.

.

Dec 2, 2022

ෆෙඩරල් ලබා දිය යුතුමය.

 



ෆෙඩරල් ලබා දිය යුතුමය.

එවිට ද්‍රවිඩ රදලයන්ටද,

දකුණේ උන්ට

අත් වූ ඉරණමම, උදාවනු ඇත.

➖➖➖➖➖➖➖➖➖❤️➖

.

පිටරට ඩොලර් යුරෝ වලින් ජීවත් වන හැම ජාතිකයෙක්ම කියන කතාවක් තමා, උතුරු නැගෙනහිර ජනතාවට විශේෂිත වූ ප්‍රශ්ණයක් තියෙනවය කියන එක.


ඒ එයාලටම විතරක් තියෙන ප්‍රශ්ණය මොකක්ද කියලා ඇහුවම, එකෙකුටවත් උත්තරයක් නෑ.


හැබයි උතුර නැගෙනහිර නෙමෙයි, සමස්ත රටේම ප්‍රශ්ණයක් තියෙනවා. ඒ තමයි රැකියාවක් නොකර සියල්ල නොමිළේ බලාපොරොත්තුවෙන් ජීවත් වෙන පිරිස හෙවත් හිඟන ප්‍රජාව. මුන් කම්මැලිකමක් නැතිව කරන එකම දේ හැමිනෙන එකයි, බොන එකයි විතරමයි. 


ඒ වගේම උන් එසේ නඩත්තු කරමින් පවත්වාගෙන යා යුතුය කියන දේශපාලන පක්ෂ හා හිඟන දේශපාලන ක්‍රමය.


මේ හිඟන ප්‍රජාව කරන්නේ, කූර කෙලින් වෙච්චි ගමන් ඩිම්බ මෝචනය වෙන ගුලකට මීයා රිංගවලා හිඟන පරපුර බෝ කරනවා. ජනගහනය වැඩි වීම, උපත් පාලනය, මන්දපෝෂණය, විරැකියාව, දළ දේශීය නිශ්පාදනය, ජාතික ආදායම, අය වැය, විදෙස් සංචිත, මානව හිමිකම්, ලෝක බලවතුන්, බලශක්ති අර්බුදය, දේශීය ණය, විදෙස් ණය මෙලෝ මඟුලක් මුන්ට අදාල නෑ. 


ඊළඟට ගැබිනි මව්වරුන්ගේ දීමනාවේ ඉඳලා මැරිලා වලලන එක වෙනකන් ආන්ඩුව වග කියන්න ඕන. 


හයක් හතරක් නොතේරන පොඩි බබ්බුයි මුන්ගෙයි අතර එකම වෙනසත් හැමිනෙන එකයි මත්වෙන එකයි විතරමයි. 


මුන්ට උගන්නනෙත් යම් පමණකට උගත් ප්‍රජාවගේ දරුවන්ට උගන්වන විෂය පද්දතියමයි. ඉතින් උන්ට ඒවා ග්‍රීක් වගේ. කලාතුරකින් ගොඩ යන එකාටවත්, අඩු ගානේ කක්කුස්සි යන හැටිවත් උගන්නලා නෑ. ඉතින් උන් පබ්ලික් ටොයිලට් එකකට ගියත්, කෝච්චියේ, ඉස්ටේසමේ ලැට්ටෙකට ගියත්, රෙන්නේ වලට නෙමේ එලියට. හුලිජ්ජා කරන්නෙ බිත්තියට.


ඉතින් උන් ඊට ඉහළ සමාජයට වෛර කරනවා. ඉහළ තැනකට ගියත් එහෙමයි. මේ රටට 56 විප්ලවයෙන් පස්සේ සිඳු වුනේ ඒ දේ.


මම කියන්නේ නෑ උන් හැමදාම එතන ඉන්න ඕනය කියලා. හැබයි උන්ට අකුරු උගන්වන්න කලින්, සිරිත් විරිත්, ගති පැවතුම්, අනෙකාට ගෞරවය කිරීම්, අනෙකාගේ මතය ඉවසීම් කියන දේ කියාදෙන්න ඕන. දියුණු රටවල් වල දියුණු ශිෂ්ඨාචාර හා මිනිස්කම් පිරුණ මිනිස්සු බිහිවෙලා තියෙන්නේ එහෙම. 


56 පංච මහා බලවේගය නිර්මාතෘ රදලයෙක්. එයාගේ පරම්පරාව ගැන නොයෙකුත් කතාබහ තිබුනට බන්ඩාරනායක කියන්නේ හොරගොල්ල වලව්වේ රදල නායකයෙක්. කසාදය කරගන්නෙත් රදල පවුලකින්.


නමුත් රදලයෝ හිටියේ එජාපයත් එක්ක. සුද්දගෙ කාළේ ඔක්ස්ෆර්ඩ් ගිහින් ඉහළ සමාජයට ගිය රේන්ද කාරයන්ගෙ හා වෙළඳ ප්‍රජාවේ දරුවෝ උන්නේ වමේ. ඒ හින්ගල සෙට්ටෙක.


උතුරේ උන්නේ ජී ජී පොන්නම්බලම්ගේ ටැමිල් කොන්ග්‍රස් එක. ඒ ද්‍රවිඩ රදලයෝ. කඳුකරේ වතු කම්කරු ප්‍රජාව. උන්ගේ නායකයෝ උන්ගෙන්ම බිහිවුන උන්. තොන්ඩමාන් පරම්පරාව. උතුරේ පහළම කුලේ එකාවත් කඳුකරේ උන්, උන්ගේ ජාතියේ කියලවත් පිලිගන්න කැමති නෑ.


බලයට පෙරේත කමේ 56 බන්ඩා කරපු වැඩෙන් උනේ රදලයන්ට කෙලවෙලාම යන එක. චන්ද්‍රිකාගෙන් පස්සෙ ඒක යන්නේ ගොයිගම මහින්දට. රටේ හින්ගල අති බහුතරේ ගොයිගම කුලේ. උන්ට "බයියෝ" කියන්නේ අඩු කුලේ පර හැත්ත 😁.


ඒ අඩු කුලේ උන්ට මහ පුටු දීලා ඇරගත්තේ ගොයිගම කුලේ මහින්දමයි. බොරු නම් අලුතෙන් බිහිවෙන්න යන නායකයෝ කව්ද කියලා හොයලා බලන්න.


දැන් කවුරුන් හෝ කියයි මාතලන් මේ නැති කුල බේදයක් ඇදලා ගන්නවය කියලා. ඒ උනාට දැන් ඉන්න මැතිවරණ කොමසාරිස් ලස්සනට කියලා තිබුනා, ආසන බෙදෙන්නේ කුලය අනුවයි කියලා.


ඇත්ත කතාව ආසන නෙමේ, ඇමතිකම් බෙදෙන්නෙත් එහෙමයි. මේ ගැන වික්ටර් අයිවන් බොහොම අපූරුවට ලියලා තියෙනවා. මේ කුල බේදය නැත්තේ පෞද්ගලික අංශයේ විතරයි. අනික් හැම තැනම මේක රජ කරනවා.


