මේ ආන්ඩුව, බයියන් කී ලෙසම එකම කැඳ හැලියකි. පිස්සු විකාරයකි. තිබූ ඒකාධිපති වියරුවේම දිගුවකි. දූෂණය, නාස්තිය, හොරකම, වංචාව, ඥාතී සංග්‍රහ එලෙසමය. ජෝකරයන්ද වැහි වැහලාය. එකම වෙනස නම්, පසුගිය සමයේ, රජා රජකම් කළ අතර, කවටයන් කවට කම් කලද, මේ පාන්ඩුවේ, මහ රජාද නොම්මර එකේ කවටයකු වී සිටීමයි. රජ්ජුරුවන්ද චාල් චැප්ලින්ට ඇඳ ඇත. ජැක්සන්ගේ නවතම සිනමා නිර්මාණ ප්‍රචාරක පටයේ මෙය අපූරුවට විග්‍රහ කර ඇත. ජැක්සන්ගේ භූමිකාව ගැන කුමන මතයක් තිබුනද , ජැකා කියලා තියෙනේ සහතික ඇත්තය. ජනපතිවරයා දක්ෂ කතිකයකු වුවද, කියන්නේ මොනවාද කියා එතුමා දන්නේ නැත.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Oct 21, 2015
මාධ්‍යට බිය වීම හා යහපාචනය - Social Networking Phobia & Yahapaachanaya
මේ ආන්ඩුව, බයියන් කී ලෙසම එකම කැඳ හැලියකි. පිස්සු විකාරයකි. තිබූ ඒකාධිපති වියරුවේම දිගුවකි. දූෂණය, නාස්තිය, හොරකම, වංචාව, ඥාතී සංග්‍රහ එලෙසමය. ජෝකරයන්ද වැහි වැහලාය. එකම වෙනස නම්, පසුගිය සමයේ, රජා රජකම් කළ අතර, කවටයන් කවට කම් කලද, මේ පාන්ඩුවේ, මහ රජාද නොම්මර එකේ කවටයකු වී සිටීමයි. රජ්ජුරුවන්ද චාල් චැප්ලින්ට ඇඳ ඇත. ජැක්සන්ගේ නවතම සිනමා නිර්මාණ ප්‍රචාරක පටයේ මෙය අපූරුවට විග්‍රහ කර ඇත. ජැක්සන්ගේ භූමිකාව ගැන කුමන මතයක් තිබුනද , ජැකා කියලා තියෙනේ සහතික ඇත්තය. ජනපතිවරයා දක්ෂ කතිකයකු වුවද, කියන්නේ මොනවාද කියා එතුමා දන්නේ නැත.
Oct 18, 2015
Oct 17, 2015
Oct 15, 2015
වෙලේ සුදා, කොළොන්නාවේ සුදා, මීගමුවේ සුදා හා රටේ වෙදා...
වෙලේ සුදා ගැන නොදන්නා එකෙක් අද මේ රටේ නොඉන්නට කොහොමවත් නොහැකිය. කොළොන්නාවේ සුදාද පොරසිද්ද් පොරකි, මීගමුවේ සුදාද ඉස්සර සිට ගේමේ ඉඳ දැන් තද පොරක් වී සිටිති. ඒත් කව්ද මේ රටේ වෙදා? සාමාන්නියෙන් රටේ වෙදා කියන්නේ නොම්මර එකේ ගල් ආඳන්ටය.
ආඳෝ කියන්නේ එකසිය ගානට ලිස්සන මාළු වර්ගයක්ය. ඕනම දේකින් හීන් නූලෙන් ලිස්සලා යන උන්ට කියන්නේ ආඳා කියලයා. ගල් ආඳා කියන්නේ ඒකේ හොඳම එකය. රටේ වෙදා කියන්නේ ඕනම දෙයකට බෙහෙත් දන්නා ඒ වගේ නොම්මර එකේ ගල් ආඳාන්ටය. ඉතින් කව්ද මේ ගල් ආඳා. වෙනේන් කවුරුවත් නොව අපේ ජනාධිපති තුමාමය.
