.

.

Oct 15, 2011

මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම සිටිති - That's what friends are for...


චන්ඩ මරූතය පහව යන තෙක් බලා සිට මෙය ලියන්නට සිතිනි. කොහොමත් හැම දෙයම මට පෙනෙන්නේ වෙනස් ආකාරයකටය. දොම්පේ පොලිසීයේ සිඳුවීම පිළිබඳව W3Lanka හී ළිපියක් පළවූ වෙලේ ඒ සඳහා කොමෙන්ටුවක් දමමින් මා කියා සිටියේ මේවා ජනතාවගේ ක්‍රියා නොව දේශපාළකයන්ගේ ක්‍රියා බවයි. අද එය ඔප්පු වී හමාරය. තව දුරටත් කියා සිටියේ මේ පාතාලයන් කිරි පොවා ඇති දැඩි කරන්නාවූ අයගෙන් කෙනෙක්ද ළඟදීම මෙහිම ගොදුරක් වනු නොඅනුමාන බවයි. එය ලියා දවස් 2 යන්නටත් මත්තෙන් මේ කාළකන්නි සිඳුවීම සිඳුවිය.



මා මේ ළිපිය ලියන්නේ දේශපාළනය ගැන කතා කිරීමට නොව මිතුරන් ගැන කතා කිරීමටය. එම නිසා කිසිඳු කෙනෙක් සුද්ද කිරීම හෝ අපහසුතාවයට පත් කිරීමට නොවේ. මා නොකිවාට සිඳුවූ සියල්ල, කවුරුත් දනී. හැමෝම දුමින්ද සිල්වාට වැරැද්ද බැර කරමින් ඇඟ බේරාගෙන සුද්ධවන්තයන් වීමට වලිකති. ඒ දුමින්දට අමාරූ බව සක් සුදක්සේ පැහැදිලි කර ගැනීමෙන් අනතුරුවය.(ඔහු ජීවත් වූවා නම් මෙය ආරක්ෂකයනට බැර කොට දුමින්ද බේරා ගන්නේත් මොවුන්මය.)  දුමින්දට බනින ආන්ඩුවේ කස්ටියගේ කෙරුවාවත් දුමින්දත් අතර කිසිම වෙනසක් මම නම් දකින්නේ නැත. (පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව ඔය හැම එකා ළඟම ඉන්නේ පාතාල නායකයෝය, රේප් කාරයෝය, හොරුය, පිම්පියෝය, හමුදාවෙන් පැන්න උන්ය.) මෙහි ගොඳුර VIP කෙනෙක් වීම පමණක් එකම වෙනස වන්නේය.

88-89 වකවානුවේ මෙවැනි ක්‍රියා බොහෝ සිඳුවීය එය නාදුනන තුවක්කු කරුවකුට බැරකළේය. චන්ද්‍රිකා ගේ කාළයේ වයඹ පලාත් සභා සිද්දිය සැමට අමතකව ඇත. නාලන්ද එල්ලාවල මේ ආකාරයටම දෙනෝදාහක් ඉදිරිපිට ඝාතනය විය. නුවර චන්දයක් වෙලාවේත් මුස්ලිම් පිරිසක් ඝාතනයට ලක්විය. ඒවා කාටත් අමතකය. මර්වින් සිල්වා හා දුමින්දගේ ක්‍රියා අගය කොට මාධ්‍ය සාකච්චාවලදි විහිළුවක් කොට ඇඟ බේරා ගන්නවා විනා එකෙක්වත් විරුද්ධත්වයක් ප්‍රකාෂ කොට පොරවල් වෙන්න ගියේ නැත. (ඒවාට එවන්නේ මහත්මා දේශපාළනය කරනවායයි කියන උන්ය.) මෙතනදි දුමින්ද වැටුන නිසා කට්ටියක් පොරවල් වෙන්නට ගොස් ලොක්කගෙන් හම්බානක අසා ගෙන ඇති බවද ආරංචිය.

