.

.

Jan 8, 2022

2022 හා රාජපක්ෂලාගේ වා නම් වා පෝ නම් පෝ හෙවත් Do or Die ගේම



ඝෝඨාගේ පමණක් නොව රාජපක්ෂලාගේ අනාගතයද තීරණය කරන වසර වෙන්නේ මේ වසරය.


ජෝතිෂය අනුව ගත්තද 2022 අප්‍රේල් අග දක්වා ආන්ඩුව භාහිර මෙන්ම අභ්‍යන්තර අර්බුධවලට මුහුණ දුන්නද, ඉන් අනතුරුව ගොඩ ඒමේ තත්වයක් පෙන්වන්නේය.


ජෝතිෂය පැත්තකින් තැබුවද, ඝෝඨාභය රාජපක්ෂ තදබල තීන්දූ තීරණ ගැනීමට තීරණය කිරීම රටේ මෙන්ම ජනතාවගේද වාසනාවය.


මිනිසුන්ට හෝ සත්වයින්ට පිලිකා සමඟ ජීවත්  වන්නට බැරිය. එක්කෝ සැර ඖෂධ ලබාදීමෙන් හෝ අධි බල ලේසර් ට්‍රීට්මන්ට් වලින් ඒවා පාලනය කළ යුතුය. නැතිනම් කපා ඉවත් කළ යුතුය.


මේ වසර ආරම්බ වන්නේ සුසිල් ප්‍රේමජයන්ත නම්, නම් ගොම්බාට කෙලීමෙන්ය. දැන් උකුස්සෝ ඉන්නේ පිස්සු වැටිලාය. ඕකුන්ට නාම යෝජනා දෙන්න එපා කියා අප කියපුවා ඇසුවා නම් සිරිසේනලාට අත් වන්නේ රනිල්ටත් එහා ඉරණමක්‍ය.


එහෙත් අප වැනි උන් කියන ඒවාට වඩා, පොලිටික්ස් දන්නවැයි කියන උස්තාද්ලා දුන් ලණු කෑ අය ඉතරක් නොව, එසේ දුන් උස්තාද්ලත් දැන් ඉන්නේ ගලේ රුන්න පූචෝ වගේය.


සංධාන ගැහුවා කියා උන්ට බයේ ඉන්නවාට වඩා, එකාධිපති බලයක් ඇති ජනාධිපතිවරයා මේ මොහොතේ ඩාන්ස් කළ යුත්තේ ලක්ෂ 69 පදයටත් නොව රටේ ජනතාවගේ පදේටය.


විමල් වීරවංශලා වගේ අය දන්නේ ආන්ඩු ගෙනයන්නට හෝ රකින්නට නොව, ආන්ඩුවලට විරුද්ධව වැඩ කරන්නටය. දුන්නු වැඩේ නොකර කන පතේ රෙන්නේ ඒ නිසාය.


ඝෝඨාට හා රාජපක්ෂලාට දැන් නැති වෙන්නට දෙයක් ඇත්තේ නැතිය. රට ජාතිය බේරා ගත් අප්පච්චිද අද විහිළුවක් වී අවසානය. දැන් නාමල් ඉදිරියට දැමිය යුතු කාළය පැමිණ ඇත. දැන් ඔවුන් කටයුතු කළ යුත්තේ, නැති වූ ජන ප්‍රසාදය නැවත ඇති කර ගැනීමටය.


ඒ වෙනුවෙන් එක එක හාල්පාරුවන්ගේ වෝනින් හා ඇඩ්වයිස් පස්සේ නොයා ජනතාවගේ හඬට කන් දිය යුතුය.


ජනතාව පමණක් නොව, ආන්ඩුවේ ඉහළම පිරිස් ඉන්නේද ඒ මතයන් වලය. ඒ මතයන් අනුව ක්‍රියා කිරීමට ඔවුන්ට ඇත්තේ මේ වසර පමණමය.


ආන්ඩුවට දැන් Play කිරීමට ඇත්තේ Do or Die ගේමක්‍ය. 


තම දෙවන ධූර කාළයේදී රනිල් ප්‍රමුඛ ආන්ඩුව එලවා දැමීමට චන්ද්‍රිකාට තිබූ කොන්ද දැන් රාජපක්ෂලාට තිබිය යුතුය. 


එසේ කලා කියා ශ්‍රීලනිපය වැටුනේ නැතිය. නැවතත් බලයට ආවේ ශ්‍රිලනිපයේ මහින්ද රාජපක්ෂ මිස රනිල් වික්‍රමසිංහ නොවේය. රනිල්ට කෙලවෙලාම ගියේ එදා සිටය.


ඒ නිසා ජනතා මතය කුමක්දැයි කියා ලියා තබා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.


⭕ ආන්ඩුවට විරුද්ධව එලියේ බයිලා ගසන ඕනැම එකෙක් එදිනම එලවා දැමිය යුතුය.


⭕ පට්ට ෆේල් සීනියෝ රොටි නාකි හුචක්කු කැබිනට් ඇමතිකම් වලින් ඉවත් කොට,  පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරුන්ට කැබිනට් හා රාජ්‍ය ඇමතිකම් ලබා දිය යුතුය. ඇමතිකම් තිබෙන්නේ බැකප් දමාගෙන හෝන් ගසාගෙන  රෝන්ග් සයිඩ් යෑමටවත් බයිලා ගැසීමටවත් නොව, ලලිත්, ගාමිනී, ජොනී, කාංචන, ප්‍රසන්න රණවීර වාගේ වැඩ කරන්නටය.


