.

.

May 3, 2022

අන්‍රයියගෙ පයිල් හා මංජුල පීරිස්ගේ ලියුම්

 


අන්‍රයියාගෙ පයිල් එලියට දාපූ එක දැක්කාම මට මතක් උනේ..

දෙරණේ "පාර කියන තාරුකා" ප්‍රෝග්‍රෑම් එකට එන ජෝතීර්වේදී මංජුල පීරීස්.

පොරත් හැමදාම ෂෝ එක කරන්නේ ඔය වගේම ඇනිලොප් ගොඩක් ඉස්සරහින් තියාගෙන.

දෙරණේ නිවේදකයා ඇනිලොප් එකක් ඇදලා දුන්නාම මේ යකා කේන්දර පිටපත බලලා ඒකේ තියෙන විස්තර කියනවා.

ඇත්තද බොරුද කියන්නේ කියලා අහගන්න ලියම එවපු එකා එතන නෑ. සජීවීව සසම්බන්ධ වෙලත් නෑ.

ඉතින් ඕවා පිලිගන්න එකෙක් පිලිගන්නවා, නැති උන් හිනා වෙලා ආතල් එකක් ගන්නවා.

හැමදාම කියන්නේ එකම කතන්දර ටික.

අන්‍රයියත් ෆයිල් එලියට දානවා කියලා කරපු ලබ්බක් නෑ. මේ ඔක්කොම යහපාලන කාළේ නඩු දැම්ම, අල්ලස් කොමිසමට ගෙනිච්ච, FCID එකේ තිබ්බ ෆයිල් සෙට්ටෙක.

එයාර් බස් ගණුදෙණුව, මල්වානේ ඉඩම, ජෙට් මිමිළඳිගැනීම, සිරිලිය ගිණුම, දියගම ක්‍රීඩංගණය, ඔය ඔක්කෝම පරණ කතා.

ඕන් රත්තරන් අස්සයෝ ඉන්නේ කොහේද?, ලැම්බෝගිනි ටික තියෙන්නේ කොහේද? හරියටම හොරා කාපූ ගාන කීයද? , ඒවා තියෙන්නේ කොහේද? ඒ බැංකු හෝ ආයතන කව්ද? කිව්වා නම් ඔන්න අළුත් දෙයක් වෙනවා.

අළුත් දේකට කළේ යහපාලන හොරුන්ගෙත් රෙදි ගලවපු එක. ඒකත් කරේ සජිත්ට ගහලා රනිල් බේරලා.

මලික් සමරවික්‍රමට, විජේදාස රාජපක්ෂට, ධම්මික පෙරේරට වචනයක් කිව්වේ නෑ.

ඔතන වැදගත් දේකට හෙලිවුන එකම දේ..., අධිකරණ ක්‍රියාදාමයෙදි නඩුව විසිවෙන්න කොහොමද නීතීපති දෙපාර්තමේන්තුව ජිල්බරි දාන්නේ කියලා Upul Kumarapperuma හෙලිකල කරුණු පමණමයි.

අනුර මේකට සම්බන්ධ පොලිටික්කෝ විතරක් නෙමෙයි මේකේ චේන් එකක් ඉන්නවය කියලා, රාජ්‍ය නිළධාරීන්, පොලීස් නිළධාරින්, විමර්ශන කොමිසම් නිළධාරීන්, අල්ලස් කොමිසමේ ලොක්කෝ, ව්‍යාපාරිකයින්, මාධ්‍ය ආයතන හිමිකරුවන් ගැන කිව්වට, අධිකරණය ගැන හාම් හූම් කිව්වේ නෑ.. අනික අර නිළධාරීන්ගෙවත් එක නමක් කිව්වේ නෑ.

ඒ රන්ජන්ට අත් වෙච්චි ඉරණම අත්වෙයි කියලා බයේ වෙන්නත් ඇති.

අපිට ඕවට නඩු දාන්න කියලා වැඩක් නෑ අන්‍රයියා...

