.

.

Jan 6, 2014

රත්තරන් - Gold


හිච්චි එකා සංදියේ, සම හරක් උන්, මී හරකා, ගොනා, බූරූවා, වසවර්ති මාරයා, අරකා මේකා කිව්වාට, අපේ අම්මාට මාව "සත්තරන් පුතා" උනේය. අපේ අම්මාට වගේම හැම අම්මාටමත් එහෙමය. ඒ වගෙම හැම පුතා දුවාටත්, එයාලාගේ අම්මා "සත්තරන් අම්මා"ය. ඔය අතරේ, පිත්තල තඹ පුත්තු දූරූ වගේම, අම්මලාත් නොමැත්තේද නොවේ.

එහෙම සත්තරන් කියා කියන්නේ, සත්තරන් බොහොම ගනන් නිසාය. සම හරක් උන් ලව් කරන කෑල්ලගෙන්, "ඇයි සත්තරන් ඔච්චර ගනන්.." කියා අහන්නේ, මළ පැනලා ඉන්නා විටය. එහෙම නැත්නම් ගෙස්ට් හවුස් අස්සේ, වැටකෙයියා පඳුරු අස්සේ රිංගන්න යෝජනා ගෙනත්, ඒවාට මල පැනලා ඉන්න වෙලාවටය. එහෙම මල පැනලා හරි, පඩත්තල කොල්ලන්ගෙන් බේරිලා ඉන්න එක හොඳය. නැත්නම් ඉතින් අපේ උන්ට සත්තරන්වලටත් වඩා වටිනා, පතිවතට කෙලවෙලා යනවාය.

මේ මැතකදිත්, ළෝකෙන් උතුම් රටේ සත්තරන් හින්නික්කිතර හම්බ වෙලා, එවා ටික ගරාගන්න කස්ටිය මරා ගත්තෝය. ඒ ඇරෙන්න මෙහේ සත්තරන් තිබුන බවක් ඉතිහාසෙත් අහලා නැතිය. ඒ උනාට සත්තරන් ඇඟේ පොරවගෙන උන්න බවට නම්, අනන්තවත් සාක්කි සටහන් ඇත්තේය. දැන් දැන් ගොඩක් රටවල සත්තරන් නිධි හම්බ වෙන නිසා, සත්තරන් වල වටිනාකම අඩු උනාට. උතුම් රටේ නම් එහෙම වෙලා නැතිය. අඩු උන ගානට හරියන්න ටැක්ස් එකක් ගහලා තිබුන ගානටම තියාගෙන යනවාය. ඒ අපේ රට ළෝකේ අනිත් රටවලට වඩා වෙනස් නිසා වෙන්න ඇතිය.

සත්තරන් අම්බානක නැගපු කාලේ උකස් තියපු උන්, දැන් ඒවා බේරා ගන්නේ නැතිව, බැංකු, අම්බ පරිප්පුවක් කනවා කියා පත්තරේ දැක්කේය. මහ බැංකුවේ නිළධාරි දෙන රිපෝට් හිටන් වෙනස් කොරලා, ලොක්කන්ට පච වාර්ථා දෙන, සැන්ටල් බෑන්ක් එකේ මහ එකාගේ පටන් වටේ ඉන්න හෙන්චයියෝ ටික, ආර්ථිකේ නොම්බර එකයි කිව්වාට. අළුතෙන් බිහි වෙන උකස් කඩ ටික දැක්කාම, නොම්මර එක කියන්නේ මොකටද කියා, අපිට හිතා ගන්න පුළුවන්ය.

සත්තරන් වැඩියෙන්ම උකස් තියලා වාර්ථා තියලා තියෙන්නේත් අපේ රටේය. ඒ ඉතින් ආර්ථිකේ පට්ට නිසා. සත්තරන් ගෙදර තියා ගත්තෝතින් කරදර වෙයි කියලා පරෙස්සමට තියන නිසා මිසක්ක, නැති බැරි කම නිසා, අග හිඟ කම් නිසා උකස් තියපු එවා නෙමේය. ඔය මක්කා කොලත් මගුල් ගෙවල් වල යන කොට සත්තරන් ඇඟේ පොරවාගෙන යන්න ඉන්දියාවේ ටැමිල් අය වගේම අපේ හින්ගල ඈයෝත් බොහෝම මනාපය.

එල්ලාගෙන යන පවුම් ගාන වැඩිවෙන තරමට කතා වෙන පොරමානයද ඉතා වැඩිය. කැරට් ගානේ අවුලක් නැතිය. වයිට් ගෝල්ඩ් වලට තැනක් නැතිය. කහ පාටට බැබලි බැබලි දිස්නේ ගහන්න තියෙන්න ඕනාය. සමහරක් උන් නම්, තඹ වලින් හදා, ගෝල්ඩ් පේන්ට් එක ගාගෙන යනවාය. එහෙම ගියාමත් පේන්නේ රත්තරන් වාගෙමය. ඒ නිසා අවුලක් නැතිය.

සත්තරන් ගැන මතක් උනේ, ගාල්ල පැත්තේ සත්තරන් කෙනෙක් පිත්තල වැඩක් කරලා තිබුන නිසාය. පිත්තලත් සත්තරන් පාට නිසා, සම හරක් හිතාගෙන ඉන්නේ, පිත්තලත් සත්තරන් කියාය. එයාට සත්තරන් කියන්නේ එයාගේ අම්මා එයාට සත්තරන් කියාපු නිසා නෙමේය. එයා ගුරුකම් වලට චාජ් කොරන්නේ පියෝ ගෝල්ඩ් වලින් නිසාය.

