.

.

Jul 24, 2022

ඩිප්ලොමැට්ටියෙකුට ප්‍රොටෝකෝල් කියාදුන් රනිල්..


ලංකාවේ ජනපති ලෙස උන්නේ යුද්ධය ජයගත් මහින්දගේ කීර්ති නාමයත් පීචං කළ ජනාධිපතිවරයෙක් බව දැන් මුලු ලෝකයම දන්නවාය. හුජ්ජා කොල්ලන්ට බියේ පැනගිය වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී විධායක ජනාධිපතිවරයෙක් ලෝකයේ ඉන්නවාදැයි මා දන්නේ නැතිය. (ඒකාධිපති පිස්සෝ නම් කීප දෙනෙක්ම ඉන්නවාය)

උන්නැහේගේ ඔය ඕවර් ඩෝස් ප්‍රජාතන්තරවාදේ නිසා, ගෑණුන් විසින් උන්දැව දර මිටි බඳින්නට ගන්නා බව අප කිව්වේ, පිස්සු හෝන්තුවක් වන මෙත්තිකා විතානගේගේ බයිලා වලට නටන්නටත් කලින්ම ඉඳලාය.

ඒ කිව්වා වගේම, ඇමරිකාවේ සිට පැමිණි අළුත් ඇම්බැසිඩර් ජූලී චන්ග් නෝනා එම්බසියේ කෑවායින් පස්සේ ඩෙසර්ට් එකට ගත්තේ ඝෝඨාය. ඝෝඨා බය කරන්න ඇමරිකාවේ ඉන්නා ලොකු ලොකු ඩොප්ලොමැට්ටලා මැට්ටිලා ඔක්කෝම ගෙනත්, ඝෝඨාගේ ඔලුවට අත හේදුවේය. කොටින්ම ඝෝඨාගේ අවසන් සති කීපයේ රට පාලනය කළේ ඝෝඨා නොව ජූලී චන්ග් නෝනාය.

එයාලාගේ ප්ලෑන් එකේ පළමු පියවර හෙවත් ඝෝඨා එලවා දැමීම සාර්ථක වුවත්, දෙවෙනි වැඩේ උන්දැට ඕන විදියට කරගන්න පාර්ලිමේන්තුවේ පෝට්ටු බයියෝ ටික ඉඩ දුන්නේ නැතිය. උන් ජූලී චන්ගේ නෝනාගේ රූකඩ වූ, සජිත් හා ඩලස්ලාට රෙද්දේම රෙවෙන්න දී තනි අලියා ලංකාවේ ජනාධිපති කළේය.

 හිතේ අමාරුවෙන් උන් ජූලී චන්ග් උන්දෑ, ඇමරිකාවේ CIA ලොක්කා ලවා ලංකාවට කෙලවූයේ චීන ණය නිසා යැයි කියා පත බොරුවක් අත ඇරුයේය. ඇමරිකාවෙන් දෙන ඕන දිරච්ච ලණුවක් ගිලින්න බලාගෙන ඉන්නා, පරාජයෙන් වියරු වැටි සිටින ජඩමාද්දියවේදියෝද, බුකි මාද්දියවේදියෝද මෙය උඩ දමාගෙන ගැහුව අතර, මේ එක හාල්පාරුවෙක්කත් ලංකාවේ චීන ණය ප්‍රමාණය, ජපන් ණය ප්‍රමාණයටත් වඩා අඩු බව දැන උන්නේ නැතිය.

අඬන්න බලාගෙන උන් ජූලී නෝනාට උඩ පැන පැන අඬන්න පින පෑදුනේ, රනිල් වැඩ බාරගත් දිනම මහ රෑ ජනාධිපති ලේකම් කාර්‍යලය බලෙන් අල්ලාගෙන උන් ත්‍රස්තවාදීන්ට නෙලීමෙන් අනතුරුවය. එයා නැව් ගුටි නිමවෙන්නටත් කලින්, කුකුලා කක්කා ඩුඩුල් ඩූ කියන්නත් කලින්, ට්වීට් තුනක්ම දමා කිව්වේ, ගෝල්ෆේස් එකේ ඉන්න බබාලාට උයියා කරන්නට එපා, ඒක ගැන එයා මාර විදියට කන්සර්න්‍ය කියලාය. ඒ කියන්නේ රනිල් ඔයා පිස්සු නම් කෙලින්න යන්න එපා, අයි ඈම් ඒ නෝටී ගර්ල් කියලාය.

මේකෙන් උද්දාමයට පත් ෆේස්බුක් හාල්පාරුවෝ... හානේ බලන්නකො අනේ... රනිල් පටන්ගන්නකොටම නාගන්නනේ යන්නෙ අනේ.... එයා ජාත්‍යන්තරයෙන් කොන් වෙලා නේ  . තාම කවුරුත් එයාට විෂ් කලෙත් නෑ නේ... කිස් කලෙත් මෛත්‍රී නෝනා විතරනේ.... එයා ඩිප්ලොමැටික් දන්නෙත් නෑ නේ..... ප්‍රොටෝකෝල් දන්නෙත් නෑ නේ... කියා, රනිල්ට ඒවා කරනාකාරය ගැන ලැක්චර්ස් දුන්නේය.

හැබැයි ජූලි චන්ග් නෝනා වගේම මේ හාල්පාරුවොත් නොදැන උන්නේ, ජේ ආර් ගෙන් හා පියානෝගෙන් දේශපාලනය හදාරා, වසර 45 ක ඇක්ස්පීරියන්ස් ඇති රනිල් උන්නැහේ, ඩිප්ලොමැටික් ඉතරක් නොව පොලිටිකල් ඇරිත්මැටික් වලත් කෙල පැමිනියෙක් බවය.

වහ වහාම ඊයේ ඩිප්ලොමැට්ටෝ හා මැට්ටියන්ගේ රැස්වීමක් කැඳවූ රනිල් උන්නැහේ, පුද්ගලයෙක් නම් නොකර හීනියට සියල්ලන්ටම කියා ඇත්තේ, 

⭕ මීට පස්සෙ අපේ රටේ ප්‍රශ්ණ ගැන ට්වීට් ගගනවා නම්, සිද්ධිය පිළිබඳ වගකිවයුතු පාර්ෂව වලින් විමසීමෙන් පසුව වගකීමකින් ඒවා කරන ලෙසත්, 

⭕ තමුන්ගේ රටේ ජනාධිපති ලේකම් කාර්‍යාලයට, මර්මස්ථානවලට මෙහෙම දෙයක් උනොත් කරන්නේ බකං නිලාගෙන රිලව් නලවන එකද කියාත්, 

⭕ මොවුන්ට ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් පිටවන ලෙස ඉල්ලා සිටී මුත්, ඔවුන් එය ප්‍රතික්ෂේප කරමින් කල් මැරූ බවත්, ඇමරිකාවේ කැපිටල් බිල්ඩිම ආක්‍රමණය වෙලේ සිඳුවූයේ කුමක්ද කියාත්‍ය.

එයින්, ජූලි චන්ග් නෝනට රෙද්දේ රෙවුනාද කියන්න දන්නේ නැති නමුත්, මේ ඉන්නේ ඝෝඨා වගේ හාල්පාරුවෙක් නොවනා බව නම් අනිවාර්‍යයෙන් ඉගෙන ගන්නට ඇතිය.

හායි හූයි ගෑ අපේ හාල්පාරුවන්ට නම් මට කියන්න තියෙන්නේ, රනිල් දුන්නේ නියමම ගේමක් බවය. බැරි වෙලා හෝ අරුන් යනකන් උන්නා නම්, ලෝකයම හිතන්නේ මෙයත් අරයා වගේම හාල්පාරුවෙක් බවත්, රට පාලනය කරන්නේ අරගල හිඟන්නෝ බවත්‍ය.

රනිල්ගේ ගේම කෙතරම් සාර්ථකද යත්, අපේ හිතවත් සී ජින් පින් මහතාගෙන් හා චීන ජනතාවගෙන් සුභ පැතුම් එන්නේ ඉන් අනතුරුවය. උන්නැහේ කියලා තියෙන්නේ අපි ෆුල් සප් එක දෙනවා කියලාය. රනිල් ඒ වැඩේට ඉන්නා සොලිඩ්ම බඩුව දාලාත් අහවරය.

ලෝක නායකයෝත් ඉන්වෙස්ටර්ලාත් ඉල්ලන්නේ ඝෝඨා වගේ පීචං පොරවල් නොව, ජේ ආර්, රණසිංහ ප්‍රේමදාස, මහින්ද වාගේ කොන්දක් ඇති නිර්භීත නායකයෝය. ආධාර හා ඉන්වෙස්ට්මන්ට් එන්නේ රට ස්ථාවර කළ හැකි නායකත්වයක් හා ආන්ඩුවක් තිබුන විටය.

ජේ ආර්ගේ කාළයේ රාජ්‍ය සේවකයින් රැකියාවල් වලින් එලවා, යූනියන් කාරයන්ට, කලාකාරන්ට, ඝනයාට  එලව එලවා ගහද්දි, ආයෝජකයෝ වැල නොකැඩී ආවේත්, මහවැලියට හා අනෙකුත් සංවර්ධන වැඩ වලට ආධාර ආවෙත්, බබා හුකුං කරන්න ගිය නිසා නොවේය.

දකුණේ ත්‍රස්තවාදීන් අමානුෂික ලෙස සුනු විසිණු කර දැමූ කෲර පාලකයකු වූ ප්‍රේමදාසට, ඉන්පසු රට ගොඩනැගීමට ආධාර හා ඉන්වෙස්ට්මන්ට් ගලාගෙන එන්නේත්, ඇඟළුම් කර්මාන්තය රටේ ප්‍රධාන ආධායම වන්නේත්, රාජ්‍ය නිළධාරීන් තියා එකෙක්කත් පයිසෙකට මායිම් නොකල නියම නායකයකු වූ නිසාය.

ඉන් පසු කොටින් හා දීග කමින් සිට ප්‍රභා බේරාගන්නට ආ ඩේවිඩ් මිලිබෑන්ඩ් හා ප්‍රංශයේ කුෂ්නර් කාරයා ඇඹිලිපිටියට ගෙන්වා, පරිප්පු එක්ක ආප්ප දී, මේක තව දුරටත් තමුසෙලාගේ යටත් විජිතයක් නොවන බවට හොඳට මතක හිටින පාඩමක් කියා දී, යුද්ධය නිම කළ නිසාවෙන්, රටවල් සෑහෙන ප්‍රමාණයක් ආයෝජනය කිරීමට එන්නේත්, ආර්ථිකය බලා සිටියදි ගොඩ යන්නෙත් එවන් නිර්භීත නායකත්වය නිසාය.

එමෙන්ම ගුණත් නැති අගුණත් නැති සැටලයිට් නෝනා, පඹ සිරා හා ඝෝඨාගේ කාලයේ බව්වෙක් වත් මේ පැත්ත පලාතේ නොඑන්නේත් ඇයි කියා දැන්වත් දැණුම් විය යුතුය...

ඒ නිසා ජූලී චන්ග් නෝනාටත් අපේ හාල්පාරුවන්ටත් කියන්නට තියෙන්නේ, රනිල්ට පොඩ්ඩක් කරගන්නට දී අයිනක් අල්ලගෙන බලාගෙන ඉන්ටෙයි කියලාය.

නාගන්නා එක හෝ ගොඩ යන එක රනිල්ගේ වැඩක් මිස අපේ වැඩක් නොවේය...


ඒ වගත් මෙසේය.....

.

By - මාතලන් යකා

46 comments:

  1. හරි බං එල. දැන් ඇමරිකාව ජුලි නෝනව ආපහු ගෙන්න ගනී නේද? බයියන්ට ආතල් ඇති දැං ඒ රනිල් ඇමරිකාවටත් ඩිප්ලොමැටික් ප්‍රොටොකෝල් ඉගැන්නුව කියලා.

    ReplyDelete
  2. මහත්තයා මේක ඉංග්‍රීසියෙන් දාන්න බැරිද ඔය ගෑනිටත් පේන්න.

    ෆේස්බුක් එකෙත් දාමු ඇමරිකන් එම්බසි එකෙ.

    ReplyDelete
  3. ජනපති රනිල් ඇමරිකා තානාපතිට ඇමරිකා නීතිය කියා දෙයි.. ලංකාවේ ව්‍යවස්ථාව උගන්වයි..

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට රැඳීසිටින විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් කිහිපදෙනෙක් හමුවී තිබේ.

    එහිදී ජනා‍ධිපති ලේකම් කාර්යාලයේ රැඳීසිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ යෙදවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇත.

    එම හමුවට අමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් මෙන්ම මෙරට යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතයින්ද එක්වී සිටි බව වාර්තා විය.

    මෙරට නීතිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මියද අදාළ හමුව සඳහා සහභාගී වී තිබේ.

    එහිදී අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තමන් කණස්සල්ල පළකරන බවය.

    ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබුණේ, අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල එරට විරෝධතාකරුවන් පිරිසකගෙන් මුදාගැනීම සඳහා අමෙරිකානු නීතියට අනුකූලව එරට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවේදී මේ ආකාරයටම බවය.

    ජනාධිපති ලේකම් කාර්යාලය මෙරට ප්‍රධාන පරිපාලනමය ගොඩනැගිල්ල වන අතර ඉතා වැදගත් ලියකියවිලි රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පවතින බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

    එමෙන්ම 14,16 සහ 21 යන දිනවලදී විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වන ලෙස පූර්ව දැනුම්දීම් සිදුකර තිබුණද පෙරදින අලුයම 6ට එම පරිශ්‍රයෙන් පිටත්වීම ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන් පස්වරු 2වන තෙක් කල් ඉල්ලා සිටි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

    නමුත් එලෙස දිගින් දිගටම කල් ලබාදීමට හැකියාවක් නොමැති පසුබිමක රටේ නීතියට අනුකූලව පොලීසිය සහ ආරක්ෂක අංශ යොදාගෙන විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

    තමන් වැඩබලන ජනාධිපතිවරයාව සිටියදී තම පෞද්ගලික නිවස ගිනිබත් කළ අවස්ථාවේ කිසිදු පාර්ශ්වයක් ඊට විරුද්ධත්වය පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් නොකිරීම සම්බන්ධයෙන්ද තමා විමතියට පත්වන බව ජනාධිපතිවරයා තානාපතිවරිය හමුවේ පවසා ඇත.

    එහිදී කැනේඩියානු මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද සිය විරෝධය දක්වමින් නිවේදනයක් නිකුත් කර ඇති බවය.

    තමා මෙන්ම මෙම සාකච්ඡාවට සහභාගී වන විදේශ කටයුතු ඇමතිවරයා ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින් වන අතර එය නීතීඥ සංගමයේ සමස්ත මතය නොවන බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

    නමුත් එය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති සාලිය පීරිස් මහතාගේ මතය විය හැකි බවද ජනාධිපතිවරයා පැවසූ බව වාර්තා වෙයි.

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාදාමයේ සාමාජිකයෙකු ද වන තමන් සෑමවිටම කටයුතු කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූලව බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

    ReplyDelete
  4. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් ඇන්ටි අවුරුදු 17-22 අතර වගේ නාඹර කොල්ලොන්ට ආසා අවුරුදු 49 ක ඇන්ටි පාරක්.