ඔයා සාලිය පීරිස්ට කියලා, දැන් පඩයක් ගියත් උසාවි වටකරන නීතීඥ හමුදාව දාලා, ඉස්මනට නඩු බලවලා, හොරු ටික ඇතුලට දාලා, ලෝකේ වටේ තියෙන පොලිටික්කෝ හොරා කාපූ සල්ලි ටික ගෙනත් රට ගොඩ දාන්න.

මොකෝ එහෙම කළුකබා හමුදාවක්ම යනකොට, නීතිපති දෙපාර්තමේන්තුවේ උනුයි, නඩු අහන උත්තමයොයිත් බය වෙයි.

අධිකරණයට බලපෑම් කරා කියන්නත් බෑ නේ. ඒකෙම අය නේ..

ඔයාලා ඕය පයිල් වල තිබිච්චා 2015 ත් කිව්වා

2019 ත් කිව්වා

අදත් කියනවා

2025 ත් කියාවී

මංජුල පීරීස්ගේ පාර කියන තාරුකා වගේම තමා.


.

16 comments:

  1. අනුරට පිස්සු
    කියන කියනදේ ආයේ ඉල්ලා අස්කර ගන්නවා
    රටේම පක්ෂ සාමාජිකයින් පාරට බැහැලා කියනවා අනුර ට ගෙදර යන්න කියලා මේ යකා ඇහුනේ නැහැ වගේ ඉන්නවා
    අතන වහාබි කාරයෝ අද රාමසාන් සැමරුවේ ගාලු මොවදොර පිටියේ ඒවාට සල්ලි කොහෙන්ද ?
    ඇයි මුහුණේ ලපය හදාගත්තු හැටියි ඒවාට වියදම් කරපු සල්ලි ඒවා සල්ලි නෙමෙයිද ?
    ඒවා ගැන නෙමෙයිද ඉස්සෙල්ලම් විමර්ශනය කාරන්න ඕන.

    ReplyDelete
  2. ඩොලරය කියට ගියහම අපිට මොකෝ
    ඉන්න රටක් තියෙනවනම් අපට ඇති
    හාල් වලට අපි ගෙවන මුදල යන්නේ ගොවියාට ඉතින් ගොවීන්ට සාදාරන මිලක් ලැබිය යුතුමයි

    ReplyDelete
  3. ලංකාවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නමැත්තා විසින් අනුර කුමාරගේ පයිල් සංදර්ශනය බලා ඒ පිළිබඳව නිකුත් කරන ලද නිවේදනයක් පහත දැක්වෙයි.

    "නිසි අනුමැතියකින් තොරව, “එක්සත් ජනපද CIA නියෝජිතයෙකු” වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් 2014 වසරේ දී ගෙවා ඇති බවට ජවිප නායක දිසානායක විසින් කරන ලද අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන්, 2022 මැයි 3 වන දින අජිත් නිවාඩ් කබ්රාල් විසින් සිදු කරනු ලබන ප්‍රකාශය."

    //රජයේ බැංකුකරු ලෙස 2014 වසරේදී මහ බැංකුව විසින් කර ඇති ගෙවීම් රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත සිදු කර ඇති අතර, ඒවා තනි පුද්ගලයෙකුගේ අභිමතය අනුව සිදුකර නොමැත. එවන් ගෙවීම් අතර සුබේරි සහ ඔහු විසින් නියෝජනය කරන ලද සමාගම් විසින් ඇමරිකානු එක්සත් ජනපදයේ සිදු කරන ලද විවධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් කරන ලද ගෙවීම්ද අඩංගුය.

