.

.

Oct 6, 2021

ඖෂධ මාෆියාවේ දත්ත මැකීමෙන් රටට පෙන්වන නීතිඥ සංගමයේ නිරුවත.

 


(මාතලන්ගේ හිතවත්, මේ රටේ යුක්තිය සාධාරණය ඉල්ලනා අවංක අබ්බගාත් "මහත්වරුන්" මේ වෙනුවෙන් මා හා උරණ විය යුතු නැත)


මේ රට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හොරුන්ගේ මිනීමරුවන්ගේ හා මාෆියාකාරයන්ගේ පාරාදීසයක් වීමට වග කිව යුත්තේ දේශපාලුවන් පමණක්ම නොවේය.


ඒ හා සමානවම හෝ ඊටත් වැඩියෙන් අපේ රටේ නීතිය හා අධිකරණයද, ජඩමාධ්‍යද, ‍රාජ්‍ය නිළධාරී මාෆියාවද හරි හරියට වගකිව යුතු බව ලියන්නේ, මාතලන්, වික්ටර් අයිවන් හා අජිත් පැරකුම් ජයසිංහ  පමණක් වීම ඉතා කනගාටුදායකය.


පාතාලයේ මහ උන් මෙන්ම මිනීමරුවෝද, ත්‍රස්තවාදීන්ද, එලියේ ඉන්නේ හොරෙන් නොව, අම්මට සිරි ලංකාවේ නීතියේ හා අධිකරණයේ ආශීර්වාදය අනුව ඇප මත නිදහස්ව නීත්‍යානුකූලවය.


පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ඇතුලේ ඉන්නා අබ්බගාත් ටෙරා එලියට දාන්න යැයි කියනා නීතීඥ්ඥ සංගමයද හෑම එකෙක්මද මට අනුව නම් ටෙරාලාමය.


ලෝකයේ දියුණු යැයි සම්මත රටවල මෙවන් අපරාධයකරුවන් සඳහා නීතීඥ්ඥයින් ඉදිරිපත්වන්නේ නැති අතර, බොහෝ විට ඉදිරිපත් වන්නේ කොරිඩෝ ලෝයර්ලා හෝ රජයේ නීතීඥ්ඥයෙක්‍ය.


එහෙත් අප වැනි මාෆියාවලින් රන් වෙන රටවල අති විශාල අයකිරීම් යටතේ කුප්‍රකට අබ්බගාත්ලා ඉදිරිපත්වීම දැන් සාමාන්‍ය තත්වයක් වී තිබීම ඉතාම කනගාටුදායකය.


වඩාත්ම ලොල් සහගත කාරනය නම්..., මෙහේ සිඳුවන හැම මළහත්තිලව්වකටම...., "දියුණු රටවල් වල නම් එහෙම නෑ අනේ...පනේ... තනේ... වැනේ..." කියනා ලිබරල් හිකනල්ලුන්ද නීතියේ ඇති ශික්ෂා පද උලුප්පා පෙන්වමින් මේවා සාධාරණීකරණය කරනා එකය.


දත්ත මැකූ මාෆියා කාරයන් වෙනුවෙන් කලින් සඳහන් කල කුප්‍රකට අබ්බගාත් කෙනෙක් ඉදිරිපත් වූවා නම්, අනේ සංසාරේ කියා අපටද හිත සනසාගත හැකි වුවත්, නීතීඥ්ඥ සංගමයේ මහ එකාම මාෆියා චෝදනා එකෙක් වෙනුවෙන් පෙනී සිටීම රටේ නීතියේ ඇති විකාර තත්වය මොනවට කියා පාන්නේය.


නීතීඥ්ඥ සංගමයේ මහ එකාත්, ඊයේ අල්ලස් හා දූෂණ කොමිසමට පැමිනිලි දාන්න ගිය උන්ගේත් කොන්ෆිල්ක්ට් ඔෆ් පොලිටිකල් ඉන්ටරෙස්ට් කොහොමද කියලා ඕන එකෙක් දන්නවාය.


ලැජ්ජාවට කරුණ නම් මාෆියා කාරයන් වෙනුවෙන් ඉදිරිපත් වීම හෝ එය වැරදීමකින් සිඳු වූවක් යැයි කීම නොවේය. මේ 21 වන සියවසේ "රජය සතු දත්ත" මකා දැමීම රාජ්‍ය දේපලවලට හානී කිරීමක් නොවනා බවට ගෙන එන තර්කයය.


එක්කෝ මුන් අඩු ගානේ සයිබර් ක්‍රයිම් ගැන අහලාවත් නැති උන් වෙන්න ඕනෑය.


මෙතෙක් රජයේ පාර්ෂවයටද දත්ත මකා දැමීම ගැන චෝදනා එල්ල වූවත්. දැන් වැඩේ කරේ මොකාද කියනා එක ඉතා පැහැදිලිය. 


එහෙත් රජය වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරීස් කියා සිටියේ....


ඖෂධ වල නියම ප්‍රමිතිය පිළිබඳ කරුණු අඩංගු ලේඛන 1,100,000 (දත්ත එකොළොස් ලක්ෂයක් )  කට අධික ප්‍රමාණයකට ගේම දීම අත්වැරදීමකින් සිඳු නොවූවක් බවත්, එය ඉතා සැලසුම් සහගතව කරනා ලද උසාවියේ නඩු ෆයිල් වලට ගිනි තැබීමක් හා සමාන වන බවය.


