.

.

Mar 9, 2013

හලාල්, බොරුව හා පරාජය - Halal ha-ram in SL


හලාල් සහතිකය නිකුත් කිරීම අත්හිටුවීමට, ජමිය තුල් උලමා පූජකවරුන් එකඟ වූ බවට සහතික නොකරන ලද ආරංචි මාර්ග වලින් දැන ගන්නට තිබේ. එසේ වූවානම් එය සතුටට කරුණක් වන අතරම. එසේ නොවේනම්, තව දුරටත් එය ශ්‍රී ලංකික නිශ්පාදන මත ඇලවීම නතර කිරීමට අප තව දුරටත් පෙනි සිටින්නෙමු. එය සත්‍යයක් නම්, සංවේදි කරුණක් පිළිබඳව ඉතා බුද්ධිමත් ආකාරයෙන්, සාකාඡ්චාවෙන් එම ප්‍රශ්ණය විසඳා ගත් සියළු පාර්ෂවයන්ටද, විශේෂයෙන් ඝෝඨාභය රාජාපක්ෂ මහතාටද අපගේ ගෞරවය හිමි විය යුතුය. මෙතනදි බ්ලොග් ළෝකයේ, මුස්ලිම් තලෙයිබාන්කරණයක් වපුරමින් සිටින, අන්වර් මනතුංගට පිළිතුරු බඳිමින්, විනයක් ඇතුව, එයට විරුද්ධ මත ප්‍රකාෂ කල සියලුම දෙනාට මෙන්ම, විශේෂයෙන් "අන්වර් මනතුංගට පිළිතුරු" ලියු "බුවා"ටත්, "තහනම් වචන" වලටත් අපගේ ගෞරවය හිමි විය යුතුය.

සියලූම ජාතින්ට, එක හා සමාන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටිනා අප, හලාල් වලට විරුද්ද වූවාද..? නැත කිසිසේත්ම නැත. මුස්ලිම් ජනතාවට, හලාල් අහාර ගැනීමට හා හලාල් සිරිත් විරිත් අනුව ජීවත් වීමට් අයිතියක් තිබිය යුතුමය. හලාල් ආහර වලට පමණක් නොව, ණය ක්‍රම සඳහාද, රක්ෂණය සඳහාද අදාල බව කාලයක් "තකාෆුල්" ආයතනයක සේවය කර ඇති මා අත්දැකීමෙන්ම දනිමි. එහි කිසිම වරදක් පෙන්වීමට අපට නොහැක. මන්ද එය ඔවුන්ගේ ලේ හා බද්ද වූ දෙයක් බැවිනි. එසේනම් අප විරුද්ධ වූයේ කුමටද..?

අප විරුද්ධ වූයේ, මුස්ලිම් නොවන දේශීය ව්‍යාපාරිකයින් හලාල් ලේබල් එල්ලාගැනීමටයි. එවන් ලේබල් එල්ලා ගත් පොන්න ව්‍යාපාරිකයින්, ජාත්‍යන්තර වෙළඳ පොළ සඳහා එසේ කල බව කීවද, ජාත්‍යන්තර වෙළඳ පොළේ, හලාල් ලකුණ කිසි සේත්ම අදාල නොවනා කාරණාවක් වන අතරම, මැද පෙරදිග රටවලද, පිටරට නිශ්පාදන වල හලාල් සහතිකයක් නොමැති බව, අප අත්දැකීමෙන්ම දනිමු. එය එසේ නොවනවායයි තර්ක කරන්නේ නම්. එම රටවල ශ්‍රී ලංකිකයින්ගේන් විමසන ලෙසද, නැතිනම් බුවාගේ මේ ළිපිය කියවන ලෙසද, හලාල් සාධාරණය කරමින්, ජාත්‍යන්තර වෙළඳ පොල ගැන අපට කියාදුන් මහත්වරුන්ගෙන් අප ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමු.

අනෙක් කරුණ, ජාත්‍යන්තර වෙළඳ පොලේ, ඔය කියනා තරම් අපේ නිෂ්පාදනවලට ඇති තැනක් නැත. ඔය නිශ්පාදන විකිනීමට ඇත්තේ, ශ්‍රී ලංකාවේ නිශ්පාදන පමණක් විකිණීමට තබා ඇති, ශ්‍රී ලංකික කුඩා කඩවල පමණි. එවාට ගොඩවි සිද්ධාලේප කුප්පි හෝ පොල්කුඩු බිස්කට් අරගෙන යාමට, සුද්දන්ට තියා, අරාබි කාරයන්ටවත් මොලේ මැලේරියාවක් ඇත්තේ නැත. ඕනෑම නම්, "සිලෝන් ටී" කියා ලංකාවේ තේ මිලදි ගත්තද, ඒවාද ඇත්තේ, "විෂෝට්ස්කි" හා "ලිප්ටන්" වැනි, ජාත්‍යන්තර ලේබල යටතේය.

ඒ තරමින් හෝ හලාල් වලට විරුද්ධ වන්නේ ඇයි. මුස්ලිම් ව්‍යාප්තවාදය මුලින්ම එන්නේ හලාල්, වේශයෙනි. ෂරියා එන්නේ ඉන් පසුවයි. අපේ රටේ සියළුම ජනතාව ජාති බේදයකින් තොරව අවුරුදු 30ක් දුක් වින්දේ ඇයි, මුලින්ම 50 ට 50 ඉල්ලමින්, සුද්දා සිටි කාළයේ සිට පැමිනි ව්‍යාපාරයක උච්චතම අවස්ථාවට එළබීම නිසාය. එවන් ප්‍රශ්ණ සාමකාමීව විසඳනවා වෙනුවට, බලය ලබා ගැනීම සඳහා 56 යේ ගෙනගිය, "සිංහල පමණයි" හා 83 "ජාති ආලයෙන්" කලේ, ඇවිලෙන ගින්නට පිඳුරු දැමීමයි. ඔවුනගේ අන්තවාදි ඉල්ලීම් වෙනුවට, සංවර්ධන ව්‍යාපෘති වලින් 20% හෝ, උතුරු නැගෙනහිර ජනතාවට ලබා දුන්නේ නම්, ජාත්‍යන්තරයට පෙන්වීමට පවා, කිසිඳු අසාධාරන කමක් ඉතිරි වන්නේ නැත.

කෙසේ හෝ ප්‍රශ්නය ඇතිවීමෙන් පසු අපේ උගත් බුද්ධිමත් මහත්වරුන් කීවේ කුමක්ද..? බලය බෙදා ගන්නා ලෙසයි. එසේ බලය බෙදා ගැනීමට තබා පලාත් වශයෙන් හෝ බෙදා වෙන්කිරීමට තරම් විශාල රටක්ද ලංකාව. සමස්ත ලංකාවේ ජනගහනය ඉන්දියාවේ බොම්බේ නගරයේ ජනතාවටත් වඩා අඩු ප්‍රමාණයක් බව දන්නේ කී දෙනාද.? මුම්බායි නගරයේ පලාත් සභා තියෙනවාද, මහ ඇමතිවරු ඉන්නවාද, අග්‍රාන්ඩුකාරවරු ඉන්නවාද. ඇමතිවරු හැටපන් කෝටියක් ඉන්නවාද, එසේනම් සියළු දෙනාම එක්ව ගෙනයන මේ බොරුව කුමක්ද.?