සත්තරන් වාහිනියේ අම්මන්ඩිත් අල්ලගෙන, තව එකෙක්, ගාල්තැන්නේ සත්තරන් පෙරවාගෙන උන්නත්, ඌට සත්තරන් කියන්නේ නැතිය. සත්තරන් කියන අනාවැකි ගැන නම් මාතලන්ට ප්‍රශ්ණයක් තියෙන්නේය. ඒයා කියපු ඔක්කෝම වගේ කෙළවෙච්චි අනාවැකිය. ඒ උනාට අපේ හරක් පෝලිමේ ඌ ළඟට යනවාය.

ඒකා කියා තියෙන්නේ රනිලුයි සජිතුයි ගහගන්නවා බලාගෙන ඉන්න බැරි නිසා යන්න යනවා කියාය. මට තියෙන ප්‍රශ්ණේ, ඔච්චර ගුරුකම් කොරන එකාට සෙත් ශාන්තියක් කොරලා, මේ දෙන්නා යාළු කරන්න බැරි උනේ ඇයි කියලාය. ඒ සත්තරන් එන්න කලින් තව සත්තරන් කෙනෙකුත් ආන්ඩුවේ උන්නේය. ඒ කළුතර පැත්තේ හාදයෙක්ය. එයාට සත්තරන් කියන්නේ, සත්තරන් මාල කඩාගෙන කෝච්චියෙන් පැනපු නිසාය කියා, මිත්‍යා මතයක් පඩත්තල කොල්ලෝ හදලා තියෙනවාය. ඒ කතා පට්ට බොරුය. එයාට සත්තරන් කියන්නේ ඒයා කළුතර ජනතාවටම, සත්තරන් නිසාය.

මහ රජතුමාත් සත්තරන් වලට ආස නිසා, සත්තරන් බෝලයක් හැම තිස්සේම මිරික මිරිකා ඉන්නේය. එහෙව් එකේ, එතුමා මේ වගේ සත්තරන්ලාට බොහෝම මනාපය. සම හරක් නම් කියන්නේ ඕකුන්ට සත්තරන් කිව්වාට, උන් පිත්තල කෑලී කියලාය. මට නම් ඉතින් මහ රජතුමා ගාව ඉන්නා ඔක්කෝම සත්තරන්ය. ඒ වෙන එකක් නිසා නොමේය. මසුරන් කතා කියා හැන්දෑවට අපිට ආතල් එක දෙන නිසාමය. මසුරන් හදන්නෙත් සත්තරන් වලින්මය. එයාලා.... කොරන්නෙත් එච්චරමය.

129 comments:

  1. ආණ්ඩුවෙන් හම්බුවෙන්නේ සත්තරන් ආතල් එකක් විතරය...
    මේක නම් සත්තරන් කථාවක්ය...

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න එපා.. ඔය වෙන ඒවත් හම්බ වෙන්නේ.. ඕන තරම්..

      Delete
  2. අපේ පරම්පරාවෙ අයට නම් මාව තාමත් රත්තරන් පුතාය.

    ReplyDelete
  3. මේක හරිම සත්තරන් රටක්ය! මොකුත් නොකියා කට බලියන් හිටියොත් සත්ත්රන් රෙවෙන්නම වැඩ කටයුතු සිද්ධ විය හැක.

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ දැනටමත් රෙන්නේ සත්තරන් කියාය. මොකෝ ඒවායේ වර්ණයද සත්තරන් වල වර්ණයමය.

      Delete
  4. ඔය මොන සත්තලන් ගැන කතා කෙරුවත් වැඩක් නැතිය.
    ප්‍රභා ලග තිබුනයි කියන සත්තලන් ටික හරියට හොයා ගත්ත නම් රටෙන් බාගයක් ගොඩගන්න තිබ්බයි කියල සම හරක් පඩත්තල කොල්ලෝ නම් කියනවාය.

    ReplyDelete
    Replies
    1. ඒ සත්තරන් වලට කුමක් වූවාදැයි කියන්නට මා දන්නේ නැත සත්තරන්..

      Delete
  5. ඇයි රත්තරං උඹ පේන්න නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. වටිනා කියන දෑ සැමවිට ප්‍රදර්ශණයේ තබන්නේ නැත. ඒ සත්තරන් වල හැටිය..

      Delete
  6. ඇයි මේ දවස් වල කඩවල සත්තලං කුඩු ගරන උන්දැල ගැන පත්තර වල ආටිකල් යන්නේ.. අර සහනයට මං සත්තලං කිව්ව කියල උගේ සත්තලං පෝස්ට්කටුවට දාපු මගේ සත්තලං කමෙන්ට්කටුව ඒ නරුමයා මකල දාලා.. හැක්..

    සත්තලනේ මාතලං ඔයා නැතිව හරිම පාළුයි බබා.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. එව්වා ගැන මට කොරන්න දෙයක් නැතිය.. මට නම් හැම එකාම සත්තලන්ය..

      "පාළු යකා" නොවේ නම් අවුලක් නැතිය.

      Delete
  7. විහිලුවට නෙමේ. මම මේ 'රත්තරන්' කියලා පෝස්ට් එකක් ලියන ගමන්...:D
    කොහොමද අනේ අපි දෙන්නා මෙහෙම එකට හිතන්නේ??? :P

    ReplyDelete
    Replies
    1. ඇයි සත්තලන් එහෙම වෙන්නේ.....?

      Delete
    2. ඔය දේවල් වෙන්නෙ නම් පෙර භවයේ පතාගෙන ආපු ලෙසට.
      අර මනුස්පයට හිංගල දන්නෙ නැති හින්ද හොදයි.... :)

      Delete
  8. ඇයි සත්තලනේ ඔච්චර ගනන්....

    ReplyDelete
    Replies
    1. මට තියෙන පුරස්නෙත් ඕකමය..

