.

.

Nov 4, 2021

මෙල්බර්න් වලින් පටන් ගමු

 



මාතලන්ගෙ පල් හෑලී 4 - වීඩියෝව මෙතනින්

ඒකේ තියෙනේවා මේකේ නෑ

මේකේ තියෙනේවා ඒකේ නෑ


----------------------------

ගමෙන් පටන් ගමු...

ජෙප්පන්ගේ අලුත්ම වැඩේ

බොහොම හොඳ වැඩක්...

පටන්ත් ගත්තෙත් ගමකින්... කොහෙන්ද මහරගමින්.....

හුටා... පුදන කොටම කාපී යකා කියැන්නැහේ ගේමට ඉන්න උන් අහන්නේ...

මහරගම ගමක්ද බං.. කියලා

එක පැත්තකින් හරි .... ගුගල් දෙයියගෙන් ඇහුවත් කියන්නේ ඒක ගමක් නෙමේ සිටි එකක්‍යෙයි කියලා...

හැබයි ඉස්සර  අපේ ගමෙත් තිබ්බා නිව් සිටි බේකරිය කියලා එකක් නම නිව් සිටි හැබයි හද්ද ඩොටේ....

එතකොට මොකක්ද ගම කියලා අපි කියන්නේ....

අපි සාහිත්තෙන් ගමු බලන්න...

වැවයි දාගැබයි ගමයි පන්සලයි.... 

ඉස්සර ඩෙස්මන් අයියගෙ ගම මොක් තිබ්බා වැවයි දාගැබයි ගමයි පන්සලයි සිංහල පොලොව මගෙ මේ... ලස්සන සිරි ලංකාවේ මේ රන් දිවයිනේ... හැබයි පොර ඉන්නෙත් ඔස්ට්‍රේලියාවෙද කොහෙද මං හිතන්නේ......

ඊට පස්සෙ සාගර පලන්සූරිය මහත්තයගෙ  එහෙම නැත්නම් කේයස් කයි පන්තියක තියෙනවා..

ගොඩ මඩ දෙකම සරුසාරය පල බරය.... කටු රොද ගම්මාන තරමක පිටිසරය... එගම මැදින් ගලනා ගඟ මනහරය... කඩ මන්ඩිය පිහිටියේ ගම කෙල්වරය.....

ඒ කවියෙන් වගේම අර ඩෙස්මන් ද සිල්වා අයියගෙ කවියෙනුත් කියන විදියට....

 මේ ගම හරිම සුන්දරයි ....සශ්‍රීකයි .... කෘෂිකර්මාන්තය තමයි ජීවනෝපාය...  සෙයිලමේ.. ඒ කියන්නේ කොළඹ ..... ආන්ඩුවේ කන්තෝරුවේ වැඩ කරන එකෙක් දෙන්නෙක්..... කොළඹ බිස්නස් කරන එකෙක් දෙන්නෙකුත් හිටියා...   කඩ මන්ඩිය කියන තැන තිබ්බා කඩයක් දෙකක්  එතන තමයි ෆෙස්බුක් එක තිබුනේ... අපි වගේ මෙලෝ වැඩක් නැති උන් කයිවාරුබ්ගහන්න සෙට්ටුනේ එතෙන්ට...

ඔය කයිය කොච්ච්‍ර නැගලා ගිහින් කෙල්වුනාද කියනවා නම් ..... ඔය මාර පට්ට යුගයක් කියන  මේ වගේම හතේ හත වැදිලා පොලිම් තිබ්බ බණ්ඩාරනායක මැතිනිගෙ හත් අවුරුදු සාපේ කාලේ      අපේ... මේ... සනත් නන්දසිරි මහත්තයා කිව්වා...

ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දං අදින්නේ...ගැටව් කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ... ගමේ රටේ අහේනියයි ලමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ.. 

අත පය හත්තිය තියෙද්දි කම්මැලි කම් මොකද බොලව් මගෙ පපුවත් පත්තු වෙන්වා අර ඉපනැලි යාය බලව්... වයස ගියත් මගෙ අතපය බලාපල්ලා යකඩ වගේ... අපි වවලයි අපි කෑවේ උත්තම රජ කොල්ලෝ වගේ... කියලා... 

ඔය සින්දුව නැගලම ගියා ......  මොකෝ ඕකේ වචනයක් වචනයක් ගානේ සැටිපිකේට් ඇත්ත... මිනිස්සු කන්න නැතිව කුණු බක්කිත් අවුස්සගෙන කෑවා... මේ අපේ චමල් මහත්තයා නම් මුං ඇට කන්න කියලා තියෙන්වා... එයා දන්නෙ නැතිව ඇති කන්න පුලුවන් නම් එයාගේ ඇටේ කන සයිස්සෙකට මල පැනලා ඉන්නේ ...... පෝට්ටුවට චන්දෙ දීපූ උන්ගේ හිටන්.... මෙයාලට බලේ හම්බුනාම මොලේ ටොයිලට්ටෙකේ දාලා ෆ්ලෂ් කරලද කොහෙද සාටකෙත් දාන් එලිබහින්නේ...... ඔයිට හොදයි වරිගෙ නහගන්නේ නැතිව කට පුක වහන් ඉන්නෙක.... මිනිස්සු ඒ තරම් මලෙන් ඉන්නේ......

මල පැන්න පාර ටොපික් එකෙනුත් එහාට ගියා... 

