.

.

Jul 2, 2013

සිරි පැරකුම් ටින් කිරි (18+) - Tea, Plain Tea & Strong Tea (18+)


මේකේ අගක් මුලක් නොදන්න අය ඉන්නවනම්,
පළවෙනි කොටස මෙතනිනුන් 
දෙවැනි කොටස මෙතනිනුත්
බලාගන්න පුළුවන්ය..

ගිය පාර එක ලිව්වේ කළබලේ නිසා, ලියන ඉට්ටයිල් එකත් අමතක වෙලා ගියේය. ඒ ගැන මතක් කරපු එකාට නම් පින් අයිති වෙනවාය. නැවත්තුවේ, තේ හදන අඩුම කුඩුම අස්සේ තියෙන, ටින් කිරි ටින් එකෙන්ය. ටින් කිරි ගැන, ත්‍රිවිධ රත්නයේ රත්නයන් දෙකක් වන වෙද මහත්තයත්, බොක්කක් බඳු කෙන්ජියාත්, කොමෙන්ට් දමා තිබුන නිසා, දැන් ඉතින් ලියන්නත් දෙයකුත් නැත්තෙය.


කෙන්ජි කිව්වා වගේ, ඒ කාළේ තිබ්බේ පැරකුම් ටින්කිරිය. ඒකේ උන්නේ පුලතිසි පුරේ ඉන්නා, ගස්ලබු කන පරාක්‍රම රජ්ජුරුවෝය. රනිලුත් පැරකුම් යුගයක් බිහි කරනවා කියන්නේ, දැන් කනවටත් වඩා, ටින් කිරි පාරක් කන්න වෙන නිසාද දන්නේත් නැතිය. ඒ කෙසේ වෙතත් ඔය පිලිමේ ගැනත්, නොයෙකුත් මති මතාන්තර තියෙනවාය.

මහාචාර්ය මාතලන්ට අනුව නම්, ඕක රජ කෙනෙක්ගේ වෙන්න නම් බැරිය. තියෙන්නේත් පුස්තකාල භූමියක නිසා, පොත් ලියපු උතුමකුගේ වෙන්න ඇහැක්ය. හැබයි පුතෝ පැරකුම් රජ්ජුරුවන්ගේ රූපේ ගහගෙන, අද දවසෙ ටින්කිරි හැදුවනම්, රාවණාගේ බලකාය ඇවිත් ටින්කිරි පැක්ටරිය ගිනි තියනවාමය. එයාලා සති පූජා වලට බොහොම මනාපය.

ඔය ටින් කිරි අපේ ගෙදරටත් ගේනවාය. ඒ මිලික් ටොපි හදන්නය. වෙද මහත්තයා කිව්වා වගේ, ඒ කාලේ පියන අයින් කරන්න, දැන් වගේ ගැජමැටික් තිබුනේ නැතිය. ඒ කාලේ තිබුන එකට කිව්වේ ටින් ඕපනර් කියාය. හින්ගලෙන් මක්කා කියනවාද කියා නම් දන්නේ නැතිය. අද නම් අළුත් ගැජමැටික් එකෙන් ඕපන් කරන්නේ, "මිල්ක්මේඩ්" කොන්ඩෙන්ස් මිලික්ය.

වෙන් වෙන පියනට මම දිවෙන් වැඩේ දෙනවාය. ටින් එකේ ඉතුරුවෙන ඒවා හැන්දක් අරගෙන තුන් දෙනාටම සම සමව දෙන්නේ, තාත්තා, සමාජවාදෙට වඩා ප්‍රජාතන්ත්‍රවාදයට මනාප නිසාය. ඉතුරු බෙලෙක්කෙ, කිටියා දිවෙන් තල්ලු කරගෙන යනවාය. හිස් බෙලෙක්කේ වෙලට විසික් කොරනවාය. ඒ කාලේ සිරිසේන වගේ රත්තරන් ඇමතිවරු උන්නෙ නැති නිසා, ඩෙංගු හිටියේත් නැතිය.

ඒ කාළේ ඕවාවලින්, බෝම්බ හදපු උනුත් ඉන්නවාය. එහෙම සෙල්ලම් දාන්න ගිය එකෙක් තොරණ හංදියේ සිටියේය. ඒ කාළේ උන්න යූ ඇස් පෙරේරාට, ටින් කිරි ටින් එකෙන් දෙන්න ගිහිල්ලා, ඒක උගේ අතේ පත්තු වෙලා, අත් දෙකම වැලමිට පහලින් කෙලවගෙන වන වනා ගියේය. ඌ පුක හෝදගත්තේ කොහොමද කියා, දැන් ඔහේලා මගෙන් අහන්න එපාය.