    ඒ සම්බන්ධයෙන් රජය විසින් ලබා දී ඇති ලිඛිත සහ නිල උපදෙස් සහ අදාළ රජයේ බලධාරීන්ගේ අනුමැතිය මත, එම ගෙවීම් සිදු කර ඇති අතර, මහ බැංකුවේ ගෙවීම් සහ ක්‍රියා පටිපාටි අනුගමනය කොට ඇත. එබැවින්, රජය වෙනුවෙන් ඇ.ඩො. මිලියන 6.5ක ගෙවීම් සුබේරි සහ අදාළ සමාගම් වෙත සිදුකිරීමේදී, කිසිදු පරිපාටිමය හෝ වෙනත් නීති හෝ රීති උල්ලංඝනයක් මහ බැංකුව විසින් සිදුවී නොමැති බව තහවුරු කළ හැක.

    එසේ වුවද, මා විසින් පුද්ගලිකව මෙම ගෙවීම් වංචනික ලෙස සිදු කර ඇති බවටද එමගින් රටට පාඩුවක් සිදු කර ඇති බවටද චෝදනා කරන දේශපාලන අරමුණු සහිත ඇතැම් කණ්ඩායම් සිටින බව දැනට නිරීක්ෂණය වී ඇත.

    මෙම කණ්ඩායම් 2015 සිට 2019 දක්වා වසර 5ක් පුරාවටම පාහේ මෙම ගණුදෙණු සියල්ල ගැඹුරින් විමර්ශනය කලද, එසේ කිරීමෙන් පසුව මවිසින් කිසිදු අතපසුවීමක් හෝ නීති උල්ලංඝනයක් කර ඇති බවට පෙන්වා දීමට නොහැකි වුනි. ඒබැවින්, එම වසර 5 ක කාලය තුළ කිසිදු නීතිමය අධිකාරියකින් මට එරෙහිව කිසිදු ආකාරයේ නීතිමය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට අපොහොසත් වූ බවද ඉතා පැහැදිලිය.

    එසේ වුවද, මෙම දේශපාලනික කණ්ඩායම් යළිත් මට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින්, මාගේ කීර්ති නාමයට හානි කිරීමට සහ මා මහජන වෛරයට සහ අප්‍රසාදයට පත් කිරීමට දැඩි උත්සාහයක් ආරම්භ කොට ඇත. එම චෝදනා මා තරයේ ප්‍රතික්‍ෂේප කරන අතර, ඔවුන්ගේ ඒම නින්දිත ක්‍රියාවන්ට එරෙහිව සුදුසු අවස්ථාවක නීතිමය ප්‍රතිචාර දක්වන බවත්, මෙම නින්දිත ක්‍රියාවන්හි යෙදෙන්නන් ඒ්වාට වගවීමකට ලක් කරන බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ප්‍රකාශ කරමි.//

    මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  4. කතාව ඇත්ත තමයි ඉතින් මම හිතන්නේ අනුර කුමාර ඔය ෆයිල් නාඩගම නටන්න ගිහින් තිබුණ ජන ප්‍රසාදයත් නැති කර ගත්තා වගේ, විපක්ෂ කණ්ඩායම් මේ දවස්වල කළ යුතු දේ වෙනුවට මේ කරන මෝඩ වැඩ නිසා එක්කෝ ජනතාව අලුත්ම දේශපාලන ධාරාවන් වලට යොමු වෙයි, අලුත් පක්ෂ වලට චාන්ස් එකක් තියෙන්න පුළුවන් විශේෂයෙන් උවිඳු විජේවීර, ගාමිණී විජේසිංහ, නාගානන්ද වගේ අයට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අයට ටිකක් වැඩි අවධානයක් යොමු වෙයි. නමුත් නරකම දේ තමයි මේ වගේ දේවල් නිසා නැවත වතාවක් දැනටමත් එපා වී ඇති රාජපක්ෂ කල්ලියට තවත් සේලයින් ලැබීම සහ තව ටික දවසකින් ජනතාවගේ කැමැත්ත ඔවුන් කෙරෙහි යොමු නැවත යොමු වීමේ අවදානම.

