.

.

Aug 31, 2017

ඇගේ ගර්භාෂය ඔබේ නොවේ ! - by Dr. Bodhini Samaratunga






වෛද්‍ය බෝධිනී සමරතුංග

මගේ ජීවිතේ මම කම්පනයට පත් වෙච්ච මොහොතවල් බොහෝ ය.
ඒ උනත් මට අමතක කරන්න බැරි කතා ගොඩක් නැවත සිහියට නැගුනේ මේ දිනවල කරලියට නැගුණු ගබ්සාව නීතිගත කරන යෝජනා සමග ය.

අවුරුදු 12 දැරියක් අපේ මාතෘ සායන වලට ගෙන ආවේ කොන්වන්ට් එකේ සිස්ටර් කෙනෙක්.

එදින ඇය ගෙන ආ ඒ දැරිවියගේ මුහුණේ තිබුනේ අතිශය වේදනාබර හැඟීමක්. මා දැනගත් පරිදි , ඇගේ මව පියා දෙදෙනාම නැතිව ඇය ආච්චී සමග විසූ අතර බඩු ගෙන එන්න කඩයට ගිය විට එම මුදලාලි විසින් ඇයට අතවර කර තිබුනා, පසුව ලැබෙන තෑගි බෝග නිසා ඇය කිහිප වරක් මෙලෙස අපයෝජනය වී තිබුනා. හරි හමන් ඉස්කෝල අධ්‍යාපනයක් නොලැබුණු මේ දරුවන් යන්තම් ඉස්කෝලේ යන්න පටන් ගන්න කාලය(යුද්ධය ඉවර නිසා) මේ වන විට එළඹ තිබුනා. නමුත් ඇයගේ බඩ ලොකු වෙන්න ගත් නිසා ආච්චි සමග රෝහලට ආපු ගමනේ දී ඇය දැනගත්තේ පිරිමියෙකු අරම කළහම මෙහෙම දේවල් වෙන්න පුළුවන් බව. එතකොට ඇයට මේ සංහදිය කළ වැඩිහිටි පිරිමියා ? ඔහු මෙහෙම වෙන බව නොදැන සිටියා වෙන්න බෑ.

Aug 26, 2017

කාවඩි බයිලා - New Version





නිහාල් නෙල්සන්ගේ, "කාවඩි බයිලා" තාලයට බැති සිතින් ගයා වයා සැනසෙන්න..

නා...තින් පඬුරු නතින්, සල්ලි ජල්ලි නටමු ඉතින්,
කපුවෝ ටික පේලිය සැදිලා....
දා...ලා නාග සලම්, සරමත් කරට අරන්,
ඕකගේ අම්මට කියලා.....
දෝතින් පොල්ල අරන්, පිස්තෝලේ ඉනේ ගහන්,
කතරගමේ දෙවිඳුට වැදලා..
මල්ලි.., පෝලින් ගැහිලා වරෙන්, යතුර ගන්න ගේම දියන්
බස්නායක නිළමෙට නෙලලා

පච්ච පාට මොණර කොලේ පඬුරු තියාලා
පුදන්න එන ගොබ්බ හරක් එලියට දමලා
හතර වටේ ගේට්ටුවල ඉබ්බො දමාලා
ඉතින් දෝශභංග වෙන්න නෙලමු යතුර සොයාලා

නා...තින් පඬුරු නතින්, සල්ලි ජල්ලි නටමු ඉතින්,
කපුවෝ ටික පේලිය සැදිලා....
දා...ලා නාග සලම්, සරමත් කරට අරන්,
ඕකගේ අම්මට කියලා.....
දෝතින් පොල්ල අරන්, පිස්තෝලේ ඉනේ ගහන්,
කතරගමේ දෙවිඳුට වැන්දලා..
මල්ලි.., පෝලින් ගැහිලා වරෙන්, යතුර ගන්න ගේම දියන්
බස්නායක නිළමෙට නෙලලා

කතරගමේ පුද වරුනේ උඹට කියාලා
මම හතර පදෙන් ගොතන්නේ මේ කාවඩි බයිලා
හතර වටින් ඇවිල්ලා පින් පඬුරු දමාලා
කපුවෝ, නිළමේ ගොඩ දාපිය මෝඩයෝ වීලා

නා...තින් පඬුරු නතින්, සල්ලි ජල්ලි නටමු ඉතින්,
කපුවෝ ටික පේලිය සැදිලා....
දා...ලා නාග සලම්, සරමත් කරට අරන්,
ඕකගේ අම්මට කියලා.....
දෝතින් පොල්ල අරන්, පිස්තෝලේ ඉනේ ගහන්,
කතරගමේ දෙවිඳුට වැන්දලා..
මල්ලි.., පෝලින් ගැහිලා වරෙන්, යතුර ගන්න ගේම දියන්

බස්නායක නිළමෙට නෙලලා...

