.

.

May 26, 2024

නිරුවත කියන්නේ කලාවක් - තරිඳි ප්‍රනාන්දු - (මයි රෙඩ් කොම්‍රෙඩ් සිනමා විකාරය)


නිරුවත කියන්නේ කලාවක්

- තරිඳි ප්‍රනාන්දු -

(මයි රෙඩ් කොම්‍රෙඩ් සිනමා විකාරය)

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


ඇත්ත තරිඳි... අපි ඕක දැනගෙන උන්නට ලංකාවේ වෙනම සත්ව කොට්ඨාසයක් වෙච්චි... ප්‍රබුද්ධ නිර්මාණශීලී සම්මාණනීය කෘතහස්ත සිනමාකාරයන්ට හා අප්‍රභංශ ලැකානියානූ විකාරකයින්ට තේරුනේ නෑ...


හැබයි අන්තර්ජාලයත් එක්ක සියල්ල සිල්ලර වුනායින් පස්සේ... දැන් සුනිල්සෝම පීරීස් කළෙත්... අවුරුදු 15 කට පස්සේ ෂෝ එකක් හදන සුදත් මහදිවුලානයනුත් කරන්නේ එකම දේ කියලා අපි වගේ හාල්පාරුවන්ටත් තේරෙනවා....


එහෙම කොපි කරන එකේ කිසි වරදක් නැතෙයි කියලා කෘතහස්ත නාට්ටිකාරයෙක් වෙච්චි සුගතපාලද සිල්වානෝ මාරාසාද් පෙරවදනෙත් ලියලා තිබුනලු.... 


බලන්න ඉතින් ඒකෙත් හැටි.. 

දැන් අපි ඒකත් දැනගත්තා...


ෂෝ හදන්න තියෙන්නේ "ප්ලොට් 60" කියලා සුද්දොත් කියන එකේ... මෙහේ ප්‍රබුද්ධ කෘතහස්ත සිනමා විකාරකයින්ට ඕක මීට කලින් තේරුනේ නෑ...


මේ ළඟදි මොකෙක්ද පිස්සෙක් ලියලා තිබුනා සිනමා විචාර කරන්න පුලුවන් ඒ ගැන දැනුමක් තියෙන උන්ට විතරය.... ෆේස්බුක් එකේ පල් හෑලී ලියන උන් කොනකට වෙලා ඉන්නය කියලා.. ඒ නිසා.. දැන් මම ඉන්නේ එහෙම ඇකඩමියකට යන්න..


වැඩේ කියන්නේ තරින්දී ඔයාගේ නිරුවත කලාවක් උනාට... පත්තරේක ඉස්සරහා පිටුවේ ෂර්ට් එකක් විතරක් ඇඳගෙන උන්න සමන්තා ඈපාසිංහලා .. ඇගේ වෛරයේ උන්න සුමනා ගෝමස්ලා නිකන්ම නිකං පීචං කෑලී වෙලා... ස්වර්ණා මල්ලවාරච්චිලා වගේ අය විතරයි සම්මාණනීය නිලියො වුනේ..


හැබයි.. ප්‍රබුද්ධ ෂෝ එකක් වෙච්චි විසිදැල ෂෝ එකේ රඟපාපූ අනුෂා සොනාලිට එහෙම වෙන්න බැරි වුනා.. ඒත් ඉතින්.. අර සම්මාණනීය නිලියන්ගේ පැවත්මයි අනූෂාව නිර්දය ලෙස විවේචනය කරපු පැවැත්ම අතරෙත් කිසි වෙනසක් නෑ... 

කොහේ හරි අවුලක් වෙන්නැති... පව්...


අපිට නම් ඔය කෝකත් කලාවක්... අපි ඔය කොයි එකත් බලනවා... ඔය ෆිල්ම් බලන්න එන්නෙත් නිරුවත නිසා... නිරුවත කිසි සේත්ම අවශ්‍ය නැති තැන්වලත් නිරුවත ඔබන්නේ ඒ නිසා.... අපි sex හොයලා වර්ල්ඩ් රැකෝඩ් තියලා තියෙන්නෙත් ඒ නිසා...


මේ ෆිල්ම් එකේ බලන්න තියෙන්නෙත් එච්චරයි... (පාන්කඩ වාමාංශිකයෙක්ගේ මොන ලබ්බක් බලන්නෙයි... මේ යකා මේ හැංගිලා ඉන්නේ 1987 නොවැම්බර් 27 වෙනිදා අනුරාධපුරයේ පොළ භූමියේදී ජෙප්පන්ම ෂොට් එක දීලා... විමුක්තිය උදාකර දුන් නන්දන මාරසිංහට වගේ බුවාටත් ගේම දෙයි කියලා ප්‍රාණ බයේ. මොකෝ උන්ගේ හැටි එහම නේ.)


ඒත් ඉතින් අපිට ඕක කලාවක් වුනාට... ෆිල්ම් හදන උන්ට ඕක බිස්නස් එකක්.... අනික සමහර ප්‍රඩියුසර්ලයි ඩිරෙක්ටර්ලයි ඉතරක් නෙමේ නලුවොත්... නිලියෝ ෆිල්ම් වලට ගන්නේ රඟපාන්න විතරක්ම නෙමේ කියලත් කියනවා... අනේ මන්දා ඕවා ඉතින් අපි ඇහෙන් දැකලා තියෙයි ඇත්තෙයි කියන්න.. සමහරක් විට එහෙම නැතිවත් ඇති.


ඒ නිසා ඔය දර්ශණවලට හිඟන ගනන් වලට විකිණෙන්න එපා...  ඕවට වෙන රටවල විශාල මිළක් ලැබෙනවා... නැත්නම් අනාගතේ ඔයාලට වෙන්නෙත්... අනූෂා සොනාලිට අනෝමා ජනාදරීට වෙච්චි දේ....


අනික ඔයා එහෙම වෙන්න ඕන නිලියකුත් නෙමේ... තරිඳි කියන්නේ දැන් ඉන්න හොඳම නිලිය කියලා කිව්වොත්.. ඒක බොරුවක් නෙමේ... 


