.

.

Apr 3, 2022

හුදකලා සටන් වලට දේශපාලන පක්ෂ භිය වූයේ ඇයි?

 


දැන් ඇති වී ඇති ආන්ඩු විරෝධය ලංකාවේ මින් පෙර ඇති වූ එවන් විරෝධයන්ට හා විප්ලවයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයකි.

ලංකාවේ මිනිස්සු එක්ක විප්ලව කිරීම බොරු බව, වමේ පක්ෂවල උන්ම ඉතිහාසයේ කිහිප අවස්ථාවකම සඳහන් කොට ඇත්තේය.

ඊට විවිධ හේතූන් ඇති අතර, ප්‍රධාන හේතුන් ලෙස සඳහන් කළ හැක්කේ පන්ති භේදය හා කුළ බේදයයි. ජවිපේ නායකයින් සියල්ලන්ම අඩු කුලයන්ට අයත් වූ අතර, ඔවුන් නියෝජනය කළේ නිර්ධන පන්තියයි. 

ඔවුන්ට ග්‍රාමිය නූගත් ජනතා ආශීර්වාදය ලබා ගත හැකි වුවත්, අදටත් නාගරික ජනතාව අතර පිලිගැනීමක් නැත්තේ මේ හේතුව නිසාය.

අනෙක් හේතුව වූයේ, මිනිසුන්ට මුන් කියූ තරම් අහේනියක් නොතිබීමය. හාල් පොතට හෝ හාල් ලැබින, එදා ගෑස් ප්‍රශ්ණ තිබුනේත් නැතිය. බත් කෑම දින දෙකක් තහනම් කර තීබියදීත් මිනිසුන්ට කෑමට කොස් අල බතල හෝ තිබිනි.

ඒ නිසා ගරිල්ලා සටන් ක්‍රම මිස, මෙවන් ජනතාව අතරින් එන උද්ඝෝෂණයන් කිසි දිනෙක අප නම් දැක තිබුනේ නැත.

ඊට පරිසරය හා මග සැකසූ, ඝෝඨාභය රාජපක්ෂ මෙතෙක් පවත්වාගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට අප ස්තූතිවන්ත විය යුතුය.

උද්ඝෝෂණ තිබුනේ ඒ ඒ පක්ෂවල වහලුන්ගේ සහභාගීත්වයෙන් පමණි. රට ගිනි තැබුවද ඒවාට සාමාන්‍ය ජනතාව කිසි දිනෙක සහභාගී වූයේ නැත.

එහෙත් මාතලන් කිහිප විටක්ම පෙන්වා දුන් පරිදි, රටේ ආර්ථිකයට කෙලින්ම බලපානා මේ ආන්ඩුවේ අමනෝඥ තීන්දු තීරණ හේතුවෙන්, මේ රටේ මධ්‍යම පන්තියේ සිහිණ කල්ට් එකට හා ජන ජිවීතයට කෙමෙන් කෙමෙන් හෙන පාත් වෙමින් තිබුන අතර, ඒවා ආන්ඩුව පයිසයකට මායිම් නොකර, දේශීය ආර්ථික විකාරයක් හා කාබනික හෝන්තුවක් පස්සේ දිව්වේය.

ඒවායින් ලද ප්‍රතිඵලද මාර ලොල් සහගත ඒවා පමණක් නොව, ජනතාවගේ මලේ හොඳම එකින් පනින ප්‍රකෝපකාරී ඒවාය. රුපියල් 600 ට තිබූ කහ කිලෝව දැන් රුපියල් 6000 කි. දේශීය සිමෙන්ති කොට්ටය තවත් 500 කින් වැඩි කරේ ෆැක්ටරිය දේශීය වූවාට අමුද්‍රව්‍ය ගේන්නේ පිටරටින් නිසාය. මේවා එකම විකාරයන් පමණමය.

(විදේශයකින් ඩොලර් මිලියන 5-6 ක් කඩා ගැනීම හැර මේ මොහොතේ රට ගොඩ ගැන්මට හැකි වෙනත් කිසිඳු විකල්පයක් ඇත්තේ නැතිය)

මින් පෙර ආන්ඩු පැවති සමයන්හීද, ඉන්ධන නැති වූ අවස්ථා අනන්ත තිබිනි, ගෑස් නැති අවස්ථා මෙන්ම විදුලිය විසන්දි වීම්ද අනන්තවත් තිබිනි. බඩු මිළ වැඩිවීම්, භාන්ඩ හිඟවීම්, රුපියල අවප්‍රමාණ වීම් මෙන්ම උද්ධමනයන්ද තිබිනි.

එහෙත් ඒ සෑම අවස්ථාවකම සිඳුවූයේ ඔය කරුණු වලින් එකක් පමනි.

ලයිට් නැතත් ජෙනරේටර් හා ඉටිපන්දම් තිබිනි. ගෑස් නැතත් භූමිතෙල් හා විදුලිය තිබිනි, පෝලිමේ හෝ ගසා ගැන්මට ඉන්ධන සති ගනන් නැති වුනේ නැත, පිටි වැඩි නම් බත් කෑ හැකිව තිබිනි, හාල් වැඩි නම් මිනිස්සු පාන් කෑවේය. රුපියල අවප්‍රමාණය වූවාද කියා මිනිසුන්ට දැණුනේත් නැතිය. 1% - 2% වැඩි වූ උද්ධමනයන්ද මිනිසුන්ට දරුණුවට දැණුනේ නැතිය.

එහෙත් මෙවර සිඳුවූයේ කුමක්ද? මේ සියල්ලම එක වර පැමිණ මධ්‍යම පන්තියේ සිහිණ සියල්ල හා ජීවන ඇවතුම් පැවතුම් කුඩු වීමය, පොෂ් පීපල්ස්ලාටත් ගෑස් පෝලිම් වල ඉන්නට සිඳු වීමය, කීයට හෝ මිළඳි ගන්නා දේ උයා ගැන්මට ගෑස්, භූමිතෙල් තියා කරන්ට් එකත් නැතිය. කඩෙන් කන්නට කඩවලත් ගෑස් නැති නිසා කෑම නැතිය.

ඒ නිසා ජනතාව කුපිත උනේය. පෝට්ටුවට චන්දය දුන් උන් පවා එක්කෝ බැසිල්ගේ අම්මා සිහි කරයි, බැසිල්ගේ සෙට්ටෙක ඝෝඨාගෙ අම්මාගේ පලු අරියි, වියත් මගේ සෙට්ටෙක මහින්දගේ අම්මාගේ පලු අරියි. දැන් උන්ට පෝට්ටුව රැක, ගමේ වසනවා බොරුය. පාර්ලුමේන්තුවේ ඉන්නා උන්ටත් ගමට යන්නට බැරිය.

ඒ නිසා දැන් මොකා ඉදිරියට ඇවිත්, නායකත්වයක් නැති හුදකලා සටන් කර අමාරුවේ වැටෙන්න එපා කීවත්, ජනතා උද්ඝෝෂණ නැවැත්තිලි බොරු බව මේ සියළු පක්ෂම වටහා ගෙන අවසානය.

දැන් පේන්නට නැත්තේ රාජපක්ෂලා ඉතරක් නොවේ, මේවාට ආශීර්වාද කල සජිත් රාජිත හා පාඨලීද හොයාගන්නටවත් ඇත්තේ නැතිය. පක්ෂවලට කඩේ ගිය කහකඩ සෙට්ටෙකද නැතිය. රඹ ටෝක් දෙන්නට ගොස් පන්සල නටඹුන් බවට පත්කර ගන්නර මල්වතු අස්ගිරිත් කැමති නැති බව පෙනේ. සියල්ලො ඉන්නේ තක්බීර් වෙලාය.

දැන් සජිත්ලාද ආන්ඩු ගන්න බය, ඔවුන් ගැටළුව කුමක්ද කියා දන්නා නිසාය. ඔවුන්ට ඊට විසඳුම් ඇත්තේ නැතිය. රටවල් තුනකින් ඉන්ධන දෙන, දෙන්නම් බයිලා දැන් ජනතාවට වානාය.

බලය ගත්තොත් මීළඟට ජනතාව එන්නේ සුචරිතේට කියා ඔවුන් අවබෝධ කරගෙන අවසානය. පැලවත්තේ සෙට්ටෙක මෙන්ම උස හාදයාද එහෙමය. පැජට් පාරේ එකාට නම් පාක්‍යසෝතී විසින් බකට් එකක් ඇදලා නිසා පොර ඉන්නේ කොහොමත් පොලොන්නරුවේ යන්නය.

ඒ නිසා බලය සම්බන්ධයෙන් රාජපක්ෂලාට  අභියෝගයක් ඇත්තේම නැති තර්ම්‍ය, සභාග ආන්ඩු අන්තර් පාලන ආන්ඩුවලට එන්නවත් විපක්ෂයේ උන් බයය.

ඇත්තටම මෙය ජනතාවගේ ජයග්‍රහණයකි. සියළුම දේශපාලන පක්ෂ හා නායකයින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී අවසානය. මින් පසු උන්ගේ කාමසුඛන්නිකානූ පඩ ෂෝ කල්ට් එකටත් කෙල වෙනවා ඇතිය. දැන් අපට ජනරජයක් ලැබී ඇත්තේය.

රාජපක්ෂලාට, ප්‍රේමදාසලාට, අනුර කුමාරලලාට ඉදිරියෙන් ජනතාව සිටගෙන අවසානය.

ඔවුන්ගේ ජන ජීවිතය යතා තත්වයට පත් කිරීම හැර මර්ධනයන්ට යන්නේ නම්, ඒ තරම් මෝඩ කමක් තවත් නොමැති අතර, රටේ තත්වයද අතිශයින් භයානක විය හැක.

