.

.

Nov 17, 2021

රාජ්‍ය සේවය බරක් නොව, ව්‍යසනයකි

 


බ්ලොගෙත් නැත

බුකියෙත් නැත

Youtube එකේ තියෙනවා 

මේ අකුරු උඩ ඩබල් ක්ලික් කරන්න





16 comments:

  1. මං හිතන්නේ තව දුරටත් රජය මගින් රැකියා විරහිත විතරක් නෙවෙයි සෑහෙන පිරිසක් දැනටමත් විවිධ ස්වයං රැකියා සහ පුද්ගලික අංශයේ සේවාවල නිරත අයට ආණ්ඩුවේ රස්සා කියන ලොසිංජර දෙන්න අවශ්‍ය නැහැ .අපි අවංකවම පිළිගන්න ඕන මේ රාජ්‍ය සේවය අපට බරක්.මොනම ආකාරයකින්වත් තවත් වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් මුදල් වැය කිරීමට හැකියාවක් නැහැ. වගකීමෙන් කියනවා නම් රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව පුළුල් කරන්නත් අපිට හැකියාවක් නැහැ. නමුත් වාර්ෂිකව විශ්‍රාම යන සංඛ්‍යාව අනුව තරුණ පිරිස ඇතුළු කර ගැනීමට රජය නිතරම කටයුතු කරනවා, මේ වෙනුවට තාක්ෂණය සහ පෞද්ගලික අංශයේ සේවා සැපයුම්කරුවන් ටාස්ක් බේස්ඩ් පැකේජ් ක්‍රමවලින් භාවිත කරමින් රාජ්‍ය සේවා බර අඩු කර ගැනීමට රජයට නොහැකි ඇයි? මේ පිළිබඳ මාතාගේ යෝජනා මොනවද?

    ReplyDelete
  2. අයිසේ ළමාතන්,

    රාජ්‍යය ආයතන වල පුද්ගලික ආරක්ෂක (සෙකුරිටි සර්විස් - ඇවන්ට් ගාඩ්) සහ ක්ලීනින් සර්විස් දාලා තියෙනවා වගේ පුද්ගලික අංශයට ඉලක්ක සහිතව මාසික ස්ථාවර ගාස්තුවකට ක්ලැරිකල් සර්විස් එකත් දැම්මා නම් කාර්යක්ෂමතාවය නිකම්ම ඉහල යනවා. ඕනනම් එක ආයතනයක පයිලට් ප්‍රොජෙක්ට් කරල බලන්න කියපන් ජනපතිට? අති සාර්ථක වෙන බවට මෙන්න කැට.

    ReplyDelete
  3. තලන් ගොයියෝ, ආතල් නිව්ස් එකක් තියෙනවා, ලබන සතියේ අඟහරුවාදා (නොවැම්බර් 23) පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂයෙන් සංවිධානය කළ උත්සවයක් පැවැත්වෙන අතර එයට නිමිති කර ගන්නේ “මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලෝකය පුරා ඉහළ රසික ජන ප්‍රසාදයක් දිනාගත් යොහානි ද සිල්වා අන්ම් වූ ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් පහළ වූ අති ශ්‍රේෂ්ඨතම නව පරපුරේ තරුණ ගායන ශිල්පිනියට උපහාර පිදීමයි. ලක් ඉතිහාසයේ පළමුවරට ගාන්ධර්ව උපහාර උළෙලෙලක් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන්නේ අමරදේව, නන්දා ඇතුළු කිසිවෙකුට හිමි නොවූ අති විශේෂ උළෙලක් ලෙසයි.

