.

.

Nov 6, 2023

ගාසා ගැන නාසා ඇති අය වෙනුවෙනි

 


ගාසා ගැන නාසා ඇති අය වෙනුවෙනි

➖➖➖➖➖➖➖➖➖➖➖👍➖


ගාසා හී අහිංසක වැසියන්ට සුපිරිම පරිප්පුවක් කන්නට වෙන බව මාතලන් ලීවේ අනපේක්ෂිත ත්‍රස්තවාදී ප්‍රහාරය කන වැකුණු සැනිනි. 


ඒ ඔය දෙපිරිසම සමඟ වසර ගනනක් ජීවත් වී ජීවමානවම ලබා ගත් අත්දැකීම් තුලිනි. සරළවම කියනවා නම්... ඔය ඉතිහාසගත වෛරය ලෝකය පවතින තුරා සමනය වන්නේ නැත. 


එක අතක ලෝකයම තම අනුගාමිකයින් කිරීමේ ඉලක්කයක් වෙත හබායන මිලේච්ඡ ත්‍රස්තවාදීන් පිරිසකි... අනෙක් පස ඇත්තේ... තම ජාතිය ආගම හා ඉතිහාසයෙන් තමනට අයිති භූමිය වෙනුවෙන් ඇති රාජ්‍ය ත්‍රස්තවාදයකි.. ඒ වෙනුවෙන් ලොව අති බහුතර රාජ්‍යයන් පෙනී සිටින බව අද මනාව ඔප්පු වෙමින් තිබේ...


ගාසා තීරයේ පලස්තීනූවන් බහුතරය ත්‍රස්තවාදීන් බව අරාබී ලෝකයද පිලිගනී. එහි සිටී සාමාන්‍ය වැසියෝ උතුරු ගාසා අතැර දකුණු ගසාවට පසු බැස්සේ මේ සත්‍යයය තේරුම් ගැනීමට තරම් අබ ඇටයක් හෝ මොලයක් තිබූ නිසාය. අනික් උන් ඊශ්‍රායලය එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරය උත්සවාකාරයෙන් සැමරු අමන හැතිකරයය.


කිසිඳු රටක් තබා අසල්වැසි ජෝර්දානය හෝ ඊජිප්තුවවත් ඔවුන් සරණාගතයින් ලෙස බාර නොගන්නේ... ගසා වැසියන් අති බහුතරය ත්‍රස්තවාදීන් බව ඔවුන් දන්නා නිසාය..


ගාසා තීරයට 1948 සිට ලැබුන ඩොලර් බිලියන ගනනක් මුදල් ආධාර.... නිසි ලෙස භාවිතා කළේ නම්... ඔවුන්ට ඊශ්‍රායලය පරදන ධනවත් රාජ්‍යයක් නිර්මාණය කිරීමට ඕනෑ තරම් කාළය තිබිනි.


එහෙත් ඔවුන්ගේ පරමාර්ථය එය නොව... මෙරට හිඟන මානසිකත්වය සහිත ජෙප්පන් හා ඒ වටා රොක්වන ජනතාව සේ... විදෙස් ආධාර වලින් කා බී... ඊශ්‍රායලයේ යුදෙව්වන් සියල්ල සෙත්තපෝච්චි කිරීමය.. 


උන් ඒ වෙනුවට කළේ ආයුධ රැස්කිරීම, නිශ්පාදනය හා භූගත බංකර් සෑදීමය... ඔය ඉස්පිරිතාල පාසල් හා විශේෂ ගොඩනැගිලි සියල්ල යට ඇත්තේ භූගත බංකර් හා ත්‍රස්තවාදී කඳවුරුය.


මෙය අපේ කුර හා අං සහිත අම්බරුවන් නොදන්නවා වූවාට... ලෝක භූ දේශපාලනය තුල ඉන්නා පාලකයින් සියල්ලෝම දන්නා රියැලටියයි...


මේ කිසිත් නොදන්නා අම්බරුවෝ ඊශ්‍රායලයේ යුධ ශක්තියට කින්ඩි දමමින් අන් ගෝතල් ගන්නවා දැක්කාම අපට හිනා යන්නේ පුපෙන්මය.


ඔවුන් යුධ තාක්ෂණයෙන් ලොව ජය නොගත්තේ නම් ගාසා වල ඇති දසුන් අප දකින්නේ ටෙල් අවීව් වලය.. 


මොළයක් සහිත ගාසා වැසියෙක් නම් කළ යුත්තේ.. ඊශ්‍රායලයේ නියෝගයන්ට අනුකූල වී ඔවුන්ගේ නියෝගයන් පිලිපැදීම පමනි.


ඉන් එහා විකල්පයක් ඇත්තේ නැත.


ත්‍රස්තවාදීන්ද මනුෂ්‍යයෝය කියා සිතන්නෝ අමනයෝය.


.

18 comments:

  1. Replies
    1. Anonymous කොමෙන්ට් වලට ගූ බය කොරියාවේ කුලී වැඩ කරන පොන්නයෙක් නේද මේ ?

      Delete
    2. @ අමරීන්

      හෝ (회) , සැංසෝං හෝ (생선회) නැත්නම් යුඛෝ (육회) ටිකක් එක්ක සෝජු ෂොට් එකක් දැම්ම වගේ මු හෙන රහට ලියනවා නේ බන්, කෝ උඹත් ලියපන්කෝ ආයේත්, ඒ කාලේ මතකද කුරු දෙකේ ඔතලා සෝස් ගාපු පන පිටින් බුවල්ලෝ කන්න හැකි උනා ඒ රස මතක් වෙනකොට දැනුත් කටට කෙල උනනවා.දිගටම ලියන්න (අගස්සිලා- කෙල්ලෝ ගැනත් ලියපං මචෝ පස්සේ) 😃

      Delete
  2. බලකාමය වසයි නුවණැස මිනිසුන්ගේ
    ගෙනියයි විනාශය වෙත යන පාර දිගේ
    යුද්ධය ගෙනෙයි මිනිසුන්හට සංවේගේ
    ඒ බැව් රැඳේවා සිත් තුළ මිනිසාගේ