මේන් මේකටයි උතුරේ කුලයෙන් උසස් පිරිස බලය ඉල්ලන්නේ. ඔය බලය ඉල්ලන පිරිසේ කුලයෙන් අඩු කුලහීන නායකයෝ එකෙක්වත් නෑ. ඔක්කෝම, රෝයල්, සැන්තෝමස්, ට්‍රිනිටි, ඔස්ක්ෆර්ඩ්, ක්‍රේම්බිජ් ගියපු උන් ඉන්නේ. උන් අඩු කුලේ උන්, පක්ෂයට තියා මිදුලටවත් ගන්නේ නෑ.


උන්ට අඩු කුලේ උන් ගොඩගන්න ඕනත් නෑ. නමුත් උන්ගේ ගෞරවය රැකගන්න උන්ට නායකත්වය හා බලය අත්‍යාවශ්‍යයි.


විග්නේෂ්වරන් උතුරේ සංවර්ධනයට යවපු මුදල් කිසි දෙයක් නොකර ආපහු භාන්ඩාරගාරයට එව්වා. සුරේෂ් රාඝවන් ආන්ඩුකාරයා කරලා යැව්වට ඌට මෙලෝ දෙයක් කරන්න ඉහළ කුලේ නිළධාරි පැලැන්තිය ඉඩ දුන්නෙ නැ. මොකෝ ඌ අඩු කුලේ නිසා.


විගාලට, සුමන්තිරන්ලට, පල්මානික්කම්ලට ඕන, දකුණේ රථ ගාය තියෙන නායකයෝ වගේ ගාඩ් දාගෙන ඉගිල්ලිලා යන්න මිසක්, උතුරේ ජනතාවට සේවය කරන්න නෙමෙයි. 


එහෙම කරන්න ඕන අවංක චේතනාවක් තිබ්බා නම්, අවුරුදු 75 ක් තිස්සේ කෑලී කඩන් කන්න හදන්නේ නැතිව, ආන්ඩුවකට සෙට් වෙලා, ඇමතිකම් අරගෙන, හකීම්ලා, අෂ්‍රොෆ්ලා, රිෂාඩ්ලා වගේ දෙයක් උන්ගේ ප්‍රජාවටත් කරන්න තිබ්බා.


ඒ නිසා ඔය ෆෙඩරල් ඉල්ලන සෙට් එකට බලේ දීලා, උතුරු නැගෙනහිර ජනතාවට දැනෙන්න දෙන්න ඕන, උන්ට කෙලින්නේ දකුණු මිනිස්සුවත්, දේශපාලුවෝවත් නොව, මෙන්න මුන්‍ය කියලා.


එතකොට ආයේ පිරිභාහරන්ලා, කරුණා අම්මාන්ල, පිල්ලෙයාන්ලා බිහිවෙලා දොරේඅප්පට දීපූ ගේමම මුන්ටත් දෙයි.


ඒ වගත් මෙසේය.....

.

25 comments:

  1. ඇට දෙක විකුණලා බත් කමු.

    වෘෂණ කෝෂයක් එක්කෝටි හැට ලක්ෂයකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක් පිලිබදව කරුණු හෙලිවී ඇත. මෙම කරුණු හෙලිවී ඇත්තේ වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් ගැන සිදුකරන පරීක්‍ෂණවලදීය.'

    ReplyDelete
    Replies
    1. ඇනෝ මචන්

      📌Breaking News📌

      අතිගරු හිජකුදිපාම මහින්ද රාජපක්ෂ මහතාගේ ඇ/ට දෙක කපා විදේශ රටකට අලෙවි කිරීමට සූදානම් වූ නාමල් රාජපක්ෂ කම්බා හොර දෙටුවා පොලිස් අත් අඩංගුවට
      😱😱

      මීට මන්ද බුද්ධික කාලකන්නි පඩයෙක් වූ සජිත් ප්‍රේමදාස නමැති දාර පොන්නයා අහු කරලා බේරෙන්නට නාමල් හොර දෙටුවා තම සමීප හිතවාදී තවත් කම්බා හොර දෙටුවකු වන හොරෆයිල් සක්විති ජවිපෙ පක්ෂයේ වහල් ගෝපයියන්ගේ යාවජීව උත්තරීතර මහානායක අනුර කුමාර දිසානායක සහෝදර උතුමාණන් සමග කුමන්ත්‍රණ කර ඇති බවත් පැවසේ

      Delete
  2. කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ ඔය උතුරේ දෙමළ සංධානයේ උපක්‍රමය ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ උපක්‍රමය හා සමානම වූ එකක්

    උන් දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදී මීහරක් හැත්ත පෙන්නලා උන් දෙමළ ජනතාව මරලා මස් කන දෙමළ ලේ ඉල්ලන ලේ පිපාසිතයින් බව කියමින් දෙමළ ජනතාව අතර ජාතිවාදී අදහස් වපුරා දෙමළ ජනතාව බේරාගැනීම සඳහා සටන් කරන බවට පොරටෝක් දෙමින් ඒකෙන් තමයි ජීවත් වෙන්නේ හරියටම ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ කට්ටිය පයිල් පෙන්න පෙන්න හොරුන්ගෙන් රට බේරාගන්න අපට ඡන්දෙ දීපියව් කියනවා වගේ නේද?

    ReplyDelete
    Replies
    1. @ Ano 12.29

      ලංකාව තුල බලය බෙදා හැරීම ඔස්සේ සියලු ජ‍ාතීන් එකතු කරන්නට බලයේ සිටි පක්ෂය උත්සාහ කළ සෑම අවස්ථාවකම විපක්ෂය ඊට එරෙහි වූ අයුරු ඉතිහාසය පුරා දක්නට ලැබෙන අතර මුලින්ම බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම තුළින් බලය බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට ගිය අවස්ථාවේ ඊට එරෙහිව පෙළපාලි යමින් විරුද්ධ වූයේ විපක්ෂයේ සිටි ජේ. ආර් ජයවර්ධනයි.

      ඊටත් පස්සේ ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව කොමියුනිස්ට් හා සම සමාජ පක්ෂ පෙළපාලි ගියේ ඩඩ්ලිගේ බඩේ මසළ වඩේ කියමින්. මුලින් බණ්ඩාරනායක බලය බෙදීමට ගත් උත්සාහයට එරෙහිවූ ජේ. ආර් ජයවර්ධන තමන් බලයට පැමිණි පසු දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ බලය බෙදා හරිමින් පළාත් සභා පිහිටුවූවත් ඊටත් පස්සේ ජනපති ධුරයට පත් වූ පච මල්ල හෙවත් චෞර රැජිණ චන්ද්‍රිකා බණ්ඩාරනයක නව ව්‍යවස්ථාවක් ගෙන එමින් පුළුල් බලය බෙදීමක් පිළිබද කතා කරන විට ව්‍යවස්ථා කෙටුම්පත් පාර්ලිමේන්තුව තුළ ගිනිබත් කළේ රනිල් වික්‍රමසිංහ යටතේ එක්සත් ජාතික පක්ෂයයි.

      ජනපති ධූරයට මැදමුලනේ නාකි මයිනාවූ මහින්ද රාජපක්ෂ නමැත්තා පත් වීමෙන් අනතුරුව ඔහු දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගොස් තර්ටීන් ප්ලස් දෙන්නට සූදානම් වූ අතර ඉන්දියාවේ අගමැතිට ප්‍රතිඥා දෙමින් එසේ කටයුතු කළ මහින්ද යහපාලන රජය සමයේ විපක්ෂ කණ්ඩායම් වල හිටපු කාලෙ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එන්නටත් පෙර බලය බෙදීමට එරෙහිව සිංහල බෞද්ධ ජනතාව උසි ගන්වමින් මහත් සේ කෝලහල කළ අතර ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ හැසිරීම කෙබඳුද යන්න තේරුම් ගැනීමට මෙම සිදුවීම් පෙළ හොඳටම ප්‍රමාණවත්.

