හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Jan 9, 2015
Jan 8, 2015
මහින්ද අපි ඔබට ආදරෙයි.... - Mahinda We Love You...
මාතලන්ලා දිණුවේය. ඒ කියන්නේ ජනතාව දිණුවේය. මාතලන්ලා මහින්දට කඩේ ගියා යයි සම හරක් කීවේය. ඔව් අපි මහින්දගේ හොඳ කතා කළේය. නරකත් කතා කළේය. මහින්ද කියන්නේ සුන්දර මිනිසෙක්ය. මහින්ද විනාශ කළේ බලයය. මහින්ද බලයෙන් මුලා උනේය. ජනතාව පයිසෙකට මායිම් කළේ නැතිය. නැතිනම් දුප්පතාගේ බත් පතට කෙලින්නේ නැතිය. පී බී ලා වගේ කම්බ හොරු රෙද්ද අස්සේ දාගන්නේ නැතිය. කබ්‍රාල් වගේ හොරු කරේ එල්ලා ගන්නේ නැතිය. උන් ඔබ තුමා ඇන්දුවේය. අපි ඒ බව කීවේය. ඔබ තුමාට, අපට වඩා උන් ලොකු උනේය. ඒ අපි පොඩි උන් නිසාය. නමුත් පොඩි එකා අද ජය ගත්තේය.
Jan 7, 2015
මැකෝට අපේ ආචාරය... රූපවාහිණිය පච වෙයි..
Jan 6, 2015
ඡන්ද අයිතිය, වටිනාකම හා අනාවැකිය - Voting Power & Predictions
මාතලන් මේ දිනවල ඉන්නේ බොහෝම සුන්දර පවුලක් හා පිරිසක් පිරිවරාගත් ගම්මානයකය. ඒක අර දේදුණු කැළුම් වගේ දිග කතාවක් නිසා මෙතන ලියන්න යන්නේ නැතිය. දන්න උන් දන්නවාය. නොදන්නෝ කවදත් නොදන්නේය. ඊයෙත් මධු පානයෙන්, සංගීතයෙන් හා දේශපාළණ කචල් බචල් වලින් පිරී ගිය රාත්‍රිය, නිමා වූයේ බොහෝ රෑ වීමෙන් පසුය. අද උදේ ජොබ් එකේ පොඩි වැඩ ටිකකට ගිහිල්ලා ඇවිත්, හවස් වරුවේ නින්දක් දාගෙන ඉන්නා කොට, "ඉවාන් පවුලූෂා" කෝල් කලේය. දැන් ඉතින් ආයේ නිදා ගන්න කලින් කුඩු පොඩ්ඩක් ගහන්න ඕනාය. මාතලන්ගේ කුඩු ගැහිල්ල බොග දාන එකය.
Jan 4, 2015
ස්වයං වින්දන, මදන මෝදක හා නොමියෙන බෙහෙත.. (23+) - Masturbation, Viagra & Medicine for Not to Die (13+)
ඒ කාළේ පත්තරවල අන්තිම පිටුවේ පට්ට ඇඩ් එකක් තිබුනේය. ඒකෙන් කිව්වේ පුරුෂ ශක්තිය වැඩි දියුණු කර, ශුක්‍ර මෝචනය පැය දක්වා පමාකර, ලිංගික ජීවිතයේ උපරිම වින්දනයක් ලබා දෙනවා කියලාය. තොටළඟ නාගලගම් වීදීයේ හෝ ඒ කිට්ටුව උන්න දොස්තර මහත්තයා හම්බ වෙන්න ගිය එකෙක් සල්ලි දීලා උස්සගෙන ඇවිල්ලා තිබුනේ මදන මෝදක වගයක්ය. අපේ උන් කිව්වේ ඕකට තොටළඟ යන්නේ අපරාදේ නේ යකෝ, මටළඟ තියෙන ඉස්කෝලේ මහත්තයාගේ කඩේ තියෙන, කැටවල මදන මෝදකයක් ගැහුවාම වැඩේ ඉවරනේ කියලාය. එහෙම ගෙනල්ලා තිබුනේත් ලිංගිකව එක්වන්න නෙමේය. ස්වයං වින්දනේ යෙදෙන්නය.
Jan 2, 2015
ළිඳේ වැටුනි කළු නැන්දා... - Fell into a Well
මීට අවුරුදු 30 කට පමණ පෙර කැළණිය කියන්නේත් පට්ට ගමක්ය. "රොකට් රෝහිණි කතා වස්තුවෙන්" කියන්න ගියේ ඒ ගම ගැනය. ඒත් ඉල්ලන්නෙත් නැතුව ලොක්කා දුන්න ගේම් එක නිසා ඒවා යට ගියේය. "හැලපයාට" මල පැනලා තියෙන්නේ මේකටය. ඒත් ඉතින් මාතලන්ටත් විනෝදාංශ කියා දෙයක් ඇත්තේය. විනෝදංශ ගැන කියන කොට මතක් වෙන්නේ, ඒ කාළේ තිබුන "සතුට" හා "සිත්තර" චිත්තර කතා පත්තර දෙකය. ඕවායේ මිතුරු හවුල් පිටුවක් තිබුනේය. ඒ පිටුවේ පාස් පෝට් සයිස් පූස් පාට් පින්තූරයක් දාලා. නම, ගම, වයස සහ විනෝදෙට කරන්නේ මක්කා දැයි කියා ලියා තිබුනේය.
