.

.

Oct 16, 2011

තමුසෙ හිතුවද මං...... - Who do you think I am.......



ගෙදර වාහේ බියර් එකක් තොල ගාමීන් සාලයට වී, ක්‍රිකට් තරඟය බලන අතරේ බිරිඳ රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සිටීයාය.

"මේ ඇහුනද... අනේ අර බාත් රූම් එකේ ටැප් එකක් ලීක්.... පොඩ්ඩක් බලන්නකෝ.... අපරාදේ වතුර අහක යනවා."

"තමුසේ හිතුවද මම පයිප්ප බාස් කියලා....කාට හරි කියල කර ගන්නවා.."

ටික වෙලාවකට පසූ. "මේ අනේ ඇහුනද.... ඔය සාලේ බල්බ් එක හෙලවෙනවා.... වෙලාවක ගහලා යයි... පොඩ්ඩක් බලන්නකෝ"

"තමුසෙ හිතුවද මම ඉලෙක්ට්‍රික් බාස් කියලා...කාට හරි කියල කර ගන්නවා.."

තවත් සුළු වෙලාවක් ගතවිය. "මේ..... අනේ ඔය දොර ගාව පඩි පෙලේ.....ලෑලී කෑල්ලක් ගැලවිලා.... කවුරු හරි පටලැවිලා වැටෙනවා වෙලාවක..."

"තමුසේ හිතුවද මම වඩ්ඩෙක් කියලා.. කාට හරි කියල කර ගන්නවා.."

ගෙදර හිටියොත් මැච් බලන්න වෙන්නේ නැති බව වටහාගත් පොර, නිවි සැනසිල්ලේ මැච් එක බලන්න බාර් එකට ගියේය. මැච් එකද පරාදවී, ටිකක් ඩෝප් වී සිටී පොර සිතුවේ, අපරාදේ මේ මැච් එකක් නිසා නෝනේ තරහ උනාද මන්දා. අර පොඩි වැඩ ටික මම කර ඇරියනේ යයි සිතමින් ගෙදර ආ විට දුටුවේ, පඩිපෙල රෙපයාර් කර ඇති බවකි. දොර ඇරගෙන සාලයට පැමිණෙන විට දුටුවේ ගැස්සෙන ලයිට් එකද යතා තත්වයට පැමිණ ඇති බවයි. මුහුණ සෝදා ගැනීමට බාත් රූම් එකට ගිය විට ටැප් එකද රෙපයාර් කර ඇති බව දැක. බිරිඳ වෙත ගියේය.

"කොහොමද අනේ ඔයා මේ ඔක්කොම හදා ගත්තේ..?"

"ඔයා ගියයින් පස්සේ, පඩිපෙළ උඩ වාඩී වෙලා අඬ අඬ ඉන්න කොට හොඳ හැන්ඩි තරුණ කොල්ලෙක් මම අඬනවා දැකලා ඇවිත් ඇහුවා... "ඇයි ඇන්ටි අඩන්නේ... මට කරන්න පුළුවන් උදව්වක් තියෙනවනම් කියන්න"  කියලා. මේ ඔක්කොම වැඩ ටික කරලා දුන්නා. ඊට පස්සේ මම ඇහුවම 'කොහොමද මම මේකට ඔයාට ගෙවන්නේ" කියලා එයා කිව්වා එහෙනම් එයාට රස කෙක් එකක් හදලා දෙන්න නැත්නම් එයත් එක්ක නිදාගන්න එන්න කියලා.."

"ඉතින්.... ඉතින්... ඔයා මොන ජාතියේ කෙක් එකක්ද ඌට හදලා දුන්නේ...? "

"තමුසෙ හිතුවද මම බක්කරේ කියලා..... කේක් හදන්න....??? "

ආදර්ශය - බිරිඳ ගේ ඉල්ලීම් වලට නිතරම යහපත් ප්‍රතිචාර දක්වන්න...

ස්තූතියි....!!!

60 comments:

  1. හික්ස්.....ඒකනම් ඇත්ත....

