.

.

Dec 19, 2021

මුරුත්තේටුවේ පණ බේරාගෙන ගිය එක ළොකු දෙයකි..


 ජේ ආර් මරමු...!!!!


(බම්බුවේ උපාධිය ගැන

අන්තිම පෝස්ට් එක)

➖➖➖➖➖➖➖


ඇත්තටම මට ඒ උසස් අජ්ජාපන ආයතනේ ළදරුවන් තුන් දෙනා ගැන කිසි අහිතක් නෑ.

ඔය වයසෙදි අපි හැසිරුනෙත් එහෙමයි..

එයාලට පාර පනින්නවත් දන්නෙ නැති නිසා රෝඩ් හම්ප් පවා දාලා තිබුනා කාළයක්.. හැබයි මොන්ටිසෝරි ගාව එහෙම නෑ..

ආන්ඩුවට විරුද්ධව ඩෙඟා නටලා උපාධිය අවුරුද ගනන් පස්සට දාගත්තා.

බුද්ධියක් නෑ.

කාගේ හෝ පදේකට නටන රූකඩ.

සිස්ටම් එක කඩාගෙන යන්නේ ඉතා සුළු පිරිසක්.

එහෙම උන් තේරුනත් ඕකට යන්නෙත් නෑ...

හැබයි ඩිග්‍රිය ගන්නවා.

එහෙම ගන්න ක්‍රම ඕන තරම් තියෙනවා..

දේශපාලනය මජරයි කියලා කියන ඔතන ඉන්න අය..

රෙද්ද ඉස්සුවාමත් ඩිග්‍රිය දෙනවා..


මට අවුල තියෙන්නේ, මේක මාර කේස් එකක් කරගෙන, එයින් පිටවුනත් තාමත් කැම්පස් යන පොඩි ළමයි එක්ක..


උන් රට හදන්න යන්නේ මේ වගේ බොලඳ ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන්ද?


හෙට මෙයාලා කැම්පස් එක ගිනි තිබ්බොත් ඒකටත් හුරේ දානවද?


88/89 වගේ උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර  මරලා දැම්මා වගේ මුරුත්තේටුවේට ගේම දුන්නොත් ඒකටත් හුරේ දානවද?


සමහරක් අය මේ ආන්ඩුවෙන් නොයෙක් තනතුරු බලාපොරොත්තුව ඉඳලා ඒවා නොලැබුන නිසා ආන්ඩුව මොකක් කලත් වැරදියි.. 

සමහරුන්ට නානාප්‍රකාර හේතු තියෙනවා.. අපිටත් අවුල් තැන් තියෙනවා... 

සමහරුන්ට රාජපක්ෂලා දිරවන්නෙම නෑ.. 


හැබයි උන් නොදන්න දේ තමා ඔක්කොම ආස රාජපක්ෂලා වෙන්න කියන එක. අවුරුදු පහක් අපි ඒක හොඳට දැක්කා..


දැන් මේ ක්‍රියාව නිසා මුරුත්තේටුවේ අස් වෙලත් නෑ.. අනාගතේ දේශපාලන පත්වීම් දෙන එක නවතින්නෙත් නෑ.. කැම්පස් වල ප්‍රමිතිය හොඳ වෙන්නෙත් නෑ... කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ.. සියල්ල සති දෙකෙන් අමතකයි...


මේ පාලනය පිස්සු කෙලිනවා නම්, ඒක චේන්ජ් කරන්න ගෝත්‍රික නොවන ශිෂ්ඨ ක්‍රමයක් මේ රටේ තියෙනවා ඒ තමා සර්ව ජන චන්ද බලය.

සිවිලයිසේසොන් කියන්නේ ඒකට...


මේ වගේ සුළු සුළු ආකාරයෙන් පටන් ගෙන 70 දි, 83 දි, 88/89 දි මේ රටේ ලේ ගංඟා ගැලුවා හොඳටෝම ඇති.


ඒ කාළෙත් මේ වගේ සොෆ්ට් ටාගට් වලට ගැහුවා මිසක්, බිග් ෂොට් වලට ගේම් දෙන්න බැරිව අන්තීමේ ගොල්ෆ් ග්‍රවුන්ඩ් එකේ අල්ලපු වත්තේ පණ පිටින් බාබෙකිව් උනා..

තනියෙන් නෙමේ... මේ වගේ සහලවලා උණ තිබුණ තරුණ ජීවිත 60,000 ක් එක්ක..


ජේ ආර් මරමු කිව්වට, මැරුවේ ගමේ අහිංසක ග්‍රාමසේවක, ඉස්කෝල මහත්තයා, හාමුදුරුවෝ.. 


මුන්නාන්සෙත් ඒවා කරපු නිසාද මන්දා අද ඒවා මේ ආත්මෙම ලබන්නේ.. 😂😂😂😂

මෙයා ආන්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ තියලා දෙන්නෙක් මැරුවා..

එකෙක් කැම්පස් කොල්ලෙක්..

උගෙ ජීවිතේ ආයේ ගන්න බෑ..

හැමදාම නේස් වර්ජන කරලා මරලා දාපු ගාන හොයන්න ක්‍රම නෑ..


එතකොට ඒවා විවේචනය කරන කෙනෙක් කොහොමද ...

මේවා උඩ දාගෙන ස්වයං වින්දනයේ යෙදෙන්නේ...


මේකට හොඳම උත්තරේ දුන්නේ නිර්මාල් රංජිත් දේවසිරි...


මේක විරෝධතාවයක් නෙමෙයිය.. 

මේක තනිකරම මධ්‍යම පාන්තික හීනමානය ප්‍රදර්ශණය කිරීමය කියලා..


හොඳින් නිරීක්ෂණය කරාම බුකියේ මේක වර්ණනා කරපු හැම එකාම ඒ පන්තියේ කියලා  පැහැදිලිවම පේනවා...


එයාලා කොච්චර උඩ ගියත්,

තාම ඉන්නේ පහළ...


දැන් මා එක්ක තව පිරිසක් තරහා වෙයි..

ඒකේ කිසි අවුලක් නෑ...


ඇත්ත ලියලා පැත්ත ගියත්..

මට නම් කිසිම අවුලක් නෑ..


ඩිග්‍රිය ගත්තට පැඩිග්‍රිය දෙන්න බෑ...


මේවට උසස් අධ්‍යාපන ආයතන කිව්වට...


ඒවයෙන් පිටවෙලා සෑහෙන කල් ගියත් 

මනසින් උසස් වෙලා නම් නෑ....

තාමත් ගෝත්‍රිකයි...


එන්න අපි 


ජේ ආර් මරමු....!!!


මෙත් මල් පිබිදේවා 

සිත් තුල මෙත්මල් පිබිදේවා

කරුණා ගුණ දේවා

සිත් තුල කරුණා ගුණ දේවා...


උසස් අධ්‍යාපන ආයතන තුලින්

උසස් මිනිසුන් බිහි වේවා...!!!!


(මේවගේ ඒවට ලැයික් කොමෙන්ට්ස් හහා අඩුයි....

මොකෝ නිර්වස්තරෙන් ගොඩ වෙලා ගියා කියලා මාට්ටු නේ..)

40 comments:

  1. බුද්ධිතුන් ලෙස බැටළු සම් පොරවාගෙන සමාජය ඉදිරියේ පෙනී සිටි මුග්ධ කුරිරු පුද්ගලයන් විසින් 1988 - 1989 වකවානුවේ දේශප්‍රේමීන් ලෙස වෙස් ගෙන රටේ පාලන බලය සහ නීතිය අතට අරගෙන කැන්ගරු උසාවි වල බිම් මට්ටමේ සාමාජිකයන්ට ඝාතන නියෝග දීම නිසා සැබෑ බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් රටට අහිමි විය. එකල උපකුලපති පුටුවේදීම දේශප්‍රේමී සිසු විරුවෙක්ගේ අතින් හිස පසාරු කල වෙඩි උණ්ඩයකින් දිවියට සමුදුන් උපකුලපති (මියගිය) මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතාන ද මෙතනදී සිහිපත් කළ යුතුයි.