ඔය ටින් කිරි ටින් එකෙන්, තේ හැඳි දෙකක්, බෙලෙක් කෝප්පෙට දමනවාය. බේරෙන්න වෙලා යන නිසා "ටිං.. ටිං.." ගාලා හැන්ද බෙලෙක් කෝප්පේ ගැට්ටේ ගහනවාය. ඊ ගාවට කළුම කළු, කඩේ පටන් ගත්ත දවසෙ ඉඳ හෝදලා නැති, තේ ගෝට්ට කෝප්පෙට අල්ලා උණු වතුර ගොට්ටට වක්කරනවාය. ටී එකේ පදම ගන්නේ ඔය වැඩෙන්ය.

මේකට අළුත් තේ කොළ දැම්මාම, දෙසරයක් විතර වතුර දමා, තේ කහට ටික විසික් කොරනවාය. මොකෝ ඒකට තේ කොළ අම්බානක දාන නිසාය. සමහර විට එහෙම කරන්න ඇත්තේ, අතේ පුරුද්දට වෙන්න ඇතිය. එක එකාගේ, එක එක ඉසටයිල් තිබුනේය. මේ ටින්කිරි වලින් හදන තේ එකෙට, සීනී දාන්න ඕනා නැතිය, ඒත් ඉතින් මලක් ගහපු වෙලාවට නම්, සීනීත් එක්ක ගත්තාම තව්තිසා දිවිය ළෝකෙටත් එහා ළෝක වලටම යන්න පුලුවන්ය.

ඊට පස්සෙ ටිලි.... ටිලි... ටිලි... ගාලා හැඳි ගානවාය. ඇත්තටම හැඳී ගානවා නොව හැඳි ගහනවාය. "තේ ගහනවා" කියන්නේ මේකටය, අපි වගේ වැදගත් නොවන, වනචර උන් නම් තේ ගහනවා කියන්නේ වෙන දෙයකටය. මේක නියම හෝටලයක සංකේතයක්ය. ඕන ලොකු හෝටලේක උනත්, පාරටම ඇහෙන්න හැදි පාර දෙන්නේ, ඉස්කෝලේ බැල් එක ගහනවා වාගෙය. ඊට පස්සේ, එක වගේම බෙලෙක් කෝප්ප දෙකෙන් "යාරේ" දානවාය.

ඔය පැත්තේ පින්තූරේ තියෙන්නේ, එහෙම තේ යාරයක් දාන හැටිය. ඕකෙන් වැඩ දෙකක් වෙනවාය. බොයිලේරුවේ උදේ ඉඳන් රත් උන වතුර ටික, කටට ගන්න ගානට නිවෙනවාය. අනික අයිස්ක්‍රීම් එක වගේ පෙන එනවාය. ඒක, ඊට පස්සේ දාන්නේ "අශෝක ග්ලාස්" එකටය. මෙහෙම ටින් කිරි තේ දෙන තැන්, අදටත් සමහර පැතිවල තියෙනවාය. ඕකට කියන්නේ "මලයාලම් ඉස්ටයිල්" කියාය. 

මෙහේට ආපු කප්පරක් උන් අස්සේ, ආපු මලයාලම් කාරයෝ, මලයාලම් ගුරු කමුත් එක්ක, මේ වැඩේ අපේ උන්ට පුරුදු කරන්න ඇතිය. ඉන්දියාවේ නම් කේතල් වල තේ දා ගත්ත කොල්ලෝ අදත් පාර වල් වල ඉන්නවාය. ඒ උනාට අපේ රටේ දැන් මේවා වෙනස් වෙලාය.

ඔය තේ එකේ, එක එක වර්ග තියෙනවාය. "ටී"  කියන්නේ කිරි සහ සීනී දාපු තේ වලටය. "ප්ලේන් ටී" කියන්නේ, සීනී දාපු කහට වලටය, "කිරි කහට" කියන්නේ, සීනී නැතුව, තේයි කීරියි දාලා දෙන එකටය, "කහට" කියන්නේ මුකුත් නැතුව තේ විතරක්ය, "ස්ට්‍රෝන්ග් ටී" කියන්නේ ටී එකේම, කහට වැඩියෙන් දාපු එකටය.

සාමාන්‍ය හෝටලේකට ගිහින්, ඕකක් ඉල්ලුවාම, බොන්නේ මොකක්ද කියලා මුලු හෝටලේම දැන ගන්නවාය. මොකෝ වේටරයා ඕඩර් එක දෙන්නේ, වෙන්දේසි පොලේ පීකර් එකෙන් දෙනවා වගේ, කෑ ගහලාය. බිල් ගෙන්නේ නැති කඩේකට ගියොත්, බිල ගෙවන්න යන කොට කාපු ඒවා ටිකත් අරූ කියනවාය.

ප්ලේන්ටියයි වඩේ එකයි විතරක් කෑවානම්, පට්ට නෝන්ඩිය. ටයි එකේ ගෞරවය, භෞමික අඛන්ඩථාවය, ඒකිය භාවය, ඔක්කෝම නැති වෙලා යනවාය. එහෙම ඉතින් ටයි එකේ ගෞරවේ බේරගන්න නම්, ඒ ජාතියේ ඒවාට යන්න වෙනවාය. නැතුව පෙට්ටි කඩ අස්සෙ රිංගුවොත් සුද්දාටත් එක්කම අගෞරවයක්මය. ඒ උනාට ඉතින් ටයි එකත් දාගෙන ඕවා අස්සෙ රිංගන්නෙ සිකැරට් එකේ රස දන්න උන්ය.