උන් අනිවාර්යයෙන් බැනුම් ඇසිය යුතුමය. මේ හැම එකාම දුමින්දට සහය දක්වපු උන්ය. චන්දය වෙලාවේ වේදිකාවට නැගපු උන්ය. කරේ අත දාගෙන ගිය උන්ය. දුමින්දගෙන් කෑම බීම පමණක් නොව වෙනත් දේවල්ද ලබාගත්ත උන්ය. අද තම මිතුරා වැටුන වෙලේ ඔහුට ගරහන්නේ වසලයෝය. ඔහුගේ සුව දුක් බැලීමට ගිය අය නියම මිතුරෝය. (එජාප බල කණු කීපයක්ද ඔහු බැලීමට ගොස් ඇත.) මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම රැඳෙති. නියම මිතු දම එයයි. වැටුන වෙලේ ඇස්ටි හැලෙන්නට දීම නොවේ. නැති තැන වැරදි කීම නොවේ. දුමින්ද උදේ පටන් කෙලපු පිස්සුව ගැන එකෙක්ටවත් අමාරුවක් තිබුනේ නැත. සියළුම සිඳුවීම් මනාප ක්‍රමයට බැර කොට ඇඟ බේරා ගන්නට තිබුනි. නමුත් තමාගේ එකාටම දුන් නිසා රිදුනි.

ඔය පොරවල් වන්න හදන අය අර ගාඩ් අරගෙන යන්නේ වලියක් ගියොත් එතන් ලී කෙලි නටන්නට නොවේ. දහ අට සන්නිය, සලුපාලිය හෝ කුළු නැටුම නටන්නටත් නොවේ. මාච් පාස්ට් තියන්නටත් නොවේ කේලවෙලා යන්නටම තියන්නටය. එම නිසා කළ යුතු වන්නේ අත්‍යාවශ්‍යම පුද්ගලයන් (සරත් ෆොන්සේකා ඇතුළු යුද්ධයට නායකත්වය දුන් නිළධාරීන්, රාජපක්ෂවරුන්) හැර සියළුම හාල්පාරුවන්ගේ බොරු සෝබන පැරේඩ් එක අයින් කිරීමය. මේවා අප කලින් කියා ඇත. ජනතාව අතරට යන්න බයනම් දේශපාළනයෙන් ඉවත්වී ගෙදර සිටීම රටට කරන්නාවූ විශාල සේවයකි. ජනතාව සමග සිටිනා තුරු බයවීමට අවශ්‍ය නැත. ලකී අයියාට ඒ විශ්වාශය තිබුනි. සර්, මහත්තයා නැතුව ඕනෑම කෙනෙකුට අයියා  කියා ඇමතිය හැකි වෙනත් එකඳු දේශපාළකයෙක් ගැන මා නම් අසා නැත.

සෝභිත හාමූදුරුවෝ කනේ ඇඟිලි ගසාගන්නට දේශනාව දුන් විට. කස්ටියගේම මුක පූන  උනේ ඒ නිසාය. මන්ද වීරයන් සේ මළ ගෙදර නියෝජනය කරන්නට පැමිණ සිටියේත් දුමින්ද සිල්වලාය, මර්වින් සිල්වලාය....

23 comments:

  1. ලියල දාන්න හිටපු ටිකක් උඹ එහෙම්මම දාල තියෙනව අයියෙ... එල...

    බැරිවෙලාවත් දුමින්ද මැරිල භාරත ලක්ෂ්මන් බේරුනා නම් කස්ටිය දැන් කියන කතා වල වෙනස් වෙන්නෙ නම් දෙක තියෙන තැන් විතරක්ම නේද හිතෙන කොට මට නම් නිකන් පිස්සු වගේ... ;)

