.

.

Jan 31, 2022

ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට නම්..

 


ලෝකය තනි යායක් කියා කීමට කියන්නේය. ඇත්තටම අද ලෝකයම එකම ගම්මානයකි. ලංකාව දූපතක් වීම මෙන්ම ප්‍රධාන භාෂාවන් දෙකම ජාත්‍යන්තර භාෂා නොවීම අති බහුතරයකට මේ හැඟිම, මේ දැණීම, නැතිවීමට ප්‍රධාන හේතුවය. රට තොට ඇවිද ආ එකාත්, මේවා නොදන්නවා වගේ ඉන්නෙ ඒ ගෝත්‍රිකත්වයෙන් ගොඩ ඒමට බැරි නිසාමය. (උන් නොරට ගෙවන්නේත් හුරු පුරුදු වනචාරි ජීවීතය බව ඊයේ පෙරේදා ඔස්ට්‍රේලියාවෙන් ඔප්පු උනේය.

සාමාන්‍ය ජනතාවගේ තත්වය එසේ වුවද, දේශීය උගතුන්ගේ මෙන්ම, නොරට ජීවත්වන උන්ගේත් මානසිකත්වය තත්වයේද ඊට වඩා කිසිඳු වෙනසක් නැත්තේය. උන් කියන්නේ, ලෝකෙන් උතුම් රට මේ ලබු ගෙඩියෙයි කියලාය. මේකේ තියෙන සම්පත් ලෝකයේ කිසි රටක නැතෙයි කියාය. හොඳම උදාහරණය දොරමඩලාවට එන නොරට ජිවත් වෙන මහා ආචාරියලාය. මහා උගත්තුය. හැබැයි මෙහේ තෙල් වත් ගල් අඟුරුවත් ඇත්තේ නැතිය.ද් 1960 ගනන්වල සොයාගත් පේසාලේ තෙල් තාම උඩට ආවේ නැතිය. 

ඇත්තම කතාව මුන්ට උපාධි කප්පරක් තිබ්බත් මේ එකෙක්වත් ලෝකයට අලුතෙන් කිසිවක් එකතු නොකල, වන පොත් කොට ගොඩ ගිය, ස්වාධීන බුද්ධියක් නැති, නිර්මාණශීලීත්වයක් නැති, අප්ඩේට් නැති රොබෝලා පිරිසක් වීමය.

සිතිජයෙන් එහා ලෝකයක් බැලීමට දහසක් බලාපොරොත්තු මැද ගෙනා ඇමරිකන් ඝෝඨා, අමු සිරි ලාංකික ගෝත්‍රිකයෙක් කර තිබෙන්නේ එම පිරිසය. දොරමඩලාව ඔහුගේ ප්‍රියතම වැඩ සටහනක් වනාතර, හසන්ත ඔහුගේ ප්‍රියතම නිවේදකයෙක් වන්නේය

 1970 -77 ත් අතර තිබූ "සත් අවුරුදු සාපය" මාරම යුගයක් ලෙස මුන්නැහේගේ ඔලුවට කාවද්දා ඇති බව ඔහුගේ මෑතම කතාවලත් පැහැදිලිවම පෙනෙන්නේය. දේශීය ආර්ථිකයක් ගොඩ නැගීම ඔහුගේ එකම බලාපොරොත්තුව බව ඔහුගේ "කහ විප්ලවයෙන්" අපූරුවට පෙනෙන්නේය. කාබනික එකෙන් නාගත් ආකාරය ගැන අළුතෙන් අටුවා ටීකා ටිප්පනී ලියන්න ඕනෑම නැතිය.

මේවා නරක දේ නොවේ, එහෙත් කරුමය නම් කිසිම සැලැස්මක් නැතිව දේශීය වෙළඳපොළ පමණක්ම ඉලක්ක කරගෙන පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම නවතා දමා විප්ලව කරන්නට යාමය. පාරිභෝගිකයන් කහ නැතිව පරිප්පූ කෑ අතර, පන් ගොයියෝ සියල්ලෝම කහ වවා ලොරියක් අරගෙන දියුණු වීමේ පරම පවිත්‍ර චේතනාවෙන්ම කහම විතරක් වැව්වේය.