⭕ පට්ට ෆේල් අමාත්‍යංශ ලේකම්වරුන් හා සංස්ථා සභාපතිවරුන් සියල්ල එලවා දැමිය යුතුය.


⭕ කාබනික ගොවිතැනෙහි යෙදෙනා ගොවීන්ට පමණක් යම් සහනධාරයක් ලබා දී කෘෂිකර්මාන්තය පෞද්ගලීකරණය කළ යුතුය. ආන්ඩුව සහනාධාර දීමෙන් හා කළමණාකරනයෙන් සංපූර්ණයෙන් ඉවත් විය යුතුය. 


⭕ ඩොලරය පාවිමට ඉඩ හැරිය යුතුය.


⭕ ආනයන අපනයන වෙළඳාම ආන්ඩුව කරගෙන ගියද පෞද්ගලික අංශයේ වෙළදාම්වලට මැදිහත් වීමෙන් ඉවත් විය යුතුය.


⭕ පෞද්ගලික අංශයේ වෙළදාම් ක්ෂෙත්‍රයේ ඇති මොනෝපොලි බලපත්‍ර සිස්ටම් අහෝසි කොට ඕනෑම දේශීය හෝ විදේශීය ව්‍යවසායකුට ආනයන අපනයන වෙළදාමට අවසර ලබා දිය යුතුය.


⭕ සූර්‍ය බලයෙන් විදුලිය ලබා ගැනීමට ජනතාව උනන්දු කරලිය යුතු අතර. ඒ උපකරණ සියල්ල බද්දෙන් නිදහස් කරලිය යුතුය.


⭕ විදෙස් රැකියාවල නියුතු අයට තව තවත් වරප්‍රසාද ලබා දිය යුතුය.


⭕  පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ල පෞද්ගලීකරණය කළ යුතුය. රූපවාහිනිය, නයි ටී ඇන්, ලේක් හවුස් හා හුළන් විදුලියද ඊට අදාලය.


⭕ පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ට කොන්ත්‍රාත් ලබා දීමේදී ප්‍රමුඛත්වය ලබා දිය යුතු අතර ඒවායේ රැකියා සඳහා පොහොට්ටුවේ ක්‍රියාකාරී සාමාජිකයින්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතුය. (මාතලන් පොහොට්ටු බයියෙක් නොවේ.එහෙත් සිඳුවිය යුත්තේ මෙයයි. රාජපක්ෂලා රකින්නේ මොවුන් මිස අප නොවේ.එහෙත් අද ඔවුන් සිටින්නේ පට්ට කළකිරීමකින්‍ය)


⭕ මුදල් ඒකකය රුපියල් වලින් පවත්වාගෙන ගියද දැනට බලපත් හිමි පුද්ගලයින් කීප දෙනෙකු හා බැංකු සතුව ඇති ඩොලර් එක්ස්චේන්ජ් සෙන්ටර් දීප ව්‍යාප්තව ඕනෑම කෙනෙකුට ආරම්බ කොට පවත්වාගෙන යාමට අවසර දී, ඩොලර් වලින් ගණුදෙණු කිරීමට අවසර ලබා දිය යුතුය.

(මෙය සිඳුකලහොත් උන්ඩියල් ක්‍රමය ඉබේම අහෝසී වනු ඇති අතර,  විදෙස් ශ්‍රමිකයින්ගෙන් හා ඩයස්පෝරාවෙන් මෙරටට ලැබෙනා ඩොලර් ප්‍රමාණය සැන්ට්‍රල් බැංකුවේ ආර්ථික උස්තාද්ලාටත් හිතා ගන්නට බැරි වනු ඇතිය.


⭕ කොරෝනා වැක්සීනය රථ වාහන ඉන්ෂුවරන්ස් එක් මෙන් අනිවාර්‍ය කළ යුතුය. (තර්ඩ් පාටී ඉන්ෂුවරන්ස් එකක් හෝ නොමැති වාහන පාරට දැමීම සපුරා තහනම්‍ය)


ස්වස්ථි සිද්ධම්...!!!!


.

22 comments:

  1. මෙහෙමත් කඩේ යාමක්.

    ReplyDelete
  2. රාජපක්ෂලා, ප්රෙමදාසලා, වික්‍රමසින්හලා රටේ මිනිස්සු මොඩයා කරලා චන්ද ටික කඩා ගන්නෙත්, අලුතින් පක්ෂ හදාගෙන ආණ්ඩු පිහිටෙව්වෙත්, 2025ත් ආයිත් ගන්න දගලන්නේත් රටට තියෙන ආදරයට නෙමෙයි. ඒ අයට රටේ මිනිස්සු කියන්නේ හරියට ගණිකාවක් වගේ. ඕන හරිය කරලා කියක් හරි අතමිටමොලවනවා. පුලුවන් වෙලාවට බස් ගාස්තුව විතරක් දීලා ශේප් වෙනවා. තවත් පුළුවන්නම් නිකම්ම කර ගන්නවා. මේ වගේ උපදෙසුත් නිකන් අලුතින් ගණිකාවන් හොයදෙන්න උදව් කරනවා වගේ මාතලන්. පැත්තකට වෙලා හිටහන් පිම්පි වැඩ නොකර.

    ReplyDelete
  3. පක තමයි.....අම්මට හූඩූ.....ව්දූළි බල මණ්ඩලයේ කොටස් මණ්කොල්ල කාපූ new fotress enegy නම්න් ඉන්න..වියත් ට ව්යදම් ඛරපූ.. LTL හොරුන්ට ව්දූළි බළ මණ්ඩළයම දෙන්න තිරිසනා...

