.

.

Oct 3, 2021

ට්‍රින්කෝ තෙල් ටැංකි හා දෙවනි ගමන

 


සබීතා පෙරේරා ජනප්‍රිය කාළේ, අපේ මෝල් කලන්තේ පටන් ගත්ත කාළේ, සෝ එකක් එනවා "දෙවනි ගමන" කියලා.


ඇත්තටම මේකේ තේමාව ඇවිල්ලා සුදු රෙද්දේ කතාව හෙවත් පෙට්ටිය කැඩිච්ච කෑල්ලක් උස්සගෙන එන කේස් එකක්.


ඒත් ඉතින් අදටත් ඕක හොයන කැළල් නොවූ පතිවෘත්තාව රකින රැඩිකල් බෝයිස්ලා ඕන තරම්. මක්කා නැතත් ඒක ආරක්ෂා වෙලා තියෙන්න ඕනා.


ඔය සෝ එකේ මට බොක්කටම වැදුන චරිතේ තමයි දෙනවක හාමිනේගේ කැරක්ටර් එක. උන්දැත් ඉන්න සෝ එකේ පොටෝ එකක් එල්ලුවේ ඒකයි. එයාව එපා වෙන්නම පාට්ටෙක නියමෙටම දුන්නා.


එයැයි මතක් උනේ... මොකෝ, ඒ වගේ මැරෙණකම් කසාදයක්කත් නොබැඳ, පෙට්ටිය ආරක්ෂා කර ගත්ත හාමු කෙනෙක් ඉස්සර කැළණියෙත් උන්නා.


නම කියන්න හොඳ නෑ නේ. ටිකක් ප්‍රසිද්ධ පවුලක්...


ඒ කාළේ නම් එයා පට්ට කෑල්ල, පට්ට ලස්සනයි. හැබයි මාන්නේ.. එයාගේ උගත් කමට.. ලස්සනට... වංශයට.. කුලයට... පවුල් පසුබිමට ගැලපෙන කෙනෙක් නැතෙයිය කියලා එන මංඟල යෝජනා ඔක්කෝම පයිසෙකට මායිම් කළේ නෑ. මොකෝ මෙයත් පේරා උපාධිය ගත්ත කෙනෙක්. ආන්ඩුවේ ලොකු ජොබ්බෙකක් කලේ....


ඒත් පස්සේ කාළෙක මහ ජෝඩුව මැරිලා, පවුලේ අනික් උන් ඔක්කොම පවුල් පන්සල් වෙලා වලව්වෙන් පිට උනාට පස්සේ, පැන්සන් ගියපු හාමුයි, එයැයිගේ ලාන්සර් බොක්ස් එකයි, වලව්වේ නාකි මුරකාරයයි, මෙහෙකාරියයි දිර දිරා ගියා.


නාකී උනත් කෑල්ල ලස්සන නිසා අහල පහල උන්න ඒස කොල්ලෝ වලව්වේ වැට පැන්නා කියලා කඩේ පිලේ කතා ගියාට .... එකෙක්කත් ඒවා දැකලා තිබුනෙත් නෑ. විස්සාස කරෙත් නෑ.

මෑතක ආරංචි උනා එයත් දිවිය ලෝකේ ගියාය කියලා. 


එහේ ගියත් වැඩක් තියෙයිය. තත්තෙට වංශෙට ගැලපෙන දෙයියෙක්ම සෙට් වෙන්න එපාය..


හැබයි ආරංචි එන විදියට නම් දිවිය ලෝකේ උපදිනවා ඇතෙතේ පෙට්ටිය නැතුවම වෙන්න ඇති. මොකෝ එහේ ඔක්කෝම අවුට් ඔප් ද බොක්ස් හිතන, ප්ලේපුල්, ලයිප් එකක් එන්ජෝයි කරනවා කියලානේ කියන්නේ.


අනේ ඉතින් අපේ හාමුගේ කොංගෝ වනයෙන් වසාගෙන තිබුන අති උතුම් කන්‍යාභාවය වගේ ට්‍රින්කෝවලත් තියෙනවා කැලෑවෙන් වැහිච්ච තෙල් ටැංකි 99 ක්.


මේක ඔහේ දිර දිරා ගියත්..., එකෙක්ට අත තියන්න නොදී ආරක්ෂා කරන ගොබ්බයෝ පිරිසක් හැමදාම ලංකාවේ උන්නා. උනුත් අර හාමුගේ මානසිකත්වයේ ඉන්න උන්.


බව්බෝ පිඳුරු කන්නෙත් නෑ කන චක්කෙකුට කන්න දෙන්නෙත් නෑ කියන්නේ මේවට. මේ වගේ ගොබ්බයෝ ඉන්න රටක් මේ තරමින් හරි  තියෙන එක ළොකු දෙයක්.


ඔය දෙවනි ගමන සෝ එකේ හරි අපූරු දෙබසක් තියෙනවා.. සනත් හා තව එකෙක් අතරේ ඉස්ටාප් රූම් එකේ. ඒකේ සනත් රඟපාන්නේ කාළකන්නියෙක් විදියට. ඒ කියන්නේ ගුරුවරයෙක් විදියට.


ඉට්ටප් එකේ කාළකන්නියා - 'ප්‍රශ්නයක්ලු නේද?'

(දැන් ඉට්ටාප් එකේ අනික් උනුත් කින්ඩියට හිනාවෙනවා බලනවා)


සනත් හයියෙන් කේන්තියෙන් මෙහෙම කියනවා - 


'ඔව්. මම කසාද බැඳපු සුජාතගෙ කන්‍යභාවය නැති වෙලාලු. එයාටත් හොයාගන්න බැහැලු ඒක නැති වුණේ කොහොමද කියලා. පුළුවන් නම් ඕගොල්ලො කට්ටිය හොයල දෙනවද ඒක නැති වුණේ කොහොමද කියලා'


ඉතින් තෙල් ටැංකි ටික දුන්නා කියලා පුප පොලොවේ ගහන් හොටු පෙරාගෙන පල් හෑලි ලියන බයියන්ට හා බයියාවියන්ටත්..


මට කියන්න තියෙන්නේ ඔච්චරයි..


ඉස්ධූතී...නන්ඩ්‍රෙයි... ටෑන්ක්ස්.. හොඳේ !!!!


.

27 comments:

  1. අදහස් සමහරකට එකඟ නැත. ඒත් ලිපියේ රසවත්කමට හා ප්‍රවේශයට ඉතාමත් කැමැතිය. ඔබට ඔබේ අදහස් දැරීමට ඇති අයිතියට ගරු කරන්නෙමි!
    ඒ නිසාම නොකඩවාම ඔබේ ලිපි කියවන්නෙමි.

    ReplyDelete
  2. කො ????? ......මෙ මාගල් කොමෙන්ට් ඇනො.... තවම ආවෙ නැතෙයි....

    ReplyDelete
  3. බුදුනේ

    බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය
    බොදු දම මැද මියැදී අවසානය.

    ඔබ සෙවනැල්ලේ දුසිරිත් දැඩිවෙයි නිරන්තරේ

    ඔබ දුටු නිර්මල දැහැමි අතීතය
    අදමින් ජනසිත් අතර අනාතය

    ReplyDelete
  4. එක් පැත්තකින් මැණිකේ මගේ හිතේ ගීතය සැලසුම් සහගතව ඉන්දියාවේ ජනප්‍රිය කරලා. මම 'ජනප්‍රිය වෙලා' වෙනුවට 'ජනප්‍රිය කරලා' යන්න යොදා ගන්නවා. යොහානි ද සිල්වා මේ දිනවල ඉන්දියාවේ. තවත් පැත්තකින් ඉන්දියාවේ විදේශ ලේකම් මේ දිනවල ලංකාවේ. අපි ඔහුට ත්‍රිකුණාමලයට යාපනයට යන්න ගුවන් පහසුකම් සපයනවා. ඉන්දියාව මොකාට ද එන්නෙ කියන ප්‍රශ්නය නැවතත් අහන්න වෙනවා.

    පහතින් ඇති තරමක් දීර්ඝ ලිපිය පී කේ බාලචන්ද්‍රන්ගේ.

    https://www.lankaweb.com/news/items/2021/10/01/bringing-sri-lanka-back-into-indias-fold/

    ඔහු කියන්නේ ඉන්දියාවට නැවතත් ලංකාව තම පැත්තට ගන්න ඕන බවයි. එය තම පැත්තට වඩා තම ග්‍රහණයට ගැනීම ලෙස පරිවර්තනය කිරීම වඩා හොඳයි.

    ඉන්දියාව ක්‍රියා කරන්නේ ලංකාව තුළ ඔවුන්ගේ ම වූ ආණ්ඩුවක් පිහිටුවීමට. ඒ සඳහා ඔවුන් සරත් ෆොන්සේකා හා මෛත්‍රිපාල සිරිසේන යොදාගත් පරිදි ම ජාතිකත්වයක් ගෑවුණු අයකු යොදා ගැනීමට ඉඩ තියෙනවා. ඒ සඳහා දැනටමත් ඔවුන් ක්‍රියාත්මක වෙනවා. යොහානි ද සිල්වා ඉන්දියාවේ ජනප්‍රිය කරන්නේ එහි මූලික පියවරක් ලෙස. ඇය අවුරුදු විසිඅටක පමණ කාන්තාවක්. ඇය කාන්තාවක් වුවත් මැණිකේ කෙනකු ගැන ගයනවා. ඇය මෙරට හමුදා නිලධාරියකුගේ දියණියක්. සිංහලයන් අතර ඇගේ ගීතය ජනප්‍රිය වුණේ නැහැ. එහෙත් ඇයට හමුදා නිලධාරියකුගේ දියණිය ලෙස සිංහලයන් කැමති වේවි. ඉන්දියාව කල් යල් බලා ඇය දේශපාලන අතකොළුවක් කර ගැනීමට ඉඩ තියෙනවා.

    මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය කෙරෙව්වේ අමිතාබ් භච්චන් වැන්නන් ලවා. ඉන්දියාවේ වීරයන් වන්නේ නළු නිළියන් ගායක ගායිකාවන් හා ක්‍රිකට් ක්‍රීඩකයන්. කලකට ඉහත හොකී කණ්ඩායමත් වීරයන් වුණා. ඒ ඉන්දියාව ලෝක හොකී ශූරයන් ව සිටි අවධියේ. ලංකාවේ වීරයන් නැහැ. අපි ඔක්කො ම රජවරු ඔක්කොම වැසියෝ. මැණිකේ හරහා ඉන්දියාව තවත් සරත් ෆොන්සේකා කෙනකු මෛත්‍රිපාල සිරිසේන කෙනකු බිහි කිරීමට සූදානම් වෙනවා. අප පරෙස්සම් විය යුතුයි. විශේෂයෙන් ම ආණ්ඩුවත් සමග කළකිරී සිටින යම් ජාතිකත්වයක් ඇති පිරිස් පරෙස්සම් විය යුතුයි. ආණ්ඩුවේ වැඩ නිසා ව්‍යාජ සිංහල නායකත්වයකට මතුවෙන්න පුළුවන්. අප මැණිකේට ඉන්දියාවට අවශ්‍ය නිළමෙ කෙනෙක් හොයා දෙන්න සූදානම් විය යුතු නැහැ.

    ReplyDelete
  5. මාතලන්,

    //සබීතා පෙරේරා ජනප්‍රිය කාළේ, අපේ මෝල් කලන්තේ පටන් ගත්ත කාළේ, සෝ එකක් එනවා "දෙවනි ගමන" කියලා.//

    ඔයිට ටික කාලේකට කලින් දවසක් ඇමති ධර්මසිරි සේනානායකට දේවී බාලිකා විද්‍යාලයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයක් සඳහා ආරාධනාවක් ලැබුණා. ඒ උත්සවයට ගිය ඔහුව පිළිගන්න “දම්සිරි මැතිඳුන් දැකුමෙන් අප පින් කළ බව දැනුණී” වගේ වචන තියෙන ගීතයක් සිසුවියෝ ගායනා කරනවා. ඔහුගේ කතාව සිදු කිරීමට මයික්‍රෆෝනය වෙත ගියහම එ​ය ඉදිරිපිට තිබ්බ මල් සැරසිලි නිසා ඔහුට ප්‍රේක්ෂකාගාරය නිසි පරිදි පෙනිලා නෑ. මේ බව වටහාගත් ඔහුගේ සහායකයෙක් ඇවිල්ලා මල් සැරසිලි ඉවත් කරනවා. ඒ වෙලාවේ ඔහු දේවි බාලිකාවේ ගුරුවරියන් ඉන්න දිහා බලලා “දැන් නම් මා ද පින් කළ බව හැඟුනි” කියලා මුළු උත්සව සභාවම හිනස්සවනවා. ඊට පස්සේ ඔහු තව දුරටත් කියනවා තමන්ගේ නිවස තියෙන්නෙත් මේ ළඟ නිසා තමන්ට මීළඟ ආරාධනාව එන්නේ දේවි බාලිකාව පැත්තෙන් ද එහෙමත් නැත්නම් අනිත් පැත්තෙන් ද කියලා නිතරම කල්පනා කර කර හිටියයි කියලා. මේක ඇහුවම කලින් වතාවටත් වඩා සියලු දෙනාම හිනා වුණේ දේවි බාලිකාවේ අනිත් පැත්තේ තියෙන්නේ බොරැල්ල කනත්ත නිසා

    ReplyDelete
  6. අඩෝ ළමාතන්, හොඳ කතාවක් එක්ක ලස්සන උපමා එහෙම දාලා කියපු දේ වල වල ඇත්තක් නැත්තේමත් නෑ ඉතින්, නේද?

    ඔය දෙවෙනි ගමන ආපු අසූව දශකය ලංකාවේ සංක්‍රාන්ති සමයක්, කඩිනම් මහවැලි නිදහ්ස් වෙළඳ කලාප වගේ පොසිටිවු දේවල් වගේම උතුරේ යුද්දෙ දකුණේ කැරලි වගේ මහා ඛේදවාචක වෙච්චි කාලයක්.

    ඔය කාලේ රටේ නායකයා වෙලා හිටියේ ජේ. ආර් ජයවර්ධන ලංකාවේ කිසිම නායකයෙක්ට කවදාවත්ම කරන්න බැරි තරම් වෙනස්කම්වලට ලක් කරන්න දායක වුණු පුද්ගලයෙක්. ඒ වෙනස්කම් අවුරුදු තිස් ගාණක් ගිහිල්ලත් අපිට වෙනස් කරගන්න බැරි වෙලා තියෙනවා. ජේ. ආර් උපත ලබන්නේ සම්පූර්ණයෙන් ඉංග්‍රීසිකරණය වුණු ප්‍රභූ පවුලක. පස්සෙ කාලෙක තමයි ජේ.ආර් බුද්ධාගම වැළඳගෙන ජාතික ඇඳුමට එහෙම බැහැලා දේශපාලනය කරන්න පටන් ගන්නේ. මේ නිසාම මුලු ජීවිත කාලෙම එහෙන් මෙහෙන් ගලපගෙන සිංහල කතා කළත් සිංහලෙන් කියවීම සහ ලිවීම ඔහුට ඊටත් වඩා අපහසු වෙලා තිබ්බා. මේ නිසා පළමු විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන උත්සවේදී ඔහුට වචන පැටලෙනවා. මේ අවස්ථාවේ මුල් පටි​ගත කිරීමේදී මේ පටලැවිල්ල පැහැදිලිව ශ්‍රවණය වීම නිසා නැවත විකාශනවලදී මේ කොටස ඉවත් කරන්න බලධාරීන් කටයුතු කරලා තියෙනවා. මෙන්න මේ කොටස තමයි ජේ.ආර්ට පැටළුණේ.

    “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 'අවතන' වන බවටත්”

    ඔය කාලේ හිටපු සිරිල් මැතිව් කියන්නේත් විවාදාසම්පන්න දේශපාලනඥයෙක්. පිරිසකට ඔහු අන්ත ජාතිවාදියෙක් බවට පත් වෙද්දි, සමහරුන්ට ඔහු රටේ ජාතිය වෙනුවෙන් පෙනී හිටපු නිර්භීත ජාතිහිතෛෂියෙක් වුණා. මේ චෝදනා නිසා ඔහුට එක්සත් ජාතික පක්ෂය තුළ පල නොකියා පලා බෙදන්න ගත්තා. මේ නිසා ඔහුත් ජේ.ආර් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට පාඩමක් උගන්වන්න හිතුවා. කැලණි මිටියාවතේ සුවිශාල ජන පදනමක් තිබ්බ සිරිල් මැතිව් තමන්ගේ බලය මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය තුළ සිටිමින්ම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව භාවිතා කරන්න තීරණය කළා. 1987 පළමු පළාත් සභා මැතිවරණයේදී සමසමාජ පක්ෂයෙන් ඉදිරිපත් කළේ දයාරත්න රණේපුර කවියව. ඔහු ඉදිරිපත් වුණේ පහන ලකුණින්. මීට කලින් මැතිව් රණේපුරට යූ.එන්.පී එකට එන්න කිව්වම “සර්ලගේ කාලකණ්ණි යූ.එන්.පී එකට මම එන්නේ නෑ” කියලා දැඩි විදිහට බහින්බස් වෙලා තිබ්බේ. දවසක් රණේපුර කැන්වසින් යද්දි තමන්ව හඳුන්වා දෙන්නත් කලින් මිනිස්සු “අපේ මහත්තයා කියලා තියෙනවා, පහන ලකුණේ අංක 21ට දෙන්න කියලා, අපේ මහත්තයට පිටින් අපි යන්නේ නෑ” කියලා කිව්වා. පහන ලකුණෙන් අංක 21 ඉල්ලන්නේ තමන් නිසා හොල්මන් වුණු රණේපුර, “කවුද ඒ මහත්තයා” කියලා ඇහුවා. මිනිස්සු “සිරිල් මැතිව්” කියලා උත්තර දුන්නා. සිරිල් මැතිව්ට පින් සිද්ධ වෙන්න රණේපුර දින්නා. හැබැයි ඊට ටික කාලෙකට පස්සේ සිරිල් මැතිව්ව යු.එන්.පී එකෙන් නෙරපා හැරියා. එවෙලේ රණේපුර එදා තමන්ට කිව්ව දේ හරි කියලා ටෙලිග්‍රෑම් එකක් සිරිල් මැතිව් රණේපුරට ඇරල තියෙනවා.

    ජේ ආර්ගෙන් පස්සේ ආපු මහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලේදී පාර්ලිමේන්තුවේ පැවති උත්සවයකට අර්. ප්‍රේමදාස ජනාධිපති නිල නිවසෙන් ආහාර වගයක් එව්වා, පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න කියලා. ඊට දවසකට පස්සේ ජනාධිපතිගේ පෞද්ගලික ලේකම් ජනාධිපතිට පැමිණිලි කරලා තිබ්බා ජනාධිපති එවපු ආහාර වර්ග වලින් එක වර්ගයක් අමුත්තන්ට පිළිගැන්වීම පාර්ලිමේන්තු සේවකයන් මග ඇරලා කියලා. මේ ගැන විමසන්න ජනාධිපතිතුමා භෝජනාගාරයේ ප්‍රධානියාව කැඳෙව්වා. “සර් මම හේතුවක් ඇතුවයි ඒ කෑම පිළිගැන්වූයේ නැත්තේ” කියලා භෝජනාගාර ප්‍රධානියා උත්තර දුන්නා. මොකක්ද හේතුව කිය​ල ඇහුවම භෝජනාගාර ප්‍රධානියා “සර් ඒ ලැවරියා” කියලා අකමැත්තෙන් ඇඹරෙමින් උත්තර දුන්නා. එතකොට ප්‍රේමදාසට වෙච්ච දේ තේරුණා. විපක්ෂය ප්‍රේමදාසට ලැවරියා විකුණපු කොල්ලා කියලා අපහාස කිරීම නිසයි, භෝජනාගාර සේවකයෝ ලැවරියාවලින් අමුත්තන්ට සංග්‍රහ කිරීමෙන් වැළකිලා තියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔහොම ගිහින් ඊට පස්සෙ සැටලයිට් විස්කි මැඩම් අමු බේබද්දි රට කාපු කාලේ එක දවසක් ජාතික ඇඳුමක් ඇඳලා සෙරෙප්පු දෙකක් දාලා බුලත් විටක් හපාගෙන එහෙම හිටපු මනුස්සයෙක් සෙත්සිරිපායට ඇතුළු වෙන්න උත්සාහ කළා. ඒ වෙලාවේ ආරක්ෂක නිලධාරීන් “කොහෙද මනුස්සයෝ මේ දැන් ඇමතිතුමා එන්නත් ළඟයි, මෝඩ යකෙක්, අන්න අරහෙට වෙලා ඉන්නවා” කියලා මේ මනුස්සයව නැවැත්තුවා. ආරක්ෂක නිලධාරීන් කියපු දේ අහපු මේ වයසක මනුස්සයා පැත්තකට වෙලා බුලත්විට හපන එක දිගටම කරගෙන ගියා.