මන්ද නායකත්වයක් නැති හුදකලා සටන් අවසානයේ එන ප්‍රතිඵල, අතිශය බියකරු විය හැකි බවත් කිව්වේත් තොපිම නිසාය.

එවන් සටන් වලට යන්නට එපා යැයි කිව්වේ මුන්ගේ පුහු මවාගත් පුස් චරිතවලට කෙලවෙන නිසාය.

මුන් එකෙක්වත් රට හැදීමට තරම් බුද්ධියක්, දැණුමක්, වැඩපිලිවලක්, සැලැස්මක්, කිසිත් නැති හාල්පාරුවෝ බව ඔප්පු වී හමාරය.

මුන් දන්නේ රටට දෙයක් කිරීමට නොව, රටේ හා ජනතාවගේ දේ හූරාගෙන කා උන්ගේ සුඛවිහරණය පවත්වාගෙන යාම පමණමය.

තව දුරටත් ඒ ආතල් ගැනීමට, ජනතාව ඉඩ දෙන්නේ නැතිය.


ඒ වගත් මෙසේය...

.

35 comments:

  1. කතාව 100% ක් ඇත්ත කතාවක්. එක අතකට එහෙම වෙන එක හොඳයි ලංකාවේ ආර්ථිකය සැබෑ වෙනසක් කරන්න පුළුවන් වෙයි දැන් නම්. ආණ්ඩුව දැන්වත් අයි එම් එෆ් එකට ගිහින් කාලකන්නි රජයේ ආයතන පෞද්ගලික අංශයට පවරලා රජය කුඩා කරලා අවශ්‍ය පරිදි වෙනස්කම් කරන්න ඕන. අකමැත්තෙන් වුවත් විගණන අංශ ශක්තිමත් කිරීමට සිදු වුණොත් සහ මහ බැංකුව අහෝසි කර කරන්සි බෝඩ් ක්‍රමයක් ඇවිත් රජයේ අනවශ්‍ය වියදම් පාලනය කරගන්න පුළුවන් වුණොත් ඒ වගේම ලොකු දෙයක්. ඊළඟට ජනතා විරෝධය සහ බාධා ගැන කතා කරනවා නම් ඇත්තටම ඒ කාලේ මා උගත්තේ මොරටුවේ ද සොයිසා මහා විද්‍යාලයේ. එතකොට මම තුනේ පන්තියේ. දිගට හදලා තිබුණු තනි මහලේ පන්ති කාමර පේළියක කෙළවරේ පන්තියේ තමයි අපි ඉගෙන ගත්තේ. ඒ කාලේ වෙච්ච සිදුවීමක් අදටත් මගේ මතකයේ කාවැදිලා තියෙනවා. එදා සුපුරුදු පරිදි අපි පන්තියේ ඉගෙන ගනිමින් ඉන්න කොට එළියේ ලොකු ඝෝෂාවක් ඇහුණා. ටීචර් දොර ළඟට ගිහිල්ලා බැලුවම අපිත් පොඩි ළමයි ඉස්සි ඉස්සී බැලුවා. ලොකු අයියලා ඉස්කෝලෙ මැද්දේ රැස් වෙලා මොනවද කිය කිය කෑ ගහනවා. ඒක මට වගේම මගේ පන්තියේ යාළුවන්ටත් අලුත් අත්දැකීමක් වුණා. අපි හිතුවේ මොකක් හරි උත්සවයක් හරි සෙල්ලමක් හරි වගේ දෙයක් කියලයි. සුදුපාට දිග කලිසම් ඇඳගත්ත අයියලා මොනවදෝ හයියෙන් කිය කිය ඉස්කෝලෙ වත්ත වටේ පෙළට යන්න පටන් ගත්තා. රැළි සහිත සුදු ගවුම ඇඳගත්ත අක්කලත් හිටියා. ඒ අයියලා අක්කලා එහෙම ගියේ අපි දිහා බලාගෙන හිනා වෙවී. අපිත් මලකඩ කාපු කොටුදැල් ගහපු ජනේලෙන් හිනා වුණා. ටීචරුත් හිනා වුණා. දැන් මේක අපිට හරිම විනෝදයක්. අපිත් ඇහුවා ටීචර්ගෙන් එහෙම පෙළට යන්නද කියලා. ටීචර් හිනා වෙලා කිව්වා ඔය ඉස්සරහා පුස්තකාලේ වටේ විතරක් ඕන නම් යන්න කියලා. ඉතින් අපේ පන්තියේ ළමයි එළියට බැහැලා පුස්තකාලේ වටේ වට කිහිපයක් ඇවිද්දා. කවුද කොල්ලෙක් පන්තියේ කොස්ස උස්සගෙන ගියා මට මතකයි. මට එදා මතක එච්චරයි. ඊට පස්සේ ටික දවසක් යනකොට සොයිසාපුර අඟුලාන පාරවල්වල ටයර් පිච්චෙන්න ගත්තා. කටුබැද්දේ ඩිපෝ එක ළඟ විදුලිබල මණ්ඩලේට ගිනි තියලා පිච්චෙන කොට නගින කළු දුම ගෙදරටත් පෙනුනා. ඉස්කෝලේ වැහුවා. ඇඳිරි නීතිය දැම්මා. ලුනාව කලපුවේ මිනී පාවෙනවා කියලා පණිවිඩ ආවා. විජය කුමාරතුංගගේ මූණට වෙඩි තියලා මරලා කියලා නිව්ස්වලට කිව්වා. රෑ කළුවරේ බිල්ලො ඇවිල්ලා පිහි පෙන්නලා තාත්තගේ හැඳුනුම්පත බලෙන් අරගෙන ගියා. ඒ කාලය ඉවර වෙලා බොහෝ කාලයක් යනකල් ඒ වුණේ මොකක්ද කියලා හරි අවබෝධයක් මට තිබුණේ නැහැ. මම හිතන්නේ ඒ කාලය මම හිතින් යටපත් කරලා තියෙන්න ඇති. හැටදාහක් මිනිස්සු මැරුණා කියලා තමයි අන්තිමට හැමෝම කිව්වේ. ඒකේ විපාකය අදටත් අප ගෙවනවා. රටේ අද ඉන්න හිටිය නායකයන් තමයි එහෙම මිය ගියේ කියලා මට තේරුණේ වයස 35 ත් පැනලා මේ සමාජයත් එක්ක හැප්පිලා ලෝකේ ඇවිදලා ආවමයි. නමුත් අද මේ රට දිහා බලද්දී එදා මම තුනේ පන්තියේ තිබ්බ සමාජය දසමෙකින්වත් වෙනස් වෙලා නැහැ කියලා මට නැවතත් පේනවා. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්න මහා කාලකන්නි සනුහරයක්. දර්ගා ටවුන් එකේ මුස්ලිම් මිනිස්සුන්ට ගහන කොට ඒක නිවන්න මම කතා කළා. සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් සියලු වැසියන්ට සමානව තියෙන ජනරජයේ පරමාධිපත්‍ය අයිතිය ගැන මා කතා කළා. ප්‍රජාතාන්ත්‍රික ඡන්ද අයිතිය ගැන මා කතා කළා. තාර්කික සංවාද මත නූතන දේශපාලන සංස්කෘතියක් ගැන මා කතා කළා. අලුත් සමාජ ව්‍යවසායක පරම්පරාවක් ගැන මා කතා කළා. අමාරුම වෙලාවේ කර අරින්නේ නැතුව කොහොම හරි රට නැවත දියුණු කරන්න මම ඉදිරිපත් වුණා. නමුත් ඒ කිසිවක් වැඩක් නැහැ. මොකද එහෙම කරපු මාව මේ රටේ මිනිස්සු අද මරන්න හදනවා. මාත් එක්ක ව්‍යවස්ථාව ගැන කතා කරපු මිනිස්සු අද ත්‍රස්තවාදයෙන් බලය අල්ලන්න තර්ජනය කරනවා. එදා මාත් එක්ක තුනේ පන්තියේ එකට ඉගෙන ගත්ත යාළුවො අද ඕස්ට්‍රේලියාවේ ඉඳන් වට්ස්ඇප් එකෙන් මේ රටේ අයියලා අක්කලාව කඩේ යවනවා. එදා ඉස්කෝලෙ පෙළට ගිය ඒ අයියලාගේ සිනා මුසු මුහුණු මට මැවිලා පේනවා. එදා හිනා වුණු ටීචර්ලාගේ මුහුණු මට මැවිලා පේනවා. මේක නම් මහා දුෂ්ටම දුෂ්ට සමාජයක්. මේකේ තියෙන්නේ පැසවන වෛරය විතරයි. මේ සමාජය කිසිදාක ගැලවෙන්නේ නැහැ.

    ReplyDelete
  2. ළග පිකප් වෙන්න එපා මාතේ. මමත් ඉන්නේ උඹලා දරන අදහසේම තමයි ඒත් මතක තියාගනින් ඔය උඹල අතර ඉදල ආණ්ඩුව පන්නන්න හදන කොටසක් තඩි අලි (අලි කියුවට අලිම නෙවෙයි ටෙලිපෝන් හොර රැල). උන්ට ඕනෙ නන්දේ එලවනවටත් වඩා උන්ගේ හාමු මහත්තයා වන බූරු පුතා සජිය කියන මෝඩ මීහරක් වහන්සේ ජනාධිපති පුටුවෙ ඉන්දවන්න.

    එහෙම කළොත් එතකොට වෙන්නේ ගඩාෆි එලවපු ලිබියාවට උන දේ තමයි.

    ඒ නිසා අපි හැමෝම හොඳින් කල්පනා කරලා බලන්න ඕන, ආණ්ඩුව යවන්න ඕනෙ ඒකට හොද විකල්පයක් එක්ක ඒ සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි මුලින්ම... ජාතික ජන බලවේගයේ නායකත්වය සමග රටට හිතැති රට වැසියන් එක්ව සංවිධානය විය යුතුයි.