      Delete
  9. මහ රජතුමාත් සත්තරන් වලට ආස නිසා, සත්තරන් බෝලයක් හැම තිස්සේම මිරික මිරිකා ඉන්නේය. ////
    මසුරන් හදන්නෙත් සත්තරන් වලින්මය///
    මසුරන් ගැන හරි විස්තරයක් තියෙන ලින්කුවක් තියෙ නම් එක් කරන්න ..

    ReplyDelete
    Replies
    1. @සහෝදර ගේ අඩහැරය
      For කහවනු: http://lakdiva.com/coins/slns/sirisena/goldcoins.html

      @Maathalan, Three Wheelers වල "Golden Parents"ඉන්නව

      Delete
    2. @Pra Jay
      ස්තුතියි...

      Delete
  10. //"මහ රජතුමාත් සත්තරන් වලට ආස නිසා, සත්තරන් බෝලයක් හැම තිස්සේම මිරික මිරිකා ඉන්නේය. " ඒ වුනාට මටනම් හිතෙන්නේ රජතුමාගේ බෝල දෙක රත්තරන කියාය....මොකද ඒක මිරිකන්නට නළු නිලියෝ, ක්‍රීඩකයෝ,ආණ්ඩු පක්සේ ඈයෝ, විපක්සෙ ඈයෝ විතරක් නොව ජනතාව වන අපිත් පෝලිමේ බලන් ඉන්න නිසාය.

    ReplyDelete
    Replies
    1. මට බය තියෙන්නේ මිරිකන මිරිකිල්ලට ඇට දෙක නැති වෙලාම යාදෝ කියනා බයය.. ඒකට කියන්නේ ඇටදියොස්මේනියාව කියාය..

      Delete
  11. අනේ සත්තලන් මේ ලිපියත් සත්තලන්නෙ, මේ විදියට ත ටික කාලයක් යනකොට අපි හැමෝටම සත්තලන් කන්න ලැබෙයි. ඇයි ආන්ඩුවෙ දැන් සත්තලන්ලම කීයක් ද? මේ ලඟදි අපේ පැත්තේ එකෙකුත් ආන්ඩුවට ගියානෙ ඌත් සත්තලන්.
    කොහොම හරි අපිට මොන සත්තලන් ද අපි තබක්ක කෑල්ලක්වත් නැතුව මේ අපූරුවට ඉන්නෙ ආයිබොවන්........

    ReplyDelete
    Replies
    1. අපේ අම්මලා අපිට ආදරේට සත්තලන් කීවාට.. අර කියන්නා වාගේ අපි රදලියගොඩගේ යකඩ ගොඩටවත් නොගන්නා කබක්ක කෑලිමය.. අපේ අම්මලා හරි පව්ය..

      Delete
  12. ලෝකේ උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි

    ReplyDelete
    Replies
    1. දැන් නම් එහෙම කියනවා අඩුයි නේද...?

      Delete
  13. මගෙ නම් වැඩි කැමැත්තක් තියන දෙයක් නෙමේ රත්තරන් පුරවන් ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. මගේ වාසනාවට අපේ නෝනාත් එසේමය. උන්දෑට තියෙන්නේ අත් ඔරලෝසු පිස්සුවක්ය. ඒ නිසා දකින දකින ඒවා ගෙනත් දෙනවාය. ඒත් ඒවා අතේ දාන්නේ නැත. යනකොට ගෙනියන්න වෙනම පෙට්ටියක අඩුක් කොරලා තියෙනවාය. තිබුන සත්තලන් බඩු ටිකත් ආරක්ෂාව සඳහා බැංකුවේ උකස් කොරලා තිබෙනවාය..

      Delete
  14. මාතලන්ගෙ වෙනත් ලිපිවලට වඩා මේකෙ කරුණු වැඩියි වගෙද මන්ද.කියවන්න ටිකක් වෙලා ගියා.ඒක නොවෙයි ඇයි බන් ටික දුරක් යනකොට රත්තරන් සත්තරන් වෙන්නෙ.ඒ ඔක්කොමත් හරි අර අන්තිමට දාපු උන්දගෙ පොටෝ එක නම් මරේ මරු.උන්දැගෙ ආර්ථික සංකල්පයෙන් රට ගොඩ දාගන්න බැරිද මන්ද.ලෝකෙ පුරාම ඉන්න අනාදියන්ගෙ අපල දුරු කරල සත්තරන් ඉල්ලුවනම් හරිනෙ.ලෝක වෙලදපොළෙත් රන් මිල පාලනය කරන්න අපිට පුළුවන් වෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. සමහර විට එහෙම දෙයක් කොරන්නට සත්තලන් මේ පැත්තට ගත්තා වෙන්න ඇතිය..

      අන්තීමේදි රත්තරන් සත්තලන් උනාය..

      Delete
  15. දැන් මේ ආණ්ඩුවේ රත්තරන් ගොඩවල් පිටින් තියන්නේය.රත්තරන් වුනත් වටින්නේ එක දුර්ලභ නිසාය.ඒ නිසා කොයි තරම් රත්තරන් තිබුණත් දැන් මට නම් මේ ආණ්ඩුව සතේකට වටින්නේ නැත.

    ReplyDelete
    Replies
    1. අපිත් හිතන්නේ එකෙක්ටවත් වටින්නේ නෑ කියාය.. ඒ උනාට ඡන්දෙ රිසල්ට් එක එන කොට මොළේ කචල් වෙනවාය.. අපිට පිස්සුද, උන්ට පිස්සුද කියා හරියට හිතා ගන්නට බැරිය..