    තම පියා ගැන ආචාර්ය ශාලිත විජේසුන්දර කියා තිබූ කරුණු මට මතක විදිහට මෙහෙමයි; "මගේ පියා මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මිනිස්කම උතුරා ගිය පුද්ගලයෙක්. එතුමා හැමෝටම පුළුවන් තරමින් උදව් කළා. බොහෝ සිසුන් රජයේ මර්දන යාන්ත්‍රණයෙන් බේරීමටත් ඔහු මැදිහත්වී රජයට යාප්පු වුණා. ඒ නිසා හුදෙක්ම සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම ගැන නොසතුටු වීම නිසාම විශ්ව විද්‍යාල නොවසා පවත්වාගෙන යමින් සිසුට යහපතක් කිරීමට උත්සාහ කළ නිසාම පමණක් මගේ පියා ඉතාම කුරිරු ලෙස ඝාතනය කිරීම ඇතැම් ජේවීපිය වෙනුවෙන් පෙනී හිටි අයත් හෙළා දැක්කා. අපේ තාත්ත දේශපාලනයට ගෑවිලාවත් හිටියේ නැහැ. අපේ තාත්තා මේ විදියට මරා දැමීම අපට අදහාගන්න බැරිවුණා. තාත්තා නැති අඩුපාඩුව අපේ ගෙදර කවදාවත් මකන්න බැරිවුණා. තාත්තා නැතිවුණාම පවුලක් අනාථ වෙනවා. මොනව තිබුණත් මොන සම්පත් තිබුණත් ඒ අඩුපාඩුව මකන්න කවදාවත් බැහැ. අපේ තාත්තා මේ රට පිළිගත්ත බුද්ධිමතෙක්. විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් විදියට මේ රටේ උගත් පරපුරක් හදන්න කැපවුණ පුද්ගලයෙක්. එතුමා කළ මෙහෙය අදටත් කොළඹ විශ්ව විද්‍යාලයේ කැපී පෙනෙනවා. අපට ගොඩනැඟිලි, ආයතන ඇති කරන්න පුළුවනි. නමුත් පුද්ගලයෙක් නැවත ඇති කරන්න බැහැ. මෙහෙම මරා දාන්න තරම් අපේ තාත්ත කරපු වැරැද්ද මොකක්ද? කඩාකප්පල්කාරීන් කියූ ලෙස කැමපස් නොවසා දිගටම අධ්‍යාපනය ලබාදීම, දේශන පැවැත්වීම මරණ දඬුවම ලැබීමට හේතුවක්ද? අපේ පියා මනුෂ්‍යයන්ට ආදරය කළ මනුෂ්‍යයන් පෙරළා ආදරය කළ පුද්ගලයෙක්. මානුෂික ගතිගුණ උතුරා ගිය පුද්ගලයෙක්. තමන්ගේ පවුලට විතරක් නෙවෙයි රටටම යුතුකම් ඉටුකළ පුද්ගලයෙක්. අපි අදහන බෞද්ධ ධර්මය අනුවත් මනුෂ්‍ය ඝාතනය මිනිහකුට කරන්න පුළුවන් ලොකු පාපයක්. ඊට එහා පාපයක් නැහැ. ඇත්ත්ටම මම විස්වාස කර්ටන විදිහට කවුරු මොන වැරැද්ද කළත් කිසිම කෙනකුගේ ජීවිතය ගන්න තව කෙනෙකුට අයිතියක් නැහැ. අපේ රටේ ව්‍යවස්ථාව අනුවත් ඒ අයිතිය එහෙමයි. ලෝකෙත් එහෙමයි. මනුෂ්‍ය ජීවිතය ඉතාම උතුම් එකක් විදියටයි බෞද්ධ ධර්මය අනුවත් අපි පිළිගන්නේ. ගවයෙකුගේ වුණත් ජීවිතය විනාශ කිරීම ලංකාවේ බෞද්ධ සංස්කෘතිය තුළ විශාල පාපයක් ලෙස සලකන නිසාම ඇතැම් බෞද්ධයන් මරණයට කැපවූ ගවයන් නිදහස් කරනවා. ඝාතන කරන අයට ස්වභාවධර්මයෙන් වත් ගැලවෙන්න ඉඩක් නැහැ. ඒක මේ ජීවිතයේම පඩිසන් දෙන බව බෞද්ධ විස්වාසයක්"

    කෙසේ වෙතත් පසුගිය සමයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල නායකයකු වන කේ. ඩී. ලාල්කාන්ත ඉතා පැහැදිලිව සිදු කර තිබෙන ප්‍රකාශයක් අනුව භීෂණ සමයේ ඝාතන පිළිබඳව වගකීම ඔවුන් විසින් බාරගෙන තිබේ. මේ අනුව ජවිපෙ අණින් ඝාතනයට ලක්වූ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර උප කුලපති තුමා ඇතුළු දහස් සංඛ්‍යාත පුද්ගලයන් වෙනුවෙන් යුක්තිය ඉටු කල යුතු අතර මේ සම්බන්ධයෙන් රාජ පක්ෂ කල්ලිය සහ ඔවුන්ගේ කසකරු බූරුවන්ස පල් හොරා ඇතුළු නඩයටම උපරිම වශයෙන් දඬුවම් දීමට ජවිපෙ ජාතික ජන බලවේගයේද සහය සහිතව මීළඟට පත් වෙන්නට නියමිත රජය කටයුතු කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  2. අපි පොඩි කාලේ 1990 ගණන් වල විතර ජනතා විමුක්ති පෙරමුණ පෝස්ටරයක් ගැහුවා මට මතකයි "උනුත් එකයි - මුනුත් එකයි" කියලා. අලි පුටු හොරු පරදවා සීනුව දිනවමු කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණා වගේ මතකයි. වසර 25 කට පස්සේත් ඔවුන්ට කියන්න වෙන අලුත් දෙයක් නැහැ නේද? අනේ මන්දා මට නම් මේ කිසිම දේශපාලන පක්ෂයක් තුල විකල්ප නායකත්වයක් පේන්නේ නෑ ආණ්ඩුවත් එකයි විපක්ෂයේත් ඒ වගේම තමයි කිසිම හරි හමන් වැඩ පිළිවෙලක් නෑ එකම වගේ ජෝකර්ලා ටිකක් නේද?

    ReplyDelete
  3. අයිසේ මාතලන්,

    දැන් ඔය ලබන අවුරුද්දේ විතර ඉඳලා ආණ්ඩුවේ රස්සා දෙන්නේ නෑ කියලා මල්වානේ භූත මන්දිර ලොක්කා පහුගිය කාලේ පොර ටෝක්ස් දුන්නා නේද? එතකොට ඇත්තටම ආණ්ඩුවට සල්ලි නැතුව පස්ස බිම ඇනිල නිසා එහෙම කරන්නම සිදු වුණොත් දැන් ඔය උපාධිය ප්‍රතික්ෂේප කරපු අයට තව ටික දවසකින් රස්සාවක් නැතුව වේලි වේලි ඉන්න අතරෙ උද්ඝෝෂන තියලා අඬලා අඬලා ආණ්ඩුවට නැට්ටට කිරි උනලා ඔය රජයේ පත්වීමක් මුරුත්තෙට්ටුවේ හොර ගණයා අතින් දුන්නොත් නොගෙන ඉඳියිද?

    මොකද ඔය යක්කු පුද්ගලික අංශයේ රැකියාවකට නම් නිකන් ආවත් අපෝ එපා කියලා එළවන එකේ ආණ්ඩුවේ රස්සාවක් හොයා ගෙන තව දේවානි කෙනෙක් වෙලා ආණ්ඩුවේ ගොන් පාට් මෝඩ ආතල් වලට හරියට හරි යන්න රටටම ආතල් දෙන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  4. බලුකිරියේ (GTRZ)රංග තේනුවරයාගේ අම්මට ලිච්කාරයා පුකේ අරිනවා බලං රංගයා අතේ ගැහුවයි කියනවනේ.

    ඔය වෙසිගේ පුතාට වලතරයාත් කටට දුන්නාලු. ඒ නිසා කියවනේ බලුකිරියේ ඔච්චර කුණුහරුප කියන වලතරයා බෑන් නොකර අනික් උන් බෑන් කරන්නේ.

    ReplyDelete
  5. මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන විදිහට නැවට , අසුචි නැවට ගෙවන ඩොලර් ලක්ෂ 67 ක මුදල සුළු ගානක් ද ඒක මෙිිකගේ ගෙදරින් ගෙනත් දෙන සල්ලිද යන්න ජනසත පෙරමුණේ නායක බත්තරමුල්ලේ් සිිල රතන හිමියන් ප්‍රශ්න කර සිටිති .

    ඩොලර් ලක්ෂ 67ක මුදල අපේ රටට පොඩි මුදලක් අපේ රටට සල්ලි තියනවා චිින අසුචි නැවට ගෙවන්න පුළුවන් යැයි මහාමාර්ග අමාත්‍යාවරයා කියා තිබෙන බවද බත්තරමුල්ලේ් සිිල රතන හිමියන් පැවැසුහ.