    නෙතට උළෙලක් වන මෙම සුපිරි උළෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මගින් සංවිදානය කර ඇති අතර පිළිගැනීමේ කතාව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී, රාජ්‍ය අමාත්‍ය ප්‍රජා සෞඛ්ය කට්යුතු පිළිබද විශේෂඥ වෛද්‍ය ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් සිදුකරනු ලබන අතර ස්තූති කතාව පවත්වනු ලබන්නේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානී රෝහණදීර මහත්මිය විසිනි. ගරු සුමේධා ජී ජයසේන මහත්මිය (පසුගිය පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ හිටපු සභාපතිනි), ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, ගරු විශේෂඥ වෛද්‍ය සීතා දේවී අරඹේපොළ මැතිනිය, ගරු ඩයනා ගමගේ මැතිනිය, ව්‍යවසායිකා සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකා ගරු නිරූපමා රාජපක්‍ෂ මහත්මිය, ගරු චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය, ව්‍යවසායිකා සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකා ගරු තලතා අතුකෝරල මහත්මිය, ව්‍යවසායිකා සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකා ගරු අනෝමා ගමගේ මහත්මිය, ගරු ප්‍රජා සෞඛ්ය පිළිබඳ විශේශ්ඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ව්‍යවසායිකා සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකා ගරු විජයකලා මහේෂ්වරන් මහත්මිය, ගරු කමලා රණතුංග මෙනෙවිය, ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, හිටපු මන්ත්‍රීනී ව්‍යවසායිකා සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකා ගරු උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මිය, කොළඹ පුරප්ති හිටපු මන්ත්‍රීනී ගරු රෝසි සේනානායක මහත්මිය, නිළි රැජින සහ හිටපු මන්ත්‍රීනී ව්‍යවසායිකා සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකා ගරු මාලනී ෆොන්සේකා මහත්මිය, ව්‍යවසායිකා සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකා ගරු ගීතා කුමාරසිංහ මැතිනිය ඇතුළු සම්භාවනීය අමුතන්/ අමුත්තියන් අති විශාල පිරිසකගේ ගෞරවනීය සහභාගීත්වයෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂ සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන වැනි ජ්‍යේශ්ඨ මන්ත්‍රීන්ගේ නයකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම ඊට එක්වීමට යෝජිත අතර අති ගෞරවනීය මහා ගාන්ධර්ව යොහානි ද සිල්වා මෙනෙවිය මෙදින පෙරවරුවේ කතානායක ගැලරියටද කැඳවා ගෙන ඒමට නියමිත අතර කතානායකවරයා පාර්ලිමේන්තු සභාව අමතමින් ඇයගේ පැමිණීම දැනුම්දීමටද සුබ පැතුම් පිරිනැමීමටද නියමිතයි. ගායන ශිල්පිනියට අගමැතිවරයා අතින් උපහාර තිළිණය ප්‍රදානය කෙරෙන්නේ ඉන් අනතුරුවය.

    මේ අතර යොහානි ද සිල්වා මෙනවිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් අගනා වටිනා තරු හතේ සුපිරිම සුපිරි දිවා භෝජන සංග්‍රහයක්ද එදින පිරිනමනු ලබන්නේ මහත් ගෞර්වයෙන් අතර මැණිකේ මගේ හිතේ ගීතය හරහා ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාව ලෝකයට රැගෙන ගොස් ඉහළ තැනකට ඔසවා තැබීම අගය කිරීම සඳහා මෙම උපහාර උත්සවය සංවිධානය කරන බව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි. යොහානි වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පිරිනැමීට නියමිත මේ ශ්‍රේෂ්ට සම්මාන උළෙළ ගැන තලන්ටත් පෝස්ට් එකක් සහ යූටියුබ් වීඩියෝ එකක් දාන ලුවන් නේද බන් තලමෝ?

    ReplyDelete
  4. අවුරුදු තිහකට අධික කාලයක් සංගීත ශේෂ්ත්‍රයේ නියැළුන ලාංකීය සම්මානනීය ගායිකාවක් වන නිරෝෂා විරාජිනී මිහිරි හඬකින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාව අමන්දානන්දයට පත් කල ශිල්පිනියක්.

    වසංගත තත්ත්වය ඇයට කොහොමද කියලා වගේම ලංකාවේ කලාව මේ මෙහොතේ කොහොමද කියල ඇය කියල තිබුනෙ මෙහෙම.

    "පටන් ගත්ත කොන්සර්ට් හැම එකක්ම අතර මග නවත්තන්න වෙනවා. ගෘහස්ත ප්‍රසංග වලට අපිටත් යොමු වෙන්න වෙයි.

    මේ කාලේ ගොඩක්ම වැදගත් පරිස්සම නේ. නිර්මාණ කරන අනිත් අයටත් සල්ලි නැහැ.

    මේක අමාරු කාලයක්. සමහර මිනිස්සුන්ට වසංගතය කියලා ගෙදරට වෙලා ඉන්න පුළුවන් කමක් නෑ.

    එයාලා මොන දේ වුනත් උපයන්න ඕනේ. මොකද හැමෝම මේ ගේම් එක ගහන්නේ කාලා බීලා ඉන්න.

    වෙන දේකට නෙවෙයි. අසමත් වෙච්ච රටක ඉන්න මිනිස්සුන්ට ජීවිතේ පරදුවට තියලා රස්සාවල් වලට යන්නම වෙනවා."

    කොරෝනා වසංගතය ගැන ඇය ඔය විදිහට අදහස් දක්වලා තිබුනා.

    ඒ වගේම කලාව ගැනත් ඇය ඉතා සංවේදී විදිහට අදහස් දක්වල තිබුනා.

    "ලතා මංගේෂ්කාර්ලා, මයිකල් ජැක්සන්ලා මේ රටේ ඉපදුනත් වැඩක් නෑ.

    මොකද එයාලට වටිනාකමක් මේ රට ඇතුලේ ලැබෙන්නේ නෑ.

    ඉන්දියාව වගේ රටක් ගත්තහම එයාලා කලාවට හරි ලැදියි. එයාලා ඒ දේවල් අඳුරගන්නවා.