    ReplyDelete
  2. බොහෝ කල්පනාකර ලියා ඇති ලිපියකි. ඒ නිසාම ටිකක් දිග කමෙන්ටුවක්ම දමමීන් ඒ ගැන මම සිතනා දෙය කියන්නම්. ඔබගේ මතයට 100%ම එකඟ බව මුලින්ම කියමි. මේ පාදඩ දේශපාලනය ඇරබුනේ 1977 පසු බව බොහෝ දෙනා කිව්වත් මම හිතන්නේ මේ පාදඩ ක්‍රමයට යම් දිරිගැන්වීමක් කෙරුනත් මෙය ඇරබුනේ 1987 පමණ කාලයේ සිට බවයි. ලාංකීය දේශපාලනයට මැරයන් මුලින්ම ගෑවුනේ 1988 - 1990 කාලයේ භීෂණය ප්‍රයෝජනයට ගෙනයි. අදත් කැබිනෙට්ටුවේ සිටින එක්තරා ඇමතිවරයෙක් මා හොදින්ම දන්නවා මෙ කාලයේ තරුණයන් මරාදැමීමට තම සගයින් පොලවබමින් ඒත් මදිව තමන්ම පොලු වලින් ගසා තරුනයන් මරාදැමීමට දායක වූ හැටි.
    ඒ කාලයේ දෙශපාලකයන් පාතාලයන් තම බලු වැඩවලට ප්‍රයෝජනයට ගත්තා පමණයි. මේක දෙල් වෙන්න ගත්තේ ඒ පාතාල වැඩ හරහා සල්ලිකාරයන් වූ සමහරුන් මුලින් අදුනාගත් දේශපාලකයින් හරහා රාජ්‍ය පාලනයටත් රිංගීමට පටන් ගත් විටයි. මේ සියල්ලට වගකිව යුතු අය දෙකොටසක් මම නම් කරනවා.
    1. ඕනෑම දහජරා වැඩක් කර තම මඬිය ගැනම හිතනා දේශපාලක හැත්ත.
    2. මෝඩම මෝඩ ජහමනයා.
    මේ දෙගොල්ලන්ම මේ වැඩේට වගකිව යුතුයි. නැත්නම් හිරේ විලංගුවේ සිටිය යුතු අය රාජ්‍යපාලනය කරනා තැනට පත් වුනේ කොහොමද?

    මා එක් උදාහරනයක් පමනක් දෙන්නම්.
    එක් කාලයක ගනිකා මඩම් පවත්වා දිවි ගැටගහ ගත් එක් පුද්ගලයෙක් තමන්ගේ ගනිකාවන් පොලීසියෙන් ඇල්ලාගත් විට සර් කියමින් පොලිස් නිළධාරීන් පසු පස ගියා. තවත් කාලයකට පසුව මේ පුද්ගලයා ප්‍රභල දේශපාලකයෙක් වූ විට එම පොලිස් කාරයන් මොහු පසු පස එන්න ගත්තා සර් කියමින්. මොහු තවමත් ජීවත් වෙනවා.
    අනේ මෙහෙමත් රටක්.

    ReplyDelete
  3. වෙනස් විදිහේ දැකීමක් , කොහොම උනත් දුමින්දට විරෝධය පල කරන සමහර ඒ සේ කරන පලවෙනි අවස්ථාව මේක නෙවෙයි , චාන්ස් එකක් ලැබුනු වෙලාවට ප්‍රසිද්ධියේ විවේචනය කරනව මිසක් අනික් වෙලාවට එහෙම දෙයක් කරන්න තරම් ප්‍රායෝගික හැකියාවක් නැ , මොකද හැම එකාම තමන්ගේ බලයට තනතුරට ආසයි . එහෙම නොවී විවේචනය කරපු ශ්‍රි පති අද කොහෙද ? මංගල , විජයදාස කොහෙද ?

    ඒ නිසා පවතින යථාර්තය හමුවේ චාන්ස් එක ආවාම බනින්නත් අනික් වෙලාවට නගුට _කේ ගහගෙන ඉන්නත් තමයි සිද්ධ වෙන්නේ . අනික දුමින්දව අනික් අයත් එක්ක එක ගොඩකට දාල සාමාන්‍යකරනය කරන්න එපා ඒක අසාධාරණයක් . මැරයො කාගවත් ඉන්නවා උනත් ස්ත්‍රි දුෂකයො , මිනි මරුවො වට කරගෙන කුඩු බිස්නස් කරන ඇමති මන්ත්‍රි තුමාල නම් නෙවෙයි හැමෝම

    එජාප බලකණු වලින් සජිත් ගියාය කියල නම් පත්තරේ තිබුනා, ඒක නම් යාලු කමටත් වඩා සුපුරුදු සෙල්ෆ් මාකටින් පාරක්ය කියල මට හිතන්නේ , ඒ ඇරුණාම ගිය අය කව්ද ?