දැන් ඒවා වවපු උන්, ඒවා විකුණාගන්න බැරිව  ඝෝඨාගේ මව් ගුණ ගයමින් සිටිනවාය. නිශ්පාදනය වැඩි වූවා කියා, හිඟයක් පැවති කාළයේ පැවති පාරිභෝගිකයාට ඉසිලීමට නොහකිවූ මිළෙහිද කිසිඳු වෙනසක් නැත. මේවා බන්ධුල ඉගැන්වූ ආර්ථික තියරිද අමු කෙප්ප බව ඔප්පු කර අවසානය. මන්ද විපක්ෂයේ ප්‍රොපගැන්ඩාවලට මෙන්ම ක්‍රියාකාරකම්වලටද, මාෆියාවලටද, මහ බැංකුවේ උද්දච්ඡ් නිළධාරීන්ටද, භාන්ඩවල මිළට බලපෑම් කළ හැකි බව කිසිඳු ආර්ථික තියරියක පැහැදිලි කර ඇතැයි කියා මා නම් සිතන්නේ නැතිය. 

නමුත් ලංකාවේ සිඳුවන්නේ එයය. සහල් හා සිමෙන්ති වලට වී ඇත්තේ එයය. ගෑස් පිපිරුවේ කෙසේද කියා දැන් ඕනා එකෙකුට තේරෙනවා ඇතිය. හාල් මිළ පාලනය කරන්නේ තනි පුද්ගලයෙකි. ඌට විධායකයද මාර බයය. බුවා විධායකටත් වඩා බලවත්‍ය. සිමෙන්ති ඇති තරම් ආනයනය කළද, සීනී වලට කලාක් මෙන් ඒවා සඟවා හිඟයක් මවා වැඩි මිළට විකුණයි. සිමෙන්ති නැතෙයි කියන්නේ අමු බොරුය. වැඩි මිළට ඕනා තරම් වෙළඳ පොලේ ඇත.

මේ සියල්ලට හේතු උනේ එතෙක් නිදහසේ ගලාගිය ආනයන අපනයන වෙළදපොලට රජය හොට දැමීමය. මාතලන් හැමදාම කියන්නා වාගේ ආර්ථිකය මයිනස් ගිය පට්ට අසාර්ථක චන්ද්‍රිකාගේ යුගයේත්, මන්ද බුද්ධිකයින් දෙදෙනෙක් පාලනය කළ යහපාලන සමයේදීවත් ඔවුන් කිසිදින නිදහසේ ගලා ගිය ආර්ථිකයට, බාධා, පාලන, නීතී රීතී දාන්න ගියේ නැතිය. 

වාහන ආනයනය සීමා කිරීම මේ තීරණවලින් ගත් අමනම තීන්දුවය. මේ තීරණය ගැනීමට පෙර එය වෙළඳපොළට කරන බලපෑම ගැන හෝ ඉන් කෙතරම් පිරිසක් ජීවත් වන්නේද යන්න ගැන කිසිඳු අධ්‍යයනයක් සිඳු නොකොට ආර්ථිකයේ බෙල්ල කැපුවා වාගේ කළ අමනම තීන්දුවකි. 

මේ බව තේරුම් ගත් පැරණි එක්සත් ජාතික පාක්ෂිකයකු වන අජිත් නෙවාඩ් කබ්‍රාල් මොකා හෝ දැමූ මේ ගොබ්බ තීන්දුව වෙනස් කිරීමට ඉල්ලා මාස තුනක් ගත් වූවද, ඊට එරෙහි පිරිසක් මුදල් අමාත්‍යංශයේ ඉන්නා බවට මේ වන විට වාර්ථා වේ. උන් මොකා උනත් ඒ කරන්නේ ඝෝඨා විනාශ කිරීමේ වැඩ පිලිවෙලක් බව ඉතාම පැහැදිලිය. 

මෑතකදි බංගලාදේශයේ මාධ්‍ය විසින්ද, අපේ ආර්ථිකය භක්ෂණය කරන්නේ වෙනින් කවුරුවත් නොව, මහ බැංකුවේ අමන නිළධාරින් බව ලොකයට හෙලි කලද, ඒ පිළිබඳ කිසිඳු බුද්ධිමය දේශපාලන සංවාදයක් ඇති නොවීම කනගාටුවට කරුණය.

