.

.

Nov 10, 2021

ජනාධිපතිතුමාගේ කළකිරීම හා අවංකත්වය


ඊයෙ ජනාධිපති තුමා කළ කතාවේ පිරිලා තියෙන්නේ කළකිරීම, ඉච්ඡාභංගත්වය..


ස' කියනවා අපි හොඳ නැත්නම්, ඔක්කෝම පැත්තකට කරලා අලුත් විකල්පයක් බලවේගයක් හොයාගෙන මේ පිරිසම ප්‍රතික්ෂේප කරන්න කියලා..


(ඒත් ඒ දේ මේ කාළකන්නි මනාප චන්ද ක්‍රමය යටතෙ වෙන්නේ නෑ)


මේ කතාව ස'ට කෙලින්ම කියන්න පුලුවන්, එයා දේශපාලකයෙක් නොවන නිසා සහ අනෙක් වැදගත්ම කාරනය ඔහුගේ අවංකභාවය නිසා.


නැත්නම් එයාට තිබුනා... මහින්දගෙ කම්බා හොරු සෙට්ටෙකත් එක්ක එකතුවෙලා හොරා කාලා හෙමීට මාරුවෙන්න..


හැබයි ඒවා කරන්න ඔහුගෙන් ඉඩක් නෑ...


වියත් මග කියලා හදාගෙන ආපු උන්ගෙනුත් මෙලෝ වැඩක් නැ. සතොසට දාපු එකා හොරා කෑවා. හැබයි ඌ එතනින් එලෙව්වා. තා එක්කෙනෙක් ටෝච් එකයි කුඩෙයි අරගෙන පැත්තකට උනා. ගොඩහේවා, චන්න ජයසුමන හා ෂබ්‍රී දෙයක් කරන බව පේනවා.


විප්ලවයක් කරන්න ආවයි කිව්වට ඇමතිවරුන් පත්කරේ සාම්ප්‍රදායික ගෝත්‍රික ක්‍රමයටමයි. 


චිරාත් කාළයක් ඇමතිකම් කරලා,, මෙලෝ මළහත්තිලව්වක් නොකරපු සුළු පක්ෂවල කාළකන්නින්ටයි, සීනියෝ රොටි කන නාකින්ටයි ඇමතිකම් දුන්නා.


උන්ගෙන් වැඩ ගන්න එක ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්. ඒකට විජ්ජාත්මක පත්කිරීම් ලෙස නම් කිරීම ඊට එහා විහිළුවක්. 


මිනිස්සු හහා දාන්නේ ඕවා නිසා..


ඒ වෙනුවට තරුණ පිරිසට ටාගට් එකක් එක්ක රාජ්‍ය ඇමතිකම් නෙමේ ඇමතිකම්ම දෙන්න තිබ්බා. උන්ව අධීක්ෂණය කිරීමක් කරන්න තිබ්බා.


මේ රටේ වැඩක් කරන එකාට තැනක් නෑ. කෝ අර ප්‍රසන්න රණවීර, ඌව මාධ්‍යයන්ගෙන් කපලා දැම්මා. දේශපාලනිකවත් කැපිලා වගේ. ඒ රණසිංහ ප්‍රේමදස වගේ මිනිස්සු..


 අයියයි, අයියගෙ යාලුවෝ 20 - 30 ක් එන්ටර්ටේන් කරනවද? එහෙම නැත්නම් විප්ලවීය තීරණ අරගෙන 22,000,000 ක ජනතාව එන්ටර්ටේන් කරනවද කියන එක මුලින්ම තීරණය කරන්න තිබුනා.


වියත් මගේ උන්න තරුණ වෘත්තියවේදින්ගෙන් උපදෙස් ගන්න තිබ්බා. ඒ වෙනුවට ඒවට ගත්තෙත් පී බී වගේ කම්බා කේවට්ටයෙකුයි, වීරතුංග වගේ ඩේට් එජ්ස්පයර්ඩ් භාන්ඩයකුයි...


රට ගොඩදැමීමේ අවංක චේතනාවක් ඔහුට තියෙනවා. ඒත් ඒ දේවල් කරන්න කිසිවෙක් ඔහුට නෑ. 


ආන්ඩුවේ ඇතුලේ ගැටුම් තියෙනවා කියලා මුල ඉඳන්ම පෙනුනා. හමුදාව එක්ක ගමනක් යන්න ගියාට සාර්ථකව කළේ කොරන්ටීන් වැඩෙයි එන්නත්කරණය විතරයි.


ඒකට හේතුවක් උනේ අර ගෝත්‍රික මැති ඇමතිවරු ඒ නිළධාරින්ට කිසිම සහායක් නොදීම විතරක් නෙමෙයි.. කරන දේවල්වකටත් කොක්ක ඇදීම...


හොඳම උදාහරණය සහල් මාෆියාව එක්ක කරපු යුද්ධය. බන්ධුල විතරක් නෙමේ මහින්දානන්දත් ඉන්නේ ඩඩ්ලි සිරිසේන එක්ක. දැන් ඊළඟ කන්නෙන් පස්සෙ මිනිස්සුන්ට බත් කන්න වෙන්නේ නාඩු හාල් 300 ට අරගෙන. 


ඩඩ්ලි සිරිසේන තව ෆයිව් ඉස්ටාර් හෝටල් 10 කට විතර එක කන්නෙන් හොයා ගන්නවා.


මොකෝ ස' ගෙදර යන්න හිතාගෙන උන්නට, අරුන් ආයේ එහාට මෙහාට පැනලා ආයෙත් ඇමතිවරු වෙනවා. ඒ නිසා උන්ට වටින්නේ ඝෝඨාවත්, ගොවියොවත්, පාරිභෝගිකයාවත් නෙමෙයි, එයාලත් එක්ක එකට කන බොන කල්‍යාණ මිත්‍රයෝ වෙන නිපුනයි, ඩඩ්ලියි.


කාබනික වැඩේටත් නිළධාරින්ට බැනලා වැඩක් නෑ, ඇමතියෙක් දාන්නේ උන් එක්ක හැමිනෙන්න නෙමේ නේ.


නිළධාරියි, යුනියන් කාරයොයි නම් රට පාලනය කරන්නේ, දේශපාලුවෝ ඕන නෑ නේ, මැතිවරණ කොමිසම් ඕනත් නෑ. චන්ද ඕනත් නෑ.


ඉතින් මේ දේවල් කරන්න තව අවුරුදු 3 ක්ම තියෙනවා. 


එහෙම නැත්නම් වෙන්නේ අලුත් බලවේග එන එක නෙමේ, මුන් ඔක්කොම ස' ට ඇරලා, සිරා එක්ක හරි සජිත් එක්ක හරි, විමල් එක්ක හරි ආයෙත් රට කන එක.