සාමාන්‍යයෙන් මෙවන් මාෆියා කාරයන් හා නඩුහබ කීමේදී..., බොහෝවිට රාජ්‍යා අංශය පරාජයට පත්වීම සිරිතක් ලෙස පැවතියද, 


එය උඩු යටිකුරු කරමින් අධිකරණයට හා නීතීපති දෙපාර්තමේන්තුවට ගෞරවයක් අත්කර දුන් දප්පුල ද ලිවේරා මෙන් කටයුතු කිරීමට දිලීප පීරිස්ටත් ධෛර්යය ශක්තිය ලැබේවා යන්න මේ රටේ යුක්තිය හා සාධාරණය පතනා හැම එකාගේම බලාපොරොත්තුව විය යුත්තේය.


කරපු එකා මොකාද කියා ජනතාවට හෙලිකිරීම, උත්තරීතර යැයි කියනා අධිකරණයේ වගකීමය ..


ඒ වගත් මෙසේය....


.

25 comments:

  1. මිහින් ලංකා ගුවන් සමාගම

    2007 – 2010 කාලය තුළ අලාභය – රුපියල් මිලියන 13,735යි.
    ගෙවීමට ඇති මුළු මුදල් ප්‍රමාණය (ජංගම වගකීම්) – රුපියල් මිලියන 2,400යි.
    ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමෙන් ගත් ණය – රුපියල් මිලියන 500යි.
    බැංකු අයිරාව – රුපියල් මිලියන 382යි.
    එකතුව – රුපියල් මිලියන 17,017යි.

    ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව

    අක්‍රීය ණය – රුපියල් මිලියන 1,300යි.
    එම අක්‍රීය ණයවලට අමතරව විශේෂයෙන් සඳහන් වන ආයතනවලට ලබාදී ඇති ණය
    බෙටන්ට් සමාගමට – රුපියල් මිලියන 300යි.
    ධීවර සමිතියකට – රුපියල් මිලියන 75යි.
    ටොරානා මියුසික් සමාගමට – රුපියල් මිලියන 21යි.
    නන්දන මෝටර්ස් සමාගමට – රුපියල් මිලියන 42යි.
    ඇඟලුම් කම්හල්වලට ලබාදී ඇති නැවත අයකර නොගත් ණය – රුපියල් මිලියන 1000යි.
    එකතුව – රුපියල් මිලියන 2,738යි.

    මෙම ආයතන දෙකේ සිදුව ඇති මූල්‍ය අපරාධය රුපියල් මිලියන 19,755යි.

    ReplyDelete
  2. සැකකරු විසින් ජූලි 09 වැනි දින පාන්දර 3.47 සිට උදෑසන 10.29 වන තෙක් පැය 7 කාලය තුළ ඔහුගේ පෞද්ගලික දුරකථන මාර්ගයෙන් දත්ත ගබඩාවට පිවිස ඇති බවට අනාවරණය වුණා. ලක්ෂ 11 පමණ ඔෟෂධවල දත්ත ඇතුළත් අංශයම මොහු විසින් මකා දමා තියෙනවා. මේ සැකකරු විසින් ඒ සඳහා ලබා ගත් ප්‍රවේශය ඇතුළත් ඉතිහාසය මකා දමා තියෙනවා.”යි සඳහන් කර තිබෙනවා.

    “සැකකරුගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසන්නේ මෙය අත්වැරදීමකින් සිදු වූවක් බවය. මෙම දත්ත ගබඩාවේ දත්ත හා ආකෘති කියා අංශ දෙකක් පවතිනවා. මේ දත්ත මැකීම එකවර කළ දෙයක් නොවේ ස්වාමිනී, අත්වැරදීමකින් වුණත් ලේඛන 50 හෝ 60 මැකෙන්න පුළුවන්. හැබැයි ලක්ෂ 11 එහෙම අත්වැරදීමකින් මැකෙන්න විධියක් නෑ. මොහු පොඩි බබෙක් නෙමේ. මොහු පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයෙක්. සැකකරු විසින් මේ සියලු දත්තයන් එකට එක් කර ගොනුවක් සාදා අනතුරුව කිහිපවරක් පරිගණකයට නියෝගයන් ලබාදී දත්ත මකා දමා තියෙන්නේ.”

    දත්ත මැකූ තොරතුරු තාක්ෂණ ශිල්පී ප‍්‍රමෝද් දිලූප රාමනායක නමැති මේ සැකකරු මෙම ආයතනයේ රැකියාවට ඒමට පෙර නාවික හමුදාවේ නිලධාරියෙක් වශයෙන් වසර 03ක් සේවය කර තියෙනවා. එවැනි වගකිවයුතු නිලධාරියෙක් අතින් මෙවැනි වැරදීමක් වෙන්න පුළුවන්කමක් නැහැ. මෙම සැකකරු මෙම ආයතනයෙන් ඉවත් වී වෙනත් ආයතනයකට යන්න පත්වීම අතේ තියන් තමයි මෙලෙස දත්ත විනාශ කර තියෙන්නේ.