    ReplyDelete
  4. කොලපාට බලයට පත්වීම>>>දූෂනය, භීශනය, වංචාව, මර්ධනය>>>නිල්පාට බලයට පත් වීම>>>දූෂනය, භීශනය, වංචාව, මර්ධනය>>>කොලපාට බලයට පත්වීම>>>දූෂනය, භීශනය, වංචාව, මර්ධනය>>>නිල්පාට බලයට පත් වීම>>>දූෂනය, භීශනය, වංචාව, මර්ධනය>>> . . . . .
    මේක කවදාවත් ඉවරවෙන්නෙත් නෑ . . . කාටවත් ඉවර කරන්න උවමනාවකුත් නෑ . . . .

    ReplyDelete
  5. @ සාතන්
    අනිවා මළේ අනිවා. එහෙනම් ලකී කුඩු... දුමින්ද හීරෝ...

    ReplyDelete
  6. @ වෙද මහතා
    ඔබ තූමා සමඟ මමත් එකඟයි. මහ ජනතාව අමුම අමු මෝඩයෝ. ඒකනේ හැම එකාම "ජනතාව බුද්ධිමත්" කියල ගොනාට අන්දන්නේ.

    අනෙක් කාරණය තම්යි මේ සිද්දියේදිත් ජනතාව මත වරද පැටවීම. අද ඔය දුමින්ද මරන් කන්න හදන ඒවූන්ම නේද නාම යෝජනා සකස් කරන්නේ. අන්න ඒකත් ජනතාව කරනවනම් ජහ මනයාට දොස් කිව්වට කමක් නෑ. ඒ වෙලාවට පැනලා අනුමත කරලා ෆුල් සප් එකත් දීලා. දැන් උගේ වැරදි කියනවා. ඊට වඩා මහින්ද ගෝඨා ග්‍රේට් මට නම්...

    ReplyDelete
  7. @ බුවා
    උඹ කියපු තුන් දෙනාත් හොඳ අය නෙමෙයි. මට උන්ගේ වැරදී ඕන තරම් කියන්න පුළුවන්. ඔය කියන පුද්ගලයෙක් චන්ද්‍රිකාගේ කාළේ විශේෂ වරප්‍රසාද මත හොඳට හම්බ කළා. කුඩු විකුණුවත් එකයි, ගංජා විකුණුවත් එකයි, ගංජා වැව්වත් එකයි, ගංජා ප්‍රවාහනය කළත් එකයි. කසිප්පු කාරයන්ට සූදූ කාරයන්ට ගනිකා නිවාස වලට සප් එක දුන්නත් එකයි. පගා ගැහුවත් එකයි, රේප් කරන්නෙ නැතුව ලිංගික සූරාකෑම් කළත් එකයි, රේප් කාරයෝ කුඩු කාරයෝ, මිනීමරුවෝ හමුදාවෙන් පැනපු එවුන් ළඟ තියන් හිටියත් එකයි කොයිකත් එකයි. සමාජ විරෝධී ක්‍රියා.

    එයාලා යවලා තියෙන්නේ රට සංවර්ධනය කරන්න. නැත්නම් ඕන සක්කිලි වැඩක් කරලා එයාලට හැදෙන්න නෙමෙයි. අඩු ගානේ රටට සුළු දෙයක් කරලා පොඩි ගානක් ගහ ගත්තත් කමක් නෑ. 94 ඉඳලා රාජපක්ෂවරු ඇර මේ රටට වැඩක් කරපු එකෙක් මට කියපන්.

    අනික් එකට මට කියන්න තියෙන්නේ පත්තර ටිකයි. ගොසිප් බ්ලොග් ටිකයි පොඩ්ඩක් බලපන්කෝ..