      Delete
  3. මගෙ comfortable zone එක තමයි
    මට චෝදනා නොකරන මිනිස්සු ...
    ඔයා සුදු මදි
    ඔයා මහත වැඩියි
    ඔයා කෙට්ටු වැඩියි
    ඔයාගෙ කොණ්ඩෙ දිග මදි
    ඔයාගෙ මූණෙ පිම්පල්ස් වැඩියි
    මේ විදියට මට චෝදනා නොකර
    "ඔයා සතුටින්ද" අහන මිනිස්සු එක්ක
    සතුට නිර්මාණය කරන්න උදව් වෙන මිනිස්සු එක්ක තමයි මගෙ comfortable zone එක නිර්මාණය වෙන්නෙ

    දුසිම් ගානකට වඩා මට comfortable විදියට ඉන්න පුලුවන් දෙන්නෙක් මට ඇති 🙂💙

    ඔයත් තව කෙනෙක්ට ඔයා එක්ක comfortable විදියට ඉන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න, චෝදනා නොකර ඉන්න

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      මමත් මෙහෙම කාලයක් උන්නා. ඊට පස්සේ තමා මගේ යාලුවෙක් කිව්වේ Randunu Sir ගේ IELTS පන්තිය ගැන. මට හොඳ English බාවිතයක් තිබ්බේ නැහැ, නමුත් සර් ගේ උපදේශ නිසා සහ මට ලංකාවේ job එක එපාම වෙලා උන්න නිසා මම ගොඩක් උනන්දු වෙලා ඉක්මනින් IELTS කරා රන්දුණු සර් ගාව. අද මම Canada වල හොඳ job එකක් කරන සතුටෙන් ඉන්නවා. IELTS බැහැ කියලා බය වෙලා ඉන්න එපා. මහන්සි වෙලා ගොඩ දාගෙන ඔය රටින් මෙහෙ එන්න.

      Delete
  4. 🏷️ ජනතා මතයට එරෙහිව පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ජනතා අයිතිවාසිකම් දිනෙන් දින කප්පාදු කරමින් පවතී. ජාන්ත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( IMF ) උවමනාවන් අනුව යමින් ජනතා සුභසාධනය කප්පාදු කරමින් ලංකාව පෞද්ගලිකරණ දිශානතිය දක්වා ගෙන යන මෙම වැඩපිළිවෙලේ දිගුවක් ලෙස 2023 වසරේ අයවැය වැඩපිළිවෙළ දියත් වේ.

    මෙම අශිෂ්ඨ ජනතාද්‍රෝහී පාදඩ අයවැය වැඩපිළිවෙළ අනුව උසස් අධ්‍යාපන සහ පාසල් අධ්‍යාපනයට වෙන් කරනු ලබන ප්‍රතිපාදන තවදුරටත් කප්පාදු කරමින් පවතින අතර අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් යෝජනා කර ඇත.

    ජනපති රනිල් වික්‍රමසිංහ අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව අමතා කරන ලද කතාවේ මූලික සාරාංශය සම්පූර්ණයෙන් අධ්‍යාපනය විකිණීමට අදාල කූට ව්‍යාපෘතිය කරලියට ගෙන ඒමේ එක් අවස්ථාවක් පමණි. පාසල් සහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නවලිබරල් උවමනාවන් අනුව වෙළෙඳපොළට විවෘත කිරීමත් ඒ ඔස්සේ ධනපතින්ගේ මඩිය තරකිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය උපයා දීමත් මෙහි මූලික අරමුණ බව පැහැදිලිය.

    අධ්‍යාපනය යනු සමාජය සතු දැනුම් පද්ධතිය වේ. අධ්‍යාපනය තනි පුද්ගල නිර්මිතයක් නොවන අතර අතීත සමාජයේ සාමූහික කැපකිරීම්වල වර්තමාන ඵලය වේ. එබැවින් එය පුද්ගලික අභිමතාර්ථ සපුරාලීමට ලාභ උපයන ව්‍යාපෘතියක් බවට පත් කිරීම ජනතා ද්‍රෝහී ක්‍රියාවකී.

    මු මහත් විශ්වය තුල ධනය ඇති නැති පරතරයකින් තොරව අධ්‍යාපනය ලැබීමට මෙලොව උපදින සියලු දරුවන්ට අවස්ථාව හිමි විය යුතුය .

    එසේම මේ වනවිට වත්මන් ආණ්ඩුව විසින් ජනතව සතු මහජන පොදු දේපළ කුණු කොල්ලයට ලාබ අපේක්ෂාවන් වෙනුවෙන් විකිණීමට සැලසුම් කරමින් ඇත. රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුව තුළ දී සිදුකරනු ලබන ප්‍රකාශ තුළ දි ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ටෙලිකොම් ආයතනය, ලංකා බැංකුව සහ මහජන බැංකුව ඇතුළු ලාබ ලබන රාජ්‍ය ආයතනය විකුණන බව ප්‍රකාශ කරන ලදී. මෙම සම්පත් ආණ්ඩුව සතු සම්පත් නොවන අතර ඒවා රංග සියලුම ජනතාව සතු පොදු දේපළ වේ. ඒ අනුව පාලකයන්ගේ වැරදී තීරණ හා වැරදී ආර්ථික ප්‍රතිපත්ති නිසාවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ මෙරට සාමාන්‍ය ජනතාවට ය. මෙසේ සිදුකිරීම මගින් ජනතාවට ඉදිරියේ දී මහත පීඩාවක් ගෙන දීමට නියමිතය. එසේම අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීම මගින් දුප්පත් දරුවන්ට අධ්‍යාපන අයිතිය අහිමි වී යයි. එබැවින් සමාජයේ සියලු ජනතාව එකට එකතු වී අධ්‍යාපනය විකිණීමට පිඹුරුපත් සකස් කරන නවලිබරල් වැඩපිළිවෙළට එරෙහිවත් එසේම ජනතාව සතු ජාතික සම්පත් විකිණීමට එරෙහිවත් වීදි බැසීමට කාලය පැමිණ ඇත.

    ........................................................

    📌️අධ්‍යාපනය - සෞඛ්‍ය වෙළද භාණ්ඩ නොවේ !

    සමාජාරක්ෂණ - ජනතා දේපල විකිණීමට එරෙහිව වීදි බසිව් !
    ........................................................

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

    ReplyDelete
  5. ලංකාවේ වර්තමාන දූෂිත රනිල් වික්‍රමසිංහ රෙජීමය බලයට පත් කිරීමට කටයුතු කළ ඇමරිකානු එක්සත් ජනපදය ඔවුන්ගේ ඊළඟ පියවර ලෙස මේ වන විට දැඩි ලෙස අවදානම් සහගත තත්වයක් යටතේ සෞඛ්‍ය සේවා පහසුකම් බිඳ වැටී ඇති රටක් වන ලංකාවට සංචාරය නොකරන මෙන් ඇමරිකානු පුරවැසියන් සහ ඇමරිකානු හිතවාදී රටවල් වල ජනතාවට දැනුම් දී තිබේ.

