.

.

Jan 31, 2022

ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට නම්..

 


ලෝකය තනි යායක් කියා කීමට කියන්නේය. ඇත්තටම අද ලෝකයම එකම ගම්මානයකි. ලංකාව දූපතක් වීම මෙන්ම ප්‍රධාන භාෂාවන් දෙකම ජාත්‍යන්තර භාෂා නොවීම අති බහුතරයකට මේ හැඟිම, මේ දැණීම, නැතිවීමට ප්‍රධාන හේතුවය. රට තොට ඇවිද ආ එකාත්, මේවා නොදන්නවා වගේ ඉන්නෙ ඒ ගෝත්‍රිකත්වයෙන් ගොඩ ඒමට බැරි නිසාමය. (උන් නොරට ගෙවන්නේත් හුරු පුරුදු වනචාරි ජීවීතය බව ඊයේ පෙරේදා ඔස්ට්‍රේලියාවෙන් ඔප්පු උනේය.

සාමාන්‍ය ජනතාවගේ තත්වය එසේ වුවද, දේශීය උගතුන්ගේ මෙන්ම, නොරට ජීවත්වන උන්ගේත් මානසිකත්වය තත්වයේද ඊට වඩා කිසිඳු වෙනසක් නැත්තේය. උන් කියන්නේ, ලෝකෙන් උතුම් රට මේ ලබු ගෙඩියෙයි කියලාය. මේකේ තියෙන සම්පත් ලෝකයේ කිසි රටක නැතෙයි කියාය. හොඳම උදාහරණය දොරමඩලාවට එන නොරට ජිවත් වෙන මහා ආචාරියලාය. මහා උගත්තුය. හැබැයි මෙහේ තෙල් වත් ගල් අඟුරුවත් ඇත්තේ නැතිය.ද් 1960 ගනන්වල සොයාගත් පේසාලේ තෙල් තාම උඩට ආවේ නැතිය. 

ඇත්තම කතාව මුන්ට උපාධි කප්පරක් තිබ්බත් මේ එකෙක්වත් ලෝකයට අලුතෙන් කිසිවක් එකතු නොකල, වන පොත් කොට ගොඩ ගිය, ස්වාධීන බුද්ධියක් නැති, නිර්මාණශීලීත්වයක් නැති, අප්ඩේට් නැති රොබෝලා පිරිසක් වීමය.

සිතිජයෙන් එහා ලෝකයක් බැලීමට දහසක් බලාපොරොත්තු මැද ගෙනා ඇමරිකන් ඝෝඨා, අමු සිරි ලාංකික ගෝත්‍රිකයෙක් කර තිබෙන්නේ එම පිරිසය. දොරමඩලාව ඔහුගේ ප්‍රියතම වැඩ සටහනක් වනාතර, හසන්ත ඔහුගේ ප්‍රියතම නිවේදකයෙක් වන්නේය

 1970 -77 ත් අතර තිබූ "සත් අවුරුදු සාපය" මාරම යුගයක් ලෙස මුන්නැහේගේ ඔලුවට කාවද්දා ඇති බව ඔහුගේ මෑතම කතාවලත් පැහැදිලිවම පෙනෙන්නේය. දේශීය ආර්ථිකයක් ගොඩ නැගීම ඔහුගේ එකම බලාපොරොත්තුව බව ඔහුගේ "කහ විප්ලවයෙන්" අපූරුවට පෙනෙන්නේය. කාබනික එකෙන් නාගත් ආකාරය ගැන අළුතෙන් අටුවා ටීකා ටිප්පනී ලියන්න ඕනෑම නැතිය.

මේවා නරක දේ නොවේ, එහෙත් කරුමය නම් කිසිම සැලැස්මක් නැතිව දේශීය වෙළඳපොළ පමණක්ම ඉලක්ක කරගෙන පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම නවතා දමා විප්ලව කරන්නට යාමය. පාරිභෝගිකයන් කහ නැතිව පරිප්පූ කෑ අතර, පන් ගොයියෝ සියල්ලෝම කහ වවා ලොරියක් අරගෙන දියුණු වීමේ පරම පවිත්‍ර චේතනාවෙන්ම කහම විතරක් වැව්වේය.

දැන් ඒවා වවපු උන්, ඒවා විකුණාගන්න බැරිව  ඝෝඨාගේ මව් ගුණ ගයමින් සිටිනවාය. නිශ්පාදනය වැඩි වූවා කියා, හිඟයක් පැවති කාළයේ පැවති පාරිභෝගිකයාට ඉසිලීමට නොහකිවූ මිළෙහිද කිසිඳු වෙනසක් නැත. මේවා බන්ධුල ඉගැන්වූ ආර්ථික තියරිද අමු කෙප්ප බව ඔප්පු කර අවසානය. මන්ද විපක්ෂයේ ප්‍රොපගැන්ඩාවලට මෙන්ම ක්‍රියාකාරකම්වලටද, මාෆියාවලටද, මහ බැංකුවේ උද්දච්ඡ් නිළධාරීන්ටද, භාන්ඩවල මිළට බලපෑම් කළ හැකි බව කිසිඳු ආර්ථික තියරියක පැහැදිලි කර ඇතැයි කියා මා නම් සිතන්නේ නැතිය. 

නමුත් ලංකාවේ සිඳුවන්නේ එයය. සහල් හා සිමෙන්ති වලට වී ඇත්තේ එයය. ගෑස් පිපිරුවේ කෙසේද කියා දැන් ඕනා එකෙකුට තේරෙනවා ඇතිය. හාල් මිළ පාලනය කරන්නේ තනි පුද්ගලයෙකි. ඌට විධායකයද මාර බයය. බුවා විධායකටත් වඩා බලවත්‍ය. සිමෙන්ති ඇති තරම් ආනයනය කළද, සීනී වලට කලාක් මෙන් ඒවා සඟවා හිඟයක් මවා වැඩි මිළට විකුණයි. සිමෙන්ති නැතෙයි කියන්නේ අමු බොරුය. වැඩි මිළට ඕනා තරම් වෙළඳ පොලේ ඇත.

මේ සියල්ලට හේතු උනේ එතෙක් නිදහසේ ගලාගිය ආනයන අපනයන වෙළදපොලට රජය හොට දැමීමය. මාතලන් හැමදාම කියන්නා වාගේ ආර්ථිකය මයිනස් ගිය පට්ට අසාර්ථක චන්ද්‍රිකාගේ යුගයේත්, මන්ද බුද්ධිකයින් දෙදෙනෙක් පාලනය කළ යහපාලන සමයේදීවත් ඔවුන් කිසිදින නිදහසේ ගලා ගිය ආර්ථිකයට, බාධා, පාලන, නීතී රීතී දාන්න ගියේ නැතිය. 

වාහන ආනයනය සීමා කිරීම මේ තීරණවලින් ගත් අමනම තීන්දුවය. මේ තීරණය ගැනීමට පෙර එය වෙළඳපොළට කරන බලපෑම ගැන හෝ ඉන් කෙතරම් පිරිසක් ජීවත් වන්නේද යන්න ගැන කිසිඳු අධ්‍යයනයක් සිඳු නොකොට ආර්ථිකයේ බෙල්ල කැපුවා වාගේ කළ අමනම තීන්දුවකි. 

මේ බව තේරුම් ගත් පැරණි එක්සත් ජාතික පාක්ෂිකයකු වන අජිත් නෙවාඩ් කබ්‍රාල් මොකා හෝ දැමූ මේ ගොබ්බ තීන්දුව වෙනස් කිරීමට ඉල්ලා මාස තුනක් ගත් වූවද, ඊට එරෙහි පිරිසක් මුදල් අමාත්‍යංශයේ ඉන්නා බවට මේ වන විට වාර්ථා වේ. උන් මොකා උනත් ඒ කරන්නේ ඝෝඨා විනාශ කිරීමේ වැඩ පිලිවෙලක් බව ඉතාම පැහැදිලිය. 

මෑතකදි බංගලාදේශයේ මාධ්‍ය විසින්ද, අපේ ආර්ථිකය භක්ෂණය කරන්නේ වෙනින් කවුරුවත් නොව, මහ බැංකුවේ අමන නිළධාරින් බව ලොකයට හෙලි කලද, ඒ පිළිබඳ කිසිඳු බුද්ධිමය දේශපාලන සංවාදයක් ඇති නොවීම කනගාටුවට කරුණය.

ආනයන අපනයන වෙළදාමට බාධා පනවමින්, දේශිය පරිභෝකිකයින් පමණක් ඉලක්ක කරගෙන ගෙනයන "සංවෘත ආර්ථික ක්‍රමයකින්" මේ රට ගොඩ ගන්නට සිතන්නේ නම්, අපට කියන්නට තියෙන්නෙ.... ඝෝඨා ස', ඔයා හරි පව් කියලාය. කිසිඳු විදෙස් ආයෝජකයකු ලංකාව පැත්ත පලාතේ එන්නේ නැත්තේත්, වෙනත් රටවල් අපේ රට හා ගණුදෙණු කිරීමට අකමැති වන්නේත් ඔබ කර තබාගෙන යන මේ ගෝත්‍රික චින්ත්නය බවත් ලියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.


Jan 16, 2022

අධි වේගයේ ඇත්ත කතාව..

 


ලංකාවේ අධිවේගවල  අයිතිය කියන්න පියවරු වැහි වැහැලා...

සමහරක්ට ළොකු වෙලා තියෙන්නේ මේක විවෘත කරපු එක නෙමෙයි... ප්‍රොජෙක්ට් ප්‍රපෝසලුයි.. මුල් ගලුයි.. 

මුල් ගල් කිව්වාම මට මතකෙට එන්නෙම, කින්ග් නිශ්ශංකමල්ල... බුවා එතෙක් හඳලා තිබ්බ හැම එකේම පොරගෙ නම ගහලා, සෙල්ලිපියක් දානවා, පොර තමයි ඒක කරේ කියලා.. හොඳම උදාහරණය දඹුල්ල ලෙන් විහාරය...

ඒ වගේ උන් දැන් වැහි වැහැලා...එහෙම මුල් ගල් තියන්න කප් ගහපු රැජිණ තමයි කුවීන් චන්ද්‍රිකා... අනිකා තමයි ප්‍රින්ස් රනිල්...

මෙයාලා යුද්ධයත් ඉවර කරලා තිබුනේ..

චන්ද්‍රිකා 75%

රනිල් 24%

ෆොනී 1%

රාජපක්ෂලා 0%

😀😀😀😀😀😀


රනිල් කොහොමත් තියරි කාරයා. පොර 2002 අගමැති කාළේ තියරියක් ගේනවා රිගේනින් සිරි ලංකා කියලා.. ඒකෙත් මරු කතන්දර ගොඩක් තියෙනවා.. 

ඕකත් පොරගෙ අයිඩියා එකක් නෙමෙයි.. ඇතුලත්මුදලිගෙ ප්ලෑන් එක.. ඒක රනිල්ට දෙන්නේ රවී. ඒකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දුන්න යෝජනාත් දානවා.... තව කතා ගොඩාක් තියෙනවා..

කොහොම වෙතත් තියරි මිසක් ප්‍රැක්ටිකල් බැරි රනිල්ගෙ රිගේනින් සිරි ලංකා එකට රීගෙනම යන්න වැඩේ දෙනවා චන්ද්‍රිකා... 

ඒකට පුල් සප් එක දෙන්නේ රටේ ආර්ථිකයට කොහොමත් කෙලින්න බලාන ඉන්න ජෙප්පෝ.. අන්තීමට ඔය වැඩ බැරි ටාසන්ට වෙච්චි දේ ආයේ ලියන්න ඕනා නෑ නේ...

ඔන්න ඕකෙත් තියෙනවා හම්බන්තොට වරායයි එක්ස්ප්‍රස් වේස් ගැනයි.. ඒවට තමයි පන් ටොයියෝ දැන් මේක රනිල්ගෙ අයිඩියා කියන්නේ...

