අනිච්චා වත සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
(සංඛාරයන් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. සංඛාරයෝ ඒකාන්තයෙන්ම ඇතිවීම සහ නැතිවීම ස්වභාවය කොට ඇත්තේය.)
➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖➖
දේශපාලනය තුල නොව, ඕනෑම ක්ෂේත්රයක් තුල කට්ට කෛරාටිකයකු නොවී පැවැත්මක් ඇත්තේ නැතිය... අවංක සත්‍යවාදී පුද්ගලයින්ගේ පැවැත්ම වැඩි කල් රඳා පවතින්නේ නැතිය..
එහෙත් කට්ට කෛරාටික පාලකයින්ටද කෙලවෙලා නැතිදැයි ඇසුවොත් කියන්නට සිඳු වන්නේ... ඔවුන්ට කෙලවූයේ අවංක පුද්ගලයින් නොව.... ඊටත් වඩා කට්ට කෛරාටිකයින් පිරිසක් විසින් බවය.
ඕනෑම දේශපාලන න්‍යායයක් තුල මේ සඳහා ඇති බලගතුම අවිය වන්නේ බොරුවයි. මේ සඳහා ලෝකය පිලිගත් න්‍යායය වන්නේ ගොබෙල්ස් න්‍යායයයි. මෙහිදි විශේෂයෙන් සඳහන් කල යුතු කරුණක්ද අවසානයේ ලියා තබන්නේය.
21 වන සියවස වැනි මිනිස් ශිෂ්ඨාචාරයේ ඉතා දියුණු අවදියකත් එය ඉතාමත් පහසු දෙයක් වී ඇත්තේ...
ලංකාව යනු භූ දේශපාලනික හා ආර්ථික ශාක්ෂරතාවයක් නැති ග්‍රාමීය ගෝත්‍රික ගොබ්බ සමාජයක් වීම නිසාවෙනිය. ලංකාවේ විස්ස විජ්ජාල වලින් බිහි වූ උපාධි කාරයෝ මෙරට මෙන්ම නොරටද ජීවත් වුවද.... ගිරා පෝතකයින් වන කොපි පේස්ට් උපාධිධාරීන් වන ඔවුන්ගේ තත්වයද එසේමය. ඔවුන්ට තාර්කික බුද්ධියක් ඇත්තේ නැතිය.
ලංකාව යනු බංකොලොත් රාජ්‍යයක් නොවූවත්... ආර්ථිකය කළමණාකරණය කර ගැන්මට නොහැකිව ආර්ථික වශයෙන් බංකොලොත් රාජ්‍යයක් වී අවසානය... ඒ තව දුරටත් ලබාගත් ණය ගෙවීමට නොහැකිව පමණක් නොව, කිසිඳු විදේශීය ණයක් ලබාගත නොහැකි නිසාවෙන්‍ය. ලෝකයේ දියුණුම රාජ්‍යයන් පවා පවතින්නේ... ණය රෝල් කිරීමේ දක්ෂතාවය මතය.
ලංකාව එසේ ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇත්තේ... ජනතාවගේ වරදකින් නොව පාලකයින්ගේ අමනෝඥ තීන්දූ තීරණ නිසාවෙන්‍ය යන්න පරම සත්‍යයක්මය. ඒ ඔරොත්තු නොදෙනා රාජ්‍ය සේවය, පාඩු ලබන රාජ්‍ය ආයතන හා සුබසාධන ක්‍රියාවලියන් නිසාමය.
ජවිපෙටද මේ පාපයෙන් කිසිසේත් ගැලවිය නොහැක්කේ... ඔවුන්ද මේවා වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටීමත්, තව දුරටත් ඒවා පවත්වාගෙන යාමට ඇප කැපවී සිටිනා නිසාමත්මය.
2009 යුද්ධය අවසන් කොට... 2010 සිට රාජපක්ෂ පාලනය දේශීය හා විදේශීය ණය රැගෙන යටිතල පහසුකම් සැපිරීමේ හා මහා පරිමාණ ව්‍යාපෘති ඉඳිකිරීමේ කටයුතු වලට අමතරව.... රාජ්‍ය සේවය 100% කින් වැඩි කොට ඔවුන්ගේ වැටුප්, දීමනා, වාහන හා නිවාස ණය පහසුකම් සපුරමින්... ආර්ථිකයේ විශාල පිම්මක් පැන... වේගයෙන් සංවර්ධනය වන රටක් ලෙස ඉදිරියට පැමිණියද....
2015 බලයට පැමිනි ආන්ඩුවේ කචල් හේතුවේන්.... එම සංවර්ධන ව්‍යාපෘති සියල්ල නවතා දැමූයේ දේශපාලන පලිගැනීම් ලෙසය.... පෝට් සිටියේ මුල් ගල ගලවා මුහුදට විසිකල අතර.... මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කළේය.... ඉන් පසුද ණය ලබාගැනීම නොනවත්වාම සිඳු වුවද... ඒ සියල්ල වැය වූයේ රාජ්‍ය සේවය නඩත්තු කිරීමටය. ඒවා නිකන් ණය නොව... වැඩි පොලියට ගන්නා ලඳ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වුනේය.