මේ ෆිල්ම් එකෙන් වෙච්චි එකම දේ තමා... මින් පස්සේ ලංකාවේ ෆිල්ම් කල්ට් හදාගෙන පොරවල් වෙලා හිටපු උනුත් කරන්නේ ලුවී වැන්ඩස්ට්‍රාටන් කරපු දේම තමයි කියනෙක...

අපි නම් ඒක කලින් ඉඳලම දැනගෙන උන්න නිසා අවුලක් නෑ.. 


උන්ගේ ෆ්ල්ම් වෙනස් වෙන එකම දේ "වමාංශික"ප්ලොට් එක විතරමයි. ඒක එයාලගෙ සුරතාන්තෙ වුනාට... අපිට නම් වම කියන්නේ...


වමනේ.....

.

 

12 comments:

  1. සෑහෙන කාලෙකින් මාතේ ඔහේ එකගයි කියල කියන්න පුලුවන් පෝස්ට් එකක් දැම්මෙ.

    ඒකෙ ඔයාට වගේම අපිටත් හොදකට තබ්බෙ තරින්දිගෙ පුප විතරයි.
    වැඩක්නැති ලබ්බක්

    ReplyDelete
  2. ⬛️Sri Lanka to become regional hub for aircraft recycling
    _______________________________________________________________

    Sri Lanka will become a regional base to recycle aircraft through a new investment by Aitken Spence Ltd that is set to commence operations at Hambantota as a joint venture with a Hong Kong-based partner within the next few months.

    Aitken Spence is to sign the joint venture with Zone 600, the Hong Kong- based company involved in the recycling of aircraft with initial plans underway to dismantle and re-export retired aircraft sent for recycling.

    With no other prominent competitor in the region this will become a hub for the recycling of aircraft and Sri Lanka has specifically been selected since it is economically viable and the large land area available in Hambantota.

    In the region this will be the first of such ventures with most other facilities located in Europe, Australia, Japan, China, the US and the Netherlands.

    It is learnt that the recycling of aircraft will not be carried out in Sri Lanka as this is not possible at the moment in the country.

    The engines will be re-exported and the landing gears and other electronic parts will be sent to the owners. Currently the company is in talks with other parties to use the fuselage and other parts of the aircraft to be converted to hotels and restaurants. However, these will take some time before this part of the operations get underway.

    The pilot project of about one to one-and-a-half months will only involve dismantling of the aircraft and hundred per cent re-export of the dismantled aircraft.

    Subsequently, the company will involve in other plans currently under discussion like the melting of the metal parts of the aircraft for other purposes. However, this needs to be carried out with other parties, sources said.

    Moreover, the location of the facility would help to re-export since it is in proximity to the Hambantota Port as well.

    During the initial phase foreign expertise will be brought down to run the operations but Sri Lankan skilled technicians and engineers will also be employed in the running of the operations.

    At least three companies have agreed to send their aircraft to this facility for recycling that would be dismantled and re-exported.

    A company run by a Sri Lankan and based in Australia will come down to Sri Lanka to become the outsourced partner that will engage in dismantling of aircraft. This company is already involved in similar operations with airlines like Cathay Pacific.

    All approvals required for the initial running of the operations of the aircraft recycling facility have been obtained, according to officials, from the Central Environmental Authority (CEA) and the Atomic Energy Agency.

    By Sunimalee Dias - SUNDAY TIMES

    ReplyDelete
  3. නියමයි, හොඳයි- කියවූයෙමි පෝස්ටුව
    ෆිලුම බලන්නම පොළඹයි රසිකයව

    ReplyDelete
    Replies
    1. නිමල් අංකල් කරුණාකරලා ලංකාවේ ඉන්න දෙකයි පණහේ ගොබ්බ රැඩිකල් උගත්තු කුලප්පු කරන්න එපා .....

      මේ මයි රෙඩ් කොම්රේඩ් මූවී එකේ ඇත්තටම කට්ටිය බුකියේ සහ මාධ්‍ය වල කියෙව්ව තරම් කිසිම දෙයක් ඇත්තෙම නෑ.

      මම බැලුවේ trailer එකේ කිව්ව විදිහට පුරා පැය දෙකක් කුතුහලෙන් බලන් ඉන්න පුලුවන් කියලා කිව්වට මුල් පැය භාගෙන් පස්සෙ ඉවර වෙනකන් බලන් හිටියෙ 🙂

      දැන් කට්ටිය කියයි ඒකෙ සම්භාව්‍ය රසය සහ දෙන්න හදන පණිවිඩේ අපිට තේරෙන්නෑ කියල.සම්භාව්‍ය film ඕනතරම් ලෝකෙ වගේම ලංකාවෙත් හැදිල තියනව ඒවා බොහොමයක් අපට කම්මැලි කමක් නැතුව බලන් ඉන්න පුලුවන්.ලංකාවේ හැදුණ බහුතරයක් සම්භාව්‍ය film වල පොදු සාධකය වෙච්ච විදේශීය දාර්ශනික මත මදි නොකියන්න තිබ්බ මේකෙත්...මේකෙ මැදින් හිතුණ අපි දෙරණෙ 360 වගේ කාලීන දේශපාලන වැඩසටහනහක් බලන ගමන්ද ඉන්නෙ කියල්ද්.තව තැන්වල අපි ටවර් එකේ වේදිකා නාට්‍යක් බලන ගමන්ද ඉන්නෙ කියලත් හිතුණ.අවසානේ මොකක් හරි වෙනසක් වෙයි කියල හිතුවට වෙළඳ දැන්වීමක් වගේ ඉවර වුණේ 🥲

      දේශපාලනේ විවේචනයට ලක්කරලා film හදද්දි කම්මැළි නැතුව බලන් ඉන්න පුලුවන් විදිහට හදන්න ඕනෙ.මේක ඉතින් සුදත් මහදිවුල්වැවගේ පිට කසන සමහර උදවියට, ඔහුගේ දේශපාලන පක්ෂ සාමාජිකත්වය දරන වහල්ලු වගේශම ගොන් හැත්තට නම් පට්ට උසස්, අතිපට්ට සුපිරි චිත්‍රපටියක් වෙන්න පුලුවන්.මට නන් වස කම්මැළි ඒ පැය දෙක මතක් වෙද්දිත් 🙂

      කොහොමහරි කැමරා අධ්‍යක්ෂණය සහ සංගීතය නම් ගොඩක් හොඳ මට්ටමක තිබ්බා.ඒක කිව යුතුමයි.