Dec 31, 2014
ඉස්ථාවර, අස්ථාවර හා බඩගෝස්තර - Stable, Unstable & Greedy Politicians
මේ රටේ ජනතාව ජනපතිවරණයක් ඉල්ලුවේ නැතිය. ඉල්ලුවේ ජීවන බර අඩු කරලා දෙන්න කියලාය. කාටුන් කාරයන්ගේ බඩ පිටේ ඇලුනේය. සරම්, කඩමාලු උනේය. මල්ල හිස් උනේය. ඒ කියන්නේ සමාන්‍ය ජනතාව අම්බ හිඟන්නෝ උනේය. 2016 වනතෙක්, රට පාළණයට යුද්ධය දිණූ වීරයාට වැඩි ඡන්දයෙන් වරමක් දීලා තියෙනවාය. එසේ තිබියදී, ඡන්දයකට යන්නේ ජොතිෂ්‍යකාරයෝ නිසාය. ජෝතිෂකාරයෝ මෙන්ම අන්ඩුවේ පොලිටික්කෝද, හොල්මන්ද බේරේ උනේ, ඌවේ හරින්ගේ, "දැන් ඔක්කොම හරි" සෙල්ලම නිසාය. තව අවුරුදු දෙකක් උන්නොත්, නන්න පෝල් කියලා තේරුන ජනාධිපති තුමා, වේලපත්කඩේ පිහිට පතන්නේ මේ නිසාය.
Dec 30, 2014
පෙට්ටි කැඩීම - Breaking The Box
සම්මාන ගැන මාතලන්ට තියෙන්නේ වෙනම මතයක්. බ්ලොග් වලටත් නොයෙක් නොයෙක් සම්මාන ලැබිලා තියෙනවා. සමහර සම්මාන නම්, බ්ලොග් ලියන උන්ගේ හාස්‍යයටත් ලක් වෙනවා. ඒත් "ටැබූ සම්මාන" ගැන නම් කවුරුත් වරදක් කියනවා අහලා නෑ. ඒ වගේම මාතලන් බ්ලොග් ලියන්න ආපු දවස්වල සින්ඩි වලිනුත් බ්ලොග් සම්මාන දුන්නා. මාතලන්ටත් සින්ඩියක් තියෙන නිසා, මාතලන්ටත් කීප විටක්ම හිතුනා එහෙම අගය කිරීමක් කරනවා නම් හොඳයි නේද කියලා. ඒත් ඒ අදහස පස්සෙ අමතක වෙලා ගියා.
Dec 29, 2014
සල්මාන්, සමනලී හා බලු පූට්ටු... - Salman, Samanalee & Dog Mating
ලියන්නට දෙයක් නැත. ගොසිප් සයිට්, පොලිටිකල් වෙබ් සයිට් වේලෙනවාය. මේ කලටි පොල් කඩන කාලයක් නිසා, වෙන මළදාන ලියලා ඇති වැඩකුත් නැතිය. අඩු ගානේ ලෝකල් ගොබෙල්ස්ගේ, "සී නිව්ස්" එකේ වත් මෙළෝ දෙයක් නැතිය. දෙපැත්තම, රටට වින කල ගං වතුරේ ගසාගෙන ගියාදෝ කියා හිතෙනවාය. මාතලන් මේ දිනවල ඉන්නා හද්ද පිටිසර ගම්මානයේවත්.. බද්දේගමවත් සිරිසේන උන්නැහේගේ කැම්පේන් එකක්වත්, පෝස්ටර් එකක්වත් කටවුට් එකක්වත් පේන්නවත් නැතිය.
Dec 27, 2014
අධිෂ්ඨානය - එල්. ටී. ටී. ඊ. පරාජය නාවික හමුදාවේ භූමිකාව - Adhishtanaya - Role of the Navy in LTTE's defeat
ග්‍රන්ථ විචාරය: 'අධිෂ්ඨානය - එල්. ටී. ටී. ඊ. පරාජය නාවික හමුදාවේ භූමිකාව'
කර්තෘ: අදිමිරාල් වසන්ත කරන්නාගොඩ
ප්‍රකාශක: එච්. කේ. මහින්දලාල්, කොළඹ 5
පිටු 418, මිළ රුපියල් 950
- චානුක වත්තේගම -
විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධරයකුගේ චරිතාපදානයක් කියැවීම තරම් නිදි දුරැත්තෙකුට මහඟු ඔසුවක් නැතැයි ඛුෂ්වන්ත් සිං වරෙක ලීවේය. මේ ඇත්තෙක් නම් අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ 'අධිෂ්ඨානය' මේ තියරිය බොරු කරන පොතක් සේ මම දකිමි. පිටු හාරසිය ගණනෙකින් හා මනා නිමාවෙකින් යුතු මේ කෘතිය පොත් ගුල්ලකු නොවන්නකු පවා රැයක් අවදියෙන් තබා ගන්ට සමත් එකකි.
Dec 24, 2014
මෛත්‍රී හා රනිල් අත් අඩංගුවට ගණු...!!! - Who let the dogs out...?
මේ සීතල දුරුතු සමයයි. මේ දවස්වල පිස්සන්ට පිස්සු තදවෙයි.. රිලවුන්ට හීට් එක නගියි.. ජනාධිපති ගේම නැගලාම යයි.. සාධාරණ මැතිවරණයක් බැලූ බැලූ සැමතැනය.. ආන්ඩුවේ විනය දෝරේ ගලයි.. පොලිස්පති හා පොලීසිය නීතීය අකුරටම ක්‍රියාත්මක කරයි.. ඕනෑම එකෙකුට ආන්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ, රැලි, පෙලපාලී යාමට හැකිය.. ඒවාට, පොලෝසිය දිවි හිමියෙන් ආරක්ෂාව සපයයි..
Dec 23, 2014
Subscribe to:
Posts (Atom)