      Delete
  16. අද තමයි මේ පැත්තට ගොඩ උනෙ, හරිම ශෝක් ලිපිටික
    රත්තරන් කතවක් යන නිසා මගේ කතාවත් කියන්න හිතුනේ.
    ලොකුකමකට කියනවා නෙමේ ආයුබොවන්ඩ, රත්තරන් මිල
    දිනපතා වැඩිවෙන නිසා සන්තකේටම තිබ්බ වැඩි පාවිච්චියක්
    නොවෙන වාහන රාජය විකුණලා ගත්ත සල්ලි ටිකෙන් පිනට
    ලැබුණු සිංගප්පුරූ චාරිකාව ගොහින් ගත්තා සත්තරන් ටිකක්.
    එදා ඉඳන් බහිනවා කියහංකෝ මිළ

    ReplyDelete
    Replies
    1. අපි කොපු හැදුවොත්, පිරිමි උපදින්නේ ජුන්ඩෙක් නැතිවය..

      Delete
  17. රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ ......
    ලොක්කට ඕනේ ලෙස වැඩ විය යුතුය රටේ.....
    මාතලන්ලා කෑගැහුවට හතර වටේ.....
    කවුරුත් ඔබන්නෑ මසුරන් බොලාගේ කටේ...

    ///අඩු උන ගානට හරියන්න ටැක්ස් එකක් ගහලා තිබුන ගානටම තියාගෙන යනවාය. ඒ අපේ රට ළෝකේ අනිත් රටවලට වඩා වෙනස් නිසා වෙන්න ඇතිය./////

    අපි වෙනස් ජාතියක්ය ශ්‍රී ලාංකිකයෙක් වීම මට නම් ආඩම්බරයක් ඉදගෙන :D

    ReplyDelete
    Replies
    1. මමත් හිටගෙන...... හිතන්නෙ ඔබ හිතන එකම තමයි...

      Delete
    2. ඉවාන්....මල්ල.... :)..... මොකෝ ...හුටු...හුටු...ගාන්නේ... :)..?????

      Delete
    3. නෑ මන් බැලුවේ අරෙහ මාතලන්ට හිතෙන එකම පොඩ්ඩිට හිතිලා...මෙහෙ ඔයාට හිතෙන එකම ඔමාට හිතිලා.......ඉතිං හුටා කියවුනා.....(වලියට එන්න ඔට්ටු නෑ හරිද?)

      Delete
    4. පිශ්ශුද මල්ලි...මේ දවස්වල මුළු ලෝකෙම සිතලින් වෙලිලා....
      ඒක නිසා අපේ සිත්වල නොම්මර එකට ඉන්න අය සිතන දේ වලක්වන්න බැහැ.. :)

      Delete
    5. ඉවාන් @ ....(වලියට එන්න ඔට්ටු නෑ හරිද?) හි හි ඔහොම විහිළු කලලා හලියන්නේ නැහැ ඉවාන් ,,ඕන එකක් හිතාගන්න කියලා කියන්න ඕනේ ඉදගෙන ... ඒකෙයි නියම ලල් එක තියෙන්නේ ... :D

      Delete
    6. ඉවා ..

      ඕව කිරිමේල් වෙන වැඩ . . !!

      Delete
    7. මට නම් හිටගෙන සිටිනා විටත් මේ රන් දෙරණේ ඉපදීම ආඩම්බරයක්ය.. ආයෙත් ඉඳගෙන..

      Delete


  18. ඇයි අර රත්තරං පවුලක් ඉන්නවා. මුල් ගම දකුනේ. මෙ දවස් වල කුලියට ඉන්නේ කොල්ලුපිටිය පැත්තේ අමතක උනාද?

    ReplyDelete
    Replies
    1. හික්ස්... දන්න තරම.. ඒක විතරක් නෙමෙයි, කොටුවේ තියෙන පරණ එකකුත්, සින්නකරේටම ලියා ගත්තා..

      Delete
  19. දැන් හැමෝම රත්තරන් ගැන ලියන්න අරන් තීන්නෙ. ලාභ උනාවම ඔහොම තමයි එළුවත් නිකට පානවනෙ.

    ReplyDelete
    Replies
    1. උඹ ගොඩනැගිලි ගැන ලියන ඒවල බල්ලන්ට කක්ක දාන්න ඉඩ දීල තියෙන නිසා වෙන්න ඇති බං.

      Delete
    2. මටත් ඒ ලිපියේ ලින්ක් එක යාලුවෙක් එවල තිබිල කියවන්න ගිහිල්ල කොමන්ට් වල ගද දැනුනානම ලියන උගත් බුද්දිමත් නැණවතා ගැන චැහ්.... ගෑවුනා පත්තරේ....

      Delete
    3. කෙන්ජි,

      මිනිස්සු කක්ක දාන්න මහපාර තෝර ගන්නෙ උන්ගෙ හැදියාවෙ අවුලක් නිසානෙ. ඒකට පාර හදපු මිනිහ වගකියන්නෙ නෑ. ( පාර හදපු එකා මැදම දල තීන හෝ පාරට හානි වෙන දේ අයින් කරනව විතරයි ) ඒකට වග කියන්න ඕන ඒ දාපු මිනිහම සහ යම් පමණකට ඒ උදවියගෙ වැඩිහිටියො සහ ගුරුවරු.

      පාර හදල දිල තීනව ගමණක් යන අයට යන්න ඇහැකි, වලක් ඕනෙනම් ඒකත් බැහැතැහැකි, කක්කි ඕනනම් ඒකත් කරතැහැකි. ඉතින් හැදිච්චි උන් ගමණ යයි, නැහැදිච්චි උන් අනික් දේ කරයි.

      අන්තිමට තම්බල කන්න මට හිට්ස්නෙ මොනා උනත්!

      පොල් බෑයෙන් බල්ලට ගහනවද, උයන්න ගන්නවද කියන එක තීන්නෙ පාවිච්චි කරන්න අතේ මිසක් බල්ලා අතේ නොවේ.

