.

.

Aug 22, 2023

ධර්මේ කළේ අධාර්මික දෙයක්ද? පෝන්, සෙස් පෝන් හා වීඩියෝ චැට්

 


ධර්මේ කළේ අධාර්මික දෙයක්ද?

පෝන්, සෙස් පෝන් හා වීඩියෝ චැට්

➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴


සීන් එක මෙහෙමයි... අනෙක් හැම දේම වගේම මාතලන් නම් මේකෙන් ගත්තෙත් ආතල් එකක් විතරයි.


ගොඩාක් අය කළබල වුනාට මේවා සාමාන්‍ය දේවල්... එසේ නොවේ කියලා හිතන අය තමා බොහෝම කළබල වෙලා තියෙන්නේ. මොකෝ සෙස් කියන්නෙත් බත් කනවා වගේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක්. ඉතින් යූ ටියුබ් එකෙන් උයනවා වගේම, සෙස් කරන එකත් කරනවා.


මිනිස්සුන්ගේ වං හුං සොයනෙක මිනිස් ස්වභාවයක්, ඒකට ජාතිය, ආගම, කුලය, පක්ෂ පාට, පන්තිය, ක්ලාස් එක අදාල වෙන්නෙම නෑ. මේ ගැන ලස්සන සින්දුවක් තියෙනවා ජිප්සීස් සුනිල් අයියගෙ, හිනා හිනා... පොඩ්ඩක් වෙන්න හිනා... කියලා... ඒකේ කොළඹ හතේ ළොකු නෝනලා ඕප දූප කතා කරලා හිනා වෙන හැටිත් තියෙනවා...


අපේ රටේ මිනිස්සු sex හොයලා ලෝක වාර්ථා තියනවයි කියලා අපේම උන් කින්ඩි දැම්මට... අපේ උන් ඔය ප්‍රශ්ණයේදී ලෝකේ දියුණු රටවල උන්ට වඩා සධාචාරයි. ඊයෙද කොහෙද ස්වීඩන් වලින් එලියට ආපූ ස්ත්‍රී අපචාර රැකෝඩ් එක ඒකට උදාහරණයක්. අපේ උන් වීඩියෝවක් බලලා අහිංසක වින්දනයක් ලබලා සතුටු වෙනවා. 


මේ සයිබර් සෙස් චැට් වගේම, spa කල්ට් එක නිසා අපේ රටේ දැන් ස්ත්‍රී දූෂණ වාර්ථා වෙන්නේම නැති තරම්. ඔය බහුලව වාර්ථා වෙන ළමා අපචාර වලත්, තරුණ පරපුර වැරදි කාරයෝ වෙන්නෙම නැති තරම්.


ඒවා කරන්නේ පූජකයෝ, ගුරුවරු සහ මයිනෝ හෙවත් නාකි උන්.. ඒවටත් හේතූ තියෙනවා. එකාතකින් උන්ව දේශපාලන රැස්වීම් වලට හරි ගේන එක ළොකු දෙයක්. එතකොට උන්ගේ ඊගෝ අඩු වෙනවා.


අද තියෙන්නේ එදා තිබුන ලෝකය නෙමේ. ලෝකේ තාක්ෂණිකව දියුණු වෙනකොට SEX ඉන්ඩස්ට්‍රි එක වගේම සෙස් කල්ට් එකත්... අළුත් අළුත් දේ කෙරේ යොමු වෙනවා. ලංකාවේ සෙක්ස් ඉන්ඩස්ට්‍රියක් නැති නිසා... මේවා සමහරක් අයට මැජික් වෙලා තියෙනවා.


සෙක්ස් ගේම්ස්, ලයිව් සෙස්, වීඩීයෝ චැට්, වලටම වෙන් වූ වෙබ් සයිට් ඕන තරම් තියෙනවා. පෝන් සයිට් වල පොප් අප් ඇඩ්ස් වලට එන්නෙම ඒවා. ඒ ඇරුනාම ලව් කරන වගේම, රහස් සබඳතා තියෙන... ටෙක්නොලජි දන්න හැම එකාම අතරේ මේ දේවල් සාමාන්‍යකරණය වෙලා ඉවරයි. 