    ඒත් අපේ රටේ නම් මට එහෙම දෙයක් පේන්නෙ නෑ. සාමාන්‍යෙන් මම දේශපාලනයට සම්බන්ධ වෙන කෙනෙක් නෙවෙයි.

    මම අදහන්නේ කර්මය. අපි විසින්මයි අපි ගොඩනැගෙන්න ඕනේ.

    අනික තමා මම කාටවත් ඕනේ විදිහට වැඩ කරන්නේ නෑ. මාව අන්දන්න ගස්වල නග්ගවන්න කාටවත් බෑ.

    මගේ දුර්වලතා සහ දක්ෂතා ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා."

    වර්තමානයේ නිරුවත කලාව තුල මාකට් වෙන එක ගැනත් ඇය අදහස් දක්වල තිබුනා.

    "ඇමරිකාව ගත්තහම සෙක්ස් කියන දේට විවෘත රටක්. ඒත් ඒ රටේ ඇතුලේ ලිංගිකත්වය ගොඩක් මාකට් කරනවනේ.

    ගැහැණුන්ගේ කකුල් දෙක, පියයුරු, පස්සපැත්ත මොන තරම් මාකට් කරනවද?

    මට හිතෙන්නෙ ඒක හොඳ මාකටින් ටූල් එකක්.

    හැමෝගෙම අතට ෆෝන් එකක් යාම තුලින් අපේ රටේ වෙලා තියෙන්නේ ” ගොඩයට මැජික්” කියන සංකල්පය වගේ දෙයක්.

    කලාකාරයෙක් සතු සමාජ මෙහෙවර ගැන කතා කරාට ඒක මොන තරම් ප්‍රායෝගිකද කියලනම් මම දන්නේ නෑ.

    කලාවෙන් මෙහෙවරක් කරන්න ඕනේ කියලා හිතන හැමෝම අද කාලේ ඉන්නේ තමන් එක්කම අරගලයක.

    තනි තනියෙන් හරි අපි ආරක්ෂා වුනොත් මේ කාලය අපි සාර්ථකව පසු කර යන්නට හැකිවේවී."

    ReplyDelete
  5. Forwarded many times - Whats App

    වර්තමානයේ අතිශය ජනප්‍රිය ගායකයෙක් තමා දිනේෂ් තරංග කියන්නේ බොහෝ රසික පිරිසක් වගේම ඔවුන් අතර හොද නමක් ඇති කරගන්නත් දිනේශ්ට අද වන විට පුලුවන් වි තිබෙනවා. දිනේෂ් තරංග නව පරපුරේ බොහොම නිහතමානි දක්ෂ ගායන ශිල්පියෙක්.

    බොහෝ රසික පිරිසක් වගේම ඔවුන් අතර හොඳ නමක් හදා ගන්නත් අද වෙනකොට දිනේෂ්ට පුළුවන් වෙලා තියෙනවා.අද වෙනකොට ගොඩක් කලාකරුවන්ට තියෙන්නේ හරි ඉක්මනට වෙනස් වෙන හිත්නේ.නමුත් අපේ දිනේෂ් නම් ඒ වගේ කලාකරුවෙක් නොවෙයි.

    ඉතින් දිනේෂ් විවහා වී සිටින්නේ රැන්ඩෙලා ප්‍රනාන්දු ඔහුගේ ආදරණීය බිරිඳයි ය ඔහුට වඩා අවුරුදු 10ක් වැඩිමල් ඉතින් ඒ ගැන නිතර සමාජ මාධ්‍ය වල කතා බහට ලක් වුණා.

    ඉතින් එකට පිළිතුරක් වශයෙන් දිනේෂ් පසුගිය දිනක අපුරු සටහනක් එකතු කර තිබුනා. මේ එම සටහනයි. ආදරය කියන්නේ එක්වීමම නොවේ කියලා අපි විටෙක කියනවා. ඒ වගේම තමයි කොයිතරම්ම ප්‍රශ්න තිබුණත් සමහර පෙම්වතුන් ඒ ආදරය ඇත්තෙන්ම තමන්ගේ කරගන්නවා.

    පිරිමියෙකුගේ වෙස් වලාගෙන බාලවයස්කාර දැරියක් පැහැරගෙන මාස තුනක් තිස්සේ අපයෝජනයට ලක්කළා කියන 18 හැවිරිදි තරුණියක් පිළිබඳ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම සැකකාර තරුණිය රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටයි පසුව නියෝග කෙරුණේ.

    අදාළ දැරිය ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මේ දැරියව තවත් තරුණියක් විසින් පැහැරගෙන ගිය බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. "අපේ කෙල්ලව අරන් ගිහින්.. අපිට සැක අර කෙල්ලව.. ඒකි පිරිමියෙක් වගේ හැසිරීම.. පිරිමියෙක් වගේ පෙන්නුවාට පිරිමියෙක් නෙවෙයි.."

    අනතුරුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව තරුණියන් දෙදෙනා මාතර ප්‍රදේශයේ මුහුදු වෙරළක රැඳි සිටියදී සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. මොවුන් දෙදෙනා ගලේවෙල පොලිසියට භාර දීමෙන් අනතුරුව ප්‍රකාශ සටහන් කරගෙන දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

    පොලිස් පරීක්ෂණවලදී හෙළි වූ ආකාරයට මෙම තරුණිය විසින් අදාළ දැරිය මාස තුනක් තිස්සේ රඳවාගෙන අපයෝජනය කර තිබෙනවා.

    තරුෂි වයස අවු. 18 ක පාසල් සිසුවියකි, ප්‍රසිද්ධ බාලිකා පාසලකට ගිය ඇය උසස් පෙළ හදාරමින් සිටියාය. ඇය අධ්‍යාපන කටයුතුවලට වඩා මුල් තැන දුන්නේ බාහිර කටයුතු සඳහාය. ඔන් ලයින් අධ්‍යාපනය ලබන අතරතුර කෙමෙන් කෙමෙන් පාසැල් වැඩ පසෙක දැමූ ඇය අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ වීඩියෝ පට නැරඹුවාය. ඉන් සමහරක් වීඩියෝපට වැඩිහිටියන්ට පමණක් සුදුසු ඒවා විය. යෞවන වයසේ සිටි ඇය එවැනි වීඩියෝපට නරඹා මනස කාමයෙන් විකෘති කරගෙන සිටියාය.

    ”සඳුනි ඒ දවස්වල කොල්ල එක්ක රවුම් ගහලා ඇවිල්ලා කරපු කියපු දේවල් කියනකොට මම ඒකිට බැන්නා ඒ වගේ වැඩ දැන්ම කරන්න එපා කියලා. අපරාදේ මට දැනුයි තේරෙන්නෙ ඒකී ඒ දවස්වල කොල්ලා එක්ක කොච්චර සතුටින් ඉන්න ඇද්ද කියලා.”

    "සඳුනි විතරද, තව අපේ කෙල්ලෝ කීදෙනෙක් කොල්ලො එක්ක රවුම් ගැහුවද?. ඉස්කෝලේ පටන් ගත්ත ගමන් මමත් හොඳ කොල්ලෙක් එක්ක සෙට් වෙන්න ඕනා.

    නැත්නම් මේ ජීවිතය වැඩක් නැහැ. ඉගෙන ගෙනම ජීවිතය රහක් නැහැ. පොඞ්ඩක් විඳින්නත් ඕනා.”

    දෙමව්පියන්ට හොර රහසේ වැඩිහිටියන්ට පමණයි වීඩියෝ පට බලන ඇය නිතරම එලෙස සිතුවාය. පාඩම් කිරීම සඳහා පොතක් අතට ගත්තත් ඇයගේ මනස පිරී තිබුණේ කාමුක සිතුවිලිවලින්ය.

    එලෙස සිටි ඇය දිනක් මෙලෙස සිතුවාය. ”මේ කොවිඞ් වසංගතය දැම්ම ඉවර වෙන එකක් නැහැ. එතකම් මට කොල්ලෙක් නැතුව ඉවසගෙන ඉන්න බැහැ.

    අපේ චමත් මල්ලිව යාළු කරගන්න ඕනා. මිනිහා දැන් හොඳ ඉලංදාරියා.

    ඒ වගේ වැඩකට අකමැති වෙන එකකුත් නැහැ.” චමත් යනු ඇයගේ ඥාති සහෝදරයෙකි. වයස අවුරුදු 15කි. ඔහු ජීවත් වූයේ ඇයගේ නිවස ආසන්නයේය.

    ReplyDelete
    Replies
    1. පසු දිනම ඇය චමත්ගේ නිවසට ගියාය. එලෙස ගිය ඇය චමත්ගේ මව සමග මෙලෙස කතා බස් කළාය.”

      "කෝ නැන්දෙ චමත්?"

      ”සෙල්ලම් කරන්න ගිහිල්ලා දුවේ.”

      ”ඇයි දැන් පාඩම් කරන්නෙ නැද්ද?”

      "මොන පාඩම් ද පොතක් අතින් අල්ලන්නේ නැහැ. දැන් ඔන්ලයිනුත් නෑනේ.”

      "ඒක තමයි. ඒ උනාට පාඩම් කරන්න කියන්න."

      "මොන මං කියන දෙයක් සතපහකට අහන්නේ නැහැ.”

      ”එහෙනම් රෑට අපේ ගෙදර එන්න කියන්න පාඩම් කරන්න. මම පාඩම් කියලා දෙන්නම්.”

      ”අනේ කොච්චර ලොකු දෙයක්ද කෙල්ලේ එක.”

      "ඕක මොකක්ද නැන්දෙ. මම රැට තමයි ගොඩක් පාඩම් කරන්නේ. අදම එන්න කියන්න.”

      "හරි දුවේ.අදම එවන්නම්.”