      Delete
    4. @ ඉන්දික...
      මචං .....අදාළ තැන කතා කරන්න ඕන එක මෙතන කතා කරපන්...
      මම උඹ ව හිතන් හිටියේ පිරිමියෙක් කියල ....
      දැන් දන්නවා උඹ පොන්නයෙක් කියල...
      උඹේ පෝස්ට් එකේ එක මිනිහෙකුට ගහද්දි එවුනුත් එක්ක හවුල් වේගන එලවේසමේ නැටිල්ල හරිම අසික්කිතයි..
      පොන්නයෙක් නොවී හරි පාරෙන් වරෙන්...

      Delete
    5. ඉන්දික ..
      වැරදි නැති මිනිස්සු නෑ මචං .. නමුත් කතා බහ ක‍රල බේරගන්න පුලුවන්නෙ. තමංගෙ මිදුල මෝඩයන්ට පිනුම් ගහන්න දුන්නම ගෙදර එකා වැටෙන්නෙත් ඒ ගානටමයි..මොකෝ මිදුල උගෙ හින්දා !!! උඹ දන්න සාස්තරේ ලියපං . අපි නොදන්න දේවල් ඉගනගන්නවා ඒකට බොහොමත්ම ස්තූතියි..
      නමුත් බූරු ගැහුවත් එකයි ගහන තැන හිටියත් එක‍යි !!!!!

      Delete
    6. මැක්කන්ට බෙහෙත් ගහද්දි බල්ලන්ට වැදිලද?

      හෙහ්..හෙහ්..

      පත්තරේ,

      දැන් මෙතන කෙනෙක් කක්කි දානකොට ඒකෙ වැරැද්ද මාතලන්ගෙද?

      මේක විවෘථ ආර්ථිකේනෙ බන්. පිණුම් ගහන මෝඩයින්ට වත්ත බද්දට දීල හරි ගාන හොයන කෙනා තමයි ගොඩ යන්නෙ. ඒකනෙ මාතලන් කකා වගේම මාත් කරන්නෙ.

      Delete
    7. දැං බලපන් ඉන්දික කකාගෙ පෝස්ට් එකේදි වලිඅක් යන්න ගියා.කකා පැහැදිලි කරාම ඒක ශේප් උනා. ඒත් උඹේ එකේ මම අච්ච්‍ර කියද්දිත් ඇනෝලට උඹේ කටින් යමක් පිටවුනාද ??( කවුද ඇනෝ කියන එක වෙනම සීන් එකක්නේ )
      අන්න ඒකයි මම කිව්වේ .!!

      Delete
    8. ලක්ෂයක ණයක් ගන්න බැරි එකා දෙන ටෝක්.අභීත කිව්වා උබට සත පහක් දෙන්නේ නැහැලු.පොළියට සල්ලි දෙන්න තහනම්.ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා.රැකියා නැහැ.

      Delete
    9. පත්තරේ උඹ පැත්තක් නොගෙන කරන මෙහෙයට මගේ ප්‍රණාමය...
      අරිගතෝ ගොසයිමසු පත්තර සාන්....!
      අනිකුත් අයත් කවද හරි උඹ ඉන්න තත්වයට ඒවි....
      එතකන් බලා සිටිමු ...

      Delete
    10. කෙන්ජි මාමෙ

      """ මං කෙලින්ම සහන්ගෙ පැත්තේ """"

      ඒ උනාට හරි වැරැද්ද මට තේරෙන හැටියට කතා කරන්න ඒක බධාවක් නෙවෙයිනෙ !!!!

      පිට වලි මෙතෙන්ට ගේනව නෙමෙයි පැහැදිලි කිරීමක් කරන්නෙ ,,,, කකාගෙ හැසිරීම මං ඉහලින්ම අගය කරනව එතනදි කෙන්ජි මාමෙ..
      ඒ මැදිහත්වීම නැත්තං තව හිත්අමනාප වීමක්නෙ..

      අයිනෙන් ඉඳල තව යූරියා පාරක් ගහන එක නෙමෙ‍යි වෙන්න ඕන දේ කියල කියන්නයි මට උවමනා උනේ !!!

      Delete
    11. @ AnonymousJanuary 8, 2014 at 4:48 AM
      //අභීත කිව්වා උබට සත පහක් දෙන්නේ නැහැලු.//

      හෙහ්..හෙහ්..

      birds with same feather flock together...

      Delete
    12. හෙහ් ... හෙහ්හ් කිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ ඉන්දික.සල්ලි දෙන්නේ නැහැ.ඇයි අවුල්ද?

      Delete
    13. අය්යෝ නෑ. අවුල මට නෙමෙයි එයාටමයි.

      Delete
    14. මටත් ණයක් දීපන් මචන්.සල්ලි එහෙමත් ඇතිනේ බිල්ඩින් හදන නිසා.

      Delete
    15. ගූ හතයි වැලි එකයි මික්සර් එකට දාලා මූ ගෙවල් හදන්නේ.ගූ ගදයි පළාතම.

      Delete
    16. සත්තලන් ගැන හැම එකාම කතා කොරනවයි කිව්වට.. මෙතන නම් කස්ටියම කතා වෙලා තියෙන්නේ කක්කි ගැනනේ.. අවුලන් නෑ.. බොග් අවකාසේ කක්කා දාන්නේ නැතිව, හුජ්ජා දාන්නය...

      Delete
  20. රත්තරං බිත්තර දාපු කිකිළිව මරලා බිත්තර ඔක්කොම එක පාර ගන්න ගිය කතාවද මට මතක් වෙනවාය. අද සම හරක් කරන වැඩ අන්න එයාකාරය.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතලා ගොඩක් කල්ය.. ඒ උනාට කිකිළි මලත් රටින් හරි බිත්තර ගේන තත්වයක් පෙන්වනවාය..