ඒ නිසා ස'ට කරන්න තියෙන්නේ, බෙල්ල ගාවටම ගිලිලා ඉන්න වෙලේ, ඉහටත් උඩින් ගලලා ගිලිලා මැරෙණකන් ඉන්නේ නැතිව, ඇමරිකන් කාරයෝ ටිකක් හරි ගෙනත් දමාගෙන, කරන්න හිතාගෙන ආපු වැඩ ටික කරලා ගෙදර යන එක.


එතකොට ගෙදර ගියත් මිනිස්සු ස' ගේ හොඳ කියයි. නැත්නම් ෆේල් නායකයෙක් ලෙස ඉතිහාසයෙ නම ලියවෙයි.


පමාදෝ මච්ඡුනෝ පදං...


ස්වස්ථි සිද්ධම්  ....!!!!


.

42 comments:

  1. හොඳ පෝස්ට් එකක් බන් මාතේ, කතාව සම්පූර්ණ ඇත්ත, අර කැළණියේ මන්ත්‍රී සහ මැටි වැඩ පිත්තල ග්‍රාමීය කර්මාන්ත ඇමති බුලත්වලගේ ප්‍රසන්න රණ වීර කියන හාදයා ගැන කියන්වා නම් මාධ්‍ය වල කියනවා වගේ මෑන් අම්බානකටම නරක ඩයල් එකක් නෙමෙයි. ඕනි එකෙක්ට පොරගේ ගෙදෙට්ට ගිහිං හැමදාම හම්බෙන්න උදව් ගන්න පුළුවන්. අපි මොකක් හරි අපේ ප්‍රශ්නයක් පොරට කියලා මිනිහට හිතුනොත් මේකට පොරට යම් ක්‍රමයකින් උදව් කරන්න පුළුවන් කියලා මෑන් බොක්කෙන්ම ඒකට උදව් කරනවා. අපේ එකෙක්ට වෙන අමාත්‍යාංශයට වැඩක් කරගන්න ඕනි වෙලා පොරගේ ගාවට ගිහිං ලියුමක් ගන්න. පොර ඒ පාර අදාල ඇමතිව හම්බෙන්න ගිහිං අපේ එකාවත් එක්කගෙන. ඒ වගේ බොක්කෙන් උදව් කරන ඩයල් එකක්. ලොකු සීන් නැහැ. සභාපති උනාද,මන්ත්‍රී උනාද,ඇමති උනාද. හැමදාම නොර්මල් ඩයල් එක. මුගේ ගෙදරට ගියාම මු ඉන්නවා හැමදාම උදේට සරමත් ගහන් ඔහේ. නමුත් අවාසනවාට වගේ ඒ වගේ මිනිස්සුන්ට ආණ්ඩුවේ තැනක් නෑනේ, මෙලෝ රහක් නැති සිරිසේනගේ රිලව් රැල කරන ලබ්බක් නෑ නමුත් හොඳ තනතුරු ටික උන්ට දීල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එක එකාගේ පස්සෙ ගිහින් උදව් ගන්න ක්‍රමය නිසා තමයි නූගත් හොරු රැළක් හා උන්ට කඹුරන මිනිසුන් ටිකක් බිහි වෙලා තියෙන්නේ

      Delete
  2. මෙහෙමයි මාතලන්,

    මේ වෙන කොට ලෝකයේ රාජ්‍ය පාලන ක්‍රමවේද සහ සංකල්ප බොහෝ දුරට වෙනස් වෙච්ච බව ලංකාවේ බහුතර ජනයා නිවැරැදිව තේරුම් ගෙන නැහැ, මාතලන්ල වගේ නිතර ලෝකය සමග අප්ඩේට් වන ජනයා හොඳින් දන්නා පරිදිම රජය පමණක් සියලු දේ කළ යුතුය යන රාමුව ලොව පුරාම දැඩි ලෙස අහෝසි වී පොදුවේ පුද්ගලයා සහ පෞද්ගලික ව්‍යවසාය වලට ද වගකීමක් හා කාර්ය භාරයක් පැවැරී තිබෙන නිසා ලොව දැන් ධනය නිපදවන්නේ පෞද්ගලික අංශයයි. ප්‍රතිපත්ති සකස් කිරීම සහ සාධාරන ලෙස නියාමනය/ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම ආණ්ඩුවලට පැවරේ. එහි දී විශාල කාර්යක්ෂමතාවක් ඇතිවෙයි. ඉතාම ශක්තිමත් නියාමනයකින් පාලනය සිදුවෙයි. මෙලෙස නිසි නියාමනය ආණ්ඩුවල කාර්යභාරයකි. අවශ්‍ය මූලික යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුය. එයින් පෞද්ගලික ව්‍යවසාය දියුණුවෙයි. තරගකාරීව වැඩෙන පෞද්ගලික ව්‍යවසාය ආර්ථිකය සක්‍රීය කරයි. රැකියා උත්පාදනය කරන අතර රජයට බදු ආදායම ලැබෙන මාර්ගයකි. එම ආදායම පොදු පහසුකම් වැඩිදියුණුව සඳහා වියදම් කළ හැකිය. සහන අවශ්‍ය ජන කොටස තෝරා ඔවුන්ට අවශ්‍ය සහන සැපයීමට වැය කළ හැක. රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙක අතර සමබරතාව පවත්වාගෙන යෑමෙන් රටට අත්පත්වන ප්‍රගතිය ඉහළය. ජනතාවට දැනෙන සේවයක්, අතමිට සරු හෙට දවසක් වෙනුවෙන් තීරණ ගැනීම රජය සතු බලවත් වගකීමකි.