ආනයන අපනයන වෙළදාමට බාධා පනවමින්, දේශිය පරිභෝකිකයින් පමණක් ඉලක්ක කරගෙන ගෙනයන "සංවෘත ආර්ථික ක්‍රමයකින්" මේ රට ගොඩ ගන්නට සිතන්නේ නම්, අපට කියන්නට තියෙන්නෙ.... ඝෝඨා ස', ඔයා හරි පව් කියලාය. කිසිඳු විදෙස් ආයෝජකයකු ලංකාව පැත්ත පලාතේ එන්නේ නැත්තේත්, වෙනත් රටවල් අපේ රට හා ගණුදෙණු කිරීමට අකමැති වන්නේත් ඔබ කර තබාගෙන යන මේ ගෝත්‍රික චින්ත්නය බවත් ලියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.


22 comments:

  1. හොඳ පෝස්ට් එකක් මාතලන්, දැනට පවතින ඩොලර් අර්බුදය ඉතා ඉක්මනින් විසඳා ගත යුතුයි, කබරාලයාගේ ප්ලෑන් එක හරි ගියොත් මාර්තු අප්‍රේල් වගේ වෙනකොට තව ටිකක් අමාරු වුණත් මැයි වගේ වෙද්දි පොඩ්ඩ පොඩ්ඩ ඔලුව උස්සන්න පුළුවන් වේවි. ආණ්ඩුව වහාම වෙනම ටීම් එකක් දාල පසු විපරමක් කළ යුතුයි, මේ සඳහා ආණ්ඩුවේ ඉන්න මොළේ ඇති හාදයින් සෙට් එකක් දාල ආණ්ඩුව මෙතෙක් ගත් තීරණ වල හොඳ නරක ගැන විමසා කළ් යුත්තේ කුමක්ද කියන එක ගැන හොඳ අවබෝධයක් ඇති කර ගත යුතුයි, මම යෝජනා කරන්නේ ආචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර වගේ පිරිසක්.

    කතාවට අදක්ෂ බැසිල් මුදල් ඇමති කමින් අස්වී එය මහාචාර්ය රංජිත් බණ්ඩාර වගේ කෙනෙක්ට ලබා දිය යුතුමයි, බැසිල්ට ආර්ථික සංවර්ධන ඇමති වගේ තනතුරක් හොඳයි. මුදල් ඇමති මාධ්‍ය සහ පාර්ලිමේන්තුවේ ව්‍යක්ත ලෙස කරුණු සහිතව පිළිතුරු දිය යුතුයි.

    ReplyDelete
  2. ඇත්ටතම මාතලන් මෙතන ඉතිහාසය ගැන විශේෂයෙන් ආණ්ඩුව 1970-77 යුගයට නැවත යා යුතුබව මෛත්‍රීපාල ඇතුලු නිදහස් පක්ෂයේ ඇතැමුන් සහ පැරණි වාමාංශිකයින් පවසන නමුත් ලංකාවේ ඇත්තටම කළ යුත්තේ හැකි තරම් අපනයන භාන්ඩ සහ අපනයන සේවා අංශයේ සියලුම ආකාරයේ ලංකාවට ගැලපෙන දේවල් ඉතා කල්පනාකාරීව තෝරාගේන රටට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි අපනයනය කළ හැකි සියලුම දේවල් තෝරාගෙන අපනයන වැඩි කර ගෙන එමගින් ආනයන වලට අවශ්‍ය ඩොලර් විදෙස් විනිමය ලබා ගැනීමයි, ලංකාවේ දේශීය ගොවීන් ජාත්‍යන්තර තරගකාරීත්වයට විවෘත කළ යුතු අතර ආණ්ඩුවේ වියදමින් පොහොර ඇතුළු සහනාධාර දී පොහොර & agrochemicals (fertilizer, pesticides, weedicides, etc.) ආනයනයෙන් ගොඩ යන ඇතැම් කූට අම්න ජාවාරම් කාරයින් සහ විශාල හාල් මෝල් හිමි ටික දෙනෙක් පෝසත් කරන විකාරය නවත්වා පාරිභෝගිකයා සහ ගොවීන් යන දෙගොල්ලාටම වාසි වන පරිදි ගොවීන් හැකි උපරිමයෙන් අපනයන භෝග වලට යොමු කල යුතු අතර යම් සීමිත පිරිසක් මහා පරිමාණයෙන් දේශීය වගාවල යොදවා ආහාර සුරක්ෂිතභාවය ඇති කළ හැකි වෙයි. Balance rice could be imported from Pakistan, India & East Asia (Sri Lanka's total rice consumption is 2.4 million metric tons which worth around 1.2 billion US $ where 70% could be produced locally & the rest 360 million US $ worth 30% rice could be imported from the excessive export revenue. Labour force should be mostly engaged on high return export products including export crops & other export commdities/ services etc.

