.

.

Jan 3, 2022

ජාතික ජන බලවේගය අනුර ලාල් හරිනි බලවේගයක් විය යුතුය.


මහ පක්ෂ වල සිටිනා සියල්ලන්ම මේ වන විට බලය හොබවා අවසාන අතර, මේ මොහොතේ පවතින ආන්ඩු විරෝධය ජවිපේ වෙත හරවා ගැනීමට ඔවුන් සමත්ව ඇති බව රහසක් නොවේය.

ඊට හේතුව වී ඇත්තේ, මහ පක්ෂ තුල සිටිනා මෛත්‍රී, සජිත්, පාඨළි, රනිල්, දයාසිරි පමණක් නොව රඹ ටෝක්ස් දෙන සුසිල් ප්‍රේමජයන්තත්, ජනපති, අගමැති, මැති ඇමතිකම් දැරුවාට, මේ රටට මෙලෝ ලබ්බක් නොකෙරූ ජෝකර්ලා වී අවසාන නිසාය.

ඒ හේතුවෙන්, මේ කිසිවකුටත් පොදු අපේක්ෂක තනතුර කිසිදාක හිමි නොවනාතර, රාජ්පක්ෂලා පරාජයට පත් කිරීමට නම් පොදු අපේක්ෂකයා නොමැතිව ඒ සිහිණය සැබෑ කර ගැනීමට නොහැකි බවත් මේ සියල්ලෝම හොඳින් දන්නවාය.

ජාතික ජන බලවේගයේ මොනේක් හී පැවති සම්මේලනය හා එහි පැමිණි පිරිස දැකීමෙන් පසු මේ සියල්ලන්ගේම චුක පූන්වී ඇත්තේ එබැවින්ය.

මේ පැමිණි අමන්දානන්දට  ජවිපේ තේරුම් ගෙන ඇත්තේ වෙනත් ආකාරයකින් බව මගේ මතයයි.

ඔවුන් දැන් ජාතික ජන බලවේගයද පසෙකින් තබා අනුර කුමාර පිම්බීමේ ගරිල්ලා මාකටින් ව්‍යාපාරයක් ගෙන යන බව බොහෝ පැහැදිලිය.

නැවතත් විමල්ට හා කුමාර් ගුණරත්නම්ලාට තමන් හා එක්වන්නට කියන්නේද එබැවින්ය.

යූ ටියුබ් කාරයන්ට ඉන්ටර්වීව් ලබා දෙන්නේ අනුර කුමාර පමණය. රූපවාහිනි චැනල් වල කුකුලන් කෙටවීම් වලට එන්නේ ජෙප්පන් පමණි. ජාජබය පැත්තකය.

නමුත් ජවිපේ වටහා ගත දේ නම් ඔවුන්ගේ ජවිපේ ගමට යන වැඩ සටහන පට්ට ෆේල් වූ බවත්, මේ මොරාල් එක එන්නේ ජාතික ජන බලවේගයේ මොනේක් සමුළුව නිසා බවත්ය.

ජාතික ජන බලවේගයේ සැලකිය යුතු තරමේ සිවිල් චරිත උන්නද, මිනිසුන් දන්නේ හරිනි අමරසූරිය පමණක්ය. අනෙක් උන් ඉන්නේ ජාතික ජන බලවේගය සමඟද නැතිනම් වෙන උන් සමඟද යන්න ජනතාව තබා ජෙප්පන්වත් හරියට නොදන්නා බවද මොනෙක් රැස්වීමෙන් හෙලි උනේය.

මගේ අදහස නම් ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යාමට නම් එය අනුරගේ තනි නායකත්වයෙන් නොව,

අනුර, ලාල්, හරිනි යන ත්‍රිපුද්ගල නායකත්ව මණ්ඩලයකින් යා යුතු බවය.

සෑම පක්ෂයකම ඇත්තේ ඒකාධිපති පාලනයකි. ඒවායේ මහ පුටුවල ඉන්නා උන් පැරදුනත් නායකත්වයෙන් මෙන්ම ඉහළ තනතුරුවලින්ද බිමට බහින්නේ නැතිය.

අනුරගේ නායකත්වයේ තත්වයම එයද වන නමුත් ඒ බව එතරම් එලියට නොඑනුයේ ඔවුන් වටා සිටිනා පිරිස සුලු පිරිසක් වීමත්, ජවිපේ බලමණ්ඩලේ ඒකාධිකාරී පාලන රටාව හේතුවත් නිසාවෙන්ය.

බොහෝ අය ලාල් කාන්ත ඉල්ලන්නේ එබැවිනි.
එහෙත් අනුර ජවිපේ නායකත්වයේ සිටිනාතරම, ලාල් කාන්ත ජාතික ජන බලවේගයේ නායකත්වය තත්වයටම ගත යුතුය.

මන්ද ජවිපේ තුල සිටිනා ලාංකිය දේශපාලන සංස්කෘතියට ගැලපෙන එකම හා ජනප්‍රියම බල මණ්ඩල සභිකයා ලාල් කාන්ත වන නිසාය.

අනෙක් පිරිස සමාජයේ විවිධ ස්ථරයන්  අතර පිලිගැන්මක් තිබෙනා අය වුවද, සෑම සමාජ ස්ථරයන් තුලම එකසේ ජනප්‍රිය මෙන්ම පිලිගැනීමක් ඇති චරිතය ලාල් කාන්ත පමණමය.

හරිනි අමරසූරිය කරන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පමණි. එහෙත් ඇය එතනට සීමා විය යුතු චරිතයක් නොවේය.

ඇය සමාජයේ ඉහළ තලයන් කීපයකම නියෝජනයකි, කුළය, පවුල් පසුබිම, වෘත්තිය අනුවද ඇය ඉහළ සමාජ පන්තිය උපතින්ම නියෝජනය කරයි.

ඒ කාළයේ රට පාලනය කළේද රාජ්‍ය සේවයේ උන්නේද හොරු හා වංචා කාරයන් නොව මෙවන් උගත් බුද්ධිමත් ප්‍රභූ පන්තියේ පිරිසය. ඊට අමතරව ඇය කාන්තා පාර්ෂවයද උපතින්ම නියෝජනය කරන්නීය.

මේ කිසිවකින් ජවිපේ හෝ ජාතික ජන බලවේගය කිසිඳු ප්‍රයෝජනයක් මේ වන තෙක් ගෙන නැතිවාක් මෙන්ම, දැන් නටනා නාඩගම් වලින් පෙනෙන්නේ, ඉදිරියටද ඒ මගේම ගමන් කරනා බවක්ම පමණය.