ඒ නිසා වගීෂ වගේ සමාජයෙන් වහන් වෙලා පැනලා යන්න ඕන නැ. සනා වගේ මේකත් ඇඩ්වාන්ටේජ් එකක් කර ගන්නවා මිස...


මේ ගැන අවබෝධයක් තියෙන කෙල්ලෝ මේවයෙන් ෆෝන් කාඩ් එකේ ඉඳලා... ලක්ෂ කෝටී ගනන් හොයනවා. සමහර කෙල්ලෝ රටේම ජනප්‍රිය චරිත. අනික උන් ඒවා හොයන්නේ... ඔක්කොම පෙන්නලත් නෙමේ. භාගෙට පෙන්නලා. ඒකත් කලාවක්.


ලෝකය පුරා මේවා ගැන වාර්තා චිත්‍රපට මෙන්ම චිත්තරපටිත් හැදිලා බොහෝ කල්.. ෆිල්ම් එකේ රූප රාමු අතරට ඉන්බොක්ස් චැට් දාන එකත් දැන් සාමාන්‍ය දෙයක්.


එකම දේ ජනප්‍රිය කෙනෙක්ගේ මේ වගේ දෙයක් එලියට ආවම... ලෝකේ කොයි රටේ උනත් ඒවා සෙක්ස් ස්කැන්ඩල් වෙලා පෝන් සයිට් වලට ගිහිල්ලා කතා බහට ලක්වීම විතරයි. මේවා සල්ලි උල්පත්. 


ඒ නිසා මේවා ගැන දැණුවත්ව ඉඳීමත් අර සෙස් ගැන උගන්වන්න ඕන කියන ගොඩට එකතු වෙන්න අවශ්‍යමයි.


මේවා මෙහෙමයි කියලා... චැට් එකට සමහර උන් එන්නෙම විකට් පොලු පෙන්නගෙන. ඇත්තටම ඒ වගේ උන් සයිබර් ක්‍රයිම් යටතේ සිරගත කරන්න වුනත් පුලුවන්. ඒක අසහනයට වඩා නොදන්නා කම.


මේකේ භයානකම දේ පාසල් දරුවෝ වැඩිහිටියන්ගේ වික්ටිම්ස් බවට පත්වෙලා අපචාරයට ලක් වෙන්න තියෙන ඉඩ. ඒවත් නීතියෙන් ළමා අපචාර ඝණයටම වැටෙන බවත්... ඒවාත් සිර දඬුවම් ලැබිය හැකි වරදවල් බවත්.... දෙමව්පියන් මෙන්ම වැඩිහිටියන් සියල්ලෝමත් දැන ගැනීම වැදගත්.


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ....!!!

.

15 comments:

  1. ශ්‍රී ලංකාව තුළින් බිහි වූ වේග පන්දුවේ සුපිරි තරුව ලසිත් මාලිංග වෙනුවෙන් චිත්‍රපටයක්,

    " Mali the Yoker king"

    ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ආදරණීය කතාවක්,දේදුණු ආකාසේ ආදී ජනප්‍රිය වාණිජ චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කල ප්‍රියන්ත කොළඹගේ විසින් සිදු කිරීමට නියමිතයි.

    ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති අල්ලිරාජා සුබාෂ්කරන් මහතාට අයත් lyca production සමාගම විසින් දැවැන්ත සිනමාපට 05ක් ලංකාවෙ නිශ්පාදනය කිරීමට නියමිත අතර ඉන් පළමුවැන්න ලෙස ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ චරිතාපදානය සිනමාවට නැගීමට ඔවුන් සූදානමින් සිටී.