Aug 23, 2017

අළුත්කඩේ ඩීල් මාළු කඩෙන් කෙලවර වීම - Deal or No Deal


Cartoon by Susil (Web Buwa)

සම හරක්ට පින ඵල දෙන්නේ නිකං ස්වීප් ටිකට ඇදෙනවා වාගේය. සිරිසේන උන්නැහේට මෙන්ම ඩීල්දාසට ලැබුනේ එහෙම පිනා චෑන්ස් එකක්ය. බඹරේ වැල්ලේ ගැහුවත් කැරකෙන කාළ එනවා වාගෙම, කලාවට වැඩේ කලේ නැත්නම් ඊට පස්සෙ ඔළුව කැරකෙන්න පටන් ගන්නවාය. ඩීල්දාස උන්නැහේට ලැබුනේ ඒ දෙකටම වඩා ඉබ්බා දියේ දැම්මා වාගේ චෑන්ස් එකක්ය. තනිකර ඩීල් ගේම් යන ආයතනයකට ඩීල් කාරයෙක්ම දැම්මා කියන්නේ ඉතින් ඒ යකා සංසාරයටම ගොඩ යන කේස් එකක්ය. 

Aug 16, 2017

ඇ(හැ)ට දෙක හිරිවැටීම - Balls of Fury


Cartoon by Awantha Artigala

සාමාන්නියෙන් ඕනම දේක ග්‍රේස් පීරියඩ් එකක් කියා දෙයක් ඇත. අවුරුදු පහක් වැනි කාළයකට බලය ඉල්ලනා උන්, බලයට පැමිණිය පසු කරන්නේ මක්කාද යන්න කල් තියා ප්ලෑන් කොරගෙන ඉන්න ඕනාය. කරුමය කියන්නේ ලංකාවෙ රජකමට පත් වූයේ රජකම ලෑබේ යැයි කියා හීනයකින්වත් නොසිතු උන්නැහේ කෙනෙකුටය. එහෙම කෙනෙකුට විෂන් මිෂන් තියා, මොන මළදානයක්කත් තියෙන්නට බැරිය. පන පිටින් දිවිය ලෝකයේ යන එකාටද, පන පිටින් අපායෙ යන එකාටද සිද්ද වෙන්නේ එකම් සැන්තෑසියක්ය. කරකවලා අත ඇරීමක්ය. නන්න පෝල් වීමක්ය. හරියට සුනාමිය ආවා වගේය. ආවේ සුනාමියක් කියා දැන ගත්තේද, වෙන රටවල උන් කියනා විටය.

Aug 10, 2017

රවී නීච(කිච) වීම ඔබට කෙසේද..? - Predictions after Ravi's Resignation




රනිල් වික්‍රමසිංහට

හවුල් ව්‍යාපර ගණුදෙණු වලදි පරික්ෂාකාරි වන්න, රෑ වැටුන වලවල් වල දවාලටද වැටීමට ඉඩ ඇති බැවින්. දවාලේද ටෝච් එකක් රැගෙන යාම සුදුසුයි. කලිසම අස්සේ දාගත් නඩු හබ වලට සම්බන්ධ දෙපත් නයකුගෙන් හානි පැමිනිමේ විශාල ඉඩ කඩක් ඇත. එම නිසා අහක යන නයි කලිසම අස්සේ දා ගැනීමේන් වලකින්න. ඉල්ලාගෙන කෑමේ ජන්ම ඒරාෂ්ඨකයක් ඇති බැවින්, පින් ඇමතිවරුන්ට බලු කපුටු දානයක් හෝ වාහන පූජාවක් කිරීම හොඳ බව පෙනේ. 2020 දක්වා මාරක අපල පවතිනා බැවින්, තිරුපති වැඳගැනීම යහපත් බව පෙනේ. මන්ද දේශිය දෙවියන්ගෙ බැල්ම ඉතා අඩු බැවිනි. 

