.

.

May 5, 2023

ඉසිප්‍රියාගේ ටොක්සික් ප්‍රේමවන්තයෝ




ඉසිප්‍රියාගේ ටොක්සික් ප්‍රේමවන්තයෝ

➖➖➖➖➖➖➖➖➖➖➖➖❤️➖


ප්‍රේමවන්තයින් කිව්වාම අද ට්‍රෙන්ඩ් එක අනුව, හැම ලිංගික කැටගරියෙම අය මෙතන ඉන්නවා. ඒ කියන්නේ ලෙස්බියන් අයත් ඉන්නවා.


මේ ප්‍රේමවන්තියන් හා ප්‍රේමවන්තයින් දෙස හොඳින් බැලුවාම පේන පොදු ලක්ෂණය තමා, ඒ සියල්ලන්ම අරගලයේ ක්‍රියාකාරී සමාජිකයින් වීම. 


ඒ අය කොහොමත් යුද්ධයේදී උන්නේත්, උතුර පැත්තේ හෙවත් ත්‍රස්තවාදීන්ගේ පැත්තේ. ඊට ගොඩාක් හේතු තිබුනා. 


▪️දේශපාලනමය වශයෙන් ලිබරල් මානව හිතවාදීන් ලෙස පෙන්වීමට ඇති ආශාව.

▪️කලාකරුවන් වශයෙන් සංවේදී කලාකරුවන් වශයෙන් කැපී පෙනීමට ඇති ආශාව. 

▪️මාජ්ජවේදීන් වශයෙන් විකල්ප මාජ්ජවේදියෝ ලෙස පෙනී සිටීමට ඇති ආශාව. ▪️සමාජ මාජ්ජවේදීන් ලෙස විප්ලවීය චරිත ලෙස පෙනී සිටීමට ඇති ආශාව වශයෙන්.


හැබයි මේ සියල්ලන් පසුපස NGO පිල්ලී, කතෝලික පල්ලි වගේම ඇමරිකාණු ඩොලර් හා යුරෝපීය මුදල් ඒකක ඕසෙට ගලාගෙන ගියා. මේ සියල්ලන්ට දායක සභාවන්ද නොඅඩුවම තිබුනා. 


මෙයාලට උතුරේ යුද්ධය නිමා වීම වහකඳුරු වන්නේ එනිසාවෙන්, මහින්ද මහ පොලොවට වැදීම, උන්ගේ කනට ගැහුවා වගේ වෙන්නේ ඒ හේතුවෙන්. 


2009 ඉඳලා එහෙම වැටිච්ච උන්ට ආයේ පණ එන්නේ ගෝල්ෆේස් අරගලයෙන්. ඒ අස්සෙ ඒකට ආයේ වතාවක්, 🐅 🐅 🐅 යි, පල්ලි පිල්ලියි, සහරාන්ලයි, ජෙප්පොයි, පෙරට්ටොයි, පාතාලෙයි කියන, රටට වින කරන සියළු බලවේග එකට එකතුවෙනවා. මේක ඉතිහාසයේ කවදාවත් ඇති නොවූ තත්වයක්.


ඒත්, රනිල් බලයට ආපු දවසේ රෑම උන්ට ගේම දීලා පහසුවෙන්ම එලවලා දාන්න පුලුවන් වෙන්නෙත් ඉහත කියපු අච්චාරු සංවිධානය නිසාමයි. මේකට නායකත්වයක් තිබ්බේ නෑ. නායකයෝ වෙන්න එන එකාට, අනෙක් සෙට් එකේ උන් ගහලම එලවලා දැම්මා. ඒක ටොක්සික් සමාජයක, දේශපාලනයේ මෙන්ම පාතාල සමාජයෙත් ලක්ෂණයක්.


සිස්ටම් චේන්ජ් කරන්න ගිය උන් මානසිකව ඇද වැටිලා සිය දිවි නසාගන්නේ, කුණුහබ්බ වපුරන්නේ, ආයෙත් රාජපක්ෂලා නිවන් යවන්න හදන්නේ ඒකයි. එහෙම එක රැයින් ගොඩ ආපු රටවල් ලෝකේ නෑ කියලා මේ ටොක්සික් සුවිසයිඩ් ස්කොඩ් එකේ මොන්ටිසෝරී බේබිලාට දැණුමක් ඇත්තේ නෑ. උන්ගේ හිතේ අයිස් ගැහුවාම යන ලස්සන ලෝකේ මොහොතින් උදාවෙයි කියලා. 


මේ ගොඩක් උන් ලීඩර්ස්ලා නෙමෙයි, වහල්ලු හෙවත් දායක සභා සාමාජිකයින්. නායකයෝ ගල් ආඳෝ. උන් NGO වලින් පල්ලියෙන් ගානක් කඩාගෙන පොඩි රංඟනයක් දාලා යනවා. ඒක තාමත් වෙනවා. උන්ව නඩත්තු නොකලොත්, උන් පල්ලියට උනත් අරිනවා. ඒ උන්ගේ හැටි.


සමහර විට රාජපක්ෂ කෙනෙක් බලයේ උන්නා නම් මේ ටොක්සික් මානසික රෝගීන් බලාපොරොත්තු වෙන දේ වෙන්නත් ඉඩ තිබුනා. ඒ කියන්නේ උන්ට අවශ්‍ය ගැටුම් නැවත ඇතිකර ගන්න. මැයි 9 මහින්ද හිතවාදීන් කරගත්තේ එහෙම දෙයක්.


මහින්ද නැවත බලයට ආවා නම් මොවුන්ට බෙහෙත් දීම මදාවියන්ට බාර දෙනවා. දැන් එහෙම තත්වයක් නෑ. දැන් බෙහෙත් දෙන්නේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකට අනුව නියමිත මාත්‍රාවෙන්. ඒක නිසා ඇමරිකන් යුරොපියන් ඉස්පෙසොලිස්ලටත් මක්කත් කියන්නම බෑ. ඒක හැමෝටම කරන්නත් බෑ. පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕන කිව්ව වැදි පැටියා, පාර්ලිමේන්තුවට ගිහින් ඒකේ තේරිම් කාරක සභාවක සාක්කී දෙනවා. ඌගේ පස්සෙන් ගිය Gover ගාල පව්.


මේ හේතූන් නිසාවෙන් ඉච්ඡාභංගත්වයට පත්, එල්ලිලා මැරෙන්න බැරි හැම එකාම ඉසිප්‍රියාගේ සයිනයිට් කරලේ එල්ලිලා එයා එක්ක රමණයේ යෙදිලා සුරතාන්තයට පත් වෙනවා. ඒකෙන් විරුද්ධ වාදීන්ට වේදනාවක් ඉරිසියාවක් ඇති වෙයි කියලා එයාලා ආයේ සුරතාන්තයට පත් වෙනවා. එයාලා මෙහෙම මල්ටිපල් ඕගසම් හෙවත් වැල නොකැඩී පෙන් කෙලිමින් ගිහින් සුරතාන්තයට පත් උනාට, මුන්ගේ රෝගී තත්වය දන්න අපිට හිකෙන් පුනා යනවා.