    ඉතිහාසය පුරාම ප්‍රජාතන්ත්‍රවාදය හා විවෘත ආර්ථික ක්‍රමය තුළ හැඩගැසෙන්නට ශ්‍රී ලංකාව වරින්වර උත්සාහ කර තිබේ. ආණ්ඩු වලින් සිදුකරන්නේ ප්‍රතිපත්ති ගැටීමකි. ඉකුත් දශක හතර තුළ විවෘත ආර්ථික ක්‍රමයේ ජවය, නිසියාකාරයෙන් ලබාගෙන නැත. මතවාදී වශයෙන් විරුද්ධ සහ පටු අදහස් පතුරුවා හරින ප්‍රතිවාදී ඇතැම් දේශපාලනඥයෝ, රාමුවෙන් බැහැර තීරණවලට වැරදරන ආණ්ඩුවලට එරෙහි වෙති. ආණ්ඩුවේ ජනප්‍රියභාවය, ඡන්ද පදනම ගැන අවධානය යොමු කරන ඇතැම් නායකයෝ, පැවැත්ම අවදානමකට තබන්නට සූදානම් නැත. එහි ප්‍රතිඵලය කටුක, නිරස ස්වභාවයක් ඉතිරිකර තිබේ. ආර්ථිකය දුබල කර ඇත. එයින් ඇති කරන අවදානම සුළු පටු නොවේ. රට පවතින දුර්වල තැන දකින තරුණ පරපුර, අලුත් අවස්ථා සොයා රට හැර යමින් සිටිති. වෙනත් රටකින් අනාගතය සාක්ෂාත් කරගන්නා තැනට පත්ව සිටීම කනස්සල්ලට කරුණකි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කවුද යන එක නොව මොනවද කරන්නේ යන්න වැදගත්, මොකද වැසියන්ගේ අවශ්‍යතාව පළමුව තබා කාර්යක්ෂමව, අඩුම මිලකට හොඳ සේවයක් අවශ්‍යයි. ලංකාවේ ඛනිජ තෙල්, ගෑස් විදුලිය වැනි අංශවල විශාල විකෘතියක් තිබේ. මෑත කාලයේ පාරිභෝගික ආකල්ප වෙනස් වී ඇත. ආණ්ඩුවෙන් ද පෞද්ගලික අංශයෙන් ද යන්න වැදගත් කාරණයක් වී නැත. ඛනිජ තෙල්, විදුලිය සහ ගෑස් යන බලශක්ති අංශයේ වැඩිම කොටසක් ආණ්ඩුව භාරයේ ඇත. ඒවා පහසු ව්‍යාපාර නොවේ. මිල ගණන් වෙනස්වන විට හා පිටරටවලින් ගෙන්වනවිට රජයකට අනුගමනය කළ හැකි පිළිවෙළ අවාසිදායක ලෙස බලපා තිබේ. එහි අකාර්යක්ෂමතාව පොදු ජනතාවට බරකි. විදුලිය උත්පාදන ක්‍රම සම්බන්ධ පරිවර්තනයක් ලෝකයේ සිදුවී තිබේ. ඉතාමත් දැඩි ලෙස පුනර්ජනනීය විදුලිය වෙත නැඹුරු වී ඇත. ලංකාවේ රජයේ නිලධාරීන් ගලඟුරු හා ඩීසල් මතම දැඩිව රැඳී එම පැතිවලට ඇතුළු නොවීම විශාල අවාසියකි. වෙනස්කම් කරන්නට රජයට ධනය නැත. දැඩි ලෙස ගතානුගතික වෙනස් වීමට දැඩිව අකමැති දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති අලුත් තීරණ ගැනීමට ඉඩ දෙන්නේ නැත. එහි බර ආර්ථිකය අසීරු තැනකට තල්ලු කර තිබේ.

      මෙතනදි මගේ ප්‍රශ්නය ලංකාවේ අසාර්ථක රාජ්‍ය ආයතන ජාතික සම්පත් වශයෙන් හඳුන්වන්නේ ඇයි? ඇමැතිවරු රජයේ ආයතන ප්‍රයෝජනයට ගනිති. සෑම ආණ්ඩුවක්ම නඩත්තු කරන්නට නොහැකි තරමට සේවක පිරිසක් බඳවාගෙන ඇත. එය පාඩු ලබන එක හේතුවකි. දේශපාලන ව්‍යාපෘති වලට රජයේ ආයතන නැඹුරු කරගැනේ. සම්පත් නාස්ති කරන, අකාර්යක්ෂම හා පාඩු ලබන රාජ්‍ය ආයතන ආර්ථිකයට හානියකි. රටට බරක් වන රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වශයෙන් පෙනී සිටීම අවමානයක් සේ සැලකිය යුතුය. ව්‍යාපාර, බංකොලොත්වන විට ඒවායේ අයිතිකරුවන් අසාර්ථක පුද්ගලයෝ බවට පත්වෙති. පෞද්ගලික අංශයේ පිළිගැනීම එයය. ජනතාවගේ බදු වලින් නඩත්තු කරන රජයේ ආයතන අසාර්ථක නමුත් තව තවත් වරප්‍රසාද ලබයි. අති විශාල පාඩු සහ බැංකු ණයවලට ගෙවන පොලිය රටට ඉතාම අහිතකරය. කිසිම ආකාරයක යහපතක් සමාජයට ලැබෙන්නේ නැත. ක්‍රමය පවත්වාගෙන යන දේශපාලනඥයෝ මෙම ගතානුගතික රාමුව ආරක්ෂා කරති.

      මේ නිසා ප්‍රධාන වගකීම වන රට පාලනය කිරීම වෙනුවට අදාල නොවන පෞද්ගලික ව්‍යවසායකයන් විසින් කළ යුතු ව්‍යාපාර කරන ආණ්ඩු අවසානයේ දී සංකීර්ණ තත්ත්ව වලට ගොදුරුවේ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, ආයෝජන, මහජන සුබසාධනය, ව්‍යවස්ථාව සකස් කිරීම වැනි වැදගත් කරුණු පසෙකට තබන අතර සහල්, කිරිපිටි, සීනි ඇතුළු සෑම අංශයකම කැලැඹිලි ඇති කරගෙන ඇත. දුරකතන සේවා ආණ්ඩුව භාරයේ තිබුණි. පෞද්ගලික අංශයට විවෘත කිරීමෙන් පසු ලැබී ඇති දියුණුව කැපී පෙනේ. රජය කරගෙන ගියේ නම් අද වනතුරු රටට ජංගම දුරකථන සේවා සැපයෙන්නේ නැත. රක්ෂණ අංශය සාර්ථකව තරඟකාරීව පවතී. පෞද්ගලීකරණයෙන් ලැබුණ වාසියකි. ඛනිජ තෙල් ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි වූයේ නම් සම්පූර්ණයෙන් වෙනස් ස්වභාවයක් පවතිනු ඇත. විදුලිය බලය, ජලය බෙදාහැරීම, දුම්රිය සේවා වැනි අංශ වල විශාල ප්‍රගතියක් ඇති කළ හැකි.

      Delete
    2. මේ වගේම වෙනස් පැතිවලින් අලුත් අවස්ථා ගැන මහජනතාවට දැනෙන සේවයක් සඳහා අලුත් ව්‍යුහයක් අවශ්‍ය අතර ආර්ථික දියුණුව ඇති කෙරෙන්නේ ආණ්ඩුවෙන් ද පෞද්ගලික අංශයෙන් ද යන්න වැදගත් නැහැ, මොකද ව්‍යාපාර වලින් අය කරන බදුවලින් දුප්පත් ජනතාවට සහන සැපයීමට හැකි වන අතර දැන් සිදුවෙන්නේ දුප්පත් ජනතාවගෙන් අය කරන බදු වලින් අකාර්යක්ෂම රාජ්‍ය ආයතන නඩත්තු කිරීමයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය නඩත්තුවට එක දිනකට රුපියල් මිලියන අනූ නමයක් ගෙවන්නට මහා භාණ්ඩාගාරයට සිදුවී තිබේ. 2022 අය වැය යෝජනාවලට මෙම අසාර්ථක ක්‍රම අලුත් කරන වගකීමක් ඇත. වසර හතළිකට කලින් විවෘත ආර්ථිකයෙන් ලබා ගත් අවස්ථා නැවත වටයකින් ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය්‍ රාමුව සකස් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි.