එහෙත් ජෙප්පන් මෙන්ම දේශපාලුවන්ටත් එහා සුර සැප විඳි රාජ්‍ය නිළධාරින් විසින් මේ රාජ්‍ය සේවය හා පාඩු ලබන සුදු අලීන් නඩත්තු කිරීමට ගන්නා ණය මුදල ජනතාවට පෙන්වූයේ පාලකයින් හොරා කෑ මුදල් ලෙසය....
ඒ අනුව ජවිපේ විසින් නිපැයූ... 225 ම හොරු යැයි යන පට්ට කෙබරය... ආර්ථික ශාක්ෂරතාවයක් නොමැති ගම් කබර ගොබ්බයින්ගේ හිස් ඔළුගෙඩි තුල කොන්ක්‍රීට් මෙන් තැන්පත් කිරීමට අනුර කුමාර දිසානායක සමත් විය.
එහෙත් ඒ බොරුව අද ඔවුන්ටම පරාවලල්ලක් වී අවසානය.... උගන්ඩාවේ ඇති ලබ්බක් නැති බව උගන්ඩා කුමරියම පාපෝච්චාරණය කළේය. රාජපක්ෂලාගේ සල්ලි උගන්ඩාවේ තියෙනවා කියා කිසි දිනෙක කියා නැති බව ටිල්වින් සඕදරයා පාපොච්චාරණය කළේය.
එසේ කියූ ඔවුන් මේ දින 50 ට පමණක්.... රුපියල් ට්‍රිලියනයකට (1,000,000,000,000.00) වඩා ණය වී අවසානය... සිරසේ මාධ්‍යවේදී ගොබ්බයින්ට අවශ්‍යම නම්... මහ බැංකුවේ වෙබ් අඩවියෙන් ඒ පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගත හැකිය.
ඒ ලබා ගන්නේ වෙන කිසිවකටත් නොව... පාලකයින් විසින් හොරා කෑ ගිණුමට බැර කරන ලද, අන්ත දූෂීත අකාර්යක්ෂම රාජ්‍ය සේවය නඩත්තුවට හා පාඩු ලබන රාජ්‍ය ආයතනවල නඩත්තු වියදම් සඳහාය.
එසේ නොමැතිව.... ඒ මුදල් අනුර කුමාර විසින් හොරා කන්නේ යැයි සිතන්නේ නම් එය ඉතා වැරදි සහගතය. ඒ නිසා සිරසේ බරන බුල්ලෝ කලබල විය යුතු නැතිය. අනුර කුමාර එසේ කරනවා යැයි කීමට තරම්... තොපි මෙන් අප අම්බරුවෝ නොවන්නේය.
මෙසේ දේශීය ණය ගැනීමට සිඳු වූයේ... ලැබීමට නියමිතව තිබූ IMF ණය වාරිකය නොලැබීමේ හේතුව නිසාමය. අනුර කුමාරගේ ආන්ඩුව විසින් අයවැයක් ඉදිරිපත් කොට මාස දෙක තුනක් යන තෙක් එම වාරික මුදල නොලැඹී යාමේ සම්භාවිතාවය ඉතා ඉහළ අගයක ඇති අතර..... අනුර කුමාර ආන්ඩුවට මේ ණය උගුලේ ගැට්ටටම හිරවීමට සිඳුවනු ඇත්තේය.
දැන් ඔවුන් පැවසූ බොරු ඔවුන්ටම පරාවලල්ලක් වී පැමිණීම මාරම ලොල් සහගත මෙන්ම දෛවෝපගත සිඳුවීමක් වී අවසානය.... සඕදර සඕදරියන්ට සිඳුවන්නේ ගලේ පැහැරූ පූසොන්ට අත් වූ ඉරණමය.
අප ඒ දෙස ආතල් එකේ බලා සිටිනා අතර.... කිසි දිනෙක අරගල කිරීමට එන්නේ නැතිය. ඒ එන්නේද අද ඔබලා උඩින්ම දිනවූ පිරිසමය.
මා කලින් සඳහන් කළ ගොබෙල්ස් න්‍යාය ලොවට බිහි කල ජර්මනියේ නාසී හමුදාවේ චීෆ් ප්රොපගැන්ඩිස්ට් ලෙස කටයුතු කළ.... පෝල් ජෝසප් ගොබෙල්ස් මැතිතුමා සිය පවුලම වස පොවා ඝාතනය කොට තමන්ද සියදිවි නසාගත් අතර... එවන් ඉරණමකට වත්මන් පාලකයින් පත් නොවේවා යන්න මාතලන්ගේ පරම පැතුමය.
තැපෑලෙන් පිහිණීම හැදෑරූවෝ ගං වතුරකදී අන්ත අසරණ වන්නේය....
ඒ වගත් මෙසේය......
.