    ReplyDelete
  4. සුභ අලුත් අවුරුද්දක්.

    අද ටිකක් නිවාඩු හින්දා මේකේ කියන කරුණු එකින් එකට පිළිතුරක් ලියන්න හිතුනා.

    මේකේ කියලා තියන සමහර දේවල් හොඳයි, සමහර දේවල් මධ්‍යස්ථයි, සමහර දේවල් නරකයි කියලයි මම හිතන්නේ.

    1 //⭕ ආන්ඩුවට විරුද්ධව එලියේ බයිලා ගසන ඕනැම එකෙක් එදිනම එලවා දැමිය යුතුය.//

    --සාධාරණ විවේචන කරන්නත්, වැරැද්ද, වැරද්දක් හැටියට පෙන්වා දෙන්නත් අවස්ථාව ලබා දිය යුතුයි. එහෙම නැතුව, සීතාම්බර පට සළුව ෂෝක් කියලා කියාපු අයව ලංකරගෙන, රජ්ජුරුවෝ හෙළුවෙන් යනවෝ කියලා ඇත්ත කියාපු එකාව එළවලා නම් ගොඩ යාමක් නැහැ--.

    2//⭕ පට්ට ෆේල් සීනියෝ රොටි නාකි හුචක්කු කැබිනට් ඇමතිකම් වලින් ඉවත් කොට, පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරුන්ට කැබිනට් හා රාජ්‍ය ඇමතිකම් ලබා දිය යුතුය. ඇමතිකම් තිබෙන්නේ බැකප් දමාගෙන හෝන් ගසාගෙන රෝන්ග් සයිඩ් යෑමටවත් බයිලා ගැසීමටවත් නොව, ලලිත්, ගාමිනී, ජොනී, කාංචන, ප්‍රසන්න රණවීර වාගේ වැඩ කරන්නටය.//

    --නාකි වීම හෝ තරුණ වීම අදාලම නැහැ. වැඩ කරන අයට තැන දිය යුතුයි. මහින්ද ඝාතනයට කොටින් සමග සාකච්ඡා කිරීමේ චෝදනාව මත රාජපක්ෂ පරපුර මගින් blackmail කර ඉදිරියට යවන ජොනී වැනි අය උදාහරනෙකට ගැනීම නම් කනගාටුයි.--

    3//⭕ පට්ට ෆේල් අමාත්‍යංශ ලේකම්වරුන් හා සංස්ථා සභාපතිවරුන් සියල්ල එලවා දැමිය යුතුය.//

    --මෙතනදීත්, ෆේල් කියන එකට වඩා ෆේල් උනේ කොහොමද කියන එකයි වැදගත්. උදාහරනෙකට රටේ බෙහෙත් නැති උනොත් ඊට වගකිවයුතු පුද්ගලයා (අමාත්‍යංශ ලේකම් හෝ වෙනත් ලොක්කෙක්) ඉවත් කිරීම සාධාරණයි. නමුත්, ඒ නිලධාරියා සියලුම බෙහෙත් නියමිත කාල සීමාවේදී ඕඩර් කරලා තිබියදී, මහ බැංකුවෙන් ඩොලර් නොදීම නිසා බෙහෙත් ලංකාවට ආවේ නැත්නම්, ඒ නිලධාරියා ෆේල් කියලා ඉවත් කිරීම සාධාරණද??-- ,

    4// ⭕ කාබනික ගොවිතැනෙහි යෙදෙනා ගොවීන්ට පමණක් යම් සහනධාරයක් ලබා දී කෘෂිකර්මාන්තය පෞද්ගලීකරණය කළ යුතුය. ආන්ඩුව සහනාධාර දීමෙන් හා කළමණාකරනයෙන් සංපූර්ණයෙන් ඉවත් විය යුතුය. //

    --කාබනික වගාව සඳහා උනන්දු ගොවීන්ට සහනාධාරයක් ලබා දිය යුතුයි. ඒ සඳහා ගොවීන් දිරිමත් කල යුතුයි.
    කෘෂිකර්මාන්තය පෞද්ගලීකරණය කියා කීම, බැසිල් බෙහෙත් වල බදු ඉවත් කළා වගෙයි. 72 දී සිරිමා බණ්ඩාරනායක රජය යටතේ ඇතිකළ LRC මගින් වතු වගාවන් රජයට පවරාගෙන විනාශ කලාට පසුව කෘෂිකර්මාන්තය රජය සතු නැහැ. කෘෂිකර්මාන්තයේ පෞද්ගලීකරණය කරන්න දෙයක් නැහැ.--

    5//⭕ ඩොලරය පාවිමට ඉඩ හැරිය යුතුය.//

    -- ඔව්, ඒක කලයුතුයි. නමුත්, දැන් ඒකට පරක්කු වැඩියි. වසර දෙකක් පුරා 25% පමණ අවප්‍රමාණය වෙන්න තිබුන රුපියල එක රැයකින් 25% අවප්‍රමාණය වීම සමාන කල හැක්කේ රසායනික පොහොර තහනම් කර එක රැයකින් කාබනික වෙන්න ගිහිල්ලා වෙච්ච දේටයි.--

    6//⭕ ආනයන අපනයන වෙළඳාම ආන්ඩුව කරගෙන ගියද පෞද්ගලික අංශයේ වෙළදාම්වලට මැදිහත් වීමෙන් ඉවත් විය යුතුය.//

    --එකඟයි.--

    7//⭕ පෞද්ගලික අංශයේ වෙළදාම් ක්ෂෙත්‍රයේ ඇති මොනෝපොලි බලපත්‍ර සිස්ටම් අහෝසි කොට ඕනෑම දේශීය හෝ විදේශීය ව්‍යවසායකුට ආනයන අපනයන වෙළදාමට අවසර ලබා දිය යුතුය.