      මේ වෙලාවෙදි ඉන්දික ගුණවර්ධන ඇමතිවරයා සෙත්සිරිපායට ඇතුළු වෙන්න ගියා.

      එතනදි අර පැත්තකට වෙලා හිටපු මනුස්සයා දැක්ක ගමන් කෙලින්ම ඒ මනුස්සයා ගාවට ගිය ඉන්දික ගුණවර්ධන, “ඇමතිතුමා මොකද මෙතන කරන්නේ” කියලා ඇහුවා. එතකොට අර පුද්ගලයා “නෑ මට අර ගොල්ලෝ මෙතන ඉන්න කිව්වා” කියල ආරක්ෂක නිලධාරීන්ව පෙන්නුවා. මේක අහපු ආරක්ෂක නිලධාරීන් තක්කු මුක්කු වෙලා යද්දි ඉන්දික ගුණවර්ධන “තමුසෙලට පිස්සුද ඕයි, මේ ලක්ෂ්මන් ජයකොඩි ඇමතිතුමා” කියලා කෑගැහුවා. වෙලා තියෙන්නේ වෙනදා ලිෆ්ට් එකේ උඩ තට්ටුවේ තියෙන කාර්යාලයට යන ලක්ෂ්මන් ජයකොඩි ඇමතිවරයා එදා පයින්ම කාර්යාලයට ඇතුළුවෙන්න උත්සාහ කිරීම. ආරක්ෂක නිලධාරීන් ලක්ෂ්මන් ජයකොඩි මහත්තයාගෙන් සමාව ඉල්ලුවත් “තමුන්නාන්සේලා කළේ රාජකාරිය, හැබැයි මිනිස්සුන්ට ඔයිට වඩා ගරු කරලා සලකන්න ඉගෙන ගන්න” කියලා කියමින් ඇමතිතුමා සෙත්සිරිපායේ තමන්ගෙ කාර්යාලයට ගියා.

      මෑත කාලය ගැන කිව්වොත් මාතලන්ගේ පෞද්ගලික මිත්‍රයෙක් වෙන රන්ජන් රාමනායක ගැන රස කතා ගොඩක් තියෙනවානේ, 2015 මෛත්‍රී දීනලා ටික කාලෙකින් රන්ජන් සමාජ සේවා ඇමති කළා. ඔහොම යද්දි ඔන්න එක දවසක් රන්ජන් රාමනායකට සමාජ සේවා අමාත්‍යංශයේ වැඩක් ගැන phone එකෙන් අමතන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා​ට ඕන වෙලා තිබ්බා. ඉතින් මෑන් කොල් කරලා “මම මෛත්‍රිපාල” කියපු ගමන් අනිත් පැත්තෙන් රන්ජන් හොඳ ලුණු ඇඹුල් ඇතුව අමු තිත්ත කුණුහරුපෙන් දන්න සේරම කුණුහබ්බ වචන දාල එලෝ එලෝ බැනල. මෙහෙම අසික්කිත විදිහට කුණු බැණුම් වරුසාවකින් ජනාධිපති මෛත්‍රීට සංග්‍රහ කරාට පස්සේ ජනාධිපති මෛත්‍රීපාල දුරකථනය කට් කරලා මේ මොකක්ද වුණේ කියලා කල්පනා කරලා තියෙනවා. එදාම හවස උත්සවයකදී රන්ජන්ව හම්බ වුණාම උදේ සිද්ධිය මතක් කළ ගමන් රන්ජන් සෑහෙන්න කලබල වෙලා වගේ පෙන්නලා කට කොනකින් හිනා වෙවී “අනේ සර් සමාවෙන්න, සමාවෙන්න ගොඩක් මගේ යාලුවෝ ඔය වගේ කතා කරල මාව බයිට් කරනවා. ඒක හින්දයි මම එහෙම බැන්නෙ. සර් කියලා දන්නවා නම් කොහොමටවත් එහෙම කරන්නේ නෑ” කියලා රන්ජන් පිං සෙණ්ඩු වුණා. හැබැයි ඉතිං කිසිම චාරයක් නැති මන්ද මානසික වැඩ කරන රනිල් පවා කිසිම විස්වාසයක් නොතබපු රන්ජන් රාමනායක වගේ පිස්සෙක්ගේ හැටියට මේ කතා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කියලා දැන දැනම මේ වැඩේ කළා වෙන්න පුළුවන් කියලා තමයි ගොඩක් කට්ටිය හිතන්නේ. පස්සෙ මෑන්ගේ කොල් රෙකොඩින් ලීක් වුණාට පස්සේ මේක තහවුරු වුණා.

      Delete
    2. 😜🤣🤣❤️😜🤣❤️😍

      Delete
  7. මාතා, උඹ ඔය කියන දෙවෙනි ගමන සෝ එක අපි දැක්ක්මෙ ටෙලිවිසොන් එක්කෙන් සෑහෙන පස්සෙ කාලෙක, හැබැයි ඔයිට නොදෙවෙනි සීන් එකක් අනූ ගනන්වල අග අපි පොඩි කාලේ මහින්ද අබේසුන්දර ලක්බිමේ ලියපු "මහින්දගේ ආගිය කතා" වල කතාවක තිබුණ බව මතකයි.

    කතාවේ හැටියට ඔන්න ටීටර් එකක් පෙන්නනවලු. දන්නවනේ ඉතින් ගමේ ප්‍රභූන් අරුන් මුන් ඔක්කෝම එනවනේ. ලයිට් නැති නිසා පැට්‍රෝමැක්ස් ලාම්පු, එතකොට කෑලි පහේ ටෝච් අරවා මේවා තමයි විදුලි ආළෝකය. ඔය අස්සේ එකෙක් ස්පොට් ලයිට් එක දෙන්නේ බයිසිකලේකට හයි කරපු ඩී.සී. ඩයිනමෝ එකකින් පවර් සප්ලයි දෙන ලයිට් එකකින්ලු. බයිසිකලේ ඉස්ටෑන්ඩ් එක ගහලා පස්සෙ රෝදෙ උස්සලා ඩයිනමෝ එකේ ලොඩ් එක දීල එකෙක් එකසිය ගානට පදිනවලු. මොකෝ ඩයිනමෝව කැරකෙන ඉස්පීඩ් එකට නේ ආළෝකේ වැඩි වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම දැන් නාට්ටිය යනවාලු, දැන් හිතහන්කො මේ නාට්ටිය බැලසන්ත නාඩගම කියලා, ඔන්න සින්දුව යනවා;

    අලිසන්දරා පට්ට ඩාන්ස් එකක් දාගෙන පුල් ගම්භීර් තාලෙට එනවා ඉස්ටේජ් එකට;

    ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කො‍ං ස්‍ත‍න්‍ තී‍නු‍පු‍රේ‍
    කො‍ස්‍ත‍න්‍ තී‍නු‍පු‍රේ‍
    පුරවර්ධන කරන අග නරනා මෙ මම්//

    නාමය මං අලිසන්දිරී//
    මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
    ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
    ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ//
    එහෙම උනාත් මෙ මට ඇත
    ලොකුම දුකාක්
    මෙ මට ඇත ලොකුම දුකාක්
    කරකාරියක් නැතුව සිත
    නොමැත සැපාක්//
    එය විසඳාගන්නා ලෙසා...//
    මගෙ මන්ත්‍රී කැඳවා මම
    පහදා කියමි එය//
    නොමැත ලඳක් මෙහෙසිය ලෙස ගන්නට//

    ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කො‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
    කො‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
    පුරවර්ධනකරන අග නරනා මෙ මම්/

    ඔන්න ඔයවගේ නැගල යනකොට නාට්ටියේ හොඳම වෙලාවක. ඩෝප් කාරයෙක් ඇවිත් අර ස්ටෑන්ඩ් එක ගහල උස්සල තිබ්බ සයිකලේ පිටිපස්සෙන් තල්ලු කරලා. මෙන්න ඉස්පොට් ලයිට් එක වේදිකාව මැදින් ගිහින් උඩින්ම ගිහින් වැටුනලු ප්‍රභූවරුන් එහෙම ඉන්න තැනට. කස්ටිය නාට්ටිය නවත්තලා. තල්ලු කරපු එකාට නෙලලා. නාට්ටිය එතනින් ඉවරයි... කොහොමද හිතාගනින්කෝ සීන් එක...