ඒත් ඔය දෙකම ඊට බොහෝ කාළෙක ඉඳලා තිබුන සංකල්ප.. හම්බන්තොට වරායක් හදන එක සුද්දගෙ කාළේ ඉඳන් තිබුන සංකල්පයක්.. මාගම්තොට කියලා ඉතිහාසයේ ඉඳන් එතන වරායක් තිබුනා.. හම්බන්තොට කියන නමේම.. අරාබි වෙළඳ සම්බන්ධය පැහැදිලිවම   තියෙනවා... අදටත් එයාලගෙ පරම්පරාවේ අය එහේ ඉන්නවා.. එයාලගෙ නමින් පාරවලුත් තියෙනවා...

මොකා මොන බයිලා ගැහුවත් ජාත්‍යන්තර වරාය හදලා ඒ සංකල්පය ඇත්තක් කළේ රාජපක්ෂලා.. රනිල් ඒක චීනට ලියලම දීලා.. ඒ සල්ලි ටිකත් හොරා කෑවා...

මීට අවුරුදු 10-15 කට කලින් ඔය අළුතෙන්ම හදපු එල්ලෙන කැළණි පාළමට යටින් තියෙන නව කැළණි පාළමෙන් මීගමුව පැත්තටයි නුවර පැත්තටයි හැරෙන තැන අති දැවැන්ත දැන්වීම් පුවරුවක් තිබ්බා.. 

මට මතක විදියට අන්තීමට තිබුනේ සෙලින්කෝ VIP ඇඩ් එකක්...

ඒ තමයි ලංකාවේ එක්ස්ප්‍රස් වේ වල ආරම්බය.. ඒ තමයි කටුනායක එක්ස්ප්‍රස් වේ එකේ ආරම්බය. ඒක හදලා තිබුනේ මීගමුව පැත්තේ ඉඳලා එන වාහනවලට නුවර පැත්තට යන්න, යටින් පාර...උඩින් කටුනායක එක්ස්ප්‍රස් වේ එකේ එන්ට්‍රන්ස් එක..

ඒ කාළේ හැටියට ඒ වගේම ඉඳිකිරීම් දෙකක් කැළණිය වනවාසල පාරෙත් තිබුනා.. මම දන්න විදියට මේවා හදලා තියෙන්නේ සිරිමාවොන්ගේ ආන්ඩුව කාළේ නොබැදි ජාතීන්ගේ සමුළුවට එක්ස්ප්‍රස් වේ එක හදන්න..

හැබයි ඉතින් සිරිමාවෝ හදලා තිබ්බේ ඔය පාළම් තුන විතරයි... ඒවා උඩින් ඇත්ත පාර හැදුවේ රාජපක්ෂලා...

දක්ෂිණ අධිවේගයත් එහෙමයි... මධ්‍යම අධිවේගයත් එහෙමයි... යහපාලන කාළේ රුවන්පුර අධිවේගය ගැන හිතුවෙවත් නෑ...

මධ්‍යම අධිවේගයේ ඉඩම් ටික අත්පත්කරගෙන තිබුනෙත් නෑ... කිරිඇල්ල කියන කම්බ හොරා, උගෙ යාලුවොයි, දුවයි, දයා ගමගේයි දාගෙන, අම්බානක හොරා කෑවා.. 

ඌ කොන්ත්‍රාත් දුන්න උන් සල්ලිත් අරගෙන රටින් පැනලා ගියා... දයා ගමගේ හෙලිකොප්ටර් ගත්තා... දුව ලක්සිරි එපාර්ට්මන්ට් හැදුවා.. ඌ, ඔය පාරේ හදාපු පොඩි කෑල්ලක් පෙන්නලා, මල්වතු අස්ගිරි හාමුදුරුවරුත් චක්කොන්ට ඇන්දුවා..

රාජපක්ෂලා වැඩේ පටන් ගන්න යන කොටම පණු කරඳ ගහක් අල්ලගෙන, ජෙප්පොයි, සිංහරාජේ ඉඩම් ඉල්ලපු දේවානියි, සිරසයි, සජබෙ මූසලයොයි, වැඩේ කඩාකප්පල් කරන්න වැඩ කරා... සින් ගොරා ගිහින් ඒ ගහට වැන්දා... කහකඩයෝ සිවුරක් පොරවලා ගහ සාංගික කරා...

ඔය මොකා මොන බයිලේ ගැහුවත්, කුප්ප වැඩ කළත් අන්තීමට වැඩේ කරේ රාජපක්ෂලා...

2024 වෙන කොට වැඩේ කම්ප්ලීට් ...

තියරි, සංකල්ප, ප්‍රොජෙක්ට් ප්ලෑන්, ප්‍රොජෙක්ට් රිපෝර්ට්, ඇස්ටිමේට්, කොම්පැරිසන්, බජට්, සඛ්‍යතා අධ්‍යයන, සඛ්‍යතා වාර්ථා, ඕන දැත්තෙකුට හදන්න පුලුවන්...

රට වටේම කවර් වෙන විදියේ අධිවේගී මාර්ග සිතියමක් තියෙන්නේ ගොඩාක් කාළෙක ඉඳලා...

හැබයි ඒවා මහපොලොවේ යතාර්ථයක් කරන්නේ රාජපක්ෂලාම විතරයි...


වැඩකාරයන්ට බොරු බෑ

බොරුකාරයන්ට වැඩ බෑ...


.

Jan 10, 2022

ගුඩ් බායි ඩෙස්මන්ඩ් අයියා

 


මෑතකදී මා අදරය කළ ඩෙස්මන්ලා දෙදෙනෙක්ම දිවිය ලෝකේ ගියේය. එක්කෙනෙක් ඩෙස්මන් ටුටූය. අනෙකා අද දිවිය ලෝකේ ගිය ඩෙස්මන් ද සිල්වාය.


මෑත කාළයේ අතිශයින් ජනප්‍රිය වූ "හෙක්ටර් ඩයස්" ගායනා කළ "නිල්වන් මුහුදු තීරේ..." අපේ කාළයේ ගායනා කළේ ඩෙස්මන් ඩි සිල්වාය.


එමෙන්ම නිමල් මෙන්ඩිස්ගේ සංගීතයට අමරදේව ගායනා කරනා "නිම්හිම් සෙව්වා මා සසරේ...." ගීතයේ ඉන්ගිරිස් ගීතය වන "When will I see you again my Love  ." ගීතය ගායනා කළේද ඩෙස්මන් අයියාය. මෑතක එම ගී දෙකම උමාරියා නම් ලංකාවේ බිහි වූ දක්ෂතම මල්ටි ටැලන්ටඩ් ගායිකාව අපූරුවට ගායනා කරනවාය.


අපි පොඩි කාළේ අහපු බයිලා වල අමුතු රසයක් තිබුනේය. ඇම් ඇස්, පෝල් ප්‍රනාන්දු හා ඩෙස්මන් අයියාගේ සින්දු බයිලා කියා අපට දැනුනේ නැතිය. ඒ ගී සියල්ලම පාහේ වරක් ඇසු පනණින් මතකයේ රැඳෙන සරළ එහෙත් අලංකාර පද රචනා උනේය.


කැසට් එන්නට පෙර කාළයේ තරු පහේ හෝටල් වල ප්ලේ කළ ඉන්ගිරිසි සංගීත කණ්ඩායම් බයිලා වලට ගැහුවේ ඩෙස්මන්ඩ් අයියාගේ ගීතය.  එසේ ඒ ගී ජනප්‍රිය වූයේ ඒ සිංහල සින්දුවල ඉන්ගිරිසි කෑලිද තිබුන නිසාය.


අදටත් ඕනෑම උත්සවයකදී ගායනා කරන "සුමිහිරි පානයේ එන ...

Drink on Sunday - Eat on Monday 

Dance on Saturday - Die on any day  ...

ඊට උදාහරණයක්‍ය...


තවත් ජනප්‍රිය ගීතයක් වන පොල් කටු හැන්දෙ මිට වගේ.... ගීතයේ..

Galle Road Tar is putting bus is also going...

මෙන්ම 

Oh she never come right again...

යන ඉන්ගිරිස් කෑලි අදටත් අතිශයින් ජනප්‍රියය.


අද ජනප්‍රිය නැතත් අපි කුඩා කාළයේ අතිශයින් ජනප්‍රිය...


🎸යමං බංඩො වෙසක් බලන්න...

🎸සුරාංගනී...

🎸චූඩා මානිකේ බලාලා යනවා මේ අපී..

🎸යන්න රට වටේ එන්න මා ප්‍රියේ...

🎸අර බලපන්කෝ... මේ බලපන්කෝ..

🎸ආයි හූයි බබි ආච්චිගෙ බයිසිකැල් එක...

🎸කුරුඳුවත්තේ මනෝරී...

🎸කිරිල්ලී රන් කිරිල්ලී...

🎸බෝතලිගරෙ සීතූ මනක්කා...

🎸දෙව්ලොව දෙවියනේ.. මගෙ දෙව් සාමිනේ..

🎸දොර ඇරපන් ආයා සුදා...

🎸කෝඩුකාර නංගිලාට...

🎸කොල්ලුපිටිය ජන්ක්ෂන්...

🎸රෑ දොලහට ලයිට් ගියා...

🎸බෑ බෑ මට එන්න බෑ...

🎸දැන් කාළේ කෙල්ලෝ වසයි..

🎸දොදොන් දොන්ත සමයමේ..

🎸කෙල්ල මාතලේ යු ආ මයි මල්ල කේතලේ...

🎸පාරේ නටපු බිග් මැච් එක දා...

🎸දොම්පෙ ආයා...

🎸චිකේ ඩොලි ලැජ්ජා නැද්ද...

🎸කොමලි පනේ එන්නකො මගෙ...

🎸මම්මා නෝ පප්පා නෝ...

🎸නොන්ඩි සිමයියා...


වැනි ගී ඒ ගී රස විඳි පරම්පරාව අතරේ අදටත් අතිශයින්ම ජනප්‍රියය...


ඩෙස්මන් අයියා වොලි බැස්ටියන්ගේ ගී මෙන්ම පැරණි නාඩගම් ගී ගනනාවක් සුපර් හිට් බවට ඒ කාළයේ පත් කළේය. එමෙන්ම ඉංග්‍රිසී ගීතද ඒ අතර තිබෙන්නේය.


1944 දී මාතරදි උපන් ඩෙස්මන්ඩ් ඩි සිල්වා ගී ලොව ජය ගත්තේ "King Of Baila" යන ආදරණීය ජනතා සම්මාණයෙන්‍ය. 


මුලින්ම ඉංගිරිස් සංගිත කන්ඩායම් ගනනාවක ප්‍රධාන ගායකයා වූ ඩෙස්මන් අයියා පසුව සෝලෝ ආර්ටිස්ට් කෙනෙක් වුනේය.


 එක්තරා යුගයක එක්තරා පන්තියක කෙල්ලන් අතරේ ඩෙස්මන් අයියා සිහිණ කුමරා උන බව අප අසා ඇති මුත් ඒ බව තහවුරු වූයේ ඔහුගේ ප්‍රසංග වලට පැමිණි අති සුන්දර ඇන්ටිලා දැකීමෙන්‍ ය.

ඔවුන් සැමදා  ඩෙස්මන් අයියාට පෙම් කළේය.


බොහෝ කාළයක් එංගලන්තයේ ඇමරිකාවේ හා අවසන් කාළයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි විසූ ඩෙස්මන් අයියාගේ ප්‍රසංගවල ටිකට් විකිණුනේ උණු කැවුම් මෙන්‍ ය.


ප්‍රසාංගික කලාව සිංහල ගී වේදිකාවට ගෙන ආවේ ඩෙස්මන් අයියලාය. "කොලොම්පුරේ ශ්‍රියා ගීතය ගයමින් රඟමින් රූපවාහිනියටද ප්‍රසාංගික කලාව ගෙන ආවේ ඩෙස්මන් අයියලාය .