      Delete
  4. මාතා දේශපාලන සාක්ෂරතාවයෙන් අඩු IQ එකෙන් අඩු ජනතාව කී පාරක් පැත්ත මාරු කළත් ඔවුන් ගන්නේ වැරදි තීරණයක් විතරයි, හරියට පොහොට්ටුවෙන් මාලිමාවට මාරු වෙනවා වගේ අතට සල්ලි ටිකක් ලැබුන ගමන් හැම සමාජවාදියම ධනවාදියෙක් වෙනව විතරක් නෙමයි ලමයි වැඩිපුර ඉගෙන ගැනීමට ධනවාදී රටකටම යවනව. පුලුවන් නම් ධනවාදී රටක පදිංචියට ගිහින් ලංකාවට සමාජවාදෙ ගේන්න උදව් කරනව. 😄😂🤣

    මේ දවස්වල සෑහෙන තරම් ෆැක්ටරි, ගොඩනැගිලි ගිනි ගන්නවා. සමහර වෙලාවට කොටසක් ගිනි අරං, තවත් සමහර වෙලාවට සියල්ලම අළු.

    ඉතිං මේ ගිනි ගැනීම විදුලිය සම්බන්ධ එකක් වුණාම - මම ගිහිං තියෙනවා ආයතන ගණනාවකට ඒ ගැන පරීක්ෂණ කරන්නයි ආපහු එහෙම එකක් වෙන එක වලක්වන්න ක්‍රියාමාර්ග ගන්න උපදෙස් දෙන්නයි.

    ඉතිං මේ හෑල්ල ලියන්නේ ඔබ ඉන්න හෝ ඔබේ ආයතනය විදුලි සම්බන්ධ ගිණි ගැනීම් වලින් වළක්වාගන්න කරන්න පුළුවන් සරල ක්‍රියාමාර්ග ටිකක් ගැන දැනුවත් කරන්න - මගේ අවුරුදු ගාණක උගත් පාඩම් වලින්. මොකද ගොඩක් තැන්වල/ සිද්ධිවල මම දැකලා තියෙන දේ තමා ලේසියෙන්ම වළක්වාගන්න තිබ්බ දෙයක් තමා විශාල අනතුරකට යවලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ 2024 වර්ෂය (ඒ කියන්නේ 21 වන ශතවර්ෂයේ කාලක් ඉවරයි) - ඉතිං මේ අවුරුද්දේ ඉපදෙන ළමයෙක්ට පෝලියෝ හැදෙන්න බෑ වගේම, මේ කාලේ විදුලිය නිසා කර්මාන්ත ශාලාවක ගින්නක් හටගන්නත් බෑ. මොකද වෛද්‍ය විද්‍යාව වගේම විදුලිය සම්බන්ධ තාක්ෂණයත් තියෙන්නේ ඉතාම ඉදිරියෙන් - ඒ වගේම දරාගත හැකි පිරිවැයකට. ඉතිං විදුලිය සම්බන්ධ ගින්නක් කියන්නේ මහා අපරාධයක් වගේම නාස්තියක්.

      ඒ වගේම අවාසනාවන්ත සිදුවීමක් වෙන එක වලක්වන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග (preventive actions) ගැන සරල සිංහලෙන් මගපෙන්වීමක් තමා මේ.

      1 - විදුලි පැනල් (Electrical Panel) තියෙනවා නම් ඒවා තියෙන්නේ වහලා දාලා පැත්තකට කරලා තියන්න නෙවෙයි (පලවෙනි පිංතූරේ වගේ) - ඒවා ගෙදරට නැත්තං ඔෆිස් එකට ගත්ත ෆයිල් රාක්ක අල්මාරි වගේ නෙවෙයි. මේවාට නිසි නඩත්තුක් ඕනේ. විදුලිය කියන්නේ හොඳ සේවකයෙක් - හැබැයි ඉතාම නරක ස්වාමියෙක් (සිංහලෙන් කියන්නේ Electricity is a good servant but a bad master). සරලවම කියන්නේ විදුලිය අපේ කන්ට්‍රොල් එකේ තියාගන්න ඕනේ - නැත්තං විදුලියට අපිව පාලනය කරන්න දුන්නොත් ඉතිං විනාසයක්.

      මේ විදුලි පැනල්වලට කරන්න පුළුවන් හොඳම, ලාභම සහ වඩාත් ඵලදායීම (effective) නඩත්තුව තමා සුද්ද කරලා (ඒ කියන්නේ කුණු දූවිලි පිහදලා නැත්තං වැකියුම් කරලා) ඊට පස්සේ ඒවගේ තියෙන ඇණ ටික තද කරන එක. මාස 3කට සැරයක් කරන්න පුළුවන් නම් හොඳයි.
      නැත්තං අඩුම ගානේ මාස 6 කට සැරයක්වත්.
      (වයිබ්‍රෙට් වෙන තැනක පැනල් තියෙනවා නම් මාස ගනං ඉන්න බෑ - තත්වය බලලා ඇණ ටික තද කරන්න වෙනවා)

      මේක සරලයි වගේ පෙනුනාට බොහොමයක් විදුලි සම්බන්ධ ගිණි පටං අරං තියෙන්නේ ලූස් කනෙක්ෂන් හින්දා - සරලවම කිව්වොත් නිසි කළට ඇණ ටික තද කරලා නෑ.

      මේ විදුලි පැනල්වල සුද්ද කරලා ඇණ තද කරන එක - නිකං අපේ ඇග හොඳට තියාගන්න කරන වර්ක් අවුට් එකටයි ඩයට් එකටයි සමාන කරන්න පුළුවන්. සරලයි ලේසියි වුණාට ප්‍රතිපල සෑහෙන්න ඉහළයි - වියදමත් අඩුයි.

      හරියට මේ විදිහට නිසි පරිදි නිසි කලට විදුලි පැනල් ක්ලීනිං පාරක් දාලා ඇණ ටික ටයිට් කරනවා නම් විදුලි පැනලයක් ගිණි ගන්න තියෙන සම්භාවිතාව 80-90% කින් අඩු කරගන්න පුළුවන්.

