.

.

May 1, 2022

රට භංකොලොත් වූයේ කෙසේද?

 


By - Duminda Ratnayake

මේ කරුණු බොහොමයක් ගන්නේ Dhanusha Gihan Pathirana මෑත කාලේ ඉදිරිපත් කල අදහස් වලින්. මේ කියන කලාපය කවුරුවත් කොහෙවත් කතා කරනවා දැකලා නොතිබුණු නිසා සහ මේ කියන දේවල්වල වැදගත්කම නිසා සෑහෙන කම්පනයක් කෝපයක් සහ බියක් ඇති වෙනවා.

අපි ලංකාවේ ආර්ථික අර්බුධය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් කතා කරේ ඩොලර් හිඟය, අයවැය පරතරය, අධි පරිභෝජනය, බදු ප්‍රතිපත්තිය, රාජ්‍ය ආයතනවල නාස්තිය සහ අකාර්යක්ෂමතාවය, දේශපාලකයන්ගේ දූෂණ වංචා ආදිය විදිහට. ඒත් කතා නොවෙන ප්‍රධාන කාරණා දෙකක් ගැන කියන්න යන්නේ.

1. Over/Under invoicing හරහා ප්‍රාග්ධනය අනීතිකව රටෙන් පිටට යාම.

Over invoicing කියන්නේ මෙහෙම එකක්. මම මොනවා හරි දෙයක් මිලදී ගන්නකොට, ඒ මිලදී ගන්න භාණ්ඩයේ වටිනාකමට වඩා වැඩි මුදලකට රිසිට් එකක් දාගන්නවා. නිකං උදාහරණයකට ගාමන්ට් ෆැක්ටරි එකක් තමන්ගේ අවශ්‍යතා සඳහා රෙදිපිලි ඉන්දියාවෙන් ගේනවා කියල හිතන්න. ඉන්දියාවෙන් මිලට ගන්න රෙදිවල සැබෑ මිල ඩොලර් මිලියන පහයි. හැබැයි මේකේ මිල ඩොලර් මිලියන හයක් කියල තමා මෙයාල රිසිට් එක දාගන්නේ. මේ කියන්නේ අතිරේක ඩොලර් මිලියනයක් රටෙන් පිටට යනවා. ඒ මොකටද? ඒ ඩොලර් මිලියනය රටෙන් පිට ෆැක්ටරි අයිතිකාරයාගේ හෝ මේ වැඩේට සම්බන්ධ කෙනෙක්ගේ ඩොලර් අකවුන්ට් එකකට තමා යන්නේ.

Under invoicing කියන්නේ මම මොනවා හරි විකුණනකොට, ඒ භාණ්ඩවල වටිනාකමකට වඩා අඩු වටිනාකමකට රිසිට් එක දැමීම. උදාහරණයකට ගාමන්ට් එකක් නිමි ඇඳුම් අපනයනය කරනකොට ඒ නිමි ඇඳුම් වල සැබෑ විකුණුම් මිල ඩොලර් මිලියන තුනක් නම්, මෙයාලා මේකට මිලදී ගන්නාගෙන් අය කරගන්නේ ඩොලර් මිලියන දෙකහමාරයි. මේ ගාණට රිසිට් එක දැම්මම, ඩොලර් මිලියන බාගයක් රට ඇතුලට එන්නේ නෑ කිසිම විටක. ඇඳුම් මිලදී ගත් කෙනාට නැවත ඒ ඇඳුම් නියම මිලට විකුනලා ඩොලර් මිලියන තුන (හෝ වැඩියෙන්) හොයාගත හැකියි.