    ReplyDelete
  8. ඇත්ත කතාව නම් දඹදිව උපන් අපේ මිතුරන් වන්නේ සිදුහත් කුමරු හා මිහිඳු හිමියන් පමණයි කියන එකයි. විජයගේ සිට වත්මන් ඉන්දීය පාලකයන් දක්වා ලංකාව යටත් කර ගැනීමට උත්සාහ දරණ පිරිස්. බොහෝ අවස්ථාවල ඔවුන් සාර්ථක වී තිබෙනවා. විජයගේ සිට ශ්‍රී වික්‍රම දක්වා, අවශ්‍ය නම් ජේ ආර් ජයවර්ධන සිට තොණ්ඩමන් දක්වා ලංකාව පාලනය කර ඇත්තන්ගෙන් සැලකිය යුතු පිරිසක් භාරතීය සම්භවයක් ඇති අය. ඔවුන්ගේ ආදිතමයන් ලංකාවට පැමිණ වැඩිම වුවහොත් පරම්පරා තුන හතරක් ඇතුළත දරු මුණුබුරන් රාජ්‍යත්වයට පැමිණුනා.

    ඉන්දීය විදේශ ලේකම් කියන්නෙ රජයේ නිලධාරියෙක් පමණයි. ඔහු ඇමතිවරයකු නො වෙයි. එහෙත් ලංකාව ඔහුට සලකන්නේ අගමැතිවරයකුට වගේ. ඔහු මෙරට ඇමතිවරුන් පමණක් නොව අගමැති ජනාධිපති ආදීන් ද හමුවෙනවා. ඔහු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බලන්න යනවා. යාපනයට ගොස් දෙමළ ජනවාර්ගිකයන් හමුවෙනවා. ලංකාව ඔහුට ඒ සඳහා ගුවන් පහසුකම් සපයනවා.

    අපේ විදේශ ලේකම් හරි වෙනත් අමාත්‍යාංශයක ලේකම් හරි ඉන්දියාවට ගියොත් එවැනි සැලකිල්ලක් ලැබේවි ද?

    ලංකාව අයිඕසී සමාගම සමග ගිවිසුම් අත්සන් කෙළේ අද ඊයේ නො වෙයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම් යහපාලන කාලයේ 2016 ඇති කළා. අද ඉන්දියාවට අවශ්‍ය ඒ ගිවිසුම් විධිමත් කරන්න. ඉන්දියාව අද ක්‍රියාත්මක වන්නේ බටහිර රටවල කොටස්කරුවකු ලෙස. මේ රටවල් චීනයට විරුද්ධ ව එක් කඳවුරකට ඇවිල්ලා. අර USA, Japan, Australia, India හතර දෙනාගේ කල්ලියත් එහි ප්‍රතිඵලයක්.

    ලංකාව ඉන්දියාව සමග ඇති කර ගත් ගිවිසුම් ක්‍රියාත්මක කර නැහැ. ඒක ඇත්ත. ගිවිසුම් අත්සන් කළත් ක්‍රියාත්මක කිරීමට යෑමේ දී සිංහලයන්ගේ විරෝධයක් මතු වෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඒ විරෝධය ඇති වුණා. තෙල් ටැංකි සම්බන්ධයෙන් ද කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් ද ඒ විරෝධය ඇති වෙලා. ඉන්දියාවට අද අවශ්‍ය වන්නේ ලංකාව තම ග්‍රහණයට හසුකර ගන්න.

    රජෙක් නැතිව රටක් මොටද ඇහුවෙ පෙර අපි
    රටක් නැතිව රජෙක් මොටද අහමු ද අද අපි

    කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා

    "වරමාති ශුභ චරිතේ - ලංකාපති නරේන්ද්‍රසිහ නුපතේ"

    කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
    පත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියා

    ඕලන්දෙන් රැගෙන බලේ
    එංගලන්තෙ තබන වෙලේ
    සිංහලුනගෙ බිඳුන බලේ
    කවදා ගොඩ නගමු මලේ

    රජ්ජුරුවෝ උඩයි උඩයි
    අපි පොඩි උන් බිමයි බිමයි
    අන්දරේලා මැද ඉදගෙන
    ආ............
    දෙපැත්තටම විහිළු කරයි

    රට යනවා පරදේසෙක
    අපි යනවා පරලෝකෙට
    අන්තිමේදි බලපුවාම
    අන්දරේලා අපි සේරම

    ReplyDelete
  9. මන්න පෝතලයානෙනි,

    ඔය තෙල් ටැංකි ඉන්දියාවටම දෙන්නේ මොකටද. ඒක චීනෙට දුන්නාම මක් වෙනවද?
    උඹ ඒ කතාව යට ගැහුවා.

    ReplyDelete
    Replies
    1. @ Jagath,

      ව්‍යාපෘතියක් (Project)ලෙස අර්ථ දක්වන්නේ යම් අරමුණක් හෝ පරමාර්ථයක් සපුරා ලීම සඳහා කලින් තීරණය කරන ලද නිශ්චිත කල කාලසීමා රාමුවක් තුල ඉලක්ක ගත ප්‍රතිලාභීන් සමුහයක් වෙත යම් සම්පත් ප්‍රමාණයක් යොදවමින් ක්‍රියාත්මක කරන එකිනෙකට සම්බන්ධ අනු ක්‍රියාකාරකම් සමුහයකටයි.

      ව්‍යාපෘති මඟින් මූල්‍යකරණය (Project financing) යනු සුවිශේෂී කුසලතාවකි (Skill). ආයෝජනය (investment) යනු අනාගතයේදී යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වර්තමානයේදී කරනු සම්පත් කැප කිරීමකි. එහිදී ආයෝජකයෙකුගේ (investors) බලාපොරොත්තුව තමා යෙදවූ මුදලද ආරක්ෂා කරගනිමින් ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමයි.

      ව්‍යාපෘති (Project) සඳහා හොඳම මූල්‍ය සැපයුම් ක්‍රම භාරගැනීම සහ ව්‍යුහගත කිරීම සඳහා ව්‍යාපෘති ක්ෂේත්‍රය පිළිබඳව හොඳ දැනුමක් සහ මූල්‍ය ප්‍රවීණත්වයක් අවශ්‍ය වේ. ව්‍යාපෘතියක මුදල් ගලනය (cash flow) පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමුකළ යුතු නිසා ව්‍යාපෘතිය වාණිජ මට්ටමින් පවත්වාගෙන යාමේ හැකියාව ඇගයීමේදී එම ක්‍රියාවලියට අනුග්‍රාහකයාගේ (financier) අතීත තොරතුරු, වෙළඳපොළ, තාක්ෂණය හා නිෂ්පාදනය, කළමනාකරණය හා මානව සම්පත්, පරිසරය, රෙගුලාසි සහ ව්‍යවස්ථාපිත අනුමැතිය ආදිය ඇතුළත්.

      ඉන් අනතුරුව කොටස් දායකත්වය සහ තෝලන මට්ටම (Gearing level), ණය කාලය සහ ආපසු ගෙවීමේ සැලැස්ම, සහ අවශ්‍ය වීමට ඉඩ ඇති ණය වර්ධන ආදිය සමගින් මූල්‍ය සම්පාදනය සඳහා ඇති හොඳම ක්‍රම තීරණය කෙරේ. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින සංවර්ධන ව්‍යාපෘති සලකන කල ඒවා ශීඝ්‍ර සංවර්ධනයක්‌ සඳහා යන ගමනක ව්‍යාපෘති ලෙස දැකිය හැකි ය. මහා මාර්ග, වරාය, ගුවන්, ඛනිජ තෙල් ආදී අංශ ගණනාවක්‌ ඔස්‌සේ දිවෙන මහා පරිමාණ ව්‍යාපෘති රාශියක්‌ ඇත.

      බොහොමයක්‌ මෙවන් මහා පරිමාණ ව්‍යාපෘති රජය විසින් පවත්වාගෙන යනු ලබන්නේ විදේශීය රටවල් හෝ ආයතනයවලින් ලැබෙන ආධාර හෝ ණය මුදල්වලින්, මෙය ද එක්‌ හේතුවක්‌ කොටගෙන බොහොමයක්‌ මෙවන් ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවන් විදේශීය සමාගම් බවට පත් වී ඇත.

      එයිනුත් බොහොමයක්‌ චීන ආයතන වීම බොහෝ දෙනා දන්නා සත්‍යයකි.

      කොන්ත්‍රාත්කරුවන් විදේශිකයන් වූවාට ඉදිකිරීම්හි අයිතිය හිමි වන්නේ දේශීය අපට ය. එම නිසා ඒවා ඔවුන් ලවා ගුණාත්මකව නියමාකාරව අදාළ කටයුතු ඉටු කර ගැනීම අප ගේ අයිතියකි. එය පළමුව හා මූලිකව සැලකිය යුතු කාරණයකි. දෙවැන්න නම් ඔවුන් ගෙන් ලබාගත හැකි නව තාක්‌ෂණික දැනුම ලබා ගැනීමයි. බොහොමයක්‌ නූතන ව්‍යාපෘතීන් ලාංකික අපට නැවුම් අත්දැකීම් ය. එනිසා අපට එතුළින් ලබාගත හැකි දැනුම බොහෝ ය. තෙවැන්න නම් මේ ව්‍යාපෘති හරහා ඔවුන් අප රටින් ගෙන යන විදේශ විනිමය ඉතිරි කර ගැනීමයි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, නව කැලණි පාලම හරහා කොළඹ කොටුව සහ වරාය වෙත සම්බන්ධ කිරීම පිණිස කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘති යෝජනා වී ඇත. මේ මඟින් අවට ප්‍රදේශවල දැනට පවතින අධික රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වාණිජ ප්‍රවාහන පහසුකම් සැපයීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ වරාය සඳහාම වූ විශේෂ ප්‍රවේශ මාර්ගයක් සහිතව, නව කැලණි පාලම සිට ගාලු මුවදොර දක්වා කිලෝ මීටර 5.3ක දිගින් යුක්ත වූ කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ඉදි කිරීමට නියමිතය. එමෙන්ම වරාය ප්‍රවේශ මාර්ගය මංතීරු හය දක්වා වැඩි කිරීමට සහ විද්‍යුත් ගාස්තු එකතු කිරීමේ පද්ධතියක් ඉදි කිරීමටද යෝජනා වී ඇත. මීට අමතරව මෙම ඉදි කිරීම් හේතුවෙන් බලපෑමට ලක් වන වරාය සතු ස්ථාන 49ක් ප්‍රතිස්ථානගත කිරීමට සහ වරාය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 360.2ක මුළු ආයෝජනයක් සිදු කිරීමට රජය විසින් අපේක්ෂා කරනු ලබන අතර, එයින් ඇමරිකානු ඩොලර් මිලියන 300ක විදේශීය අරමුදල් සහායක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීම මඟින් ක්ෂණිකව ලබා ගන්නා ගෙවුම් ශේෂ වාසිය හුදෙක් අමතර වාසියක් පමණි.