    එකී WHA වැඩ කරේ මාස තුන හතරයි ඔය සීන් කෝන් හෙළි වෙලා. ඊට පස්සේ ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඒකිව පහත හෙලුවා තුන්වැනි පන්තියේ රට වල සේවයට.

    දැන් ඉතීම් මෙහෙ ඇවිත් පාර්ට් දානවා අපිට, ඒකිගේ ඊළගට තියෙන ප්‍රොමෝෂන් එකට වැඩ කරගන්න.

    ඔය ලංකාවෙ ඉන්න තානාපතිලා වැඩි හරියක් සුදු හාල්කෑලි බං.ඊළඟ ප්‍රමෝෂන් එකට ඕවරැක්ටිං ඕකුන් අදහන උඹලට ජේසු පිහිටයි.

    ReplyDelete
    Replies
    1. @ 6.51 AM

      ඔය තානාපති කට්ටිය සෙට් එකම බොරු බයිලා ගහනවා වගේ නේද පේන්නේ? උන්ගේ න්‍යාය පත්‍රයට අනුව හොඳටම කරන්න පුළුවන් එකාට තමයි උන්ගේ සහයෝගය ලැබෙන්නේ අනිත් ඒවා නිකන් බොරු බයිලා විතරයි

      ඔය tweet එහෙම මෝඩයින් ෆෝම් කරන්න ගහපු බයිලා ටිකක් විතරයි

      Delete
  5. මාතලන්

    මරුවට ලියලා තියෙනවා කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත

    ලංකාවේ මෝඩ මීහරක් වහන්සේලා හැමෝටම ඕන අනුන්ව වෙනස් කරන්න. එක එකාට ඕන විදිහට තමන්ගේ වාසියට සිස්ටම් චේන්ජ් කරන්න. තමන්ගේ වාසියට හැම දෙයක්ම වෙනස් කරන්න බැරි නම් ගහලා හරි මර්දනය කරන්න. අපේ කෙනෙකුට ගැහුවොත් ඒක අවුලක්, අපේ උන්ට ගහපු උන්ගෙන් පලිගන්න ඕනෑ කියලා මැරෙන්න හදනවා. හැබැයි ඒ විදියටම අනිත් මතය දරන කෙනෙකුට ගැහුවොත් ඒක මහා වීරකමක්. අපි විතරක් බුද්ධිමත්. අපි විතරක් ප්‍රගතිශීලි. අනිත් අදහස් දරන උන් සේරම මුග්ධයි. උන් ප්‍රතිගාමීයි. අපි ආගමික විදිහට මතවාද පක්ෂ බදාගත්තට අපි විතරක් නිදහස්. අනිත් මතයක් දරන උන් ඒ මතය වෙනුවෙන් පෙනී සිටීම වහල්කමක්. අපි ලියන්නෙ, වැඩ කරන්නෙ, හුස්ම ගන්නෙ පවා රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන්. අපිට ප්‍රතිවිරුද්ධ අදහස් දරන උන් ලියන්නෙ හිතන්නෙ කුලියට. මුදලට. වහල්කමට, අපි ස්වභාවයෙන්ම සාධාරණ සහ සත්ගුණවත්. වෙනත් අදහසක් දරන උන් ස්වභාවයෙන්ම දුෂ්ටයි, දුර්ගුණයි.

    මේ නිසා අපි අනෙකාව සම්පූර්ණයෙන්ම අපට ඕන විදියටම වෙනස් කරන්න ඕන. අපි හිතන විදිහට හිතන්න ඌ මත උපරිම බලය පාවිච්චි කරන්න ඕන. එහෙම නැත්නම් උගෙන් පළි අරගෙන ආව මර්දනය කිරීමට කටයුතු කළ යුතුයි ඒක තමයි අද අපි දකින දේශපාලනය. අනෙකා වෙනස් කරන්න හදන තමන් තව කෙනෙකුට අනුගමනය කරන්න ආස හිතෙන තත්වයක් හෝ ගුණයක් නිරූපණය කරනවද කියන එක කාටවත් අදාල නෑ.

    අපි හොයන්නෙ සමානකම් නෙමෙයි. වෙනස්කම්. අනෙකාගෙන් වෙන්වීම තුල තමයි අපි ප්‍රබුද්ධ වෙන්නෙ. අපිට උවමනා පාලම් නෙමෙයි බලහත්කාරයෙන් බඳින තාප්ප. ඒ තාප්පය ගොඩනැගීම තමයි වීරත්වය වෙන්නෙ. කරමින් ඉන්නෙ ප්‍රතික්‍රියා දැක්වීම් විතරයි. කිසි දෙයක් අලුතෙන් සාධනීයව නිර්මාණය කිරීමේ අදහසක් නෑ. නිශේධනාර්ථයන් තමයි වඩා ශ්‍රේෂ්ඨ විදිහට හඩ නැංවෙන්නෙ.
    සාධාරණත්වය යුක්තිය කියල අද අපි කතා කරන මූලික පිලිගැනීම්ම ඒකපාර්ශ්විකයි. ඒවා ස්වාධීන නෑ.

    'මට ඔබ වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, මට කළ හැක්කේ මා වෙනස් කරගැනීමට මහන්සි වීම පමණයි. ඔබට මා වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, ඔබට කළ හැක්කේ ඔබ වෙනස් කරගැනීම පමණයි'

    -රාම් දාස්.

    ReplyDelete
  6. ඔය පින්තූරෙ ඉන්නේ උඹද?

    සේපාල් මහත්තයනම් කිව්වේ රනිල් කියන්නේ පොන්ස් කෙනෙක් කියලා. මම චෙස් ගැන දන්නෙ නෑ.

    ReplyDelete
  7. ලංකාවේ 2022 protests හරහා රෙජීම් චේන්ජින් අරගලය කරගෙන යන්න මූලික වශයෙන් අවශ්‍ය සංවිධාන කටයුතුවලට සහ සියලු පහසුකම් වලට විශාල වශයෙන් මූල්‍ය ආධාර ලබා දෙමින් අරගලකරුවන් වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක ආධාර උපකාර ලබාදීම් සිදු කළේ ඩයස්පෝරාවෙන් බව ලංකා 2022 අරගලය ක්‍රියාත්මක කිරීමට ලංකාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ එකතුවේ නියෝජිතයින් වෙනුවෙන් රංගන ශිල්පිනී දමිතා අබේරත්න ලංකාවේ
    සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශයක් නිකුත් කළා.

    ඇය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ඩයස්පෝරාව යනු පිටරට ඉන්න අපේම ජනතාවක් බවයි.

    ‘ඩයස්පෝරාව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති මිනිස්සු තමයි අපිට මේ පහර ගහන්නෙ. සිංහල ඩයස්පෝරාව, දමිළ ඩයස්පෝරාව වගේම පිටරටවල ඉන්න අපේම ජනතාවටත් ඩයස්පෝරාව කියල තමයි කියන්නෙ. මේ අරගලය අරගෙන යන්න අපිට සියලු මූල්‍ය අනුග්‍රහය ලබා දෙමින් විදේශ රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල වලත් සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය කාර්යයන් කළේ ඒ මිනිස්සු. ඒක මට පුද්ගලිකව කරපු උදව් විතරක් නෙවෙයි සියලුම ස්පොන්සර්ශිප් සහ පූර්ණකාලීනව අරගලය ක්‍රියාත්මක කළ කණ්ඩායම් වලට මාසිකව දීමනාවක් ලබා දීමට කටයුතු කිරීම විදේශ ආයතන හරහා සියලුම පහසුකම් අවශ්‍ය කොන්ත්‍රාත් ලබා දෙමින් කළමනාකරණ සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය ස්මාට් ෆෝන් ලැප්ටොප් පරිගණක පහසුකම් ටැබ් සහ වෙනත් තාක්ෂණික උපකරණ ලබා දීම, විදුලි ආලෝකකරණය සහ ටෙන්ට් වලට අවශ්‍ය උපකරණ, කැමරා මයික්‍රෝ ෆෝන් ලබා දීමත් ඇමරිකන් එක්සත් ජනපදයේ සහයෝගය මත ෆේස්බුක් ස්පොන්සර්ශිප්ස්, යූ ටියුබ් කරුවන්ට මිලියන ගණනක් දීමනා ලබා ගැනීමටත් පිටරටවලින් වගේම ලංකාවේත් මේ ගැන හැඟීමක් තියෙන මිනිස්සු අපිට උදව් කළා. තවමත් ඒ දේවල් කරනව. ඒ වෙනුවෙන් ඔවුන්ට සම්පූර්ණයෙන්ම අපේ ස්තූතිය පුද කළ යුතු බවත් ඇය සඳහන් කළා

    ReplyDelete
  8. අයිසේ මාතලන්

    මම ලංකාවෙ ඉන්න දුප්පත් අහිංසක මිනිස්සු බෙහෙත් නැතුව මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට බැරුව කට්ට කන නිසා ඒ ගැන දුක හිතිලා මගේ ෆේස්බුක් එකේ මම ලංකාවට සල්ලි යවපු ස්ලිප් එකක් එක්ක ලංකාවට ඩොලර් එවන්න motivate වෙන විදිහට පොඩි විස්තරයක් එක්ක දැම්මා. ඒ ටිකට රනිල් එක්ක ඩීල් එකක් තියනවලු අපිට. 😂 හත්දෙයියනේ මේ මිනිස්සුන්ට කොහොම තේරුම් කරන්නද? 🙆 මේ අහපල්ලා.. රනිල් යන්න ඕනි. ඒකේ ආයේ කතා දෙකක් නැහැ. ඒත් බහුතරය තියෙන පොහොට්ටුව රනිල්ට උදව් කල නීසා රනිල් ව්‍යවස්ථාවට අනුව ජනාධිපති වෙනවා. ඉතින් ඒකට අපි මොකද යකෝ කරන්නේ? එහෙමයි කියල අපි ඩොලර් ඒවන්න් නැතිව හිටියොත් හරියනවද? අද මහා බැංකු අධිපතිතුමාගේ කතාව අහුවද? තව ටික දවසක් මෙහෙම ගියොත් රට වහන්න වෙනවලු. ඒ නිසා අපි කොච්චර අකමැති වුණත් පොහොට්ටුවේ සහයෙන් රනිල් ජනාධිපති වුණ එකට අපිට කරන්න දෙයක් නැහැ. අපිට විසඳුම් ගන්න වෙන්නේ මේ පාර්ලිමේන්තුවෙන්මයි. එහෙම නොවෙන්න අපිට කරන්න පුළුවන් බලපෑම කරමු.

    දැනටමත් රනිල් ජනාධිපති වුණත්, නැවත පහුගිය දූෂිත දේශපාලකයන් කටයුතු කළ ආකාරයට දේවල් සිද්ධ නොවෙන තැනට මේ පාර්ලිමේන්තුවෙන්ම නීති සම්පාදනය කරන්න බලා කරමු. එහෙමත් නොවුනොත් අපිට අවශ්‍ය විදිහට නීති වෙනස් කරන සෙට් එකක් ඊළඟ පාර ගේමු. හැබැයි ඊළඟ පාර එහෙම සෙට් එකක් ගෙන්න හරි රටක් ඉතුරු වෙන්න ඕනි. එතකන් ඩොලර් නොඑවා හරියන්නේ නැහැ. පුළුවන් තරම් ඩොලර් ගේමු.

    මම නම් එදා වගේම අරගලයට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. රනිල් විතරක් නෙවෙයි ඊට පස්සේත් කවුරු හරි අවශ්‍ය විදිහට වඩා කරන්නේ නැත්නම් ඒ හැම කෙනෙක්ටම විරුද්ධව අපේ තරුණයන්ට වෙන්න ඕනි සිස්ටම් චේන්ජ් එක වෙනස් වෙනකම් මම මේ අරගලයට සහයෝගය දෙනවා.

    එහෙම නැතුව රනිල් ඉන්න නිසා අපි සල්ලි එවන්නේම නැහැ

    සජිත් ප්‍රේමදාස ඉන්න නිසා සල්ලි එවන්නේ කොහොමද? අනුර කුමාර මට පේන්න බෑ ඒ නිසා ඌ ඉන්නකොට සල්ලි එවන්නේ නැහැ කියලා බැන බැන හිටියොත් මොකද වෙන්නේ?

    ReplyDelete
  9. මාතා උඹේ ඔය කතා එක්ක එකඟයි ජුලි චං කියලා කියන්නේ තාවකාලික අසයින්මන්ට් එකකට ලංකාවට එවපු මළ හෝන්තුවක්, කලින් ලංකාවට ගොඩක් වෙලාවට එව්වේ ඉන්දීය සම්භවයක් ඇති ඇමරිකන් තානාපතිවරුන් හරියට අතුල් කේෂව් වගේ, නමුත් මේ සැරේ බෞද්ධ සම්භවයක් ඇති ඔය ගෑනි එවලා තියෙන්නේ බෞද්ධයන් නවලා ඇමරිකන් හිතවාදී ස්ථාවරයකට ගේන්න ඇමරිකන් කාරයෝ උන්ගේ ඇජෙන්ඩා එක ඉන්දියාවේ සහයෝගය සහිතව කරගෙන යනවා තව ටික දවසකින් වෙන කෙනෙක් ලංකාවට එවයි තව ප්ලෑන් එකක් සහිතව, නමුත් මම කියන්නේ වෙන දෙයක්.

    තව මේ වගේ මම ලඟදි ගත්ත අත්දැකීම් තුලින් එක කතාවක් කියන්නම්.

    අපි අරගලය කරගෙන යද්දී ඒකට දේශීය වශයෙන් ආධාර ලබා ගැනීමට
    JVP කෙනෙක් (ඇත්තටම 1971 JVP කරපු හිරේ ගියපු පොහොසත් පවුලක කෙනෙක්), දැන් ව්‍යාපාර කරගෙන හොඳින් ඉන්න "සහෝදරයෙක්" වෙතට ලඟකදී ගිහින් තියෙනවා පක්ශයට ආධාර එකතු කරන්න. එයා සතපහක් නොදී කියලා තියෙනවා 71, 89 කෙසෙල් ගෙඩිය කාපු උන් එලියට බැහැලා මැරුනා, නමුත් කෙසෙල් ලෙල්ල කන කවුරුවත් එලියට බැස්සේ නෑ, ඒ විතරක් නෙමේ පාවාදීමත් වැඩියෙන් උනේ ලෙල්ල කාපු උන්ගෙන්, ඒ නිසා, ලෙල්ල කනඑකා එලියට බහිනකන් ආයෙ පන්ති සටන් වලට එයා නෑ වගේ කතාවක්. අන්තිමට අපට උදව් කළේ එක්සත් ජාතික පක්ෂයේ ව්‍යාපාරික ප්‍රජාව, කතෝලික සභාවේ දායක අනුග්‍රාහක භවතුන්, කොළඹ ආනයන ආශ්‍රිත ව්‍යාපාර කටයුතු කරන මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධාන සහ උග්‍ර රාජපක්ෂ විරෝධී කණ්ඩායම් තමයි බොහෝ දුරට. ඒත් ජවිපෙ හිතවතුන් අපට සත පහක් වත් සහයෝගයක් දුන්නේ නැහැ

    විදේශ ආධාර උපකාර වලින් 90% ක් විතර ඇදගෙන ගියත් දේශීය ආධාර වැඩසටහන් එච්චරම සාර්ථක උනේ කෑම බීම ලබාදීම වගේ මූලීක කාරණා වලදී විතරයි

    ඒකයි මම හිතුවේ මෙහෙම යමු කියලා. මේ ඇති මං හිතන්නේ.

