.

.

Oct 7, 2021

තිරු නඩේසන්ගේ කළු සල්ලි, කෝවිල්, පන්සල් හා කැසිනෝ

 



ඔහේලට මතකද ඔය පැන්ඩෝරා පේපර්ස් වගේ කීපයක්ම ලංකාවෙත් සිඳු උනා කියලා.


සිද්ධීන් ලෙස කියනවා නම්...


🔺 බඩී වෙත්තසිංහ (සමාගමේ නම මතක නැත)

🔺 ප්‍රමුඛ බැංකුව - රොහාන් පෙරේරා

🔺 ගෝල්ඩන් කී - කාවන් පෙරේරා

🔺 ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි - මර්වින් පෙරේරා

🔺 සක්විති ඉන්වෙස්ට්මන්ට් - සක්විති රණසිංහ

🔺 දඬුවම් මුදලාලී

🔺 EAP ඉන්වෙස්ට්මන්ට්ස් - එදිරිසිංහ පවුල


මේ කීපයක් පමණයි.. තා පොඩි පොඩි ඒවා රාශියක් තිබුනා..


කාළයක් මූල්‍ය සමාගමකත් වැඩ කරලා තියෙන එකෙක් වෙන නිසා මට කියන්න ඕන උනේ..


මේවයේ සල්ලි දැම්මේ ඔය පාර පුරා අඬන තමන්ගේ අර්ථ සාධකේ දාපූ, මුලු සේසතම දාපූ අහිංසක තැන්පත් කරුවන් විතරක් නෙමේය කියනෙකයි..


ඕවයේ වැඩිපුරම තිබුනේ කළු සල්ලී. උන් හැබයි අඬන්න වැලපෙන්න එන්නේ නෑ. මොකෝ රෙදි ගැලවෙනවා නේ.


අන්තීමට ඕකුන් ගාව තිබුන සල්ලි ඔක්කොටම කෙලිය කැසිනෝ කාරයා අද ලංකාවේ ලොකුම සල්ලි කාරයා..

😜😜😜😜😜


විශේෂයෙන් ගෝල්ඩන් කී පේපර්ස් වල තිබුන නම් ගම් ටික එලියට ආවා නම්, තිරු නඩේසන් මොන කබ්බෙක්ද කියලා හැමෝටම හිතෙයි. 


අපේ උන් තවත් බර ගානකගේ නම් පැන්ඩෝරා පේපර්ස් වල තිබුනට, තිරු නඩේසන් ඉස්මතු කරන්නෙත් නැතිව, නිරූපමාගේ නම ඇදලා දැම්මේ රාජපක්ෂලාට කෙලින්න.


ගෝල්ඩන් කී පේපර්ස්වල තිබුනු නම් ගම් අතරේ, දේශපාලුවන්, රජයේ උසස් නිළධාරීන්, ක්‍රීකට් ක්‍රීඩකයින්, හමුදාවේ ලොක්කන්, පොලීසියේ ලොක්කන්ගේ නම් විතරක් නෙමේ..


ඔතන තිබුනා ලංකාවේ සුප්‍රසිද්ධ බෞද්ධ ක්‍රිස්තියානි හින්දු පූජකයින්ගේ නම් ලැයිස්තුවක්. මම හිතන්නේ සන්නත් ලලිත් කොතලාවලටම ගැහුවා මිසක් මේ එක නමක්වත් එලියට දැම්මේ නෑ. 


මිත්‍යාව කියන්නෙ ලෝකේ හොඳම බිස්නස් එක. පට්ටම ආතල් එක කියන්නේ.... ඒවා ටැක්ස් ෆ්‍රී.. ජලය විදුලියටත් සහන... ඒ මදිවට අපේ උනුත් පුප උඩ දාගෙන පුලුවන් ලොකුම ගාන පූජා කරනවා ඉතරක් නෙමේ... ඒවා ලවුස්කීපරේ දාලා රටටම කියනවා..


තොරණට ආධාරයක් දීලා පීකරෙන් නම අහපු උන් , දැන් එක එක චැනල් වලින් නම කියවගන්න දාස් ගනන් ලක්ෂ ගනන් පූජා කරනවා.