    ReplyDelete
  2. මාතලන්,
    මම මේ කථාව ඔබ විනෝදය සඳහා ලියන ලද්දැකැයි නොසිතමි. මේ යටින් මහා කථාවක් කියවෙන නිසා. ඇත්තෙන්ම තමන්ගේ බිරින්දෑ තමන්ට කොතරම් දේ, කොතරම් පහසුකම් ලබා දෙනවද සැමියන් මොනවද ඒ වෙනුවට දෙන්නේ. මම දකිනවා අද රටේ ඇති වී තිබෙන පවුල් ආරවුල් විශාල ප්‍රමානයකට බලපාන්නේ මේ දේ.
    ඔබ දන්නවා ඇති සංස්කෘත ශ්ලෝකයක් තිබෙනවා මෙහෙම,( මතකයේ අඩුවක් නිසා තේරුම පමණක් ලියන්නම්.)
    හිස් අතින් බලන්න නොයායුතු කීප දෙනෙක් සිටිනවා.
    1. රජතුමා
    2. දෙමව්පියන්
    3. ගුරුවරු
    4. බිරිඳෑ
    මේ හැම මුණ ගැසීමට යත්දි අත පිරෙන්න යම ගෙනියන්න ඕනෙ. එතකඔටයි තමන්ගේ කාරිය හරියට කෙරෙන්නේ. අනිත් අයට තෑගි ගෙනියලා බිරිදට.................හරි සතුටු වෙයි.

    ReplyDelete
  3. මේ ලිපියෙන් අපිටත් ආදර්ශෙට ගත හැකි දේ බොහෝයි.

    ReplyDelete
  4. අැත්ත කතාව! මම දැකල තියන සමහරු හදන්නෙ නොසැලකියයුතු වෙලාවක් ජොබ්එක කරල ගෙදර අැවිත් බුදියං ඉඳල ගෙදර අයට ගොරවල තමං පොර වෙන්න!
    පොර වෙන්නනං ඉන්ත තැනක තියන දේකට සපෝට් එක දෙනව මිසක්ක ගෙදර ඉන්න අයට ගෑස් පෙන්නන එක ජරා මිනිස්සුංගෙ පුරුද්දක්!

    ReplyDelete
  5. හිකිස්‌ උදේ පාන්දරම මරු කතාව...

    ඔය කතාවෙම වෙන වර්ෂන් එකක් අහලා තියෙනව මම එකේදී එහා ගෙදර මිනිහා ඉල්ලන්නේ " කිස් එකක් හරි බර්ගර් එකක් හරි "..

    ඉතින් මොනවද දුන්නේ කියලා ඇහුවම උත්තරේ විදියට ලැබෙන්නේ
    " ඈ බෝල මිනිහෝ බර්ගර් දෙන්න මම මැක්-ඩොනල්ඩ් එකක්ද කියලයි "..

    ReplyDelete
  6. :D
    @වෙද ගෙදර මහ වෙදනා
    අදකාලෙ නං ලිස්ට් එක ගොඩක් දිගයි.

    ReplyDelete
  7. එල කිරිස් කතාව උදේ පාන්දරම... ඇතුලෙ හැංගුන එක ගැන නම් මම මොකුත් කියන්නෙ නෑ... තාම තනිකඩය...

    ReplyDelete
  8. හෆොයි දෙයියනේ . . කලින් අහලා තියෙන එකක් වුනත් මෙහෙම කියවද්දී දැනෙන ආතල් එක . .

    ReplyDelete
  9. එම බිරින්දෑගෙන් ගත හැකි පාඩම් බොහෝයැ...:D

    ReplyDelete
  10. හික් හික්.... මරු ඇ.... ඉස්සර ඉස්කෝලේ කොල්ලෙක් හිටියා ලංකාවේ ප්‍රසිද්ධ බේකරි සමුහයක අනාගත් අයිති කාරය.... නම නොකිය ඉමු... උගේ කාඩ් එකත බක්කරේ... නැත්නම් බක්කා..

    ජය..