      මේ වැඩේ කරන්න සුදුසුකම්ලත් පලපුරුදු විදුලි කාර්මිකයෙක්ම යොදාගන්න එක වැදගත්.

      සමහර තැන්වල ලොකු ඉලෙක්ට්‍රිකල් පැනල් ටික හොඳට මේන්ටේන් කරලා - ගින්න පටං අරං තියෙන්නේ ඔය අස්සක තියෙන පුංචිම පුංචි පැනල් එහෙකින්. ඉතිං ඒක හින්දා checklist එකක් දාලා පැනල් ඔක්කොම බලාගන්න සයිස් බලන්නේ නැතුව.

      Delete
    2. 2 - ඊලග වැදගත්ම දේ - මේ වැස්ස කාලේ ඔය විදුලි පැනල්වලට වතුර වැටෙන්න, වතුර කාන්දු වෙන්න තියෙන ඉඩ අහුරලා තියන එක. මොකද ඔය ගොඩනැගිලි ඇතුලේ (indoor) තියන්න හදපු පැනල් water proof නෑ.
      මම ඔය සමහර ගිණි ගත්ත ආයතනවල පශ්චාත් පරීක්ෂණේට (පෝස්ට් මොටම්වලට) ගියාම දකිනවා පැනල් එක ගිනි අරං තියෙන්නේ වතුර වැටිලා.

      3 - අනික් වැදගත්ම දේ - ඔය මක බාස්ලා දාලා හරියට ගණනය කරන්නේ නැතුව පැනල්වල තියෙන Circuit breaker වගේම වයර්/කේබල් මාරු කරන්න එපා. මොකද බ්‍රේකර් එක ට්‍රිප් වෙනවා කියලා වැඩි කරන්ට් එකක් යන්න පුළුවන් එකක් දාන එක (උදා - ඇම්පියර් 40 බ්‍රේකර් එක ට්‍රිප් වෙනවා කියලා 63 හරි 100 හරි එකක් ගෙනල්ලා දාන එක) - ඒක නිකං පය බරවාට පිටිකර බෙහෙත් බඳිනවාට හපං. මොකද බ්‍රේකර් එක මාරු කරා කියලා පල්ලෙහා (downstream) තියෙන කේබල් එකේ යන්න පුළුවන් කරන්ට් එක වැඩි වෙන්නේ නෑ ඉබේම. වෙන්නේ ඉතිං කේබල් එක ගිණි ගන්න එක තමා වෙන්නේ ( බ්‍රෙකර් එක නම් ට්‍රිප් වෙන්නේ නැති වෙයි එහෙම කරාම 😁 - ලෙඩා මලත් බඩ සුද්දයි තමා).
      ඉතිං ට්‍රිප් වෙනවා නම් ඔය circuit breaker එක (නැත්තං ට්‍රිප් ස්විච් එක, earth Fault relay එක) බයි පාස් කරන එක වගේ වැඩ කරන්න එපා. එතකොට ගොඩක් වෙලාවට වෙන්නේ ට්‍රිප් වෙන්නේ නැතුවම ගිනි 🔥 ගන්න එක.
      ඔය ඉතිං අපි කොච්චර කිව්වත් ඉතිං ඔය බයිපාස් කරන වැඩේ වීරයෝ වගේ කරන අය ඉන්නවා - ඉතිං ඔය වගේ එදාවේල ටුවර් දාලා පස්සේ කෙලවගන්න එක අඩු කරගන්න පුළුවන් හොඳම විදිහ තමා ඒ අය දැනුවත් කරන එක.

      ඉතිං විදුලි පද්ධතියේ දෝෂයක් තියෙනවා නම් ඒක හරි විදිහට හදාගන්න සුදුසුකම් ලත් ඉලෙක්ට්‍රිෂින්ට කියලා.

      ෆැක්ටරියේ, හෝටලේ, බිල්ඩිමේ ලෝඩ් (විදුලි ඉල්ලුම) වැඩි වෙලා නම් නිසි පරිදි සුදුසුකම් ලත් විදුලි ඉංජිනේරුවෙක්ට කියලා හරි හමං design එකක් කරලා විදුලි පද්ධතියේ ධාරිතාව වැඩි කරගන්න.

      නැතුව ශෝට් කට් දාන්න යන්න එපා - එහෙම කරලා ලොකු විනාස කරගත්ත තැන් ඕනේ තරම්.

      4 - ඊලගට තියෙන්න ඉතිං ඔය කොලෙස්ටරෝල් චෙක්, ලිවර් ප්‍රොෆයිල්, බ්ලඩ් ෂුගර් බලනවා වගේ condition monitoring වැඩ. හැබැයි මේවා කරාට අර මුලින් කියපු දේවල් (අංක 1 කොටසේ කිව්ව දේවල්) නොකර හිටියොත් වැඩේ හබක්. එතකොට වෙන්නේ අර ඔක්කොම ෆුල් බොඩි චෙක් අප් කරලා රිපෝට් තියාගෙන බයිපාස් එක එනකං ආතල් එකේ ඉන්න අය වගේ වෙන එක.

      විදුලිය සම්බන්ධ ගින්නක් හට ගන්න වැඩිම සම්භාවිතාවක් තියෙන තැන් හොයා ගන්න තියෙන පහසුම සහ වේගවත්ම විදිහ තමා Infrared Thermography එකක් කරන එක. මේකත් සුදුසුකම් ලත් Certified thermographer කෙනෙක්ට කියලා කරව ගන්න. නැත්තං තමුන්ගේ ආයතනයේ එක්කෙනෙක් දෙන්නෙක් මේ වැඩේට ට්‍රෙන් කරගන්න.

      ඔය Thermography වැඩේ සරලව පැහැදිලි කරොත් -
      ඔය පැනල් වල යටිං තියෙන පියවි ඇහැට සර්කිට් බ්‍රේකර් බැලුවම වයර් ටිකයි ඔක්කොම අවුලක් නෑ වගේ. ඒ දසුනම Thermal Camera එකකට පේන හැටි - වැඩි උෂ්ණත්වයක් තියෙන තැන් වලින් විමොචනය වෙන අධෝරක්ත කිරණ (infrared) වලින් පුළුවන් ඒ තැන් හඳුනා ගන්න මේ කැමරා වලට. එහෙම හඳුනාගෙන අවශ්‍ය නිවැරැදි කිරීම කරන්න පුළුවන්. මේ කැමරා දැන් ඉස්සර තරම් මිල අධික නෑ - ඉතිං thermal camera එකක් ආයතනයකට හොඳ ආයෝජනයක්.