එය එසේ වුවහොත් ඉතා සුළු නවක චන්ද ප්‍රමාණයක් හා පාවෙන චන්දවලින් ඉතා සුළු ප්‍රමාණයක් ජාජබයට එකතු විය හැකි වුවත්,

මහ පක්ෂ කෙරේ කළකිරීමට  පත් චන්ද කිසිවක් එකතු වන්නේ නැති බව නම් ඉර හද මෙන්ම විශ්වාසය.

ඒ වගත් මෙසේය...

.





27 comments:

  1. ප්‍රජාතන්තරේ හොඳටම හොඳයි වුණත්
    ඇත සමහර තැනෙක නෝබින මානයනුත්
    තමතමන් වැරදි ඇත්නම් දැක ගැනුමත්
    බලයට එන්න නම් ඒ වාගේම වැදගත්

    ReplyDelete
    Replies
    1. නිදි මම මේක නිර්නාමිකව පල කරන්නේ,

      මට තියෙන ප්‍රශ්නය මගෙ සැමියට අනියම් සම්බන්දයක් තියෙනවා මට කිහිප වතාවක් අතටම අහු උනා ඒ හැම අවස්තාවකම මගේ සැමියා ඇයව දාලා මා සමග අවා මට මාස 5ක පුන්චි පුතෙක් ඉන්නවා . මම් ජීවත් වෙන්නෙ මහත්තයගේ නිවසේ .තවමත් මහත්තයා ඒ සම්බන්දය පවත්වාගෙන යනවා ඒත් මට නෑ කියනවා මම ඒ ගෑනු කේනාව පොලීසියට පවා ගෙන්නුවා මට කෝල් කරලා කරදර කරන නිසා පොලීසියෙන් එයට දැඩිලෙස අවවාද කරා ඒත් ඒ ගෑනූ කෙනා හැදුනේ නෑ හස්බන් එක්ක සම්බන්දය තියගෙන ඉන්නවා වගේම මටත් කෝල් කරලා අපහස කරනවා බබා හස්බන්ගේ නෙවෙයි මම් වෙන අය එක්ක ගිහින් බබාව හදාගෙන මම් නරක කෙනෙක් කියලා ඒත් මම් එහෙම නෑ හැම දුකක්ම දරගෙන මගේ මහත්තය එක්කම ජිවත්වෙන්නයි මට ඕන අනික ඒ ගෑනු කෙනා මගේ මනසිකත්වෙට මාරම පීඩනයක් මට ඒ ගෑනු කෙනා මට කරන අපහස වලට විරුද්ව මොකවත් කරන්න බැරිද මම් ගොඩාක් පාඩුවේ ඉන්නෙ මගේ බබාගේ අනාගතේ ගැන හිතලා මට මගේ නෑන්දම්මලා මස්සිනාලා නෑනලා උදව් කරනවා එයාක මගේ පැත්තේ හස්බන් කැමති නෑ මගෙන් ඩිවෝස් වෙන්නත් එයාට මාවයි දරුවයි ඕනලූ ඒත් මට හොරෙන් අර සම්බන්දය ගෙනියනවා මට එයාගෙන් ඩිවෝස් වෙන්නත් බෑ මම් මොනාද මේ ප්‍රශ්නෙට කරන්නේ මට උදව් කරන්න.

      Delete
    2. ඔයා පත්වෙලා ඉන්න තත්ත්වය ගැන කනගාටුයි.
      ඒ නිසාමයි අදාළ නැති තැනෙක වුණත් කෙටියෙන් යමක් කියන්න හිතුණේ. (මාතලන් උන්නැහේ ඉවසා වදාරයි කියල හිතෙන නිසා මෙහෙම මෙතන ලිවීම ගැන.)

      මං ඔයා නම්, මං ඔයා නම් ඉස්සෙල්ලාම කරන්නේ සැමියා එහෙම වෙන්න හේතුව සියුම් ලෙස හොයා බැලීම. නීතියෙන්ම සේරම කරවාගන්න බැහැනේ. දැඩි ක්‍රියා මාර්ග ගන්න ගියාම සැමියාත් තව දරදඬු වෙනවා නේද?
      නිතරම දබර කරන්න, චෝදනා කරන්න යන තරමට සැමියා ඔයාගේ පැත්තෙන් ඈත් වෙන්න පුළුවන්. අර කාන්තාව කරවන්න හදන්නේ ඒ ටික වගෙයි.
      මහත්තයාගේ පවුලේ කෙනෙකුගේ උදව් අරගෙන හොඳ පවුල් උපදේශන සේවාවක් ගන්න එක වඩා හොඳයි නේද?

      Delete
    3. නිදීගෙන් ඇහුවත් මගේ උපදේශය නම්

      ඔබත් අනියම් සබඳතාවයක් පටන් ගන්න.

      Delete
    4. හහ් හහ් හා ළමාතං මචෝ තෝ නම් මරු, නරියෙකුත් කියුවා ලු ඔහොම කතාවක් :D :D

      ඇනෝ නගේ, කරන දෙයක් පරිස්සමින්

      කේවට්ට උපදෙස් ලබා ගෙන ඔයාටත් නන්දසේන උන්නැහේට වෙච්ච විලම්බෑසිය තමයි වෙන්නේ, හොඳට හිටපු දක්ෂ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් මිනිහා මුන් සේරම එකතු වෙලා අමාරුවේ දැම්මා නේ අන්න ඒ වගේ තමයි කබලෙන් ලිපට

      Delete
  2. ලංකාව එක දිගටම පාලනය කළේත් දැනට පාලනය කරන්නේත් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි අසමත් පාලකයෝ පිරිසක්. එක පැත්තකින් පහුගිය අන්ත දූෂිත එජාප සජබ හොර මුළේ ආණ්ඩුව බැඳුම්කර හොරකම ඇතුලු කෝටි ප්‍රකෝටි ගණන් හොරාකෑම් කළා, බදුපිට බදු ගහල මිනිස්සු පාරට ඇදල දැම්මා, ඒ නිසා ඒ හොරමුල කරපු විනාශයත් අපි අමතක නොකල යුතුයි. ඊට පස්සේ ආණ්ඩුව වෙනසක් සෙව්වා, ජවිපෙ ජාතික ජන බලවේගය වෙනසක් සඳහා ඉතා පැහැදිලි වැඩ පිළිවෙලක් සමග දැඩිව පෙනී සිටියත් හොරා කෑමෙන් ගොඩගසා ගෙන සිටි කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වීසි කරමින් සිදුකළ විවිධ ප්‍රෝඩාකාරී කැම්පේන් හරහා රාජ පක්ස හොර මුල ජන මනස වෙනස් කොට බලය ඩැහැ ගත්තා, දැන් මොකද වෙලා තියෙන්නේ?

