.

.

Nov 14, 2011

සම රිසි - Gay


මළහත්තිලව්වක්ම උනේය. නාන එකක් ගැන ලියන්න ගිහින් අන්තිමට මට නාගන්නට උනේය. බලාගෙන ගියාම ඇදගෙනම නාගත්තේය. වැඩේ පටන් ගත්තේ ඕනයාය. ඌට ඕනා නැති එකක් නැතිය. අනිත් එකා ඔබා මාමාය. නෝටීයා හා පිස්සාද මගේ චරිතය කෙලෙසා තිබුනේය. ඒ මා කොලු කාරයෙක්ද කියලා අහලාය. මෙව්වා චරිත ඝාතනය. ගව ඝාතනයටත් වඩා භයානකය. තොපි ඔක්කොම උසාවී ගෙනියනවාය. සිතාසී ගෙදරට එනකම් බලාගෙන හිටපන්ය. පෙරකදෝරුවෙක් දැන් සිටම සොයා ගත්තොත් ඇඟට හොඳය.

කොලු කාරයෝ කියන්නේ "ගේ" (Gay) පොරවල් කියන එකටය. සමහර උන් කියන්නේ මේක ලෙඩක් කියාය. කතන්දරත් මේ ගැන පෝස්ට් එකක් ලිව්වේය. ඒක අපේ පෝස්ට් වගේ නෙමේය ශාස්ත්‍රීය එකක්ය. මේ ගැන නියමෙටම ලිව්වේ ටැබූ මුත්තාය. උන්නැහේ අද නැත්තේය. තමන්ම අතුරු දහන් වෙලාය. හිටියානම් නියමය. සමරිසි කේස් ගැන නියම පෝස්ට් දැම්මේය. මාත් ඒ කාළේ එකක් ලිව්වේය.  ලංකාවේ පොරක් මේ ගැන නියම පොතක් ලියා ඇත්තේය. සම්මාන පවා ලැබුවේය. පොතේ නම "ෆනී බොයි"ය (Funny Boy). ලිව්වේ ශ්‍යාම් සෙලවදොරේය. හොයාගෙන කියවන්නය. නියම පොතක්ය

.මේ දවස්වල ගේ කාරයෝ ගැන කසු කුසුවක් යනවාය. ඒ කොටුවේ කොපු වගයක් බෙදා හැරපු දා පටන්ය. සම හරක් කියන්නේ ගේ පොරවල් රටම අල්ලන්න යනවයි කියාය. එව්වා ඉතින් අපි දන්නේ නැතිය. බුද්ධිකලාගේ බුද්ධි අංශයෙන් අහන්න වෙන ඒවාය. අපේ රටෙත් එක පොලිටිකල් පක්ෂෙක කට්ටිය ගේ කියලා සම හරක් කියනවාය. වැඩ වෙන හැටියට කතාවල ඇත්තකුත් නැත්තේම නැත්තේය. ළෝකයේ හිටපු හා ඉන්න ප්‍රසිද්ධ පොරවලුත් ගේ පොරවල්ය. ඒකට දාර්ශනකයින්, බුද්ධිම්තුන්, කළාකරුවෝ කියා වෙනසක් නැත්තේය. ලිස්ට් ලියන්න දවස් ගනනක් යන්නේය. ඒ නිසා නොලියන්නේය.

මෙව්වා අතීතයේ පටන් එන දේවල්ය. පන්සල් වල මිෂනාරී පාසල්වල ආගමික ස්ථානවල පමණක් නොව පාසල්වල හොස්ටල්වල  වෙන ඒවා පොරසිද්ද රහස්ය. නමුත් දැන් වැඩේ සෑහෙන ඩේන්ජොරස්ය. හේතුව ඒඩ්ස්ය. ඒ නිසා බැලුම් බෝල බෙදනවාය. දැණුවත් කොරනවාය. සමහර රටවල පාර්ලිමේන්තුවලත් ප්‍රසිද්ධියේම පෙනී සිටිනවාය. ඒ දියුණු රටවල් වලය. මෙහේ ඒ කෙලි වානාය. ගල් ගහනවාය. හූ කියනවාය. ගරහනවාය. මල විනාසයක්ය. උන්ට් හොඳනම් අපිට මොකෑ කියා සිටින්නේ නැතිය. ඒ තරම් සංස්කෘතියට ආදරේය. හැබයි මේකත් උප සංස්කෘතියක්ය කියා සම රිසි විරෝධී සම හරක්ට තේරෙන්නේ නැතිය.