    ReplyDelete
  3. ඔව් ඉතින් ඔය හැම බේසික පුතෙක්ගෙම බලාපොරොත්තුව ඊලඟ ජනවරම අරන් ආණ්ඩු කරන්න බලන්න විතරයි නැතුව අපට ඇති ආදරේකටද? ජනතාවට ආදරේ ඇති පම්කක්..��

    ඒ නිසා උන්ගේහැම හීන මාළිගාවක්ම කඩන්න පුලුවන් වෙන්නේ මේ රටේ මහජනතාවට..
    ආයේත් කොල රතු නිල් ඕනෙ නෑ.. මේ දූශීත ආණ්ඩුව එක්කම ඔය මේ දක්වා අවුරුදු හැත්ත හතරක් රට කාපු පක්ෂ විපක්ෂ කණ්ඩායම් වල හැම කා..ල..ක..න්..නි..යෙ..ක් ම පන්නන්න අරගල කරන්න රටම එක වගේ එකතු වෙන්න ඕන..�� සංගොජිත් සහ රතු පාට කට්ටියත් ඕනම නෑ...

    මේ අරගලය දිනන්නම ඕන... ජයෙන් ජය වේවා .... අපට ඔය අභියෝගය ජය ගැනීමට පුළුවන්.....

    ReplyDelete
  4. අයිසේ ළමා තන් මම ලංකාවේ මේ කේස් ගැන පිටින් දකින දේ මෙහෙමයි, මම හිතන්නේ මුලදි තිබුනේ ඇත්තටම මිනිස්සු තමන්ගේ පීඩනය පිට කරපු විරෝධයක්.

    දැන් ඇත්තටම මිනිස්සු ආතල් එකක් ගන්නේ..

    තමන්ගේ ගමේ සංවිධානය වෙලා, ෆේස්බුක් ලයිව් ඇවිත්, පොලිසීයත් එක්ක සද්දයක් දාන් දැන් ගන්නේ ආතල් එකක්..

    ඒක හරියට 2019 නොවෙම්බර් වල නන්දසේන ලොක්ක දිනපු වෙලාවේ ඉදලා පාර වල දෙපැත්තට වෙන්න තියෙන තාප්ප වල චිත්‍ර ඇන්දා වගේ..

    ලෝකයේ වෙනත් රටවල් වල වගේම ලංකාවේත් මිනිස්සුන්ට කාලයක් ගියාම එල්ලෙන්න රැල්ලක්, ගන්න මොකක් හරි ආතල් එකක් තියෙන්න ඕන.

    ඒකෙන් වෙන්නෙ මොනවද, වෙන්න පුලුවන් මොනවද ඒවා අදාල නෑ.

    කොහොමත් ලංකාවේ විශේෂයෙන්ම සිංහලයො එහෙම දුරදිග හිතන, කල්පනා කරන ජාතියක් නෙවෙයි. එවෙලේ රැල්ලට ගහන් යන ජාතියක්.

    මේ රැල්ලේ අන්තිමට තමයි මිනිස්සුන්ට ඇත්තටම ආතල් එකක් හම්බ වෙන්නේ.

    අන්න ඒ දවස එනකම් තමයි මම මේ බලන් ඉන්නේ..

    ReplyDelete
  5. විවෘත ආර්තිකය ඇති වුනේ නැත්නම් ඔබයි මමයි සැමදෙනාමටන ශක්තිමත් මධ්‍යම පන්තියක ජීවත් වෙන්න වන්නේ නැහැ. මේක තේරෙන්නේ බොහොම ටික දෙනාටයි.
    එසේ නොවුනානම් ගොවියාගේ පුතා ගොවියෙක්ම වෙයි.
    රට පාලනය කරන කෙනාගේ පුතා, රටේ පාලන පංතියේම ඉදියි.

    ReplyDelete
  6. මාතා මේකේ ආචාර්ය රනිල් වික්‍රමසිංහ කියන දේවල් ගැන හිතලා බලන්න. මේ දවස් වල තියෙන උද්ධමනය ඉහළ නිසා මුදලේ අගය අඩු වෙලා බලන් ඉන්දෙද්දි;

    https://fb.watch/c9kXUnc6NO/

    ඒ වගේම තමයි උඹේ පෝස්ට් එකත්, ඒකත් ඉතා වටිනා අදහස් ටිකක්.. මීට අමතරව පහත සදහන් දේවල් ටිකත් අනුගමනය කලෝත් ලංකාවේ ආර්ථිකය දැනට පීඩා විඳින උද්ධමනයේ අහිතකර බලපෑම අඩු කර ගන්න පුලුවන් කියලා මගේ හැඟීමයි මේ..

    1. පුලුවන් තරම් 0% installments plans ( මාස 24,40) වලට යන්න..daraz වගේ ඒවගේන් ඒ පහසුකම් ගන්න පුලුවන්.

    2. වෙනද සති 2ක,3ට ගත්ත බෙහෙත්, කිරිපිටි වගේ භාන්ඩ ටික එක්ස්පයරි ඩේට් බලලා පරිස්සමින් තව ඉදිරි මාස 3 කට, තව 6කට විතර නම් වඩා හොඳයි, එක පාර අර ගන්න.

    හොදට මතක තියාගන්න. රටක උද්ධමනයක් තියෙද්දී භාන්ඩ හා සේවා වලට තියන ඉල්ලුම වැඩි වෙලා සැපයුම අඩුවෙන නිසා භාන්ඩ හා සේවා වල මිල ගනන් දිනේන් දින වැඩි වෙනවා...

    ඒ නිසා අනාගත වියදම් පුරෝකථනය කරලා, ඒවාට අදාල ගණුදෙනු වර්තමානයේ සිදුකිරීමේන් හානිය යම් තාක් දුරට අඩු කර ගන්න පුලුවන්... සෑහෙන දුරට හොඳින් සැලසුම් සහගතව වැඩ කරන්න ඕන කාලයක් මේක..

    ReplyDelete
  7. Thank you for the perfect explanation for the political & economic condition of the country. People have to act according to the situation isn't it? I've been confused watching different perspectives from news channels in SL and the statements of social media activists, you've cleared most of the doubts. Once again, thank you mate.

    ReplyDelete
  8. ඉතිහාසේ පුරා
    විප්ලවය සොයා ගිය
    ජෙප්පන්ට
    තුන්වෙනිද මහමගදි
    විප්ලවය හමුවෙලා
    නායකයො නැති සටන්
    අරගලය අතරතුර

    ReplyDelete
  9. මාතලන්,

    කම්බා හොර නිවාඩ් කබ්රාල් ගේ වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වය අහෝසි කර ඔහු ඉතාමත් අපකීර්තිමත් ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ සාමාජිකත්වය ලබා ඇති සියලු ආයතන වලින් පහ කර එලවා දැමීමට වහාම මේ ලින්ක් එකේ තියන සයිට් එකට ගිහින් ඔබේ සහය දක්වන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයාර් කරලා මූට කෙළවලාම දාන්න පුල් සපෝට් එකක් දෙන්න යාලුවන් එක්ක බෙදා ගන්න දන්න කියන හැමෝම මේ ගැන දැනුවත් කරන්න බොහෝම ස්තුතියි.

    https://www.facebook.com/2194656573885034/posts/5681090441908279/?app=fbl

    මේ හෑෂ් ටැග් එක හැම තැනම කමෙන්ට් කරන්න

    #SayNotoCabraal

    #CancelCAMembershipOfCabraal

    උපරිම සහය දෙන්න හැමෝම ...

    ReplyDelete
  10. අඩෝ ගූතලන් හූ හූ අපේ සටන් බාගයක් විතර දිනුවා බොලාගේ විරුවා ඩවුන් නේද? අන්න ආණ්ඩු පක්ෂයේ කැබිනට් එකම ඉල්ලා අස් වෙලා.. සභාග රජයක් පවත්වන එක ගැන සාකච්ඡා කළා... දැනට සාකච්ඡා තාම ඉවර නෑ ආණ්ඩුව සජිත්ට අගමැති තනතුර සඳහා පත් වීමට ආරාධනා කර රනිල් වික්‍රමසිංහට මුදල් ඇමති ධූරය යෝජනා කරන්නේ නමුත් සජිත් ප්‍රේමදාස දැනට ඉතා මැනවින් සහ තදින් පවසන්නේ ජනාධිපති වහාම ඉල්ලා අස්වීමට වුවමනා බවත් ජනපතිවරණය වහා පැවැත්විය යුතු බව සහ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක් ඊට ඉදිරිපත් නොවිය යුතු බව. ඒ සමග අලුත් මහමැතිවරණයක්ද පැවැත්වීමට කටයුතු කළ යුතුයි කියා ඔහු පෙන්වා දෙන්නේ නමුත් ආණ්ඩුවේ පැත්තෙන් තවම ඒකට එකඟ වෙලා නෑ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයටත් නව සභාග ආණ්ඩුවෙන් ඇමති තනතුරු සඳහා සහ ඕනෑ තරම් මුදල් වෙන්කර දීමට කැමති බව පවසන නමුත් ඔවුන් වත්මන් ජනපති නන්දසේන පරයාගේ දූෂිත ඒකාධිපති පවුල් පාලනයට නොසතුට ප්‍රකාශ කරමින් අවඥාවෙන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    බොහෝ දුරට ලංකාවේ වෙලාවෙන් හෙට උදේ වගේ වෙනකොට මේ ගැන විස්තරයක් දැන ගන්න පුළුවන් වෙයි බලමු.

    ReplyDelete
  11. මේ විරෝධතාවයේ අරමුනක් නෑනේ.
    අන්තිමට නටපු තොවිලෙකුත් නෑ. බෙරේ පළුවකුත් නෑ වගේ වෙයි.

    හැබැයි එකක් කිවයුතුයි. සිංහලයන්ට විතරයි බඩගිනි වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. @ ජගත්,

      ලංකාවේ මහජන උද්ඝෝෂණ නිකම් ඇති වන්නෙ නැහැ. පනස්තුනේ හර්තාලයත් සමසමාජ පක්‍ෂෙ නායකත්වයෙන් ඇති වුණු එකක්. එයට අගෝස්තු දොළහ දින නියම කෙරුණෙත් බණ්ඩාරනායක ඔහුගෙ අකමැත්තෙන් එහි නිල නායකත්වයට පත් කර ගත්තෙත් සමසමාජ පක්‍ෂය විසින්. හර්තාලය කියන නමත් සමසමාජ පක්‍ෂය දුන් එකක්. 'හර්තාල්' කියන්නෙ හින්දි වචනයක්. කඩසාප්පු වහල මිනිස්සු වැඩට නොගිහින් උද්ඝෝෂණය කිරීම තමයි එහි අරමුණ වුණෙ. 53 හර්තාලයෙ දි තමයි නිදහසින් පසු ලංකාවේ මෑත ඉතිහාසයෙ පළමු වරට රාජ්‍ය දේපොළවලට අලාභ හානි කෙරුණෙ. පාණදුරේ බලපිටිය වගේ පැතිවල රේල් පීලි ගැලෙවුවා. දුම්රිය මැදිරිවලට ගිනි තිබ්බා. ගෘහණියන් පීලිණියන් වෙලා ආප්ප පුච්චන්න රේල් පාර උඩට ලිප් බැඳගෙන ආවා. ඒ සියල්ල සමසමාජ පක්‍ෂයෙ මෙහෙයවීමෙන් සිදු වුණා කියා කියන්නෙ නැහැ. ඒත් හර්තාලෙට නායකත්වය දුන්නෙ සමසමාජ පක්‍ෂය. පස්සෙ පක්‍ෂයටත් එය පාලනය කර ගන්න බැරි වුණා. ජීවිත නවයක් අහිමි වෙලා හර්තාලය නවත්තන්න තීරණයක් ගත්තා. සමසමාජ පක්‍ෂයට එදා මෙදා ලංකාවේ බලය ගන්න බැරි වුණා. ඊට අවුරුදු දහඅටකට පස්සෙ ජ වි පෙ කැරැල්ල ආවා. ඒ අප්‍රේල් පස්වැනි දා දවසක. රාජ්‍ය දේපොළවලට හානි කළා. ජීවිත දහස් ගණනක් අහිමි වුණා. ඊටත් අවුරුදු දහඅටකට වීතර පස්සෙ දෙවැනි කැරැල්ල ඇති කළා. නැවතත් රාජ්‍ය දේපොළ විනාශ කළා. ජීවිත නැති කළා. ජ වි පෙටත් එදා මෙදා බලය ගන්න බැරි වුණා. දැන් කෙකරගාමින් කෙකර ගගා සමසමාජයත් ජ වි පෙත් පරාද කරන්න හදනවා. ඔය සියල්ලන් ම අවසානයේදි කරන්නෙ රාජ්‍ය බලය තියෙන එක් පක්‍ෂයක් වෙනුවට වෙනත් පක්‍ෂයක් බලයට පත් කරන්න උපකාර කරන එක පමණයි.

      මහජනයා කරන්නෙ යම් දේශපාලන නායකත්වයක මෙහෙයවීමට එහෙමත් නැත්නම් දේශපාලන පක්‍ෂයක් වෙනුවෙන් ජීවිත අහිමි කර ගැනීම පමණයි. අද රට පාලනය වන්නෙ හදිසි නීතිය යටතෙ. අනෙක් අය වෙනුවෙන් කරන උද්ඝෝෂණවලින් මහජනයාට අහිමි වීමට මිස හිමි වීමට දෙයක් නැහැ. මහජනයාට කිසි දා තමන්ගෙ නායකත්වයක් ඇති වෙන්නෙත් නැහැ. අප්‍රේල් තුන්වැනි දා ද තවත් අප්‍රේල් පළමුවැනි දාවක් පමණයි. ලංකාවේ කාණුවක් කාණුවක් ගානෙ ඉන්න ආර්ථික විිද්‍යා උපාධිධාරීන්ට ආචාර්ය මහාචාර්යවරුන්ටත් දේශපාලනඥයන්ට වගේ ම ඩොලර් අර්බුදයට විසඳුමක් නැහැ. අද ලංකාවේ හැමෝ ම වගේ කතා කරන්නෙ සර්වපාක්‍ෂික ආණ්ඩු අන්තර්කාලීන ආණ්ඩු භාරකාර ආණ්ඩු ගැන මිසක් තමන්ගෙ ආණ්ඩුවක් ගැන නො වෙයි. ඔවුන් දන්නවා තමන්ට තනියම දෙන්න විසඳුමක් නැති බව. සජිත්ට ඒ බවවත් තේරෙන්නෙ නැහැ. ඔහු හිතනවා ඔහුට විසඳුමක් තියෙනවා කියා. ඔහුට ප්‍රශ්නයවත් තේරෙන්නෙ නැහැ. ඔහුට විවිධාර්ථවලින් හැම දවසක් ම අප්‍රේල් පළමුවැනි දා. (අප්‍රේල් පළමුවැනි දා. සාමාන්‍යයෙන් ලංකාවේ කියන්නේ මෝඩයාගේ දවස කියා. එහෙත් ෆූල් කියන වචනයට විවිධ තේරුම් තියනවා. කවටයා, රැවටිලි කරුවා ආදිය ද ඒ අතර වෙනවා. මෙය අපේ සංස්කෘතියේ කියමනක් නො වෙයි. අප එය අනුකරණය කිරීමේ දී වැරදි තේරුමක් දී තියෙනවා. අර මානව ධර්මතා ඔබ නිර්වචනය කරනවා වගේ. අප්‍රේල් පළමුවැනි දාට බටහිර කෙරෙන්නේ රැවටීමක් මුසාවක් කියා රැවටීමක්. එහි දී මෝඩයන් රැවටෙන්න ඉඩ තියෙනවා. ඊනියා උගතුන් ද රැවටෙනවා. අප්‍රේල් පළමුවැනිදා ට උගතුන්ගේ දිනය කිවුවත් වරදක් නැහැ.)

      //හැබැයි එකක් කිවයුතුයි. සිංහලයන්ට විතරයි බඩගිනි වෙලා තියෙන්නේ.//

      සිංහල මිනිස්සුන්ට කාලයක් ගියාම එල්ලෙන්න රැල්ලක්, ගන්න මොකක් හරි ආතල් එකක් තියෙන්න ඕන.ඒකෙන් වෙන්නෙ මොනවද, වෙන්න පුලුවන් මොනවද ඒවා අදාල නෑ. කොහොමත් ලංකාවේ විශේෂයෙන්ම සිංහලයො එහෙම දුරදිග හිතන, කල්පනා කරන ජාතියක් නෙවෙයි. එවෙලේ රැල්ලට ගහන් යන ජාතියක්, මේ රැල්ලේ අන්තිමට තමයි මිනිස්සුන්ට ඇත්තටම ආතල් එකක් හම්බ වෙන්නේ, ඒ දවස එනකම් තමයි මම මේ බලන් ඉන්නේ..

      Delete
  12. රැල්ලක ගතිය හැම දේමත් පෙරලීම
    මොළේ ඇතොත් හැක එය වටහා ගැනුම
    සුනාමියක් නං එන්නේ නොකියාම
    මොන ජගතටද හැකි වන්නේ බේරීම?

    ReplyDelete
  13. මුන් හොද නෑ කියලා අරගල කරලා වෙන එකෙක් ගෙනාව කියමු. දැනට ලෝක ආර්ථික තත්ව මත තව ඉතාම කෙටි කලක් ඇතුලත, උපරිම මාස දෙක තුනක් යද්දී දවසක මිනිස්සුන්ට ඌවත් එපා වෙනවා. එතකොට අද කඩේ යන උබලට, එදාට වෙන්නෙත් හැංගෙන්න තමා.

    ඒ නිසා අස්ථිර ලෝකේ ස්ථිර බැඳීමක් තියෙන්න බෑ, කිසිම දේශපාලන ප්‍රවාහයක් ස්ථිර නෑ. මිනිස්සුන්ට එපා වෙනවා.

    හැබැයි ඉතින් චීනයේ, උතුරු කොරියාවේ වගේ සමාජවාදී පක්ෂයක් ගෙනාවොත් මර්ධනයෙන් බලය අල්ලන් ඉන්නවා. ජීවිතේට වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න හැදුවොත් මිනිස්සුන්ට වෙන්නේ මැරුම් කන්න.

    ReplyDelete
  14. අඩෝ මාතලන්, සැලෙන්න එපා බන්, උඹ ගෝඨා වෙනුවෙන් පෙනීසිටියේ ඒ වෙලාවෙ යහපාලනය විසින් ගෙනගිය අතිශය දුර්දාන්ත අසික්කිත ජඩ පාලනය පැරදවීම සඳහා අප අවංකවම විශ්වාස කල නායකයා වෙනුවෙන් කියල නෙ... උඹ විතරක් නෙවෙයි හැට නව ලක්ෂයක් මිනිස්සු මෑන්ව විස්වාස කළා, ඇයි දැන් සමාව ඉල්ලන්නෙ? කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ හිටපන්කො...