    ඒ වගේම ලෝකයේ මජිජුවානා වෙළඳ පොළ ඉතා විශාලයි, නමුත් ලංකාවට ලෙහෙසියෙන්ම මරිජුවානා ආශ්‍රිත නිශ්පාදන සඳහා දුෂ්කර ඌව පළාතට විදෙස් ආයෝජන ගෙන්වාගෙන එම කර්මාන්තය උපරිම රාජ්‍ය අනුග්‍රහයෙන් කළොත් ඩොලර් බිලියන් දෙකක් වත් තව හොයා ගන්න බැරිවෙන එකක් නෑ, ආන්ඩුව ඒ වගේ දේවල් වලට යොමු නොවෙන්නේ ඇයි?

    According to Verified Market Research, the Global Legal Marijuana Market size was valued at USD 20.73 Billion in 2020 and is projected to reach USD 111.31 Billion by 2028, growing at a CAGR of 23.43 % from 2021 to 2028.

    Check this link - t.ly/dBG7

    මේ ගැන මාතා දරන අදහස මොකක්ද?

    ReplyDelete
  3. මොකක්ද අර්බුධය?

    ReplyDelete
  4. දැන් මිනිස්සු අතේ සල්ලි තියෙනවා. ඒකයි ඔහොම කෑම බීම විසිකරන්න තරං වියදම් කරන්නේ.

    අනික මම දැක්කා කොළඹ තියෙන සුපර්මාර්කට් වල මිනිස්සු පෝලිමේ ඉදන් ඉම්පොර්ටඩ් ගෝට් චීස්, නෝර්වීජියානු සැමන් ෆිලේට් එහෙම ගන්නේ. අද තියෙන ඒවා හෙට නැහැ. අලුත් තොග. මිනිස්සු අතේ සල්ලි තියෙනවා.

    -රංග තේනුවර(GTRZ)-
    ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි.)

    ReplyDelete
  5. තලන් ගොයියෝ,

    බොට මතක ඇති නේද ලංකාවේ අවුරුදු හතරකට විතර කලින් මීතොටමුල්ලේ කුණු කන්ද නාය යෑම නිසා මිනිස්සුන් බුරුතු පිටින් මිය ගිය එක, 2016 කැළණියේ ගංවතුර නිසා 1500 ක් විතර මැරිලා මිලියන එක හමාරක් විතර අවතැන් වූ එක, සාලාවේ අවි ගබඩාවේ පිපිරුමක් නිසා ගමක් විනාශ වුණා, මිරියබැද්දේ නාය යෑම් නිසා මිනිස්සුන් පවුල් පිටින් වැලලුන අස්සේ හිටපු අගමැති රනිල්, නිවාස ඇමති සජිත්, විපක්ෂයේ ප්‍රධානතම සංවිධායක අනුර සහ ඒකාබද්ධ මලබද්දයේ මරා ඇතුළු පිරිස විලි ලැජ්ජා නැතුව තම පුද්ගලික සුඛ විහරණය සඳහා කෝටි ප්‍රකෝටි ගණනින් වටිනා වාහන ගෙන්වා ගැනීමට මුදල් අනුමත කර ගත්තු හැටි ඒ මිනිස්සුන්ට සත පහක දෙයක් නොකර? පුද්ගලිකව ත්‍යාගශීලි මිනිසුන්ගේ උපකාර මත ඒ මිනිස්සු කූඩාරම් ගහගෙන කට්ට කාගෙන හිටියා ආණ්ඩුව පුකෙන් වත් බැලුවේ නැහැ. ඔන්න ඔය වගේ කාලේක මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගිය දවස් වල මගේ මුහුණුපොතේ ලිව්වෙ. අද සකර්බර්ග් අයියා "මෙන්න මෙයා ඔයාගේ මෙමරීස්" කියලා එවලා තිබුණා.