බොරු කියන්නේ මොකටද මාත් "ගේ"ය. මම හේව"ගේ"ය. (හහ් හහ් හා.. කෑවා නේද ගුලිය...) ලංකාවෙන් බාගයක්ම ගේය. හෙට්ටි"ගේ", මාතර"ගේ", කංකානම්"ගේ", ආරච්චිලා"ගේ", විදානලා"ගේ", කෝරලලා"ගේ", ගාල්ල"ගේ", ඔය ආදි ලෙස ඔක්කොම ව"ගේ" "ගේ"ය. "ගේ" පක්ෂියෙක්ද සිටි ඒ "ගේ" කුරුල්ලාය. ඒ ඇරෙන්න ආමන්ත්‍රණය කරන්නෙත් "ගේ" කියාය. තො"ගේ", අරූ"ගේ", මූ"ගේ", තමුසෙ"ගේ", ඌ"ගේ", උ"ගේ" ආච්චි"ගේ", අම්ම"ගේ", ඒ විදියට බැලුවාම ඔක්කෝම වාගේ "ගේ"ය. දැන් ඉතින් දුකක් නැත්තේය. මොකෝ ජාතියම "ගේ"ය.

සටහන - මේ ගේ කතාව මට අපූ ඊයක්ය. වැඩේ ඇදුනු නිසා පෝස්ට් එකක්ම දැම්මේය

56 comments:

  1. මේක වෙන්න බැරි වැඩක්ය...මගේ වාසගම පටන් ගන්න තැන " බස්නායක ආරච්චිලාගේ " ඒ කියන්නෙ මමත් " ගේ " ය... හුටා......

    ReplyDelete
  2. අමරතුංග අාරච්චිගේ.............. බුදු අම්බෝ! බේරගනියෝ............

    ReplyDelete
  3. ......ලාගේ .
    හපොයි මාත් ඉවරයි...:DDDD

    ReplyDelete
  4. මමත් ...........ලාගේ, හෑ යකෝ මාත්................මේ මොන විනාසයක්ද මාත් එහෙනම් ගේ ඈ....

    ReplyDelete
  5. බලන් ගියාම ලංකාවමගෙය ඉතින් අර සම හරක් කරන්න හැදුවා වගෙ විවාහ වෙන්නත් පනතක් සම්මත රකගත්තාට වරදක් නැතුවා ව ගේ ය

    ReplyDelete
  6. අනේ මම නෑ ඕවට ඔන්න ..

    ReplyDelete
  7. අඩේ අප්පා.. මාත් ගේ නොවැ....

    ReplyDelete
  8. GAY NURSERY RHYME

    Work while you work,
    Play while you play,
    This is the way,
    To be happy and gay.

    HENRYBLOGWALKER THE DUDE

    ReplyDelete
  9. අඩෝ කොහෙන්ද බන් මේ ඔක්කොම ලියන්න ඔලුවට එන්නෙ?
    මොනව වුනත් පශ්ථ කතාව

    ReplyDelete
  10. හයියෝ......
    මොකක්ද මේ ව්නාසේ.....
    හෙට පත්තර වල නිව්ස් නැති වෙයි.....
    කට්ටිය වාසගම් වෙනස්කරන ඒවා තියෙයි.....

    ReplyDelete
  11. මෙයත් ඉඳලා , ඉඳලා අවුස්සන ඒවා අප්පා...:)

    බලාගෙන යනකොට ලංකාවේ ඔක්කොම 'ගේ' තමයි. හැමදාම උදේට හවහට වැඩ ඉවරවෙලා යන්නෙත් ගෙදර (ගේ) බලාගනනේ...:D

    ReplyDelete
  12. මගේ නමටත් ඉවර වෙන්නේ 'ගේ' කියලා. හොඳ වෙලාවට මේ රටේ එවුන් මගේ නම කියන්නේ අන්තිමට 'ජ්' කෑල්ලක් දාල. ඒනිසා මේ රටේදී නම් මම 'ගේ' නෙවෙයි.