මේක රෝගී තත්වයක් වුවත්, එහෙම ටොක්සික් රෝගීන් හෙවත් ටොක්සික් ප්‍රේමවන්තයින් ලෝකේ ඕන තරම් ඉන්නවා. පාතාල මදාවියන්ට, මාෆියා සාමාජිකයින්ට, ත්‍රස්තවාදීන්ට ඉතරක් නොවේ සීරියල් කිලර්ස්ලාට ලව් කරන, කරපු, ටොක්සික් ප්‍රේමවන්තයින්  ප්‍රේමවන්තියන්, ලංකාවේ නෙමේ, ලෝකයේම ඉඳලා තියෙනවා. ඉන්නවා. අනාගතෙත් ඉන්නවා.


එක අතකින් මෙහෙම දේවල් එලියට ඇවිත් සමාජමාධ්‍ය තුලත් නැවත ත්‍රස්තවාදීන් ගැන කතිකාවක් එන එක හොඳයි. මොකෝ ගොඩාක් උන් මේ රටේ උතුරේ මෙන්ම දකුණේත් දරුණු ත්‍රස්තවදයක් උතුරේත් දකුණේත් දෙකේම තිබුනා කියලා දන්නේ නෑ.


ඉතින් උන් අහනවා අවුරුදු 75 ක් මොනාද තොපි කලේ කියාලා. ඒ අවුරුදු 75 න් අවුරුදු 40 ක් ත්‍රස්තවාදීන් විසින් විනාශ කරපු රටක්, මෙහෙමවත් තියෙන එක ළොකු දෙයක්.


ඒ නිසා ඒ ත්‍රස්තවාදයන් නිමාකළ දේශපාලුවන්ටත් ආරක්ෂක අංශ වලටත් අපේ රෙස්පෙක්ට එක හැමදාම නොඅඩුව තියෙනවා.


ඉසිප්‍රියාලා නැවත ගොඩ ගැනීමෙන්...


ඉසිප්‍රියාලා උන්න ලොව අංක එකේ ත්‍රස්තවාදයක් මෙහේ තිබුනාය... 

හැම එකාම උන් එක්ක හුරතල් වෙවී හැමිනෙද්දී... 

2005 දී ප්‍රාජාතන්ත්‍රවාදයට පිවිසි ජේවීපී ත්‍රස්තවාදින්ගේද සහායෙන් බලයට එන.... 

ගිරුවාපත්තුවෙන් ආපූ මදාවියෙක් වෙන..... 

මහින්ද රාජපක්ෂ නොහොත් මැදමුලන මයිනා විසින්.... 

උන් සමූලඝාතනය කොට...

වීසා රැගෙන යාමට තිබූ උතුරු නැගෙනහිර ඊළම... 

නැවත ලක් රජයේ අනසකට පවරාගෙන.... 

මුලු රටම එක් රටක් කල බව .....


මේ ටොක්සික් ප්‍රේමවතුන් පෙම්වතියන් නැවත වරක් අවබෝධ කරගන්නේය්....


ඒ වගත් මෙසේය......

25 comments:

  1. මාතේ, ශ්‍රී ලංකාවේ උතුරේ සහ දකුණේ පැවති කොටි සංවිධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්‌තවාදය නිසා විනාශ වූ ධනය ඩොලර් බිලියන 200 ක් කියලා ඉන්දියාවේ ප්‍රකට රාජත්‍රාන්තික නිලධාරියෙක් වෙන ශිවශංකර් මෙනන් රචිත Choices:Inside the Making of India's Foreign Policy කියන පොතේ සදහන් කරනවා. ඒ සෘජුව ශ්‍රී ලංකාවේ විනාශ වූ ධනය. මේ අර්බුධ නිසා වක්‍රව විනාශ වූ ධනය එක්ක බලද්දී ඒක ගණනය කර නොහැකි තරම් අති විශාලයි.

    දේශපාලකයෝ ධනය හොරා කෑවා කියලා ජේවීපී කිව්වට එයාලගේ වැඩ නිසා තමයි රට බංකොලොත් උනේ.

    ReplyDelete
    Replies
    1. ඩොලර් බිලියන 200 ක් කියන්නෙ කජු ඇටද, කොස් ඇටද? 225ම හැමදාම හොරා කෑවත් එකෙක් දවසකට රු. මිලියන 27 හොරා කන්න ඕනා ඕක අවුරුදු 30කින් හොරා කාලා ඉවර කරන්න. දැන් පෙනවනෙ අපිට රෙද්ද උඩ දාගෙන මහා කරුණාවෙන ණය දෙන්න එන ඉන්දියන් කාරයා කොටින්ව හදලා රටට කරල තියන විනාශය.

      Delete
    2. සෙන්නා,

      ජනතා විමුක්ති පෙරමුණේ 71 ත්‍රස්තවාදය බලාගෙන කොටි සංවිධානය සිය ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්තේ කියලත් තියෙනව.

      Delete
  2. Jagath PathiranaMay 6, 2023 at 2:01 AM

    ඒ වුනාට තරිඳු මල්ලිට නම් මොකවත් කියන්න එපා.
    වෙන සෙට් එකක් ඕකව ෆෝම්කරලා ඉස්සරහට දාලා ඌ ලවා උන්ගේ වැඩකරගන්නවා.

    ඉස්සර සුනිල් මාධව ප්‍රේමතිලකටත් වුනේ ඒකයි.

    මම තරිඳුවා බ්ලොග් කරන කාලේ කිව්වා. මල්ලි උඹ ඕනතරම් සිංහලජාතියට බැනපං. එහෙම කරලා හරි හොඳට සල්ලි හම්බකරගනින්. පුකදෙන්න නම් එපා කියලා. ඒකා ඒ අවවාදය පිලිගත්තොත් හොඳයි. ඉස්සරනම් ඔයවගේ මානසික රෝගීන්ට සමාජවාදයට මුවාවෙලා තමන්ගේ පිස්සුව හංගාගන්න පුළුවන්කම තිබුනා දැන්කාලේ ඒකත් බෑ.

