.

.

Jul 31, 2011

සිහින තරුව - ආඩම්බරයක් - We can be Proud of Dream Star


දෙරණ ඩ්‍රීම් ස්ටාර් තුන කේශාන්ට ජය අත් කර දෙමින් නිමාවට පත්වීය. අවසාන තිදෙනාම ටැලන්ට් වූවද, කඩවසම් බවින් හා හුරුබුහුටි බවින් පිරි කේශාන්ට වැඩි වාසියක් ඇති බව කළක් සිටම පෙනෙන්නට විය. මෙවර මෙම තරඟයේ විශේෂත්වය වූයේ බයිලා වටයක් පැවැත්වීමයි. එහිදි කේශාන් ගායනා කල නිහාල් නෙල්සන්ගේ ගුණෙ අයියගේ කාමරේ ගීතයෙන් ඔහු බොහෝ සේ ඉදිරියට ගියේය. ඒ බව අවසාන තරඟයේදී කීර්තී පැස්කුවල් ඉල්ලීමක් කරමින් එම ගීතය ගායනා කරවීමෙන් වඩාත් තහවුරු විය. (සමාවන්න.. එය අනුගමනය කරමින් සිරසද බයිලා වටයක් ඉදිරිපත් කලද එය අහසට පොළොව මෙන් විය.)


මෙහිදී මා වඩාත් අගය කරන්නේ, අවසාන තරඟය ඉතාමත් විශිෂ්ඨ ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි. අපේ රටේ යයි කිසි ලෙසකින් වත් විශ්වාශ කළ නොහැකි අන්දමේ දැවැන්ත, නිර්මාණශීලී, සිත් ගන්නා සුළු වේදිකාව මා මෙතෙක් අපේ රටේ දුටු හොඳම වෙදීකාවයි. විදුලි ආලෝකය ඉතාමත් ඉහල මට්ටමක තිබුනු අතර වේදිකාව පමණක් නොව, මුලු ශාලාවම ඉතා සිත් ගන්නා සුළු වර්ණ වලින් ආලොකමත් කිරීමත් මා දුටුවේනම් මුල් වතාවටය.

ඇඳුම් නිර්මාණ ජාත්‍යන්තර තත්වයෙන්ම වූ අතර කොල්ලන්ගේ කොට් වල බෝරිච්චි දැමීමෙන් ඒවා කෝට් නොව සාරවිට කෝට් බවට පත් කර තිබීම අපරාධයකි. කෙල්ලන්ගේ ඇඳුම් නිර්මාණ සිත් කාවදින වර්ණයන්ගෙන්ද කාන්තා ලාලිත්‍ය මතුකරන ආකාරයෙන්ද ඉහලම තත්වයෙන් වීය. නැටුම් නිර්මාණද හොද මට්ටමක වූ අතර, අවසානයට පැමිණි නර්තන කණ්ඩායම රටටම ආඩම්බරයකි. කෙල්ලන් ටික සුරඟනන් පැරදූ අතර, කොල්ලන්ද හොඳට කෑම බීම ලැබෙන ගෙවල් වල වුන් විය. ඔවුන්ගේ නර්තනය අති විශ්ෂ්ඨ බව කිව යුතුමය..

කවදත් පොරවල් වීම සඳහා විවේචන ඉදිරිපත් නොකරන විනිශ්චය මණ්ඩලයද අගය කළ යුතුමය, ඔවුන්ගේ නිහතමානීත්වයට අප ගරු කළ යුතුය. (සම හරක් මේවායින් පොරවල් වීම සඳහා අහිංසකයින් ඉලක්ක කොට පොර ටෝක් දී ආධුනිකයින් බින්දුවටම දමයි..) මා ඉතාමත් ප්‍රිය කරන ගායිකාවක් වන නිරෝෂා දිව්‍යාගනාවක්ම විය. ඉතාමත් පියකරු ආකාරයට ඇය හැඩ ගන්වා තිබුනි...