    ReplyDelete
    Replies
    1. වත්ත පහල වෙලේ
      නිමල් කක්කා කරන වෙලේ
      සීයා ඇවිත් බොලේ
      තෝ මොකක්ද ඒ කලේ

      Delete
    2. නිමල් අංකල්

      මට මතක් වෙනව පැරණි ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් සුනිල් එදිරිසිංහ අංකල්ට ලියල තියෙන ගීතයක්

      මිනිසා සුවඳයි මල සේ
      නුවණින් එළියයි හිරු සේ
      පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ
      පොළවේ උරුමේ කියමින්
      බිලිදී විහිගුම් ගුණදම්
      දහසිත් මියෙනා සටතිත්
      අඟලේ හිමිකම් සොයමින්
      ලොව නහවා සෝ කඳුලින්
      සැනහේ ජය පැන් පුරමින්
      මිනිසා සුවඳයි මල සේ
      නුවණින් එළියයි හිරු සේ
      පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ
      උණු ලේ විෂ වී සිරුරේ
      ඉසුරන් ගැටෙනා අතරේ
      ගිති මල් පිපිලා අහසේ
      ඇවිලේ ගිනි දැල් සයුරේ
      සා පවසින් ඉකි බිඳිතා
      සුසුමෙත් යදියත් හෙලතා
      මිනිසා සුවඳයි මල සේ
      නුවණින් එළියයි හිරු සේ
      පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ

      Delete
  3. ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම වගේම ලංකාවේත් පෙර සුදානම ගිලිහෙන විට විනාශය දැවී යාම අත්දැකීමට පුලුවන්, ඊයේ ඇන්ජලෝ මැතිව්ස්ලා නොසැලකිල්ල නිසා දැවී යද්දී ඇන්ජෙලෝගේ වයසේ වගේ තරුණ කොල්ලන්ට එදා 2009 දී විනාඩියකට සැතපුම් 800 ක තරම් වේගයෙන් එන බුලට් වලට මුණ දෙන්න විනාඩි තුකක් නෙවේ තත්පර තුකන්වත් පලමු උන්ඩයට මුහුණ දෙන්න හරිම හෙල්මට් එක තෝරගන්න වෙලාවක් නොලැබුන යුද්ධයක්,තිබ්බා

    හැබැයි ඒ කොල්ලන් හරිම බුට්ස්,දෙක හෙල්මටය සියල්ල සටනට කලින් රෙඩි කරගෙන තුන් හතර වතාවක් පරීක්ෂා කර පළමුවෙඩි සද්දෙට තත්පරයෙන් ඒවා පැලදගෙන වෙඩි උන්ඩ එන තරගයට බැස්සා. එතැන තිබුනේ තරගයක නීතියකි නෙවේ ජීවිතයට නීතියක් පෙර සුදානම ගිලිහෙන තැන එදා ඒ,කොල්ලන් දැවී,යනිනේ,ජීවිතයෙන් බව දැනගෙන සටන ( තරගය )කළා.

    මම කියන්නේ බැට්,කරන්න යන්න කලිං හෙල්මටය බැට් එක පරීක්ෂා නරගන්න අවස්ථාව තිබෙන ක්‍රීඩාවක ඇන්ජලෝ මැතිව්ස්,අතින් වුනේ නොසැලකිල්ලක්. අවශ්‍යම වෙලාවේ රට වෙනුවෙන් නොසැලකිල්ලක්.‼️

    ,කොල්ලන් රට වෙනුවෙන් යුද්ධය කරන කොට ඒ,කොල්ලන්ට විනයක් හදලා තිබ්බා

    හැබැයි ඇන්ජලෝලට ක්‍රිකට්,ක්‍රීඩාවේ නීතිරීති ප්‍රකාරව පෙර සුදානමට අදාලව තිබිය යුතු විනය හදන්න අද බැරි,වෙලා තියනවා.

    ඒක ගොඩ නැගුන දවසක ලංකාවේ නැවත රට වෙනුවෙන්, ක්‍රීඩා කරන ක්‍රිකට් අපට දකින්න පුළුවන් වෙයිද බන්?

    ReplyDelete
  4. යුද්ධෙ තිබෙයි ජයටම ඒ පෙදෙසේ ගාසා
    විද්ද මී වදේ වාගෙයි රැව් දෙයි ගෝෂා
    නැද්ද ලමුන්ටත් අයිතිය දිවියට ආසා
    බද්ධ වෛරෙ නවතනු බැරි එකමයි දෝසා....

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. උතුරේ දෙමල්ලු මරණා විට දුමින්දලා දැම්මේ ප්‍රීති ගෝසා
      මහින්ද මහත්තයට ජන්දේ දුන්නේ දක්වා සතුටු ගෝසා

      Delete
    2. @ දුමී

      බිහිසුනු..
      යුධ..බිම...
      බිහිසුනු යුධයකින්
      පසු බැලුවම
      අවට සුන් බුන්
      මිසක නැත
      ලැබු ජයකුත්
      රටට වටිනා මිනිසුන්
      අසීමිත ලෙස අහිමි කරවන
      මොන තරම් ගින්දර
      ගෙන දෙන
      කරුමයක් ද එය?
      එයයි යුද්ධය