    මේ වෙනකොට ලංකාවේ දුප්පත් මිනිස්සු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගන්න බැරිව ඉතාම පීඩාවකට පත්වෙලා. පාලකයින්ට අවුරුදු/ ජනතාවට පෝලිම්. භාණ්ඩ මිල 40%කින් 50%කින් වැඩිවෙලා. සමහර භාණ්ඩ 100%කින්ම වැඩි වෙලා. පෝලිම්වල ඉඳගෙන මිනිස්සු ආණ්ඩුවට දෙස් දෙවොල් තියනවා. කුඩා දරුවා වඩාගෙන අම්මලා පෝලිම්වල. පාන්දර තුනට හතරට ඇවිල්ලා පෝලිම්වල හිටියත් ගෑස් එකක් ගන්න බැහැ. වසර ගානක් ජනතාව භාවිතා කරපු ගෑස්වල ප්‍රමිතිය හදාගන් ආණ්ඩුවකට බැරිවෙලා. ගැඹිණි මව්වරු, දරුවන් වඩාගත්ත අම්මලා තවත් දවස් කීයක් ගෑස් පෝලිම්වල ඉන්නද?

    දිනෙන් දින භාණ්ඩ මිලි වැඩිවෙන එක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවෙන ගානට තමයි ඇමතිවරු කතා කරන්නේ. වසරකට කී සැරයක් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවෙනවද කියලා ආණ්ඩුව දන්නේ නැහැ. කිරි පිටි පෝලිම්, ගෑස් පෝලිම්, හාල් පෝලිම් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. මිල පාලනයක් කරන්න ආණ්ඩුවට නොහැකි වෙලා. සිමෙන්ති කොට්ටෙක මිල දිනෙන් දින ඉහල යනවා. රුපියල් නවසිය ගණන් වල තිබුණ සිමෙන්ති කොට්ටය දැන් 1500කටවත් ගන්න විදියක් නැහැ. කිරි පිටි මිල දෙවතාවක් වැඩි කළා. වැඩි මිලටවත් කිරිපිටි පැකට් එකක් ගන්න නොහැකි වෙලා. දරුවන්ට වැඩිහිටි දෙමාපියන්ට කිරි උගුරක් බොන්න නැතුව ගිහිල්ලා. පාන් ගෙඩියක් රුපියල් 66 - 70 ක් වගේ ගිණි ගනන්. රුපියල් 100 ක් වෙන්නත් පුලුවන් මෙහෙම ගියොත්. සැමන් ටින් එකක් රුපියල් 300ක් විතර තව ටික දවසකින් 400 ක් විතර වෙයි. පරිප්පු රුපියල් 280 ක් විතර, කඩල කවුපි සීනි හැමදේම ගිණි ගනන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ආණ්ඩුවේ සෞභාග්‍ය ජනතාවට කොහොම දැනෙනවා ඇතිද? සංඛ්‍යාලේඛන කිහිපයක් ගත්තාම ඒක කියන්න පුළුවන්. දරුවන්ගේ ඌනතා රෝග බහුල වෙලා. දරුවන්ගේ වයසට සරිලන උස නැහැ. උසට සරිලන බර නැහැ. විටමින්, යකඩ ඌනතා ඇතිවෙලා. පාසැල් යන වයසේ දරුවන්ගෙන් 60%ක් විවිධ ඌනතා රෝගයන්වලින් පෙළෙනවා කියලා 2019 වර්ෂයේ ආණ්ඩුවේම සංඛ්‍යාලේඛනවල තියෙනවා. දැන් මේක ඩබල් වෙලා ඇති. එම නිසා පාසැල් ළමුන්ගෙන් 90%කට හොඳ පෝෂණය සහිත දිවා ආහාර වේලක් ලබාදෙන්න යෝජනා කරනවා. නමුත් අපේ රටේ දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදෙන්න බැරිවෙලා තියෙනවා. පාසැල් වෘරය පටන් ගන්නකොට දරුවන්ට පොත් පත් ටික අරගෙන දෙන්න විදියක් නැහැ. කිරි වේලක් දෙන්න බැරිවෙලා. ඒ නිසා රටේ අනාගත දරු සම්පත පෝෂණ ඌනතාවයන්වලට ලක්වෙලා. පහුගිය වසර 73ක පාලනය කාලය තුල කණ්ඩායම් දෙකක් රට පාලනය කරලා රට ගෙනත් තිබෙන්නේ මේ වගේ තැනකටයි. ඒ නිසා තවදුරටත් මේ කණ්ඩායම් දෙකෙන් මේ රටට හොඳ පාලනයක් ලැබෙයි කියලා විශ්වාස කරන්න බැහැ. ඒ නිසා මේ 2022 අවුරුද්ද අලුත් ඇඳුම් අඳිනවා වගේම තමන්ගේ සිතිවිලි අලුත් කරගෙන හෙට දවසේ සමාජය වෙනස් කරන පුරවැසියෙක් බවට පත්වෙන්න නම් රටේ පාලනයේ ලොකු වෙනසක් කරන්න අත්‍යවශ්‍යයි.

      ඒ නිසා මේ අන්ත දූෂිත තක්කඩි අමන පාලක කණ්ඩායම් දෙකම මේ රටට කරලා තියෙන විනාශය බැලුවම මේ රට ගොඩගන්නවා කියන එක සරල දෙයක් නෙවෙයි, කරන්න ඉතාමත් අමාරු අතිදුෂ්කර වැඩක්.

      කෙසේ නමුත් දූෂණයෙන් තොර අවංක ජනතාව සමඟ ඉතාමත් කැපවීමෙන් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන පාලනයකට මේ අභියෝගය ජයගන්න පුළුවන්. අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි වත්කම් උපයන්නේ නැතිකම. ඒ නිසා අපේ පාලනයක් තුළ ණයට කන ආර්ථිකය වෙනුවට හොරකම්කරන ජාවාරම්කාර ආර්ථිකය වෙනුවට ලෝකය ඉලක්ක කරගත් නිෂ්පාදන ආර්ථිකයකට ගමන් කළ යුතුයි. එහෙම තමයි වත්කම් උපයන්න පුළුවන්. ඒ වගේම තමයි රටේ සිදුවන මහාපරිමාණ වංචා දූෂණ වැළැක්විය යුතුයි.