අද තේ එකක් බොන්න ගියාම, ගෙදරවත් දේ හදන්නේ නැති එකාටත්, තේ එක හදාගෙන බොන්න වෙලාය. මේක මල වනයක්ය, මම ඔය ෆයිව් ඉස්ටාර් වල, තේබොන්න යන්නේ නැත්තේ ඒ නිසාය. දැන් මේ දෙකයි පනහේ කඩවලත්, තේ මල්ලක් දාපු, පිරිසී කෝප්පයක් උස්සගෙන එන තැන්වල, මම නම් කියන්නේ. තේ එක හදලා දෙන්න බැරිනම් තේ එපා කියලාය.

කොහොමත් අපේ අම්මා හදන තේ එක රහ නැතිය. ඒ අපේ ගෙදර අය, කහට බොන්න අකමැති නිසාය. මට අර "කළු කඩේ" ටින් කිරි තේ එක නැගලා ගියේ ඒ නිසාය. අනික ඒ කාලේ "සත පහක්ද" කොහෙද උන, ටී එකට මුදලාලී මාමා සල්ලි ගත්තේ නැතිය.

මම "හරියගේ" ගෙදෙට්ට ගොඩවෙන්න කලින්, මාමාගේ කඩෙන්, ටී එකක් ගහලා යන්නේ, වං හුං කතා කර බලෙන් දෙන නිසා මිසක්, පෙරේත කමකට නෙමේය. සමහර වෙලාවට, මාව දැක්කේ නැත්නම්, මුදලාලි මාමා දකිනකන්, කඩේ ඉස්සරහා, එහෙට මෙහෙට ගියෙත්, හිත හොඳ මනුස්සයෙක් එක්ක කතා නොකර යන සිරිතක්, බෙන්තර ගඟෙන් එහා පැත්තේ උන් ගාව නැති නිසාය.

වාසනාවට ඒ පදමටම තේ හදන්න අපේ නෝනාට පුළුවන්ය. එයාටත් බැරි උනානම් මට වෙන්නේ "සෙස්ටා" එකේ තේ හදන මිසී ගෙදර උස්සගෙන එන්නය. ඒ මිසී, මිනියක් ගහලා, කාරෙකෙන් බැහැලා, තේ පැකට් එකක් ගන්න යන කොට, අර මලක් ගසා, ටින්කිරි තේ එකක් බිව්වා වගේ සුන්දර හැඟිමක් සිතට එන්නේ....

නැහැදිච්ච කමකටද, පරම්පරාවේ ලෙඩක් නිසාදෝයි, හරියටම කියන්න දන්නේ නැතිය. කාලේකින් ඇඩ් එකක දැක්ක, අපේ රටට ආඩම්බරයක් හිතෙන කෑල්ලක්ය. රිචී කෝපී එකේ "පට්ට" කෑල්ලත් ඒ වාගෙමය. ඒයා නම් ටෙලි නාට්ටි වලත් ඉන්නවාය.ටින් කිරි කතා වස්තුව මෙතනින් නිමා වන්නේය.

ටින් කිරි එකක් ගෙනත් කහට වැඩියෙන්, සීනී අඩුවෙන් දාලා, ටින් කිරි තේ එකක් බීලා, මම කියන්නේ බොරුදයි, ඔහේලාත් බලාගත්තට මගේ අවුලක් නැතිය. ඉතුරු වෙන ටින් කිරිත්, ඕන තැනක අතුල්ලා ගත්තාටත්, අමනාපයක් නැතිය. ඒ නැතත් අපේ ආදරණිය මහින්ද මහත්තයා දෙන ටින් කිරි පාර ඉහටත් උඩින් ඇතිය.

106 comments:

  1. //අද තේ එකක් බොන්න ගියාම, ගෙදරවත් දේ හදන්නේ නැති එකාටත්, තේ එක හදාගෙන බොන්න වෙලාය. //

    මටත් අල්ලන්නෙම නැති වැඩක් තමයි මේක.
    ටී එකක් ඉල්ලුවම අරගෙන එන්නේ උණු වතුර වීදුරුවයි ටි පැකට් එකයි, සිනී බෝතලෙකුයි , කිරි ටිකකුයි ... කවදා හදපු ටි ද කියල ඉතින් තේ හදාගෙන බිපල්ලකෝ ...

    ටින් කිරි කතාවස්තුව නිමයි එහෙනම් ..

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නෙ මේක හොඳ දෙයක්. සීනි, කිරි ,තේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. ඔය ටික කලවම් කර ගන්න එක ලොකු වැඩක්ද?