ඔහු වේදිකාවේ බැබලුනේ අපූරු කටහඬ නිසාම පමණක් නොවේ.. ඩෙස්මන් අයියා මියයන තෙක්ම පාංශු දේහදාරී බුදු හැන්ඩියෙක් උනේය. එම වාසනා ගුණය පිහිටන්නේ බොහෝ කළාතුරකින්මය.


ඩෙස්මන් අයියාගේ වැඩිමල් පුත්‍ර රත්නය වූ ස්ටීව් ඩි සිල්වාද අති දක්ෂ ගායකයෙන් මෙන්ම මයිකල් ජැක්සන්ගේ හැඩ රුවට සමාන බ්‍රේක් ඩාන්සර් කෙනෙක්ද වූ අතර පිලිකා රෝගයෙන් අකාලයේ සමුගත්තේය.


සුනිල් අයියාට කලින් අපි ආදරේ කලේ ඩෙස්මන් අයියාටය, සුනිල් අයියා කලින්ම යන්න ගියේය. ඩෙස්මන් අයියා අද සුනිල් අයියා බලන්නට ගොසින්‍ ය.


මක්කා නැතත්, දෙන්නත් එක්ක එකතුවෙලා සුමිහිරි පානේ පදමට ගහලා බයිලා වැලකින් දිවිය ලෝකේ ඒන්ජල්ස්ලා හෙවත් සුරංගනාවියන් කොර කරනා බව නම් ඉරහඳ මෙන් විස්වාසය....


සුමිහිරි පානේ පදමට ගහලා

හෙට මැරුණත් හිතට සැපයි

අද ජොලි කරලා....


Drink on Sunday - Eat on Monday 

Dance on Saturday - Die on any day  ...


Take Care Desmond Aiya...!!!


R(eturn) I(f) P(ossible)


.

Jan 8, 2022

2022 හා රාජපක්ෂලාගේ වා නම් වා පෝ නම් පෝ හෙවත් Do or Die ගේම



ඝෝඨාගේ පමණක් නොව රාජපක්ෂලාගේ අනාගතයද තීරණය කරන වසර වෙන්නේ මේ වසරය.


ජෝතිෂය අනුව ගත්තද 2022 අප්‍රේල් අග දක්වා ආන්ඩුව භාහිර මෙන්ම අභ්‍යන්තර අර්බුධවලට මුහුණ දුන්නද, ඉන් අනතුරුව ගොඩ ඒමේ තත්වයක් පෙන්වන්නේය.


ජෝතිෂය පැත්තකින් තැබුවද, ඝෝඨාභය රාජපක්ෂ තදබල තීන්දූ තීරණ ගැනීමට තීරණය කිරීම රටේ මෙන්ම ජනතාවගේද වාසනාවය.


මිනිසුන්ට හෝ සත්වයින්ට පිලිකා සමඟ ජීවත්  වන්නට බැරිය. එක්කෝ සැර ඖෂධ ලබාදීමෙන් හෝ අධි බල ලේසර් ට්‍රීට්මන්ට් වලින් ඒවා පාලනය කළ යුතුය. නැතිනම් කපා ඉවත් කළ යුතුය.


මේ වසර ආරම්බ වන්නේ සුසිල් ප්‍රේමජයන්ත නම්, නම් ගොම්බාට කෙලීමෙන්ය. දැන් උකුස්සෝ ඉන්නේ පිස්සු වැටිලාය. ඕකුන්ට නාම යෝජනා දෙන්න එපා කියා අප කියපුවා ඇසුවා නම් සිරිසේනලාට අත් වන්නේ රනිල්ටත් එහා ඉරණමක්‍ය.


එහෙත් අප වැනි උන් කියන ඒවාට වඩා, පොලිටික්ස් දන්නවැයි කියන උස්තාද්ලා දුන් ලණු කෑ අය ඉතරක් නොව, එසේ දුන් උස්තාද්ලත් දැන් ඉන්නේ ගලේ රුන්න පූචෝ වගේය.


සංධාන ගැහුවා කියා උන්ට බයේ ඉන්නවාට වඩා, එකාධිපති බලයක් ඇති ජනාධිපතිවරයා මේ මොහොතේ ඩාන්ස් කළ යුත්තේ ලක්ෂ 69 පදයටත් නොව රටේ ජනතාවගේ පදේටය.


විමල් වීරවංශලා වගේ අය දන්නේ ආන්ඩු ගෙනයන්නට හෝ රකින්නට නොව, ආන්ඩුවලට විරුද්ධව වැඩ කරන්නටය. දුන්නු වැඩේ නොකර කන පතේ රෙන්නේ ඒ නිසාය.


ඝෝඨාට හා රාජපක්ෂලාට දැන් නැති වෙන්නට දෙයක් ඇත්තේ නැතිය. රට ජාතිය බේරා ගත් අප්පච්චිද අද විහිළුවක් වී අවසානය. දැන් නාමල් ඉදිරියට දැමිය යුතු කාළය පැමිණ ඇත. දැන් ඔවුන් කටයුතු කළ යුත්තේ, නැති වූ ජන ප්‍රසාදය නැවත ඇති කර ගැනීමටය.


ඒ වෙනුවෙන් එක එක හාල්පාරුවන්ගේ වෝනින් හා ඇඩ්වයිස් පස්සේ නොයා ජනතාවගේ හඬට කන් දිය යුතුය.


ජනතාව පමණක් නොව, ආන්ඩුවේ ඉහළම පිරිස් ඉන්නේද ඒ මතයන් වලය. ඒ මතයන් අනුව ක්‍රියා කිරීමට ඔවුන්ට ඇත්තේ මේ වසර පමණමය.


ආන්ඩුවට දැන් Play කිරීමට ඇත්තේ Do or Die ගේමක්‍ය. 


තම දෙවන ධූර කාළයේදී රනිල් ප්‍රමුඛ ආන්ඩුව එලවා දැමීමට චන්ද්‍රිකාට තිබූ කොන්ද දැන් රාජපක්ෂලාට තිබිය යුතුය. 


එසේ කලා කියා ශ්‍රීලනිපය වැටුනේ නැතිය. නැවතත් බලයට ආවේ ශ්‍රිලනිපයේ මහින්ද රාජපක්ෂ මිස රනිල් වික්‍රමසිංහ නොවේය. රනිල්ට කෙලවෙලාම ගියේ එදා සිටය.


ඒ නිසා ජනතා මතය කුමක්දැයි කියා ලියා තබා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.


⭕ ආන්ඩුවට විරුද්ධව එලියේ බයිලා ගසන ඕනැම එකෙක් එදිනම එලවා දැමිය යුතුය.


⭕ පට්ට ෆේල් සීනියෝ රොටි නාකි හුචක්කු කැබිනට් ඇමතිකම් වලින් ඉවත් කොට,  පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරුන්ට කැබිනට් හා රාජ්‍ය ඇමතිකම් ලබා දිය යුතුය. ඇමතිකම් තිබෙන්නේ බැකප් දමාගෙන හෝන් ගසාගෙන  රෝන්ග් සයිඩ් යෑමටවත් බයිලා ගැසීමටවත් නොව, ලලිත්, ගාමිනී, ජොනී, කාංචන, ප්‍රසන්න රණවීර වාගේ වැඩ කරන්නටය.


⭕ පට්ට ෆේල් අමාත්‍යංශ ලේකම්වරුන් හා සංස්ථා සභාපතිවරුන් සියල්ල එලවා දැමිය යුතුය.


⭕ කාබනික ගොවිතැනෙහි යෙදෙනා ගොවීන්ට පමණක් යම් සහනධාරයක් ලබා දී කෘෂිකර්මාන්තය පෞද්ගලීකරණය කළ යුතුය. ආන්ඩුව සහනාධාර දීමෙන් හා කළමණාකරනයෙන් සංපූර්ණයෙන් ඉවත් විය යුතුය. 


⭕ ඩොලරය පාවිමට ඉඩ හැරිය යුතුය.


⭕ ආනයන අපනයන වෙළඳාම ආන්ඩුව කරගෙන ගියද පෞද්ගලික අංශයේ වෙළදාම්වලට මැදිහත් වීමෙන් ඉවත් විය යුතුය.


⭕ පෞද්ගලික අංශයේ වෙළදාම් ක්ෂෙත්‍රයේ ඇති මොනෝපොලි බලපත්‍ර සිස්ටම් අහෝසි කොට ඕනෑම දේශීය හෝ විදේශීය ව්‍යවසායකුට ආනයන අපනයන වෙළදාමට අවසර ලබා දිය යුතුය.


⭕ සූර්‍ය බලයෙන් විදුලිය ලබා ගැනීමට ජනතාව උනන්දු කරලිය යුතු අතර. ඒ උපකරණ සියල්ල බද්දෙන් නිදහස් කරලිය යුතුය.


⭕ විදෙස් රැකියාවල නියුතු අයට තව තවත් වරප්‍රසාද ලබා දිය යුතුය.


⭕  පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ල පෞද්ගලීකරණය කළ යුතුය. රූපවාහිනිය, නයි ටී ඇන්, ලේක් හවුස් හා හුළන් විදුලියද ඊට අදාලය.


⭕ පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ට කොන්ත්‍රාත් ලබා දීමේදී ප්‍රමුඛත්වය ලබා දිය යුතු අතර ඒවායේ රැකියා සඳහා පොහොට්ටුවේ ක්‍රියාකාරී සාමාජිකයින්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතුය. (මාතලන් පොහොට්ටු බයියෙක් නොවේ.එහෙත් සිඳුවිය යුත්තේ මෙයයි. රාජපක්ෂලා රකින්නේ මොවුන් මිස අප නොවේ.එහෙත් අද ඔවුන් සිටින්නේ පට්ට කළකිරීමකින්‍ය)


⭕ මුදල් ඒකකය රුපියල් වලින් පවත්වාගෙන ගියද දැනට බලපත් හිමි පුද්ගලයින් කීප දෙනෙකු හා බැංකු සතුව ඇති ඩොලර් එක්ස්චේන්ජ් සෙන්ටර් දීප ව්‍යාප්තව ඕනෑම කෙනෙකුට ආරම්බ කොට පවත්වාගෙන යාමට අවසර දී, ඩොලර් වලින් ගණුදෙණු කිරීමට අවසර ලබා දිය යුතුය.

(මෙය සිඳුකලහොත් උන්ඩියල් ක්‍රමය ඉබේම අහෝසී වනු ඇති අතර,  විදෙස් ශ්‍රමිකයින්ගෙන් හා ඩයස්පෝරාවෙන් මෙරටට ලැබෙනා ඩොලර් ප්‍රමාණය සැන්ට්‍රල් බැංකුවේ ආර්ථික උස්තාද්ලාටත් හිතා ගන්නට බැරි වනු ඇතිය.


⭕ කොරෝනා වැක්සීනය රථ වාහන ඉන්ෂුවරන්ස් එක් මෙන් අනිවාර්‍ය කළ යුතුය. (තර්ඩ් පාටී ඉන්ෂුවරන්ස් එකක් හෝ නොමැති වාහන පාරට දැමීම සපුරා තහනම්‍ය)


ස්වස්ථි සිද්ධම්...!!!!


.

Jan 3, 2022

ජාතික ජන බලවේගය අනුර ලාල් හරිනි බලවේගයක් විය යුතුය.


මහ පක්ෂ වල සිටිනා සියල්ලන්ම මේ වන විට බලය හොබවා අවසාන අතර, මේ මොහොතේ පවතින ආන්ඩු විරෝධය ජවිපේ වෙත හරවා ගැනීමට ඔවුන් සමත්ව ඇති බව රහසක් නොවේය.

ඊට හේතුව වී ඇත්තේ, මහ පක්ෂ තුල සිටිනා මෛත්‍රී, සජිත්, පාඨළි, රනිල්, දයාසිරි පමණක් නොව රඹ ටෝක්ස් දෙන සුසිල් ප්‍රේමජයන්තත්, ජනපති, අගමැති, මැති ඇමතිකම් දැරුවාට, මේ රටට මෙලෝ ලබ්බක් නොකෙරූ ජෝකර්ලා වී අවසාන නිසාය.