    ඖෂධ මාෆියාවේ පුද්ගලයන් මේ පුද්ගලයා හරහායි සියලු සම්බන්ධීකරණය කර තියෙන්නේ. ඔෟෂධ නියාමන අධිකාරියට දත්ත නියාමනය කරන්න බැහැ. අලුත් ඉල්ලුම්පත් සැඟවීම කරන විට ඖෂධ නියාමන අධිකාරියට පෙන්වන්නේ පරණ ටෙන්ඩර් ඉල්ලුම්පත්.

    මේක වෙන්නේ මෙහෙමයි, ගුණාත්මක බවින් යුත් ඖෂධ ගෙන්වන්න නවක සමාගමක් ටෙන්ඩර් ඉල්ලුම්පතක් ඉදිරිපත් කරපුවාම ඒ ලේඛන ගැන තොරතුරු ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගෙන් ජාවාරම්කරුවන්ට යනවා. එවිට ඖෂධ මාෆියාවේ ජාවාරම්කරුවන් මෙම සැකකරු හරහා අලුත් ටෙන්ඩර් ඉල්ලුම්පත් මකා දමනවා. එවිට ඖෂධ නියාමන අධිකාරියට පෙන්වන්නේ පරණ ජාවාරම්කරුවන්ගේ ටෙන්ඩර් අයැදුම්පත් විතරයි.

    ඒ කියන්නේ පරණ ජාවාරම්කරුවන්ටම ටෙන්ඩරය යනවා. හොඳ ගුණාත්මක බවින් යුත් බෙහෙත් මේ රටට ගෙන්වන්න අලුත් සමාගම්වලට පැරණි ජාවාරම්කරුවන් ඉඩදෙන්නේ නැහැ, මේ රෝගී ජීවිත සම්බන්ධයෙන් වූ කාරණාවක්. දැනට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ සහකාර ඉන්ජිනේරුවරයා විතරයි. නමුත් මේකට හිටපු ඇමති රාජිත සේනාරත්නගේ හිතවතුන් සහ හිටපු ඖෂධ අධිකාරියේ සභාපති මොහමඩ් රූමි, රාජ්‍ය සේවකයෝ, කූට ව්‍යාපාරිකයෝ වගේම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අභ්‍යන්තර නිලධාරීන්ගේත් සහාය ලැබී තිබෙනවා.

    මේ සැකකරු ඇයි මේ දත්ත විශාල ප්‍රමාණයක් මැකුවේ? ලක්ෂ 11ක් වැනි විශාල දත්ත ප්‍රමාණයක් එකවර මකන්න මේ සැකකරුට විශාල උත්තේජනයක් ලැබෙන්න ඕනේ. මෙම අධිකරණ ශාලාව පුරවන්න පුළුවන් තරම් ලේඛන ප්‍රමාණයක් පරිගණකය ප්‍රතික්ෂේප කරමින් තුන් වරක් මැකීමට විධාන ලබාදීම වැරදීමකින් වුණ දෙයක් නොවේ .

    මෙම සැකකරු එපික් ලංකා සමාගමෙන් ඉල්ලා අස්වී වැල්ලවත්ත ප්‍රදේශයේ ඩිජිටල් සොලියුෂන් නමැති පෞද්ගලික සමාගමකට එක්වීමට සූදානම්ව සිටියදීත් එපික් ලංකා සමාගම ජාතික ඖෂධ අධිකාරියේ දත්ත පද්ධතියේ පරිපාලන වගකීම මෙම සැකකරු වෙතම පවරා තිබීම බරපතළ සැකයකට තුඩු දී තිබෙනවා. ඒ වගේම මේ කුමන්ත්‍රණයට සම්බන්ධ ජාතික ඖෂධ අධිකාරියේ අභ්‍යන්තර නිලධාරීන් ගැනත් අපි විමර්ශනයක් ආරම්භ කරලා තියෙන්නේ.

    තවම දින හතයි පසු වුණේ. මෙම දත්ත ලක්ෂ 11 මිල කළ නොහැකියි. මේ වන විට දත්තවල වටිනාකම ගැන විධිමත් ගණනය කිරීමක් සිදු වෙනවා. සැකකරුට ඇප ලබා දීමේදී මෙම අවස්ථාවේ සාක්ෂිවලට බාධා ඇති විය හැකියි.