    උදාහරණයකට කියනවානම් 'ගමගේ' 'ගැමේජ්'

    ReplyDelete
  13. මාතලංට අහුවී ඇත්තේ "ගේ" කුරුල්ලා පමනකිය . . . "ගේ" ගෙම්බෝද ඇත . . . . පොරවල් ගේ ලාට බැන අඬගසමින් කෑගසන්නේය . . . මටනං හිතෙන්නේ උං ලිංගික කුහකයෝ කියාය. උන්ට මඤ්ඤංය . . . කොපු ටිකක් නිකං බෙදුවාට රටේ සංස්කෘතිය වලපල්ලට යන්නේයැයි උං හිතන්නේය . . . කලකට ඉහතදී වික්ටෝරියා පාක් එකේ වැසිකිලියේ සවිකල රුපියල් පහේ කොපු මැසිම ගැලෙවුවේද මේ උන්දැලා කෑගසලාය. කොපු මැසිමෙන් බාල පරපුර නොමගට යනවායි කියා පාක් එකේ සිල්ගන්නා මහ සඟරුවනක් පොලවේ පස් කෑවේය . . . අන්තිමේ කෙලවුනේ අපිටය . . . .

    ගේ කෙලියෙත් මොකක් හෝ ආතල් එකක් ඇතිය . . නැති වෙන්නටම බැරිය . . . .නැතිනං "** ****** වැඩේනං හොඳා . . . ඒත් එක කකුලක් මගේ" කියා කියන්නේ නැතිය. ආතල් එක කොතරම් වුවත් කෙලිය පරිස්සමෙන් කල යුතුය . . . ඒඩ්ස් පැත්තකය . . . වැඩේ වල් උනොත් හාල් සේරුවකම බත් එක බෙට්ටේය . . .

    ප.ලි.
    පට්ටය . . පදිරිය . . . මට නමේ කොතනකවත් "ගේ" ගෑවිලා නැත්තේය . . .ආඩම්බරය . බයකුත් හිතේය. තොපි ඔක්කොම ගේ උනොත් මට දුවන්නට තැනක් නැතිවෙන්නේය . . . . .

    ReplyDelete
  14. ඕනයා උඹ ගේ නොවුනට වටේ ඉන්න සේරම ගේ බන් මාත් ගේ :-D

    ශ්‍යාම් සෙල්වදොරේගේ ෆනී බෝයි කතාවේ සිංහල පොත අමුතු ඉලන්දාරියා එකේ නම් නම් මට ගේ කතාවට වඩා සිංහල දෙමල ප්‍රශ්නේ ගැන තමයි වැඩියෙන් දැනුනේ. අනික් පොත මෝසම් මුහුදේ පිහිනීම (Swimming in the Monsoon Sea) නම් ටිකක් ගේ කතාව දැනුනා.

    ඒකේ එක තැනක කතානායකයාගෙන් අහනවා "ඔයා ඈස් මෑන් ද ටිට්ස් මෑන්ද" කියලා වගේ එකක් හරියටම මට මතක නැහැ

    ReplyDelete
  15. ගේ කුරුල්ලො, ගේ ගෙම්බො ගැන හිතද්දිත් අවුලය. මුණ බැලුවම උන් ගේ කියා කියන්න බෑය.

    ගේ කතා අස්සෙ මට වැදගත් කතාවක් මතක් විය. මේවා ඕගොල්ලන්ටත් හොඳ පාඩමක් වීමට ඉඩ ඇති නිසා ලියන්නම්ය. මේක ගේ කුරුල්ලන් ගැන විතරක් නෙමේ කවුඩුපනික්කියන්ටත් සුදුසුය.

    කොපු බෙදා ඒඩ්ස් නැවැත්තිල්ල මටනං කලුනික වගේ අමාරු දෙයක් යැයි සිතේය.

    පාක් එකේ නෙමේය. දිනක් කෑම්ප් එකේ මේන් දොර ගාව අපේ මැඩිකල් අංසෙන් ඇවිත් දාර කොපු පෙටිටියක් හයි කර ගියෝය. ඒ එලියට පහලියට යද්දි ඕනැ උනොත් කියා ඕනැ අයට එකක් අරං පෝස් එකේ දාගෙන යන්නය. අපි නං හිතුවේ මේ කොපු පෙට්ටිය ඉවර කරන්ඩ නම් අපේ පෑන් ගෙවෙන තුරු රෑ දවල් නොබලා මහන්සි වෙලා වැඩ කරන්ට වෙයි කියලාය.