    අවාසනාවට මේ වැඩේ ගැන නම් කියන්න තියෙන්නේ අන්තිමට කියන්න තිබෙන්නේ මේක බොරු පුස් වෙඩිල්ල ක් වගේ දෙයක් උනා. සද්දෙ විතරයි මිනිස්සු අන්දවා ඒ මිනිසුන්ගේ සහාය ගන්න කරපු මාධ්‍ය සංදර්ශනයක් බවයි මේ ගැන බොහෝ දෙනෙක් පවසන්නේ, කට්ටියම අහන්නේ මොකද යහපාලන කාලේ ඔප්පු කරගන්න බැරි උනේ කියලා? ඒකට හරි පිළිතුරක් නැහැනේ.

    ReplyDelete
  5. මම හිතන්නේ මෝඩ ජවිපෙ භක්තිකයන් දන්නෑ ඒ කට්ටිය වගේ පක්ෂයේ හිතවාදීන් (ඔවුන්ගේ වචනවලට අනුව වහල්ලුන්) වන පාරම්පරික 3%න් පමණක් කවදාවත්ම බලයට එන්න බැරි බව. මොන පක්ෂයකට වුනත් බලපෑමක් කරන්න පුලුවන් පාවෙන ඡන්ද වලින්. පුතානෝගෙ ගෝලයොයි ඔලුවක් තියෙන ජෙප්පො ටිකදෙනායි ඒකෙන් වැඩගන්න පටන් අරන්. ඒත් මෝඩ ජෙප්පො පක්ෂෙ බූදලේ කරගෙන ගොන් පෝස්ට් දානවා. අපි අවංකවම පක්ෂයට සහය දීමට කතා කළත් එක්කෝ පුතාණෝගේ වහල්ලු නැත්නම් මීහරක් බයියො කියලා බනිනවා විතරයි ඉතින් කොහොමද බන් ඔය පක්ෂයට ඡන්දේ දෙන්නේ?

    ReplyDelete
  6. වැට් බද්ද සියයට 15 සිට 8 දක්වා 2020 මෙම රජය ආරම්භයේදීම සිදු කළ වෙනස, 2015 දසදහසකින් රජයේ සේවක පඩි වැඩි කිරීම, ඒ වගේම 2016-19 අතරේ කාලයේ 12.4 Billion US$ - ISB ණය ගත්තු ඒක තමා අපි විදවන්නේ. කවුරු ආවත් මේ ප්‍රශ්න අවුරුදු 2 කින් හදන්න බැහැ අවුරුදු 10 ක් වත් යාවි. මොඩයෝ ටික රාජපක්ෂ හොර පවුලට පමණක් බැන බැන හිටියට දන්නේ නෑ ආර්ථිකය සංවර්ධනය කරන්න. දැක්ක්කානේ සලකුනට ඇවිල්ලා අරමුණක් නැතුව පිච වුණා අර විකට වදුරා සහ පිස්ස්සෝ ටික.

    ReplyDelete
  7. පුකේ අනිගිල ගහල එක ලේවකපන් ගූ පකයා රාජපක්ෂය පැරදුන වෙල්ව නීලා මොනවද කිව්ව කියල තෝ නීලට බාන්න බද්ද කියල
    දන රජ පකයන්ගේ පුක ලේවිනවා

    ReplyDelete
  8. අඩෝ ගූතලං, JVP කියන්නේ වෙනමම ක්‍රියාදාමයක් පකෝ... හරක් කතා නොකියා හීටහන්, ඡන්දෙ උන් පරදියි.. දිනන්නේ නැතිවෙයි.. හැබැයි එහෙම වුනොත් පරදින්නේ රටේ මිනිස්සු .. අවසානය එච්චරයි.. ඒකට හොඳම නායකත්වය අපේ අනුර නායක සහෝදරයා.. ඒක බොලා වගේ මී ගවයින් සහ වෙනත් එක එක්කෙනාගෙ පුදගලික මතය නෙවෙයි පක්ශයේ මතය. ඔය බයියා.. ටොයියා කියන්නේ මේ FB එකේනේ.. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා මිනිස්සු දැනටමත් පවුල් පිටින් ජාතික ජන බලවේගය විසින් මාධ්‍ය වෙතට ඡන්දය දිමට සම්පූර්ණ වශයෙන් තීරණය කරල ඉවරයි. ජවිපෙ ජාතික ජන බලවේගයට ජයවේවා

    ReplyDelete
    Replies
    1. මේ අවසන් ඇනෝ රසිකය...

