.

.

Nov 25, 2021

වම්බටු ගහලා පලා ගන්න...


 වීඩියෝව මෙතනින්...


අඩන්න බලාගෙන ඉන්න එකාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වෙලාවක ඌ මේ කතාව කියන්නේ...

විපක්ෂෙට මාරෙට ඌයියා වෙලා.. කතානායකත් ඒක හෙලා දැකලා,, ඌයියා උන කට්ටිය සභාව මැද්දේ ඒකට ගේම ඉල්ලලා... තිස්සකුට්ටියා එයින් එකෙක්ගෙ කන පලන්න ගිහිල්ලා.... උගේ වාසනාවට සජිත් මැද්දට පැනලා ඌව බේරගෙන වැඩේ එතනින් ඉවර උනාට.... වැඩේ තාම ඉවර නෑ...

දැන් අර කවිරත්න නෝනගෙ කාන්තා අයිතිවාසිකම් ගෞරවේ ගැන කතා කරපු උන් කුට්ටියගෙ හාමිනේගෙයි අම්ම්ගෙයි බටු ගහල පලා දානවා... ඒ තමා අපේ හැදියාව ශිෂ්ණත්වය සදාචාරය...

ඌයියා උන සමහර සිවිල් පොරවල් මේක මාර කැතයි කියලා විශ්ලේෂණ ළිපි ලියනවා එයාලට ඔය විපක්ෂයේ මාර ශිෂ්ඨ පොරවල්.... ඩයනා ගමගේගේ කෝකිලාගේ රෙදි ගලවපු වෙලාවේ ඇහිලා පෙනිලා නෑ... පොලිස් ඇමති හරහා හංසමාලිගේ ජංගිය ගැන කෑ ගහන කොට ඇහිලා නෑ...

පෙනිලා නෑ නෙමේ උන් ඒ වෙලාවට පට්ට ආතල් එකක් ගන්නවා... පෝස්ට් දානවා... දැන් උන්ට ඒවා මතක නෑ... මාර මහත්තුරු වෙලා... උන්ගේ දේශපාලන වහල්භාවය නියමෙට පේනවා... දැන් චීත්ත නෙමේ... ජංගි ඇඳගෙන ටෝක් දෙන්නේ....

අපි නම් ඔය හැමදේම කැතයි කියනවා.. ඒ වගේම සද්දෙ වහගෙන උන්න උන්ගෙත් රෙදි ගලවනවා... ගෑණුද පිරිමිද අදාලම නෑ...

මේක මාර ශිෂ්ණසම්පන්න රට නේ..
උත්තරීතර සභාවේ ගෞවරවය රකින්නලු

මරු උත්තරීතර සභාව ඕකේ ඉන්න උන් ගැන ලෝකෙම දන්නවා

ඕකේ එකෙක්ගේ ගෙදර වැඩ කරපු දරුවා ගිනිතියලා මරලා දැම්මා ඌ තාමත් පාර්ලිමේන්තු එනවා

මිනීමරලා ඇප පිට ඉන්න උනුත් තාම එනවා

තා එකෙක්ගේ ගේ ඉස්සරහා අනියම් බිරිද වහ බීලා මලා ඌත් තාම එනවා

වෙල්ගම කියන එකා හැමදාම බඩු ගැහිල්ල මාර වැඩක් කියනවා...  ඌයි.... ඌට චියර් කරන උනුයි අදාල නිලියගේ ගෞරවටයි කෙලින්නේ කියලා ඕකේ ඉන්න ගෑණුන්ට තේරෙන්නෙත් නෑ....

ඒකෙම දැණුත් ඉන්න කාන්තාවන් දෙදෙනෙකුට ඔය ඌයියා උන උන් ගනිකාවෝ කිව්වා.. එතකොට කවිරත්නලා මුල් පුටුවෙ ඉඳගෙන හිනා උනා...

ඔස්ට්‍රේලියාවේ කාමර මාරු වෙන්න ගිහින් ඇදගෙන් වැටිච්චි එකත් ඇතුලේ...

තා එකෙක්ගේ ගෙදර කොල්ලෙක් ව්‍යාඝ්‍රා බීලා මලා...