තිරු නඩේසන්ට මෙච්චර සල්ලියක් කොහෙන්ද කියලා හොයන්න අද පොර අල්ලස් හා දූෂණ එකටත් කැඳවලා.


ඒත් මොන රටද, මොන ආන්ඩුවද, මොන අධිකරණයද පූජ්‍ය ස්ථානවලින් ලැබුන සල්ලි වලට කළු සල්ලි කියන්නේ  ...


ඒවා මේ හෙන ගත වදින, සහ ගහන අපරාධ... ඉතින් මොකාද කැමති වෙන්නේ ඒවට ලෙඩේ අදින්න...


මොකෝ දන්නවද?....


තිරු නඩේසන්ට කොළඹ ප්‍රධාන කෝවිල් ගානක් අයිතියිලු... 

ඉතින් කෝවිල් යන්නේ හින්දු අය විතරෙයි...

බෞද්ධයෝ ඕසෙට යන්නේ...


ගොඩක් අය නොදන්න දෙයක් තමා ලක්ෂ ගනන් පඬුරු වැටෙන කළුතර බෝධියත් එක පවුලකට අයත් දේපලක් කියලා..

අසපු ගැන නම් කියන්න ඕනම නෑ නේ..

කස්ටිය අනේපිඬු සිටානෝ වගේ ඉඳන් බණ කියන්නේ..


මටත් හිතෙනවා මේ කෙලවෙලා ඉන්න වෙලාවේ... ඇසටු ගසක් යට පොඩියට කුටියක් අටවගෙන චීවරයක් දාගෙන වැඩ වාසය කරන්න...


මොකෝ සතෙන් සතේ

සුපියලෙන් සුපියල හෙමීට එකතු කරලා තමා

මහා අසපු හැදෙන්නේ...

මිත්‍යාව විජ්ජාව වෙලා...

විජ්ජාව මිත්‍යාව වෙන්නේ....


මෙතන තියෙන එකම වෙනස නඩේසන් මෙහේ උන්ට මාට්ටු නොවී ඒවා ඕෆ්ෂෝ බිස්නස්වල ඉන්වෙස්ට් කළ එක විතරයි...


ඒ වගත් මෙසේය...


.

22 comments:

  1. //බඩී වෙත්තසිංහ (සමාගමේ නම මතක නැත)//

    බඩී වෙත්තසිංහ යනු ඔරියන්ට් ‍ෆිනෑන්ස් නමින් හොර මූල්‍ය ආයතන හොර එෆ්.ඩී තෙවන පාර්ශවයක වංචාවක් ලෙස පෙන්වා අහිංසක තැන්පත් කරුවන්ට පොලු තැබි ලටෙක් බස් කර්මාන්තශාලාව කොල්ල කෑ 'රවි වෙත්තසිංහගේ' පියාය.

    ReplyDelete
  2. අයිසේ මාතලන්,

    ඕව මොනවද ලෝකයේ වගේම ලංකාවේත් සංචාරක කර්මාන්තය සුපිරියටම තිබ්බ සහ ලංකාවේ සංචාරක කර්මාන්තයේ යෙදී සිටි අය විතරක් ඩොලර් බිලියන හතරක් විතර වාර්ෂිකව උපයා ගත් 2017 සහ 2018 අවුරුදු වල ලංකාවේ ජාතික ගුවන් සමාගම් සමූහයේ පෆෝමන්ස් අපි දැන් බලමු;

    2018 මෙහෙයුම් ආදායම් රුපියල් මිලියන 164,859.51

    2018 මෙහෙයුම් වියදම රුපියල් මිලියන (175,254.73)

    2018 බදුවලට පෙර ශුද්ධ අලාභය රුපියල් මිලියන - (18,579.23)

    කලින් අවුරුද්ද

    2017 මෙහෙයුම් ආදායම් රුපියල් මිලියන 138,590.83

    2017 මෙහෙයුම් වියදම රුපියල් මිලියන (146,080.65)

    2017 ශුද්ධ අලාභය - රු. මිලියන (28,929.99)

    මූලාශ්‍ර:-

    https://www.srilankan.com/pdf/annual-report/SriLankan_Airlines_AR_2017-18_Sinhala.pdf

    මිහින් ලංකා ගුවන් සමාගමේ 2013 වසරේ පාඩුව රුපියල් බිලියන 3.3 - මිලියන 3,300

    2012 වසරේ රුපියල් බිලියන 1.9 - රු. මිලියන 1,900

    මිහින් ලංකා සමාගමට අමතරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා ධිවර සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බවයි වාර්තාවේ සඳහන් වන්නේ.