    ReplyDelete
  3. ඒ අවුරුදු 75 න් අවුරුදු 40 ක් ත්‍රස්තවාදීන් විසින් විනාශ කරපු රටක්. +++

    ReplyDelete
    Replies
    1. ඉයන් සහ මාතලන් ලංකාවේ ඉතිහාසය තුල 1953 හර්තාලය සහ 58 ජාතිවාදී කරබල 62 හමුදා කුමන්ත්‍රණය වගේ පොඩි ප්‍රශ්න වලට වඩා 1971 දීපව්‍යාප්තව පැවති තරුණ කැරැල්ල 1980 සිට 2010 පමණ වනතෙක්ම දිගටම වගේ පැවති බරපතල සිවිල් යුද්ධය හා ඒ නිසා කොටි ඇතුලුව රටටම වූ බරපතල විනාශය 1987-90 භීෂණ සමය තුළ දීපව්‍යාප්තව පැවති බරපතල දේපල හා ජීවිත විනාශය ආදිය නිසාම ලංකාවට වී ඇති සැබැවින්ම වූ හානිය ඩොලර් බිලියන 200 ලෙස ඇස්තමේන්තු කර ඇතත් මගේ අදහස ඊට වඩා බෙහෙවින්ම විශාල හානියක් රටට වී ඇති බවයි තවමත් එහි ප්‍රතිඵල ලංකා සමාජය භුක්ති විඳින බවත් අමතක නොකරන්න

      Delete
    2. @ Ian

      ඔබ එංගලන්තයේ තත්ත්වය ගැන අවබෝධයක් ඇති කෙනෙක් නිසා මේක අහන්නේ ඇත්තටම ඉයන් චාර්ල්ස්ගේ රාජාභිශේකය බලාගෙන හිටියමට මට හිතුනේ ලංකාව පොලිටිකලි කරෙක්ට් වැඩියි කියලා.

      මොකද බ්‍රිතාන්‍යයේ ලංකාවටත් වඩා සෑහෙන්න වෙනස් විශාල ආගමික විවිධත්වයක් තියෙනවා. ඇංග්ලිකන් වගේම වෙනත් සභා ගණනාවක් තියෙනවා, ඊට අමතරව කතෝලික සභාව ඉස්ලාම් දහම හින්දු සීඛ් විවිධාකාර බෞද්ධ ආගමික කණ්ඩායම් ආදී වශයෙන් සහ තවත් වෙනත් ඇදහිලි වර්ග ගොඩක් වගේම නිරාගමිකයන් උනත් සෑහෙන ඉන්න රටක්

      හැබැයි චාලිගේ මෞලි මංගල්‍යය ගාම්භීර ලෙසින් අබිසෙස් නංවන රාජාභිශේකයේ සර්වාගමික මගුල් නෑ. එංගලන්ත සභාවේ ඇංග්ලිකන් වත්පිළිවෙත් විතරයි.

      ලකේ පංකාදු ලංකාවේ විතරයි හැම රාජ්‍ය උත්සවයකටම සර්වාගමික දේවල් ගාවන්නේ.

      ඒකට හපන් වෙන්න දැන් මේ ලඟදි ඉදන් "ලෝගො" වලටත් හැම ආගමෙන්ම සංකේත බස්සන්න ඕන වගේ තවත් විකාරයක් පටන් අරන්.

      නමුත් ඉයන් සංවර්ධිත ආර්ථිකය දියුණු රටවල ඔය විකාර නෑ නේද අපට විතරයිනේ ඒ සේරම මගුල්? මොකද ඔබට ඒ ගැන කියන්න පුළුවන්?

      Delete
    3. @ Annonymoys 11.20

      ඇමරිකා එක්සත් ජනපදය තුල තියන්නෙ නම් ඕකෙ අන්තයට ගිය ටොක්සික් සමාජයක්. ලංකාවේත් ඔය සෝෂල් මීඩියා වල රැඩිකල්ලු හදාගෙන එන්නෙ ඒක මිසක් යුරෝපයේ තියෙන එක නෙවෙයි නේද? ස්පොන්සර්ලගේ හැටියටනේ දායක සභාව හැඩ ගැහෙන්නෙත්?

      ප්‍රංශය ජර්මනිය වගේ රටවල් වල පොලිටිකල් කරෙක්ට් ගතිය වගේම භාෂණයේ නිදහස ගොඩක්ම වැඩියි බ්‍රිතාන්‍යයටත් වඩා ඒත් අවාසනාවකට වගේ ඒක නිසාමද කොහෙද මුස්ලිම් අන්තවාදය පැතිරෙනවා ඒවයෙ, ඒකෙන්ම අනාගතය වෙන අතකට යන්නට පවා ඉඩකඩ තියෙනව නේද?

      Delete
  4. මාතා මොකද හිතන්නේ යුක්‍රේනය සමඟ එක්ව බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව යුද ගැටුමක් ආරම්භ කළහොත් දෙවන ලෝක යුද්ධයේ දී සිදුවූවාක්මෙන් තමන් ඔවුන් පරාජය කරන බව මෙරට නේවාසික ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan Dzhagaryan පවසනු කතාව ගැන?

    ඔහු මේ බව පැවසුවේ ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීම වගේම රුසියාවට ඉතාම වැදගත්ම කාරණයක් වන රතු හමුදාව විසින් නාසි ජර්මනියට එරෙහිව දෙවන ලෝක යුද සමයේ පැවති යුද වැදි මියගිය රුසියානු සෙබළුන් සිහිකරමින් කොළඹ මහජන පුස්තකාලය අසල පිහිටි යුද ස්මාරකයේ දී පැවති සැමරුමට එක්වෙමින්.

    ///කොළඹ රුසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ දෙවන ලෝක යුද්ධය තුල දිවි පිදූ සෝවියට් යුධ විරුවන් සැමරීමේ රුසියානු ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න එක්ව තිබුණා.

    “දෙවන ලෝක යුද සමයේ නාසීන්ට එරෙහිව දියත් කළ දේශප්‍රේමි යුද ගැටුම සිහිකරමින් මතකයේ ගිනි සිළුව නම් සැමරුම් වැඩසටහන ලොව පුරා රටවල් 11ක ක්‍රියාත්මක යි. එම රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් වනවා.

    රුසියාවට හිතමිතුරු අපගේ සහෘද රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවන් අප දෙරටටම ඉතා වැදගත්. ශ්‍රී ලංකා රජයට සිය කෘතඥතාව පළ කිරීමට ද මම මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා රජය වර්තමානයේ දී අනුගමනය කරනු ලබන නොබැදි ප්‍රතිපත්තිය ද අප දැඩිලෙස අගය කරනු ලබනවා.