      දැනටමත් බැසිල් සහ ජනපති තේරුම් ගෙන ඇති පරිදිම රජයට අයත් විශාල ඉඩම් ප්‍රමාණයක් තිබේ. දුම්රිය, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු තැන් වල ඇති අවකාශය කිසිම ප්‍රයෝජනයකට නොගනී. සෑම බිම් අඟලකම වටිනාකමක් ඇත. දේශීය හෝ විදේශීය ආයෝජන වලින් මනා ප්‍රයෝජන ගත හැකිය. ඉඩම් පැවැරීම ගැන ඇතැම් කොටස් විරෝධය පළකරති. රටේ භූමිය කිසිවෙකු රැගෙන ගොස් නැත. මෙරට ජනී ජනයා ලක්ෂ දෙකකට වඩා වෙනත් රටවල සේවය කරමින් සිටිති. එම රටවල දී උපයන ධනයෙන් කොටසක් ලංකාවට එවන අතර එය මෙරට වැඩිම විනිමය උත්පාදනය බවට පත්ව ඇත. ලාංකිකයන්ට තම රටේ සේවය කරන උසස් අවස්ථා ඇති කිරීම අපගේ වගකීමකි. විදේශගතව සිටින පිරිස හා සේවයෙන් පසු නැවත ආපසු එන ලාංකිකයන්ට වෙනත් රටවල් දියුණු වී ඇති ආකාරය ගැන අත්දැකීම් තිබේ. ඒවා අමතක කරන්නේ ඇයි? ආකල්ප වෙනස් කරන වැඩ පිළිවෙළක් අවශ්‍යය. රට නගා සිටුවීම සඳහා සමාජ බලකිරීම ද වැදගත් කාරණයකි.

      ඉදිරිගාමී අදහස් ඇති ව්යාපාඅර කිරීමට බය නැති නිර්මාණහ්ස් පාලකයන්ට තීරණ ගැනීම පහසු කරවයි. පටු අදහස් වලින් සමාජයට විකෘති අදහස් පතුරුවා ඇති අතර එයින් සිදුවන හානිය නිසි සේ තක්සේරු කිරීම අප සියළු දෙනාගේ බලවත් වගකීමකි.

      ඒ වගේම නවීන ලෝකයේ වේගයෙන් දියුණු වන තාක්ෂණයෙන් සිදුවන සමාජ පරිවර්තනය ගැනත් අප්ඩේට් විය යුතුයි, මොකද දශක ගණනකට කලින් වරාය සේවා හැඩි දැඩි ශ්‍රමිකයන්ට සීමා වී තිබුණ නමුත් අදානි සමූහ ව්‍යාපාරය ආයෝජනය කරන කොළඹ බටහිර පර්යන්තය විශාල වෙනස්කම් ඇති කරන බව දැනටමත් පේන්වා, දැනට වරාය කාර්ය මණ්ඩලයේ කාන්තා ශ්‍රම නියෝජනය සියයට තුනක් වන නමුත් බටහිර පර්යන්තයේ මෙහෙයුම් වල දී සියයට හතළිහක ශ්‍රම බලකායක් කාන්තාවන් අතරින් තෝරා ගැනීමට නියමිතය. සියල්ල පරිගණක ගත අර්ධ රොබෝ තාක්ෂණයෙන් සිදුකෙරෙන බව වාර්තා කර තිබේ. ඒවායේ සේවය සඳහා තරුණියන්ට අවස්ථා ඇත. එපමණක් නොවේ. ලෝකයේ අලුත් කර්මාන්ත හා ව්‍යාපාර දියුණු තාක්ෂණයෙන් බලගැන්වෙයි. බලශක්තිය අතින් විශාල පරිවර්තනයකය. එයින් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඇතිවේ. මෙම වෙනස්කම්වලට ශ්‍රී ලංකාව ඇතුළුවිය යුතුය. කාන්තා ශ්‍රම නියෝජනය ඉහළ යන විට අලුත් විභවයන් ඇති වෙයි. පවුලේ ඉපැයීම් වැඩිවන අතර සමාජ තත්ත්ව වෙනස් කරන බලවත් සාධකයකි. විරෝධතා ඇති කරන්නට කලින් ඇතුළාන්තය අධ්‍යයනය කළ යුතුය. ලෝකයේ අනෙක් රටවල සාර්ථක වී ඇති ක්‍රම ශ්‍රී ලංකාවට නොගැළපෙන්නේ ඇයි?

      Delete
  3. Greek bond 3 4 k....hedging 5 6k...airbus 10k ...hambantota buildng wage 10k 12 k

    ReplyDelete
  4. Lanka transformer eke wancha dushana hoyanna balanna ekek na

    ReplyDelete
  5. මාතා අපිට දේශීය සම්පත් විකිණීම හා රට බෙදීම වගේ ආකර්ෂණීය විවේචන කළ හැකි නමුත් ඒවායෙන් දුප්පත් ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නැහැ. රටට ගැළපෙන ක්‍රම සඳහා සූක්ෂමව ප්‍රවේශවීම වැදගත්. නිදහස් වෙළෙඳ කලාප, ආයෝජන මණ්ඩලය, ඇඟලුම් කර්මාන්තය වැනි 1978 පසු ඇති වූ අවස්ථාවලින් පස්සෙ ලංකාවේ අපනයන වැඩි කරන්න හදල තියෙන්නේ මොනවද? බොලා හැමෝම නිතර සඳහන් කරන පරිදි ආසන්න රටවල් වේගයෙන් දියුණු වී තියෙනවා කියන්වා, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල් තීරණ ගැනීමේ දී ඉතා පටු ආකාරයට ඊළඟ මැතිවරණය ගැන අවධානය යොමු කළේ නැති එකේ ප්‍රතිඵල අද දකින්නට නැද්ද කියල කියපන්?

