විරුද්ධ පිරිස් කැබිනට් මණ්ඩලයේ සුපිරිම තනතුරුවල සිටිමින් කකුලෙන් අදියි.

උන් වෙනම රැස්වෙයි, ප්‍රකාෂ ලබා දෙයි, ලව් ලෙටර් පත්තරවලට ලියයි. එකම විකාරයකි.

ඒ ගැන කතාව පසෙකට තබා ලංකාව දෙස හැරී බැලූ විට අප එදා කියූ දේවල් ඇස්පනාපිට ඔප්පු වෙමින් ඇත.

ඉන්දියාවේ මුම්බායි නගරයට සමාන ජනගහනයක් ඉන්නා මේ රට පාලනය කිරීමට ඉන්නා පාලකයෝ ප්‍රමාණය මදිවාට මෑතකදි නාගරික හා ප්‍රාදේශීය සභාවල නියෝජිත ප්‍රමාණයත් වැඩි කලේය. පලාත් සභා යනු තනිකර සුදු අලියෙකි. ඇමතිවරු කප්පරකි.

මේ අයගෙන රටට වැඩක් කරේ කීයෙන් කී දෙනෙක්ද? 

මුන්ට  ලැබෙනා වරප්‍රසාදවලට අමතරව, බැංකුවලින්ද කිසි අවුලක් නැතිව ලෝන්ද ලබා දී ඇත. 

මේවා සහගහනා අපරාධය. කරුමය නම් සහගහන්නේත් උන්ට නොව ජහමනයාටම වීමය.

අනෙක් විකාරය රටට කිසිසේත් ඔරොත්තු නොදෙනා රාජ්‍ය සේවයයි.

මහා ලොකු සෞඛ්‍ය සේවයක් තිබුනද, වැක්සීන්කරණය හෝ නිසි කළමනාකරණයක් යටතේ කරගැනීමට නොහැකිව හත්පොලේ ගාගනිමින් සිටී.

හොරකමට වංචාවට දූෂණයට කප් ගසා සිටී පොලීසයට ඇඩ්‍රස් නැති කරමින් රටේ ඇති පජාතම ක්ෂේශ්ත්‍රය සෞඛ්‍ය සේවය බව ඔප්පු කර අවසානය.

ඉස්ටෙත්ස්කෝපයෙන් හා ටයි පොලුවලින් වසාගෙන උන්නේ රටේ තුච්ඡම ආයතනය බව දැන් ඉතාම පැහැදිලිය. මේ මාෆියාව ගැන එදා සිටම ලියූ අපට නම්,මේවා අලුත් දේ නොවේ.

ඒවායේ හූනියන් කාරයෝ රට ගිනි තබති...

රාජ්‍ය ආදායම පඩි දීමනා හා විශ්‍රාම වැටුප් ගෙවූ පසූ ඉතිරිවන ලබ්බක් නැතිය.

මහින්ද රාජපක්ෂ රාජ්‍ය සේවය දෙගුණයක් කරමින් කළ හානිය අද ඔවුන්ටම විඳින්නට සිඳුවීම මාර ලොල් සහගතය.

ඒ මදිවාට ඝෝඨා බලයට ඇවිත් කළේද එයමය. ඔහුගේ ප්‍රතිපත්තිවල සද්භාවයක් තිබුනද? වැඩේ මුලුමනින්ම දේශපාලනීකරණය වූ අතර, ටාගට් කල පිරිස අදටත් ගෙදරය. ඒ තියා සමෘධිය දෙන පිරිස අඩු වූයේත් නැත.

මුන් රටේ ජාතික ආදායමට කිසිඳු දායකත්වයක් දෙන්නේ නැති පිරිසකි. වත්මනෙහි රට දුවන්නේ තනිකර පෞද්ගලික අංශයේ දායකත්වයෙනි.

දැන් අප වැටුන වලෙන්ම ගොඩ ආ යුතුව ඇත.

වහාම පාඩු ලබන ආයතන සියල්ල පෞද්ගලීකරණය කළ යුතුය.