    Source - https://www.bbc.com/sinhala/sri_lanka/2014/08/140805_corruption_report_lanka

    ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව අලාභය 2017 දෙසැ. 31 දිනට රු. මිලියන 516 ක හිඟ අක්‍රිය ණය වලින් එක් වාරිකයක් වත් ක් අයකර ගත නොහැකි වී තිබුණා.

    මූලාශ්‍ර : -

    http://www.auditorgeneral.gov.lk/web/images/audit-reports/upload/2016/Companies_2016/Lankaputhra-Development-Bank-Limited---S.pdf

    මේ ගැන හිතන්නේ මොකක්ද?

    ReplyDelete
  3. පියා කළදේ එලෙසම කරන නොට්ටිගේ පුතකු නොවන බඩීගේ පුතා ගැන කියනවානම් ලංකාවේ මහත් සේ අපකීර්තියට පත් දූෂිත රෙජීමයක් වන 2015ට පෙර පැවැති දූෂිත රාජපක්ෂ රෙජීමය සමය තුළ රටෙන් පැනයාමට ගොස් පොලිස් අත්තඩංගුවට ගෙන අපරාධ නඩුපවරා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති, 1990-93 ලංගම සේවකයන්ට පොලු තැබූ රවී වෙත්තසිංහ මෙහෙයවන, මෙලොවින් මෙලෝ නිවාස කොන්ත්‍රාත්තුවක් නොකල, Yapka Developers (Pvt) ltd සමාගමට දූෂණ වැලැක්වීමට කියා පැමිණි යහපාලන රජය 2018 රවී වෙත්තසිංහ ගෙනා කිසිදු ටෙන්ඩර් පටිපටියක් අනුගමනය නොකර රු.කෝටි 8,352ක් වටිනා උතුරු නැගෙනහිර නිවාස වියාපෘතිය ලබා දි ඇත. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අමාත්‍යවරවෙකු වූ ස්වාමිනාදන්ගේ මැදිහත්වීමෙන් මෙය සිදුවී තිබේ.

    නමුත් මේ කසිකබල් මුදල් ගසා කෑ අඩු ප්‍රමිතියේ නිවෙස් උතුරු නැගෙනහිර මිනිස්සුන්ට ජීවත් විය නොහැකි තත්වයේ නිවාස වියාපෘති සදහා උතුරු නැගෙනහිර ජනතා උද්ගෝශන නිසා මෙම නිවාස වියාපෘතිය නවතා දැමීමට දමිළ ජනයාට හොඳින් කන් දුන් හිටපු මෛත්‍රීපාල ජනපතිට සිදුවිය.

    රවී වෙත්තසිංහ යළිත් වරත් 2020 දි බලයට පත් වූ රජයේ යටතේ මෙම ව්‍යාපෘතිය පටන් ගැනිමට උත්සාහ කර අතර එම උත්සාහය අසාර්ථක වූයේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරිම් අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරියක් වූ විජයලක්ෂ්මි කේතිස්වරම් මහත්මිය විසින් එම නිවාස ව්‍යාපෘතියේ දෝෂ ඇති බව පවසමින් එය ප්‍රතික්⁣⁣ෂේප කිරිම නිසාවෙනි.