      Delete
  21. සිනිඳු සේල රන් මිණි මුතු නැත පලඳන්න..

    මා දුප්පත් බව නිතර සිතන්න . . . !!

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර බං....
      දැන් සේරමල්ලම සුපිරි ස්ටාස්ල....
      හැමෝටම ඉල්ලම් මතු වෙලා....

      Delete
    2. එහෙනං එහෙනං කෙන්ජි මාමෙ !!

      එනවා යනවා හඬනවා . . .
      හිනැහෙන කෙනෙක් නැතේ . . !!!

      Delete
    3. මාගේ පැල අඳුර නසන්න..
      හිතෙනවා සී ඇෆ් ඇල් එකක් ගේන්න..
      නිවසේ ඳුර එළිය කොරන්න..
      මගෙ ලයිට් බිලෙත් ගාන කැපෙන්න..

      Delete
  22. සත්තරං අදහස්නෙ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කාටද....? මටද....? පැනපු, සත්තලන්ටද...?

      Delete
  23. ටොන් 16 ක රත්තරන් ටිකට ලාබෙට විකුනනවා කියන්නේ.. !

    ReplyDelete
    Replies
    1. ලාබ බඩුවෙ හිලක් !!!!

      Delete
    2. එහෙම පඩත්තල කතාවක් වල් කොල්ලෝ කිව්වට.. ඒ හැටි ලාබයක් නෑ නේ..

      Delete
  24. සත්තලං මග‍ෙ සත්තලං මගේ සිත ගත් සත්තලං
    දුකක් දැනෙනව සත්තලං මතක් වෙනකොට සත්තලං

    ReplyDelete
    Replies
    1. බැංකුවේ නිසා වෙන්ට ඇති...

      Delete
  25. ඔහේ හිතන හැටි නම් හරිම වැරදිය. දැන් සත්තරන් පලදින කෙල්ලන්/ගැහැණුන් හිඟය. කණේ කරේ අතේ පයේ නහයේ බුරියේ දාන්නේ දැන් රත්තරන් නොවේය.ඒවාට මිලින් අඩු පාට පාට ප්ලාස්ටික් සහ වීදුරු කෑලි එක සයිස් එකෙන් එක එක වර්ණයෙන් නොයෙක් මාදිලියෙන් ඇති වග ඔහෙ නොදන්නා කම ගැන එක අතකට පුදුමෙකුත් නැත. ඒ මොකද කියනවා නම් මේ මනුස්සයාට ගෑනුන්/කෙල්ලන් පලදන අදින දේට වඩා කතා කරන්නට කැමැති දේශපාලනය නිසාය. “අනේ මගේ සත්තරන් මාතලන් ඉස්සර නම් ඔහොම නැතිය “ ගැහැණුන්/කෙල්ලන් ගැන හරියට හිතුවේය. ඔවුන් අඳින ඇඳුම් ගැන පවා විස්තරාත්මක ලිපි පල කලේය. මේ දහදුරා දේශපාලනය ඒ සත්තරන් මනුස්සයාව නැති භංගස්ථාන කර ඇත...

    “ අනේ සත්තරන්....ආයෙ ගෙදර එන්න“

    ReplyDelete
    Replies
    1. සත්තලන් බඩු කඩවලට වඩා "ලවර්" කඩ හන්දියක් හන්දියක් ගානේ තියෙනවා මාත් දැකලා තියෙනවාය.. පාරේ තියෙනා ඉටි බෑග් මදිවාට.. කෙල්ලෝ ඒවා කනේ, කරේ, අතේ, පයේ, ඉතරක් නොව වෙන වෙනත් තැනවලත් එල්ලාගෙන යනවාය.. අම්මපා මේ දෙශපාළණේ නිසා ඒව්වා අමතක උනාය.. වෙලාවක ඒ ගැනත් ලියන්නම්ය.. ඒ නිසා හිත් අමනාප ගන්නට උවමනාවක් නැතිය..

      Delete
  26. කුණු තියෙන තැනටම තමයිලු කුණු එකතුවෙන්නෙ කියල ඉස්සර කිව්වට දැන් රත්තරන් තියෙන තැනමට තමයි රත්තරන් එකතුවෙන්නේ කියල කියන්න වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. රත්තලන් බෝලය මිරිකන විට, අනික් බෝල හිරි වැටීමක් වාගේ දෙයක් වෙනවා ඇතිය.. පොන්නයන්ගේ බෝල අඩු කතාවක් මා අසා තියෙනවාය..

      Delete
  27. අපේ අම්ම ගෙලේ බඳින මලේ රත්තරන්
    වටිනාකම කියන්න බෑ පුංච් හින්දා මන්
    රන් මාලේට වැඩිය වටී තාත්තාට මන්
    ඒ හින්දයි මට කියන්නේ පුතා රත්තරං

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සුන්ගේ ඇස් පෙනීමේ දුර්වල කමක් ඇති, තඹ සත්තලන් වගේ පෙන්න..

      Delete
  28. බලපන් මාතා රත්තරන් වලට තියෙන වටිනාකම..එහා මෙහා වෙන්නෙත් රත්තරන්ලා. රිදී කෑලිවලට නෝ චාන්ස්.

    මගේ යාළුවෙක් හිටියා මෙහේ දෙමල බුවෙක්. උන් හරියට රත්තරන් අඳිනවානේ. කොහේ හරි එලියට යනවානම් රත්තරන් බඩු ඔක්කොම කුස්සියේ හාල් ගෝනිය අස්සේ හංගන්නේ පරිස්සමට. මෙහේ ඉන්න ඊස්ටන් යුරෝපියන් එවුන් මාර ගේම් දෙන්නේ ගෙවල්වලට පැනලා. දවසක් මුන්ගේ රත්තරන්වලට ගේම දීලා. උන් ඒශියන් ගෙවල් වලට පනින්නේ මෙටල් ඩිටෙක්ටර් එකක් අරන්. රත්තරන් හොයාගන්න.