ඒ හේතුවෙන්, මේ කිසිවකුටත් පොදු අපේක්ෂක තනතුර කිසිදාක හිමි නොවනාතර, රාජ්පක්ෂලා පරාජයට පත් කිරීමට නම් පොදු අපේක්ෂකයා නොමැතිව ඒ සිහිණය සැබෑ කර ගැනීමට නොහැකි බවත් මේ සියල්ලෝම හොඳින් දන්නවාය.

ජාතික ජන බලවේගයේ මොනේක් හී පැවති සම්මේලනය හා එහි පැමිණි පිරිස දැකීමෙන් පසු මේ සියල්ලන්ගේම චුක පූන්වී ඇත්තේ එබැවින්ය.

මේ පැමිණි අමන්දානන්දට  ජවිපේ තේරුම් ගෙන ඇත්තේ වෙනත් ආකාරයකින් බව මගේ මතයයි.

ඔවුන් දැන් ජාතික ජන බලවේගයද පසෙකින් තබා අනුර කුමාර පිම්බීමේ ගරිල්ලා මාකටින් ව්‍යාපාරයක් ගෙන යන බව බොහෝ පැහැදිලිය.

නැවතත් විමල්ට හා කුමාර් ගුණරත්නම්ලාට තමන් හා එක්වන්නට කියන්නේද එබැවින්ය.

යූ ටියුබ් කාරයන්ට ඉන්ටර්වීව් ලබා දෙන්නේ අනුර කුමාර පමණය. රූපවාහිනි චැනල් වල කුකුලන් කෙටවීම් වලට එන්නේ ජෙප්පන් පමණි. ජාජබය පැත්තකය.

නමුත් ජවිපේ වටහා ගත දේ නම් ඔවුන්ගේ ජවිපේ ගමට යන වැඩ සටහන පට්ට ෆේල් වූ බවත්, මේ මොරාල් එක එන්නේ ජාතික ජන බලවේගයේ මොනේක් සමුළුව නිසා බවත්ය.

ජාතික ජන බලවේගයේ සැලකිය යුතු තරමේ සිවිල් චරිත උන්නද, මිනිසුන් දන්නේ හරිනි අමරසූරිය පමණක්ය. අනෙක් උන් ඉන්නේ ජාතික ජන බලවේගය සමඟද නැතිනම් වෙන උන් සමඟද යන්න ජනතාව තබා ජෙප්පන්වත් හරියට නොදන්නා බවද මොනෙක් රැස්වීමෙන් හෙලි උනේය.

මගේ අදහස නම් ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යාමට නම් එය අනුරගේ තනි නායකත්වයෙන් නොව,

අනුර, ලාල්, හරිනි යන ත්‍රිපුද්ගල නායකත්ව මණ්ඩලයකින් යා යුතු බවය.

සෑම පක්ෂයකම ඇත්තේ ඒකාධිපති පාලනයකි. ඒවායේ මහ පුටුවල ඉන්නා උන් පැරදුනත් නායකත්වයෙන් මෙන්ම ඉහළ තනතුරුවලින්ද බිමට බහින්නේ නැතිය.

අනුරගේ නායකත්වයේ තත්වයම එයද වන නමුත් ඒ බව එතරම් එලියට නොඑනුයේ ඔවුන් වටා සිටිනා පිරිස සුලු පිරිසක් වීමත්, ජවිපේ බලමණ්ඩලේ ඒකාධිකාරී පාලන රටාව හේතුවත් නිසාවෙන්ය.

බොහෝ අය ලාල් කාන්ත ඉල්ලන්නේ එබැවිනි.
එහෙත් අනුර ජවිපේ නායකත්වයේ සිටිනාතරම, ලාල් කාන්ත ජාතික ජන බලවේගයේ නායකත්වය තත්වයටම ගත යුතුය.

මන්ද ජවිපේ තුල සිටිනා ලාංකිය දේශපාලන සංස්කෘතියට ගැලපෙන එකම හා ජනප්‍රියම බල මණ්ඩල සභිකයා ලාල් කාන්ත වන නිසාය.

අනෙක් පිරිස සමාජයේ විවිධ ස්ථරයන්  අතර පිලිගැන්මක් තිබෙනා අය වුවද, සෑම සමාජ ස්ථරයන් තුලම එකසේ ජනප්‍රිය මෙන්ම පිලිගැනීමක් ඇති චරිතය ලාල් කාන්ත පමණමය.

හරිනි අමරසූරිය කරන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පමණි. එහෙත් ඇය එතනට සීමා විය යුතු චරිතයක් නොවේය.

ඇය සමාජයේ ඉහළ තලයන් කීපයකම නියෝජනයකි, කුළය, පවුල් පසුබිම, වෘත්තිය අනුවද ඇය ඉහළ සමාජ පන්තිය උපතින්ම නියෝජනය කරයි.

ඒ කාළයේ රට පාලනය කළේද රාජ්‍ය සේවයේ උන්නේද හොරු හා වංචා කාරයන් නොව මෙවන් උගත් බුද්ධිමත් ප්‍රභූ පන්තියේ පිරිසය. ඊට අමතරව ඇය කාන්තා පාර්ෂවයද උපතින්ම නියෝජනය කරන්නීය.

මේ කිසිවකින් ජවිපේ හෝ ජාතික ජන බලවේගය කිසිඳු ප්‍රයෝජනයක් මේ වන තෙක් ගෙන නැතිවාක් මෙන්ම, දැන් නටනා නාඩගම් වලින් පෙනෙන්නේ, ඉදිරියටද ඒ මගේම ගමන් කරනා බවක්ම පමණය.

එය එසේ වුවහොත් ඉතා සුළු නවක චන්ද ප්‍රමාණයක් හා පාවෙන චන්දවලින් ඉතා සුළු ප්‍රමාණයක් ජාජබයට එකතු විය හැකි වුවත්,

මහ පක්ෂ කෙරේ කළකිරීමට  පත් චන්ද කිසිවක් එකතු වන්නේ නැති බව නම් ඉර හද මෙන්ම විශ්වාසය.

ඒ වගත් මෙසේය...

.





Jan 1, 2022

ශිවන්‍යා හා කෙල්ලො තුන් දෙනා


 

ඉන්දියන් ටෙලි නාට්ටියක නිලියක් හොයාගෙන ගිය දැරිවියන් තුන් දෙනෙක් පොලීසියට අහුවෙලා තිබුනා..


ඊට කලින් ඒ වයසෙම මුස්ලිම් දැරිවියෝ තුන් දෙනෙක් ඔය වගේම ගෙදරින් පැනලා ගියපු කතාවකුත් ජනප්‍රිය උනා..


මම එවෙලෙ කිව්වා මේක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙයි කියලා... ඒ කියලා බොහෝ ආන්දෝලනාත්මක ෆිල්ම් එකක් වෙච්චි Quties ගැනත් ලිව්වා...


මේ ටිකේ අපේ ගමේ ඉන්න ජර්මන් සුද්දත් එක්ක කතා කරන කොට පොර කිව්වේ...


බුවා ඉස්සෙල්ලම 1994 ලංකාවට එනකොට හික්කඩුවෙ ඩිස්කෝවල උන්න ලෝකල් කෙල්ලෝ ටිකක් මැචුවර්ඩ් ලුකින් අය...

පාරේ ජීන්ස් අඳින කෙල්ලෙක් දැක්කේ කලාතුරකින් කියලා...


ඒත් දැන්...

හික්කා ඩිස්කෝවලට ලෝකල් ටීනේජ් ගර්ල්ස්ලා සෙට් පිටින් බහින්නේ... උන් කනවා බොනවා... සිකැරට් බොනවා... මොඩර්න්ම විදියට අඳිනවා පලදිනවාය...


කොළඹ රෙස්ටුරන්ට්ස් වල තත්වෙත්, උණවටුන, හික්කා රෙස්ටුරන්ට්ස් වල තත්වෙත් එහෙමයිය....


වැල්ලවායෙත් ගවුම් අඳින කෙල්ලෝ අඩුය කියලා....


ඒ කියන්නේ කෙල්ලො දැන් නිදහස හොයාගෙන යනවා... උන් හොඳට උගෙන ගන්නවා, හොඳ රැකියා කරනවා, වාහන එලවනවා, ස්කූටී පදිනවා... මොඩර්න් විදියට අඳිනවා පලදිනවා... මේකප් කරනවා, ටින්ට් කරනවා, ටැටූ ගහනවා...


මේවා ග්‍රේට්...


දැන් ගෙදරිනුත් පැනලා යනවා... ඉස්සරහට දියුණු රටවල වගේ ඒවත් වෙයි...


ජෙනරේෂන් ගැප් මේන්ටේන් කරන උන්ට මේවා අරහන්  උනාට ඒ කෙල්ලොන්ට මම ආදරෙයි ❤️


උන් මේ රටේ පුහු සදාචාරේ සබ්බයත්තේ සඟිස්කුරුතිය කුඩු කරනවා...


වයසින් තරුණ මනසින් නාකි මයිනන්ගේ මොළේ අච්චාරු දානවා. ..


පට්ටම ජෝක් එක කියන්නේ මේ පඩංගු නොකා නොබි නොවරදවා බලන උනුත්...


මේ කෙල්ලන්ට කින්ඩිය දාන එක 😁😁😁😁


.



Dec 28, 2021

සජිත්, මත්තල , රනිල් හා දේශපාලනයේ තුච්ඡ කුල බේදය...

 


ජාති බේද ආගම් බේද නැතයි කියා පඩ ෂෝ දමනා උන් පවා තවමත් කුල බේදය හිස් මුදුනින්ම පිලිගන්නා උන් බවට හොඳම උදාහරණය මංගල සමරවීරය ..

එය කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි....

කුල බේදය සෑම පක්ෂයක් තුලම පවතිනවාක් මෙන්ම සංඝ සමාජය තුල විශේෂයෙන්ද, ඇකඩමික් හා ආර්ථික වශයෙන් ශක්තිමත් පිරිස අතර සංවිධාන ලෙසද, පාසල් පන්ති ඉයර් ගෲප් මෙන්ම ප්‍රසිද්ධියේ නොව රහසේ ක්‍රියාත්මක වන්නේය.

ප්‍රභූ පන්තියට සීමා වී තිබු දේශපාලනයේ ඉහළ තනතුරු සුපිරි පන්තියට හා ඉහළ කුලයට දැනෙන සේ කුඩුකර දමන්නේ රණසිංහ ප්‍රේමදාසය.

දැන් ඔහුගේ පුත්‍රයා හෙවත් පුතානෝ හෙවත් සජිත් ප්‍රේමදාස මතු කරන්නේද මේ ගැටළුවේම එක් සිඳුවීමක්‍මය.

සජිත් කියන්නේ, රනිල් මත්තල එයාර්පෝට් එකේ වී ගබඩා කළේ සජිත්ට කෙලින්නටෙයි කියලාය. මෙය සජිත් මතු කරනා තෙක් කිසිඳු දේශපාලන විචාරකයකුගේ සෙන්ස් එකට අහු නොවූ කාරනයක්‍ය.

කතාව ඇත්තය. සජිත් උන්නේ හම්බන්තොටය. රනිල් හම්බන්තොට සංවර්ධන ක්‍රියාවලිය මුලුමනින්ම නවතා දැමුවා පමණක් නොව, හම්බන්තොට වරාය චීනයට විකුණා දමා ඒ ආශ්‍රිතව බිහිවීමට තිබූ දැවැන්ත ආර්ථික සංවර්ධන ක්‍රියාවලියටද තිත තැබුවේය.

එය යහපාලන යුගයේ සාර්ථකව නිමා වූවානම් හයිලයිට් වෙන්නේ, සිරිසේනවත්, රනිල්වත් නොව සජිත් ප්‍රේමදාසය.

මේවා බොහෝ විට රනිල්ගේ හොඳම යාලුවා වූ මහින්දගේ ආශිර්වාදය මෙන්ම අනු දැණුම මත සිඳු වූ දෑ වීමටද බොහෝ ඉඩ තිබෙනවාය.