      ආ මෙතනදි ගොඩක් අය කරන වැරැද්ද තමා මේ වගේ ලූස් කනෙක්ෂන් එකක් නම් නිකංම ඇණේ තද කරන එක. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. කරන්න ඕනේ මේක ඕෆ් කරලා, මේ ඇණේ ගලවලා එතන කේබල් ලග් එකයි අණෙයි වදින තැන (contact surface එක) පිරිසිදු කරලා ආපහු ඇණේ තද කරන එක. මොකද ඔය තැන අධි ප්‍රතිරෝධී තැනක් (high resistance contact) වෙලා තියෙන්නේ - මොකද කාලයක් ස්පාක් වෙලා ඔක්සයිඩ් වෙලා තියෙන්නේ. ඉතිං සුද්ද කරන්නේ නැතුව තද කරොත් ලෙඩේ තව වැඩි වෙනවා.

      ආයෙමත් මතක් කරන්න තියෙන්නේ මේ Thermography නෙවෙයි මොනවා කරත්, අර මුලින්ම කිව්වා වගේ පැනල් සුද්ද බුද්ධ කරලා ඇණ ටික තද කරන එක හරි වෙලාවට කරේ නැත්තං වැඩේ සාර්ථක වෙන්නේ නෑ.

      5 - අන්තිම එක : බැරි වෙලාවත් අතපසුවීමකින් විදුලි සම්බන්ධ ගින්නක් හට ගත්තොත් කරන්න ඕන දේට සූදානම් කරලා තියන එක.
      මේ සඳහා අවශ්‍ය ගිණි නිවන උපකරණ සුදානම් කරලා තියෙන එක වගේම, ඒවා පාවිච්චි කරන්න ආයතනයේ කාර්ය මණ්ඩලයට නිසි පුහුණුවක් දීලා තියෙන එක ඉතාම වැදගත්. මොකද ගින්නක් පටන් ගත්තාම පලවෙනි විනාඩි 5 ඉතාම වැදගත් - ඒ වෙලාවට ඉන්නේ ඔබේ ස්ටාෆ් එක. ගිනි නිවන හමුදාව එහෙම එන්නේ පස්සේ.

      විදුලි ගින්නකට වතුර ගහලා වගේ දෙයක් කරොත් ඉතිං වෙන ආපදාව දෙගුණ තෙගුණ වෙනවා.

      අන්තිම පිංතූරේ - විවිධ ගිණි වලට භාවිතා කරන 🧯

      ඉතිං නිසි පුහුණුවක් වගේම කාලෙකට සැරයක් fire drill එකක් කරලා ඒ සම්බන්ධව ගන්න ඕනේ ක්‍රියාමාර්ග ගැන මතකය අළුත් කරන එකත් වැදගත්

      දන්නේම නැතිව හෑල්ල දිග වුණා - හැබැයි ඉතිං මේ විදුලි ගිණි 🔥කියන විෂය නිකං සාගරේ වගේ. මේ දිග හෑල්ල වුණත් නිකං ඒ සාගරෙන් ගත්ත ලුණු වතුර පොල්කට්ටක් වගේ.

      Delete
  5. අයිසේ මාතලන්

    "සිංහබාහු" ගැන අපි කලින් විචාර ලිව්වෙ අපරාදේ ඕයි..

    මේ තියෙන්නේ ප්‍රවීණ අදහස්...
    අම්මෝ මුං නං අප්පා....😬

    මේ සිංහබාහු සිංහල චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නැරඹූ ශ්‍රී ලංකාවේ චිත්‍රපට පිළිබඳව විශේෂඥ දැනුමැති විද්වතුන්ගේ අදහස්...

    "මේක තිර නාටකයක් නෙවෙයි,මේක සම්පූර්ණයෙන්ම තිර කාව්‍යයයක්"
    -මහාචාර්ය සුනිල් ආරියරත්න-

    "ඉතාම සාරවත් ලෙස මෙම තිර පිටපත ලියා ඉතාම ලස්සනට අධ්‍යක්ෂණය කරලා තිබෙනවා"
    -මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි-

    "මම සෘජුව ප්‍රකාශ කර සිටිනවා,මගේ ජීවිත කාලය තුළ දැකපු හොඳම සිනමා නිර්මාණය මේ නිර්මාණය කියලා"
    -කිෂූ ගෝමස්-

    (මේ කිෂූ ගෝමස් කියන පොල්බූරුවාට නම් මොංගල්, නොදන්න විචාර හත්තලාමවල් නොකර එක්කෝ දන්න ෆැක්ටරි සුපර්වයිසර් ජොබ් එක කරගෙන ඉන්න ඕනේ ලෝකෙට ජෝක් එකක් විහිලුවක් නොවී)

    "මේක තමයි සෝමරත්න දිසානායකයන්ගේ අග්‍රගණ්‍ය සිනමා නිර්මාණය"
    -ආචාර්ය දයා සිසිර හේවාගමගේ (පේරාදෙණිය විශ්ව විද්‍යාලය)-

    "ඉතාම සුන්දර නිර්මාණයක්,සිනමා කාව්‍යයක්-
    -මහාචාර්ය නාමලී කුමාරි හඳගම (පේරාදෙණිය විශ්ව විද්‍යාලය)-

    "තිරිසන් සතෙකුට ගොනු වී තිබුනු ඒ රූපකාර්තය මානුෂික ශිෂ්ටාචාරකරණයකට ලක් කළා"
    -මහාචාර්ය සාලිය කුලරත්න (පේරාදෙණිය විශ්ව විද්‍යාලය) -

    "අපි ඉතාමත්ම ගරු කරන සිංහබාහු පුරාවෘත්තයට දශමයක හානියක් නොකර අතිවිශිෂ්ට නිර්මාණයක් බවට පත් කළා"
    -මහාචාර්ය උදිත් ජයසිංහ (උප කුලපති - වයඹ විශ්ව විද්‍යාලයය)-