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද බන්.. උන් මොන වැඩ්ඩොද.. මෙහේ කන් ගැට්ටා සත්තලන් කඩු උස්සන් ගියේ.. මොන ඩිටෙක්ටරයක්වත් නෑ.. බීඩී පහක්ද කොහෙද අරගෙන ඇවිත් තියෙන්නේ.. උඹ කියන්නේ ඌව සී සී ටී වී වලටවත් අහුවෙලා නෑ නේ..

      Delete
  29. රත්තරන් වටින කතා ටිකක්නේ කියලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මාතලන් කවදත් කියන්නේ ඒ වගේ කතාමය..

      Delete
  30. ටැක්ස් ගහලා ප්‍රයිස් එක මේන්ටේන් කරන්නෙ සත්තරං වල විතරක්ම නෙමෙයි නේද.. හැබැයි ඒක නං පට්ට කතාව.. :)

    ReplyDelete
    Replies
    1. සත්තලන් විතරක්ය පට්ට්ම් වල මාකට් එකත් මේ දවස්වල මේන්ටේන් කොරන් යන්නේ මඩ බාල්දී මදිවට ගූ බාල්දිත් ගහද්දී..

      Delete
  31. අර මිරික මිරිකා ඉන්න බොලේ අයිතිකාරයාගේ එව්වා සත්තරන් කියමින් මිරිකන සම හරක් රැළ ස්වාසිලන්තයට පිටුවල් කොරන්ඩ ඕනෑය.

    ReplyDelete
    Replies
    1. එතකොට ස්වාසීලන්තේ සජ්ජුරුවන්ගේ ඇටේ ලොකුවෙලා.. එතුමා එරට කාන්තා පරපුරට කරනා අමිල සේවයට අනතුරක් වන්නට පුළුවන්ය...

      Delete
  32. කතාව ඇත්ත..ඔන්න ආයෙත් එක රත්තරන් කෙනෙක්ට අමතක වෙන්න පටන් අරගෙන පිට රට ප්‍රතිකාර වලට ගිහින්ලු.මොකද එයාට හරියට අමතක වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. ඔය ඇල්සයිමර් කියනා රෝගය මෙහේ දේශපාලුවන් බොහෝ දෙනෙක්ට තියෙනා ලෙඩක්ය..

      Delete
  33. මාල කඩපු එක්කෙනාගේ මල්ලිද අයියදත් ඉල්ලනවලු අන්න පලාත සභාවට! ෆැමිලි බිස්නස් එකක් තමයි මේක දැන්!

    ReplyDelete
    Replies
    1. උන්ව පත් කර යවනා එවුන්ගේ මොළේ අවුලක් මිසක්, එතුමන්ලාගේ අවුලක් මට නම් පේන්නේ නැතිය..

      Delete
  34. මාල කඩපු එක්කෙනාගේ මල්ලිද අයියදත් ඉල්ලනවලු අන්න පලාත සභාවට! ෆැමිලි බිස්නස් එකක් තමයි මේක දැන්!

    ReplyDelete
  35. මටනම් ඔය රත්තරන් එල්ලගෙන ඉන්න මිනිසුන් පෙන්නේ ගෝත්‍රිකයන් ලෙස.

    ReplyDelete
    Replies
    1. මටත් පොඩ්ඩක් ඉතර එහෙම ගතියක් තියෙනවාය.. මගේ මගුල් මුද්දවත් මම දාන්නේ නැතිය.. හැබයි ඉතින් ඒකත් ගෝත්‍රික ලක්සනයක්ය කියා තව එකෙකුට හිතෙන්නට පුළුවන්ය..

      Delete
  36. ඔන්න බලමුකෝ රත්තරන් වලට අපහාස කරන හැටි බය නැතුව

    ReplyDelete
    Replies
    1. ජීවීතේ ලසො තැවුල් නිවන්න සත්තලන්..

      Delete
  37. ඒම කියන්න එපා ඈ.. අරයත් මට කතා කරන්නෙම රත්තරන් කියලා..

    ReplyDelete
    Replies
    1. දිනේශ්.........කොයි වෙලාවටද?

      ආකර්ෂනීය කමෙන්ට් එකක්. කාටවත් ඕක මතක් වුනේ නැහැ.
      ++++++++++++++++++++++++++++++

      Delete
    2. ඔය කටෙන්ම පිත්තල කුමාරයා නොකීවොත් මේන් මගේ කට... අපි නොදන්න ලව්....

      Delete
  38. මහ එකාගෙ වැඩ නිසා රත්තරං වලටත් ගිය කලක් අම්මේ..

    ReplyDelete
    Replies
    1. බල්ලටම ගියා නේ බන්..

      Delete
  39. මට නම් තියෙන පුරස්නෙ මහරජතුමාගෙ දෑත් ශක්තිමත් කරන්නෙම එතුමාට වැඩිපුරම බනින කට්ටියනෙ. ඒ කියන්නෙ මරාගෙ හතුරො. ඔය විදියට අර ප්‍රභාව ඝාතනය නොකලා නම් ඌත් මෙතුමගෙ දෑත් ශක්තිමත් කරන්න ඉඩ තිබුනා.

    ReplyDelete
    Replies
    1. අනිවා මම හැමදාම කියන්නේ ඕකනේ.. එහෙනම් අපේ අගමැති තුමා පිරභාහරන් අයියා තමයි.. හැබයි ඉතින්.. ඇට දෙක නම් ගලවලා සාක්කුවේ දාගන්නවා..