මේ අවස්ථා දෙකේදීම මිලදී ගන්නා කෙනා සහ විකුණන කෙනා එකම පාර්ශවයක් වුනත් වෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකම කරන්න පූර්ව සාධකයක් විදිහට ඉහල උද්ධමනයක් සහ අඩු තීරුබදු පවතින්න ඕන. උදාහරණයකට රෙදිපිළි රට ඇතුලට ගේනකොට ලොකු ටැක්ස් එකක් වදිනවා නම් මේක එච්චර සාර්ථක නෑ. නමුත් මේ වැඩ සිද්ධ වෙන්නේ වෙළඳ ගිණුම හරහා අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්වීම් විදිහට. මේ අංශ වලට බද්ද 0% හෝ ඊට ආසන්න නිසා මේ වැඩේ කරන්න පුළුවන්. මේ දෙකම නීති විරෝධී වැඩ.

රටේ මුදල් ඒකකය දිගින් දිගට අවප්‍රමාණය වීම නිසා රුපියල් අතේ තියාගැනීම වෙනුවට ඩොලර් තියාගැනීම වඩා හොඳයි. ඒ නිසා තමන් අත ඇති ප්‍රාග්ධනය අනීතිකව රටෙන් පිටමං කිරීමේ සහ විදේශවල සංචිත කිරීමේ ක්‍රම මේවා.

මේ ආකාරයට රටෙන් එලියට ප්‍රාග්ධනය අනීතිකව දිගින් දිගට ගලායාම නිසා වෙන දේ තමයි අපේ රට එන්න එන්න දුගී වීම සහ මේ ආකාරයට ප්‍රාග්ධනය විදේශවල සංචිත කරගන්නා පිරිස බලවත් වීම. කොහොමත් මේ ආකාරයේ දේවල් කරන්න පුළුවන් ඉහලම ව්‍යාපාරික ලේයර් එකට විතරයි. මේ දේවල් කරන්න බැංකු පද්ධතියත් හවුල් අතර ඒ බැංකු වල සෑහෙන හිමිකාරිත්වයකුත් ආයේ මේ සෙට් එකටම හිමියි

මෙහෙම පිටට යන ඩොලර් කියන්නේ වෙළඳාම, ප්‍රේෂණ, ණය සහ විදේශ ආයෝජන විදිහට රට ඇතුලට ආව සල්ලි. අපේ සල්ලි තමා මේ කිහිප දෙනෙක්ගේ ලේයර් එකක් රටෙන් එලියට ගෙනිහින් තියෙන්නේ.

Global Financial Integrity කියන ආයතනය විසින් 2021 දෙසැම්බර් 16 නිකුත් කල Trade-Related Illicit Financial Flows in 134 Developing Countries 2009-2018 කියන වාර්තාවේ කියවෙන විදිහට මේ ක්‍රම හරහා 2009-18 කාලය අතරතුර ලංකාවෙන් පිටට ගිහින් තියෙන ප්‍රාග්ධනය ඩොලර් බිලියන 45ක් පමණ වෙනවා.

මේක සිද්ධ වෙන එක ගැන එක උදාහරණයක් විදිහට දෙන්නේ 2021 වසරේ මෙතරම් ආනයන තහනම් තියෙද්දිත් ඩොලර් බිලියන 20.6ක ආනයන තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ආනයන වලින් 80%ක් පමණ අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමට යන වියදම. නමුත් මෙතරම් අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්නුවා නම්, එක අතකින් රට තුල විරැකියාව වැඩි වෙන්න බෑ, අනෙක් අතින් අපනයනවල කාර්මික අපනයන වැඩි වෙන්න ඕන. මේ දෙකම වෙලා නැති අතර (කාර්මික අපනයන අඩුවෙලා) ඩොලර් බිලියන 11ක පමණ අපනයන විතරයි වෙලා තියෙන්නේ. වෙනස ඩොලර් බිලියන දහයකට ආසන්නයි. මෙහෙම වෙන්නේ කොහොමද? මේ පරතරය මෙතරම් වැඩි වෙන්න පුළුවන් විදිහ තමයි ඔය උඩ පැහැදිලි කරලා තියෙන්නේ.