    වර්තමානයේ දී රුසියානු සමූහාණ්ඩුව නැවතත් නාසිවාදීන් සමඟ සටනක් සිදුකරනවා. මම නැවතත් පැවසීමට කැමතියි අපි නැවතත් නාසිවාදීන් ඇතුළු යුක්‍රේන රූකඩ රාජ්‍යය වගේම බටහිර විදේශිය අනුග්‍රාහකයින් පරාජය කිරීමට සූදානම්. ඔවුන් නැවත වරක් රුසියාවට එරෙහිව යුද ගැටුමක් ඇරඹුවහොත් 1945 වසරේ වගේ අපි ඔවුන් පරාජයට පත්කරනවා. අපිට කිසිදු සැකයක් නැහැ අපි මේ යුද්ධය ජයග්‍රහණය කරනවා”යි අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා කියා සිටිනවා.

    #levandzhagaryan #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews//

    ReplyDelete
  5. මාතලන් අහල ඇති ඩෙස්මන්ඩ් සිල්වලා ඇතුලු බයිලා ගායකයන් ගහපු මේ බයිලා පද,

    “පිස්සු විකාරේ දාගෙන පොල්කටු මාලේ
    සිංදු කිව්වෙ අපි තමුසෙල කිරි බොන කාලේ”

    මේ ගී පද පෙළ ලංකාව තුල සියල්ලන්ම පාහේ අසා ඇතුවාට සැක නැතත් මෙය එක්තරා කාලයක ලංකා ඉතිහාසයේ වූ සත්‍ය කතාවක් ඇසුරින් බව දන්නේ කී දෙනා ද?

    පළමුව "අමද්‍යප සමිතියකට කඩාවැදුණු බේබද්දකුගේ විහිළුව" යළිත් කියවමු. ඔබ විශ්වාස කළත් නොකළත්, මෙය ද ලංකාවේ ඇත්තට ම සිද්ද වූ සත්‍ය කතාවකි.

    වර්ෂ 1913 හෝ ඒ ආසන්න කාලයක මීරිගමදී පැවැත්වූ අමද්‍යප රැස්වීමකදී එහි සිටි බේබද්දෙක් තමාට ද කතාවක් කිරීමට අවශ්‍ය යැයි කෝලාහලයක් කළේ ලු. බීමත්කමේ ආදීනව පෙනෙන්නත් එක්ක, කතාවක් දීමට මුලසුනේ සිටි එෆ්. ආර්. සේනානායක ඊට කැමති වී ය. වේදිකාවට නැගීමට අවසර නොලද බේබද්දා, පහළ සිට ම මෙසේ කීවේ ලු:

    “අවුරුදු 2,500කට කලින් බුදුහාමුදුරුවෝ ආව. ඇවිල්ල අපට බොන්න එපා කිව්ව. අපි ඇහුව ද? නෑ! අවුරුදු 2,000කට කලින් ජේසුස් වහන්සේ ආව. ඇවිල්ල බොන්න එපා කිව්ව. අපි ඇහුව ද? නෑ! අවුරුදු 1,500කට කලින් මුහම්මත් තුමා ඇවිල්ල බොන්න එපා කිව්ව. අපි ඇහුව ද? නෑ! එහෙනම් මේ දෙකයි පණහේ කබ්බෝ කිව්වට අපි අහයි ද ඕයි!”

    ඊට පිළිතුරු දීමට එෆ්.ආර්.ට ඉඩක් නොවූයේ සභාවේ සිටි අනෙකුන් අර බේබද්දා අල්ලාගෙන හොඳහැටි තළා පිටමං කිරීමෙනි.

    අමද්‍යප ව්‍යාපාරයේ නැගීමත් සමග, ඊට එල්ල වූ බාධා ද ඉහළ ගියේ ය. එවකට අමද්‍යප ක්‍රියාකාරිකයකු වූ පී.ඒ. සෝමපාල මහතා මීට වසර 50කට පමණ පෙර ‘ජනතා’ පුවත්පතට පැවසු පරිදි, අමද්‍යප රැස්වීම්වලට කඩාවැදීම් සහ බාධාකිරීම් සුලබ වී ය. මීට ප්‍රතිචාර ලෙස අමද්‍යප ක්‍රියාකාරීන් තැබෑරුම් අසල සැඟවී සිට ඔවුන් අල්ලා පහර දුන් බවත්, එසේ ගුටි කෑ අය අතර බෞද්ධයන් සිටියොත් ඔවුන් ලවා පන්සල් අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය වැලි අද්දවාගත් බවත් වාර්තා වේ.

    මෙම බේබද්දන්ට දුන් දඬුවම් අතර ප්‍රසිද්ධ දඬුවමක් වූයේ පොල්කටු මාල පැළඳවීමය.

    “පිස්සු විකාරේ දාගෙන පොල්කටු මාලේ
    සිංදු කිව්වෙ අපි තමුසෙල කිරි බොන කාලේ”

    යන ගීයෙහි එන පදපෙළේ යටිපෙළ කතාව එය ය.

    ReplyDelete
  6. අපේ අම්මා ගාව තියෙනවා සෝවියට් කතා පොත් ලොට් එකක්. ලස්සන වසිලිස්සා වගේ සුරංගනා කතා, මක්සිම් ගෝර්කිගෙ කතා සහ තව කෙටිකතා පොත් බර ගාණක්. එක උඩ එක තිබ්බොත් අඩි තුනක් විතර අට්ටියක් හැදෙන පොත් කන්දක්. අම්මවත් එයාගෙ සහෝදර සහෝදරියොවත් ජේවීපී කලේ නෑ :P තද UNP පරම්පරාවම. 2007-8 වගේ කුරුළු පොත් ප්‍රකාශකයො කරපු ලස්සන වසිලිස්සා රීප්‍රින්ට් එකට ඔරිජිනල් පින්තූර ගත්තෙ අපේ ගාව තියෙන පොතෙන්.

    මම ඉස්කෝලෙ හත අට වසර වෙද්දි ඔය පොත් ඔක්කොම අකුරක් නෑර කියවල ඉවරයි. ඒ කෙටිකතා පොත්වල තිබ්බෙ විවිධ සෝවියට් කතුවරු ලියපු කෙටිකතා. ඒ කතා වලින් සාතිශය බහුතරයක තිබ්බෙ තීම්ස් දෙකයි. ලෝක යුද්දෙ සහ සෝවියට් සංගමේ ලෝක බලවතෙක් විදියට නැගිටීම. නාසින්ට විරුද්ධව රුසියන් විරුවො නිර්භීතව දිවි පරදුවට තියල සටන් කරපු හැටි. පාටිසාන් හමුදාව. වධ කඳවුරු හිර කඳවුරු තිබ්බ පෝලන්තෙ වගේ රටවල යුද්දෙන් පස්සෙ රතු හමුදාවෙ සාමාජිකයො ලබපු අත්දැකීම්. ආයෙ යුද්දෙන් පස්සෙ සෝවියට් දේශය හැදුව හැටි. කර්මාන්තශාලා විදුලි බලාගාර හදපු හැටි. space age එකට අවතීර්ණ වුන හැටි. අභ්‍යවකාශෙට රොකට් චන්ද්‍රිකා යවපු හැටි.