      Delete
    2. පැණියාJuly 3, 2013 at 5:10 AM

      දවසක් මේ කඩේක තේ බීපු මගේ සීනිය අය්යා කෙනක් "මේ කඩේ තේ හදාගෙන බීලත් රුපියල් හතලිස් පහක් ගත්තනේ " කියල මල පැනල බැන්නා (එතකොට තේ හදල දෙන කඩ වල ගාන රු.5.00)

      Delete
    3. මට නම් දිරවන්නෙම නැති සීන් එකක්...

      Delete
  2. උඩම ඉන්න කෑල්ලට ටිංකිරි ටිකක්....

    ReplyDelete
    Replies
    1. තේ හැදි 2ක් විතර දිය හැක.

      Delete
    2. ඒ කියන්නෙ කෙන්ජි 10මි. ලි. නරකම නැහැ. උපරිම ඕනෙ 2- 2.5 මි.ලි.

      කමෙන්ට් එක පස්සෙ මේ කෑල්ල චතුරාර්‍ය සත්‍ය වෙනවා දැන්. රාජ්, කෙන්ජි, මම තව පස්සෙ මාතලන්.

      Delete
    3. මමත් එනවා ඒයාට ටින්කිරි ටිකක් දෙන්නනම් :D

      Delete
    4. පෝලිම් දාන්න කෙන්ජි කැමති නැහැලු

      Delete
    5. තමන්ගේ පහත් ගතිය පෙන්වීම.කටින් බතල කොළ හිටවන උන්ගේ සැබෑ ස්වරූපය.

      Delete
    6. කෝමෙයි කටින් බතල හිටවන්නේ ??

      (දන් නැති හින්දයි අහන්නේ )

      Delete
    7. ඇනෝ @11:30PM ;
      මම කතා කරන්නෙ උපතින් පිහිටපු බතල අලය ගැන පමණයි.
      ඔබල වැනි අල නැති වැල් ගැන මට දුකයි.

      Delete
    8. ඔය මහවෙදන දීල තියෙන්නෙ පරිමාවන් එක්කම!

      ඇනෝ
      මොකෑ තරහ ගන්නෙ?

      Delete
    9. උඩම පිංතුරේ දැක්කාම නැට්ටට කිරි උනනවනේ....

      Delete
    10. නලීන් පව්... අද ගෙදර ගිය ගමන් වයිෆ්ට ඔය ෆොටෝ එක පෙන්නලා කියපන් හෙට ගෙදර එනකොට තේ එකක් හදන් ඔහොම ඉන්න කියලා....

      Delete
    11. නලීන්ගෙ වයිෆ්ට ජිම්නාස්ටික් පුලුවන්ද?

      Delete
    12. ඉස්සර පුළුවං දැන් දෙදරු මවක්නේ ඒ හින්දා අමාරුයි ඇනෝ.

      Delete
    13. මගේ කෙනා දරු දෙන්නටත් ජිම් ගැන උගන්වනව'

      Delete
    14. @Naleen Dilruksha

      උබෙ කථාව නම් සහතික ඇත්ත මචන් !

      Delete
    15. ටින් කිරි දෙන්න ගිහින කස්ටියම ටින් කිරි ගාගෙන වගේ...

      Delete
  3. දැං ටිංකිරි ටිං කඩන්නනං අර බියර් කෑන් වල වගේ ගැජට් එකක් තියෙනවාය.
    ඔය යාරෙ ඇදීමෙන් කිරි වලට අවට වාතයේ ඇති දෑ මුසුවී අමුතු රසයක් එන බව අසා ඇත්තෙමි.
    දැං සාමාන්‍ය කඩවලත් පැකට් දමා තේ දෙන එකනං මල වදයක් තමාය. නමුත් ගොට්ටෙන් ඉල්ලුවොත් නොදී ඉන්නේ නෑය. මොකද කිරි ටී හදන්නට තේ පැකට් දමා බැරි නිසා අනිවා ගොට්ටක් තිබිය යුතුය.

    ReplyDelete
    Replies
    1. සමහර තැන වල නම් ඇත්තේම නැතිය. එවන් තැන්වලදි වෙන මක්කා හරි බොනවාය..

      Delete
  4. ටින්කිරි තේ එකක් බීවොත් හොදයි.එත් ඉතින් ටින්කිරි තේ උස්නන්නේයි..
    එක නිසා මහින්ද මහත්තයාගේ ටින්කිරිය හොදයි.:D

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා දෙන ටින් කිරි පාර නල්ල නේරම්ය..

      Delete
  5. ටින්කිරි තේ නම් බීලා තියෙනවා වගේ මතකයි... ඉස්කෝලෙ යනකොට උදේට තේක නම් අම්මා ඔය තේ යාරේ ටයිප් එකට තමයි නිවලා දුන්නෙ... ඒත් තේ යාරයක් නම් බෑ ඉතිං... හි හි...

    ReplyDelete
    Replies
    1. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
    2. දැන් ගෙදර තේ හදන්නෙ මහත්තයද?