    ඒ අනුව වෝනින් (warning) නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ අත්‍යවශ්‍යම හේතුවක් ඇති නම් පමණක් ලංකාවේ සංචාරයකයන ලෙසත් එසේ නැත්නම් ලංකාවේ සංචාරයක නොයන ලෙසත් යම් විදියකින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් අවශ්‍ය වන ඖෂධ රැගෙන ලංකාවට යන ලෙසයි.

    ඔවුන්ගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ලංකාවේ කොළඹ නගරයෙන් පිටත වෛද්‍ය පහසුකම් සීමා සහිත බවත් කොළඹ නගරයේ පවා ප‍්‍රධාන රෝහල් ඇත්තේ හයක් පමණක් බවත් පවසන එම නිවේදනය එම රෝහල්වලද හදිසි අනතුරු ඒකක ඇත්තේ රෝහල් තුනක පමණක් බවත් දැනුම් දී තිබේ. මේ නිසා විදේශිකයන් ලංකාවේ සංචාරය කිරීම ඉතා භයානක බවයි පේන්නේ එහෙම නේද මාතලන්?

    ReplyDelete
  6. මාතලන් මෙතන කියන කතාව ඇත්තක් තියෙනවා තමයි ඒත් මාතලන් ලෝකයේ කොතැනක සිටියත් මිනිස්සුන්ට හිතේ නිදහස තෘප්තිය තියෙනවා නම් ඒක තමයි රටක හෝ ආයතනයක හෝ පවුලක දියුණුව කියන්නේ. වේලක් කාල වේලක් නොකා හරි සතුටෙන් ඉන්න පුළුවන් එකිනෙකාගේ නිදහසට ගෞරව කරන තැනක.

    නමුත් සසිරිබර සිරිලක? දියුණුව කියන්නේ ගත්ත ණය වාරික වෙලාවට ගෙවා දැමීමද? ලංකාවේ පෞද්ගලික අංශයේ වගේ සේවකයන් ගෙන් යක්කු බැඳ ගෙන වගේ වැඩ ගත්තට ආර්ථික දියණුවක් ලැබෙන්නේ නෑ. ලොව සංවර්ධනය වී ඇති සැබැවින්ම දියුණු රටවල් සෙනසුරාදා ඉරිදා සහ බැංකු නිවාඩු දින වලට email එකක් බැලීම තරම් දෙයක් වත් සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ දින වල වැඩ කරනවා නම් අමතරව පඩි ගෙවනවා. යෝග පන්ති, gym වගේ පහසුකම්සේ වකයන්ට දෙනවා. කෙනෙක් නියමිත නිවාඩු ටික නොගෙන වැඩ කරනවා නම්, රජය එයාගේ පඩියෙන් වැඩිපුර tax කපා ගන්නවා.

    අවාසනාවකට ඒ වගේ සංවර්ධිත දියුණු රටවලින් ඉගෙන ගෙන ආව අයත් සිරිලකේ වැඩකරන්නේ අන්තිම නරක විදිහට.

    අපි ඉපදුණු දා ඉඳන් මැරෙන තුරු සිරිලක සංවර්ධනය වෙමින් පවතින රටක් වුනේ ඇයි? තමන්ගේ සමීපතයන්, පවුලේ අය, සේවකයින්, පීඩාවට පත්කරලා මොන දියුණුවක් ද? මේ හැම අර්බුධයක්ම මිනිස්සුන්ගේ මනුස්සකම නැති වීම නිසා හට ගන්නා කරදර.

    ReplyDelete
  7. ලංකාවේ දේශීය විදේශීය විනිමය දිගුකාලීන නිකුතු තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දැමීමට ජාත්‍යන්තර පිච් රේටින් ආයතනය කටයුතු කර ඇත.

    ඒ අනුව මෙතෙක් පැවති CCC කාණ්ඩයේ දී සිට CC කාණ්ඩය දක්වා තව දුරටත් පහත දමා ඇත.

    ඔවුන් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉහළ පොලී අනුපාත හා දැඩි දේශීය මූල්‍ය ප්‍රතිපත්තිය මත දේශීය ණය පැහැර හැරීමේ අවධානමක් පැනනැගී ඇති බවයි.

    https://www.fitchratings.com/research/sovereigns/fitch-downgrades-sri-lanka-long-term-local-currency-idr-to-cc-affirms-rd-foreign-currency-idr-01-12-2022

    ReplyDelete
    Replies
    1. @ Ano 7.30

      True

      Refer

      https://economynext.com/sri-lanka-rupee-debt-rating-downgraded-to-cc-by-fitch-on-debt-restructure-risks-104839/

      Delete
  8. බැල්ටිමෝර් ආණ්ඩුකාරවරයා campas මැරි මහ පල්ලියේ ස්වාමිවරයා එන්න එන්න ඔයා කොම්පැනිය භාරත් පෙට්රෝලියම් ශානු නිසා

    ReplyDelete
  9. අයිසේ මාතලන් ලංකාවේ පෙඩරල් දෙන්නේ නැහැ එහෙම දුන්නොත් එදාට අර බුකියේ මෙලෝ රහක් නැති පල් හෑලි ලියන බේසික පුතා රසික ජයකොඩි කියන ගල් මූල බේස භල්ලා උගෙ ෆොටෝ එක නැතුව පල් හෑල්ල විතරක් බුකි දානවා තව ඊටාමතරව එදාට රනිල් වික්‍රමසිංහ සාගල රත්නායකව කසාද බඳිනවා... 👉👈

    ReplyDelete
  10. ලංකාවේ දෙමළ මිනිස්සුන්ගේ දේශපාලනික නායකයන් බහුතරයක් ඉතාමත් පටු අරමුණු සහිත පටු දැක්මක් ඇති මෝඩ යක්කු ටිකක්, වේලුපිල්ලේ ප්‍රභාකරන් උනත් තමන් ගේ හැකියාවන් කිසිම තේරුමක් නැති විනාශකාරී යුද්ධයක්කරගන්න යොදනවා වෙනුවට මොකක් හරි ගෝලීය මට්ටමේ දැවැන්ත අපනයන ව්‍යාපාර වලට හිත යොමු කලානම් ලංකාවම අද සල්ලිවලට ගන්න පුළුවන් තරමට ආර්ථික ශක්තියක් ගොඩ නගා ගැනීමට පුළුවන් බව පැහැදිලියි.

    ඒ වගේම තමයි මාතේ සමහර විට මිනිසුන්ව නිවැරදි කිරීමට වඩා සතුටින් සිටීම හොඳයි. මිනිසුන් සමඟ තර්ක නොකිරීමට තීරණය කිරීම ස්වයං අවබෝධයක්.