    ReplyDelete
  10. කොයිම දේත් ඕනෑවට වැඩිය ඕනෙ නැහැ කියන්නෙ ඕක තමයි. ගෝට කලේ ගහන්න ගහන්න වැදගෙන හිටිය එක. රනිල කලේ ගහන්න කලින් හොම්බට දෙකක් ඇනල උන්ට තේරෙන බාසාවෙන් උත්තර දෙන්න කටයුතු කරපු එක. රටක වැඩක් කරන්න දෙන්නැති උන්ට ඔහොම තමයි සලකන්න ඕන. ගෝඨාභය කියන මිනිහ තමයි මේ රට කෑවේ. දැන් ඇමරිකන් ඇම්බැසඩර් කෝලම ලංකාවේ පාලනයට ඇඟිලි ගහනවා හොඳටම වැඩියි ඕකිට ඔහොම තමයි ඉතින් උත්තර දෙන්න ඕන වෙට්ට පාසිට ලංකාවේ පාලනය ඇමරිකන් කාරයින්ගේ ජාතික ආරක්ෂාවට හානියක් නොවී අපට ඕන විදියට කරගන්න නිදහස තියෙන්න ඕනේ මොකද මේක උන්ගේ යටත් විජිතයක් නෙවෙයි නේ ඔය වෙඳුරු පාසිට ඕක තේරුම් කරල දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි සේරටම කලින්

    ReplyDelete
  11. මේකෙ කමෙන්ට් දාලා තියෙන්නෙත් මාතලන් ම වෙන්නැති. එහෙම නැත්නම් මේ කමෙන්ට් දාලා තියන පොල් කාවයියන්ට කියන්න තියෙ මෙච්චරයි. යකෝ තෙල් ටිකක් ගන්න සල්ලි නැති වුනාට තොපි හදන්නේ ඇමරිකන් ජුලි නෝනට පාඩම් උගන්නන්න. තොපි දන්නවද අපේ කෙල්ලෝ මැරීගෙන මහන ඇඳුම් වැඩිම ප්‍රමාණයක් ගන්නෙ ඇමරිකාව කියලා. බයියො රනිල්ගෙ යම් පාලනයෙන් රච,ජාචිය,ආගම බේරගන්න කොහෙද හිටපු හාල් පාරුවෙක්ට චන්දෙ දීලා ජනාධිපති කර ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? රනිල් තොපිට ඇරිය නේද .

    ReplyDelete
    Replies
    1. හරකෙක් උනාට තප්පු ලන්න එපා, ඇමරිකන් එක්සත් ජනපදය කියලා කියන්නේ free market economy හෙවත් නිදහස් වෙළඳ පොළ ක්‍රමයක් සහිත ආර්ථිකයක්, democracy මත පදනම්ව ඇති භාෂණයේ නිදහස (Freedom of speech), මානව හිමිකම් පිළිගත් නීති පද්ධතියක් ඇති ඊටත් වඩා federal හෙවත් සන්ධීය රාජ්‍යයක්

      අපට මෙන්ම ඕනෑම අයෙකුට ඇමරිකන් එක්සත් ජනපදයේ Federal රජය, state governments වගේම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තානාපති වරු වැනි නිලධාරීන් කරන කියන දේවල් ඕන තරම් විවේචනය කරන එක සඳහා නිදහසක් තියෙනවා ඕන නම් තානාපති නිල සමාජ ජාල වෙබ් අඩවි වල පවා විවේචනය කරමින් කමෙන්ට් දාන්න පුළුවන් මම වර්ජිනියා වල ලාංකීය සම්භවයක් ඇති ඇමරිකානු පුරවැසියෙක් වශයෙන් මෙන්ම ලොව පුරා වෙසෙන ඕනෑම කෙනෙකුට ඇමරිකානු රජය විවේචනයට ලක් කරන්න පුළුවන් කොටින්ම ඇමරිකානු සිනමා නිර්මාණ ටීවී සීරීස් වල පවා ඇමරිකන් එක්සත් ජනපදයේ ආයතන විවේචනය කරන එක දකින්න පුළුවන්

      ලංකාවටත් වඩා ඉදිරියට ගිය අධිකරණ තීන්දු පවා සංවාදයට සහ කොන්දේසි සහිතව විවේචනය කළ හැකි නීති පද්ධතියක් ඇති රටක් ලෙස එක්සත් ජනපදයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ නීති පද්ධතිය ගැන හදාරලා ඔය දේවල් කියනවා නම් හොඳයි නේද?

      අපි විවේචනය කරන පලියට ඇමරිකන් ආණ්ඩුවට ලංකාවට සම්බාධක දාන්න බෑ ලංකාවේ ඇමරිකානු අපනයන බොහොමයක් ඇමරිකානු සමාගම් ලංකාවේ කරපු ආයෝජන, උදාහරණයක් විදියට ලංකාවේ MAS holdings කියන්නේ ඇමරිකන් MAST එකේ ලංකාවේ සබ් කොන්ත්‍රාත් සමාගමක් ඇමරිකන් ආණ්ඩුවට පැහැදිලි නීතිමය සාක්ෂි නැතුව පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් කර්මාන්ත වලට දේශපාලන උවමනා වලට අනුව බලපෑම් කරන්න බෑ, ඒත් රටවල් කාණ්ඩයකට ලබා දෙන බදු සහන අහිමි කිරීමක් වගේ දේවල් කරන්න පුළුවන් වෙයි දැඩිව දේශපාලනික වශයෙන් තීන්දුවක් ගත්තොත් ඒත් ලංකාවේ සාමාන්‍ය පුරවැසියන් වශයෙන් අපි ඇමරිකානු එක්සත් ජනපදයට බැන්නා කියලා ඒක කරන්න බෑ ඒකට රටක් වශයෙන් ඇමරිකානු ජාතික ආරක්ෂාවට සහ ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් උල්ලංඝනය වගේ බරපතල තත්වයක් තියෙනවා නම් තරමක් දුරට පුළුවන් ඒත් ඇමරිකන් state government ඒවාට එච්චරම එකඟ වෙන්නේ නෑ

      සම්බාධක පැනවීම කරන්න පුළුවන් ඇමරිකන් එක්සත් ජනපදයට එතරම් trade වෙළඳාමට සම්බන්ධ නැති ඇමරිකානු ආයෝජන නැති උතුරු කොරියාව ඉරානය වගේ රටවල් වලට චීනය වගේ රටක් එක්ක හැප්පෙන්න ගිහින් ට්‍රම්ප් දැඩි ලෙස විරෝධයක් එල්ල වුණේ ඇමරිකන් ආයෝජකයන් ගෙන් ඔවුන් චීනයේ ඩොලර් බිලියන සිය දහස් ගණනක් ආයෝජන කරලා ව්‍යාපාර කටයුතු කළ නිසා රුසියානු වැඩේටත් ගොඩක් කට්ටිය බයිඩන් පරිපාලනය සමග තරහින් ඉන්නවා

      ජූලී චන්ග් ට ලංකාවට ලොකු බලපෑමක් කරන්න බෑ ඇමරිකන් ෆෙඩරල් ආණ්ඩුවේ තීරණ ක්‍රියාත්මක කිරීම කරන සුළු පරිපාලන තනතුරක් දරන කෙනෙක් නිසා ඒ යෝජනා ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඇය මැදිහත් වෙනවා විතරයි

      ඔය වගේ දේවල් උතුරු කොරියාව වගේ දැඩි ආඥාදායක රටක් මිස අඩුම තරමින් චීනය රුසියා වගේ රටවල් වත් ක්‍රියාත්මක කරන්නේ නෑ චීන පොහොර නැවේ කේස් එකට සද්දේ දැම්මාට චීනය පවා අපට එරෙහිව දැඩි තීරණයක් ගත්තේ නෑනේ ඒ වගේ

      Delete
  12. //ගාමිනී දිසානායක අවාසනාවන්ත ලෙස බෝම්බ ප්‍රහාරයකින් මිය නොගියේ නම් මේ කාළකන්නි දේශපාලුවා කිසි දිනෙක එජාපයේ නායකත්වයට පත් වෙන්නේ නැතිවාක් මෙන්ම, එජාපයට හා රටට හොඳ කලක් යන බවත්, ඔහුට ගෞරවයක් ලෙස ලියා තැබිය යුතුය. මන්ද, ඔහු දැක්මක් මෙන්ම ඉලක්කයක් තිබූ, අති දක්ෂ කළමණාකරුවන් බව ඒ වන විටත් ඔපු කර තිබූ නිසාය.

    තත්වය එසේ වුවත් නායකත්වයට ඇති මළ පෙරේත කම අත හැර නැත. මෙවන් කාළකන්නි දේශපාලුවෙක් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් යැයි කියනා උන්ට පිස්සු නොව පුකේ ඉඳන්ම පිස්සුය. නායකත්වයේ කිසිම ගුණාංගයක් නැති මේ හිපාටුවා ගැලපෙන්නේ විපක්ෂ නායක කමට පමණමය.//

    https://maathalan.blogspot.com/2021/08/blog-post_84.html

    කලින් මෙහෙම ලියපු ඔබතුමා දැන් කටින්ද මහත්තයෝ කතා කරන්නේ......?

    ReplyDelete
  13. රනිල් වික්‍රමසිංහ නම් ප්‍රොපගැන්ඩාවේ නිමාව


    රනිල් ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගත යුතු බව 2015 න් පසු කීප අවස්ථාවකම මාතලන් විසින් ලියා තැබුවේය. එහෙත් ඒ නායක කම සජිත් ප්‍රේමදාසට පැවරීමෙන් නොවේය. ඔහු වෙනුවට, වියපත් වුවද ගෞරවාන්විත පොරක් එජාපයේ උන්නේය. ඒ කරූ ජයසූරියයි. මෙහිදි මාතලන් "2015 න් පසු" කියා කියන්නේ විශේෂ හේතුවක් ඇතිවය. ඒ රනිල් ප්‍රොපගැන්ඩාවේ අපද වල්මත් වී උන් නිසාය.

    එහෙත් 2015 පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන මහින්ද කරපු වැඩත් නවත්වා මහ බංකුවට ගේම දෙන කොටම අප උන්නේ සිහිණයක බවත්, රනිල් යනු තනිකර ප්‍රොපගැන්ඩාවක් බවත් මොනවාට අවබෝධ උනේය. රනිල් පමණක් නොව ඒ මුළු පක්ෂයේම මේ රට ගොඩගත හැකි කිසිවකුම නොමැති බව පස් වසරක් තිස්සේ මුළු ලොවටම පෙන්වා අවසානය. ආර්ථික උස්තාද්ලා ලෙස පෙනි උන් පොරවල් අමු හාල්පාරුවෝ බව රනිල් කරපු එකම එක දේ වන "සුවිසැරියත්" තමන්ගේ එකවුන්ට් එකේ දාගන්නා හැටි දැක්කාම අනේ අනිච්චේ සංසාරේ කියා සිතෙනවාය.

    රනිල් පසුපස කිසි දිනෙක ජනතාව උන්නේ නැතිය. ඒ බව කැළණියේ ජීවත් වූ අප අත්දැකීමෙන්ම දන්නවාය. රනිල් නායකත්වයට පත් වූ විගසම, ඒ කාළයේ වැඩිමල් පාක්ෂකයින් අප සමඟ කීවේ, රනිල් නායකත්වයේ දිගටම සිටියහොත්, එය එජාපයේ අවසානය වනු ඇති බවය. අද ඔවුන් දිවියලෝකවල ජීවත් වූවත් ඔවුන්ගේ කටවල් වලට සුරඟනාවන් අමෘතය වක්කරනවා නොඅනුමානය.

    අප වැනි හාල් පාරුවන් මේ ප්‍රොපගැන්ඩාවේ මුලා වීම මහා දෙයක් නොවන්නේ, ලෝක නායකයෝ මෙන්ම සංවිධානද මේ මුලාවේ වික්ටිම් වූ නිසාමය. රනිල් පසුපස ජනතාව උන්නේ නැතයි කියා මාතලන් මුලින් කීවේය. ඔහුට සාමාන්‍ය ජනතාව සමඟ තබා, තම පක්ෂයේ ලොකු පොරවල් සමඟ හෝ ඇයි හොඳයියක් තිබ්බේ නැතිය. ඔහුගේ ඇයි හොඳයිය තිබුනේ එක්තරා ඇබ්බහිවීමක් සහිත ඉහළ පැලැන්තියේ හිතවතුන් කීප දෙනෙක් සමඟය.

    ReplyDelete

  14. මාත ලංකාවේ මේ අර්බුදයට මෙම රටෙහි සිටින දේශපාලන යට ගෑවුන සියලුම දෙනා වගේම සමහර නොගෑවුණ අයත් ඇතුළු විශාල පිරිසක් දෙනා වගකිව යුතුයි.

    ගොඩක් වෙලාවට වරද එක් එක් අයට පවරා තමා සුදනා වෙන්න හදන කවුරුත් එකයි. බලයේ සිටි අයත් බලය දැන් ගන්න හදන අයත් ඉදිරියට එන්න හිතාගෙන ඉන්න අයත් එකම රවුමෙ තමයි.

    ලංකාවේ හැම අවුරුද්දකම අපනයන ආදායම අඩුයි ආනයන වියදම ඒ වගේ දෙගුණයක් විතර වැඩියි. මේ පරතරය හැමදාම වැඩි උනා. ඒක අඩු කරගන්න මහන්සි උනේ නෑ කවුරුවත් . හිටපු සහ ඉන්න සියලුම රජයන් වගේම සියලු විපක්ශ කන්ඩායම් මේ තත්වෙට වගකියන්න ඕනෙ. ඩොලර් අදායම වැඩිකරගන්න කරපු උත්සහයන් වලට විරුද්ද උන සියලු දෙනා මේවට වගකියන්න ඕනෙ. ඒ වගෙම ලංකාවේ තිබුන කර්මාන්ත වහල වෙනත් රටවල් වලට අරගෙන යන තැනට වැඩ කරපු සියලු දෙනා වගකියන්න ඕනෙ. නිශ්පාදනයට සම්බන්ද නොවී රාජ්‍යසේවයටම රින්ගන්න බලන් ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු තරුන පරපුර මේවට වගකියන්න ඔනෙ. තව ඕනෙතරම් තියනව. අපට දැන් කෝකත් එකයි අපි ලංකාවෙන් පිට පවුල් පිටින් පදිංචි වෙලා ඉන්න මිනිස්සු නිසා ඒත් ලංකාවේ මේ ප්‍රශ්න දැන්වත් තේරුම් අරගෙන හරියට විසඳුමක් හොයන්න උත්සුක වෙන්න ඕනේ මුළු රටේම ජනතාව එකතු වෙලා නැතුව ඔලුගෙඩි මාරු කළ පලියට ප්‍රශ්න විසඳෙන්නේ නෑනේ

    ReplyDelete
  15. යකෝ මා තලං, මට කියන්න තියෙන්නේ මේ අර්බුදයට එකම විසදුම තවත් රට අස්ථාවර නොකර රනිල් ගේ නායකත්වය යටතේ වසරක් වත් සර්වපාර්ශ්වික රජයක් පවත්වාගෙන යාම බවයි.