    ReplyDelete
  3. මේකට සම්පුර්ණයෙන්ම වගකිවයුත්තේ ඍජුවම රාජිත සේනාරත්න, අපිට මතකයි එවකට GOMA එකෙන් නිරතුරුවම මේ රාජිතට එරේහිව පැමිණිලි ගණනාවක් සිදු කළා නමුත් එයින් කිසිම පලක් වුයේ නැහැ එවකට පැවතුණු යහපාලනයේ සිටිය දක්ෂ පාලකයින් නිසා. අනෙක් කරුණ තමයි ඔබලාට මතකද එවකට සිටි දිවංගත මහාරගම පිළිකා රෝහලේ සිටි ව්‍යිද්යවරයා වි. වෛද්‍ය වසන්ත සේනානායක සිරස ටී වී එකේ ඇවිත්, අන්න ඔවුත් මේ රාජිත ගැනම බොහෝ දුකේන් කියා සිටියා එහි දත්ත ඇතුළු අඩුපාඩු කියා දීමෙන් රාජිත අසබ්‍යවචනවලින් ඔවුට බණ වැදුණා සැටි, ඉතින් තව මොනවද මේ මනුෂ්‍ය ගැන කියන්න තිබෙන්නේ. ධිවර අමාත්‍යංශයේ ඇමතිවි සිටි කාලේ කරපු අසාදර්නකම්, දුෂණ වංචා, කොමිස් කියා නිම කරන්න බැහැ අසීමිත ධනස්කන්ධයක් මොවූ එයින් සොයා තිබෙනවා. ඒවගේම පසුගිය කාලයේ කරපු නොයෙක් මාද්‍ය කූට සංදර්ශන මතක ඇති නේ? නමුත් ප්‍රශ්නය එතැන නොවෙයි මේතරම් ඇස් පනාපිට ශාක්ෂි තිබිලත් මේ මනුෂ්‍යාට මහින්ද කියන පෝරිසාදය නිතිය ඉදිරියට ගෙන ඒමට පියවර නොගන්නේඇයි කියා? එක දෙයක් නම් දැන් අපිට සහා සුදක් සේ හොඳාකාරවම පැහැදිළියි ඒ මොවූ විසින් සොරුන්ව රකින බව. එය ඔවු විසින්ම කියා තිබුණා කළකට උඩදී තමා එක එක අයගේ දුස්‍යවූ ෆයිල් මත ඉඳගෙන සිටිනවා කියා. .එයින් මනාලේස පැහැදිළියිනේද මේ මනුෂ්‍ය තමා භූමිකාව ඉදිරයට ගෙනයාමට අවශ්‍යය බැවින් මේ සොරුන් රකින බව,ලාංසා,මතක ඇතිනේ කරවට අතක් දමා කල විකාරය?? ඉතින්මේ ලංකාව නම් කවදාවත් ගොඩ දාගන්න බැ මෙන්න මේ අලිබබා නැති වෙනකම් මොකද අලිබබා තමයි තම සොරු නිරන්තරයෙන්ම රකින්නේ…

    ReplyDelete
    Replies
    1. දැන් හාඩ් ඩිස්ක් එකඟ මකපු දත්ත ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියෙනවනේ . ඇයි එහෙම ගන්නේ නැත්තේ. මේ ඇනෝ කීව වගේ කට්ටිය එකිනෙක රකිනවා කියල මටත් හිතෙන්නේ.

      Delete
    2. cnews එකේ කොමෙන්ට් කොටන Alapaluwa මෙහෙට්ටත් ඇවිල්ලා!

      Delete
    3. Data recovery is possible before formatting the drive

      Delete
  4. https://facultyofsex.com/archives/6062
    ��������������������������������

    ReplyDelete
    Replies
    1. ����������

      Delete
  5. රටට වෙන්න යන දෙයක්.... ඇඟ හිරි වැටෙනවා!

    මේවා අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සැලකිල්ලට ලක් වෙන්නේ නැත්ද?

    ReplyDelete
  6. This is banana lanthaya. Not a big issue.

    ReplyDelete
  7. මාතා,

    ලංකාවේ පවතින පසුගාමී දේශපාලන පක්ෂ වෙනුවට අලුත් විකල්ප ක්‍රමයක් ගැන බොට අදහසක් තියෙනවා ද කියලා කියන්න බලන්න. දැනට අවුරුදු දෙකකට විතර කලින් නිර්මාල් රංජිත් දේවසිරි එයාගෙ ෆේස්බුක් පිටුවෙ විකල්පය ගැන එයාගෙ අදහස පෝස්ට් එකක් විදිහට දාලා තිබුන. ඒකෙ හැටියට නිර්මාල් පතන විකල්පය වුනේ වෙළඳපොල ක‍්‍රමය ප‍්‍රතික්‍ෂේප කිරීම හරහා අත්පත් කරගන්නා යුක්තිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේ බහුබූත එකක්. වෙළඳපොල ක‍්‍රමය ඇරුනම යෝජනා කරන්නෙ මොකක්ද කියල කීප දෙනෙක් අහද්දි එයා තවත් පෝස්ට් එකක් දාලා කියනවා ඒ ප‍්‍රශ්න අහන අය වෙළඳපොල පැවැත්ම සහ ක‍්‍රමයෙ වෙනස දන්නෙ නැතිලු. නිර්මාල් සාමාන්‍යයෙන් ෆේස්බුක් එකේ මේ වගේ අතාර්කික අප්‍රායෝගික බහුබූත කතා නිසා ගොඩක් විහිලූවට ලක් වෙන කෙනෙක්. කොහොමටත් මේක නිර්මාල්ගෙ පුද්ගලික හැඩයෙන් එලියට අරන් කතා කරන්න මං කැමතියි. මොකද මේ නිදහස් වෙළඳපොල ක‍්‍රමයට එරෙහි කෙදිරිය සෑම වාමාංශික ප‍්‍රභවයක් තියෙන තැනකම ඇහෙනවා. විශේෂයෙන් ලංකාවෙ ඇකඩමියාවෙ නිර්මාල්ලගෙ පටන් අර රුහුණේ කොන්ඩොම් මහාචාර්ය වෙනකල්ම පොදුවෙ ඔහේ ඉබාගාතෙ කියමින් පොඩි පාරිශූද්ධ ගතියක් ෆීල් කරන කතාවක්.