      මේ කියන දෙගොල්ලම එකයි විපක්ෂයේ ඉන්නකොට කෑ ගැහුවට ආණ්ඩුවට ආවාම පරණ ආණ්ඩුව වගේම හොරකම් කරනවා දූෂණය කරනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය වංචාවෙන් දූෂණයෙන් තොර කණ්ඩායමක්. ජවිපෙ කියන්නේ දූෂණයෙන් තොර අවංක, පිරිසදු පක්ෂයක් බව ආණ්ඩුවේ ඉන්න අයටත් පිළිගන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි වංචාව දූෂණය නතර කරනවා වගේම වංචා කරපු මුදල් නැවත පවරා ගන්න ඕනෑ. ජනතාව සම්බන්ධ කරගන්නා රට ගොඩනඟන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා.

      දැනටමත් මේ ආණ්ඩුව විශ්වාස නැති නිසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මුදල් එවන්නේ නැහැ. ආණ්ඩුව විශ්වාස නැති නිසා හොඳ ආයෝජකයෝ රට ඇතුලේ ආයෝජන නොකර විදේශගත වෙනවා. නමුත් මේක සම්පූර්ණ වෙනස් කළ හැකි දක්ෂ පිරිසක් අපිත් සමඟ ඉන්නවා. ඒ අය සමඟ රට ගොඩනගන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා.

      මේ නිසා අපිට විශාල විශ්වාසයක් තියෙනවා ජනතාව අනිවාර්යෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදනවා කියලා. අපි බලයට ආවාම මේ ආණ්ඩු විකුණන සම්පත් නැවත පවරා ගන්නවද කියන කාරණය ඉතා පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ගිවිසුම් අනුව එවැනි දෙයක් සිදු කිරීම ඉතාම අපහසු වෙන්න පුළුවන්. පවරා ගන්න කළ හැකි සියලුම දේ අපේ ආණ්ඩුවකදී රජයට නැවත පවරා ගන්නවා. ඒ නිසා අපි දැන් කළ යුතුව තිබෙන්නේ මේ ආණ්ඩු විසින් කරන විකිණීම කෙසේ හෝ වළක්වා ගන්න එකයි.

      මේ දවස්ගව තෙල් ටැංකි ගැන ගම්මන්පිල කියන්නේ අමූලික බොරුවක්. තෙල් ටැංකි අයිති අපේ රටටයි ඉන්දියාවට නෙවෙයි. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ අගමැති රනිල් 2003 දී තෙල් ටැංකි 99න් ටැංකි 14ක් ඉන්දියාවට බදු දුන්නා. 24ක් අපේ තෙල් සංස්ථාව භාවිතා කරමින් ඉන්නවා. තවත් තෙල් ටැංකි 61 භාවිතයට නොගෙන අත්හැරලා දාලා තියෙනවා. ඒවා ඉන්දියාවට අයිතියි කියලා ගම්මන්පිල විශාල බොරුවක් කියනවා. ඉන්දියාවත් කියනවා තමන්ට අයිති නැහැ කියලා. දැන් ඉන්දියාවට අයිති තෙල් ටැංකි 14ත් ගිවිසුම අවසන්වීම නිසා අපිට ලැබෙන්න නියමිතයි. එහෙමෙ තියෙද්දී ඊනියා දේශප්‍රේමී බොරු බේගල් ඇදබාන මේ දූෂිත ආණ්ඩුව ඒ තෙල් ටැංකි 14 තවත් අවුරුදු 50කට ඉන්දියාවටම දෙන්න යනවා. ඉතිරි තෙල් ටැංකි 61ත් සමාගමක් හදලා 49%ක අයිතියත් ඉන්දියාවට දෙන්න හදනවා. මෙතන තියෙන්නේ ගේම් එකක්. මේ නිවට ණයට කාපු ආණ්ඩුව ගත්ත ණයට හිලව් වෙන්න මහා වටිනා සම්පත් කුණුකොල්ලෙට විකුණනවා. මේවා ජාතික අපරාධ. මේ අපරාධය වහාම නතර කරන්න ඕනෑ. තෙල් ගබඩා කරලා විකුණන්න පුළුවන්කම තියාගෙන ඩොලර් හොයන උල්පත් විකුණලා එදාවේල ගත කරන්න හදනවා. මේ ආණ්ඩුව හරියට ගරාවැටුණ පරණ වලව්වක් වගේ ගෙදර තියෙන වටින බඩු විකුණ විකුන කන හොල්මන් පාලකයෝ මුන් නම්.

      Delete
    2. මේ ගැන වැඩි විස්තර සහ තොරතුරු මේ වීඩියෝ නරඹා අවබෝධ කර ගන්න පුළුවන්

      https://www.youtube.com/watch?v=FNMd4OV7jbo

      https://www.youtube.com/watch?v=_iGVKDgSZpw

      https://www.youtube.com/watch?v=6qe-NRpZ7sM

      https://www.youtube.com/watch?v=o6w_N2dC_w8

      https://www.youtube.com/watch?v=SV0YLA3AuME

      Delete
  3. අලුතෙන් උදා වුණු විසිදෙක අවුරුද්දේ
    සැනසුම සතුට පමණයි අප සැම පැතු දේ
    ඉතිරේවා සතුට නැතිවම පරමාදේ
    වැජඹේවා සුමිතුරු කැල බ්ලොග් සාදේ!

    ReplyDelete
  4. මාතලන්,

    උදාවූ අලුත් 2022 නව වසරේ සිට රටට හිතැති නව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට සැලසුම් සකස් කරන බවද නව දේශපාලන බලවේගයක් බිහිකිරීම සඳහා සාකච්ඡා එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර පැවවුවේ මේ සම්බන්ධයෙන් වන මුලික වටයේ සාකච්ඡා මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ලංකා කම්කරු පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ එකමුතුව ඉදිරියේ දී ආණ්ඩුව නියෝජනය කරන තවත් සෙසු පක්ෂ සියල්ලම පාහේ සමග ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් ගොඩ නගන නව බලවේගය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට බවද ඔහු අවධාරණය කළා.