      Delete
  5. මාතේ අපි උපදින්න කලින් සිරිමාවෝගේ කාලේ ලංකාව ඉන්දියාව සමග හොඳ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය තියාගෙන විදේශ බලපෑම් කලමණාකරණය කරගන්න සමත් වුණා සෑහෙන දුරට, ඊට පස්සේ ඡේ ආර්යා ඉන්දියාවෙන් ගේම ඉල්ලලා අපි උපදින්නත් කලින් උතුරේ සන්නද්ධ බෙදුම්වාදය ඉන්දියාව විසින් ආරම්භ කරලා අවුරුදු තිහක යුද්ධය නිසා ඩොලර් බිලියන 200 ක විතර දේපල විනාශ වෙලා ඊට වඩා විශාල ආර්ථික අවස්ථා අවට ඇති වෙනරටවලට ගිහින් තියෙනව, අනෙක සිරිමාවෝගෙන් පස්සෙත් තිබ්බේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් මිසක් ඒකාදිපති පාලනයක් නෙමෙයි ඒකාදීපති පාලනයක් තියන රජ කාලේ උනත් රජා දූෂිතයි නම් මිනිස්සු කැරලි ගැහුවා.. දැන් පාලකයෝ දූෂිත බව දැන දැනත් මිනිස්සු දූෂිත පාලකයෝම ගේන්නේ ඇයි? රනිල් වික්‍රමසිංහ රෙජීමය වගේම රාජපක්ෂ පවුල, ප්‍රේමදාස පවුල වගේ පල් හොරුන්ට කඩේ යන වහල්ලුන්ට වගේම මාලිමාවට රෙදි නැතුව කඩේ යන වහල්ලුත් උන්ගේ ලොක්කෝ වන මාලිමාවේ ඉන්නේත් පිනට කන්න හොයන ජීවිතේට රස්සාවක් නොකරපු තවත් අපත පිරිසක් බවත් වෙලාව ආවම උනුත් අරුන්ට නොදෙවෙනි බවත් දැන දැනම එබඳු රට ගෝඩගන්න තාර්කික පදනමක් සහිත වැඩපිළිවෙලක් නැති මාලිමා නිකමුන් උනත් කඩේ යන්නේ බහුතරයක් ලංකාවේ මිනිස්සුන්ටත් ඕනි මහන්සි නොවී සල්ලි හොයන්න, බලපන් රජයේ රැකියාවක් ගන්නේ ඇයි අයිස් ගහන්න.. මහන්සි වෙන සුලු පිරිසක් ඉන්නව තමයි ඒත් මේ කතා කරන මමත් සමහරවිට ඔයත් මහන්සිවෙන්නේ නැතුව සල්ලි හොයන්න කැමතී ඒක තමයි ලංකාවේ නූතන සිංහල සංස්කෘතිය.. මහන්සිවෙලා වැඩ කරන පිරිසක් ඉන්න දකුණු කොරියාව ඉන්දුනීසියාව චීනය, බ්‍රසීලය, රුසියාව දකුණු අප්‍රිකාව, වියට්නාමය සහ ඉංදියාව පැත්තට දැන් ලෝක ආර්ථිකය යනවා

    බොරුවට ලෝකය පුරාම රටවල් කොටවල යුද්ද ඇතිකරල ආයුද විකුනගෙන කන ඇමරිකා එක්සත් ජනපදය වගේ කාලකන්නි රටවල් දැන් ලොස් වීගෙන යනවා, ඒක තමයි ඇත්ත කතාව

    ReplyDelete
  6. ලොකු චිත්‍රයෙදි මාතේ කියන කථාව ඇත්ත.

    ඒත් ඊශ්‍රායලට කවදාවත් ගාසා තිරයේ ඉන්න මිලියන 22 වන ජනතාව සමූලඝාතනය කරලා නිදහසේ ඉන්න වෙන්නෙ නෑ. අයිඑස් එකේ දැන් ඉන්න නායකයා පලස්තීන සරණාගත කදවුරකින් බිහිවුන කෙනෙක්. මේ මිලේච්චත්වය එන්නේ මේ තලාපෙලීමෙන්ම තමයි.

    අවාසනාවකට ගාසා වල බලය තියෙන්නෙ ත්‍රස්තවාදී හාමාස් වලට. බටහිර ඉවුරේ මෙන් මොඩරයිට් කණ්ඩායමකට බලය ගියා නම් මේ ප්‍රශ්ණය දුරදිග යන්නෙ නැතුව වින් වින් සිටුවේශන් එකකින් ගොඩ දා ගන්න තිබ්බා.ඒත් ප්‍රශ්ණය තියෙන්නෙ අන්තවාදී හමාස් එක.ඊශ්‍රායලය මැදපෙරදිගින් අතු ගා දෑමීම පැත්තකින් තියලා මේ ජන කොටස් දෙකටම එකට ජීවත් විය හැකි විසදුමක් තමයි අවසාන විසදුම වෙන්නෙ. නැතුව පලස්තීනුවන් සමූල ඝාතනයවත් , ඊශ්‍රායලය නැති කීරීමවත් නෙවේ. ඇසට ඇසක් කියන යුදෙව් ආගම් ඉගැන්වීමෙන් මේ ප්‍රශ්ණය විසදන්න ගියොත් තව අයිසීස් වගේ සංවිධාන බිහිවෙන එක නවත්වන්න බෑ.


    මේ කාරණයෙදී තව එක දෙයක් පේනවා. ඒ ඇමෙරිකාවේ ව්‍යාජ මානව හිතවාදය. බිත්තියට හේත්තු කරාම කාගේත් නරුමත්වය පේනවා. ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක් පිලිතුර මානවප්‍රේමෙයේත් එඩිතරත්වයේත් පිලිබුමක්. අපේ ප්‍රශ්නයෙදි එහෙම උනාට ඇත්තට ප්‍රශ්නේ ඒගොලන්න්ගෙ උනාම ඒ පිලිතුර පට්ට නරුමයි. http://maiyyagelokaya.blogspot.com/2023/10/blog-post_21.html

    ReplyDelete
  7. මාතේ මම කලින් වැඩකරපු ආයතනයේ මගේ පරණ මෙරට ජාතික මිත්‍රයෙක් ඉන්නව ලොකු මුදලක් උපයපු බැංකු රස්සාව අතෑරල ගම් පලාතක පදිංචියට ගිය.
    කාලයක් depression රෝගයෙන් පීඩා වින්ද මේ හාදයා දැන් කිසිම ප්‍රථිකාරයක් බේතක් ගන්නෙ නැති බොහොම නිරෝගීව ශක්තිමත්ව ජීවිතය ගතකරන මනුස්සයෙක්... ගොවිපලක හිමිකාරයෙක්.
    එලදෙනුන්.. බැටළුවන්.. එළුවන්.. කඳුකරේ තණබිම් ගැන විස්තර දැනගන්න ඕනෙ නම් මම මේ මනුස්සයාට කතා කරනව.