2. කලු සල්ලි හරහා ප්‍රාග්ධනය අහිමි වීම

2020ට කලින් ඇස්තමේන්තු කරලා තිබ්බ විදිහ අනුව රටේ විදේශ ප්‍රේෂණ (remittances) වලින් 30%ක් පමණ එන්නේ උන්ඩියල් ක්‍රම මගින්. රුපියල 203 ට ස්ථාවර කිරීම එක්ක මේ ප්‍රතිශතය වැඩි වුනු බව පැහැදිලියි. රටේ මුදල් ඇමති ප්‍රසිද්ධියේ උන්ඩියල් සහ බ්ලැක් මාකට් එක වෙනුවෙන් පෙනී ඉන්නවා. කලින් ඇස්තමේන්තුවට අනුව 2009-18 කාලය තුල ලංකාවට උන්ඩියල් ක්‍රම නිසා අහිමි වී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන විස්සක් විතර වෙනවා. මේ කලු සල්ලි නැවත භාවිතා වෙන්නේ මත්ද්‍රව්‍ය, ආයුධ, මිනිස් වෙළඳාම ආදී වෙළඳාම් සඳහා.

එතකොට මේ ඇස්තමේන්තු අනුව බැලුවොත් 2009-18 කාලය තුල පමණක් ලංකාවට අහිමි වී ඇති ප්‍රාග්ධනයේ ඩොලර් ප්‍රමාණය බිලියන 65ක් විතර. වසරකට ඩොලර් බිලියන 6.5ක්. අපි එච්චර ණය ගන්නෙවත් නෑ අවුරුද්දකට. අපේ මුළු ණය බර වෙන්නෙත් ඩොලර් බිලියන 55යි. ඒ නිසා අපි මේ කතා කරන්නේ කජු ඇට කොස් ඇට ගැන නෙමෙයි.

මීට අමතරව ලංකා රජය විසින් පසුගිය ජනවාරි වෙනකම් ISB ගෙවීම් කරනවා. මෙහෙම ගෙවන්නේ පැහැදිලිවම ඉදිරියට මිනිස්සුන්ට තෙල් ගේන්න, බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිවෙන බව හොඳින් පෙනි පෙනී. ඩිෆෝල්ට් කරන්න වෙන බව දැනගෙන. මෙහෙම කරන්නෙ ඇයි කියල හැමෝම වගෙ දන්නව. මෙහෙම කරන්නෙ මිනිස්සු මැරෙන්න යන බව පෙනෙද්දී. මීට අමතරව (කාල වකවානුව දන්නේ නෑ - W.D. ලක්ෂ්මන් ඉන්න කාලේ) ලංකාවේ තිබ්බ රන් සංචිත වලින් ඩොලර් බිලියන දහතුනක රන් සංචිත රත්තරන් මිල ඉතා පහල මට්ටමකට වැටුණු වෙලාවක විකුනලා දාලා තියෙනවා. මේවා විකුණුවේ කාටද කියල දන්නේ නෑ. අන්තිමට එක සතයක් නැති වෙනකම්ම රටේ මිනිස්සු හොයපු ඩොලර් ටික එලියට ඇදලා තමා මෙයාලා IMF යන්නේ.

මේ සියල්ල තව හොයා බලන්න, පරීක්ෂා කරන්න. වැරදි ඇති නම් දැනුවත් කරන්න. අපිට අප්‍රිකාව වගේ වෙන්න ඕනේ නැත්තන්, මේ ප්‍රශ්න ගැන දැනුවත් වීමත්, ඒවා සම්බන්ධව විසඳුම් සහිත වැඩපිලිවෙලකුත් අපිට අවශ්‍යයි. ප්‍රධාන ධාරාවේ දේශපාලකයන් සියල්ලම පාහේ උඩ කිවූ ව්‍යාපාරික ලේයර් එක විසින් අල්ලාගෙන ඇති බව සහතික නිසා ඔවුන් විශ්වාස කල නොහැකියි. ඇමතිවරුන්ට උපදෙස් දෙන්න පත් කල ආර්ථික කමිටුවේ හිටියෙත් ලංකාවේ ඉහලම ව්‍යාපාරිකයන් සෙට් එකනේ. මේ කිසිවක් ගැන අපි කිසිත් නොදැන ඉන්නේ කොහොමද කියලත් ඇසිය යුතුයි.