    පසුව 2017 -2018 තුළ හිටපු අමාත්‍ය පලනිඅප්පන් දිගම්බරම්ගේ බාල දියණියගේ ස්වාමිපුරුෂයා වූ ඉන්දියානු ජාතික ජෙයදර්ශන් නැමැත්තා අන්ත දූෂිත රවී වෙත්තසිංහගෙන් කෝටි 10ක කොමිස් මුදලක් ලබාගෙන මෙම උතුරු නැගෙනහිර නිවාස ව්‍යාපෘතිය අන්ත දූෂිත රවී වෙත්තසිංහගේ Yapka Developers (Pvt) Ltd සමාගමට බාරදී, එම සමාගමෙන් එක් නිවසක් සැදීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් කොමිස් මුදල් ලෙස ලබාගෙන ඇති බවත් නිවාස ගණන 1000ක් බැවින් දර්ශන් නැමැත්තාගේ ⁣කොමිස් මුදල ⁣රුපියල් කෝටි 10කි. එහි කොටසක් අත්තිකාරම් මුදලක් ලෙස ලබාගත ඇති බව 2019 දූෂණ වීරෝධී ජාතික එකමුතුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන කරන ලද්ද පැමිණිල්ක සදහන් වෙයි .

    මෙම සමාගමට කොන්ත්‍රාත්තුව ලබාදීම දැඩිව ප්‍රතික්ෂේප කල නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ එම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කල විජයලක්ෂ්මී කේතීෂ්වරම් මහත්මියට ජෙයදර්ශන් නැමැත්තා සහ ⁣දිගම්බරම්ගේ ලේක්ම් මොහොමඩ් නැමැත්තා විසින් ඔවුන්ගේ කාර්යාලයට 2018දී ගෙන්වා දැඩිව බැණ වැදී තර්ජනය කර ඇති අතර ඇයට විරුද්ධව කටයුතු කරන ලෙස නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා ඇත.

    පලනිඅප්පන් දිගම්බරම්ගේ බෑනා අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ උසස් තනතුරක් දැරූ අතර අමාත්‍යංශය මගින් සිදු වූ ඉදිකිරීම් සහ විවිධ ව්‍යාපෘති ගණුදෙනු සිදුවී ඇත්තේ මොහු හරහාය. සියලු ඉදිකිරීම් සහ ව්‍යාපෘති වලින් ඔහු 10%ක කොමිස් මුදලක් ලබා ගත් බව අපි කල විමසීමකදී අනාවරණය වී තිබුණි.

    මේ ආකරයේ දූෂිතයෙන් වන රවි වෙත්තසිංහලාට පලනිඅප්පන් දිගම්බරම්න්ගේ බෑනා සමග එක්වි යටි මඩි ගසා ගන්නට ඉඩ නොදිය යුතු ය. පොලු තබා පැන ගිය රවී වෙත්තසිංහට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අමාත්‍යවරවෙකු වූ ස්වාමිනාදන්ගේන් නිවාස ව්‍යපෘතියක් ලබා දුන් අතර නමුත් විජයලක්ෂ්මි කෙතිස්වරම් නම් රාජ්‍ය නිළධාරිණියගේ ක්‍රියාකලාපය නිසා එය නතරවු අතර නමුත් වත්මන් රජය පැමිණිමෙන් පසුව රවි වෙත්තසිංහ තම සුපුරුදු ව්‍යාපරය යළි ලබා ගැනීමට කැස කවන්නේ ජීවන් තොණ්ඩමන්ගේ ඥාති මස්සිනා කෙනෙක් වන විජෙයානන්දන් ධර්ෂන් සමගය. මෙබඳු දූෂිතයන්ට එරෙහිව දැන්වත් ක්‍රියාත්මක විය යුතුයි.

    ReplyDelete
  4. ඩේටා පුච්චගෙන කියවන විට මෙව්වා
    'මෙදා කෙළවිලා' කියලා අපි හිතුවා
    ඒ හැම වතාවෙම වුනු දේකුත් නැතුවා
    දිගින් දිගට අපි- අපිටම කෙළවෙනවා!

    ReplyDelete
  5. මාතා,

    මේ ගැන උපමා කතාවක් ඇසුරින් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්, හිතන්න කැලේක ගොඩක් සත්තු ඉද්දි සිංහයට විතරක් ඇයි අපි කැලේ රජා කියන්නෙ.. ? සිංහයා ශරීර ප්‍රමාණයෙන් ලොකු නිසාද ? නෑ නේද ?
    ඊට වඩා ලොකු අලි ඇත්තු ගොඩාක් කැලේ ඉන්නව නේද ?