    ලංකාවට සාපේක්ෂව කිසිම සම්පතක් නැති කුඩා සිංගප්පූරුව විශාල ආර්ථිකයක් ඇති තැනක්, දැන් බලපන් එහි එකම තෙල් ළිඳක් හෝ නැතත් ලෝකයේ තෙල් නිෂ්පාදන අලෙවි කරන ප්‍රධාන රටවල් අතර තුන් වැනි තැන ඉන්නේ පිරිපහදු විතරක් හදලා? එරට පාලකයෝ විදේශීය සමාගම් වලට ආයෝජන අවස්ථා සැපයූ එක විතරයි, එතකොට ඩුබායි නගරය අද මුල්‍ය කේන්ද්‍රයක්, 48 අම්මටසිරිලක නිදහස ලබන කාලයේ එය කාන්තාරයක් පමණයි, දෙවැනි ලෝක යුද්ධයෙන් බැට කෑ ජපානය 1945 දී බින්දුවට වැටී සිටි නමුත් අද ජපානය ලෝක බලවතුන් අතරය. බංගලාදේශය 2000 -2010 වෙනකම් දරිද්‍රතාවෙහි ගිලී සිටි රටක් වුණත් ඇඟලුම් කර්මාන්තයෙන් වරකට ඩොලර් බිලියන් 30 - 35 අපනයන ආදායම් ලබමින් විදෙස් සංචිඔත ඩොලර් බිලියන් 50 සීමාවේ තියාගෙන සෑහෙන දියුණුවක් ලබා දකුණු ආසියාවේ ඉන්දියාව හැර දෙවෙනි ප්‍රබලම ආර්ථිකය ලෙස ඉන්දියාවත් පරදවන වේගයකින් දියුණු වෙමින් ලංකාවට ද ණය දෙන තරම් දියුණු වෙලා තියෙනවා. දකුණු කොරියාව, වියට්නාමය, පිලිපීනය යනාදී වශයෙන් තවත් උදාහරණ ඕනේතරම්, ඒවායේ පාලකයන් නිසි අවස්ථාවේ දී තීරණ ගෙන ඇති අතර බහුත්‍ර ජනතාව එදිරිවාදිකම්වලට ගොදුරුවූයේ නැහැ, ලංකාවේ දැඩි ලෙස කුලල් කා ගන්නා කුහක දේශපාලන පක්ෂ වල ගැටුම් පොදු ජනතාවගේ ආර්ථික සිහින විනාශ කර දමන්ට මූලිකම හේතුවයි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමයි රාජ්‍ය ව්‍යවසාය හා පෞද්ගලීකරණය ගැන විවාදය එකල පාර්ලිමේන්තුවේ දී විරුද්ධ වූ කණ්ඩායම් නගන ලද තර්ක අදටත් එලෙසම තියෙන නමුත් පක්ෂ විතරයි මාරුවෙලා තියෙන්නේ. තර්ක වල කිසිම ආකාරයක වෙනස්කමක් නැහැ, අලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය ආර්ථික දේහයේ රුධිරය රහිතව වියැළී ඇති නහර සේ හඳුන්වන ලද අතර අදටත් එය එලෙසම වලංගු වෙන්න හේතු සමග පරම්පරාවක් තිස්සේ අභාග්‍යය වෙත ගමන් කර තිබේ. එදා අවදානමක් ගෙන වෙනස්කම් කරන්නට වෑයම් කළේ නම් අද ලංකාවේ ආර්ථිකය මෙපමණ දුබල තැනක නැති බව මට නම් හොඳටම ශුවර්, එකල තිබුණ ලෙහෙසි පහසු ආයෝජන රටාව, ලාබ ශ්‍රමය සහ අඩු විරෝධය වෙනුවට අද ඉතාම සංකීර්ණ ආයෝජන තරඟකාරීත්වයක් ලොව පුරාම රටවල් අතර ඇති අතරම යම් යම් අවස්ථා අහිමිකරගත් පසු පශ්චාත්තාපවීම පමණක් ඉතිරි කරමින් ජනතාව විශාල වන්දියක් ගෙවා ඇති අතර මහජන නියෝජිතයන් වශයෙන් පක්ෂ භේදයෙන් තොරව සත්‍ය හා මුළාව අතර වෙනස වටහා ගැනීම වැදගත්, ලෝකයේ පවතින තරඟකාරී ආර්ථික රටාව හැර අනෙක් හුදෙකලා ගමනක් නැත. දූපතක අයිතිය ගැන තර්ක කරන්නට හැකි වුණත් ජනී ජනයා දූපතෙන් එපිට සිදුවන දේ ගැන අවබෝධයක සිටී. රට අසාර්ථක වන විට වෙනත් රටවල් කරා සංක්‍රමණයට යුහුසුළු වෙති. මතක තබාගත යුතු වැදගත්ම කරුණ එයයි.

      එම කරුණු කෙසේ වෙතත් සමස්තයක් ලෙස සංවර්ධනය සහ රටේ අනාගතය ගැන අප හැමදෙනාම උනන්දුවක් ඇත. දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඇතුළු එක කොටසකට පමණක් නොවේ. ආර්ථිකය දියුණු කරන්නට කෙටි හෝ වඩා සුවපහසු මාර්ග නැත. පවතින්නේ එක මාර්ගයකි. ජාත්‍යන්තර ප්‍රජාව තහවුරු කරන්නේ එකී පණිවුඩයයි. කැපවීම හා නිසි අවස්ථාවේ නිවැරදි තීරණ ගැනීම ඊට ඉතාමත්ම වැදගත්. ප්‍රතිසංස්කරණ අවශ්‍ය නමුත් ඕනෑම සමාජයක් පවතින තත්ත්වය වෙනස්කර යම් ප්‍රතිසංස්කරණයක් ඇතිවීම ගැන බලන්නේ සැකය හා අවිශ්වාසය ඇතිව, ඒ නිසා මහජනතාවට ඇත්ත තත්ත්වය තේරුම්කර ඔවුන්ට නොපෙනෙන අනාගතය පෙන්වා ඒ ගැන විශ්වාසයක් ඇතිකිරීම වැඩියෙන්ම අවශ්‍ය දෙයයි. මේ නිසා සෑම තලයකටම සෘජු දේශපාලන නායකත්ව අවශ්‍ය වන අතරම සමාජ එකඟතාව ඇතිකරගත යුතුය. විශාල කැපවීමකට පසු ජයග්‍රහණය කරා යා හැකි බවට පිළිගැනීම අවශ්‍යය. නිසැකය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ආර්ථිකය දියුණු කරන්නට තීරණ ගන්නා ආණ්ඩු වලට එහි ප්‍රතිඵල භුක්ති විඳිනතෙක් බලය ආරක්ෂා කරගන්නට අවස්ථාව නොලැබේ. අමිහිරි, තද තීරණ ගන්නාවිට මහජනතාව අතර ජනප්‍රිය වන්නේ නැත. එවිට ඡන්දයෙන් පරාජයට පත්වෙයි. පරාජයට පත් ආණ්ඩුව ගත් තීරණවල ප්‍රතිලාභ ලැබෙන්නේ ඉන් අනතුරුව බලයට පත්වන රජයටයි. මෙය ජර්මනියේ සිදු වූ බව මාතා දන්නවා ඇති.