මාතලන්ගේ එකතු කිරීම..

උන්ඩියල් සල්ලි වලින් වෙන්නේ බ්ලැක් මාකට් බිස්නස්...

ඩ්‍රග්ස්, වෙපන්ස්, හියුමන් ට්‍රැෆිකින්

ඒ කියන්නේ, මත්ද්‍රව්‍ය, ආයුධ  හා මිනිස් ජාවාරම්, මිනිස් ජවාරම් කියන්නේ වැඩිපුරම ගනිකා සේවය....

ඩොලර් එක බලෙන් ඔබාගෙන මේ අංශ තුනම පසුගිය කාළයේ ලංකාවේ සුපිරියටම ක්‍රියාත්මක උනා....

කළු සල්ලී ආර්ථිකයක් තියෙන ඕන රටක වෙන්නේ මේකයි.. මෑත ඉතිහාසයේ කාර්මික නිශ්පාදන ආර්ථිකයක් නොමැතිව ගොඩ ආපු ඔක්කෝම රටවල් ගොඩ ආවේ මේ ක්‍රමයට. 

හැබයි කරුමය කියන්නේ ඒ වැඩේවත් නිසි ලෙස කළමනාකරණය කරගෙන ගොඩ එන්න මුන්ට බැරි වෙච්ච එක.

දැන් ඒවත් නෑ.. ජෙනුවින් බිස්නසුත් නෑ..

රට සුනේ සුන්...



7 comments:

  1. දුරලමු අප ළඟම ඇති ජඩ ප්‍රතිපත්තින්
    හුරු කර ගනිමු පරහිතකාමී හැඟුමන්
    තමා තමන්ටම අවංක අයෙකු වෙමින්
    නැඟී සිටිමු! සමඟිව පුරවැසියො ලෙසින්

    ReplyDelete
    Replies
    1. කන විට සාර විට සමගින් සාදික්කා
      පැන පැන නටන නළු නිලියෝ ඔලු බක්කා
      අණ කර සිටිති රජු තොපි කාටත් එක්කා
      "පණ රැක ගනිල්ලා", කිව්වේ ඥානක්කා

      Delete
  2. කීර්තිමත් හමුදා නිළධාරියෙකු අතීශය ජරාජීර්ණ වූ දේශපාළණ අපතයකු හා ගැටීම කෙතරම් දුරට සදාචාරාත්මක දැයි යන්න ප්‍රේක්‍ෂක ජනයා තීන්දු කරනු ඇත​.බල ලෝභය නිසාම මේ දේශපාළණ නරාවලට වැටුන ෆොන්සේකාට දැන් නිදියන්නට වන්නේ මේ අය සමගය​.නැතහොත් බල්ලන් හා නිදිවැද බලු මැක්කන් හා නැගිටීමටය​.ආරක්‍ෂක අමාත්‍ය තනතුර පිළිබඳ ලොබ බැඳ මේ අය පසුපස යන ෆොන්සේකාට සිදුවන්නේ එළුවාගේ සෙලවෙන කිරිජ්ජ පල්ලට ලොබ බැඳ එය වැටෙන තෙක් ඌ පසුපස ගිය නරියාට සිදුවූ දේය​.සමගියක් නැති බලවේගය සමගි කරන්නට දත කන සජිත්ට වන්නේද ඒ ටිකය​.මද කලකට නවතා තිබූ සජිත්ගේ පියානෝ වාදනය මැයි පළවෙනිදා නැවතත් අපට අසන්නට ලැබුනේ ප්‍රේමදාස පිලිරුව අභියසදීය​.ඔහු පියානෝ වාදනය නවතන පාටක් නැත​.රටේ යහපත වෙනුවෙන් සාකච්ඡා මණ්ඩපයට එන්නටද සජිත්ගේ නොමේරු දේශපාළණ භාවිතය ඉඩ දෙන්නේද නැත​. මස් රාත්තලම ඉල්ලා තටමන විලාශයෙන්ම ඔහුගේ බල කෑදරකම ප්‍රදර්ශණය වන්නේය​.ෆොන්සේකා දරන්නේ ඉන් එහා ගිය තරමක් සාධනීය මතයකි.හරින් ඇතුලු සජිත්ගේ මරියකඩේ ගණන් කාරයෝ දරන්නේ වෙනම මතයකි.එනයින් බලන කල සමගි නොවන සමගි ජන වේගයක් කළමණාකරණය කර ගන්නට නොහැකි සජිත් රටක් කළමණාකරණය කර ගනීද යන්න සැක සහිතය​.