    මේ දවස්වල උශ්ණත්වය එක පාරටම පහල බහින්නෙ හිතාගන්න බැරි වේගයෙන්. ගොවිපළ වගාවන් සහ සතුන් මේ දිනවල පීඩා විඳිනව කියල රූපවාහිනී පුවත්වලට කියපු නිසා මම එයාට පණිවිඩයක් යවනව තත්වය ගැන අහල.

    පොර කියනව මෙහෙම;

    " ඒකෙ ඇත්තක් නැතුව නෙවෙයි... නමුත් අපි කඳුකර ගොවියො ඔය ගැන දැනගෙන ලෑස්තිවෙලා ඉන්නෙ. උදේ පාන්දර නැගිටින එක අමාරුද කියලනෙ උඹ අහන්නෙ. බලපන් උඹල නොදකින ගොඩක් දේ මම දකිනව උදේම ඇහැරෙන නිසා.. මේ දැන් ට්‍රැක්ටරේ යන ගමන් "

    ඕකයි තත්වය

    ReplyDelete
  8. තැටිය රත් වෙච්ච වෙලාවේ රොටී පුච්චන අර්ජුනගේ මෝඩ අරගලය ගැන කියන කොට හදිස්සියට කොරොස් කටෙත් අත දාගන්න බැරිය කියා පංකාදු කියමනක් තියෙන බවත් කිසියම් අර්බුදයක් පැමිණි විට කලබල වී දඟලන්නේ මෝඩයන් බවත් බුද්ධිමතා කරන්නේ ඉවසීමෙන් කලබල නොවී මනා සිහි බුද්ධියෙන් හොඳින් කල්පනා කර විසඳුමක් සෙවීමයි.

    නමුත් ලංකාවේ වැඩිපුර ඉන්නේ කලබලකාර මෝඩ අරගලකාරය පාදඩයන් නිසා මෙයයි වෙන්නේ මේ පහුගිය ටිකේම ක්‍රීඩා ඇමතිවරයා හැසිරුණු ආකාරය බැලුවොත් මිනිහා කොයි වෙලාවේ බැලුවත් මාධ්‍ය ඉදිරියේ කතා කරන්නේ ක්‍රිකට් ගැනයි. ඔහු මෙරට ක්‍රිකට් ඇමති නොව, සියලු “ක්‍රීඩා” සඳහා ඇමති බව කවුරුහරි ඔහුට මතක් කර දිය යුතුයි.

    ලංකාවේ අර්බුදයට ගොස් තිබෙන්නේ ක්‍රිකට් සෙල්ලම පමණක් නොවේ. සැබැවින්ම අන් සියලු ක්‍රීඩා වඩාත් අර්බුදයට ගොස් තිබේ. නමුත් රටේ ක්‍රීඩා ඇමතියා ගාල කඩාගත් සිවුපාවෙකු මෙන් ක්‍රිකට් මත්තේම නැහෙයි.

    මහ ලොකුවට කියෙව්වාට අර්ජුන රණතුංග කරගත්තේ අමු මෝඩකමකි. මංපොර මානසිකත්වයේ උපරිමයේ ඉන්නා අර්ජුන හිතන්නේ තමාට සහ තමාට පමණක් ක්‍රිකට් සෙල්ලම කළ හැකිය කියායි. මාධ්‍ය ඉදිරියේ ලොකු ටෝක් දී ඔහු කලබලකාර මෝඩ තකතීරු ක්‍රිකට් ලෝලීන් චූන් කළ අතරම දුරදිග නොබැලූ ඇමතියා විසින් පත් කළ අතුරු කමිටුවට හැරෙන තැපෑලෙන් අධිකරණ වාරණයක් පැමිණ තිබේ.

    සජිත් ප්‍රේමදාස සහ ෆන්සේකා කලවැදි පිස්සු බූරුවා වගේ නොම්මර එකේ තකතීරු වැඩම පමණක් කරන අර්ජුන පිංගොනාත් උඩ පැනගෙන ඊයේ වැඩ බාරගත් නමුත් කොකුන්ගේ කෙවිටේ එල්ලී අහසට ගිය ඉබ්බා මෙන් පොළොවට වැටී තිබේ.

    ඇත්තටම මේවා දකින මට නම් ක්‍රිකට් සෙල්ලමටත් වඩා ඉතාම විනෝදජනක බවත් කිව යුතුය.

    ඔබේ ජීවිතයේ ඔබ කැමති ආකාරයට යමක් සිදු නොවෙනවා නම් ඔබ පළමුව කළ යුත්තේ තැන්පත් වීමයි. අතපය හතර සන්සුන් කරගෙන කට වහගෙන සිහිය පිහිටුවා ගෙන කල්පනා කිරීමයි. නූගත් අහංකාර මෝඩයන් නොවන, තමාට ඉතාම විශ්වාසවන්ත උගත් නිරහංකාර බුද්ධිමතුන් සමග තාර්කිකව විසඳුම් සාකච්ඡා කිරීමයි.

    මුලින් ක්‍රීඩා ඇමතිවරයා පළමුව සන්සුන් විය යුතුය. කටට එන හැමදෙයක්ම සහ අතට දෙන හැම කොළයක්ම මාධ්‍යය ඉදිරියේ වීරයා මෙන් නොකියා උපායශීලීව වැඩ කළ යුතුය.

    සෙල්ලමට ගැහුවත් ලංකා කණ්ඩායම ඉන්නේ ලංකාව නියෝජනය කරන අන්තර්ජාතික තරගාවලියක් අතරතුරය. ඔවුන්ගේ විහිළුසහගත පරාජයන්ට හේතුව ඔවුන්ගේ මානසික බිඳ වැටීමයි. ඒ බිඳ වැටීමට හේතුව ක්‍රිකට් ඇමතිවරයා සහ අර්ජුන වැනි ඔස්තාර්ලා ප්‍රමුඛ මෝඩ ක්‍රිකට් උමතුවන් මෙහෙ නටන නැටිල්ලයි. මොනවා කරන්නත් තරගාවලිය අවසන් කර කණ්ඩායම රටට එන තෙක් සිටිය යුතුය. අර මෝඩ අරගල නායක රැට්ටා වරක් කීවාක් මෙන් “මුලින්ම රෙද්ද ගලවා විසි කළ යුතු” නොවේ. CIMA පාඨමාලාවේ එහෙම මෝඩ තියරි උගන්වනවා විය නොහැකිය. ලෝකයාට ජෝක් එකක් නොවී ඉවසීමෙන් සිටිය යුතුය. ගත යුතු ක්‍රියාමාර්ග ගත යුත්තේ ඉන් පසුවය.