එදා ප්‍රභාකරන් මහතාට රටේ 2/3 ක් ලියා දෙන්න ගිය සුනන්ද දේශප්‍රියලා, වික්ටර් අයිවන්ලා හා බාහු, චන්ද්‍රිකා, රනිල්, මොන්ගල්, ඩිලාන්, ජී ඇල්ලා මුල් කර ගත් නඩය මෙන්ම. අද හලාල් වෙනුවෙන් හඬනා පුවත් පත් වල ළිපි පුරවමින්, සිටිනා නෝනා මහත්වරුන්ට නොපෙනෙන සත්‍යය නම්, එදා ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි කලාක් මෙන්, අද අරාබි රටවල් වල මූල්‍යාධාර යටතේ, තලෙයිබාන් කරණයක් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි. දැනටත් නැගෙනහිර ප්‍රදේශය, මන්නාරම ප්‍රදේශය හා කොළඹ නගරයේ නිර්ධන පන්තියේ මුස්ලිම් ජනතාව මෙයට බිලිවි අවසානය.

කළු ළෝගු හා පිරිමින් අඳිනා, අරාබී ලෝගුව තුල ඇත්තේ, තලෙයිබාන්කරනයයි. මා පවසන්නෙ මුසාවක් නම්, ඔවුන් හා කතා බහ කිරීමෙන්, ඒ බව ඔබට වටහා ගත හැකි වනු ඇත. සිංහල දෙමළ අසල්වැසියා තවදුරටත් ඔවුනගේ සහෝදර සහෝදරියන් නොවේ, අද ඔවුන් මනසින් ජීවත් වන්නේ අරාබියේයි. අන්වර් මනතුංගලා මුදල් විසිකර හෝ ලබාගන්නවා යයි පවසන්නේ මෙයයි. අන්වර් මනතුංග, සිද්දි ලෙබ්බේ ලෙසින් නොපැමින, සිංහල නමකින් පෙනි සිටිමින් කරන්නේ, එදා, සුනන්ද දේශප්‍රියලා කල සෙල්ලමමය. මේ ව්‍යාප්තවාදය ගැන අබ මල් රේණුවක අවබෝධයකින් තොරව, හුදු මානුෂික බැල්මකින් පමණක් මේ දෙස බැලීමේන් සිඳුවන්නේ, අද දෙමළ ප්‍රෂ්ණය වැරදි ආකාරයකින් දුටු බව පසක් කරමින්, කනගාටුවනවාක් මෙන්ම, අනාගතයේදීද ජිහාඩ් වරුන් තුවක්කුව පපුවට තබනා විට, කනගාටුවට පත්වීම පමණක්මය.

එහෙයින්, කල යුතු වන්නේ, අප රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වන, විදෙශ් ශ්‍රමිකයින් දඩ මීමා කරගෙන, හලාල් හා ෂරියා නීතී, රටේ ස්තාපිත කිරීමට වෙර දරනා, සියළුම ක්‍රියාදාමයන්, අද අදම කටුගා දැමීමයි, අප රජයෙන් ඉල්ලා සිටින්නේ, සැක කටයුතු දෙමල ජනතාව ගැන මෙන්ම, හලාල් ලබා ගත් සිංහල පොන්න ව්‍යාපරකයින් මෙන්ම, සැක කටයුතු සියළුම ආගම් කෙරෙහි, බුද්ධි අංශවල අවධානය, තව තවත් යොමු කල යුතු බවයි. අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ, ඉස්ලාම්, හින්දු, බෞද්ධ, සිංහල දෙමළ, මුස්ලිම් කුමන කුලකයක වේවා, අන්තවාදයකට කිසිම ඉඩක් නොතැබිය යුතු බවයි. බොදු බල සේනා නීතිය අතට ගන්නේ නම්, මේ රටේ ආන්ඩු පත් කිරීමෙන් පලක් නොවන බවත්, පොලීසියේද අවශ්‍යතාවයක් නොමැති බවත්, ඉතා කනගාටුවෙන වුවද ලියා තැබිය යුතුමය. 

78 comments:

  1. දෙමල ප්‍රශ්නය ගැන මගේ කියවීම වෙනස් , කොහොම වුනත් හලාල් ඉවත් කරලා නම් ඒක සතුටට කාරණයක් .

    ReplyDelete
    Replies
    1. උඹේ කියවීම මම දන්නවා. ඒත් ඒක් විසඳුමක් නොවේ, වක්‍රාකාරව ඊළාම් ලබා දීමකි.

      Delete
  2. පව් අර හලාල් ටැග් එකෙන් නිශ්පාදන ලොට් එකක්ම එලියට දාපු ආයතන.

    ඒ ස්ටොක් එක එහෙම්මම තියා ගන්න වෙයි. පැකට් මාරු කරල ආයෙ වෙලද පොලට දාන්න.

    හලාල ඉවරයි. ඊලගට මත්තල නාට්‍යය...

    මේක මම ඊයේ බුකියේ දාප් ස්ටේටස් එකක් :)

    තව දින 9යි
    .
    .
    .
    8යි
    .
    .
    .
    7යි
    .
    .
    .
    6යි
    .
    .
    .
    5යි
    .
    .
    .
    4යි
    .
    .
    .
    3යි
    .
    .
    .
    2යි
    .
    .
    .
    1යි
    .
    .
    .
    ප්ලේන් 0යි

    අදහස - Sam cReations වෙතින්
    හාබර් ඇසුරෙන් උගත් පාඩම් !

    ReplyDelete
    Replies
    1. කවුන්ට් ඩවුන් කිරීමත් එක්ක චන්දෙ දිපු ජනතාවට කරන්ට් වැදුනත්,දැයේ පොඩි දරුවෝනම් කියන්නෙ "ජාතියේ පියාණනි;බඩු මිල වැඩි නැත"යි කියානේ.

      Delete
    2. හලාල් සහතිකේ අයින් කලා කිව්වට ලේබල් ඒක ගහපු ඇසුරුම් අයින් කරන්නේ නැහැ. ඒවා තව කාලයක් වෙළඳපලේ තියේවි.