    2022 ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ වන ඊළඟ ටුවරිස්ට් සීසන් එක හොඳින් සහ ඉතාමත් ප්‍රවේසමෙන් සැලසුම් සහගත අරමුණකින් යුතුව ඕගනයිස් කරලා සංචාරක කර්මාන්තය හොඳටම නැවත ස්ථාපිත කිරීමයි.

    ඒ වගේම රුපියල් වලින් ඉහළ පොලී අනුපාත යටතේ විශේෂ ඉතුරුම් ගිණුම් රජයේ මහ බැංකුව මූලික වෙලා ආරම්භ කරලා පහුගිය කාලෙ පුරාවටම අනුරලා එවන්න එපා කියලා විදේශ ශ්‍රමිකයන් බය කරලා රඳවන් ඉන්න ඩොලර් රටට ගෙන්වා ගැනීමයි. රටේ ඉඩම් යම් ප්‍රමාණයක් විදේශ ආයෝජකයන්ට බදු දීම හෝ විකිණීම, ආනයන සීමා එසේම පවත්වාගෙන යාම, ණය ප්‍රතිවුහගතකිරීම, විදේශ රැකියා වලට ජනතාව උනන්දු කර පුහුණුව සහ අනුග්‍රහය දී යැවීම, මහාපරිමාණ ගොවිපොළ වල් ආරම්භය සඳහා අපනයන කෘෂිකර්ම නිෂ්පාදන සමාගම් වලට හැම ආකාරයකින් බදු සහන ඇතුළු සියලුම ආකාර සහන දීම, පාඩු ලබන රාජ්ය ආයතන (සිපෙට්කො, විදුලි බල මණ්ඩලය, ගුවන් සේවා ආදිය) පෞද්ගලික කාරණය (දේශීය ආයෝජකයන් සඳහා ප්‍රමුඛතා සහිතව විදේශ නවීනතම තාක්ෂණික දැනුම හුවමාරු ගිවිසුම්
    අනිවාර්ය කර විදේශ සමාගම් සමග ඒකාබද්ධව දේශීය සමාගම් වලට පාලන බලය හිමි වන පරිදි) ආදියයි.

    ReplyDelete
  16. ලංකාව විනාශ වීමට වැඩිපුරම වගකියන්න ඕනි රටේ බහුතර අසික්කිත මිනිස්සු. උන්ට දේශපාලකයෝ සල්ලි හොරාකාපු කාලේ සල්ලි එවන්න හොඳයි. දැන් තමන්ගෙම මිනිස්සු පෝලිම්වල මැරෙන වෙලාවක සල්ලි එවන එක නරකයි. පෙට්‍රල් ලීටරය කළු කඩ දාල 3000/-ට විකුණන්න ආණ්ඩුවෙන් කියලා නැහැ. ඒක කරන්නේ මිනිස්සු. අන්තිමට රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න අරගල කරන්න ගිහින් දේශපාලන ප්‍රශ්නෙකුත් හදාගෙන. තිබුණේ ආර්ථික ප්‍රශ්නයක් විතරයි. දැන් ආර්ථික සහ දේශපාලන කියල ප්‍රශ්න දෙකක් තියෙනවා. කවුද මේ දේශපාලන ප්‍රශ්නේ හැදුවේ? දේශපාලකයෝද? නෑ. රටේ බහුතර මිනිස්සු.

    ReplyDelete
  17. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත කොන්දේසි ඉතා බැරෑරුම් විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ලංකාව මුහුණ දී ඇති ආර්ථික ගැටලුවේ ගැඹුර ඉතා බරපතල බවයි. එය බරපතල ආකාරයේ අර්බුදයක් නිර්මාණය කිරීමට හේතු විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

    ශ්‍රී ලංකාව ආර්ථික අගාධයකට වැටීමට පෙර රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම ඉතා වැදගත් බවද ඔහු පවසනවා. කුමාරස්වාමිගේ අදහස වන්නේ, එම ව්‍යවසායන්වල වත්කම් ඉවත් කිරීම වැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දැඩි තීරණ ගැනීමට නව ජනාධිපතිවරයාට සිදුවනු ඇති බවයි.

    මහ බැංකුවේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම ඉතා වැදගත් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි ස්වාධීනත්වයක් අපේක්ෂා කරන බවද කුමාරස්වාමිගේ අදහසයි. එමෙන්ම ඉදිරි ආර්ථික ක්‍රියාකාරීත්වය සදහා දැනුමැති විශිෂ්ටයින් සම්බන්ධ කරගැනීමට පියවර ගත යුතු බවද එසේ නොවුණහොත් බරපතල තත්ත්වයක් ඇති වීම වැලැක්විය නොහැකි බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

    ReplyDelete
  18. ගෝල්ෆේස් අරගලකරුවන් පිරිසක් විසින් ලංකාවේ නිදහස් කම් සුව විදීම ගැනත් සමරිසි සමකාමී සහ එල් ජී බී ටී ආදී සියලු ආකාරයේ කම්සුව විඳින්නන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමට ජාත්‍යන්තර මූල්‍ය අනුග්‍රහයත් සහිතව ආරම්භ කරන ලද “ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය” නමින් නව පක්ෂයක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමට උත්සාහ කළත් එය ලංකාවේ මූලික සදාචාරාත්මක පදනනම ගැන සලකා එම අයදුම්පත් ප්‍රතික්ෂේප කර ඇති බවත් එවන් පක්ෂයක් පිළිගෙන නොමැති බවත් ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා පවසනවා.

    පහුගිය දවස් වල ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය නමින් පක්ෂයක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කර තිබෙන බවත් ඊට තරුණ තරුණියන්ගේ සහාය සහ මූල්‍ය අනුග්‍රහය ලබාදෙන ලෙසට ඉල්ලමින් සමාජ මාධ්‍යවල පළවී තිබෙන වාර්තා කෙරෙහි අවධානය යොමු කරමින් සභාපතිවරයා මෙම පැහැදිලි කිරීම සිදුකළා.

    මේ වනතෙක් 2022 වසරේ කිසිදු පක්ෂයක් ලියාපදිංචි කර නොමැති බවද, මේ වසරේ ලියාපදිංචි කරන දේශපාලන පක්ෂ සඳහා අයඳුම්පත් කැඳවීම 2022 ජනවාරි මාසයේ 31 ට පෙරදී සිදුකල බවද, ඒ අතර එවැනි කිසිම පක්ෂයකට ඉල්ලීමක් නොතිබූ බවද එම ඉල්ලුම්පත් ලැබුණේ මෑතදී වෞවත් එම පක්ෂයේ නම අනුව එබඳු පක්ෂයක් ලියාපදිංචි කිරීම කළ නොහැකි බව එම පැහැදිලි කිරීමේ දැක්වෙනවා.

    දැනට තිබෙන පක්ෂයක නමක්ද, පක්ෂයක ලකුණු ලෙස ජාතික සංකේත භාවිතා කර තිබෙනවාද, පක්ෂයේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද ආදී කරුණු පිළිබඳ පක්ෂ ලියාපදිංචියේදී පරීක්ෂාවට ලක්කරන බවද ඔහු සදහන් කර තිබෙනවා. යම් පක්ෂයකින් ලිංගිකත්වය වැරදි ආකාරයකින් හුවා දක්වන්නේ නම් ඉන් ගැටලු සහගත තත්වයක් උද්ගත වියහැකි බවද පෙන්වා දෙන නිමල් පුංචිහේවා මහතා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ, සමාජ ක්‍රියාකාරීත්වය තුළ ගැටළු ඇති ‌වන ආකාරයේ එබඳු පක්ෂ ලියාපදිංචියකට අවසර ලබා නොදෙන බවයි.

    Source: https://sinhala.srilankamirror.com/news/36870-2022-07-25-01-47-40

    ReplyDelete
    Replies
    1. Source: https://sinhala.srilankamirror.com/news/36859-sri-lanka-sex-party-makes-a-political-party

      Delete
  19. කතාව ඇත්ත...
    මාතලන්, මට පුදුමේ මේකේ ඔක්කොම ඇනෝ ලානේ ඉන්නේ......
    රනිල්ට පොන්නයා කියන්න ඇවිල්ලා තියෙන්නෙත් ඇනෝ
    අනේ මන්ද....

    ReplyDelete
    Replies
    1. @ අමරීන්,

      ඔය දැන් රනිල්ට අමු තිත්ත කුණුහබ්බෙන් බැනලා තියෙන්නේ ඉස්සර රනිල්ට උඩ පැන පැන පුක දෙමින් රෙදි නැතුව කඩේ ගිහින් මරා වාදීන් (බයියෝ) එක්ක අමු තිත්ත කුණුහබ්බෙන් බැන ගනිමින් නිදිමරාගෙන රනිල්ට කඩේ ගිහින් 2020 රනිල් හැරදා පුතාණෝ කියන කේප්ප වස්සා සරන ගිය නොම්මර එකේ කේප්ප හරකෙක්, දැන් මන්ද බුද්ධික පුතානෝ කියන ගල් මූසලයට රෙදි නැතුව කඩේ යන නොම්මර එකේ කේප්ප හරකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බන් අමරීන්, ඒ නිසා කවුරුත් ඕවා ගණන් ගන්න්නේ නෑ, ගොනාය කියලා මරන්නද?

      ඒ නිසා මේකේ හරවත්ව කමෙන්ට් දාපු සුළුතරය කියන අදහස් බලලා සද්ද නැතුව ඉන්නවා, මමත් ඇනෝ කමෙන්ට් එකක් දැම්මා ඔන්න.

      Delete
    2. අමරින්ගේ ආ ගිය කතා...,

      මුල දවසෙම මේ ත්‍රස්තවාදී රැල හිරේ දැම්මා නම් අද ලන්කාව සාමකාමී වෙලා. ඇමරිකන් තානාපතිනිය වැනි බටහිර බෙදුම්වාදී බලවේග වලට ඇහුම්කන් දෙනවාද කියලා ස්වාධීන රටක් විදියට අපි හිතන්න වෙනවා. මේ අරගල කාරයෝ කුඩු ගංජා මත්පැන් ගනිකාවන් වැනි සියලුම දේවල් කරන්නේ මේ නීතිය නොමැති කම නිසා.

      Delete
  20. අරගලයකින් මේ තියෙන පාර්ලිමේන්තුව වෙනසක් කල නොහැක. දැන් ගෝටා ,මහින්ද නැත. අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය ප්‍රතිපත්ති, නීති සම්පාදනයට බල කිරීම මිස රාජ්‍ය පාලනය කඩාකප්පල් කිරීම නොවේ.

    පෙරට්ටන් සහ ජවිපෙ අභිප්‍රාය අරගලයකින් බලය ලබා ගැනීම නම් එය සිහිනයකි. දැන් මේ මොහොතේ මැතිවරණයක් තිබ්බත් පෙරෙට්ටන්ට උපරිම එක ආසනේකුත් ජවිපෙ ජාතික ජන බලවේගයටත් උපරිම ආසන හය හතක්, පොහොට්ටුවේ ආසන අඩු වෙලා රනිල්ට ආසන හතළිහක් පණහක් සහ සජබයෙන් පලුවක් රනිල් සමග සෙට් වීම සජිත්ට ආසන විස්සක් තිහක් විතර ලැබීම වගේ දේවල් වෙන්න පුළුවන්, එච්චරයි.

    කරුණාකර අනුර කුමාරට කෘෂිකර්ම හෝ සෞඛ්‍ය අමාත්‍යංශ දෙන්න. කුමාර් ගුණරත්නම්ට ලිස්ට් එකෙන් මන්ත්‍රී කමක් දී ඇමතිකමකුත් දෙන්න. වැඩ පෙන්වන්න කියන්න. ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියට අධ්‍යාපන ඇමතිකම හෝ සමාජ සේවා/ වනිතා කටයුතු වගේ එකක් දීලා ඇයගේ පෆෝමන්ස් ගැනත් බලන්න පුළුවන්, මම හිතන්නේ ඇය යමක් කරාවි කියලා.

    ඒ නිසා මේ වෙලාවේ එහෙම වැදගත් තනතුරු බාර අරගෙන වැඩ පෙන්නුවොත් නම් ජවිපෙ ජාතික ජන බලවේගයටත් කුමාර්ටත් ලබන සැරේ ආණ්ඩු බලයම ලැබෙන බව බුදු ශුවර්, බූරු පුතාණෝට නම් ඉතින් සොරි ඩොට් කොම් මෙලෝ වැඩක් නැති බූරුවෙක්නේ. චම්පික, හර්ෂ එරාන් වගේ අය රනිල් සමග එක්වී එජාපයේ නායකත්වය භාර ගත යුතුයි. තිස්ස අත්තනායක, කිරි ඇල්ල බූරුවා, මුජිබර් රිළවා ඇතුලු මීගව සම්පත බූරු පුතාණෝ සමග මකබෑවී ගියාදෙන්.

    ReplyDelete
  21. හම්මේ අරගලකාරයෝ හරි හොඳයි!
    හොරකම වංචාව නාස්තිය දුෂණය ඇත්තෙම නෑ ..
    ජනාධිපති මැදුරත් ලස්සනට භාර දුන්නා කිසි දෙයක් හොරකම් කලේ නෑ ..
    අනේ හරකෝ පානිය නොදා පල! හමුදාවේ තමයි වැරැද්ද.. තොපිව නලවපු එක!
    කෝ බන් ඔය රටට ආදරේ හොරකම් නොකරන අනුන් ගැන හිතන සෙට් එක?
    අපිට මහා පාරේ.. ඔෆිස් වල..තෙල් පෝලිම්වල හම්බ වෙන්නේ නෑනේ!
    ලක්ෂගනනින් ඉන්නවා නේද.. උන් කොහෙද බන් ඉන්නේ?

    ReplyDelete
  22. පළමුව රටේ දේශපාලන ස්ථාවර බාවය ඇති කල යුතුයි. ඊට පසු පැහැදිලි වැඩ පිළිවෙලක් සමග ජාත්‍යන්තර යා යුතුයි. එසේ නොවන තාක් ජාත්‍යන්තර සහය ලැබීම අසීරු දෙයකි. දේශපාලන ස්ථාවර බාවය ලැබීමට නම් ජනතාවගේ බහුතරයේ මතය රටේ දේශපාලන මතය විය යුතුයි.