    ReplyDelete
  11. හොඳ වැඩේ අරූට. ඉල්ලං කාලා තියෙන්නෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  12. අප්ප්ට සිරි , මම නම් ඇහුවේ අදමයි ... ආතල්

    ReplyDelete
  13. හොඳ වෙලාවට මගෙ ගෙදර ඔය වගේ සිල්ලර වැඩ ඔක්කොම කරන්නෙ මම

    ReplyDelete
  14. ඒ කියන්නේ මාතලන් පයිප්ප බාස් කෙනෙකි. වඩ්ඩෙකි. ඉලෙක්ට්‍රික් බාස් කෙනෙකි කියලද?

    බැරි වෙලාවත් කේක් හම්බුනානම් කොහොමද?

    ReplyDelete
  15. ප.ලි. ඇන්ටිකෝස් කාරයෙක්ද?

    ReplyDelete
  16. පිරිමි හොඳට හිතටගන්න ගෙවල් හදනකොට පඩිනම් දාන්න ඒපා ...
    …පොඩ්ඩ බැරිවෙනකොට පඩිය උඩ වාඩි වෙයි ...

    ReplyDelete
  17. හපෝ දැන්ම හැම වැඩක්ම ඉගන ගන්න ඔනෙ නැත්නම් මේක බලලා ගැනු අපිට කරන්න බැරි වැඩේ පිට දාලා කරන්න පුලුවන් එකෙක් අල්ල ගන්න පුලුවන් .. හික්ස් නැද්ද ම්ං අහන්නෙ

    ReplyDelete
  18. අර කොලුවට සුවිප් එකක් ඇදුනා වගේ තියෙන්න ඇති...

    ReplyDelete
  19. මට මැවිලා පේනවා මාතලන් ක්‍රිකට් මැච් බලන හැටි ඔන්න දැන්.
    හොඳ වැඩේ බොට.... මේ බ්ලොග් ලිය ලියා ඉන්න වෙලාවේ නරක් වෙලා තියෙයි හාමිනේට උදව්වක් හෙම කලා නම්?

    ReplyDelete
  20. දැන් ඉතින් බොට තමයි පඩිය උඩට වෙලා අඬන්න වෙන්නෙ... (මොනව කොරල දෙන්නකියලද..හික්.)

    X-Porter

    ReplyDelete
  21. Il mondo di una povera pazza සමග 100% ක්ම එකඟ වෙමි...හික්z

    ReplyDelete
  22. හ්ම්....ඒ කියන්නේ මේ වයිපරේට කේක් පුච්චන්න බෑ වගේ..හික්ස්..වහාම කේක් පන්තියකට යැව්වොත් හොඳයි.

    ReplyDelete
  23. හාමිනේට රොටි පුච්චන්න ඇහැක් වෙන්ටැ නොව!

    ReplyDelete
  24. කථාව අහුවේ නම් අදමය.. මාරම පට්ටය... මෙහෙමත් ගැනු...

    ReplyDelete
  25. @ නිසූපා
    මොකක්ද ඇත්ත....

    ReplyDelete
  26. @ වෙද මහත්තයා
    ඔය රාජ් කියනවා වගේ අද ලිස්ට් එක නම් ඔයිට වඩා ලොකුයි. මේ කතාවේ පුරුෂාධිපත්‍යට පොඩි පහරක් තියෙනවා..

    ReplyDelete
  27. @ ගිම්හානී
    දැන් ඔහේ මොන වගේ දෙයක්ද ආදර්සෙට ගන්නේ. දෙවනි කොමෙන්ට් එකනම් මරු. මේ කතාවේ පිරිමින්ට ගන්න තියෙන හොඳම පාඩම..

    ReplyDelete
  28. @ තනි අලියා
    සහතික ඇත්ත...

    ReplyDelete
  29. @ චම්මා
    වර්ෂන් නම් ගොඩක් තියෙනවා. ඒ උනාට අපිට ගැලපෙන්න ලියන්ට එපෑය...

    ReplyDelete
  30. @ රාජ්
    අම්මපා ඇත්ත ;D

    ReplyDelete
  31. @ සාතන්
    තනිකඩයා කාළේ තමයි ඇතුලේ හැංගෙන සෙල්ලම කරන්න ඕන...