    ReplyDelete
  3. අර පොහොර වල‍ට කළා වගේ ඔය මාතලන් කියන විදිහට
    සියලුම ආනයන අපනයන නවතා දැම්ම නම් ඉවරයි
    එතකොට කොහොමත් රට බංකොලොත් වන්නේ නැහැ

    ReplyDelete
  4. මෙම මාතෘකාවට අදාල නැති නමුත් ලංකාවේ වැදගත් දෙයක් තියෙනවා ඔබට කීමට, මාසයකට පමණ පෙර උදර ප්‍රදේශයේ සහ කොන්දේ ඇති වූ වේදනාව නිසා මා පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න යනවා(මොහු ජාතික කොළඹ ජාතික රෝහලේ සේවය කරන්නෙක්) .. මා විසින් ඔහුට මාගේ අපහසුතාවය පැහැදිලි කරන අතර ඔහු හූ මිටි දෙමින් මොනවදෝ ලියන බවක් පෙනිණි. මම සහ ඔහු අතර පරතරය අඩි 6 පමණ වූ අතර, ම පරික්ෂා නොකරම ඔහුගේ නිගමනය වූයේ මාහට මුත්‍රාගල් පවතින බවය. ම්ම පෙරලා පැවසුවේ ඔහුට මුත්‍රාගල් ඇති අවස්ථාවකදි වේදනාව මා හදුනන බවත් මෙය ඊට වඩා වෙනස් බවත්ය. මීට පෙර හැදි තිබේද ඔහු ඇසූ අතර මා පැවසුවේ 12mm පමණ ගල් දෙක තිබු බවය. එවිට ඔහු බෙහෙත් කලේ කොහෙන්ද ඇසු විට දේශිය වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගත් බවත් එය සම්පුර්ණයෙන්ම සූව වූ බවත් මා පැවසීය. ඔහු කියා සිටියේ එයාලට පුලුවන්ද අනේ ඕවට බෙහෙත්කරන්න කියාය( 2010 දි පමණ 1mm හා 2mm දෙකක පමණ ගල් දෙකක් තිබූ අතර ඒ සදහා ප්‍රතිකාර ගත් අතර එය 12mm පමණ දක්වා වසරක් තුලදි වර්ධනය විය. රෝගී තත්වය ඉතා දරුණු ඌ අතර මා හට 200mg පටන් ගෙන 400mg දක්වා වේදනානාශක පෙති නියම කරන් ලදි.. මාස 3ක් පමණ වේදනානාශකවලින් ජීවත්වීමෙන් පසු මා ලංකාවට පැමිණියේ වැඩිදුර ප්‍රතිකාර සදහාය. මාස එකහමාරක් පමණ ලංකාවේදීද ප්‍රතිකාර කල අතර වේදනාවේ හෝ ගලෙහි කිසිදු වෙනසක් නොබු බැවින් නැවත හිත හදාගෙන රැකියාවට පිටත් වූ අතර අහම්බෙන් මා හට පාරම්පරික වෛද්‍යවරයෙක් ගැන අසන්නට ලැබිණ. ඔහු ජිවත් වූයේ අපේ නිවසේ සිට 400mm පමණ දුරින්. මා ඔහු හමු වීමට ගිය අතර පසුවදා උදේ සිට ප්‍රතිකාර පටන් ගත් අතර ඔහු විසින් බෙහෙත් ආලේප කර කරන ලද තැවිලි වලින් සහ බීමට ලබා දුන් ඖෂධ මගින් පලමු දිනය නිමාවන විට මාගේ වේදනාව යම්තාක් දුරට පහ වූ අතර දින 4ක් එක දිගට ප්‍රතිකාර කරන ලදි. ප්‍රතිකාර නිමාවන විට මාගේ වේදනාව සම්පුර්ණ පහ වූ අතර බය නැතිව රැකියාවට යන ලෙස ඔහු පැවසිය. ඊට දින දෙකකට පසු මා නැවත් රැකියාවට පිටත් වූ අතර හරියටම සතියක් යාමට පෙර එම ගල් කිසිදු වේදනාවකින් තොරව පහ විය). වේදනාව පවතින ප්‍රාදේශය හෝ පරීක්ෂා නොකර ඔහු පැවසුවේ මා හට අනිවාර්යයෙන්ම ගල ඇති බවය. ඒ අතර KUB, Serum creatinine , x-ray ආදි වශයෙන් ටෙස්ට් කිහිපයක් කරගෙන පැමිණෙන ලෙස ලියා තිබුණේය. ඒ සදහා වැය වූ මුදල 18,000ක් පමණ විය. ඒ සමග මා ඔහුට පැවසුවේ නින්දෙන් නැගිටින විට කොන්ද කෙලින් කිරීමට අපහසු බවත් පැත්ත හැරි අත් දෙකෙන් වාරු ගෙන පමණක් නැගිටිය හැකි බවත් පිටකොන්ද හිර වී ඇති බවක් දැනෙන බවත්ය. එවිටද ඔහු පැවසූයේ එය මා නිදියන ඉරි අව්වේ වැරැද්දක් විය හැකි බවත්ය. මා ඔහුගෙන් එය ගෑස්ට්‍රිස් තත්වයක් වෙන්න බැරි බවද කියා ඇසු විට ඔහු පැවසුවේ එය එසේ නොවන බවය. කෙසේ හෝ පර්යේෂණ සියල්ල සිදු කොට සතියකට පමණ පසු නැවත ඔහු ව හමූ වීමට ගිය අතර, එහි සිටි හෙදිය විසින් x-ray එක හැර අනෙක් වාර්ථා ටික දෙන ලෙස ඉල්ලා සිටියා. ටික වෙලාවකින් මා හට කතා කල අතර වෛද්‍යවරයා කියා සිටියේ " මම මේ බැලුවේ පුංචි ගලක් හෝ තියෙනවාද කියලා" යනුවෙන් පවසන ලදි. එවිටද මා පැවසුවේ මාහට මුත්‍රාගල් නැති බව මා දැන් සිටි බවත් එය ගැස්ට්‍රයිටිස් තත්වය්ක් විය හැකි බවත්ය. Xray එක ඕනෙ නෑද්ද කියා මා ඇසු විට ඒක බලා ගැටලුවක් නැතිබව පැවසීය . මා ඒ වන විටත් පාරම්පරික වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ගත් අතර ඔහු පැවසුවේ ආමවාතය නිසා ඇති වූ වේදනාවක් බවය. එම ඖෂධ ගැනීමෙන් පසු පැවති අපහසුතාවය පහව ගොස් තිබිණ.
    මොහු සමග ඇති වු කතා බහේදි මට හැගුනේ මොවුන් කුමන විශේෂඥයන් උවත් තමන්ගේ රාමුවෙන් පිට සිතිය නොහැකි බවත්, රෝගින් සුරාකෑම ඒකායන අරමුණ බවත්, ඔවුන් දන්නා දේට වඩා යමක් මේ ලොව තුල පැවතිය නොහැකි යන මතයේ සිටින පිරිසක් බවත් පමණි.

