.

.

Sep 13, 2023

මහමොළකරු සුරේෂ් සලේ නොව, සිරිල් ගාමිනි විය නොහැකිද?

 


මහමොළකරු සුරේෂ් සලේ නොව,

සිරිල් ගාමිනි විය නොහැකිද?

➖➖➖➖➖➖➖➖🛑➖


සමාන්‍ය මිනිස් ස්වාභාවය වන්නේ වරද පිලිගැනීම නොවේය.. ඊටත් ඉදිරියට යමින්... කට්ට කයිරාටික වෙට්ට පිත්තල වුන් කරන වැඩේ නම්... "අනේ ඕක කලේ මම නෙමේ චීචර්... කියා නතර නොවී.. අන්න අරයා... මේන් මෙයා... කියා වෙන අහිංසක එකෙක් මාට්ටු කර දීමය.


ලෝගු අඳින පල්ලි කාක්කෝ හා විශේෂයෙන්, සිරිල් ගාමිනී හා කාදිනල් කරමින් සිටින්නේ එයම නොවේදෝ කියා අපට සැකයක් ඇති වන්නේ... උන්නැහේලාද කලින් කලට එක එකාට මහමොළකරු චෝදනාව බැර කරනා නිසාවෙන්මය.


 ටැමිල් ඩයස්පෝරාව, රටින් පැන්න ජඩමාජ්ජවේදියෝ හා කතෝලික පල්ලිය එක්ව කළ චැනල් ෆෝ වීඩියෝව හේතුවෙන් ඒ සම්බන්ධ පාදිලියෝ ටික දැන් ඉන්නේ ගලේ පැහැරු පූසන්ගේ තත්වයේ වීම, ඒවා හෙලිකල අපගේ ප්‍රීතියටම හේතු වන්නේය.


පසුව ඊට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමද සම්බන්ධ බව හෙළිවන්නේ කැලෑ පත්තරකාරයකුගේ (චැනල් පෝ) ප්‍රොපගැන්ඩාවලට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමෙන්ය. 


(දැනට ජාත්‍යන්තර පරීක්ෂණ තුනක් පවත්වා, ත්‍රස්තවාදීන්ද අත් අඩංගුවට ගෙන, ඔවුන්ගේ දේපලද රාජ්‍ය සන්තක කර ඇති අතර, පාදිලියෝ මෙන්ම සියල්ලෝම එම වාර්තා ප්‍රතික්ෂේප නොකිරීමට තරම් පරෙස්සම් වී සිටිනවාය)


මුන්, අනාගතයේදි ලංකාවේ ගොසිප් සයිට්වල තිබෙනා කරුණුවලට ජාත්‍යන්තර පරීක්ෂණ පවත්වා, ජාත්‍යන්තර අධිකරණයට ගියත්, අප පුදුම විය යුතු නැත්තේමය.


දැන් චැනල් පෝ කැලෑ පත්තරයේ සම අධ්‍යක්ෂකවරයකුද සිටී බව හෙළිවන්නේ... ඊයේ සරත් කෝන්ගහගේගේ මාධ්‍ය හමුවෙන්‍ය.  ඒ මෙහි දේශීය අධ්‍යක්ෂවරයා මෙන්ම තිර රචකයා හා සම නිශ්පාදකවරයා වූ, 🐅 සිරසේ රෙද්ද, කෝන්ගහගේ විසින් කඩා දැමූ නිසාවෙනිය..


සිරස මහාරාජලාට, රනිල් එක්ක මෙන්ම රාජපක්ෂලා සමඟද ඇත්තේ නයි වෛරයක් බව ඕනෑම එකෙක් දන්නා කරුනක්ය. රනිල්ගේ ගේ අළු ගොඩක් බවට පත් කලේ සිරසය. ඉදින් ඔවුන් මේ කරනුයේ ඒ දෙදෙනාටම එකම ගලෙන් ගසා දැමීමක්ය. නමුත්, දැන් බඩු පත්තු වී අවසානය...


පාඨලීගේ හා කලක් පාඨලීගේ අනුගාමිකයකු වූ ෂෙහාන් මාලකගේ ලණු කෑ පල්ලිය, කැලෑ පත්තර වීඩියෝව එලියට දැමූ විගස පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවෙදි කාදිනල් උන්නාන්සේ මාධ්‍යකරුවන්ගේ ප්‍රශ්ණ හමුවේ නෝන්ඩි වූ නිසාවෙන්... ඊයේ මාධ්‍ය සාකච්ඡාවට එව්වේ සිරිල් ගාමිනී පමණය.


පොරට උසාවියේ නඩුවක් තියෙනවාය. ඒ වන්දි ඉල්ලා දැමූ අපහාස නඩුවක් ය. මේ වීඩියෝවට සුරේෂ් සලේ ඇතුලු කරන්නේ සිරිල් ගාමිනී වීමට ඇති සම්භාවිතාවය ඉතා ඉහළය. ඒ අනිවාර්‍යයෙන් සුරේෂ් සලේට ගෙවන්න වෙන වන්දියද ඉතා ඉහළ නිසාවෙන් ය. 


එවන් චූදිතයෙක් සුරේෂ් සලේ ගෙදර යවන්නෙයි කිව්වාම  ඒක කොතරම් යුක්ති සහගතදැයි අධිකරණය තීරණය නොකලත් දෙවියන්වහන්සේ තීරණය කරණු ඇත්තේය.


මේ කැලෑ පත්තර වීඩියෝවේ එක් අරමුණක් එය වනාතර, ප්‍රධාන පරමාර්ථය කුමක්ද යන්න, සිරිල් ගාමිනීලාට ලණු දුන් ෂෙහාන් මාලකගේ ෆේස්බුක් පෝස්ටුවක් ලෙස පලවුනේය.


එහිදි ඔහු... දනට ලංකාවේ අත් අඩංගුවේ පසුවන්නේ අහිංසකයින් බවත්... ඔවුන් නිදහස් කර ගැන්ම, ඔවුන්ගේ එකම පරමාර්තය බවත් නිර්භීතව කියා සිටින්නේය.

(මෙවන් හාල් කෑලී වලට රඟන්නට දෙන ආරක්ෂක අංශ හා නීතිය කුමකටදැයි වෙනම ලිවිය යුතුය.) පාදිලියෝ දැන හෝ නොදැන සහාය දෙන්නේ මෙයටය. 


පාඨලීගේ මතයත් එයමද යන්න ඔහු ප්‍රසිද්ධියේ කියනවා නම් බොහෝ හොඳය. මොකෝ මූ විනාශ කරන්නේ පාඨලීගේ කැරක්ටර් එක නිසාය.


සිරිල් ගාමිනීලා මහ මොළකරුවන් විය නොහැකිදැයි යන සැකය අපට එන තවත් විශේෂිත කරුණක් වන්නේ.. සිරිල් ගාමිනිලා හා කාදිනල්ලා පාස්කු උදෑසන දේව මෙහෙයන්ට සහභාගී නොවීමත්, කිසිම පූජකවරයකු මිය නොයෑමත් හේතුවෙන්‍ය.


සමහර විට ආරක්ෂක ලේකමා මෙන්ම... බෝම්බයක් පුපුරණ බව දැන උන්නත්... මෙහෙම බෝම්බ පිපිරිල්ලක් වෙන්නේ නැතයි දැන උන් VVIP පිරිස අතරේ... මුන්නැහේලත් උන්නාදැයි යන්න... පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් හා ඥාතී හිතමිත්‍රාදීන් වෙනම ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා සොයා බැලිය යුතුමය.


ඒ.... පාස්කු ප්‍රහාරය ඔවුන්ට බිස්නස් එකක්ම වී තිබෙනා නිසාවෙන්මය...


රට වනසන මේ ජුදාස් ඉස්කාරියොට්ලාගේ රෙදි ගැලවෙන දින වැඩි ඈතක නොවේය.


එන්න... අපි යාඥා කරමු...


ස්වාමිනී, 

පාපිවු අපට කරුණාකර වඳාළ මැනව! 

අපට කරුණාකර වඳාළ මැනව!

මළාවු ක්‍රිස්තියාණින්ගේ ආත්මවල් ඳේව ඳයාභර කමින් සමාධාණයේ සැතපේවා, 


ආ... මෙන් !!!

.

35 comments:

  1. සිරිල් ගාමිණී කියන පොම්නයා නම් අම්බම කැරියෙක් වගේ පේනවා නේද? කාදිනෙල් පඩයටත් වඩා කැරිම පාහරයෙක්

    ReplyDelete
    Replies
    1. @ 1:38

      ඕව මොනාද ගිය සැරේ 2019 ආණ්ඩුව ස්කොට්ලන්‍ඩ් යාඩ් පොලෝසිය ගේමු කිවුවමත් නෑ නෑ ඕනම නෑ කියල උදෙන්ම ගිහින් යුතුකම කරමු කියපු පොරනෙ, මහම මහ සක්කිලි අවලමෙක්, දැන් කෙළවෙනකොට පැත්ත මාරු කරලා... සිරිල් ජඩයට ශාප වේවා ! නිරයටම පල !

      Delete
    2. TOpe Malwaththe Asgiiriyei inna gal kapana naaki ganayanta wada ponnayek nam newei

      Delete
  2. පහුගිය අවුරුද්ද තුල ගෝටගම අරගලයට කෝච්චිය අරන් එන්න දාඩිය පෙරාගෙන, බයිසිකල් පැදගෙන එන්න පුළුවන් වෙච්ච එහෙම ආපු දුම්රිය රි‍යදුරු නරුමයො, හුදෙක්ම තමන්ගේ පඩි වැඩි කරගන්න, වරප්‍රසාද වැඩි කරගන්න, පෙරදැනුම් දීමකින් තොරවම කරපු ස්ට්‍රයික් එක නිසා අහිංසක කොල්ලෙක් ජීවිතයෙන් වන්දි ගෙව්වා.

    මේ මීහරකුන්ට අරගලයට කෝච්චිය අරන් එන්න තිබුණු උවමනාවෙන් 1%ක්, තමන් බදු සල්ලි වලින් පඩි අරගන්න මිනිසුන්ට ටිකකට හරි සේවය කරන්න තිබුණා නම් ඒ කොල්ලා තාම ජීවතුන් අතර..

    (පෙරදැනුම් දීමක් කරලා කරන ස්ට්‍රයික් ගැන අපේ විරෝධයක් නෑ. ඒත් කලින් නොකියා මිනිස්සු අපහසුතාවයට හිතලම පත් කරන්න ස්ට්‍රයික් කරන මුන්ගේ ඇගේ ලේ ගෑවිලා.

    මුන් රාජ්‍ය සේවයේ වැඩිම වැටුපක් ලබනා පිරිසක්. මුන්ට ඒත් මදි)

    මන් නම් කියන්නෙ කට්ට කෑව කියලා දියුනු වෙන්න බෑ, අනිවාර්‍යෙන් දියුනු වීමට කට්ට කෑවා කියලා විතරක් බෑ, දුක් විදින මිනිස්සු හිත් සනසගන්න හදා ගත්තු කියමන් වලට අහු වෙන්න හොද නෑ

    ReplyDelete
  3. මාතා බුකියේ කුර සහ අං සහිත මන්දමානසික ගොබ්බ රැල ලියන ඒව නෙවෙයි හරියටම චැනල් 4 ක්ලිප් එක බලපන්, චැනල් ෆෝ වීඩියෝ එක උඩ දාගෙන බුකියපුරා දිව්වේ හැමිණුනේ ඒක නොබලපු මිනිස්සු හෝ ඉංග්‍රීසි නොදන්නා මිනිස්සු.

    චැනල් ෆෝ වීඩියො එකේ රාජපක්ෂලාට විරුද්ධව කිසිම දෙයක් තිබුනේ නෑ. සුරේෂ් සලේට පොඩ්ඩක් කොනිත්තලා තිබුණා.

    වීඩියො එකෙන් අතිබහුතරය සිංහල බෞද්ධයා ඉලක්ක කරලා ගහන සුපුරුදු මඩ ටික. සාමාන්‍යයෙන් ඔය වගේ දෙයක් මුලින්ම කලබල වෙන්නෙ ට්විටර් එක.

