- චානුක වත්තේගම
වත්පොතේ
(ෆේස්බුක්) තරම් සිරා ගෝත්‍රවාදීන් පිරිසක් ලංකාවේ වෙන කොහේවත් නැතිය හෝ
සමාන ප්‍රකාශයක් මෑතක උපුල් ශාන්ත සන්නස්ගල විසින් කර තිබෙණු දිටිමි. මේ
ඇත්තය. සමාජ ජාලයන්හි හොඳ හා නරක ගැන වසරකට වරක් පශ්චාත් උපාධි
විද්‍යාර්ථීන්ට දේශන දෙකක් පවත්වන මා වැන්නකුට වුව, තරමක ලජ්ජාවකින් හෝ,
පිළිගන්ට වන තිත්ත ඇත්තය. ලජ්ජාව වත්පොතේ භූගෝලීය, දේශපාලනික, ජාතික
සීමාවන් බිඳින්ට වන හැකියාව ගැන මා කාලයක ලොරි ටෝක් දී ඇති නිසාය. දැන්
ලංකාවේ තරුණ පරම්පරාව වත්පොතේ සැබෑ වත අපට දක්වමින් සිටියි. තථ්‍ය ලෝකයේ
ගෝත්‍රවාදය බොහෝ විට ජාතිවාදය, ආගම්වාදය හා කුලවාදය යන කිහිපයකට සීමාවෙයි.
වත්පොතේ නිරුවත් ගෝත්‍රවාදය මින් බොහෝ එපිට යන්නේය. පළාත්වාදය, නගරවාදය,
ගම්වාදය, පාසල්වාදය ආදී විවිධාකාර වර්ගවාදයන් මේ අතථ්‍ය අවකාශය තුළ කලෙකින්
එළි පෙහෙළි නොකළ ඉඩමක වල් පැළ මතු වන්නාක් සේ බලා සිටිද්දීම මතු වෙමින්
තිබෙන්නේය.