      චමත් යළි නිවසට පැමිණි පසු මව ඔහුට මෙලෙස පැවසුවාය.

      "අන්න තරුෂි අක්කා ඇවිල්ලා උඹව ඇහුවා."

      "ඒ මොකටද?"

      "උඹගෙ ඉස්කෝලේ වැඩ ගැන ඇහුවේ…"

      ”ඉතින් මම ඒව කරනවනෙ”

      "උඹ කරන හැටි මම නේ දන්නේ. ඒක නෙවෙයි අක්කා කිව්වා පාඩම් කියලා දෙන්නම් කියලා. අදම එවන්න කිව්වා.”

      ”අනේ අම්මේ මට බෑ එහෙ යන්න.”

      "ඇයි බැරි ඒ පිට තැනක් ද? අපේම තැන්නෙ. අද රැට පොත් ටිකත් අරගෙන එහෙ යන්න ඕනා.”

      "අනේ අම්මේ මම ගෙදර ඉඳං පාඩම් කරන්නම්."

      "මම දන්නවනේ උඹගෙ පාඩම් කිරිල්ල. ආයි කතාවක් නැහැ. හවසට එහෙ පලයන් කෑමත් හදනවා කිව්වා.”

      කොච්චර කතා කළත් තම මවගෙන් බේරුමක් නොමැති බව ඔහු දැන ගත්තේය. එම නිසා පාඩම් කිරීම සඳහා එහි යෑමට ඔහු තීරණය කළේය.

      එදින රාත්‍රී 7ට පමණ පොත් කිහිපයක් ද රැගෙන ඔහු තරුෂිගේ නිවස වෙත ගියේය.

      එම නිවස ඔහුට නුපුරුදු තැනක් නොවුණි.

      කුඩා කල සිට ඔහු එම නිවසේ හැදී වැඩුණේය. කොටින්ම කියතොත් ඔවුනොවුන් ළඟම ඥාතීන් වූහ.

      එලෙස පැමිණි චමත් තරුෂිගේ මවට මෙලෙස පැවසුවේය.

      ”කෝ ලොකු අම්මේ අක්කා. බලන්නකෝ එයා මට ලෙඩක් දාලානෙ.”

      ”ඒ මොකක්ද?”

      ”මම පාඩම් කරන්නේ නැහැ කියලා අපේ අම්මට කියලා. දැන් පාඩම් කරන්න මෙහෙ එන්න කියලා අපේ අම්මා කියනවා.”

      ”ඒක ලෙඩක් වෙන්නෙ කොහොමද. අක්කා උඹගෙ හොඳටනෙ කරලා තියෙන්නේ.

      "මටත් ඔය ටික කිව්වා."

      "අන්න අක්කා කාමරේ."

      චමත් ඒ අනුව ඇයගේ කාමරයට ගියේය. ”මේ එන්නේ හොර ගෙඩියා. අද ඉඳන් හැමදාම ඔයා මාත් එක්ක රෑට පාඩම් කරන්න එන්න ඕනා.”

      "අනේ මේ පිස්සු කෙළින්න එපා. අද විතරයි මම එන්නෙ.”

      ”ඇයි ඒ.”

      ”පිස්සුද ඔයා එක්ක පාඩම් කරන්නේ.”

      ”ඇයි නරක් වෙලා තියේවි මාත් එක්ක පාඩම් කළොත්.”

      ”අනේ මේ නිකන් ඉන්නවා.”

      ”මෙන්න මේ ටික පාඩම් කරල තියන්න. මම වොෂ් එකක් දාගෙන එන්නම්.”

      "ඒක නොවෙයි මට ගොඩක් වෙලා පාඩම් කරන්න බෑ නිදා ගන්න ඕනා.

      "කොහෙද මං නිදාගන්නනෙ.”

      ”මගේ කාමරයේම නිදා ගමු.” එලෙස පැවසූ ඇය කාමරයෙන් එළියට පැමිණියාය.

      ඇඟපත සෝදා ගත් ඇය තම මවට "අද මල්ලි මගේ කාමරේ නිදා ගන්නවා යැයි” පැවසුවාය.

      ඇය එයට කිසිදු විරුද්ධත්වයක් දැක්වූයේ නැත. ඒ ඔවුන් කුඩා කල සිටම සහෝදර ප්‍රේමයෙන් ඇසුරු කරන නිසාය. රාත්‍රි 10 පසු වී තිබුණි.

      නිවසේ වැඩිහිටියන් තද නින්දෙ පසුවිය.

      ඒ අතර තම යටි සිතේ තිබූ අරමුණ ක්‍රියාත්මක කිරීමට සුදුසුම මොහොත උදා වී ඇති බව ඇය තේරුම් ගත්තාය.

      ඒ අනුව ඇය තම ඥාති සහෝදරයාට මෙලෙස පැවසුවාය.

      ”අදට ඇති පාඩම් කළා. අපි නිදාගමු.”