වරාය, ගුවන් සේවා, ප්‍රවාහණ, ඉන්ධන, තැපැල්, යන ලාබ ලැබිය හැකි එහෙත් රැකියා ලබා දීමට පාඩූ පිට පවත්වාගෙන යන ආයතන  මුලින්ම ඊට අයත් විය යුතුය.

අතිරික්ත සේවක පිරිස් වන්දියක් දී ගෙදර යැවිය යුතුය.

සෑම ක්ෂේශ්ත්‍රයකම විශාල පෙරලියකට යා යුතුය.

නෝට්ටු මුද්‍රණය කරමින් ආන්ඩුවේ උන්ට පඩි ගෙව්වා කියා මේ රට දියුණු වන්නේ නැතිය.

මොකෝ උන් ආර්ථිකයට මෙලෝ ලබ්බක් එකතු නොකරනා නිසාය.


ඒ වගත් මෙසේය......

14 comments:

  1. කාලෙකට ඉස්සෙල්ලා මාවන් අතපත්තු මැච් එකක් වෙලාවේදී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන හැඳින්වීමක් කළා. ඒ හැඳින්වීම වර්තමාන රජය පිළිබඳවත් හරියටම ගැලපෙනවා.

    "A set of muppets headed by a joker"

    ReplyDelete
    Replies
    1. රජය විතරක් නෙමෙයි රජයේ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහ බැංකුව සහ පෞද්ගලික අංශයේ ගොඩක් ආයතන, ඒ සේරටම වඩා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉතාම කුජීතයි. වෙන රටකට යන්න විදියක් නැහැ ඒ රටවල් පවා කුල්ල කුජීත වෙලා තියෙන්නෙ ගොන් දුල් බණවඩන පඩයාගේ වචන වලින් කියනවා නම්.

      මුළු ලොවම මහ කෝලම් මඩුවක තත්වයට පත්වීම නිසා සසර කලකිරීම පමණක් ඉතිරි වී ඇත.

      Delete
  2. ගොන් මාතෙ ඇතුළු බයියන්ට නොතේරෙන එකම දෙය නම් රාජපස්ස මහ වෙදනා තමන්ගෙ අවුරුදු 10 පාලන කාලය තුල, චීනයෙන් විශාල ලෙස ණය ගෙන, බහුතරය මාටියා ගසමින් ඉතිරියෙන් කිසිදු ප්‍රතිලාභයක් නැති සංවර්ධන වැඩ කරමින් ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ කළ බව. මෙය ගොඩගැනීමට දැනට කිසිවෙකුට හැකියාවක් නැත. කුඩා හෝ ඉඩකඩක් ඇත්නම්, අලුත් නායකයෙක් මතුව ආ යුතුය. දැන් ඉන්න වැඩ බැරි නදසේනට සිදුවූයේ රාජපස්ස අයියා ගල උඩ පැහැරීම නිසා මුළු ඇඟේම ගා ගන්නා පූස් මල්ලීට වූ දේය. මාතෙ වැනි ගොබ්බයන්, නන්දසේන රට හදනකම් බලා හිඳියි, උබලා පව් බන්, හෙට අනිද්දා කන බොනදේ ගන්නත් පෝලිමේ ලැගපල්ලා.

    ReplyDelete
  3. අපි අමතක කරන්න හොඳ නැහැ මෙි මා තලන් කියන්නේ උපන් මෝඩ 69 ලක්ෂයේ සංකේතය බව සහ ඒ පරමාදර්ශී නායකත්වය බව. මම මෙතනට එන්නේ ම මුං නොහොමද නා ගන්නේ බලන්නමයී.

    ReplyDelete
  4. ආර්ථික ඝාතකයා ලංකරගත්තේ ලංකට් එකත් ගලවාගැනීමට කියා එදාම අපටනම් තේරුණේය.
    මාතලන් වගේ එවුන් ලක්ස 69ක් ස'ව මෝරා කරලා අමාරුවේ ඇමරිකාවට වෙලා සනීපෙට ඉන්න තිබුණු වාසනාව නැතිකර දැම්මෝය.