එපමණක් නොව පක්ෂයේ ඉහළම පුද්ගලයින් කොතෙක් ඉල්ලා සිටියද සජිත්ට එජාපයේ නායකත්වයද ලබා දුන්නේ නැතිය. අවසානයේ  සිඳුවූයේ රනිල්ට මෙන්ම එජාපයටද ඇපත් නැති වීමය.

රනිල්ලා ගේම එතනින් නවතා නැත. දැන් අංචිය අදින්නේ සජිත් රටේ නායකයා ලෙස පත්වීම කෙසේ හෝ නවතා දැමීමටය.

කිසියම් දිනෙක සජිත් බලයට පත් වුවහොත් ඒ බලයට එන්නේ රණසිංහ ප්‍රේමදාසටත් එහා ගිය ඒකාධිපති පාලකයෙක් බව දැනටමත් ඔහුගේ දේශපාලන භූමිකාව තුල පෙන්වා අවසානය.

ඉහළ කුලවල උන්ට ඉන්න වෙන්නේ පිලේ බංකුවේය. මෙය අවබෝධ කරගෙන ඇති රනිල්ලා චන්ද්‍රිකාලා පාඨලීලා සජිත්ගේ චන්ද කැඩීමට සිරිසේන වැනි අපතයන් සමඟ පමණක් නොව, ජෙප්පන් හා එක්වීමට වුවද සූදානම් බව දැන් පැහැදිලිවම පෙනේ..

සජිත්ගේ ශ්‍රී මුඛයෙන් පිටවූයේ ඒ අවබෝධයේ වේදනාවය..


ඒ වගත් මෙසේය...

Dec 25, 2021

2022 ආන්ඩුව ප්ලෑන් B වෙත යා යුතුය..

 


2022 ආන්ඩුව ප්ලෑන් B වෙත යා යුතුය..

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖


අපේ රටේ දේශපාලන පක්ෂ කිසිවකට බලය ලබා ගැනිමේ රුදාවක් මිස රට හැදීමේ ගායක් නැත.


ප්ලෑන් B තබා ප්ලෑන් A එකක්වත් උන්ට නැත.


රට හඳන වැඩ පිලිවෙලවල් කියා මුද්‍රණය කර බෙදන්නේ සුරංගනා කතාම පමණි.


පවතින ගැටලු වලට ඒ එකකවත් විසඳුම් නැත.


කාළකන්නි රාජ්‍ය සේවය, පාඩු ලබන රජයේ ආයතන, අනවශ්‍ය සුබසාධන වලින් ගොඩ ඒම් කිසිවක්ම ඒවායේ නැත...


තියෙන්නේ පෑඩ් එකත් නොමිළේ දෙන හිඟන යෝජනාමය...


එසේ කර බලයට එන්නේ හොරා කෑමටම පමණි.


ඝෝඨාගේ පාලනය තුලද මහා පරිමාණ වංචා අදටත් සිඳු වෙමින් පවති..


සීනී වංචාව, සහල් වංචාව, සුදුළූණූ වචාව, ගූ නැවේ වංචාව, ගෑස් වංචාව එයින් කීපයකි..


නමුත් ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතය සාර්ථකව මැඩපවත්වාගෙන ගිය හා යන ඉදිරිපෙලේ රටක් ලෙස අපේ රට පත් වූයේ ඝෝඨාගේ තියරි අනුව බව පිලිනොගන්නේ නම් ඌ අමු කුහකයෙක් මිස වෙන කිසිවකු නොවේ...


විපක්ෂය මහ රෑ පන්දම්පාලි නටන්නේ, වින්දනයක් සහිත රැස්වීම් පවත්වන්නේ ඊට පින් සිඳු වන්නටය...


ආන්ඩුව විනාශ කරනා කොඩිවින සිටින්නේ විපක්ෂයේ නොව ආන්ඩුවේමය.


පී බී ජයසුන්දර එයින් හොඳම එකය..

දෙක විමල් වීරවංශ හා පිරිසය..

තුන බෝම්බ සිරා, රිලාසිරි ඇතුලු පිරිසය...


මුන් කොතරම් පච වී ඇතිද යත්, විපක්ෂ බලවේගත් දැනටමත් මුන් ප්‍රතික්ෂේප කර හමාරය...


මේ මුන් සියල්ල එලවා දමා.. විපක්ෂයෙන් එන පිරිස සමඟ.. තමන්ගේ වැඩ බැරි කයිවාරු ඇමතිවරු පවා එලවා දමා...,


තරුණ පිරිස සමඟ ආර්ථික යුද්ධය ජයගැන්මට ඇති හොඳම අවස්ථාවයි...


කොඩිවින සමඟ මැදමුලනම වැනසෙනවාද..


කොඩිවින කපා මැදමුලන මෙන්ම රටම ගොඩගන්නවාද යන තීරණය ඇත්තේ සර්වබලධාරි ඝෝඨාගේ අතේය...


තව ඇත්තේ වසර තුනකි...


ඉදිරි වසර තීරණාත්මකය...


සුභ 2022 වසරක් වේවා...!!!


.

Dec 19, 2021

මුරුත්තේටුවේ පණ බේරාගෙන ගිය එක ළොකු දෙයකි..


 ජේ ආර් මරමු...!!!!


(බම්බුවේ උපාධිය ගැන

අන්තිම පෝස්ට් එක)

➖➖➖➖➖➖➖


ඇත්තටම මට ඒ උසස් අජ්ජාපන ආයතනේ ළදරුවන් තුන් දෙනා ගැන කිසි අහිතක් නෑ.

ඔය වයසෙදි අපි හැසිරුනෙත් එහෙමයි..

එයාලට පාර පනින්නවත් දන්නෙ නැති නිසා රෝඩ් හම්ප් පවා දාලා තිබුනා කාළයක්.. හැබයි මොන්ටිසෝරි ගාව එහෙම නෑ..

ආන්ඩුවට විරුද්ධව ඩෙඟා නටලා උපාධිය අවුරුද ගනන් පස්සට දාගත්තා.

බුද්ධියක් නෑ.

කාගේ හෝ පදේකට නටන රූකඩ.

සිස්ටම් එක කඩාගෙන යන්නේ ඉතා සුළු පිරිසක්.

එහෙම උන් තේරුනත් ඕකට යන්නෙත් නෑ...

හැබයි ඩිග්‍රිය ගන්නවා.

එහෙම ගන්න ක්‍රම ඕන තරම් තියෙනවා..

දේශපාලනය මජරයි කියලා කියන ඔතන ඉන්න අය..

රෙද්ද ඉස්සුවාමත් ඩිග්‍රිය දෙනවා..


මට අවුල තියෙන්නේ, මේක මාර කේස් එකක් කරගෙන, එයින් පිටවුනත් තාමත් කැම්පස් යන පොඩි ළමයි එක්ක..


උන් රට හදන්න යන්නේ මේ වගේ බොලඳ ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන්ද?


හෙට මෙයාලා කැම්පස් එක ගිනි තිබ්බොත් ඒකටත් හුරේ දානවද?


88/89 වගේ උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර  මරලා දැම්මා වගේ මුරුත්තේටුවේට ගේම දුන්නොත් ඒකටත් හුරේ දානවද?


සමහරක් අය මේ ආන්ඩුවෙන් නොයෙක් තනතුරු බලාපොරොත්තුව ඉඳලා ඒවා නොලැබුන නිසා ආන්ඩුව මොකක් කලත් වැරදියි.. 

සමහරුන්ට නානාප්‍රකාර හේතු තියෙනවා.. අපිටත් අවුල් තැන් තියෙනවා... 

සමහරුන්ට රාජපක්ෂලා දිරවන්නෙම නෑ.. 


හැබයි උන් නොදන්න දේ තමා ඔක්කොම ආස රාජපක්ෂලා වෙන්න කියන එක. අවුරුදු පහක් අපි ඒක හොඳට දැක්කා..


දැන් මේ ක්‍රියාව නිසා මුරුත්තේටුවේ අස් වෙලත් නෑ.. අනාගතේ දේශපාලන පත්වීම් දෙන එක නවතින්නෙත් නෑ.. කැම්පස් වල ප්‍රමිතිය හොඳ වෙන්නෙත් නෑ... කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ.. සියල්ල සති දෙකෙන් අමතකයි...


මේ පාලනය පිස්සු කෙලිනවා නම්, ඒක චේන්ජ් කරන්න ගෝත්‍රික නොවන ශිෂ්ඨ ක්‍රමයක් මේ රටේ තියෙනවා ඒ තමා සර්ව ජන චන්ද බලය.

සිවිලයිසේසොන් කියන්නේ ඒකට...


මේ වගේ සුළු සුළු ආකාරයෙන් පටන් ගෙන 70 දි, 83 දි, 88/89 දි මේ රටේ ලේ ගංඟා ගැලුවා හොඳටෝම ඇති.


ඒ කාළෙත් මේ වගේ සොෆ්ට් ටාගට් වලට ගැහුවා මිසක්, බිග් ෂොට් වලට ගේම් දෙන්න බැරිව අන්තීමේ ගොල්ෆ් ග්‍රවුන්ඩ් එකේ අල්ලපු වත්තේ පණ පිටින් බාබෙකිව් උනා..

තනියෙන් නෙමේ... මේ වගේ සහලවලා උණ තිබුණ තරුණ ජීවිත 60,000 ක් එක්ක..


ජේ ආර් මරමු කිව්වට, මැරුවේ ගමේ අහිංසක ග්‍රාමසේවක, ඉස්කෝල මහත්තයා, හාමුදුරුවෝ.. 


මුන්නාන්සෙත් ඒවා කරපු නිසාද මන්දා අද ඒවා මේ ආත්මෙම ලබන්නේ.. 😂😂😂😂

මෙයා ආන්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ තියලා දෙන්නෙක් මැරුවා..

එකෙක් කැම්පස් කොල්ලෙක්..

උගෙ ජීවිතේ ආයේ ගන්න බෑ..

හැමදාම නේස් වර්ජන කරලා මරලා දාපු ගාන හොයන්න ක්‍රම නෑ..


එතකොට ඒවා විවේචනය කරන කෙනෙක් කොහොමද ...

මේවා උඩ දාගෙන ස්වයං වින්දනයේ යෙදෙන්නේ...


මේකට හොඳම උත්තරේ දුන්නේ නිර්මාල් රංජිත් දේවසිරි...


මේක විරෝධතාවයක් නෙමෙයිය.. 

මේක තනිකරම මධ්‍යම පාන්තික හීනමානය ප්‍රදර්ශණය කිරීමය කියලා..


හොඳින් නිරීක්ෂණය කරාම බුකියේ මේක වර්ණනා කරපු හැම එකාම ඒ පන්තියේ කියලා  පැහැදිලිවම පේනවා...


එයාලා කොච්චර උඩ ගියත්,

තාම ඉන්නේ පහළ...


දැන් මා එක්ක තව පිරිසක් තරහා වෙයි..

ඒකේ කිසි අවුලක් නෑ...


ඇත්ත ලියලා පැත්ත ගියත්..

මට නම් කිසිම අවුලක් නෑ..


ඩිග්‍රිය ගත්තට පැඩිග්‍රිය දෙන්න බෑ...


මේවට උසස් අධ්‍යාපන ආයතන කිව්වට...


ඒවයෙන් පිටවෙලා සෑහෙන කල් ගියත් 

මනසින් උසස් වෙලා නම් නෑ....

තාමත් ගෝත්‍රිකයි...


එන්න අපි 


ජේ ආර් මරමු....!!!


මෙත් මල් පිබිදේවා 

සිත් තුල මෙත්මල් පිබිදේවා

කරුණා ගුණ දේවා

සිත් තුල කරුණා ගුණ දේවා...


උසස් අධ්‍යාපන ආයතන තුලින්

උසස් මිනිසුන් බිහි වේවා...!!!!


(මේවගේ ඒවට ලැයික් කොමෙන්ට්ස් හහා අඩුයි....