    නුඹ පිළිනොගන්නා නමුත් යතාර්ථය තමයි (කොවිඩ් කේස් එක මදක් අමතක කළොත්) මේ අපි ජීවත්වෙන ලෝකෙ සකල විධ දියුණුව අත්පත් කරගත්තෙ ගෝලීය නිදහස් වෙළඳපොල ක‍්‍රමයෙන්. කොටින්ම නිදහස් වෙළඳපොල සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙම අවියෝජනීය සංකල්ප දෙකක්. මානව සංහතියෙ සියලු ප‍්‍රශ්නවලට විසදුම් ලබාදෙන මේ විස්මිත ක‍්‍රමය ඇඩම් ස්මිත් කියන ස්කොට්ලන්ත මනුස්සයා 1750 ගණන්වල ඔහුගේ නිර්මාණශීලී සිතේ පරිකල්පනය කරන අකාලික විස්මිත ක‍්‍රමයක්. ඒකෙ අදහස වෙන්නෙ පුළුවන් තරම් රාජ්‍ය හෝ වෙනත් මධ්‍යගත අතපෙවීම් නැතුව නිදහස් විදිහට මිනිස් ගනුදෙනුවලට පවතින්න ඉඩ දෙන එක. ඇඩම් ස්මිත් විශ්වාස කළා තමන්ට හෝ තවත් සුළු කන්ඩායමකට පාලනය කරන හෝ යළි හසුරුවන ක‍්‍රමයකට වඩා ස්වභාවිකව ගොඩනැගෙන නිදහස් ගනුදෙනු වඩාත් විශාලයි කියල. තමන්ට නිෂ්ශ්පාදනය කළ නොහැකි දේ අනෙකාගෙන් මිලදී ගන්නවා. තමන් වඩාත්ම දක්ෂ දේවල් තමන් නිෂ්පාදනය කරනවා. එතකොට මේ වෙළඳපොල පාලනයට ආණ්න්ඩුවක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒකට ස්මිත් කිව්වෙ ඉන්විසිබල් හෑන්ඩ් කියල. යම් කිසි පටු අරමුණු සහිත බල අධිකාරියක බලහත්කාරී මැදිහත්වීමක් නොවේ නම් මේ නිදහස් වෙළඳපොල ස්වභාවිකවම ඉල්ලුම සහ සැපයුම අතර වඩාත් සාධාරණ දියුණු ප‍්‍රවේශයන් ස්වයංක්‍රීයව තනාගන්නවා. ඒ වගේම අසාධාරණ, ප‍්‍රශ්නකාරී තත්ත්වයන් ස්වයංක්‍රීයව විසඳාගන්නවා, (උදා විදිහට එක කඩේක බනිස්වලට ඉල්ලුම වැඩි නම් ඒ වගේම බනිස් නිපදවන තව කඩ ඇති වෙනවා. ඒක හින්ද මුල් බනිස් කඩේට හිතුමතේට මිළ ඉහළ දාන්න බැරි වෙනවා. පාරිභෝගිකයා ආරක්ෂා වෙනවා. මේකට කවුරුවත් මැදිහත් වෙන්න අවශ්‍ය නෑ කියලයි ස්මිත් කිව්වෙ. මේක තමයි 'ඉන්විසිබල් හෑන්ඩ්' එක විදිහට හැඳින්නුවෙ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ආණ්ඩුවේ ඉන්න ආර්ථික විද්‍යා ගුරුවරු සහ වෙළඳ පොළ පාලනය කරන්න පත් කර ගත් හමුදා නිලධාරීන්ට මේ ගැන පැහැදිලි කිරීමක් කරල දෙන්න අවශ්‍යයි. නුඹට එය සිදු කරන්න පුළුවන් වෙයි ද? මේකට ඇඩම් ස්මිත්ගේ මූලික අදහස් වුණත් කමක් නෑ බේසික් හරය උගන්නන්න පුළුවන්. ස්මිත් පොත් දෙකක් ලියනවා. එකක් වෙල්ත් ඔෆ් නේෂන්ස්. අනික තියරි ඔෆ් මොරල් සෙන්ටිමන්ට්ස්. වෙළඳ පොල ක‍්‍රමයත් ඒක නිසි විදිහට කකළමනාකරණය කරගන්න අවශ්‍ය වෙන එතික්ස් ගැන ස්මිත් ගැඹුරට කතා කරනවා. වැදගත්ම දේ වෙන්නෙ ස්මිත් යෝජනා කරන එතික්ස් බලෙන් ආටෝප කරගත යුතු, ස්වභාවිකත්වයට ඉතා දුර්ලභ උත්තරීතර ගුණධර්ම නොවෙන එක. උදා විදිහට අනෙකා ගැන හැගීම ස්මිත් විස්තර කරන්නෙ අපේ සෙල්ෆ් ඉන්ටරෙස්ට් නැත්තං අපි ගැන සිතීමේම දිගුවක් විදිහට. තමන් ගැන නොහිතන කෙනෙකුට අනුන් ගැන හිතන්න පුළුවන්කමක් නෑ. තමන් ගැන නොහිතා ජාතියක් හෝ රටක් ගැන හිතන්න බෑ. එහෙම හිතනවා නම් ඒ වගේ පටු ඇබ්ස්ට‍්‍රෑක්ට් සංකල්ප අනිවාර්යෙන්ම කැඳවන්නෙ විනාශයක්.