    ReplyDelete
  5. මාතා, කොවිඩ් එන්නතෙන් ලබාදෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යා හැකි බවට සැලකෙන නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනීමට හැකිවී ඇති බව එරට බෝවන රෝග පිලිබඳව විමර්ෂණය කරන ජාතික පර්යේෂණ ආයතනය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    මෙම නව කොවිඩ් ප්‍රභේදය C.1.2 යනුවෙන් හඳුන්වනු ලබන අතර මෙය මෙම වසරේ මැයි මාසයේ සිට එරට තුන්වන කොවිඩ් රැල්ලේදී හඳුනාගත් ප්‍රභේදයක් බව වාර්තා වේ.

    C.1.2 ප්‍රභේදය ඉකුත් ජනවාරි මාසයේදී හඳුනා ගනු ලැබූ C.1 ප්‍රභේදයේ විකෘතිතාවයකින් පැමිණෙන බව විද්‍යාඥයින් සඳහන් කරයි.

    මෙම වෛරසය වුහාන් වලින් හමුවූ පළමු කොවිඩ් ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් විකෘතිතාවයෙන් යුක්ත වන අතර මෙය ඇල්ෆා, බීටා සහ ගැමා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව කෙටි කාලයක් තුලදී වේගවත් විකෘතිභාවයක් පෙන්නුම් කරනු ලබන බවට විද්‍යාඥයින් තහවුරු කර තිබේ.

    C.1.2 කොවිඩ් ප්‍රභේදයේ N440K සහ ‍Y449H යන විකෘතිතාවයන් පෙන්නුම් කරනු ලබන බව විද්‍යාඥයින් සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

    මේ නිසා කොවිඩ් -19 වෛරසයට එරෙහිව ලබාදෙන එන්නතින් මිනිස් සිරුරේ නිපැදවෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යෑමට මෙම වෛරසයට හැකියාව ලැබෙනු ඇති බව විද්‍යාඥයින් විශ්වාසය පළකර තිබේ.

    නව C.1.2 ප්‍රභේදය කොවිඩ් ප්‍රභේශයට වඩා භයානක වනු ඇත්දැයි හඳුනා ගැනීමට තවදුරටත් පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය බව විද්‍යාඥයින් සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

    වෛරසය පලමුවරට දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමෙන් අනතුරුව එංගලන්තය, චීනය, කොංගෝ රාජ්‍යයෙන්, මොරිෂස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය යන රටවලින්ද වාර්තා වී ඇති බව පර්යේෂකයින් වැඩිදුරටත් සඳහන් කර තිබේ. මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන් නේද?

    ReplyDelete
  6. අයිසේ මාතලන්,

    මං කල්පනා කරේ මේ නන්දසීනි ගොයියා ඡන්දය ඉල්ලන්න කලින් සුදු වෑන් මිනි මොරැ ගැන තප්පුලාපු මීහරක් හැත්තගේ එකෙක් ඒ කතා කියන්නේ නෑ... දැන් තප්පුලන්නේ ඌට පණ නැතිලු.

    ඊයේ පෙරේදා සුදු වෑන් එකක් ආව ඉන්ජෙක්ෂන් විදින්න. බැරිද දන්නෑ ඔය මිනි මෝරයි, සුදු වෑන් එකයි කටකතාවක් නොකොට රියැලිටි එකක් කරන්න. අර ආයේ ඔන්ලයින් උගන්නන්න බෑ කියලා ටී වී එකේ රෙන මළපෙරේත ඉස්ටාලින් සක්කිලි බල්ලා කියන #ත්තිගේ පුතාටයි ජවිපෙ මහින්ද ජයසිංහ පොන්න #කන්නටයි අනිත් උන්ගේ වහල් හැත්තටයි වෑන් ටුවර් එකක් දෙන්න බැරි උනා ද බන් බොලා ගේ මහලොකු සෑර්ට... දැන්නම් ටිකක් ඒ ගැන හිතනවා නම් හොඳයි නේද?