    මහ ලොකුවට කයිය ගැහුවාට අර්ජුනට වඩා ක්‍රිකට් ආයතනයේ බුවාලා ටික උපායෙහි දක්ෂ බව මෙයින් අපට පෙනේ. අර්ජුන ඇත්තටම වැඩකාරයෙක් නම් ඔය ආකාරයේ වාරණ නියෝග වැටෙන විදිහට වැඩ කරන්නේ නැත. ව්‍යවස්ථාපිත නීතිය ගැන ඔහුට මෙලෝ අවබෝධයක් නැති බව ඉන් පෙනේ.

    ඒ නිසාම එහෙම කෙනෙකුට කිසිසේත්ම කිසිම දෙයක් කරන්නට බැරිය. කණා චාන්ස් එකට වර්ල්ඩ් කප් එකක් දිනපු ගමන් සමහරු හිතන්නේ තමන්ට ලොවේ ඕන දෙයක් කළ හැකිය කියාය. එහෙම වෙන්නේ නැත. සත්‍ය ලෝකයේ වැඩ කරන්නට නම් ඒ ලෝකය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන මනා අවබෝධයක් තිබිය යුතුය.

    මෝඩ ක්‍රීඩා ඇමතියා අඩුම තරමින් තමන්ගේ ප්‍රධානියා වන ජනපති සමගවත් ඒ ගැන සාකච්ඡා කර නැත. පණ්ඩිතකමට තමන්ගේ බලය පෙන්වන්නට ගොස් දැන් හත්පොළේ ගාගෙන තිබේ. හරි නම් ඔහුව වහාම ඇමතිකමෙන් ඉවත් කළ යුතුය.

    ඒ වගේම අර්බුදයක දී වගකීමෙන් හැසිරෙන ආකාරය ගැන මෙලොව දෙයක් නොදන්නා ගම්මන්පිළ සහ විමල් වැනි තකතීරු මෝඩයන් කලින්ම අස් නොකිරීමේ විපාකය නන්දසේන ගෝඨාභය ජනපතිට විඳින්නට සිදු විය. අඩුම තරමින් තමන් සහසම්බන්ධ වෙන කැබිනට් මණ්ඩලය සමගවත් සාකච්ඡා කර නැත. සාමූහික වගකීම ගැන මෙලෝ දැනුමක් නැති මෙවැනි කලබලකාර ඇමතිවරුන් සමග ආණ්ඩු කිරීමට නොහැකිය.

    ක්‍රිකට් යනු අතිවිශාල බූවල්ලෙකු වැනි දෙයකි. අර්ජුන හෝ කවුරු හෝ ලංකාව නමැති ඉතා කුඩා දුබල බංකොලෝත් රටේ එක චන්ඩියෙකුට ඒ බූවල්ලා සමග සටන් කළ නොහැකිය. විශේෂයෙන්ම කලබලකාරයන්ට නම් කිසිසේත්ම නොහැකිය.

    අනෙක අප තේරුම් ගත යුත්තේ දැන් අප ජීවත් වෙන්නේ පශ්චාත් අරගල රටක බවයි. අරගලකරුවන් ඉල්ලා සිටියේ ආණ්ඩුව පැත්තකට වී පුද්ගලික අංශයට සියල්ල බාර දෙන්නට කියාය. අර්ජුනලා, සනත්ලා, මහනාමලා, සංගක්කාරලා, මහේලලා එදා අරගලයට උපරිමයෙන් සහාය දුන්නේ ඒ සඳහාය. ඉතින් දැන් මොකටද ආණ්ඩුව මැදිහත් වෙන්නේ? අර මාලිංග වරක් කිව්වා වගේ "නිකං වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ."
    කියල තමයි අපටත් කියන්න තියෙන්නේ මේගැන...

    ReplyDelete
  9. මාතේ කලින් පෝස්ට් එකක ජැකාට නැත්නං ජැක්සන් ඇන්තනී කියන සකල විධ කලාවේ දක්ෂතාවය පෙන්වපු ලාංකික විශිෂ්ට සිනමාවේදියා නළුවා ගායකයා නිවේදකයා ඉතිහාස විචාරකයා ගැන කෙනෙක් කොමෙන්ටුවක් දාල තියෙන නිසා මටත් ඒ වගේ කෙනෙක් ගැන, කෝටින්ම ලංකාවෙන් පිටත නමුත් අපට ඉතාම ආසන්න සහ ලංකාවේත් ගොඩක්ම ජනප්‍රිය Encyclopedia of Indian Cinema යන විරුදාවලිය ලත් සුපිරිම සිනමාවේදී කමල් හසන් අසහාය සිනමාවේදියා ගැන කෙටියෙන් ලියන්න ඕන කියල හිතුන.

    ඇත්තටම මාතේ කමල්ගෙ කැපෑසිටි එක කොහොමද බලන්න මම කියන්නම් ෆිල්ම් තුනක්; Hay Ram (written, directed, acted ) Anbe Sivam (written, acted) Virumandi (written , directed, acted) වලින් පටන් ගන්නම්.