දැන් ඇත්තට ඔහොම ගම් තියෙනවද ... ඇත්තෙම නැති තරම් කියලා මම නම් හිතන්නේ..... ඉස්සර වෙලේ ඇලෙන් දොලෙන් ළිං වලින් නාපු උන් දැන් නාන්නේ ඇටෑච්ඩ් බතෲම් එකේ ..... මලෙන් නාන්නේ.... ඉනි වැට තියා කම්බි වැටත් නෑ.... බ්ලොග් ගල් තාප්පයි යකඩ දැලුයි තියෙන්නේ... කඩුල්ලෙ සරම පටෝලෙගන කාඩ් කුඩු කර ගන්නෝන නෑ.... රෝලර් ඩෝ තියෙන්නේ... කඩ මන්ඩි නෑ ටවුන් තියෙන්නේ.... ඉස්සර ඉඳලා හිටලා තැනක තමා රා බොමු කියලා රා පොට් තිබුනේ.... දැන් සමහර ටවුන් වල බාර් දෙක තුන තියෙනවා.... රෙස්ටුරන්ට් තියෙන්වා.... පාමසි තියෙන්වා... ලෙඩ්ඩූ වැහි වැහලා... චැනලින් සෙන්ටරුත් තියෙනවා..... 

බැලුවාම ඔක්කොම නගරද කියලා හිතෙන සයිස්සෙකට පෙරලිලා තියෙන්නේ...  ගම මොකක්ද නගරේ මොකක්ද කියලා හිතාගන්න බෑ... ගම්පෙරලියෙන් කියන්නෙත් මේ කතන්දරේමනේ....

ඒත් ඇත්තටම මේ නඟර කියන ඒවා නඟරද.. මොන පිස්සුද.... ගම නගරෙට ඇවිල්ලා එච්චරයි.... අවුට්ලුක් එකේ චේන්ජ් එකක් තිබ්බට ඔළුගෙඩිය  චින්තනය අමු ඩොටේ... ඔය මහරගම කියන්නේ අමු ගං කබරු ඉන්න ගමක්... පමුණුවේ රෙදි ගන්න ඉන්න සෙට්ටෙක බලන්න... අමු ගං කබර... අර ගමේ පොල ගෙනැල්ලා දෙල්කඳට... එතන ගං කබරු වැහි වැහ්ලා....    එතකොට ඔය මහරගම තියෙන කීල්ස් සුපර් මාර්කට්... ටිකක් පොෂ් ෂොපින් සෙන්ටර් වල ඉන්නෙත් ගං කබරුද .... ආයෙ අහලා.... එහේ නෙමේ වන් ගෝල්පේස් එකෙත් ඉන්නේ ගමේ බුවාලා..... ඔය පොෂ් කියන අයගෙ ගං කබර බව හොඳට පෙනුන වෙලාවක් තමා අර විවාහක රූප රැජිණිගේ ක්‍රවුන් එක ගලවපු වෙලාව.. එයාගේ ක්‍රවුන් එක ගලවපු වෙලේ ගොඩාක් අය තමන්ගේ රෙදි ගලෝගෙන හෙලිවැල්ලෙන් ඩාන්ස් කලා.. ඒ සෙට්ටෙකම ආයෙත් කැබරෙ එකක් දැම්මා අර ලොහාන් ප්‍රිස්න් එක පෙන්නන්න ගිය වෙලාවෙත්..

මේක හොඳටම ඔප්පු වෙන වෙලාව තමා සිංහළ දෙමල අලුත් අවුරුද්ද... කොළඹ ගම හා ඒ අවට ගම් සියල්ල පාලුවට යනවා.... ඔක්කොම යනවා ඔරිජිනල් ගමේ.... ඒ ගියා කියලා වෙනසක් නෑ... මෙහේ ජීවිතේම තමා... හැබයි ඉතින්  ඔරිජිනල් ගමේ උන්ට ෂෝඑක පෙන්නන්න හොඳ වෙලාව... දරොවෝ ඉන්නේ ලන්ඩන් නිව් යෝක් මෙල්බර්න් කියලා මාර ටෝක්ස් ටිකක් දෙනවා...

එතකොට එහේ ගියාම නාගරික ජීවීන් වෙනවද.... මොන පිස්සුද.... ඉගෙනගෙන ඉවරවෙන කොටම කේන්දර දෑවැදි එක්ක කසාදයක් හොයනවා... නැකත්  බලලා බඳිනවා... පිරිත් කියනවා... බණ අහනවා... සිල් ගන්නවා... දයම් පාසල් යනවා... බෝධී පූජාත් තියනවා... වෙද මහත්තුරුත් ඉන්නවා... මාතර බත් කඩේ තියෙන්වා... කිරි හොදි ඇඹුල් තියාක් කරෝල නැතිව බත් ටික ගිලෙන්නේ නෑ....

ඒ නිසා මම නම් කියන්නේ ඕක මහරගම නෙමේ... මෙල්බන් හන්දියේ තිබ්බත් කිසිම අවුලක් නෑ.... මොකෝ මෙල්බන් හංදියේ උන්නත් ඉන්නේ අර මෙහේ හිටපු අමු ගං කබරු සෙට්ටෙකම තමා... උන් ගතින් එහේ... සිතින් මෙහේ....

ජෙප්පන්ට නම් කියන්න තියෙන්නෙ... මිනිස්සු කලකිරිලා ඉන්න වෙලාවේ ඔය කලකිරිලා ඉන සෙට්ටෙක අල්ලන්න ඔහොම නම් බෑ ගොයියෝ කියලා තමයි... ඔන්න සජියා බැහැලා ඉන්නේ ගේමට... ඒ වගේ ක්‍රම නැතුව මේ තුන්ඩු බෙදලා කඩ වැහුවට තුන්ඩු බෙදලා චන්ද ගන්න නම් හම්බෙන්නේ නෑ.....