      Delete
  9. පරණ කාලේ වාමාංශික සමාජවාදී දේශපාලනික පක්ෂ වල කට්ටිය වගේම තමයි ඔය ජවිපෙ පෙරටුගාමී සහ මේ දවස් වල ලංකාවේ අරගලයේ මුදුනා වීමේ උණ තියෙන යම් පිරිසක් ඉන්නවා, ඒ අය වගේම බොහෝ ජවිපෙ අය තව කෙනෙක්ට සවන්දීමට, අන් අයගේ වෙනස් අදහස් පිළිගැනීමට පුදුම මැලිකමක් දක්වනවා. තමන් එල්බගෙන සිටින මතය තමයි සියයට සියයක්ම හරි, අන් සියළුම දෙනා සියයට සියයක්ම වැරදියි කියල, අප ඉදිරිපත් කරන මධ්‍යස්ථ මතයක්වත් මැදහත් සිතින් සිතීමට ඔවුන් කැමති නෑ. යම් දෙයක් පහසුවෙන් විවේචනය කලාට, එය ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටළු පිලිබඳ සිතීමට වත්, ඒ ගැන පුරෝකථනයක් කිරීමට, තරම්වත් ඔවුන් නිහතමානී නෑ. ඔය චෝදනා වලටත් වෙන්නේ ඒක.. නිකම් පුස් වෙඩි විතරයි කාලේ නාස්ති කරන වැඩක්.

    ReplyDelete
  10. සිහින අරගලය තව දින කිහිපයකින් අල වීමට නියමිතය
    එය අල විය යුතුමයි
    අනුර අයියට පිස්සු ඔය මනුස්සය ජනාධිපති කමට කොහොමත් සුදුසු නැහැ
    කියන කියන හැමදේම රිවස් කර ගන්නවා
    ටිල්වින් සිල්වවත් අගමැති කමින් අයින් කරන්න ඕන
    මුන් දෙන්නගේ ප්‍රශ්න විසදන එකද ජනතවගේ වැඩේ, කරන්න බැරි මගුල් තියල යන්න ඕන
    අනුර අයියා ලපේ ඉවත් කරගන්න කම් අපිනම් ඔහුට සහයෝගය දෙන්නේ නැහැ
    එදා පෙන්නපු ෆයිල් ඔක්කොම යටවෙනවා පුංචි අම්මගේ ෆයිල් එක ගත්තනම් එලියට
    හොදම වැඩේ විමල් විරවන්සව අගමැති කරන එක .
    වෙලාවේ හැටියට කරන්න තියෙන හොඳම දේ ඒක.
    ඩොලරය ගැන මොකටද අපි ඕනාවට වඩා හිතන්නේ අපිට ඕන රුපියල් ඕනෑතරම් අපි මුද්‍රණය කරගන්න එකයි ඇත්තේ වෙලාවේ හැටියට

    ReplyDelete
  11. හිල්මිMay 5, 2022 at 1:15 AM

    මාතලන්ගේ බ්ලොග් එක මම ඉතාමත් ආසාවෙන් කියෙව්වේ
    මාතේ මේ වර්ෂ 2022 ක සුද්ද අපෙන් නිදහස් වූ දවසේ සිට අපේ කළු සුද්දන් රට කරලා තියෙන හානිය හොදටම ඇති.
    තේක්ක බුරුත කළුවර සුදු හදුන් දේවදාර වගේ වටිනා ගස් පවා දරට යන යුගයක් මේ අපි පහු කරමින් ඉන්නේ
    කරන්න දෙයක් නැහැ මේවා අපි මාතෙට කලින් කිව්වා
    ඉතිහාස ගත වියහැක්කේ කුමාරතුංග මුනිදාස මාටින් වික්‍රමසිංහ වගේ අයට විතරයි කියල මාතේ ඔප්පු කලා