    ලසිත් මාලිංගගේ චරිතයේ බාහිර ස්වරූපය හා අභ්‍යන්තර හැකියාවන් වඩාත් සාර්ථක ලෙස් ඉස්මතු කර පෙන්විය හැකි එම රංගන ශිල්පියා ප්‍රේක්ෂක ඔබට අනුව කවුරුන් විය හැකිද ?

    ReplyDelete
  2. ධර්මෙ අයිය මොන සැස් කලත් අපෙ මොකෝ. හැබැයි වටේ හිටිය අයියලා පරිගණක සාක්ෂරතාවය කියන දේ ගැන ධර්මෙව දැනුවත් නොකල එක සහ ධර්මෙ ක්‍රිකට් තරං ඒ ගැන උනන්දු නොවුණ එක ඔහුට අද ගැටලුවක් වෙලා තියෙනව.
    අපෙත් ඉන්නව ස්මාට් ෆෝන් ලැප් යූස් කරන. හැබැයි ෆිල්ම් බලන්න ගේම් ගහන්න බුකිගත වෙන්න.
    ඒකත් හරියට නෑ

    අවන්හලේ මයියා

    ReplyDelete
  3. මේවට කදුලු දෙන්න බෑ බං හිනා යනවා මම අංගම්මන සුමන 🥲😖💔

    ReplyDelete
  4. ධර්මෙයත් අර පට්ට ගොන් ධනුෂ්ක ගුණතිලක සක්කිලි බල්ලා තරම්ම ගොන් නැතිවුණත් ස්කෑම් එකකට අහුවෙලා වගේ නේද බන් ළමාතං? හැබැයි ධර්මසේන කිවුවට ඌ මහණ වෙලා නෑනේ ඕයි! 😂 නමට විතරනේ ධර්මේ තියෙන්නේ

    ඒ නිසා මහණ වෙච්ච උන් පන්සලේ 3සම් දාන කාලෙක ධර්මසේන සෑහෙන්න ප්‍රාථමිකයි.

    😂😂😂

    ReplyDelete
  5. කෙටිම කාලයකින් වැඩිම වතාවක් සුරතාන්තයට පත්වූ ගැහැණිය සිල්වියාය. ජීවිත කාලෙටම සුරතාන්තයක් නොලැබූ ගැහැණුත් ඕනතරම්‍ ය. Hats off to Silvia Konior 🙃

    ReplyDelete
  6. යකෝ මාතේ ඔය මොන ලොක්කා උනත් උනුත් අපි වගේම කන බොන මිනිස්සු. මේ වගේ ඒවා ඇදලා ධර්මසේනට මඩ ගහන එක බලු වැඩක්. ඒවා කරන උන් පිටිපස්සේ වෙන වෙන ඇජෙන්ඩා තියෙන්න පුලුවන්. ඒකත් කල්පනාවට ගන්න ඕන නේද?

    ReplyDelete
  7. ශ්‍රී ලංකා රජය ආදායම්, වියදම් සහ රාජ්‍ය මූල්‍ය හිඟය
    මූලාශ්‍රය: CBSL-මැයි 2023

    #charts.lk

    2023 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන 1ක මූල්‍ය හිඟයක් වාර්තා කරයි, එය පෙර වසරට වඩා 59%ක වර්ධනයකි. ආදායම 38%කින් වර්ධනය වී ඇතත් වියදම 47%ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරයි. ආණ්‌ඩුවේ ණය ගැනීමේ වියදම දිගටම ආදායම කනවා.

    මේ ගැන ඔබතුමාට අදහසක් ප්‍රකාශ කරන්න පුලුවන් ද?