    ඉංග්‍රීසියෙන් කතා කරන, ඉන්ටර්නැෂනල් මාධ්‍ය එක්ක ගණුදෙනු කරන, රාජපක්ෂ ලා පොෂ් මදි ඕඩියන්ස් එක ඉන්නේ ට්විටර් එකේ.

    මේ සිදුවීම සම්බන්ධයෙන් ලංකාවේ ට්විටර් යූසර්ස්ලා අතිබහුතරය චැනල් ෆෝ එකට බැනලා තිබුනේ. මොකද මේකේ ඔවුන් බලාපොරොත්තු වෙච්ච කිසිම දෙයක් තිබුණේ නැ.

    මේ වීඩියෝව බලද්දි මමත් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා.හැබැයි වීඩියොව පුරාවටම තිබුනේ පරන හෝද් හෝද මඩේ දාන NGO කුනු ටික විතරයි.රාජපක්ෂලාට කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ.

    තිබුණු එකම පොයින්ට් එකත් එදාම දාපු සුරේෂ් සලේයි එක ලියුමෙන් කුඩුපට්ට්ම් කළා.

    මේක මාර එකක්, වාව් දැන් නම් රාජපක්ෂලා ඉවරයි කියලා කවුරුහරි කිව්වා නම් එක්කො ඒ මේක නොබලපු පොරක්. එහෙම නැත්නම් ඉංග්‍රීසි නොදන්නා ලිං මැඩියෙක්.

    දැන් උඹල වගේ රාජපක්ෂලාට කඩේ යන උන්ට හරිම ලේසියෙන්ම කරන්න
    තියෙන්නෙ ෆේස්බුක් එකේ කවුරුහරි අප්ලෝඩ් කරපු ඔය වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරන්, මේ වීඩියෝ එක සිංහලෙන් හඬ කවලා ලංකාවටම පෙන්නන එක.

    ReplyDelete
  4. මොන මොළකරුවෝ ද බන් බංකොලොත් රටේ යක්ඛ පුත්තු රිස්ක් ගන්න නං රුසියෝ. කෝච්චි වහලෙ යෑම වගෙම මන්දමානසික බේසිකයො මෝටසයිකල් පාරෙ පැදගෙන යන හැටි, ඔහේ හරක් වගේ නොබලා ත්‍රීවිල් හරහ දාන හැටි, පාරේ සහ ගෙවල්වල වයර් අදින හැටි, Fcuk the fire hazard කියල EV & hybrid වල HV බැටරි වලට ගේම් දෙන හැටි, හොරු මොට්ටයො පාලකයෝ කරපු හැටි, මෙලෝ ප්‍රතිපත්ති නැතත් හොරු අල්ලන්න කියල අරුංටත් දීල බලමු කියල රැළි හදන හැටි ආදිය දැක්කම රට මෙහෙම තියෙන එකත් මදෑ කියල ලේසියෙං හිත හදාගතහැකි 😁🤣

    ආරක්ෂාව පිරිසිදුකම කොලිටිය ලස්සනට වඩා වාසි ලේසිය සහ ලාභ ප්‍රමුඛ වීම දැන් ලංකාවේ සංස්කෘතිය තුලටම ගිහිං. ආකල්ප වෙනස් කිරීම අමාරුයි. ආර්ථික සංවර්ධනය නැතුව කොහොමත් බෑ.

    ReplyDelete
  5. කවුරු කොහොම මොන කතන්දර කියුවත් උතුරේ යුද්ධය දිගටම වවාගෙන කමින් ආයුධ වෙළඳාමෙන් හම්බකරන එක ක්‍රියාත්මක නොකර යුද්ධය අවසන් කිරීමට දේශපාලන නායකත්වය දෙමින් අවදානමක් අරගෙන මහින්ද රාජපක්ෂ යුද්දේ නවත්වලා අදට දවස් 5,223 යි මාතලන්...

    එදා, දවසකට මැරුනු මිනිස් ජීවිත ප්‍රමාණය අවම වශයෙන් 15 ක්...

    අද වෙනකන් යුද්දෙ තිබුණනං අපේ රටට නැතිවෙන්න තිබ්බ මිනිස්සු සංඛ්‍යාව 78,345 ක්...

    ලක්ෂ ගණනක් දෙමාපියන්ගේ කඳුළු නවතා දැමූ ඒ මිනිසා ඇතුලු සියලුම දෙනාට ස්තූතියි ❤

    අවුරුදු පහළොවකට පෙර ඉවර වූ යුද්ධය වවාගෙන කන්න රාජපක්ෂට හෝ ඩයස්‌පෝරාවට හෝ දැන් ඉඩ දෙන්න බෑ, ඒ වගේම පාස්කු ප්‍රහාරය වවාගෙන කන්න සිරිල් ගාමීණී වගේ හොර පාදිලි බූරු හැත්තට ඉඩ දෙන්නත්බෑ කාදිනල් කාරයත් දැන් ඒක ආදායම් මාර්ගයක් කරගෙන

    මැරිච්ච මිනිස්සුන්ව විකුණගෙන කනවට වඩා ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන ඉන්න මිනිස්සුන් නම්බුකාරයි ඒ නිසා කාදිනලයා සහ සිරිල් ගාමණී කම්බ හොරා ඇතුලු ලෝගු හොර හැත්තට ඕක පඩිසන් දෙනවා දෙනවාමයි ඔය මිනිස්සුන්ගෙ ශාපය වැදිලා පිස්සු හැදෙනව තව ටික දවසක් යනකොට ඔන්න බලන්න

    ReplyDelete
  6. මෙ හැම දෙයකටම වග කියන්න ඕන යහාපාලනයයි

    බෝම්බ ගහනවා කියලා දැනගෙනත් කිසිම දෙයක් කරෙ නැහැ
    හරීන්ගෙ පියා දැන සිටියා
    හරින් දැන සිටියා
    කාදිනල් තුමා තාම මහා මොලකරැ හොයනවා හරියට රටෙ මැරැනෙ මේ අය විතරයි කියලා

    කී දෙනෙක් දිවි දුන්නද යුද්දය සමයෙ
    කිසිම කෙනෙක් අරන්තාලාවෙ අහිංසක ස්වාමීන්වහන්සේලි ගාථානය
    රනවිරැ ගාථන
    ගම්මුන් පවුල් පිටින් ගාථන කතා නැහැ කලු කොඩි උස්සන්න කිසිම තැනක කාදිනල් කිව්වෙත් නැහැ

    රටට අවශ්‍ය පරන දේ නොවෙ
    යහපත් සම්බුද්ධ සාසනය සුරකින
    කාටත් සමගිය සාමයෙන් ඉන්න පුළුවන් වතාවරනය ඇති කරන සිංහල බෞද්ධ පාලකයෙක්
    මිස රට කඩා බෙදා දමන කෙනෙක් නොවෙ

    එවන් නායකයෙක් ලැබුන දවසට
    රාජපක්ෂලාට යන චන්ද එයාට ලැබෙයි

    අපි කාටත් අවශ්‍ය එවැනි කෙනෙක්

    ReplyDelete
  7. did anyone notice that the Channel 4 video was co-produced by Ben de Pear and someone called Chutta !!!! strange !!! if you dont believe me, please check the credits

    ReplyDelete
    Replies
    1. I think the Chutta might be the chietchie, (so called rocket rohit), what a pity? They planned it and nailed it, headless idiots in social media has been triggered and trying acucing rajapaxes but those bloody idiots are very cunning and they used to collect millions of Sinhalese Buddhist votes of villagers which were went away from them last few years, so bad NR is galloping up to the battle of 2024 PE. Shameless idiots 😪

      Delete
  8. පාස්කු සීන් එක ආයිත් උඩට ගන්න කරන දෙයක් මොලේ නැති කොන්ද පන නැති උන් දැන් සජිත්ට වැදපල්ල සාදාරනය ඉල්ලල

    ReplyDelete
  9. අඩෝ මාතා ඇයි බන් බොලා දෙවියන් වහන්සේට මුකුත් කියන්නේ නැත්තේ

    ලෝකයේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව

    ඒ අනුව මෙම බොම්බ ප්‍රහරයේ මහ මොලකරුවා carry දෙවියන් වහන්සේ නේද යකෝ?

    බෝම්බෙ ගහනකොට-: අම්නේ මම දොයියගෙන හිටියෙ අම්නේ 💩😹

    මීට පල් දෙයියන් වහන්සේ 😃😄😅🤣😂

    ReplyDelete
  10. ප්ලාස්කු නාඩගම මොහොතකට අමතක කරල බයිබලය අධ්‍යනය කර එයින් වටිනා ආදර්ශ කතාවක් තියෙනවා හැමෝටම බලන්න මෙහෙම දාන්නම්

    දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මැවූ විට, ඔහු ආදම්ට මෙසේ කීවේය.

    මට ඔයාලට දෙන්න තෑගි දෙකක් තියෙනවා - එකක් තමයි හිටගෙන චූ කරන්න පහසුකම. ඉතා කනස්සල්ලෙන් සිටි ආදම් ඔහුට කෑගසමින් බාධා කළේය. මට..! මට..! මට ඒක ඕන, අනේ ස්වාමීනි... අනේ... අනේ... අනේ... ඒක ජීවිතයට බෙහෙවින් පහසු වනු ඇති!

    ඒව එය ඇයට වැදගත් නොවන බව පැවසුවාය. ඉතින් දෙවියෝ ආදම්ට තෑග්ග දුන්නා. ආදම් පුදුමයට පත් විය, ප්‍රීතියෙන් කෑගසමින්, ඒදන් උයන හරහා දිව ගියේය, සෑම ගසකටම මුත්‍රා කළේය. ඔහු වැල්ලේ චූ කරමින් චිත්‍ර අඳිමින් වෙරළ දිගේ දිව ගියේය. ඔහු ගින්නක් දල්වා ගිනි නිවන භටයා සෙල්ලම් කළේය.
    ඒව දෙවියන් විමසන තුරු දෙවියන් සහ ඒව සතුටු සිතින් පිස්සු මිනිසා දෙස බලා සිටියහ.

    අනිත් එක මොකක්ද?

    දෙවියන් වහන්සේ පිළිතුරු දුන්නේය: මොළේ ඒව... මොලේ ඒක ඔයාගේ...

    මගේ මිත්‍රවරුනි, ඒ සියල්ල ආරම්භ වූ ආකාරයයි.... rest is history ♥️

    ReplyDelete
  11. ඔය ආගමික ව්‍යාපාර කරන සල්ලි හොයන්න සිය දහස් ගණනක මිනිස්සුන්ව මරපු ඒ මළමිනී පවා තාමත් වෙන්දේසියේ දාගෙන සල්ලි හොයන්න කටයුතු කරන පාදඩ පූජක නරුමයන් ගැන කතා කිරීම මදකට නතර කර අපි සමාජයට වැඩදායක සැබෑ පින්කමක් කරමු, මුදලට ඉතා ගිජු මිනීමරු පූජක නරුමයන් ඔව්හු වපුරන ලද දේම ඉතා ළඟදීම නෙලාගනු නිසැකයි.

    ඒ වෙනුවට රු. 70,000/- කින් මිනිස් ජීවිතයක් සුරකිමු - ළදරු ජීවිත 500ක් සුරකින මහා පිංකම..

    අඩු වයසින් උපදින නොමේරූ දරුවන්ගේ පෙනහළු ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යෑමට උපකාරීවන surfactant (සර්ෆැක්ටන්ට්) ඖෂධයේ දැඩි හිඟයක් මේ වන විට ඇති වී තිබෙනවා. වෛද්‍යවරුන් පවසන ආකාරයට වසරකට ඖෂධ කුප්පි (vials) 3000ක් අවශ්‍ය මේ ඖෂධයෙන් මේ වනවිට ලංකාව පුරා රෝහල් සියල්ල තුල ඇත්තේ ඖෂධ කුප්පි (vials) 65ක් පමණයි. එය ඉදිරි දින කිහිපයකට පමණක් ප්‍රමාණවත් ය. මේ ඖෂධය අවශ්‍ය දරුවන්ට එය අවශ්‍ය විට දී නොලැබුණහොත් කොතරම් කෘතීම ස්වසනය ලබා දුන්නද ඔක්සිජන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව දුර්වල වීම නිසා බොහෝ විට මරණයට පත් වීම හෝ මොළය ආදී ඉන්ද්‍රියයන්ට දැඩි ලෙස හානි වීම සිදුවේ. රජය මගින් ඉදිරියේ දී මෙම ඖෂධය ගෙන්වා ගැනීම සිදු කරනා කාලය අතර මාස දෙකක පමණ හිඩැසක් ඇති වීමට ඉඩ ඇති බවත් ඒ සඳහා කඩිනම් ක්‍රියා මාර්ගයක් නොගතහොත් බොහෝ නොමේරූ දරුවන් ප්‍රමාණයක් අකාලයේ මිය යෑ හැකි බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය යි.