තා එකෙක් ඇමති කාමරේම බඩු ගහලා ගෑණිගෙන් ගුටි කෑවා

රන්ජන් කියන එකයි හිරුණිකයි බැක් සයිඩ් ඕකේ කිව්වා

රන්ජන් ගහන ගහන බඩු ගැන ලොකු විශ්ලේශනයක් ඉදිරිපත් කලා

පකයා කියපු එකත් තාම ඉන්නවා

තා එකෙක් මිරිස් කුඩු ගැහුවා ඌත් ඉන්නවා

පාර්ලිමේන්තුවටම බෝම්බ ගහපු උන්ගේ නෑයෝ ඇතුලේ

පාස්කු බෝම්බ තියපු උන් ඇතුලේ

දැන දැන මාරු වෙලා ගිය උන් ඇතුලේ

රට බෙදන්න කියන උන් ඇතුලේ

සිවිල් ත්‍රස්තවාදීන් ඇතුලේ

88/89 භීෂණ පතුරපු උන් රට ගිනිතියපු උන් මිනීමරපු උන් වදකාගාර පවත්වාගෙන ගියපු උන්, නීතී විරෝධි හමුදා රන් කරපු උන් තාමත් ඇතුලේ...

තා සෙට්ටෙකක් කන පැලෙන්න බීලා නයිටක් ගැහුවා..

කුඩු කාරයෝ ඉන්නවා කියලා උන්මයි කියන්නේ..

කොකේන් ගහන උන් ඉන්නවා කියලා උන්මයි කියන්නේ..

කසිප්පු ගෙදර හදපු එකෙක් අතේ මාට්ටු

බාර් එකක් නැති එකෙක් නෑ

කරෝකේ කාරයෝ ඇතුලේ

බහුතරේ ජීනා මැඩම්ගේ මෙම්බර්ස්ලා..

හොරා නොකාපු එකෙක් හොයාගන්න හෙන කට්ටක් කන්න ඕන...

හැමදාම

පොඩි උන් ගැලරියේ කියලා වෝනින් දෙනවා ඉස්පීකර්...

මොන්ටිසෝරි හොඳයි ඊට වඩා
මාළු කඩේ මීට ඩීසන්ට්....

ගොඩක් වෙලාවට සභාව මැද්දේ සරොන් ගලවගෙන රෙණවා..

අනේ තොපේ ගෞරවනීය සභාව...

ඒ වගේ නල්ලමලේ උන් එක්ක ඉන්න බැරි නම්
බබාලා වගේ මල් වගේ හැදිච්ච අය නම්
ගෞරවේ තියාගෙන ගෙදර ඉන්න ඕන....

අනේ සුදූලා... ඔයාලා...

ඌරූ කොටුවක කස්තුරි හොයන්න එපා...
පණ...

18 comments:

  1. අඩෝ එළ මචන් ලමාතනයා වටේටම උඩ පැන පැන නෙළලා, රෙදි ඉල්ලෙයි ඕයි පට්ට පට පට පට්ටම පට්ට මේවනේ බන් පෝස්ට් කියන්නේ... දිගටම මෙහෙම එව්වා ඕනේ මචෝ

    ReplyDelete
  2. දේශපාලුවෝ හා ජනතාව අතර වෙනස කුමක්ද? දේශපාලුවෝ යනු මහජනතාවගේම කොටසක්.

    ReplyDelete
    Replies
    1. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  3. ඔව්වා ඔහොම තමයි බන් ලංකාවේ මෙලෝ රහක් නැති අමු සක්කිළි දේශපාලනේ හැරෙන හැරෙන පැත්තට ගහන එදා වේල ටයිප් ගොන් හැත්තක් නේද බන්, ඒ කාලේ වල් පාහ්‍ර කට හැකර බූරුවන්ස මඩ පණුව මහ එකා මැදමුළන අප්පොච්චි එක්ක වේදිකාවල බෑඟිරි ගැහැව්වේ "තොපිට සතුටුද දැන්? දැන් සැපද? කෝමද සනීපද?" කිය කිය දුප්පත් මිනිස්සුන්ට කිණ්ඩිය දැම්මා, ඒ වගේම දැන් විපක්ෂයේ ඉන්න අමු මැටි කාලකණ්ණි 3% + 27% මළ පෙරේත රිළවු ටික රසායනික පොහොර නොදීපු කාලේ බුදු අම්මෝ පොහොර නැතෝ කිය කිය කෙඳිරි ගාමින් උද්ඝෝෂණ කර කර විලාප ගැහුවා, දැන් පුද්ගලික අංශයට පොහොහොට ගෙන්වීමට දෙන විට විලාප තබමින් මහරගම රෝහලේ පින්තූර දමන්නට පටන් අරන්, හැම එකාම එහෙමයි නොදකින් මුන් නම්

    PS Note: කරුණාකර මෙම පෞද්ගලික අංශයෙන් ආනයනික කෘෂි රසායනික සඳහා වකුගඩු බද්ද ලෙස බද්දක් අය කරන ලෙස ඉල්ලා සිටිමු. එවිට සියළුම වකුගඩු රෝගීන් සඳහා එම බදු මුදල භාවිතා කළ හැක.