      ඇත්තට මෑතකදී බිහි වූ ශ්‍රේෂ්ඨ ජර්මන් නායක ග්‍රෙහාඩ් ස්ෂෝඩර් එකී ඉරණමට මුහුණ දුන්නේ යුද්ධ දිනූ නායකයන්ට රට දියුණු කිරීමේ අවස්ථාව අහිමි කරමින් බ්‍රිතාන්‍යයේ අගමැති වින්සන්ට් චර්චිල් දෙවන ලෝක යුද්ධය දිනා පසුව ඡන්දයෙන් පරාජය වී ගෙදර යන්නට සිදු වූ ලෙසින්. මේ නිසා ආර්ථික අර්බුදවලට මුහුණ පා නිවැරැදි දැක්මක් ඇතිව ක්‍රියාකිරීමෙන් යළි රටවල් යහමගට ගත් නායකයෝ බලයෙන් පහවී ඇතත් එම නායකත්ව පෞරුෂ මහ විරුවන් ලෙස ඉතිහාසයෙන් මැකී නැත. ජනතාව තවමත් ඔවුහු කළ පරිවර්තනවලට ලෙන්ගතුය. ආර්ථීකය නව මාවතකට අවතීර් කරන්නටත් අවස්ථාව උදා වී තිබේ.

      මේ නිසා අවසන් වශයෙන් සෞභාග්‍යය උදෙසා ලංකාවට හුදෙකලාව ගමන් කළ හැකි කෙටි මගක් නැති බවත් නිදහස ලබාගත් අවස්ථාවේ සිට මේ දක්වා අත්හදා බැලීම් කර වාද විවාද හා මතගැටුම් ඇති කරගෙන ලැබූ අත්දැකීම් යල් පනින්නේ නැහැ, දෙවන ලෝක යුද්ධය අවසන් වන විට ලංකාවේ ආර්ථිකය ශක්තිමත් හා දියුණු මට්ටමක පැවතුණත් එය අඛණ්ඩ වර්ධනයක් දක්වා පවත්වාගෙන යන්නට අපොහොසත් වීමට බලපෑවේ ප්‍රතිපත්ති ප්‍රශ්න හා දේශපාලන තීරණ බව තේරුම් ගෙන විවෘත ආර්ථීක ක්‍රමයක් එක දිගට පවතින්නේ නැති බවත් එහි ශීඝ්‍ර වර්ධන, පසුබෑම් හා අඩාලවීම් මුණ ගැසෙන බැවින් ඒවා නිවැරදි කිරීමට ගන්නා පියවර ඔස්සේ ආර්ථිකය අලුත් ජවයකින් නැගීසිටින අතරම වඩා උද්යෝගයෙන් වැඩකරන්නට අවශ්‍යයි, නව සොයාගැනීම් ඔස්සේ ආර්ථිකය හා සමාජය මෙහෙයැවිය යුතුයි. මේ කරුණු ගැන ජනපතිවරයාගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

      Delete
  6. අවංක උනාට මදි අවංකකම පෙනෙන්නට තියෙන්න ඕනෑ. අම්ම තාත්තගෙ සොහොන රජයේ වියදමින් හදලා නඩු දැම්මට පස්සෙ වියදම ගෙවුවා වගේ අවංක කෙනෙත්!

    ReplyDelete
    Replies
    1. කියන්න තියෙන්නේ එච්චරයි

      ඒකත් ගෙව්වා

      Delete
  7. මාතා ගුරු/ විදුහල්පති වරුගේ වැටුප් විෂමතා එක අදියරකින් සිදු කිරීමට රජය තීරණය කර ඇති අතර අග‍මැති මහින්ද රාජපක්ෂ සහ ගුරු විදුහල්පති සංගම අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඒ අනුව මෙතෙක් කල් පැවතගෙන ආ ගුරු වැඩ වර්ජනය ඉවරයිලු හැබැයි 20 සංශෝධනය මහජන මතයට යට බවකුයි තේරෙන්නේ. 2015 දි වුන දේ නැවත සිදුවීම වැලකිය හැකිද? අර උද්දච්ච මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමති මොනව කරන්නද?

    ඇත්තටම ළමාතන් ඕව මැදමූලනෙන් ගෙනාපු සල්ලි වලින්ද බන් වැඩි කරන්නේ? මුන් මහජන මුදල් හොරාකනව මදිවට මුන්ගේ බලය රැක ගැනීමට හිටු කියල රජයේ සේවයේ පින් පඩි කන හාල්පාරු හිඟන හැත්ත ඇතුලු අනවස්‍ය උන්ට රටේ මුදල් බෙදා දෙනවා. අ. පොස උසස්පෙල සමත් ලමයින් පවා උදේ සිට රෑ වනතුරු වැඩ කරල රු. 20,000 ගන්න ලමයි ඉන්නවා .ඔය වැටුප් වැඩි කිරීම ඔයින් නතර වෙන්නේ නෑ ස්ටර්ලින් පින් ගොනා වගේ අමු මීහරක් කාලකණ්ණි හැත්ත මහින්ද ජයසින්හල වගේ අමු සක්කිලි මළ පෙරේත රට හරක් නැවත තව ටික දවසකින් වෙන මගුලක් අල්ලගෙන පටන්ගන්නවා. එතකොට වරාය, විදුලි බල, වෙනත් රජයේ කන්තෝරු වල අමන මීගව රැලත් එක එක ඉල්ලීම් මුල් කරගේන ඕකම පටන් ගන්නවා, අන්තිමට ආන්ඩුව පෙරලන තුරු ඕකේ නිමාවක් වෙන්නේ නෑ. යකෝ ආන්ඩුවේ රස්සා කරන උන් විතරද ජීවත්වෙන්න ඕනැ, වෙන ආණ්ඩුවක් ආවත් උන්ටත් මේ පරිප්පුවම තමයි, මේ ගැන කාටද බන් කියන්නෙ?? ඔය පින් පඩි ඇට රිල්වු ඔහොම්මමයි, ඕකුන්ට දොල පිදේනි දීල ඉවරයක් කරන්න බෑ, වසන්ගතය නිසා මේ රටේ රස්සාවල් නැතිවුන, අපි වගේ කාටවත් බරක් නැතුව අපනයන ව්‍යාපාර කරන්ගියපු සහ වෙනත් විවිධ ව්‍යාපාර කඩා වැටුනු මිනිස්සු අප්‍රමාණව ඉන්නවා.. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නෑ. අවුරුදු 2ක් මඟ වියදම් නැතුව ගෙදර හිටපු… දවසෙන් බාගයක් විතරක් වැඩ කරන…, අවුරුද්දකට මාස 3ක් සියලුම වැටුප් සහිතව නිවාඩු ලැබෙන.. වැඩට යන දවස්වලත් ඔහේ අයිස්ගගහ කාලෙකන එවුන්ට වැඩි පඩි, නොදකින් බන් මුන්නම්, ඡන්ද ලක්ෂ 15 ක් වෙනුවෙන් ඡන්ද ලක්ෂ 100 ක් නැති වෙන වැඩක් මේක.

    ReplyDelete
    Replies
    1. ඕං මං වැඩේ කර ගත්තා . දැන් ඉතිං වෙන කණ්ඩායමක් හෙට ඉදං මං නවත්තපු තැන සිට ස්ට්‍රයික් එකක් පටන් ගනින් . උබලාටත් දිනා ගන්න පුලුවන් !