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 5.06

      රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අයි එම් එෆ් කොන්දේසි වලට යටත්ව රටේ හැකි සියලුම ආකාරයේ බදු අනුපාත දැනටමත් දරාගන්න බැරි තරමට ඉහළ දාල තියන නිසා ආණ්ඩුවට තවදුරටත් ආදායම වැඩි කිරීමට එකතු කරගන්න බදු ප්‍රමාණය වැඩි කරගන්න ඕනෙ නම් දැන් තියෙන්නෙ ආර්ථික ක්‍රියාකාරකම් වැඩි කරවන්න පොළී අනුපාත පහළ දැමීමයි. IMF එක රෙකමන්ඩ් කරන්නෙ පොළී අනුපාත උද්දමනයට වඩා 1%-2% ඉහළින් පවත්වාගෙන යන්න කියලයි. එහෙම බැලුවහම හරි නම් පොළී අනුපාත 7% ට විතර පහළ වැටෙන්න ඕනෙ. ආණ්ඩුව බදු ප්‍රතිශතය ඉහළ දාගෙන ආදයම් වැඩි කරගත්තට, නාස්තිකාර වියදම් තවමත් අඩු කරගෙන නැති නිසා සහ ඒ වියදම් පියවන්න තවමත් ඉහළ පොළියට වෙළඳපළෙන් ණය ගන්න නිසා වෙළඳපළ පොළී අනුපාත පහත වැටෙන්න ඒක ලොකු බාධාවක් වෙලා තියනවා.

      Delete
  8. රට හැරයනවා යැයි කියනා "බුද්ධිමතුන්" අතරේ,

    චෙස් ග්‍රැන්ඩ්මාස්ටර්වරු, නොබෙල් ත්‍යාගය දිනූ විද්‍යාඥයන්, නව තියරි හඳුන්වා දුන් ගණිතඥයන්,

    නිව්යෝර්ක් ටයිම්ස් බෙස්ට් සෙලිං ලයිස්තුවට ඇතුලත් වූ ග්‍රන්ථ කතුවරයන්, ලොව පිළිගත් දාර්ශනිකයන්, ෆෝර්බ්ස් ලයිස්තු වලට ඇතුලත් වූ ව්‍යාපාරිකයන්,

    සිලිකන් වැලි හි ටෙක් ක්ෂේත්‍රයේ ව්‍යාපාර ආරම්භ කළ ස්ටාර්ට් අප් ව්‍යවසායකයන් කොතරම් සිටීද ?

    ReplyDelete
  9. කන්නෙම ඉරටුවෙන් ආඳා මාළු අපි
    වෙන්නෙත් ලෝකෙටම රහසෙන් වාගෙ හැපී
    කැපී පෙනෙමු සුසිල්වතුන් වගේ අපි
    හැංගිල තමයි සේරම කෙළි; සුදනො අපි!

    ReplyDelete
    Replies
    1. @ නිදී

      ඉන්දියාවේ චන්ද්‍රයාන් ව්‍යාපෘතියේ වියදම සහ ශ්‍රී ලංකාවත් සම්බන්ධ වී යැවූ සුප්‍රීම් සැට් ව්‍යාපෘතියේ වියදම් සසැඳීම ගොන් වැඩක්.

      එහෙම කරන්න තරම් මිනිස්සු අඥාන ද, එහෙමත් නැත්නම් හිතාමතාම මිනිස්සු රැවටිලා වගේ ඉන්නවද කියන්න අපි දන්නෙ නැහැ.

      හැබැයි ඔය කොන්ටෙක්ස්ට් දෙකක්.

      ඒක උදාහරනෙකින් මෙහෙම කියන්නම්.

      ඇපල් සමාගම අන්තිමටම නිකුත් කළේ I phone 14 සහ ඒ ආශ්‍රිත මොඩල.

      I phone 14 මොඩල් එක හදන්න ඇපල් සමාගමට සම්පූර්ණයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 29ක් වියදම් වෙලා තියෙනවා.

      මැතක රුසියාව ස්මාර්ට් ෆෝන් එකක් බිල්ඩ් කරන්න පටන් ගත්තා.

      ඔවුන් විසින් නිකුත් කරන පළමු ස්මාර්ට් ෆෝන් එක ඩිවෙලොප් කරන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් වැය වෙලා තියෙනවා.

      මාර වැඩක්නේ.