මා මේවා සඳහන් කලේ ප්‍රසාංගික කළාව අප දියුණු කළ යුතු නිසාවෙනි. මේ ධනාත්මක පැති අතරෙ කිව යුතු වැරදිද ඇත. ප්‍රධානම දෙය නම් ගීත තේරීමයි.. (මෙය උඩවත්ත 3 ස්ථානයට ඇද දැමීමටද බල පෑ බව මගේ හැඟීමයි.) ගීත කිහිපයක් හැරුන විට, මුල් ගීතයේ සිටම අවසාන ගීතය දක්වාම ගීත, ඉතා නීරස ගීත විය. අමිල මා අගය කරන නමුත් කෑ ගැසුවා වැඩි බව සඳහන් කල යුතුය. කෙසේ වෙතත් ඔහු අසාර්ථක නිවේදකයෙකි. කාලය නාස්තිය බෙහෙවිනම වැඩිය.. ආරම්බයේ සහ අවසානයේ අවශ්‍ය තරම් සජීවී විකාශයන් ඉදිරිපත් කළද, ප්‍රසංගය පැය තුනකට සීමා කරන්නේ නම් ඉතා අගනේය.(තුන් වැනියාගෙන් පසු දෙන තෑගී වෙන වේලාවක බෙදා දී ඔවුන් වේදීකාවට කැඳවූවාම හොදටම සෑහේ..) සම්මානයක වටිනාකම තිබෙන්නේ එහි විශාලත්වයේ නොවේ.. උස්සන්නවත් බැරි තරම් කුසළාන දෙන්නේ.. පායපු ගමන් වට්ටන්නද..? ළොව අංක එකේ ටෙනිස් තරඟාවලියේ සම්මාන දෙන ආකාරය ආදර්ශයට ගන්නේ නම් මැනැවි. සරළ උනාම හරි ලස්සනයි.. ලේසියි.. පහසුයි..

පසු ගිය තරඟයේ මෙන් තරඟ කරුවන් ගැන විශේෂ යමක් සඳහන් නොකරන්නේ ඔවුන්ගේ විශේෂත්වයක් නොදකින බැවිනි. (ඔවුන් දක්ෂයන්නම් ඉදිරියට පැමිණීම කාටත් වැලැක්විය නොහැක). කොතරම් තරු බිහි වූවද දිදුලන තාරකාව ෂෙහාන් බවත්, හොඳම ටැලන්ට් දෙක සුරේන්ද්‍ර හා උපේඛා නිර්මාණී බවත් නොකියාම නොහැක.. (සිරස සුපර් ස්ටාර් බල්ලටම ගොස් ඇති බව එම වැඩසටහනට නාලීකාව මගින්ම ළබාදී තිබෙන කාළයෙන්ම පැහැදිලිව පෙනෙන අතර, කිසිම ආධුනියකුට ගායනා කළ නොහැක..)

18 comments:

  1. අනිවා මාතලන් ගොඩක් දේවල්වලට එකගයි..අමිල වෙලාව කැවා නම් හොදටම වැඩිය.,මගේ පුද්ගලික අදහස ඔහු එතරම් අසාර්ථක නිවේදකයෙක් නොවන බවයි..හේතුව මේකයි , කමල් කරපු විදියට වැඩසටහන කරන එක වෙනුවට අමිල ඔහුගේම විදියකටනේ වැඩසටහන මෙහෙයවන්නේ..[ අනිත් නාලිකාවල නිවේදකයෝ කරේ තනිකර කමල් කොපි කරපු එක + ශ්‍රී ලංකන ලයිෆ් එකට ධනංජය ගත්තේ අමිල වගේ කරන්නද කියලත් මට සැකයක් පවතී..හිකීස් ]

    අවසන් තරගයේ සියලු දේ එළකිරියටම තිබිණි..හැබැයි සීසන් 2 එකේ ෆයිනල් එක තරම් නම් ගතියක් නැද්ද මන්දා..

    ආ කියන්න බැරි උනා සින්දු කියන අස්සේ නාමල් අයියව පෙන්නුවත් වැඩිය..හිකිස්‌..කොහොමඋනත් දෙරණ පොඩ්ඩ පොඩ්ඩ නෙවෙයි වේගයෙන් ඉදිරියට එනවා කියන එක මගේ හැගීම..ප්‍රසාංගික / කාලින හැම වැඩසටහන්ක්ම හොදා

    ReplyDelete
  2. @ ChammA
    චම්මෝ.. අමිල වඩා සාරංග සෑහෙන ඉදිරියෙන් ඉන්නව..
    නමුත් ඒ මට හිතෙන හැටි....