    ඒ නිසා අන්‍යෝන්‍ය ගෞරවයෙන් සහ සාමකාමී මනසකින් කරන සෞඛ්‍ය සම්පන්න සාකච්ඡාවක් යනු ඕනෑම මට්ටමක මානුෂීය සංවාදයකට එළඹීමයි. එකඟ නොවීම් සහ සාකච්ඡා අගෞරව කිරීමට නොවේ පහදා දීමට හොඳයි.
    වාද ඇති වන්නේ චිත්තවේගීය බුද්ධිය නොමැතිකම නිසා.
    දැණුම සිහිය සහ අධ්‍යාත්මික අවබෝධය හැමෝටම නොපිහිටන කුශලයකි.
    තර්ක පැමිණෙන්නේ අනෙක් කෙනාගේ චරිතයේ දුර්වලතාවයෙන් පෙන්වා දීමටයි.
    සෞඛ්‍ය සම්පන්න සංවාදයක් ඇතිවන්නේ ආදරයෙන්, අනෙක් කෙනාව තේරුම් ගැනීමට සහ විසඳුමක් සෙවීමට ඇති කැමැත්තෙනි.

    "සමහර විට අර්ථවත් නිශ්ශබ්දතාවයක් තේරුමක් නැති වචන වලට වඩා හොඳය."

    තර්කයකින් තොරව සන්නිවේදනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීම,
    දේවල් අවබෝධ කර ගැනීමට සහ අර්ථවත් සෞඛ්‍ය සම්පන්න සංවාදයක් ඇති කර ගැනීමට හොඳ මාර්ගයක් වනු ඇත.
    අවබෝධය, ආදරය සහ දයානුකම්පාව ලෝකයේ සෑම ගැටලුවකටම යතුරයි.

    මිනිසුන්ට ඔවුන්ගේ යථාර්ථය තුළ නිවැරදි වීමට ඉඩ දෙන්න. ඔවුන්ව නිවැරදි කිරීමට වෙහෙස නොවන්න. ඔහුන්ගේ වැරදි ඔවුන් සාධාරණීකරණය කරනු ඇත.

    ඒ වගේමයි සෑම කෙනෙකුම ඔවුන්ගේ විඥානයේ මට්ටමට අනුව ක්‍රියා කරන බවත්, ඔවුන්ගේ ආත්ම ගමන ඔහුන්ට පුරුදු ආකාරයෙන් යෙදෙන බවත් ඔබ තේරුම් ගත් විට, සෑම කෙනෙක්ව පිළිගැනීමට සහ සමාව දීමට ඔබට හැකි වනු ඇත...!

    ReplyDelete
  11. ඔවු ඉතින් අර මහවුන් අරක්කු බොද්දි තලු මරන හොරෙන් බොන්න ට්‍රයි කරන පොඩි කොල්ලන්ට අමුවෙන් කට කපලා ග්ලාස් එකක් බොන්න දුන්නාට පස්සෙ මළාට ජීවිතේ රහමෙර පානය කරන්න එන්නේ නැහැ වගේ ඕකුන්ට බලෙන්ම වෙනම පාලනය කරන්න දීල මධ්‍යම ආණ්ඩුව සල්ලි නොදී උන්ටම බදු ආදායමක් උපයා ගෙන ඒ පළාතේ සංවර්ධනය සඳහා කටයුතු කළ යුතුයි කියලා බල කළ යුතුයි

    හරියට අර මේ දවස්වල ලංකාවේ සංචාරක ව්‍යාපාරය ආපහු අමාරුවෙන් හරි ගොඩ දාගන්න ඕනේ කියලා සුද්දෝ එනවා අරගල කරන්න එපා කියලා කට කැඩෙනකම් අර කාලකණ්ණි මළපෙරේත පෙරට්ටන්ට, ජෙප්පන්‍ට, ජලනිලට වගේ මොළේ කළඳක් නැති අමු මීහරකුන්ට බැනලා වැඩක් නෑ... ඒ උන්ගේ බඩ රස්සාව.. උන් ඒක හරියට කරනවා..

    අන්න ඒ වගේ... ලංකාවේ පොලීසියත්, පොලීසියේ රස්සාව හරියට කලාම ඉවරයි.. ඔය පෙරේත හැත්තට දෙන්න ඕන පැණි බේරෙන්න උන්ට තේරෙන බාසාවෙන් එතකොට තමයි තේරෙන්නේ වෙනත් බඩ රස්සාවක් හොයාගන්න පෙරේත හැත්ත

    ReplyDelete
  12. මාතේ, උතුරට ෆෙඩරල් බලය ලබාදීම සඳහා වන යෝජනා දකිද්දී මතක් වෙන්නෙ අපි ඒ කාලේ විඳපු අත්දැකීම්, මට මතකයි 2009 වසර ආරම්භය වනවිට උතුරු යුදබිම බොහෝ සේ රත්වී තිබුණ කාලේක ත්‍රස්තවාදීන්ට එරෙහිව පෙරමුණු කිහිපයක් ඔස්සේ සටන් වදිමින් හමුදා සෙබළුන් පෙරට ඇදෙමින් සිටි අතරේ එවකට මා සේවයේ නිරතව සිටි 4 වන කාර්ය සේනාංකය (ටාස්ක් ෆෝස් ෆෝ) යටතේ 641 වන බළසේනාව (ඒ වන විට අලුතින් ආරම්භ කළ එම බලසේනාවට පැවරී තිබුණේ වැලිඔය සිට "ඔටියමලේ", "නැදුන්කර්නි", "ඔඩ්ඩුසුඩාන්" හරහා "පුදුකුඩිරිප්පු" ප්‍රදේශය දක්වා බලය තහවුරු කිරීමයි) මගින් ඉදිරියට යන හමුදාව වෙත ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූයේ ප්‍රබල ප්‍රතිරෝධයකි.

    එනමුත් අප නොසැලී ඉදිරියට සටන් කරමින් දිවි නොතකා පෙරමුණට ගිය හමුදාවේ ගමන නැවැත්වීමට තරම් එය ප්‍රමාණවත් නොවී අවසානයේ සතුරු අභියෝග අතික්‍රමණය කොට සෙබළුන් සිය ඉලක්ක එකින් එක ජයගනිමින් පෙරටම ඇදුනා.

    ඔය අතර ඉදිරි භූමියේ සටන් දිගින් දිගටම ඇවිලී යද්දී පෙර සටන් පැවැති භූමිය තුළ දිස්වූයේ නිහඬ බවකි. එකී නිහඬ බව තුළ වුවද සැඟවුණු අවදානමක් තිබිය හැකි බැවින්, මුදාගත් සියලු බිම්කඩවල් යළි විමර්ශනය කිරීම අනිවාර්ය විය. අවදානමක් සදහා අංශුමාත්‍රයක හෝ ඉඩක් නොතැබීම එහි අරමුණ විය. යුධ භූමියෙහි නොසැලකිල්ල, අත්වැරැදීම් හෝ ප්‍රමාද දෝෂ යනු ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවීමකි. ඒ පිළිබඳ ඕනෑවටත් වඩා අත්දැකීම් ඉතිහාසය තුළ වූ බැවින් ආරක්ෂාව හා පරිස්සම වෙනුවෙන් කිසිවකුත් සිය වගකීම් අත්නොහළේය.

    භටපිරිස් ඉදිරියට ඇදෙද්දී සටන් ඇවිලී ගිය "ඔඩ්ඩුසුඩාන්" හන්දිය අවට නිරීක්ෂණය කිරීමේදී එය නටඹුන් බවට පත්ව තිබූ අයුරු දිස්විය.

    බොහෝ විට යුද්ධයක් අවසානයේ අහිමි වන ජීවිත පිළිබඳ වැඩි දෙනකු කතා කළද ඊට නොදෙවැනිව විනාශ වන භෞතික පරිසරයද ගහ කොළ හා සතා සිවුපාවුන් ගැනද එතරම් අවධානයට බඳුන් නොවීම සාමාන්‍ය තත්ත්වයකි.