    ReplyDelete
  8. @ ඕනයා
    උඹ හරි බන්. එකෙක්වත් නෑ මේ කාළකන්නි ක්‍රමය ඉවර කරන්න පුළුවන් කෙනෙක්. පේන තෙක් මානෙක නෑ. මන්ත්‍රි වරප්‍රසාද අඩු කරනවා කියලා ජෙප්පො වත් කියන්නේ නෑ.

    ReplyDelete
  9. තුන්දෙනා? මම කිව්වයැ උන් හොඳයි කියල . මම කිව්වෙ උන් විතරයි බලය ඕනි නැ කියල විවේචනය කලේ කියල . උන් වගේ එලියට ගිහින් මිසක් විවේචනය කොරන්න බැ කියල .අනික ඔක්කොම දේශපාලකයො වැරදියි කියල (රාජපක්ෂලා හැර ....හි,හි ඒක කොහෙන්ද දන්නේ නැ ආවේ ) ලේබල් ගහල හරි යන්නේ නැ . කුඩු විකිණිල්ලේ , පාතාල රන් කිරිල්ලේ යිත් හොරාකැමයි ත් සමාන නැ . මම ඕනි නම් වැරදි කියන්නම් කියල ලිස්ට් එකක් කියවාගෙන යන්න මටත් පුලුවන් මාතලන් අගය කරන රාජපක්ෂලා ගැන උනත් නමුත් ඒකෙන් ඇති වැඩක් නැ .කරන වැරදි වල සමාජීය බලපැම හැමවේලේම එක සමාන නැ . මාතලන් කියන විදිහ නම් ආණ්ඩුවෙ ඉන්න හැම ඇමතියම දුමින්ද ජාතියෙ නම් ලංකාව අද මේ තත්වයෙන් ඉතුරු වෙන්නේ නැ

    රාජපක්ෂලා හැර වෙන කව්ද ඩෝ වැඩක් කලේ කියන බොලඳ තර්කයට නම් ඕනි තරම් උත්තර තියනව , හැබැයි මම අහන්නේ තමන්ගෙ යටතේ ඉන්න උන්ගෙන් වැඩක් ගන්න බැරි නම් තොග පිටින් ඇමති මණ්ඩල නඩත්තු කරන්නේ මොකටද කියල උඹගේ රටට වැඩ දායක රාජපක්ෂ ලා ගෙන්ම අහල බලපන්

    ඊට අමතරව 1994 දි ලංකාවයි 2005 දි ලංකාවයි අතර වෙනස සංසන්දනය කරල බලහන් . රටට දශමයක් හරි වෙනස් කලා නම් (අවශ්‍ය තරමට් අහෝ නිවැරදි ක්‍රමයට නොවුනත් ) ඒවා කරපු මොකෙක් හරි ඉන්නව නේද කියල බලහන්

    ReplyDelete
  10. @ බුවා
    අපොයි ඇත්ත මමයි පටලවගෙන තියෙන්නේ. සොරි ඈ. ඒක මම පිළිගන්නවා. එළියට ඇවිත් විවේචනය කළ එක. ඒත් එළියට ආවේ ඉල්ලපු දේවල නොලැබුනු නිසා. වෙන සෙට් එකක් උඩින් පාත් වෙලා මෙයාලගෙ තැන නැති උන නිසා. අනික උඹ ඔය බේරන්න හදන කස්ටිය හින්දා තම්යි ලන්කාව මේ තත්වෙට පත් උනේ. 94-2005 දක්වා කිසි දෙයක් නොකර සිටියම ආයේ වෙනදේ උඹට කියන්න ඕන නෑ නේ.
    දෙවන තර්කයේ මම තවම් ඉන්නවා. වැඩක් ගන්න බැරි ඇමති සෙට් එකක් දාලා තියෙන්නේ ක්‍රමේ වැරැද්ද නිසා බව උඹත් මමත් දෙන්නම දන්නවා.
    3ට උත්තරේ මට නම් එකෙක්වත් පේන්නේ නෑ. ජෙප්පොන්ට පහක් දුන්නම මොනව හරි කරයි කියල හිතුවත් ඒ යක්කුත් මෙළෝ දෙයක් කළේ නෑ.