    අවුරුදු 11 12 දි ඕව කියවද්දි මාර fascinating. දැදිගම වී. රුද්‍රිගු කියන කෙනා තමා ට්‍රාන්ස්ලේට් කරල තිබුනෙ. එක කතාවක් තිබුනා හිම වැටිච්ච මහ කැලයක් මැද කම්හලක් හදන කම්කරුවන්ගෙ කතාවක්. තව එකක් තිබුණ මීටර් 450ක් උස high tension කණු වල කේබල් අදින අයගෙ කතාවක්. යුද්දෙන් පස්සෙ ආව industrial boom එකට යටිතල පහසුකම් හදන්න මහන්සි වෙන මිනිස්සු.. ඇත්තටම සෝවියට් මිනිස්සු තමන්ගෙ රටට පුදුම ආදරේ, හොඳට මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරල රට ගොඩ දාන මිනිස්සු බවට සහ පාලන තන්ත්‍රය ජනහිතකාමී කාර්‍යක්ෂම එකක් කියන අදහස හොඳටම එනව ඒ කතා වලින්. හැබැයි මේ එකකවත් සෝවියට් දේශේ තිබ්බ ප්‍රශ්න, පාලන ක්‍රමේ තිබ්බ ප්‍රශ්න ගැන වචනයක්වත් කියල තිබුනෙ නෑ. ඒ කාලෙ ඒ ගැන තේරුමක් තිබුනෙත් නෑ

    ඒ පොඩි කාලෙ සෝවියට් සංගමේ ගැන පුදුම ආදරයක් හිතුනෙ ඒ කතා නිසා. ඔරුවල වානෙ සංස්ථාව ලඟින් යද්දි වාහනේ ජනේලෙන් ඔලුව එලියට දාගෙන බලන් ඉන්නෙ මේ සෝවියට් සංගමෙන් ලැබුන තෑග්ගක්නෙ, ඒ කාලෙ සෝවියට් දේශය මේවගේ තියෙන්න ඇති කියල :P

    කාලයක් ඔය අදහසෙන් හිටියා, නමුත් කොමියුනිස්ට් සිස්ටම් එකේ අඩුලුහුඬුකම් පේන්න ගත්තා මටත්. මං ඒ ගැන හොඳටම හොයන්න ගත්තේ චර්නොබිල් ටීවී සීරීස් එක බැලුවට පස්සෙ. යූටියුබ් එකේ, රෙඩිට් එකේ, quora එකේ ඒ කාලෙ සෝවියට් සිස්ටම් එකේ තිබුන ප්‍රශ්න, පාලකයන් විසින් මිනිස්සුන්ගෙ කටවල් වහපු හැටි ඇහුවා කියෙව්වා. අර පොත් වල තියෙන්න ඇත්තෙ ඇත්ත වෙන්න ඇති. මිනිස්සු බොහොම කැපවීමෙන් වැඩ කරන්න ඇති. නමුත් ඒ පොත් සහ ඒවයෙ ට්‍රාන්ස්ලේෂන් ඔක්කොම propaganda එකේ කොටස් බව තේරුනා.

    මිනිසෙකුගේ ඉරණම මිකායිල් ෂොලෝකොව් ලියපු, පෙරළු නැවුම් පස,වානේ පන්නරය ලැබූ හැටි, සැබෑ මිනිසෙකුගේ කතාව සාහිත්‍ය පැත්තෙන් නම් ඒ කතා මරු.

    යුරෝපේ වෙළදාම නැගිටීම එක්ක රජ පවුලට සිද්ද උන පාර්ලිමේන්තුව ප්‍රමුක වෙළද සංගමේට බලය පවරන්න. මොකද පෙරදිග වෙළද හවුල වගේ ජාත්‍යන්තර වෙලදාම දියුණු වීම තුලින් ලොකු වත්කමක්, පිරිස් බලයක් වෙළද හිමියන්ට ඇති උන. ඒ බලය රජාගේ බලය ඉක්මවා යන බලයක්. ඕකත් එක්ක ඇති උන ප්‍රජාතන්ත්‍රවාදය යුරෝපේ ලොකු වෙනසක් කළා. අපි හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මිනිස්සුන්ට කැමති ඕනෑම දෙයක් කිරීමේ නිදහස කියල. නැහැ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සුද්දුස්සට සුදුසු තැන ලැබීම. දක්ෂයට නිසි තැන ලැබීම.

    ඒ වෙද්දී ලෝකේ ලොකුම රට උන යුරෝපේ එක්ක කරට කර හැප්පෙන්න හිටපු රුසියාවේ එහෙම අලුත් පිබිදීමක් තිබුනේ නැහැ. එක තමි සමාජවාදය විදිහට උන් හදාගෙන මිනිස්සුගේ ඔලු වලට දැම්මේ. ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදයයි (ධනවාදය) සමාජවාදයයි ගේමට තමයි වැඩේ යන්නේ. වාහන හදන එකේ ඉදන් හදට යන එක දක්වා දෙගොල්ලගෙ තරගය තිබුනේ.

    ඔන්න ඔහොම බලෙන් තරගය පිණිස ඇති කරගත් ප්‍රති විරුද්ද බලවේගය මිනිස්සුන්ගේ ඔලුවට දාන්න සාහිත්‍යය ලොකු වැඩ කොටසක් කරලා තියනවා කියල තමයි මට හිතෙන්නේ.

    ReplyDelete
  7. මහින්ද මහ පොලොවට වැදීම,// මේක නම් පර්සිගේ රංගනයක්, කාගෙහරි තිරනටකයකට කරපු...

    ReplyDelete
  8. මාතේ මම මෙච්චර කල් ශාප වගේ සංකල්ප විශ්වාස කළේ නැහැ.

    හැබැයි අරගලයේ සක්‍රීය චරිත අවුරුද්දක් ඇතුලත මුහුන දීපු ඉරණම බැලුවම මොනවා හරි ශාපයක් නැහැයි කියන්නත් බැහැ.