    ReplyDelete
  4. ඔවු ඉතින් ඒක නම් ඇත්ත තමයි, මමත් කතාවක් කියන්නම්, ඔන්න දවසක් මනෝ වෛද්‍යවරයෙක්ගේ දේශනාවක් අතරතුර, ඔහු ඒ වේලාවේ එතනට පැමිණි සියළු දෙනාටම බැලුම ගානේ අතට දෙනවා. දීලා කියනවා ඒක පුම්බල තම තමන්ගේ නම ඒකේ ලියන්න කියලා. දැන් ඔක්කොම බැලුම් පුම්බල ඉවර වෙලා එක එක්කෙනාගෙ නම් තමන් ලඟ තියෙන බැලුමේ ලිව්වා.

    ඊට පස්සේ මනෝ වෛද්‍යවරයා එතන තිබුන කාමරයක් පෙන්නලා කියනවා හැමෝම ගිහින් ඒ කාමරේට ඔයගොල්ලෝ ලඟ තියෙන බැලුම ගිහින් දාන්න කියලා. දැන් ඔක්කොම දුවලා ගිහින් ඒ කාමරේට බැලුම් ඔක්කොම දාලා ආපහු ආවා. ආවාට පස්සේ ආපහු මනෝ වෛද්‍යවරයා මෙහෙම කියනවා ..

    " දැන් කට්ටියම දුවලා ගිහින් විනාඩි දෙකක් ඇතුලත තමන්ගේ නමට අදාල බැලුම තෝරාගෙන එන්න " කියලා ..

    දැන් හැමෝම දුවලා ගිහින් තමන්ගේ නම ගහල තියෙන බැලුම හොයනවා. විනාඩි දෙක ගෙවුන බව මනෝ දේශකතුමා සංඥා කලා. ඒත් කවුරුත් තමන්ගේ නම තියෙන බැලුම හොයාගෙන නෑ. පස්සේ දේශක තුමා හැමෝටම අඬගහලා මෙහෙම කියනවා ..

    " ඔබලාට මං තව අවස්ථාවක් දෙන්නම්. හැමෝම කාමරේට ගිහින් තමන්ට මුලින්ම හම්බවෙන බැලුමේ නම සඳහන් කෙනාට කතා කරලා ඒක භාර දෙන්න " ..

    ඇත්තටම විනාඩියක් වත් ගියේ නෑ තම තමන්ට අදාල බැලුන් එක තමන්ගේ අතට ඇවිල්ලා තිබුණා. අවසානයේ දේශකතුමා කට්ටියට අඬ ගහල කතා කරනවා ..

    " අපේ නියම සතුට රැකගන්න නම් අනික් කෙනා සතුටින් තියන්න ඕන. එවිට අපගේ මානසික සහනයද අපට නොඅඩුව ලැබෙනවා. ආත්මාර්ථකාමී විදිහට තමන් ගැනම පමණක් හිතන කෙනාට ජීවිතයේ සැබෑ සතුට, සැහැල්ලුව කවදාවත්ම ගන්න බෑ ". ��

    ඔබත් මේ ගැන මොහොතක් සිතන්න!

    ReplyDelete
  5. මසුරන් වටිනා කතාවක්. තිත්ත උනත් ඇත්ත. අපි හරි පවු

    ReplyDelete
  6. මල්ලි අර මරවිය සැට් එක මිරිකපු වැඩේ ලියල නෑ නේ.