      Delete
    3. දැන් නෝනෙ.
      ඔයා ට ගැටළුද?

      Delete
    4. යාරෙට දාන්නේ ඕය අශෝක ග්ලාස් එකේ තියෙන ටික. කොහොමද වැඩේ...

      Delete
  6. ටින් කිරි තේ බීල නෑනෙ.. ට්‍රියි කරල බලන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. මොකටද කාසී බාගේ සොයා තියා...

      Delete
  7. අපේ එකෙක් ටී එකක් ගහන්න ගියා. ඒ ටේබල් එකේ හිටපු වෙන එකෙක් ඉඳි ආප්ප කාල අත හෝදන්න ගිය ටිකට අපේ එකා මාළු කැල්ලක් කාලා ටී එක එක හුස්මට බීලා බිල ගෙවන්න ගියාම වේටර් කෑගහල මහත්තය මොනවද කෑවේ කියලා. මේක බය උන පාර මාළු කැල්ලයි ප්ලේන්ටි එකයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඉතාම ලොල් සහගතයි...

      Delete
    2. මේ කතාවට නම් මැරෙන්න හිනා මට. අරූ කොහොමට බය වෙන්න ඇද්ද...?

      Delete
    3. හඃ හඃ හඃ ආතල් සීන් එක

      Delete
  8. කෑන් ඕපනර් නොහොත් ටින් කටර් නෙවෙයිද බං ඒක? ඒකත් හොඳ ගැජට් එකක් තමයි බං. ඒකෙන් කෑන් කපන්න, වයින් බෝතල් වල පොරොප්ප ගලවන්න, ටොනික් මූඩි අරින්න වගේ වැඩක් කීපයක් කරන්න පුලුවන්නේ.

    එතකොට, ටිංකිරි පාර මෙතෙකින් නිමියේය නේහ්?

    ReplyDelete
    Replies
    1. ටිං කටර් තමයි කිව්වෙ හෙන්රි.හැබැයි දෙකම ඉන්ග්ලිෂ් වචන නේද?
      හැබැයි මාතලන් දාල තියෙන පින්තුරෙ වගේ ඒවා නෙමෙයි තිබුනෙ.ඇලුමිනියම් පාට පොලෙන් ශත ගානකට ගේන ඒව.දවස් දෙකෙන් මලකඩ කනව.
      පස්සෙ තමයි ස්ටේන්ලස් ස්ටීල් මැද කැරකිච්ච කූර සමග පොරොප්ප මුඩී ගලවන්න පුළුවන් කටර් එක ආවෙ.

      Delete
    2. අපිත් කිව්වේ ටින් කටර් එක කියලා තමයි..

      Delete
    3. ඔය පොරොප්ප,කිරල ඇබ එහෙම ගලවන එකට ශුද්ධ හිංගලෙන් කියන්නෙ ‘කස්කුරුප්පුව‘ ද කොහෙද කියල නේද? (වචනෙ හරිද මන්දා)

      Delete
    4. @DDT;
      ඉස්සර අරිෂ්ට බෝතල් වලට ගහල තිබුනෙත් කිරල මුඩී නේද?
      හැබැයි මට මතක විදියට වයින් බෝතල් වල වගේ අරිෂ්ට බෝතල් කිරල/පොරොප්ප මුඩී කට කපල වහල තිබුනෙ නැහැ.

      Delete
    5. // ඉස්සර අරිෂ්ට බෝතල් වලට ගහල තිබුනෙත් කිරල මුඩී නේද?//

      ‘ඉස්සර අරිෂ්ට බෝතල්‘

      ආනේ ආයිබොවං, ඔය වයසක උන්දැල දන්න දේවල් අපි කෝමෙයි දන්නෙ.

      Delete
    6. දෙන ටෝක් වලට හිතුවෙ සම වයසෙ,සම රුචි කියල :).
      මට වඩා පොඩි නම් කමක් නැහැ.

      Delete
    7. ෴ සම වයසෙ,සම රුචි කියල ෴

      හෆොයි ! තවත් ඉඳල මොකටද, ගහගන්නව ඔළුව ගහක ගලක වත්.

      මේ ... ඒක නෙවෙයි අයියා, ඔය ‘සමරුචි‘ කියන්නෙ ඒ දවස්වල අර ටැබූ එහෙම කියපු ‘සමරිසි‘ කියන එකටම නෙවෙයිනේ.

      Delete
    8. කස්කුරුප්පුව නොහොත් ඉන්ග්‍රීසියෙන් Corkscrews කියන එක තමයි කිරල මූඩි ගලවන්න ගන්නෙ. ඉස්සර ගොඩක් සිංහල බෙහෙත් බෝතල් වල තිබ්බෙ ඒ මූඩි තමා. අනික් ජාතිය ටොනික් පියන. දැන් වගේ ප්ලාස්ටික් රී යූසබල් එව්ව තිබ්බෙ නෑනෙ.