      ස්මිත්ගේ සිතීමේ මං දකින ඉතා ගැඹුරු කාරණය වෙන්නෙ තමන්ගේ සීමිතකම පිළිබඳ අවබෝධය. ඒ කියන්නෙ අපි විසින් නිර්මාණය කරන ලද කවර ක‍්‍රමයකටවත් ස්වභාවික මිනිස් ගනුදෙනු තුලින් නිර්මාණය වන බහුවිධ හැඩයන් තරම් පළල් විවෘත වගේම දියුණු තත්වයන් නිර්මාණය කරන්න බැරි වග අවබෝධ කර ගැනීම. මාක්ස්වාදය හෝ සමාජවාදය හෝ ඒකාධිපතිවාදය හෝ කියන කවර ක‍්‍රමයක් වුනත් නිර්මාණය වෙන්නෙ සීමිත මිනිස් සිතීමක් අසීමිත විදිහට ගැනීමේ වරද ඇතුව. ඒ කියන්නෙ සමාජවාදීන් හෝ ඒකාධිපතිවාදීන් හිතන්නෙ තමන්ට පුළුවන් කියල සමස්ත ආර්ථිකයම හසුරුවන්න. ඒකට ඒ අය තෝරගන්න ක‍්‍රමවේදය වෙන්නෙ නැවත නැවතත් පාලනය. ඒ පාලනය ඇතුලෙ රටවල්වලට සිද්ද වෙන දේවල් ගැන ලංකාව වගේ රටවල අපිට ඇත්ත අත්දැකීම් තියෙනවා.

      මීට ප්‍රතිපක්ෂ ලෙස සෝ කෝල්ඩ් 'ධනවාදය' නැත්තං නිදහස් වෙළඳපොල ක‍්‍රමය කොයිතරම් සාර්ථකත්වයක් අත්පත් කරගත්තාද සහ ඒ තුලින් මානව සංහතිය කොයිතරම් ඉස්සරහට අරන් ගිහින් තියෙනවද කියන එක ගැනත් පර්යේෂණ සංඛ්‍යාලේඛන සාක්ෂි දරනවා. ඒත් ලංකාවෙ ඇකඩමියාවෙ කිසිම සෝ කෝල්ඩ් බුද්ධිමතෙක් එලිපිට ධනවාදය විසින් ලෝකය යහපත් කළා කියන ඇත්ත කියන්නෙ නෑ. ඇඩම් ස්මිත්ව උවමනාවෙන් මග හරිමින් ලෝක හැම දෙයක්ම වැරදි විදිහට අර්ථකථනය කරලා ලොව පුරාම නෝන්ඩි වුනු අසාර්ථක මාක්ස්ව පුම්බ පුම්බ උඩ දානවා. මේක ගැන හිතන්නේ මොකද කියලා කියන්නේ බලන්න.

      Delete
    2. මැක්රෝ ලෙවෙල් එකේ සමස්ත ලෝක මට්ටමෙන් ගත්තොත් මේ වෙද්දි ගෝලීයව පවර්ටි නැත්නම් දැඩි දුප්පත්කම තුරන් වෙමින් යනවා. මිනිස් ආයුෂ, රෝග විනිශ්චය, ප‍්‍රවාහනය, සන්නිවේදනය මේ සියල්ලෙහි හිතාගන්න බැරි තරම් දියුණුවක් අත්පත් කරගෙන සහ ඊටත් වඩා අනාගත දියුණුවක් අත්පත් කරගනිමින් තියෙනවා. ඒ දියුණුව ලෝකෙ ඒ කොන මේ කොන ඕනම කෙනෙකුට පරිභෝජනය කරන්න පුළුවන් මට්ටමකට ගෙනත් තියෙනවා. අපි ඒ සියලු සුවපහසු විඳිමින් එහෙම දියුණුවක් නෑ කියල විකල්ප යෝජනා කරනවා. මේ බාරගන්න බැරිකම දේශපාලනික වශයෙන් ආගමික කාරණයක්.

      මොකද මෙය සිදුවෙන්නෙ අපි කොයිතරම් දැනුම ලබාගත්තත් අපේ හණමිටි ගතානුගතික ආකෘතීන් ඒ දැනුමෙන් වෙනස් නොවෙන හින්ද. අපි දැනුම පාවිච්චි කරන්නෙ හණමිටි ගතානුගතිකය ශක්තිමත් කරන්න. කොටුවෙන් එලියට හිතනවා වෙනුවට කොටුව ඇතුලෙ පැවැත්ම සහතික කරන්න.

      මේකෙදි උදාහරණයක් විදියට හරියට නූතන තාක්ෂණය හා සම්බන්ධව අපිට අලූත් ඉලෙක්ට්‍රොනික් බඩු ආවට ඒකෙ කැටලොග් එක එන්නෙ නෑ වගේ. ඒක හින්ද අපි පරණ කැටලොග් එකෙන් අලූත් බඩුව පාවිච්චි කරනවා. මේකේ සාර්ථකත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ?