    අපි විශ්වාස කරපු නායකයා අපව විශ්වාස නොකල එකයි ප්‍රශ්නෙ, ඉස්සර හිටපු බුද්ධිමත් ශක්තිමත් ආරක්ෂක ලේකම් වෙනුවට හදවත් සැත්කම සහ තවත් රෝග නිසා වියපත් වූ සවිබල බිඳුනු දුබල මහල්ලෙක් අපට ලැබුණේ, ඒ අස්සේ අර ඥාණා කියල රට කෝලමක් පස්සෙ යන්නත් පටන් ගත්තා, බැසිලයි කබරයයි තරඟෙට ආර්ථිකය කාල විනාස කරල දැම්මා, රෙස්ට් ඊස් හිස්ටරි...

    2015 ආපු එවුන් හරියට කලා නම් 2019 පරදින්නෙ නෑනෙ… උනුත් කොරපු ලබ්බක් නෑ අයි එස් බී ඩොලර් බිලියන් දොළහක් අරන් සන්චිත තියාගෙන හිටියා, 2014 තිබ්බ 8.4 $ බිලියන් සංචිතය $ B 7.2 ට අඩු කරල 2019 දී බාර දුන්න එච්චරයි, කොහොමත් ගෙවන්න තිබ්බ ණය වලින් කොටසක් ගෙව්වා, කලින් අවු. ඩොලර් බිලියන් 2.5 තිබ්බ ණය වාරික $ බිලියන් 5-6 අතර ගානකට නග්ගල දීලා මාරු වුණා...

    ඊට පස්සේ 2019 ආපු කෙනා කොවිඩ් උවදුරේදී හරි තීරණ ගත්තා වගේ අනික් තීරණත් ගත්තා නම් මේ තත්වය උදා වෙන්නෙ නෑනෙ….

    ඒ ඒ අවස්ථාවෙ ජනතාව විසින් ගත් තීරණ සමහර ඒවා වැරදුනා... සමහර ඒවා හරි ගියා... ලෝකෙ මොන රටක වත් 100% නිවැරැදි මිනිස්සු නෑ, රටේ තියෙන සම්පත් වල හැටියට මේක මීට වඩා ගොඩාක් දියුණු කරන්න බෑ, එහෙම කරන්න නම් ධනවත් බලවත් විදෙස් රටවල් වල සමාගම් වල සහය ඇතුව වෙනම මාස්ටර් ප්ලෑන් එකක් ගහන්න ඕනේ, ඒත් මේ කලාපයේ ජියො පොලිටික්ස් (Geopolitics) අනුව ඒක එච්චර ලෙහෙසි වෙන්නේ නැහැ. අපට එහෙම නම් ලෝක මට්ටමේ සුපර් ස්මාට් නායකයන් හොයාගන්න වෙනවා.

    ඔය කවුරු මොනවා කිව්වත්, කැපුවත් අර පාට මේ පාට කියන උන්ට වඩා පාවෙන චන්ද වලින් රටට යහපතක් වෙනවා කියන එකයි මගේ මතය. කොහොමවුණත් අයි එම් එෆ් හරි වෙන මොන බේසික් පුතණ්ඩියෙක්ගෙන් හරි ඩොලර් බිලියන පහක් හයක් වත් අරන් දැනට අකවුන්ට් එක බැලනස් කරලා බැංකු වල එෆ් ඩී රේට් එක 15 - 20% වත් නැග්ගුවොත් පිට රටවල ඉන්න එවුන් ගොඩ ගහගෙන ඉන්න බිලියන් දෙක තුනක් ඉක්මනටම ගෙන්න ගන්න පුළුවන්, ඊට පස්සේ බැසිලයි කබරයයි වෙනුවට කවුරු හරි මොළේ තියෙන හාදයින් පිරිසක් දාගෙන ආර්ථිකය ඉතාමත් පරිස්සමින් මැනේජ් කරගන්න වෙනවා, ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක් අවශ්‍යයි, නැත්නම් ඉතින් බඩු බනිස්...

    ReplyDelete
  15. පැණි වරක ගෙඩියටත් හෙණ ගහනවා.
    Wimal de Silva

    ReplyDelete
  16. බලවතුන් විසින් පිටරටවල බැංකු වලට අදින ලද ඩොලර් ටික ටික ආපසු එන්නත් පුළුවනි.

    ReplyDelete
  17. නන්දසේන වල් පර පඹසේන හිවලව එලවල සජිත් සර් ව ජනපති කරලා රනිල් සර්ව අගමැති කලානම් මේ රටට හොඳක් වෙනවා.

    ඔය එක එකා ගෙන්නන්න ඕනේ නැහැ , වරලත් ගණකාධිකාරී රවී කරුණානායක සර් කියන්නේ මහබැංකු අදිපතිට සුදුසුම පුද්ගලයා.

    රාජිත සේනාරත්න සර් ව මුදල් අමාත්‍ය කලානම් වසරක් ඇතුලත රට ගොඩ දානවා.

    ReplyDelete
  18. මාතා මේක දැක්කද? මේක හෙන බලු වැඩේ නේද?

    https://fb.watch/cav1gkUTrJ/

    ReplyDelete
  19. කලින් ආටිකල් එක වෙනකල් රාජපක්ෂලා ගැන සහතික දීල වැඩේ දෙල් වෙලා කියලා දැන ගත්තහම අනික් පැත්ත ගහන ලස්සන. ලැජ්ජාවක් හිරිකිතයක් නැද්ද බං? ඔය අහිංසක මිනිසුන්ගේ සහ සාප වලින් කොටසක් තොපිටත් අයිතියි.

    ReplyDelete
  20. මේක බලපන් මාතේ,

    https://www.facebook.com/100007158511801/posts/3178659682382618/


    මෙිකේ ඇත්තක් නැත්තෙ නෑ ලෝකේ ගොඩක් රටවල් ණය ගන්නෙ ආයෝජන වෙනුවෙන් .. එතකොට සමාන්‍යයෙන් ඒ ආයෝජනන්ගේ ප්‍රතිලාභ එනවා ඒත් ලංකාවෙි 90% එහා ණය තියෙන්නෙ පරිභෝජනය ණය ...ආයෝජන වුනත් ප්‍රතිලාභ එන ව්‍යපෘති එකකවත් නෑ...අපිට ණය ගෙවිමෙි හැකියාවක් නෑ ... ජාතික ආර්ථිකයකයේ අය - වැය අතර ලොකු පරතරයක් හැම අවුරැද්දෙම තියෙනවා මෙික එන්න එන්න වැඩි වෙනවා ඒක පියවන්නත් තව ණයගන්නවා.... අපිට සංවර්ධනයක් කරා යන්න නමි අපනයන ආදායම වැඩි කරගන්න වෙනවා විශාල වශයෙන් සමාන්‍යයෙන් ලංකාවෙි සේවා අංශයන් තොරතුරු තාක්ෂණය වගේ සේවා අංශයන්ගෙන් තමා කෙටි කාලයක් තුල වැඩි ප්‍රතිලාභ ලබන්න පුලුවන් වෙන්නෙ අපේ ජාතික ආදයම වැඩි කරගන්නකන් පරිභෝජනයය සදහා අය - වැය පරතරය පියවිමට ණය ගැනිම අඛණ්ඩව සිද්ද කරන්න වෙනවා .... ලංකාවෙි මුලින් කරන්න ඔින පරිභෝජනය සහ අය - වැය පරතරය පියවිමට ගන්නා ණය ඉතාම අවම මටිටමට ගෙන ඒම ..

    ReplyDelete
  21. මාතේ භවන්තරාය. ( අවුසාන්) සුඛී දීඝා යකෝ භය!
    Wimal de Silva

    ReplyDelete
  22. ලංකාවේ මේ දිනවල ඇති ආර්ථික අර්බුදය ගැන සරලව කිව්වොත්

    01. ගෙවීමට ඇති මුලු විදේශ ණය = ඩොලර් බිලියන 51

    02. ඉදිරි වසර හත තුල ගෙවිය යුතු විදෙස් ණය = ඩොලර් බිලියන 31 (මෙයින් බිලියන් 01 ක් පහුගිය රාජපක්ෂ දශකය 2012 විතර ගත්ත එකක්, ඉතිරියෙන් ඩොලර් බිලියන් 17ක් 2015 – 2019 කාල සීමාවේ යහපාලන රජය ගත්තු කෙටිකාලීන ණය (අයි එස් බී සහ ඩිවෙලොප්මන්ට් බොන්ඩ්ස්/ ස්වැප් ආදිය, තව බිලියන් 2.5 ක් ඉන්දියාවෙන්/ බංගලින්ගෙන් මෑතකදී හදිසියේ ගත් ලබන වසර මුල ගෙවිය යුතු ණය, සෙසු ඒවා වසර 15කට වඩා පැරණි දිගුකාලින ණය)

    03. රටේ සාමාන්‍ය වාර්ෂික ආදායම (අපනයන + සෙසු) = ඩොලර් බිලියන 10 - 15 අතර

    04. රටෙ සාමාන්‍ය වියදම (ආනයන) = ඩොලර් බිලියන 20 - 25 අතර

    05. දැනට රටේ සංචිත වශයෙන් ඇති මුදල = ඩොලර් බිලියන 2.4

    06. ඩොලර් බිලියන 10-15 කින්, ඩොලර් බිලියන 20-25 ක තෙල්, ගෑස්, බෙහෙත්, ආහාර සහ සෙසු සියලු දෑ ගෙනල්ලා, ඩොලර් බිලියන 30ක ණයත් ගෙවන්න ඕන.
    10-15 කින් 50ක වැඩ කරන්න තියෙනවා..

    ඔන්න ඕකයි රටේ සැබෑ අර්බුදය... මේක විසඳන්නේ කොහොමද කියලා දන්න ඕන එකෙක් කියපන්, ඌට ලංකාවේ ජනාධිපති වෙන්න පුළුවන්...

    ReplyDelete
  23. මම හිතන්නේ මේ කෙටි වීඩියෝ එකේ කියන විදිහට ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්නට පුළුවන් වන බවයි.

    https://www.youtube.com/watch?v=BogLallLxT8

    මේක ගැන ඔබ දකින්නේ කෙසේද?