      Delete
    9. DDT මලේ මම එයින් අදහස් කලේ අපි සියලු දෙනා යම් දෙයකට කැමති බව කීමටයි.

      Delete
    10. හික් හික් ... විහිළුවට අනේ, ගනන් ගන්න එපා.

      Delete
    11. විහිළු කියල දන්නව මල්ලියො :).

      Delete
    12. අම්මට සිරි අන්න නම.. දිව අග තිබුනට ආවෙම නෑනේ. ටින් කටර් එක නේන්නම්. අර වයින් බෝතල් අරින කෑල්ලේන් නම් ඒ කාළේ කිසිම ප්‍රයෝජනයක් ගත්තෙ නම් නෑ. ඉස් ඉස්සෙලම වයින් ටිකක් බිව්වේ පිට රටකින්ම තමා. ඒ කාලේ ගෙදර තැඹිලි වයින් හැදුවට, ඒකට ගහන කිරල මූඩිය එලියටම එනවනේ..

      Delete
  9. මේක කියෙව්වම මටත් හිතුණා මිලක් මේඩ් එකක් අරන් ඇවිත් තේ ටිකක් හදන් බොන්න..තේ යාරේ නම් දාන්න යන්න හොඳ නැහැ...

    ReplyDelete
    Replies
    1. හා හා සහන්, මෙට්‍රික් මෙට්‍රික්.
      තේ මීටරේ.

      Delete
    2. හික්... කෝමද මීටර් ගානට තේ විකුණ්න නම්.

      Delete
    3. ඒ පාර අපේ මාගල් මුදියන්සේත් ටින්කිරි ගාගන්නද යන්නේ?

      Delete
    4. @ හෙන්රි අයියා

      සොලී සොලී පුරුද්දට කියවුණේ ...:D

      @ DDT

      එහෙනම් අනිවා පෙණ ටික විතරයි..:P

      @ අයිලෂ්

      අතේ ගාගන්නේ නැතුව කෙළින්ම කෝප්පෙට වක්කරන්න ඕනේ..:D

      Delete
    5. ලොකු වියදමක් යන දෙයක් නෙමෙයිනේ.. හැබයි කහට වැඩියෙන් දාන්න ඕන. වටලප්පන් වලටත් මරු...

      Delete
  10. ටින් කිරි තේ බිලා නම් නැත.....

    ReplyDelete
    Replies
    1. අනේ මේ ළමයට කව්රු හරි ටින් කිරි දාපු කිරි තේ එකක් හදලා දෙන්නකෝ.පව්නේ අනේ කාගේ උනත් දරුවෙක්නේ.

      Delete
    2. ළගදිම ලැබෙයි මෙයා.. එයත් දැන් ලොකු ළමේක් නේ.

      Delete
    3. සමණලී, ඉක්මනටම බැන්දනම් ටින්කිරි බොන්න පුළුවන් !

      Delete
    4. ටින් එකක් සල්ලි වලට ගෙනත් කහට ටිකක් වැඩියෙන් දාලා බීලා බලන්නකෝ...

      Delete
  11. මේවිදියට තම සයිවර් කඩ වල තේ එක දෙන්නේ. තොසේ පාරක් දාල කිරි තේ එකක් බිව්වම නියමයි...

    ReplyDelete
    Replies
    1. තෝසෙ කඩවල තියෙනවා ප්ලේන් කිරි, ඒ කියන්නේ කහට බින්දුවක් දාලා, එළ කිරි. හැබයි ගෙදර එන්න බලාගෙන වැඩේ දෙන්න ඕන...

      Delete
  12. මටනම් කිතුල් හකුරු කෑල්ලක් එක්ක කහට එකත් තරම් මොනවත් හරියන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්...ඉස්සර ඇන්ටිල එක්ක තේ තොල ගාද්දී ආපු කහට ගතියට වඩා,පසු කාලෙ සම වයසෙ අය එක්ක තේ තොල දාද්දි/ගාද්දී දිවට නියම පට්ට හකුරු රසය දැනුන.
      තාමත් තලු මරන්නෙ ඒ රසය.

      Delete
    2. නශ්ඨ කාමය තමයි......

      Delete
    3. තොපි තමා බංකුවල ගටර් ල කෙල්ලො එක්ක කකුල් මාට්ටු දාගෙන තොල් සුප්පුව දාගෙන ඉද්දි,ගස්වලට මුවා වෙලා සාක්කුවට අත දාගෙන අගල් 4රෙ කොටේ අගල් 6 ට ගන්න ට්‍රයි කොලේ.
      තොපිට තමා ඒ ලෙඩේ .

      Delete
    4. මම තේ වලට එච්චර කැමති කෙනෙක් නෙමයි. කෝපි වලට තමයි වැඩි පුර ප්‍රිය..