    බලන්ගොඩ පුටුපාහින්න ප්‍රදේශයේදි පක්ෂ සාමාජිකයන් දැනුවත් කිරිමෙිි රැස්විමකදි උන්වහන්සේ මෙිි බව කිිහ.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ සිිල රතන හිමියන් –

    මෙිි සත්තු ,මෙිි සර්පයන් මොවුන් ටික එලවලා මිසක් නිකම් ඉන්න එපා.අද දරැවන්ට කිරි පිටි ටිකක් ගේන්න විදිහක් නැහැ. ඩොලර් ලක්ෂ 67 ක් අර අසුචි නැවට ගෙවන්න පුළුවන් කියනවා.මුන් රට හදන්න ආපු අය නෙවෙයි.රට විනාශ කරන්න ආපු අය. මෙිි රටෙි සියළුම සමිපත් විදේශීකයන්ට විකුණලා කනවා.විදේශ පුර වැසියන් ලංකාවට ඇවිල්ල රට පාලනය කරනවා. අපි දුන්නේ 69 ක් . 70 ක් එහෙම දුන්නමි කොහොම තියෙයිද ?

    ගෝඨාභය හෝ වෙිිවා,බැසිල්, මහින්ද නාමල් හෝ වෙිිවා මුන්ට දැක්මක් නැහැ.මුන් පරමිපරා හතකට සල්ලි හමිබකරලා තියෙන්නේ .දැන් ජනතාව විකුණන්න ඔන්න මෙන්න.සියළුම දේශපාලන පක්ෂ ජාති කුල භේදයකින් තොරව එකතු වෙලා රාජපක්ෂලා මෙිි රටෙන් අතුගාලම දාන්න ඔිිනි. ඒකට හැකියාවක් තියෙන්නේ ටැක්ටර් ලකුණ ඇති ජනසත පෙරමුණට පමණක් බව උන්වහන්සේ වැඩිදුරටත් පැවැසිය.

    ReplyDelete
  6. ළමාතං,

    බොලාගේ ලොක්කාට කියපන් හැමදාම වගේ මේ පාරත් වචන වලින් තොරන් ගහන්නැතුව රටේ ප්‍රධාන ප්‍රශ්න වලට හරියන ප්‍රායෝගික වැඩ පිලිවෙලක් ඉදිරිපත් කලානම් ගොඩක් වටිනවා කියලා. මොකද අරක කොරනවා මේක කොරනවා කියලා අහලා ඇති වෙලා තියෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා චන්ද්‍රිකා දෙපාරාක් මිනිස්සුන්ව ගොනාට අන්දුවා. ඒ එදා විහාර මහ දේවිය. ඊට පස්සේ මහින්ද දෙපාරක් මිනිස්සු ගොනාට අන්දුවා. දැන් උඹ අපට කියන්නේ අනුර කුමාර ඔය කියන වැල් බයිලා ගැන විස්වාස කරලා තව පාරක් ගොනාට ඇදගන්න කියලද ?

    අර කඩිනම් විසඳුම කියලා PDF එකක් දාලා තියෙනවා, ඒකෙත් පැහැදිලි සැලැස්මක් නෑ හොරකම් නවත්තලා රජයෙන් හැම දෙයක්ම හොඳින් පාලනය කරනවලු. ඕක කරන්න ගිහින් තමයි නන්දේ සහ ඊට කලින් හිටපු උනුත් ඇණගත්තේ. උනුත් එකයි මුනුත් ඊට හපන් ද මන්දා.

    ReplyDelete
  7. කුලපති අද්යන තනතුරක් නොවේ, අවම සුදුසුකමක් අවශ්‍ය නොවේ. ජ වී පෙ මෝඩකමට බෙහෙත් නැත

    ReplyDelete
    Replies
    1. @AnonymousDecember 20, 2021 at 7:08 PM

      උපාධි ප්‍රදානෝත්සවයක් කියා කියන්නේ ලොකු වැදගත්කමක් නැති, උපාධි පාඨමාලාව සමඟ සෘජු සම්බන්ධයක් නැති, උත්සව අවස්ථාවක්. මෙයට සහභාගී වීමේ තිබෙන එකම වැදගත්කම ඡායාරූපයක් ගැනීමට ලැබෙන අවස්ථාවයි. උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා උපාධිය අරගෙන තියෙන්නම අවශ්‍යත් නැහැ. ලංකාවේ වගේම වෙනත් රටවලද සරසවියකින් උපාධි ලබා ගන්නා හැම දෙනෙක්ම උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන්නේ නැහැ. පෞද්ගලිකව මමත් උපාධි පාඨමාලා සම්පූර්ණ කළ හැම අවස්ථාවකදීම අදාළ උපාධි ප්‍රදානෝත්සව වලට සහභාගී වී නැහැ. ලංකාවේ සරසවි වල අවසන් විභාගය හා උපාධි ප්‍රදානෝත්සවය අතර සැලකිය යුතු පරතරයක් තිබෙනවා. අපේ කාලයේදී මේ පරතරය දැනටත් වඩා වැඩියි. විශේෂයෙන්ම කොළඹ. ඒ නිසා, උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීමේ දෙවන වාසියක්ද තිබුණා. ඒ කලකට පසු මිතුරු මිතුරියන් රැසක් නැවත හමු වෙන්න අවස්ථාවක් ලැබීමයි. ඒ යුගය ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් තිබුණු යුගයක් නෙමෙයි. අනෙක් අතින් පැය කිහිපයක් එක තැනකට ගාල් වී සිටීමේ පීඩාවද මෙහිදී විඳින්න වෙනවා.

      උපාධි ප්‍රදානෝත්සව වලට සහභාගී වීමේ ප්‍රධාන අරමුණ වූයේ අදාළ ලෝගුව ඇඳ ඡායාරූපයක් ගැනීමයි. හැබැයි එම ඡායාරූපය ගන්නෙත් උපාධි ප්‍රදානෝත්සවයට පෙර හෝ ඉන් පසුව ඡායාරූප ශාලාවකදී. සංකේතාත්මකව උපාධිය (හෝ හිස් බම්බුව) පිරිනමන අවස්ථාවේදීද ඡායාරූප ගත්තත් කැමරාව නිසි සේ සීරුමාරු නොකර ගන්නා මේ ඡායාරූප වල ගුණාත්මක භාවය එතරම් ඉහළ මට්ටමක නැහැ. මේ ඡායාරූප වල පිටපත් රාමු කර නිවසේ තබා ගැනීමෙන් වෙනත් බොහෝ දෙමවුපියන් මෙන්ම මගේ දෙමවුපියන්ද සතුටට පත් වුනා. මා සතුව තිබුණු පිටපත්නම් ලංකාවෙන් එද්දී අරගෙන ආවේවත් නැහැ. දැන්නම් මට මේ උපාධි ප්‍රදානෝත්සව වල හෝ එම අවස්ථා වලදී ලබාගත් ඡායාරූප වල ලොකු වටිනාකමක් නැහැ.

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  8. RANIL HAMUWA KARE THIYAGENA BADUM KARA BIZ KIYAPU EKAKA ADA NAMALA BABAY GE PUKA HODANWA

    ReplyDelete
  9. කෙසේ වෙතත් මේ වගේ දේකට විරෝධය පළ කිරීම ගැන නම් මගේ අදහස් ටිකක් වෙනස් මේ සම්බන්ධයෙන්. මොකද තමන් අකමැති දෙයකට “විරෝධය“ දැක්වීම කලයුතුම දෙයක්. හැබැයි “විරෝධය“ දක්වන්න ඕනේ ඇමරිකන් එක්සත් ජනපදයේදී කලකට පෙර මාලන් බ්‍රැන්ඩෝ ඔස්කාර් සම්මාන උළෙලකදී ඉතාමත් කලාත්මක විදියට පෙන්වු අමතක නොවන විරෝධය වගේ ආදරේ හිතෙන විදියට. ලෝකයම තමන් වෙත අවදානය දිනාගන්නා විදියට.

    මගේ විශ්වාසය අනුව විරෝධය දැක්වීම හරහා අපි කරන්නේ සමාජයට පණ්ඩිඩයක් දීමයි, ඔවුන් කරනා දෙයට අපේ අකමැත්ත ප්‍රකාශ කිරිමයි, සමාජයේ මේ ගැන කතාකිරිමට අවස්ථාවක් හදාගැනීමයි. හැබැයි මේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදි, එහි කුලපති හිමියන්ට විරෝධය දක්වපු විදිය ගැන මම කිසිසේත්ම එකග නැහැ. එයින් වුනේ, විරෝධය දක්වපු අයට විරෝධයක් සමාජයෙන් ආපු එකයි. ඇත්තටම ඒ දක්වපු විරෝධයෙන් වුනේ ඒ කුලපති හිමියන් ගැන සමාජයේ තිබුණු විරෝධය නැතිවීමයි. ඒක කිසිසේත්ම සිදුනොවිය යුතු දෙයක්. යම් දෙයකට විරෝධය දැක්වීමට ඉගෙන ගැනීමත් කලාවක්. ඒක දන්නේ නැතිනම් විරෝධය පාන්නේ නැතුව ඉන්න එක විරෝධය පාලා ඇනගන්න එකට වඩා ඉතාමත් හොදයි.