    (වැඩි විස්තර සඳහා වීඩියෝව බලන්න

    👇 Facebook 👉 https://fb.watch/mZ40Wt3akx/?mibextid=Nif5oz

    YouTube 👉

    https://youtu.be/xQ3N7ccoxvI?si=EtB5VUHCW9JmT5xQ )

    මේ හදිසි තත්ත්වය පිළිබඳ ව ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න මහතා සහ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ නවජන්ම ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා විසින් සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍යපාද අළුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැනුවත් කළ අතර ඒ අනුව නාහිමිපාණන් වහන්සේගේ සභාපතීත්වයෙන් යුතු, සේරුවිල මංගල රාජමහා විහාරයත් ශ්‍රී ලංකා පරිජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයත් එක්ව පිහිටුවා ගත් ‘සේව් අ බේබි’ (Save A Baby) සංවිධානයේ මැදිහත් වීම මත ඉදිරි මාස දෙක සඳහා Surfactant (සර්ෆැක්ටන්ට්) ඖෂධයේ ජාතික අවශ්‍යතාව වන ඖෂධ කුප්පි (vials) 500ක් ජාතික සෞඛ්‍ය සේවාව වෙත පරිත්‍යාග කරමින් මරණය අබියස සිටිනා දරුවන් 500 දෙනෙකුට වැඩි පිරිසකගේ ජීවිත සුරැකීමට පුණ්‍ය ව්‍යාපෘතියක් දියත් කොට තිබේ. (වැඩි විස්තර සඳහා මේ සමඟ ඇති වීඩියෝව බලන්න.)

    මෙම ඖෂධයේ එක් ඖෂධ කුප්පියක් (one vial) සඳහා රුපියල් හැත්තෑදහසක් වැයවන අතර එක් ඖෂධ කුප්පියකින් අවම වශයෙන් එක් දරුවෙකුගේ ජීවිතයක් ආරක්ෂා කළ හැකිය. එසේ රු. 70,000/- බැගින් පරිත්‍යාග කරනු කැමති පරිත්‍යාගශීලින් 500ක් සඳහා මේ උතුම් ජීවිත දානමය පින්කම හා එක්වීමට අවකාශ තිබේ.

    මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නාහිමිපාණන් වහන්සේ පැවසුවේ, ගවයෙකුගේ ජීවිතයක් බේරීමටත් වර්තමානයේ මීට වඩා ඉතා වැඩි මුදලක් වැය වන බවත් එනිසා රුපියල් හැත්තෑදහසක් වැනි මුදලිකින් මරණය අභියස සිටිනා ‘වටිනා මිනිස් ජීවිතයක්’ ආරක්ෂා කොට දුර්ලභ ‘මනුෂ්‍ය ජීවිතදානමය’ පිනක් රැස් කරගැනීමේ අවස්ථාව මේ හා එක්වන පරිත්‍යාගශීලීන් වෙත සැලසෙන බවයි. මේ ඖෂධ මිල දී ගැනීම් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (Sri Lanka College of Paediatricians) හරහා සිදු කරනු ලැබේ. දැයේ දරුවන්ගේ දිවි සුරකින මේ උතුම් වෑයම පිළිබඳ ඔබේ හිතවතුන් සියලුදෙනා දැනුවත් කරන්න. මෙම පණිවිඩය හැකිතාක් share කරන්න. අඩුම තරමේ මේ හා එක් විය හැකි ඔබේ මිතුරන් වෙත මේ පණිවිඩය ලබා දෙන්න.

    මෙම උදාර පුණ්‍ය ව්‍යාපෘතිය උදෙසා සම්බන්ධ වීමට ඔබත් කැමති නම් ඔබගේ පරිත්‍යාගයන් පහත ගිණුමට බැර කරන්න.

    ගිණුමේ නම - SAVE A BABY (සේව් අ බේබි)
    ගිණුම් අංකය - 233 2001 900 44 394
    මහජන බැංකුව - සේරුවිල ශාඛාව
    SWIFT Code : PSBKLKLX

    මුදල් බැර කිරීමෙන් පසු ඔබගේ රිසිට් පත පහත Whatsapp අංකයන්ට හෝ ඊමේල් ලිපිනයට යොමු කරන්න.

    071 347 00 00
    071 348 00 00
    Email : info@saveababy.lk

    වැඩි විස්තර සඳහා -
    071 347 00 00
    071 348 00 00

    ReplyDelete
  12. මම ඔය තුප්පහි ගැන කිව්වෙ බෝම්බ ගහපු දවස් වලමයි... එදාම මම කිව්වා බෞද්ධයන්ට ඕකට මැදිහත් වෙන්න එපා කියලා... අපේම හරක් මට බැනලා මගේ පෝස්ට් පවා බ්ලොක් කලා... මම එදත් කිව්වෙ කවද හරි ඕක කරකවලා එවන්නෙ කොහේවත් හිටපු මේ බෞද්ධ අපේ පිටට කියලා...

    දෙවියන් වහන්සේට ස්තූති වෙන්න උන්වහන්සේගේ ලංකාවේ වහල් රැල පාලනය කරන ගෝල එඬේරුන් වහන්සේලාගේ තකතීරු ගොබ්බ වැඩ නිසාම දැන් බෞද්ධ කට්ටියට ඒක තේරුම් ගිහින් තියනවා...

    මේක කිත්තොයි සූකරයොයි අවුරුද්දක් දෙකක් වත් අවුරුදු 10ක් 15ක් ව්ත් නෙමෙ අඩුම තරමින් අවුරුදු 100ක් 200ක් වත් නෙමේ මේක වසර දාස්ගානක් තිස්සෙ එන උන් දෙගොල්ලොන්ගෙ පරම්පරාගත උග්‍ ජන්මාන්තර වෛරයක්... මේකෙ දරුණුම පුපුරායාම තමා කුරුස යුද්ධ... ඊට පස්සෙ අදිරාජ්‍ය කරණය නිසා සූකරයන්ගෙන් කිත්තන්ට බලය ආවා දැන් ආයි ඒ බලේ ගන්න සූකරයො කිත්තොන්ට කෙලින්න පටන් අරන් ඒ ලොකු ව්‍යාපෘතිය තුල අයි. එස්. කියන්නෙ ඒකේ තව එක අදියරක්... ඔය හේතුව නිසාම තමා මැදපෙරදිග ගලප් රටවල් සේරම වගේ ඇමරිකා එක්සත්ජ ජනපදයට විරුද්ධව ඉරාණය එක්ක සමගි වෙන්නෙ ගල්ප්වල සියලුම රටවල් ඇමරිකාව අත හැරලා BRICS එකට එකතු වෙන්නෙත්... ඉංදුනීසියාව ඇමරිකාවට විරුද්ධව චීනෙ එක්ක එකතු වෙන්නෙත්... උන් දන්නවා උන්ට තනියම ඇමරිකාව පරද්දන බෑ ඒ නිසා ඇමරිකාව පරද්දන්න පුලුවන් ප්‍රභල රාජ්‍යයන් එක්ක එකතු වෙනවා... තව ටික දවසකින් අරාබිය රටවල දෙවනි අරාබි වසන්තය පටන් ගන්න කියලා ඇමරිකාව ඒකට සැලසුම් හදලා ඉවරයි සමහර ඒවා දැනටමත් ක්‍රියාත්මක වෙනවා... ඒත් රුසියාව සහ චීනය ඒකට එරෙහිව වෙනත්ම ගේම් දෙන බවත් පෙනෙන්නට තිබෙනවා...

    ReplyDelete
  13. මේව මතක ද?


    #Anonymous save sri lanka

    //ඇනෝනිමස් ක්‍රියාත්මකයි – ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ සැඟවුනු වත්කම් සියල්ල ඩාර්ක් වෙබ් වෙත මුදා හැරේ!

    ලොව ප්‍රකට ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ ධනය හෙළිකරමින් විශේෂ ලේඛනයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

    මින්පෙර ඇනෝනිමස් හැකරුන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශය කළේ රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාවේ පාලනයක් ඉවත් වීමට දින 14ක් ලබා දෙන බවත්, දින 14ක් තුල ඔවුන් ඉවත් නොවුනහොත් ඔවුන්ගේ සැගවුනු වත්කම් සියල්ල හෙළිකරන බවයි.

    ඒ අනුව ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම රාජපක්ෂවරුන්ට ලබා දුන් දින 14ක කාලය ඊයේ දිනයෙන් (21) අවසන් වූවා. ඒ සමගම ඊයේ මෙරට වේලාවේ මධ්‍යයම රාත්‍රීයේදී ලොව ප්‍රකට ඩාර්ක් වෙබ් අඩවි රැසකට ඇනෝනිමස් කණ්ඩායම විශේෂ ලේඛනයක් නිකුත් කර තිබුනා.

    R-S Papers By A ලෙස නම් කර තිබූ මෙම ලේඛනය කොටස් දෙකකින් යුක්තයි.

    මෙහි පළමු කොටසේ දැක්වෙන්නේ රාජපක්ෂ පවුල විසින් තමන් අයතා ලෙස ඉපැයූ මුදලින් ශ්‍රී ලංකාව තුල (Inside Sri Lanka) සිදු කළ ආයෝජනයි. දෙවැනි කොටසේ රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකාවෙන් පිටත (Outside Sri Lanka) සිදු කළ ආයෝජන දැක්වේ.

    මෙම කොටස් දෙක යටතේ රාජපක්ෂලා සිදු කළ සම්පූර්ණ ආයෝජන ඩොලර් බිලියන ගණනක් වන අතර මෙමගින් ශ්‍රී ලංකාවෙන් අතුරුදහන් වූ ඩොලර් සංචිතයට සිදුවූ දේ ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම හෙළිකර තිබේ. මෙම සියලූම දත්ත ඔවුන් විසින් මෙරට මූල්‍ය වාර්තා, ඕෆ්ශෝ බැංකු ගිණුම්, රහසිගත වෙබ් අඩවි හැක් කිරීමෙන් ලබා ගත් දත්ත වන අතර මේ වනවිට මෙම ලේඛනය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය සමාගම් රැසක් තිගැස්සීමකට ලක් කිරීමට සමත්ව තිබේ.

    Cont'd

    ReplyDelete
    Replies

    1. Cont'd

      එම සම්පූර්ණ ලේඛනයේ සිංහල පරිවර්තනය පහතින්,

      R-S Papers By A – පළමු ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් මෙරට තුළ සිදු කළ ආයෝජන

      * නො. 276/4, මීගමුව පාර,වත්තල පිහිටි දේපළ – රෝහිත රාජපක්ෂ විසින් මෙම දේපළ මිලට ගෙන තිබේ.

      * Butter Boutique සුපිරි අවන්හල – කොළඹ පිහිටි සුපිරි අවන්හලකි. යෝෂිත රාජපක්ෂ මෙහි සැඟවුනු හිමිකරුය.

      * පෙරේරා ඇන්ඩ් සන්ස් (PnS) – රට පුරා විහිදුනු අවන්හල් ජාලයකි. නාමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 500ක් ආයෝජනය කර තිබේ.

      * රිචී තේ – තේ නිෂ්පාදන ව්‍යාපාරයකි. චමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 35ක් යොදවා ඇරඹූ ව්‍යාපාරයකි.

      * මෙල්වා සිමෙන්ති – හිමිකාරීත්වයෙන් 60%ක් බැසිල් රාජපක්ෂ සතුවේ.