    --එකඟයි.--

    8// ⭕ සූර්‍ය බලයෙන් විදුලිය ලබා ගැනීමට ජනතාව උනන්දු කරලිය යුතු අතර. ඒ උපකරණ සියල්ල බද්දෙන් නිදහස් කරලිය යුතුය.//

    ---එකඟයි.--

    9//⭕ විදෙස් රැකියාවල නියුතු අයට තව තවත් වරප්‍රසාද ලබා දිය යුතුය.//

    --එකඟයි. රුපියල පාවීමට හැරීම මගින් ලැබෙන වරප්‍රසාදය පමණක් උනත් සෑහෙනවා.--

    10// ⭕ පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ල පෞද්ගලීකරණය කළ යුතුය. රූපවාහිනිය, නයි ටී ඇන්, ලේක් හවුස් හා හුළන් විදුලියද ඊට අදාලය.//

    --අත් දෙකම උස්සලා YES කියනවා.--

    ReplyDelete
  5. 11//⭕ පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ට කොන්ත්‍රාත් ලබා දීමේදී ප්‍රමුඛත්වය ලබා දිය යුතු අතර ඒවායේ රැකියා සඳහා පොහොට්ටුවේ ක්‍රියාකාරී සාමාජිකයින්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතුය. (මාතලන් පොහොට්ටු බයියෙක් නොවේ.එහෙත් සිඳුවිය යුත්තේ මෙයයි. රාජපක්ෂලා රකින්නේ මොවුන් මිස අප නොවේ.එහෙත් අද ඔවුන් සිටින්නේ පට්ට කළකිරීමකින්‍ය)//

    --සම්පුර්ණයෙන්ම වැරදි අදහසක්. CTB, CGR වැනි ආයතන (සහ තවත් නොකියවුණ ආයතන බොහොමයක්) වලට කෙලවෙලා තියෙන්නේ ඒ ඒ මැතිවරණ වලින් පසුව ජයග්‍රාගී ආණ්ඩුවට පාප්ප බාල්දි උස්සපු එවුන්ට එහි රැකියාවන් ලබා දීම නිසායි. ඒ රජය තියන තුරා ඔවුන් ලවා කිසිම වැඩක් කරවා ගන්න පුළුවන් කමක් නැහැ (මම මේ කියන්නේ කාගෙන්වත් අහපු දෙයක් නොවෙයි, මගේ අත්දැකීමක්).
    එක වැස්සකට පසුව හේදී යන පාරවල් හදන්නෙත් මෙගොල්ලෝම තමයි.
    අද වෙනතුරුත් ජීවනෝපායක්, රැකියාවක් නැතුව ඉන්නා නිකමුන්ට රජයේ රැකියාවක්/කොන්ත්‍රාත් එකක් දීලා රාජපක්ෂවරුන් රැකගන්න උත්සාහ කිරීම නම් බොහොම වැරදි අදහසක්. ඔවුන්ට යම් හැකියාවක්, සුදුසුකමක්, රට කෙරේ ආදරයක් තියනවානම් ඔවුන් ආණ්ඩුවෙන් යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක සමාන කල හැක්කේ නිදහස් අධ්‍යාපනය ලබා දුන්නාට පසුව රැකියාවකුත් ලබා දීමට රජය බැඳී සිටිනවා කියලා හිතන කොට්ඨාෂයටයි.
    දිවිහිමියෙන් රැක ගත යුත්තේ රටට ආදරය කරන පාලකයන් මිසක් රාජපක්ෂ වරුන් නොවෙයි. රාජපක්ෂලාත් රටට සේවයක් කරනවා නම් ඔවුන් රැක ගත යුතුයි. එසේ නොකරනවානම් එලවා දැමිය යුතුයි--

    12//⭕ මුදල් ඒකකය රුපියල් වලින් පවත්වාගෙන ගියද දැනට බලපත් හිමි පුද්ගලයින් කීප දෙනෙකු හා බැංකු සතුව ඇති ඩොලර් එක්ස්චේන්ජ් සෙන්ටර් දීප ව්‍යාප්තව ඕනෑම කෙනෙකුට ආරම්බ කොට පවත්වාගෙන යාමට අවසර දී, ඩොලර් වලින් ගණුදෙණු කිරීමට අවසර ලබා දිය යුතුය.//

    --මේක උන්ඩියල් කාරයන්ට ලබා දෙන ලයිසමක් කියලයි මට හිතෙන්නේ. මම ආර්ථික විද්‍යාව දන්නේ නැහැ. නමුත්, රුපියල පා කරලා නියම වටිනාකම ලබා දුන්නා නම් මේක අවශ්‍ය වෙන එකක් නැහැ.--

    13//⭕ කොරෝනා වැක්සීනය රථ වාහන ඉන්ෂුවරන්ස් එක් මෙන් අනිවාර්‍ය කළ යුතුය. (තර්ඩ් පාටී ඉන්ෂුවරන්ස් එකක් හෝ නොමැති වාහන පාරට දැමීම සපුරා තහනම්‍ය)

    --100% එකඟයි .--


    PS

    //ඒ වෙනුවෙන් එක එක හාල්පාරුවන්ගේ වෝනින් හා ඇඩ්වයිස් පස්සේ නොයා ජනතාවගේ හඬට කන් දිය යුතුය.//

    ජනතාවගේ හඬ නේද ජුබිලිකනුවෙදී ඇහුනේ?? ඒකට කන් දෙනවා වෙනුවට ඒ ගැන පරීක්ෂණ කරනවා.