    එදා මාලන් බ්‍රැන්ඩෝ විසින් ඔහුට ලැබුණු “ඔස්කාර්“ සම්මානය ප්‍රතික්ශේප කිරීම හා ඔහුගේ විරෝධය පෙන්වූ විදියෙන්, ඔහු අපි හැමෝටම දෙන්නේ හොද ආදර්ශයක්. මේක ගැන ඔබ හිතන්නේ මොකද?

    https://www.youtube.com/watch?v=2QUacU0I4yU

    ReplyDelete
  10. අවුරුදු අසූවක් තිස්සේ නැත්නම් රටේ ආයු අපේක්ෂාවටත් වඩා වැඩි අගයකින් ලංකාව සර්වජන ඡන්ද බලයෙන් පොහොසත් ජාතියක්, කොටින්ම 1931 සිට අපට සර්වජන ඡන්ද බලය හිමි නිසා අපි අවුරුදු හතර/ පහකට සැරයක් ඒ බලය පාවිච්චි කරන නිසා ඒ බලයට ඔය කොයි කවුරුත් බයයි, ලොකු සද්ද දාගෙන ඉන්න VIP මහත්තුරුන් ඒ බලය ළඟ දෙකට/ හතරට නැමී බුලත් දෙන්නේ ඒ නිසයි, ඒ අතින් නම් ඉතින් අපි කොයිතරම් පොහොසත්ද?

    සමාජ ජාල වල කියන විදිහට අප හම්බ කරගෙන කෑ යුතු නමුත් කොටින්ම අත හෙලෙව්වොත් කට හෙලවෙනවා කියන එක ඇත්ත වුනත් ලංකවේ නම් අත හොලව හොලවා ඉන්න හුඟදෙනෙක් හරියට කට හොල්ලන්නේ නැත. ඒ කියන්නේ දාඩිය මහන්සියෙන් වැඩ කරන ජනතාව අවශ්‍ය පරිදි කතා නොකරන එකයි. අවශ්‍ය වෙලාවට ඇත්තටම රටට වැඩක් තියෙන විදෙස් ශ්‍රමිකයින්, අපනයන ආශ්‍රිත කර්මාන්ත සහ අපනයන භෝග වැවිලිකරුවන් සහ සේවකයන්, ඊලඟට රජයට ලොකුවටම බදු ගෙවන පෞද්ගලික අංශයේ ව්‍යාපාර වල ස්ටේක් හොල්ඩර්ස්ලා සහ සේවකයන් ඔවුන්ගේ කට හෙල්ලුනොත් ඔය හැම ලොකු මහත්තයාම ඒකට බයයි, ආණ්ඩුවෙ බදු ආදායමින් පින් පඩි ගන්න සෞඛ්‍ය සේවාවේ මළ පෙරේත අමනයින්/ ගොමා දොස්තර හොර රැලේ ගොන් හැත්ත, ආණ්ඩුවේ ආයතන වල වෘත්තීය සමිතිකාර අමු සක්කිළි හැත්ත, රජයේ ඉහල නිලධාරීන් සහ ගුරු හොරුන් දක්වා වූ සියලුම මහජන බදු ආදායමෙන් යැපෙන අමන කාල කන්නි මීහරක් හැත්ත කුල්ල කුජීත කළ හැකියි.

    ඩොලර් රේට් එක නිසා Foreign remittances අඩු වීම නිසාම මේ දවස් වල ලාවට වැඩේ වෙලා තියෙන්නේ, මේක තවත් ශක්තිමත් කළ යුතුයි. රටේ කේන්ද්‍රීය පාලන කටයුතු වලට බලපාන වැදගත් තනතුරු වලට ආණ්ඩුවේ පත් කිරීම් සම්බන්ධව පොදුවේ ප්‍රශ්න තිබුණත්, මට පෞද්ගලිකව මේ Chancellor කුලපති පත්වීම සම්බන්ධව විරෝධයක් නැහැ. ඒ කාලේ වගෙම දැනටත් මම දන්නා තරමින් ලංකාවේ සරසවියක පාලන කටයුතු කරන්නේ උපකුලපති (VC - Vice Chancellor) විසින්. උපකුලපති VC සේ නුසුදුස්සෙක් පත් කළේනම් එහි ප්‍රශ්නයක් තිබෙනවා. කෙසේ හෝ මෙම තනතුර සම්බන්ධයෙන් ගත්තමත් ඊට යම් විරෝධයක් තිබෙන කෙනෙක් සාමකාමී ලෙස විරෝධය දැක්වුවත් එහි වෙනසක් නැහැ. එය එසේ කරන අයගේ පෞද්ගලික තේරීමක්. අවශ්‍ය අයෙකු සාමකාමී ආකාරයකින් විරෝධය දැක්වීම මෙන්ම වෙනත් අය එසේ විරෝධය දැක්වීම පිළිබඳව සාමකාමී විරෝධය දැක්වීමද හොඳ දෙයක්, එයින් පෙනෙන්නේ ලංකාවේ කටයුතු සිදුවන පිළිවෙළ ගැන කැමැත්තක් නැති අයට විරෝධය දැක්වීමේ අවස්ථාව ලංකාවේ සමාජය තුළ තිබෙනවා කියන එකයි. එය තමයි භාෂණයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතීන්, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස නොවේ. ට' සිරිලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාවේ "සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය' කියල ලියල තියෙන්නේ පුරවැසියන් ලෙස අපට අයිතියක් ඇති බවත්, එය ආරක්ෂා කරගනිමින් ඉදිරියට පවත්වාගෙන යෑම අපගේ වගකීමක් බවත් අප නිහඬව අපේ අයිතීන් යටපත් කිරීමට ඉඩදෙන්නේ නම්, ඔවුන් තැළෙන යකඩය උඩ පැන පැන තැළීම අනිවාර්ය නිසා බවත්. මිනිස් ස්වභාවය වෙනස් කරන්න බැහැ. ඒ වගේම මෙය සාධනීය දෙයක්. ලෝකය ඉදිරියට යන්නේ අනෙක් අයට වඩා හොඳින් යමක් කරන්න බොහෝ දෙනෙකු විසින් දරන උත්සාහය තුළයි. මෙහි තිබෙන සීමාව වන්නේ තමන් හොඳටම කරනවා කියා සිතන අය එසේ නොකරන විට ඔවුන්ට ඒ බව තේරුම් ගැනීමට ඉඩ සලසන යාන්ත්‍රණයක් අවශ්‍ය වීමයි.

    ReplyDelete
  11. මෙහෙමයි වැඩේ මාතා, ඔය රාජපක්ෂ මුවහමට තඩිබාන එක හරිම sexy නෙව. ඒ පවුලේ මහජන මුදල් කාබාසිනියා කරමින් කරන අමන වැඩ, ගසා කෑම්, උන් කරන තක්කඩි වැඩ කිසිම දෙයක් අපි අනුමත කරන්නේ නෑ. ඒත් බොහොමයක් බලවත් පවුල් ඔහොම තමයි. උන් අපි කිව්වට උන්ගේ ආතල් නවත්තන්නෙ නෑ. උන්ට ඕනෑ බම්බුවක් ගහගන්න කියලා අපිට කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඇත්තටම ලංකාවේ ඇතැම් තරුණයන්ට කර තිබෙන ලොකුම වින්නැහිය නම් අනුන්ගේ කෙහෙල්මල් ජීවිත කෙරෙහි ඔවුන් ඉරිසියාකාරයන් කර තිබීමයි. තම ජීවිතයේ හොඳම කාලය තමන්ගේ අනාගතය වෙනුවෙන් කැපකරනවා වෙනුවට බොහෝ තරුණ තරුණියන් කරන්නේ රාජපක්ෂ පුතුන් හෝ එවැනි කිහිප දෙනෙකුගේ ජීවිත දෙස බලමින් හූල්ලමින් කාලය නාස්ති කරමින් සිටීමයි.

    දැනට වයස තිස් ගණන් වල සිටින මගේ පෞද්ගලික අත්දැකීම් තුලින් මට කියන්න තියෙන්නේ තරුණ කාලයේ කළ යුත්තේ තමා කෙරෙහි හැකි උපරිමයෙන් ආයෝජනය කර ගැනීමයි. එනම් හැකිතරම් දැනුමෙන් කුසලතාවයෙන් සහ වෘත්තීය අත්දැකීම්වලින් තමන්ව පෝෂණය කරගැනීමයි. ඒවායේ වැදගත්කම එන්නේ පසුවටයි. එතකොට තමයි සමාජයට අලුත් වටිනාකමක් දෙන්න පුළුවන් වෙන්නේ. තරුණ කාලයේ හැකි උපරිමයෙන් ව්‍යවසායකත්වයට යොමුවිය යුතුය. නිර්මාණශීලී නව්‍ය සහ පෙරළිකාර අදහස් එන තරුණ වයසේ කළ යුත්තේ ඒවා අත්හදා බලමින් සාර්ථක ව්‍යවසායයන්/ ව්‍යාපාර ආරම්භ කර දියුණු කිරීමය. ඒවා අසාර්ථක වුවත් ඒ ලබන අත්දැකීම් ජීවිතයට අතිශය වැදගත් වන්නේ පසුවටයි.