Aug 6, 2017

චීනා නැවත පැමිණීම රටේ වාසනාවකි - I - Welcome China - I




චීනා නැවත් පැමිණීම ලෙස මෙය හැඳින් වූයේ, මරි මෝඩ යහපාලන හිවළුන්, මහින්ද ගෙන ආ චීනුන් එලවා දැමූ අතර, රටේ වාසනාවකට කෙසේ හෝ ඔවුන් නැවත පැමිණ ඇති හෙයිනි. (එමෙන්ම ඈත අතිතයේ සිටම චීනය හා ලංකාව අතර සබඳතා ඇති බවට ඉතිහාසයේ කරුණු ඕනෑ තරම් ඇති අතර ෆා හියන් ගේ සටහන් හා යාපහුවේ නිර්මාණයන් ඒවාට ඇති උදාහරණයන්ය. කොහොමත් චීනයටත් වඩා අම්මට සිරි ලංකාවේ චයිනීස් රෙස්ටුරන්ට් තිබීමම ඒම සබඳතාවය ගැන ඇති අගනා උදාහරණයන්ය.) මෙය තරමක් දීර්ඝව සාකච්ඡා කළ යුතු මාත්තුරුකාවක් බැවින්, ඔබේ අදහස් සමඟ ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙමි.. මේ එහි පළමු කොටසයි

Jul 28, 2017

දැන් නම් බුදු සිරා ඕයි...!!! - Be on right track Sira....




ජනවාරි 8 විප්ලයවට දායකත්වය දෙමින් හෙවත්, රෙදි නැතිව කඩේ යමින් උන් හැම එකාම උන්නේ නන්න පෝල් වෙලාය. අපට පාරේ බැසයාම කෙසේ වෙතත්, ගෙවල් වලවත් කනක් ඇහිලා ඉන්න උන්නේ නැතිය. හැම එකාම කිව්වේ, පොන්නයෝ දෙන්නෙක් රට පාලනය කරනවා කියලාය. එහෙම කිව්වේ මිලේඡ්ච පාලනයක් පෙරලූ උන්ට, එම පාලනයම ඉදිරියට ගෙන යාම අපහසු නිසාය. ඇත්තම කතා කරනවා නම් නිදහස ඕනාවටත් වඩා ලැබුනේය. හොරුන්ට ඇප ලැබුනේය. මේ හොරු ඇල්ලීම එකම විකාරයක් වුවත්, එය ඉවසාගෙන සිටිය හැකි දෙයක් උනත්, ඡන්දේ දිනපු උන් පවා අන්තීමටම කළකිරිලා උන්නේ, මේ ආන්ඩුව කිසිවක්ම නොකරනා බැවින් හා හිටපු උන් තාමත් රට පාලනය කරනා බව හැම අතින්ම පෙනුනු නිසාවෙන්මය. 

Jul 25, 2017

රයන් පුතා වෙත ආදරයෙන් ලියමි - To Rayan with Love



 රයන් පුතා වෙත, 

රයන් පුතාට ලියුමක් ලියන්න හිතාන උන්නේ බොහෝ කාළෙක ඉඳන්. ඒත් ඒ කාළේ රයන් පුතා පයිසෙකට මායිම් කල එකෙක් නෙමෙයිනේ. ඒ කාලේ පොර වෙලා උන්නේ ළහිරු පුතා නේ. පුතාලා වාසිටි එන්නේ ඉගෙන ගන්න නෙමේ නේ. රට කරවන උන්ට උගන්නන්න. ඉතින් ළහිරු පුතා නම් මේ දවස්වල ප්‍රැක්ටිකල් කොරනවා මහ උළු ගෙදර. ඒ ඩිග්‍රිය ඉස්සරහට මේසොන් බාසලට් බදාම සප්ලයි ඩිග්ගිරියට වඩා බොහෝම වටිනවා.

Jul 22, 2017

චෙස්ටර් බෙනින්ග්ටන්, ලින්කින් පාක් හරහා එන ලාංකීය සමාජයේ කුහකත්වය.. - Chester Bennington, Linkin Park & Sri Lankan Music Fans




චෙස්ටර් බෙනින්ග්ටන් ගෙල වැලලාගෙන මිය යනවා. ඒ කියන්නේ එල්ලිලා මැරෙනවා. කෙනෙක් එල්ලී මැරීම හෝ සිය දිවි නසා ගැනීම ස්ව කැමත්ත මත ගන්නා තීරණයක්. මේක විශාදියේ උපරිම අවස්ථාව කියලා තවත් විෂයකින් විග්ගරහා කරන්න පුළුවන්. තා කෙනෙකුට ගරහන්නත් පුළුවන්. ජීවිතයෙන් පලා යාම කියලා දාර්ශණික ටෝකක් දෙන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙකුට මෙය වීර ක්රිීයාවක් වෙන්නත් පුළුවන්. මක්කා උනත් ඒක චෙස්ටර්ගේ තේරීම. අපි මරා ගත්තා කියලා ආයෙ ඌට පණ එන්නේ නෑ.