    "වර්තමාන සමාජයට නිර්මාණකරණය පිළීබඳව සුවිශේෂී අත්දැකීමක් ලබාදෙනවා,දක්ෂ නිර්මාණයක්,ඉතාමත්ම ඉහළ මට්ටමක තියනවා"
    -මහාචාර්ය රංජන් හෙට්ටිආරච්චි-

    "ඉතාමත්ම ප්‍රබල සාහිත්‍යමය කියැවීමක් පමණක් නොව ඉතිහාසය පිළිබඳව ප්‍රබල සත්‍යාත්මක කියවීමක්කරමින් අභියෝගාත්මක ප්‍රවේශයකට සමාජය ගමන් කිරීමට අවශ්‍ය චින්තනමය කාරණාව මෙම රූපරචනය තුළ අපිට දකින්න පුළුවන්"
    -මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන්-

    "අපි එදා කිව්වෙ සිංහබාහු නාට්‍යයය නරඹන්න කියලා,අද අපි යෝජනා කරනව සිංහබාහු නාට්‍යයයත් එක්කම සිංහබාහු චිත්‍රපටයත් නරඹන්න කියලා"
    - සම්පත් වේරගොඩ (විදුහල්පති - ඩී.එස්.සේනානායක විදුහල)-

    "අපි අහපු කතාවෙ අපේ හිත රිදුනු තැන් නිවැරදි කරන්නට,ඒ හිත රිදුනු තැන් දිහා වෙනස් විදිහකට බලන්න සිනමාවෙන් කරන ලද වෙනස් කියැවීමක්"
    -ආචාර්ය හංසමාලා රිටිගහපොල-

    "රඟපෑම් ඉතාම ඉහළින් පවතිනවා"
    -විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා-

    කොහොමද කට්ටියට රෙඩ් කොම් රේඩ් එක විචාරය කරන්න දුන්නා නම්.. සැප කණේ තියෙයි.. ළඟදීම පට්ට ආතල් එකක් ගන්න පුළුවන් වෙයි මුන් මේකට විචාරය දුන්නාම 😂😄😂🤣

    ReplyDelete
  6. මාතා, රෙඩ් කොම්රේඩ් එකේ උඹේ රිවීව් එක දැක්කම මටත් යෝජනාවක් කරන්න හිතුනා, උඹටත් මාතා ලස්සනට කතා ලියන්න පුළුවන් නිසා රහට ලස්සනට ස්ක්‍රිප්ට් එකක් ලියල පොඩි ෂෝට් මූවි එකක් කරන්න උත්සාහ කරපන් මාතා අපි සප් එක දෙන්නම්, වැඩේ සාර්ථක වුණොත් ෂෝට් ෆිල්ම් කීපයකින් පස්සේ සාමාන්‍ය ප්‍රමාණයේ මූවී තිර රචනය අධ්‍යක්‍ෂණය වගේ දේවල් උනත් කරන්න බැරි වෙන එකක් නෑ, විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල ආධාර උපකාර සහිතව ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය සහ ප්‍රධාන ආගම විවේචනය කරලා එක්සත් ජනපද වේක් වීව්පොයින්ට් එකෙන් ලස්සනට මූවි එකක් ගහන්න පුළුවන් වෙයි විශේෂයෙන්ම යූඑස් ඒඩ් එකෙන් මූල්‍ය අනුග්‍රහය ඇතිව සෑහෙන සපෝට් ගන්න පුළුවන් වෙයි මේ දවස්වල, මම යෝජනා කරන්නේ සම්භාව්‍ය සිනමාවට නවකයන්ට අවතීර්ණ වෙන්න හොඳම අවස්ථාවක් මේක කියලා

    මොකද සමාන්‍ය කමර්ශල් ෆිල්ම් එකක් ගහනවාට වඩා ලංකාවේ සම්බාව්‍ය කියලා ෆිල්ම් එකක් හරි රජ කතාවක් හරි ගහන එක වියදම් අඩූයි ..රජ කතාවකට නම් ඔය සෝමරත්න මුත්තාගෙන් හරි ඒ ජාතියේ වෙන කාගෙන් හරි ගැලපෙන ඇදුම් ටිකක් ඉල්ලගෙන පරණ රජ කතාවක් තෝරලා අරගෙන කෙලින් බලන් කියන දෙබස් ටිකක් දැම්මා නම් වැඩේ ඉවරයි.. සිංහබාහු එකේ එහෙම ඉතුරු වෙච්ච බැක්ග්රවුන්ඩ් කෑලි කොස්ට්යුම්ස් ඉල්ලගත්තොත් වැඩේ හරිම ලේසියි

    ඔය රෙඩ් කොම්රේඩ් ටයිප් එකේ සම්භාව්‍ය ඒවා නම් ඊටත් වඩා ලේසි... අනුරාධපුරයේ මාස ගානකින් වැස්ස නැති පැත්ත්කට ගිහින් වැව් බැම්මක් උඩ පුටාර් එකක් පදින එකක්.. වේලුනු වැවකින් වතුර අරගන්න යන ගෑනු කෙනෙක්... ඔය සත්තු ටිකක්..කූබියෝ ටිකක්..වේලුන කොල අතු... හැරමිටියක් අතේ තියාගෙන පාර අයිනේ පස්ස බිම තියන් ඉන්න වයසක ඩයල් එකක් ඉන්න ශොට් ටිකක් අරගෙන ඒවා බලන උන්ටත් එපා වෙන තරමට මැදින් මැද ඔබලා ඒ අස්සේ ඉතුරු වෙන විනාඩි 20ට වගේ මෙලෝ යකෙක්ට තේරෙන්නේ නැති කතාවක් දලා ෆිල්ම් ගැහුවා නම් හරි... කැමරා ලයිටින් වලට වැඩි විය්දමක් නැහැ හෙම මුස්පෙන්තු පාටට නේ ෆිල්ම් එක ඕනා.. ඇදුම් නැතුව ඉන්න සීන් එකට දාන කෙල්ලට ඔන්න ටිකක් වියදම යයි... මැදින් හමුදාකාරයෙක්වත් ඔබලා ගත්තා නම් ෂේප් එකේ මීඩියා වලට කියලා ඕක වයිරල් කරගෙන රට පුරා ප්‍රචාරය කරලා ලංකාවේ සෝෂල් මීඩියා පේජ් කාරයො ටිකකට පොඩි ගානක් වියදම් කරලා මරිමෝඩ මිනිස්සු ටිකක් අවුස්සලා වයිබ් එකක් හදාගෙන ඒ ගැම්මටම ෂේප් එකේ රනිල්ලට ටිරාන්ලටත් අපේ අවශ්‍යතාවය කියලා රජයේ සහාය ඇතිව ෂේප් එකේ ෆිල්ම් එක තහනමකටත් ලක්කරගෙන රටේම ජනප්‍රිය කරගෙන ටික දවසකින් ආයේ උසාවි ගිහින් ඒක රිලීස් කරලා නාඩගමක් නටලා සෑහෙන ප්‍රෝෆිට් එකක් ගන්නත් පුළුවන් වෙයි, මොකද කියන්නේ මේ ප්ලෑන් එක ගැන? හරිම සිම්පල් සහ ඉම්ප්රේසිව් නේ... පටන් ගමු නේද අදම?