      ජේ. ස්ටාලිං !

      Delete
    2. ඔය කලු කොට කැත පරයාට සහ ඌට ආවඩන හරකුන්ට එකක් අමතක උනා…. ඌ ඔය උරා බොන්නේ රටේ මිනිසුන්ගේ ලේ බව…….. කොවිඩ් උවදුර නිසා මේ රටේ රැකියා නැතිවුනු, ව්‍යාපාර නැති වුනු මිනිසුන් එමටයි. ඒ මිනිස්සු දරුවන්ට කන්න බොන්න දෙන්න විදියක් නැතිව ලත වෙද්දී, කොවිඩ් නිසා මඟ වියදම්ද ඉතුරු කරමින් නිවසට වී පඩි කන, දවසෙන් බාගයක් පමනක් වැඩ කරන, වසරකට තුන් මසක් නිවාඩු ලබන එවුන් වෙනුවෙන් ජනතාවගේ රිර්‍රි මාන්ශ එකතු කර දොල පිදේනියක් දුන් බව.

      Delete
  8. 'මේ රටේ වැඩක් කරන එකාට තැනක් නෑ. කෝ අර ප්‍රසන්න රණවීර, ඌව මාධ්‍යයන්ගෙන් කපලා දැම්මා. දේශපාලනිකවත් කැපිලා වගේ. ඒ රණසිංහ ප්‍රේමදස වගේ මිනිස්සු..'

    රණවීරව කැපුවේ ජනාධිපතිම තමයි. රණවීරගේ අමාත්‍යාංශයට වෙන් කරපු මුදල භාගෙට භාගයක් කැපුවා මේ අවුරුද්දේ. ඒක ජනපති තීරණයක්. ඒ නිසා තමයි රණවීර දැන් අයින් වෙලා ඉන්නේ.

    ReplyDelete
  9. මිනිසාගෙ චෛර්‍ය පද්දතිය දෙශගුනික හා සoස්කෘතික ප්‍රකාශනයක්. බොහො අප්‍රිකානු වන් හාබට හිර කොදෙව්වන් ඊට සාක්ෂි දරයි. ලතින් ඇමෙරිකානු වන් බීර හා අසාමාන්‍ය ලෙස රාගික වන්නේත් (සියලු ලජ්ජා බය නොසලකා) අරාබිකරයෙ උමුතු ලෙස රාගය ඉස්මතු කරන්නෙත් මගෙ ප්‍රස්තුත තර්කයේම දිගුවක් ලෙසයි .ලාoකිකයන් ගොඩ නැගෙන ඉතිහාසයත් සමග දුම්බීම අගෙ කොට නොසලකන අතර ගoජා බීම සමාජයෙන් පිලිකුලෙන් යුතුව බැහැර වන්නෙ මේව පාවිච්චි කරන්නන් ගෙ පoතිය හා අව්චාර්‍ය මත් හැසිරීමයි .ගoජා වල මොන උතුම් පල තිබුනත් එය මාකට් කරන උන් පිටුපස ඇත්තෙද මිනිසාමොහයට පත්කර සුරාකන දෙශපාලනයයි ගoජා වෙනුවෙන් කතාකරන උත්සවයකදි සිවුරු ඇදගයත් මිනිසෙකු දැකීමද මිනිසාගෙ පිරිහීම සනිටුවන් වන අතර නදීක ගුරුගෙ යනු මා නියෝජනය කරන දෙශපාලන දාරාව නියෝජනය කරන බව කිව යුතු අතර ගoජා වෙනුවෙන් පෙනි සිටිනවාට වටා බිතොමන් මෙන් සමාජයට ඇවැසි ගුනය ඔබ රැක ගතයුතු බව මතක් කරම්.

    ReplyDelete
  10. මාතලන් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ ගුරුවරුන්ව දොස්තරලගේ scale එකේ salaries දුන්නත්. ඒත් එහෙම කරන්න එයාලට ළමයින්ව tuition නොයවා පාසලෙන්ම විතරක් උගන්නන්න තත්ත්වයකට ගන්න පුලුවන්ද කියන එක බලන්න ඕනේ. ඉතින් ආණ්ඩුව මේවා දෙන්නේ මොකටද මෙයාලට? මේවා දෙන්න වටිනවද?

    අද වගේ කාලෙක හැමෝම මෙහෙම ගෙවල් වලට වෙලා නිකන් පඩිත් අරන් වැඩත් නැතිව හිටියොත් මොන තරමේ අපරාධයක්ද වෙන්නේ? පෞද්ගලික අංශයේ මේ විදියට දවස් දෙකක් හිටියොත් මොනවද වෙන්නේ? හොඳම උදාහරණය බාටා company එක (අද බාටා නෙමේ) සහ ලංකාවේ වරාය. මේ වගේ strike නිසා 90 ගණන් වල හොඳම සන්නාමයක් වෙච්ච Bata එක වැහිලම ගියා. ලංකාවේ වරාය වගේ වෙන්න අවුරුදු 50ක ඉලක්කයකට වැඩ කළ සිංගප්පුරුව එක දවසෙන් එතෙන්ට ගියා බත් පැකට් එකක ප්‍රශ්නයක් නිසා කළ අසාධාරණ අරගලයෙන්.

    මේවා මෙහෙම කරලා කොතනටද අපි යන්නේ? මේ රටේ අන්ත දුප්පත් ළමයින්ට තමා ඒකෙන් පාර වැදුණේ. මුන්ට හෙනම ගහන්න ඕනේ, ආණ්ඩුව කරන බුරුවන්ටත් එක්කම.

    ReplyDelete
  11. මම ඉස්සර ගොඩක් blog කියෙව්වා. පස්සේ ඒක මග ඇරුනා. හැබැයි ඒ දවස් වල මාතලන් හැම category එකක්ම වගේ තමන්ගේ vision එකෙන් ලිවුවා. දැන් ගොඩක්ම ලියන්නේ political දේවල් විතරයි වගේ පේන්නේ . අනිත් ඒවත් නැවත ලියන්න.

    මම අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා.ඒක ගැන මේ වගේ email එකක් එවලා ඇති.
    "අයියේ,
    දැනට මම වැඩ කරගෙන යන online earning ගැන පොඩි බ්ලොග් එකක් පටන් ගත්ත.තව කැමති අයටත් කරලා බලන්න පුළුවන්.සින්ඩියේ එල්ලලා දෙන්න."
    https://earnwithpm.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මගේ එකේ එකක්වත් එල්ලන්න බෑ..

      අලුතෙන් එකක් හැදුවා ඒකෙත් බෑ

      වෙරි සොරි

      Delete
    2. කමක් නෑ, මොනවා කරන්නද...........