      * පීරමීඩ විල්මාර් සමාගම – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලතම සමාගමකි. රාජපක්ෂ පවුලේ මුදල් ආයෝජනය කරමින් දිවෙන ව්‍යාපාරයකි.

      * අරලිය සමූහ ව්‍යාපාරය – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාර්ෂිකව රුපියල් බිලියන් 21ක ආදායමක් උපයන සමාගමකි. ස්විස් බැංකු වල වාර්ෂික ආදායම තැන්පත් කරයි, මෙහි ඩඩ්ලි සිරිසේන නම් පුද්ගලයා සතුව සමහිමිකාරීත්වය රාජපක්ෂ පවුල දරයි.

      * Ministry of Crab – ලොව පුරා විහිදුනු ශ්‍රී ලාංකිය සුපිරි අවන්හල් ජාලයකි. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන යන හිටපු ක්‍රීඩකයන් සමග 40%ක හිමිකාරීත්වය නාමල් රාජපක්ෂට හිමිය.

      * Kolamba – අවන්හලකි. 70%ක කොටස් යෝෂිත රාජපක්ෂට හිමිය.

      * Busy Bean Cafe – රාජපක්ෂ පවුල විසින් ඉපැයූ මුදල් ආයෝජනය කළ තවත් අවන්හලකි.

      * Rythm and Blues (RNB) – V.I.P අමුත්තන්ට පමණක් වෙන්වූ ශ්‍රී ලංකාවේ සුපිරිතම රාත්‍රී සමාජශාලාවකි. රෝහිත රාජපක්ෂ විසින් මෙහි රුපියල් මිලියන 200ක් ආයෝජනය කර, මත්පැන් බලපත්‍ර ලබා දී තිබේ.

      * Camera.lk – විමල් වීරවංශ හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. මේ වනවිට ශ්‍රී ලංකාව පුරා විහිදුනු කැමරා අලෙවිසැලකි.

      * හෙළකුරු සහ හෙළ Pay – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික ව්‍යාපාරයකි. ධනික පෙරේරා නම් පුද්ගලයා හරහා රෝහිත රාජපක්ෂ විසින් මෙම ව්‍යාපාරය ඇරඹීමට රුපියල් මිලියන 80ක් ආයෝජනය කර තිබේ.

      * MAS Holdings (18%ක කොටස්) – මෙරට ප්‍රධානම අපනයනකරුය. මහින්ද රාජපක්ෂ මහතාට මෙම ව්‍යාපාරයෙන් 18%ක කොටස් හිමිය. ඒ නව ඇගලුම්හල් ඇරඹීමට ලබා දුන් ඉඩම් වල වටිනාකමටය.

      * ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. සැබැ හිමිකාරීත්වය නාමල් රාජපක්ෂ සතුය.

      * චෙවාන් ඩැනියෙල් නම් පුද්ගලයෙකු හරහා නාමල් රාජපක්ෂ මහාරාජා සමූහ ව්‍යාපාරයේ කොටස් 18%ක් මිලට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 760කි.

      * Roar මාධ්‍ය ජාලය – රොයෙල් රේමන්ඩ් නම් කාන්තාවක් හරහා බංග්ලාදේශයේ Roar මාධ්‍ය ජාලය නාමල් රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ.

      * සියත මාධ්‍ය ජාලය – අර්ජුන් ඇලෝෂියස්ට හිමි සියත මාධ්‍ය ජාලයේ 3%ක කොටස් සඳහා යෝෂිත රාජපක්ෂ ආයෝජනය කර තිබේ.

      Cont'd

      Delete
    2. R-S Papers By A – දෙවන ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් විදේශයන් තුල සිදු කළ ආයෝජන

      * Cafe Ceylon – Uganda – වටිනාකම ඩොලර් මිලියන 1කි.

      * Uganda Airlines හි ගුවන් යානා 6න් 2ක් – රාජපක්ෂ පවුලට හිමිය, ඩොලර් මිලියන 800ක ආයෝජනයකි.

      * එංගලන්තයේ New Castle පාපන්දු කණ්ඩායමේ කොටස් – මැදපෙරදිග රටවල රජකුමරුන් සමග රාජපක්ෂ පවුල සිදුකළ ආයෝජනය ඩොලර් මිලියන 420කි.

      * සීෂෙල්ශි ලා ඩියේගු දූපත – රොහිත රාජපක්ෂ විසින් සිය බිරිඳට මිලට ගෙන දී තිබේ. වටිනාකම ඩොලර් මිලියන 60කි.

      * දකුණු ඉන්දීය සුපිරි නළු විජේයිගේ සර්කාර්, මාස්ටර්, බිගිල් චිත්‍රපට නිෂ්පාදනය – ඉන්දීය සමාගම් ඔස්සේ රෝහිත රාජපක්ෂ සිදු කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 220කි.

      * Naughty America අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 20ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

      * Mirihi Island Resort – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 20කි.

      * Maradhoo Island – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 26කි. අයිතිය රාජපක්ෂ පවුලේ උදයංග වීරතුංග සතුය.

      * Diageo – එංගලන්තයේ සමාගමකි. වටිනාකම ඩොලර් බිලියන 120කි.

      * පබ්ලෝ පිකාසෝගෙ Weeping Woman චිත්‍රය – විදේශයක සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 100කි.

      * මැඩගස්කරයේ ඉලාකකා ප්‍රදේශයේ නිල් මැණික් පතලක් – ගෝඨාභය රාජපක්ෂ විසින් ඩොලර් මිලියන 3ක් ආයෝජනය කරමින් පවත්වාගෙන යයි.

      * ටැන්සානියාවේ ශින්‍යංගා දියමන්ති පතල – ගෝඨාභය රාජපක්ෂට හිමිය, වටිනාකම ඩොලර් මිලියන 7කි.

      * පැනමා ධජය යටතේ යාත්‍රා කරන Grace of Queen නෞකාව – වටිනාකම ඩොලර් මිලියන 30කි.

      * සුඛෝපභෝගී බෝට්ටු හතක් – රාජපක්ෂ පවුල විසින් නිවාඩු ගත කිරීමට බාලි, මාලදිවයින ආදි රටවල පවත්වාගෙන යයි. වටිනාකම ඩොලර් මිලියන 850කි.

      * චීනයේ Baidu සමාගම – යෝෂිත රාජපක්ෂට කොටස් හිමිය. වටිනාකම ඩොලර් බිලියන 7කි.

      * ඩුබායි මැරියට් හෝටලය – ව්ටිනාකම ඩොලර් බිලියන 7කි.

      * ඩුබායිහි බර්ජ් කලීෆා කුළුනේ සුඛෝපභෝගි නිවාස තුනක් – නන්දන ලොකුවිතාන නම් පුද්ගලයා හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. වටිනාකම ඩොලර් මිලියන 140කි.

      * Shenyang Gotiar Aircraft Manufacturing Co. Ltd – චීනයේ ක්‍රියාත්මක සමාගමකි. සම හිමිකරු මහින්ද රාජපක්ෂ වේ, වටිනාකම ඩොලර් බිලියන 20කි.

      * Lyca Mobile – එංගලන්තයේ දුරකථන සමාගමකි. ද්‍රවිඩ සම්භවයක් සහිත ශ්‍රී ලාංකික පුද්ගලයෙකු හරහා ක්‍රියාත්මකය. සැබෑ හිමිකරු මහින්ද රාජපක්ෂය. වටිනාකම ඩොලර් බිලියන 40කි.

      * De La Rue PLC – 13%ක කොටස් රාජපක්ස පවුල සතුවේ.

      Cont'd

      Delete
    3. * අදානි සමූහ ව්‍යාපාරය, ඉන්දියාව – ඉන්දියාවේ බිලියනපති සමාගමකි. 20%ක කොටස් නාමල් රාජපක්ෂ සතුවේ.

      * ගුජරාට් ටැයිටෑන්ස් IPL කණ්ඩායම – ඩොලර් මිලියන 150කි. රෝහිත රාජපක්ෂ සිදු කළ ආයෝජනයකි.

      * History Supreme රුවල් නෞකාව

      * බර්ජ් ඩුබායි හෝටලය – ඩොලර් බිලියන 1

      * ඇමෙරිකාවේ ඩලාස් කවු බෝයිස් කණ්ඩායමේ කොටස් 30%ක් – ලෝක ප්‍රසිද්ධ බේස් බෝල් කණ්ඩායමකි. ඩොලර් බිලියන 2ක් වටිනා කොටස් පුශ්පා රාජපක්ෂ සතුය.

      * බ්‍රිතාන්‍යයේ AgustaWestland හෙලිකොප්ටර් සමාගමේ 11%ක කොටස් හිමිකාරීත්වය – ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය.

      * එක්සත් රාජධානියේ Thales නම් යුධ හා රහස් උපකරණ නිශ්පාදන සමාගමේ කොටස් වලින් 29%ක හිමිකාරීත්වය හෙලෝකිටී සමාගම හරහා මහින්ද රාජපක්ෂ හිමිකරගෙන ඇත. ඔහු තනි විශාලතම කොටස් හිමිකරුවන්ගෙන් දෙවැනියා වේ. පලමු හිමිකරු බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වු වින්ස්ටන් චර්චිල්ගේ පුත්‍රයෙකි.

      * ලොව විශාලතම කොන්ත්‍රාත් සමාගමක් වන ARUP හි නිල නොවන හිමිකරුවන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වේ. නීතිවිරෝධී ලෙස උපයන සියලුම ධනය මෙම සමාගම හරහා නිත්‍යානුකූල ලෙස හුවමාරු කරගැනිමට භාවිතා කරයි. එය රන් පවුම් මිලියන 302ක් පමණ වේ. උදයංග වීරතුංග මෙම සමාගමේ නිල නොලත් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වෙති.

      * කුමරන් පද්මනාදන්ට අයත්ව තිබූ තායිලන්තයේ නැව් සමාගම් 3 (නම් හෙළි කොට නැත)

      * සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. මෙය සංගක්කාර විසින් සීගිරි‍යේ ඉඩම් මිළදී ගැනීමේදීද හෙළි විය.

      * Walk & Talk (PVT) Limited නම් රුපියන් මිලියන 200ක් වටිනා ජංගම දුරකථන ආනයනය කරන සමාගමේ හිමිකාරිත්වය රෝහිත රාජපක්ෂ දරයි.

      * රජයේ වඩා හිතවත්ම දුරකථන සන්නිවේදන ජාලය ජාලය Dialog ආයතනයේ කොටස් 38% ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය. වත්මන් ආණ්ඩුව බලයට ආ විගස මොවුන්ට කෝටි ගණනක බදු සහන ලබා දෙන ලදී

      * John Keells PLC සමූහය සඳහා රාජපක්ෂ පවුල විසින් චීන ජාතික සමාගමක් මගින් මාර්ගයෙක් රුපියල් බිලියන 12ක් ආයෝජනය කර ඇත. Hemas සහ Unilever යන ආයතන සඳහාද විවිධ විදේශිකයන්ගේ නම් වලින් තවත් රු. බිලියන 10ක් පමණ ආයෝජනය කර ඇත

      * ශ්‍රී ලංකාවේ ගණිකා ව්‍යාපාරයද මෙහෙය වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂයි. මෙහි මොහුගේ ව්‍යාපාර මෙහෙයවන්නා වනුයේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නැමැත්තායි, (Club වසන්ත) . ඔහුගේ සන්හිල් හෝටල්ජාලයේ සැබෑ අයිතිකරු වන්නේ චමල් රාජපක්ෂයි. මෙයට උදයංග වීරතුංග විසින් යුක්‍රේන ගණිකාවන් සැපයීම සිදු කරයි. යුක්‍රේනයේ සහ රුසියාවේ සහ ලෝ පතල ඇති Utopia නම් ගණිකාවරුන් සැපයීමේ ජාලය අයිතිවන්නේද උදයංග වීරතුංගටයි.

      * යුක්‍රේනයේ තිබූ සුප්‍රකට පාවෙන ගණිකා මඩමක් වූ River Palace නම් සුඛෝපභෝගී බෝට්ටුවේ හිමිකරුවාද වන්නේ උදයංග වීරතුංගයි. මිග් ගණුදෙනුවෙන් පසු මොහු මෙය මිළදී ගෙන ඇති අතර පසුව එය බංකොලොත්බාවයට පත්වී ඇත.