      Delete
    3. මෙතනදී තව දෙයක් කිව යුතුයි. අපි ජාතිවාදියෝ නොවී ජාතිමාමක වෙමු. අපි අපේ ජාතියට ආදරය කරමු. නමුත් අන් ජාතීන් දෙස වෛරයෙන් නොබලමු. එමෙන්ම අන් ජාතියක් කෙරෙහි වෛරී චේතනාවෙන් බැලීමට තරම් ජනතාවක් මෙහි නැති බව ද විශ්වාස කරමි. කෙටියෙන්ම කියනවානම් ශ්‍රී ලාංකිකයෝ ලෙස එක්ව අත්වැල් බැඳ ගන්න උත්සාහ කරමු.
      හලාල් යන්නට මා අකැමැතිය. නමත් ඒ ජාතිවාදී මුහුණුවරින් නොවෙ. එය තත්ත්ව සහතිකයක් නොවෙනවා මෙන්ම, අනවශ්‍ය මුදල් වැයකිරීමක්ද, ඔබ කියන පරිදි ආක්‍රමණික අවස්ථාවක් ද වන බැවිනි. හලාල් යන වදන අලලා සමස්ථ මුස්ලිම් ජාතිකයන් දෙස වෛරී සහගතව බැලීම අප අනුමත නොකල යුතුය. එමෙන්ම මුස්ලිම් ජාතිකයන් ද එය අවබෝධ කර ගත යුතුය.

      නමුත්, ජාති ආගම් බේදයකින් තොරව සියලුදෙනාටම දැනෙනා එක වැදගත් සාධකයක් තිබෙනවා. ඒ බඩු මිල....
      හලාල් ඉවරනම්, දැන් මත්තල, අවුරුදු ගෙවී යන විට ආර්ථික ඝාතකයෙක් හෝ බල මාළු කෑල්ලක්....

      Delete
    4. සිම්පල් නේ, පොඩ් ස්ටිකර් එකක් උඩින් අලවන එකනෙ තියෙන්නේ.

      Delete
    5. @ සෑම් & කෙන්ජි..
      මේක බඩු මිලත්, ඉන්ධන මිලත් එක්ක ලඝු කරන්න එපා මචංලා, මත්තල ගැන මගේ මතය නම්, මෙය වරාය මෙන් නොව, සියළුම පහසුකම් සහිත ගුවන් තොටුපලක් බව මගේ ඇස් දෙකින්ම දුටු නිසා. ගුවන් ගමන් වල කේන්ද්‍රස්තානයක් කිරීමට සියළු පහසුකම් සහිත ගුවන් තොටුපලක්ය යන්නයි. මා සමග ගිය විදේශීය විශේෂඥයන් දෙදෙනාගේ අදහස වූයේත්, මෙය ගුවන් භාන්ඩ හුවමාරු සඳහා යොදා ගන්නේ නම් විශාල ආදායමක් ලැබිය හැකි ගුවන් තොටුපලක් බවයි, ඒ ගැන අපූරු ලියමනක්, රොහාන් සමරජීව මහතාද ලියා තිබුනා. නමුත් ඒ සඳහා දක්ෂ කළමණාකාරිත්වයක් අවශ්‍යයි. බංකොලොත් හා අකාර්යක්ෂම "එයාර් ලංකා" සමාගමට එයි කළමණාකාරිත්වය ලබා දිමෙන් එම අපේක්ෂාවන් ඉටුවන්නේද යන කාරණය නම් සැක සහිතයි.

      @ රෙප් මහත්තයා
      ඕකට උත්තරේ, meeghaya දීලා තියෙනවා.

      @ නිර්මලා
      ඔයාටත් කියන්න තියෙන්නේ, මේක මේ ජනප්‍රිය ආන්ඩු විරෝධි මත හා ගලපන්න යන්න එපා. එක පරම්පරාවක් මේ විශාල හා සංවේදි ප්‍රශ්ණ සුළු කොට තැකීමෙන් තවත් පරම්පරාවක් තම ජීවිත කාළයේ හොඳම කාළය මූසල යුද්ධයක් වෙනුවෙන් ගෙවා දැමුවා. මේ ගැන කතා කිරිම ජාතික යුතු කම් ඉටුකිරීමක්. නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කපන්න තැබිමෙන් සිඳුවන්නේ, අපේ දරුවන්ටත් අනාගතය අහිමි කිරීමකි.

      Delete
    6. ගුවන් ගමන් වල කේන්ද්‍රස්තානයක් කිරීමට සියළු පහසුකම් සහිත ගුවන් තොටුපලක්ය යන්නයි.

      @මාතලන් -

      ඒත් ගුවන් තොටුපලක් එහෙට අනවශ්‍යයි කියලයි විචාරකයෝ කියල තිබ්බෙ. මැදපෙරදිගද (පුවත් පතක තිබ්බ විදිහට, මට හරියට මතක නැහැ)යන ගුවන් යානා එහෙට ගොඩ බැහැලා කොළඹ එන්නෝනි කතාවක් තියෙනවා. ඒක සාර්ථකද?

      හදපු එක හොදයි. වැඩක් වෙයිද කියන එකයි ප්‍රශ්නය.

      Delete
    7. ඒවා ඇමරිකන් බයිලා. උඹ දන්නවද ගුවන් යානයක් ගොඩබස්සනයි, ගුවන්ගතකරන්නයි තමයි වැඩිම වියදමක් යන්නේ. එහෙම පරිප්පු කන්න එක ගුවන් සමාගමක් වත් කැමති නෑ.

      හැම දෙයක් ගැනම වැරදි කෝනයකින් බලන්න එපා. ගුවන් තොටුපලක් හැදෙන එක අනාගතයට කොහොමත් හොඳයි. ඔය හාබර් එකත් හොඳයි, ඒත් වරායක තිබෙන යටි තල පහසුකම් මුකුත් නෑ. ඒවා කරන්න සල්ලිත් නෑ, ආයෝජකයොත් නෑ. නිසි කළමණාකාරිත්වයකුත් නෑ. ගුවන් තොටුපලේ සියළුම පහසුකම් තිබුනත්, නිසියාකාරව මැනේජ් කලේ නැත්නම්. එයාර් ලංකා, මිහින් ලංකා වගේම තවත් සුදු අලියෙක් වන එකත් වලක්වන්න බෑ.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. @ මාතලන්
      මේ මම නොවේ කියන්නේ
      ඡේදය 05
      වාර්ගික, ආගමික, විවිධ භාෂා භාවිත කරන සහ වෙනත් ජන කොට්ඨාශ ඇතුළු ශ්‍රී ලංකා ජනතාව අතර සහයෝගය සහ අන්‍යොන්‍ය විශ්වාසය වඩාලීමෙන් ජාතියේ සමගිය තහවුරු කිරීම ද, විශේෂ සැලකිලි සහ වෙනස්කම් තුරන් කිරීම සඳහා ඉගැන්වීම, අධ්‍යාපනය දීම සහ ප්‍රවෘත්ති සැපයීම යන ක්ෂේත්‍රවල ඵලදායි පියවර ගැනීම ද රජය විසින් කළ යුත්තේ ය.
      ඡේදය 06
      කිසියම් පුරවැසියකු, වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී/පුරුෂ බේදය, දේශපාලන මතය, හෝ රැකියාව හේතුවෙන් යම් කිසි අශක්නුතාවයකට පත් නොවන පරිදි පුරවැසියන් ට දියුණු වීමට සම ප්‍රස්තාවන් සැලසීමට රජය වගබලා ගත යුත්තේ ය.

      උපුටාගැනීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී යැයි කියාගන්නා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ "රාජ්‍ය ප්‍රතිපත්තීය මේහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම්"

      හලාල් රටේ බහුතරයක් ජනතාවට ගැටලුවක්නම්, ඊට මැදිහත්විය යුත්තේ රජය වේ. එයට කිසියම් සංවිධානයක් හෝ ජනතාව මැදිහත්වීමක් අවශ්‍ය නැහැ. නමුත්, ජාතීන් අතර විරසක භාවය වර්ධනය වීමට හැර එහි ඵල නෙලා ගැනීමට රජය දැරෑ සහ දරණා උත්සාහය පිළිකුල්සහගතයි. මීට මාස 1 1/2 ට පමණ පෙර පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ඇමතියෙකු ගෙන් මන්ත්‍රීවරයෙක් නැගූ ප්‍රශ්ණයකට කීවේ “නෑ නෑ එහෙම ප්‍රශ්ණයක් නැහැ. අපිට කිසිවක් වර්ථා වෙලාත් නෑ, නිකන් බොරු කථා හදන්න එපා.“

      හලාල් යන ප්‍රශ්ණය සිංහල-මුස්ලිම් ජනතාව ඇති කරගත් (සමහරු ඇතිකරවන ලද) මූලික ප්‍රශ්ණය නොවන බවත් එය අතුරු ප්‍රශ්ණයක් බවත් අප අමතක නොකළ යුතුය.

      මත්තල ගැන මේකයි ප්‍රශ්නේ. එය ලෝකෙම ලොකුම ගුවන්තොට වූවද ප්‍රතිඵලය එයාර් ලංකා හෝ මිහින් එයාර් වලට වූ දේ නම්.... එසේ නොවේවා කියනමුත්, එසේ නොවේ යැයි කියා අපට සිතීමට පැහැදිලි හේතු සාධක නැත. එසේනම් හුදෙක් එයත් හලාල් මෙන් රටේ ප්‍රශ්න වසා කාලයක් ජනතාවට තළු මැරීමට දෙන මාතෘකාවක් පමණි.
      ස්තූතියි ෴

      Delete
    10. ඔබ සමග වාදයක් මට නැත. ඒ ඔබේ මතයයි. මේ මගේ මතයයි. අප ඉගෙනගෙන ඇත්තේ ඕනෑම දෙයක් දෙස සුභවාදීව බැලීමේ ක්‍රමයකි. රජය ගුවන් තොටුපලවල් සෑදිය යුතු නැත, ධනවතුන්ගේ බදු මුදල් තවත් වැඩිකර, බහුතර ජනතාවට සහනාධාර සැපයු විට සියල්ල යහපත් වනු ඇත. ඔබ නොදුටු මුත්. මෙවන් කාලයක් අප 70-77 දක්වා අත්විඳ ඇති බැවින්, අපට නම් එවන් දැක්මක් යලිඳු අවශ්‍ය නැත. ජනතාව ප්‍රශ්න විසඳන්නට යාම මම ළිපිය අවසානයේ විවේචනය කර ඇත. එහෙත් අපට අපගේ අදහස ප්‍රකාෂ කිරිමේ නිදහස අනිවාර්යයෙන් තිබිය යුතුය.

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. එදා ප්‍රභාකරන් මහතාට රටේ 2/3 ක් ලියා දෙන්න ගිය සුනන්ද දේශප්‍රියලා, වික්ටර් අයිවන්ලා හා බාහු, චන්ද්‍රිකා මුල් කර ගත් නඩය මෙන්'' ඉතින් තොත් මේ නාදය වගේම සක්කිලියෙක් නෙවෙයිද? නැත්නම් කොටින්ට අපේ විරෝධාර රණවිරුවන් මොනවකරහම මොකද තොට ඇති ගාය ?

    ReplyDelete
    Replies
    1. යුද්ධය, යුධ සිරකරුවන් පටල ගන්න එපා මිස්ට් ලංකෝනිස්..

      Delete
  5. හලාල් කියන්නේ මට නම් විකාරයක් සහ මම අකැමති දෙයක්.. ( ඒ කිව්වේ ඒ ආගමික ක්‍රමය සහ නීතිය.. ) ඒකට මම අකමැති ඒකයි.. කැමති අය ගැන මට ප්‍රශ්නයක් නෑ.. හැබැයි මම අකමැති දෙයක් බලෙන් මට මිල දී ගන්න සලස්සනවා නම් මම ඒකට අකමැතියි... හලාල් ලේබලය සමඟ මට ඇති අකමැත්ත ඒකයි... දැන් ඒ වෙනුවට සම්පූර්ණයෙන් වෙජිටේරියන් කියන ලේබලය ( අර කොළපාට කොටුවක් ඇතුලේ කොළ පාට රවුමක් තියෙන එක ) ගොඩක් නිෂ්පාදන වල දකිනවා... දෙපැත්තටම අවුලක් වෙන එකක් නෑ කියලා මම හිතනවා...

    ReplyDelete
    Replies
    1. වෙජිටේරියන් අය හරක් මස් රසැති සෝයා කන එක ගැන නම් මට විශාල ගැටළුවක් තියෙනවා මෙයා...

      Delete
    2. හි හි.. ඒ කාගේ හරි බලපෑමකට වෙජිටෙරියන් වෙන අයනේ මාතලන්... දැං මාත් මොහෝ දුරට වෙජිටේරියන්... ඇයි අප්පා.. හාල්මැස්සෝ 250ක් රු 200.00ක්.. දවස් දෙකක් කතෑකි ඕන්නෙම්.. කෙහෙල්මුවක් හදා ගන්නවා ලාබයි ඉතිං... හි හි

      Delete
    3. හාල්මැස්සො ගන්න ගානට පොඩි මාළු 500 ක් ගන්න පුළුවන්නේ.. මම කිව්වේ ග්‍රෑම්... ලාබෙට කන විදිය මාරයා දාන්නේ ඉන්නද හිටලා. ගුදුල බනවර්ධනගේ නෑයෙක්ද දන්නෙ නෑ..

      Delete
  6. හලාල් විරෝධයක් ෆෙස්බුකියේ තිබුණු විදිහට නම් මම ඇත්තටම කැමති නැ.. මොකද එතන උන්නු කිසි කෙනෙක් මුණු පොතෙන් පිට ඒ ගැන කතා කරනවා දකින්න තිබුනේ නැ.... ඒ අයට ඒවා පාවිච්චි කරන්න නිදහස නැති කරන්න හොද නැ... එත් එකට එහෙම සහතික නිකුත් කරන්න විශාල මුදල් ගරාගෙන ඒවා ලංකාවෙන් පිට යන එක නවත්වපු එක අගය කරනවා...