    දැනට පැවසෙන පරිදි ජවිපෙ ජාතික ජන බලවේගයේ බිහිකිරීමට නියමිත රජයන් යටතේ ආගම් වාදී අයට ඇමතිකම නෑ. ඇමතිකමක් දරන්න අඩුම සුදුසුකම විශ්වවිද්‍යාල උපාධිය අනිවාර්‍යය කිරීම හා අදාල විෂය පථයේ සුදුසුකම් හා පලපුරුද්ද අවශ්‍යයි. නමුත් ජවිපෙ නොවන ජා.ජ. බ. අයට මෙය තරමක් ලිහිල් කරන ලෙසට දැනට කෙරෙන සාකච්ඡා ඉදිරියේදී සාර්ථක වේවි. ජාතික බලවේග වහා ක්‍රියාත්මක නොවුනහොත් ඇති නැතී සැමට පකෂ විපකෂ සැමට දරුණු ප්‍රතිඵල වළට මුහුණ දී මට සිදුවන බව අවධාරණය කර සිටින අතර, බළය සහ හොරකම පමනක් අරමුණු කරනා දූෂිත රාජ පක්‍ෂ චංචනිකයන් පන්නා දමා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රතිව්‍යුහගත කර දශක අටකට ආසන්න කාලයක් දුෂිත වහල් පාළකයන් විනාශ කරනා ලද සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය වහාම ප්‍රතිසංස්කරනයකට ලක්කළ යුතුයි. එමෙන්ම මන්ද බුද්ධික SJB සහ එජාප UNP අමන රැලද සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් අතුගා දමා මංමුලා වි සිටිනා අසරණ ජනතාව පළදායි ළෙස නගාසිටුවීමට නව ක්‍රම සම්පාදනය කළ යුතුයි.

    රට පුරා දූෂණය මර්දනය කර විනාශවු හර පද්ධති නැවත වේගයෙන් ස්ථාපිත කළ යුතුයි. දූෂණ නිසා වීනාශවූ ජන ජීවිත සැබැ ලෙසම ප්‍රකුර්ථිමත් කලයුතුයි. ජාතික සම්පත් රැකගනිමින් රාජ්‍ය හාන්ඩාගාරය පෝෂනය කිරීම වහාම ක්‍රීයාත්මක කළ යූතුයි.

    විනාශකාරී කොල්ලකාරී අධිරාජ්‍යවාදී රටවල් වන ඇමරිකන් සහ ඉන්දියන් ගැති නූතන රූකඩ පාලකයන් එලවා දමා චීනය වැනි මිතුරු රටවල් වල සම්පූර්ණ සහාය සහිතව නැවත මේ රට ගොඩ නැංවීමට ජාතික ජන බලවේගය ඉතාමත්ම ශක්තිමත්ව ජවිපෙ, නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පෙරටුගාමී/ සමසමාජ/ කමියුනිස්ට් ආදී සියලු වාමාංශික දේශපාලන ප්‍රවාහයන්, එකතු කරගෙන මහින්ද අමරවීර සහ ලාල් කාන්ත සහෝදරයා සහ තවත් සම කැඳවුම්කරුවන් කිහිපදෙනෙකුගේ නායකත්වයෙන් පුළුල් සංධානයක් ගොඩ නැගීමට නියමිතයි. ඉතාමත් ඉක්මණින් මැද මුලන / වික්‍රමසිංහ/ ප්‍රෙමදාස හොර හවුල සහ උන්ගේ චක්ගෝල හෙංචයි කුජීත බොරුකාර හොර රැලත් එම පවුල්වල වහල්ලුන්ගේත් අවසානය අත ළඟයි. අලුත්ම දේශපාලන සංස්කෘතියකට මග විවර වෙමින් පවතී.

    ReplyDelete
  5. නන්දසේන වවුලගෙ මගුල් ගෙදර ගියානං එල්ලිලා හිටපන් සුසිල්!

    ReplyDelete
  6. මොනව නැතත් මේ කතාවට නං එකඟයි. ඒක කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔය ඔළු මාරුවට වඩා ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න බහුතර ජනතා කැමැත්ත මත long term strategy එකක් හදාගන්න ඕන, ඒක පක්ෂ පාට බේදයක් නැතුව ආණ්ඩු වෙනස් වීම් වලදී වෙනස් නොවී දිගටම කරගෙන යන්න ඕන, වෙනස් කරන එකෙන් වෙන්නේ කළමනාකරණ හැකියාව සහ කෙටි කාලීන සැලසුම් වෙනස් වීම පමණක් මිස දිගුකාලීන වැඩ පිළිවෙළ එක අරමුණකට යොමු විය යුතු යි. නැතුව බොරුවට ඔලුගෙඩි මාරු කරන එකෙන් රටට වැඩක් නෑ එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යන වහල්ලුන්ට තාවකාලික ආතල් එකක් ගන්න පුළුවන් එච්චරයි.

      රටක් වශයෙන් ලංකාවට ගොඩ යන්න තියෙන එකම ක්‍රමේ විදියට මම දකින්නේ අපනයන කර්මාන්ත/ සේවා අපනයන සඳහා වන විදෙස් ආයෝජන, හා ලංකාවෙ දැනට ක්‍රියාත්මක වන නිෂ්පාදන තව වැඩි කරල රට යවන එක ඒ වගේම තියෙන ස්වභාවික සම්පත් වලින් තෝරාගත් කර්මාන්ත ආරම්භ කර නිමි භාණ්ඩ විදියට රට යවන එක, නමුත් ලංකාවට විදෙස් ආයෝජන එන්නෙ නැත්තෙ, යටිතල පහසුකම් ප්‍රමානවත් නෑ ඒ වගේම රටේ කම්කරු නිති ආයෝජකයන්ට හිතකර නෑ ඒ සේරටම වඩා ලංකාවෙ වෘත්තීය සමිති හදන් කොයිවෙලෙත් ස්ට්‍රයික් ඒ වගේම කලාපෙ අනිත් රටවලට වඩා වැඩි මුදලක් ශ්‍රමිකයන්ට ගෙවන්න ඕණ

      Delete
  7. අනේ බන් ගොබ්බ ගූතලන් රිළවෝ, තමුන්නැහේ රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ යන අමු වහලෙක් බව කව්රුත් දන්නවා. අනික ජවිපයට ඔහේ වගේ නන්නත්තාරයකුගේ උපදෙස් ඕනෑ නැහැ. නිකන් බයිලා කෙලින්නේ නැතුව ඉන්න.. ඕවා හිතේ අමාරුවට ලියන ඒවා... !!!