මේ ආකරයටම ෆ්රැරන්සිස් මොලමුරේගේ දියණිය ගෙල වැලලාගෙන මිය ගිය පුවත ගැන ඉන්ගිරිසි භාෂාවෙන් හා හින්ගල බසින් ලියවූ අපූරූ ගීතයකුත් තියෙනවා.  ඒ තමයි "ඔච්ච්ර බලගතු ඔපිසරගේ දුව එල්ලිලා මැරුණලු පොඩි නෝනෝ" කියන ගීතය එම ගීතය තුලම එහි ඉන්ගිරිසි පාරිවත්තනයත් අඩංගුයි.. එහිදී මෙහෙම කියනවා, "සෝ මච් පවර්ෆුල් ඔෆිසර්ස් ඩෝටර් හැන්ගඩ් ඇන්ඩ් ඩයි ම්ය් ස්මෝල් ලේඩී" (So much powerful officer's daughter, hanged and died my small lady)


Jul 15, 2017

දෙසැමබර් 31 ට පෙර කෙලෙවෙන්නේ මහින්දටද, රනිල්ටද නැත්නම් දෙදෙනාටමද...?




රනිල්ගේ හා මෛත්‍රිගේ හවුල් ව්‍යාපාරය හද්දා බංකොලොත් ව්‍යාපාරයක් බව ලොවටම කියන්නේ එකේම ඉන්නා උන් මිස අප නොවේය. පනීන්නට පෙර සිතා බලන්නට, ඇමතිකම් වලට තව කෑලී එකතු කළ ජෝන් සෙනෙවිරත්න ගොයියා නොකියා කියන්නේ ඒ කතාවය. උන් මේ බංකොලොත් සමාගමෙන් ඉවත්ව නව අධ්‍යක්ෂක දූරයක් බලාපොරොත්තු වන්නේ රනිල්ගේ සමාගමේ නොවේය. එක්කෝ මහින්දගේ සමාගමේය. එසේ නොමැතිනම් මෛත්‍රිගේ සමාගමේය. රනිල්ගේ සමාගමේ උන් මොන බයිලා ගැසුවත්, වැඩි ඩිරැක්ටොර්ලා පිරිසක් උන්නත්, සමාගමේ විධායක සභාපති කම තිබෙන්නේ සිරිසෙන් මහ රජානෝ අතය. 


Jul 12, 2017

ජනප්‍රියම බ්ලොගර් වීමට මනාප දුන් සියල්ලන්ටම් ස්තූතියි... - Thank you all





සෝෂල් මීඩියා ඩේ වෙනුවෙන් දුන් "එටි අවෝර්ඩ්ස්" වල, ජනප්‍රියම බොග දාන්නා ලෙස මාතලන් තේරි පත්වෙලා කියන නිව්ස් එක මම දැන ගත්තෙත් අද චානුක වත්තේගමයන්ගේ බුකි පෝස්ට් එකක චමීර ජීවන්ත දෙද්දුවගේ දාලා තිබුන කොමෙන්ට් එකකින්. (මාතලනුත් දැන් පට්ට බිසි නිසා, වැඩියේ සැරිසරන්නේ බුකියෙනේ).. මේ සම්මානය මාතලන්ට හුඟක් වටිනවා. හේතුව මේක ජනතා කැමැත්තෙන් තෝරපු දෙයක් නිසා.

එක එකා මොන මොන මළදාන කීවත්, මාතලන් හැමදාම ලිව්වේ ජනතාව වෙනුවෙන්. එක එක පක්ෂ වලට ලියන්න ඇරයුම් පිට ඇරයුම් ආවත්, ඒ කිසි දෙයක් පිලි නොගත්ත බව, ආරාධනා කරපු අයයි, ඒවට සම්බන්ධ අයයි හොඳිනම් දන්නවා. 