    ReplyDelete
  24. ලංකාව කියන රට ඇත්තටම කිසිම කලෙක ගොඩගන්න බෑ.ලංකාවේ විදේශ විනිමය අර්බුදයට කාටවත් උත්තර නෑ. කවුරු ආවත් මෙහෙම තමයි. ලොකු බලාපොරොත්තු තියාගෙන මිනිස්සු ඡන්දය දෙනවා. ඇවිල්ලා අවුරුද්දකින් පරණ දේම සිද්ධ වෙනවා. මේ අනුව සරලවම කියන්න තියෙන්නේ ලංකාව කියන්නේ සාපලත් දේශයක්. එච්චරයි. ඩොලර් නැති නිසා සහ පෝර නැති නිසා තව ඉතාමත් කෙටි කලක් තුල විශාල ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වෙයි. හොඳම දේ හැකි ඉක්මනින් රටින් පැනලා අවම වශයෙන් තව අවුරුද්දක් වත් ඉඳලා බලන එක, ගොඩක් වෙලාවට සෝමාලියාව එහෙම ලංකාවට වඩා හොඳ වෙයි තව ටික දවසකින්...

    ReplyDelete
  25. ඔබේ අදහස් සමග එකඟයි, ඒ විතරක් නෙවෙයි මාතා තවත් ලොකු ගේම් එකක් තියෙනවා, 2019 නන්දසේන රාජපක්ෂ දිනපු ගමන් ඔහුට මැතිවරණ සඳහා අත දිග ඇරල වියදම් කරනු කොළඹ නාගරික ධනවත් බලවත් ව්‍යාපාරික කණ්ඩායම් රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා රජයට ලබා ගන්නා බදු අඩුකොට ඒ වෙනුවට එම මුදල් තමනට නැවත නැවතත් ආයෝජන කිරීමට බදු අඩු කරන ලෙසත් ඒ හරහා ආර්ථිකය ප්‍රසාරණය වන අතර ඉන් පසු බදු මුදල් ආදායම් ඉබේම වගේ වැඩිවෙන බවටත් ළණුවක් දුන්නා. ඒක තමයි ඉතින් වැඩේ පටන් ගන්න හේතුව.

    ඒ අනුව රජය බදු ආදායම් අඩු කිරීමත් සමඟ රජයේ ආදායම් අඩු වූ අතර කොළඹ ධනවත් සමාජයේ බොහෝ වත්කම් තව දුරටත් වැඩි වුණා. ඊළඟට ජනතාව විඳින දුක තමන්ගේ ආතල් එකට ගත්තේ කොළඹ ධනවතුන්. වසංගතය කාලේ හොඳටම හම්බ කරගත්තේ කොළඹ ධනවතුන්. ඔය ජනතාව සමග පාරට බැහැලා බෝඩ් උස්සගෙන ඉන්න පට්ට සල්ලිකාරයන්ගේ වත්කම් අම්බානක වැඩි වුණා වසංගතය කාලේ. කොළඹ කොටස් වෙළඳපොළේ ඔවුන්ගේ ආයෝජනවල වටිනාකම බලාගෙන ඉන්නකොට වැඩි වුණා කියලා පාරෙ ඉන්න අහිංසක මිනිහා දන්නේ නැහැ. පොලී අනුපාත පහළ ගිහින් ලැබුණු ණය සහනවලින් තමන්ගේ ප්‍රාග්ධනය විශාල ලෙස වැඩි කරගත්තේ ඔවුන්. ඔවුන්ගේ සුපිරි කාර්වල වටිනාකම අහස උසට නැගලා. අක්කර දහස් ගණන් ඉඩම්වල වටිනාකම දෙගුණ තෙගුණ වෙලා. ටිකෙන් ටික සුළු පිරිසක් ඉතා අමාරුවෙන් යන්තම් ආරම්භ කළ විරෝධතාවය ටික ටික වැඩි වෙවී එනකොට මුලින්ම බය වුණේ ඒ ධනවතුන්. ඔවුන් බය වුණා විරෝධතාකරුවන් ඔවුන්ගේ ධනවත් මන්දිරවලට පැනලා මංකොල්ල කාවීය කියා. ඔවුන්ගේ සුඛෝපභෝගී ව්‍යාපාර ස්ථානවලට ගිනි තබාවීය කියා. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න ධනවත්ම පිරිස වන ක්‍රිකට් ක්‍රීඩකයන්, මීඩියා චැනල් අයිතිකාරයන්, අලුත් පරපුරේ නළු නිළියන් සහ ගායක ගායිකවන් එහෙම ප්රාණ බය වුණා. ඒකට ඔවුන් නියම කපටිකමක් දැම්මා. ඔවුන් පටස් ගාලා ඇවිල්ලා කිව්වා "අපි අරගලයට සහාය දෙනවා" කියා.

    මම හිතන්නේ දේශපාලකයාට වඩා ගොඩක් රට කපටි කොළඹ ධනවතා හරිම බුද්ධිමත්. පියවර දහයක් නෙවෙයි සීයක් ඉස්සරහට හිතන්න පුළුවන්. දේශපාලනය ගැන නොදන්නා මිනිස්සු රවට්ටන්න හරිම ලේසියි. ඔවුන් දන්නේ නැහැ මේ ඔවුන් සමග එකට බෝඩ් අල්ලාගෙන සෙල්ෆි ගහන පපරේ නටන කපටි ධනවතා ගාව තමයි ඇත්තටම ඩොලර් මිලියන ගණන් සේප්පු ඇතුළේ ගොඩ ගහලා තියෙන්නේ කියලා. ට්වීට් කර කර “අරගලය දිගටම කරන්න කරන්න” කියලා කියන ඒ කොළඹ සුපිරි ව්‍යාපාරිකයන් ළඟ පරම්පරා ගාණක් බදු වංචා කරලා ගොඩ ගහපු වත්කම් තියෙනවා කියලා කඳුළු ගෑස් කන තරුණයා දන්නේ නැහැ. දේශපාලකයන් පිටට විතරක් වැරැද්ද දාලා කොළඹ ධනවතුන් ටික ලස්සනට බේරුණා. දේශපාලකයන් කොමිස් ගත්තා නම් ඔවුන්ට කොමිස් දුන්නේ කවුද? ඔය කොළඹ ධනවතුන්ම වෙන්න එපැයි?. ලංකාවේ පොඩි ව්‍යාපාරිකයාට චාන්ස් එකක් නැත්තේ ඔය කොළඹ ධනවතුන් ඒවා ඔක්කොම ඩැහැ ගන්න නිසා තමයි. ඒ වගේම කොමිස් දෙනවා නම් ඒ මුදලත් එකතු කරලා තමයි ජනතා මුදල් බිලියන ගාණක කොන්ත්‍රාත් ගන්නේ. ඔවුන්ට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම මොන මගුලක් ධුණත් ඔය කිසිම ධනවතෙකුගේ ජීවිතවලට අබමල් රේණුවක වෙනසක් වුණේ නැහැ මේ ආර්ථික අර්බුදයෙන්. ඔවුන්ගේ සුපිරි කාර්වලට ගහන්න තෙල් ඔවුන් ස්ටොක් කරගත්තා. නැතිනම් කළු කඩෙන් ගාන කීය වුණත් ගන්න ඔවුන්ට ඕන තරම් සල්ලි තියෙනවා. කරන්ට් එක නැති වුණාට සොලාර් බැටරි පද්ධති වලින්, යූ පී එස් බැටරි, නැත්නම් ජෙනිවලින් ඒ/සී දාගෙන ඔවුන් ආතල් එකේ ඉන්නවා. ඒ අතරේ තමන්ගේ ඇපල් අයිෆෝන් එකෙන් ෆේස්බුක් එකෙයි ට්විටර් එකෙයි වෛරය වපුරා ඒක ෂේප් එකේ කොහොමත් චාටර් වෙලා තියෙන මෝඩ රාජපක්ෂලාට දාලා ගාණට ෂේප් වෙනවා. ආණ්ඩුවේ සංස්ථා සභාපති තනතුරු ගත්ත ඔය සමහර ධනවතුන් පහුගිය අවුරුදු දෙකේ හම්බ කරගෙන දැන් මුකුත් කළේ නැහැ වගේ ඉල්ලා අස්වෙලා අරගලයට සහාය දෙනවා... කොළඹ ධනවතුන් තමයි ලෝක අංකුට්ටෝ. එහෙම නැතුව ඉතින් ඔහොම ධනවතුන් වෙන්නත් බැහැනේ. කොළඹ ධනවතුන් ටික හංගගෙන ඉන්න ඩොලර් කන්දරාවත් දෙන්න කියලා කවුරුවත් කියන්නේ නැහැ නේද? කොහොමද ඔවුන්ගේ කපටි මොළේ? ඩොලර් එක බලයෙන් අඩු තියාගෙන ඉන්නකොට විශාල වශයෙන් ඩොලර් වත්කම් එකතු කර ගෙන හිටපු ඔවුන්ගේ ඩොලර්වල වටිනාකම වැඩි කරගන්න ඔය “රුපියල පාකරන්න පාකරන්න” කියලා කෑ මොර දුන්නේ නැතුව නිදහසේ පා කරන එකෙන් රටට වෙන වාසියක් ගැන හිතලා නෙවෙයි. ඒකෙන් දැන් ඔවුන්ගේ ඩොලර් වත්කම්වල වටිනාකම දෙගුණයකින් ඉහළ ගිහිල්ලා. කොළඹ අයිටී සමාගම් වලට ඩොලර්වලින් පඩි ගෙවන්න තරම් ඔවුන්ට ඩොලර් තියෙනවා. කොළඹ එන්ජීඕවල වැඩකරන ධනවතුන් ට්විටර් එක හරහා වෛරය වපුරලා කෝලාහලයක් කරන්න හදනවා ඊළඟ අවුරුදු පහට හොඳ මානව හිමිකම් ප්‍රොජෙක්ට් ටිකකට ඩොලර් පවුම් ටිකක් පාස් කරගන්න. මේ පැත්තෙන් අහිංසක මිනිස්සු කුලප්පු කරලා මාර්කට් එක කඩන තරමට ඔවුන්ගේ ඩොලර්වල වටිනාකම වැඩි වෙනවා. මෙහෙන් බොරුවට බෝඩ් උස්සගෙන ලයිව් ඇවිල්ලා අනෙක් පැත්තෙන් හෝ ගාලා ඉඩම් කඩම් ගන්නවා. කොළඹ ධනවතුන් මාර ගේම් එකක් ගැහුවේ. නන්දසේන පඩයාගේ හොඳටම කරපු පොරටෝක චුට්ටක් වෙනස් කරලා "ලංකාවේ කොළඹ ධනවතුන් තමයි හොඳටම කළේ" කියලා කියන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.