    එතකොට..?

    සිංහයා කැලේ ඉන්න හැම සතාටම වඩා වේගවත් නිසාද ?
    නෑ නේද ?
    චීටා වගේ සත්තු සිංහයට වඩා ගොඩාක් වේගවත් නේද ?

    එතකොට...!!!!

    මෙච්චර ප්‍රභල සත්තු කැලේක ඉද්දි ඇයි සිංහයම කැලේ රජා වෙන්නෙ ?

    ඇයි සිංහයා එයාට සාපේක්ෂව විශාල ශරීරයක් තියන සද්ධන්ත අලි ඇත්තු පවා දඩයම් කරන්නෙ ?


    ඒකට පොඩි හේතුවක් තියනවා.

    මොකද ඔය කැලේ ඉන්න කාටවත්ම නැති ආත්ම විශ්වාසයක් සිංහයට තියනවා. ඒ ආත්ම විශ්වාසය එක්ක සිංහයා කැලේ හැමදාමත් රජ කරනවා. ඒ හිතේ හයියට සිංහයා කාටවත් බය නැතුව ජීවත් වෙනවා. ඒ නිසාම අනිත් සත්තු සිංහයට රජෙකුට වගේ සළකනවා.

    ඇත්තටම අපි හැමෝටම ඕන කරන ආත්ම ශක්තිය තියෙන්නෙ අපි ගාවමයි. ඒක කාටවත් අපි වෙනුවෙන් හොයල දෙන්න බෑ. ඒත් සමාජයට යමක් කරන්න ඕන කියල හිතෙන කිහිපදෙනෙක්, මේ සමාජයේ උඩුගං බලා අදටත් පිහිනනවා, වටිනා කාලය වැයකරලා අප වෙනුවෙන් නිවැරදි මාවත පෙන්වන්න උත්සාහ කරනවා. කොච්චර අපවාද, ගල් මුල්, නින්දා සහ අවලාද ඇහුවත් ඒ අය නොනවත්වාම අනවරත ගමනේ යෙදෙන බව පේනවා.

    ඒ නිසා මම යෝජනා කරන්නේ කුමන ප්‍රශ්න තිබුණත් ඒ හැම දෙයකටම දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව මුහුණ දෙන්න, දැන්වත් හැදෙන්න. සමාජ ක්‍රමයට වෛර නොකර, අඳුරට එරෙහිව එක පහනක් හෝ දල්වන්න බලන්න. ඒ දැල්වෙන පහනෙන් අපි හැමෝටම ජීවිතය එළිය කරගන්න උත්සාහ කරන්න පුළුවන් කියන එක තමයි මගේ විශ්වාසය.

    ReplyDelete
  6. මාතලන්, පහුගිය කාලයේ ලංකාවෙ මහ බැංකුවෙන් ද ‍ෆිනෑන්ස් ආයතනයට බල පවත්වන පරිදි විශේෂ නියෝග මාලාවක් පැන වීමට හේතු වූයේ ද ෆිනෑන්ස් ආයතනයේ සොහොන් ලකුණු මහ ජනතාවගෙන් වසන් කිරීම ව්‍යවසනයකට අත වැනීමක් වීම නිසයි. මහ බැංකුව පැනවූ නව නියෝග අනුව තැන්පතු භාර ගැනීම මුළුමනින්ම අත්හි‍ටුවූ අතර වාණිජ ණය දැඩි සීමාවන්ට ලක් කලේ කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම දැඩි කොන්දේසි වලට යටත් කරමින්. තැන්පතු රු ලක්ෂ 6ට වඩා ආපසු ලබා ගැනීම තහනම් කළ අතරම අවශ්‍යතාවය කුමක් වුවත් තැන්පතු හිමියෙකුට තමන්ගේ මුදල් ආපසු ලබා ගත හැක්කේ ලක්ෂ 6ක් පමණක් ලෙස සීමා කළා.