    "හැබෑටම අනේ බොල
    මීතොටේ කුණු කන්ද
    උඹ ඔහොම නාය ගොස්
    අපෙ රටට කළ හදිය
    ගඳ ගහන මළකඳන්
    බදා වැලපෙන දනන්
    නොදුටු සේ වියරුවෙන්
    මේ මුහුණුපොත පුරා
    දේශපාලනේ බදං
    රටට සත පහක් වත්
    වැඩක් නැති අමනයන්
    හට ලැබෙන බඩ වියත
    රැකගන්න තටමමින්
    එක එකාට කඩේ යන
    රණ්ඩු වෙන ගොන් රැලට
    දුන්න තව ටොපිකයක්
    පිල් බෙදී ගහගන්න
    තව වරක්......."

    මේ නිසා අසරණ වුණ අය කොහේද ? කුණු ගොඩට දැන් මොකද කරලා තියෙන්නේ? මේ ගැන අලුත්ම තොරතුරු දන්නවා නම් කියන්න ලංකාවට ඇවිත් යන්න එන්න ආවත් ඕව දැන ගන්න ලැබුනේ නෑ.

    එක අතකට පරණ කුණු අවුස්සනවා ද මන්දා මමත්.....

    ReplyDelete
  6. මම ලංකාවේ නිව්ස් චැනල් එකක් බලද්දි දැක්කා

    "ලංකාවේ විදුලි අර්බුදය අස්සේ කොළඹ නගරයේ ධර්මපාල මාවතේ කිලෝමීටරයකට වඩා දුරක පිහිටි සියලු විදුලි පහන් මහ දවල් ලයිට් ඇති අතර කිසිදු නිලධාරියකු මේ දක්වා මෙම පහන් නිවා දමන්ට කටයුතු කර නැත. පවතින ඉන්ධන අර්බුදය නිසා විදුලිය පිරිමසන්නැයි බලධාරින් ජනතාවට කොතෙක් කීවත් නිලධාරීන් මේ ආකාරයෙන් නොසැලකිල්ලෙන් වැඩ කිරම වැදි බණ කියනවා හා සමාන බව මහජනතාව චෝදනා කරති."

    හැබෑටම ලංකාවේ අපි ඩොලර් බිලියන ගණන් ඉන්දියාවෙන් චීනයෙන් ණයට අරන් කන්සියුමබල් පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ගෑස් කන බොන ජති වගේ පරිභෝජන ලට්ටවල් ගෙන්නවන එක වෙනුවට සොලාර් පවර් පැනල් බැටරි චාජින් යුනිට් ඉන්වර්ටර් සහ එෆිශන්ට් විදුලි උපකරන බැටරි සහ පවර් සේවින් ෆ්‍රිජ්, මල්ටි කුකර්, ලීටර් 0.5 l එළවලු උයන්න 1/2 බාගෙ රයිස් කුකර් වගේ දේවල් එතකොට නවීන දියුණු තාක්ෂණය සහිත ඉලෙක්ට්‍රික් බයික් වගේම ටවුන් වල ත්‍රීවීල් ලට්ටවල් වෙනුවට එලෙක්ට්‍රික් ස්කූටර් සහ චීනය යුරෝපය වගේ රෙන්ටබල් බයිසිකල් විදුලි බස් වගේ ප්‍රාග්ධන ආයෝජන ඒවල් ආරම්ඹ්හ කළොත් සෑහෙන ඩොලර් ගණනක් ඉතුරු කරගන්න පුළුවන්,

    ඉස්කෝලේ දවස් 4ක් කරලා ඉතිරි දවස ඔන්ලයින් කරමු. එතකොට ඉන්ධන වියදම අඩු වෙලා online license එකට ඒ ඉතිරි මුදලයි අතිනුත් කීයක් හරි දාලා ගන්න පුළුවන්. කරන්ට් කැපිල්ලෙන් ටීචර් ටයි ළමයින්ටයි එකම වෙලාවේ පන්තියට සම්බන්ධ වෙන්න පුලුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. ඒ නිසා සොලාර් වින්ඩ් පවර් සිම්පල් ලැප්ටොප් මොබයිල් ෆෝන් හඳුන්වා දිය යුතුයි පහසු මිලට එඩියුකේශන් පැක් එකක් විදිහට; කර්මාන්තකරුවන්ට pure sine wave inverter ගෙන්වන්න high efficiency solar panel ගෙන්වන්න ඩොලර් නිකුත් කරන්න. කොළඹට එන එක පමණක් නෙමෙයි අනවශ්‍ය ගමන් බිමන් වාහන වලින් කෙරෙන එක නවත්තන්න. තරාතිරම නොබලා ලීටරයට කිලෝමීටර් පහට වඩා අඩු ධාවනයක් ඇති පුද්ගලික වාහන, 225 භාවිතා කරන ඒවාද ඇතුළුව, සඳහා ඔවුන්ගේ මුදලින් අධි බද්දක් අය කරන්න. තීරණය කරන යම් දුරක සිට ඊට වඩා දුරින් පැමිණෙන සේවකයින් හට පැයක් ප්‍රමාද වී සහ පැයක් කලින් යාමට කාලසටහන කට අනුව ඉඩ දෙන්න. බොරුවෙන් අවභාවිත කිරීමට ඉඩ නොදෙන්න.