ඒ ගැන ඉස්සරහට කතා කරමු...

ඔක්කෝටම කලින් ෆේස්බුක් බලකාය හදාගෙන ඉන්න ඕන... උන්ගේ කක්කා කන කතා... අශූචී කන කතා... ටොයිලට් වල කඩාගෙන කාපන් කතා වලින් පෙන්නන්නෙ උන්ගේ අශිෂ්ඨත්වය... කොටින්ම සක්කිලි ගම් කබර ගතිය... මේ කාඩර් එක හදා නොගත්තොත් නම් අලුතෙන් චන්ද ලැබෙන්නේ නෑ....





14 comments:

  1. මාතලන් රසිකට තාම බයද? ඇයි මෙල්බන්ම අල්ලාගත්තේ. සිනුවර නැතුව? Sydney වල ඉන්නේ ටවුන් කබරයොද

    ReplyDelete
    Replies
    1. මාතලන්August 28, 2016 at 6:25 PM

      පල පොන්නයෝ යන්න.. මම මේ රසික පොන්නයට ඊ මේල් එකකින් දුන්නා බඩ යන්න උගේ අම්මත් මතක් කරලා.. ඒ පාර කැරි පොන්නයා ඉන්ගිරිසියෙන් කොටලා ඒ කුණුහබ්බ ටික මෙතන දාගන්න..

      මේක මගේ බ්ලොග් එක. ඒකේ මම කරන්නේ මට ඕන දේ. තොට ඕන දේ කර ගනින් තොගේ බ්ලොග් එකේ. තොගේ ඇනෝ කොමෙන්ට් දැමිල්ලට අහගත්තනේ තොගේ අම්මටත් එක්කම. දැන් පල පොන්න වේසිගේ පුතා.

      Delete
  2. මාතා,

    අද ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ගණනාවක් විසින් වාර්තා කරපු ලංකාවේ රාජ්‍ය නායකයන් ගණනාවක් ඇතුළු දේශපාලකයන්ගේ අයථා ගනුදෙනු සහ වත්කම් පිළිබඳව හෙළි කළ ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාව වන පැන්ඩෝරා පත්‍රිකාවලින් කරන ලද ‍නවතම හෙළිදරව්වකින් ශ්‍රී ලංකාවේ තවත් දූෂිත අයකු පිළිබඳව හෙළිකර තිබේ. මේ ගැන ඔබේ අදහස් මොනවද?

    //කලකට ඉහත ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකුගේ සහ අගමැතිවරයෙකුගේ එවකට උපදේශකයෙකු වූ රාමලිංගම් පාස්කරලිංගම් මහතා එකල සිදුවූ බොහෝ දූෂිත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බව ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය (ICIJ) විසින් පසුගියදා නිකුත් කරන ලද වාර්තාවෙන් අනාවරණය කර ඇත.

    රාමලිංගම් පාස්කරලිංගම් නොහොත් ‘පාස්කි’, රාජ්‍ය නිලධාරියෙකු ලෙස සහ ශ්‍රී ලංකාවේ නායකයින් තිදෙනෙකුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.

    1993 දී ඝාතනයට ලක් වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යටතේත්, පසුව භාරකාර ජනාධිපති ඩී.බී. විජේතුංග යටතේත් 1989 සිට 1994 දක්වා පාස්කරලිංගම් ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කළේය.

    2002 සිට 2004 දක්වාත්, නැවතත් 2015 සිට 2018 දක්වාත් ඔහු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.

    යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකවරයා ලෙස පාස්කරලිංගම් මහතා අවසන් වරට රජයේ නිලතල දරා ඇති අතර ඔහු වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ ප්‍රධානියා වූ අතර එමඟින් ව්‍යාපෘති සහ කොන්ත්‍රාත්තු ලබා ගන්නා ලදී.

    මේ වනවිට 80 වැනි විය ඉක්මවමින් සිටින පාස්කරලිිංගම් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 34ක කාලයක් සේවය කර ඇත. ඔහු නිවාස, ඉදිකිරීම් හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ ද කටයුතු කර ඇත. ඔහු වසර 17ක් කාලයක් විදේශ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇති ඔහු ලංකාවේ විශ්වවිද්‍යාලයක ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි.

    පැන්ඩෝරා වාර්තාවේ දැක්වෙන්නේ 1997 දී රජයේ කොමිෂන් සභාවක් විසින් පාස්කරලිංගම් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් තිදෙනෙකු තම බලය අයුතු ලෙස භාවිත කර හිතවත් සමාගම්වලට කොන්ත්‍රාත්තු ලබා දී විදේශ ආධාර සාක්කුවට දමාගෙන ඇති බව ඔප්පු කිරීමට අවශ්‍ය සියලු සාධක සහිතව සොයා ගෙන ඇති නමුත් අවශ්‍ය පරිදි නඩු පවරා නැති බව. ඒ බව ඔවුන් උපුටා දක්වා ඇත්තේ ලංකාවේ මාධ්‍ය වාර්තා ද උපුටා ගනිමිනි. 1994 දී එක්සත් රාජධානියට ගිය පාස්කරලිංගම් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. ලංකාවේ මාධ්‍යවලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තාක්ෂණික හේතු මත කොමිසමේ සොයාගැනීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ද පැන‍්ඩෝරා වාර්තාවේ දැක්වේ.///

    Contd

    ReplyDelete
    Replies
    1. Cont

      එසේම 2012 දී, පාස්කරලිංගම් බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් වල රහස්‍ය භාරයක් පිහිටුවීය. සංස්ථාගත ලේඛනවලට අනුව ඔහුගේ රැකියාව ‘විශ්‍රාමික’ ලෙස සටහන් කර ඇත. ඔහු තමා සහ ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් ප්‍රතිලාභීන් ලෙස ලැයිස්තුගත කළ බව පැන්ඩෝරා වාර්තාවේ සඳහන් ය. මෙම භාරයට බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ්ස් සමාගමක් සහ සිංගප්පූරු සමාගමක් ද හිමි අතර කොළඹ පිහිටි Horizon College of Business and Technology, පෞද්ගලික පාසලේ කොටස් ද හිමි බව වාර්තාවේ දැක්වේ.