    ඇත්තටම මම ඔය තුනම බලන්න කියන්නෙ ඔය තුන ගත්තම ඒ තුනෙන් එකකවත් එකිනෙකට අනන්‍ය ලක්ෂණ කියලා එකක් නෑ නොදැන බැලුවොත් තුන තුන්දෙනක් කලා වගෙ හිතෙනවා, හැබැයි තුනම සුපිරිම ෆිල්ම් තුනක්. අන්න ඒකයි මම කියන්නෙ කාමල්ට සමාන කරන්න කෙනෙක් ඉන්දියාවේ තියා ලෝකේම හිටියෙත් නෑ ඉස්සරහට ඉන්න එකකුත් නෑ කියලා, ඒත් ඉවර නෑ විරුමාන්ඩි එකේ සින්දුවකුත් කිව්වා, තව සින්දුවක් රිවස් එකටත් කියලා තියනවා ඔය වගේ දේවල් සෑහෙන තියෙනවා

    කෙටියෙන්ම කියනවනම් ඇත්තටම කමල් හරියට වතුර වගේ!

    සිනමාව ඇතුළේ තියෙන එක එක කෑලි අපි එක එක හැඩයේ භාජනවලට සමාන කරමු.

    උදාහරණයක් විදිහට Acting කියන කෑල්ල කොටු හැඩයේ භාජනයකයට සමාන කරමු. කමලාසන් හරියට වතුර වගේ නිසා, කමලාසන්ට පුළුවන් ඒ හැඩේ ගන්න! ආයෙ එහෙට මෙහෙට වීම් නැහැ. වතුරම තමයි!

    Writing කියන කෑල්ල අපි සමාන කරමු කලයකට. කමලාසන් හරියට වතුර වගේ නිසා, කමලාසන්ට පුළුවන් ඒ හැඩේ ගන්න! අන්න ඒවගේ, ඒ වගේම Film එකක කමලාසන් Script එක ලියලා, Act කරලා, Directingනුත් කරනවා කියන්නේ, ඒ Film එක Oscar Worthy වැඩක් කියන එකට හොඳම උදාහරණයක් තමයි Hey Ram කියන්නේ!

    පුද්ගලයෙක්ව Skill එකකට අදාළව "වතුරට සමාන කරනවා කියන්නේ" ආයෙ ඉතින් එතැනින් එහාට සමාන කරන්න දෙයක් තව නැහැ.

    කමල් කියන්නේ ආසියාවේ අග්‍රගන්‍යම සිනමාවේදියා! කමල්ට වඩා හොඳ Directors ලා ඕනෑ තරම් ඉන්නවා. කමල්ට වඩා හොඳ Writers ලා ඕනෑ තරම් ඉන්නවා. කමල්ට වඩා හොඳ නළුවෝ ඕනෑ තරම් ඉන්නවා කියන කතාව ගැන නම් පුතෝ මම මුකුත් කියන්න යන්නේ නැහැ. හැබැයි කමල්ට වඩා හොඳ සිනමාවේදියෙක් (Acting, Writing, Directing කියන මේ තුනම පුළුවන්) මේ ආසියාකරයේ ඉන්නවාද කියන එක නම්... clearly & surely I could say "No"

    කැපෑසිටියට ලිමිට් නැති, ලිමිට් එකට හැඩයක් නැති, හැඩයට නිශ්චිත නිර්වචනයක් දිය නොහැකි "විශිෂ්ටයාට" සුබෝපන්දිනයක් වේවා කියල පතනවා අද ඔහුගේ ජන්ම දිනයයි! කමල් හසන් Kamal Haasan 🎂❤️

    ReplyDelete
  10. Copied .....
    .
    උඹලා කවදාවත් දැකලා තියෙනවද ඔය සියම් රටේ අජාන් චා, එතකොට උන් වහන්සේගේ ගෝලයෙක් වෙච්ච අජාන් බ්‍රහ්ම ( ගිහි කාලෙ පීටර් බෙට්ස් ), උන් වහන්සේගෙත් ගෝලයන් වන අජාන් බෝධි ඥාණ ( ගිහි කාලෙ ක්‍රිස් මැතියෙව්ස් ), අජාන් අග්‍ර ( ගිහි කාලෙ තාවෝ සුන්යෙන් ) වගේ ජාත්‍යන්තර කීර්තිමත් ථේරවාදී ධර්මධර භික්ෂූන් වහන්සේලා තමන්ගෙ දේශනා වලදි ඔය ලංකාවේ කාගම සිරිනන්ද බේසික පුතා කොටුවේ පොඩ්ඩා වගේ සක්කිලි හොරගණ පාහර බලු හැත්ත වගේ
    ගෑණුන්ගෙ රෙදි ගැනයි, මිනිස්සුන්ගෙ බීම ගැනයි, දෙකයි පනහේ පීචන් කථා කියනවා....?... නැත්තන් අර කිරිබත්ගොඩ ඤාණානන්ද අසපුවේ සෙට් එක ඇතුලු අසපුකාරයෝ වගේ මිනිස්සුන්ව අපායට බයේ වෙව්ලවලා, බය වද්දලා බණ කියනවා....?... (ෆිල්ම් එකක් බැලුවොත් අරකෙ යනවා, ටීවි එක බැලුවොත් මේකෙ යනවා, ඉන්ටර්නෙට් ගියොත් අහවල් එකේ යනවා කියනවා...?..) ...
    බණක් අහන්න ඕන නම් අන්න උන් වහන්සේලාගේ විඩියෝ ඕන තරම් තියෙනවා යූ ටියුබ් එකේ...."බුඩිස්ට් සොසයිටි ඔෆ් වෙස්ටර්න් ඔස්ට්‍රේලියා", "අජාන් අනන් ධම්ම " වගේ චැනල් තියෙනවා... ඒවා ෆලෝ කරලා බණ අහපල්ලා....අන්න බණ....!....ඒ ඇවිල්ලා හතර කේන්දරේ කාපාලු මිථ්‍යා වලට වත්, කන්න දෙන්න බැරි කමට වත් ගෙනත් විසි කරල ගිය හාමුදුරුවරු නෙමෙයි....බුදු දහම මොන තරම් ලස්සනද කියන එක අවබෝධයෙන් අරන් පැවිදි වෙච්ච අය....අඩුම ගානෙ, මාර්ගඵල ගන්න බැරි උනත්, ඉන්ග්‍රීසි වත් හැදෙයි....දියුණු විදියට හිතන්න හිතවත් හැදෙයි....
    හරියට බණ දන්න යතිවරු බණ කියනවා මිසක්, ගෑණුන්ගෙ සාරිපට බලන්න එන්නෙ නෑ.....උන් වහන්සේලාට තමන්ගෙ දේශනා ගැන ජනතාව පහදවා ගන්න "හෙල් ටුවර් " පෙන්නලා මිනිස්සු බයවද්දන්න ඕනත් නෑ....
    නිකමට ඔය අජාන් බ්‍රහ්ම හාමුදුරුවන්ගෙ බණක් අහන්නකො... කොච්චර සතුටක්, සැහැල්ලුවක් දැනෙනවද බලන්න... රෙදි, හෙල් ටුවර් මුකුත් නෑ... හිරු එළිය වගේ ආලෝකමත්....!