ඉතින් ඒ බව මනාව තරුම් ගත්ත පිරිසක් ඉන්නවය කියන එක මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා.. මෙය මාතලන්ට ලැබුනේ මාතලන්ට මනාප දුන්න උඹලා නිසා.. ඒ නිසා මට උඹලට දෙන්න පුළුවන් එකම දේ තමයි උඹලා වෙනුවෙන් ලියන එක..

රටේ ප්‍රසිද්ධම ආයතන, කන්ඩායම් හා පුදගලයන් අතරේ මාතලන් ඉන්නෙත් උඹලා නිසා... 
ඒ නිසා මේ සම්මානය මගේ නෙමෙයි උඹලගේ..

මේ සඳහා ප්‍රධාන පිටුවහලක් උනේ මාතලන් බුකි ගත වීම.. අපේ තාත්තා ඉස්සර බුකියට යනවා කියලා බැන්නට, මට බනින්න ආච්චි උන්නෙත් නැති නිසා, මාත් දැන් බුකියේ ඔට්ටු අල්ලනවා එක සිය ගානට..

ඒ නිසා බුකියෙන් මාතලන් වෙනුවෙන් කැම්පේන් එකක් කළ චානුක වත්තේගමයන්ටත්, අජිත් පැරකුම් ජයසිංහටත්, කපිල එම් ගමගේටත්, අනෙක් සියළුම බුකි මිතුරු මීතුරියන්ටත් ඒ නිසා විශේෂයෙන් ස්තූතියි..

ඒ වගේම මාතලන් බ්ලොග් පටන් ගත්ත කාළේ පටන් උදව් පදව් කළ, කතන්දරකාරයාටත් (රසිකලොජි සමඟ කතන්දරකාරයා මිය ගියා) ටැබූලාටත්, මාලන්ලාටත්, ඉන්දිකටත්, දුකාටත් වගේම, නම් ගම් සඳහන් නොකල සියල්ලන්ටත්, රියල් ඇනෝලාටත්, ප්‍රෝෆයි ඇනෝලාටත්, මාතලන්ට බැන බැන මාතලන් හොරෙන් රස විඳිනා සියල්ලන්ටත් ස්තූත්යි..

නැවත් කිව යුතුව ඇත්තේ 

මේ සම්මානය මගේ නෙමෙයි උඹලාගේ..

(මේ....... පාර්ලිමේන්තුවට ඉල්ලුවොත් හෙමත් මනාපයක් දීපල්ලා)

Jul 8, 2017

මරු කියවන යහපාලන රෝගීයා - End of the Road



ඩෙංගූ මදුරුවා විනාශ කිරීම සඳහා මල් පැණි බොන මදුරුවෙක් ඉන්නවා කියා මුලින්ම සොයා ගත්තේ ගායන හා රංගන ශිල්පි දීපාල් සිල්වාය. අද ඔහුගේ ඒ ඔත්තුව අනුව යමින්, තම පර්යේෂණ මඟින් ලොවට බොහෝ ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දුන් අම්මට සිරි ලංකාවේ වයිජ්ජ පර්යේසොන් ආයතනය මල් පැනි බොන මදුරුවන් හා මැදිරියන් සංසර්ගයේ යෝදනවාය. මේ මගින් ඩෙංගි මදුරුවාට කෙසේ වෙතත් මැදිරියට නම් කෙල වෙන බව සහතිකය. එවිට ඔය රෝගීන් පිරිච්චි ඉස්පිටිතාලවල පොටෝ ෂෙයාර් කොරනා උන්ගේ පුක බිම ඇනෙනවාය.

Jul 5, 2017

වසන්ත සිරි වටගොඩ හා කුකූ - Cockoo & Wasantha


"වසන්ත සිරි වටගොඩ", අම්මට සිරි ලංකාවේ කවියට ආදරේ කරන උන්ට වසන්ත සිරි කියන්නේ නුහුරු නමක් නෙමෙයි. වෘත්තියෙන් ලෝයර් මහත්තෙක්, ඌ, උගේ කවි සිතත් අරගෙන සෙයිලමට එනවා. ඒත් ටික කලකින් සෙයිලම ගැනයි කඳවුරු ගැනයි කළකිරිලා ආයෙත් ගම්පොජ්ජ වෙච්චි අනුරාජපුරේට සැපත් වෙනවා. කවියෙක් කියන්නේ සුන්දර මනුස්සයෙක්. ඒ නිසා උගේ අදහස් අළුත්ම ආකාරයකින් බුකියෙන් එනවා.. මාතලන් ඒවට කියන්නේ "කුකූ කවි" කියලා.