    ReplyDelete
    Replies
    1. දැන් ඒක ඉවරෙටම ඉවරයි

      Delete
  7. ලංකාවේ ඔය වගේ මූල්‍ය සමාගම් කඩා වැටීම සහ පොලු තැබීමේ ඉතිහාස ඉතිහාසය ගැන කෙටියෙන් කිව යුතුයි මුලින්ම.

    මොකද මේ ඉතිහාසය හැදෑරීමේදී පැහැදිලිවම පෙනී යන්නේ ලංකාවේ ප්‍රථම මහා පරිමාණ බැංකු පොලු කාරයා ලෙස ඉතිහාස ගතව ඇත්තේ බඩී වෙත්තසිංහ වෙන බවයි. මහජන මුදල් කෝටි ගනනින් ගසා කා රට පැන්න ප්‍රථමයා මොහුය.

    (මේ කුප්‍රකට බඩී වෙත්තසිංහ කියන්නේ 1990 දී පමණ ආර්. ප්‍රේමදාස රජයෙන් ඉතාමත් සුළු මුදලකට රජයේ වේරහැර (ලටෙක්) බස් කර්මාන්තශාලාව කොල්ල කෑ සහ ලංගම සේවකයන් සේවයේ යොදවා පොලු තැබූ රවි වෙත්තසිංහගේ සදාදරණීය පියාණෝ වන සේක.)

    මෑත ඉතිහාසය ගත් විට මූල්‍ය ආයතන කඩා වැටීම ආරම්භ වූයේ රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දැරූ සමයේ ප්‍රමුඛ බැංකුවෙනි. 2002 වසරේදී ප්‍රමුඛ බැංකුව බංකොළොත් වූයේ ප්‍රමුඛ බැංකුවට රොබරිය දුන්න එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ රෝහාන් පෙරේරා නිසායි.

    පසුව රවී කරුණානායක සහ මලික් සමරවික්‍රම මෙන්ම 2005 රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරයටද ජනතා විමුක්ති පෙරමුණටත් සමාජවාදී ආධාර පිරිනැමීම මගින් එම මුදල් විසිකිරීමේ අනුහසින් රෝහාන් පෙරේරා නීතියේ ‍රැහැනින් පලා ගියේ යුරෝපයේ ඉතාමත්ම සත්ගුණවත් රටක් ලෙස ලංකාවේ ඇතැම් මීහරක් හිතාගෙන ඉන්න එක්සත් රාජධානියට (UK).

    නමුත් රොහාන් පෙරේරා ගොඩ ගැසූ මුදල් ‍රැදුනේ නැත. එංගලන්තයේ සිටි ඔහුගේ සුරතල් දියණිය දැඩි ලෙස හෙරොයින් වලට ඇබ්බැහි වූ අතල ගල් කපටි කම්බ හොරෙක් වූ රොහාන් පෙරේරා සොරකම් කල මුදල් ඇය කාබාසීනීයා කලේ පොලියත් එක්කයි.

    ReplyDelete
    Replies
    1. මීට පසුකාලීනව 2005 මැතිවරණ කටයුතු සදහා එවකට ලංකාවේ හිටපු වැදගත් ව්‍යාපාරිකයකු වූ ලලිත් කොතලාවල ප්‍රධන ලෙස රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටියත් වැඩි ආරක්ෂාවට ගෙඩි පිටින් මිලියන 50ක් බැසිල්ට තිලිණ කළ බව කියවෙනවා.

      නොසිතූ අයුරින් 2005 MRලා බලයට පත්වුණා. මේ කාලයේ ලලිත්ගේ ව්‍යාපාර තවත් දියුණු කිරීමට කියමින් කාවන් පෙරේරා වැනි කම්බ හොරුන් විසින් අන්දවනු ලැබූ ලලිත් කොතලාවලගේ ව්‍යාපාර අභ්‍යන්තර ගරිල්ලා ප්‍රහාරයන්ට දැඩිව ලක් වූ අතර මේ නිසා එම ව්‍යාපාර වල සොහොන්ලකුණු දිස්වීමත් සමග මහ බැන්කුව මැදිහත් වෙන සේයාවක් දිස්වුණා.