    මොඩයො වගෙ බයින හරක් හැත්ත මෙක තෙරුම් ගත යුතුයි. ලංකාවේ මේ දවස් වල තියෙන ආර්ථිකය එක්ක තෙල් ගන්න ප්‍රමාණවත් ඩොලර් නැ රටෙ ඩොලර් සංචිත වල අඩුවක් තියෙනවා එන ඩොලර් ටික තෙල් ආහාර බෙහෙත් වගෙ රටට ඔනිම දෙවල් ගෙන්නත් ඔනි හැබැයි සුලබව ඒවා බෙදා හරින්න අවශ්‍ය තරමට ආනයනය කරන්න තරම් ඩොලර් මදි අපි තෙල් අරං පිරවූම් හල් වලට දෙන්නේ රුපියල් නමුත් පිටරටින් ගෙනෙන තෙල් නැව් ගන්න ඔනි ඩොලර්, ලංකාවට ඩොලර් ලැබෙන ප්‍රධානතම මාර්ග වන සංචාරක ව්‍යාපාරය අවුල් වෙලා තියෙනවා ඒ වගේම ඊළඟට විදෙස්ගත අය ඩොලර් එවන එක අඩුයි Imf එක අපිට යම් තරමකින් හෝ ඩොලර් ණය මුදලක් දෙන්න පැහැදිලි ක්‍රම වෙදයක් මගින් රට ගොඩ නැගීම ගැන එයාලා කරුණු කිහිපයක් ඉදිරිපත් කරලා තියෙන්නේ එයත් ඇතුළත් ව රජය මගින් සැලැස්මක් ඉදිරිපත් කල යුතුයි එය සදහා සියලුම දෙනා එකතු වි අරගල නැති ජනතා වාදි මිනිසුන් ගෙ අයිතින් රකින එක මතයක් දරන ලද සැලැස්මක් ඉදිරිපත් කිරිම මගින් imf එකට ඉදිරිපත් කරලා එයාලාගේ සහය ලැබුණු පසු අනිත් රටවල් සමඟ හිතවත්කම ගොඩනගා එයාලාගෙ අධාරත් ඇති ව.විදෙශ ගත අයාගෙන් ඩොලර් මෙ රටට ලබාගන තමයි මෙ රට ගොඩ නගා ගත හැක්කේ.

    කෙසේ නමුත් මේ රටේ තියෙන හොර කම වන්චාව නතර කල යුතු අතර හොරකම් කල අය නිතිය හමුවට ඉදිරිපත් කර නිතිය ක්‍රියාත්මක කල යුතුයි. මම හිතන්නේ හොරු අල්ලන එකෙන් සැලකිය යුතු තරමේ මුදලක් ලැබෙන එකක් නැහැ ඔය බොහෝ ආර්ථිකය ගැන නොදන්න කට්ටිය විස්වාස කරන විදියට ඒත් හොරකම් නැතිකර transparency ස්ථාපනය කරන්න ඕන කොහොම හරි එතකොට ගොඩක් ප්‍රශ්න විසඳන්න පුළුවන් අඩුම තරමින් හොරු අල්ලන්න කියලා විතරක් කෑ ගහන දේශපාලන කණ්ඩායම් වලට සටන්පාඨ හරි නෑනේ එතකොට ඒ අයටත් රජයේ පාලනය ගැන හදාරන්න වෙනවා බැන බැන ඉන්න විතරක් බෑනේ

    ReplyDelete
  23. ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් සුබ පැතුම් එක් කර තිබේ. (කොළඹ සිටින රුසියානු තානාපති විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම සුබපැතුම ලබා දී ඇත.)

    ශ්‍රී ලංකා හා රුසියා අතර තවදුරටත් සබඳතා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත් දෙරටේ ජනතාව වෙත ඵලදායී ලෙස සහයෝගීතාවය අපේක්ෂා කරන බවද රුසියානු ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබේ. රුසියානු ජනාධිපතිවරයාගේ මෙම සුබපැතුම් සිදුවන්නේ ගාළු මුවදොර අරගලකරුවන්ට පහර දීම කොළඹ සිටින ඇමරිකානු තානාපතිනි විසින් නොසතුට පල කිරීම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට තද පිළිතුරක් ලබා දී ඇති පසුබිමකය.

    රුසියාවෙන් සහන ක‍්‍රමවේදයක් යටතේ ඉන්ධන ලබා ගැනීමේ සාකච්චාද දෙරට අතර පැවැත්වෙමින් තිබේ.

    ReplyDelete
  24. අරගලේ අයියලා අඛ්කිලා මේ දවස් වල පෝස්ට් දදා යනවා

    " අනේ යාළුවනේ අපිච විරුද්ධව ලොකු කුමන්චනණයක් දියත් වෙනවා. කට්ටිය එකතු වෙලා අපිච මඩ ගහන්නයි යම්නෙ. අපේ බොරු ෆොටෝස් දාදා, fake screen shot edit කර කර ලීක් වෙච්ච ෆුටෝ එලියට දදා එයාලා අපෙං පලි ගම්නයි යන්නෙ , ඔන්න අපි කලිංම කිව්වා ඔයාලා අහු වෙන්න නම් එපා හුඳේ බ්ලා බ්ලා බ්ලා 🥺🥺 """

    😂😂😂 අනේ යකෝ!! උංගෙම ක්‍රියාකලාපේ පාරා වළල්ලක් වෙලා උංගෙම පස්සෙං එයි කියලා හිත හිත වොරි වෙනවා දකිද්දි ගුදමාර්ගය කොණේ තියන කේස නාලීකා වලිනුත් හිනා යනවා ඕයි!!

    අරගලේ ඇතුලේ ඉන්න තොපිලම තමා ඔය ගෝත වැඩ ටික සේරම තමුන්ට විරුද්ධව අදහස් දක්වපු මිනිස්සුන්ට එරෙහිව පහුගිය කාලේ පුරාම ක්‍රියාත්මක කරේ..

    දැන් මඩේ ඉන්න ඌරෝ ඌරිච්චියො ටික බයවෙලා උන්ගෙ වැඩ රිවස් වෙලා උංටම පස්සෙං පන්නයි කියලා 😁😁

    හොඳට බලපං ඔය අරගලේ ඉන්න සමහරුන්ගෙ ඇත්ත නාටකීය ස්වභාවය එලියට දාපු ගොඩක් අයට මුන් පන්න පන්න මඩ ගහපු අමන ස්වභාවය..

    හොදට සංවිධානාත්මක වෙලා page වලට සල්ලි ගෙවාගෙන , ගෲප් වලට සල්ලි ගෙවාගෙන , පුද්ගලිකව තරමක් රීච් තියෙන එකවුන්ට් ටිකක් එක පාර ගේමට දාලා උන්ගෙ ඇත්ත ලෝකෙට කියන උන්ට එකපාර දියත් කරන මඩ කැම්පේන් නොතේරෙනවා නම් උබලත් අලි ලෙබ්බෙලා වෙන්න ඕනි..

    අරගලයට කියලා සහය දක්වන පිටරට මිනිස්සු මුංට එවන ඩොනේශන් වලින් මුං ප්‍රධාන වශයෙන්ම කරන වැඩ කිහිපයක් තියෙනවා

    1) ෆයිව්ස්ටාර් වල පාටි දදා රැය පහන් කිරීම
    2) බම්බා වලට ගිහින් බඩ ගිනි උනාම තායි කෑම කා ඔයිල් මාරු කර ගැනීම

    3) තමුන්ගෙ යථා ස්වභාවය ලෝකෙට හෙලි කරන උන් ඉලක්ක කරගෙන දැවැන්ත මඩ ව්‍යාප්ති කිරීමට page වලට ගෲප් වලට , පුද්ගලයින්ට මුදල් ගෙවීම..

    හැබැයි මේ අයියලා ගොඩක් වෙලාවට අරගල භූමියෙ ඉඳන් කෙකර ගාන්නෙ පාන් කාලක් කාගන්න අතේ පිච්චිය නෑ වගෙ 😂😂

    පහුගිය කාලේ මට මඩගහන්න මගේ ඕනෙතරම් පෝස්ට් නැතුවටද මංදා කෙහෙල් කොලේ තුන් හතර දෙනෙක් එක්ක එකතුවෙලා කන එක අප්පිරියයි කියලා මගෙ පර්සනල් අදහස කියපු පෝස්ට් එකක් අල්ලගෙනත් වැලහින්නියො රැලක් සාප කරලා තිබුනා !! 😂😂

    ඉතිම් කික්කියනේ හැමෝම තොපේ විදිය වෙන්න ඕනෙත?

    යකෝ මඩ ගහන්න ඕන්නම් මගෙ ඔයිට වඩා පෝස්ට්වත් හොයාගන්න බැරි උනාත? උබලට මඩ ගහන්න කියලා ගෙවන සල්ලිත් අපරාදේ 😂😂ඊක්ක්ක්ක්!

    දැන් මේ අරගලේ ඉන්න දාමරික තග් ලයිෆ් එකෙ අයියලා අක්කිලා බා වෙලා එයාලාගෙ පෞ එයාලා පස්සෙන් පන්නයි කියලා .. ඉහිම් ඉහිම් ඉහිම්!!

    මෙව්වනෙ ඕයි ජෝක්ස් !! 🤣🤣🤣

    වරෙං හරහා දාලා නලවන්න තොත්ත බබාලා බබීලා ටික!

    ReplyDelete
  25. ලංකාවේ මේ දවස් වල තියෙන ආර්ථික අර්බුදය දඩමීමා කරගනිමින් කීර්තිමත් සෝවියට් මූර්ති ශිල්පී Lev Kerbel විසින් නිර්මාණය කර මිත්‍රත්වයේ සංකේතයක් ලෙස ලංකාවේ ජනතාව වෙත පිදූ ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක ප‍්‍රතිමාව අසල සිටි විරෝධතාකරුවන් පිරිසක් ලංකාවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    එම බණ්ඩාරනායක ප්‍රතිමාව එතැනින් ඉවත් කිරීමට හෝ ඊට හානි පැමිණවීමට දරණ සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමට ලංකාවේ ප්‍රගතිශීලී ජනතාව මෙන්ම රුසියාවද පෙරමුණ ගත යුතුය.

    ලංකාවේ පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයන් ප්‍රතිමාවට මීටර් 50ක පමණ ප්‍රදේශයක් තුළ ජනතාව එක්රැස්වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අධිකරණ නියෝගයක් කඩකිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කල බවයි.

    ඇයි ගහක් කොලක් වවලා නිෂ්පාදනයක් කරලා රට ගොඩගන්න තියෙන වෙලාව ගංජා ගගහා පිනට බුරියානි කකා හිඟන්නො වගේ කාලෙ කන විනයක් නැති මේ රස්තියාදුකාර හැත්ත දැන් නීතියත් නොතකා හරින්න අරන්. මුන්ට රට දෙන්න ඕන කියලා හිතන මැට්ටොත් රටේ ඉන්නව නෙ.

    ReplyDelete
  26. ළමාතන්,

    මේ ප්‍රශ්නෙට home-grown solution සෙවීමට යාම නන්දසේන රජය කරගත්තු ලොකුම වරදයි. ප්‍රශ්නෙට මූලික හේතුව නොදන්න මිනිස්සු ඉන්න රටකට මොන home-grown solution ද?

    ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුවී ඇත්තේ රාජපක්ෂලා ඩොලර් හොරකම් කරලා මේ ප්‍රශ්නෙ ඇතිවුණා කියලා හිතන මිනිස්සු ඉන්න මූලික ආර්ථික විද්‍යා දැනුමක් වත් නැති රටකට මොන home-grown solution ද?

    ඒ වගේම රටේ ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නෙ උඩින් කොහොමහරි පවතින රජය පෙරලලා බලයට එන්න බලන දේශපාලනයක් තියෙන රටක මොන home-grown sulution ද ? (ඔක්කොම එහෙමයි, රාජපක්ෂ කල්ලියත් 2019 පාස්කු කේස් එක ඉතාමත්ම පහත් විදියට භාවිතා කළා 2019 ජනපතිවරණය වෙනුවෙන් ජාතිවාදී ප්ලෑන් එකක් එක්ක).

    ඒ වගේම පහුගිය දවස් වල රටේ සැබෑම යථාර්ථය තේරුම් අරන් 2021 මැද වෙනකොටවත් IMF වැඩසටහනක් පටන් ගත්තා නම් අද තාමත් නන්දේ ජනාධිපති. ආර්ථිකය ඍණ අගයක් වෙලා රටේ ව්‍යාපාර කටයුතු එහෙම හැකිලුනත් ඒවා කොවිඩ් පිට දාලා 2024 වෙනකම් සිරිසේන වගේ අදින්න තිබුණා.

    ReplyDelete
  27. ඔක්කොමත් හරි නමුත් යටින් තියෙන "නාගන්නා එක හෝ ගොඩ යන එක රනිල්ගේ වැඩක් මිස අපේ වැඩක් නොවේය..." එක නම් අවුල්. නායකයො රට බාරගන්නෙ හරියනවද වරදිනවද කියල ටෙස්ට් කරන්න උනාට පීඩා විදින්නෙ රටෙ ඉන්න සාමන්ය මිනිස්සු නෙද? දන්නෙ නැති නිසා ඇහුවෙ

    ReplyDelete
  28. නියමයි සුපිරි. රනිල් මැතිතුමා කොන්ද පන තියෙන නියම නායකයෙක් අරගලෙ කුඩ්ඩන්ට බයේ පැනල ගියෙ නෑ. ගෝටාබයට චන්දෙ දුන්න එක ගැන ලැජ්ජයි….

    https://www.facebook.com/apemediaoriginal/videos/1243936006380232/

    පෙම්දස් මැතිසඳ හිටියා නං ආය ඔය නාටක මොකුත් නෑ… දනිසලියා අතුරුදන් ලැයිස්තුවේත් හොයාගන්න නැති වෙයි… ඔය විදිහට අරගලේ මුල ඉඳල හිටපු, කොන්ඩෙ වවපු සුදු ලෝගුකාරයත්
    කොන්ඩෙ කපල වෙස් මාරුකරගන රටින් පනින්ඩ ට්‍රයි කරයිද දන්නෙ නෑ.

    - මීට පොහොට්ටු හොර හැත්තට රෙදි නැතුව කඩේ ගිහින් තාමත් කැපුවත් පොහොට්ටුවට කඹුරන තැරිදාර පුන්නක්කු අමු මැටි මීහරක් බයිසන් ගව රජිඳෙක්...

    ReplyDelete
  29. තෙල් ඕනි. මොකටද? වාහනේට. වාහනේට? ඔව් වාහනේට. ඊට අමතරව ඕනා යන්ත්‍ර උපකරණ වැඩ කරන්න. ආ ඇයි මොකක්ද? නෑ. පොදුමේ මෙහෙම ගමු. තෙල් ඕනා මොකටද, ඇන්ජින් දුවවන්න. ඇන්ජින්. යාන වාහන, යන්ත්‍ර සූත්‍ර ඔක්කොම අඩංගුයි.

    හැබැයි තෙල් විතරක් තිබ්බට මදි දුවවන්න. යන්ත්‍ර. එංජින්. ඔව්.

    බව්වා පාරක් දාලා සැපේ.

    ReplyDelete
  30. පේන විදියට නම් දැන් අරගල භූමිය සිටින්නේ පිස්සන් හා කුඩුකාරයන් පමණක් බව පේනවා නේද?

    ReplyDelete
  31. කොහොමද අපේ රටේ බුද්ධිමත් ජනතාව!

    දැන් නීතිය ගැන කතා කරනවා! රාජ්‍ය දේපල වලට බලහත්කාරයෙන් ඇතුළුවෙලා බලපෑම් කරද්දී ඒවා නීතියට එකගද කියලා හිතුවේ නැතුව ඇති නේද!

    ඔතන මිනිස්සු ලක්ෂ ගානක් ඉඳලා පොලිස් නිලධාරී දෙන්නෙක් විතර ගියා නම් අත්අඩංගුවට ගන්න තත්වය වෙනස් වෙන්න තිබ්බා…

    ඕක තමයි කියන්නේ බලහත්කාරය ප්‍රචණ්ඩත්වය තමන්ට එනකොට තමයි උන්ට නීතිය මතක් වෙන්නේ.. අන්න ඒ නිසයි අඩුපාඩු තිබ්බත් රටක නීතිය ඇතුලේ හැම ප්‍රශ්නයක්ම විසදගන්න අවශ්‍ය වෙන්නේ!