      ඒ කියන්නේ රුසියානු ස්මාර්ට් ෆෝන් එක හදන්න, අයි ෆෝන් 14 එකටත් වඩා වියදම් වෙලා.

      ඒ කියන්නෙ රුසියානු සමාගම ගසා කාලද ?

      නෑ.

      ඇපල් සමාගම හදන්නේ I phone 14 මොඩ්ල් එක.

      අයි ෆෝන් එකක් හදන්න අවශ්‍ය මැෂින්ස් එයාලට තියෙනවා.

      තාක්ෂණය තියෙනවා. පේටන්ට්ස් ටික තියෙනවා.

      බිල්ඩින් තියෙනවා. ඔක්කොටම වඩා ස්ටාෆ් එක ඉන්නවා. සප්ලයි චේන් තියෙනවා.

      කලින් අයි ෆෝන් 13ක් හදපු එක්ස්පීරියන්ස්, තාක්ෂණය තියෙනවා.

      දැන් ඇපල් සමාගමට අලුතෙන් අයි ෆෝන් එකක් බිල්ඩ් කරන එක ලෝ කොස්ට්, සූපිං වැඩක්.

      පළමු අයිෆෝන් එක බිල්ඩ් කරන්න ඇපල් සමාගමට එවකට මුදලින් ඩොලර් මිලියන 150ක් වැය වුනා. (වර්තමානයේ ඩොලර් මිලියන 500ක් පමණ)

      හැබැයි අලුත්ම අයිෆෝන් එකට ඩොලර් මිලියන 30කටත් අඩුයි.

      රුසියානු සමාගම වෙනස් .

      එයාලා ස්ටාර්ට් අප් එකක්. එයාලා හැමදේම බිංදුවේ ඉදලා අලුතෙන් පටන් ගන්නේ.

      එයාලා අලුතෙන් බිල්ඩිං හදන්න ඕන

      මැෂින්ස් ගන්න ඕන.

      ස්ටාෆ් එකක් බඳවාගෙන වැටුප් ගෙවන්න ඕන.

      තාක්ෂණය සහ පේටන්ට්ස් ටික සල්ලි වලට ගන්න ඕන.

      හැමදේම බිංදුවේ ඉදලා පටන් ගන්න ඕන.

      ඔවුන්ගේ කොස්ට් එක වැඩිවුනේ ඒකයි.

      ඔවුන්ගේ දෙවෙනි ජංගම දුරකථනය, පළමු ජංගම දුරකථනයට වඩා ඉතා අඩු මුදලකින් හදන්න පුලුවන්.

      චන්ද්‍රයාන් 3 ව්‍යාපෘතියත් අයි ෆෝන් 14 වගේ වැඩක්.

      ඔවුන් මින්පෙර චන්ද්‍රයාන් ව්‍යාපෘති දෙකක් කරලා තියෙනවා. ඒවට ගොඩක් සල්ලි වියදම් කරලා තියෙනවා.

      රොකට්, සැටලයිට් යවන්න තාක්ෂණය, උපකරණ, ස්ටාෆ් ඔක්කොම දැන් ඔවුන්ට තියෙනවා.

      ඉතින් චන්ද්‍රයාන් 3 බිල්ඩ් කරන්න ඉනීෂියල් කොස්ට් එකක් නැහැ.

      හැබැයි මුල ඉදලා පටන් ගන්න සමාගමකට බිල්ඩිමේ ඉදලා අලුතෙන් හදන්න වියදම් කරන්න වෙනවා.

      ඉඩම් ගන්න වෙනවා. තාක්ෂණය, පේටන්ට් අරන් ස්ටාෆ් හයර් කරන්න වෙනවා.

      එතකොට එවැනි ව්‍යාපෘතියක කොස්ට් එක කොහොමත් වැඩියි.

      ඔය සරල ආර්ථික විද්‍යාව නොතේරෙන මිනිස්සු බහුතරයක් ඉන්න, බිස්නස් නොදන්න රටක් බංකොලොත් වීම පුදුමයකුත් නෙවෙයි.