    ඇමතිවරුන්ට backup වාහන භාවිතය අවම කර ආරක්ෂකයින් ඇමති ගමන් කරන වාහනය ට ම සීමා කරන්න. පවුලේ හා නෑදෑ ඇමති කාර්ය මණ්ඩල වලින් නොමිලේ දෙන ඉන්ධන පහසුකම් ඉවත් කරන්න. සියලුම අමාත්‍යවරුන්ට Energy Efficient වාහන පමණක් භාවිතය අනිවාර්ය කරන්න.

    ජනතාව පුද්ගලික වාහන සඳහා පමණක් යොමුවන කරුණු සොයා බලා එයින් පොදු වාහන සඳහා යොමු නොවන හේතු වලට ඇති සාධාරණ ප්‍රශ්න විසඳන්න වැඩි අවධානයක් යොමු කරන්න. කරුණාකර ලොකුම හේතුව වන දුරකථනයෙන් විසඳිය හැකි ප්‍රශ්න සඳහා රාජ්‍ය ආයතන වෙත ජනතාව ගෙන්වා නොගන්න. video call, skype, Google meet, ආදී chat භාවිතා කරමින් ඔන්ලයින් මුන ගැසීම ප්‍රචලිත කරන්න; etc. etc.

    පුළුවන් නේද? මේ වගේ යෝජනා ආණ්ඩුව වහාම සැලකිල්ලට ගත යුතුයි නැද්ද?

    ReplyDelete
  7. මිනිස්සු අවුරුදු දෙකක් තිස්සේ කොරෝනාවෙන් බැට කාලා, ආර්තික සහ සමාජීය ප්‍රශ්න වලට උත්තර හොයමින් මානසිකව වැටිලා ඉන්න වෙලාවක – රාජ්‍ය ආයතන පාලකයින්, සම්ගම් කාරයන්, දේසපාලුවන්, මාද්‍යන් කල යුත්තේ ජනතාවට වදදීම අවම කිරීමයි. මෙතන වෙන්නේ ඒකේ අනික් පැත්ත. කොළඹ කාර්‍යාලයන් සදහා පිට පලාත් වලින් නොගෙන්වා ඒ නිලධාරීන් අදාල දිස්ත්‍රික්කයේ කාර්‍යාලය සදහා තාවකාලිකව හෝ අනුයුක්ත කිරිම සිදුකල යුතුයි රටේ පවතින තත්වය යථාතත්වයකට පැමිණෙන තුරු අත්‍යාවශ්‍ය නොවන කාර්‍යාලයන් සදහා සියළු නිලධාරීන් ගෙන්විම සිමා කල යුතුයි සමහර රජයේ කාර්‍යාලයන් සාමාන්‍ය රාජකාරි වේලාවෙන් පසු වේලාවක ආරම්භ කිරිමත් අවසන් කිරිමත් කල යුතුයි