      Delete
  40. රත්තරං ඇයි ඔය හැටි ගනන් ?

    ReplyDelete
    Replies
    1. මාත් අහන්නේ ඕකමයි සත්තලන්...

      Delete
  41. 1 මම කැමතිම බොග-හිස් අහස(සඳරු) 2 බ්ලොග් ලෝකයේ හොදම වලි කාරයා-කෙන්ජි 3 බ්ලොග් ලෝකයේ පෙරළිකාරම බොග-මාතලන් 4 බ්ලොග් ලෝකයේ මා කියවු අප්පිරියම බොග -ස්ත‍රීවාදය 5 බ්ලොග් ලෝකයේ මා දුටු සුන්දරම කෙල්ල -හෂිකා හෙට්ටිගේ (හසී ගේ සිතුවිලි) 6 බ්ලොග් ලෝකයේ මා දුටු පිස්සුම කෙල්ල -අපූර්වී ඔමායා 7 බ්ලොග් ලෝකයේ මා දුටු හිත හොඳ කොල්ලා -සිරා කොලුවා ...........මේ මට හිතුන හැටි........

    ReplyDelete
    Replies
    1. අහිංසක මත පිත්තු කෙල්ල කීවා ඉදගෙන මේ වලත්තයා :D

      Delete
    2. මට වලි කාරය කිව්වා නේද වලත්තයෝ... :)

      Delete
    3. අඩෝ වලත්ත වැඩ නොකර මටත් පොස්ට් එකක් දියන්කෝ

      Delete
    4. බොලාට ආදරේ නිසා තමයි එහෙම කිව්වේ අයේ.......වලත්ත කමට නෙවෙයි ඕන්.........

      Delete
    5. 8. බ්ලොග් ළොව වනචරයා - වලත්තයා..

      Delete
  42. ප්‍රවුර්ති ගායක ඇන්ටන් ජෝන්ස් උන්නැහෙත් රත්තරන් ගැන සින්දුවක් කියල තිබුනේය. දැන් සින්දු හිට් කරන වියාපාරික චැනල් කට්ටිය ඒවා ප්‍රචාරය කරන්නේ නැතිය. අහන්න ඕනෑමනම් මෙන්න පාර.
    http://www.topsinhalamp3.com/songs/anton-jones-mp3-songs/athana-methana-kothana-giyath-mp3-song.php

    ReplyDelete
    Replies
    1. තවත් මේ වගේ සින්දුවකුත් මම අහලා තිබුනේය..

      සත්තලනේ හැදුනා පාචනේ...
      කොහෙද යකෝ මෙතන තිබුන පාචනේ..

      Delete
  43. රත්රන් කියන්නෙ රන්+තඹ මිශ්‍ර ‍ලෝහයට නැතුව තනි ‍ලෝහයකට ‍නෙ‍මෙයි
    gold වලට සිංහ‍ලෙන් කියන්‍නෙ රන් කියල
    මීට අමතරව ‍කොලරන් සුදුරන් කහරන් නිල්රන් ව‍ගේ ‍දෙවලුත් ති‍යෙනව

    ගාල්තැන්‍නෙ ‍දේවගැති තුමාටනම් අපහාස කරන්න එපා ‍මොකද
    බුදු හාමුදුරු‍වො අයිති සිංහලයට වුනාට ගන ‍දෙයි‍යො අයිති ‍දෙමලට ‍නෙ‍මෙයි
    මුලු හින්දු ‍දේව සභාවම සිංහලයන්ට අයිතියි
    හැබැයි ශිව ලිංගය සිංහලයට අයිති නෑ නමුත් ශිව ඇට ‍දෙක අයිතියි
    ජේසු ගැනනම් වැඩි අයිතිය දෙමලට
    ගාල්තැන්‍නෙ ‍දේවගැති තුමා ව‍ගේ අය‍ගෙන් සිහල උරුමයට ‍ලොකු දායකත්වයක් ලැ‍බෙනවා
    නැතිනම් පර ‍දෙමලු හින්දු ආගම ඊලාම් වැඩවලට ‍යොදාගන්නබව ෂුවර්
    දේවගැති තුමා ඔයාට වඩා ‍ශ්‍රේෂ්ට ‍කෙ‍නෙක්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත එතුමා මට වඩා බොහෝ සෙරෙස්ට පුග්ගලයෙක්ය.. එතුමා අනුගාමිකයෝ ඊටත් වඩා සේස්ට උත්තමයෝය.. සාධූ.... සාධූ... සාධූ.....

      Delete
  44. විපක්ෂයෙන් ආණ්ඩුවට පැන්නොත් රත්තරංම තමයි. මිනිස්සු ඉස්සර ඉඳන්ම පඬුරු තිබ්බේ රත්තරංවලින් නේ. ඒකයි ඒපුරුදු තවම අත්හැරලා නැත්තේ...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට තඹ කාසි පඬුරු වලට බඳින්න පටන් ගත්තයින් පස්සේ වෙන්න ඇති, දෙයියොත් පල් වෙලා තියෙන්නේ.. අනේ ඉතින් අපිට කොයින් සත්තලන් මගේ සත්තලන්...

      Delete
  45. අම්මපා සත්තලන් කතාවක්ය.

    ReplyDelete
    Replies
    1. මාතලන් ලිව්වොත් ඉතින් ලිව්වාමය..

      Delete
  46. ඔය ගාල්තැන්නේ පොර මහා %&^*%*$*$ ගේ පුතෙක් මං අහල තියෙන විදියට එතෙන්ට එන කෙල්ලොත් තියා ගන්නවා උගේ ගෝලයෝ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න