      ”මම කොහෙද නිදාගන්නෙ බිමද.”

      ”පිස්සුද ඇඳට එන්න.”

      ”අනේ මට බැහැ.”

      ”බැහැ කියන්නේ ඇයි. මෙන්න මෙහෙ එනවා ලයිට් එක ඔෆ් කරලා.”

      ඒ අනුව චමත් විදුලි පහන් නිවා දමා නිදා ගැනීම සඳහා ඇයගේ ඇඳට පැමිණියේය.

      එලෙස ඇඳට පැමිණෙනවාත් සමඟම තරුෂි ඔහුව බදා ගත්තාය.

      ඉන්පසු සිදුවූයේ චමත් සිහිනෙකින්වත් නොසිතූ දෙයකි.

      ඇය කිහිප වරක්ම ඔහු එපා කියද්දී බලහත්කාරයෙන් ඔහුව විවිධාකාර අයුරින් අපයෝජනයට ලක් කළේය. ඒ අනුව එදින ඇය තම සිතේ තිබූ ආශාවන් සියල්ලම පාහේ තම ඥාති සහෝදරයා ගෙන් බලහත්කාරයෙන් ඉටු කර ගත්තාය. පසු දින උදාවිය.

      චමත් නිවසට ගොස් සිදු වූ සියලූ දෙය තම මවට පැවසුවේය.

      එය අසා පුදුමයට පත්වූ ඇය පොලීසියට ගොස් මේ පිළිබඳ පැමිණිල්ලක් දැමුවාය.

      පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළහ.

      වර්තමාන සමාජයේ පවතින විශමාකාර තත්වය නිසා ලෝකය ගැන නිසි අවබෝධයක් නොමැති නව යොවුන් වියට එබී බලන බාල වයස්කාර ඥාති සහෝදර, සහෝදරියන් අතර මෙවැනි අසාමාන්‍ය ක්‍රියා ඇති වීමට බොහෝ ඉඩකඩ තිබේ.

      එම නිසා දෙමව්පියනි ඔබගේ දරුවන් ගැන ඉතාමත් විමසිල්ලෙන් සිටින්න.

      උපුටා ගැනීම: ගයානි කෞශල්‍යා සමරවීර, දිවයින

      Delete
  6. රජයේ සේවයේ තවත් බයිලාවක් තමයි තෙල් ප්‍රිපහදුව, රටේ සල්ලි කාබාසිනියා කරන තවත් මගුලක්; බලශක්ති ඇමති මංගොන්පිල කියන විදිහට සීමිත විදේශ විනිමය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා බොරතෙල් ගෙවීම වෙනුවට ඍජුවම පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිලගේ අදහස, මේ කතාව ඇත්තද?

    එමෙන්ම මේදිනවල ලංකාව පුරාම වැටෙන අධික වර්ෂාව සමග විදුලිබල මණ්ඩලය දැවිතෙල් මිල දී නොගන්නා බවත්, පවතින සීමිත ඩොලර් වැය කර ගෙන්වූ බොරතෙල්වලින් නිෂ්පාදනය කළ දැවිතෙල් ටොන් 13,500ක් පාවිච්චි නොකර ගබඩා කර ඇති බවත්, ඒ හේතුවෙන් බොරතලේ ආනයනය නතර කිරිමෙන් විදුලි කප්පාදුවක් ඇති නොවන බවත් මංගොන්පිල කියන කතාව ඇත්තද?

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගොන්පිල;

    "තෙල් පිරීපහදුව විවෘත කරනු, බොරතෙල් ගෙන එනු කියා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඊයේ උද්ඝෝෂණයක් කරනවා මම දැක්කා. අපි බොරතෙල් ගෙන ඒම නතර කළේ රටේ පවතින විදේශ විනිමය සකසුරුවමින් පාවිච්චි කළ යුතු නිසා. උද්ඝෝෂණ කළාම ඩොලර් පහළ වෙලා බොරතෙල් මිලදී ගන්න පුළුවන් නම් මමත් උද්ඝෝෂණයට එකතු වෙනවා. මොකද මටත් ඕනෑ බොරතෙල් ආනයනය කරලා හැකි ඉක්මනින් පිරිපහදුවේ වැඩ ආරම්භ කරන්න. උඝෝෂණ කරලා විදේශ විනිමය උපයන්න පුළුවන්නම් මැද පෙරදිග රස්සාවල් කරන්න ගිහින් දුක් විඳලා ඩොලර් හට කරනවාට වඩා ලංකාවේ උද්ඝෝෂණ කරලා ඩොලර් හම්බ කරන්න තිබුණා. නමුත් වෘත්තීය සමිති නොදන්නා ඇත්ත නම් උද්ඝෝෂණ කරලා ඩොලර් උපයන්න හැකියාවක් නෑ,
    බලශක්ති ඇමති විදියට මට ඩොලර් උපයන හැකියාවක් නෑ."