    ReplyDelete
  7. සොබා දහමට නොවෙන අවනත ලොවේ කිසිවෙක් නෑ
    බොරුව දිගටම කරන් ගියොතින් යන්න තැනකුත් නෑ
    බොල් පිළිමවල පිටින් පෙනෙනා රාජ තේජස නෑ
    මේව තේරුම් ගත්තොතින් මිස අපට නිවනක් නෑ!

    ReplyDelete
  8. Amo AMo uba kalin Australiyawata upadesuth dunna neda? Gon haraka Australiyawa nam supiriyatama thiyanawa thoge moda heththa palanaya karana higana lankawa thama den Bangalidesenuth naya ganne. Tho wage upan gei modayo thama rata winasa kale. Nethuwa Rajapakshala wage moda kapati hora heththak kawadawath baleta enne ne. Thopi tika ohomma merila gihin wanda wela giyanam kawada hari thawa aurudu 100 kin withara lankawata goda enna puluwan.

    ReplyDelete
  9. යකෝ මාතලං,

    අර පහුගිය දවස් වල මාධ්‍ය වලින් උඩුබුරපු (විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සොයුරාගේ සමීපතම මිතුරන්ගේ කෙනෙක් වන) අර පිස්සු දොස්තර ජයරුවං බණ්ඩා කියන ගොන් රිලවාගේ වැල් බයිලා නිසා මළ පැනපු ඩොකාලා සෙට් එකක් දේශීයව ඖෂධ නිෂ්පාදන කරන වැඩපිළිවෙල සහ කොරෝනා මර්දන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කළේය යන චෝදනාව මත කරපු පැමිණිල්ල විභාග කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස සිදු කල දැනුම්දීම අනුව ජයරුවං බණ්ඩා පිස්සු දොස්තර මළ හොල්මන පිස්සු තදවෙලා එහි නොපැමිණි අතර සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නීති උපදේශක මණ්ඩලයේ සිටින නීතීඥවරු කණ්ඩායම මගින් පොලිසියට දැනුම් දුන්නේ ඌට කොරෝනා රෝගය වැලදී සිටින බවත් ඒ නිසා එන්න බැරි බවත් කියලා.

    මෙහිදී විශේෂත්වය වුයේ පිස්සු දොස්තර ජයරුවං බණ්ඩා මල හොල්මන වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අපෙත් හිතවතකු වන සමගි ජන බලවේගයේ නීති ලේකම්, ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධනම වීමයි. සජිත් ප්‍රේමදාස ඔහුට මෙතරම් දැඩි ලෙස සහය පළකරන එක මේ අවස්ථාවේ සමගි ජන බලවේගයට අවාසි සහගත තත්වයක් ඇති කරයි නේද?

    නැවත නැවතත් රහස් පොලිසියට කැදවා තිබුනද ඔහු එහි නොපැමිණ දින 14ක කාලයක් ඉල්ලා මගහැර සිටින අතර ඔහුගේ සැබෑ පැටිකිරිය හෙළිදරව් වීම සමග ආණ්ඩුවේ ජඩ මාධ්‍ය මගින් අතිශයොක්තියෙන් යුතුව ප්‍රචාරය කළහොත් නැවතත් අර ගුරු වර්ජනය වැනි මෝඩ වැඩක් වෙලා සමගි ජන බලවේගයේ නායකත්වයට එය පාරාවළල්ලක් වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. මේ වගේ මෝඩ වැඩ නොකර ලේසියෙන්ම ආණ්ඩුවට එරෙහිව කළ හැකි බොහෝ දේ නොකර මගහැර සිටීම ගැන හිතන්නේ මොකද?

    ReplyDelete
  10. මචන් මාතා,

    බස්නාහිර පළාතේ ගබඩා පහක සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි මෙට්‍රික් ටොන් 83,000 ක් පමණ රජයේ බාරයට ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී නිවුන්හැල්ල මාධ්‍ය වලට පොරටෝක් දුන්නා නේද?

    ඒ වගේම මින් සීනි ටොන් තිස් දහසක් සතොස සහ සමුපකාරවලට ඊයේ (1) බෙදා හැරි බවද ඔහු සඳහන් කළා, මේක වැඩ කරයිද?