    ලංකාවේ පෞද්ගලික රෝහවල්වල චැනලින් යන බොහොමයක් විශේෂඥ වෛද්‍යවරුන් රෝගියාට ගුණාත්මක සේවයක් සපයනවාට වඩා ඔලුගෙඩි ගණනට පමණක් ප්‍රමුඛත්වය දෙන ගිජු ලිහිණියන් පිරිසක් බව මගේ හැගීම. මේය මා කිහිප වතාවකදීම අත්විද ඇත.
    හොරකම් කරන්නේ දේශපාලුවන් පමණක් නොව ජනතාව හූරගෙන කන මෙවැනි පුද්ගලයන් පුටු දැකිය යුතුයි..

    මේ වන විට රජයේ රෝහල්වල බොහෝ පර්යේෂණ ඇන සිටඇති බැවින්, පෞද්ගලික රෝහල් සහ එහි සේවය කරන වෛද්‍යවරුන් ඔබව නිසැකවම සුරා කනු ඇත. හැකි විටම රෝගවලින් වැලකී සිටීමට උත්සහ කරන්න, බැරිම උවහොත් පමණක් රජයේ රෝහලකට යන්න.හැකි පමණින් එහි සිටින වෛද්‍යවරුන් , හෙදියන් ඇතූලු අනෙකුත් සේවකයින් ඔබට සේවය සපයනු ඇත. මා වරක් එය අත්විද ඇති අතර ඒ පිළිබඳව අතිශයින්ම තෘප්තිමත් විය.

    ReplyDelete
  5. අපායෙ ඉන්ටර්වල් ඉවරයි බදුගෙවන්න ලෑස්තිවෙන්න

    - IMF වෙතින් පණිවිඩයක්

    ReplyDelete
  6. කපටි රාජපක්ස කල්ලිය තවත් ජල්තරයක් දමමින් පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් මෙවර පත්වී සිටින මන්ත්‍රීවරුන් පිරිසක් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට ප්‍රකාශ කර ඇති මන්ත්‍රීන් සහ තවත් පිරිසක් එක් කරගෙන මෙම දේශපාලන පක්ෂය පිහිටුවන්නේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළා, නව පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙස වත්මන් රජයේ ඉහල ධුරයක් දරන ජේෂ්ඨ නායකයෙකුට ආරාධනා කිරීමටද තීරණය කර ඇත.

    පහුගිය මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වූ පක්ෂ රැසක් සමඟ නව දේශපාලන පක්ෂය ගිවිසුම් ගත වී සාමාජිකත්වය ලබා ගැනීමට ද තීරණය කර ඇත.

    අනිත් පැත්තෙන් අනුර කුමාර තමයි රාජපක්‍ෂලාගේ ලියන මහත්තයා හෙවත් ලියන්නා. කොටින්ම තමන් සොරාගත් ධනය දේපල කොතරම්ද සහ ඒවා දැනට තියෙන තැන් කොහෙද කියලා රාජපක්ෂලා කියන කම්බා හොර හැත්තටවත් මතක නෑ. ඒත් අනුර ලියන්නා තමයි උන්ගේ ෆයිල් සෙට් එක පිලිවෙලට තියාගෙන රාජපක්ෂලාට ඒවා වරින් වර මතක් කර දෙන්නේ. තව ටික දවසක් ඔය ලියන්නා ඔය ලියන් ජෝබ් එක කර කර ඉඳලා හැටේදී පෙන්ෂන් යයි අපට හුළන්, ඒ නිසා රාජපක්ෂලාට එරෙහිව අලුත් බලවේගයක් අරඹා නව වැඩ පිළිවෙලක් ඇරඹිය යුතුයි, ජවිපෙ හෝ සජබෙ නැතුව වෙන ඕන පක්ෂෙකට අපි ඡන්දෙ දෙනවා. අපට දැන් උනුත් එකයි මුනුත් එකයි සහ ෆයිල් නාඩගම් බලල ඇතිවෙලා තියෙන්නේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න