      ව්‍යාපෘති වලින් ලැබෙන වාසි කිහිපයක් මම පහත උපුටා දක්වනවා.

      1. "කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, නව කැලණි පාලම හරහා කොළඹ කොටුව සහ වරාය වෙත සම්බන්ධ කිරීම පිණිස කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘති යෝජනා වී ඇත. මේ මඟින් අවට ප්‍රදේශවල දැනට පවතින අධික රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වාණිජ ප්‍රවාහන පහසුකම් සැපයීමට අපේක්ෂිතය."

      2. "බොහොමයක්‌ නූතන ව්‍යාපෘතීන් ලාංකික අපට නැවුම් අත්දැකීම් ය. එනිසා අපට එතුළින් ලබාගත හැකි දැනුම බොහෝ ය."

      මෙය ගත්තේ උදාහරණයක් සේ පමණයි. කිසියම් ව්‍යාපෘතියක් නිසා ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ඔබ සඳහන් කර ඇති කරුණු නිදර්ශන. නමුත්, ඔබ මෙහි සටහන් කර තිබෙන දේ මත පමණක් පදනම්ව කිසියම් ව්‍යාපෘතියක වාසි ගැන නිශ්චය කරන්න බැහැ. ඒ සඳහා, මේ කියන වාසි මුදල් ගලන බවට පරිවර්තනය වන ආකාරය පිළිබඳ ඇස්තමේන්තු අවශ්‍ය වෙනවා.

      Delete
    2. හරියටම කියනවනම් පහත ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු අවශ්‍යයි.

      1. වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් අවට ප්‍රදේශවල දැනට පවතින අධික රථවාහන තදබදය අඩු වීම හේතුවෙන් අනාගතයේ ලංකාවේ රජයේ ශුද්ධ ආදායම් ඉහළ යා හැකි නාලිකා (මේ මාර්ගය ඉදි නොකිරීමට සාපේක්ෂව) මොනවාද? (උදාහරණ: රජයේ ඉන්ධන වියදම අඩු වීම, ප්‍රවාහන වියදම් අඩු වීම නිසා සමාගම් වල ආදායම් වැඩි වී ඒ හේතුව මත රජයේ බදු ආදායම ඉහළ යාම, සංචාරකයින් පැමිණීම ඉහළ යාම නිසා සංචාරක කර්මාන්තයේ ලාබ වැඩි වී රජයේ බදු ආදායම් වැඩි වීම හා වීසා ගාස්තු ලෙස ලැබෙන මුදල්)

      2. ඒ එක් එක් නාලිකාව හරහා අනාගතයේ එක් එක් වසරකදී ලැබෙන අමතර ආදායම් ප්‍රමාණ කොපමණද? ඒ අමතර ආදායමෙන් කොපමණක් රුපියල් ආදායම්ද? කොපමණක් ඩොලර් (හෝ වෙනත් ශක්තිමත් ව්‍යවහාර මුදලකින් ලැබෙන) ආදායම්ද? (උදාහරණ: 2022දී අමතර සංචාරකයින් 5,212ක්ද, 2023දී අමතර සංචාරකයින් 7,723ක්ද, මේ මාර්ගය ඉදිකිරීම නිසා ලංකාවට පැමිණෙනු ඇත. ඒ හරහා සංචාරක කර්මාන්තයේ ලාභ රුපියල් --- බැගින් ඉහළ ගොස් රජයේ බදු ආදායම් රුපියල් --- බැගින් ඉහළ යනු ඇත. වීසා ගාස්තු ලෙස ඩොලර් ---ක ආදායමක් රජයට ලැබෙන ඇත. රජයේ ඉන්ධන වියදම අඩු වීම නිසා 2022දී රුපියල් ---ක ඉතිරියක් සිදු වනු ඇත.)

      3. ඒ එක් එක් නාලිකාව හරහා අනාගතයේ එක් එක් වසරකදී විදේශ ව්‍යවහාර මුදල් ප්‍රවාහ වලට තිබෙන බලපෑම කොපමණද? (උදාහරණ: රජයේ ඉන්ධන වියදම අඩු වීම නිසා ඩොලර් --ක් රට තුළ ඉතිරි වනු ඇත. පෞද්ගලික අංශයේ ඉන්ධන වියදම අඩු වීම නිසා ඩොලර් --ක් රට තුළ ඉතිරි වනු ඇත. අමතර සංචාරකයින් විසින් ඩොලර් --ක ප්‍රමාණයක් රට තුළට රැගෙන එනු ඇත.)

      4. මේ ව්‍යාපෘතිය හේතුවෙන් ලැබෙන අමතර දැනුම (spillover effects) හේතුවෙන් අනාගතයේ ලංකාවේ රජයේ ශුද්ධ ආදායම් ඉහළ යා හැකි නාලිකා (මේ මාර්ගය ඉදි නොකිරීමට සාපේක්ෂව) මොනවාද? (මේවාද ඉහත ආකාරයෙන්ම සංඛ්‍යාත්මකව ඇස්තමේන්තු කළ යුතුය.)

      අවසාන වශයෙන් මේ ව්‍යාපෘතිය හේතුවෙන් අනාගතයේ රජයේ ආදායමට සිදුවන බලපෑමත්, ගෙවුම් ශේෂයට සිදු වන බලපෑමත් නිශ්චිතව ගණනය කළ යුතුය. ඉන්පසුව ව්‍යාපෘති වියදම හා එයට අදාළ පසුකාලීන නඩත්තු වියදම් ආදිය (මේ ව්‍යපෘතියේ ප්‍රතිඵලයක් ලෙස රජයේ ආයතන වල අලුත් රැකියා ඇති වේනම් ඒ රැකියා වල වියදම ආදියද ඇතුළුව) ඇස්තමේන්තු කළ යුතුය. මෙය පළමු කටයුත්තට සාපේක්ෂව පහසු කටයුත්තකි. ඉන්පසුව, ව්‍යාපෘතිය නිසා අනාගතයේ රජයේ ආදායමට සිදුවන ශුද්ධ බලපෑමත්, ගෙවුම් ශේෂයට සිදු වන ශුද්ධ බලපෑමත් නිශ්චිතව ගණනය කළ හැකිය. ව්‍යාපෘතිය වාසිදායක එකක්ද යන්නත්, එයින් ගෙවුම් ශේෂයට දීර්ඝකාලීනව ඇති බලපෑම කුමක්ද යන්නට නිශ්චය කළ හැක්කේ එයින් පසුවය. රජයට ශුද්ධ වාසියක් ඇතත් (NPV) ගෙවුම් ශේෂයට දිගුකාලීන බලපෑමක් ඇත්නම් එය සමනය කරන ක්‍රියාමාර්ගයක්ද තිබිය යුතුය.

      මේ ආකාරයේ ඇස්තමේන්තුව ඇස්තමේන්තු වරද සැලකිය යුතු තරම් විශාල විය හැකි නිසා විවිධ තත්ත්වයන් (scenarios) යටතේ ඇස්තමේන්තු ගණනාවක් තිබිය යුතුය. එවැනි ඇස්තමේන්තු අවශ්‍ය කෙනෙකුට අභියෝග කළ හැකි පරිදි ප්‍රසිද්ධ කළ යුතුය. ඉන් පසු කිසිවෙකු අඩුපාඩුවක් පෙන්වා දුන්නොත් නිවැරදි කළ යුතුය.

      ලංකාවේ සිදු කෙරෙන ව්‍යාපෘති හා අදාළ මෙවැනි හැදෑරීම් සිදු කෙරෙනවා විය හැකිය. එහෙත් මා දැක නැත. මා දැක තිබෙන්නේ දේශපාලන පදනමකින් කිසියම් ව්‍යාපෘතියක වාසි ගුණාත්මක ලෙස ගෙනහැර දක්වනු පමණි. ගුණාත්මක වාසි හා සංඛ්‍යාත්මක වියදම් එකිනෙක සැසඳීම අපහසු කටයුත්තක් නිසා ආණ්ඩු පාර්ශ්වයේ අය කිසියම් ව්‍යාපෘතියක් වාසිදායක එකක් බව උලුප්පා දක්වද්දී විපක්ෂයේ අය එවැන්නක් විවේචනය කිරීම බොහෝ විට දැකිය හැකිය. දෙගොල්ලන්ම කරන්නේ රැවටීමකි.

      Delete
    3. ❤️❤️❤️❤️❤️❤️

      Delete
  10. Copied from Dharshana Kasthurirathna

    ගෝඨාභයගෙ පශ්චාත් කොවිඩ් පාලන සමය 70-77 සිරිමාවෝ පාලන සමයත් එක්ක සංසන්දනය කෙරෙනවා.

    උදා විදියට ඒ කාලෙත් ආනයනවලට දැඩි සීමා තිබ්බ සහ ඒ වගේම රාජ්‍ය විසින් වෙළදපොල හැසිරවීමක් තිබ්බ, භාණ්ඩවලට දිගු පෝලිං සහ හිගතා තිබ්බ ආදිය මත.

    ඒ අනුව ලංකාව 'මෙහෙම අල්ලං හිටියොත්' ඉස්සරහට 'ගොඩ යයි' කියල විශ්වාස කරන පිරිසක්ද ඉන්නවා.

    සිරිමාවො කාලෙත් 'තව ටිකක් කල් තිබ්බනං' 'ගොඩ යනවා' කියන මතයත් තියෙනවා.