    අපේ රටට කෙල වෙන්නේ බහුතරයක් මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී සිතුවිලි සහ ගොන් කම නිසා බවට හොඳම උදාහරණය මෙතන හිටපු මිනිස්සු කියන කතා !

    දේශපාලකයන්ගේ අමුතු අවුලක් නෑ උනුත් අපේ රටේ බහුතරයක් ජනතාව වගේමයි!

    ReplyDelete
  32. මේ දවස් වල තමයි අරගලේ නියම චිල් ස්වභාවය දැනෙන්න අරන් තියෙන්නෙ යාළුවනි!!😂😂 ආව් ෆැන්ටාස්ටික්!

    රන්න පොනිලා කියන ජනාධිපතියා හොඳ නෑ හැබැයි ඌ පත් කරගත්ත මාද්‍ය අධ්‍යක්ශක අයියා බබාලා ටික හලිම සෝයී!! 😌😌එයාලාට විශුත් කරලා හෑලිත් ලියලා!! ඊක්ක්ක්..!

    ජොලිම වැඩේ තමයි අරගලේ ඇතුලෙම අරගලෙට නිකම් පුම්ප දෙන්න වගෙ හිටපු අයියා බබාලාව තමා රනිලා වඩම්මලා හිඳුවලා තියෙන්නෙ..😂😂

    මන් ඒත් හිතුවා බන් පොත්ත රතු ජම්බෝල වගේ රනිලට දැක්කම ආස හිතෙන බුවාලා දෙන්නෙක් වෙන්නැති තක්කෙටම කියලා 😜 අඩේ එහෙමත් නෑ බන්!! මැස්සෝ බීපු වන්දෙක් වගෙ එකෙක්.. අනිකා නම් හේනක් මැද තැරි වෙච්ච පොල්මල් කරවලෙක් වගෙ.. ජිප්සියො දෙන්නෙක්නෙ

    බාගදා රනිලගෙත් ටේස්ට් එක වෙනස් වෙලාත කොහෙද ඩේ!😜

    ඖලක් නෑ ඖලක් නෑ බන්.. ඒ අයියලා අරගලේ පාවලා දීලා නෑ බන්! ඒක එයාලාට දෙයියො පෙර පින් මහිමය නිසා දීපු තනතුරක් .. හාද? 😂😂

    අනිත් එකා දානිශ් අලි.. 😂😂

    පොර රූපවාහිනියට පැන්න වෙලේ ඕකගෙ හොක්ක ලෙෆ්ට් කරන්න ඕනෙ කියපු උනුත් දැන් ජෙන්ට්ලමන්ලා වෙන්ඩ හිතන් පොර ගැන එකසිය ගානට මානව හිමිකම් හෑලි ලියනවා..

    පොර ගැන අංශක 360 ම පෙරලි පෙරලි හෑලි ලිව්වත් මචං මට නම් පේන්ඩ තියෙන්නෙ එක දෙයයි.

    දන්න දා ඉදන් කොණ්ඩ රැවුල් වවන් හිටපු එකා ඒවා කපාගෙන වෙස් වලං වගෙ රටින් පනින්ඩ හෝ මාරුවෙන්ඩ ( ඒක උබලා කැමති විදියකට හිතාගනින් ..බොරු බයිලා ඕන්නෑ ඌ පනින්ඩ තමා ගියේ) ගියේ ඌට කොණ්ඩෙ කපන්න ඩොනේශන් හම්බුන නිසා නෙමේනෙ🤣🤣

    අපි ඇත්‍තම කතා කරමු!

    පොර දැනගත්තා වැඩේ ගැස්සෙන්න යන්නෙ බව.. ඉතින් මාරු වෙන්ඩ හිතුවා..

    එතනින් එහා ඌව ඇරෙස්ට් කරපු විදිය ලෝක සම්මත එකක්ද? මානව හිමිකම් වලට අනූකූලද? වගේ එව්වා ගැන හෑලි ලියන එක උබලට භාරයි.. 😂😂 මගේ හෑල්ලෙ මන් ඒවා ලියන්ඩ වැඩිය ඉන්ටර්ස්ට් නෑ!

    හැබැයි භාරත කියලා තිබුනා දානිශ් අලි බලෙන් රූපවාහිනියට රින්ගුවෙ නෑල්ලු.. එතන හිටපු පොලීසියේ අයලු එයාලාව ඇතුලට අරන් ගියේ.. එතකොට ඒක කඩා වැදීමක් නෙමේලූ 😂😂

    අනේ මරු තර්කේ!!

    එතකොට පොලීසියට ප්‍රීතී කසානා හැදිලා වෙන්ඩැති රූපවාහිනිය ඉස්සරහා අයිස් පලමක් කකා තමුන්ගෙ පාඩුවෙ හිටපු දානිශයව ඒක පෙන්නන්න ඇතුලට ඇදන් ගිහින් තියෙන්නෙ!! 😁😁

    ඌ එතන හිටපු සෙට් එක එක්ක රූපවාහිනියට ගිනි තියනවා ගගා සද්දෙ දදා කචල් ඇති කරපු නිසා නෙමෙයි ගොඩෙන් බේරගන්න ඌව ඇතුලට අරන් තියෙන්නේ..😬😬.

    ෆොගෑම් ලයින් අප් එක ගන්න ගන්න ගගා ඌ මරු විකල්ලෙන් දොඩවන්නෙ ඒ බලහත්කාරකමේ හයියෙන් නෙමේ වෙන්ඩැති.. මගෙ හිතේ රූපවාහිනියට එන අනික් විසිටර්ස්ලාත් එහෙම සද්දෙ දානවැති 😄😄😄

    මරු මරු ලොජික් එලියට එන්නෙ දානිශයා සම්බන්ධව 😂😂

    ඔය මානව හිමිකම් හෑලි ලියන එකෙක්වත් එදා ඌ නටපු නාඩගමේ තියෙන නූගත් අශිස්ට ස්වභාවය ගැන කිසිම හෑල්ලක් නොලියපු එකනෙ වැඩේ!.

    හැබැයි පුතග්ගජන මනුස්සයෙක් හැටියට ඕකව බෙල්ලෙන් අල්ලම් එලියට දාපු එක ගැන අවංකම සතුටු නොවී ඉන්න බෑ බන් මට!! 😂😂 මාර සම්තෝසයි!!

    උබලා වගෙ ජෙන්ට්ලමන්ලා නෙමේනෙ බන් අපි.. උබලා වගෙ බෞන් වඩලත් නෑ!! උබලා වගෙ රහතුන්ලාත් නෙමෙ 😂😂

    ඒ නිසා තාමත් පේන්න බැරි පින්න බබෙක්ව හැඳි ගෑවිලා යද්දි දැනෙන අවංක ජොලිය එමමයි!😂😂🙏🙏

    ReplyDelete
  33. ලංකාවේ ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යැවූ පසු ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බව හිටපු මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කළේය.

    ඒ අනුව යම් කිසි හේතුවකින් ඔවුන් වරදකරුවන් වුව හොත් පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බව පැවසූ වීරසේකර රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා පරම්පරාවේ කිසිවකුටත් යෑමට නොහැකි වනු ඇති බවත් පැවසීය.
    හිටපු ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ විදෙස් ගමන් බලපත්‍ර සැකසීමේදී ලබා ගැනෙන ඇඟිලි සලකුණු රටින් පිටව යෑමේදී සසඳා බැලෙන ආකාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

    ලංකාවේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට පාර්ලිමේන්තුවේදි ඊයේ (ජූලි27) එක් වෙමින් හිටපු ඇමති වීරසේකර මේ කරුණු පැහැදිලි කළේ ව්‍යවස්ථානුකූලව පත්වූ ආණ්ඩුවක් බලහත්කාරයෙන් පෙරළීම ඉතා බරපතළ වරදක් බවත් ඇතැම් දේශපාලන පක්ෂ හා මැර කණ්ඩායම් එක්ව පසුගිය දා කළේ එවැනි ක්‍රියාවක් බවත් කියා සිටියේ අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාගේ ඝාතනය වෙනුවෙන් මේ වන විට සැකපිට 38 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පෙන්වා දෙමින්.

    ලංකාවේ නීත්‍යානුකූලව පත්වුණු ජනාධිපතිවරයා මැර ප්‍රහාරයක් දියත් කරමින් එළවීම, මැරීමට උත්සාහ කිරීම රාජ්‍ය විරෝධි ක්‍රියාවක් බව පැවසූ මන්ත්‍රීවරයා එවැනි අයට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 198 යටතේ මරණ දණ්ඩනය පවා දිය හැකි බව පැවසීය.

    මේ දවස්වල ලංකාවේ මිනීමරුවන් කණ්ඩායමක්විසින් අරගලය යන හොර නමකින් ජනතාව වෙනුවෙන් යැයි පවසමින් ඒ මුවාවෙන් කෙරෙන දරුණු මිනීමරු ප්‍රචණ්ඩත්ව ක්‍රමවේද වැළැක්වීමට හදිසි නීතිය ගෙන එන බව පැවසූ වීරසේකර හදිසි නීතියට බිය විය යුත්තේ මැර දේශපාලන කණ්ඩායම් පමණක් බවත් අවධාරණය කළේ ලංකාවේ අරගලය ප්‍රචණ්ඩත්වය කරා යෑමට නීතිඥ සංගමයත් ආරම්භයේදී උත්තේජනයක් දුන් බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට, උසාවියට බලපෑම් කරමින් විනිසුරුවරුන්ටත් තර්ජනය කරන තත්ත්වයක් අද උදා වී ඇති බවත් පෙන්වා දෙමින්.

    ඒ වගේම මෙසේ පැත්තක සිට සමාජ මාධ්‍ය මගින් තමන් උසි ගන්වන කිසිවකුත් නඩු වැටෙන විට හිරේ යනවිට සහ මරණ දඬුවම් ලැබෙන වෙලාවට බේරාගැනීමට නොපැමිණෙන බව නොමඟ යන, ප්‍රචණ්ඩත්වයට යොමු වන තරුණයන් සිහි තබා ගත යුතු බවත් වීරසේකර මන්ත්‍රීවරයා පැවසීය

    ReplyDelete
  34. ලංකාවේ 1983 සිට වසර 28ක් තිස්සේ හදිසි නීතිය ක්‍රියාත්මක වුණා. ත්‍රස්තවාදය නිසා එවැනි දෙයක් තිබුණා. රටට කිසියම් තර්ජනයක් තිබේ නම් ඒ තත්ත්වය පොලිසියට පාලනය කළ නොහැකි නම් එම තත්ත්වය පාලනය කිරීමට හමුදාව අවශ්‍ය බවට සිතෙන්නේ නම් එවැනි අවස්ථාවකදී හදිසි නීතිය ගෙන එනවා. මහජන ආරක්ෂක පනත යටතේ එම නීතිය ගේනවා. දේශපාලනඥයන් ආරක්ෂා කිරීමට නොව ජනතාව ආරක්ෂා කිරීම සඳහා මේ නීතිය ගේනවා. ජනතාවගේ දේපොළ, නිවාස, වෙළෙඳසල්, ඒ වගේම රාජ්‍ය දේපොළ ආරක්ෂා කිරීමට හදිසි නීතියක් ගේනවා. සාමාන්‍ය නීතිය අභිභවා හදිසි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඕනෑම වේලාවක මේ නීතිය යටතේ හමුදාව කැඳවිය හැකියි. අත්අඩංගුවට ගැනීමට, රඳවා තබා ගැනීමට පුළුවන්.

    ලංකාවේ ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමට පුළුවන්. ඒ පනවා දින 14ක් තුළදී පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. වර්තමානයේ හදිසි නීතිය පනවන්නේ අරගලය නිසා. සාධාරණ හේතුවක් නිසා අරගලය ආරම්භ වුණා. එය වැරැද්දක් නැහැ. යහපත් අරමුණක් සාක්ෂාත් කර ගැනීමට උද්ඝෝෂණ පැවැත්වූවා. ඉන්ධන රට තුළ නැති වුණා. විදුලිය, ගෑස්, භූමිතෙල් නැති වුණා. පාසල් වසා තැබුවා. රැකියා නැති වුණා. ඒ නිසා ජනතාවගේ කෝපය සාධාරණයි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතිනවා. ඒ තුළ උද්ඝෝෂණ පවත්වන්න පුළුවන්. ජනතාවගේ පැවති ඒ සාධාරණ පීඩාවට දේශපාලන මැරයන් සම්බන්ධව ප්‍රචණ්ඩත්වය කරා ගෙන ගියා. රජය පෙරළන්න එමඟින් උත්සාහ කළා. එය ඉතා වැරැදි වැඩක්. ජනාධිපති නීතිඥ වලලියද්ද මහතා ඉතා හොඳ සම්මුඛ සාකච්ඡාවක් කළා. ඕනෑම උද්ඝෝෂණයක් පැවැත්වීමට ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් තිබෙනවා. රජයට, දේශපාලනඥයන්ට බණින්න පුළුවන්. හොරා, තක්කඩියා, ස්ත්‍රී දූෂකයා කියලා කියන්න පුළුවන්. නමුත් රජයක් පෙරළීමට ඔවුන්ට උද්ඝෝෂණ පැවැත්විය නොහැකියි.

    ඒ වගේම කිසිම රටක ජනාධිපතිවරයා එළවීමට, මැරීමට උද්ඝෝෂණය කරන්න බැහැ. එසේ කළොත් එය රාජ්‍ය විරෝධි කැරැල්ලක් වෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 198 යටතේ මරණීය දණ්ඩනය වුවත් ඊට දිය හැකියි. ඒ බව එම ජනාධිපති නීතිඥවරයා කියනවා.

    ලංකාවේ ව්‍යවස්ථානුකූලව පත් වූ රජයක් කැරැල්ලකින් පෙරළන එක ඉතා බරපතළ වරදක්. එවැනි දෙයක් කිරීමට තමයි පසුගිය කාලයේ දේශපාලන කණ්ඩායම් මැර කණ්ඩායම් එක්ව උත්සාහ කළේ. ජනතා පීඩනය අසහනය උපයෝගි කරගෙන මැර කණ්ඩායම්වලට පොදු දේපොළ හානි කරවීමට, ගිනි තැබීමට, සොරකම් කිරීමට, මිනී මැරීමට පුළුවන් ද.?

    නිරායුධ අහිසංක අතුකෝරාල මන්ත්‍රීවරයා අතිශය අමානුෂික ආකාරයට මරා දැමූ විදිය අපි දුටුවා. එය රටටම අපහාසයක්. ඉතා ඉවසීමෙන් කටයුතු කළ ආරක්ෂක නිලධාරියා අවසන් මොහොතේ අහසට වෙඩි තැබූ විට පිස්තෝලය උදුරා ගැනීමට තැත් කල මිනීමරු කාලකන්නි මැරයෙක් වෙඩි පහරින් මිය ගිය අතර එම මිනීමරු කාලකන්නි පිරිස එම දෙදෙනා අතිශය අමානුෂික තිරිසන් විදියකට ඝාතනය කළා.