    ReplyDelete
  7. තව දෙයක්, ඕකට ලකේ පංකාවේ ජඩ මාධ්‍ය සහ ඒවායේ ඔය වැඩසටහන් කරන ගෝතයොත් ඍජුවම දායක වෙනවා. උන්ට ඕනෙත් උන්ගේ නිව්ස් වල ක්ලිප්/ වොයිස් කට්, එතකොට ඔය දේශපාලනික වැඩසටහන් වගේ අයිටම් මඩ කුණු වලින් පුරවලා ගෙදර සාලෙට හලන්න. මොකද ලංකවේ ප්‍රේක්ෂකයොත් ඕවට කැමති නිසා..
    ලකාවේ ඉන්දියාවේ ඇතුළු මේ කලාපයේ සමාජයේ එක වගේ අදහස් තියෙන්නේ.
    මේ බොහෝමයක් මිනිස්සු කැමතියි අඩු පාඩු තියෙන කෙනෙක්ව බයිට් කරලා ආතල් ගන්න.. කැමති දේශපාලුවෝ, නළුවෙක් නිලියක් එහෙම කරනකොට ප්‍රේක්ෂකයෝ සුරතාන්තයට පත් වෙනවා.

    විශේෂයෙන්ම ගණිකා වෘත්තීයවේදීන්, බුද්දියෙන් හැකියාවෙන් අඩු අය, නපුංසක මිනිස්සු අංක එකේ ඉලක්ක. ඕවා ඉතින් අපටත් හුරු වෙලා මොකද අපි පොඩි කාලේ ඉඳන් දැකල සාමාන්‍ය කරණය වෙලානේ තියෙන්නේ, කාට උනත් එහෙමයි කියලා මඩ ගහන්න පුළුවන් නම් කට්ටියටම මාර ආතල්...

    අනෙක ඔහොම බලන කොට කට පොඩ්ඩක් බ්‍රේක් නැති උනත් හංසමාලි අව්‍යාජ චරිතයක් නැද්ද මචන්? පෝස්ට් එකට 200% ක් එකගයි ...

    ReplyDelete
  8. දියවන්නාවේ වම්බටු ගහගන්න "ගහල පලා ගන්න" කියන එවුන් අතරේ ..රටගැන හරි හිතලා මොකක් හරි හොඳ යෝජනාවක් කරපු ඩයනා ගමගේ/ උද්ධික ප්‍රේමරත්න කියපු දේවල් වුණත් ලොකු දෙයක් මොකද පාර්ලිමේන්තුවල කතාකරන්නෙම " කුණුහර්පයි..එක එකාට මඩ ගහගන්න ඒවයි විතරයි සමගි ජන බලවේගයේ නායකත්වය සමග එම පක්ෂයේ පිරිස සහ පොහොට්ටු කල්ලිය එක එකාට කුණුහබ්බ කිය කියා බැනගෙන බැනගෙන යනවා, ජවිපෙ අනුරයා සහ පොහොට්ටුවේ බූරු වංශ කුණුහබ්බ නැතුව වෙන වැල් බයිලා ගගහ ඒ දේම වෙන විදිහකට මඩ ගහන එක විතරයි තමන්ගේ කියල එකෙක්වත් පැහැදිලි වැඩපිළිවෙළක් යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නෑ එකම බයිලාවම තමයි.

    ඩයනාගේ ගංජා සහ නයිට් ලයිෆ් යෝජනා, උද්ධික ප්‍රේමරත්නගේ පරිප්පු වෙනුවට බඩඉරිඟු, ඒ වගේම යාපනේ පැරඩයිස් අයිලන්ඩ් එකක් හදන්න කියපු idea 1 වගේ දේවල් හොදයි.

    හැබැයි මාතෝ සම්ප්‍රදායෙන් පිට හිතුවොත් එකට මිනිස්සු එකතු වුණොත් මේ රට ලොකු වෙනසක් වෙයි, අපි මේ වගේ යෝජනා ඉදිරිපත් කරද්දී හිනා වෙන වුන්ට කියන්න තියෙන්නේ මීට දශක කිහිපයකට පෙර මුලු ලෝකෙම එක ගමක් වගේ සම්බන්ධ වෙලා ඉන්ටර්නෙට් එනවා කියලා කියද්දිත් මිනිස්සු හිනා වුණා, ඊමේල් හඳුන්වා දෙනකොටත් එහෙමයි, එතකොට ජංගම දුරකථනය ගැනත්... එත් අද එවා ලෝකේ වෙනස් කරපු දේවල් වෙලා, කෙනෙක් උඩට යන්නත් පහලට යන්නත් මුලික වෙන්නේ මුදල් නෙවෙයි මනස අන්න ඒක තේරුම් ගන්න ඕන සේරටම කලින්..