      * ලොව තුන්වල විශාලම La Belle ගණිකා මඩම, තායිලන්තය – හිමිකරු උදයංග වීරතුංගය, වටිනාකම ඩොලර් බිලියන 2කි.

      Cont'd

      Delete
    4. Cont'd

      * Taiwan Semiconductor Manufacturing Company, Limited – යෝෂිත රාජපක්ෂට අයිතියක් හිමිය. ඩොලර් බිලියන 40ක කොටස් පවතී.

      * Dorcell Club අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 5ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

      *Tushy අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 11ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

      * සල්මන් ඛාන් නම් ඉන්දියානු නළුවා හරහා බොලිවුඩයේ ඩොලර් බිලියන දෙකක මුදලක් නාමල් රාජපක්ෂ විසින් ආයෝජනය කර තිබේ.

      * නිපුණ රණවක විසින් ඇමරිකාවෙ සුපිරි අන්තර්ජාල සමාගමක්වන Starlinkහි ඩොලර් මිලියන 70ක කොටස් මිළදී ගෙන ඇත.

      * නාමල් රාජපක්ෂ සිය බිරිඳට මගුල් ත්‍යාගය ලෙස ඩොලර් මිලියන 350ක් වටිනා බලාපොරොත්තුවේ දියමන්තිය තෑගි කොට ඇත.

      * Landrover, Jeep, Aston Martin, Bugatti යන වාහන නිෂ්පාදන ආයතනවල 15%ක පමණ කොටස් රාජපක්ෂ පවුල විසින් 2005 – 2015 කාලසීමාවේ මිලට ගෙන තිබේ.

      * Dolce & Gabbana, Armani, Prada, Gucci, Burberry, Dior, Louis Vuitton, Ralph Lauren, SSENSE, Michael Cors යන ආයතන වල 40%ක පමණ කොටස් අනෝමා රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ.

      * Swiss Bank, Exim Bank, JP Morgan Chase, China Construction Bank, Bank of China සහ Barclays Bank ගිණුම් වල ඩොලර් බිලියන 600ක් පමණ බැදුම්කර, රන් බිස්කට් සහ තැනපතු සිදු කර ඇත.

      * Crypoto currency මගින් අති විශාල මුදලක් සඟවා ඇති අතර එය ඩොලර් ත්‍රිලියනයක් බව ඇනෝනිමස් කණ්ඩායම හෙළිකරයි.

      එමෙන්ම රාජපක්ෂ පවුලට අයිති ව්‍යාපාර සහ ඒවා පවත්වාගෙන යන පුද්ගලයන් ගෝල්ෆේස් අරගලය සඳහා උදව් කර හෝ සහභාගී වී ඇත්තේ ඉදිරියේදී තමන්ට අත්වන ඉරණම දැන්ගෙන එයින් බේරීමට යැයි මින් අනුමාන කළ හැක.

      මෙම ගණන් බැලීමට අනුව රාජපක්ෂලා හොරා කා ඇති ධනය ඩොලර් ට්‍රිලියනයක් පමණ වේ. මෙම මුදල් ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ක්ව්ඩ්‍රිලියනයකි. (1,050,000,000,000,000 LKR)

      – ඉහත දත්ත ඇනොනිමස් හැකරුන් කණ්ඩායම විසින් විමර්ෂණය කරමින් සොයා ගත් දත්ත අතර එහි සියලූම වගකීම දරයි –

      Delete
  14. ඕව ඔහොම තමයි, සිරිල් අංකලයත් නිකම් චාටර් වුණා නේද? මාතලන් මම පොඩි කාලේ නමය දහය වසරෙදි විතර වෙච්ච සීන් එකක් මේක.මන් ටෝක් කරපු කෑල්ල ටවුන් එකේ school එක⁣ක⁣⁣ට ගියේ. මන් ගියේ ගමේ school එකට. මන් school ඇරිල ඇවිත් එලුවන්ට කොල කපන්න යනවා. එදා වැස්ස දවසක්. මන් කොල මිටියත් කරේ තියාගෙන එනකොට දැක්ක මෙයාලගේ school van එක එනවා. පොඩි පල්ලමක් බහිනගමන් හිටියේ මන්. ලිස්සල වැටුනා පල්ලමේ. Scool van එකේ අයියා අව්ලක් නෑ ⁣නේද මල්ලි කියාගෙන නවත්ත ගත්ත වාහනේ. අර කෙල්ල ම⁣ට චොර හිනාවක් දැම්ම. ගොඩක් අපහසුතාවයට පත්වුනා මන්. එද⁣ායින් පස්සෙ ටෝක් උනෙත් නෑ. 🤗

    ඊට පස්සේ ඒ ලෙවෙල් කරන්න පටන්ගෙන දවසක් අඳුනන අක්කි කෙනෙක් එක්ක කතාකර කර යද්දි කෙල්ලෙක් දැක්කා😂 ආං අක්කෙ පට්ට කෑල්ලක් යනවා නම්බරේ දීලා එන්නම් කියලා යන්නයද්දි මේකි කිව්වා ( මල්ලි මහන්සි වෙන්න එපා නම්බරේ මට දෙන්න මම එයාට දෙන්නම් කියලා 😂) පස්සෙ බලද්දි මේ අක්කි ඒ කෙල්ල ගෙ අක්කි 😂 ඒ වගේම වැඩක් තමයි සිරිලටත් වෙලා තියෙන්නේ...

    ReplyDelete
  15. එල්.ටී.ටී.ඊ කාන්තා අංශයේ නායිකා තම්ලිනී ජෙයකුමාරන් යුද්ධය අවසන් වීමෙන් පසු ගාල්ලට ගිය අවස්ථාවක එහි මෑණිවරුන් පිරිසක් බුලත් හුරුල්ලක් දී පිළිගත්තේ, "කෙල්ලේ වෙච්ච දේවල් වෙලා ඉවරයි! අපි සමගියෙන් ඉන්න ඕන දරුවෝ!" යන අර්ථයෙනි.

    දිනන්නට පුළුවන් නම් ඕනෑම එකක් කරනා පක්ෂ දේශපාලනයට ඕනෑ ජාතික සමගියක් නැත. ඒ, "ඒගොල්ලො ඔක්කෝම ජනතාවට එරෙහි යාළුවෝ" නිසාය. අවාසනාවකට ලංකවේ සියලුම දේශපාලන පක්‍ෂ ගත්කල පොහොට්ටුව සජබය මාලිමාව හා එක්සත් ජාතික පක්ෂය යන සියලුම ජඩ දේශපාලන පක්ෂ මේ දැඩි අවස්ථාවාදී පාදඩ දේශපාලන ව්‍යාපාර බවට පත්වී තිබෙන එකයි. අලුතින්ම එන ලොකු කුඩා සෑම දේශපාලන පක්ෂ ව්‍යාපාර හැම එකක්ම එක හා සමානව මෙසේය දුෂිත තත්ත්වයට පත්ව ඇත.

    ReplyDelete
  16. චැනල් ෆෝ වැඩසටහන එක පැත්තකින් අතාර්කිකයි. අනිත් පැත්තෙන් සිද්ධිමය කරුණු වලට පටහැනියි. බොදු බල සේනා බිහි කළ බවට චෝදනා ලැබූ සිංහල බෞද්ධ නායකයා බලයට ගේන්න මුස්ලිම් අන්තවාදින් නවදෙනෙක් තමන්ගේ ජීවිත පූජා කරනවා කියන එක අතාර්කිකයි. එහෙම කියන අය කරන්නේ තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කිරීම පමණයි. ඒ වගේම සුරේෂ් සලේ මැලේසියාවේ ගත කළ සමයේ දී අසාද් මවුලානාගේ මැදිහත්වීමෙන් ලංකාවේ දී තව්හිද් ජමාත් අන්තවාදින් එක්ක සාකච්ඡා පැවැත්තුවා කියන එක පරස්පරයි. මැලේසියාවේ ජීව දත්ත පදනම් කරගත් ආගමන පාලන පද්ධතියක් තිබෙන නිසා හොර පාස්පෝට් එකකින්වත් ලංකාවට එන්න සුරේෂ්ට හැකියාවක් තිබුණේ නෑ. ඒ නිසා සුපුරුදු පරිදි චැනල් ෆෝ නාලිකාව සිය පච මෝල දිග හැරලා තිබෙන බව පැහැදිලියි. සමහරු ඉන්නවා පිටරට ගිහින් ඩොලර් වලට විකිණෙනවා. සමහරු ඉන්නවා ලංකාවේ දී රුපියල් වලට විකිණෙනවා. අසාද් මවුලානා කියන්නේ එහෙම චරිතයක්. එවැනි චරිත මත රැඳිලා රට තුලට ජාත්‍යන්තර පරීක්ෂණ ගෙන ඒම රටේ අවසානයේ ආරම්භයයි, මොකද එහෙම කළොත් දැනට අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති ත්‍රස්තවාදීන් බේරා හරිනවා ඒකෙන්.

    ReplyDelete
  17. චැනල් ෆෝ වැඩසටහනේ පාස්කු සම්බන්ධ තිබෙන එකම චෝදනාව පහුගිය ජනපතිවරණයේ දී වාසියක් ගන්න සුරේෂ් සලේ මුස්ලිම් අන්තවාදින් සමග සාකච්ඡා කලා කියන ගොතපු චෝදනාව.

    එතකොට තමන් ඒ කාලයේ ලංකාවේ නොවේ මැලේසියාවේ හිටියේ කියන එක සුරේෂ් සලේ කියනවා. මේ කතාව ඇත්ත නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් මොකට ද? පචයට උපන් චැනල් ෆෝ නාලිකාවට සුජාත භාවයක් ලබා දෙන්නේ මොකටද?

    මුලින්ම කරන්න ඕනි සුරේෂ් සලේ කියන කතාව ඇත්තද කියන එක පරික්ෂා කිරීමයි. ඒකට ආණ්ඩුව විසින් හෝ පාර්ලිමේන්තුව විසින් පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතුයි. ඒක ආණ්ඩුවෙන් නම් කරන්නේ පල්ලියේ නියෝජිතයෙකු මෙන්ම විපක්ෂ නායකගේ නියෝජිතයෙකුත් ඒකට ඇතුළු කරන්න ඕනි. ඒකෙන් සුරේෂ් සලේ කියන්නේ බොරු කියලා ඔප්පු වෙනවා නම් ජාත්‍යන්තර පරීක්ෂණයකට ගියාට කමක් නෑ. පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ වන විටත් ජාත්‍යන්තර පරීක්ෂණ තුනක් සිදු කලා කියන එක ඔය හැමදාම එකම විදියට ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන අය දන්නේ නැද්ද? කාදිනල් මාධ්‍ය හමුවට ඇවිත් කිච වෙලා ගියේ ඒකනේ? මාධ්‍ය වල අය දැනට කරපු ජාත්‍යන්තර පරීක්ෂණ වල තියෙන කරුණු අහනකොට කාදිනල්ට කට උත්තර නෑ, මොනවත්ම දන්නේ නෑ ඔහේ කටට එනවට ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලනවා හැමදාම, එතකොට දැනට කරපු ජාත්‍යන්තර පරීක්ෂණ තුනෙන් වැඩක් නැද්ද? හතරවෙනි එකක් කරාම ඔවුන් ඒකත් එපා කියල තව සැරයක් ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලුවොත් මොකද කරන්නේ?

    අපරාධ තාක්ෂණය පිළිබඳ ලෝකයේ ඉදිරියෙන්ම ඉන්නා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය 9/11 ප්‍රහාරයේ දී සහ පැරිස් බෝම්බ ප්‍රහාරයේ දී ත්‍රස්තවාදින්ට එරෙහිව නඩු පැවරීමට ගත් කාලයට වඩා ඉක්මනින් ලංකාවේ පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදින්ට විරුද්ධව නඩු පැවරුවා.