    පුහ්........ අපිට වැරදිනි. සෙනසුරාදා නැගිට්ට හැටියෙ මම නිදි මරගානේ නිකමට ගොස් පෙට්ටිය අත දමා එකක් ගන්නට සෙව්වෙමි. අප්පට සිරි වී ඇත. එකේ තිබුනේ හුලං විතරකි.

    මාසකයක් වැඩ කරලවත් ඉවරකරන්ට පුලුවන් වේයැයි නොසිතු කොපු පෙට්ටිය නිවාඩු දවසේ උදේ 7 වෙන්ටත් පෙර ඉවර වෙලාය. නිවාඩු දවසෙ කැම්පයේ ඉතිරි වු අපිට හදිස්සියට හුලං පුරෝලා බැඩ්මින්ටන් මෙව්වා එකේ ඔලිබෝල් ගහන්ට වත් මෙව්වා එකක් බේතකට හොයා ගන්ට නැති විය.

    කෝමඅරි පස්සෙ ගිය උන් ගියේ අතවනවනාය. ඉතිං උන් පෙට්ටියේ තිබ්බ කොපු චන්ඩි වගේ අරං ගියාට මොකද කඩේකට ගොහින් "මගේ පෑනට හරියන කොපුවක් දෙන්න" කියා කෙලින් බලා ඉල්ලන නැහැදිච්ච උන් නෙමේය.

    හුගක් අය මේ වගේය. ඒක නිසා දන්නෙම නැතුව පෑන බටනලාවක් කරගනී.

    ඒක නිසා එදා බැඩ්මින්ටොන් ගහන්‍ට බැරිඋනු අපේ කොල්ලෙක් මැඩිකල් කට්ටියට යෝජනා කොලේ හදපු කොපු පෙට්ටියක් ගහනවා වෙනුවට ජිල් කොම්පැනියක් වගේ වැඩ කරන, සිටි සිටි ගාලා කොපු නිශ්පාදනය කරන, හරියට නෙස්කැපේ මැසිමෙ බටන් එක එබුවාම වගේ යටින් වැටෙන කොපු මැසිමක් අපේ දොරේ ගසන ලෙසය.

    ඒකට ඔවුන් උත්තරයක් දුන්නෝය. ඒක මම මෙතන ලියන්නැත.

    මගේ කතාව අවසානය. ආදර්ශයක් තියේනං ගන්ටය.

    ReplyDelete
  16. අපේ පන්තියේ මිත්‍රයෙක් හිටියේය. උගේ කාඩ් එක "කබඩ්"ය. "ගේ" ද දන්නේ නැත. හැබැයි කොළු කුරැට්ටෝ සමග හිස් කබඩ් ඇතුලේ ඉදලා මාට්ටුය. ඒ වගේම ඉස්කෝලේ "නංගි"ලා ටිකක්ද හිටි බව මතයද. "ගේ" වීම නිසා අදටත් චාටර් වුනු අතිදක්ෂ කෝකියෙක් ටවුමේ චාටර් වෙනු හැමදාම දකිමි.

    රොක් හඩ්සන් ද අයත්වන්නේ මේ ගණයටය. අපායට ගිය රොක් හඩ්සන් නිසා යමපල්ලන්ට සිදුවූ අකරතැබ්බය ද අසා ඇති බව සිතමි. ඒ වගේම තමන්ගේ සගයා ගැන අපූරැ ගීතයක් ගායනා කල (Jesus to Child) ද අමතක කරන්නට බැරිය.

    ReplyDelete
  17. මම නම් .......ලෑ ෙගදර. ඒ නිසා මම නම් ෙගාඩ.

    ReplyDelete
  18. හුටා... මමත් ගේ ය.. මම නම් සුද්දන්ට නම කියද්දි ගේ කියන්න බැරි කමට ගේ වෙනුවට ජ් යන්න භාවිතා කරමිය...

    ගමගේ... යන්නට ගමේජ් ලෙසය...

    ReplyDelete
  19. අපි නම් ගේ නැත!!!

    ReplyDelete
  20. @සබිත්:
    එහෙනං උඹට වෙන්නේත් මට වගේ හැංගෙන්නට තැනක් හොයා ගැනීමටය

    ReplyDelete
  21. "බුද්ධිකලාගේ බුද්ධි අංශයෙන්" :-)

    ReplyDelete
  22. @ දිල්
    හපෝයි කෙල්ලොත් ගේ වෙලා.. හුටා...