    අනිත් අතට, මේ දේවල් අරගලය ගැන තව වැදගත් දෙයක් කියනවා. බලාගෙන යනකොට අරගලයේ ඉස්සරහම ඉදලා තියෙන්නේ සාමාන්‍ය, නිරෝගි මිනිස්සු නෙවෙයි, යම් යම් මානසික අසහනකාරී හෝ අසංකීර්ණතා වලින් පීඩා විඳිමින් සිටි කට්ටිය කියලා හිතෙනවා වෙලාවකට මේක බලන්න......

    https://www.facebook.com/100044399865102/posts/pfbid0G8m21pKwZJfcJuBW61XWD2hpDBbdXQffNcHKRi8wfih6rrT6mayLuTJP2BQVxht3l/?app=fbl

    ReplyDelete
  9. තරුරසි ප්‍රනාන්දු කියන කතෝලික NGO ගැහැණියත් ඇගේ ඊලාම් මිතුරන් සමඟ අරගලේ අන්තිම කාලේ රස්තියාදුවෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. @ Jagath

      ආගම් අතරෙ භේද ඇතිකරන්නෙ ඔය පාහර බයිබල් කාරයෝ. ඔය නුඹ නම සඳහන් කරපු පාහර තක්කඩි අවලම් ගෑනි ඇතුළු කල්ලියේ හොරුන්ටත් නුඹලා ක්රිස්තියානි කිව්වට බයිබල් කාරයො කියන්නෙ මෙතෝදිස්ත වෙනම උන්විසින් මවාගෙන හදාගත්ත ආගමක්.

      අපගේ රෝමාණු කතෝලික ආගම තමයි පැහැදිලිවම සත්‍ය පිරිසිදු ආගම.දෙවියන් වහන්සේව විකුණං ජීවත්වෙන ආගම විකුණංකන බයිබල්කාර ඕකුන්ට රැවටෙන්නවත් අහුවෙන්නවත් එපා.ඕකුං අදහන්නෙ ශුද්ධවූ කුරුසෙ විතරයි.ජේසු මරියතුමිය අදහන්නෙ නෑ.ඒකෙ තේරුම තමයි බයිබලෙත් පාවාදීල දෙමව්පියන් වත් අදහන්නෙ නැති එව්න්.⁣ජේසුස් වහන්සේ බිහිඋනේ මරියතුමිගෙන්.එහෙනම් ඇයි?උන්ට මරියතුමිය අදහන්න බැරි?

      එහෙම එව්න් නත්තලට පමණක් ගවලෙන හදනව.සෙනග එකතු කරගෙන ඒ මිණිස්සුන්ව රවට්ටල පඬුරු එකතුකරගෙන උන්ගෙ අඹුදරුවන්පවා යැපෙනව.

      ඒ නිසාමයි අපි පෙන්වලා දෙන්නේ බයිබල් ආගම වෙනයි,
      කතෝලික ආගම වෙනයි.

      විශේසයෙන් අපේ සිංහළ ජනතාව, බෞද්ධාගම අදහන සහෝදර සහෝදරියන් එහෙම මේ ආගම් දෙක පටලව ගන්න එපා.නැවත නැවතත් මම කියන්නෙ බයිබල් ⁣ආගමේ හොරුන්ගෙ මරඋගුල්වලට රැවටෙන්න එපා.අපි හැමදෙනාම ණුවනින් සහ ඉවසීමෙන් සිටිමු. ලක්වාසී සැමට ජේසුගේ පිහිට,ආරක්ෂාව ලැබේවා!!!!!!!

      Delete
  10. අන්තවාදීන්ගේ ඉල්ලීම්වලට යටවී නැගෙනහිර ආණ්ඩුකාරවරිය ඉවත් කරන්නේ ඇයි?

    (මඩකලපුවේ එකම සිංහල පාසල පටන් ගත් තරහට ආණ්ඩුකාරවරිය එලවන්න පිල්ලෙයාන් ජනපති ළඟ යකා නටලා.

    ආණ්ඩුකාරවරියට එරාවුර් සිංහල වෙළද සංකීර්ණය පටන් ගන්න දුන්නොත් අපි ආණ්ඩුවෙන් යනවා නසීර් අහමඩ් අගමැතිට කියලා.

    නැගෙනහිර සංහිඳියාව ඇතිකළ ආණ්ඩුකාරවරිය ගෙදර යවන්න දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් ලොකු ගේමක .

    හඬක් නැති නැගෙනහිර සිංහලයන්ට සවියක් වූ ආණ්ඩුකාරවරිය රැකගමු !).

    චීන ආධාරයෙන් නැගෙනහිර ගොඩ ගන්න හැදූ ආණ්ඩුකාරවරිය පන්නයි. අන්තවාදියෙකු සඳුදා දිවුරුම් දෙයි.

    චීනයේ සහය නැගෙනහිරට ගත්තොත් අපි නෑ. ඇමරිකාව සහ ඉංදියාවෙන් ජනපතිට තරවටු.

    චීන ගනුදෙනු වහාම නවත්වන්න. නැගෙනහිර ආණ්ඩුකාරවරියට ජනපතිගෙන් නියෝග.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සිය ධූරයෙන් ඉවත් කිරීම සඳහා මේ වන විට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර මීට දින දෙකකට පෙර ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇත්තේ ඉල්ලා අස්වීමේ ලිපිය වහාම ලබා දෙන ලෙසය.
    යහම්පත් මහත්මිය ඉවත් කිරිමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇය නැගෙනහිර පළාත, චීනයේ යුනෑන් පළාත සමග සහෝදර පළාතක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ගත් තීරණය නිසාය.

    නැගෙනහිර පළාතට ලෝකයේ පළමු වතාවට ඇති කරන කෘෂි තාක්ෂණ විද්‍යාගාරයක් ලබා ගැනීමට ඇය කටයුතු කළාය.
    මේ වන විට කන්තලේ ප්‍රදේශයේ එම ඉදිකිරීම් කටයුතු සිදු කරගෙන යනු ලබයි.
    ඊට අමතරව ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක තුන කේන්ද්‍ර කර ගනිමින් තරු හතේ හෝටල් සංකීර්ණ 10 ක්, පළාතේ දුවා දරුවන්ට චීනයේ යුනෑන් ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලවලින් නොමිලයේ අධ්‍යාපනය ලබා ගැනීමට වාර්ෂිකව ශිෂ්‍යත්ව 25000 ක් ලබා ගැනීමට ඇය පුද්ගලිකව යුනෑන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ.
    ඒ් බව සැල වූ ඇමරිකානු තානාපති කාර්යාලය සහ ඉංදියානු තානාපති කාර්යාලය මෙම ගතුකේලම ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

    ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ නැගෙනහිර ආණ්ඩුකාරවරිය වහාම ධුරයෙන් ඉවත් කරන ලෙසය. ඇය ඉවත් කර එම පළාතට ඇමරිකාවට හිතැති පුද්ගලයෙකු පත් කරන ලෙස තානාපතිවරිය ජනාධිපතිවරයාට තරවටු කර තිබේ.
    එයින් උරන වූ ජනාධිපතිවරයා ඒ මොහොතේම ආණ්ඩුකාරවරිය අමතා සඳහන් කර ඇත්තේ චීනය සමග සිදු කිරීමට යන එම වැඩ සටහන් වහාම නතර කර දමන ලෙසයි.