    උදාහරණ සහිතව කියනවනම් 2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවේ එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාර 4 පිළිබඳ විමර්ශනය කරලා නඩු පවරන්න වසර 6 මාස 5ක් ගත වුණා.

    පස්සෙ 2015 නොවැම්බර් 13 ප්‍රංශයේ එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාර 6 පිළිබඳ නඩු පවරන්න ප්‍රංශයට වසර 5 මාස 10ක් ගත වුණා.

    නමුත් ලංකාවේ ආණ්ඩුව වසර 2 මාස 4 ක් ඇතුලත නඩු පැවරුවා නම් නඩු පැවරීමේ ප්‍රමාදයක් කොහෙද තිබෙන්නේ?

    මේ වන විටත් පාස්කු ප්‍රහාරය ගැන චෝදනාවට ලක්ව සිටින 45 දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු විභාග කරනවා. නමුත් ආණ්ඩුව විසින් නැවත ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කලොත් චුදිතයින්ගේ නීතිඥයින්ට උසාවියට කියන්න පුළුවන් බාගෙට කරපු පරීක්ෂණයක් මතයි මේ නඩු පැවරීම කරලා තිබෙන්නේ. දැන් ඔන්න ආයෙත් පරීක්ෂණ පටන් අරන්. මේ නඩු ඉවත් කරගෙන ඒ පරීක්ෂණය අවසන් වුණාම සොයා ගන්නා කරුණු අනුව අදාළ අයට නඩු පවරන්න කියලා. එහෙම බැලුවාම ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන අය දැන හෝ නොදැන සේවය කරන්නේ පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදින්ටයි. පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීමයි.

    සරලව කිව්වොත් මේ හදන්නේ පාස්කු ප්‍රහාරය විසඳීමට නොදී ඒක වවාගෙන කන්න, කතෝලික පල්ලිය නියෝජනය කරන ඇතැම් දේශපාලන ව්‍යාපාර කරන ව්‍යාපාරික පූජක පක්ෂය මේක තවත් ආදායම් ලබාදෙන ව්‍යාපාරයක් කරගෙන නේද?

    ReplyDelete
  18. අනේ මන්ද මාතා දැන් පාස්කු මහ මොලකරු අවුරුදු උත්සවයේ සැඟවුණු අමුත්තා වගේ. සැරින් සැරේ මාරු වෙනවා.

    මුලින්ම අයිඑස්අයිඑස්. ඊ ළඟට ඇමෙරිකාව. පස්සේ රනිල් වික්‍රමසිංහ, ඊළඟට භාරතය, ඊට පස්සේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන. ඊටත් පස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. දැන් ඔන්න සුරේෂ් සලේ. දයාන් ජයතිලක කියනවා ඊශ්‍රායලය කියලා, මොකද්ද ඇත්ත? ඇත්තටම මහමොලකරුවා කියන්නේ සෙලවෙන මනසට වගේ, පේන විදියට කතෝලික පල්ලියේ ලෝකූ පූජකයෝත් සීන් එක දැනගෙන ඉඳලා තියෙනවා

    පාස්කු ප්‍රහාරය සමග මෙහෙම සෙල්ලම් කරන්නේ නැතිව කවුරු හරි මහ මොලකරුවෙකු ගැන දන්නවා නම් ඒක පොලිසියට හරි ජාත්‍යන්තර පරීක්ෂණ කලහැකි පිලිගත් ආයතනයකට ලිඛිතව සියලු සාක්ෂි සහිතව දැනුම් දෙන්න. පොලිසියට කියන්නේ නැතිව මාධ්‍ය හමුවල රැස්වීම් වල අදහස් දක්වලා වැඩක් නෑ. මහ මොලකරුවෙකු ඉන්නවා කිව්වේ හිටපු නීතිපති දප්පුල ලිවේරා. එයාට ප්‍රකාශයක් ගන්න පොලිසියට එන්න කිව්වාම එයා දැන් සැඟවුණු අමුත්තා වෙලා.

    පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ලේ කදුළු සමග දේශපාලන ගේම් ගහන්න හොඳ නෑ, ඒ මිනිස්සු වගේම ඒ අයගේ පවුල්වල අය හරිම පවු, ඔය උඩ තියෙන කමෙන්ට්වල වගේ සාප වෙන්න ඉඩ තියෙන බව මටත් හිතෙනවා, ඒ තරමටම බරපතල ප්‍රතිවිපාක ඔවුන්ට ලැබෙයි.

    ReplyDelete
  19. Saumyage huththata diwa dala juice urala bonna thibba nam

    ReplyDelete
  20. පල්ලිවල ආගමික ව්‍යාපාර වලින් ලැබෙන ප්‍රකෝටි ගණනක අතිවිශාල ආදායම සහ දමිල ඩයස්‌පෝරාව හරහා ලැබෙන ඩොලර් මිලියන ගණනක ආදායම ලංකාව තුල නීත්‍යානුකූල ව්‍යාපාරයකින් ලැබෙන ආදායමක් ලෙස පරිවර්තනය කර ගැනීමට ලැබෙන පරිදි නිවැරදිව ආයෝජනය කිරීමට අවශ්‍ය පසුබිම අපි හදා දෙන්නම්, මේක සියලුම කිතු පූජකවරු සහ පාස්ටර්වරු වගේම අලුත් ප්‍රෝෆට්ලා ඇතුලු සියලුම අංශවල සේවය කරන ආගමික ව්‍යාපාරිකයන්ටත් ආගමික ව්‍යාපාර කරන සියලුම බෞද්ධ චීවරධාරින්ටත් වෙනත් හින්දු හෝ මහමදික ආදී පූජකවරුන්ටත් එකසේ විවෘතයි

    ඔබේ ආගමික සහ දේශපාලන ව්‍යාපාර වලින් ලැබෙන විශාල ආදායම තවතවත් ආදායම් ලැබෙන පරිදි ඉතිරි කරනවා ද ? ආයෝජනය කරනවා ද ?

    ඉතාමත් විශ්වසනීය තැනක..??

    මෙන්න ඔබට කදිම අවස්ථාවක්,

    ඔබේ මිලියන ගණනක වටිනා ආයෝජන මුදලට මාසිකව හා දිගු කාලීන විශාල ප්‍රතිලාභයක් ලබා දීමටද අපි සූදානම්

    ආයෝජනය කරන්නේ කෙසේ ද? ආයෝජනය කරන්නේ කොහේ ද?

    අද කොපමණ සල්ලි ඔබට ලැබුණත් ඒවා ඉහළ ගණයේ ආයතනවල ආයෝජනය කිරීමට උත්සාහ කරත් ඉහලම ප්‍රතිලාභයක් ලබාදෙන ආයතනය අඩුය. අපට ඔබගේ ආයෝජනයට 36%-40 දක්වා ඉහලම ප්‍රතිලාභයක් දීමට හැකියාව ලැබී ඇත්තේ කෙසේද? මේ ගැන සිතන විට ඔබට මෙම ගැටලුව නිසැකවම ඇතිවෙන්නට ඇති

    අපි අක්කර 560ක අපේම ඉඩම් වල වගා කරනෙමු, ලොව saffron වලින් පසු ලොව දෙවැනි වටිනාක්මක් ඇති වැනිලා වගව හා අමතරව අමු මිරිස් මාලු මිරිස්, කොච්චි, බෙල්පෙපර් වැනි කෙටිකාලීන බෝග වගාවන් මගින් අපි ප්‍රතිලාභ ගෙවීම් සිදු කරනු ලබයි.

    ඊට අමතරව අපි සතුව power hand energy ලෙස සෝලා පැනල් ව්‍යාපෘතියක් , power hand shipping ලෙස නැව් ව්‍යාපෘතියක් හා වාකරයේ මහුදු කූඩැල්ලන් වගා කිරීමේ කටයුතුද ආරම්භ වෙමින් පවතී. මේවාද ඔබට දැක බලාගන දැවැන්තම ව්‍යාපෘතීන් සහිත ආයතනය සමග එක් වී ඉහලම ප්‍රතිලාභයක් ලබා ගන්න අප හා එක් වන්න.

    Power hand plantation අපි ඔබගේ මුදලට ඉහල සුරක්ෂිත භාවයක් ලබා දෙමින් ඔබ ආයෝජනය කරන මුදලට ඉහළම ප්‍රතිලාභය ලබාදීමට සූදානම්.

    ඔබත් අදම වැනිලා වගා බිමක සාඩම්බර හිමිකරුවෙකු වන්න...

    දීගු කාලීන ආයෝජනය සැලැස්ම

    රුපියල් 5,400,000/- ක ආරම්භක ආයෝජනයක් සඳහා අවුරුදු 8 දී රුපියල් මිලියන 50 (50,000,000/-) ප්‍රතිලාභයක්, මෙහි ගුණාකාර වශයෙන් රුපියල් බිලියන ගණනක උනත් ආයෝජනයක් කරන්නට පුළුවනි

    අපත් සමග ආයෝජනය කරන ඔබට අපෙන් :

    ♦️නීත්‍යානුකූල ලිබිත ගිවිසුම් සහතිකය

    ♦️වගාවේ බිම් සකස් කිරීම , නඩත්තු කටයුතු , පලදාව නෙලිම , අපනයනය මේ සියල්ල ආයතනය මගින් සිදු කිරීම.

    ♦️ඉඩමේ සින්නක්කර අයිතිය
    ඔබට .

    ♦️වාරික වශයෙන් ගෙවීමේ හැකියාව

    කෙටිකාලීන ආයෝජන සැලැස්ම

    🤲අපනයන කෘෂි බෝගයක් වන වැනිලා වගාවේ ප්‍රමුඛයා වන Power Hands Plantation අප ආයතනය මගින් හදුන්වා දී ඇති Privilege කෙටි කාලීන ආයෝජන සැලැස්ම සමග සම්බන්ධ වී ඔබගේ ආයෝජන මුදලට කිසිවෙකුට නොදෙවෙනි ඉහළම ප්‍රතිලාභය ලබා ගන්න.

    👉 රැ. 5,000,000 ක ආරම්භක ආයෝජනයක සිට ආරම්භ වන මෙම ආයෝජන සැලැස්ම සමග සම්බන්ධ වන ඔබට 36% සිට 40% දක්වා ඉහළ ප්‍රතිලාභයක් ලබාගත හැකිය.

    📄 සියලුම කොන්දේසි නීත්‍යානුකූල ලිඛිත ගිවිසුමක් මගින් ලබා දෙනු ලබයි.

    📄ඇපකරයක් ලෙස අක්කර ගණනාවක වගා බිමක අයිතිය ලබා දේ.

    ඔබගේ මුදලට වටිනාකමක්ද එකතු කර ගන්න.

    🌐🌐 ඔබ ලොව කොතනක හිටියත් අප සමග සම්බන්ද වීමේ හැකියාව 🌐🌐

    සැ.යු.
    මෙම දීමනාව සීමිත කාලසීමාවක් සදහා පමණි.

    👉 වගා කිරීම් සිදු කරන්නේ වෙනත් අයිතීන් සහිත ඉඩම් හෝ රජයේ බදු ඉඩම්වල නොවන අතර ආයතනය සතු සින්නක්කර ඉඩම් වල පමණක් වගා කටයුතු සිදු කරනු ලැබේ..( ඔබට ඒවා පරීක්ෂා කර බැලීමටද හැකියාව පවතී)

    ☎ අපට අමතන්න:

    TP: 94-11-2695471-2-3; +94 11-2696054
    Fax :+94-11-2692009

    ReplyDelete
  21. පාස්කු නාඩගමේ 2023 අලුත් ජවනිකා එපිසෝඩ් එකත් අසාර්ථක වීම කණගාටුදායකයි, හැබැයි රනිල් වික්‍රමසිංහ නම් ඒක පිට දාලා ඊපීඑෆ් සීන් එක, තෙල් මිල වැඩිවීම සහ වෙනත් ගාස්තු ආදිය ඉහළ යාම සෞඛ්‍ය සේවයේ ප්‍රශ්න වගේ දේවල් යටගහගෙන ගොඩ ගියානේද?