    "තෙල් ආනයනය සඳහා මුදල් මට මහා භාණ්ඩාගාරයෙන් ලබා දිය යුතුයි. එහෙමනම් මටත් පුළුවන් 'ඩොලර් දියව්' කියලා භාණ්ඩාගාරය ඉදික්රඝෝෂණ කරන්න. ඒ වෙනුවට මම කළේ භාණ්ඩාගාරයට ඩොලර් උපයාගන්න විකල්ප ක්‍රමවේද සකසා ගන්න උදවු කිරීම පමණයි. ආයතනය රැක ගැනීම සඳහා දුරදිග බලලා අපි තීන්දුවක් ගත්තාම ආයතනයට ආදරය කරන වෘත්තීය සමිතිවල වගකීම තමයි ඒ තීන්දුවලට සහාය. දීම. ඒ තීන්දු වැරදි නම් කළ යුතු විකල්පය පෙන්වාදීම."

    "එහෙම නොකර මෙවැනි බොලඳ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුගමනය කරපු රාජ්‍ය ආයතන ගණනාවක් වැහිලා ගියා කියන තිත්ත ඇත්ත මට වෘත්තීය සමිතිවලට සිහිපත් කරන වෙනවා.බොරතෙල් සඳහා ඩොලර් නැතිනම් පිරිපහදු බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 85යි. නමුත් ඩීසල් බැරලයක් ඩොලර් 93ක් වෙන විට පෙට්‍රල් බැරලයක් ඩොලර් 95යි. එහෙම නම් අපට ඩීසල් සහ පෙට්‍රල් හැදෙන 14:29 අනුපාතයට ගත්තොත් පෙට්‍රල් - ඩීසල් බැරලයක මිල ඩොලර් 93.65යි.

    නමුත් පෙට්‍රල් - ඩීසල් බැරලයක් හදා ගැනීමට අවශ්‍ය බොරතෙල් බැරල් 2.32ක් මිලදී ගන්න ඩොලර් 197ක් අවශ්‍යයි.

    “As warned on September 29, we have decided to temporarily close the Sapugaskanda Oil Refinery from today. We took this decision because we want to use the country's limited foreign exchange only for essential commodities. Our oil refinery is 51 years old. As a result, 37% of production from crude oil is burnt oil and naphtha and another 19% is jet fuel. Only 43% is produced as petrol and diesel.”

    “Due to the heavy rains these days, more than 50% of the total electricity generation is done from hydropower. Therefore, the Ministry of Energy has informed that there is no need for fuel oil. Also, jet fuel can be obtained from the airport where the flight departs in most cases, if not locally. It is essential to buy oil from Sri Lanka only for long journeys. These days, limited foreign exchange expenditure on crude oil, which produces 56% of oil and jet fuel, is at a loss. That foreign exchange can be spent on essential goods such as petrol and diesel as well as medicines, food and gas.”

    The Minister said the refinery supplies only 14% of the total petrol requirement and 29% of diesel requirement. Instead of importing crude oil, importing these quantities is important in foreign exchange management. මේ නිසා තමයි සීමිත විදේශ විනිමය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා අපි බොරතෙල් ගෙවීම වෙනුවට සෘජුවම පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කරන්න තීරණය කළේ.අර රස්සාවට බොරු කියන විශ්‍රාමිකයා තවත් බොරු ගණනාවක් කිව්වා. පිරිපහදුව වැසීමෙන් තෙල් සංස්ථාවේ ඒකාධිකාරී නැති වෙනවාලු. දැනටත් තෙල් සංස්ථාවට ඒකාධිකාරීර්යක් නෑ. එල්.අයි.ඕ.සී. සමාගමට තෙල් බෙදා හැරීමේ බලපත්‍රයක් ලබාදීලා තෙල් සංස්ථාවේ ඒකාධිකාරී නැති කළේ ඔය බොරු කියන විශ්‍රාමිකයාගේ ආණ්ඩුව කාලයේ තමයි. ඒ වගේම පිරිපහදු පවත්වා ගෙන යෑම සඳහා තෙල් සංස්ථාවට ඒකාධිකාරයක් නෑ.

    ReplyDelete
    Replies
    1. මේ වගේම තවත් කරුණක් තමයි ලෝකයේ ඕන අයෙකුට ලංකාවට ඇවිත් කිසිම බලපත්‍රයක් ලබා නොගෙන තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්න දැනට තියෙන නීතියේ ඉඩ තියෙනවා. මම තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට පැමිණෙන නව ආයෝජකයන් ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතු බවට තෙල් සංස්ථා පනත සංශෝධනය කිරීමට උත්සාහ කළ විට ඒකට විරුද්ධ වුණත් ඔය වෘත්තීය සමිතිම තමයි. ඒ වගේම අධික වර්ෂව නිසා විදුලිබල මණ්ඩලය අපෙන් දැවිතෙල් මිලදී ගන්නේ නෑ. දැනටත් අපි සීමිත ඩොලර් වැය කරලා ගෙනාපු බොරතෙල්වලින් නිෂ්පාදනය කළ දැවිල්තෙල් ටොන් 13,500ක් පාවිච්චි නොකර ගබඩා කරලා තිබෙනවා. ඒ නිසා බොරතෙල් ආනයනය නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇති වන බව තවත් බොරුවක්. ඒ වගේම පිරිපහදුවේ ධාරිතාව, නිෂ්පාදනය වන නිෂ්පාදිත අනුපාත සියල්ලම වැරදියි"