    ReplyDelete
    Replies
    1. සෑම්,

      හොඳ කමෙන්ට් එකක්, බොහෝ දේවල් වලට එකඟ වෙන්න පුළුවන්. නමුත් පක්ෂ දේශපාලනය පවතින රටක පාක්ෂිකයන් රැක ගැනීමට දේශපාලන පක්ෂ වලට සිදු වෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි එක්සත් ජනපදයේ පවා ඩිමොක්‍රටික් පක්ෂයේ පාලන සමයන් වලදී අනිවාර්යයෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ හිතවාදීන්ට රජයේ කොන්ත්‍රාත් තනතුරු ආදිය හිමිවන අතර ආණ්ඩුව පෙරළී රිපබ්ලිකන් පක්ෂය බලයට පත් වුණ ගමන් මේක අනිත් පැත්ත ගැහෙනවා. නමුත් මහා බ්‍රිතාන්‍ය සහ යුරෝපීය රටවල් වල සම්ප්‍රදාය ඉතා ශක්තිමත් නිසා එළිපිට පක්ෂ දේශපාලනය මේ වගේ ක්‍රියාත්මක වෙන්නේ නෑ නමුත් ලංකාවේ මේක වඩාත් හොඳින් ක්‍රියාත්මක කරන්න නම් විවෘත ටෙන්ඩර් ක්‍රම සහ ස්වාධීන සහ ශක්තිමත් QA/QC වැඩ පිළිවෙළක් සහ රජයේ ව්‍යාපෘති සඳහා ප්‍රබල ස්වාධීන සහ ශක්තිමත් TEC පත්කළ හැකි ආකාරයට National Procurement Process එකක් සහ transparent e-tendering system එකක් හඳුන්වලා දෙන්න වෙනවා. ඒ වගේම සියලුම රජයේ ආයතන වලට විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින්, නිසි කලට වේලාවට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවාවන් ලබාදීම ප්‍රසම්පාදන වැඩපිළිවෙලේ ප්‍රධානතම භූමිකාව‍ විය යුතුයි නමුත් කියනවා වගේ නෙවෙයි මේක කරන්න ගොඩක් අමාරුයි.

      වැක්සීන් එක ලයිසන් එකක් බවට පත්කරන එකත් ගැටලුවක්. වැක්සීන් නොගසන නමුත් ඉතා හොඳින් ප්‍රතිශක්තිය ඇති අයත් ලෝකේ ඕන තරම් ඉන්න පුළුවන්, අනෙක් පැත්තෙන් ඇමරිකානු ෆයිසර් එන්නත් ගත් බොහෝ දෙනෙක් මිය ගිය අතර මංගල සමරවීර, ආර්. රාජමහේන්ද්‍රන් (කිළී මහරාජා) වැනි බොහෝ අය ෆයිසර් දෙකම ගත්ත නමුත් මිය ගියා. මේ වගේම ඇතැම් දේශීය ප්‍රතිකාර පවා හොඳයි කියලා කියනවා. මේක ටිකක් controversial මාතෘකාවක්.

      අනිත් පැත්තෙන් ඔය ජුබිලි කණුවේ සීන් එක ජනතාවගේ හඬම ද කියලා කියන්න අමාරුයි අනෙක චීනය දැන් ලංකාවේ විපක්ෂය සමග සමීප හිතවාදී නිසා චීන සැලසුමක් වෙන්නත් පුළුවන් ආණ්ඩුවට රිදෙන්න පහර දෙන්න.

      ඒකට ඇහුම්කන් දීල තමයි බැසිලා කසන මල්ල දෙන්න තීරණය කරල තියෙන්න නේද? ලංකාවේ උද්ධමනය තවත් වැඩි වෙන්නත් ඉඩ තියෙනවා ඒ මගුල නිසා.

      මම හිතන්නේ ලංකාවේ පාලනයේ ඉන්නේ රාජපක්ෂ ද වික්‍රමසිංහ ද ප්‍රේමදාස ද අනුර කුමාර ද කියන එක වැදගත් නෑ පුද්ගලයන්ට වඩා රටට ස්ථාවර සැලසුමක් හදා ගන්න පුළුවන් නම් පක්ෂ භේදයක් නැතුව, ඒක ක්‍රියාත්මක කරන්න මොන පක්ෂය බලයට ආවත් කටයුතු කරනවා නම් අවුලක් නැහැ නේද?

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  6. දිවංගත බණ්ඩාරනායක

    මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුදු සරම අස්සේ රතු පාට ලංකට් එක

    ජනාධිපතිතුමාගේ යට කලිසම

    ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ඇට දෙක

    රසික සූරියආරච්චිගේ දුව, රෂිනි සූරියආරච්චිගේ පෙට්ටිය අවුරුදු 16 යේදී කැඩුවේ දෙමළෙක් කියනවනේ.

    අමිල චතුරංග මැතිතුමාගේ යටිබඩ

    සිරිසේන මහත්තයාගේ ජොකා

    මහින්ද මහත්තයා සරම උස්සලා ලංකට් එක පාත් කරලා හුජ්ජා කරලා ජුන්ඩා ගසලා ආයේ අස්සට දාගනිද්දී රතු පාට ලංකට් එකේ හුජ්ජා බිංදු ගැවෙනවා ඇති නේද.