    කෙසේ වෙතත් ඒ කාලෙ ගැන අහල තියෙන දේවල් එක්ක බැලුවම මේ කාලෙ වෙන දේ ඒකම නොවන බවයි මං හිතන්නෙ.

    වැදගත් වෙනස්කම් තියෙනවා.

    01. ඉතාම මෑතකදි පාර්ලිමේන්තුවට ආපු මුදල් පනතට අනුව වත්කම් හෙළි නොකරන අයට 1% බද්දක් ඇතුව තම වත්කම් හෙළි කරන්න පුළුවන් නීතියක් ගෙනල්ලා තියෙනවා. නොගෙවපු බදු වලින් නිදහස් වෙන්න පුළුවන් ඒ අයට.

    02. ඒ විතරක් නොව පෝට් සිටි පනත වගේ දේවල් බැලුවත් බදු නිදහස්, විනිමය නිදහස් ආර්ථිකමය ලිබරල් කලාපයක් ඇති කරන පනතක්.

    ඒකෙන් ලංකාවටද වාසි නැත්තං චීනෙටද කියන එක ද්විතීයික කතාවක්.

    වැදගත් වෙන්නෙ ඒක ඉතාම ලිබරල් ආර්ථික මොඩලයක් යෝජනා කරන පනතක් වීම. අඩුම තරමින් එක කලාපයකට.

    දැං මේ සංකල්පය ලංකාවෙ පටන්ගත්තෙ ජේආර් සමයෙ.

    03. ඊළගට පහුගිය අයවැය ගත්තත් විදේශිකයන්ට අපාට්මන්ට් ගන්න පුළුවන් විදියට එහෙම නීති සැකසුනා.

    04. අනෙක් අතට ආණ්ඩුවෙ ප්‍රධානම කාර්යයක් වෙලා තියෙන්නෙ රාජ්‍ය සමාගමක් හරහා ඉඩම් පුද්ගලිකකරණය කරන එක. විදේශ රටවල සමාගම්වලට සහ රාජ්‍යවලට දිගු කාලීන බද්දට දෙන එක.

    05. ඒ වගේම රටේ බලාගාරත් පුද්ගලිකකරණය කරගෙන යනවා ඇමරිකානු සමාගම් ආදියට.

    06. කොතලාවල පනත හරහා විශ්ව විද්‍යාලවලට අනුමැතිය දීම තනිකර ආරක්ෂක ඇමතිගෙ පාලනයට එනවා.

    07. ඊනියා නිදහස් අධ්‍යාපනය නිල වශයෙන්ම ඉවර කරන්න පුළුවන් ඒකෙන්.

    දැං මේව බැලුවම රනිල්ගේ ආණ්ඩුවක වෙන වැඩ වගේ දේවල්.

    ඇත්තටම රනිල් උනත් මේ සමහර දේවල් කරන්න පසුබට වෙන්න තිබ්බ ඒවට එන්න තියෙන විරෝධය නිසා.

    කෙසේ වෙතත් දේශද්‍රෝහී රනිල්ට කරන්න අමාරු වැඩ දේශප්‍රේමී ගෝඨාභයට පහසුවෙන් කරන්න පුළුවන්.

    තව වෙනස්කම් තියෙනවා.

    උදා විදියට 70-77 කාලෙ සමූපකාරය සහ කූපන් පොත් හරහා හැමෝටම අවම පහසුකම් දෙන්න උත්සාහයක් තිබ්බ බව පේනවා.

    මේක සමාජවාදී ලක්ෂණයක්.

    නමුත් වර්තමාන ආණ්ඩුව දිළිදු ජනයා ගැන දක්වන්නෙ zero fucks given attitude එකක්.

    ලොක්ඩවුන් කාලෙ 'පුළුවවන්නං ජීවත් වෙයං' කියල තාලෙට තමා ඔවුන්ට සලකන්නෙ.

    බාර් ඇරල අනෙක් ස්වයං රැකියා වහන එකේ පිටිපස්සෙ තියෙන්නෙ ඒ ආකල්පය.

    මේක අධ්‍යාපනය වගේ පැතිවලත් පේනවා. කොවිඩ් කියා මෙච්චර කල් පාසල් වහං හිටපු තවත් රටක් නෑ.

    ඒකෙන් වාසි වෙලා තියෙන්නෙ පුද්ගලික අධ්‍යාපනයයයි, තව ඩී පී එඩියුකේශන් වගේ ඔන්ලයින් අධ්‍යාපන වැඩ කටයුතුයි තමයි.

    මං හිතන්නෙ නෑ ඒ කාලෙ හිටපු ආචාර්ය එන්. එම්. පෙරේරා වැනි අය මේ ප්‍රතිපත්තිවලට එකග වෙයි කියා.

    ඔවුන් අවංකව සමාජවාදය විශ්වාස කරා සහ එය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා.

    ඔවුන් ආර්ථික මිත්‍යා දෘෂ්ටිකයන් වෙන්න පුළුවන්.

    නමුත් ඒ මිත්‍යා දෘෂ්ටිය ඔවුන් අවංකව විශ්වාස කරා.

    නමුත් ලංකාවෙ වර්තමාන ආණ්ඩුවෙ ඉන්න අයට එවැනි දෘෂ්ටිවාදයක් ඇතිය කියා හිතන්න අමාරුයි.

    විමල් වැනි අය සමහර විට මාඔ්වාදයක ඇති. වාසුදේව වැනි අයත් තාම සමාජවාදී මතවල එල්ලිලා ඇති.
    නමුත් ඒ අය ඉන්නෙ වාටියෙ.

    ReplyDelete
  11. මහැදුරු මාතලන්,

    ඔය සබීතා සනත් හිටපු දෙවෙනි ගමන සිනමාපටය ආපු දවස්වල නිවාඩු දවසක හවස ඉන්ග්‍රීසි ෆිල්ම් එකක් බලලා නුගේගොඩ ක්ලබ් එකකට සෙට් වෙච්ච මට කාලෙකට පස්සෙ හොඳ යාලුවෙක් හම්බ වෙලා ඔහුගේ අරුයුමින් එම මේසයෙහිම හිඳ කයියකට සෙට් වුණා.

    ටික වේලාවකට පසුව වැදගත් පෙනුමින් යුතු මැදිවියේ පුද්ගලයෙක් අප මේසය අසලට පැමිණ අප දෙදෙනා දෙසට ඇඳුරුම් සිනාවක් පා ඉංග්‍රීසියෙන් කතා කරන්න වුණා. මම හිතුවේ ඔහු මගේ මිතුරා දැන හඳුනන කෙනකු බව. (මගේ මිතුරා ද සිතා ඇත්තේ මොහු මගේ මිත්‍රයකු බවයී

    අපගෙන් සුහද ප්‍රතිචාරයක් නොලැබුණ නිසා ඔහු තරමක් අමනාප බවක් දන්වමින් සිංහලෙන් මෙහෙම කිව්වා.

    “මාව අඳුරන්නේ නෑ වගේ නේද? ඔහොම තමයි හරියනකොට... අපිව මතක නෑ. හා.. කමක් නෑ. කමක් නෑ.”

    එසේ කියන අතරේම ඔහු එක්වරම මගේ මිතුරාගේ මත්පැන් වීදුරුව ගෙන, එක උගුරට කටට හලා ගත්තා. එසැණින්ම ඔහු අවන්හලෙන් පිටතට ගමන් කළ අතර අන්දමන්ද වූ අපට සිදු වූ දෙය වටහාගන්නට තරමක වෙලාවක් ගතවිය.

    ඊට සති දෙකකට පමණ පසු එම අවන්හලේදීම කළමනාකරුවා විසින් කිසිවකුට පහර දෙනු ඇසී හැරී බැලූ මා දුටුවේ අර වැදගත් පෙනුමෙන් යුත් නාඳුනන මිත්‍රයායි. ඔහුගේ පිනා ෂොට් ගැසීමේ උපක්‍රමය ගැන වැඩි විස්තර දැනගැනීමට ලැබුණේ ඉන් පසුවයි.

    මිනිහා කලින් කලට අවන්හලින් අවන්හලට යමින් මේ ක්‍රමය භාවිත කරයි. අනුන්ගේ වීදුරැ ඔසවා “පිනා ෂොට්” ගසයි. පළා යයි. එහෙත්, මේ පිළිබඳව ලද පැමිණිලි නිසා සෝදිසියෙන් සිටි කළමනාකරුගෙන් එම පින්වන්තයාට එදා ලැබුණේ පිනා නොව කනේ ෂොට් එකකි.

    ඉහළ පෙළේ සමාජ ශාලාවන් වල පවා මෙබඳු පිනා ෂොට්කාරයන් ඇත. එබඳු තැනකට එන විශ්‍රාමික මහතෙක්, හොඳ කතාකාරයකු බැවින් කා අතරත් ජනප්‍රියය. ඒ කතා අසන්නට නම් ඔහුට විස්කි වීදුරුවක් රැගෙන දිය යුතුය. ඔහු බොන්නේ එපමණකි. ඊට වඩා බිඳුවක් හෝ නොබොයි. කිසිවිටෙක පසුම්බිය නොඅදී. මිතුරෝ ඔහුගේ බිලද ගෙවති. පසුව මේ පින් ෂොට් මිතුරා හැඳින්වුණේ ‘වන් ෂොට්’ නමිනි. පොතක් ලියන්නට තරම් ප්‍රමාණවත් මෙබඳු කතා රැසක් අවන්හල් මිතුරන් වෙත ඇති අතර මාතලන් ළඟත් මෙබඳු අත්දැකීම් ඕනෑතරම් ඇති.