    ReplyDelete
    Replies
    1. විදේශයන්වලට සල්ලි ගියේ නෑ දේව්. විදේශයන්ගෙන් සල්ලි එවනවා තලෙයිබාන්කරනය සඳහා, අද අරාබියේ ඔවුනට තැනක් නෑ. අද පරම්පරාව උගත් නිසා. අරාබියේ උන් මෙහේ ආවම ජීන්ස් ගහලා සුද්දියෝ වගේ යන්නේ. ෆරදාවත් මොඩිෆයි වෙලා තියෙන්නේ. අපේ වගේ දුප්පත් මෝඩයන් සිටිනා රටවල් ඔවුනගේ ඉලක්ක වී තිබෙන්නේ ඒ නිසයි. දුකට කාරණය නම් පිරටර ඉන්න ශ්‍රී ලංකාවේ අයට යවන බිස්කට් පැකට් එකේ හලාල් ගහන නපුංසකයන් සිටීම නිසයි. අනේ මුන් දන්න ජාත්‍යන්තර වෙළඳාම.

      Delete
  7. කාලෙන් කාලෙට එක එක මාතෘකා එනවා යනවා ඒ අස්සේ දන්නෙම නැහැ ආණ්ඩුව පොකට් එකට විදලා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. නමුත් ඒ ප්‍රශ්ණයයි, මේ ප්‍රශ්නයයි පටලවා ගන්න එපා..

      Delete
  8. මේකත් අර මැලිබන් සමාගමේ වංචාව වගේ අවසාන නොවෙනවා නම් තමයි හොඳ. අනික් අතට ජාතික ගීය දෙමලකරණය අවසාන වූ හැටි මතකයි නේ?

    //කල යුතු වන්නේ, අප රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වන, විදෙශ් ශ්‍රමිකයින් දඩ මීමා කරගෙන, හලාල් හා ෂරියා නීතී, රටේ ස්තාපිත කිරීමට වෙර දරනා, සියළුම ක්‍රියාදාමයන්, අද අදම කටුගා දැමීමයි, අප රජයෙන් ඉල්ලා සිටින්නේ, සැක කටයුතු දෙමල ජනතාව ගැන මෙන්ම, හලාල් ලබා ගත් සිංහල පොන්න ව්‍යාපරකයින් මෙන්ම, සැක කටයුතු සියළුම ආගම් කෙරෙහි, බුද්ධි අංශවල අවධානය, තව තවත් යොමු කල යුතු බවයි. අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ, ඉස්ලාම්, හින්දු, බෞද්ධ, සිංහල දෙමළ, මුස්ලිම් කුමන කුලකයක වේවා, අන්තවාදයකට කිසිම ඉඩක් නොතැබිය යුතු බවයි. බොදු බල සේනා නීතිය අතට ගන්නේ නම්, මේ රටේ ආන්ඩු පත් කිරීමෙන් පලක් නොවන බවත්, පොලීසියේද අවශ්‍යතාවයක් නොමැති බවත්, ඉතා කනගාටුවෙන වුවද ලියා තැබිය යුතුමය. //

    මෙන්න මේ ටික නම් සුපිරියි මාතලන්.. ඔන්න කිව්වා, මම ඉස්සුවා!

    ReplyDelete
    Replies
    1. මෙකට ලේසියෙන් බේරෙන්න හම්බ වෙන එකක් නෑ. අන්න අමනතුංගයා රාජපක්ෂ පවුල කොටවන ළිපියක් ලියලා.. ඒ ගැන මුකුත් ලිව්වොත් හොඳයි

      Delete
    2. දෙයියෝ සාක්කි!! වෙඩි කාපු ඌරා ගැන සෑමා ලිපියක් ලියල තිබ්බ. අන්න ඒක මතක් වුණා.. බුවා මේක දැක්කද මන්ද.

      Delete
    3. දැක්කද කියල හරියටම මතකයක් නෑ , සෑමා ගේ නම් බොහෝ විට කියවන්න ඇති

      Delete
  9. උලම හා කිවුවම අපිට මාර කික් එකක් එන්නේ. බෑ කිවුවනම් එහෙම ඕකුන්ට ......

    ReplyDelete
    Replies
    1. ඒ සෙල්ලන් රාජපක්ෂවරුන් එක්ක හරියන්නෙ නෑ..

      Delete
  10. මෙහෙමයි. මෙහෙ හලාල් තියෙන්නේ මැදපෙරදිග නිෂ්පාදනය වෙන භාණ්ඩ වල විතරයි. පිට රටවල් (යුරෝපයෙන්,ඇමෙරිකාවෙන්,කොරියා,චීනේ) වලින් එන කිසිම දේක හලාල් නැහැ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ. නැත්නම් අපේ ගොන් හරක් හිතන්නේ. මුළු ළෝකෙම හලාල ගහලයි කියලයි. හලාල් ලබාගැනිමේ වටිනාකම් ගැන පෝස්ට් පවා දැම්මේ ඒකනේ..

      Delete
  11. මාතලං අයියා..සූටි පැටියා..කුක්කු බෝලේ... :D

    //එදා ප්‍රභාකරන් මහතාට රටේ 2/3 ක් ලියා දෙන්න ගිය සුනන්ද දේශප්‍රියලා, වික්ටර් අයිවන්ලා හා බාහු, චන්ද්‍රිකා මුල් කර ගත් නඩය මෙන්ම//

    ඇයි වස්තුවේ තව නමක් අඩු උනේ...? හනේ අහ්හේ බං... උඹනේ ගරිල්ලා මාකටින්වලට හොදම බුවා... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. අප්පට බොලා... මතකම උනා නේ.. අනික මතක් උනත් කොහෙමෙයි අනේ හිතකින් ඒ නම ලියන්නේ.. අපේ නායකයා වෙච්චි කොට.... මම මේ උන්නැහේ හදා ගන්න ළිපි ලියන එකේ....

      Delete
    2. එදා ප්‍රභාකරන් මහතාට රටේ 2/3 ක් ලියා දෙන්න ගිය සුනන්ද දේශප්‍රියලා, වික්ටර් අයිවන්ලා හා බාහු,රනිල්, චන්ද්‍රිකා මුල් කර ගත් නඩය මෙන්ම//

      මාරයෝ දැන් හරි නේද ?

      Delete
    3. පොස්ට් එකත් එඩිට් කලා.. මොකෝ රනිල්ට වඩා මට මාරයා වටිනවනේ.. එකට සල්පිල් යන කස්ටියනේ..

      Delete
    4. ආයේ එඩිට් කරන්න වෙනවා. ඇයි ඩිලාන්, මංගල, වාසු, රාජිත,......

      ඒක නෙවෙයි මිත්‍රයා ඇයි වෙනද වගේ මට “ජයශ්‍රී“ කියන නම්න් කමෙන්ට් කරන්න දෙන්නේ නැත්තේ?

      Delete
    5. ඇනෝලට නෝ චාන්ස්. කුණුහබ්බ වපුරනවා මචං ප්‍රෝෆයිල් එකක් හදාගෙන ආවම බෙහෙත් දෙන්න ලේසියි. ඔය ඉන්නේ උඩම එකෙක්. ලංකෝනිස් කියලා.. ඌගේ ඩිම්බ සංසේචනය සිඳුවෙලා තියෙන්නේ, මුඩුක්කුවක වලියක් යන වෙලාවකද කොහෙද...