      Delete
  13. ඔන්න එළුවාගේ ඇටදෙක වැටුනා එහෙනම්,

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා මිලක් මේඩ් ගෙනත් කිරිටොපි හැදුවාම , මම බලෙන්ම බාරගන්නේ තාච්චුව හෝදන්න, හැබැයි හෝදන්න දෙයක් ඉතුරු වෙන්නේ නම් නැත, මොකද තාච්චුවේ ඇලී තියෙන කිරිටෝපි මිශ්‍රනය හැන්දකින් හූරගෙන කනනිසාය.අන්තිමට ඇලුමිනියම් ටිකත් හඳට එනකම් හූරනවා.

      Delete
    2. කවුද මච්න් එළුවා ?

      Delete
    3. හරිනේ වැඩේ. එහෙනම් අහුලගෙන ඕන එකක් කොර ගන්න එකයි ඇත්තේ..

      Delete
  14. //ඕකට කියන්නේ "මලයාලම් ඉස්ටයිල්" කියාය. //

    අද නම් මලයාලම් කාරයෝ මේ විදියට තේ දමන්නේ නැතය.

    තේ කොල,වතුර,එකට කෙතලයකට දමා ලිපේ තබා රත්කරන්නේය. ටින් කිරි ටින් එකේ පියනේ දෙපැත්තේ ( විෂ්කම්භයේ දෙපැත්තේ ) හිල් දෙකක් දමන්නේය.
    වීදුරුවට සීනී දමා,රත්වු තේ දමා, ටින්කිරි ටින් එකේ එක හිලකින් කිරි වත්කරන්නේය.ඉන්පසු හැන්දෙන් කලවම් කර දෙන්නේය. ( එකපාරක් බිව්වොත් තව පාරක් බොන්නේ නම් නැත එතරමට රසය.).

    "හදට ගියත් මලයාලම් තේ කඩයක් දැක ගත හැකිය " කියා මඩක් ද ඇත.

    ReplyDelete
    Replies
    1. ඊට එහා පැත්තෙන් තියෙනවලු, මාතර බත් කඩේ.. (හඳේ..)

      Delete
  15. කොහොමද නානගේ යාරෙ?

    https://www.youtube.com/watch?v=GoMuAcYh2UI

    ReplyDelete
    Replies
    1. නානාගේ ටින්කිරි මැසිමෙ යාරෙ උනත්, අඩිය උනත් මොකද බන්?

      Delete
    2. පට්ට නේ.. ඉන්දියන් කාරයෝ මේ වැඩේට හරි සූරයි...

      Delete
  16. අහලා තියෙනවා නේද මේ සිංදුව????

    කිරි තේ සාදයි තම්බි කඩේ
    තම්බිගෙ පොල්ලේ ආධාරේ...

    -Kandyan-

    ReplyDelete
    Replies
    1. තම්බිට හිටියේ එකම දුවයි..
      ඒකිට කෙලියේ මම විතරයි...

      Delete
  17. ඔන්න දැනුයි ආවේ. ටින්කිරි තේ යාරෙ රසට ගහන්න යමක් වෙතොත් මේ ලිපිය පමණයි මාතලන්.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති වෙද මහත්තයෝ. ඊයේ තමයි ෆර්ස්ට් ටයිම් 3000 ක් එක දවසේ ආවේ.. මටත් මාර හැපි..

      Delete
  18. පැණියාJuly 3, 2013 at 5:14 AM

    මාතලන්ට ටින් කිරි ගැනයි "තේ ගහන " එක ගැනයි හොඳ පළපුරුද්දක් තියෙනවා වගෙයි ...... මොනවා වුනත් පැරකුම් ටින් කිරි ගැන කියනකොට තාත්තා එක්ක තම්බිගේ කඩෙන් බීපු කිරි තේ වල රස මතක් වෙනවා ....

    ReplyDelete
    Replies
    1. මක්කයි මේ කතා කොරන්නේ. ඒ තේ එකේ රහට ගහන්න ඇහැක, වෙන මක්කටවත්..

      Delete
  19. මොනාද මාතලන් පෝස්ට් එකේ ලියලා තියෙන්න...මම තාම ෆොටෝ එක බලනවා....

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට්ස් දාන්න පරක්කු උනෙත් ඒකයි...
      මටත් මතක නෑ බං...

      මේක තමයි හොඳම කොමෙන්ට් එක...

      Delete
  20. Replies
    1. ආවේ මේකට කොමෙන්ටුවක් දාන්න..ඒත් උනේ වෙන වැඩක්... කාලෙකින් අහු උන පට්ටම බ්ලොග් එකක් නෙව... තාද දෙක තුනයි උනාට මේකටනං හොඳට ලියන්න ඇහැකි... තැන්කූ සහන්... කොල්ලට තල්ලුවක් දෙන්න වටිනවා...

      Delete
    2. ඒක තමයි මාරයියේ ඊළඟ පෝස්ට් එකේ අන්තිමට ලින්ක් එක දාල හරි කමක් නැහැ සප් එක දෙන්න...මාත් දැනගත්තේ මාතලන්ගෙන් ...ලොකු ලයින් නැතුව ෆිට් එකට කතා කරන මල්ලි කෙනෙක්..