    හැබැයි තව දෙයක් ආසියා කුසලාන නිසාත් ඔය දේශපාලන ව්‍යාපාර වල බයිලා යටගියා නේද? කොහොමත් අපි පොඩි කාලේ අනූ ගණන්වල ඉඳලම ලංකාව ක්‍රිකට් මැච් එකක් දිනපුදාට පස්සෙ දවස තමයි ලංකාවේ මිනිස්සු සතුටින්ම ඉන්න දවස.

    අද ෆේස්බුක් එකේ උඩ පහළ ගියත්, පාරේ ගියත්, කඩේකට ගියත්, ඔෆිස් ආවත් හැමතැනකම ඇහෙන්න දකින්න ලැබෙන්නේ මිනිස්සුන්ගේ සතුට.

    මිනිස්සු තවමත් සතුට සමරනවා. වැරදුනු තැන්, හරිගිය තැන් තම තමන්ගේ දැනුමේ හැටියට ඇනලයිස් කරනවා.

    ඉන්දියාවට එරෙහි අවසන් මහා තරගය ජය ගන්න නම් කළ යුතු වෙනස්කම් ගැන කතා කරනවා.

    බලන් ඉන්න ලස්සනයි.

    ලෝකේ හැම රටකටම, ඒ රටටම බද්ධ වෙච්ච ක්‍රීඩාවක් තියෙනවා.
    යුරෝපයට සහ දකුණු ඇමෙරිකාවට නම් ඒ පාපන්දු. උතුරු ඇමෙරිකාවට නම් ඇමෙරිකන් ෆුට්බෝල්. නවසීලන්තයේ නම් රග්බි.

    දකුණු ආසියාතික කලාපයේම මිනිස්සුන්ගේ ක්‍රීඩාව ක්‍රිකට්.
    අධිරාජ්‍යවාදීන්ගෙන් උරුම වූ ක්‍රීඩාවන්ගෙන් මේ කලාපයේ මිනිස්සු තෝරගත්තේ බෝලයත් පාදයත් අතර ජයග්‍රහණය දෝලනය වෙන ෆුට්බෝල් නෙවෙයි. පන්දුවෙන් සහ පිත්තෙන් ක්‍රීඩා කරන ක්‍රිකට්.

    දශක ගණනාවක ඉඳලා ලංකාවේත් ජනතාවගේ ක්‍රීඩාව ක්‍රිකට්.කාලයක් නාගරික ප්‍රදේශ වලට සීමා වෙලා තිබුණු ක්‍රිකට්, රටේම උන්මාදයක් බවට පත් කළේ ලෝක ශූර 1996 කණ්ඩායම.

    එතැන් පටන් ක්‍රිකට් ශ්‍රී ලංකාවේ නිල නොවන ජාතික ක්‍රීඩාව වුණා. මිනිස්සුන්ගෙ ලේ වලටම ක්‍රිකට් බද්ධ වුණා.

    මිනිස්සුන්ගේ සතුට, දුක රදා පවතින ජීවිතයේ කොටසක් වුණා.

    ක්‍රිකට් තරගයක් වෙලාවට රටේම වැඩ මොහොතකට නතර වෙන, ක්‍රිකට් පිස්සුවක් බෝ වුණා.

    අර්ජුන ලා, සනත් ලා, අරවින්ද ලා, මුරලි ලා, වාස් ලාගේ යුගයෙන් පස්සෙ අලුත් වීරයො පිරිසක් යෂ්ඨිය අතට ගත්තා.

    මහේල ලා, සංගා ලා, ඩිල්ෂාන් ලා, මාලිංග ලා රටේ ක්‍රිකට් පිස්සුව පවත්වාගෙන ගියා.

    ඒ පරම්පරාවේ ක්‍රීඩකයන්ගේ සමුගැනීමත් එක්ක ටික කලකට ශ්‍රී ලංකාවට හුරුපුරුදු පැරණි ක්‍රිකට් පිස්සුව මිනිස්සුන්ගෙන් ඈත් වුනත් නැවතත් ක්‍රිකට් නිසා මිනිස්සු සතුටින් ඉන්න කාලයක් ඇවිල්ලා.

    ආයේමත් මිනිස්සු වෙනත් සියලූම වාද විවාද අමතක කරලා, දවසකට හරි එක කොඩියක් යටට එකතු වෙන යුගයක් ඇවිත්.

    මේ රටක් විදියට ඒ එකමුතුකම, සතුට අපිට අවශ්‍යයම කාලයක්.

    සෘණාත්මක අදෝනා වලින් තොර ජාතික මාතෘකා, ආදර්ශ ඕන කාලයක්.

    සමරන්න ජයග්‍රහණ අවශ්‍ය කාලයක්.

    මේ රටට අලුත් වීරයන් අවශ්‍ය කාලයක්. දැනට ලංකාව තුල පවතින සියලුම ගර්හිත දේශපාලන ව්‍යාපාර වලට එරෙහිව නැගී සිට ඒවා සුනුවිසුණු කළ හැකි නව දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි, එජාප පොහොට්ටු සජබ මාලිමා ජාජබ පෙරටුගාමී ආදී ජඩ දේශපාලන විගඩම් සුනු විසුණු කරන නව තරුණ දේශපාලන ව්‍යාපාරයකට කාලයයි දීපයයි දේශයයි මේ, ඉක්මනින්ම අපට එම නව ව්‍යාපාරය දැකගත හැකි වනු ඇත.

    ReplyDelete
  22. අමු තක්කඩි ආගමික අන්තවාදීන් සහ රං ලා වගේම පල්ලි කාක්කොත් එකම බෝට්ටුවේ. පාස්කුවෙන් මියගිය අහිංසකයන් විකුණාගෙන කන ආගමික දේශපාලනය කරන කොටි සමඟ පෙළපාලි ගිය බෙදුම්වාදීන්.

    ReplyDelete
  23. මාතා පාස්කු කේස් එකේ මහ මොළකරු ශානි අබේසේකර (මාතලන් කියන විදිහට වලංශානි) වෙන්න පුළුවන් වගේ නේද?

    මෙන්න මේ නිව්ස් එක සහ ඒ හෙලිදරව්ව කරන නියෝජ්‍ය පොලිස්පති සමග චමුදිත සමරවික්‍රම ගේ මේ ඉන්ටවිව් එක බලන්න

    //පසුගිය 2019 වසරේ අප්‍රේල් මස රටපුරා කිහිප තැනකට එල්ලවූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් මෙරට බුද්ධි අංශ සමග වැඩ කළ බවට සාක්ෂි ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කළ පාලිත සිරිවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කරයි.

    මේ සිදුවීමට පෙර වරෙක සැකපිට සහරාන්ගේ නිවස වටලන්න ගිය අවස්ථාවක රහස් පොලිසියේ සාමාජිකයන්ට වහාම ආපසු කොළඹ පැමිණ ලෙස එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා දැනුම් දුන් බවත් ඔහු පැවසීය.

    සහරාන් සම්බන්දයෙන් සමහර පරීක්ෂණ සාර්ථක වෙමින් පවතිද්දී එවකට යහපාලන රජය යටතේ පැවති රාජ්‍ය බුද්ධි සේවය එම පරීක්ෂණ අවුල් කළ බවත් හෙතෙම චෝදනා කරයි. එවකට රාජ්‍ය බුද්ධි සේවාවට සම්බන්ධ වී කටයුතු කරනලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර වැනි බලවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බව අවධාරණය කළේය.

    පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට අලුත් කොමිෂන් සභා උවමනා නැති බවත් තිබුණු කොමිෂන් සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් බවත් ඔහු පෙන්වා දෙයි.

    බෝම්බ පුපුරවා ගන්න තෙක් සහරාන්ලා නීතියට හසු වෙන්න ඉඩ නොදී ශානිලා ඉතාම සූක්ෂම සැලසුමකට අනුව ඔවුන්ව ආරක්ෂා කලේ දැයි ප්‍රබල සැකයක් පවතින බව ද ඔහු පවසයි.//

    මේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග ඒ මහතා මෙබඳුම අදහස් පළ කළ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක වීඩියෝ ලින්ක් එකයි;

    https://m.youtube.com/watch?si=EbxmYWN-TfzOqqLu&embeds_referring_euri=https%3A%2F%2Flankacnews.com%2F&source_ve_path=MTY0OTksMjg2NjQsMTY0NTA2&feature=emb_share&v=IHctDHd3wos

    මේක සම්පුර්ණ සිදුවීම විස්තර කර තිබෙනවා, මේක සත්‍යක්දැයි සොයා බැලිය යුතුයි.

    ReplyDelete
  24. කාටත් ඕන ඇත්තටම උනේ මොකද්ද හොයන්න නෙමේ, හුදෙක්ම මේ කැල්ලම් මැකරේගේ කෙබර වීඩියෝ කෑල්ල ගණිකා වෘත්තියේ යොදවගෙන රාජපක්ශලට මඩ ගහන්න. ලැබිච්ච අවස්ථාවෙන් උඩ පැන පැන මඩ ගහනව. උඹලට ඕකෙ ඇත්ත තේරෙයි තව අවුරුදු 10කින්. එතකොට මුස්ලිම් උන් මහ ජාතිය වෙනව. අන්න එදාට පල්ලි වලට පන්සල් වලට පැනල කඩු වලින් කොටන්න ගත්තම තේරෙයි මහ මොලකරුවො කව්ද කියල. ඔහොම යන්කො, 2033 කියන්නෙ තව මහ කාලයක් නෙමේනෙ.

    ReplyDelete
  25. Is this news true?

    මීට වසර හතර හමාරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ කතෝලික දෙව්මැදුරු සහ හෝටල් කීපයකට එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නැවත විමර්ශනය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන නව පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකාවේ එෆ් බී අයි ආයතනයෙන් ඉල්ලීමක් කලත් මීට පෙර ඒ ගැන ඉතා සවිස්තර ලෙස තමන් පරීක්ෂණයක් කළ බැවින් නැවත එවැන්නක් කිරීමේ අවශ්‍යතාවයක් නැති බව එම ආයතනයට ශ්‍රී ලංකාවේ රජයට නිල වශයෙන් දැනුම් දී ඇත.

    එමෙන්ම අදාල ප්‍රහාරය සිදු වීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය, ඇමරිකාවේ එෆ් බී අයි ආයතනය, ඉන්ටපෝල් ආයතනය එක්ව පරීක්ෂණ සිදුකළ බවත් එහි තොරතුරු ලංකාවේ සොලිසිටර් ජෙනරාල් නීතිපතිවරයාට ලබාදුන් පසු අදාළ තොරතුරු මත විශාල පිරිසකට එරෙහිව ලංකාවේ රජය 2021 වසරේදී නඩු පවරා ඇති බවද ඔවුන් ලංකාවේ රජයේ නිලධාරීන්ට පෙන්වා දී ඇත.

    මේ පිළිබඳව එම ප්‍රහාර සම්බන්ධයෙන් ලංකාවේ රජය මගින් ජනාධිපති කොමිසමක් හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විධිමත් ලෙස පරීක්ෂණ පවත්වා ඇති බැවින් ඒ පිළිබඳ නැවත විමර්ශන පැවැත්විය යුතු නැති බව ලංකාවේ රනිල් වික්‍රමසිංහ රජයේ ස්ථාවරය බවද මේ ගැන විමසූ මාධ්‍යවේදීන්ට විදේශ අමාත්‍ය අලි සබ්රි විසින් පවසා ඇත.//

    ReplyDelete
  26. මාතා අද මැච් එක බලන්න ඕන නේද?ඉන්දියාව එක්ක තිබුන මූලික වටයේ තරඟය ඉන්දියාවට එරෙහ්ව දුනිත් වෙල්ලාලගේ විදියට අවසන් වීමත් එක්ක දුනිත් හමුවේ අසරණ වුනු ඉන්දියානු මුල්පෙළ පිතිකරුවන් සියල්ලම අවසාන මහා තරඟයේදී දුනිත්ට සුවිශේෂී අවධානයක් ලබාදේවි කියලා හිතන්න පුලුවන්.ඒක තවත් තීව්‍ර වෙන්නෙ "දුනිත් කියන්නෙ හොඳ පන්දු යවන්නෙක්.ඒත් අපි ඔහුට නිසි ආකාරයෙන් පහරදීමට සියල්ල සූදානම් කරගෙනයි ඉන්නෙ" කියලා ඉන්දිය පිතිකරු කේ.එල් රාහුල් මාධ්‍යයට පැවසීමත් එක්ක.