    කෙසේ හෝ ආරක්ෂාව තරකරමින් පෙරට යන ගමනේදී "ඔඩ්ඩුසුඩාන්" හන්දියෙහි යාබද මාර්ගයක් අසල වැටී සිටි එළදෙනකු දැකීමෙන් මා තුළ හටගත්තේ කම්පනයකි. වෙඩි පහරවල් කිහිපයක් සිරුර පසාරුකොට ගෙන තිබුණද මිය නොගොස් සිටි එම එළදෙන දෑස් හැර බලා සිටි ඉරියව්ව දැනුදු මා මනසෙහි සිතුවමක්සේ මැවේ. කිසිවකුගේ හව්හරණක් නොමැතිව පණ අදිමින් සිටි එම එළදෙන දෙස කාගේ හෝ අවධානය යොමුවූවා දැයි නොදනී. පැවැති අවිනිශ්චිත වටපිටාව හමුවේ තිරිසනකුගේ නොව මිනිස් ජීවිතයක පවා ඉරණම, එක් නිමේෂයකින් තීරණය වන පසුබිමක් තුළ එය එසේ වූවා විය හැකිය.

    එළදෙනට වෙඩි වැදීම කුමන පාර්ශවයක් අතින් සිදුවූවාදැයි නිගමනය කළ නොහැකි මුත් යුද වැදීමට වඩා දෙපාර්ශවයක යුද ගැටුමකට මැදිවීම කොතරම් අභාග්‍යයක්ද. මම මොහොතක් නතරව වැතිරී සිටි එළදෙන දෙස බැලීය- උගේ ඇස්වල සටහන් වී තිබුණේ ආයාචනයකි. කුමක්දෝ කතාවක් කියන්නට එම සතා උත්සාහ දරන්නාක් මෙනි. නමුත් අවාසනාවකට එය තේරුම්ගැනීමට එහි කිසිවකුටත් ඉස්පාසුවක් නොවීය. එළඹෙන තීරණාත්මක මොහොතට මුහුණ දීම උදෙසා සෑම අයෙක්ම ඉන් නික්ම යා යුතුමය. අවසානයේ එළදෙනගේ මුවට දිය පොදක් පමණක් වත්කල මාද එතැනින් ඉවත්වූයේ අන් කළ හැකි කිසිවක් නොවූ නිසාමය.
    ........

    ReplyDelete
    Replies
    1. තිරස්ව ඇදෙන වෙඩි උණ්ඩයක දුර තීරණය වන්නේ අවියේ ස්වභාවය අනුවය. ඉදිරියට යන උණ්ඩයකට මුණ ගැසෙන ඕනෑම දෙයක් විනිවිද යනු විනා එය සතුරා මිතුරා නොහඳුනයි. ගහක් කොළක් ගලක් වැනි භෞතික කිසිවක නොගැටෙන්නේනම් එය නොනැවතී උපරිම දුර සීමාව දක්වා ගමන් කරයි. නමුත්, යුදබිම තුල එසේ වෙඩි උණ්ඩයක් නිදහසේ ඉවත ඇදී යනුයේ කලාතුරකිනි. සතුරු මිතුරු පාර්ශව නොමැති බොහෝ තැන්වලදි ඒවා කෙලවර වන්නේ එම භූමියේම කොහේ හෝ සිටින සතෙකුගේ සිරුර විනිවිද යාමෙනි. සටන් බිම තුල මියෙන තුවාල ලන මිනිස් ජීවිත තරමටම අහිමි වූ සතා සිවුපාවුන් සංඛ්‍යාවද අතිමහත්ය. මුවන්, ඌරන්, හරකුන්, එළුවන්, වල්අලින් සේම පක්ෂීන්ද යුද්ධයේ අවාසනාවන්ත ඉරණමට වැඩි වශයෙන් ගොදුරු වූවන්ය.

      යුද්ධයෙන් අහිමිවු මිනිස් ජීවිත දැක අපි ඕනෑ තරම් කම්පාවී ඇත්තෙමු. ඔවුනට උපහාර පුදන්නෙමු. අදටද ඔවුන් අනුස්මරණ කරන්නෙමු. නමුත් සංග්‍රාම භූමියේ සතුරු මිතුරු කිසිදු පාර්ශවයකට අයත් නොවී දිවි අහිමි වූ සතුන් පිළිබඳ කිසිවකු තුළ මතකයක් වත් ඇත්දැයි නොදනී.

      මා ඉහත කිව් වෙඩි වැදුනු එළදෙන කියාපාන්නේ එකී සමස්ථ තිරිසනුන්ගේ කතාවයි. වෙඩි උණ්ඩ හයක් වැදි ඉතා අසාධ්‍යව සිටියද ඒ මොහොතේත් මිය නොගොස් සිටි එම එළදෙන ඊට ආසන්නම අවස්තාවකදී සදහටම දෑස් පියාගනු නිසැක මුත් එම සිදුවීම හරහා එම සතා අපගේ ඇස් සදහටම අරවා තබන්නට සමත්වී ඇති සෙයකි. ගෙවුණු අභාග්‍යසම්පන්න කාලපරිච්චේදය දෙස මැදහත්ව බැලීමේදී ඔවුන් වෙනුවෙන්ද අකුරක් සටහන් කිරීම සාධාරණ නොවන්නේදැයි මම ඔබෙන් අසමි.

      මේ එම අසරණ එළදෙන ඇතුලු සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් ලියවෙන එළදෙන නොකී වදන් පෙළයි.....!

      මවු බිම බෙදන්නට වැතිරී ලේ විලක

      උන් උන් මරාගෙන නොම ඉඳ එක පිලක

      අං නැති එවුන් ගොංකං කරනා කලෙක

      ගොං අපි කුමක් කරමුද මියයනු මිසක

      කිරි දුන් කෙළෙහි ගුණ අමතක ලොව නරුම
      තිරිසන් ගති පිරුණු මිනිසුන් ඇති තුරුම
      බෙරිහන් දෙනු කුමට රැකගන්නට උරුම
      වරිගෙන් ඉවත යමි පියවා පෙර කරුම

      වැස්සෙයි රුහිරු බිඳු එකපිට එක පෙළට
      ගැස්සෙයි හිතම තරහක් නැතිමුත් දුකට
      ඉස්සෙයි පපුව හුස්මක අවසන් වරට
      රස්නෙයි තවම හදවත නොදැනෙද නුඹට

      - ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ

      Delete
    2. @ Leut Col,

      Well written & emotional stuff, humanity has been observed inside a merciless trained killing machine, a military soldier of Sri Lankan military, which is world famous for notorious war crimes, can't believe that such feelings lies inside the hearts of ruthless sri Lankan military personnel, you might be a rare exception Hats off for the write up

      Delete
  13. Pepsi වරද්ද ගත්ත ඩොලර් මිලියන 30ක කැම්පේන් එක !!

    1995 පෙප්සි ආයතනය අලෙවිකරණ උපාය මාර්ගයක් ලෙස, පෙප්සි බෝතලයක සෑම මිලදී ගැනීමක් සඳහාම ලකුණු 5ක් ලැබුවා. පෙප්සි ලකුණු ගොඩක් එකතු කරගත්තොත් ඔබට වටින තෑග්ගක් ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස ලකුණු 100 සඳහා ටී ෂර්ට් එකක්. ලකුණු 500කට ලෙදර් ජැකට් එකක් වගේ තෑගි ගොඩක්.