      Delete
  12. //එදා ප්‍රභාකරන් මහතාට රටේ 2/3 ක් ලියා දෙන්න ගිය සුනන්ද දේශප්‍රියලා, වික්ටර් අයිවන්ලා හා බාහු, චන්ද්‍රිකා, රනිල්, මොන්ගල්, ඩිලාන්, ජී ඇල්ලා//

    ආන්න ඒම එන්නකෝ... :D

    ReplyDelete
  13. >> බලය ලබා ගැනීම සදහා 56 යේ ගෙනගිය,"සිංහල පමණයි"හා 83 "ජාති ආලයෙන්"කලේ,ඇවිලෙන ගින්නට පිදුරු දැමීමයි.ඔවුනගේ අන්තවාදී ඉල්ලීම් වෙනුවට,සංවර්ධන ව්‍යාපෘති වලින් 20% හෝ ,උතුරු නැගෙනහිර ජනතාවට ලබා දුන්නේ නම් << මේක තමයි සත්‍යය.ආඩි ළිදෙන් වතුර ඇදලා කානු වලට දාල වගා කරන ඒවා දැක්කෙ සරුන්ගලේ ෆිල්ම් එක කරන්න යාපනයට ගියාම සහ ප්‍රේමදාස ලොක්කගේ ගම් උදාව දවස් 5 හේ යාපනය සංචාරයය නිසයි.

    ReplyDelete
    Replies
    1. මොනවද බන් අපේ ආන්ඩු ඒ මිනිස්සුන්ට කලේ. අදත් පාරවල් හදනවා, ඉස්පිරිතාල හදනවා තමයි. ඒත් ඒ මිනිස්සු උන්න තැනමයි. ඇත්තම කියනවානම් උන් පැදුරෙනුත් බිමට වැටිලා ඉන්නේ. ඒවට ඉතින් ප්‍රභාත් වග කියන්න ඕනා.

      Delete
  14. //හලාල් සහතිකය නිකුත් කිරීම අත්හිටුවීමට, ජමිය තුල් උලමා පූජකවරුන් එකඟ වූ බවට සහතික නොකරන ලද ආරංචි මාර්ග වලින් දැන ගන්නට තිබේ. //

    එහෙම වෙනවා නම් හොඳයි. එහෙම නැතුව හලාල් සහතිකය මුදල් අය කිරීමකින් තොරව හරි දෙනවා නම් ඒකටත් මම නම් විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. ඔව් එවා කියන්න බෑ, නිකන් දෙනවනම් දෙමළ පත්තරෙත් කියවන කස්ටියනේ. ඔතන නිකන් දෙන එකක් නෑ. පල්ලියෙන් මුදල් ගෙවලා ලේබල් එක දෙයි සමහර විට.

      Delete
  15. හලාල් අයින් වුන එක හරියි කියමුකෝ දැන් බඩු මිල කීයක් හරි අඩු වෙයිද? මේ හන්ටර් ගහලා ඉන්න දවස් වල? :)

    ReplyDelete
    Replies
    1. බඩු මිල කවදාවත් අඩු වෙන්නෙ නෑ කියලා, ළොව ශ්‍රේෂ්ඨ දාර්ශණිකයකු වන හෝමාගම ආරච්චිලාගේ ගුන්දුල බනවර්ධන නම් ප්‍රාඥයකුන් විසින් සොයා ගෙන ඇතැ, එහෙත් ඒ ආන්ඩුවට පැමිණියායින් පසුවමැයි. විපස්සයට ගිය කල, බඩු මිළ අඩු කරණා ආකාරය සොයාගන්නෙමැයි.

      Delete
  16. ඇත්තටම වෙන්නේ හලාල් සහතිකය නතර වෙන එකද නැත්නම් සතියක නොමිලේ නිකුත් කරන එකද. එක එක තැන්වල එක එක දේවල්.

    ReplyDelete
    Replies
    1. හලාල් සහතිකය බලෙන් ගහන එක හා හලාල් මිත්‍යාව.

      Delete
  17. හලාල් මුස්ලිමුන්ගේ අයිතියක්.. මොන නීති තිබ්බත් ආගමික අයිතියක් තහනම් කරන එක වැරදියි.. හලාල් තහනම් නොකර එය නිකුත් කරනවානම් මම කැමතියි.. හලාල් තුලින් වූ බිස්නස් එකට නම් මම පට්ට අකමැතියි... මම හිතනවා හලාල් තහනම් නොකර මිල අය නොකර හලාල් ලබා දෙනවානම් එය වැදගත් කියලා..

    ReplyDelete
    Replies
    1. කොහෙද බන් ආගමික අයිතියක් තහනම් කරලා තියෙන්නේ. ඒකට මමත් විරුද්ධයි. මේ හලාල් සහතිකේ හැම එකේම ගහගන්න කියපු එකයි නවත්තලා තියෙන්නේ. දේශීය නිශ්පාදන පොන්නයෝ විදේශයන්වලට භාන්ඩ අපනයණය කරන්නලු නේ ගැහුවේ. අනේ එයාලගේ අපණයනේ, ඔය ඇඩ් වල දාන්නේ පට්ට පච. අපේ උන් ගත්තේ නැත්නම් බල්ලොත් කයි ඕවා. මැලිබන්, මන්චි කන සුද්දෝ උඹ දැකලා තියෙනවද. චූන් පාන් වෑන් එකෙන් කිඹුලා බනිස් කන උන් නම් මාත් දැකලා තියෙනවා.

      Delete
  18. සුනන්ද දේශ්ප්‍රිය අපේ අල්ලපු වැටෙ .. දුවල දෙන්න මගෙ හුගාක් හොද යාලුවෝ ...ඒත් ඒ වගෙ තමන්ට රැඩිකල් කියාගන්නා රටට ආදරයක් නැති මිනිස්සු ගැන මහ කලකිරීමක් තියෙන්නෙ ... කොටින්ගෙන් පුලුවන් තරම් හම්බ කරන් දැන් පිට රටට වෙලා තමන්ගෙ රට විකුනන් කනවා .. ඕම මිනිස්සු ඔය පවු කෝම ගෙවයිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. එවා ඉතින් කවදා හෝ පටිසන් දෙයි...

      Delete
    2. මොකක්ද උඹට සුනන්දයත් එක්ක මෙච්චරම තියන මල ?

      Delete
    3. ඌ බයිලා ගැසුවට, පරමාදර්ශී චරිතයක් නෙමෙයි, රියල් එන් ජී ඕ සල්ලිවලින් ජීවත් වන මනුස්සයෙක්. ඌ ලංකාවට විරුද්ධව කතා නොකලොත් බඩේ බත් නෑ. තරහක් මලක් නෑ. කනගාටුවක් තියෙන්නේ.