      කාවන් පෙරේරා වැනි අයගේ මුසා බස් වලට රැවටී මේ පිලිබදව සාකච්ඡා කිරීමට ඔහු බැසිල් හමුවූ අතර කෙලින් කථාකරන කොතලාවල එහිදී දැඩිව අමුතු කථාවක් කියු අතර තමා පැමිනියේ මැතිවරණයට දුන් මුදල් මතක් කිරීමට නොව නිදහසේ ව්‍යාපාර කරගෙන යාමේ තම අයිතිය ඉල්ලිමට යයි පැවසීමත් සමග බැසිල්ගේ මුදල් පාලනය කළ ලේකම් සමග බහින්බස් වීමක් ඇති වුණා.

      මෙහිදී කපටි හිනාවක් සමග මීට මැදිහත් වූ බැසිල් "ඔව්, මට මිලියන 50 රනිල්ට මිලියන 750 යි, හිතුවද මම ඒ ගැන දන්නේ නෑ කියා”.

      මෙහිදී කාවන් පෙරේරලා ගැන තොරතුරු සොයාගෙන සිටි කපටි බැසිල් කොතලාවලගේ ව්‍යාපාරික නිදහස රනිල්ගෙන් ඉල්ලා ගන්නා ලෙසටත් මේ ගැන අනිවාර්යයෙන්ම රජයේ මැදිහත් වීමක් කළ යුතු බවටත් දැන් වූ අතර ගෝල්ඩන් කී ආයතනයේ ප්‍රධානියාවූ කාවන් පෙරේරා මුදල් අව භාවිතා කිරීම පිලිබදව මහ බැංකුව ඇතුලු මූල්‍ය පරීක්ෂකයන් විසින් සොයා ගන්න ලදින් මේ ගැන මාධ්‍ය වලටද තොරතුරු ලැබුණා. එය සැලවූ වහාම තම ආරක්ෂාවට ලලිත් කොතලාවල කාවන් පෙරේරාට එරෙහිව පොලීසියට පැමිනිලි කළ නමුත් නමුත් සිදුවූයේ කාවන් පෙරේරා ඇතුළු පිරිස සමගම කොතලාවල ද අත් අඩගුවට ගැනීමයි. අතඩංගුවේ සිටි කාවන් පෙරේරා සමග ඩීල් දැමු බව පැවසුණ අතර ගෝල්ඩන් කී ආයතය තුල රු බිලියන ගනනක 'කළු මුදල්' තැන්පතු තිනූ බව මාධ්‍ය මගින් පසුව හෙළි විය.

      කෙසේ වෙතත් ගෝල්ඩන් කී ආයතනයේ තැන්පතු පිලිබද සියළුම විස්තර සාක්ෂි සහිතව මාධ්‍ය මගින් හෙලි වූයේ නම් එය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වීමට ඉඩ තිබුනි. කලින් සිදුවීම වල මෙන් අහිංසකයන්ගේ මුදල් වලට වඩා එහි විශාල වශයෙන් තිබුනේ දේශපාලකයන්, රජයේ ඉහළ නිළධාරීන්, ආගමික නායකයන්, ආරක්ෂක ප්‍රධානීන්, වෛද්‍යවරුන්, ටියුශන් ගුරුහොරුන් ආදීන් හොරකම් කල හෝ බදු වංචා කරමින් ගොඩගැසූ මුදල්ය. මේ ගැන හොඳින් දත් පාලකයන් මුලින්ම කලේ මෙම ලැයිස්තුව තම අතට ගැනීමය. ඉන්පසුව කළු සල්ලි හිමිකරුවන් බ්ලැක් මේල් කළ බවයි මේ ගැන පිළිගත් මතය. මේක ඇත්තද?