    ReplyDelete
  9. එක පැත්තකින් විදේශ මුදල් සංචිතය සිඳී ගිය නිසාත් ආදායම් අඩු වීම සමග ආනයන කරගන්න බැරුව සහ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට නොහැකිව සියලුම දේවල් අනාගෙන නාගන්න ආණ්ඩුව ජනතාවට ජෝක් සපයනවා, එතකොට තියෙන සහනාධාර කප්පාදු කරමින් මිල ගණන් වැඩි කරමින් බදු වැඩි කිරීමෙන් ජනතාව සූරා කන සහ කිසිම විදිහකින් සහන නොදෙන ගෝටා ෆේල් බව විපක්ෂය කියනවා. හැමෝටම රුපියල් 20,000 ගානේ සල්ලි බෙදලා සහන දීලා ජනතාව ජීවත් කරවන කතා සජී කියනවා. ජවිපෙ අනුර ඇතුළු පිරිස ඇද කුද කියනවා විතරයි පැහැදිලි වැඩ පිළිවෙළක් නෑ, පෙර බයිලාවම ඔහේ ගගහ ඉන්නේ, එතකොට ආචාර්ය හර්ෂයන් රනිල් වික්‍රමසිංහ ගිය පාර ගැන කියමින් අපි අනිවාර්යයෙන්ම යා යුතුම බව කියන IMF ගියහම සජීගෙ බෙදිල්ල කොහොම වෙතත් ඉබේම පටි තද වෙයි කට්ටියගෙම, කොහොමත් තව ටික දවසකින් IMF සරණ යනවා කබ්බා.

    ReplyDelete
  10. ලංකාවේ දේශපාලනික තත්ත්වය ගැන ඉතාමත් කෙටියෙන් පැහැදිලි කිරීමක් මේ;

    shorturl.at/qwDEU

    මේක අනිවාර්යයෙන්ම බලන්න. අනාගතය සුභ දායකයි.

    https://m.facebook.com/story.php?story_fbid=676827959963176&id=267207983433656

    ReplyDelete
  11. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාව දැඩි පහසුතාවට පත්කරමින් පුද්ගලයන් 20 ක පමණ පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට කිසිඳු බාධාවකින් තොරව හැසිරෙමින් වංචාකාරී ක්‍රියාවල නිරතවන ආකාරය දැකගත හැකිය.

    මෝටර් රථ සම්බන්ධයෙන් සේවා ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ට විවිධ සේවා සැපයීමට එම පුද්ගලයන් ඉදිරිපත් වන අතර එම සේවා අතර වංචාකාරී ක්‍රියා රැසක් දැකිය හැකිය.

    වාහන ලියාපදිංචිය සඳහා වන පෝරමය සම්පූර්ණ කිරීමේ සිට සාමදාන විනිශ්චකාරවරුන්ගේ නිල මුද්‍රාව තබා ඡායාරූප සහතික කිරීම ඇතුළු විවිධ සේවා සැපයීමට කිසිඳු බියක් නොමැතිව ඔවුහූ ඉදිරිපත්ව සිටිති.

    මෙම වංචාසහගත ලියවිලි ඉදිරිපත් කළ පසු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් සහතික නිකුත් කිරීම වඩාත් භයානක තත්වය බවට පත්ව තිබේ.

    එම පුද්ගලයන්ගේ වැඩි සංඛ්‍යාවක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් බව බැලූ බැල්මට කිවහැකි අතර සේවා ලබාගැනීමට එන කාන්තාවන්ට යතුරුපැදියෙන් බැසීමටත් අවස්ථාව නොදී දැළට හසුකර ගනිති.

    වාහන ගාල්කිරීමේ නිරත සිටින කාන්තාවක් ද ඒ මුවාවෙන් එහි රැදෙමින් වංචාකාරී ලේඛණ ලබාදී මුදල් ලබාගන්නා ආකාරය දැකිය හැකි අතර එම පුද්ගලයන් අතර ආබාධිත පුද්ගලයන් කීපදෙනෙක් ද සිටිති.

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ පොලිස් ඒකකයක් ද තිබෙන අතර මෙම වංචාකාරී සිදුවීම් වන ස්ථානයේ සිට නාරාහේන්පිට පොලිසියට මීටර 100 ක පමණ දුරක් තිබේ.

    ReplyDelete
    Replies
    1. පොලීසියෙන් වෙන්නැති කරන්නේ

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න