    ReplyDelete
  7. හ්ම් ඒ කියන්නේ අපි මෙච්චර දඟලලා දඟලලා උඩ පැන්නට වැඩක් නැහැ ඒත් 2022 අප්රේල් වලින් පස්සේ ආපහු මැච් එක ත්‍රාඩ පක්ෂ පවුල පැත්තට කැරකිලා යනවා වගේ නේද? මටත් ඕක හිතුනා අපි රඟනවා වැඩියි ඉස්සරහට මුන් වෙන විදියකට මැච් එක ගහයි කියලා. ඔය සිද්ධිය ගැන කල්පනා කරද්දි මට මතකයි අපි පුංචි කාලෙ දහම් පාසල් යන ගමන් වෙච්ච දේවල් ටිකක්...

    මම දහම්පාසලට බාර දුන්න අලුත ලඟ ඉඳපු එකා මගෙ ඉස්ටෝබරි සුවඳ මක්කෙ කෑව කියල මල පැනල ගෙදර ආවා.

    ඊට පස්සෙ අම්මා මට "පොල් බූරුවෝ තෝ හොරෙන් ගෙදර ආව නේද පල ගෙරි පරයා ආපහු" කියල එලෙව්වා ආයෙ අඬ අඬ දහම්පාසලට යද්දි හාමුදුරුවො ගේට්ටුව ලඟ..දැන්ද දහම් පාසල් එන්නෙ තමුන්? තමුන්ට හිතුන හිතුන වෙලාවට මේකට එන්න මේ තමුන්ගේ ගෙදර නෙවෙයි, දුවනව යන්න ගෙදරම..." කියල ආපහු ගෙදර එලෙව්වා����

    ඒ වගේම මට නම් ඉස්සල්ලම current එක වැදුණේත් දහම් පාසලේදි... පොලවෙන් එළියට ඇවිත් තිබුණ වයර් එකක් තිබුණා... කට්ටිය කියල තිබුණා කරන්ට් එක වදිනව කියලා...චෙක් කරන්නත් එක්කම කට්ටිට ඉන්ටවල් එකට ගියාට පස්සේ අරලිය මලක් අරන් වයර් එකේ ගෑ ව. කවුරුහරි පිටිපස්සෙන් ඉදන් ලෑල්ලකින් ගැහුවා වගේ දැනුනා. හිතුවෙනම් කවුරුහරි ගහලා දුවන්න ඇති කියලා.පස්සේ තමා දන්නේ කරන්ට් එක වැදිල කියලා.

    ඊට හපන් සීන් එකක් තියෙනවා, මෙහෙමයි සීන් එක , පන්සලේ තිබුනා ලොකූ පොල් අඹ ගහක්. ඉතිං ගෙඩි හැදුන කාලෙට ඕකට පොලු ගහනවා ඉවරයක් නෑ.

    දවසක් අඹ කඩනවා දැක්කා ලොකු හාමුදුරුවො , ඉතිං ආවා , එකා එකා කඩපු අඹ ගෙඩි එක්ක දනගහපං දනගහලා අඹ ගෙඩිය ඔලුවෙන් ගහලා පලපං කිව්වා..
    ඉතිං එකා එකා ඔලුවෙ හිමිහිට ගගහ අඹ පලනවා ,

    ඔය අස්සෙ ගයන්ත කියලා අයිය කෙනෙක් හිටියා , මූ අරන් තිබ්බෙ අර පැලිච්ච ඇස්වහ ගෙඩියක් �

    මූ ටිකක් වෙලා ගගහා ඉඳලා එකපාරට ,
    මූ ඒක පැලුවා වගේ හාමුදුරුවන්ට පෙන්නලා හාමුදුරුවනේ මෙන්න මම පැලුවා මම යන්නම් කිව්වා ,

    හාමුදුරුවනුත් දැක්කා ඒක අර කලින් පැලිලා තිබ්බෙ කියලා �

    තෝ මාවත් රවට්ටනවද වල් පරයා කියලා අහලා , ගත්ත ගමන් අඹ ගෙඩිය චප්ප වෙන්න ඔලුවෙ ගැහුවා��� පවු අසරණ දහම් පාසල් සිසුන් කියලා හිතෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔහොම ගිහින් අපි ටිකක් ලොකු වෙනකොට දහම් පාසල් අත්දැකීම් තව දුරටත් විවිධාංගීකරණය වුණා, ඔහොම දවසක් විටක් කන්න ඕනි උනා දහම් පාසලේදී. හාමුදුරුවන් ට හොරෙන් බුලත් වැලෙන් බුලත් කොළ ටිකක් කඩාගත්තා. පුවක් තිබුන් නෑ. පන්සල් වත්තේ පුවක් ගහක තිබ්බා ඉදිච්ච පුවක් ගෙඩි ටිකක්. ⁣ටිකක් උසයි ඒ ගහ. අපි එකෙක්ටවත් ගහෙ නගින්නත් බෑ. පුළුවන් විදිහට ගල් පොලු වලින් ගැහුවා. වැඩක් නෑ ඒත්. එකෙක් ආවා උබලට පුළුවන් ද බන් පුවක් කඩන්න. හිටපන් කඩන හැටි පෙන්නන්න කියලා මූ ගලක් ගැහුවා ඒ ගල ගහලා මූ අපේ දිහාට හැරුනා ටොක් ගාලා ඒ ගල උගේ ඔලුවටම වැටුනා. බැලින්නං අර ගල ⁣ගහෙ වැදිලා ආය උගේ ඔලුවටම ඇවිත්. ඔලුව පැලිලා ලේ ගලනවා. විට කන්නත් නෑ අන්තිමට. ඌ ගෙදර ගියා අපි දන ගහගෙන හිටියා... දුක තමයි ඉතින් මොනවා කරන්නද?