      Delete
  10. ධර්මේගේ සීන් එක එච්චරම නැගලා ගියේ නෑ නේද බන් මාතෝ තව දෙයක් කියන්න ඕන මේ 2023 අගෝස්තු මාසයේ ඇම්ස්ටර්ඩෑම් වල මරිජුවානා උත්සවය සහ දේශීය සංග්‍රහ සහිත ගංජා සංස්කෘතියේ සැමරුම නැගලා ගියා ඒ ගැනත් ලියන්න පුළුවන්ද?

    ධර්මෙගෙයි සනාගෙයි ලීක් දෙක හරියට LoR සහ HP වගේ වුණේ ඇයි කියල හිතල බලල පෝස්ට් එකක්ම දාන්න ඕන දැන් බලපන් මාතෝ Harry Potter කතා මාලාවට Lord of the rings කතා මාලාවට වඩා වැඩි fan base එකක් ඉන්නේ ඇයි ?

    මම හිතන විදියට බලවත්ම මැජික් මුද්දක් එක්ක බලවත්ම මැජික් යශ්ටියක් හප්පන්න හදන්නේ, ඉතින් මේක ඉන්ද්‍රජාලික විවාදයක් නැත්තම් magic battle එකක්

    Harry potter first movies 3 තමයි එදා මෙදා තුර බිහිවුන වගේම බිහිවෙන Harry potter පිස්සන්ව බිහි කරන්න මූළිකම හේතුව වෙන්නේ....

    පිස්සු හැදෙන හොග්වට්ස්,පිස්සු හැදෙන මැජික්, ප්‍රධාන character තුනේ funny scenes එක්ක harry potter series එකට පුළුවන් වෙනවා Under 15 වගේ වයස්වල ලොකු fan base එකක් අල්ලගන්න. පළවෙනි movies 03 හදලා තියෙන්නේ ළමයින්ට උනත් attractive තේරුම් ගන්න පුළුවන් වෙන simple විදිහකට.

    හැබැයි lord of the rings කියන්නේ ඒ වගේ සරලම කතා පෙළක් නොවෙන ටිකක් complex series එකක්. මේ හේතුව නිසා ඕනිම කෙනෙක් harry potter series එකට වඩා lord of the ring කියන පිස්සුවට සෙට් වෙන්න පුංචි කාලයක් ගන්නවා..

    ඉතින් Lord of the rings කියන්නේ harry potter first movies 03 තරම් සරල කතාවක් නොවීම මේ fan base වල වෙනසට හේතු වෙනවා.

    Lord of the rings කියන්නේ Films 3ක්. Sex Scenes, Bad Words එකක්වත් නැතුව Osacar සම්මාන 17 ගත්ත, පහුගිය අවුරුදු 25 බිහිවෙච්ච හොදම films 25 ට හදපු movies 03ම එකතු වුන series එකක්🔥

    හැබැයි Harry potter කියන්නේ movie එකක් විදිහට awards වලට Nominate උනත් award එකක් win කරන්න හැකියාවක් නොලැබුනු නමුත් මිලියන 500කට වැඩි fan base එකක් achieve කරපු series එකක් 🔥

    ඉතින් මොන දේ කොහොම උනත් ,
    කවුරු Marauder's map එක ගැන පිස්සෙක් උනත් කවුරු one ring එක ගැන පිස්සෙක් උනත් මේ series දෙකම ඉන්ද්‍රජාලික ලෝකේ ගැන මිනිස්සුන්ව පිස්සු වට්ටපු, නොමැකෙන childhood එකක් මවලා දීපු, ආයේ ආයෙත් බලන්න ඇබ්බැහි කරපු ෆැන්ටසි දෙකක්.

    අලුත්ම series movies මොන තරමින් බිහිවුනත් මේ වන විට බටහිර ලෝකය අමරණීය මැජික් යෂ්ටියක් හා මැජික් මුද්දක් ලෝකය වෙත පිරිනමා අහවරය.....