    ReplyDelete
  11. //ඒත් එළියට ආවේ ඉල්ලපු දේවල නොලැබුනු නිසා//

    විජේදාසට අදාල නැ .. කොහොම උනත් ඒක තමයි සීන් එක . ඇතුලේ ඉන්නකොට විවේචනය කරන්නේ නැ .

    බේරන්න හදන කට්ටිය , ඒ කව්ද ??(මාරයාගේ බ්ලොගයේ මා දැමූ කමෙන්ටුව කියවන්නටය කියා ඉල්ලමි )

    94 -2005 කාලේ වැඩක් වුනේ නැ කියල නෙවෙයි මම කියන්නේ . හැමෝම චන්ද්‍රිකා මෙලෝ දෙයක් කලේ නැ කියල පට්ට ගහපු ඒ කාලේ ත් මොනව හරි යමක් සිද්ධ වුනා . ඒ වා කරපු අයත් හිටිය කියලයි මම කියන්නේ . අනික 2001-2003 කාලේ (-) ආර්ථිකයක් ගොඩ ගත්තා , ඒ නිකන්ම බලා ඉඳලා නෙවෙයි නේ , රාජපක්ෂලත් නෙවෙයි නේ .

    ReplyDelete
  12. @ බුවා
    හරි බන් හරි දේශපාළනේ කතාකරන්න ගියොත් ඉවරවෙන්නෙ නෑ. අර කයි බෝයි ෆිල්ම් වල වගේ දෙන්නා දෙන්නට වෙඩි තියාගන්න ගේම එක කරන්න වෙනවා. මට මේකේ ඉස්මතු කරන්න ඕන උනේ. මිතුරා කියන්නේ කවුද කියන එක. දේශපාලඥ්ඥයෝ කොච්චර කුකද කියන එක. මේ සිද්දියම අනික් පැත්තට උනානම්. වීරයත් දුෂ්ඨ්යත් මාරු වෙන කාරනය. කොටින්ම නියම යාලුවෝ කවුද කියන එක.

    ReplyDelete
  13. හරි ...ඕං මාත් පිස්තොලේ සාක්කුවේ දාගත්තා , ඔබ මතු කරන්න හදන දුෂ්ටයා වීරයා මාරු කරගැනීමේ කථාව හරි දුමින්දය මැරිලා භාරත බේරුනා නම් ලකී අය්යගේ අගුණ කියන උන් ඕනි තරම් ඉඳියි . මට නම් ඔය දෙන්නම එකයි , මේ ගැන අභීත ලිව්ව මුල්ම සටහනේදි මම කිව්වේ ඕක ගැන මට කිසිම දුකක් නැහැ සාපේක්ෂව හොඳ එකා මැරුණ එක ගැනයි දුක , ඡන්දෙට කලින් දවසේ මරා ගත්තා නම් වඩාත් හොඳයි කියල . පස්සේ ගොඩ දෙනෙක් ලකී අය්යා ගැන හොඳ කිව්වා නිසා හිතුනා මැරයා උනත් හිත හොඳ මනුස්ස්යෙක් වගේම කුඩු වලටත් එරෙහි මනුස්සයෙක් නේද කියල , ඒකයි ඒ පැත්තට බර

    අනික ඔය සිද්ධිය නිසා ඇතිවෙලා තියන දේශපාලනික තත්වයන් ගැනත් පොඩි ආතල් එකක ඉන්නේ මම ..බලමුකො

    ReplyDelete
  14. @ බුවා
    අනිවා මචං මෙක හොඳ වෙලාවට හැන්දැවේ උනේ. උදේ උනානම් සන්ධානෙට තවත් චන්ද අඩුවෙනවා...