    ReplyDelete
  7. මම හිතන්නේ මේ සිනමා නිර්මාණය තුල තරින්දි ඇයට ලැබුණ වපසරිය තුල යම් පමණකට හොඳ යැයි කිව හැකි රඟපෑමක් කළත් මේකේ ප්‍රධාන නළුවාගේ නම් රගපෑමට හොඳටම මදි බවයි, ඒ වෙනුවට ටිකත් තලතුනා පෙනුම ඇති මේකප් එකක් දාලා ඉෂාර වගේ පොරක් ප්‍රධාන නළුවාට ගත්තා නම් මීට වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බවයි මට හිතෙන්නේ.

    මොකද මධුර ජවනිකා, නෙයිනගෙ සූදුව කියපු ගමන් අපිට මතක් වෙන්නෙ "පළමුව අපි වැන්ඳ බුදුන්" කියල පටන්ගන්න ජෝන් කොතලාවලගෙ වික්‍රමයන් අමුතු නර්තනයකුත් එක්ක ගායනා කරන ජැක්සන් ඇන්තනීව. පස්සෙ කාලෙක මං දැක්කා ජැක්සන්ගෙ පුතා සජිතත් ඒක ඒ විදියටම අනුකරණය කරල හරිම හැඩට වැඩේ ඉදිරිපත් කරනව. හරියටම තාත්තා වගේම.

    ඒත් මේ ඊයෙ පෙරේදා දැකපු එකක් නිසා තමයි මං ඉෂාර ගැන මෙහෙම ලියන්න හිතුවෙ. පොල් කට්ටෙන් බොන්නේ, චූටි චූටි හිල් වගේ මෑතකාලීනව ජයප්‍රිය වෙච්ච වේදිකා නාට්‍ය ගීත වල රඟපානගමන් ඒ ගීත ගායනා කරන හොඳ හැකියාවක් පෙන්නන ඉෂාරට මං දැක්කා ලඟදි මේ නෙයිනගෙ සූදුව සිංදුව තියෙන වේදිකා නාට්‍යය රඟපාවන්න අවස්ථාවක් හම්බවෙලා තිබුන.

    ඒ නාට්‍ටියෙ නෙයිනගෙ සූදුව කොටස fb එකට දාලා තිබුන. ඉෂාර මෙතනදි මරු වැඩක් කරනව. ඒකතමයි මට කියාගන්න ඕන වුණේ. මේකෙ ජැක්සන්ගෙ කෑලිත් කරනගමන් මුගෙ අතිනුත් පොඩි පොඩි කෑලි දාන්න ට්‍රයි කරන බව පේනව. එහෙම්පිටින්ම වෙනම විදියකට කරානං තමයි හොඳ හැබැයි ඒක මගෙ පෞද්ගලික මතය. ඒ තරං රිස්ක් එකක් ගන්න බය නිසා වෙන්නැති පොඩි පොඩි හිච්චි වෙනසකට යන්න ගිහිං ආයිත් පරණ ජැන්ඩි සිංඤොටම එනව. බැලූ බැල්මට අපිට ඉන්නෙ ජැක්සන්ට ගොඩක් කිට්ටු ඒ තරං නටන්න බැරි වගේ එකෙක්.

    මෙතනින් මං යනව ලෝක සිනමාවට. ලෝක ප්‍රසිද්ධ බැට්මෑන් චිත්‍රපටියෙ එන ජෝකර් චරිතය මේ වෙද්දි නලුවො හයක් හතක් රඟපාලා තියෙනව. ඒ ඒ අය ජෝකර්ගෙ තියෙන මූලික හැඩයන් හැඟීම් ගති ලක්ෂණ තියාගෙන විවිධ විවිධ විදියට ඒ චරියට පණ දීල තියෙනව. හැබැයි අපිට මතක මුලින්ම ජෝකර්ට 1966 රඟපාපු Cesar Julio Romero, Jr. නෙවෙයි. ඒකත් මරු. හැබැයි මේ බැට්මෑන් ඉතිහාසයේ සිරාම ජෝකර්, එහෙමත් නැත්නං අද්විතීයම රංගනය එළියට ගන්නෙ 2008 ඒ චරිතය කරපු හීත් ලෙජර්. ඒක කිසිසේතම පරණ ජෝකර් චරිත එක්ක සංසන්දනය කරන්න බැරිතරං සංකීර්ණ ඉදිරිපත් කිරීමක්. එකම චරිතය වුනත් තමන්ට ආවේණිකව නිර්මාණය කරගන්න, ගොඩනගාගන්න පුලුවන්කම තියෙන්න අතිශයින්ම දක්ෂ කැපවුනු නළුවෙක්ට විතරයි.