    පෙප්සිගේ ප්‍රචාරණ ආයතනය සිතුවේ මෙම ව්‍යාපාරයේ දැන්වීම රසවත් විය යුතු බවයි. ඔවුන් සෙල්ලක්කාර ලෙස ප්‍රචාරණය කළේ පෙප්සි ලකුණු මිලියන 7ක් දිනාගැනීමෙන් තමන්ට හැරියර් ජෙට් යානයක් පිරිනැමෙන බවයි.. මෙම දැන්වීම බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.

    https://www.facebook.com/100083174298303/posts/pfbid036sMhnRAMKh2vFp1C48XWoPcdCPkTYC3UEBNTQAKGtoXrqBzjbePvUnPjtyeU2pcZl/?app=fbl

    #pepsi349 #Pilipinas #america #PepsiWheresMyJet

    ReplyDelete
  14. රටේ සිස්ටම් චෙන්ජ් කරන්න බලය ගන්න බලාගෙන ඉන්න ප්‍රධාන විපක්ෂයේ පහත් හැසිරීම දැක්කාම හිතාගන්න පුළුවන් ජනතාව කොහොම සලකයි ද කියලා.... රනිල්....ල්. ල්. කියලා කැගැව්වාට පොලිස් නිලධාරීන් ඉබ්බාට කණ්ඩායමක් එක්කන් දගලැව්වාට බලය දෙන්න තරම් මී හරක් රටේ නැහැ...ඹවා කරලා හරියන්නේ නැහැ රට ගොඩනගන්න පැහැදිලි කරන්න පුළුවන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න පුළුවන් නම්....

    ReplyDelete
  15. අඩෝ මාතා ඉන්දුනීසියාව විවාහයෙන් පිට ලිංගික හැසිරීම් තහනම් කරපු සීන් එක දන්නවා ඇතිනේ නේද?

    //ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව අද සම්මත කරගත් පරිදි විවාහයෙන් පිට ලිංගික හැසිරීම් තහනම් කරනු ලැබුවා. මෙම නීතිය තව වසර තුනකින් බලාත්මක වනු ඇත. මෙම නීතිය ඉන්දුනීසියානුවන්ට මෙන්ම එරට සංචාරකයන්ටද අදාල වේ. ඒ අනුව බාලි සංචාරය කරන අවිවාහකයන්ට තනි කාමර ලබාදීම, එක්ව ජීවත් වීම තහනම් කිරීමටද නියමිතය. මෙයට පටහැනිව ලිංගිකව එක්වන්නන්ට වසරක් දක්වා සිරදඬුවම් මෙන්ම විශාල දඩ මුදලක්ද නියම වනු ඇත.
    මේ සමගම ජනාධිපතිවරයා හෝ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීමද තහනම් කරවමින් නීති පනවා ඇත. මූලික මිනිස් අයිතිවාසිකම් වලට පටහැනි මෙම නීති සඳහා විශ්ව විද්‍යාල සිසුන් සහ මහජනතාවගේ විරෝධතා ඇතිවෙමින් පවතී.
    ඉන්දුනීසියාව ලොව විශාලතම ඉස්ලාම් අදහන්නන් පිරිසක් ජීවත් වන රාජ්‍යයයි.//

    ලංකාවට මේක පීට දාලා බාලි වල ටුවරිස්ම් වලින් ලැබෙන ආදායම ලංකාවට ගොඩ දාගන්න පුළුවන් මොළේ පාවිච්චි කරලා වැඩ කළොත් එහෙම නේද?

    ලංකාවේ ඝර්මකලාපීය ට්‍රෝපිකල් ක්ලයිමේට් එක සහ ලංකාවේ සාපේක්ෂව වඩා නිදහස්කාමී පරිසරය සහ ලංකාවේ පුහු සදාචාරයක් ගැන බයිලා ගහන ගොබිල්ලු ටික නිහඬ කරන්න පුළුවන් නම් ට්‍රැවල් වීලොගර්ස්ලා යූටියුබර්ස්ලා හරහා ගානට මාකට් කළොත් ගේමක් ගහන්න පුළුවන් ලේසියෙන්ම ඒත් ලංකාවේ ආණ්ඩුවේ උන්ට හෝ ඊටත් වඩා ගොන් විපක්ෂයේ කාලකන්නි හැත්තට හෝ මේ ගැන කිසිම දෙයක් තේරුම් ගන්න අමාරුයි පුද්ගලික අංශයේ ව්‍යවසායයන් මොළේ පොඩ්ඩක් පාවිච්චි කරලා වැඩ කරන්න ඕන නේද?

    ReplyDelete
  16. මාතලන් දැක්කා නේද අර Arimac කියන කොම්පැනියේ developer කෙනෙක් ලියුමක් ලියලා තියලා සියදිවි නසාගෙන. සංවේගයට පත් netizenලා ඒ සිද්ධිය ගැන කතා වුණේ දවසයි. තණමල්විලෙන් කොළඹ ඇවිල්ලා මොරටු කැම්පස් එකෙන් උපාධිය ගත් මිනිහෙකුගේ ජීවිතය එහෙම අවසන් වෙනවා. අරගල කාලේ නම් ෂෙවෝන් ඩැනියෙල්ස් ඒ කොල්ලගේ මිනිය සිරසේ තියාගෙන දුවනවා.

    ලියුමට වෙනස් කතාවක් තමයි Arimac නම් කියන්නේ. ඕවයේ ඇත්ත නැත්ත හරියටම දැනගන්න ලැබෙන එකක් නැහැ. මොකද මේ රටේ මිනිස්සුන්ට ඒ වෙලාවට ට්‍රිගර් එකක් දෙන නිව්ස් කෑල්ලක් විතරයි අවශ්‍ය. නිව්ස් කිව්වට ඒවා ඇත්තටම ගොසිප්. ලංකාවේ මිනිස්සුන්ගේ මත්ද්‍රවය තමයි නිව්ස් කෑලි. වට්සැප් එකට “ටින් ටින්” ගාලා පැයකට වරක් එන ක්ලික්බේට් ගොසිප්. අරගලය කාලේ විනාඩි පහෙන් පහට එව්වා. ගෙවල් ගිනි තියන කල් එව්වා.

    ලංකාවේ software developerලාව ලෝකයේ brand කළේ “අඩු වියදම් ශ්‍රමිකයන්” විදිහටයි. ඒකට මූලික වුණේ SLASSCOM සහ ඔය අටවාගෙන ඉන්න කබල් software club සංගම්. Cheap Labour Destination එකක් විදිහට තමයි ලෝකයේ IT conferenceවල අපේ IT කොම්පැනි අයිතිකාරයො ලංකාව ස්ථානගත කළේ. ලංකාවේ සුපිරි Tech Leaders කියන උන් ඇත්තටම කරන්නේ මේ රටේ තරුණ තරුණියන්ගේ ශ්‍රමය ලාබෙට විකුණන එකයි.