    ReplyDelete
  15. මෙතනදි අමතක වෙච්ච දෙයක් තියෙනවා. රාජපක්ෂලාගේ එක තියරියක් තියෙනවා. ඒ මොන වැඩේ කළත් කළ යත්තේ අප හරහා කියන එක. ඒ හේතුව උඩ පදනම් වෙලා තමයි පාතාලය මර්ධනය කරේ. එනිසාමයි මාළිගාවත්තේ පාතාල නායකයා වෙඩි කාලා මැරෙන්නේ. චමින්ද කියන පාතාල නායකයා ජීවත් වෙන්නේ. පාතාලේ ගෝඩ් පාදර්ස්ලට නායකත්වය දෙන්නේ කව්ද කියලා හැමෝම දන්නවා. ඒත් කියන්න බයයි. ඒ වගේම හොද වැඩක් ටිකක් පෙන්නලා ධර්මය පෙන්නලා අර දහජරාව වහගෙන ඉන්නවා. රටේ මිනිස්සුත් මේක දන්නවා. පාතාලය නියම විදිහට මර්ධනය කළානම් භාරත ගාවවත් දුමින්ද ගාවවත් ඉන්න විදිහක් නෑනේ.

    අනිත් කාරණය තමයි දුමින්දට විරැද්ධව එල්ලවෙන චෝදනාවම තමයි ඔය රජපවුලේ කට්ටියටත් කවදහරි මේ රටේ දේශපාලකයෝ මිනිස්සු කරන්නේ. නූතන විහාරමහාදේවිය පට්ටවේසි වෙන්න වැඩිය කාලයක් ගියේ නැති බව අමතක කරන්න බෑනේ.

    පාතාලයෙත් ඉන්නවා සෙට් දෙකක්. එකක් ගල් නෑ වැලි නෑ නියම රාත්තල. අනිත් සෙට් එක කොලේ වෙනුවෙන් ඕන දෙයක්.
    පාතාලය ගැන නියම ආර්ටිකල් ටිකක් ලිවවා අනුර හොරේසෂ් දිවයින පත්තරේට. ගිනි අවි සහ ගිනි කෙළි කියලා.

    කොහොමත් තාම නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙලා නෑ. මොන තත්වෙකින් හරි දුමින්ද මේ වෙලාවේ ‍රෝහලේ සිටියත් අත්අඩංගුවට පත්විය යුතුයි. ඒ වෙනුවට වෙන්නේ මොකක්ද කියලා දන්නවනේ. හැබැයි ජෙනරල්ට විදුලි පංකාවක් ගන්නත් උසාවි යන්න සිද්ධ වෙලා.

    අනේ කාලේ ආශ්චර්යයේ වාසේ කිව්වලු...

    ReplyDelete
  16. උඹ හරි බන් පාතාලේ ළෝකේ දියුණු රටවලත් ඉන්නවා. නමුත් පොලිටික්කෝ කනෙක්ෂන් එක තියාගන්නේ තුන් වන පාර්ශවයක් හරහා. මේක එහෙම නෙමෙයි රෙද්ද අස්සෙ දාගෙන ඉන්නේ. දැන් කට්ටියම කෑවෝ කෑවෝ කියලා කෑ ගහනවා. අනුරත් අන්තිමට රට පැන්නා නේද?
    ගොඩක් උන්ට පර්සනැලිටියක් නෑ. ඒක හදා ගන්නේ මේකෙන්. අනික හැම එකාටම ලොක්කා වෙන්න ඕන. ඉතින් යුව රජ පාට් එක ගෙනියනවා..

    බළය තියෙන කොට මොළේ නෑ... මොළේ තියෙන කොට බළේ නෑ....

    අපි බලමු...

    ReplyDelete
  17. කතාවට 100 යි. ඒත් මට වෙන ප්‍රශ්නයක් ආව....මුංව ‍තෝරන්නෙ, මුන්ට චන්දෙ දෙන්නෙ... මේ ඔක්කොම කරන්නෙ මහජනතාවනෙ..... මේ මහ ජනතාව මා මොඩයො, තක තීරුවො.... ඒකනෙ මේවගේ දේශ පාලුවො රට කරන්නෙ... ඒනිසා... අපි ඉස්සෙල්ලම.. මේ මහජනතාව කියන උන් ටික හොයන් ඉන්න ඕනේ.... කවුද මේ මහජනතාව.... අනේ අපි නෙවෙයි.... අපි දෙන මේ බ්‍රහ්ම ටෝක්ස් වල හැටියට මේ වගේ ඔලමොට්ටලයොන්ට චන්දෙ දෙන්නෑනේ.....අත්තටම කවුද මේ මහ ජනතාව... මුං කොහෙද ඉන්නෙ.... ඕකතමයි මල්ලි ඇත්ත... තමන්ගෙ යුතුකම් පැත්තකින් තියලා... මහා ලොකු පයිතගරස් ටෝක්ස් දෙනව....මහ ජනතාව කියන්නෙ අපි නෙමෙයිනෙ. උං වෙන සත්තු ජාතියක්... අනේ ඕයි මේවට පුකෙං හිනා යනො ඕයි.