මොකෝ නිර්වස්තරෙන් ගොඩ වෙලා ගියා කියලා මාට්ටු නේ..)

Dec 18, 2021

ගමෙන් පටන් ගෙන "මොනෙක්" වෙත යාම - Lets Build a Monarch with JVP

 


ඉස්සෙල්ලම බලමු Monarch හෝ Monarchy කියනෙකේ තේරුම.. සරළව කාටත් තේරෙන බසින් කියනවා නම් ඒකාධිපතියෙක් විසින් පාලනය කරන අධිරාජ්‍යය යන සරළ තේරුමය.. උදාහරණයක් ලෙස මොන්ටිකාලෝ රාජ්‍ය සඳහන් කළ හැකිය...

ඇත්තටම ජාතික ජන බලවේගයේ රැස්වීම තියන තලවතුගොඩ මොනෙක් අධිරාජ්‍යය විවෘත කලෙත් එහෙම අධිරාජ්‍යයෙක්ය. ඒ බැසිල් රාජපක්ෂ උන්නැහේය..

ගමෙන් පටන් ගමු කියපු ජවිපේ, ඒක පැත්තකට තියලා ජාතික ජන බලවේගය එක්ක මොනෙක් එකේ සෙට් වෙන්නේ ඇයි?

ආන්ඩුවේ පිස්සු කෙලීම් එක්ක බහුතර ජනතාව ඉන්නේ ආන්ඩුව එක්ක කළකිරීමෙන්ය, කොරෝනා මැද්දෙත් ආන්ඩුව බොහෝ දේ කළත්, ඊට ප්‍රචාරණයක් ලබා දෙන්න ආන්ඩුවේ මාධ්‍යකාරයෝ සියල්ලම අසමත්ය.

ඒ වගේම කැබිනට් ඇමතිවරුන්ගෙනුත්  අති බහුතරේ අසමත්ය, වී මාෆියාවට කෙලින්න දාපු බන්ධුල හොරා කාලා අතේ මාට්ටුය. අලගියවන්න කියන්නේ පට්ට හොරෙක්ය. පච වෙන්නේ ෆේල් වෙන්නේ ඝෝඨාය

කාබනික වගාව බාරදීපූ දෙන්නා ඒකා හෑවා මදිවාට චීන ගූ නැවකින් හොරා කාලා එකවුන්ට්ස් දෙක පුරව ගත්තේය. පච වෙන්නේ  ෆේල් වෙන්නේ ඝෝඨාය.

හරියට ගියේ වැක්සින් වැඩේ විතරයිය.. ඒකෙන් හොරා කන්න ගිය පවිත්‍රට කෙලවෙලාම ගියා වගේම කෙහෙලියටත් ගරු රඟපෑම් දාන්න බැරි ව්දියට වියත්මගේ බඩු දෙක එතනදි පාස්ය.

මාධ්‍ය ඇමතිකම දීලා තියෙන්නේ තවත් සිරිසේන කෙනෙකුටය. පොරද  කන පතේම අඩු නැතිව රෙන්නේය. ඝෝඨගෙ දකුණු අත වගේ උන්න දිලිත් දැන් ඉන්නේ මල පැනලාය. දුමින්ද එලියට දැම්මත් රෙණෝගේ හිරුත් නිකං මළහිරු වගේය.

මේ සියල්ලට ඝෝඨා වගකියන්න ඕනාය. එයා 2025 ආයේ ඉල්ලන්න ඉන්නවා නම් දැන්වත් එයා පොලිටීෂියන් කෙනෙක් වෙන්න ඕනෑමය.

ආන්ඩුවට විරුද්ධව උසාවි ගිය කැබිනට් ඇමතිවරු එලවලා දාලා තමන් ඝෝඨා බව ජනතාවට පෙන්විය යුතුය..

මෙන්න මේ හේතුත් නිසාත්, සජිත්, පාඨලි, රනිල් කියන පට්ට ෆේල් ජෝකර්ලාගෙන් වැඩක් නෑ කියලා දන්න හේතුව නිසාත්, දැන් මිනිස්සු විකල්ප නායකයෙක් හොයනවාය...  විකල්ප බලවේගයක් හොයනවාය..

අනුර කුමාර කෙරේ මෙන්ම ජෙප්පන් කෙරෙහි මිනිස්සු ආකර්ෂණය වෙන්නේ, වෙනත් විකල්ප නැති නිසාය.. (ඇත්තම නායකයා අනුර කුමාර නොව ටිල්වින් උන්නැහේය)

ජෙප්පන්ටත් මෙය අවබෝධ වූවද, ඔවුන් ඉන්නේ මෝහෙන් මුලාවෙලාය. සිහිණය බලය ලබා ගැන්ම පමණය. එයාලා කියනා ක්‍රමවලින් රටවල් හදන්නට බැරිය.. පුත්තලම් ගඩොලින් හා මනම්පිටියේ වැලිවලින් මූලස්ථාන ගොඩ නැගුවාට, ඔය බයිලා වලින් රට හදන්නට බැරිය..  

අමතර එවනා ඩොලර් 500 කින් ඩොලර් සංචිතය මේන්ටේන් කළ නොහැකිය.

පොල්මුඩේ ඉල්මනයිට් වලින් කැළණියේ මැටි වලින් රට ගොඩ දාන්න බැරිය. වී වගා කරනා පන් ගොයියෝ එක්ක රට ගොඩ නගන්නට බැරිය. කොටින්ම විදෙස් ආයෝජකයෝ නොමැතිව මේ රට ගොඩගැනීම විහිළුවාක්ම පමණය.

ඒ නිසා මුලින්ම ඔවුන් රට ගොඩ දමනා කෙටි කාළීන හා දිගු කාළීන වැඩපිලිවලක් ජනතාවට ඉදිරිපත් කළ යුතුය. මන්ද විවේචනය පහසු වූවාට, වැඩේට බැස්සාම එයාලත් නාගත්තා මිස වෙන වැඩක් නොකල නිසාය.

2015 දී යහපාලනයට කෙලවෙලාම ගියේත්, මේ ආන්ඩුව දැන් හත්පොලේ ගාගෙන නාන්නේත් ඒ හේතුවෙන්මය. 

ඇත්තටම "මොනෙක්" මානසිකත්වය ඉතා හොඳය. ජවිපේ ඉදිරියට යා යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ  ලෙස මිස වෙනත් පෙරමුණු හෝ බලවේග ලෙස නොවේය.

එනිසා ජාතික ජන බලවේගයේ සිටිනා සියල්ලන්ටම ජවිපේ සාමාජිකත්වය ගෙන ඔවුන් හා එක්වන ලෙස ඉල්ලා සිටිය යුතුය. 

එසේ එක් නොවනා උන් අමු බොරුකාරයෝය. මන්ද කෙල වූ පසු අනේ අපි නම් ජවිපේ නෙමේ කියා දිරාමාරු වන්නේ ඒ පිරිසය.

1994 සිට හවුලේ කැඳත් සමඟ කැඳහැලිවල බැහැලා ආතල් ගත්තා හොඳටෝම ඇතිය.

ජනතාව දැන් බැහැලා නාන්නේද එවන් කැඳ හැලියකය. 

කැඳ හැලියක් සමඟ හිට්ලර් තියා මහා ඇලැක්සැන්ඩර් බලයට ආවාට මෙලෝ රහක් නැතැයි කියා, 2/3 ක් සමඟ 20 ත් සම්මත කරගෙන ඇදගෙනම නානා ඝෝඨාභය රාජපක්ෂ ඔප්පු කරලා අවසන්‍ ය.

ඒ නිසා "මොනෙක්" වලින් ආරම්බ වන වැඩපිලිවල ජවිපේ අධිරාජ්‍යයකින් නිමාකර ගැන්මට සෑම ජෙප්පෙක්ම සිහි තබා ගත යුතුය..

හවුලේ කැඳ තියා ජෙප්පෝත් එපාමය..


ඒ වගත් මෙසේය...

Dec 14, 2021

හර්ෂලාගේ ගුලි නොකා ලොකු අයියා ළඟ දනින් වැටිය යුතුය..


පී බී ගේ ගුලි කා හත් පොලේ ගාගෙන ඉන්නා ආන්ඩුවට, හර්ෂ ද සිල්වා හා විපක්ෂය එක්වී දෙන්න යන්නේ සුපිරිම ගුලියක්‍ය. මේක මුලින්ම දුන්නේ ඇපත් නැතිව පක්ෂයත් කා ගෙදර ගිය රනිල් වික්‍රමසිංහය. ඒ වැටි ඇති වලෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF ලෝන් එකකට යන්නෙයි කියලාය. මේ ගුලිය කාපු ගමන් වෙන්නේ, ණය ගන්න නම්, IMF එක අපට දමනා කොන්දේසි ඉටුකරන්නටය. 

ඒවා ඉටුකරන්න ගිය ගමන් ආයෙත් ගහන්නේ හර්ෂ ද සිල්වලා හා රනිල් වික්‍රමසිංහලාමය. එයාලාගේ ප්‍රධානම යෝජනාවක් වන්නේ රාජ්‍ය සේවය කප්පාදු කිරීමය. එහෙව් එකකට විරුද්ධ වෙන්න අලුතෙන් විපක්ෂයක් ඕනා නොවන්නේ, ආන්ඩුවට විරුද්ධව උසාවි යන පසුගාමී වාමාංශික ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේම ඉන්නා නිසාවෙන්‍ය. උන් දැනටත් IMF ගෙනෙනා තවත් යෝජනාවක් වන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයට එරෙහිව උසාවි ගොස් සිටිනා කාළකන්නීන්‍ය. ඒ යුගදනවි ගිවිසුමට එරෙහිවය. නැගෙනහිර ජැටිය යුනියන් එකකට දීලා බකං නිලාගෙන ඉන්නේත් උන්මය.

චීනා විපක්ෂයට ෆුල් සපෝට් එක දෙන මෙ වෙලාවේ, IMF යනවාට වඩා ඉන්දියාවේ ටෝටල් පැකේජ් එක ළඟ දන ගැසීම හැම අතින්ම වාසියක් වන්නේ, IMF යනු ණය දෙන ආයතනයක්ම පමණක් වීමත්, ඉන්දියාව යනු ඊට වඩා බලවත් රාජ්‍යයක් වීමත්‍ය. කවුරු මොන බයිලා කෙසේ කීවත් අපේ අසල්වැසියා වන ඉන්දියාව තරහා කරගෙන අපට ඉදිරි ගමනක් ඇත්තේ නැතිය. 
මේ අමන වැඩේ ජේ ආර් මෙන්ම මහින්දද කළේය. 

යුද්ධය ආරම්බ කිරීම, අවුලා පවත්වාගෙන යාම මෙන්ම, යුද්ධය අවසාන කිරීමටත් කෙලින්ම සම්බන්ධ වූයේ ඉන්දියාව බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහස් වී අවසානය. ජේ ආර් ඉන්දියාව ඉදිරියේ බව්වා මාක් වී 13 ව්‍යවස්ථා සංසංශෝධනය ගෙනාවා වාගේ, මෙවරත් ආර්ථික අගාදයෙන් ගොඩ ඒමට ඉන්දියාව විසින් ටෝටල් පැකේජ් එකක් දීලා තියෙනවාය. 

දැන් ආන්ඩුවට හා රාජපක්ෂලාට ඒ පැකේජ් එක ඉදිරියේ දන නමනවා විනා වෙන සොලියුසොන් එකක් ඇත්තේ නැතිය.  එය ඇත්තටම ටෝටල් පැකේජ් එකක් වනාතර, ආහාර සෞඛ්‍ය හා ආරක්ෂක පැකේජ් එකකින් ආරම්බ වේ. ඇත්තටම අපේ රටට වඩා ඉන්දියාවේ ආහාර මිළ බොහෝ අඩුය. අපේ කාළකන්නි හිඟන පන් ගොයියන්ට කෙලවෙලාම යන්නේ මින් පසුවය. ඩඩ්ලිලාට හැමිනිලාම යන්නේ මින් අනතුරුවය. ඖශධ මාෆියා කාරයන්ට බොන්න බෙහෙත් නැති වෙන්නේ මින් අනතුරුවය. අයිසිස් කාරයන්ට නන්නපෝල් වෙන්නේ මෙයින් පසුය.