    මේ අතර නැගෙනහිර පළාතේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කපිල අතුකෝරාල, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් සහ ඩබ්.ඩී. වීරසිංහ යන මන්ත්‍රිවරුන් ආණ්ඩුකාරවරියට විරුද්ධව අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට නිතර නිතර ගතු කියා තිබේ.

    ඊට හේතුව සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වල ඉහත මන්ත්‍රිවරුන්ට අයත් ගල්කොරි සහ වැලි බලපත්‍රවලට ආණ්ඩුකාරවරිය අනුමැතිය ලබා නොදීමයි.
    මේ නිසා උරණ වූ ඉහත මන්ත්‍රිවරුන් එම දිස්ත්‍රික්කවල සිටින මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේද සහයෝගයෙන් ආණ්ඩුකාරවරිය එලවීමට පිඹුරුපත් සකසා තිබේ.

    මුස්ලිම් මන්ත්‍රිවරුන් ද දිගින් දිගමට ආණ්ඩුකාරවරියට චෝදනා කරන්නේ නැගෙනහිර පළාත තුළ ඇය සිංහල බෞද්ධ ජනතාවට වැඩි සේවයක් සිදු කරන නිසාය.
    ඇය පත්වූ දා සිටම පළාතේ පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීම වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කළාය. එහි ප්‍රථිපල ලෙස මුහුදු මහා විහාරය අද මුස්ලිම් අන්තවාදීන්ගෙන් නිදහස් වී තිබේ.
    ත්‍රිකුණාමලය පිච්චමල් විහාරයේ සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි නවීන පන්නයේ කෞතුකාරගාරයක් ඉදි වේ.
    තොප්පිගල, නරකමුල්ල පුරාවිද්‍යා ස්ථානය අද බැතිමතුන් වෙනුවෙන් විවෘත වේ. මේ ඇය නැගෙනහිර පළාතට වසර තුන හමාරක් සිදු කළ සේවයෙන් අබමල් රේණුවක ප්‍රමාණයක් පමණි.

    දැන් නැගෙනහිර පළාතට යළිත් වරක් මුස්ලිම් අන්තවාදි පුද්ගලයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටියි.

    ඒ සහරාන් ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ හිස්බුල්ලාය. ත්‍රිකුණාමලය සිංහල මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයාට කේලම් කීමෙන් මේ සිදු කරන්නේ නැගෙනහිර පළාත සෞභාග්‍ය කරා ගෙන ගිය ආණ්ඩුකාරවරිය ඉවත් කර අන්නවාදියෙකුට නැගෙනහිර පළාත භාර දීමයි.

    රණවිරුවන් දඬුකඳේ ගැහීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එදා කටයුතු කරද්දී රජයේ කිසිදු වරදාන වරප්‍රසාදයක් නොලබා ඇය දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් මුදලින් ගුවන් ටිකට්පත් ගෙන ජිනීවා ගොස් රණවිරු දඩයමට එරෙහිව කටයුතු කිරීම අද වරදක් වී තිබේ.

    එදා රණවිරුවන් මානව හිමිකම් කඩ කර ඇති බවට චෝදනා එල්ල කළ වයිකෝ ජිනීවා කවුන්සිලයෙන් පන්නා දැමීමට ඇය එඩිතර වූවාය.
    වත්මන් ජනාධිපතිවරයාට අනුව අද එය වරදක් වී තිබේ.

    අන්තවාදීන් අද නැගෙනහිර පළාතේ රජ කිරීමට මාන බලයි. ජනතාව මෙය තේරුම් ගත යුතු කාලය පැමිණ ඇත.

    Sumedha Weerawardena

    ReplyDelete
  11. That’s why this is called thrice blessed country. Last year the revenge driven brainles ruthless diaspora, the born again business dealers & the extremist catholic church thought the country was theirs. The Jihadist extremists too were feasting on this sudden spoils. Julie the blood thirsty Yankee witch no doubt cooking her evils non stop.

    ReplyDelete
  12. මේ දිනවල ඉසිප්‍රියාගේ මරණය හෝ ඝාතනය ජනප්‍රිය මාතෘකාවක් වී ඇති බව දක්නට ලැබේ.ඇගේ මරණය සිදුවූ යුගය වනවිට මගේ ආබාධිත ජීවිතයට වසර දහයක් පමණ ගෙවී තිබුණි.එසේ හෙයින් ඇයට සිදුවූ ඉරණම කුමක්ද යන්න පිළිබඳව මට අවබෝධයක් නැත.ඇය මියගොස් සිටි බව පමණක් දනිමි.

    පුරසාරම් ගැසීමට තරම් දිගු සේවා කාලයක් මට හිමි නොවුනි.වසර තුනක පමණ කෙටි සේවා කාලයකට සීමා වීම මගේ අඩුපාඩුවක් නිසා සිදුනොවුණු අතර, එවක ලංකාවේ ඉතා අවදානම් යුධ කලාප වල සේවයේ යෙදෙන්නට සිදුවීම සහ මගේ අවාසනාව හේතුවූ බව මගේ විශ්වාසයයි.

    යුද්ධය අවසන් වූ සමයේ සිට කොටි සාමාජිකාවන් දුෂණය කිරීම සහ මල සිරුරු නිරුවත් කිරීම යන්න ජනප්‍රිය මාතෘකාවක් ව තිබෙන අයුරු පෙනෙයි. මගේ සේවා කාලය තුල මා විසින් කොටි සාමාජික මළ සිරුරු සෝදිසි කිරීම මෙන්ම අපගේම මිනිසුන් ගේ මල සිරුරුද සෝදිසි කර තිබේ.

    ReplyDelete
    Replies
    1. යුධ පිටියේ තුවාල ලැබුවන්ගේ සිරුරු පිරික්සීම සම්බන්ධව යුධ උපක්‍රම සම්බන්ධව ලියැවී ඇති පොත පතේ කුමක් සඳහන්ව තිබුණත් ප්‍රායෝගික තලයේ එම උපක්‍රම සාර්ථක යැයි කිව නොහැක.පැය ගණනාවක් සතුරු බලයට යටත් ව තිබු අඩවියක අපගේ මිත්‍ර මල සිරුරු තිබුනත් ඒවා පිරික්සීම අතවශ්‍ය කරුණක් වුවේ එම සිරුරු වලට මර උගුල් සවිකර තිබීමේ අවදානම තිබූ බැවිනි.