      Delete
  26. පුලුවන්නම් පිටරට ඉන්න අය උන්ඩියෙල් හවාල නැතුව හරි විදියට සල්ලි එවන රැල්ලක් හදන්න. අපේ මිනිස්සුන්ට හරියට අවුරුදු හරි කන්න පුලුවන් වෙයි. උද්ඝෝශන නවත්තන්න නෙමේ කියන්නෙ, 225 යවනකම්ම හරි හමන් හොරකන් නොකරන එවුන් ටිකක් එනකම්ම අරගලය තිබිය යුතුයි. ඒත් ඊලගට එන අනුර හරි සජිත් හරි මොකාට හරි රට කරගෙන යන්න පුලුවන් වෙන්නේ සල්ලි තිබ්බොත් විතරයි.

    හොදට බලන්න ඔය උන්ඩියෙල් හවාල කරන්නෙ එක්කො දෙමළ නැත්තම් මුස්ලිම් අය. රට වැටුනට පස්සෙ ඔයාලගෙ බිස්නස්, ගෙවල්, ඉඩම් ගන්න එයාල දැන් ඉදන්ම සල්ලි එකතු කරනව. පොඩ්ඩක් අහල බලන්න කැනඩාවේ, එංගලන්තෙ ඉන්න අයගෙන් පහු ගිය මාස වල ඩයස්පෝරාව කොච්චර ඇක්ටිව් උනාද කියල. ඕමාන්, ඩුබායි, මැලේසියා, සිංගප්පූරු වල මුස්ලිම් අය සල්ලි එකතු කරන ඒවා අහල බලන්න. පිටකොටුව පැත්තෙ ඇවිදල බන්න, එක ඩොලර් එකක් දෙන්නෙ නෑ සිංහල අයට. ඔක්කොම යටි මඩි ගහගෙන තියාගෙන ඉන්නෙ. ඇයි?

    උන්ඩියෙල් හවාල කියන්නෙම කලු සල්ලි. කලු සල්ලි එකතු වෙනව කියන්නෙ රටක් වට්ටන එකට ලොකු පහසුවක්. පොඩි පාඩුවක් විදගෙන හරි මේ දවස් වල සල්ලි එව්වෙ නැත්තම් අපේ පරම්පරා ගානකට විදවන්න වෙන විනාසයක් වෙන්නෙ. මෙයාල කිසිම අවුලක් නැතුව ඊලමයි, ශරියයි තව අවුරුදු දෙකක් ඇතුලත ගන්නවා. රාජපක්ශල රට පනියි, පුලුපුලුවන් එවුන් කොහෙ කොහෙට හරි රටකට යයි. ඉතුරු වෙන සිංහලයන්ට ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ තමා ඉන්න වෙන්නෙ.

    එක හින්ද ඔය ගමන්ම රැල්ලක් හදන්න කීය කීය හරි පුලු පුලුවන් විදියට පිටරට ඉන්න අයට හරි පාරෙන් එවන්න කියල. සල්ලි දාල රිසිට් එක ෆේස්බුක් එකේ පෝස්ට් කරන්න, මගේ යුතුකම ඉටු කලා කියල...

    ReplyDelete
    Replies
    1. ඒව මං දන්නෙ නෑ. හැබැයි රාජපක්ශල, කුඩු මුදලාලිලා පහුගිය කාලෙ හොදට තමන්ගෙ හොර සල්ලි සුදු කරගත්තා. උඹල හිතන්නෙ මේ වගේ තත්වයක් වෙනව කියල නොදැන එයාල හිටිය කියලද. නෑ පුතී, එයාල අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. එයාල දැන් ඇති වෙන්න හම්බ කරගෙන ඉන්නෙ. ඒ කලු සල්ලි ටික සුදු කරගන්න තමා මේ තත්වෙ ඇති කලේ. ඊට පස්සෙ පුලුවන් උන්ට රට පනින්න. පහු ගිය මාස දෙකට විතරක් බිලියන ගානක් සල්ලි සුද්ද කරගෙන තියනවා. උන්ඩියෙල්,හවාලා දානව කියන්නෙම රාජපක්ශලට, ලන්සලට, දුමින්දලට, වෙලේ සුදාට රත්තරං බන්දේසියක තියල දෙනවා හා සමානයි.

      Delete
    2. රජකාලේ වාගේ අවරුද්දකට මාස තුනක් රජ වාසලේ පඩි නොගෙන වැඩකරන්න කියලා සියලුම රාජ්‍ය සේවකයින්ට දැනුම් දෙන්න ඉස්සල්ලම

      Delete
    3. දැන් එතකොට රට වැටිලා තියෙන්නේ උන්ඩියල් නිසාද ?

      Delete
  27. විරෝධතාව පටන්ගත්තේ කොලබ සාමාන්ය මිනිස්සු. ඒකේ දෙකක් නෑ. ඔවුන්ට තිබුනේ ගැස් නැති කම, පෙට්‍රල් ගහගන්න පෝලිමේ ඉන්න බැරි කම, ලීසින් ගෙවාගන්න බැරි කම, ගෙදර ෆෑන් එක දාගන්න බැරිකම වගේ සරල කරුනු.

    හැබැයි සුපුරුදු විදියට දැන් වෙන්ඩ රැඩිකල් එවුන් විරෝධතාව හයිජැක් කරලා. මෙතනින් එහාට තියෙන්නේ මානසික පිස්සොන්ගේ මානසික ප්‍රශ්න විසදගැනීමේ වෑයමක්.

    ReplyDelete
  28. මාතා ලංකාවෙ මේ මොහොතේ ඇතිවී තියන තත්වය ඉතාම තීරණාත්මක වගේම බැරෑරුම් අවස්තාවක්. තැනින් තැන මතුවන උද්ඝෝෂණ, සමාජ මාධ්‍ය පුරා පැතිරෙන් hashtags campaigns, Symbols, profile pictures, WhatsApp groups, සටන්පාඨ, වගේම තැනින් තැන උඩට මතුවෙලා පේන ආවේගශිලි චරිත කිසිවක් අහබු සිදුවීම් නොවන බව ලංකාවෙ බහුතර ජනතාවකට වැටහීමක් නැතිබව පෙනෙන්නට තිබේ. “අරාබි වසන්තය” යන වචනය පවා ආගන්තුක වචනයක් බව නිරීක්ෂණය කල හැකියි. සමාජ විප්ලවයක් (Social Movement) කියන්නෙ ගොඩක් වෙලාවට සාමූහික ක්‍රියාමාර්ගයක (Collective Action) ප්‍රතිඵලයක්. කිසියම් සමාජ ප්‍රශ්නයක් වෙනුවෙන් මිනිසුන් සාමුහික ප්‍රයත්නයක් යොදන්න නම් ඒ පිරිස අතර ඊට ප්‍රතමයෙන් සාමුහික සංවේදනයක් (Collective Sensemaking) ඇතිවෙලා තිබීම අත්‍යවශයි. සාමුහික සංවේදනයක් කියන්නෙ අදාල සමාජ ප්‍රශ්නය පිලිබදව පොදු අර්ථකතනයක් හා පොදු එකගතාවයක් ඇතිවීම. ඉන්පසුව එම පිරිස සාමුහික ක්‍රියාමාර්ගයකට පෙලගස්වාගැනීම පහසු වෙනව. මෑත ඉතිහාසයෙ සමාජ මාධ්‍ය ඉතාම් සක්‍රීයව යොදාගනු ලැබුවා සමාජ විප්ලව ගොඩනැගීමට. ඊට ප්‍රධාන හේතූව උනේ සමාජ මාධය ඇතුලෙ කිසිදිනක මුහුණට මුහුණ හමුනොවුන විශාල පිරිසකට එකවර අදහස් බේදාගැනීමෙ හැකියාව සහ ඒවා ඉතාම වේගයෙන්, සංකීර්ණව සහා විශාල ප්‍රමානයෙන් සමාජමාධ්‍ය තුල සංසරණය වීමේ හැකියාව. මේ තාක්ශණයෙ නව සොයාගැනීම නිසා එතෙක් විදිමත් ආකෲතියක තිබුන සමාජ සම්බන්දතා ඉතාම සංකීර්ණ ජාලයක් (Social Networks) බවට පත්වෙනව. කොහොමනමුත් මේ නව සංකිර්‍ර්ණත්වය සමාජ විප්ලව වලට ඉතාම සාර්තකව යොදාගනු ලබනව. ලංකාවෙ මේ වනවිට සමාජමාධ්‍ය බාවිත කරනනන් මිලියන 8කට ආසන්න ප්‍ර්මාණයක් ඉන්න්ව වගේම එය 2011 වර්ශයට සාපේක්ශව 600% විතර වර්ධනයක්. ඒ නිසා මේ පිලිබද අවබෝදයක් ලබාගැනීම ඉතාම වැදගත්. තාක්ෂනික පැතිකඩට කලින් ඉතිහාසය ගැන යම් සදහනක් කිරීම වටිනව.