      ඒ අනුව මගේ අදහස නිදහස් වෙළඳපොල කියන්නෙ භාණ්ඩ හා සේවා හුවමාරුවක්ම නෙමෙයි. නිදහස් අදහස් හුවමාරුව එතනදි ඊට වඩා ප‍්‍රධානයි. උදා විදිහට චීනය නිදහස් වෙළඳපොල බාරගත්තා කියල කොයිතරම් කයිවාරු ගැහුවත් ඒ කතාව බොරුවක් වෙන්නෙ මේ හින්ද. චීනය නිදහස් අදහස් ගලායාම බාරගන්නෙ නෑ. ඒවා මතවාදීමය විදිහට පාලනය කරනවා. පුළුවන් තරම් අදහස් ප‍්‍රකාශ වීමට, හුවමාරු වීමට, එකිනෙක හා සංසර්ගයේ යෙදීමට ඉඩ නැත්නම් එතන පූර්ණ නිදහස් වෙළඳපොල ක‍්‍රමයක් නෑ. හැම භාණ්ඩයක්ම හැම සේවාවක්ම වෙන්නෙත් එක්තරා විදියක නිර්මාණශීලීත්වය සහිත අදහසක්.

      Delete
    3. මේ නිසා ලංකාවේ වගේ නිතරම සෑම කාර්යයකටම රාජ්‍ය මැදිහත්වීම ඉල්ලා සිටිනවා කියන්නෙ අර වගේ අසාර්ථක පාලනයක් ඉල්ලා සිටිනවා කියන එක. ඒක මතුපිටින් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය හෝ වගේ සේවාවක් එහෙම නැත්තං මත්ද්‍රව්‍ය වගේ භාණ්ඩයක් මත පැනවෙන දෙයක් විදිහට පේන්න පුළුවන්. ඒත් ඇත්තටම අපි කරන්නෙ අදහස් පාලනයක් ඉල්ලා සිටීම. ඒ හරහා මතවාදයක් බලෙන් තහවුරු කිරීම. නිදහස් හුවමාරුවට බාධා කිරීම.

      ඒ වුණාට ලෝකෙ කොතනකවත් රාජ්‍ය මැදිහත්වීමකින් රටවල් වල ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වුනේ නෑ. ඒක සිද්ද වුණේ පෞද්ගලික මිනිස්සු මැදිහත්වීමෙන්. ඒක සිද්ධ වුනේ ලාභය වෙනුවෙන්. කෙනෙක් එයාගෙ ලාභය අරමුණු කරගෙන කරන නිෂ්පාදනය නිසා ගොඩක් අය පරිභෝජන වාසි ලබනවා. රජයකට පුළුවන් ස්ථාවරභාවය, ජාතික ආරක්ෂාව සහ දුබලයන්ට තරඟකාරීත්වය තුළ යම් සුරක්ෂිතභාවයක් වගේ දෙයක් ලබා දෙන්නට.

      මෙන්න මේ වගේ කාරණා රාශියක් නිසා ලෝකයේ පිළිගත් නිදහස් වෙළඳපොලක පවතින ආචාර ධර්ම ඇඩම් ස්මිත් මොරල් සෙන්ටිමන්ට් පොතේ කතා කරනවා. එයා ඒ යෝජනා කරන වෙළඳපොල ක‍්‍රමයෙ දර්ශනය, සහ සමාජ මනෝ විද්‍යාව ගැන තියෙන්නෙ ඒ පොතේ.

      මෙතනදි ඇඩම් ස්මිත් ඒ පොතේ කාරණා කීපයක් මතු කරනවා. මට අනුව මේ මොහොතේ අවශ්‍ය විකල්පය තියෙන්නෙ එතන. පලවෙනි එක සෙල්ෆ් ඉන්ටරෙස්ට් සහ සිම්පති කියන එක. ඒක ස්වභාවික මිනිස් ගුණයක්. අපිට තියෙනවා අපේ ජීවිත වඩා යහපත් කරන උවමනාවක් වගේම අනෙකාගේ දුක ගැන දැනෙන ස්වභාවික එම්පති හැගීමක්. ඒක මානව සමාජ ගුණයක්. නිදහස් වෙළඳපොලේ ආචාර ධාර්මික පදනම වෙන්නෙ මේක.
      අනික යුක්තිය හා සාධාරණත්වය. අපි අපේ සුබසිද්ධිය වෙනුවෙන් කරන වැඩවලදි අන් අයට හානි නොවිය යුතුයි කියන මූලධර්මය. රටක නීතිය ක‍්‍රියාත්මක විය යුත්තේ මේ විය හැකි අසාධාරණය පාලනය කරමින් මිනිස් ගනුදෙනු නිදහස් අවකාශයක් සහතික කරන්න. ලංකාවේත් රජයේ වගකීම විය යුත්තේ සාධාරණ හා හැකිතරම් සමාන නීති රාමුවක් තුළ මේ පාලනය පවත්වාගැනීම.

      ඊළඟට හැමෝම පටලවාගෙන ඉන්න ඉම්පාෂල් ස්පෙක්ටේටර් කියන එක. මේක ඩේවිඩ් හියුම්ගෙ අදහසක් එක්ක සමගාමීව ස්මිත් අරන් එන ගැඹුරු යෝජනාවක්. අපි කොයිතරම් සවිඥානකව අපිව තේරුම් ගන්නවාද කියන කාරණය උඩයි ස්මිත් සැබෑ යහපත්බව අර්ථ ගන්වන්නෙ. අපි කොයිතරම් ගැඹුරෙන් අපිව තේරුම් ගන්නවාද, අපිට පුලුවන් අනෙකාවත් ඒ තරම්ම ගැඹුරෙන් තේරුම් ගන්න. මෙතනදි අපි අපේ ආත්ම ලාභය වෙනුවෙන් වැඩ කරන වග පිලිගන්න තරම් නිහතමානී බවක් අනිවාර්යයි. නිකං පොදු අරමුණු වගේ මවා පෑමක් මෙතන නෑ. ඒ තේරුම් ගැනීම හරහා අපිට අපි වගේම අනෙකාවත් දැකිය හැකි සදාචාරමය හැගීමක් ඇති කරගන්න පුළුවන් කියල ස්මිත් කියනවා. මොරල් සෙන්ස් කියන එකේ පදනම තියෙන්නෙ මෙතනයි. කොටින්ම පංතියක් වෙනුවට පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී සිටීමක්.