      ICIJ හි ‘විකිණීම සඳහා රහස්‍යභාවය’ යන විමර්ශනය මගින් ඊළඟ වසරේ දී සිංගප්පූරු සැපයුම්කරුවෙකුගේ අක්වෙරළ ව්‍යාපාරය හෙළිදරව් කිරීමෙන් පසුව, පාස්කරලිංගම් මෙම භාරය වසා දැමූ බව වාර්තාව පෙන්වා දෙයි. රහසිගත ඊමේල් වලට අනුව ඔහු කිසිදු සැලසුමක් නොමැතිව වහාම එය අතහැර තිබුණි. ඔහු පසුව ඔහුගේ පුතා සහ බෑණනුවන් සඳහා BVI හි අලුත් එකක් නිර්මාණය කර ඇත. 2014 දී, භාරය අධීක්‍ෂණය කරන සපයන්නා වන ට්‍රයිඩන්ට් ට්‍රස්ට් හි නිලධාරීන්, පාස්කරලිංගම්ගේ උපදේශකයින් සමඟ රහසිගත විද්‍යුත් තැපෑලෙන් කනස්සල්ල පළ කර ඇති අතර එය මුලින් විද්‍යාලයේ ආයෝජනය කිරීමට ඩොලර් ලක්ෂයක් ඉල්ලා සිටි අතර පසුව “පුද්ගලික වියදම්” ලෙස ලේබල් කරන ලදී.

      2015 දී, පාස්කරලිංගම් ට්‍රයිඩන්ට් ට්‍රස්ට් වෙත උපදෙස් දී ඇත්තේ ඉහත භාරයෙන් ඩොලර් මිලියන 2.6ක් ඔහුට මාරු කරන ලෙසයි, එවිට ඔහුට ඔහුගේ පවුල ජීවත් වූ එක්සත් රාජධානියේ දේපලක ආයෝජනය කළ හැකිය. ඊළඟ වසරේ පාස්කරලිංගම් භාරය වසා දැමීය. රහස්‍ය විද්‍යුත් තැපෑලට අනුව පාසලේ වක්‍ර ආයෝජනය කර ඇති BVI සමාගමේ කොටස් ඔහුට පවරා ඇත.

      ICIJ විසින් නැවත නැවතත් මේ පිළිබඳ අදහස් දැක්වීමට කරන ලද ඉල්ලීම් වලට පාස්කරලිංගම් ප්‍රතිචාර දැක්වූයේ නැති බව ද පැන්ඩෝරා වාර්තාවේ සඳහන් ය. Horizon College of Business and Technology (HCBT) හි සභාපති උපුල් දරණගම ICIJ වෙත පවසා ඇත්තේ පාස්කරලිංගම් විසින් 2008 වසරේ පාසල ආරම්භ කිරීමට මුදල් යෙදවූයේ ඔහු රජයේ තනතුරක් දරන්නේ නැති කාලයේදී බවය. ‘ඔහුම තමාගේ ධනය එහි ආයෝජනය කළා’ දරණගම පවසා ඇත.

      ඔහුගේ සිංගප්පූරු සමාගම වන ශාන්ත ජෝන් ඉන්වෙස්ට්මන්ට් හරහා, ඔහුට තවමත් හොරයිසන් විද්‍යාලයෙ හි 80% හිමිව ඇති නමුත් ඔහු කිසි විටෙකත් පාසලේ ව්‍යාපාර සහ පරිපාලනයට සම්බන්ධ වී නොමැති බව දරණගම පවසා ඇත. පාස්කරලිංගම්ගේ විදේශ සමාගම්වලට පාසලෙන් මුදල් මාරු කර නොමැති බවද දරණගම මහතා පැවසීය. ‘අපි කොළඹින් එක සතයක්වත් ප්‍රේෂණය කළේ නැහැ. මොකද ඔහුගේ අරමුණ ඇත්තටම මුදල් ඉපයීම නෙවෙයි,’ දරණගම පැවසූ බව පැන්ඩෝරා වාර්තාවේ දැක්වේ.//

      මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      Delete
  3. gas buumithel ganna hinganno wage polim wala inna gaman gan kabara gon heththa melbourne walata talk denne. Nondakin naaki hampadaya danna labbakuth ne uba wage bageta mole thiyena naaki haalparuwo nisa thama lankawata mehema wela thyenne

    ReplyDelete
  4. ගම නගරේ විතැන් වෙලා
    ටොයියො බයියො ටැපලීලා
    ඔක්කොම අන්දොස් වීලා
    අපට පුතේ කෙළවීලා

    ReplyDelete
  5. ජවිපෙ ජාතික ජන බලවේගයට අනිවාර්යයෙන්ම බලය ලැබෙනවා තව ටික දවසයි, මිනිසුන් වෙනස් වෙමින් පවතී. කෙසේ වෙතත් බලය ලබාගත් පසු රට දියුණු කිරීමට නම් වහාම කළ යුත්තේ වහාම පල් හොර තැරිදාර පුන්නක්කු කෝමාරිකා බිරියානි මීහරක් බයියන් කියන අමු සක්කිලි පෙරේත හැත්ත පුනුරුත්ථාපනය කිරීම, මේක නම් අනිවාර්යයයි. නැත්නම් කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ.