    ඊජිප්තුව, අනෙකුත් අරාබි රටවල්, රුසියාව, යුක්‍රේනය හා ජෝර්ජියාව වැනි රටවල් වලත් සමාජ මාද්‍ය හරාහ සිදුවුන සමාජ දේශපාලන් විප්ලව ගැන සදහන් වෙනව. ගොඩක් වෙලාවට මේ සිද්දින් හදුන්වන්න යොදාගනිපු වචනය තමා Revolution 2.0. ඊට හෙතුව මේ සමාජ විප්ලව සදහා යොදාගනීපු ප්‍රධාන මෙවලම සමාජ මාද්‍ය සහ නවීන තාක්ෂනය වීම. ටියුනීසියාවෙ (Tunisia) 2010 දෙසැම්බරයෙ ඇතිවුන මෙ සමාජ විප්ලව කිරීමෙ නව ආකෘතිය 2011 ජනවාරි 25 වන විට ඊජිප්තුවටත්(Egypt), 2011 පෙබරවාරි 11 වන විට ඇල්ජීරියවටත් (Algeria), 2011 පෙබරවාරි 11 වන විට යෙමනයටත්(Yemen), 2011 පෙබරවාරි 16 වන විට බහාරෙනයටත් (Bahrain), 2011 පෙබරවාරි 16 වන විට ලිබියාවටත් විකාශනය වෙනව. මේ ඇතිවුන තත්වය තමා අරාබි වසන්තය (Arab Spring) ලෙස හදුන්වනු ලබන්නෙ. මේ ක්‍රියාවලිය ඇතුලෙ අවුරුදු 24ක් රට පාලනය කරපු ටියුනීසියානු ජනාධිපතිවරය ඉල්ලා අස්වෙනව, අවුරුදු 30ක් රට පාලනය කරපු ඊජිප්තු ජනාධිපතිවරය ඉල්ලා අස්වෙනව වගේම අවුරුදු 40ක් රට පාලනය කරපු ලිබියානු ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙනව. න්මුත් කිසිම විදිමත් සංවිදානය වීමක් නොමැතිව විකල්ප විසදුමක් නොමැතිව සිදුකර මේ සමාජ අරගල නිසා ඒ රටවල් තිබුන තත්වයෙන් පහලට ඇදවැටෙනව වගේම ඇතිවෙන රික්ත්‍ය ඇතුලෙ වෙනත් බලවේග තමන්ගෙ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරනව. මේ ප්‍රවනතාවය වඩා භයානක වෙන්නෙ මේ නිසා.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා කිසියම් සමාජයීය ප්‍රර්ශ්නයක් මුල් කරගෙන සමාජ විප්ලව ගොඩනැගෙනකොට ගොඩක් වෙලාවට ඇතිවෙන තත්වයක් තමයි තොරතුරු පිලිබද අවිනිශ්චිතතාවය (Information Uncertainty) සහා සමාජ ව්‍යාකූලත්වය (Situational Ambiguity at the societal level). මේ වගේ අවස්තාවක මිනිස්සු උත්සක වෙනව පවතින තත්වය පිලිබදව විස්තර සොයන්න සහා පවතින අවස්තාව තේරුම ගන්න (sensemaking). රූපවාහිනිය නැරඹීම, සමාජ මාධ්‍ය හරහා තොරතුරු සෙවීම, යහලුවන් සමග සංවාද කිරිම, මහාපරට එකතුවීම වගෙ ක්‍රියාකාරකම් මගින් පවතින තත්වය අර්ථකතනය කරන්න උත්සහ කරනව. කොහොම නමුත් මේ වෙලාවෙ සිද්දවෙන සන්නිවෙදන ඇතුලෙ කිසිම කැපිපෙනෙන පුදගල් චරිත හදුනාගන්න බෑ වගේම, අවුල්සහගත පරස්පර අදහස් තමා සන්නිවෙදනය වෙන්නෙ. මෙන්න මේ අවස්තාවෙදි පුලුව්න් වෙනව සීමිත පිරිසකට මෙ ගොඩනැගෙන සමාජ විප්ලවයෙ මුහුණුවර සහ හැඩය වෙනස් කරන්නට. මොහුන් ගොඩක් වෙලාවට කිසියම් සමාජ මාධ්‍යක් ඇතුලත අනුගාමිකයන් (followers) විශාල සංඛ්‍යාවක් ඉන්න පුද්ගලයක්, යම් විශයක් ගැන ප්‍රාමානික දැනුමක් ඇති පුද්ගලයකු හෝ එම අවස්තාව නිසා උඩට මතූන හෝ මතුකරන ලද අහඹු පුද්ගලයෙක් වන්නටත් පුලුවන්. ඔහුන්ව අපි සංවේදන සපයන්නන් (sense-givers) ලෙස හදුනාගන්නව. ඔහුන්ට පුලුවන් වෙනව මේ පවතින ව්‍යාකුල සන්නිවේදනය අභිබවල කිසියම් නිශ්චිත තේමාවක් සහ අර්ථකතනයක් පවතින සමාජ ප්‍රශ්නයට ලබා දෙන්න. කිසියම් නිශ්චිත දිනයක උද්ගෝශනයකට සහාබාගී වීම, ජනාධිපතිවරයා බලයෙන් පහකිරීම එකම විසදුම බවට ඒත්තු ගැන්වීම උදාහරණ ලෙස දක්වන්න පුලුවන්. සමාජ මාධ්‍ය ඇතුලෙ පවතින මෙවලම් වන hashtags, symbols, profile pictures, social media groups, tagging people වගේ දේවල් මේ වෙනුවෙන් යොදාගන්නව. මෙහිදි hashtags ඉතාම විශේෂයි. ඊට හේතුව වෙන්නෙ hashtags වලින් පුලුවන් මේලොකෙ පුරම මිනිස්සු කිසියම් මාතෲකාවක් ගැන කතා කරනවනම් ඒ අදහස් ටික එක තැනකට ගොනු කරන්න. මේ නිසා පුද්ගලයිනට පුලුවන් වෙනව hashtag එකක් ක්ලික් කරල යම්කිසි මාතෘකාවක් ගැන සියලුම අදහස් බලන්නට. අනිත් වැදගත්ම කාරණය තමා hashtag යොදාගන්න පුලුවන් සමාජ විප්ලවයට මිනිසුන්ගෙ අවදානය ඇදබැද තබාගන්න. ඊජිප්තු විප්ලවයේදී මේ සදහ #Egypt #Jan25 #Tahrir #Cairo වගේ hashtag යොදාගනු ලැබුව. ඊට අමතරව දිනෙන් දින වර්ධනය වන තත්වය ජනතාවට සන්නිවේදනය කරන්න #Mubarak #Rebolution වගේ hashtag යොදාගන්නව. කාලයත් සමග නොදැනුවත්වම එම hashtag එක්ක තියන සියල අදහස් සත්‍ය බවට කිසිම තර්කනයකින් තොරව පිලිගන්නට අපි පුරුදු වෙනව. එම නිසා කිසියම් සීමිත පිරිසකට තමන්ට අවශ්‍ය දිශානතියට සමාජ විරෝධය හ්සුරවන්නට හැකියාව ලැබෙනව.
      ලාංකීය පුරවැසියන් ලෙස අපි තේරුම්ගත් යුතු කාරණය වන්නෙ අපේ ප්‍ර්ශ්න කොතරම් සත්‍ය උනත්, අපි නගන හඩ කෙතරම් අවංක උනත් සමාජ මාධ්‍ය හරහ වෙන මේ ස්මාජ් විප්ලව සැමවිටම කිසියම් සීමිත කණ්ඩායමකට තමන් කැමති දිශානතියකට හැරවිය හැකිබව. ඒ නිසා ඉතිහාසයෙ අනෙකුත් රටවල් සිදුකල අතපසුවීම් අප සිදුනොකරන්න වගබලාගන්න ඕන වගේම මේ ප්‍රශ්නය ප්‍ර්ජාතන්ත්‍රවාදි ප්‍ර්වාහයක් තුල් විසදගන්නට ක්‍රමයක් සොයාගන්න වෙනව.

      Delete
  29. මාතා අපි මේ ආණ්ඩුවට සහ පාලන ක්‍රමයට විරුද්ධව සටන් කරන්නේ පොදුවේ බහුතර මහජනයාගේ සුබ සිද්ධිය උදෙසා, ඒ අතින් නන්දේට ඡන්දේ දීපු ඇට නම ලක්ෂෙන් වහල්ලු නොවී මේ දවස්වල ගෝටාගෝ කියලා අවංකව සටන් කරන බහුතර ජනතාව තරුණ තරුණියන් අවංකව රටට ආදරේ අය, නමුත් ඒක අස්සේ රිංගලා ඉන්න විපක්ෂ වහල් මීහරක් රැල ගැන මේ ටික දවසට මන් ඉගෙන ගත්ත දේ නං බහුතරයක් ජෙප්පොන්ට හා සජිත් ප්‍රේමදාසට වහල් කම් කරන අජ්ජා වගේ වහල් මීහරක් රැලට මේ වෙලාවේ තියෙන්න, රටට කෙල වුන එකට දුකක් නෙමේ, බයියොන්ගෙ ආන්ඩුවට කෙලවුනා කියලා ආතල් එකක්. ඔන්න ඔය ආතල් ලොන්තයෝ තමා සිරාම කාලකන්නි. නොදකින් ඕකුන් ළඟදීම කනවා උද්ඝෝෂණයක් මැදදීම. අර හිරු නිකර් මල හත්තලාමට ලාවට වුණා වගේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න