    ඒකෙන් ඇත්තටම වුණේ product innovation industry එකක් වෙන්න තිබුණ ලංකාවේ IT sector එක නිකම්ම නිකම් BPO industry එකකින් කෙළවර වීමයි. Arimac එකනම් කිසියම් නව්‍යකරණ නිෂ්පාදන හදනවා කියලා පම්පෝරියක් ගැහුවා. චීන රොබෝවෙකුට ලංකාවේ යක්ෂ වෙස්මූණක කන් දෙක දාලා හෙන සංදර්ශනයක් දැම්මා. ඒවට මොනවා වුණාද දන්නේ නැහැ. ඒකෙ ලොක්කා බොරු ෂෝ කාරයා.

    ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට එහෙම ලොකු නව්‍යකරණ විභවයකුත් නැහැ. එහෙම තියෙනවා නම් electric supercar එකක් හදන්න කලින් මුලින්ම කරන්න ඕනා තමන්ගේ ආයතනය පුනර්ජනනීය බලශක්තියෙන් 100% ස්වයංපෝෂිත කරගෙන ඉන්න එකයි. ඒ වෙනුවට “electric” කාර් එක හදපු මිනිහත් ගිහිල්ලා “අපිට වැඩකරන්න electricity දීපියව්” කියලා ගෝල්ෆේස් එකේ අරගල කළා. ඒ තමයි ලාංකිකයන්ගේ නව්‍යකරණයේ සීමාව. සුපර්කාර් පදින්න ආණ්ඩුවෙන් කරන්ට් දෙන්න ඕනා.

    දිවි නහගත්ත තරුණයට ගැටලුව වෙලා තිබෙන්නේ “වැඩ අධිකකම”. ඒක තමයි අර “ලාබ ශ්‍රම industry” එකක ස්වභාවය. ඇමරිකාවේ ඇපල් කොම්පැනිය තමන්ගේ අයිෆෝන් හදලා ගෙන්වා ගන්නේ චීනයෙන්. ඒකට හේතුව තමයි අඩු වියදම. වියදම අඩුවෙන්න ප්‍රධාන හේතුව තමයි ලාබ ශ්‍රමය. අඩු පඩියට උපරිම ශ්‍රමයක් හූරලා ගන්නවා. ඒ චීන factoryවලත් වැඩ අධිකකම නිසා සමහර ශ්‍රමිකයන් මැරිලා වැටෙනවා. ආතතිය නිසා දිවි නහගන්නවා. අරගලය කරපු කොළඹ ධනවතුන්ගේ බේබිලා ෆේස්බුක් ලයිව් ආවේ ඒ ඇපල් අයිෆෝන්වලින්.

    ලංකාවේ ආර්ථිකය හදන හැටි අපට උගන්වන ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහ සර් වැඩ කරන්නෙත් එවැනි ශ්‍රමය සූරාකන ව්‍යාපාරයකටයි. ලංකාවේ ඇඟලුම් කර්මාන්තය කියන්නේ ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රමය ලාබෙට විකුණන මහාපරිමාණ industry දෙකෙන් එකක්. සජිත් ප්‍රේමදාසගේ තාත්තා තමයි ඒ industry එක හැදුවේ.

    දේශීය නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ලංකාවේ මුල්ම උත්සාහය ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. ඇයට විරුද්ධව කැරලි ගැහුවේ රෝහණ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ. දේශීය නිෂ්පාදන ආර්ථිකය හැදීගෙන එනකොටම ඒක කඩාකප්පල් කරලා දැම්මේ එක්සත් ජාතික පක්ෂයේ ජේ ආර් ජයවර්ධන. ඒක හරිම අපූරු පෑහීමක්!

    විදේශවලට ණය වෙලා ගෙන්වා ගන්න අයිෆෝන් එකක් ගන්න සිහිනය බොඳ වුණු, විදේශවලට ණය වෙලා ගෙන්වා ගන්න පෙට්‍රල් වලින් දුවන්න කාර් එකක් ගන්න සිහිනය බොඳ වුණු ගොබ්බ තරුණ පරම්පරාවක් තමයි අරගලය කළේ. සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකරලා “මේකද ජීවිතේ” කියලා අද තරුණයන්ට යටිගිරියෙන් විකුණන්නේ අර එදා ජේ ආර් විකුණපු ලිබරල් සිහිනයමයි. මරු නේද!

    මේ “සිස්ටම් බුබුල” බිඳලා දැම්මේ ගෝඨාභයයි. දේශීය නිෂ්පාදන ආර්ථිකයක් හදන්න නැවත උත්සාහයක් ගත්තේ ඒ මනුස්සයයි. Tech Parks හතරක් පහක් ලංකාවේ තැන තැන හදමින් හිටියේ ඔය තරුණයන්ට ගිහිල්ලා නව්‍යකරණ නිෂ්පාදන හදන්නයි. නමුත් ඒ උත්සාහයත් නැවත බිඳ දැම්මේ ජවිපෙ/ජාජබ සහ පෙරටුගාමී දේශපාලන ව්‍යාපාර සහ ප්‍රේමදාසගේ පුතාණෝගේ සාදර දායකත්වයෙන්. පෑහීම!

    පරණ ලිබරල් හණමිටි අයිස් සමාජගත කරන පැතුම් කර්නර්, රසික ජයකොඩි, ධනනාත් ප්‍රනාන්දු, රොහාන් සමරජීව වැනි ධනපති ඔඩොක්කුවේ කටුකන සුරතලුන්ට අහුවුණේ තණමල්විල කොල්ලෝ කෙල්ලෝ තමයි. අරගලය කියන්නේ මේ රටේ සියලු තරුණයන්ගේ දිවි නසාගැනීමක්. රනිල්ට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ.

    ReplyDelete
  17. උඹ මේ පැඩරල් මගුලක් කතා කරනවා අරෙහෙ බලහන් අපේ තිළිණි නෝනේට වෙලා තියෙන දේ? කවුද යකෝ ප්‍රියමාලිගේ කන්‍යාභාවය හොයපු එකා, හැදිච්ච ගෑණියෙකුට පතිවත රැකගෙන හිරේ යන්නවත් බැරි සමාජයක් තමයි මැදමුලන නාකි මයිනා &sons හැදුවේ?

    ReplyDelete
  18. රසික සූරියආරච්චිගේ අම්මා මැරුණම නිවන් සැප ලැබේවා කියලා දැන්වීම් ගැහුවේ ඇයි? නාකි උන්දා නිවන් නොයයි කියලා සැක හිතුනද? අනික බෝර්ඩ් ගැහුවා කියලා නිවන් යනවද? අනික් උන් කරන දේ තමුනුත් කරන්නේ ඇයි? ඕකට විරුද්ධ වෙන්න තිබ්බනේ. වෙන උන් ඔහොම කරද්දී ඒවා විවේචනය කරන මිනිහා තමුන්ගේ අම්මා මලාමත් එහෙම තමයි කරන්නේ.

    මේ පින්තුරය රසික ෂෙයාර් කර ඇති නිසා මම ප්‍රශ්නේ ඇහුවේ. අනික දු දරුවන් මේක හදලා තියෙන්නේ කියලා යටින්ම දාලත් තියෙන්නේ. ඒ කියන්නේ රසිකත් ඇතුළුව.
    මේවා ගැහුවා කියලා නිවන් යනවද? ෆේස්බුක් එකේ ෂෙයාර් කළා කියලා? කොහෙද නිවන තියෙන්නේ? අමන කම නිසා කරන වැඩ.

    නිවන් සැප ලැබේවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න