      Delete
    2. ගෝල්ඩන් කී මුදල් පියවන්නේ කාගේද ගල් කරන්නේ කාගේද යන්න තීරණය කලේ ටික දෙනෙක්. (මේ කවුද කියා පැවසීම මාතලන්ගේ වගකීමයී) වැන්දඹු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට අනුකම්පාව හිමි වීම නිසා තැන්පත් කල මුදල් ආපසු ලැබුනි. ගාන පොඩි නැත.ගෙඩි පිටින් මිලියන 3000කි. එම මිලියන 3000 උපයා ගත් ආකාරය සුදර්ශනීගෙන් විමසා සිටියේ නැත. නමුත් සුදර්ශනීට ලද අනුකම්පාව අනෙක් තැන්පත් කරුවන්ට හිමි නොවිනි. මිලියන 4100ක දෙමල ව්‍යාපාරිකයෙකුගේ තැන්පතු කොටි මුදල් යයි චෝදනා එල්ල වුණා. මුදල් කෙසේ වෙතත් ඔහු ජීවිතය බේරාගත්තේද දොළ පිදේනි දීමෙන්. ඉන් පසුව පාලකයන්ගේ ක්‍රමය දන්නා මිලියන් 1200ක තැන්පත් හිමි ඉහළ රේගු නිලධාරියෙකු වාසය කලේ ‘මුදල් මගේ නෙවේ’ ලීලාවෙන්. මෙහි මුදල් දැමූ තෝරුන් මෝරුන් බ්ලැක් මේල් කොට රදවාගත් මුදල් යලි මහ බැංකුව වෙත ගියේ නැති බවත් ඒවා ගියේ වෙනත් අයගේ එකවුට් වලට බවත් නැති බැරි අංහිසකයින් ටික දෙනෙක්ටද ඉතුරු වූයේ වස බෝතලය පමණක් බවයි මේ ගැන පොදු මතය. මේ ගැන වැඩි විස්තර මොනවාද කියලා මාතලන්ට හෙළිදරව් කළ හැකියි.

      මීට අමතරව සක්විති මූල්‍ය ආයතනය, දඬුවම් මුදලාලි සීන් එක වගේ ගොඩක් දේවල් තියෙනවා විස්තර සහිතව කතා කළ යුතු ඒවා.

      Delete
    3. ❤️❤️❤️❤️❤️❤️

      Delete
  8. Comments දාන්නෙ මාතලංමද?

    ReplyDelete
    Replies
    1. කොහොමද බන් උඹට මෙක තෙරුනෙ

      එළ ද බ්‍රා මෙන්ඩා
      සංජිව මෙන්ඩිස්

      Delete
    2. මහත්මයා, දනනෙ නැති අයට බන් බොලන් කතා කරන්න එපා!

      Delete
  9. ජඩතලන්, දේශපාලන පාට කන්නාඩි ගලවලා තේරුම් ගනින්. දුප්පත් ගම් වල පන්සල් වැහෙන්න යනවා. ලොකු පන්සල්වල දවසක ආදායම ලක්ෂ ගනන්.. ඒ සල්ලි වලට මොකද වෙන්නෙ? හාමුදුරුවරු කීප දෙනෙක් ලංකාවෙ ලොකුම කෝටිපතියන් වෙලා ඉද්දි ගම් වල හාමුදුරුවන්ට දානෙ වේලවත් නෑ.

    සසර කලකිරී මහණ වුණා නම්, වනවාසිව බණ භාවනා කරල පින් රැස්කරගෙන සසරින් එතෙර වෙන්න ඕන. සුඛෝපභෝගී ජීවිත ගතකරනවා පනසල්වලට වෙලා. කරන්න ඕන දහදුරා වැඩ කරනවා, ගිහියන්ටත් වඩා.

    ReplyDelete
  10. පසුගිය වසර දෙකේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර තුන තුළ සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය එකඟත්වයකට පැමිණ ඇත.

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම එකඟතාවය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේම යෝජනාවකට අනුවය.

    ‘පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමැතිවරුන්ගෙන්ද අඩුපාඩු වෙන්න ඇති. ස්වයං විවේචනයක් තුළ අඩු පාඩු මගහැර ඉදිරි වසර තුනේදී එකතුවෙලා වැඩ කරමු ’ යනුවෙන් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.

    එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුමද අදහස් පළකරමින් සනාථ කර තිබේ.

    ReplyDelete
  11. මාතලන්, හිරැ සහ දෙරණ නාලිකාවල එකම වෙලාවට උමාරියැ සින්හවංශ (live) පෙනීසිටින්නේ කොහොමද කියල කියන්න පෝලෝවන්ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න