    ඒක මතක් කලේ එහෙමත් ඒව වෙනව කියල පෙන්නන්න. අපේ රටේ එහෙම වෙලා තියෙනවද. හැමදාම අපි පරණ කරපු එකාට වඩා අලුත් එකාට බනිනව. කොහොමත් අලුතෙන් එන එකා පරණ එකාව කොපි කරනව මිසක් චරිතෙ තමන්ගෙ කරගන්න ට්‍රයි කරන්නෑ. විශේෂම දේ අපේ ප්‍රේක්ෂකාගාරාය එහෙම බාරගන්න තරං සූදානම් නෑ. පරිණත නෑ. විජය නන්දසිරි රඟපාපු චරිතයක් වෙන එකෙක්ට කරන්න බෑ කියන එක තමයි අපේ මතය. අඩුම තරමෙ ඒකට ට්‍රයි කලත් උට දෙනව රොටිවෙන්න. නිකමට හිතුවොත් අපේ රටේ සිංදුවක්වත් කලින් කියපු එකට වඩා හාත්පසින් වෙනස් විදියට ඉදිරිපත් කලොත්. බඩුම තමයි. ඕනතරං ඒකට උදාහරණ තියෙනව.

    මං මෙතනදි කියන්න උත්සහ කරන්නෙ කාරණා දෙකක්,

    එක,

    ලංකාවේ තරුණ නැගීඑන අලුත් නලු නිලියො දේවල් කරන්න බය වෙන්න හොඳනෑ. තමන්ගෙ හැකියාවෙන් චරිත ගොඩනගන්න වෙනස්වෙන්න ඉදිරිපත් කරන්න පටන්ගන්නෝන. ඒවගෙන් තමයි නියම නලු නිලියො මේ ෆීල්ඩ් එකට එන්නෙ. නැත්තං හැමදාම එකම පියර බබ්බු ටික ටීවී වල උඩපනියි.

    දෙක,

    ලංකාවේ ප්‍රේක්ෂකාගාරය මේක අත්දකින්න, රසවිඳින්න, වෙනසට ගරුකරන්න හිත හදාගන්නෝන. ලෑස්තිවෙන්නෝන. ඉඩ දෙන්නෝන. නැත්තං හැමදාම මේක මෙතනම තමයි.

    ප.ලි.
    ජැන්ඩි සිංඤො දිගටම සජිතට දුන්නොත් මේ පරම්පරාවත් ඉවර වෙනකල් ඒ චරිතෙ ජැක්සන්ගෙම නතරවෙයි. හැබැයි සජිත කියන්නෙ දක්ෂ නලුවෙක්. ඒකෙ දෙකක් නෑ. හැබැයි ඔහු මේ චරිතය කරද්දි වැඩිපුර එලියට එන්නෙ තාත්තගෙන් මිසක් ඔහුගෙන් නෙවෙයි. එහෙම වුනොත් ජැක්සන් එක්කම නොන්ඩි සිංඤොත් මැරිල යයි. හැබැයි හීත් ලෙජර් මැරුණට ඒ ජෝකර්ට තාම පණ තියෙනව. දැං Joaquin Phoenix ඒ බැට්න් එක අරන් දුවන්නෙ වෙනම රේස් එකක්. එතන තවදුරටත් හීත් නෑ. නළුවො හැදෙන්නෙ එහෙම. මේකයි මගේ අදහස මාතලන්

    ReplyDelete
  8. පක්ෂ දේශපාලනය ඕවර්ඩෝස් උනාම මේ වගේ අංගවිකල චරිත ඇතිවෙනවා.. 🤣

    ReplyDelete
  9. කැකිරාවේ සුදස්සන නමැති තක්කඩි පුද්ගලයාගෙන් ප්‍රවේශම් වන්න !!!

    කැකිරාවේ සුදස්සන නමින් පෙනී සිටින මෙම භික්ෂු වේශධාරී චීවරධාරියා ව්‍යාජ ලෙස කථිකාචාර්යවරයකු ලෙස පෙනී සිටිමින් කලක පටන් බෞද්ධයන්ගේ සිත් තුළට නොයෙකුත් දුර්මත ඇතුළු කිරීමේ කොන්ත්‍රාත්තුවක යෙදී සිටී.

    1)පිරිසිදු ථේරවාදී ධර්මය ලඝු කරමින් මිත්‍යාදෘශ්ටික මහායානයේ ඇති කරුණු අගය කොට සළකමින් ප්‍රකාශ නිකුත් කිරීම.

    2)බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ කාම සම්පත් මහත් අගය කොට සැළකීමට බෞද්ධයන් පෙළඹවීම හා ඒවාම ඉස්මතු කොට දැක්වීම

    3)"බුදුහාමුදුරුවො පන්සිල් දුන්නෙ නෑ,බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියෙ නෑ" වැනි සාතිශය අසත්‍ය හා ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කොට බෞද්ධයන් නොමග යැවීම

    4)බෞද්ධ විරෝධී හා අතිශය භෞතිකවාදී දේශපාලන පක්ෂයකට හේත්තු වී නිවට නියාලු දේශපාලනයක යෙදීම

    5)සෑම විටම භෞතිකවාදී අදහස් දැරීම

    6)බුදුරජාණන් වහන්සේ වෙත පමුණුවන පුද පූජා ආදී ආමිසයට ගැරහීම

    7)බෞද්ධයන් තුළ ශ්‍රද්ධා සීලාදී ගුණධර්ම පිහිටුවන පිරිසිදු සිල්වත් ගුණවත් සංඝයාට නින්දිත ලෙස අවමන් කිරීම

    8)'ගණිකා නිවාස නීතිගත කිරීම හොඳයි' වැනි සදාචාරවිරෝධී හා සමාජවිරෝධී මත ගොඩනැංවීම

    9)ගිහියෙකු මෙන් රැකියාවක් කරමින් ගිහිකමටත් නැතිව පැවිද්දටත් නැතිව මිච්චාආජීවයෙන් කල්ගත කිරීම

    10)බෞද්ධ විරෝධී YOUTUBEකරුවන් කිහිප දෙනෙකු හරහා ප්‍රසිද්ධ වීමේ හා views සිඟමනේ යෙදීමේ ව්‍යාපාරයක නිරත වී සිටීම
    හිස මුඩු කළ සියල්ලෝ පැවිද්දෝ නොවෙති

    තෙරුවන් සරණයි
    ✍️ Kalana Madhusha Amarasinghe

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න