    -දමිත් කේතක

    ReplyDelete
  11. සාමාන්‍ය මානසික තත්වයක ඉන්න ගෑනියෙක් ( මම කියන්නෙ සාමාන්‍ය මානසික මට්ටමක් ) අවම වශයෙන් දවසකට වචන 3000 ක් වත් කතා කරනවා.. 🙂

    අසාමාන්‍ය මානසික තත්වයක් තියෙන ගැහැණු සමහර විට වචන 3000 ටත් වඩා වැඩියෙන් හෝ ඊට වඩා සෑහෙන අඩුවෙන් කතා කරනවා..

    ගැහැණු වැඩියෙන්ම කතා කරන්න තරම් talkative වෙන්නෙ තමුන්ට වඩ වඩාත් කොම්ෆටබල් මිනිස්සු ලඟදි..

    ඒ තමුන්ගෙ සැමියා , පෙම්වතා, අම්මා තාත්තා, යහලුවා , යෙහෙලිය මේ ඕන කෙනෙක් වෙන්න පුලුවන්..

    ඔයාගෙ ජිවිතෙ අසල දැවටි දැවටී ඉන්න යම්කිසි ගැහැණියෙක් ( අම්මා, බිරිඳ, යෙහෙලිය මේ ඕනෑම කෙනෙක් ) ඔයා එක්ක සෑහෙන කතාවට එල්ලි එල්ලි එනවා නම් ඔයා මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි

    " එයාලාගෙ comfortable zone එක ඇතුලේ ඔයත් එක member කෙනෙක් "🙂

    එක්තරා කාලෙකදි හරි ඔයා ඒ talkative club එකේ fan කෙනෙක් වෙලා නොහිටියා නම් එක මොහොතකට හෝ ඒ කිසිම ගෑනියෙක් කවදාවත් ඔයා එක්ක ඇලී ගැලී කතාවට එන්නෙ නෑ!!

    අද තත්වය මොකක් උනත් කලකට පෙර හෝ ඔයා ඇගේ කතා ලෝකයේ fan කෙනෙක්ව ඉන්න ඇති...

    තව දුරටත් ඔයා ඇගේ රසිකයෙක් නොවෙන්නත් ඇති., නමුත් ඇය තවම ඒක දන්නෙ නැතිවත් ඇති.. යම් ගැහැණියක් ඔයාට කන්කරච්චලයක් වෙන තරමට කියවා කියවා ඔබ අසල ගැවසෙනවා නම් ඇත්තටම ඇය ඉන්නෙ වැරදි කල්පනාවක..

    ඇය හිතන් ඉන්නවා තවමත් ඔබ ඇයව අසා සිටින්නෙක් කියලා..

    ඇත්තටම නැහැ. ඔබ දැන් අසා සිටින්නෙක් නෙමෙ.. ඔබ ඇවිල්ලා දැන් මුවින් නොබැන ඉවසා සිටින්නෙක් විතරයි ..

    ආලයෙන් වෙලිලා ගැලිලා අන්ධ වෙලා ඉන්න ප්‍රේමයේ පොහොසත්ම අවදියේදි සමහර පිරිමි ශෙයාර් කරන පෝස්ට් මම දැකලා තියෙනවා.. ඒවා හරියට මේ වගෙ

    " හැම තිස්සෙම කච කච ගාන කෙල්ලෙක් නම් හා අම්මෙ "

    " කටර් එකක් වගෙ කියවන කෙල්ලෙක් ඉන්නවා කියන්නෙ ජිවිතේටම ඇති "

    ඔන්න ඔය වගේ පෝස්ට් ශෙයාර් කරන පිරිමි ඔයාටත් හමුවෙලා ඇති.. හැබැයි ඒවා එයාලා අතින් ශෙයාර් වෙන්නෙ ප්‍රේමයේ පොහොසත්ම අවදියේදි තමයි..

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒක වැඩිකල් තියෙන්නේ නෑ

      ප්‍රේමය ටික ටික දුප්පත් අසීරු කාල සීමාවකට එනකොට එයාලා ශෙයාර් කරන්නෙ ඊට හාත් පසින්ම වෙනස් දේවල්

      " කතා කරන්න බැරි ගෑනියෙක් කියන්නෙ වාසනාවක් "

      " දෙයියො මට වරයක් දුන්නා ගෑනිව ගොළු කරන්න කියලා මන් ඉල්ලුවා "

      ඔන්න ඔය වගේ කතා !! 😊

      කාලේකදි දැවටි දැවටි කච කච ගාපු වචන අමෘතයක් වගේ දැනුන හැම කාලයකටම පස්සෙ පිරිමින්ගෙ ජිවිතේට එනවා

      " ඒ වචන මොන කන්දොස්කිරියාවක්ද?"

      " මේ ගෑනිගෙ කියවිල්ල මොන සාපයක්ද"

      " මේකිගෙ අඬෝ වැඩියාව අහන්නද දෙයියනේ මං මේ ලෝකෙට ආවෙ "

      වගේ තැනකට එයාලා එනවා.. වැඩිය පුදුම වෙන්න එපා! එයාලාගෙ ඒ වෙනස ගැන.. දවසක ඒක බලාපොරොත්තුවෙන් ඉන්න.. ඒ විපර්යාසය දකින්න මහ කාලයක් ගත වෙන්නෙ නෑ..