    ReplyDelete
  32. @ දුකා
    මට මේව ලියන කොටත්, උඹගේ ෆොටෝ එක දකින කොටත් මට මතක් වෙන්නේ උඹගේ කටේ ටන් කතාව. නියමෙටම ලියලා තිබුනා. මැරෙනකම් අමතක වෙන්නේ නෑ ඒකනම්..

    ReplyDelete
  33. @ පොඩි කුමාරීහාමී
    කොයි වගේ ආදර්ශයක්ද...
    :D

    ReplyDelete
  34. @ ගයාන් රූපසිංහ
    බක්කා කියල කියපන්. ඒක් අහරි ගති...

    ReplyDelete
  35. @ ඩියුඩ්
    හෙහ්... හෙහ්.. ඇත්ත ඇත්ත...

    ReplyDelete
  36. @ බුවා
    පුදුමයි.. :)

    ReplyDelete
  37. @ ඕනයා
    නැත්නම් පෙනවනේ වෙන දේවල්..

    ReplyDelete
  38. @ තිසර
    අනිවා ඒ කාළේ. හොඳ ඇන්ටිකෝස් කාරයෝ තමා...

    ReplyDelete
  39. @ ලොකු ජෝන්
    අන්න හොඳ කොල්ලෙක්...

    ReplyDelete
  40. @ ප්‍රසන්න 86 කේ
    මොනවද බන් කතාකරන්නේ. ආයි අහලා...

    ReplyDelete
  41. @ ඉල් මොන්දෝ
    එච්චරම අවුලක් නෑ මොකෝ ගෘහ මූලීක එයා නේ...

    ReplyDelete
  42. @ එක්ස්පෝටර්
    තවමත් අඬ අඬ ඉන්නේ...

    ReplyDelete
  43. @ ඔබා
    ඉල් මොන්දෝගේ උත්තරේම තමයි

    ReplyDelete
  44. @ රූ
    ඒකත් පිළියමක් තමයි.. ඒත් ඊලඟ එකා පීට්සා ඉල්ලුවොත්...

    ReplyDelete
  45. @ ඉන්දික උපශාන්ත
    තැටිය රත් උන වෙලාවට වෙන උන් නම් පුච්චනවලු...

    ReplyDelete
  46. @ දේවා ගේ අඩවිය
    ඇයි බන් මිනිස්සූ...

    ReplyDelete
  47. මල කෙලියයි .. ගුඩ් නයිට් කියලා තමා කියන්න තියෙන්නේ

    ReplyDelete
  48. @ හිස් අහස
    බය නැතුව නිදා ගනින්...

    ReplyDelete
  49. මාතලන් මාමගෙ කතාව නම් සෝක්,
    ඒත් මේ ගෑනි හොඳ ගෑනියෙක් නෙවේ.
    හැබැයි මෙහෙම ගෑණුත් ඉන්නව ඉතිං.

    ReplyDelete
  50. @ ඉන්දික දිසානායක
    ස්තූතියි..

    ReplyDelete
  51. @ ගෝර්දෝනියා සෙයිලනිකා
    එතකොට මිනිහා..
    හොඳයිනේ..

    ReplyDelete
  52. හපොයි... ඔය සිල්ලර වැඩ ඉක්මනටම ඉගෙන ගන්න වෙයි වගේ

    ReplyDelete
  53. @ පිස්සා පළාමල්ල
    පිටරට උන් ලංකාවේ අපිට කියන්නේ දේ නෝ එව්.රිතින්ග් බට් දේ නෝ නතින්ග්..

    ReplyDelete
  54. මිනිහා හොඳත් නෑ...
    ගෑනි හොඳත් නෑ....

    ReplyDelete
  55. අර කිව්වත් වගේ දෙන්නම අහකට

    ReplyDelete
  56. @ ගෝර්දෝනියා
    පව් මිනිහා අහින්සකයි මේ කතාවේ..

    @ බුද්ධී
    එහෙමම කියන්න එපා..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න