    මීට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට ලංකාවේ බොහෝ සමාජ ජාල වල විශාල වශයෙන් කාලය ගත කරන තරුණයන් කරන්නේ වෙනත් කාගේ හෝ ජීවිතයක් දෙස බලාගෙන වෛරයෙන් දැවෙමින් කාලය නාස්ති කිරීමයි. සමහර තරුණයන්ට තියෙන රස්සාවෙන් හෝ කරන ව්‍යාපාරයෙන් පවා තෘප්තියක් ලබන්න බැරි වෙන්නේ ඔය අනුන්ගේ ජීවිත දිහා බලාගෙන ඉන්න නිසයි. තරුණයන් මේ සඳහා පොළඹවන්නේ කවුද? ඒ බොහෝ විට ඇතැම් දේශපාලන පක්ෂ වල ක්‍රියාකාරීන්. ඔබ හොඳට බලන්න ඔය අනුන්ගේ ජීවිත පෙන්වමින් තරුණයන්ට ඒ කෙරෙහි ද්වේශය ඇති කරවන අය එක්කෝ fake account එකක්. නැත්නම් සැපට ජීවත්වෙන ජවිපෙ හෝ වෙනත් ඒ හා සමාන විපක්ෂ කණ්ඩායම් වල අය. ඔවුන් මේ කරන්නේ ලංකාවේ තරුණයන් ස්වෝත්සාහයෙන් නැගී සිට සාර්ථක වීම වැළැක්වීම නොවේද? අනුන්ගේ සැප පෙන්වමින් එයට ඉරිසියා කිරීමට පොළඹවන්නේ ඔබව දුර්මුඛ කර වෛරීසහගත නපුරු කෝපාවිෂ්ට පුද්ගලයෙකු නිර්මාණය කිරීමටයි. කවදාවත් ඔවුන් තරුණයන්ට පෙන්වනවද අලුත් දෙයක්? කවදාවත් ඔවුන් පෙන්වනවාද උත්සාහයෙන් දියුණු වූ තරුණයන්? කවදාවත් ඔවුන් තරුණයන් අභිප්‍රේරණය (motivational stuff) කරනවද? නැහැ. තරුණයන්ට දෙන්නෙම සෘණාත්මක සිතුවිලි. තරුණයන් හැඟීම්බර නිසා මේවාට අහුකරගන්න ලේසියි. ජවිපෙ වැනි සමාජවාදී ආගමික අන්තවාදීන් හැමදාම කරන්නේ මේකයි. නමුත් තරුණයන්ට හිතුවොත් කරන්න කොච්චර දේවල් තියෙනවද? ඒවා නොකර කොහෙවත් ඉන්න බොරු සෝබන ජීවිත දිහා බලාගෙන ජීවිතයේ හොඳම කාලය නාස්ති කරගන්නවා.

    දැනට සාර්ථකව ව්‍යාපාර කිහිපයක් කරගෙන යන මගේ අත්දැකීම් අනුව කියන්න තියෙන්නේ දැන්වත් ඔය මුලාවෙන් මිදෙන්න. උත්සාහයෙන් නැගී සිටින්න. තමන්ගේ දෛවය තමන්ගේ අතට ගන්න. මහන්සි වෙන්න. රෑ නිදිමරාගෙන වැඩකරන්න. සල්ලි හම්බ කරන්න. ඉතුරු කරන්න. හැකි සෑම විටම අනුන්ට උදව් කරන්න. සමාජ ගැටලු විසඳන සමාජ ව්‍යවසායකයෙක් වෙන්න. තමන්ගේ ජීවිතයේ එන අභියෝගවලට අනුන්ට බැන බැන ඉන්නේ නැතුව ආත්ම විශ්වාසයෙන් මුහුණ දෙන්න ඔබට පුළුවන් විශ්වාසය ශක්තිය ගොඩ නගා ගැනීමට අවශ්‍යයි.

    ReplyDelete
  12. කැළණීයට තේරුණා හැබැයි ගියේ නෑ. හෙතු දෙකක් තිබුනා. එකක් ගෙදර ආර්තික ප්‍රශ්නෙ. කැම්පස් යනවට වැඩිය රස්සාවක් කරලා ගෙදරට කීයක් හරි දෙන එක වැදගත් වුනා. අනික රැග් එකට තියන අකමැත්ත. මට කොහොමත එහෙම වද දෙනකොට ඉවසන් ඉන්න පුරුද්දක් නෑ. රිටර්න් එක දුන්නම කොහොමත් ආයෙ ඔතන ඉන්නත් බෑ. පස්සෙ රස්සාව හොඳටම කරලා ඒකෙන් ඉහලට ගිහින් සල්ලි කියන්නෙ ප්‍රශ්ණයක් නෙමේ වුන කාලෙක පිටරට විවියකින් උපාදිය ගත්තා. උපාදි ප්‍රදානෝත්සවය පෙබරවාරි.

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය කියන්නේ වර්තමානයට මිලි තප්පරයකට කලින් සිට මේ විශ්වය හටගත්තා යැයි සැලකෙන කාලයකට දිවයන කාලයයී... එතකොට මේවට සාධක ලේඛන , නටඹුන්, සිද්ධීන් , පුරාවෘත,කට කතා , තුලින් වර්ථමානය දක්වා එනවා...ලෝක යුද්ධ , ආගමික යුද්ධ, සිවිල් යුද්ධ ,පාරිසරික විනාශ දස දහස් ගනනක් තුල මේවා අනිවාර්යයෙන්ම 90% ක්ම වෙනස් වෙන්න පුලුවන්.

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  13. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක පත් කර තිබේ. ජනපති ගෝටාභය රාජපක්‍ෂ විසින් මෙම පත් කිරිම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක පවසයි.

    මහාචාර්ය උදිත් ජයසිංහ මෙතෙක් එම අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කරනු ලැබීය.

    ඔහු ඊයේ දිනයේ මාධ්‍ය වෙත කියා සිටියේ ඉදිරි ආහාර හිගයකදී අත්‍යවශ්‍යම අයට ආහාර දී අනෙක් අයට සීමා කරන බවයි.

    මේ අතර ජනවාරි මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනුෂ පැල්පිට පත් කර ඇත.

    ReplyDelete
  14. ගල හොඳ නම් අඹරන කහ මක් වේද...
    මව හොඳනම් දුව පතිවත නොරකීද.....

    ReplyDelete
  15. මාතලන් සුන්දර් පිචෙයි ගැන දන්නෙ මොනවද?

    2019 වර්ශයේ ගූග්ල් මව් සමාගම ගූග්ල් CEO වෙච්ච සුන්දර් පිචෛ sundar pichai ට ඒ වර්ෂයේ ඇමෙරිකානු CEO කෙනෙකුට ගෙවපු වැඩිම මූදල ගෙවනවා. ඒ වර්ෂයට ඩොලර් මිලියන 281 ක් පමණ, ඔහුට පල්ලෙහා හිටපූ Robert A Swan ට ගෙවා තිබුනෙ ඩොලර් මිලියන 67 පමණයි.

    ඉතින් ඇත්තටම ඇයි මේ දකුණු ඉන්දියාවේ ඉදලා ආපූ එච්චර ලස්සන නැති කළු මනුස්සයට මෙච්චර ගාණක් ගෙවලා ගූග්ල් ආයතනය ඔහුව තියාගෙන ඉන්නෙ?

    සුන්දර් පිචෙයි උපදින්නෙ දකුණු ඉන්දියාවේ මධ්‍යම පාන්තික පවුලක, දුෂ්කර ජිවිතයක් තමයි කුඩා අවදියේ සුන්දර් පිචෙයි ගත කෙරුවෙ TV, Refrigerator, Telephone වගේ දෙවල් ඔවුනට තිබුණේ නෑ තාත්තා ජුනියර් ඉලෙක්ට්‍රික් ඉන්ජිනේරු තාක්ෂණිකයකු වූ අතර මව ටයිප් රයිටර් ඔපරේටර්වරියක් . කාමර දෙකක කුඩා නිවසක ජිවත් වුනු ඔවුන් එයිනුත් එක කාමරයක් කුලියට දිලා තිබුනෙ . කුඩා අවදියේ සිටම ඔහුට තිබුනා තාක්ෂණික දෙවල් පිලිබදව නොනිමි ආශාවක් වගේම උග්‍ර කුතුහලයක්

    ඔහූට දක්නට ලැබෙනවා ඔවුන්ගෙ ගෙදරට ෆ්‍රිජ් එකක් ගෙනාවට පස්සේ නිතරම කුස්සියේ ඉන්න මව කලින්ට වඩා කුස්සියේ ඉන්න කාලය අඩූ උනා කියලා, ඒ වගේම ටෙලිෆෝන් එකක් ගෙනාවට පස්සේ ගමෙ හැමොම ඔහූගෙ ගෙදරට ආපූ හැටි. ඉතින් සුන්දර් පිචෙයිට තෙරෙනවා තාක්ෂණයට කාලය ඉතුරු කරන්න වගේම වැඩ පහසු කරන්නත් ලෙසියෙන් පුලුවන් කියලා .