    මේ සඳහා ජවිපෙ මූලික පියවරක් ලෙස බයිසන් ගවයන් පුනරුත්ථාපනය කිරීම හා සමාජගත කිරීමේ ව්‍යාපෘතියක් අරඹීමට කටයුතු කරන අතරම ඒ හරහා දැනට කම්බ හොර පවුලකට රෙදි නැතුව කඩේ යාමට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම, ඔවුන් එම පවුලට ගැති වෛරස් රෝගය නොමැති අය ලෙස ආකල්ප වෙනස් කළ බවට 100% තහවුරු වූ පසුව පමණක් පාලිත තත්වයන් යටතේ සමාජගත කිරීම හා වෘත්තීමය හැකියාවන් වැඩි දියුණු කිරීම මෙම වැඩසටහන මගින් සිදුකෙරේ.

    මුග්ධ දේශපාලනික අඥානත්වය නිසා හොර පවුලක් කර උඩ තබාගෙන උන්ට ගොන් විදිහට කඩේ යමින් ජීවිතය අඳුරු කරගත් මෙම පිරිස ජවිපෙ රතු තරුව සහ සමාජවාදී ශිෂ්‍ය සංවිධාන විසින් මෙහෙයවන මේ පුනුරුත්ථාපන ආයතනයට ඇතුළත්වීමෙන් පසු ප්‍රධාන වශයෙන්ම සිදුකෙරෙනුයේ මනෝ චිකිත්සක, මනෝ විද්‍යාත්මක උපදේශන ක්‍රමවේදයන් හා වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයන් ඔස්සේ පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු කිරීමයි. එම කාලය තුළ එම මුග්ධයන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා යෝගී භාවනා හා ආගමික වැඩසටහන්ද පවත්වනු ලැබේ. එම තැරිදාර පුන්නක්කු සාඩින් බයියන් පුනරුත්ථාපනය වන කාලය තුළ නේවාසික පහසුකම්, ආහාරපාන, වෛද්‍ය පහසුකම් වෙනුවෙන් අවශ්‍ය වියදම් දැරීඑමට ඔවුන්ගේ වත්කම් පවරාගේන ඒවායින් අඩු කර ගන්නා අතරම හොර පවුල විසින් හොරා කෑ මුදල්ද සියල්ලම යලි පවරාගැනීමෙන් පසුව ඉන් කොටසක්ද මෙයට යොදන අතර ඉන් වැඩි කොටස රට සංවර්ධනයට යොදා ගැනීමට පුළුවන්.

    පුනුරුත්ථාපිත මෝඩ ගස් බයියන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන වෘත්තීමය හැකියාවන් සංවර්ධනය කිරීමේ පුහුණුවක්ද නේවාසික කාලය තුළ ලබා දීමට අපි කටයුතු කරන්නේ දැඩි කොන්දේසි පිට ඔවුන් නිරීක්ෂණය කරමින්.

    මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රියාකාරකම්

    1) හොර පවුලකට කඩේ යන තැරිදාර පුන්නක්කු බයිසන් ගව රැල පුනරුත්ථාපනය කිරීම, වෘත්තීය හැකියාවන් වැඩි දියුණු කිරීම හා නිසි ආකල්ප සහිතව සමාජ ගත කිරීම.

    2) හොර පවුලකට කඩේ යාමට ඇබ්බැහිවීම නිසා ඔවුන්ගේ පවුල් පරිසරය තුළ හටගෙන ඇති ගැටළු අවම කිරීම සඳහා මැදිහත් වීම.

    3) එම හොර පවුලේ හොර වැඩ නිසා බිඳවැටුණු රැකියාවන් හා අධ්‍යාපන කටයුතු යථා තත්වයට ගෙන ඒම සඳහා අදාළ පාර්ශවයන් සමඟ සම්බන්ධතා ගොඩනැගීම.

    මීට අමතරව ස්වාධීන මෙන් පෙනී සිටින බයි පැත්තට බරක් ඇතැයි සිතිය හැකි අවදානම් කණ්ඩායම් සඳහා සැබෑ දේශපාලනික තත්වයන් පිළිබඳ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමත් අනිවාර්යයෙන්ම කළ යුතුයි.

    ReplyDelete
  6. අයිසේ ළමාතැනී,

    බොලා පහුගිය කාලෙ චන්දේ ඉවර වෙලා අපි දිනුවා කියලා සතුටු උනා මතකද? සමහරු කිරිබත් එහෙමත් හැදුවා. දැන් ඔයාලට මොනවාද හම්බ උනේ? චන්දයෙන් දිනන්නේ චන්දේ ඉල්ලපු අය සහ ඒ අයගේ සට්ටැඹියන් හැත්ත බුරුත්ත මිසක් චන්දේ දීපු අය දින්නන්නේ නෑ. චන්දේ දීපු අය දිනනවද, පරදිනවද කියලා තීරණය වෙන්නේ තමන් බලය දීපු අය කරන දේ අනුව. ඒක නිසා ඊලග චන්දේ දාලා ඇවිත් ප්‍රතිඵල බලලා උඩ පනින්න එපා. ඒ වගේම වෙනත් දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටි අනිත් අයට පැරදියි කියලා විහිලු කරන්න එපා.