    ReplyDelete
  8. මතේ මෙන්න ඔයාට සන්සස්ගල ආරාධනාවක් කරනවා
    https://youtu.be/Lvbj1UCEGwI?t=1677
    ඔයා යනවද ?

    ReplyDelete
    Replies
    1. ඌ එතනත් කෙප්ප කෙලින්නේ

      Delete
  9. මේ වන විට ලංකාවේ බහුතර දිළිඳු ජනයා මත පටව ඇති අධික බදු බර තවත් වැඩිකරමින් අලුතෙන් ජී එස් ටී භාණ්ඩ හා සේවා බදු පැනවීමට ලංකාවේ වත්මන් ආණ්ඩුව තීරණය කිරීම නිසා ජනතාව නව වසරේ කබලෙන් ලිපට;

    ECONOMYNEXT – Sri Lanka’s cabinet of ministers had cleared a Special Goods and Services Tax law and changes to the Value Added Tax, a government statement said.

    The Special GST consolidates several taxes on liquor, cigarettes, telecommunications, betting and gaming and vehicles, the government said.

    Sri Lanka’s Attorney General had cleared the draft law to be published in the Government Gazette and presented to parliament.

    Sri Lanka had raised a so-called Financial value added tax on banks. (Colombo/Jan05/2022)

    Ref: https://economynext.com/sri-lanka-clears-draft-law-for-special-gst-89326/

    පැවති යහපාලන රජය සමයේද ලෝක වෙලඳ පොළේ සියලු භාණ්ඩ හා සේවා ඉත අඩු මිලට පැවති සමයක ලංකාවේ අධික ලෙස උද්ධමනයක් පැවති අතර එම උද්ධමනයේ සැබෑ හේතුව 2017/18 කාලයේ පැනවූ අධික බදු යැයි කියනු ලැබුවේ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසිනි. මීට අමතරව 2018 වසර තුළ පමණක් රුපියල 16% කින් පමණ අවප්‍රමාණයවී තිබේ. 2018 ආරම්භයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 154 ට ආසන්න අගයක් වූ අතර, 2018 දෙසැම්බර් 31 දින වන විට එය රුපියල් 183 ට ආසන්න අගයක් දක්වා අවප්‍රමාණය වීමත් එම කාලයේ පැවති අධික උද්ධමනයට හේතු වූ බව කුමාරස්වාමි මහතා පැවසූවා.

    Ref:

    https://www.sundayobserver.lk/2018/02/18/features/how-can-sri-lanka-tackle-cost-living

    https://www.ft.lk/w-a-wijewardena-columns/An-economic-crisis-worsened-by-a-political-crisis--Time-is-running-out-for-Sri-Lanka/885-649689

    සැබැවින්ම ලංකාවේ මේ ආණ්ඩුව බලයට පත්වන විට කී එක් කතාවක් වූයේ පසුගිය යහපාලන රජය මගින් පණවා තිබූ දැඩි බදු බර අඩුකරමින් සෘජු හා වක්‍ර බදුවල ඇති විෂමතාව දුරලීමය. එහෙත් ඒ වෙනුවට පසුගිය කාලය පුරාම සිදුවූයේ සාමාන්‍ය ජනයා මත තව තවත් අධික ලෙස බදු පැනවීමය. අද වනවිට සාමාන්‍ය ජනතාව මත ආර්ථික තෙරපුම ඇතිකරන ප්‍රධාන සාධකයක් වී ඇත්තේ මේ අධික බදුය. සාමාන්‍ය ජනතාව මත බදු බර පටවා ආර්ථිකය කළමනාකරණය කිරීමට බලපා ඇති ප්‍රධාන කරුණ වන්නේ රජයේ අධික ණය බරයි. ණයෙහි ප්‍රශ්නය වන්නේ ගැනීමටත් වඩා එය අර්ථාන්විතව භාවිත කිරීමයි. විශේෂයෙන්ම වාණිජ ණය ගෙන ප්‍රතිලාභ ලැබෙන පරිදි ආයෝජනය නොකිරීමෙන් සිදුවන්නේ ජනතාවගෙන් බදු මගින් උපයන මුදල් ණය ගෙවීමට යෙදීම ලංකාව රටක් හැටියට මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්නයයි.

    දැනට ලැබෙන සංඛ්‍යාලේඛන වලට අනුව, පිටකොටුවේ සාමාන්‍යයෙන් රු. 350 කට (මෙයම සුපර්මාකර් වල රු. 450 ක් විතර වේවී) මිල දී ගන්නා කුඩා ප්‍රමාණයේ සිල්ලර භාණ්ඩ ලැයිස්තුවක් වෙනුවෙන්, අප රජයට රු. 150 කට වඩා බදු ගෙවන බව ලංකාවේ ආර්ථික විශ්ලේශකයින් පෙන්වා දුන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ, දැන් මේක තවත් වැඩි වීනම නියමිත බව පෙනී යයි. රු. 150ක් යනු ලංකාවේ කෙනෙක්ට දිවා ආහාරයට ගත හැකි සාමාන්‍ය බත් පාර්සලයක මිලට සමානයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ රජය අපගෙන් බදු අය කරනු ලබන්නේ කරණා දෙකක් තකා, එකක් මේ බදු රජයේ ප්‍රධාන ආදායම් ප්‍රභවයක් වන අතර ශ්‍රී ලංකා රජයේ 80% පමණ ආදායම මෙම වක්‍ර බදු අය කිරීම තුලින් සම්පුර්ණ වේ. වක්‍ර බදු පැනවෙන්නේ භාණ්ඩ හා සේවා සඳහා වන අතර එමෙන්ම, සෘජු බදු පැනවෙන්නේ ආදායමය.

      මෙහි දෙවැන්න ලෙස රජය පවසන්නේ බදු අය කිරීම මඟින් දේශීය නිෂ්පාදකයින්, ආනයන මගින් ඇති කරන තරඟයෙන් ආරක්ෂා කල හැකි බවට බහුබූත තර්කයකුයි.

      නමුත් ලංකාවේ ඉතා දිළිඳු සාමාන්‍ය ජනයා එදිනෙදා මිලට ගන්නා පාරිභෝගික භාණ්ඩ සඳහා මෙවැනි අධික බදු අය කිරීම රජය විසින් සාධාරණිකරණය කරනු ලබන්නේ, එමගින් දේශීය නිෂ්පාදකයින් ආනායන වලින් ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම් තර්කයක් ලෙස ගනිමිනි. ඒ අනුව ආනයන සඳහා තීරුබදු පැනවූ විට, ආනයනවල මිල අධික ලෙස ඉහළ යන අතර, දේශීය නිෂ්පාදකයින්ට වඩා ලාභදායී විකල්පයක් සමඟ තරඟ කිරීමට අවස්ථාව ලබා දෙන බව ට්පැවසෙයි.