      Delete
  12. රාජපක්ෂලා ණය අරගෙන ගසා කකා ඒ ණය ගෙවන්න තවත් ණය ගන්න ක්‍රමය තව දුරටත් කරගෙන යන්න බැරි තැනට ඇවිත්. බැසිල් තියා මොකා ගෙනාවත් දැං ගොඩ යාමක් නෑ. ජනාධිපති මෙලොව සාමාන්‍ය දැනීමක් නැති නිකං ම නිකං පොල් කෝම්බයක් වගේ කෙනෙක් කියලා එයා විහින්ම ඔප්පු කරලා ඉවරයි. ලබන අවුරුද්ද වෙනකොට මිනිස්සුන්ට ආහාර ද්‍රව්‍ය මිල උහුලගන්න බැරි වෙයි.

    ReplyDelete
  13. මාතා මේ වීඩියෝ එකේ ලාල් කාන්ත කියන දේවල් වලට එකඟයි ද?

    https://www.facebook.com/798689643599421/posts/2392820800852956/

    නමුත් අනුර කුමාර සහ ජනතා විමුක්ති පෙරමුණේ වෙනත් ක්‍රියාකාරීන් ලාල් කාන්ත සහෝදරයා පැහැදිලිව පවසන දේවල් සමග එකඟ නොවන අතර මීට වඩා විශාල වශයෙන් දැඩි ආත්ම විශ්වාසයක් සහිතව කටයුතු කරනවා.

    මේවායින් ඔබ යෝජනා කරන විකල්පය කුමක් ද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙයි ද?

    ReplyDelete
    Replies
    1. ලාල් කාන්ත අපි වගේ එකෙක්

      පොරට නායකත්වය දුන්නා නම්
      ජෙප්පන්ට මීට වඩා චන්ද වැඩි වෙනවා

      Delete
  14. මාතලන්ට තව වැඩක් තියෙනවා, මාතලන්ටත් ආරංචි ඇති නේද අද ප්‍රවීණ සංගීතවේදියෙක්, ගායන සහ රංගන ශිල්පියෙක් වූ ලක්ෂ්මන් විජේසේකර අභාවප්‍රාප්ත වුණ බව? දිගු කළක් රෝගීව සිටි ඔහු අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවූ අතර ලක්ෂමන් විජේසේකරයන් ගැයූ බාල ළමාවරුනේ, දැල්වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා, සඳ පානෙ වැලිතලාවෙ සුර, ඔබ මට තරුවකි, දෑත දෙපාලන, සුපෙම් හැඟුම්, මේ ප්‍රේම සීමා මාලකේ සහ සඳ කිණිති නැමී’ ඇතුළු ගීත රැසක් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.

    දක්‍ෂ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් ද වන ඔහු විලම්බීත, දඟයන්ට පමණයි, ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවලට සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායක විය.

    ලක්ෂමන් විජේසේකර අප මිතුරු ජ්‍යෙෂ්ඨ ගාන්ධර්වයන්ගේ සිරිදේහය මහජන ගෞරව සඳහා ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඔහුගේ නිවසේ හෙට (13) තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිත බැවින් ඊට හැකි පමණින් සහභාගී වී අප සමග ද සාමීචියේ යෙදී මේ ගැන විස්තර සහිතව රසවත් පෝස්ට් එකක් ලියන්න පුලුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
  15. ස්වස්ති සිද්ධම්
    හොඳයි වෙනව නම්
    කට්ටියකට නොව
    කන හැමදා හැම්!

    ReplyDelete
  16. මාතා මේ කතාව ගැන මොකද හිතන්නේ?

    https://island.lk/port-city-colombo-project-to-add-13-8-bln-usd-to-sri-lankan-economy-pwc/

    ReplyDelete
  17. මාතා, තවත් දුක්මුසු පුවතක්, අප මිතුරු ලකී අයියාගේ (රවීන්ද්‍රනාථ් ලක්ෂ්මන් ද අල්විස් විජේසේකර ගායන/ රංගවේදියාණන්ගේ) අභාවයේ උණුසුම පහව යන්ටත් පෙර කලකට පෙර සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරේ අවසන් 12 දෙනා අතරට පැමිණෙමින් ගායන ක්ෂේත්‍රයට පිවිසි "දන්නවද මම දුකින්” , "ආව ගිය තැන් මා හා” , ”සල්ලි සල්ලි”, "රතු මැණිකේ" ආදී ගීත ගණනාවක් ගායනා කළ අප හිතමිතුරු ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන අයියාද අභාවප්‍රාත්ත වෙලා කියල ආරන්චි වෙන්න ඇති, තරමක කලක් රෝගාතුරව පසුවූ ගාමිණී සුසිරිවර්ධන මියයන විට අවුරුදු 58 ක් විතරයි, මීට අමතරව ඔහු 'මගෝ ඩිගෝ ඩයි' චිත්‍රපටයට මනා ලෙස හාස්‍ය රසය මවමින් රංගනයෙන්ද දායක වූ බවත් අමතක නොකළ හැකියි.

    දෙදරු පියෙක් වූ ගාමිණි සුසිරිවර්ධන අප හිතවතාගේ දේහය බෙන්තොට, ඊගල්ස්, යාත්‍රාමුල්ල නිවසේ ඊයේ සවස 4.00 සිට තැන්පත් කර තිබූ අතර අවසන් කටයුතු අද නොවැම්බර් පාළොහ හවස 5.00 ට බෙන්තොට ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත බැවින් ඔහුට උපහාර පිණිස පෝස්ට් එකක් දාන්න පුළුවන් නම් වටිනවා නේද?

    ReplyDelete
  18. මාතේ යහපලානේ උන් ඇවිල්ල උන්ව පත් කරන්න කටයුතු කරපු එවුන්ට කෙලිය. මේ ආණ්ඩුව කලෙත් එකමයි. තමන්ව පත් කරපු එවුන්ට කොකා පෙන්නුවා. මේ විධිහට ගියොත් ගෝඨාභය මහතා ඉතිහාසයට යන්නේ රනිල් ටත් වඩා ෆේල් විධිහට. ඒකට එකඟයි

    ReplyDelete
  19. වරාය ඇමති නූගත් හොරෙක්, අධ්‍යාපන ඇමති රටට කිසිවක් නොකළ නිකමෙක්, මුදල් ඇමති කොමිස් ගහන ද්විත්ව පූරවැසි හොරෙක්, කෘෂිකර්මය ඇමති විෂය ගැන දැනුමක් නැති වාචාලයෙක්, මේ වගේ උන් ඇමතිකම් වලට දාගෙන රටක් දියුණු කිරීම විහිළුවක්,...

    ඇත්තටම ස... කරපු එකම දේ හිරේ ඉදපු මිනීමැරුවන් නිදහස් කර සභාපති කළ එක විතරයි,...
    ස... කියන්නේ ත් දැක්මක් නැති තම වාසියට උදවුකළ අයට සළකන රට දියුණු කිරීම් අරමූණක් නැති පුද්ගලයෙක්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න