    ReplyDelete
  11. මාතේ ඔය
    සුප්‍රීම් සැට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිවයුතු තව දෙයක් තියෙනවා.

    ඒක ශ්‍රී ලංකාවේ රජය කරපු ව්‍යාපෘතියක් නෙවෙයි. පුද්ගලික සමාගමක් කරපු ව්‍යාපෘතියක්.

    ශ්‍රී ලංකාවේ රජයේ සල්ලි වියදම් වෙලා නැහැ. ජනපති පුතෙක් සම්බන්ධ වූ නිසාත්, කරපු ප්‍රචාරක වැඩ පිළිවෙල නිසාත් වැඩේ රජයේ මුදල් වියදම් කරපු, රජයේ වැඩක් වෙලා.

    මිනිස්සු හිතන්නේ ඒකට වියදම් කළේ රටේ සල්ලි කියලා.

    අනිත් කාරනාව සුප්‍රීම් සැට් එක ගිය තැනක් නෑ කියලා. ඒ බොරු. චන්ද්‍රිකාව වැඩ. නමුත් හිමිකාරීත්වය අදාල පුද්ගලික සමාගමට.

    ඕවා ඉතින් අදාල චෝදනාවට ලක්වෙන පාර්ශව පිළිතුරු ලබා දිය යුතු කතා

    මේ කියන චිචී යවපු රොකට් එක ඇතුලේ තිබුන චන්ද්‍රිකාවේ ඇත්ත කතාව

    ලංකාවේ තකතීරු දේශපාලන ව්‍යාපාර විසින් වසර 10 ක් තිස්සේ ඔබව ගොනාට අන්දපු බොරු ගොතපු මේ වටිනා ව්‍යාපෘතිය ගැන ඔබ දැනුවත් වන්න.. රජයෙන් රුපියලක්වත් වියදම් නොකරපු චීන ලංකා සමගම් දෙකක ඒකාබද්ධ ව්‍යාපෘතියක් අද සාර්ථකව ක්‍රියාත්මක⁣ වෙනවා. පලමුව පහත ලින්ක් එකේ වීඩියෝව බලන්න. ඉන්පසු වෙලාවක් අරගෙන ⁣කොළඹ සහ පල්ලේ කැලේ තියෙන මෙහෙයුම් මධ්‍යස්ථාන වලට ගොස් ඇත්ත දැනගන්න ඇත්තටම මෙහෙම බොරුවක් කවුද සමාජගත කලේ කියල දන්නේ නැහැ.. චීන ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් මෙම සමාගම ඒක ඉතා සාර්ථක ක්‍රියාත්මක වෙනවා.රජයෙන් ශතයක්වත් වියදම් කරල නැහැ..නමුත්,දැන් රජයටත් බදු ආදායමක් ලැබෙනවා මහනුවර පල්ලේකැලේ සමාගම පිහිටුවලා තියෙනවා.. මේක බලල ඇත්ත දැනගන්න.. මීට පස්සෙවත්,ඔය බොරුව උස්සගෙන යන්න එපා.. පුලුවන් වෙලාවක ගිහින් බලන්න.

    https://youtu.be/rjxjixP48qw

    ReplyDelete
    Replies
    1. ඔය රොකට් එක ගිය තැනක් නෑ කියන අයට location එක
      87.5e in the Geo stationary orbit,
      apx 35000 kms පෘතුවි තලයෙන් උඩ....