    ReplyDelete
  12. ලංකාවේ ආර්ථිකය සහ පවත්වාගෙන යන ක්‍රමය අනුව මොකා බලයට ආවත් මේ තත්ත්වය මෙහෙමම තමයි ඒ නිසා මේ දවස්වල ජනතාවගේ ලේ රත් වීම සමග පවතින වාතාවරණයෙන් උපරිම ප්‍රයෝජන ගෙන අවශ්‍ය අණ පනත් සම්මත කරගැනීමට ඉන්නා සොරුන්ටම බල කළ හැකියි. දැන් මේ කණ්ඩායම බලයේ තබා ගෙන පොදුවේ සමස්ත සමාජය සහ රටේ අනාගතය උදෙසා දිගුකාලීනව අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සුදුසු බව පේනවා නේද මචන් මාතේ? මේ හෝරාව අප පැහැදිලිව තේරුම් ගත යුතුයි. සියල්ලම සිදුවන්නේ අරගලය සමගින් යෙදෙන පීඩන මතයි.

    ReplyDelete
  13. ලංකාව කියලා කියන්නේ පොල් ගහක් නම් ගහ උඩ ඉන්න රිලව් ටික විතරක් නෙමෙයි ගහට අරක් ගෙන ඉන්න පොල් කුරුමිණියන් ගැනත් හොයලා බලන්න ඕන, කවුරුත් කතා කරන්නේ නැහැ උන් ගහන ගැහිල්ල ගැන. පොල් කුරුමිණියෝ ගහේ බඩේ කාල තියෙන්නේ . උන් ඉස්සරහටත් කවුරු ආවත් ඉන්නවා. කාටවත් ලේසි නෑ කරන්න . කරන්න උත්සහ කලොත් ඒ කරන එකා ඉතුරු වෙන්නෙත් නෑ. එච්චරටම ප්‍රබලයි අපට පෙනෙන නොපෙනන පොල් කුරුමිණියෝ 😥

    සිස්ටම් එක මේ විදියටම තබා ගෙන අලුත් ඔලු ගෙන ආවොත් ටික කලකට වීරයන් බිහිවිය හැක. එහෙත් ඉක්මනින්ම heroලා zero වනු ඇත. මෙතන ඇත්තේ sustainability පිළිබඳව ගැටලුවකි. අරගලයේ නියම ජයග්‍රහණ ඇත්තේ ව්‍යවස්ථාවේ ඇති කරන වෙනස්කම් තුලයි.

    ReplyDelete
  14. හැමදාම යල්පැනගිය එකම නාඩගම නටනට කාලේ කනවා විතරයි අනිත් ප්‍රධාන ධාරාවේ පක්ශ වල හාල් කෑලි/ සිග්නල් කණු ටික වගේම JVP/ NPP මෙයාලට කිසිම දැක්මක් නෑ ආර්ථික සංවර්ධනය ගැන. IMF ණය ගැන දක්වපු හිඟන අදහසින්ම තේරෙනවා මෙයාලත් ඉල්ලන්නෙ දැන් දශක ගාණක් තිස්සේ තියන සහනාධාර පාලනයමයි කියල. නිකන් දෙන්න, ණයට දෙන්න, බදු එපා, පාඩු ලබන රාජ්‍ය දේපල ටික ණය වෙවි හරි දිගටම ගෙනියන්න එහෙම නැතුව ඒව පෞද්ගලිකකරණය කරන්න එපා කියන විකෘති මතයෙ මෙයාල ඉන්නෙ. "ගෝටා ගෙදර පලයං" කියන අපේ මිනිස්සු ඉන්ධන, පොහොර, නිවාස, ජලය සහ විදුලිය මේ හැම දේටම සහනාධාර ඉල්ලනව. ආණ්ඩුවෙන් මාසට ගාණක් අරන් නිකන් ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද අතපය හතර හොඳට තියාගෙන.