    ReplyDelete
  3. ෂිහාන් දිදුලන තාරකාවක් වගේම හැකියාවෙනුත් ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලයි මටනම් හිතෙන්නේ. ඒ වගේම මම බොහෝම ආසා කරපු කටගඩක් තමයි සිරස සුපර්ස්ටාර් එකේ හිටිය අමිලට තිබ්බේ. ඒත් දැන් නම් මිනිහට මොකක් වුනාද දන්නේ නෑ. තරුනම් කොච්චර බිහි වුනාද. ඒත් අද පේන්න ඉන්නේ කී දෙනාද?

    ReplyDelete
  4. @ පූසා
    ෂෙහාන් ගැන ඔහේගේ අදහසට මම සම්පූර්ණයෙන්ම එකඟයි.. ඒකයි මම දිදුලන තරුව කිව්වේ.. අමිල.. ගංජා වොයිස්.. කවුද බන් ඌට ආස නැත්තෙ.. මම දවසක් ආපිකෝ එකේ දැක්ක.. බිස්නස් කරනවලු.. මටනම් තේරුනේ හොඳ බර තියෙන බඩුවක් මූව උස්සල.. අපරාදේ ටැලන්ට් එක..

    ReplyDelete
  5. සුපිරි තරු වැඩසටහන් කක්කා නේ දැන්..ඊට වඩා හොදයි අර අනර්කලී ලයිව් බැලුව නම්...

    ReplyDelete
  6. @ රත්ගමය
    කක්ක නෙමෙයි බඩ එළිය.. අනර්කලී ෂෝ එක මම බලනව.. මම ආසම කෙල්ලෙක්.. හුරතලේ බෑ.. එදා ෂෝ එකටත් ඇවිත් හිටියේ ඇඟ කිලිපොලා යන කිට් එකක් ගහල...

    ReplyDelete
  7. කුසලානෙන් නෙමෙයි වට්ටන්නෙ මුන්ට කියන්න දෙන ගොං සින්දු වලින්!

    ReplyDelete
  8. @ ඉන්දික උපශාන්ත
    අම්මප ඇත්ත.. මෙළෝ රහක් නෑ...

    ReplyDelete
  9. අනේ අපිට දෙරණ අහු වෙන්නෙ නෑ...

    ReplyDelete
  10. @ මී හරක් පීඩිය
    කොහෙද බන් ඉන්නෙ.. මඩේද.. ගොඩේද..?

    ReplyDelete
  11. දෙරනේ හැමදාම දක්ශයාට හිමි තැන ලැබුනා කොහොමත්..!

    ReplyDelete
  12. @ Bunny
    උඹ හරි බන්.. අප්පිරිය නැතුව බලන්න පුළුවන් චැනල් එකක්.. හැම තරඟයක් වගේම සාධාරනයි...

    ReplyDelete
  13. නංගි මේපාර විභාගෙට රෙඩි වෙන නිසා මට මෙන්ම ගෙදර සැමටම ටීවී තහනම් වී ඇත ! .. ජනවාරි මාසයේ සිට මේ දක්වා රීවී එක ඔන් කර නොමැත ..

    කොහොම හරි උඹගේ විචාරේ බැලුවම බඩ පිරුණා මචං .. සුපිරි ලිවිල්ලක් ..

    ReplyDelete
  14. මම නම් ඔය එකක්වත් බලන්නෙ නෑ... කරන්න වෙන වැඩ ඕන තරම්. ඒත් කෙෂාන්ගෙ ගුණෙ අයියගෙ කාමරේ සින්දුව ගූ පස් එකේ කවුදෝ දාල තිබිල බැලුවා... ඒක නම් සුපිරියටම කිව්ව පොර.

    ReplyDelete
  15. @ හිස් අහස
    බැලුවේ නැති එක ගැන දුක් වෙන්න එපා.. මොකෝ සිංදු නම් අජපල්.....

    ReplyDelete
  16. @ hare :-)
    නෝ කතා නෝ සිනා.. වෙන විශේෂ දෙයක් නෑ.. ඔය මම කියපු ටික ඇර...

    ReplyDelete
  17. මොනවා කුරුටු ගාන්නද ඔය මගුල බලන්න හම්බ වුනාය....හිකිස්....

    ReplyDelete
  18. @ Observer

    හැමදාම පොරකන්නෙ නැතුව ඉඳල හිටල මේ වගේ එකක් බලන්න

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න