    හැබැයි චන්දෙන් ඇත්තටම දිනන මුරුත්තෙට්ටු, කැලණි නාග උන්නාන්සෙ වගේ මිනිස්සු ඉන්නවා. පහුගිය යහපාලන රජය සමයේ වුණෙත් ඒකම තමයි. සිවිල් සමාජ හොර රැල ඩොලර් සහ රජයේ තනතුරු වරදාන සෑහෙන දුරට ලබාගෙන ගොඩ ගියා මතක ඇති නේ ද සමන් රත්නපිය? ඔහොමම තමයි තව අවුරුදු ගානකට පස්සේ ජවිපෙ ආණ්ඩුවක් ආවත් ඒත් ඒ අයගේ සට්ටැඹි සෙට් එක ගොඩ යයි මේ වගේම. ඔන්න ඔය වගේ දේවල් නිසා ඒ අය තමයි එයාලට දිනුම ගන්න ඔයාල දිනනවා වගේ බොරුවට පෙන්නන්නේ. ඔය නිසා කරන දෙයක් සිහි බුද්ධියෙන් පරිස්සමින් කරන්න ඕන අපි හැමෝම එකතු වෙලා.

    ReplyDelete
  7. අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි සිය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීම දැනුම් දෙමින් එම ලිපි දෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඊයේ භාරදී තිබේ. ඒ එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉදිරිපත් කිරීමට විරෝධය පළ කරමින් ඔහු මෙම තීරණය ගෙන ඇති බව පවසමින්.

    රටේ නීති සකස් කිරීමට නිශ්චිත ආයතන තිබියදී මෙවන් අනවශ්‍ය නුසුදුසු භික්ෂූන් වැනි අදාල නොවන ආගමික නායකයින්ගේ පටු අරමුණු වෙනුවෙන් මෙවන් කාර්ය සාධක බලකා හරහා නීති සකස් කිරීමට යාම අනවශ්‍ය ගැටලු ඇති කරන්නක් බව අලි සබ්රි පෙන්වා දී ඇති අතර එම පත්කිරීම පිළිබඳව තමන්ගේ පැහැදීමක් නැති බවද පවසා තිබේ.

    නමුත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම බලකාය පත් කරන ලද්දේ තමාට අවශ්‍ය පරිදි උපදෙස් ලබා ගැනීමට මිස රටේ නීති සෑදිමටම නොවන බවයි.

    එමෙන්ම නීති සකස් කිරීමේ දී අනිවාර්යෙන්ම අධිකරණ ඇමතිගේ දායකත්වය ලබා ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතරම ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපි භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

    ReplyDelete
  8. වර්තමාන දූෂිත ආණ්‌ඩුව මහරගම නගර සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරියක අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ ගැන මාධ්‍ය හරහා විමසන විට ඊට පිළිතුර ලෙස මහරගම පොලිසිය සඳහන් කරන්නේ එම නගර සභාවේ ආණ්‌ඩු පක්‍ෂ පොදුජන පෙරමුණේ ගර්භණී මන්ත්‍රීවරියකට පහර දුන්නේ යැයි චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම කරන ලද බවයි.

    මෙහිදී මේ පහර කෑ බව කියන මන්ත්‍රීනිය ගැන සොයා බලන විට ඇය ගැබිනියක් වන අතර ඇය පහර කෑම හේතුවෙන් ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් නගර සභා සේවකයකුගේ මව මියයාම සමග ඉකුත්දා පැවති අවමංගල උත්සවයකට සහභාගි වී සිටිය දී දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමකින් අනතුරුව පහර දී තල්ලු කර දැමූ බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරිය පොලීසියට සිදු කළ පැමිණිල්ලේ දැක්වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙසට එදින තමනට හටගත් උදරයේ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත වූ බවද ඇය පැමිණිල්ලේ තවදුරටත් සඳහන් කර ඇත.

    මේ අතරම වත්මන් රජයේ රාජ්‍ය අමාත්‍යවරයකුට පුද්ගලයෙකු විසින් පහරදීමක් සිදුකර ඇතැයි සමාජ ජාලවල වාර්තා පළ වේ. මේක ඇත්තද?

    භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සිදු වූ බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුව ඇති බවද සදහන් වන අතර එම රාජ්‍ය ඇමතිවරයා පාක්ෂිකයන් සමග පැවති සාකච්ඡාවක් අතරතුර සිදුවූ බහින් බස් මත එම පුද්ගලයා අත තිබූ හෙල්මටයකින් අමාත්‍යරයා පහර දී ඇතැයි වාර්තාව තවදුරටත් එම වාර්තාවන්හි දැක්වෙයි. මේක ගැන වැඩි විස්තර හොයල බලල පෝස්ට් එකක් දාන්න.