      Delete
    2. ඔය වගේම තව දෙයක් දහය වසරේ විතර දහම් පාසලේ ප්‍රධානචාර්‍යතුමා කාලයක් මාත් එක්ක හෙනම ඇරියස් එකක හිටියේ. ඒ යකාට කවුද බලු පාහර ගොබිලෙක් කෝල් එකක් දීල අහලා "ඔයා අහන රේඩියෝ චැනල් එක මොකක්ද?" කියලා ඇහුවලු.. ඒ කාලේ අර හිරු කිව්වත් සල්ලි වගේ සීන් එක ආපු ගමන්, ඉතින් මේ යෝදයා "මම අහන්නේ හිරු එෆ්.එම්" කිව්වම... අනික් පැත්තෙන් කිව්වලු බොරු කියන්නේපා... දහම් පාසල් ප්‍රධානාචාර්ය කෙනෙක් විදියට වැඩ කරන ඔයා අනිවාර්යයෙන්ම අහන්නේ බෞද්ධයා නාලිකාව නේද කියලා අහල කෝල් එක කට් කරාලු... ඕක තමයි හේතුව... කරුමෙට මේ යකාට ඇහුණේම මගේ කටහඬමලු ඒ දවස් වල හෙනම වේදනාව...

      Delete
    3. ඉරිද උදේ දහම් පාසල් රැස්වීමෙදී අපේ පන්තියේ හිටපු කොල්ලෙක්ට හදිසියේම ඉස්සරහට ඇවිල්ලා කවියක් කියන්න කිව්වා. මේකා ඉස්සරහට ගිහින්,

      සෙත් සිරි දෙන මහ ගුණ මුහු දානන්
      සත් හට වන බව දුකට වෙදානන්
      තිත් ඝනදුරු දුරලන දිනි දානන්
      ඕනම දේකට අපි සූදානම්
      ලෙයා ලෙයා ලෙයා ලෙයා පතෝලයා...
      පුවා පුවා පුවා පුවා පරිප්පුවා...

      කියලා කිව්වනේ යකූ...

      මේක අහපු ගමන්ම මට හිනා ගිය තරම කෝමද කියනවනම් කවිය කියපු එකා පැත්තක ඔක්කොම මගේ දිහ බලන් ඉදලා තියෙන්නේ
      මට තමයි හොඳටම පෝලියර් (පෝ රියල්) එක සෙට් වුණේ අර නසරාණියා ෂේප් වුණා අන්තිමට අහක හිටපු මට තමයි ඒකෙනුත් කෙළ වුණේ...

      Delete
    4. ඒ වගේම තව දෙයක් සීන් එක පුංචි පංති වලදි වගේම පොඩි කිව්වට 8 වසරෙදි වගේ දක්වා අපි කොච්චර කියෙව්වත් දහම් පාසල් ගීයේ පද පැටලෙනවා... මතකයි නේද සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන්.... දරුවෝ... දැරුවෝ... බොදු දරුවෝ... දුරලා... හැරලා... සරසා.. අපි ඉතිං කපටිකමට අනිත් උංගේ කටවල් දිහා බලන් ඉඳලා අන්තිම වචනේ (ගොඩක් වෙලාවට අන්තිමට ඉතුරු අකුර තමයි ඉතින්) යටගිරියෙන් කෑගහලා කියනවා දන්නවා කියලා අඟවන්න.. ඔහොම ගිහින් දවසක් හාමුදුරුවන්ට මායි මගේ යාලුවයි නෝට් වෙලා එක දවසක් දහම් පාසල ඇරුනම අනික් ළමයි හැමෝටම යන්න දීලා අපි දෙන්නම නවත්තගෙන අපි දෙන්න ට කිව්වා " තොපි දෙන්න දහම් පාසල් ගීතය දන්නැත්තං එක්කො පාඩම් කරපං නැත්තං පාඩං හිටින්න හොඳ ට අනිත් උන කියන වෙලාවට සවන් දීපං.. මෙතන පදේ අන්තිමේට තොපි දෙන්න ඉඳගෙන හූ කියන්න ගත්තම දහම් පාසල් ගීතෙත් කැතයි දහම් පාසලටත් ලැජ්ජයි " කියලා කණ පුරෝලා අහගන්න ලැබුණා ... කුජීතයි නේද?

      ඔය සීන් කෝන් එක හින්දාම අපි දෙන්නම ඊළඟ ට දහම් පාසල් ගියේ ඊළඟ අවුරුද්දේ ... දුක් බර සිදුවීම්...

      Delete
  8. බලය තියෙද්දී මොළයෙන් වැඩ නොගෙන
    ඔළුව උදුම්මාගෙන මෝඩයෝ වෙන
    පාලකයන් හැමදාමත් පත් කරන
    අපට තැලිය යුතු බූවල්ලක් රැගෙන

    ReplyDelete
  9. ජෝතිෂ්‍ය අනුව පේන එක තමයි හරි එක. කොච්චර ගිලුනත් කමක් නෑ අවුරුද්ද මැද වෙනකොට ගොඩෙන පාටක් පේනවනම් ඒ ඇති.අම්මපා ජෝතිෂ්‍ය නොතිබුනානම් සාතිශය සංවේගයට කරුණක් නොවැ ඒක. ස්වස්ති සිද්ධම්!