      තමුන්ගෙ ආදරේ පොහොසත්ම අවදියේදි පැයකට කෝල් දෙක තුනක් හරි අරන් ඔයාගෙ තෝර තෝංචියක් නැති කතාවල් ස්වේච්ඡාවෙන්ම අහන් හිටපු පිරිමි එයාලාගෙ සුහුඹුල් අවදියෙන් තටු ගසා දාලා නැගිටින වෙලාවක් එනවා..

      ඒ කාල සීමාවේදි ඔයාගෙ කියවිල්ල අහන් ඉන්න තව දුරටත් කිසි කෙනෙක් නෑ! මේ ලෝකේ හරිම කාන්සියි කියලා ඔයාට දැනිලා මෙතෙක් දවස් ඔයාව අහන් හිටපු අසන්නාට කතා කරන්න ඔයාට හිතෙයි..

      අහේතුවක ගලා ගිය දුරකථන සංවාද විසි තිස් දාහකට පස්සෙ එදාට සමහර විට ඔයා ඇමතුමක් ගත්තොත් අහගන්න වේවි

      " ඇයි මොකද කතා කලේ හදිසියක්ද? කියලත් " 🙂

      ඒ හැමදේම අහගත්තට පස්සෙ ඔයාට අන්න එතකොට ඒත්තු යනවා තව දුරටත් ඔයාව අහන් ඉන්න ඔයාට අහේතුකවම සවන් දෙන්න කිසි කෙනෙක් ඔයා වටා තව දුරටත් ඉතිරි වෙලා නැති බව.

      සමහර විට එදාට දවසකට වචන තුන්දාහක් නෙමෙ හය හත් දාහක් කතා කරපු ඔයාව speechless වෙනවා.. ඒ මොහොතේදි ඔයා කතා කරන්න ඕනෙ මොනාද කියලත් ඔයාට අමතක වෙනවා...ඒවා හිත ඇතුලෙම හිර වෙනවා..

      කාලෙකට කලින් තෝරතෝංචියක් නැතුව කියව කියව හිටපු ගෑනු හදිසියේම නිහඬ වෙන්නෙ ඒකයි..

      එයාලා තේරුම් ගන්න මොහොතක් එනවා. තව දුරටත් කතා කිරීම නිශ්ඵල බව..

      වචන වලින් වෙනදාට මුදා හැරපු පීඩනය කෝටි ප්‍රකෝටි ගානින් හිත ඇතුලෙ නිදන් වෙනවා. ඒ පීඩනයම ඇති ඒ ගෑනිට මුළු මහත් තමන් අවට ඉන්න සෑම සියළු දෙනාටම වෛර කරන්න..

      සමහර පිරිමි මෙන්න මේ අවස්ථාවෙදි සෑහෙන්න පුදුම වෙනවා!

      " තමුන්ගෙ ගෑණි මෙච්චර වෛරීය මනුස්සයෙක් උනේ කොහොමද? තමුන්ගෙ ඔලුව කන මනුස්සයෙක් උනේ කොහොමද? කියලා එයාලා සෑහෙන්න පුදුම වෙනවා"

      නමුත් ඒක වෙලා ඉවරයි!

      කවදාවත් තෝර තෝංචියක් නැතුව කච බච ගගා කතුරක් වගේ කියවන ඔයාව වර්ණනා කරන පිරිමියෙක් ඉස්සරහා අතිශය ආඩම්බරයට ප්‍රහර්ශයට පත් වෙන්න එපා..😂

      ඔය කියවිල්ලම එයාට සාපයක් වෙන දවසක ඔයාගෙ ඔලුව ලැජ්ජාවටම උස්ස ගන්න බැරි වෙයි!

      පිරිමි මේ ලෝකෙ ගොඩ නඟලා තියෙන්නෙ හේතුව සහ තර්කය මත. පිරිමි ගොඩ නඟපු මේ ලෝකෙට ගැලපෙන්න ගෑණු අපිට තාමත් බැරි වෙලා තියෙන්නෙ ඒකයි.

      ගෑනුන්ට උවමනා හදවතේ ලෝකයක්!!

      කාලයක් රොමියෝ වගේ අතිශය බොලඳ රෝමාන්තික ප්‍රේමවන්තයන්ව ඉන්න පිරිමි වැඩි කාලයක් ඒ තත්වෙ ඉන්නෙ නෑ! ඉක්මනටම යථාර්ථයෙ බැටන් පොලු පාරින් එයාලා ප්‍රකෘතියට එනවා.

      එදාටත් අපි අර හීන ලෝකෙන් අවදි නොවි හිටියොත් අපිට වෙන්නෙ ලෝක අමාරුවක වැටෙන්න..

      පිරිමියෙක් එයාගෙ වසන්ත සමයේ බොලඳ ප්‍රේමවන්තයාගෙ භූමිකාව රඟ දක්වන ඒ සුළු කාලේදි ඒ රඟපෑම භුක්ති විඳින්න හිතේ හැටියට. අත් පුඩියකුත් ගහන්න ඒ ගරු රංගනයට. මොකද ඔයාට ආයි ඒ රංගනය ඒ වෙදිකාවෙ දකින්න අවස්ථාවක් නොලැබෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.

      හැබැයි එයා රංග වස්ත්‍රාභරණ ගලවලා ඒ වේදිකාවෙන් බැහැලා ගියාට පස්සෙ තව දුරටත් ගැලරියෙ පාළු අසුනකට වෙලා දෑස් පියන් නොසෙල්වා පාළුවට ගිය වේදිකාව දිහා බලා ඉන්න එපා!! ඒක බොරු වැඩක්!

      ආයි එයා ඒ වේදිකාවට නඟින්නෙ නෑ!

      ශෝ එක බැලුවා නම් ඒ මතකය අරන් ඒ රංග ශාලාවෙන් එලියට බහින්න..

      ඔයා දැන් ලොකු ලමයෙක්! ඔයාට තේරෙන්න ඕනෙ!

      ආයිමත් ඒ නාට්‍ය තිරගත වෙන්නෙ නෑ! කවදාවත් නෑ!

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න