      මීට උදාහරණයක් ලෙස දැනට ලංකාවේ බෝංචි කිලෝ එකක් සඳහා රජය 101% බද්දක් පනවා ඇති බැවින් එනම් ඔබ ලංකාවේ ආනයනික බෝංචි කිලෝ එකක් සඳහා එහි සැබෑ වටිනාකම මෙන් දෙගුණයක් ගෙවනු ලබයි. මෙය ලංකාවේ බොහෝඅ ආනයනික භාණ්ඩ වලට ලක්වී ඇති ඉරණමයි. ලෙහෙසියෙන්ම වාහන/ විදුලි උපකරණ/ ස්මාට් ෆෝන්/ ලැප්ටොප් මෙන්ම එදිනෙදා ආනයනික පරිප්පු/ සීනි/ ලොකු ළුුණු/ ටින් මාලු/ කිරිපිටි ආදී හැම එකකටම මේ සංතෑසිය බලපා තිබේ.

      කෙසේ හෝ මෙම ආනයනික තීරු බදු නිසා දේශීය නිෂ්පාදකයින්ට ආනයන කරන භාණ්ඩ වලට වඩා සාපේක්ෂව අඩු මුදලකට ඔවුන්ගේ නිෂ්පාදන දේශීය වෙළඳපොල තුල විකිනීමට හැකි වීම බැලු බැල්මට දේශීය නිෂ්පාදකයින්ට වාසි ප්‍රතිපත්තියක් ලෙස පෙනුනත් සැබවින්ම දිගුකාලීනව මෙය යහපත් ප්‍රතිපත්තියක් නොවන අතර බහුතර දේශීය පාරිභෝගිකයාට පාඩු පිට පාඩු සිදුවන මහත් ව්‍යසනයකි.

      මෙසේ දේශීය නිෂ්පාදකයින්ට සහනයක් ලෙසට මිලෙන් අඩු ආනයන සමඟ තරඟ කිරීම පහසු වීමට රජය විසින් තීරු බදු පැනවූ විට, දේශීය නිෂ්පාදකයින්ට කාර්යක්ෂ්මව හා ඵලදායීව කටයුතු කිරීමට ඇති සියලුම වෙළඳපල දිරිගැන්වීම් ඉවත් වෙයි.

      සැබැවින්ම මෙහිදී මිලෙන් අඩු ආනයනික භාණ්ඩ මත අධික තීරු බදු හේතුවෙන්, එම භාණ්ඩයේ මිල දේශීය නිෂ්පාදිත භාණ්ඩ වඩා ඉහල යන නිසා දේශීය පාරිභෝගිකයන් වන අපි දෙයාකාරයකින් පාඩු විඳිමු. අපට දේශීයව නිෂ්පාදිත භාණ්ඩයක් මිල දී ගැනීමට අවශ්‍ය වූවත්; දේශීය නිෂ්පාදකයින්ට උසස් තත්ත්වයේ, ආකර්ශනිය භාණ්ඩයක් පාරිභෝගිකයාට ලබාදීමට කිසිඳු විශේෂ හේතුවක් නැත.

      නැතිනම් යම් අවස්ථාවක පාරිභෝගිකයා දේශීය නිෂ්පාදන පිළිබඳව සෑහීමකට පත් නොවී ආනයනික විකල්පයක් මිලට ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, එම භාණ්ඩ දේශීය නිෂ්පාදකයන්ගේ "යහපත" වෙනුවෙන් පැනවූ තීරු බදු ගාස්තු අනුපාතයකට යටත් වන බැවින් වඩා වැඩි මිලක් ගෙවීමට සිදුවේ.

      කෙසේ හෝ ලංකාවේ මෙම විකාර බදු මඟින් අනයනය කරන භාණ්ඩයේ අවසාන මිලත්, දේශීයව භාණ්ඩය නිෂ්පාදනය කිරීමේදී වැයවන පිරිවැයත් අතර විශාල වෙනසක් ඇති කරයි. දේශීය නිෂ්පාදකයින්ට මෙම වෙනස අති විශාල ලාභයක් බවට ලක්කර ගත හැක. නමුත් තමන් නිපදවන භාණ්ඩ වල තත්වය උසස් කිරීමට හෝ වඩා ආකර්ශනීය භාණ්ඩ නිපදවීමට කිසිම උනන්දුවක් ඔවුන්ට මෙමඟින් ඇති නොවේ.

      මෙම ඊනියා ආරක්ෂණවාදයට ඉඩ දිය යුතු නැති අතර හුදෙක් බදු වලින් මිල වැඩි කිරීම පමණක් කරමින් වෙනත් දිරිගැන්වීම් නොමැතිකම නිසා ලංකාවේ නිෂ්පාදකයින් අකාර්යක්ෂම නිෂ්පාදන රටාවකට හුරුවී ඇත. මෙම අවස්ථාවේ දී රජය තවදුරටත් දේශීය නිශ්පාදකයින් ආරක්ෂා කල යුතුද? එසේ නම්, පාරිභෝගිකයින් සඳහා වන පිරිවැය නම් අපි මේ සඳහා කරන කැපකිරීම ගැන අප සැලකිලිමත්ද?

      දැනටමත් ලංකාවේ දේශීය පාරිභෝගික පීඩනය මත ආරක්ෂණවාදය රටේ උණුසුම් මාතෘකාවක් බවට පත් 1977 ලංකා ආර්ථිකය විවෘත වූ දා සිටම දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම අරමුණු කරගත් විවිධ ව්‍යාපාර ක්‍රියාත්මක කරන ලදී. ලංකාව දකුණු ආසියානු කලාපයේ තම ආර්ථිකය විවෘත කල පළමු රට වුවුද වසර 40කට පසුවත් අප විවෘත ආර්ථිකයේ ඵල නෙලාගෙන නැති බවත් බොහෝ දේ වලින් අප සිටින්නේ පසුගාමී තැනක බවත් ආරක්ෂණවාදය විකල්පයක් ලෙස රජයට කළ හැකි දෙයක් වන්නේ වෙනත් රටවල් සමඟ තාක්ෂණික ආයෝජන ඇති කර ගැනීම සහ එමඟින් රටේ අඩු ප්‍රතිලාභ ලබා දෙන අඩු කාර්යක්ෂම, ආරක්ෂිත කර්මාන්ත, කාර්යක්ෂම සහ ලාභදායක කර ගැනීමට හැකි තාක්ෂණය අත්පත් කර ගැනීම පමණක් බව අපේ අදහසයි.