    X-Porter

    ReplyDelete
  18. @ X - Porter

    මම නම් දැන් ඡන්දේ දාන්නේම නෑ. මොකෝ අපි බලාපොරොත්තු වෙන ලෝකය ගොඩ නගන එකෙක්වත් නෑනේ. ඡන්දේ දාපූ කාළෙත් මනාපනම් දීලම නෑ. මගේ ඡන්දේ පාවෙන චන්දයක්... හික් ... හික්....

    ReplyDelete
  19. [මොන තත්වෙකින් හරි දුමින්ද මේ වෙලාවේ ‍රෝහලේ සිටියත් අත්අඩංගුවට පත්විය යුතුයි]

    හිර කූඩුවේ කෘතිම ශ්වසන යන්තර එහෙම තියෙනව නේද ඈං? පොන්සේකට පුක දෙන්න වුවමනා වුණාට මැරෙන්න වැටිල ඉන්න එවුන් ලකප් කරන්න තරම් අධිකරණය බංකොළොත් නෑ.

    ReplyDelete
  20. මම මේ සිද්දිය ගැන ලිපි 50 ක් 60 ක් විතර කියෙව්වා දිනපතාම මාතලන් බලන්න අවේ නැති උනාට මමත් සතියකට සැරයක් වත් ඇවිත් යනවා ඇතිවුන සිද්දිය ගැන දෙන්න පුළුවන් හොදම නිර්වචනය හොදට ලියල තියෙනවා එකක් කියන්නත් තියෙනවා මේ සිදුවීම අස්සේ ටෙලියකුත් යනවා නාලන්ද එල්ලාවල මරපු මිනිහා අද ඇමති කෙනෙක් තව මාස දෙක තුනක් යනකොට ලංකාවේ අගමැති දුමින්ද උනත් පුදුම වෙන්න දෙයක් නෑ මොකද පාර්ලිමේන්තුව ආණ්ඩුව කියන්නේ රටේ ජනතාවගේ කැදපතක්නේ

    ReplyDelete
  21. @ ජීවන්
    සිතූතියි ජීවන්.. ඔබ හරියටම හරි. ඔය තියෙන්න නියම ජනතා නියෝජනය සහ මධ්‍යම පන්තියේ සිතුවිලි හා ක්‍රියාකාරකම්. කොටින්ම කියතොත් බල්ලො මරල හරි සල්ලි හොයන ක්‍රමය.

    ReplyDelete
  22. @anoo>>> Dumindawa athadanguwata gannawai kiyanne genihin kuduwe damanawata noweiy. umbath duminda wagema mole nethi mati harakek saha rajapassa anduwe bath balayek.

    ReplyDelete
  23. රාපපක්ෂල කියල අනෙක් එවුන්ට වැඩි දෙයක් කරල නෑ. මේ කවුරුත් කරල තියෙන්නෙ සංවර්ධනය ‍බෝඩ් එක ඉදිරියට දාගෙන කවුරුත් වැඩියෙන් කරල තියෙන්නෙ මැරකම්, හොරකම්, තක්කඩිකම්,කොල්ලකෑම් තමයි. අද ඉන්න අය වෙනස් වෙන්නෙ එළිපිටම ඒව කරන එවුන්ට රැකවරණය සැලසීමෙන් සහ ඒ හරහා තමනුත් තරවීමෙන් විතරයි. කළින් එවුන් ඒව ටිකක් හොරෙන් හොරෙන් කලේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න