    ReplyDelete
  9. නන්දසේන ජනපති විසින් මෙතෙක් කළ හොඳම පත්කිරීම් වන්නේ ඊයේ පෙරේදා විශ්වවිද්‍යාල සඳහා කළ ඒවාය. එය සැබැවින්ම විප්ලවකාරී ක්‍රියාවකි. ජනරජයට අයිති ආයතනවලට ජනරජයේ ඕනෑම වැසියෙකුට පත් වීමට අයිතිය තිබේ. ජනරජයේ විශ්වවිද්‍යාල යනු ජනරජයේ සම්පත්ය. ඒවා ජනරජයේ සෑම වැසියෙකුටම සමානව අයිති වේ. ඒවායේ උගන්වන්නේ නොමිලේය. එනම් ඒවායේ ඉගැන්වීමට වියදම දරන්නේ ජනරජයේ සියලුම වැසියන්ය. නමුත් එහි ඉගෙන ගන්නේ සියලුම වැසියන් නොවේ. එහි ඉගෙන ගන්නේ 20% ටත් අඩු ඉතා සුළු පිරිසකි. එම සුළු පිරිස වෙනුවෙන් අති බහුතර වැසියන් පිරිසක් ඉගෙන නොගෙන සිටිය යුතුය. තරග විභාග ක්‍රම හදාගෙන ඒ හරහා වසරින් වසර විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ සීමිත පිරිසකි. එම තරග විභාග හදන්නෙත් එම විශ්වවිද්‍යාල විසින්මය. ඒ ඔවුන්ගේ ප්‍රභූ තන්ත්‍රය පවත්වා ගැනීමට හදාගෙන ඇති අධිකාරයයි. වසරින් වසර ප්‍රභූන්ගේ බේබිලා ටික හදා ගැනීමටයි. එහි සැබෑ අර්ථය වන්නේ රටේ 80% කට උසස් අධ්‍යාපනය ලබා නොදීමයි. “නිදහස් අධ්‍යාපනය රැක ගනිවු” යනුවෙන් එම ප්‍රභූ පැටවුන් පෙළපාලි යන්නේ රටේ 80% කගේ උසස් අධ්‍යාපනය වැළැක්වීමටය. 20% කගේ ප්‍රභූ අයිතිය රැකගැනීමටය. එහි සැබෑ වින්දිතයන් වන්නේ රටේ 80% ක් වන බහුතර වැසියන්ය. නමුත් අර ප්‍රභූ 20% විසින් කතාව කණපිට ගසා තමන් වින්දිතයන් ලෙස රඟපාමින් බහුතරයකට වසරින් වසර කොකා පෙන්වයි. “හැමෝම දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් නීතිඥයෙක් වෙන්න ඕනේ නැහැ.” කියන කතාවේ ඇත්ත තේරුම වන්නේ හැමෝම එහෙම නොකර තබා ගැනීමයි. මන්ද හැමෝම එසේ වූ විට එම ප්‍රභූන්ට තමන්ගේ තැන නැති වෙන නිසාය. ලක් සමාජයේ දරුණුතම සූරාකෑම මෙයයි. මන්ද මෙය බුද්ධිමය සූරාකෑමක් නිසාය. මේක තමයි ලංකාවේ නරකම රැවටිල්ල. මේක තමයි අශිෂ්ටම අපයෝජනය. එසේ මහජන වියදමින් ඉගෙන ගන්නා උන් එම වියදම නැවත ජනරජයට ගෙවන්නේ නැති බව ඔබ මතක තබා ගන්න. උන් එයින් කරගන්නේ උන්ට විතරයි. බොහෝ උන් එම විශ්වවිද්‍යාලවලම උගන්වමින් නැවත මහජන මුදලින් යැපෙනවා. සමහරු ඒ උගත්කමින් පිටරට විශ්වවිද්‍යාලවලට ගොස් එහෙ බින්න බැහැලා ඒ රටවලට කරනවා. රස්සාවක් හොයාගන්න බැරි අපතයෝ සංගම් හදාගෙන වයස තිහ හතළිහ වෙනකල් උද්ඝෝෂණ කරලා රජයේ පත් වීමක් අරගෙන නැවත මහජන මුදලින් නඩත්තු වෙනවා. වෛද්‍යවරු ඉංජිනේරුවරු රජයේ පත්වීම් අරගෙන මහජන මුදලින් පඩිත් අරගෙන පුද්ගලික රෝහල්වලින් පුද්ගලික ව්‍යාපාරවලින් නැවත කෝටි ගණන් හම්බ කරනවා. ඒ ප්‍රභූ 20% වෙනුවෙන් වියදම් කරපු එක සතයක් උන් නැවත ජනරජයට ගෙවන්නෙ නැහැ. හැබැයි උන් ඒ අසාධාරණ ලෙස හිඟාගත් වරප්‍රසාදය නිසා හිතන්නේ අර 80% වැසියන්ට වඩා තමන් ඉතා උසස් ලෙසයි. උන් තමයි නොම්මර එකේ ජාතිවාදීන්. අනුන්ට වඩා තමන් උසස් යැයි හිතන ප්‍රභූ පැලැන්තිය. 80% ක් වැසියන් උන්ගේ අතපල්ලෙන් වැටුණු උන්ගේ වහලුන් ලෙසයි උන් දකින්නේ. මොකද උන් තවත් ඉල්ලනවා වරප්‍රසාද. හරිනම් උන් කරබාගෙන දෙන දෙයක් කාලා ඉන්න ඕනා. නමුත් උන් 80% බහුතර ජනතාවට සත්තම් දානවා. උන් කියනවා උන් වගේ ප්‍රභූන් උගත් විශ්වවිද්‍යාලවලට උන්ගෙන් නොවන එකෙකු කුලපති කරන්න බැහැ කියලා. උන් තර්ජනය කරනවා. උන් විරිත්තනවා. හැමදේම නිකං හම්බ වෙච්ච නරක් වෙච්ච සෙල්ලක්කාර පොඩි එකෙක් වගේ පොළොවේ පස් කකා හැපි හැපී අඬනවා. මහා උගත් වාහෙලා කුණුහරුපෙන් බැන බැන බෙරිහන් දෙනවා. උන්ගේ කෙහෙල්මල් ශිෂ්ටත්වය. ප්‍රභූ පැලැන්තිය! උන්ගේ නියම පාට පේනවා නේද! විසඝෝර සත්තු. උන්ගේ ආඩම්බරකම පේනවද! උන්ගේ ජාතිවාදය පේනවද! කුණු ලෝබයෝ… බොරුකාරයෝ…. සෝබනකාරයො… වන්සක්කාරයො... නැහැ. උන්ට ඕන විදිහට ජනරජය නටන්න ඕනා නැහැ. උන්ට අඩුම ගානේ මතක් කරලා හරි දෙන්න ඕනා උන් එහෙම විශේෂ නැත කියා. උන් හොරු. ජනරජයේ 80% කගේ අධ්‍යාපන අයිතිය සොරා ගත් කම්බ හොරු. උන්ගේ පම්පෝරි අහගෙන ඉන්න ඕනා නැහැ. අනුන්ව පහතට හෙලා කතා කරන උන්ව ගණන් ගන්න ඕනා නැහැ. මොනවද උන් මේ රටට කරලා තියෙන විශේෂ දියුණුව. මුකුත් නැහැ. මෙලෝ වැඩකට නැති පුස් පර්යේෂණ කර කර, හැමදාම රටට බැන බැන, රටේ මිනිස්සුන්ට ඒ කියන්නේ උන්ට හිඟමන් දුන්න 80% ට බැන බැන, රට පාච්චල් කර කර, රටට හිනා වෙවී ඉන්න එක විතරයි උන් කරන්නේ. ඒ තමයි ප්‍රභූ ගතිය. ලොක්කෝ වෙච්ච සොක්කෝ. තමන්ගේ ප්‍රභූත්ත්වය පෙන්න පෙන්න ඉන්නවා විතරයි. උන්ට කලින් කලට උන්ගේ “සමතැන” මතක් කර දෙන්න ඕනා. ජනපති කළේ හරිම දේ. උන් විශේෂ නැති බව පෙන්නුවා. ඒක තමයි විප්ලවය, ලංකාවේ නූතන සාර් පැලැන්තියට එරෙහි සාමාන්‍ය වැසියන් 80% කගේ ජයග්‍රහණයක්.