Oct 12, 2015
ඇත්තටම ලංකාවට නිදහස ලැබුණේ කවදාද? - When we achieved independence?
- චානුක වත්තේගමයන්ගේ ළිපියකි -
සියයට 99 ක් අපේ රටේ 'පොඩි මිනිහාට' නම් තරමකට හෝ සිය හිස කෙළින් කොට ගෙන දෙපයින් නැඟී සිටීමේ නිදහස මුල් වරට ලැබෙන්නේ 1833 දීය.
එතෙක් ඔහු කළේ තමන්ට කියා බිම් අඟලක් වත් නැතිව පාලකයින්ට දිවි ඇති තුරා නිවට නියාලුව කඹුරන එකය. රදළයා රැගත් අසු කුර හඬ ඇසුණු සැණෙකින් කස පහරට බියෙන් සාළුව කරින් ගෙන ලැහැබට රිංගන එකය. නිවසේ හුණු පිරියම් කර ගැන්ම පිණිස "පස්වාන් දහසකට බුදුවන්ඩ දෙයි හාන්දුරුවනේ..." කියා රදළයාගේ දෙපාමුළ ඇද වැටී අවසර ලබා ගන්නා එකය. දෙවුර වසන්ට අවසර නැති ගැමිලිය රුවැති දියණියන් රදළයාට බන්දේසියක තබා පිදීම තම ඉරණම සේ තකන්ට පුරුදු වූ ගැහැණියකි.
Oct 11, 2015
යුරේනිගේ පෑන්ටිය, සමන්තාගෙ ජංගිය හා සීයාගේ අමුඩය (23+) - Brief, Thongs & Grandpa's Amude (13+)
හැමදාම කලටිපොල් නොහොත් පොලිටිකල් නොහොත් දේසපාලනේ ලිය ලියා ඉන්නේ, වෙන එකක් ලියන්නෙ නැද්ද ඕයි කියා කීපදෙනෙක්ම ඇහුවේය. එකෙක් මේල් එකක් දාලා තිබ්බේ ඉස්සර වගේ පඩ කතා, චූ කතා, ජොක්කු කතා, ලියන්නේ නැද්දෝයි කියලාය. ඇත්තටම ඌට මල හොඳම එකෙන් පැනලා තිබුනේය. ඒ උන්නැහේට කියන්න තියෙන්නේ, මා(තලන්) ඔය වගේ ජරා කතා කවදාවත් ලිව්වේ නැතෙයි කියලාය. ඒවා ලිව්වේ මා(තලන්)ගේ ගුරු ජී නොහොත්, කතන්දර නොහොත්, රසිකලොජිස්ට් මහතාය. අපි කලේ, එයා ලියපු ඒවාට උල්පන්දම් දීම පමණක්මය.
Oct 9, 2015
මහින්දාගමනයෙන් අප ලද දේ.... - Mahindanism
අම්මට සිරි ලංකාවේ බොහෝ දේට නම් තබා තියෙන්නේ නිවැරදි ලෙස නොවේය. වත්මනේ රටේ ජාතියේ පිනට පහලවනා, උගත් බුද්ධිමත් සම හරක් පාලකයන් ඒවා වෙනස් කිරීමෙන්ම ඒ බව පැහැදිලිව පෙනෙන්නේය. උදාහරණයක් නම්, මෙතක් කල් වනයේ සිටින අලින් හැඳින්වූයේ වල් අලීන් ලෙස බව පෙන්වා දිය හැකිය. වල් අලි ඉන්නේ හිරිකිතේය. සමාවෙන්න හිරිකොතේය. වන අලි ඉන්නේ වනයේය. ඒ අතරේ ධර්මද්වීපය නම් නම් ලද පින් බිමක, සල් වන අලි කියා අලි වර්ගයක් ඉන්නා බවටද වාර්ථා ලැබෙමින් පවතින්නේය.