    විමර්ශන කටයුතු කළ පසු මේ සිද්ධියට මේ වන විට 38ක් අත්අඩංගුවේ සිටිනවා. අරගලයේ මුවාවෙන් මන්ත්‍රීවරුන්ට ගහනවා නම්, පොදු දේපොළ හානි කරනවා නම් ඒ මිලේච්ඡත්වය නැති කිරීම සඳහා හදිසි නීතිය ගෙන එනවා. එවැනි තත්ත්වයක් උදාවිය හැකි බව බුද්ධි අංශ දැනුම් දෙනවා. මේ අරගලය ප්‍රචණ්ඩත්වය කරා ගෙන යෑමට ඉතාමත් පක්ෂග්‍රාහී ලෙස දේශපාලනික ගේම් වලට සම්බන්ධ දූෂිත පිරිසක් වන ලංකාවේ නීතිඥ සංගමයත් ආරම්භයේදී යම් කිසි උත්තේජනයක් දුන්නා. ඒ ගැන රටක් ලෙස අපි කනගාටු වෙන්න ඕනේ නේද?

    ReplyDelete
  35. අපේ රටේ දැන් අපි දකින දේශපාලන ගැටුම මූලිකවම රෙෆරන්ඩම් ඩිමොක්‍රසි හෙවත් ජනමත ප්‍රජාතන්ත්‍රවාදය සහ රෙප්‍රසන්ටේෂන්ල් ඩිමොක්‍රසි හෙවත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අතර ගැටුමක්. පාරෙ ඉන්න පිරිස විශ්වාස කරනවා ඒ අයට ජනමතය තියෙනවා කියල. චන්දෙ අරන් පාර්ලිමේන්තු ගිය පිරිස විශ්වාස කරනවා ඒ අය ජන මතය නියෝජනය කරනවා කියල. බලය දියවන්නාවෙන් එලියට ගන්න හදන්නෙ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ පිරිස්.

    මම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නිසා මගේ උත්සාහය පාර්ලිමේන්තුව ඇතුලෙ ප්‍රශ්න විසදන්න. නිශ්චිත කාලයකට පස්සෙ මැතිවරණ පවත්වන්න. පාරෙ මතය ජනමතය විදිහට ගැනීම මුළාවක් වගේම භයානකයි කියන එකයි මගේ අදහස. හැම කෙනෙකුටම උවමනා විදිහට රටක් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මගේ කැමැත්ත යම් පිලිගත් නියෝජිත පිරිසක් අපව නියෝජනය කරන ක්‍රමයයි. ඒ අය අසාර්ථක නම් අපිට ඊලග වාරයේ ඔවුන් මාරු කළ හැකියි. ඔවුන්ගේ වැරදි තීරණ වෙනුවෙන් ඔවුන්ට ඊලග අවස්තාව අහිමි වන අතර අපගේ වැරදි තීරණය වෙනුවෙන් අපට එකග වූ නිශ්චිත කාලය දරාගැනීමට සිදුවෙනවා.

    මේ අතර ප්‍රභූ නිර්ප්‍රභූ දේශපාලනයක් ගැනත් කතාවෙනවා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නවා කියන්නෙම ප්‍රභූ නැත්තං එලිටිසම් එකක් පිලිගන්නවා කියන එක. තෝරා ගත් පුද්ගලයෙක් කියන එක තමයි ප්‍රභූවාදයේ පදනම. ඒක නරක දෙයක් නෙමෙයි අවශ්‍ය දෙයක්. ප්‍රභූවාදයට විරුද්ධ නිර්ප්‍රභූ අරගල කියන්නෙ තමන් වෙත ප්‍රභූත්වය පවරා ගැනීමේ වෑයමකට වැඩි යමක් නෙමෙයි.

    උදා විදිහට පාරට බැහැපු පිරිස් විශ්වාස කරනවා ජනතාව වෙනුවෙන් තෝරාගත් පිරිස ඒ අය කියල. ඒ අය විසින් විවිධ නීති පනවනවා. සමහර අයව තහනම් කරනවා, දඩුවම් නියම කරනවා. රූපවාහිනී නාලිකා අතපත් කරගන්නවා. ඒ අය ස්වයං ප්‍රභූත්වයක් බුක්ති විදිනවා. මේ නිර්ප්‍රභූ වෙස්ගත් ප්‍රභූත්වයට වඩා පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රභූත්වය ඩිමොක්‍රටික් කියල මං හිතනවා.

    ReplyDelete
  36. ජූනි මාසයේ නවතම භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2ක් වෙලා. ඒ ගැන සතුටුයි වගේ ම කණගාටුයි. ලංකා ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම ලැබුණෙ 2021 වසරේ. ආදායම ඩොලර් බිලියන 12.5යි. හැම සතියෙම අපනයනකරුවන් එක්ක ප්‍රගති සමාලෝචන රැස්වීම් තියල, අනිත් පැත්තෙන් තානාපතිල 63ක් මුණ ගැහිල අලුතින් සොයාගත් වෙළඳපොල නිසයි මේ වැඩි වීම වෙන්නෙ. කවුරු කෙසේ කීවත් බැසිල් රාජපක්ෂ රට ගොඩ නැගීම ගැන විස්වාසය තිබ්බෙ මේ තිරසාර මාර්ගය ඔස්සෙ. ඇත්තටම මීට එහා එකක් නැ. තියෙනව නම් කියන්න. ණය ටික ගෙවාගෙන, අපනයන ආදායම වැඩි කරගෙන, ස්ව ශක්තියෙන් ගමන් කරපු මාර්ගය තමා අවලස්සන ඇමරිකානුවා කියල, කපුටා කියල මේ රටේ මිනිස්සු ම විනාශ කර ගත්තෙ.

    ඉහත දිගුකාලීන සැලසුම ට්‍රැක් එකට වැටෙනකල් තමා ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක් ඉල්ලගත්තෙ. පස්සෙ ඒක ඉවර වෙනකොට ම IMf ණය ලැබෙන්න තිබුණා. බලන්න කොතරම් සැලසුම්සහගත වැඩපිළිවෙළක් ද කියල. ඒක විනාශ කිරීමට ගෝඨාභයත් වගකියන්න ඕන. රිදුනෙ බැසිල්ට නෙමෙයි, රටටම. මේ මග ගියා නම් නැගිටින්න තිබුණේ අලුත්ම රටක්. ණය නැති රටක්.

    මතක තියා ගන්න IMf ගියත් අපට ලැබෙන්නෙ ඩොලර් බිලියන 3යි. අපේ ප්‍රශ්න විසඳන්න ඒක ගෑවෙන්නවත් මදි. මාස තුනක භාණ්ඩ අපනයන ආදායම. සංචාරක ගලා ඒම්, අනෙත් පැත්තෙන් IT, රෙමිටන්ස් මේ සේරම සැලසුම් කරල තිබ්බෙ 2022 ඩොලර් බිලියන 30ක් රටට එන විදියට. හැබැයි ඒ ණයත් ⁣ගෙවාගෙන (ඩි⁣ෆෝල්ට් නොවී), රටේ කීර්තියත් රැකගෙන.

    අද අපි බංකොාලොත් ලේබලය ගහගෙන. ඩොලර් බිලියන 3ක් ගන්න IMF එකේ ඕනෑම කොන්දේසියකට යටත් වෙන තැනට පත් කරලා. ලෝක බැංකුව විසින් අද නිකුත් කරල තියෙන නිවේදනයට අනුව, අපේ සාර්ව ආර්ථික ස්ථාවරය හදා ගන්න කල් මුදල් දෙන්නෙ නැහැ කියල. මේ නොකියා කියන්නෙ IMF ණය අනුමත වෙනකල් ඉන්න කියල. හැබැයි IMf ණය අපට ලැබෙන්නෙ චීනය ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වුනොත් විතරයි. චීනය ඒකට කැමති නැහැ කියල පැහැදිලි ව කියල තියෙද්දි තමා නන්දලාල්-සබ්‍රි-හර්ෂ ත්‍රිත්වය ඒක පාර්ශවිකව ණය නොගෙවන තීරණය අනීතික ව ගත්තෙ. ඒකට සමාජ ඉල්ලුම ඊනියා අරගලය විසින් හැදුවා. කෝ අද ණය නොගෙව්ව කියල අපට තෙල් බෙහෙත් ගන්න ඩොලර් ඉතිරි වෙලාද? නැහැ. ණය නොගෙවන තීන්දුවට පස්සෙ ලංකාවේ ව්‍යාපෘතිවලට එවපු ඩොලර් ටික පවා විදේශ රටවල් විසින් අකුල ගත්තා. ණය නොගෙවන රටකට ණය දෙන්න බැහැ. නීති විරෝධීයි.

    ඒ මොක වුනත් චීනය අකමැති නම් අපට IMf ණය දෙන්නෙත් නැහැ. හැබැයි ප්‍රශ්නය තියෙන්නෙ අපට දැන් Plan B එකක් ද නැතිවීමයි.

    මේ තත්වය පුරෝකථනය කරල තමා බැසිල් රාජපක්ෂ රට ශක්තිමත් තැනක තියාගෙන IMF යන්න ගියේ. මොකද නැත්නම් මේ අය අපේ බෙල්ලම මිරිකනවා. දැන් සිදු වෙමින් තියෙන්නෙ ඒක.

    ReplyDelete
  37. මේ කතාව සමාජයට එකතු කළ යුතුයි, මේ සිද්ධිය සිදුවෙන්නෙ 2011-2014 කාලෙදි. ඌව වෙල්ලස්සෙ රවීන්ද්‍ර දේශප්‍රිය ආචාර්යවරයෙ වටා, ඔහු තමුන්ගෙ සිසුවියක් එක්ක සම්බන්ධතාවක් පවත්වනවා. දිනක් දෙදෙනා යන වාහනේ ඇක්සිඩන්ට් වෙලා ඒ සිසුවිය මිය යනවා. දෙදෙනා අතර සිදුවූ රහසක් මකන්නට හිතාමතා ඒ අනතුර සිදුකළ බව කිව්වත් ඒකට සාක්ෂි මට හමුව නැහැ. කෙසේ හෝ මේ කතන්දරේ අග මුල ආරංචි වෙච්ච, රජරට පළාතේ ගෙවල් තිබ්බ අර සිසුවියගෙ අවමඟුලට නෑදෑයෙක්වත් සහභාගි වෙන්නෙ නෑ. අන්තිමට විශ්වවිද්‍යාලෙන් තමුන්ගෙ බැචීගෙ අවමඟුලට යන ළමයිටම තමයි මළගෙදරට අවශ්‍ය වෙන සීනි තේ කොළ බිස්කට් ටික පවා අරන් යන්න වෙන්නෙ. ඒ තරම් ප්‍රතික්ෂේප වීමක් ඒ ගමෙන් ඒ පවුලටම ඇතිවුණා.

    ලස්සනම කතාව පටන් ගන්නෙ ඉන් පස්සෙ. ලංකාවෙ ඉන්න දක්ෂ, සෘජු පරිපාලකයෙක් ලෙස හැඳින්විය හැකි, අදටත් රජයේ පර්යේෂණායතනයක ප්‍රධානියෙක් විදිහට සේවය කරන එවකට සිටි, ඒ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින්, මේ දූෂිත විවාහක ආචාර්යවරයා සේවයෙන් ඉවත් කරනවා. ඉවත් කිරීමෙන් පමණක් නොනවතින, ඒ උපකුලපතිවරයා තමුන් එහි සේවය කරන කාලය තුළ, මොහුට ලංකාවෙ කිසිම විශ්වවිද්‍යාලයක සේවයට එකතු වෙන්න ඉඩ නොදෙන්නෙ, ඔහු ඉල්ලුම් කරන සෑම විශ්වවිද්‍යාල පත්වීමකදීම, අදාළ සරසවි පාලනාධිකාරියට මොහුගේ කල්ක්‍රියාව ගැන දැන්වීමෙන්. පසුව කලක් වෙනත් රාජ්‍ය ආයතනයක පර්යේෂණ සේවය කරන මේ තරුණ රවීන්ද්‍ර දේශප්‍රිය ආචාර්යවරයා, ඉහත කී උපකුලපතිවරයාගෙන් පසු වසර කීපයක ඇවෑමෙන් යළිත්, අවකල් ක්‍රියා හේතුවෙන් තමුන් සේවයෙන් පහකළ විශ්විද්‍යාලයේ සේවයටම එකතු වෙන්නෙ ජේ‍ය්ෂ්ඨ ආචාර්යවරයෙක් විදිහටයි. අද දරුවො දෙන්නෙකුත් සමඟ සතුටින් ගත කරන අදාළ ආචාර්යවරයා, සරසවි ආචාර්යවරයෙක් ලෙස සියළුම වරප්‍රසාද විඳිමින් ඉන්නෙ, තමුන්ගෙ දරුවා උපාධිය අරගෙන පවුල ගොඩදායි කියලා හිතපු අර දුප්පත් සිසුවියගෙ පවුලට බරපතළ අසාධාරණයක් සිදුකරලයි. ඒ සිසුවියගෙ බැච් එකේ හිටපු උන් අද බැඳලා, ළමයි හදාගෙන, ජොබ් කරමින් ඉන්නවා. උන් මේ කතාවට සාක්ෂි දරාවි.

    මොන වරද කරත් "තමුන්ගෙ එකා" ආරක්ෂා කරන ගතිය ලංකාවෙ උගත් බුද්ධිමතුන් අතරත් තියෙනවා. අර රංජා කියන එක හරි, උන් ඔක්කොම යාළුවො මල්ලි.

    ReplyDelete
  38. ‘අරගලය’ යනු වෙනස් සංදර්භයකි. එය කුමක් වෙනුවෙන් කරනු ලබන්නක්දැයි පැහැදිලි නැත. මුලින් ජනාධිපති ගෝඨාභය පැන්නීමටය. දැන් රනිල් පැන්නීමටය. දැන් ‘අරගලයේ’ පියා බව පෙනෙන සරත් ෆොන්සේකා අගෝස්තු 9 දින පැමිණ වත්මන් ආණ්ඩුව ද පන්නා දමන්නැයි තම අරගල ‘දරුවන්ගෙන්’ පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ ඉල්ලීමක් කළේය. එසේ පැන්නීමෙන් පසු රටේ නායකත්වයට පත්විය යුතු හොඳම පුද්ගලයා ඔහුට අනුව නම් ඔහුම විය යුතුය. අරගලකරුවන් ඔහු බලයට පත්කළ පසු ඔවුන්ට සිදුවන්නට ඉඩ තිබෙන්නේ නිකම්ම නිකම් කලවැද්දන් බවට පත්වීමට විය හැකිය. කෙසේ වෙතත්, සරත් ෆොන්සේකාට රට ගොඩගැනීම සඳහා තිබෙන වැඩපිළිවෙල තබා ඔහුට සිටින කණ්ඩායමවත් කුමක්දැයි කිසිවෙකු දන්නේ නැත. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් ඔහු පවත්වන කතාවල නීත්‍යානුකූලභාවය පරීක්ෂා කළ නොහැකි වීම ඔහුට වාසිදායකය.