    ඒ වගේම ලංකාවට අමතරව ලෝකයට හොඳම විහිළු සපයන රටවල් අතර අයර්ලන්තයට ලැබෙන්නේ මුල්තැනකි. “අයිරිෂ් ජෝක්ස්” යනුවෙන් ප්‍රකට එම විහිළුවල විශේෂයක් වන්නේ ඔවුන් තමන්ගේම දුර්වලකම්වලට සිනාසීමයි. අපවැනිම මද්‍යලෝලී ජනතාවක් වෙසෙන අයර්ලන්තයේ අවන්හල් රසකතා බොහෝයි. මෑතකදී කියවන්නට ලැබුණු එබඳු කතාවක් මා මිත්‍ර මාතලන් ප්‍රමුඛ මාධ්‍යලෝලීන්ගේ විනෝදාස්වාදය සඳහා ඉදිරිපත් කරමි.

    අයර්ලන්තයේ අවන්හලක බීම කවුන්ටරය අසල තරුණයෝ දෙදෙනෙක් මත්පැන් බොමින් සිටියහ. මොහොතකින් ඔවුන් කතාවට වැටුණි.

    “කොහෙද පදිංචිය?”

    එක තරුණයෙක් ඇසීය.

    “ඩබ්ලින්වල”

    “ආ.. එහෙමද මාත් ඩබ්ලින් තමයි. කොයි හරියෙද ගෙවල්?”

    “ඔකනර් පාරේ”

    “හැබෑද? මාත් ඒ පාරෙම තමයි”

    “කොහෙද ඉගෙනගත්තේ?”

    “ලොයිඩ්ස් කොලේජ් එකේ”

    “ආ.. ඇත්තද? මාත් ඒකෙම තමයි”

    “මොන අවුරුද්දෙද අස්වුණේ?”

    “අසූපහේ.”

    “ආ.. පුදුමයි. මාත් ඒ අවුරුද්දෙමයි.”

    “මොකද්ද නම?”

    “ජෝන් මෝරෝ”

    “පුදුමයි. මම පෝල් මෝරෝ.. එකම වාසගම නේහ්?”

    මේ කතාබහ මෙසේ යද්දී කවුන්ටරයේ සේවකයා සිය සගයා වෙත හැරුණේය.

    “ඒයි යාළුවා.. අර එකම පවුලේ නිවුන්නු දෙන්නා අදත් කන පැලෙන්න බීලා.”

    ReplyDelete
  12. මාත, මීළඟ පෝස්ට් එක සඳහා ඉතා වැදගත් මාතෘකාවක් වන සහ ලංකාව වගේ රටවල ඉතාමත් සංවේදී මාතෘකාවක් වන ආගම් විශේශයෙනම ලංකාවේද දැඩි ලෙස සාකච්ඡා වෙන ඉස්ලාමය ගැන සාකච්ඡා කරමු. ගෝලීය ආගම් ගැන කියද්දි ලෝක ජනගහනයෙන් බිලියන 2.3 ක් ක්‍රිස්තු භක්තිකයන් (කතෝලික, ප්‍රොතෙස්තන්ත, ඕතඩොක්ස්) වන අතර බිලියන 1.9ක් ඉස්ලාම් බැතිමතුන්. හින්දූන් බිලියන 1.2ක් පමණ වේ.

    මින් දශක කිහිපයකට ඉහත ලොව ඇතැම් රටවල් හා බොහෝ පුද්ගලයන් ඉස්ලාම් දහම වැළඳගන්නා ප්‍රවණතාවක් පැවතිණි. ඉස්ලාම් යන වදනේ අරුත යටහත් භාවය සහ සාමය යන්නයි. මුස්ලිම් යනු අල්ලාහ්ට යටහත් භාවය පළකරන තැනැත්තා යන්නයි. සාමය අත්විඳීමට නම් හදවතින්, ආත්මයෙන් සහ ක්‍රියාවෙන් අල්ලාහ්ට යටත් විය යුතු බව ඉස්ලාම් ආගම උගන්වයි.

    නමුත් මීට සම්පූර්ණයෙන්ම පරිබාහිරව වර්තමානය වනවිට ඉස්ලාම් දහම ඇදහූ බොහෝ තරුණ පිරිස් අදේවවාදීන් වීමේ ප්‍රවණතාවක් මතුව තිබේ.

    අරාබි ලෝකයේ මෙන්ම අමෙරිකාවට සංක්‍රමණය වී අමෙරිකාව පුරා විසිරී සිටින ඉස්ලාම් බැතිමතුන්ද යුරෝපයේ ඇතැම් පිරිස්ද තම ආගම අත්හරිමින් සිටින බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ. කුවේට් ජාතික නිළි බාස්මා ඉස්ලාමය අතහැර දමා යුදෙව් ආගම වැළඳ ගැනීම බොහෝ මුස්ලිම් ජාතිකයන් දැඩි කම්පාවට පත් කළේය. මෙය වඩාත් සංකීර්ණ වූයේ කුවේට්හි ගුවන්විදුලි මාධ්‍යවේදියකු වූ මොහොමඩ් අල්-මුමින් ඉස්ලාම් ධර්මය අතහැර ක්‍රිස්තියානි ආගමට හැරෙන බව ප්‍රකාශ කිරීමෙන් පසුවය.

    ඉස්ලාමය අත්හැරීම සම්බන්ධයෙන් කිසිවකු ප්‍රකාශ නොකරන්නේ බොහෝ අරාබි රටවල ඇදහිල්ල අත්හැරීමට එරෙහි නීති පැවතීම හේතුවෙනි. එහෙයින් ඉස්ලාමයෙන් ඉවත්වූවන්ගේ නිශ්චිත සංඛ්‍යාව ප්‍රකාශ නොවේ.

    අරාබි සහ ඉස්ලාමීය ලෝකය තුළ ඉස්ලාමය අතහැර දැමීමේ සංසිද්ධිය ව්‍යාප්ත වීමට හේතු වන සාධක රැසක් තිබෙන බව සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙතැයි නිව්ස් ඔන් ලයින් නමැති වෙබ් අඩවිය පෙන්වා දෙයි

    ඒ අනුව කාන්තාවන්ට පහර දීමට ඉඩදීම, යුද්ධවලදී කාන්තාවන්ගේ වහල්භාවය පිළිගැනීම සහ වෙනත් ජාතීන්ට එරෙහිව ජිහාද් ප්‍රකාශ කිරීම වැනි මානව ශිෂ්ඨාචාරයට හා මිනිස් හෘද සාක්ෂියට පටහැනි ක්‍රියා සම්බන්ධ ගැටලුවලට ඉස්ලාමීය පූජකයන්ට විසඳුම් නොමැතිවීම හා ඉස්ලාමීය පූජකයන් මුස්ලිම් නොවන අය සඳහා ඉස්ලාමයට දායක වන්න, ජිසියා නමැති බදු ගෙවන්න නැතිනම් මරණයට සූදානම් වන්නැයි බල කිරීම නිසාද බොහෝ පිරිස් ඉස්ලාමයට එක්වීමෙන් බැහැර වී තිබේ.

    තම පාලනයට නතුවී සිටි ඉස්ලාම් භක්තිකයන්හට දේශපාලන වශයෙන් සමෘද්ධිය අත්කර දීමට ඉස්ලාමීය පාලනයක් පැවැති රටවල නායකයන්ට නොහැකි වූ බවද එම වෙබ් අඩවිය සඳහන් කරයි. ඇෆ්ගනිස්ථානයේ තලිබාන් සංවිධානය සහ ඉරාකයේ සහ සිරියාවේ අයි.එස්.අයි.එස්. සිට සෝමාලියාවේ ෂෙබාබ් සංවිධානය සහ අනෙකුත් අන්තවාදී ඉස්ලාමීය ව්‍යාපාර දක්වා මිනිසුන්ට ඉස්ලාමය එකම විසඳුම යන දැක්ම තුළින් අත් වූයේ විනාශය, දුප්පත්කම සහ අසරණකම හැර වෙනත් කිසිවක් නොවන බවද. ඉන් ඉස්ලාම් දහමේ යථාර්ථය යටපත් වී මුස්ලිම් සහෝදරත්වය සම්පූර්ණයෙන් බිඳවැටුණු බවද එම වෙබ් අඩවිය සඳහන් කරයි.

    මිනිසුන්ගේ සදාචාරය වර්ධනය කිරීම සඳහා ඉදිරිපත් කළ ඉස්ලාමීය පුනර්ජීවනය යන සංසිද්ධිය අසාර්ථක වූයේය.

    ReplyDelete
    Replies
    1. නිරාගමික සෝවියට් සහ ආගම් අබිං ලෙස බැහැර කළ සියලු සමාජවාදීන්ට එරෙහිව වාම විරෝධී ඇමරිකන් මාස්ටර් ප්ලෑන් එකකට අනුව සැලසුම් සහගතව 1978/79 ඇෆ්ඝනිස්ථාන් සිට මැද පෙරඩිග දක්වාත් පසුව ඉන්දියාව, චීනය සහ ඈත පෙරදිග දක්වාත් හැත්තෑව දශකයේ අග භාගයේ පැතිරී ගිය 2000 සිට වේගවත් වර්ධනයක් ලබා පසුව ඇමරිකන් පාලනයෙන් ගිලිහී ගිය ඉස්ලාමීය පුනර්ජීවනයෙන් පසුව, කාන්තාවන්ට සිදු වූ හිරිහැර වැඩි වූ අතර, පක්ෂපාතීත්වය සහ අවංකභාවය වැනි බොහෝ සමාජ වටිනාකම් බිඳ වැටුණු බවද එහි සඳහන්ය.

      ඉස්ලාමීය උරුමයන් ලෙස හඳුන්වා ගන්නා ඇතැම් ග්‍රන්ථවල සඳහන් “වැඩිහිටියන්ට මව්කිරි දීම”, “තරුණියන්ගේ විවාහය”, සහ ලේවැකි “ඉස්ලාමීය කාලිෆේට්” රාජ්‍යය යන මතවාද සහ අනෙකුත් සාහසික ක්‍රියාවන් අන්තර්ජාලය හා සමාජ ජාල නිසා ව්‍යාප්ත වන්නට විය. පෘථිවිය මත ඉස්ලාමය ශ්‍රේෂ්ඨතම ශිෂ්ඨාචාර ආගම බව ලොවට ඒත්තු ගැන්වීමට පූජකයන් ගන්නා උත්සාහයට මේවා මුළුමනින්ම පටහැනිය.