Oct 2, 2015
Sep 30, 2015
පොළොන්නරුවේ නයිට් රේස් - Pulathisi Night Race
යහපාල මහත්මයා නොහොත් ළොකු සිරා තුමාගේ පුත්, පොඩි සිරා නිව් යෝක් ගිහින් හෙන ගිනි විජ්ජුම්බරයක් වෙලාය. ඒ අස්සේ යහපාල තුමා සමුළුව ඇමතුවේ හින්ගලෙන්ය කියා මහින්ද මහත්තයාගේ කෑල්ලක් වන අපේ හාමිනා පත කින්ඩියක් දැම්මේය. අපේ හාමිනාට, මහින්ද මහත්තයා ඕකේ හින්ගලෙන් ඉතරක් නොව, දෙපැත්තේ වීදුරු දෙකෙන් බලාගෙන දෙමළෙනුත් පොරි හැලෙන්න දුන්නා අමතක වෙලාය. ඕක එයාගේ වැරැද්දක් නෙමේය. අපේ හින්ගලයාගේ හැටිය.
Sep 21, 2015
එල්ලුම් ගහේ තීරණය බූරුවන්ට - Donkeys will take a desision !!!
යහපාල තුමා අපිට බෝලේ පාස් කොරා කියා අජිත් පෙරේරා නියෝජ්ජ ඇමති තුමා කියා තියෙනවා දැකලා හනිකට ගොහින් නිව්ස් එක බැලුවේ, මේ හොරු අල්ලන එකක් හරි කොන්ස්ටිටියුසොන් එකේ ගේමක් හරි කියලාය. ගිහින් බැලුවාම පුකෙන් හිනා යන සීන් එක කියන්නේ, බෝලේ පාස් කොරලා තියෙන්නේ එල්ලා මරණ එක පාර්ලිමේන්තුවේ උගත් බුද්ධිමත් පිරිසට බාර දීලා තියෙන කේස් එකක් ගැනය. හැබයි ඉතින් ඔය වැඩේට ගමේ නම් කියන්නේ බොලේ පාස් කොරනවා කියලා නෙමේය. බල්ලාගේ වැඩේ බූරූවාට කියනවා කියලාය.
Sep 18, 2015
සාහිත්ත මාසෙට පොත් - Books to Read
සාහිත්ත මාසෙට හැම අවුරුද්දේම දාන පොත් ලයිස්තුව මේ පාර දැම්මේ නැත්තේ ඇයි කියා කීප දෙනෙක් අහලා තිබුනාය. ඒ නිසා මේ සාහිත්ත මාසෙට බන්ඩාරනායක සම්මන්ත්‍රොන සාලාවෙ තිබෙන පොත් මංගල්ලෙන් ඔහේලාට තෝරා ගන්න පොත් ටිකක් කියනා එක මාතලන්ගේ යුතු කමක්ය. ඒ නිසා මේ පොත් අමාරුවෙන් හෝ හොයාගෙන කියවන්න කියලා ආදරයෙන් මෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවාය.
Sep 15, 2015
පට්ට රටක් ඕයි.... - What a Country...!!!
අන්බානක් බිසි වූවද එහෙ මෙහෙ යනාතරේ වයර්ලැස් එකේ අපූරු වැඩ සටහනකට එහෙන් මෙහෙන් කන් දෙක ඔබාගන්න ලැබුනේය. මොකක්දෝ බඩකඩුත්තුවක යන වැඩ සටහනේ නම "රට යන අත"ය. වැඩසටහට ඕනම එකෙකුට කතා කරන්න පුළුවන්ය. අද කතා කරේ කොටදෙනියාවේ කිරි දරුවාගේ ඝාතනය ගැනය. කවුරුන් හෝ ඒ අහිංසක දරුවා අති අමානුෂික ලෙස ඝාතනය කොරලා අවසානය.
Sep 11, 2015
Subscribe to:
Posts (Atom)