      Ref: http://www.colombopage.com/archive_21B/Nov15_1636993095CH.php

      මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️

      Delete
  7. මාතා,

    ඔබ මේ සාකච්ඡාව ගැන හිතන්නේ මොකද කියලා කියන්න;

    https://www.facebook.com/headlinenewslk/videos/159699243013250/

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අනිවාර්යයෙන්ම ලංකාවේ රජයට දැඩි බලපෑමක් එල්ල කරනවා, ඒ දැඩි කොන්දේසි රාශියක් සමගින්, ඒ වගේම ආණ්ඩුව කුඩා කරනව කියන්නෙ රාජ්‍ය ආයතන පුද්ගලීකරණය හෙවත් පෞද්ගලික ව්‍යවසායකයන්ට විකුණනව කියන එක.

    කොහොම හරි එයාලගෙ ප්‍රධානම කොන්දේසිය තමයි රුපියල අවප්‍රමාණය කිරීම. ඒ අනුව ඩොලර් එකක් රුපියල් 300 ක් විතර හෝ ඊට වඩා වැඩි වෙනවා ලේසියෙන්ම. ඒ වගේම IMF එකට ගියාම ඒ අයගේ කොන්දේසි මාලාවකට යටත් විය යුතුයි. සාමාන්‍යයෙන් ප්‍රධානතම කොන්දේසිය තමා ආණ්ඩුව කුඩා කිරීම. ලංකාවේ ප්‍රමාණයට සරිලන ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ලංකාවේ ජාතික ආයතන වල, පළාත් සභා සහ අනෙකුත් රජයේ ආයතන වල සිටින බව ඔවුන්ගේ අදහසයි. ඔවුන් පවසන්නේ ලංකාවේ දේ භශපාලනඥයින්ගේ සමීපතම අයට ඉහළ පෙළේ වැටුප් සහිත තනතුරු දීම සහ පහළ ආධාරකරුවන්ට රැකියා අවස්ථා සඳහායි මෙපමණ ප්‍රමාණයක් යොදවා ඇත්තේ කියා. නමුත් ලංකාවේ උග්‍රලෙස රැකියා විරහිත තරුණ තරුණියන් බිහිවුණු නිසා බරපතල විදිහට තරුණ අසහනය මෝදු වෙමින් රටේ තරුණ කැරැලි දෙකක් දකුණේත් තව එකක් උතුරේත් ඇතිවූ විට ඊට පිළිතුරු වශයෙන් 1990 දශකයේ පමණ සිට විශාල වශයෙන් රාජ්‍ය ආයතන වලට, යුධ ගුවන් නාවික හමුදා නිලධාරීන් පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින්, වෙනත් සියලු අංශ වලට රජයේ සේවයට මිලියන එක හමාරක් පමණ දෙනා බඳවා ගැනීම සහ රජයේ විශ්ව විද්‍යාල වලින් වසරකට පිටවන 35,000 ක් විතර වෙන අයගෙන් භාගයක් පමණ පුද්ගලික අංශයේ රැකියාවක් සොයා ගැනීමට නොහැකි වීම නිසා ඒ අයට රජයේ පරිපාලන කටයුතු වල රැකියා අවස්ථා ලබා දෙනවා. කෙසේ නමුත් IMF හිතන්නේ වෙනස් ආකාරයකට නිසා ඒ අනුව IMF යෝජනා කරාවි මේ රජයේ සේවකයන් සහ අනෙකුත් අනවශ්‍ය බවට ඔවුන් සිතන වෙනත් රජයේ සේවකයන්ව ඉවත් කරන ලෙස සහ රටේ ආදායමක් නොලබන පාඩු ලබන දෙපාර්තමේන්තු වසා දමන ලෙස අපට අණ කරාවි. විශේෂයෙන්ම හොඳින් සකස් කරපු විගණන වාර්තා පෙන්විය යුතුයි. මුදල් වියදම් කිරීම දැඩි ලෙස සීමා කර ඉතා ඉහළ සහ ප්‍රායෝගික නොවන තරමට විනිවිදභාවයකින් යුතු විය යුතුයි. ලංකාවේ දේශපාලනඥයින්ගේ පැවත්ම ඇත්තේ විශාල රාජ්‍ය අංශයක් මත පදනම්ව නිසා ඔවුන් IMF වෙත යාමට අකමැති එබැවින් ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න