      ඇමරිකන් සහ බටහිර ප්‍රතිපත්ති සැලසුම්කරුවන් දැනට තේරුම් ගෙන තිබෙන පරිදි චීනයට එරෙහි චීන උයිඝුර්, ම්‍යන්මාර් රොගින්‍යා ඇතුලු ඉස්ලාමීය ව්‍යාපාර අසාර්ථක වීමත් තාලිබාන් සංවිධානය චීනය විසින් මිලදී ගැනීමත් නිසා මෙම ව්‍යාපෘතිය තව දුරටත් වැඩක් නැති බවයි. ලංකාවේ තවුහීද් - බදියුදීන් ව්‍යාපෘතියෙන්ද අවශ්‍ය කළ පැහැදිලි ප්‍රතිඵල ලැබී නති බව පැහැදිලියි නේ. මේ නිසා දැන් මීට පරිබාහිරව වෙනත් සැලසුමක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

      ඒ අනුව මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් වෙසෙන ඉස්ලාම් බැතිමතුන්ගෙන් හතරෙන් එකක් පමණ වන ප්‍රමාණයක් මෙලෙස ඉස්ලාම් ආගම අත්හරිමින් යන බව වාර්තා වේ. එය රුල්ලක් බවට පත්වී සමස්ත යුරෝපය පුරාම පැතිරී යන බවක් දක්නට ලැබෙන බවද මාධ්‍යය වාර්තා පෙන්වා දෙයි.

      මේ සම්බන්ධව අදහස් දක්වන සමාජ විද්‍යාඥයන් පවසන්නේ ඉස්ලාම් ආගම ජන්මයෙන් උරුම කරගත් බුද්ධිමත් ඉස්ලාම් භක්තිකයන් තම ජීවිතවලට අභිමානය එක්කර ගැනීමටත් තම දරුවන් මරාගෙන මැරෙන අන්තවාදීන් බවට පත් නොකිරීම සඳහාත් ඉස්ලාම් ධර්මය අත හරිමින් සිටින බවයි. මේ වනවිට අල්ලාහ් නොමැතිව අතිශය චමත්කාරයි (Awesome without Allah) යන පාඨය එවැනි ඉස්ලාම් ආගම අතහැර යන්නන් අතර ඉතාම ජනප්‍රිය පාඨයක් බවට පත්ව තිබේ.

      2021 පසුගිය මාස කිහිපය තුළ Awesome without Allah යන සිරස්තලය ට්විටර් මාධ්‍ය තුළ ජනප්‍රිය වෙමින් පවතී. ලොවපුරා සිටින හිටපු මුස්ලිම්වරු ඉස්ලාමය අතහැරීම සමරමින් හා ෂරියා නීති නමැති විලංගුවලින් මිදී කලින් සිතා ගැනීමටවත් නොහැකි වූ නව නිදහසක් හිමිවීම පිළිබඳ තම සතුට ‘ට්විටර්’ ගිණුම්වල හුවමාරු කර ගනිමින් සිටිති.

      ඒ අනුව මාස ඇමරිකන් අනාගත සැලසුම්කරුවන් විසින් මෙහෙයවෙන බව කියන ලාභ නොලබන සංවිධානයක් වන උතුරු ඇමරිකාවේ හිටපු මුස්ලිම්වරුන්ගේ සංවිධානය මෙම වාපාරය සඳහා මාර්ගගතව මෙන්ම නොබැඳි ලෙසද නායකත්වය ලබා දෙයි. ඔවුන් විවිධ පොදු ස්ථානවල දැන්වීම් පුවරු සවිකර ඇත. “ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින ඉස්ලාම් භක්තිකයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු ඉස්ලාමය හැර ගොස් ඇතැයිද තමන් දෙවියන් නැති, බය නැති, හිටපු ඉස්ලාමිකයන්” යැයිද එම පුවරුවල පදර්ශනය කෙරේ. හිටපු මුස්ලිම්වරුන්ගේ සංවිධානයේ එක් අරමුණක් වන්නේ ඉස්ලාමය හැර යන පුද්ගලයන් මුහුණදෙන ගැහැට හා ගැටලු අවම කිරීමය. එය ලෞකික වටිනාකම් පවර්ධනය කරන අතර ආගමික මතභේද සමතයට පත් කිරීමට කටයුතු කරයි. මෙම මුලපිරීම ආරම්භ කළේ ඇමරිකන් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ මුහම්මද් සයියීද්.

      එම සංවිධානය පෙන්වා දෙන පරිදි ඉස්ලාම් ආගම ඒක පාක්ෂිකය. එය වෙනත් ආගම් අදහන්නන් තම ආගමට ගැනීමට කටයුතු කරන නමුදු ෂරියා (ඉස්ලාමීය නීතිය) විසින් නියම කර ඇති පරිදි ඉස්ලාම් ආගම අදහන කිසිවකුට ආගම අත්හැරිය නොහැකිය. ඔවුන්ට අනුව ඇදහිල්ල අත්හැරීමට දඬුවම මරණයයි. තවද ඉස්ලාමය හැරගිය පුද්ගලයකු ඝාතනය කිරීම සාමාන්‍ය දෙයකි. එය මුස්ලිම් ලෝකය පුරාම නිතරම ක්‍රියාත්මක වන අතර එයට ෂරියා නීතියට යටත් නොවන බටහිර ජාතීන් පවා ඇතුළත්ය. ඉස්ලාම් රාජ්‍යයක් නොවන රටකදී වුවද ඉස්ලාමීය ආගම අත්හැර ගිය පිරිස් ඝාතනය කිරීම සඳහා අතිශය උද්‍යෝගයකින් කටයුතු කරන පිරිස්ද ඒ අතර වේ. ඉස්ලාමය අතහැර ගිය ඥාතියකු ඝාතනය කිරීමට සැලසුම් කළ මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු එක්සත් රාජධානියේ බලධාරීන් විසින් පසුගිය දිනවල අත්අඩංගුවට ගෙන තිබේ. මුස්ලිම් ප්‍රජාව තුළ විසම්මුතියට ඉඩක් ලබාදීම Awesome Without Allah වැනි ව්‍යාපාරවල අරමුණ යැයි හිටපු මුස්ලිම්වරුන්ගේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සාරාහ් හෛදර් පවසයි.

      Delete
    2. ඇදහිල්ල අත්හැර ගිය අයට මරණය ගැන නිරන්තර බියෙන් ජීවත්වීමට සිදුවන මෙවැනි බියකරු වාතාවරණයක් තුළ, මෙම සංවිධානය විසින් සිදුකරනුයේ ඉතාමත් නිර්භීත කියාවක් යැයිද, ඉස්ලාමය හැරයන පිරිසෙන් වැඩි දෙනෙක් කාන්තාවන් වන බවද මීට ප්‍රචාරයක් දෙන ඇමරිකන් සහ යුරෝපා මාධ්‍ය වාර්තා කර තිබේ.

      ඕස්ට්‍රේලියාවේ හිටපු මුස්ලිම් ආධාරක ජාලයේ සම නිර්මාතෘ සහ ඔවුන්ගේ ට්විටර් වෙබ් අඩවිය වන Heretical Gray හි සම නිර්මාතෘ වන නික්, අල්ලාහ් නොමැතිව අතිශය චමත්කාර වන්නේ මන්දැයි යන්න මෙලෙස පැහැදිලි කරයි.

      “කිසිම කාන්තාවකට හිජාබය, නිකාබය අඳින්නට බල නොකළ යුතුයි. කාන්තාවකගේ වටිනාකම රෙද්දකින් තීරණය කරන්න බැහැ. මොකද හිජාබය ඉවත් කිරීම නිසා කාන්තාවක් දූෂණයට ලක් විය යුතු දුරාචාරී පුද්ගලයකු බව අදහස් වන්නේ නැහැ. සෑම කෙනෙකුටම තමන් කැමති පරිදි ජීවත් වීමට නිදහස තිබිය යුතුයි. යනුවෙන් ඇය සඳහන් කර තිබේ.

      ඉස්ලාමය හැරගිය තරුණියක වන යස්මින් මුහමද් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ දැන් අපට කැමති පරිදි ජීවිතය භුක්ති විඳීමට නිදහස තිබේ. අපට අවශ්‍ය දේ සිතීමට අපේ මනසට නිදහස ඇත. අපට අවශ්‍ය අයට ආදරය කිරීමට, අපගේ හදවතට නිදහස ඇත. අපි තවදුරටත් ආත්මරාගීන්ගේ ඉල්ලීම්වලට යටත් නොවේ. යනුවෙනි.

      ගෞරවය සඳහා වන ඝාතනයෙන් දිවි ගලවාගත් තවත් කාන්තාවක වන ජිනාන් මුර්තාද් පවසන්නේ ඇය ස්ත්‍රීවාදය සඳහා ඉස්ලාමය හැර ගිය බවයි. රුඩිකල් කළු ස්ත්‍රීවාදියකු ලෙස මට එකවර මුස්ලිම් හා ස්ත්‍රීවාදියකු විය නොහැකි නිසා. මම කාන්තා විමුක්තිය තෝරා ගතිමි. හිජාබය ඉවත්කර නිවසින් පිටවීම නිසා මගේ මව මා මරා දැමීමට එකඟවූවාය. මා නික්ම ගිය මොහොතේ සිට මා මරා දමන ලෙස ඇය දෙවියන්ට නිමක් නැතිව යාච්ඥා කළ අතර මා ඉක්මනින් මරණයට පත් විය යුතු බව විශ්වාස කළාය. මම ආගම අතහැර දැන් වසර 2ක් ගත වී තිබේ. එහෙත් තවමත් ජීවතුන් අතර සිටිමි ඇය පවසයි. මේ ගැන තවත් විස්තර හොයල බලල පෝස්ට් එකක් හරහා සාකච්ඡා කරන්න පුළුවන් වෙයි.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න