      Follow this link;

      https://space.skyrocket.de/doc_sdat/supremesat-2.htm?fbclid=IwAR07-fSLEFZCLlxPhR_8q9tVFpbd_unC9QbHcs1S76l-9ybLpa_irVNnBFw

      Delete
  12. මාතලන් දකින්න ඇති අර බුකියේ මේ දවස්වල විශාල වශයෙන් ෂෙයාර් වෙන ඉන්දීය අභ්‍යවකාශ විද්‍යාඥ සෙට් එක, ඒකේ සාම්ප්‍රදායික ඇදුමෙන් සැරසී සිටින්නේ වෙන කවුරුත් නෙමෙයි සාර්ථක චන්ද්‍රයාන් 03 මෙහෙයුමට තම දායකත්වය දැක්වූ කාන්තා විද්‍යාඥයින් හා ඉන්ජිනේරුවරින් පිරිසක්. මම facebook ඔස්සේ මෙම ජායාරූපය සමග හුවමාරු වන ලස්සන ඉන්දීය උදාන වාක්‍යක සිංහල අනුවර්තනය වන වදනක් දැක්කා ඒක තමයි " ඔබ කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. ඔවුන් ඔබව සඳ කරා රැගෙන යාවී" කියන එක.

    අද ලෝකයේ සියලුම අංශවල සෑම ක්ෂේත්‍රයකම පෙරමුණ ගෙන සිටින්නේ කාන්තාවන් බව හැමෝම හොඳින් දන්න කියන කාරණාවක්, විශේෂයෙන්ම විද්‍යාව සහ තාක්ෂණය එක්ක සම්බන්ධ නවීන සොයාගැනීම් සහ නවීනතම යන්ත්‍ර සූත්‍ර බොහෝමයක් නිර්මාණය කර තිබෙන බහුතරය කාන්තාවන් බව ඉතාම ආඩම්බරයට කරුණක් කියල කියන්න පුළුවන්.

    රටක් විදිහට යුරෝපීය රටවලට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට විතරක් නෙවෙයි ජපානය චීනය ගිනිකොණ දිග ආසියාව, මැදපෙරදිග සහ සහ අප්‍රිකා රටවල් වගේම ඉන්දියාව ඇතුලු ආසියාතික රටවලට සාපේක්ෂව ලොව වඩාත්ම පසුගාමීම රට වන ශ්‍රී ලංකාවේ නම් තවමත් කාන්තාවන් පිලිබඳව බොහෝ දෙනෙක් දරන්නේ ඉතාම ගෝත්‍රික වූ සම්ප්‍රදායික මතයක්. ඒ තමයි ඔවුන් ගෙවල් වලට වෙලා කෑම උයමින්, දරුවන් බලා ගනිමින් පිරිමින්ගේ ඕනෑ එපාකම් බලා ගන්න ඕනේ කියන එක. මේ 2023 පවා ලංකාවේ අපි රටක් විදිහට බැල මෙහෙවරකම් කරන්න කාන්තාවන් මැදපෙරදිග යවනවා වෙනුවට අධ්‍යාපනය, සම අවස්ථා තුලින් කාන්තාව බල ගන්වන්න පුලුවන් නම් රටක් විදිහට අපිට කොච්චර ඉස්සරහට යන්න පුලුවන්ද. ඔබේ බිරිඳ, දුව, සහෝදරිය, මිතුරිය අපේ රට අනාගතයේ ඉදිරියටම රැගෙන යන විශිෂ්ඨ කාන්තාවක් වෙන්න පුලුවන්. ඒ සඳහා හැකි සෑම විටම ඔවුන්ට නිදහස ලබා දෙන්න, සහයෝගය ලබා දෙන්න, දිරි ගන්වන්න. අධ්‍යාපනය ලබා දෙන්න ගෙදරට කොටු කර බත් තම්බන්න විතරක්ම යොදාගන්න එපා, ඒ නිසා මේ අදහස හැමෝම අතර ශෙයාර් කරන්න. අපේ කාන්තාවන්ට අධ්‍යාපනය සහ තාක්ෂණික දැනුම ලබාදීම මගින් ඉතාම ඉක්මනට ලංකාවට ලෝකයේ බලවත් රටක් වීමට හැකියාව ලබාගැනීමට පුළුවන්. අපි,සාමුහිකව එයට කැපවී කටයුතු කරමු.

    නීතිඥ මධුරි අමරසිංහ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න