    ඔහූ ඉහල IQ level එකක් තිබුන කෙනෙක් ඉන්දියාවේ ඉන්දීය තාක්ෂණික ආයතනය IIT කියන ඉන්දීය හොඳම තාක්ෂණික යුනිවර්සිටි ජාලයේ අංක එකෙ ශිෂ්‍යයෙක් වෙනවා වගේම ඔහූට ඇමෙරිකාවේ ස්ටැන්ම්ෆර්ඩ් යූනිවර්සිටි එකට යන්න ශිෂ්‍යත්වයක් ලැබෙනවා. පියාගෙන් පඩියෙන් ලබා ගත් ඇඩ්වාන්ස් මුදලකින් තමයි ඔහු ඇමෙරිකාවේ යන්නේ .

    එහි අධ්‍යාපනය අවසන් විමෙන් පසුව මැටිරියල් ඉන්ජිනේරුවකු ලෙස මැනෙජ්මන්ට් කන්සල්ට්ටන් ආයතනයක් වූ McKincy & Company කියන ආයතනයට මුලින්ම සම්බන්ධ වෙනවා.

    2004 දි product manager & developer කියන තනතුරට ඔහු ගුගල් ආයතනයට සම්බන්ධ වෙනවා . ඔහූ ගුගල් සමග වැඩ කරද්දී ඔහුට පෞද්ගලිකව මුහුණ දෙන්න උනු සිදුවිම් පොදුවේ කාටත් මුහුණ දෙන්න වෙන සිදුවිම් ලෙස අරගෙන එවට විසදුම් විදිහට අපූරු දෙවල් නිර්මාණය කරලා තියෙනවා .

    උදාහරණයක් විදිහට ඔහුගේ බිරිඳ එක්තරා පාර්ටි එකකට යනවා. ඔහුට වැඩ අහවර වෙලා එන්න කියලා තමයි බිරිඳ පාර්ටි එකට යන්නේ .ඉතින් ඇමෙරිකාවට අලුත් වුනු සුන්දර් පිචෙයිට ස්ථානය හොයාගන්න ඉතාමත් අපහසු වෙනවා වගේම ඔහූ එතෙන්ට යද්දි පාර්ටි එක ඉවර වෙලා. පසුවෙනිදා බිරිදගෙන් බැනුම් කොටියයි.

    ඉතින් මේ ප්‍රශ්නෙට අපූරු උත්තරයක් ඔහු කල්පනා කෙරුවා. එහෙම තමයි 2005 දි ගුගල් මැප් එක ලොන්ච් වෙන්නේ. 2008 දි එක මුලු ලොකෙටම ව්‍යප්ත වෙනවා.

    මේ ආකාරයට ඔහූ මුහුණ දුන්න ගැටලු පොදු ගැටලු විදිහට අරගෙන, ගුගල් ට්‍රාන්ස්ලෙටර් විශේෂයෙන් ගූග්ල් ට්‍රාන්ස්ලේටර් නිපදවන්නේ ඔහූ චීනෙට ගියපු වෙලාවෙදි මුහුණ දුන්න භාෂා ප්‍රශ්නයක් හින්දා. සංනිවේදන අපහසුතාවට පිලියමක් ලෙස ඔහූ ගුගල් ට්‍රාන්ස්ලෙටර් හදුන්වා දෙනවා.

    2008 දි ඔහුට කල්පනා වෙන ප්‍රශ්නයක් තමයි ගුගල් ආයතනයට මයික්‍රොසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක හරහා අන්තර්ජාලයට යන්න සීදුවිම. ඉතින් එතනදී තමයි ගූග්ල් ක්රෝම් එක පිලිබදව අදහස සූන්දර් පිචෙයි ගෙන එන්නෙ, සර්ච් නම් ගූග්ල් කියන තැනට මෙක ගෙන ආවෙ සූන්දර් පිචෙයි. යූටියුබ් කිඩ්ස් ගෙන එන්නෙත් ඔහු යටතෙ වැඩ කරපු කෙනෙක් කියපු දරුවන් යුටියුබ් එකෙ අනවශ්‍ය දෙවල් බලනවා කියපු එක හින්දා, සිය දියණිය මල් වර්ග කිපයක් පෙන්නලා එවගෙ නම් ඔහුගෙන් විමසනවා. නමුත් ඔහුට උත්තර දෙන්න හැකියාවක් තිබුනෙ නැ. ඔහූ එතනදී ගුගල් ලෙන්ස් කියන ප්‍රඩක්ට් එක හදුන්වා දෙනවා.

    2008 දි ඔහු ගූග්ල් එකේ වයිස් ප්‍රසිඩන්ට් වෙනවා. 2012 දි සීනියර් වයිස් ප්‍රසිඩන්ට් වෙනවා. 2014 දි Product Chief බවට ඔහූ පත් වෙනවා. එතකොට ඔහූට ඉහළින් හිටියේ CEO සහ Owners ලා විතරයි .

    2015 දි ගුගල් අයතනයෙ මව් සමාගම වෙන ඇල්ඵබට් ආයතනය තමන්ගේ ආයතන ස්ට්‍රක්චර් එක වෙනස් කරලා ගුගල් ආයතනයෙ CEO බවට සූන්දර් පිචෙයි පත් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔහුගේ තිබුන සාමාන්‍ය ප්‍රශ්න වලට පිලිතුරු සෙවිමේ හැකියාව ලීඩර් කෙනෙක් විදිහට අනිත් අයට ඇහුම්කන් දීම ආනාගතය දැකීම වැනි ගුණාංග නිසා ගූග්ල් ආයතනය අද තියෙන තැනට ගෙන එන්න ඔහුට පුලුවන් වෙලා තියෙනවා.

      2019 දි ඔහුගේ මේ සුවිශේෂී හැකියාවන් නිසාම ගුගල් මව් ආයතනයෙ CEO තනතුර එහි අයිතිකරුවන් විසින් ඔහුට ලබා දෙනවා. ශෙයා හොල්ඩර්ස්ලා විදිහට විතරක් ඔවුන් සිටිනවා .

      එකතරා අවස්ථාවක BBC ආයතනය සුන්දර් පිචෙයිගෙන් ප්‍රශ්නයක් අහනවා ඔයාලගෙ ආයතනය මොකක්ද කියලා, සර්ච් ආයතනයක් ද, ඇප් හදන එකක්ද, AI company එකක්ද ඇඩ්වටයිසින් ෆර්ම් එකක්ද මොකක්ද කියලා ඒකට සුන්දර් පිචෙයි උත්තරයක් දෙනවා අපූරුවට;

      "ඔය එකක් වත් නෙවෙයි"

      "අපි කරන්නේ මිනිස්සුන්ගේ ජීවිත යහපත් අතට වෙනස් කරන එක, ඇප්ස් ප්‍රඩක්ට් හදලා මිනිස්සුන්ගෙ ජිවිත ලෙසි කරන එක "

      - ඒ සුන්දර් පිචෙයි

      මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න බලන්න.

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  16. ලංකාවේ තියෙන අනෙක් ලොකුම අවුල තමයි දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් දේශපාලනය නොකිරීම, ජනතාවගේ කැමැත්තෙන් පාලකයන් පැමිණිය යුතුයි. දැන් දෙසීය විසිපහම එපා කියලා කියන්නේ ජනතාව දේශපාලනිකව සවිඥානික නොවීම නිසයි. ගමේ ශාඛා සමිති හදාගෙන බිම් මට්ටමේ දේශපාලනය කරන්නේ නැහැ. ලංකාවේ දේශපාලනය හදන්න නම් ඒකට දේශපාලනිකව දැනුවත් ජනතාවක් අවශ්‍යයයි. ඒ අය ඉන්නේ ඉස්කෝල ඇතුළෙ. විශ්ව විද්‍යාල ඇතුළෙ. මේ අය දේශපාලනිකව දැනුවත් කිරීම අවශ්‍යයි.