      දැනට ලංකාවේ රජය විසින් පනවන අධික බදු සහ නියාමනය ලිහිල් කර විදේශ ආයෝජන සඳහා ආර්ථිකය විවෘත කිරීම සහ ආයෝජකයින්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම තුලින් මෙය සිදු කල හැකි බවත් දශක ගණනක් තිස්සේ අප සිදු කරන ආරක්ෂණවාදී පියවර දිගින් දිගටම අසාර්ථක වී ඇති බව දැන දැනම, අපගේ නිෂ්පාදකයින් විදේශ තරඟයෙන් ආරක්ෂා කරන මේ විගඩම නැවැත්විය යුතු බව අපේ අදහසයි. මේ ගැන ඔබේ අදහස කෙසේද? මීට ඔබටත් යමක් එකතු කළ හැකියිද?

      Delete
  10. සන්නස්ගලගේ පටිපාටියට ගියැයි.

    ReplyDelete
  11. @ Jagath Pathirana,

    ඔයා දන්නවා ඇතිනේ සිංහල සිනමාවේ මුල්ම පිරිමි සුපිරි තරුව ලෙස සැලකෙන්නේ ප්‍රේම් ජයන්ත්. " උමතු විශ්වාසය " තුළින් පැමිණ " සුජාතා " තුළින් ස්ථාවර වූ ඔහුට සුවිසල් රසික ප්‍රසාදයක් ලැබුණා.

    මෙසේ තිබියදී ප්‍රේම්ගේ දැඩි රසිකයෙකු විසින් 1955 ජනවාරි 10 වෙනිදා උපන් සිය පුතුට ප්‍රේම්ගේ නමද සහිතව " සුසිල් ප්‍රේම් ජයන්ත්" ලෙසින් නම් තැබුවා. එම දරුවා තමයි පෙරේදා ජනපති විසින් ඇමතිකමින් ඉවත් කිරීම නිසා යම් තරමකින් හෝ කතාබහට ලක් වන කුප්‍රකට දේශපාලක සුසිල් ප්‍රේම් ජයන්ත්....!

    මේ ගැන තවදුරටත් විස්තර කරලා ලියන්න පුළුවන් ද ජගත්ට?

    ReplyDelete
  12. මම හිතන්නේ ආන්ඩුවේ ද අභිලාෂය විපක්ෂය පොදු විපක්ෂයක් කිරීම. නමුත් මෙතන ඩීල් එකක් නැ. වීරවංස, ගමන්පිල, වාසිදේව, වගේම නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල දයාසිරි එස් බී වගේම මහින්ද අමරවීර වැනි අය සමග සංවිධානගත වීම සමග ජවිපෙ ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම විශාල වශයෙන් වැඩි කර ගැනීමට පුළුවන් වෙයි.

    මේ දවස්වල මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂක වෙන්න තදබල උත්සාහයක, ජවිපෙ ජාතික ජන බලවේගයටත් තව සැලකිය යුතු මට්ටමකින් විශාල ඡන්ද ප්‍රමාණයක් ගැනීමට නම් ශ්‍රීලනිප ට එකතු වීම හැර වෙන විකල්පයක් නැ.

    එක්සත් ජාතික පක්ෂය වගේම සමගි ජන බලවේගයත් වල පල්ලට යන දේශපාලනික අඳ බාල විගඩම්. රාජපක්ෂ විරෝධී කඳවුර ලෙස ජාතික ජන බලවේගය බලවත් වීමත් සමග ටී එන් ඒ වගේම මුස්ලිම් කොන්ග්‍රසය වගේ පක්ෂ සේරම ඒකට එකතු වීමත් සමග සමගි ජන බලවේගය ත්‍රීවීල් පක්ෂයක් ලෙස නාය යයි.

    කෙසේ හෝ සිරිසේන වෙනුවට වෙන පොදු අපේක්ෂකයකු ජනපති ලෙස නම් කරමින් සිරිසේනට අගමැති තනතුර යෝජනා කරන එක තමයි දැනට පවතින බව පේන සැලසුම. නමුත් අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  13. මාතලන් මේ තියෙන්නේ ලංකාවේ ආණ්ඩුව අවුරුදු දෙකක් ඇතුලත පළවා හැරීමට පහසුවෙන්ම අනුගමනය කළ හැකි හොඳම ක්‍රමය;

    https://www.youtube.com/watch?v=ZLda3vNFPdI

    කෙසේ නමුත් ලංකාවේ ආණ්ඩුවක් අවුරුදු පහක් සම්පූර්ණ වීමට පෙර මේ ආකාරයට ගෙදර යවන්න පුළුවන් වේවි ද මාතලන්?

    මෙහි ඇති නීතිමය පසුබිම සහ ව්‍යවස්ථාවේ ඇති බලතලවලට අනුව මෙම ක්‍රමය හරහා ලංකාවෙ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් වේවි ද ඉක්මනින් කියා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

    මේ බලන්න ලංකාවේ වටින ඉඩම් විදේශිකයන්ට/ විදේශීය බහු ජාතික මංකොල්ල කාර සමාගම් වලට විකුණන එක ගැන විස්තර;

    https://www.facebook.com/indu.malalasiri/videos/277161887791399/


    ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයම පෙරට ආ යුතු බව මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි මාතලන්

    https://www.facebook.com/indu.malalasiri/videos/227105899559675/

    මේ ගැන ඔබේ මතය පෝස්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න බලන්න

    ReplyDelete
  14. හැබැයි සුසිලත් ත්‍රී වීල් වල ගිහින් බොරු රඟපෑම් කරන්න ගිහිං බලු වුණා.
    හරියටම කරනවානම් කරන්න තිබුනේ, විජේදාස රාජපක්‍ෂ, සුසිල්, විමල්, ගම්මම්පිල, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, බන්දුල ගුණවර්ධන සෙට් එකට ආණ්ඩුවෙන් ගිහින් වෙනම සන්ධානයක් ගහල බැසිල්ට ඇරල දාන එක. බැසිල්ට ඇරපු දාට මේ ආණ්ඩුව අවුලක් නැතුව දුවනවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න