    ReplyDelete
  10. මම නම් මගේ අවුරුදු 20 ක පුතාට ටිකෙන් ටික තේරුම් ගන්න පුළුවන් වයසට එනවිට ක්‍රමානුකූල ලෙස කියල දීල තියෙන්නෙ කාන්තාවකගෙ හැට්ටෙ කරවටේ පේන කොටසෙවත්, සාරියක් අස්සෙන් පේන ඉනවටේවත්, සාය පොඩ්ඩක් කොට වෙලා පේන ටිකේවත් නෙවේ sex කියන්නෙ සහ සබ්‍යත්ව තියෙන්නෙ, සහ දිනක තමන්ගෙ බිරිඳ බවට පත්වන කාන්තාවගේ හැර පිටස්තර කාන්තාවගෙ නග්න රුවක් දුටු පමණින් තම්න්ගෙ ලිංගිකත්වය ඉස්සරහට දාගැනීම වැදගත් පිරිමි දරුවන් තුළ තිබිය යුතු දෙයක් නොව, ඒ වගේම කාන්තා ශරීර අංග කියන්නෙ මහ මැජික් එකක් නොව..
    කාන්තාවක කියන්නේ කොයි ස්වරූපයෙන් සිටියත් ගරු කළ යුතු කෙනෙකු බව..

    එහෙම අවබෝධයක් ලබාදී ඇති නිසා අප ඉදිරෙයිදි අපේ පුතා කිසිම අපහසු තාවයකට පත් නොවී එවැනි අවස්ථාවන් පසු කරනව...
    ගෑනු හෝ පිරිමි අඳින විදිය වෙනස් කරන්න අවශ්‍ය නෑ දෙමව්පියන් දරුවන්ට ලෝකය හරි තැනින් අල්ලාගන්න උදව් කලාම ඒ හොඳටම ඇති නේද?

    ReplyDelete
  11. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "1. දේශපාලන වගතුග" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න

    ReplyDelete
    Replies
    1. මචං සඥකඩපහණ, ඉතාමත් අගනා අදහසක් නමුත් මේ ගැන මගේ මතය කෙටියෙන් කියනවනම් ඔය වගේ ස්වර්ණමය යුගයක් කරා යන එක ගැන උදාහරණයක් විදියට පුම්චිම පුම්චි අපේ අම්මට සිරි ලකේ පංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කරන ජාතික කන්ඩායමත් එහෙමයි, අව්ලකට තියෙන්නේ අරූන් කරාබුව ගහල තියෙන්නේ කොහොමද, පච්ච වටාරං ටික පදිරිද හෙයා කලරිං කම්බිනේෂන් සෙට් වෙනවද කියලා. ඉතින් කබ්බෝ ටික එක මැච් එකක් පොරක් වුනාම ශෝෂල් මීඩියා එකේ උඩට යන නිසා අනිත් දවසේ අම්මගේ කරාබුව හරි දාගෙන පේන තැනකින් පච්ච ටිකක් ගහ ගන්න වගබලා ගන්නවා. ඒ අතින් ලෝකෙට අපි දෙවෙනි නැහැ.

      අපි කරපු හැටි ඉතින් ලෝකෙ දන්නේ නැහැ, මොකද ලෝකේ රෑංකිං හදන කුහකයෝ හොදම කරාබුව, හොදම පච්චෙ තියෙන ක්‍රීඩකයා හොයන දාට තමා අපේ මුතු මිනි කැට වල අරුමේ උබලට තේරෙන්නේ. අන්න එදාට නම් උබලට හොදටම රිදෙයි ඈ, ඔන්න ඕකයි කතාව...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න