    ලංකාවේ ආර්ථිකයේ ඇති විදේශ විනිමය අර්බුදය ලිහා ගැනීමට මරිජුවානා වීඩ් වගා කිරීම සහ මරිජුවානා ශාකයෙන් වැඩ ගැනීම පිළිබඳව ඉතා සාර්ථක කතිකාවක් මේ වනවිට සමාජය පුරා පැතිරෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ කිහිප වතාවක්ම මරිජුවානා නීතිගත කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අතර දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමිය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි විදේශ රටවලට අපනයනය සඳහා පමණක් මරිජුවානා නීති සංශෝධනය කරන බව පැවසීය. අන්තර්ජාතික මරිජුවානා පුනර්ජීවනය සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකාව අවධානය යොමුකළ යුතු පැතිකඩ කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ වර්තමානයේදී මරිජුවානා බහුකාර්ය කෘෂිකාර්මික බෝගයක් ලෙස ලොව පුරා දියුණු රටවල මරිජුවානා වගා කර එයින් ලබාගන්නා ඇට, මැලියම, පොතු, කඳ සහ මුල් භාවිත කර ආහාර, ආහාරමය තෙල්, ඖෂධ, රෙදිපිළි, ලණු, කඹ, ගොඩනැගිලි ද්‍රව්‍ය, සත්ත්ව ආහාර, කඩදාසි, ප්ලාස්ටික්, ආස්වාදය සපයන දුම්වැටි, බියර්, වයින් ආදිය මෙන්ම ඉන්ධන ද නිෂ්පාදනය කරන අතරම චීනය, ජපානය, කොරියාව, ඉන්දියාව, ඊශ්‍රායලය, ජර්මනිය, ඉතාලිය, චෙකොස්ලෝවැකියාව, හංගේරියාව, ප්‍රංශය, එංගලන්තය, උරුගුවේ, ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ නෙදර්ලන්තය වැනි රටවල් රැසක් මරිජුවානා ශාකයෙන් දැවැන්ත වාසි ලබන බැවින්.

    ලොව දියුණුම අර්ථික ඇති රටවලට භූමි සහ පාරිසරික තත්ත්ව අවශ්‍ය තරම් නැති නිසා සමකය අසල ඇති අප්‍රිකානු සහ ආසියානු රටවල් සමග සමබන්ධ වී අවශ්‍ය මරිජුවානා වගා කර ගනියි. උදාහරණයක් ලෙස ඉන්දියාවේ රාජ්‍ය මරිජුවානා නිෂ්පාදන ආයතනය කටයුතු කරන්නේ ජර්මනිය සමගය. ලංකාව ගත්විට මේ වනවිටත් ඊශ්‍රායලය, කැනඩාව, ඇමරිකාව, ජපානය වැනි රටවල් රැසක් ලංකාව සමග මරිජුවානා වගා කිරීමේ ව්‍යාපෘති සඳහා සම්බන්ධ වීමට කැමැත්තෙන් සාකච්ඡා පවත්වන අතර මරිජුවානා භාවිත කළ හැකි දේශීය කර්මාන්ත ලෙස ලංකාවේ තිබෙන ප්‍රධාන කර්මාන්ත වන නිමි ආහාර, ආහාරමය තෙල්, ඖෂධ, ලණු, කඹ, ගොඩනැගිලි ද්‍රව්‍ය, සත්ත්ව ආහාර, කඩදාසි, ආස්වාදය සපයන දුම්වැටි, බියර්, වයින් ආදිය නිෂ්පාදනය කරන ආයතනවලට මරිජුවානා ශාකයේ අමුද්‍රව්‍ය ඉතාම පහසුවෙන් භාවිත කළ හැකිය.

    නමුත් මරිජුවානා වලින් නූල් විවීම, සී බී ඩී තෙල් නිස්සාරණය, ප්ලාස්ටික් සහ ඉන්ධන නිෂ්පාදනය සඳහා අවශ්‍ය කර්මාන්ත ශාලා සහ තාක්ෂණය තවම ලංකාව සතුව නැතත් ලංකාවේ දැනට තිබෙන සියලු නිමි ආහාර නිෂ්පාදකයන්ට මරිජුවානා ඇටවලින් ලබා ගන්නා පිටි සහ තෙල් භාවිත කළ හැකිය.

    මරිජුවානා ශාකයෙන් ලබා ගන්නා සී බී ඩී නමැති ඖෂධීය රසායනය අතිරේක පෝෂක පදාර්ථයක් ලෙස එකතු කළ හැකිය. කඩදාසි නිෂ්පාදනය කරන ආයතනවලට අවශ්‍ය වන සෙලියුලෝස් සහිත තලපය මරිජුවානා ශාකයේ තන්තුවලින් සාදා ගත හැකිය.

    ReplyDelete
    Replies
    1. දැනට පිළිකාකාරක දුම්කොළවලින් දුම්වැටි සාදන ආයතනවලට මරිජුවානා මල් සහ පත්‍ර ආධාරයෙන් සෞඛ්‍යට හානි නොකරන, ඖෂධීය ගුණ ඇති, ආනන්දය සහ ආස්වාදය ලබාදෙන දුම්වැටි නිෂ්පාදනය කළ හැකිය. මේ සඳහා දුම්කොළ වගා කිරීම ක්‍රමයෙන් අඩුකර ඒ වෙනුවට ඖෂධීය මරිජුවානා දුම්වැටි සෑදීම සඳහා සුදුසු මරිජුවානා ප්‍රබේද වගා කළ යුතුය. මද්‍යසාර නිෂ්පාදනය කරන ආයතනවලට අවශ්‍ය ආනයනික එතනෝල් වෙනුවට මරිජුවානා ඇට පැසවීමට ලක් කර ලබා ගන්නා එතනෝල් භාවිත කළ හැකිය. එමගින් අපට අවශ්‍ය එතනෝල්වලින් කොටසක් හෝ නිපදවා ගත හැකි වනු ඇත.

      මරිජුවානා වල ඉතාමත් ජනප්‍රිය නිශ්පාදනයක් ලෙස මේ වන විට ලොව පුරා පැතිර යන නවතම තේ පානය බවට පත් වී ඇත්තේ මරිජුවානා තේ බැවින් තේ සඳහා සුදුසු මරිජුවානා ප්‍රභේද වගා කිරීම ආරම්භ කළ යුතුය. ප්ලාස්ටික් නිසා සිදු වී ඇති පාරිසරික ගැටලු නවතා දැමීමට ලෝකයේ දියුණුම රටවල් මේ වනවිට භාවිත කරන විකල්පය වන්නේ මරිජුවානා තන්තුවලින් ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන ආයතනවලට මරිජුවානා ඇට සහ ඇටවලින් තෙල් හිඳගත් පසු ඉතිරි පුන්නක්කු භාවිත කළ හැකිය. මරිජුවානා ශාකයේ ශක්තිමත් අරටුව කුඩා කොටස්වලට කඩා හුනු සමග මිශ්‍රකර බ්ලොක්ගල් නිෂ්පාදනය කළ හැකිය. මේ සඳහා සිමෙන්ති හෝ වැලි අවශ්‍ය නොවන බැවින් පරිසර හිතකාමි ඉතා ලාබදායි ක්‍රමයකි.

      මරිජුවානා අරටු කැබැලිවලින් තුනී ලෑලි සහ ප්ලයිවුඩ් වැනි දැව තහඩු නිර්මාණය කළ හැකිය. තුනී ලෑලි සංස්ථාවේ මේ සඳහා අවශ්‍ය තාක්ෂණය සහ උපකරණ ඇත. දේශීය සහ බටහිර ඖෂධ නිෂ්පාදනය කරන ආයතනවලට මරිජුවානා මල් කිනිති, මුල් සහ කොළ භාවිත කර ඖෂධ නිෂ්පාදනය ආරම්භ කළ හැකිය. දැනට ලංකාවේ තිබෙන කර්මාන්ත රැසකට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ලබා දීමට මරිජුවානා ශාකයට හැකි බව ඉහත කරුණුවලින් පෙනී යයි. මරිජුවානා වගා කර එයින් ලබා ගත හැකි අමුද්‍රව්‍ය භාවිතය ආරම්භ කිරීම තුළින් පිටරටට ඇදී යන දැවන්ත මුදල් සම්භාරයක් ඉතිරි කර ගත හැකිය. ලෝකයේ දියුණුම රටවලත් මේ වනවිට නීති සකස් කරගෙන විපුල ප්‍රයෝජන ගන්නේ සියලුම කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා දීමට මරිජුවානා ශාකයට හැකි බැවිණි.

      බ්‍රිතාන්‍යන් ලංකාවේ මරිජුවානා තහනම් කිරීමෙන් පසුව මේ හා සම්බන්ධ දේශීය පාරම්පරික දැනුම සහ ක්‍රමවේද ගිලිහුනු අතර අවසානයේදී අසත්‍යයම විශ්වාස කරමින් මරිජුවානා ශාකයට ගරහන ජනසමාජයක් බිහි විය. මේ සමගම මරිජුවානා වගාවේ මූලික න්‍යාය වූ විවිධ ප්‍රබේද වෙන් වෙන්ව වගා කිරීමද නතර විය. ඒ සමග උස සහ මිටි ප්‍රබේද එකම වගා බිමකට සීමා විය. මේ අතර ඇති වූ ජාන මුහුම් වීම නිසා විවිධ මරිජුවානා ප්‍රබේද 20ක් පමණ බිහි වී ඇති බව අධ්‍යනවලින් හෙළි විය. ඉතා උස සහ මිටි අතර පරාසයක මරිජුවානා ප්‍රබේද ඇති බවත් ඒවායෙහි පුෂ්ප මංජරියේ ස්වභාවයෙන් විවිධ ප්‍රබේද හඳුනාගත හැකි බවත් විවිධ ප්‍රබේදවලට අනුකූල වූ ආනන්දයක් සහ ආශ්වාදයක් ඇති බවත් පොදු ජන විස්වාසයයි.