    අපි ඉතා දියුණු බටහිර රටවලට ගියාම කොච්චර දකිනවාද Thailand, India, Pakistan, Bangladesh , Indonesian, Philippine වැනි රටවල මිනිස්සු Taxi එලවනව Spaවල Cosmetic shops වැනි තැන්වල වැඩකරනව ඒත් නිකමට එවැනි තැනක ලංකාවේ මිනිහෙක් හොයා ගන්න නැහැ. හේතුව ලංකාවෙ පිනට කකා මහන්සි නොවී ඉන්න තියන කැමැත්ත. ත්‍රීවීල් එලවල ආර්ථිකයක් දියුණු කරන්න බැරි බව දැන දැනත් ලක්ෂ 8ක්ට වඩා ත්‍රිරෝද එලවනව.

    ජනගහනයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක්, ඵලදායිතාවය ඇල්පෙනෙත්ති තුඩක තරම්වත් නැති නමුත් මාසෙ අන්තිමට පඩි ගන්න අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්.

    රටක් දියුණු වෙන්නනම්, (එංගලන්තය වගේ දිළිඳු රටවල් හූරන්කාල ගොඩ ගිය රටවල් නෙමේ) සුද්දන්ගෙන් බැට කාල ස්වඋත්සාහයෙන් යහපත් දැක්මෙන් කට්ට කාල නැගිටපු සිංගප්පූරුව වගේ දියුණු වෙන්නනම්

    1. පරිභෝජනය නොව ඵලදායිතාව කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් හැදිය යුතුයි
    2. අකාර්යක්ෂම රාජ්‍ය දේපල පෞද්ගලිකකරණය කළ යුතුයි
    3. සෞඛ්‍ය හා අධ්‍යාපනය හැර අන් කිසිවකට සහනාධාර නොදිය යුතුයි
    4. තමන් පරිභෝජනය කරන සියලු දේ සඳහා නියම මිල ගෙවිය යුතුයි
    5. පොහොර, ඉන්ධන වැනි ආනයනික භාණ්ඩ කිසිදා සහනාධාර ක්‍රමයට නොගැනිය යුතුයි සහ ඒවායේ හරි මිල අයකරගත යුතුයි
    6. සහනාධාර දී උද්ධමනය පාලනය නොකළ යුතු අතර ඵලදායිතාවයෙන් පමණක් උද්ධමනය විසඳිය යුතුයි.
    7. තමන් උපයවන මුදලට අනුපාත බදු ගෙවිය යුතුයි Paye Tax ලෙස පඩියෙන් කැපෙන ලෙස
    8. ආයෝජන දිරිමත් කළ යුතු අතර FDI foreign direct investment ප්‍රවර්ධනය කළ යුතුයි
    9. ඉතා දිළිඳු පවුල් සඳහා සහනශීලී වැඩපිළිවෙළක් සෑදිය යුතුයි

    බයිලාකාරයන් නාලාකාරයන් අවුරුදු 5න් පහට මිනිසුන් රවටා බලයට එන ලාංකීය දේශපාලකයන් මොන තර්ක ගෙන ආවත් සුද්දා ආයෙත් රට බාර දෙන විට ලංකාවට වඩා පහළ අඩියක තිබුණු සිංගප්පූරුව ලොව අංක එකේ රටක් වුණේ මේ ලෙස බව Lee Kuan Yew තමන් විසින් රචිත From Third World To First ග්‍රන්ථයේ සඳහන් කර තිබෙනව.
    එය කියවා බැලිය යුතුම පොතක්

    ReplyDelete
  15. කොහොමත් ලංකාවේ මිනිස්සුන්‍ට, රට ගැන ප්‍රශ්න නෑ. හැමොටම තියෙන්නේ පුද්ගලික ප්‍රශ්න. ඒකයි මේ පාරට බැහැලා ඉන්නේ. එහෙම නැතුව රටේ ප්‍රශ්නය අදුරගන්නවත් උවමනාවක් නෑ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න