      Delete
    4. ඒ වගේම තමයි මේ කියපු නිදහස් වෙළඳපොල ක‍්‍රමයෙ අඩුපාඩු නැතුවා නෙමෙයි. ඒත් ඒ අඩුපාඩු බොහෝ දුරට ඒ ක‍්‍රමය විසින්ම ස්වයං සිද්ධව නිවැරදි කරගන්නවා. වෙනත් සියලු ක්‍රම වලට සාපේක්ෂව ඉතාමත් සාර්ථක වන ඒක හුදු බොළඳ රොමාන්තික හැගීම් උඩ වැඩකරන ක‍්‍රමයක් නෙමෙයි. සමාජ මානවයෙක් විදිහට මිනිස් ගතිකයන් උඩ වැඩකරන ක‍්‍රමයක්. ස්මිත් මෙතනදි ලස්සන දෙයක් අවධාරණය කරනවා. ඒ තමයි රජයන් විසින් කළ යුතු කාර්ය කොටස.

      ඒ අනුව නිදහස් අදහස්, භාණ්ඩ හා සේවා හුවමාරුව වඩාත් පළල් කරන අවකාශයන් සහ යටිතලයන් නිර්මාණය කිරීමට රජයන් උත්සුක විය යුතුයි වගේම කිසි විටෙක රජයන් ව්‍යපාරවලට උදව් නොකළ යුතුයි කියල ස්මිත් කියනවා. රජයන් වෙළඳපොල ප‍්‍රවර්ධනයට මිස ව්‍යාපාර ප‍්‍රවර්ධනයට දායක නොවිය යුතුයි කියල. එයින් ඒකාධිකාරයන් බිහිවෙනවා. එය නිදහස් වෙළඳපොල බාධා කරනවා. ලංකාවෙ රජයන් පුන පුනා නැවත නැවත කරන්නෙ මේකයි.

      මෙන්න මේ වගේ කාරණා රාශියක් නිසා ලංකාවෙ නිදහස් වෙළඳපොල ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වෙනවා කියල මං දකින්නෙ නෑ. මෙහෙ තියෙන්නෙ මුදලාලි ක‍්‍රමයක්. ඒක වෙළඳපොල ක‍්‍රමයට පූර්වව පැවති තත්වයක්. සල්ලි හම්බ කරන එක අප්සෙට් කියල හිතෙන එක, මනුස්සකම කියන්නෙ සල්ලි නැතුව වැඩ කරන එක වගේ අදහස් දරන එක සහ එනිසාම පුළුවන් තරම් හොරකම් වංචා දූෂණ අත් යටින් ගනුදෙනු කරන එක නිදහස් වෙළඳපොල තත්වයන් බාධා වීමේ ලක්ෂණ. අපි කරන්න ඕන මේ වෙළඳපොළ මෙහේ ස්ථාවර කරන්න පුළුවන් තරම් වැඩ කරන එක. ගතානුගතික රාමුවලින් එලියට මිනිස් ගනුදෙනු අරගෙන යන එක. මුදල් කියන්නෙ මිනිස්කමට හානිකරන දෙයක් නෙමෙයි වඩාත් මිනිස්කම දියුණු කරන භාවිතයක් කියල තේරුම් ගන්න සමාජයක් නිර්මාණය කරන එක. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ඇතුලු සකලවිධ මිනිස් නිදහස සහ අයිතීන් පවතින්නෙ මේ නිදහස් වෙළඳපොල එක්ක සම්බන්ධවයි. අපි වෙළඳපොල ක‍්‍රමය ප‍්‍රතික්‍ෂේප කරනවා කියන්නෙ කවුරුන් විසින් හෝ අපේ නිදහස සහ අයිතීන් නිශ්චය කරන බලහත්කාරී ක‍්‍රමයක ජීවිතය තෝරගන්නවා කියන එකයි. මේකට විරුද්ධව නුඹ දකින වෙනස් දේවල් මොනවද?

      Delete
    5. කිසිත් නැත

      ❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  8. //පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ඇතුලේ ඉන්නා අබ්බගාත් ටෙරා එලියට දාන්න යැයි කියනා නීතීඥ්ඥ සංගමයද හෑම එකෙක්මද මට අනුව නම් ටෙරාලාමය.// මචං ඕනෙම කෙනකුට නීතිඥයෙකු ගන්න අයිතිය තියනවනේ

    ReplyDelete
    Replies
    1. ඔය උත්තරේ පෝස්ට් එකේ තියෙනවා..

      😜😜😜😜😜😜

      Delete
  9. සිරි ලංකාවේ පාර්ලිමේන්තුවේම කොච්චර ඉන්නවාද නීතිය උගත් - හොඳට නීතිය දන්නා- ඉහළින්ම විභාග එහෙම සමත් උදවිය..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න