      Delete
    2. ලංකාවේ විස්වාස අනුව වැඩිපුරම මරිජුවානා ප්‍රබේද තිබෙන්නේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ, හේතුව ඔවුන්ගේ වගාබිම්වලදී පිරිමි ගස් ඉවත් නොකිරීම. තව ඔක්කම්පිටිය, තණමල්විල, තිස්සමහාරාමය සහ මහියංගණය වැනි ප්‍රදේශවලට ද ආවේණික ප්‍රබේද ඇති බව දැනගන්නට ඇත. සිටුවා දින 45ක් පමණ කාලයක් ගතවන විට විවිධ ප්‍රබේද අතර ඇති වෙනස්කම් දැකිය හැකි.

      මේ වන විට ඇතිවී ඇති කාබනික වගාවේ ආරම්භය සමග මරිජුවානා ශාකයට ආවේණික රසායනවලට කෘමීන් සහ ක්ෂුද්‍රජීවින් විකර්ෂණය කළ හැකි බැවින් වෙනත් බෝගවලට මෙන් මරිජුවානා ශාකයට කෘමී හෝ දිලීර හානි සිදු වන්නේ නැත. එබැවින් මරිජුවානා වගාවට කෘමි නාශක සහ දිලීර නාශක අවශ්‍ය වන්නේ නැත. මරිජුවානා ශාකය වේගයෙන් වැඩෙන නිසා වල් පැළෑටි පරදා වර්ධනය වෙයි. එබැවින් මරිජුවානා වගාවකට වල් නාශක අවශ්‍ය වන්නේද නැත.

      මේ සාකච්ඡාවත් බලන්න;

      https://www.youtube.com/watch?v=3q3QWKTAxwI

      ලංකාවේ රජය විසින් මීට එරෙහිව කළ යුතු දේ නම් මේ වනවිට මරිජුවානා ශාකයෙන් වැඩ ගන්නා දියුණු රටවල් ඒ ඒ කර්මාන්ත සඳහා අවශ්‍ය මරිජුවානා ප්‍රභේද වෙන් වෙන් වශයෙන් වගා කරන බැවින් ලෝකයේ දියුණුම රටවල් ලංකාව සමග එකතු වී මරිජුවානා වගා කිරීමට බලාපොරොත්තු වෙන අතර එහිදී සිදුවන්නේ ඔවුන් ගෙන එන ප්‍රභේද ලංකාව තුළ ඇති ඉඩම්වල වගා කර අස්වැන්නේ අවශ්‍ය කොටස් රැගෙන යාමයි. සමකය අසළ තිබෙන ලංකාව අතීතයේ සිට පෘථිවි සමාජයේ ගෞරවයට සහ ආදරයට පාත්‍ර වූයේ ලංකාවේ තිබූ ස්වාභාවික සම්පත්වලට තිබූ ඉල්ලුම නිසා, වසර පුරා දිනකට පැය දොළහක් සූර්යා ලෝකය ලැබෙන, මෝසම් සුළං දෙකකින් වැහි ලැබෙන, ඉතා වටිනා ජල පෝෂක කඳුකරයකින් යුක්ත සහ ගංගා ඇළ දොළ සපිරි මෙම භූමිය ලබා ඇති කීර්තිය තව දුරටත් වැඩි කිරීමටත් ආර්ථික අවපාතයෙන් ගොඩ එන්නටත් ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍ය මරිජුවානා සැපයුම ලබා දීමෙන් හැකිය. ලෝකවෙ දැන්වට නීත්‍යානුකූල මරිජුවානා වෙළඳපොළ 2020 වසරේදී පමනක් ඩොලර් බිලියන් 21 ක් පමන වන අත්‍ර මෙමෙ වෙළඳපොළින් ඩොලර් බිලියන් 2.5 - 3 ක් වත් අල්ලා ගැනීම අප උපරිම උත්සාහ දැරිය යුතු අතර ඩොලර් බිලියන 4ක් වත් අපනයනය කල හැකි නම් එය ලංකාවේ විදෙස් විනිමය හිඟයට මහත් සහනයක් වෙනු නොඅනුමානය.

      Delete
    3. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  17. මාතා,

    ලංකාවේ මිනිස්සුන්ට මීට වඩා ගොඩක් බරපතල ප්‍රශ්ණයක් තියෙනවා, ඒ තමයි ලංකාවේ මිනිස්සුන්ට නැත්තෙම මූලික ආර්ථික සහ මූල්‍ය කළමනාකරණ දැනුම. සසම්භාවී විදියට ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකු ගත්තාම අඩුම ගානෙ මේ වෙද්දි රට තියෙන්නෙ කොතනද කියලවත් තේරුම් ගන්න පුලුවන් මානසිකත්වයක් නෑ. රට කොච්චර ණයද ඒ ණය ගෙවන්නෙ කොහොමද උද්ධමන අනුපාතය කීයද මේ වගේ සරල ආර්ථික කාරණා ටික වත් ජනතාවට කියන එක ජන මාධ්‍යයයේ වගකීම ඒත් ඇත්තටම උන් ජනතාවට දෙන්නෙ අද ග්‍රහයො මොනව කරයිද කැලනියෙන් නයා මතුවේද අරූගෙ ගෑනි මුගෙ මිනිහ එක්ක ගිහින්ද රාවණා නැගිට්ටද රාජපක්‍ෂ කල්ලියේ චිචීගේ විගඩම්, තිසකුට්ටියාගේ/ අලගියවන්නගේ/ බන්දුලගේ/ අලුත්ගමගේ ගොන් කතා, අනුර කුමාරගේ නැව් බයිලා සහ හොරා පොලිස් ගොන් පාට්, රාජිතගේ නැව් බොරු සහ සජබ කල්ලියේ ගොන් ආතල් ඔන්න ඔය වගේ වල්පල් විකාර...

    දැනට ලංකාවේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා විදේශ මුදල් සංචිත හිඟවීම සමගම බොහෝ දේශීය සමාගම් වෙනත් රටවලට යාමට තීරණය කළ හැකි බවට ලංකා වාණිජ මණ්ඩලය අනතුරු හඟවා තිබුණා.

    “ලංකාව තුළ ව්‍යාපාර කිරීමේ පහසුව සඳහා තීරණාත්මක වන මෙම තත්ත්වයන් වැඩිදියුණු නොවන්නේ නම්, බොහෝ දේශීය සමාගම් තම ව්‍යාපාරික කටයුතු විදේශයන්හි ස්ථානගත කිරීමට කටයුතු කරනු ඇතැයි අපි කනස්සල්ලට පත්ව සිටිමු. එය සෘජු විදේශ ආයෝජන (FDI) රට තුළට ආකර්ෂණය කර ගැනීමේ අපගේ හැකියාව ද බරපතළ ලෙස සීමා කරනු ඇත. එබැවින්, ඍණාත්මක ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අපේක්ෂා කළ පරිදි සෞභාග්‍යය වෙත ළඟා වීම වෙනුවෙන් ශක්තිමත් පශ්චාත් වසංගත ප්‍රකෘතියක් සඳහා වන මාර්ගයට ශ්‍රී ලංකාව නැවත ගෙන යන ලෙසත් අපි රජයේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.”

    මෙය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන වාණිජ මණ්ඩලය සහ ඒ හා එකාබද්ධ තවත් මණ්ඩල 10ක් ප්‍රකාශ කළ කතාවයි.

    ගිය මාසේ 2021 නොවැම්බර් අවසන් වන විට ලංකාවෙ විදේශ සංචිත ඩොලර් බිලියන 1.5 දක්වා අඩුවීමත් සමග ව්‍යාපාරිකයන් දැඩි විදේශ විනිමය හිඟයකට මුහුණ දී සිටී. දැන් ඒක ඩොලර් බිලියන 1.1 ක් විතර දක්වා පහළ වැටිලා කියලත් කියනවා. විදේශ මුදල් නොමැතිකම සම්බන්ධයෙන් පවතින තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය ආනයන සඳහා මූල්‍යමය වශයෙන් විදේශ මුදල් ලබා ගැනීමේදී සාමාජික සමාගම් සහ පෞද්ගලික අංශය මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව රජයේ අවධානය යොමු කරන බව කියූවත් ඒක කරන්නේ කොහොමද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න