ඇත්තටම ලංකාව කියන්නේ ඉන්දියාවට අනුව රටක් නොවේය. උන්ට මෙය තවත් ප්‍රාන්තයක් පමණි. මුම්බායි වල ජනගහනයම මිලියන 20 කි. දිල්ලියේ මිලියන 30 කි. මිලියන 23 පමණ ඇති ලංකාව දෙස උන් බලන්නේ රටක මානසිකත්වයෙන් නොව ප්‍රාන්තයක මානසිකත්වයකිනි. ඇත්තටම මේ රට පාලනය කරන්න මහ ඇමතියෙක් උන්නාම හොඳටෝම ඇතිය. යටත් විජිත කාළයේ මේ රට පාලනය කරේ එක ආන්ඩුකාරවරයෙක් විසින්‍ය. දැන් ආන්ඩුකාරවරුම 9 ක් ඉඳලාත් සත පහක වැඩක් ඇත්තේ නැතිය.

ඉන් අනතුරුව එන්නේ බලශක්ති සුරක්ෂිතතාවය හා බංගලාදේශය සමඟ ගිවිසුම් ගත වූවාක් මෙන් SWAP Currency මූල්‍ය ගණුදෙණුවකි. එමෙන්ම ඉන්දීය ආයෝජකයින් ලංකාවට ගෙන ඒමේ වගකීමද ඉන්දීය රජය විසින් දරනු ඇත. පට්ට ෆේල් BOI එක වහලා දාන්නම පුලුවන්‍ය. මන්ගොන්පිලගේ බලශක්ති බයිලා වලට කෙලවිලා යන්නේත්, විදුලි මාෆියාවට වොට් 33000 වදින්නේත් මින් පසුවය. මහ කැළයේ දිර දිරා යමින් තියෙනා ත්‍රිකුණාමල තෙල් ටැංකි මෙන්ම පැස්ටෝල් ෂෙඩ් ටිකත් දැනටත් ලාබ ලබන IOC සමාගම අත්පත් කරගන්නේය.

ඇත්තටම අප මේ රජයෙන් බලාපොරොත්තු වූ සියල්ල මේ පැකේජය  හරහා ක්‍රියාත්මක විමට නියමිතය. 225 එපා, මේ රට වෙන කාට හරි දියෝ කියපු උන්, 88/89 වාගේ ඉන්දියාව එපෝ කියා රට ගිනි තියන්නට ගියොත්, ඒකත් ශවේන්ද්‍රට නොකියා. ඉන්දියන් හමුදාව මෙහේට බස්සා උන්ගේ පුචට වෙඩි තබනවා මිස, ජනාධිපති හා සාකච්ඡා දෙන්නෙට ගොස්, ඉන්දියන් කාරයෝ පැකේජ් එකත් උස්සාගෙන දුවන්නට වැඩ කටයුතු නොකල යුතුය.

අපට තියෙන්නේ තව කැසිනෝ දෙක තුනක් දමා, සීතා කෝවිල වාගේ රාමා කෝවිලකුත් සාදා ඒවා වඳින්නට එන ඉන්දියන් උන්ගෙන් ගානක් කඩා ගන්නා එකය.

Dec 7, 2021

අල්බොරාදා, නෙරුදා හා අපි - Neruda, Alborada and SL

 


කෙලවී ගිය ලාංකිය සිනමාවට කෙලවෙලාම ගියේ ජාතක කතා හා ජාතික කතා නිසාය. ඒවා ආර්ථික අතින් සාර්ථක වූවද, එහි සිනමාවක් තිබුනේ නැත. ඩොකියුමෙන්ට්‍රි හෙවත් වාර්ථා චිත්‍රපට කියන්නේ එකක්‍ය. සිනමාව කියන්නේ තව එකක්‍ය. ඒ ජාතියේ වාර්ථා චිත්‍රපට ටෙලිවිෂන් නොතිබූ හත් වසක සාපය පැවති, සිනමාවේ වසන්ත සමයේ, චිත්‍රපටය පෙන්වීමට පෙර ප්‍රදර්ශනය කළ අතර, ඒවා මෑත කාලයේ ආ ජාතක කතා හා ජාතික කතා වලට වඩා බොහෝ උසස් තත්වයක තිබුනේය.

මාතලන්, චිත්‍රපටයක් බලන්න යන්නේ, සිනමා පටයක් නැරඹීමට මිස, ටෙලි නාට්ටියක් බැලීමට නොවේය. විශාල තිරයක ප්‍රදර්ශනය කලද, ටෙලි නළුවන් හා නිලියන් පිරි සිනමා පට තවත් ටෙලියක් බැලුවා වාගේය. ප්‍රංශ සිනමාවට බොහෝ සේ ආදරය කරන්නෙකු ලෙස හඳයාගේ නවතම නිර්මාණය වන අල්බොරාදා කලෙකින් මා අමන්දානන්දයට පත්කල චිත්‍රපටයක්ම වූයේය.

එක් ප්‍රංශ චිත්‍රපටයක රඟන බොහෝ නළු නිලියන් බොහෝ විට තවත් චිත්‍රපටයක දැකීමට සිඳුවන්නේ බොහෝ කලාතුරකින්‍ය. එවිට සිනමාවේ නැවුම් බව රැඳෙනා බව මගේ විශ්වාසයයි. ඒ අතින් රිතිකා කොඩිතුවක්කු (Rithika Kodituwakku) හා මැල්කම් මචාඩෝ (Malcolm Machado) ටෙලි නළු නිලියන් නොවීම, සිනමාවේ, හඳයාගේ, මෙන්ම අපගේද වාසනාවක්‍ය.

බොහෝ අය මැල්කම් මචාඩෝගේ රංගනය පමණක් අගය කර තිබුනද සෑම චරිතයක්ම තම චරිතයට උපරිම සාධාරාණය ඉටු කර තිබුනේය. එමෙන්ම අනෙක් සෑම අංශයකම සුළු සුළු අඩුපාඩු තිබුනද ඒවා නොපෙනෙන නොදැනන තරමට, රංඟනය ප්‍රභලව ඉස්මතුව තිබූ බව කිව යුතුය.

චිත්‍රපටයක් නාට්‍යයක් හෝ චිත්‍රයක් නැරඹිමෙන් අනතුරව එය මනසේ හොල්මන් කරයි නම් එය සාර්ථක නිර්මාණයක්‍ය යන්න මගේ විශ්වාසයය. චිත්‍රපටයේ නම අල්බොරාදාය. එය ස්පැනිෂ් නමකි. ඉංග්‍රිසියෙන් වචනය "Dawn" යන්නයි. එහි සිංහළ තේරුම අරුනෝදය හෝ පාන්දර ලෙස ගත හැකිය. එය චිත්‍රපටයට විශාල අරුතක් ගෙන එනවා මෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් රඟන ලයනල් වෙන්ට්ඩ් නම් ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ නිවසේ නමයි. අද ලයනල් වෙන්ට්ඩ් රඟහල පිහිටා තිබෙන්නේ ඒ නිවස තිබූ භූමියේය. නිවසට නම තබා ඇත්තේ ලයනල්ගේ ළඟම මිතුරකු වූ පැබ්ලෝ නෙරුදාය. 



පැබ්ලෝ ඒ නම දැම්මේ චිත්‍රපටයේ මූලික තේමාව වන සෑම හිමිදිරියකම, නෙරුදාට පමණක් වෙන් වූ වැසිකිලිය පිරිසිඳු කිරීමට පැමිනෙන සෙක්සි සක්කිලි කෙල්ලට පෙම් කරනා (ඇයගේ පහස විඳීමට උත්සාහ කරනා) කාළයේද , එසේ නැත්නම් ඇය හා සංවාසයේ යෙදීමෙන් අනතුරුවදයි අප දන්නේ නැතිය. කෙසේ හෝ මෙම සිඳුවීම නෙරුදාගේ ජීවිතයේ අමතක නොවනා සිඳුවීමක් බව එයින් මනාව පැහැදිලි වනවාය.

මා කියවා ඇති ආකාරයට පැබ්ලෝ නෙරුදා ඇය හා එක්වීමේදි කිසිඳූ විරෝධයක් මෙන්ම කිසිඳු ප්‍රතිචාරයක් ඇයගෙන් නොලද බව කියා ඇතත්, හඳයා එම සිඳුවීම අමුවෙන්ම ඉදිරිපත් කර ඇත. මා ඉන්නේද ඒ මතයේමය. නෙරුදා තම චරිතයට සිඳුවන හානිය හේතුවෙන් එය ලියා නොතැබුවද, තම කැමැත්ත කිහිප ආකාරයකින් ප්‍රකාශ කලද, ඒවා පයිසයකට මායිම් නොකළ සක්කිලි යුවතියට අත්වන්නට ඇත්තේ මේ ඉරණමය. 

ඇය වෙනුවෙන් මඟ තබන රෝස මල කක්කා බාල්දියට දැමීම මෙන්ම, සාරිය ප්‍රතික්ෂේප කිරීම තුලින් ඇය ඔහු එන්නේ මොකාටද යන්න තේරුම් ගත් බව ප්‍රකාෂ විමද, එම ප්‍රතික්ෂේප කිරීම් වලින් ඇතිවන ඉච්ඡාභංගත්වය, නෙරුදා විසින් එය රැගෙන වේගයෙන් දිවීමෙන් මෙන්ම සාරිය ඉරා දෙවගනගේ පිලිමය සැරසීමෙන්ද අපූරුවට පෙන්වයි.


චිත්‍රපටය හඳුන්වා දීමේදී, "The poem Neruda never wrote" කියා හඳයා කියන්නේ, මේ කවිය විය හැකි වුවද, චිත්‍රපටය පුරා නෙරුදා නොලියු කවි බොහෝමයක් තිබෙන්නේය. ඇත්තටම "ජොසී" (මියන්මාරයේ යක්ෂණිය) ලංකාවට එන්නේ නැතිය. ඒ හඳයාගේ අපූරූ කවියකි. නිවසේ සේවකයා වන මැල්කම් මචාඩෝ හරහා කියනා කවි බොහෝමයකි. ලයනල් වෙන්ට්ඩ්ගේ අපූරූ ලිංගික ආශාවන් ගැන වක්‍රාකාරයෙන් කියනා කවි බොහෝ අපූරුය, එය අවබෝධ වුවහොත් මල මූසල රැඟුම් පාලක මන්ඩලයෙන් අක්ෂරය මෙන්ම ඇපීල් කරන්නට විය හැකි චිත්‍රපටයක් වීමටත් බොහෝ ඉඩකඩද තිබෙන්නේය.

නිවසේ සේවකයා සක්කිලි යුවතිය දූෂණයට ලක්වන මොහොතේ එය වැලකීමට උත්සාහ කරනුයේ කුල බේදය පසෙක තබා ඔහුගේ මිනිස්කම හා කුලයෙන් පහත් වුවත් තමාගේ  එකෙකුට විනාශය නිසා බව තවත් අපූරූ කවියකි. අසල්වැසි කාන්තාව නෙරුදා කෙරෙහි ඇති ආශාව වක්‍රාකාරයෙන් පෙන්වීම තවත් අපූරූ කවියකි. සක්කිලි පඩි ගත්තා වාගේ යන කවිය ඉදිරිපත් කිරීමද අපූරුය. 

"You are a Basterd" නැතකොත් "තෝ මහා අමනයෙක් ..." කියා, හඳයා නෙරුදාට කියන්නේ  නැතිය. නොබෙල් සාහිත්‍ය සම්මාණයෙන්ද පුදලද මහා කවියකු අමනයෙක් බව කියන්නේ ලයනල් වෙන්ට්ඩ් ලවාය. ඇත්තටම මෙවන් අමන සල්ලාල කළාකාරයෝ ලංකාවෙන්ද ලෝකයෙන්ද කොතෙකුත් වාර්ථා වුවද ඔවුන් තවමත් මහා කලාකාරයෝ වනාතර වින්දිතයෝ වෙට්ට පාසියෝය. මෙය කළාකරුවන්ට පමණක් බැහැර කර අපට අත සෝදා ගත හැකිද?