      Delete
    4. // රියල් එන් ජී ඕ සල්ලිවලින් ජීවත් වන මනුස්සයෙක්. ඌ ලංකාවට විරුද්ධව කතා නොකලොත් බඩේ බත් නෑ//

      ඔය චෝදනාව තව කී දෙනෙකුට තියනවාද ? උඹ ඒවා ඔක්කොම පිලිගන්නවාද ? නැත්නම් සුනන්ද විශේෂයිද .

      Delete
    5. ඒ ගැන මම පෞද්ගලිකවම දන්නවා.. යුක්තිය පත්තරේ කරෙත් එන් ජී ඕ සල්ලි වලින්

      Delete
  19. අනේ යකෝ උඹ වගේ එකෙක්. උඹලා මහලොකුවට කතාකරන්නේ ඇමරිකාවෙ, එංගලන්තේ සමාජ හැසිරීම් සහ ඒවා මාරයි කියලා. නමුත් ලංකාවෙ හලාල් එනකොට ඒවට විරුද්ධයි. මොකද්ද බං මේ දෙබිඩිකම? හලාල් කියන්නේ මුස්ලිම් මිනිහගෙ අයිතිය. ඇයි අපි ඒකට විරුද්ධ වෙන්නේ? හලාල් වෙනුවෙන් අපිට වැඩි මුදලක් අපි ගන්න භාණ්ඩවලට ගෙවන්න වෙනවා නම් ඔන්න අපි ඒ අර්ථයෙන් විරුද්ධයි. නමුත් මේ ප්‍රශ්නය අපි විසදාගන්න උත්සාහකරේ මුස්ලිම් මිනිහගෙ හිත රිද්දවමින්. මේක සිංහලයන්ගෙ විතරක් නෙමෙයි උන්ගෙත් රට.

    //එසේ වූවානම් එය සතුටට කරුණක් වන අතරම. එසේ නොවේනම්, තව දුරටත් එය ශ්‍රී ලංකික නිශ්පාදන මත ඇලවීම නතර කිරීමට අප තව දුරටත් පෙනි සිටින්නෙමු.//
    අනේ මාතලං නිකන් පොරවෙන්න හදන්න එපා. පුළුවන් නම් කියපන් මේක නතර කෙරුවෙ උඹ බ්ලොග් පෝස්ට් ලියලයි කියලා.

    ReplyDelete
    Replies
    1. එසේ කීමට තරම් උඹට මෙන් මානසික ලෙඩක් මට නැත. කවුද යකෝ මුස්ලිම් මිනිහගෙ අයිතිවාසිකමට විරුද්ධ. දැක්ක ගමන් උඹ මවාගන්න චිත්තරපටිය බලලා විචාර දාන්නෙ නැතුව, පෝස්ට් කියවලා ඉවරවෙලා කොමෙන්ට් කරපන්. උඹට තියෙන්නෙ ඇමරිකන් ෆෝබියාව.

      Delete
    2. ඇයි උඹට තරහ ගියාද? මට නම් කොහෙත්ම ඇමරිකන් ෆෝබියාවක් නැත. ඒ වගේම ඇමරිකාවේ පවතින පුද්ගල නිදහස, ව්‍යවසායීක ස්වාධීනත්වය, මානව අයිතිවාසිකම් පිළිබද පෙනී සිටීම ගැන පැහැදීමක් මට තිබේ. නමුත් මචං උඹට මෙන් ඇමරිකාවට වදිමින් ඒක තමයි රාජ්ජේ කියන්නට මම සූදානම් නැත. උඹේ මේ අටමගල් පෝස්ටුව කියෙව්වා බං. කියවලා තමයි කොමෙන්ට් කෙරුවේ. උඹ අද කියන එක නෙමෙයි හෙට කියන්නේ. මුස්ලිම් මිනිහගෙ අයිතිවාසිකම් වලට විරුද්ධ නෑලූ, හලාල් කියන්නේ මුස්ලිම් මිනිහගේ ලේ වලට සම්බන්ධ දෙයක් ලු, ඒ වුණාට හලාල් වලට විරුද්ධලු. පාට වෙනස් කරන සලමන්දර කටුස්සෙක් වගේ එක එක ජාතී කියවන්න එපා මාතලං. කියන දේ පැහැදිලිව කෙළින් කියපන්.
      මෙන්න මම කියන එක.
      හලාල් කියන්නෙ මුස්ලිම් මිනිහහෙ අයිතියක්. ඒක ඌට දෙන්න ඕනෙ.

      Delete
    3. මට ලේසියෙන් තරහ යන්නෙ නෑ. මාව පෞදගලිකව දන්න බ්ලොග් ලෝකේ ඉන්න උනුත් දන්නවා මම කව්ද කියලා. මේ ළිපියේ අන්තර්ගතය උඹට පොඩ්ඩක් වත් තේරිලා නෑ. එහෙම නැත්නම් උඹට තේරුම් ගන්න ඕනත් නෑ. උඹ වෙන මාතෘකාවට අදාල නොවන ඇමරිකන් කතාවක් අරගෙන. මගේ ගැන රූපයක් මවාගෙන ඒක ඉස්සරහට දාගෙන ඇමරිකන් බයිලා එකක් කතාකරනවා. මට ඔය එක සිස්ටම් එකක් වත් ළොකු නෑ. මට තියෙන්නේ මගේ සිස්ටම් එකකි. උඹ එක තැනක් පෙන්නපන් මුස්ලිම් මිනිහටත් හලාල් ඕන නෑ කියලා මම ලියපු තැනක්. හලාල් මුස්ලිම් මිහා හලාල් එක්ක ඕන අටමගුලක් කර ගත්තට මට අවුලක් නෑ. අපේ සිංහල පොන්න ව්‍යාපරිකයින් හලාල් ගහගෙන නටන නාඩගමටයි මම විරුද්ධ. කොටින්ම බොදු බල සේනාවවත් හලාල් මුස්ලිම් මිනිහා කනවට විරුද්ධ නෑ. කන්නාඩිය ගලවලා ආයෙත් කියවපන්. මම කතා කරන්නේ හලාල් වලින් පටන් අරගෙන තලෙයිබාන්කරණය දක්වා යන ගමන් ගැන.

      Delete
    4. රතුරජ රට මාමණ්ඩිට කියන්න පුලුවන්ද ඇමරිකාවේ , එංගලන්තේ හදන බිස්කට් වර්ග කීයක් හලාල්ද කියලා ?

      Delete
    5. වසර කිහිපයක සිට ඇමරිකාවේ ජිවත් වෙමි. ඔවැනි හලාල් නිෂ්පාදන මේ වන තුරු මම දැක නැත. මෙහි මුස්ලිම් මිනිසුන්ද ඔනෑ තරම් සිටින බවද ඔවුන් කුස ගින්නේ නොසිටින බවද ඒ සමගම කිව යුතුය.