      සතුරු පාර්ශ්වයේ හුදකලා වූ මල සිරුරු සම්බන්ධව පවතී තත්වය මීටත් වඩා අවදානම් සහගත විය.හුදකලාව , විශේෂයෙන් සතුරු පාර්ශ්වයට නතුව තිබු පෙදෙස් වල විසිර තිබූ සතුරු ,මිතුරු මල සිරුරු සම්බන්ධව අපට තිබුනේ එක ප්‍රධාන ආකල්පයකි. එනම් මෙම සිරුරු වල මර උගුල් සවිකර තිබිය හැකි බවයි.

      කෙසේ වෙතත් මෙම සිරුරු අදාල පාර්ශ්ව වෙත භාරදීමේ වගකීම පැවරී තිබුණි.එවැනි අවස්ථා වලදී අප මුලින්ම අදාළ මල සිරුර මතුපිටින් සෝදිසි කරන අතර,දෙවනුව සිරුරේ මරඋගුල් සවිකර තිබුණහොත් එයින් සිදුවන අනතුර වලක්වාලීම වෙනුවෙන් රළු උපක්‍රමයක් යොදා ගතිමු. ඒ යුගයේ අප යොදාගත් උපක්‍රමය වුයේ මල සිරුරේ දෙපාවල ගැට ගැසූ අවම වශයෙන් අඩි විස්සක පමණ රැහැනක් ආධාරයෙන් සිරුර අප දෙසට ඇදීමයි.

      මර උගුලක් අටවා තිබුණි නම් එම අවස්ථාවේ ක්‍රියාත්මක වීමේ තත්වයක් ඇති බව ඒ යුගයේ අපගේ විශ්වාසය විය.කෙසේ වෙතත් මෙම ඇදීමේ ක්‍රියාවලියේ නොවැලැක්විය හැකි ප්‍රථිපලයක් ලෙස සිරුරු වල ඇඳුම් ඉවත්වීම සහ අවම වශයෙන් අඩ නිරුවත් වීම සිදුවිය.ඉන් පසුව අදාල මල සිරුරු රථ වලට පැටවීම සහ බෑම යන ක්‍රියාවලිය තුල තවදුරටත් එම සිරුරු වල දැවටී තිබු ඇඳුම් ඉහිල් වීම සිදුවිය.

      අවසානයේ ජායාරූප ශිල්පීන්ගේ කැමරා කාචයන්ට හසුවුනේ බොහෝ දුරට නිරුවත් හෝ අඩ නිරුවත් වූ මල සිරුරුයි.ලොව පුරා ප්‍රචාරය වුවේ මෙම සේයාරුයි.
      යුධ සිරකරුවන් හෝ ඔවුන්ගේ මල සිරුරු දුෂණය හෝ නිරුවත් කිරීම සම්බන්ධව නැඟෙන චෝදනා වල ඉතා බහුල සත්‍ය තත්වය මෙය වන අතර,කලාතුරකින් හෝ සිටිය හැකි මල සිරුරු වලට ආශක්ත වන්නන් ගේ කටයුතුද තිබිය හැකි බව සිතමි.මෙම සටහන ඉසිප්‍රියා සම්බන්ධව පමණක් අරමුණු කර නොලියූ එකකි.යුධ පිටියේ ඇද වැටී තිබුණු මල සිරුරු සම්බන්ධව කල දළ අදහස් දැක්වීමක් බව සලකන්න.

      Delete
  13. ඉන්දියාවේ දැවැන්ත සමූහ ව්‍යාපාරයක් වන ටාටා සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලට ගැනීම සඳහා සොයා බලමින් සිටින බව පුවත්පත් වාර්තා කරයි.

    මේ වන විට ටාටා සමාගම ඉන්දියාවේ එයාර් ඉන්දියා සමාගමේ ද මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටියි. ඊට අමතරව තවත් ගුවන් ගුවන් සමාගම් කිහිපයක් ද ටාටා සමාගම මෙහෙයවමින් සිටී.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා ආයෝජකයෙකු ශ්‍රී ලංකා රජය විසින් පසුගිය කාලයේ සිදු වූ නමුත් සමාගමේ මූල්‍ය තත්ත්වය අනුව ඒ සඳහා සැලකිය යුතු යෝජනා ඉදිරිපත් නොවීය, නමුත් ඇතැම් ආයෝජනයන් දන්වා තිබුනේ ගුවන් සමාගම ලබන පාඩුව පියවා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් යෝජනා ඉදිරිපත් කිරීමට සූදානම් බවය.

    ReplyDelete
  14. මහරජ චාල්ස් උතුමාණන්ගේ ආශිර්වාදය සමග තව ටික දවසකින් ලංකාවේ ජනාධිපති විකුණනසිංහ රටේ පුරවැසියෝ ටිකත් කාට හරි විකුනලා දමයි. 😏

    ReplyDelete
  15. ලෝකයේ සියලුම දේවල් සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවයි මාතලන්, ඇත්තටම දෙවියන් වහන්සේ මුලින්ම ලංකාවේ අලුත් පරම්පරාවේ මොලේ කළඳක් නැතුව රැලි වලට අහුවෙලා වැඩ කරන විරුවෙක් පස්සේ යන අමු මැටි මෝඩයෝ ටිකක් නිර්මාණය කළා. ඒ පුහුණුවීම් සඳහායි. පුහුණුවට පස්සේ පළමු ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට දෙවියන් වහන්සේ ඒ පොල් බූරු රැල ෆෝම් කරලා සිස්ටම් එක දෙවියන් වහන්සේට ඕන විදියට වෙනස් කරන්නන්, දෙවියන් වහන්සේට කඩේ යන දෙකයි පණහේ වහල් මානසිකත්වය ඇති ආගමික අන්තවාදීන්, අනුගාමිකයන් බවට පත් කරලා පල්ලියට හීලෑ NGO වලින් බෙදාදෙන සල්ලිවලට උද්ඝෝෂණ ආදිය සංවිධානය කරලා ආර්ථිකය අඩපණ කරන හැටි කියලා දීලා පොඩි මොලයක් දීලා, ඔවුන්ගේ "දර්ශනවාදය" සමඟ එකඟ නැති අනිත් අයට අපහාසාත්මක කමෙන්ට් ලියන හැටි කියලා දුන්නා.

    දැන් ඔවුන් ආඩම්බරයෙන් කියනවා අපි ආවේ ජනතාවට බය කරන්න නෙවෙයි අපි ආවේ දුප්පත් ජනතාව හැඩගස්වා ඔවුන්ව බේරගන්න කියලා.

    කල්පනා කරල බලන්න මොන විහිළුවක් ද මේ? මේවා හරිම ආතල් තමයි හිතල බලනකොට...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න