    ඒ සමගම එම ආයතනවලට බෙදා හැර ඉතිරි වෙන සීනි තොග මහජනතාවට අලෙවි කිරීම සඳහා පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසල්වලට ලබාදෙන බව පැවසූ ජෙනරාල් නිවුන්හැල්ල රටපුරා සඟවා ඇති සීනි, සහල් සහ වී තොග සොයා ගැනීමට විශේෂ මෙහෙයුමක් අරඹා ඇති බවත් කිව්වා.

    ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටින අවස්ථාවක මෙලෙස ආහාර තොග සැඟවීම බරපතළ වරදක් බවත් එසේ ආහාර සඟවන්නන්ට තමාගෙන් කිසිම සමාවක් නොලැබෙන බවත් නිවුන්හැල්ල ජෙනරාල් පැවසුවේ මෙම සීනි තොග සොයාගනු ලැබූ සිදුව ,කැලණිය වත්තල යනාදී ප්‍රදේශවල බලපත්‍ර සහිත සහ රහිත ගබඩා පහ බලන්න යන ගමන්.

    ඒ වගේම පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙම ගබඩා වලට පසුව මුද්‍රා තබා මෙම ගබඩා හිමියන් මේ සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති බැවින් එම සීනි අයත් ව්‍යාපාරිකයන්ට පසුව ඔවුන්ගේ වියදම් වලට සරිලන පරිදි මුදලක් රජය විසින් ගෙවීමට කටයුතු කරන බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියනවා.

    මේ වගේම සහල්, වී සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලමද සැඟවීම අධික මිල ගණන්වලට අලෙවි කිරීම තහනම් කරමින් ජනාධිපති නන්දසීනි ජරාපස්ස විසින් අගෝස්තු 30 මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසිද පනවා ඇති අතර මේක නිසා මීට වඩා හොඳ ටොපියක් කන්න ලැබේවිද ඉස්සරහට? මුන් රටින් බඩු ගේන එක නැවැත්තුවොත් මොකද කරන්නෙ?

    ReplyDelete
  11. ඒයි මාතලන් අන්න අල්ලලලු බං.
    කවුද? මහා බැංකුව කඩපු උන්ද? පාස්කු මහා මොලකරුද? හාල් හංගපු උන්ද?

    නෑ බං පහන්තුඩාවේ ආතල් ගත්තෞන්

    ReplyDelete
  12. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද සිදුව ඇති දකින විට තමනට උදේ ඇදෙන් නැගිටින්නට පණ නැති වී යන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

    තමන් ද මේ තත්ත්වයට වගකිව යුතු බවත් හැඟීයන්නේ යැයිද ඇය කියා සිටියි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් තම සමාජ ජාල ගිණුම මගින් වීඩියෝවක් මුදාහරිමින් ඇය මෙම අදහස් පළ කර ඇත.

    ReplyDelete
  13. ඔව් ඔහොම එව්න් නෙ අර ගිය අව්රුද්දෙ එක දිග්ට ස්ක්‍රීන්ශොට් ලීක් උනේ ගෑණුන්ට පුරුශ ලිංගෙ යවලා. උන්ගෙත් දැහැමි වෝල්.

    මම දන්න එකෙක් ඉන්නවා. බැංකුවක වැඩ කරන්නෙ. ඌ කේලම් කියනවා මිනිස්සු කොටවනවා, පිස්සෙක් වගේ බොනවා, බඩු ගහනවා, ගෙදරින් වැඩ වලට දෙන සල්ලි වලටත් බීලා බඩු ගහනව ඉවරයක් නෑ, සල්ලි තියෙන යාලුවෙක් අල්ලගෙන ඌත් එක්කත් බීලා බඩු ගහන්න යමු කියනවා.

    වෝල් එකයි වට්සැප් ස්ටේටස් එකේ තියෙන්නෙ. අනිත්‍ය, කුණු කයේ වැඩක් නැති බව, අපායේ දඬුවම් ලැබෙන හැටි, බණ කතා තමා. ��

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න