    අරගලය ‘සාමකාමී අරගලයක්’ ලෙස වරනැගීමක් තිබෙන අතර ඇමරිකා, කැනඩා තානාපතිවරුන් හා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පවා එය එසේ යයි සිතන බවක් ඇතැම් ට්විටර් පණිවුඩවලින් පෙනිණි. එහෙත්, ‘සාමකාමී අරගලය’ යනු පැනඩෝල් වැනි වෙළඳ සන්නාමයකි. අරගලය යන ක්‍රියාකාරීත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පොලුගසා මරාදැමීම, තවත් මන්ත්‍රීවරයකුට ඒ අන්දමින්ම පහරදීම හා නිවාස රාශියක් ගිනිතබා විනාශ කිරීම ද, තවත් දේපළ රැසකට කළ හානි ද තිබේ.

    අරගලය ‘කැරැල්ලක්’ ලෙස හැඳින්වීමට කැමති අය ද සිටිති. එහෙත්, සාධාරණව කල්පනා කර බැලූ විට සමස්ත අරගලය කැරැල්ලක් වන්නේ ද නැත. කිසිදු කැරැල්ලක් නායකත්වයකින් තොරව පවතින්නේ නැත. ස්වයං සිද්ධව පැනනැගුණ කැරැලිවලට පවා අවසානයේදී හෝ නායකත්වයක බලපෑම ඇතිවේ. මෙහි එවැනි වගකීම් භාරගැනීමක් නැත.

    එහි ‘මොබ් ප්‍රචණ්ඩත්වයන්’ මාලාවක් තිබිණි. එහෙත්, සමස්ත අරගලය ‘මොබ් ප්‍රචණ්ඩත්වයට’ ඌනනය කරන්නට ද බැරි ය. එහි යම් යම් ආදරණීය හා සුන්දර සංස්කෘතික ලක්ෂණ තිබිණි. එහෙත් එය ‘ආදරයේ අරගලයක්’ ද නොවේ. ඕනෑ තැනක තිබෙන ආදරය සේම එහි තිබුණු ආදරය ද වෛරයට ඉතා සමීප එකකි.

    ‘අරගලටඅඅඅඅඅඅහ් ජයහ්වේවාහ්!’ යනු මේ අරගලයේ ප්‍රධානම මන්තරය විය. එහෙත්, එසේ මැතිරූ පමණින් අරගල ජයග්‍රහණය කරන්නේ නැත.

    ‘කපා කපා කෑලි කපා – අප වළකනු සිතනු එපා – ලේ හැලුණත් පාර දිගේ – අපේ ගමන අපි යනවා’ යි කීවාට, කවුරුවත් කෑලි කපන්නට ආවේත් නැත. පාරවල් දිගේ ලේ හැලුණේත් නැත. අපේ ගමන අපි යනවා ය කී අය දැන් වෙන වෙනම තම තමන්ගේ ගමන් යාම පටන්ගෙන තිබේ.

    ‘මර්දනය’ ගැන කියන්නට තිබෙන්නේ ද එහෙමම දෙයකි. 1971 හෝ 1989 හෝ දෙමළ අරගලයේ අවුරුදු 30 තුළ මර්දනය ගැන අත්දැකීම් ලබා තිබෙන අය වර්තමානයේ සිදුවන දෙය මර්දනයක් ලෙස නොදකිති. එය ද මර්දනයේ ප්‍රබන්ධයකි.

    1983දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් පසු හදිසි නීතිය යටතේ අත්අඩංගුවට පත්වූ කිසිවකුට අවම මාස තුනක් පමණ ගතවන තෙක් ඇප ලබාගැනීමට නොහැකි විය. 1986දී මාත්, මනෝජ් ප්‍රේමකීර්තිත් බුලත්සිංහල අතුර පොළේ ජවිපෙ පත්‍රිකා බෙදමින් සිටියදී එවකට පැවති ආණ්ඩුවේ හිතවතුන් පිරිසක් මා පොලිසියට අල්ලා දුන් අතර, පොලිසියේ නීති විරෝධීව හා නීත්‍යානුකූලව දින ගණනක් තබාගෙන හරක් පයියෙන් පවා පහරදීමෙන් අනතුරුව මා මාස තුනක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තබන ලදී. තහනම් සංවිධානයක පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් මා හට පවරන ලද නඩුවට මා 1989දී එළියකන්දේ සිටියදී මා අධිකරණයට ඉදිරිපත් නොකරන ලද අතර, එදා නෝඩේට් කළ නඩුව තවමත් නෝඩේට්ය.

    ReplyDelete
    Replies
    1. 1989 කැරැල්ල සමයේ හදිසි නීතියටත් වඩා ක්‍රියාත්මක වූයේ අනීතියයි. එළියකන්ද වධකාගාරයේ කලින් කල රඳවාගෙන සිටි පිරිස් අතරින් රැඳවුම් නියෝග තිබුණේ මටත්, වර්තමානයේදී දීර්ඝ කාලයක් තිස්සේ ඩලස් අලහප්පෙරුමගේ ලේකම්වරයකු වන සුමිත් චන්දනටත්, රැඳවුම් නියෝග තිබියදීම තලල්ල හමුදා කඳවුරේදී වධදී මරාදමන ලද ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ චම්ලි දිසානායකටත් පමණි. අප දීර්ඝ කාලයක් තිස්සේ නඩු නොමැතිව රඳවා තබාගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.

      හමුදාව ඉවත් වී පොලිසිය මර්දනයේ සමස්ත වගකීම භාරගත් පසු, නීත්‍යානුකූලව රැඳවුම් කඳවුරුවල සිටි පුද්ගලයන් නිදහස් කර, අධිකරණ භූමියේදීම පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සුලබ තත්වයක් විය. ඉහත් දැක්වූයේ මර්දනයක් සිදුවූ ආකාරය පිළිබඳ ඉතා කෙටි විස්තරයකි. දෙමළ කැරැල්ල මර්දනය කළ ආකාරය එමෙන් සියගුණයක් බිහිසුණුය.
      පසුගිය සමයේ සුලබම ක්‍රියා වූයේ වහසිබස් දෙඩීම, මොබ් හෙවත් ආවේගශීලී ජන සමූහයන් ලෙස චලනය වීමයි. මෙම මොබ් ක්‍රියාකාරකම් බොහොමයක් නීති විරෝධී වනමුත්, ඒවා බොහොමයක් සුළු වැරදි ලෙස සැලකිය හැකිය. එහෙත්, ගෙවල් ගිනි තැබීම්, දේපළ හානි කිරීම් හා මිනීමැරීම්වල ද යම් පිරිසක් නියැලුණහ.

      වැඩියෙන්ම සිදුවන්නේ ආවේගශීලී ජනරාශිවල බලය ඇඟට අරගෙන වහසිබස් දෙඩීමයි. විශේෂයෙන්ම දේශපාලන පක්ෂවල නායකයන් වහසි බස් ඔස්තාද්ලාය. ඒ හැරෙන්නට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා ගොනුකළ හැකි මට්ටමකින් ඔවුන් මේ ‘අරගලය’ සමග සම්බන්ධ වූ බවක් නොපෙනේ.

      කෙසේ වෙතත්, දැන් රජය පැත්තෙන් පොලිසිය යම් යම් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවක් පෙනේ. එම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම් යනු සිදුවූ නීති උල්ලංඝනයන්ගෙන් නොගිණිය හැකි තරම් සුළු ප්‍රමාණයක් සම්බන්ධයෙන් ප්‍රතික්‍රියාය. නීති උල්ලංඝනයන් සිදුවූ පරිමාණය අනුව විමර්ශන කිරීමට හෝ නීති ක්‍රියාත්මක කිරීමට පොලිසිය හා නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධ අනෙකුත් පද්ධති කිසිසේත්ම ප්‍රමාණවත් නැත. රාජපක්ෂවරුන් සොරකම් කර ලෝකයේ සඟවා තිබෙන මහජන ධනය සොයන්නට අප කටයුතු ආරම්භ කළ යුත්තේ මෙවැනි යුක්තිය පසිඳලීමේ පද්ධතියක් සමගය.

      ‘මර්දනය’ යනුවෙන් හඳුන්වනු ලබන මෙම ක්‍රියාවලිය ද ඉතා දුර්වල රාජ්‍ය ක්‍රියාකාරීත්වයකි. එමගින් සිදුවන්නේ වැරදිකරුවන් හඹාගොස් දඬුවම් කිරීමකට වඩා යුක්තිය පසිඳලීමේ පද්ධතිය මුළුමනින්ම අක්‍රිය වී නැති බව පෙන්වීම පමණි.

      පී ජයසිංහ -අගලවත්ත

      Delete
  39. මේ ගතවෙන වේදනාත්මක මොහොතට නමක් නෑ...
    ඒක වේදනාත්මක මොහොතක් විතරක්ම කිව්වොත් හිතට සෑහීමකුත් නෑ....
    මම හිතන්නේ අංශුමාත්‍රිකව දුහුවිලි වෙලා පාවෙලා යන්න හිතෙන්නෙම මේ වගේ මොහොතක් උදා වුනහම....

    මට දැන් ඇහැට පේන උන් එක්කත් පිපුරන වෛරයක් තියෙන්නේ...
    කොහේ හරි ඉබාගාතේ බලාගෙන ඉන්නකොට කවුරු හරි එකෙක් ඒ මැඳින් ගියත් ඇති මේ කේන්තියට...

    එහෙම ගියපු එකා ටෙන්ට් එකකට ඇඳපු කේබල් එකක පැටලිලා කබරයා පත බෑවුනා වගේ වැටුනේ මීට ටික වෙලාවකට කලියෙන්...

    ආයේ මුකුත් නෑ ජීවිතේ ප්‍රශ්න ඔක්කෝම මොහොතකට හරි හමාරයි...
    ඇත්තටම කීවොත් ආතක් පාතක් නැතුව කල්පන ලෝකෙක බංකුවක හිටපු මම නැගිට්ටේ එහෙමයි...

    එකෙක් වැටෙන්නම ඕන තව එකෙක්ට නැගිටින්න නම්...

    මම ඒ වගේ ගොබ්බ කතාවක් ඔලුවට ආරූඪ කරගෙන මහ මුහුඳ දිහා බැලුවා.. එහෙමට අමුතු හුත්තක් ලියන්න තරම් ඒක වෙනසක් නෑ.. ඒත් එහා ටෙන්ට් එකේ එකා ෆොටෝ එකක් එක්ක ලියලා තිබ්බේ හරියට මේක නිකම් සැන් ඩියාගෝ වෙරළ තීරය වගේ සීන් එකකින්...

    පක...

    සුදුපාට පෙණ කැටී.. කුණු පාට දිය රැලී...

    ඒ අස්සෙන් නන්දා මාලනීගේ "පවන " ලබ්බක් දාගෙන ..යකෝ 21 සියවස ලබලත් අහන්න පුලුවන් විකල්ප ගීතයක් ,අරගල ගීයක් ගයාගන්න බැරි වෙච්ච රටකට අන්දන්න ඕන නන්දා මාලනීගේ සුදු සාරියම තමා...
    යදමින් බැඳ විලංගු ලා ඇඟිලි තලණවලු...

    මහ මූසලම කටහඬක් ඕකනම්...

    අනික තාම ඇගිලි තලන ලෙවල් එකට අවිල්ලා නෑ කොහෙත්ම... මේ සිංදු දාන පකයි ඔක්කොටම ඔය වද විඳින්න පුදුම සෙක්ස් ඇරියස් එකක් ඇත්තේ... අම්මපා...

    එහෙන් අයුක්තියේ අණ පිලිපැඳ කුමකට නුඹ පලඳින තරු ලු...
    "තොපේ රෙස්පට් අපට ඕන නෑ යකෝ 🤣

    මට ඒ එයාර්ෆෝස් කොල්ලගේ හඬ මේ වගේ හුත්තවල් අහන කොට රැව් පිලි රැව් දෙනවා..සඌනම් නියම කොල්ලෙක්... නියම වචන ටික සහ හරිඅ වචන ටික... හොද වැඩේ බොලාට...හරියට තමන්ගේ රස්සාව කරන එකාට අනිත් එකාට රෙස්පට් පකුන් අදාලම නෑ.. උඹලත් එක එකාට රෙස්පෙක්ට් කොර කොර යන්න දෙයක් නෑ චන්දෙකදි තොපේ රෙස්පෙක්ට් එක තියන් කතිරේ ගැහුවනම්...

    අම්මපා මම නම් කියන්නේ ඕයි ඔය මොහිදීන් බෙග්ගෙයි නන්දා මාලණීගෙයි ඔය තියෙන ලබ්බේ සිංදු මේ රටින් මකබෑවිලා ගියපු දාක අනේ අම්මපා විප්ලවය සිද්ද වෙයි...

    මට ඇත්තටම කියන්න තියෙන්නේ ඔච්චරයි...

    ඔව්වා පඳ වල ලියපු කම්මැලිකම් !

    ReplyDelete
  40. නැන්දගේ මරණය

    අපේ නැද්ද ගිය අවුරුද්දේ දොළොස්වැනි මාසේ ,නැතිවුණා මරණ පරීක්ෂණයේ තිබුණේ pressure ලෙස අධික ලෙස වැඩි වී මැරුණා කියලා, ඒ වෙද්දි හැබැයි එයයි එයාගේ හස්බනුයි අතර ප්‍රශ්න, ඒත් මහින්ද පරීක්ෂණයේදී පරීක්ෂණයේදී එහෙම දෙයක් ඔප්පු වුන නිසා අපි ඒ පිළිබඳ වැඩිය ගණන් ගන්නේ නැතුව මරණ කටයුතු කරයි , ඒත් මීට සතියකට කලින් මට හීනෙන් හැමදාම වගේ නැද්ද ම පේනවා,නැද්ද මට හැම වෙලාවෙම කියනවා එයාට උදව් කරන්න එයා මැරුණා නෙමෙයි මැරෙව්වා කියලා,,මං මේක කාටවත් කියන්න ගියේ නැහැ මේක මට හරිම මානසික වදයක් ,මට හිතෙනවා මේකෙ යටි මොනාහරි දෙයක් තියනවා කියලා,මට හේතු කිහිපයක් තියෙනවා

    1) නැන්දා නැතිවෙන්න කලින් ගෙදර තිබුණු සීසීටීවී මාමා විසින් ඒ කියන්නේ නැන්දාගේ හස්බන්ඩ් ,අලුත්වැඩියා කිරීමක් කරන්න තියෙනවා කියලා ගලවලා

    2) නැද්ද නැති වෙන වෙලාවේ මාමා ගෙදර නැහැ ඔෆිස් එකේ,ඒත් මාමා ගේ කටින් පිටවුනා එක දවසක් මේ මනුස්සය හුස්ම ඇද්ද මගේ අත් දෙක උඩ කියලා

    3) නැන්දාගේ මලගෙදර ඒ සිට අද වෙන තාක් ඔහුට කිසිම දුකක් නැහැ ඇඬුවේ වත් නැහැ

    4) නැද්දා නැති වෙන්න කලින් කැන්දාගෙන මට තිබුණු ඉඩමක් මාමා විසින් ඒයාගේ නමට ලියාගෙන

    මේ හේතු ටික ගත්තාම පොඩි සැකයක් තියෙනවා,මාමාට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා වටින් පිටින් ආරංචි වෙනවා, අපේ අම්මටයි තාත්තටයි එච්චර මේ පිළිබඳ දැනුමක් නැහැ,එයාලා හරි අහිංසකයි,මට මේ ගැන සැකයි මං මොකක්ද මේකට කරන්න ඕන,හැබැයි නැන්දාව භූමදාන කරේ පුච්චලා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න