    පිත්තෙන් විතරක් නෙමෙයි කටින් පවා ප්‍රතිවාදීන්ගෙ මානසික ඒකාග්‍රතාවය එක්ක සෙල්ලම් කරන ඉන්දියාව ඉදිරියේ දුනිත්ට අද තියෙන්නෙ සෑහෙන්න හොඳ පරීක්ෂණයක්. ලෝකයේ ඉන්න හොඳම මුල්පෙළ පිතිකරු බලඇණියක් තනියම විනාස කරපු දුනිත් අවසාන මහා තරඟයේදි මොනවගේ දෙයක් කරාවිද කියලා බලාගෙන ඉන්න එක සෑහෙන්න වැදගත් වේවි.

    මොකද දුනිත් සම්බන්ධව හැම පුහුණුකරුවෙක්ම අර්ථ දක්වන්නෙ ඔහු අවුරුදු 20ක ක්‍රීඩකයෙක්ට වඩා මානසිකව ශක්තිමත් ක්‍රීඩමයෙක් විදියට. අනික් අතින් ඔහු සතුව මැජික් පන්දු සංකලනයක් නෑ.ඔහු කඩුළු ලබාගන්නෙ සාමාන්‍ය වමත් දඟපන්දු යවන්නෙක් භාවිතා කරන පන්දු සංකලනයන් , පන්දුවේ වේගය, ගුවනට මුසුකිරීම සහ සීමා ඉර භාවිතා කරලා පිතිකරුවා සමඟ සටන් කිරීමෙන්. ඒක රංගන හේරත් , රවීන්ද්‍ර ජඩේජා , ශකීබ් අල් හසන් වගේ පන්දු යවන්නන්ගෙ ක්‍රමයට සමානයි. ඔහු පිතිකරුවා මුලා කරලා වැරදි පහරකට පොළඹවා ගන්නවා.ඒක තමයි ඔහුගේ ක්‍රමය.

    මූලික වටයේදී විරාත් කෝලි , බාබර් අසාම් කියන කඩුළු දෙක දිහා විතරක් බැලුවත් ඔහුගේ මේ පිතිකරුවන් ඔහුට අවශ්‍ය පහරට පොළඹවා ගැනීම (setup කරන එක) උදාහරණ සහිතවම බලාගන්න පුලුවන්.ඒක හොඳ පන්දු යවන්නෙකුගෙ සෑහෙන්න හොඳ ලක්ෂණයක් විදියට තමයි සාමාන්‍යෙන් හඳුන්වන්නෙ. දුනිත් කියන්නෙ ඒ වගේ පන්දු යවන්නෙක්.

    අද ඉන්දියානු කණ්ඩායම දුනිත්ට පලවෙනි පන්දුවාරයේ ඉඳන්ම ප්‍රහාරයක් එල්ල කරන්න බොහෝ දුරට උත්සහා කරාවි.ඒකට එරෙහිව දුනිත් ක්‍රියත්මක වෙන විදියත් එක්ක ඉතිරිය තීරණය වේවි.

    ඉතිං ලෝකයේ මේ වෙලාවෙ ඉන්න ප්‍රභලතම පිතිකරු බලඇණියකට තනියම අභියෝග කරන අවුරුදු 20ක කොලුගැටයෙක් සහ ලෝකයේ මේ වෙලාවෙ ඉන්න ශක්තිමත්ම මුල්පෙළ පිතිකරණ බලඇණියක් අතර හෙට තියන මානසික සටන බලාගෙන ඉන්න. ඒක ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතාවයට අමතරව මානසික ශක්තිය කොච්චර ප්‍රමාණයකට අවශ්‍යද කියලා ඔබට පැහැදිලි කරලා දේවි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ... ඔබට සතුටුයි ද දැන්?

      අර ඒ කාලේ මෛත්‍රීපාල සිරිසේන ගේ ලේකම් විදියට වැඩකරපු භාරත තෙන්නකෝන් (Bharatha Prabhashana Thennakoon) සහ එවකට හිටපු ආරක්ෂක ලේකම් කියපු විදියට

      "ගහනව කියල නම් දැනගෙන හිටියා ඒ වුණාට මේ තරම් බරපතල විදිහට ගහයි කියල නම් හිතුණේ නෑ"

      වගේ සීන් එකක් මේකත්... එහෙම නේද?

      Delete
  27. මේ පාස්කු නාට්‍යත් ANALOGY (ඇනලොජි) සහ මුරුගසන් වරුසාව වගේ ක්‍රම භාවිතා කර විශ්ලේෂණය කළ නොහැකි ද? මොකද විද්‍යාවේ ANALOGY (ඇනලොජි) කියලා සංකල්පයක් තියෙනවා. ඒ කියන්නේ විද්‍යත්මකව තේරුම් ගන්න අපහසු සිද්ධි පොඩි දරුවෙකුටත් තේරුම් ගන්න ලේසි විදිහට විස්තර කරන එක. උදාහරණයක් විදිහට Quantum විද්‍යාව ගැන පැහැදිලි කරද්දි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්‍ට ඒ ගැන පැහැදිලි කරන විදිහට 6 වසරේ ලමයෙක්ට ඒක පැහැදිලි කරන්න බෑ. ඉතිං මේ වගේ දේවල් හැමෝටම තේරෙන විදිහට ඉතා සරල උදාහරණ වලින් පැහැදිලි කරන එක තමයි ANALOGY කියන්නේ.

    බෞද්ධ සාහිත්‍යයෙත් මේ වගේ අනලොජීස් ගොඩක් තියෙනවා. සියළුම දෙනාට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ දේවල් කියලා තියෙනවා.

    උදාහරණයක් ලෙස බුදුන් වහන්සේ සත්තසුරියුග්ගමන සූත්‍රය මගින් ලෝක විනාසය වෙන ආකාරය විස්තර කරලා තියෙනවා. මේකෙදි කියලා තියෙනවා මිනිසාගේ ආයුෂ කෙටි වෙනවා (අවු.10කට අඩු වෙනවා), මුරුගසන් වරුසාවක් ඇවිත් ඒකට තෙමෙන අය විනාස වෙනවා, සූර්‍යයන් හතක් පායනවා වගේ දේවල්. ඉතින් බැලූ බැල්මට මේ දේවල් කවුරුත් විශ්වාස කරන්නේ නම් නෑ. ඒත් බුද්ධියෙන් විමසා බැලුවොත් මේ ඇනලොජීස් වල කියලා තියෙන දේ අපිට පැහැදිලි කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට.

    අපි මෙම කරුණු එකින් එක ගමු.

    ⭕ මිනිසෙකුගේ පරමායුෂ කෙටි වීම.
    SPACE . COM වෙබ් අඩවිය කියන විදිහට තව අවුරුදු බිලියන ගනනකින් සූර්‍යයාගේ දැවීම නිසා එහි ස්කන්ධය සැලකිය යුතු මට්ටමකින් අඩු වෙනවා. ඒ කියන්නේ සූරුඖආගේ ගුරුත්වාකර්ෂණය අඩු වෙනවා. එතකොට පෘථිවියේ භ්‍රමණ වේගය සහ පරිභ්‍රමණ වේගය අඩු වෙනවා. එම නිසා දවස දිග වෙනවා. අවුරුද්දක් කියන්නේ පෘථිවිය සූර්‍යා වටා එක් වටයක් යාමට ගත වන කාලය. ඒ කාලේ වෙද්දි පෘතුවියේ පරිභ්‍රමණ වේගය අඩු වීම නිසා ඒකාලේ අවුරුද්දක් යන්න මේ කාලේ අවුරුදු 10ක් වත් ගත වෙන්න ඕන. එතකොට මිනිසාගේ පරමායුෂ අඩු වීම ඇත්තක් වෙනවා.

    ⭕ මුරුගසන් වරුසාව සහ එයට තෙමෙන අය විනාශ වීම
    සූර්‍යයාගේ ස්කන්ධය තවත් අඩු වෙන්න අඩු වෙන්න එහි ගුරුත්වාකර්ෂණයත් ගොඩක් අඩු වෙනවා.

    ඉතින් සූර්‍යයාගේ ගුරුත්වාකර්ෂණය අඩු වීම නිසා පෘථිවිය සූර්‍යායාගේ කක්ෂයෙන් ගැලවිලා ඈතට යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ග්‍රාහක උල්කාපාත වගේ ඒවා වර්ශාවක් වගේ පෘථිවිය දෙසට ඇදෙන්න ගන්නවා. ඒ වගේම ඒවායේ අහිතකර කිරණ වලින් මිනිසාට සහ සතුන්ට බලපෑම් වෙනවා. මුරුගසන් වරුසාව කියන්නේ මේ වගේ දේක ඇනලොජි එකක්.

    ⭕ සූර්‍යයන් හතක් පෑයීම
    SPACE . COM වෙබ් අඩවියේ සඳහන් වන පරිදි සූර්‍යයාගේ ගුරුත්වාකර්ෂණය අඩු වෙන කොට සූර්‍යයාගේ තියෙන හයිඩ්‍රජන් සහ හීලීයම් සුර්‍ය ගර්බයට තියලා අල්ලගෙන ඉන්න බැරි වෙනවා. ඒ කියන්නේ සූර්‍යයා Expand (විශාල) වෙනවා. ඉතින් දැනට තියෙන සූර්‍යයා වගේ හත් ගුණයක් සූර්‍යයා විශාල වීම ඉර හතක් පෑයීම යන ඇනලොජි එකෙන් විස්තර වෙනවා.

    ඉතින් ඔයාලට දැන් පැහැදිලියි මේ ඇනලොජී කියන්නේ මොකක්ද කියලා. මේ ඇනලොජීස් තේරුම් ගනනේ ඒ ඒ බුද්ධිමට්ටම් ඒ ඒ විදිහට. සාමාන්‍යෙන් හොඳ බුද්ධි මට්ටමක් තියෙන කෙනෙක් මේ ඇනලොජීස් ඉතා ඉක්මනින් තේරුම් ගන්නවා. බුද්ධි මට්ටම අඩු අයට මේවා ලේසියෙන් තේරුම් ගන්න අමාරුයි. ඒ අයට නිවැරදි මග පෙන්වීමක් අවශ්‍ය වෙනවා.
    සාමාන්‍යයෙන් බුද්ධි මට්ටම අඩු අයට මේ ඇනලොජීස් සුරංගනා කතා ලෙස පේන්නත් පුළුවන්.

    ඉතිං ත්‍රිපිඨකයේ සූත්‍ර පිඨකය කියන්නේ විවිධ බුද්ධි මට්ටම් වල පුද්ගලයන්ට බුදුන් දේශනා කල සූත්‍ර හෙවත් බණ. මේ බණ වලදි ඒ ඒ අයට තේරුම් ගන්න පුළුවන් විදිහට කියපු ඇනලොජීස් තමා තියෙන්නේ. තණ්හාව කියන දේ තේරුම් ගන්න හැමෝටම එක විදිහට බෑ. ඒ නිසා ඒ ඒ අයට තේරුම් ගන්න පහසු ඇනලොජීස් දේශනා කරලා තියෙනවා.

    උදාහරණයක් ලෙස වැස්සවලාහක සූත්‍රය ගන්න. ඒ ඇනලොජි එකත් බුද්ධි මට්ටම වැඩි අය තේරුම් ගන්නේ "තණ්හාව" විස්තර කිරීමට බුදුන් දේශනා කරපු ඇනලොජි එකක් විදිහට. ඇත්තටම ඒකෙන් විස්තර කරන්නේ තණ්හාව ගැන.

    නමුත් බුද්ධි මට්ටම අඩු අය ඒක තේරුම් ගන්නේ දෙවියන් කාමයේ හැසිරීම වගේ ඉතා ප්‍රාථමික සුරංඟනා කතාවක් ලෙස. ඉතින් එවැනි අයට නිවැරදි මග පෙන්වීමක් අවශ්‍ය වෙනවා ඒ දේවල් තේරුම් ගන්න.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න