    ReplyDelete
  23. @ තනි අලියා
    ගේ අලියෙක්

    ReplyDelete
  24. @ ප්‍රියන්ත
    පරිස්සමෙන්...

    ReplyDelete
  25. @ වෙද මහත්තයා
    හපෝයි.. බය වෙන්න දෙයක් නෑ. කල්ක චූර්ණ එහෙම ඇතිනේ...

    ReplyDelete
  26. @ ලොකු ජෝන්
    පනත් සම්මත කොරන්න ඕනේ නෑ.. නම බැලුවම මාට්ටු..

    ReplyDelete
  27. @ ගිම්හානී
    ඕහේලා කොහොමත් මේ වැඩේට නෑ නේ..

    ReplyDelete
  28. @ අභීත
    ඉන්න ෆීල්ඩ් එකේ හැටියට පරෙස්සමෙන් කොලුවෝ... හෙහ් හෙහ්...

    ReplyDelete
  29. @ ඩූඩ්
    නයිස් වන්. ඒත් හරියටම වැදුනේ නෑ.. නැවත නැවත කියවන්න වෙයි වගේ...

    ReplyDelete
  30. @ ඉල් මොන්දෝ
    ලියන්න ඉඳ ගත්තහම කී බෝඩ් කනවා. ඒව්වට බේත් තියෙනවා..

    ReplyDelete
  31. @ අසේල
    නියම කොමෙන්ට් එක...

    ReplyDelete
  32. @ පො.කූ.
    අම්මප හැබෑව.. හැන්දෑවට යන්නේ ගේ බලානේ..

    ReplyDelete
  33. @ කැන්ඩියන්
    ඔය ක්‍රිකටස්ලටත් මරු නම් කියන්නේ සුද්දෝ.

    ReplyDelete
  34. @ ඕනයා
    අපේ ඉන්නේ මාර සංඝ සෙට් එකක්ය. කරදිය මාළු පව් නැත. මිරිදිය මාළු පව්ය..

    ReplyDelete
  35. @ ම
    ඒ පොත කියවා නැත. හොයාගෙන කියවිය යුතුය... මම කියපු පොර ප්‍රසිද්ද ගේ පොරක්ය...

    ReplyDelete
  36. @ බුද්ධී
    උත්තරේ මට හිතා ගත්ත හැකිය. ඔක්කොම ඇත. නමුත් හොරෙන්ය..

    ReplyDelete
  37. @ තිසර
    රොක් හඩ්සන් ගේ කතාව අර දර දාන්න බැරි එක යයි සිතමි. ජීසස් ටු අ චයිල්ඩ් ගැන දැණුවත් කරාට ස්තූතියි. ජෝර්ජ් මයිකල්, බෝයි ජෝර්ජ්, එඩී මර්කරි (කුවීන්) එල්ටන් ජෝන් කට්ටියම මගේ ෆේවරිට්ය. බ්‍රෝක් බැක් මවුන්ටන් නම් ලස්සන සෝ එකක් ළඟදි බැලුවේය. පට්ටය. අපේ ජෝ මහත්තයා සහ අජිත් ජිනදාස හිටපු සිංහල සෝ එකකුත් තිබුනේය. නම නම් අමතකය..

    ReplyDelete
  38. @ පිස්සා පලාමල්ල
    ඔන්න උඹට තවත් යාළුවෙක් ඉන්නවාය...

    ReplyDelete
  39. @ සබිත්
    උඹලා ගේ වෙන්නේ පිස්සුවකටය. පහක්ම ගන්න පුලුවන් එකේ...

    ReplyDelete
  40. @ තිස්ස දොඩන්ගොඩ
    කෑල්ල අහු උනා නේ...

    ReplyDelete
  41. @ බුවා
    උඹ කොහොමත් ගේ නේ. බුවා "ගේ" සිතුවිලි නේ නම හිටන්...

    ReplyDelete
  42. මගේ නම් ගේ කෑල්ල ඇත්තේ රාජකාරි ලියවිලිවලට පමණය . එකත් වෙනස් කරගන්නට හිතුන මේක දැකල . චිකේයියා මේ මාතලන්ටත් හිතෙන එව්වා .