      Delete
    3. මගේ පපුවත් දාලා ගියා. උඹලා ඉන්න නිසා හොඳා ඉතින්.. කෝකටත් මිරිස් ටිකක් පුච්ච ගත්තෝත් හොඳයි වගේ.. ඌ අපෙන් අහනවා අඩු පාඩු. අපි උගෙන් ඉගෙන ගන්නවා..

      Delete
  21. ටිං කිරි මම බීල නැහැ බං. ඊක්කා... :)

    උබ අම්ම හදන තේ එක රස නැහැ කිව්වට මම ඒකට එකග නැහැ. අපේ ගෙදර තේ එක මට මසුරන්..

    ReplyDelete
    Replies
    1. ටින්කිරි තේ බිව්වෙ නැති වුනාට ගාගෙන තියෙන ටින්කිරි මදිද ගමකට යාරෙ හදල දෙන්න.

      Delete
    2. අපේ ගෙදර තේ එක රහ නැති උනාට කෑම නම් සුපිරි පිරි ඉතිරි. ඕකට අම්මා මාත් එක්ක රන්ඩු වෙනවා ඉස්සර. අද උනත් මට තේ හදන්නේ නෑ එයා. තාත්තා තමයි හදලා දෙන්නේ..

      Delete
  22. මම නම් ටින්කිරි තේකක රහ බලල නැහැ.දැන් ඉතින් බොන්න කලින් BOPF කියල ගහලද බලන්න ඕන ඒ නැතත් අම්මපා දැන් නම් දැක්ක හැටියේ බොනවා බොනවමයි :D

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බී ඕ පී ඇෆ් ගහල තියෙනවද බලන්න. නැත්තන් අරයා තරහා වෙයි...

      Delete
  23. මාලිගාවත්තේ මාමස්මි පොලිස් විශේෂ බලකා නිලධාරීන්ගෙන් පැන යාමට උත්සහ කිරීමේදී BMICH අසලදී වෙඩි කා නසී.

    ReplyDelete
    Replies
    1. ඇස් ටී ඇෆ් එකත් එක්ක හැමිනෙන්න ගිහින්...

      Delete
    2. වසරක් තිස්සෙ රාජ්‍ය ආරක්ෂාව යටතෙ තබාගෙන සියලු වත්කම් අමාත්‍යංශ ලේකම් තුමාට පවරා ගත් පසු ..............................................බුවා පැන යාමට තැත් කරද්දී වෙඩි කා නසී.

      Delete
    3. ඒවනම් ඉතින් බයිලා. නමුත් මූ මුස්ලිම් කාන්තාවක් වගේ වෙස් වලාගෙන හිටපු සීන් එක නම්, අපි කලින් රජයට මේ වෝනින් එක දුන්නා.. දැනටත් බැංකු වලටත් හෙන වනයක වෙලා තියෙන්නේ මේක. බිල්ලා අස්සෙ හැන්ගුනාම, ගෑණිද මිනිහද පොන්නයද කියලා හොයන්න බෑ. චෙක් කරන්නත් බෑනේ.. අපේ ගොන්නුන්ට මේකේ අනතුර දැන්වත් තේරුනෝත් ළොකු දෙයක්..

      Delete
  24. ඔය මොන තේ බිව්වත් ටිං කිරි තේ තරම් රසයක් දෙන තේ එකක් තවත් නෑ. තාමත් හෝටල් වල ගොඩක්වෙලාවට දෙන්නේ ටිංකිරි තේ..

    අනික ඔය තේ යාරේ දාන එකෙත් පොඩි විද්‍යාත්මක පැත්තක් තියන බව මම අහල තියෙනවා. නටන ජලයට නැවත ඔක්සිජන් එකතු කරන ක්‍රමයක් කියලත් කියනවා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දයා... අපි හුරු උන රහක් තියෙනවනේ.. දැන් ඔය මොන්ටිකාලෝ ගියත්.. අපේ සොසේජස් එකක් තරම්, අපේ අයිස්ක්‍රිම් එකේ රහ තමයි අපිට ඉහල.. ඉඳලා හිටලා සුපිරිම ඒවා නැතුවමත් නෙමෙයි. නමුත් ජන්මෙට වඩා පුරුද්ද ළොකුයි කියනවනේ...

      Delete
  25. "ටිංකිරි ටිං එකෙන් නැත්නම් ටොනික් කප්පියෙන්
    ෆේස් ටූ ෆේස් එනවා නම් වැඩ අතින් පයින්"
    --නිහාල් නෙල්සන්--

    ReplyDelete
    Replies
    1. මට ඕක මතක් උනා තවත් දික් වෙන නිසා ලිව්වේ නෑ...

      Delete
  26. Wow, marvelous weblog format! How lengthy have you been blogging for?
    you made running a blog glance easy. The whole look of your web site is magnificent, let alone the content material!


    Here is my page: gunship Battle Helicopter 3d cheats

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න