    ReplyDelete
  10. ඇත්තටම මාතලන් තමන්ට පෙනෙන පරාසය අනුව සියල්ලන්ම රට නංවන හැටි කියනව වුණත් එක් එක් කාලයට ලෝකයේ විකිණිය හැකි දේ විවිධාකාර වේ. මේ යුගයේ අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රතිකාර හොඳ ව්‍යාපාරික අවස්ථා ජනිතකර තිබේ. එවැනි ක්ෂේත්‍රවල ආයෝජන රිසියෝ රට නැංවිය හැක්කේ ඉන් බව කියති. ඉන්දියාව, බංගලි, චීන රුසියා ආදී රටවල හැර අනෙකුත් රටවලට යන්නෝ පාර්ට් ටයිම් ජොබ් වලින් ඉගෙන ගනිති. බොහෝ දෙනා එම රටවල පුරවැසි බව ලබති. ඔවුන් ලංකාවේ රඳවා ගත නොහැක. මෙඩිසින් හැර අනෙකුත් සියලුම උපාධි මෙරටදී ගත හැකිය. (මෙඩිසින් දෙන්න ගියොත් ජීවිත නැතිකරමින් රටත් විනාශ කරාවි කියලා තමයි ලංකාවේ බහුතරය හිතන ප්‍රබල පොදු මතයා කෝච්චියේ, බස් එකේ යන උයාගෙන කන සංචාරකයින්ගෙන් කුමන ඵලයක්ද? මසුන් ඇල්ලීම දියුණු කිරීම හැම ආණ්ඩුවම කළා.

    ලංකාවේ පොල් වගාව ඇතුකු අපනයන කාර්මික වගා කර්මාන්ත විනාශ වුණේ ලෑන්ඩ් සේල් කාරයින් හා ජනසතුව නිසයි. අප රටේ කළ හැකි එකම දේ හොඳ බදු ක්‍රමයක්.. නාස්තිය අඩු කිරීම, සුඛෝපභෝගි බඩු නොගෙන්වීම, ඩොලරය පාවෙන්න හැර ඇත්ත ගාණට රට බඩුවල ගාන නියම වෙන්න හැරීමයි. කාර්මික බඩු පරිගණක ආයාත අදේශන දිරිමත් කිරීමයි....

    ReplyDelete
  11. @ රෂිනි සූරියආරච්චි,

    ඇත්ත කතාව ඔයිට වෙනස්, මොකද ඕස්ට්‍රේලියාවේ කාන්තාවෝ ආරක්ෂාව වෙනුවෙන් පෙළපාලි ගියා මෑතදීත් ආයා මාසාවේ නැමැති 21 හැවිරිදි ඊස්‍රායල් ශිෂ්‍යාවක් ඕස්ට්‍රේලියාවේදී ඝාතනය වීමෙන් පසුව තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා ප්‍රමාණවත් වැඩි අවදානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටිමින් ඕස්ට්‍රේලියාවේ දහස් ගණනක් කාන්තාවන් ප්‍රධාන නර වලට රැස්වී සිටි අතර මෙම පෙළපාලි 2022 මාර්තු මාසයේ පවත්වන සමස්ත ඔස්ට්‍රේලියා දැවැන්ත කාන්තා රැළියේ කොටසක් ලෙස පැවැත්වූ අතර කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ලෝකයේම අවධානය යොමු වීම මීට වඩා විශාල වශයෙන් අවශ්‍ය යැයි ඔවුන් පැවසූයේ සිඩ්නි වලට 30,000 කට අධික පිරිසක් රැස්ව සිට ඇති අතර නගරවලදීත් ඒ වගේම සැලකිය යුතු පිරිස් රැස්වී කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ අවදානය යොමු කරන්න ලෙස ඉල්ලා උද්ඝෝෂණ කරමින්.

    හැබැයි මැඩම් ඔයා ලංකාවෙ ඉපදිලා ලංකාවට බනිනව නම් ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. මමත් ඔය රටේ අවුරුදු 8 හිටිය. ඔයා ලොකුවට හිතාගෙන හිටියට ඔය රටේ අපේ වගේ රටවල් වලින් එන අයට කුඩම්මාගේ සැලකිලි. ඒ අය ඒවා පෙන්නන්නෙ නෑ ඒ රටේ නීති ශක්තිමත් නිසා. පව් අසරණ රෂිනි කියල තමයි මට කියන්න තියෙන්නේ.

    ReplyDelete
  12. ළමාතං මහින්ද රාජපක්ෂ කියලා කියන්නෙ ලංකාවේ දේශපාලන නාඩිය හොඳින්ම අල්ලපු නායකයෙක්... ඔහු ඇත්තටම වීදි සටන්කරැවෙක්... ඔහුට විපතේදී කුමක් හෝ උපකාරයක් කරපු කෙනෙක්ට ඔහු පෙරළා අනිවාර්යයෙන්ම ප්‍රති උපකාර කරනවා වගේම, දීර්ඝකාලීනව මිතුරැවෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම ඔහුට එපාවුනොත් එපාම තමයි... ඒත් ඔහුගෙන් අපට රාජතාන්ත්‍රික බවක් බලාපොරොත්තු වෙන්න නම් බෑ... ඔහුව චීනයත් සමඟ ගැටගැසු පුද්ගලයා මේ කරුණු හැම දෙයක්ම ඉතාමත්ම හොඳින්ම දන්නා කෙනෙක් විය යුතුයි. එහෙම නේද?

    ReplyDelete
  13. වෙල්ලාවට බැහැලා කිලුටු හෝදන කොට විද්වෙතක්ද, උගතෙක් ද,නූගතෙක්ද,ගම්බයියෙක්ද කියලා හොයන්න බෑනේ,
    ෂර්ට් කලිසං ගලවලා අමුඩේ පිටින්නේ වැඩ, ,
    අඳුරන්න බෑ ඒකයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න