.

.

Aug 23, 2025

රුබිකන්තරණය - Crossing the Rubicon

 


රුබිකන්තරණය

Crossing the Rubicon

➖➖➖➖➖➖⭕➖


සාලිය පීරිස්ගෙ fb post එකෙන් පස්සේ..... රුබිකන්තරණය ගැන හැමෝම කතා වෙනවා... 


සාමාන්‍යයෙන් මේක යෙදෙන්නේ.... දැන් ඉතින් ඉදිරියටම යාම මිස ආපසු හැරීමක් නැත... කියනෙකට....


කෙනෙක් හිතයි මේ තරණය මහා දෙයක් කියලා.... ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි වුනේ.... 


රුබිකන් කියන්නේ මහා ගංගාවක් හෝ තරණය කරන්න අපහසු ගඟක් නෙමෙයි.... එය ගංඟාවක් කිව්වට ඉතා පහසුවෙන් තරණය කරන්න පුල්‍වන් ගඟක්... මේක මේ කතාව හා ඒ හා බැඳුන චිත්‍ර වලින් හොඳින් පේනවා....


ඉතින් ඇයි මේක මේ මහා තරණයක් වුනේ... මේ රුබීකන් නම් ඉතා කුඩා ගඟ තමයි රෝම අධිරාජ්‍යයේ දේශ සීමාව.... ගෝල් දේශයේ සීසර්.... මේ දේශසීමාව තරණය කොට රෝම අධිරාජ්‍ය අත්පත්කර ගැන්ම තමා මේකෙන් කියවෙන්නේ....


ඒ හා බැඳුන කතා බොහෝමයි....


මේක සාලිය පීරිස් කියන්නේ..... රනිල් අත් අඩංගුවට ගැනීම හොඳ දෙයක්.... හොඳ දේශපාලන තීන්දුවක්....  හොඳ තීරණයක්... දැන් ඉතින් අනිත් අයටත් ගේම දෙනේකයි තියෙන්නේ කියනවා වගේ අදහසකින් කියලයි මට හිතෙන්නේ.....


මොකෝ එයාටත් ළොකු හිතේ අමාරුවක් තියෙනවා...... අරගලයේ වුන් කෙනෙක් හැටියට.... රනිල් අරගලේට ෂොට් එක දීපූ එකට.... මොකෝ අරගලයෙන් පසු රටේ නායකත්වයට එයාගේ නමත් යෝජනා වෙලා තිබුනා....


හැබයි බොහෝ දෙනෙක් නොදන්න දේ තමා අරගලය තුල රනිලුත් උන්නා කියනෙක....


ඉතින් මේ රනිල් සිරගත කිරීම අනුරෆෙ තනි වැඩක් කියලා මම හිතන්නේ නෑ... මෙතන රනිල්ගේ ටීම් එක හැර අරගලයේ උන්න සියලුම පිරිස ඉන්නවා....


ඊට දින කීපෙකෙට කලින්.... කාදිනල් බොහෝම සතුටෙන් අරගල භුමියේ තිබුන හෙඩ් ඔෆීස් එකට ඇවිත් ගියේ නිකං නෙමෙයි.... කාදිනල් හා රනිල් කියන්නේ නයයි පොළඟයි වගේ දෙන්නෙක්....


බොහෝ අය සුදා මරාගෙන කන්න ගියාට... මෑතක අනුර කුමාර පාර්මේන්තුවට ආව වෙලාවේ රනිල් ඇතුලට දාන බව කිව්වා....


ඒක දේශපාලනය නොදන්න ගොබ්බයින්ට තේරුනේ නෑ... 😁


ඒ හැර.... මේ පිටිපස්සේ ජූලී චන්ග් නෝනා වගේම..... ඉන්දියාවේ මෝදිත් ඇති කියන සැකය මට තියෙනවා... මොකෝ කොබෝල්ට් නිධිය ගැන රනිල් උන්නේ වෙනත් මතයක නිසා රනිල් හා මෝදි අතර වෛරයක් ගොඩ නැගුනා....


අනුරත් එක්ක ගහපු එක ගිවිසුමකින් අපේ ඛනිජ සම්පත් ඩැහැගැනීමේ අයිතිය ඉන්දියාව ලේසියෙන්ම පවරා ගත්තා....


කෙසේ හෝ ශ්‍රී ලංකාව... චීනය වගේ... චන්ද නැති, ඒක පාක්ෂික රටක් නොවුනහොත්... ( එසේ වීමට ඇති සම්භාවිතාවය ඉතා ඉහළය) මේ කතන්දරයට වෙනත් අර්ථයක්ද එක්වීමට ඇත.... 😁


ඔය හයි වේ එකේ යනකොට බෝඩ් එකක් තියෙනවා No stopping or turning කියලා....

මේ කියන්නෙත් ඒකම තමා.....

 

උපුල් සාන්ත සන්නා පොතකුත් ලිව්වා මේ නමින්.... ඒකේ නම වුනේ...


No Stopping or Turning Back


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑම්ස් හොඳේ ....


#මාතලන්

2 comments:

  1. මිනීමරු කුහක ජේවීපීකාරයෝ දුටු තැන පිළිකුල් කරන්න ඕනී

    ReplyDelete
  2. රනිල් හාමු හිටි හැටියෙම දැම්මයි ඇතුලට අල්ලා
    නීතිය කාටත් පොදු වෙයි සත්තයි දෙයියම්පල්ලා
    වැලිකඩ ඉන්නා සිර කරුවනි හනිකට නැගිටිල්ලා
    කොලු සක්විති ඔහෙට වඩියි ෆුක බේරන් දුවහල්ලා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න