    ReplyDelete
  43. @ බින්දී
    ඒ කියන්නේ මහගේ රාජකාරී වෙලාවේදී "ගේ" ය.

    ReplyDelete
  44. //අපේ ජෝ මහත්තයා සහ අජිත් ජිනදාස හිටපු සිංහල සෝ එකකුත් තිබුනේය. නම නම් අමතකය.. //

    "මලට නොඑන බඹරු"

    ReplyDelete
  45. අපෝයි මමත් දේවගේ... කමක් නැත. ගේ වුනත් දේව නිසා හිත හදාගනිමි.

    අනේ තො‘ගේ‘ !!!

    ReplyDelete
  46. හුටාය...මං පමණක් නොව මගේ බ්ලොගේද ගේ ය. ඒක චතූ‘ගේ‘ කථාය. හැබැයි මාතලන් වගේ මං නං ගේ කථා ලියන්නේ නැතිය. !!!

    ReplyDelete
  47. @ කැන්ඩියන්
    අන්න සෝ එක ජෝගේ නියම සෝ එකක්ය. කාටත් අමතකය. මතක් කොලාට බොහෝ පින්ය..

    ReplyDelete
  48. @ චතුරංග පෙරේරා
    දේවගේ නම් අනිවා අපේ පරපුරේ එකෙක්මය. මුල දකුනෙ විය යුතුමය. ගේ කතා නොලියන එක ඇඟට හොඳය. අපටනම් කොයිකත් එකයිය....

    ReplyDelete
  49. ඕනයා,සාබිතා,සහ මට සැඟවී සිටීමට සිදුව ඇති බවක් පෙනී යන්නේය

    ReplyDelete
  50. මගේ ගේ කොම මෙහේ පෝරම පුරවද්දී කොටු ප්‍රමානෙන් එලියට පනින නිසා මීට අවුරුද්දකට දෙකකට කලින් අයින් කොරන්න උනාය . .

    ඒ නිව්වේ නම කොට කොරන්න සිද්ද උනාය . . .

    දැන් මගේ නමත් වාසගමත් පමනක් ඇති නිසා හරි පහසුය . .

    කලින් අත්තා මුත්තාගේ නම් වල කෑලිත් නමට කලින් එල්ලා තිබූ නිසා කොටු පුරවන්න යද්දී කොටු මදි වෙනවාය . . .

    අහ් අනෙක් ගේ කොම . .

    අපිට වදයක් නැතිනම් උන් මක්කා කොර ගත්තාම අපේ මක්කෙයි බන් . .

    ReplyDelete
  51. @ ඔබා
    මම මේ බලන් උන්නේ ඔහෙගේ කොමන්ට් එක එනකන්ය. දැන් ඕනයයි ඔබා දෙන්නා මරා ගත්තාට අප්සෙට් නැතිය . මොකෝ අර වැඩේ කීයටවත් වෙන්නේ නැතිය. මොකෝ දෙන්නාම ගේ නොවේය..

    ReplyDelete
  52. මාතලන්, අර නර්සරි රයිම් එක පරන එකක්. ඒ කාලෙ ගේ කියන්නෙ සමලිංගික තෙරුම නෙවෙයි. ප්‍රීතිමත් කියන එක. අත ගේ කිව්වම කාටවත් අර පරන තේරුම ඔලුවට එන්නෙ නැතුව ඇති. තවමත් (විශෙෂයෙන්ම බ්‍රිතාන්‍යයෙ) තරමක් පරණ පොත් වල ගේ කියන එක ප්‍රීතිමත් කියන අදහස දෙන තැන් තියනවා.
    අද මම හිතන්නෙ ඔය රයිම් එක උගන්නන්නෙ නෑ. ඔය කේස් එක හන්දම වෙන්න ඇති.පාඩමක් නෙවෙයි. ඇහුව හන්දයි කිව්වෙ.

    ReplyDelete
  53. @ ඩූඩ්
    තෑන්ක්ස් ඩූඩ්...

    ReplyDelete
  54. @ දුකා
    යකෝ එහෙම හිතුමතේට නම කපන්න උඹ අබ්බගාත්ද...?

    ReplyDelete
  55. හෙළ බොදු විරෝධය පාමු...රනිල්...සමලිංගික සේවනය සහ ස්වයංවින්දනය නීතිගත කිරීමට යයි !

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න