හඳයා තවත් අපූරූ කවියක් කියයි. මම මේ චිත්‍රපටයේ කැමතිම චරිතය, නිමායා හැරිස් (Nimaya Harris) පන පොවනා  පැට්සිගේ  (Patsy) ගේ චරිතයයි. යටත් විජිත  ව්ක්ටෝරියානු යුගයේත්, මානුෂික හැගීම් වලින් යුත් නිදහස් නිවහල් ලිබරල්, "ලයනල් වෙන්ට්ඩ්" වැනි පිරිමින් මෙන්ම, පැට්සි වැනි කාන්තාවන්ද වූ බව ඇය අපූරුවට ඉදිරිපත් කරයි. ඇය පෙම් කරන්නේ නෙරුදාට නොව ඔහුගේ කවියටය, මියන්මාරයේ ත්‍රස්ත්වාදිනියට මෙන් නෙරුදා තමන්ගේම කර ගැනිමේ ගායක් ඇයට ඇත්තේ නැතිය. ඇය ඒ වෙනුවෙන් විඳවන්නේ නැතිව නෙරුදාගේ කවිය, නෙරුදා මෙන්ම ඇයගේ ජීවිතයත් විඳගන්නීය.

ඇය හිස දරාගෙන සිටින්නෙ ඉන්ගිරිස් හිස් වැස්මකි. මියන්මාරයේ යක්ෂනිය එන්නේ හිස මත හාල් මල්ලක් රැගෙනය. ඇය සිතන්නේ හාල් තියෙන්නේ මියන්මාරයේ පමණකැයි කියාය. මිරිමින්ට ඉන්නේ තම පතිවත බිලිගත් නෙරුදා පමණක් යැයි සිතාය. සක්කිලි යුවතිය හිස දරාගෙන යන්නේ තම රැකියාවයි. එහි ඇත්තේ අශූචිය. අවසානයේ ඒ බාල්දිය රැගෙන යන්නේ නෙරුදාය.

අප සියල්ලන්ම අශූචී බාල්දියක් හිසින් ගෙන ඉලපතක් අත රැගෙන යන්නෝ නොවෙමුද?

ඉලපතින් හතුරාට බැට දීමට මෙන්ම තම පරිසරය පිරිසිඳුව තබා ගැන්මටද පුලුවන.

වික්ටෝරියානූ යුගයේ අනුන්ගේ පව් සේදීමට මුහුදේ කිමිදෙන සක්කිලි යුවතිය "අද" මතුවන්නේ....  තාමත් පව් කාරයන් සිටිනා නිසාද, වික්ටෝරියානු යුගය තවමත් පවතින නිසාද?

Nov 30, 2021

වසංගතය කොරෝනා නොව පුංචි බන්ඩාය


 ජනාධිපතිවරණය වෙලේ පුංචි බන්ඩා උන්නැහේ ඝෝඨා එක්ක එහෙ මෙහෙ යනවා අපි නම් දැක්කේ නැතිය. හැබයි දිලිත් ජයවීර නම් අර සුපිරි ඩිස්කවරියේ එහෙ මෙහෙ යනවා අප කිප වරක්ම දැක්කේය. පුංචි බන්ඩා මහතා උසාවියෙන් බ්ලැක් ලිස්ට් කල පොරක් ය. ඝෝඨා එවන් කෙනෙක් තබාගෙන ඉන්නේ සමාර විට එයා අසාදුගත පුද්ගලයින්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරලා තියෙන නිසෑදැයි කියන්නට අප දන්නේ නැතිය.

එහෙත් දිලිත් ජයවීර යනු එවන් පුද්ගලයකු නොවේය.  ඔහු ස්වෝත්සාහයෙන් ස්වශක්තියෙන් ලංකාවේ ඉහළම තලයේ වැජබෙන ව්‍යාපාරිකයෙක්‍ය. අනික ඔහු උපාධිදාරියකුය. රාජ්‍ය සේවයට සම්බන්ධයක් ඇත්තේ නැතිය. ඔහුට එක එක චෝදනා කරනා හැම එකාම පෞද්ගලික අංශය ගැන අබමල් රේණුවක දෙයක් නොදන්නා මීමින්නන්‍ය. පෞද්ගලික අංශය යනු ලාබයම පරමාර්ථය කර ගත් අංශයක් පමණි. ඔවුන්ගේ සේවක පිරිසගේ පමණක් නොව, පින් පඩි ගන්නා ආන්ඩුවේ උන්ගේ පඩිය ගෙවන්නේද ඔවුන්ගේ මුදල්වලින්‍ය.

කිරීමට කිසිවක් නැති ආයතන කිහිපයක නාමමාත්‍රික තනතුරු කීපයක්ම ලබා දුන්නද, අද ඔහු තමන්ගේ ෆේස්බුක් ගිණුමේ "නිදි වගේ ඉන්න ඕනෑ..." කියන්නේත්, පී බී ට එලව එලවා පහර දෙන්නේත්, රටේ ප්‍රශ්ණ සියල්ලටම හෙතුව පුංචි බන්ඩාගේ මරි මෝඩ තීන්දූ තීරණ හා අධිකාරිවාදී පාලනය නිසාමය.

ඝෝඨාට මරි මෝඩ උපදෙස් දෙන මේ හාදයා දැන් කියන්නේ, රටේ ආර්ථිකය රට අති භයානය ආර්ථික අඩියකට වැටී ඇති බවත්, ලබන වසරේ තත්වය මීටත් වඩා දරුණු විය හැකි බවත්‍ය. අනෙක මේ මෝඩ වාහේ ඒවා කියන්නේ ජර්මන් සන්නාම පිළිබඳ පැවති සම්මන්ත්‍රණයකදි ඉන්ගිරිසියෙන්‍ය. මේවායෙන් වෙන්නෙ ඉන්න ආයෝජකයෝ ටිකත් එපාර්ට්මන්ට් එකත් විකුණා දමා මේ ගල් වැද්දන්ගේ රටෙන් චුත වෙලා යන එකය.

මෙයාලා කෙලෙවෙන හැම එකටම උත්තරේ ලෙස පෙන්නන්නේ වසංගතයය. ඇත්තටම ලංකාවට කෙලවුනේ කොරෝනා වසංගතයෙන් නොව, පුංචි බන්ඩා වසංගතයෙන්‍ය.

අපනයන ආනයන සීමා දමාගෙන සිරිමාගේ යුගයකට රට ගෙනියන්න ගියේ වෙන කවුරුන්වත් නොව පුංචි බන්ඩාය. රටම ගිනි තැබූ කාබනික වගාව තම අධිකාරිමය බලයෙන් පටන් ගත් ගමන් 100% කරන්නට ගියේ කාබනික ගොවිපලක් තිබෙනා පුංචි බන්ඩාය. ඩොලරයේ මිළ ස්ථාවරව පවත්වාගෙන යා යුතුයැයි නීතී දාන්නේ පුංචි බන්ඩාය. සියළුම අමාත්‍යංශ ලේකම්වරුන් පාලනය කරන්නේ පුංචි බන්ඩාය. මැති ඇමතිවරුන්ට ජනපති හමුවීමට ඇපොයිමන්ට් දෙන්නේ පුංචි බන්ඩාය. කොටින්ම රාජපක්ෂ පවුලේ අවුල් නිර්මාණය කර ඇත්තේත් පුංචි බන්ඩාමය. රටේ ජනාධිපති, ඝෝඨාභය රාජපක්ෂ නොව පුංචි බන්ඩාය. 

එකෙකුටවත් මේක කෙලින්ම ජනාධිතුමාට කියන්න කොන්දක් නැති උනාට. එතුමාට තවත් වසර තුනක් ඉදිරියට ඇති නිසා. එතුමාගෙන් විශාල වෙනසක් බලාපොරොත්තු වූ කෙනෙකු වශයෙන් කට කැපුවත් මේවා කියන්නම වෙනවාය. දිලිත්ලාත් වටින් ගොඩින් කියන්නේ එයය.

වසංගත මැදත් බංගලාදේශය ඉන්දියාව ඉතරක් නොව ටුවරිසම් වලින්ම දුවනා මාල දිවයිනත් කිසි අවුලක් නැතිව දුවනවාය. කොරෝනා කියා ඒ රටවල් වසා දමන්නේ නැතිය. සංචරණ සීමා දාලා නැතිය. මිනිසුන්ගේ නිදහස නැති කරලා නැතිය.

ඒ රටවල් එසේ දුවන්නේ බෙල්ල කපා දමනවා වාගේ මරි මෝඩ ආර්ථික තීන්දූ ගෙන ඕපන් ඉකොනොමිය සංවෘත ආර්ථිකයකට පරිවර්තනය නොකල නිසාය. පවතින ආර්ථික ක්‍රමය ඔහේ තිබෙන්නට ඉඩ නොහැර, ඊට ආනයන සිමා පැනවීමෙන් ආර්ථිකයට කෙලවෙලාම යන බව අප කියද්දී, එදා අපට .... තෝ දන්නා ඉකොනමි කියා කින්ඩිය දැමූ උන්, අද කියන්නේ මාතලන් කියපුවා ඇත්තෙයි කියලාය. 

පොඩි කඩයක්කත් කරලා නැති ආර්ථික උස්තාද්ලා වාහන ආනයනය සීමා කිරීමෙන් කී දෙනෙකුට කෙලවුනාද කියා අදටත් දන්නේ නැතිය. එයින් සිද්ද උනේ කෘතිම මිළක් ඇති වීමය. ඒ ගණුදෙනු වලින් ආන්ඩුවට ලැබුන ලබ්බක් නැති අතර, කාර් සේල් කාරයෝ පමණක් ගොඩ ගියේය. එහෙත් කෘතිම මිළ සැමදා රඳා පවතින දෙයක් නොවේය. එයට සීමාවක් ඇත. එළවළු මාෆියාවට කෙලවෙලා ගියේ ඒ අනුවය.

අති දරුණු යුද්ධයක් සමඟ පට්ටම ෆේල් පාලනයක් ගෙන ගිය චන්ද්‍රිකාගේ කාළයේවත්, කිසිම වසංගතයක් නොමැතිව සිවිල් ත්‍රස්තවාදින් හා සමඟ පාස්කු බෝම්බද සමගින් රටේ ණයබර දෙගුණයකින් වැඩි කල, අද, රජය මිළ පාලනය කරන්න ඕනා කියනා, ඕපන් ඉකොනමි  උස්තාද්ලා සමගින් පිස්සන් දෙදෙනෙක් රට පාලනය කළ යහපාලන කාලයේවත් රටේ ආර්ථිකය මෙවන් තත්වයකට පත් නොවූයේ, එයාලා පැවති ආර්ථික ක්‍රමයත් සමඟ පිස්සු කෙලින්න ගියේ නැති නිසාය.  

සතොස සභාපති එලවීමට, මහ බැංකු අධිපති එලවීමට ගත් තීරණය මේ මොහොතේ හෝ නොගතහොත්, ඝෝඨාභය රාජපක්ෂද අයත් වනුයේ එතුමා විසින්ම මෑතකදී නැවත පත්කර එවන්නට එපා යැයි කියූ පිලටමය. පත් කර ගත යුත්තේ රාජ්‍ය සේවයේ කිසි දිනෙක සේවය කර නොමැති පුද්ගලයකු පමණි.. රාජ්‍ය සේවයේ පිරිස හා මේ රට ගොඩ දැමිය හැකියයි කිසිවකු සිතන්නේ නම්, ඔහු කළ යුත්තේ මළක් ගසා ආතල් එකේ සිටීම මිස දේශපාලනයේ නොවේමය.


ඒ වගත් මෙසේය.....