    ReplyDelete
  8. මාතේ අද නාලක ගොඩ හේවා හෙවත් ගොඩ හෑවා ගෝතයා බස් රථ වල පහසුකම් පරීක්ෂා කිරීමට ද මන්දා බස් වලට නැගල කතා බහ කරලා යන විට එක බස් එකකට නැගපු වෙලාවක ඒකේ හිටිය පිස්සු මුස්ලිම් රිලවෙක් dear minister we are late please leave us වගේ මොනවද බයිල කියවමින් ගොන් ආතල් එකක් දුන්නා, මේක දැක්කම සිරසට රජ මගුල් ඒක තව තව උඩ දාගෙන වයිරල් කරනවා, ඇත්තටම ලංකාවේ ගොඩක් මිනිස්සු හිතන්නේ ලංකාවේ උගත්තු ෆේල් වෙලා තියෙන්නේ කියලා මේ වගේ සුලු කාරනා නිසා, නාලක ගොඩහෑවා වගේ යම් කිසි තරමකට හරි උගතෙක් බස් එකට නැග්ගේ වෙලාවට. අනුරකුමාර වගේ ඉංග්‍රීසි බැරි එකෙක් බස් එකට නැඟපු වෙලාවේ ඔහොම බස් එකේ ඉඳපු අය ඉංග්‍රීසියෙන් කතා කලා නම් අනුර කුමාරට එතනම රෙවෙනවා, හැබැයි උපක්‍රම ශීලී පුද්ගලයෙක්ද ඉතාමත් බුද්ධිමත් දේශපාලන නායකත්වය සහිත ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා වගේ බුද්ධිමත් කෙනෙක් ආව නම් මේක හරියට මැනේජ් කරන්න පුළුවන් නියමෙට වැඩේ ගොඩ දාගන්න පුලුවන්. නමුත් එහෙම නායකත්වයකට කෙලියා ගොන් බූරු පුතාණො වගේ මෝඩ යකෙක් බල තණ්හාවෙන්

    ReplyDelete
  9. හොදටම ගහලා ඉන්නේ. කිවා

    ReplyDelete
  10. ගූතලන් ගූ හේරෝ,

    ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයට දැනටමත් 80% ක් පමණ ඡන්ද ලැබෙන බව සහතිකයි.

    මේ බලන්න මේ කතාව;

    https://www.facebook.com/100069101391640/videos/7118161898224431/

    තොපි වගේ අමු මැටි මීහරක් වහල් බයි හැතිකරයේ ඡන්ද ඕන නෑ ඕන තරම් බුද්ධිමත් ජනතාවගෙ ඡන්ද සේරම 80% - 90 % කට වඩා මේ සැරේ ජාතික ජන බලවේගය විසින් දිනාගන්නවා තොපිට රෙදි ඉල්ලෙයි අමු හෙළුවෙන් පලයන් දැන් මී හරක් බයියෝ හැත්ත

    ReplyDelete
  11. හම්ප්ටි-ඩම්ප්ටි කුමාරත් බොලාගේ මහා ලොකු සෑර් පිස්සු ගොබ්බසේන වගේම හිස් ටින් එකක් කියල ලඟදිම රටට එලි වෙනවා, හම්ප්ටි-ඩම්ප්ටි කුමාර දැනට තාප්පය උඩට නැගෙන තමන්ට වඩා ලොකු කවුරුත් නෑ කියලා හිතාගෙන අමු පිස්සු කියවමින් ගොන් ආතල් ගන්නවා. ලඟදිම Humpty Dumpty කුමාර බිම වැටිලා කුඩු පට්ටම් වුනාම තමයි ජෙප්පන්ගේ උණ සනීප වෙන්නේ.

    ReplyDelete
  12. @ Ano 8.43

    ෆීල්ඩ් මාශල් ෆොන්සේකා, චන්ද්‍රිකාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වුනාට පස්සේ වත් මෙහෙම මාධ්ය සාකච්ඡා තිය තියා ඒ ප්‍රහාර මාකට් කරලා අමු ගොන් විදිහට දේශපාලන වාසි ගන්න ඔවුන් උත්සහා කලේ නෑ. රනිල්ට වාහනේට මහ කලු ගල් වලින් ප්‍රහාර එල්ල වුණා, 2015 මිනීමරු චොකා එජාප රැස්වීමක හිටපු මෛත්‍රීට වෙඩි තියලා ස්ටේජ් එකේ මිනිස්සු මැරුණා. හැබැයි මෙහෙම ගොන් විදිහට කවදාවත් ඒවායින් මෝඩ ආතල් ගත්තේ නෑ, ඒත් ජවිපෙ විසින් බිත්තරේකින් එක්ක වුනු ප්‍රහාරයක් මාකට් කර කර දිගින් දිගටම මාධ්ය සාකච්ඡා තියනවා. ජවිපෙ විසින් සිදු කරන්නේ මොන තරම් පහත් මට්ටමේ දේශපාලනයක්ද කියන දේ තමයි මේකෙන් පේන්නේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න