      Delete
    6. මමත් හැම රටේම වගේ ඉන්න මිතුරන්ගෙන් ඇහුවා. උන් හිනාවෙනවා. මේ මැද පෙරදිගින් ගිලියි යන මුස්ලිම් අන්තවාදය මෙහි වැපිරීමේ ආරම්භයයි. දැනටමත් දුප්පත් මුස්ලිම් ජනතාව එයට බිලිවි අවසානයි. තව ටික දවසකින් මුන් මුස්ලිම් ගෑණු ළමයි ඉස්කෝලේ යන එකත් නවත්වනවා.

      Delete
    7. කට්ටියම රට පටලාවගෙන තිබෙන හැඩයි. මම කොතනකවත් කියා නැහැ ඇමරිකාවේ හලාල් තියෙනවා ඒ නිසා මෙහෙත් තියෙන්න ඕනෙ කියලා..මම ඇමරිකාව ගැන සදහන් කෙරුවේ එහි පුද්ගල නිදහස හා අයිතිවාසිකම් උපරිමයෙන් ආරක්ෂා කෙරෙන බව දක්වන්නට. හලාල් කියන්නෙත් යම්කිසි ප්‍රජාවකගේ අයිතිවාසිකමක්.

      ඇමරිකාවේ හලාල් ගැන දැනගන්නට මේ සබැදියෙන් ගිහින් බලන්න.
      http://www.americanhalalassociation.org/

      Delete
    8. ඒ ප්‍රජාවගේ අයිතිවාසිකම වෙනුවෙන් අපත් පෙනි සිටිනවා. ප්‍රශ්ණෙ තියෙන්නේ ඒ ප්‍රජාව අපිට බලෙන් කවන්න යන එකනේ.. උන් මෙච්චර කාලයක් කෑවේ හලාල්ද. අනෙ අපි නොදන්න හලාල්..

      Delete
    9. රතුරජ රට - හලාල් සහතික සංවිධානේ හැම බිස්කට් එකටම, මස් වර්ගෙකටම, දත් බුරුසුවලට එහෙම හලාල් ගහගෙන යන්නේ නැනේ ඇමරිකාවේ , මෙහෙ උලමලා කලේ ඒ වැඩෙනේ . ඕන්න දැන් වැඩේ අහවරයි

      Delete
    10. නිව්ස් එක කන්ෆර්ම්, බ්ලොග් ළෝකේ ළිපි ලියපු සියළුම දෙනාටත්, විශේෂයෙන් බුවා හා තනම් වචනයාටත්, ඝෝඨාභය මහත්තයටත් අපේ ආචාරය.

      Delete
    11. රතු රජරට මහත්මයා නිදාගෙන නැගිටලා වාගෙ අදහස් දැක්වීම ගැන කණගාටුයි. අප කොයිම වෙලාවකවත් කිව්වේ නැහැ, හලාල් ආහාර ලබාගන්න මුසල්මානුවන් හට ඇති ආගමික අයිතිය නැති කරන්න කියල. ඒ අයිතිය ඔවුනට ලැබිය යුතුයි. නමුත් ඒ වෙනුවෙන් මේ රටේ මුස්ලිම් නොවන අමතර ප්‍රජාව මත පටවා ඇති බර නිදහස් කළ යුතුයි. හලාල් නාමයෙන් මේ ක්‍රියාත්මක වෙන්නේ මුස්ලිම් ආක්‍රමනවාදී පිළිවෙතේ ආර්ථික පැතිකඩ. හෙවත් නිල නොවන ජෙසියාව (මුසල්මානුවන් නොවන්නන්ගෙන් අයකරන ඇඟ බද්ද).

      මින් එහාට යනවා නම්, සත්ත්ව ඝාතනය කෙරෙන අමානුෂික ක්‍රමවලටත් අප විරුද්ධයි. හලාල් බැරිනම් මොන ක්‍රමයකට හරි. හරිනම් අප ඊටත් විරුද්ධ වෙන්න ඕනේ. නමුත් ඒ ගැන අප කතා කරන එක සුදුසු නැහැ මේ වෙලාවේ. මොකද අපේ අරමුණ යම් ජාතියක, ජනවර්ගයක සංස්කෘතික අයිතියක් පැහැර ගැනීම නොවන බැවින්. අප එහෙම තද ස්වයං වාරණයක් පනවාගෙන කතා කරද්දී, ඔබ කරන චෝදනාව අසාධාරණ බවයි මගේ මතය.

      Delete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. විවේදනයක් සිඳු කිරීමේදි අන්වර් මනතුංගට ඇති විනයවත් ඇතිව විවේචනය සිඳු කරණවා නම් හොඳය් නේද ටික්කා. ඔබේ කොමෙන්ටුව ඉවත් කලේ, එය සදාචාරවත් නොවන නිසායි.

      Delete
  21. මටත් මුස්ලිම් දමිළ යාලුවෝ ඕනේ තරම් ඉන්නවා, ඒත් ඔය හලාල් සහතිකේට නම් සම්පූර්ණයෙන්ම අකමැතියි. ඔහොම ගියොත් අපටත් දවසක අර නින්ජා ඇඳුම අඳින්න කියාවි.

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි මේ උපරීම උත්සාහය..

      Delete
  22. පැහැදිලිවම ඔබ කියු පරිදිම තලෙයිබාන් කරනයක් ක්‍රියාත්මක වෙනව නිර්ධන පාන්තික මුස්ලිම් ජනතාව අතර.මෙය නැවැත්විය හැක්කේ ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න වලට විසදුම් දීමෙන් පමණි.මෙය සිංහල දෙමල මුස්ලිම් භේදයකින් තොරව සිදුවන්නක්...නිර්ධන පාන්තික ජනතාව පහසුවෙන් ජාතිවාදී වර්ගවාදී ආගම්වාදී කඳවුරු වටා එකතු වෙනවා.ඔවුන් සොයන්නේ ඔවුන් පෙලනා ප්‍රශ්න වලට හෙතුව.එය ආර්ථිකමය කාරනාවක් ලෙස වටහා ගැනීමට ඔවුන් අසමත්.

    ReplyDelete
    Replies
    1. ඔබ 100% නිවැරදියි. එහෙත් මුස්ලිම් අන්තවාදය අති භයානකයි. එය මුළු ළෝකය පුරාම ඔප්පු කොට අවසානයි..

      Delete
  23. මුස්ලිම් අන්තවාදයක් ඇති වීම වැලැක්වීමට ගන්න පුලුවන් පියවර දැන්ම ගන්න එක ත්මා හොද... නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකන් උන්නොත් තත්වෙ බයානක වෙන්න පුලුවන් ...

    ReplyDelete
  24. නරක ආරංචියක් .. උලෙයිමා අපිව ආයෙම අන්දන්න හදන්නේ.. හලාල් සහතිකය නිකුත් කිරීම නවතා නැහැ, නමුත් ඒ සඳහා අය කරන මුදල අඩු කිරීමක් පමණයි කරන්න සූදානම් වෙන්නේ. අපනයනය කරන බඩුවලට හලාල් සහතිකය දිගටම නිකුත් කෙරෙනවා, පැරණි මිල ගණන් වලටම. ආරංචිය දුන්නේ සමිඳු.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න